Monday, October 25, 2010

නෑ ඉතිං අපි යාළුවොනේ???


මේ තියෙන කතන්දරේ ටිකක් විතර බරපතල නිසාත් ඉන් මගේ ප්රතිරූපයට (සමාවෙන්න එහෙම එකක් තිබ්බ නම් යාළුවො නිසා ම නැති වුනා) හානි දායකයි වගේ හිතුන නිසාත් මේ කෙටි සටහන ලියන්න හිතුවා. ඇත්තට ම මං ලියුවේ මට අහන්න ලැබුණ දෙයක්.
හැබැයි මේක ද්වේශ සහගත ප්රකාශනයක් මොක ද චිලී මට තර්ජනය කරල ‘උඹ ඉවරයි නලින්’ කියලත් කිව්වා. මගේ විනෝදාංශන ඕපදූප සෙවීම හෝ ලිවීම නම් නෙමේ. මොකෝ මට වෙන වැඩ නෑනේ. අනික මේ නඟා හිතාන ඉන්නෙ අපි පැපරාසි වගේ එයා ගැන හොයන්නෙ එයා ප්රින්සස් ඩයනා නිසා කියලයි. හැබැයි චිලී ඩයනට එහා කියලා දන්නෝ දනිති. ඇත්ත කතන්දරේ ඒ තවත් ගොසිප් එකක් විතරයි. නමුත් ඒක ඒ දිග කතාවක පුංචි පටුනක් වෙන්න බැරි ද? පුළුවන්.
ඉස්සරහට මං ‘චරිත’ කියලා පෝස්ට් පෙළක් ලියන්න ඉන්නවා. දැන් කීපයක් ලියලත් තියෙන්නේ. මං දන්න මිනිස්සු ගැන තමයි එහි ලියැවී ඇත්තේ. ඔය දන්නවා කියන එක මගේ අදහස අනුව මහ පරණ යෙදුමක්. මොකද නොදන්න මිනිස්සු ගැන නොදැනගත්තත් අපිට මිනිස්සු දැනෙන නිසා. Do you feel him/her? කියලයි අහන්න ඕන. ඒක හැඟීමක්. මේක ඉතිං සලාදෙ නේ හැමදේ ම තියෙනවා. හැබැයි මාව ඔය කියන තරම් ආක්රමණිකයෙක් හැටියට හිතනවා නම් සාධාරණ විදියට පාලනය කරන්න ඔබට ම පුලුවන්. මං ලියන්නෙ මා වටා ඉන්න අයගේ ගොසිප් උනාට නම් පාවිච්චි කරන්නේ නම් නෑ. පෝස්ට් ලියලා පබ්ලිෂ් කරලා අපි හැමෝ ම සෙට් වුණ වෙලාවක ‘ආ ඒක ලිව්වෙ ඔයා ගැන කියලා කියනවා මිසක්’ සමහර වෙලාවට කියවපු මිනිස්සුත් ‘ ආනේ ඇත්ත ද? එයා ගැනද ලිව්වෙ... අපි දැන්නෙ’කියලා කියන්නෙ මං කිව්වට පස්සෙ. මං හිතන්නෙ විකල්ප අඩවියක් බිහිවේවි කියලා. ඒත් තාම නෑනේ.... පාළු ගෙයි වළං බිඳලා මටත් ජොලියක් නෑ.
අද අපි ලියන ඒවා ඕපදූප වුනාට ඊළඟ පරම්පරාව ඒවට අර්ථයක් දේවි කියලා මං විශ්වාස කරනවා. දැන් මේ ඩිජිටල් ලෝකේ පුංචි එකෙක් උපන් දා සිටන් සියල්ල සුරක්ෂිත කරන්න පුළුවන්. පෙරේදා අක්කගෙ පුතාගේ උපන්දිනේට අපි පුංචි මිනිඳු උපන් දා ඉඳලා සියලු සේයා රූ අරං ඩෙමෝ එකක් කළා. පුංචි එකාට ඒකෙ අමුත්තක් නැතත් උගේ දහවෙනි උපන්දිනේටත් ඒකම දැම්මොත් මොනා වේවි ද? මේක අපේ පවුලෙ වැරැද්දක් ලබන 30 වැනිදා අපේ ආච්චිගේ 14 වැනි දානය. මිය ගියේ 1996 දී. මට අවුරුදු කීයද. මේ දානෙදි කවුරු හරි අම්බුණ්ඩි‍ගේ මළගෙදර ඩී.වී.ඩී එක දානවා. දාලා බලනවා 1996 දී අපි දිහා. ඒ ඉන්න සමහරුත් මැරිලා. මැරිච්ච අයගේ ළමයි ‘අන්න අපේ තාත්තා...අම්මා’ කියනවා. හොටු පෙරාන අඩන අපි දිහා අපි ම බලලා හිනා වෙනවා. මොන වැඩේ තිබ්බත් ලංකාවෙ ඉන්න ආච්චිගේ මුණුබුරෝ 17 දෙනා ම එදා මහගෙදර එනවා. අපේ ආච්චිගෙන් ගැන කියන කතා ඇරුණම අපිට කියලා ඉතුරු වුණේ අර තැටිය විතරයි. අපේ ළමයෙක් මී ආච්චි ගැන ඇහුවොත්????
හිතන්න ඔබේ මව පියාගේ තරුණ කාලය ගැන ඒ අය නොකිව්වොත් ඔබ කිසිවක් දන්නවා ද? පුංචි පුංචි සිද්ධි රසකතා.... නෑ ඒ හැමදේ ම කාලයේ වැලි තලාවට වැහිලා ගිහිල්ලා. මේ බ්ලොග් ලිවිල්ලේ තේරුම ඒකයි. හැමෝගෙ ම කතාවල පුංචි පුංචි පරිච්ජ්චේද එකතු කරන්නේ නූපන් අනාගතයක් වෙනුවෙන්. සමහර විට මං මැරිච්ච දවසක හරි කෙනෙක් ඒ කතාවෙ ඉතිරිය සම්පූර්ණ කරන්න හිතන්න පුළුවන්. අන්න එහෙම එන කෙනෙක් වෙනුවෙන් පුංචි පුංචි කතන්දර එකතු කරන එක දැන් මගේ විනෝදාංශයක් වෙලා. මට විශ්වාසයි ඔබ අද අල්ලන කස්තිරම් ගැන ඔවුන් හුඟක් සන්තොෂ වේවි.....මන් නෙමේ ඔබ පරිස්සමින් ඒ අය ඔබට එහා නෛයාඩමක් නටන්න බැරි නෑ!!!

3 comments:

  1. මතකයන් පරිස්සම් කරලා තියෙන එක හරි වටින වැඩක් අයියා. ඔයාගේ කතාවට එකඟයි

    ReplyDelete
  2. ස්තූතියි මල්ලා....

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....