Thursday, August 10, 2017

බැක්ටු නර්සරි හෙවත් ළමා මහල්ලාගේ සිඟිති ආතල් කෝටිය..


බකමූණෝ හ්ම් හ්ම්...
ඇවරිතුමාට ටර්නින් තර්ටි වෙද්දිත් එතුමා තුළ නිදන්ගත ළමා මහලුකම ඉස්මතු වුන අවස්ථාවක් පහුගිය දා උදා වුනා. සාමාන්‍යයෙන් ඇවරව ක්ලීන් ෂේව් කරලා යුනිෆෝර්ම් අන්දලා ගත්තනම් ඕ ලෙවල් ලියන තරමේ පුංචි කොල්ලෙක්. ඇවරි තාමත් ඉස්කෝලෙ නවය වසරෙදි ඇඳපු කලිසම් අඳින්නේ ඉතිං පොඩ්ඩක්වත් ඉන වෙනසක් වෙලා නැති නිසා. වෙලාවක් ආවොත් ළමයෙක් වෙන්න ඇවරිට තැනක් නොතැනක් නෑ. සිඟිති ආතල් කෝටියයි. පහුගිය දවසක දෙමාපිය රැස්වීම වෙලාවෙදිත් එහෙම ලොල් සහගත වැඩ කීපයක් වුනා. කොහොමත් ඇවරිගේ මේ නිදන්ගත ළමා අඩහඳයා ඔහු තුළ සිටිනා බව දන්නා හොඳ ම බඩියෝ අතළොස්සක් ඉන්නවා. අන්න ඒ අය ඇවරිට එහෙම ඉවෙන්ට්ස්වලදී කතා කරනවා. 


ඉන් ටොප් රෑන්කර් කෙනෙක් තමා අපේ ඉන්ද්‍රාණි ටීචර්. වෘත්තියෙන් කළමනාකාර විධායිකාවක් වුන එතුමිය පස්සේ පවුල් ජීවිතේ මුල් කරගෙන රස්සාවෙන් අස්වුනා ම ළදරු පාසලක් පටන් ගන්නවා. ඇය දහම් පාසලේත් පළමු ශ්‍රේණියේ අංශ ප්‍රධාන. පළමු ශ්‍රේණිය කියන්නේ ඇවරිගේ ආස ම පන්තිය. ඕයේහ් බේබි ඒ පන්තිය ගැන කියන්න වදන් නෑ ආයෙ. ආදරේ උතුරන, සතුට දෝරෙ ගලන, ළමාකම් වෑහෙන කූල් පන්තියක් එක වසර, දෙකේ වින්දි ක්ලාස් ටීචර් නිසා ඒකත් අපිට රොකින්ග්. ඇවරි සාමාන්‍යයෙන් දවසේ එකපාරක් හරි ඒ පන්තිවලට ගිහින් ළමයින්ව විනෝද කරලා ඇවරිත් විනෝද වෙලා එනවා. මේ ලියන මොහොතේත් ඇවරිට හිනාවක් එන්නේ ඒ පුංචි දඟකාරයන්ගේ වැඩ මතක් වෙලා. ඊට එහා එවුන් ගැන කියන්න ගියා ම මේ චූටි ටීචර්ලා දෙන්නාගේ සීඝ්‍රගාමී කෝච්චි දෙක. සාමාන්‍යයෙන් ටීචර්ගේ ළදරු පාසලේ හැම වැඩකට ම ඇවරිට ආරාධනා ලැබෙනවා. මොක ද ඇවරි ඇවිත් ළමයි එක්ක නටලා, හිනාවෙලා හිනාවෙලා පිස්සෙක් වගේ ඔව් පිස්සෙක් වගේ පිස්සුවක් නටන බව ටීචර් දන්න නිසා. ඒ වගේ වැදගත් වැඩකට පහුගිය දා ඇවරිට ආරාධනාවක් ලැබෙනවා. මේ ඒ ගැන සටහනක්. 


ඉන්ද්‍රාණි ටීචර් ඉතා කරුණාවන්ත කාන්තාවක්. මන්දා ඇය මාර ආදරයක් බෙදන්නේ. බස්නාහිර පළාතේ පෙර පාසල් අතරින් ගම්පහ දිස්තික්කයේ බියගම කොට්ඨාසයේ පෙර පාසල් හකළිස් ගාණනක එකමුතුවෙන් කඩුවෙල සුබද්ධාරාම විහාරයේ පැවති අත්කම් හා අධ්‍යාපනික ප්‍රදර්ශනයේ ආරාධිතයෙනක් වෙන්න ඇවරිට ලැබෙන්නේ ඇගේ දැන හැඳුනුම්කම් මත. ඇවරිතුමා පූර්ව ළමා විය සංවර්ධනය නොවූ හැටියට වැඩ කළාට මොක ද ඇවරිගේ ළදරු පාසල වුනේ සපුගස්කන්ද යොෂිඩා ළදරු පාසල. තාමත් ආදරේ කරන සොඳුරු ළමාවියක් උරුම කරලා දෙන්න යොෂිඩාව සෑහෙන්න උපකාර වුනා කිව්වොත් හරි. කෑම්ප් නයිට්, කොන්සර්ට්, සරඹ, හයියූ වැඩ කෝටියයි. ඇවරිත් ඇවරි මාතාවත් ඇතැම්විට එකට ගායනා කරන තේමා ගීතයේ පද ටිකක් මතකයි. හැබැයි ඒ වචන නම් ඇහිච්ච විදියට හොඳේ. නියම ජපන් අමතර කොටස් නෙමෙයි.. ලොල්

යොෂිඩා ළදරු පාසලේ පුංචි මල් අපි

ගීත ගය ගයා නටමු මේ ලෙසේ

සිනහ වෙවී සතුටු වෙවී පුංචි මල් අපී

එන්න නටමු ගීත ගත ගයා - මීකී ඉතේ - දදා රිතේ.

මිතී හසී - ඉදරී හසී අත්තමා



කලින් දා බොහෝ මහන්සි වෙලා ඇවිල්ලත් ඇවරිතුමා පාන්දරින් නැඟිටලා වැඩේට සෙන්ටර් වුනා. බුලත් දීලා ඇවරිව පිළිගත්ත ටීචර් සෙසු ආරාධිතයන් හා එක්කගෙන ගියා. සුබද්ධාරාමෙ විහාරාධිපති අපේ      හාමුදුරුවො, ආදී ආනන්දීය බියගම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා, අල්ලපු වැටේ විහාරමහාදේවී ළමා නිවාසයේ පාලිකාව, අපේ පොඩි ඉස්කෝලෙ විදුහල්පතිනිය ආදී ඇවරි නොදන්නා නමුත් සම්බන්ධකම් ඇති ආරාධිතයන් තමා එහි හිටියේ. ඇවරි හැමෝමත් එක්ක හොඳින් කතාබහ කළා. කාරණාව හැමෝටම ඇවරි එක්ක කතා කරන්න බොහෝ දේ තිබුණා. දැන් අධ්‍යක්ෂකතුමා ආනන්දියෙක් නිසා ඇවරිත් ඕන් ආනන්දේ අද ආනන්දයි, එතුමාගේ මහගෙවල් ගුරුගෙදර ගාව, එහි ප්‍රධානී වික්‍රමනායක සර් ඇවරිගේ දුරින් ඥාතී. ඇවරි නොගියත් ඇවරිට කලින් පරම්පරාව ගුරු ගෙදර ගෝලයෝ. සර්ගෙ දැන් පදිංචිය බටුවත්තේ. එතුමාගේ අසල්වැසි තමාරා දමයන්ති චිත්‍ර මැඩම් ආනන්දේ ඇවරිගේ ක්ලාස් ටීචර්. වට් අ ස්මෝල් වර්ල්ඩ් පුතා. 



ඇවරිගේ මැටි වැඩ වෙනුවට දඟකාර අත්වැඩ..


ඊළඟට අපේ අපේ හාමුදුරුවෝ කැලණියේ උපාධිධාරී, ඉඳුරාගාරේ හාමුදුවන්ගේ ගෝලයෝ. දින දින කිතුගොසෙන් රිදම් එක සිය දෙස කිතුගොසට මාරුවුනා විතරයි... (ඒ ආනන්දයේ පාසල් ගීතය සහ කැලණිය විශ්ව විද්‍යාල ගීතයේ ආරම්භයන් බව සලකන්න.) ඊළඟට විහාරමහාදේවී ළමා නිවාස පාලිකාව, අපි එහේට දාන දෙන්නේ මුතුහර යන කාලෙ ඉඳන්. මැඩම් තාම එහේ. ඔව් ඔව් ළමයි තාමත් දානෙට කලින් ඒ වාක්‍යන් කියවනවා. ඇයි පුතා ඒ පැත්තේ නොඑන්නේ. වෙලාවක ඇවිත් යන්න එන්න. ඔව් අනේ ඇවරිට ලොකු ඕනකමක් තියෙනවා එහෙට උපන්දින දානයක් දෙන්න කෝ මේපාරත් ඇවරිගේ උපන්දිනේ බුක් වෙලානේ...???? විදුහල්පතිනිය කෝමත් ඇවාගේ පිට් එකනේ. කෝමද දරුවෝ තමා...!      


ඇවරිතුමාට තොප්පියේ තරම ගැන ඉවෙන් වගේ දැනිලා තිබුණ නිසා ඩෙනිමක් ඇන්දත් සපත්තු දාලා ටිකක් පිළිවෙලට ගියා. නැත්නම් වියතුන් සභා මැද වැඩේ අවුල් වෙනවනේ. කොහොම නමුත් කලබල උදෑසනක ළමයින් වෙනුවෙන් වෙලාවක් වෙන් කරගෙන ආපු එක ගැන ඇවරිට බොහෝ සතුටු වෙන්න කාරණා කටයුතු සිද්ධ වුන හැටි ඊළඟ සලාදයෙන් දාන්නම්. 


මුලින් ම තිබුනෙ ආගමික සිද්ධස්ථාන වලට අදාළ ප්‍රදර්ශන කුටිය. බලන්න තමා ඇවරි සෙට් වුනේ. පන්සල් මිදුලේ ම කතෝලික සහ මුස්ලිම් පල්ලිත් වෙන වෙන ම නිර්මාණය කරලා තිබුණා. වෙනසක් නැතුව ඇවරිත් ඒ තුටිවලින් බොහෝ දේ දැන කියා ගත්තා. ඇත්තට ම මේ සිස්ටම් එකේ හැටියට ළමයින්ට අන් ආගම් ගැන ඉගෙන ගන්න තියෙන්නේ බාලංශ පන්තිවලදි තමා. ඉන් පස්සේ ආයෙ ශිෂ්‍යත්වෙට පොඩ්ඩක් හැරුණාම පල්ලියකට යැවෙනවා බොහොම අඩුයි ඉතිං. ඇවරි නම් ඒ කාලෙ පල්ලියත් එක්ක සෑහේන්න සම්බන්ධකම් තිබුණා. අපි පල්ලියේ පූජා එහෙමත් බාර අරන් කළා නොවැ. මාබිම කල්වරිය නැඟලා ඇවරි ගොඩක් දේවල් දැන කියා ගත්තා. පස්සේ පස්සේ ඒවා නැවතුනා. 


මෙහෙමයි ඉතිං පල්ලි යන්න හේතුවක් තියෙන්න ඕනනේ. ඔන්න ඇවරි හාමිනේ නම් සතියට පාරක් කොටහේන පල්ලියට යනවා. ඇයත් එක්ක ගියොත් ඇවරිත් වතාවත් කරනවා. ඇවරි නම් ආස ම ඉටිපන්දම් පත්තු කරන්න. ඒක ඇවරි හාමිනේගේ ටොප් පික් එකක්. ඒ ආධාර ළමයින් වෙනුවෙන් බැර වෙනවා ද මොකක්ද සීන් එකක් තියෙන නිසා එතුමිය වැඩියෙන් ඉටිපන්දම් පත්තු කරනවා. ඇවරි ප්‍රේ කරන්න නම් දන්නේ නෑ. එක සැරයක් ප්‍රේ කරන්න උගන්නන්න ගිහින් චර්ච් එකේ දිම කෙනිතුවා ආයෙ හොදි ඕන නැති වෙන්න. එදායින් පස්සේ නෝ ප්‍රේයර්ස්. ඊට අමතරව පල්ලි යැවෙන්නේ චර්ච් වෙඩින්ග්ස් ගියොත්. ඒවයේ නම් ගීතිකා කොළයක් අරං කියන්න කිසිම වෙලාවක පැකිලෙන්නෙ නෑ. තව ප්‍රසාද ගන්න එකටත් ඇවරි කැමතියි. 


ඉතිරි කොටේ පස්සේ ලියන්නයි බැලුවේ.