Tuesday, December 11, 2018

බඹරය වැල්ලේ කැරකීම හෙවත් අලුඩින් සහ ජමෙලා


ඇවරිතුමා තම දිර්ග කාලීන බ්ලොගින් මෞනය බිඳින්න තෝරාගත්තේ 2018 අවසාන මාසය. රටේ වෙන ජින්ජිබිරානා එක්ක ඇවරිතුමාට විශාල වශයෙන් වැඩ රාජකාරි සෙට් වීමත්, අලුත් කොන්ත්‍රාත්තු අලුත් මිනිස්සු එක්ක පරණ වෙමින් පැහෙන එතුමාගේ බුද්ධි මණ්ඩලයට වද දීම හැරෙන්නට වෙනත් වැදගත් යමක් කරන්නට අවස්ථාවක් ලැබුණෙ නෑ.
හැබැයි අද පාන්දරින් ඇවරිතුමා දැකපු පින්තූරයක් නිසා මෞනය බිඳින්න කාලය හරි කියලා හිතුනා. පින්තූරෙ විස්තරේ මේමයි.


මේ ඉන්නේ ප්‍රසාද් අලුත්වත්ත මහතා බව දන්නවා ඇතිනේ. එතුමාගේ මංගල්‍ය වෙනුවෙන් සුබ පැතීමේ සලාදයක් ලියන්නයි ඇවරි කම්පනා කළේ. ඇත්තටම සැමරුම් බර ගාණක් ඇවරිතුමා පහුකළා පහුගිය කාලෙ. ඒක නම් සමාව දිය නොහැකි මට්ටමේ වරදක්.

අපේ කස්ටියගේ ගෙට් එකෙන් පටාන් ගත්තා ම ඇවරිගේ මිතුරියක වූ දිනුකා කත්‍රිආරච්චි මැතිනියගේ වෙඩිම, ඇමැන්ඩියන්ගේ වෙඩිම, ඩිල්රුක්ෂි පුඩිමගේ වෙඩිම, අරවින්ද හඳසියපත්ගේ පුත්‍ර රත්නයේ දොරට වැඩුම, ඇවරිගේ චැරිටි නාටක, ගැබිණි මාතා හරසර ප්‍රණාම ආදී බොහෝ පෝස්ට් ප්‍රමාණයක් මඟ හැරීම ඉතා ම දුක්ඛ දායක තත්ත්වයක්. වැඩ වැඩි වීමටත් වඩා ඇවරි එක වැඩක් අල්ලගෙන මාස හතරක් විතර හිටිය එක තමා කළේ.

ඒ මහා දුෂ්කර ප්‍රයාමය වූයේ ඇවරිතුමූ ම වර්ග අඩි තුන්දහස් පන්සීයක් විතර තනිව පොටි ඇද තීන්ත ගෑම. බොහෝ හෙමින් හෙමින් තනිව පලංචි දමා ගනිමින් ඉතා ම ඉවසීමෙන් ඇවරිතුමා කරපු ඒ ඩයි ප්‍රොජෙක්ට් එක දැන් අහවරයි. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියනවනේ.. ඉතිං අපිත් අලුත් දේවල් කරන්න ඕන. බැහැයි කියලා දෙයක් නෑ. දැන් කොච්චර පොටි ඇද පේන්ට් කිරීමේ ප්‍රවීණයි ද කිව්වොත් අපි පිට කොන්ත්‍රාත්තු හිටන් බාර ගෙන කරලා දෙනවා. දාර සයිස් පොටි මික්සර්, හැමර් ඩ්‍රිල්, ස්ප්‍රේ මැෂින් වලින් වැඩ කරන්න ඇත්තට ම ආසයි. අනික හරිම පහසුයි. අපි පැය දොළහක් පහළොවක් දවසකට වැඩ කළා. සති අන්තයන්ගේ පමණක්. ඒ දුෂ්කර ව්‍රත සමාදානයන් අතරේ ඇවරිතුමා සුපුරුදු පින්කම් අටෝරාසියකුත් කරගත් බව කියන්ට ඕනෑ.

ප්‍රස්තුත කාරණාව අලුතානේ. අලුතාව අවසාන වතාවට දැක්කේ අරාගෙ වෙඩිමෙද කොහේද. ඇවරිට වඩාත් හොඳින් මතක අලුතාගේ බෝඩිම හෙවත් ග්‍රීන්ලන්තය. දිප්පිටිගොඩ පාරේ මුල්ලකට වෙන්න බොහොම ප්‍රකට පාලු භූත බංගලාවක් වගේ තිබුණ ඒ බෝඩිම කැම්පස් කාලෙ අපිටත් සෑහෙන්න සෙවණක් දුන්නා. අලුතා ඒකේ තද රතු පාටයි නිල් පාටයි බිත්ති දෙකක ගාලා ස්ටුඩියෝ ලුක්ස් එකක් දීලා තිබුණා. මුල් කාලීනව ප්‍රෞඩ බුවනෙක මහතාගේ කවර්ස් රෙකෝඩින් කළේ ඒ බෝඩිමේ. වින්ඩෝස් වෙනුවට ලිනක්ස් අත්හදා බැලුවේ. ෆේස් බුක් ආගම වුනේ. බ්ලොග් ලියන්න පටාන් ගත්තේ ඒ කාලෙ 2008/09 වගේ. ඇවරි ආස ම වුනේ අලුතාගේ එඩිටින් වැඩවලට. ඒ කාලෙ දැනට වඩා ඇවරිතුමා රැඩිකල්. දැන් සෑහෙන්න සීතල වුනාට. පොඩි සිද්ධියක් වුනත් වෙන විදියකට බලලා ලියන්න පුළුවන්කම තිබුණා. ඒක මහ ගොබ්බ තර්කයක් වෙන්න පුළුවන්. අපේ අලුතා හිටියේ ඒ තර්කවලට අයිසින් තවරලා මහා දාර්ශනික නැඹුරුවක් ඇති කරන්න. ඉතිං අපේ ඈයින්ට පැය ගාණක් වාද කරගන්න ඒ ප්ලොට් එක ඇති.

අලූ කරපු සමහර ආර්ට් වර්ක්ස් ඇවරිතුමා තාමත් ප්‍රවේශම් කරගෙන තියාගෙන ඉන්නවා. අර ඔක්ෂිජන් මාස්ක් එකක් නහයට දාගත්තු එන්ඩමික්ස් ට්‍රේඩ් මාර්ක් එක. ඩේන්ජර්, ඩූ නොට් එන්ටර් කියලා ඇවරිගේ කාමරේ උඩ ගහලා තියෙන ආර්ට් වර්ක් එක. අවුල් බස්සා ලෝගෝ එක, පිළිකුත්තුව චැලෙන්ජ්හි සියලු ආර්ට් වර්ක්ස්, වගේ ම ඇවරිගේ මූණත් තහඩුව දාලා කරපු පර්සනලයිස්ඩ් ආර්ට් වර්ක්ස් අම්බානක් ඇවරිතුමා ඩිජිටල් හැටියටත්, ප්‍රින්ට්ස් හැටියටත් සංරක්ෂණය කරලා තියෙනවා. මොකද ඒවායේ කර්තෘතුමාට ඒවායේ සතපහක වටිනාකමක් නැති බව ඇවරිතුමා ඉන්තේරුවෙන් ම දන්නවා.

ෆොටෝ මැනිපියුලේෂන් කලාවේත් ප්‍රාමාණික උගතෙක් වන අලුතා මහතා ඇවරිතුමාට පැය ගාණක් බලන් ඉන්න පුළුවන් ඡායාරූප විශාල ප්‍රමාණයක් කරවලා තියෙනවා. එහෙම එකතුකරගත්තු විශාල ප්‍රමාණයක් කර්තෘ භාග නැතුව ම ප්‍රින්ට් කරවන්නත් ඇවරි කටයුතු කළේ ඒ මිනිස්සු ගැන මතක තියෙන්න ඕන නිසා. අටවක කෘ එකේ හැමෝගෙම ඡායාරූප ඇවරිතුමා ළඟ සුරැකිව තියෙනවා. අද මොන මතවාදයන් දැරුවත් ඒ මිනිස්සු එදා හිතපු විදිය, ඒ අයගේ අදහස් සෑහෙන්න නිර්මාණශීලීයි. කොටුවෙන් පිට පනින්න ඒ අය සැදී පැහැදී හිටි බව කියන්න ඕන.

මේ ටික මෙහෙම ලිව්වෙ අලුතා ගැන ප්‍රශස්ති ගයන්න නෙමෙයි. මොකද මේවා පොරට නොවටිනා බව ඇවරිතුමා අත්දැකීමෙන් දන්නවා. හැබැයි මාව වෙනස් කරපු, සංවාදීමය වශයෙන් අවදි කරපු ඒ නිර්මාණශීලී තරුණයාගේ ජයමංගල්‍ය වෙනුවෙන් සටහනක් තැබීම, මතක මංපෙත ඔස්සේ යළි ඇවදීමේ අතීත කාමයක් අවදි කළ නිසා ලියන්න හිතුනා. ඒ දැරිවි සෙව්වන්දිත් අපිට බොහෝ තැනදි හමුවෙලා තියෙනවා. ඒකේ හොඳ ම කතාව දැන් සෙව් තමා යතුර. ෂී ඉස් ද කෝඩ් බේබි. ගොඩක් දෙනා සෙව්වන්දිගෙන් හරි අලුතාව හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නමුත් ඒක විය නොහැක්කක් මිත්‍රවරුනි. මොකද අලුතා තමුන්ගේ රිදම් එකට ලෝකය නටවන මිනිහෙක් මිසක් ලෝකෙ ගහන පදේට නටන මිනිහෙක් නෙමෙයි. හෙට ඉඳන් අනේ සෙව්වන්දිගෙත් ෆෝන් ඕෆ් කියලා ඔබ කිව්වොත් ඇවරිතුමාට හිනා යන්නෙ කොහෙන්ද කියලා හිතාගන්න පුළුවන් නෙව. කොයි හැටි වෙතත් මේ යුවතිපතීන් දෙපළට ඇවරිතුමා සලාදයේ හදපිරි ශුභාශිංසන පිරිනමනවා.

පහතින් තියෙන්නේ අලුතාගේ ඇවරිතුමා කැමතිම සහ අකමැතිම දේවල්...
ඔයාලත් බලලා හරි නම් කමෙන්ට් කරන්න.

* කැමතිම ඇඳුම - අත්දිග කමිසයක් නවලා අඳිනවට (එතකොට නියම ප්‍රොපා ලුක් එකක් එනවා. කණ්ණාඩි එක්ක)
* අකමැතිම ඇඳුම - ලකයක් නැති ටී ෂර්ට් එක. (රස්ති පාට උපරිමයි. ඊටත් වඩා කෙයාලස් ගතිය වැඩියෙන් පේනවා. හැබැයි ඒ මෑන්ස්ගේ කැමතිම ඇඳුම.)
* පාවහන් - දාන්නෙම කැන්වස් සපත්තු හැබැයි කොහේ ගැලෙව්වත් ගඳක් එන්නැති එක පුදුමයි. අලුතා සපත්තු වලට වඩා මේස් ගැන සැලකිලිමත්. ඒක එහෙමයි.
* කොණ්ඩෙ - දන්න කාලෙක ඉදන් පිළිවෙලට තිබිලා ම නෑ. ඒකෙත් පොඩි ගතියක් තියෙනවා.
* කැමතිම වචන කණ්ඩය - පොර මොනව හරි කියන ගමන්... මේ ඉතිං ඒක නෙමෙයි කියලා කතාව හරවනවා. ඒ කියන්නේ එයා වැඩේට බහින්නයි හදන්නේ. හැබැයි ඒ වචන ටික එන්නේ පැය ගාණකට පස්සේ....
* කැමතිම පුරුද්ද - ඩෙඩ්ලයින් වලට වැඩ නොකිරීම සහ කෙටි ක්‍රම සොයා ගැනීම

තව ගොඩක් තියෙනවා ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ කරන්න බැරිව මිසක්. ලොල්

කාගේ දරුවොද බන් මේ හෙවත් ගෝලයක් මිස් වීමේ වාඩුව ඔන් ද රොක්ස් හිස් කිරීම..!!



මාස කීපයක් පරණ සලාදයක් දාන්න හිතුවා. මේක ෆිෆා තිබ්බ කාලෙ ගිය එකක්. පබ්ලිෂ් කරන්න අමතක වෙලා. ..ගයි පුතා අල්ලපු අඩව්වත් නරක ම නෑ. මොක ද වීසා වදින්න රීසන් එකකුත් එපෑය!! අඳේරා බාදල්කා සිල්වර් රේ හෝතා හේයි.. ලොල් :( 

ඇවරිතුමාගේ මෙදා ෆුලි ලෝඩඩ් සති අන්තය පටන් ගත්තේ සිකුරාදා රාත්‍රියෙන්. සිකුරාදාවේ එංගලන්ත නියෝජිතවරිය පිළිගැනීමේ නිල උත්සව කටයුතු යෙදී තිබීම නිසා බොහෝ කාර්ය බහුලව ගෙවූ ඇවරිතුමා එදින රාත්‍රියේ බ්‍රසීල සහ බෙල්ජියම් ලෝක කුසලාන පාපන්දු තරගය නැරඹීමට එතුමියටත් ආරාධනා කරනවා. අන්තිමේ දී වුනේ සුප්‍රානෝස් ගියාට එහා වැඩක්. සාදය බොහොම හොඳින් ගියත් බ්‍රසීලය තරගාවලියෙන් ඉවත් වීම ගැන ඇවරිතුමා බොහෝ ම අකම්පාලවූ බවත් කියන්න ඕන. එක් අවස්ථාවක බ්‍රසීලය ගෝලයක් මිස් කරද්දි ඇවරිතුමා පුළුල් තිරය ඉදිරියෙන් නැගිටලා “කාගේ දරුවොද බන් මේ? කියලා මහ හයියෙන් ඇහුවේ මෙලොව සිහියකින් නෙමේ. ඒකට මැච් එක බලන්න ආපු බොහෝ දෙනා අත්පුඩි ගහද්දි ඇවරිතුමා ළඟින් ම අසුන් ගෙන හිටි ඩේවිඩ් සිඤ්ඤෝ යළිත් සුවපහසු ආසනයකට ආපාතනය කළේ එසැනින්. “තොට ට්‍රැක් ද යකෝ?? දාවිත් පෙර්රා අහනවා.

ඔය දෙන්නා නම් නියමෙට ගැළපෙනව. නෝනයි මහත්තයයි වගේ කතාව. ඇවරිතුමාගේ ලේකම්තුමිය දාවිත් සහ ඇවරීස්ට කිව්වෙ අපි ඩබල විදෙස් නියෝජිතවරිය සමගින් දාපු පික්ෂු ජෝගි ගැන කලකිරීමෙන් ද මන්දා. කෝම කෝම හරි ඒ පාරටි කෙරුවාවෙන් ඇවරිතුමා හෝම්කමින්ගත වෙද්දි වෙලාව පාන්දර තුනයි. කට කපා නිදියන් ඇහැරෙද්දි පහුවදා දොළහත් පැනලා. ජංගමයා ඕෆ් කර තැබීමෙන් ඔසී ගෘප් එකේ චෙකින් එකත් මිස් වෙලා. ආයෙත් සියල්ල යථා තත්ත්වයට පත් වෙද්දි පැය දෙකක් විතර ගිහිල්ලා. පොඩි පාර්ටියක් දැම්මත් ලොකු දඩයක් කන්න වෙනවා කියන්නේ ඕකට තමා.

සවස් අතේ සතියේ උයන් කෙළිය සදහා වෙන් කරන ඇවරිතුමා රාත්‍රිය සම්පූර්ණයෙන් වෙන් කරන්නේ දහම් පාසල් ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම වෙනුවෙන්. මහරජාගේ උයන් කෙළිය කියන්නේ හන්ටින් වුනාට ඇවරිගේ උයන් කෙළිය කියන්නේ වෙල් කෙප්ට් ගාර්ඩ්න් එකක් බවට උයන පත් කිරීම හා කුණු පිච්චීමේ කටයුත්ත. සාමාන්‍යෙයන් සතියට තුන් සැරයක් ඇවරිතුමා මිදුල අතුගෑවත්, පහුගිය ටිකේ ඒ වැඩ මිස් වෙලා කුණු පිරිලා තිබුණා. විශේෂයෙන් ම කොස් කොළ. “යන්තම් අබාන්ස් එකෙන් ඇවිත්“ කියාගෙන රන් මැණිකා නක්කලයක් දැම්මේ ඒ නිසා. මෙදා පිළිතුරු පත්‍ර ඇගයීමට ඇවරිතුමා කැදවන්නේ ඒ ක්ෂේත්‍රය පිළිබද හසල දැනුමැති රන් මැණිකා මැතිනිය. රානි මැණික්ස්, ලොකු අක්කාගේ ජන සන්නිවේදන ප්‍රශ්න පත්‍ර, ඇගේ බොසාගෙ විද්‍යාව ප්‍රශ්න පත්‍ර, පොඩි අක්කාගේ නර්තන ප්‍රශ්න පත්‍ර ආදී විවිධ විෂයයන්ගේ පිළිතුරු ළකුණු කරලා සෑහෙන්න පළපුරුදු පරීක්ෂකවරියක්. ඇය ළකුණු කළේ බහුවරණ කොටස පමණයි.

අයියෝ මේ ලකුණු දාද්දි බින්දුවක් ඉස්සරහට දාන්න ඕන. නැත්නම් ළමයි උස්සන් එයි, එකතුව වැරදියි කියලා. ඉලක්කම් වෙනස් කරන්නත් බැරි නෑ. අපි නොදන්න පේපර් මාර්කින් බේබි. එහෙමයි හාවුදුරුවනේ. උන්ගේ උත්තර නම් කුජීතයි. අපරාදේ අපි නිදි මරාන පේපර්ස් බලන්නේ. ඔය වැඩ නිසා ඇවරිතුමා ප්‍රමාද වී අවදිවීමෙන් දහම් පාසල් ගියේ ටිකක් ප්‍රමාද වෙලා. එතුමා හරියට රුහුණු කුමාරිය වගේ දිනපතා ප්‍රමාදයි. මෙදා සාමාන්‍ය වෙලාවටත් ටිකක් වැඩියි. එදා ගුරු මණ්ඩලය සඳහා වන දානයත් එතුමාත් දයාන්නද මහතාත් විසින් භාර ගන්නට කටයුතු යෙදිලත් තිබුණා. කොරේ පිටට මරේ කිව්වලු. ඒ අහු අස්සේ ගයියා මහතාත් අඩව්වක් අල්ලලා.

එතුමා තමුන්ගෙ පල්සරයෙන් වැටිලා දණ පොල්කට්ට කඩාගත් බව සැලකර සිටින්නේ ඇවරිතුමා පතරාසය ගනිමින් සිටියදී. වහාම තමුන්ගේ නිල කටයුතු සියල්ල කැන්සල් කොරලා එතුමා බැහැදකින්න යන්න ඇවරිතුමා හවස්වරුව වෙන් කරගන්නවා. සවස ඇවරිතුමාලාගේ නිවසේ බාර්බකිව් පාර්ටියකුත් සූදානම් වෙලා. සිරිපාල සහ රන් මැණිකා විසින්. නමුත් ඒ ආරාධනාවත් ප්‍රතික්ෂේප කරලා ඇවරි යන්නේ ගයියා බලන්න. ඒ ගමනට තොටමුණ ආදිපාදතුමාත් එකතු වුනේ ඇවරිතුමා මාෂියෝනා මැතිනිය බැහැ දැකුම් කරන්න ගිය නිසා. එහි මම්මලත් ඇවිත්. විමුක්ති කොලුවත් එක්ක චැටක් දාන්නත් ඇවරිතුමාට වෙලාවක් තිබුණා.

අපි ගයියා බලන්න යද්දි දණ පොල්කට්ට තුවාල කරන්, අතකුත් වෙලාගෙන පිට අල්ලත් හූරගෙන ඇදේ පතබාවලා හිටි ගයිපුතා, කෙදිරි ගාමින් ඉන්නවා. හැබැයි ෆෝන් එකෙන් කිව්ව තරම් ඩැමේජයකුත් නෑ. ගයියා ක්ලෑන් එකේ බර කකුලක් නිසා එතුමාගෙ සහචරයො සෑහෙන්න ආව. ඒ ඇවිල්ලත් උන් බලකොටු හදන විදියයි, යුද්ධ කරන හැටියි, ආයුධයි ගැන තමා කතාව. ලෙඩා දුකා ගැන නෙමේ. අනේ අම්මපා මුන්ගේ ඇබ්බැහිය හිතා ගන්න පුළුවන් නෙව.

යෝ ගිලානං උපට්ඨෙයිය සො මං උපට්ඨෙයිය කියලා කියලා තියෙන නිසා ලෙඩා දුකාට මක්ක කොරන්න ඕනැද කියලා ඇහුවා ම තුවාල තවමුයි යෝජනා වුන නිසා ඇවරිතුමා හුණු පැන් හුණුකර තුමූ ම ශ්‍රී හස්තයෙන් තැලුම් කෑ අත්පා තවා, මස් බුරුල් කොට, තෙත මාත්තු කරවාලා සහනයක් සලසන්න වුනා. ඒක බලා හිටි තොටමුණ ආදිපාදතුමා ඇවරිතුමා නිල සාත්තු සේවකකමට නිල කොරනවා. ඇවරිට මිනිස්සුන්ව ඩ්‍රයි ක්ලීන් කරන එක සුළු වැඩක්. සී. එස්. ආර්වලදි අපි සෑහෙන්න වැඩිහිටි අයව හෝදවනවනේ. ඒ කරලා ඒ අයගේ කකුල් තවන්න, ඔළුව මසාජ් කරන්න වගේ කරන්නත් වෙනවා. හැබැයි මාර සනීපයක් ඒ අය විදින්නේ. පවුලේ නම් හෙඩ් මසාජ්වලින් හොඳම කස්ටමර් චමිත අයියා.  

ඒ ගමන ඉවර කරලා එන ඇවරිතුමා කෙළින් ම එක් වෙන්නෙ ගෙදර ෆැමිලි පාර්ටියට. මැෂින් එක ගෙදර නිසා අපි පොඩි වැඩක් දැම්මා කිව්වත්, මස් පළහා කෑම ඇවරි එච්චර කැමති වැඩක් නෙමේ. හැබැයි බේබි කෝන් නම් හා අම්මේ. සිරිපාල හා රන් මැණිකා විශේෂයෙන් බඩඉරිගු පුළුස්සා තිබුණෙ ඇවරිට. වැද්දො ෆිට් එකේ හිටියේ මේකනේ. මස් වල තෙල් බේරෙන්න පුළුස්සලා, මී පැණි එක්ක කාලා ඒ අය සැපෙන් හිටියා කියාගෙන ඇවරි පිතාත් පාර්ටිය ආවා. නිකම් නෙමේ පැණි වළලු හදන්න ගෙනාපු පැණි බෝතලයත් ෆ්‍රිජ් එකෙන් අරගෙන.ලොල්. ඒ සාදයත් සෑහෙන්න වෙලා ගියා.

අහවර වුනේ ප්‍රගති සමාලෝචන සැසියෙන්. ආයතන කිහිපයක ම වැඩ කරන ඇවරිගේ පවුලේ ඇත්තෝ ඕපන් ෆෝරම් එකකට සෙට් වෙන්නේ ඉරිදා රැයේ තමා. ඒක නැගලා ම යන්නේ ඒ ඒ අයගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ විවේචනය වන නිසා. උදාහරණයකට එදා ඇවරිට උඩ නාන කාමරය පිරිසිදු කරන්නට නොහැකි වීම විශාල සිද්ධියක් ඇති කළා. හැබැයි බොහෝ දේවල් ඉතා සංවර්ධනාත්මක විවේචන වුනා. ඇත්තට ම රාජකාරී ජිවිතේ දි අපි කියන දේ බොහෝ මිනිස්සු කරනවා. පිළිපදිනවා. ඒත් අපි අහන්නෙ නැත්නම් අපිට උපදෙස් දෙන්නේ අතේ ඇගිලි ගාණටත් අඩු පිරිසක්. නමුත් මේ සෙෂන් එකේ දී පවුලේ අය ම අනිත් අයගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ කියන නිසා ඒවා හදාගන්න තියෙන හැකියාව වැඩියි. උනන්දුවත් වැඩියි. චක්‍රවර්තී රජ්ජුරුවොත් තමුන්ගෙ රටවැසියා කියන දේට ඇහුම්කන් දෙන්න ඕන. ඒක නිසා පවුලේ විද්වත් හමුව ඉතා වැදගත්.

ඒ අස්සේ ඇවරිපිතා මෝකා දන්සැලක් දැම්මෙත් තිත්ත කෝපි කතාව ඇදගෙන යන නිසා. සතියේ හපන්කම්, මෝඩකම් සහ පුරසාරම් වමාරන්නත් ඒක හොද වෙලාව. තව නිල ගැසට් නිවේදන දැනුම් දෙන්නෙත් එතනදී, කවුරු හරි සතිය තුළ දී ප්‍රාන්තයෙන් පිට යනවා නම්, සේවා සැපයුම්වල අඩාලවීම්, මම අනිද්දා භාවනා පන්ති බත් දෙන්නම් උදේ ම යනවා -ඇවරිමාතා ආදිය ඊට ඇතුළත්. වේකප් සර්විස් එක අනිද්දා නැති බව අපි දැනගන්න ඕන. ඒ කිව්වේ ඇදට ම තේ වැඩමවීම, විනාඩි පහෙන් පහට වේලාව මතක් කිරීම සිදු වෙන්නේ නෑ. කාල හමාරයි.     
  

Thursday, August 30, 2018

වෙසක් දානයේ අඩුක්කු පිරවීම හෙවත් ඉඳිපාප්ප විසිහතරදාහ ගැම්මට ලැයින් කිරීම



2018 වර්ෂයේ සුපුරුදු සලාදයක් වන නිල වෙසක් දාන සලාදය ලියන්න තමා ඇවරිතුමා මේ සුදානම් පොජ්ජ මන්දු කරන්නේ. සම්ප්‍රදායේ හැටියට වෙසක් දින හීල් දානය පැවැත්වෙන්නේ ධර්ම විද්‍යාලයීය සිසු දරු දැරියන්ගේ දායකත්වයෙන් බව දන්නවා ඇති නෙව. ඇවරිතුමා දානය වෙනුවෙන් ලේඛන කටයුතු සිදුකිරිම ආරම්භ කළේ සති කිහිපයකට කළින්. ඒවා දැන් බොහොම සාමාන්‍ය දේවල් වෙලා. හරියට පෙරහැරට කප් සිටුවනවා වගේ. දානය කෙරෙන්න නම් දාන ලේඛන සියල්ල විධිමත්ව පවත්වා ගැනීම අවශ්‍යයි. එතනින් තමා හා හා පුරා කියලා වැඩේ පටාන් ගන්නේ. පස්සේ ඒ ලේඛන පන්ති මට්ටමින් එකතුවෙලා තමා සිල් ඇත්තො දාහකට විතර හීල් දානයක් හැදෙන්නේ. අනුරාජපුරේ මහාපාලී දාන ශාලාවේ එක වේලකට පන්දාහක් රහතුන්ට වළදන්න දුන් එකේ, ඉඳිආප්ප විසිහතර දාහක් කියන්නේ ලොකු දානයක් නෙමේ ඉතිං.

අවසානයේ කාර්යාලයීය පිටපත මගින් සමස්ත දාන ලේඛන සාරංශ සටහන් කිරීම, සිහි කැඳවීම් පණිවිඩ නිකුත් කිරීම, වෙසක් දින උදෑසන දාන භාර ගැනීමේ ලේඛන සැකසීම, වෙසක් දින දානය ගෙන ඒමට නොහැකි වූ පිරිස  හඳුනා ගැනීම, ඔවුන්ට ශිෂ්‍ය සීල සමාදාන දින දානෝපකරණ බෙදා දීම, දන් පිළිගන්වන භාජන සැකසීම, බුද්ධ පූජා භාණ්ඩ, පිරිකර බෙදාදීම්, අවශ්‍ය සැරසිලි, ඩෙක්ස් බංකු, වතුර, කුණු ඉවත් කිරීම්, වැසිකිලි ආදී එකී මෙකී නොකී සෑහෙන්න කටයුතු අටෝරාසියක් මේ වෙසක් හීල් දාන ව්‍යාපෘතිය හා සම්බන්ධයි. ඇවරිතුමා මේ සියල්ල ම සිදු නොකළත් දානය මදි පාඩුවක් නොවී ගෙන්වා දීමේ වගකීම එකෙන් ම භාරගන්නවා. එතනදී දානය මදි වුනත් අපි බැලන්ස් කරන්න ඕන. වැඩි වුනත් බැලන්ස් කරන්න ඕන. සැඳැහැ ඇත්තන් දුන් දේ අපවත් නොකළ මනාය මහරජ. ඒ නිසා දානය ඉතුරු නොවෙන්න බෙදන්න අපි වගබලා ගන්න ඕනෑ. නැත්නම් ඉතිං බැණුම් තමා.

එදා ටිකක් පාන්දරින් ඇවරි නැගිට්ටත් ඇවරි මාතා ඇවරිපිතා දෙදෙනා වහන්සේලා ම අෂ්ටාංග උපෝසත ශීලය සමාදන් වෙන්න ගිය නිසා පාන්දරින් නැඟිටලා ආයෙත් නිදා ගත්තා. ඇවරි පන්සලට යද්දිත් දාන භාර ගැනීමේ වැඩ සිදුවෙමින් තිබුණා. උදේ පාන්දරින් මුලින් ම කරගන්න ඕන වතුර උණු කරන එක. අලුත් අවුරුද්ද පහුවෙලා දවස් හතළිස් පහෙන් වැස්ස පටන් ගන්නේ බක්මහ අකුණුත් එක්ක. වෙසක් කියන්නේ හේදෙන මාසය. අපි සිල්ඇත්තන්ට උණුවතුර ම බොන්න දෙන්න ඕන. තේ හදන වතුර නටවන්න කළින් උණු පැන් වෙන්කරලා කේතල්වලට දාන්න ඕන. ඒවා බැලන්ස් කළා ම අනික්වා ලේසියි. කෝ ඇවරිතුමා යද්දිත් ගිනි පෙට්ටියක් නෑ නෙව.

දන් භාජන සේරමත් පිළිවෙල කරලා තිබුණ නිසා ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ. පිහි ප්‍රශ්නය ඇරෙන්න. පාන් පිහි හොයන්න ඇවරිතුමා හොයාගෙන ආවෙ අසල්වැසි සෝමදාස අංකල්ගේ ලොකු පුතා. ඒ අයියත් අක්කාත් පොඩ්ඩත් තුන් දෙනාම පන්සල් ඇවිත් තිබුණේ, සෝමදාස යුවල සිල් ගත් නිසා. සාමාන්‍යයන් ඕන දෙයක් ඉල්ලන්නේ ෆ්ලෝර් මැනේජර් වන ඇවරිගෙන් තමා. දානය සකසන අයට කියලා තියෙන්නේත් එහෙමයි. ඕන ම දෙයක් එතුමාට කියන්න කියල තියෙන්නේ හැමෝට ම ඒක තමුන්ගේ දෙයක් කියලා හිතෙන්න. ආනේ මේ පන්සල අපේ නෙමෙයි නේ. අපි බඩු කොහෙද තියෙන්නේ කියලා දන්නේ නෑනේ ආදී බොහෝ කාරණා නිසා දානය සකසන පිරිස ඊට සහභාගී නොවෙන්න පුළුවන්.

බුදු හාමුදුරුවොත් කිසා ගෝතමියට කියන්නේ අප කියාලූ බහෙත් සපයා ලිය නොහ් නම් අප කරන්නේ කිම්ද කියලා? ඒක නිසා බඩු නැතිව වැඩ කරන්න බැහැ. ඇවරිතුමා තවත් සහයක ඩැනීලා පහ හයක් තියාගෙන කරන්නේ දානය සකසන අය ඉල්ලන ඉල්ලන හැමදේම ඉල්ලන සැණින් අතට, පයට, ගෙනත් වඩම්මවන එක. ගිනි පෙට්ටියේ ඉඳන් ඉඳිආප්ප බෙදන අයට පොලිතින් අත්වැසුම්, මුකවාඩම් පවා අපි සම්පාදනය කරනවා. මොක ද අපි අපේ කණ්ඩායම සතුටු කරන්න ඕන. එතකොට තමා ඒ අය පහසුවෙන් දානය බෙදන්නේ. පිහි ලැබුණා ම සෝමදාස පුත්‍රයෝ ගොඩක් සන්තෝෂ වුනා. මිනිස්සු එහෙම සතුටු කිරීම තමා පින කියන්නේ. නැතුව ඒ අය අනේ පිහි නෑනේ කියලා බකන් නිලාන හිටිය නම් කාට ද ආඩම්බර චාමර?

හා දැන් අම්මලා තාත්තලා දානය බෙදන තැන්වලට යන්න කිව්වම සියලු දෙනා ස්ථානගත වුනා. ඡන්ද පෝලිමේ වගේ සිල් ඇත්තො පේලි තුනකින් දානය බෙදා ගන්න ඇතුළට එනවා. අපේ දරුවන්ගේ අම්මලා තාත්තලා දානය බෙදනවා. තවත් කට්ටිය අඩු බෙදන පෙරහැරට එකතු වෙලා. ඒ අය අතින් ඉඳි ආප්ප පෙට්ටි, පරිප්පු බාල්දි, සම්බෝල භාජන අරන් ගිහින් අඩු බෙදන එක තමා කරන්නේ. ඒ අම්මලා තාත්තලත් දැන් අවුරුදු ගාණක් අපිත් එක්ක දානයට එකතුපහදු වෙනවා. ඉතිං අපි කියන්න ඕන නෑ. වෙන්න ඕන මොකක්ද කියලා එයාලා දන්නවා. අවුල්පත් අයින් කරන්න. ඉඳුල් භාජන හෝදලා දෙන්න, තේ පිළිගන්වන්න ආදී බොහෝ දේ ඒ අය කරලා දුන්නා. ඒ හැම දෙයක් ම දාන සේවාවේ වෙන වෙන අංශ. අපි ඒ හැම වැඩේට ම අවධානය දෙන්න ඕන. නැති වුනොත් දාහක් දෙනා හීල අහවර කරන්න පැය දෙකක්වත් යාවි. එතකොට බණට පරක්කුයි. උපරිම විනාඩි හතළිහෙන් දාන වැඩ අහවර කරන්න ඕන. උදාහරණයක් හැටියට වතුර කරාම කිහිපයක් ඒ පරිශ්‍රයේ තිබුණත්, සිල් ඇත්තන්ට අත් හෝදන්න බේස්ම්වල වතුර පුරෝලා තියෙනවා. ඉඳුල් පිඟන් හෝදන්න හැම කරාමයක ම රෙසිඩන්ට් ඩිෂ් වොෂර් කෙනෙක් විම් කැට තියාගෙන ඉන්නවා. ඒක තමා සර්විස් එක බේබි. ඒකටනේ එයාලට පඩි ගෙවන්නේ. අනේ එහෙම නෑ පඩියට නෙමේ. මෙතන ඉඳුල් පිඟන්ටික හෝදලා දෙනවාද කියල ඇහුවොත් එයාලා බෑ කියන්නේ නෑ. අපිට හෝදන්න දෙන්නෙත් නෑ.

සාමාන්‍යෙයන් ඇවරිතුමා දාන ශාලාවේ ඇතුල්වෙන පෝලිමේ ඉඳන් සිල් ඇත්තන් එක්ක හිනාවෙලා කතාබහ කරන එක සිරිතක්. මොක ද අපි දෙන දානය ගන්න එන සිල් ඇත්තන්ව අපි පෙරගමන් කරලා පිළිගන්න ඕන. එහෙම නැතිව පිඟන් අරන් වරෙල්ලා කියලා ඉඳලා හරියන්නේ නෑ. ඊළඟට ආස ම අඩු බෙදන්න. වැඩියෙන් ම ආස අත් හෝදවන්න. ඒක හරි ෆන් වැඩේ. හිස් බේසමකට අත අල්ලන්න කියලා කෝප්පෙකින් වතුර වත්කරනවා. අත් හෝදවන අය ළඟ භාජන දෙකක් තියෙනවා. කරාමයක් එක්ක හරඹ කරනවාට වඩා සිල් ඇත්තො හරි කැමතියි ඒ වැඩේට. අපේ ළමයිනුත් හරි කැමතියි අත් හෝදවන වැඩේට. ඒකේ මාර ලල් එකක් තියෙන්නේ.

මෙදා පුංචි උන් සිල් ගත්තු වෙලාවේ අත් හේදිල්ල නැඟලා ම ගියා. ධර්ම ශාලාව මඩවෙලා ආපහු මොප් කරවන්න බැරි නිසා අපි පොඩිඋන්ට එළියේ කරාම ළඟට යන්න දුන්නේ නෑ. ඒ වෙනුවට වෙසක් දා වගේ අපි අත් හෝදන්න ආව. එක දෙක වසරවල පුංචි අත්වලට වතුර පොඩ්ඩක් දැම්මත් ඇති. එක්ස්ප්‍රස් සර්විස්. ළමෝ හිනා වෙනවා සතුටින්. ඒක අපිත් අලුතින් ඉගෙනගත්තු සුපිරි ෆන් එකක්.





Tuesday, August 21, 2018

දොස්තර හොඳහිත නෝනාගේ හණමිටි චින්තනය හෙවත් දෙපාරක් බඩ කපනවාට වඩා ඒක පාරක් කණ කපන ඒක නරක ද?



ඇවරිතුමා ගොඩක් කැමති වැඩකරන ප්‍රජාව සමඟ කාලය ගත කරන්න. බස්එකේ කෝච්චියේ ගියත් ළඟ ඉන්න එකා එක්ක චැටක් දාගෙන යන ඇවරිතුමා, කැබ් එකක ගියොත් ඩ්‍රයිවර් කොල්ලත් එක්ක කතා නොකර යන්නේ බොහොම කළාතුරකින්. ඒ කියන්නෙ ඉතා ම හාඩප් අවස්ථාවක කන සාක්කුවේ දාගෙන නිදාගෙන යන වෙලාවක විතරයි ඉතිං. කතාව විතරයිනේ අපිට මිනිස්සුන්ව මිත්‍ර කරවන්නේ.

සාමාන්‍යෙයන් පාරෙදි කුණු අතුගාන මිනිස්සුන් එක්කත් ඇවරි හිනාවෙලා කතා කරලා තියෙනවා. එක දවසක අතුගාන මනුස්සයෙක් තමා අතුගෑමේ නියම ටෙක්නික් එකත් කියලා දුන්නේ. එයා කිව්වේ ඉදලේ අග්ගිස්සෙන් ම පොළොවට ලම්බකව අල්ලනව නම් ගොඩක් වේට් එකකින් පහසුවෙන් අතුගාන්න පුලුවන් කියලා. කෝමත් ඒ ඒ මිනිස්සුන්ගේ ජීවිත සහ වෘත්තීන් ගැන දැනගන්න ඇවරිතුමා ඉතා ම කැමැත්තක් දක්වනවා. කවදා හරි ඇවරිට ටී.වී ප්‍රෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කරන්න දුන්නොත් අනිවා එතුමා තෝර ගන්නෙ ඒ සබ්ජෙක්ට් එක. අද කියන්නත් යන්නේ එහෙම වෘත්තිකයෙක් ගැන කතාවක්.

එතුමිය පශු වෛද්‍යවරියක්. මේ ළඟක දි පත්වීම් ගත්තු දොස්තර හොඳහිත නෝනා තාම සත්තු එක්ක කතා කරන බාසාව තාම ඉගෙන ගන්න ගමන්. එතුමිය විශේෂ කොන්ත්‍රාත්තුවකට අනුරාධපුරයට කැඳවන්නේ අටමස්ථානය ආශ්‍රිත බල්ලන්ට වාසෙත්තමී සැත්කම් සිදු කරන්න. ඔටාරා ආන්ටිගේ එම්බාර්ක් කස්ටිය තමා මේ ව්‍යාපෘතිය රන් කරන්නේ. ඔයාට කියන්න අනේ අපේ සර් සතාව අල්ලලා බලලා කියනවානේ කලින් ඔපරේෂන් කරලා ද නැද්ද කියලා. ඇවිදින විදිහෙනුත් එයාට කියන්න පුළුවන්. ස්කිල්ස් කමින් විත් එක්ස්පීරියන්ස් බේබි. දැන් අදට සත්තු කී දෙනෙක් ව ගත්තාද? අද දහතුනක් විතර ගත්තා. හිටන් ඉඳලා ම පණ ගියා.

දැන් ඕක ගොඩක් රිදෙනවද සත්තුන්ට. හිහි නෑ අනේ.. කොහෙත්ම රිදෙන්නේ නෑ. නිකම් ඉදිකටුවක් ඇණෙනවා වගේ වේදනාවක් විතරයි.. අම්මාපල්ලා? පිස්සුද මනුස්සයෝ? ආවුච්... සැර වැඩිද මන්දා... සතාගේ බඩ පළලා ආයෙත් මහලා ඒ තුවාලත් වේලෙන්න ඕන. මාසයක් විතර එයාව බලාගන්න ඕන. බෙහෙත් දෙන්න ඕන. ඒකට සෑහෙන්න සල්ලි යනවා. අපේ ගෙවල් ළඟ ගෙදරක දෙපාරක් ඔපරේෂන් කරලා බල්ලට ගොඩක් අමාරු වුනා.  ඔයා මේ මඟුලක් කතා කරනවා ඇවරිතුමූ. එව්වා මොනා ද වත්තල හේමාස් එකේ වැරදි ස්කෑන් එකකින්, ළමයා ඉන්නේ පැලෝපියන් ටියුබ් එකේ කියලා අම්මාව ඔපරේෂන් කරලා ලක්ෂ දහයක් දිලා කේස් ක්ලෝස් කළා.

හැබැයි මේවයිදි දොස්තරලාට ම වැරැද්ද කියන්න බෑ. අන්න වෘත්තිය පාවා නොදිමේ හණමිටි ගතිය එළියට ආව. ඇයි යකෝ ඩොකා නෙමෙයි නම් බාබර් යෑ ඔපරේට් කරන්නේ. වත්තල සිද්ධියේදී මේ යූරින් එක බලලා වැඩට යන්න ආපු අම්මා යන්න හදද්දි දොස්තර කාර් පාර්ක් එකට ඇවිල්ලා තමා ඉක්මණට ඇඩ්මිට් වෙන්න කියන්නේ. ඉතිං වෙන කෙනෙක්ට වගකීම පවරන්න විදියක් නෑනේ. එහෙම නෙමේ අනේ දැන් මගේ අතින් එකම සතාට දෙපාරක් ඔපරේෂන් කෙරෙන්න පුලුවන්. මොක ද මට එච්චර එක්ස්පීරියන්ස් නෑනේ. අනික පාරේ ඉන්න බල්ලන්ට රෙකෝර්ඩ්ස් හිටන් නෑනේ.

ඒනිසා අපේ සර් නම් කියන්නේ ඒ සැත්කම කළාම කනේ පොඩි කැපුමක් දාන්න සම්මතයක් ඇති කරගන්න ඕනලු. එහෙම වුනා ම කාටත් ලේසියි නේ. එයාට ටිකක් රිදෙයි. නමුත් සීසන් එකේ දී දඩාවතේ ගිහින් මෙයාල කෝමත් කන් ඉරාගන්නවානේ. දෙපාරක් බඩ කැපුවොත් ඊට එහා. අපිත් මේ යෝජනාවක් හැටියට කරන්නයි ඉන්නේ. හැබැයි ඕක කිව්ව ම සින්හල බවුජ්ජ ප්‍රජාව රෙදි කරේ තියන් එයි. සත්ත්ව හිංසනේ කියලා.

හිතලා බලන්න. මේ සැත්කමෙන් සතාට ජීවිත අවදානමක් තියෙනවා. කනක් කපලා තිබුණොත් ඊළඟට එයාව දකින අය අඳුනගනීවි එයා වාසෙත්තමී කරපු සතෙක් කියලා. සමහර විට එයාගෙම ගෙයක්, එයාගෙ ම පවුලක් ලැබෙන්නත් බැරි නෑ. මොක ද ගොඩාක් වල් බල්ලන්ව අපි ගෙදර අරන් නොයන්නේ මේ පැටව් කේස් එක නිසා. අපි මෙච්චර වියදම් කරලා ඔපරේට් කරන එකේ කණත් කැපුවොත් ඒ සත්තුන්ට වඩාත් යහපත් අනාගතයක් ලැබීමේ සම්භාවිතාවක් තියෙනවා. ඔයා නම් හොඳ එම්බාර්ක් එකට ම තමා. මානව අයිතිවාසිකම් බල්ලට ගිය රටක බලු අයිතීන් කොහේ ආරක්සා වෙන්නද අනේ. දැන් උපාසක නෝනා ශ්‍රී මහා බෝධිය වැන්දාද? අද රෑ වඳිනවා. දවල්ට මෙහේ පිව්චෙනවා අයියෝ.

පිච්ච මල් පූජාවට එන්න බලන්න. අපිට ඉන්න වෙනවා. මං වෙනුවෙන් මේ කතාව තව කාට හරි කියන්න. කන් කපනවාට අකමැති අයගෙන් සාධාරණ හේතුවක් බලාපොරොත්තු වෙන බවත් කියන්න. එහෙම නම් මම තිබ්බා. මතකනේ ජුලි 7. ඇවරිතුමාට තිබු රාජකාරී එක්ක පිච්චමල් පුජාව මඟ හැරුණත් සියත කවරේජ් එක නම් දවස පුරා බැලුවා. අනුරාධපුරේ නිතර යැවෙනවා. රජරට විශ්ව විද්‍යාලෙ වැඩවලට. නමුත් දළඳා මාළිගාවට වගේ සෙනිකට වැඳලා එන්න හිතෙන්නෙ නෑ. අනික කැම්පස් එක මිහින්තලේ නිසා වව්නියා හයිවේ එකේ විදලා එනවා මිසක් ආයෙත් පූජා නගරයට යැවෙන්නේ නෑ. කර්මය එයාකාර වේ.... බේබි!! දබ්බී සූප රසං යථා (හැන්ද හොද්දේ රස නොදන්නාක් මෙන්)


කොහොම නමුත් මගේ උගත් මිතුරිය කියපු කාරණාව ගැන බොහෝ දුරට හිතා බලපු ඇවරි ඇය වෙනුවෙන් මේ සලාදය පළ කරන්න හිතුවා. අර කිව්වත් වගේ ඒ යෝජනාවට විරුද්ධ වෙන්න හේතුවක් තියේ නම් පහලින් කොටාගෙන යන්න ඕනෑ....!

Tuesday, August 14, 2018

සුදු ඇඳුමෙ ඇයි හොදි ගෑවුනේ - දැන් නම් ඉතිං ගෙදරින් බනියි.. නංගෝ

කලින් අපි දුන්න ළමා නිවාස දානය ගැන ලියැවුනා මේ ඉතිරි කොටේ..



බැරි සිල් නොගනින් අඹරෝ කිව්වලු..!! ඇවරිතුමා සෙට් වුනොත් හා ගන්නවා කියන්නේ කිකන් ද?
පේනවනේ ළමා සාරියට ජය සිරි මංගලම් වෙව්වි අපූරුව...

ළමයි ජාතික ඇඳුම අදින නිසා ගුරුභවතුන්ටත් ජාතික ඇඳුම අඳින්න වුනාහාමුදුරුවොත් වඩින නිසා චාන්ස් එකක් ලැබුණෙ නෑඅපේ දිලංකා අක්කා ඇගේ ලොරිය අපට එවලා තිබුණ නිසා දානෝපකරණ ප්රවාහනය පහසු වුනාශිෂ් නායකයන් සහ ගුරුභවතුන් වෙනුවෙන් බසයක් යොදවලා තිබුණේ අපේ දුමින්ද ගුරුභවතාගේ අනුග්රහයෙන්රාත්රී ආහාරය වෙනුවෙන් තෝසේ සහ වඩේ ලබා දීමට ළමා නිවාසය මගින් නිර්දේශ කළ නිසා ඇනවුම් කොට එම ආහාර සාදනු ලැබුවාවඩේ 200  වෙද්දිත් සූදානම්ව නොතිබුණ නිසා මයිනා මහතා සමඟ ඇවරිතුමා වඩේ බදින තැනට පිටත් වුනා අතින් මහේෂ මැතිතුමා පින්කමට ඇවිත් ගමන් පහසුව සලසා දීමත් ලොකු දෙයක්.

ඇවරිතුමා මන්ත්‍රී හාමු වගේ සිංහ පාර්ට් ඒකෙන් කැහැපට ගහගෙන සුදු ඇඳුම පිටින්  කුස්සියට යද්දිත් වඩේ බදිනවාතව ටික වෙලාවකින් හරි කිව්වත් පැය භාගයක්  වඩේ බදිනන්න අපිටත් සිද්ධ වුනාඇවරි ටිකක් සද්දදේ දැම්මත් දානයක් නිසා බොහොම ඉවසීමෙන් කටයුතු කළාඅපිත් එක්ක ප්රධාන ශිෂ් නායකයා හිටියාමෙන්න මගක් දුර යද්දි පොර කියනවා මගින් අයිස්ක්රීම් වගයක් ගන්නත් ඕනෑලුසාරිත මේක ප්රයිවෙට් බස් එකක් නෙමෙයිකාර් එකක්ඉතිං සර් නේ කිව්වේ මාව ගන්න කාර් එකේ එනව කියලා.... එහෙම කියලා ලොරියක බඩු ගෙනියන්න තියා ගත්තා ම හරිද පුතෝ...? කොටිය ම කාපිය.

අපි යද්දි ජනයා එහි පැමිණ තිබුණා. බියගම විහාරමහා දේවි ළමා නිවාසයට ඇවරිතුමා ඒ ආවෙ සෑහෙන්න කාලෙකින්. ඉස්සර මුතුහර යන කාලෙ වාර්ෂිකව එහි ගියත් දැන් ඒවායින් බැහැර වෙලා නිසා ගොඩක් යැවෙනවා අඩුයි. ඒ කාලෙ අපි අවුරුද්දට දෙතුන් සැරයක්වත් කතෝලික පල්ලියට ගියා. ගීතිකා කිව්වා. ඒකට දැන්. මිඩ් නයිට් මාස්වත් යන්නේ නෑ නෙව. අපි බෞද්ධ කියාගෙන ලොකු සීන් දෙන එක නෙමෙයි වැඩේ. එහෙම දේවල්වලින් අනික් ආගම්වලට ගරු කරන්න, ඒ සිරිත් විරිත් ගැන දැනීමක් ලැබෙනවා. පුංචි කාලෙ ඇවරිතුමාට නම් එහෙම ලොකු වෙනසක් දැනුනේ ම නෑ. මොක ද අපි මේ සතියේ පන්සලේ බෝධිපූජාවක් තියලා පහන් පන්සියක් ලස්සන වැකියකට පත්තු කරලා, ඊළඟ සතියේ කොඩි ඇදලා, කැරොල් කියලා පල්ලියේ පූජාව කළ නිසා. අම්මා තාත්තා දෙන්නම බෞද්ධ වෙලත් අපිත් මංගල්ලෙට පාර සරසන්න ගියා. ඒකට දැන්. පට්ට ම රේසිස්ට්. ජාතී වාදී පර හැත්ත. නැත්නම් මුන් ඡන්දෙ දෙන්න නෑනේ අපේ හාමුදුරුවනේ.

ඒ ඉපැරණි ගොඩනැඟිලි අතරින් ඇවරිතුමා ඇවිදගෙන ගියා. පුංචි ළමයින්ගෙ කොටසේ සුදු වැලි ඇතුරූ සෙල්ලම් ඉසව්වේ දැන් ගස් වවල. අපි දන්න කාලෙ හිටන් හිටිය විහාරමහා දේවිය නම් තාමත් රනින් බැබලෙමින් ඉන්නවා. පරණ කවිච්චිත් එහෙමයි. ඉස්සර අපි ආව ම මුතුහරේ අයියලා අක්කලා ඒ ළමයි වටකරගෙන සින්දු කියනවා. අල්ලන සෙල්ලම් කරනවා. පුංචිම කට්ටියට බත් කවනවා. අප්පා එකම සද්දයක් තමා. දැන් එහෙම කරන්න ළමා රක්ෂණ අධිකාරියෙන් අවසර ගන්න ඕනෑලු. කෑම කන්න කලින් එයාලා අනුග්‍රාහකයන්ට පින් දෙමින් පාඨයක් කියනවා. ඒක ඒ දවස්වල අපිට පාඩම්. මෑතක දී  ඇවරිතුමා  උදේ කෑමක් කද්දි        කියනවා ඇහුනා. බලද්දි අපේ තරූ තමා කන්න කලින් එහෙම කියලා තියෙන්නෙ. පොඩි ළමයි එක්ක ඉඳලා එයාට පුරුදු වෙලා.

ළමා නිවාස ජීවිතේ පහසු එකක් නෙමෙයි. හැමදේම කාලසටහනට. ඒ අය රෑට කෑවෙ හයට විතර. හතහමාරට ගේට්ටු වහනවා. අපිට හතට කන්න කිව්වොත් නාට්‍ය ටික තාම ඉවර නෑ පිස්සු ද කියලා අහයි. නමුත් ළමා නිවාසෙ එහෙමයි. හැබැයි ඉස්කෝලෙ යන්න, දහම් පාසල් යන්න සියලු පහසුකම් දෙනවා. ඒ ජීවිතේන් එයාලට නිදහසක් ලැබෙන්නේ දහ අට පිරුණාම. අපි දන්න කාලෙත් විශ්ව විද්‍යාලයට පවා ගියපු අයියලා අක්කලා එහි හිටියා. පස්සේ කාලෙක විවාහ වෙලා ආයෙත් තමන්ගේ නංගිලා මල්ලිලා වෙනුවෙන් උදව් උපකාර කරපු අයත් හිටියා. එහෙම අයත් අපි යන දවසට එනවා. එතන ගොඩාක් ආදරේ තිබුණ තැනක්. අපේ අයියලා අක්කලා ගිහින් ඒ ළමයි තුරුල් කරගෙන අනාගතේ අම්මලා තාත්තලා වෙන්න හීන දැකපු, ආයෙත් ඉක්මණින් එන බවට අපි පොරොන්දු ගිවිස ගත්තු, ඉදිරිපත් කිරීම් කරලා හිනාවුනු, වචනයෙන් කියන්න බැරි තරම් ආදරණීය හැඟීමක් ඒ ගොඩනැඟිල්ලෙන් ඇවරිතුමා වින්දා. පුදුම නොස්ටොල්ජික් ගතියක්..

මෙදා අපි ඒ වැඩි වැඩ නොකර දානෙ දීලා ළමයින් එක්ක කතා බහ කරලා ආව. අපි ගෙනාපු තෑගි දීලා, කෑම බෙදලා සතුටු වුනා. ළමා නිවාසෙ වාර්ෂික කොන්සර්ට් එකක් තියෙනවා. ඒක මතක් කරන හැටියට ඇවරි පාලිකාවන්ට මතක් කළා. දානපතියන්ට ඒ ළමයින්ව කාර්ය මණ්ඩල ප්‍රධානින් සමඟින් එක්දින චාරිකා සඳහා රැගෙන යාමේ අවසර තියෙනවා. අපි ඒවගේ වැඩකුත් කරන්න ඕන චාමර කියලා ඇවරිතුමා තමුන්ගේ ලේකම් මිටියට කිව්වේ ඒවා බොහෝ සතුට ගෙන දෙන කතාන්දර විය හැකි නිසා. දහම්පාසල වෙනුවෙන් අමුත්තන් පොතේ සටහනක් තැබූ ඇවරිතුමා පරණ මතකයන් කන්දරාවකට සමු දුන්නේ දුකෙන්. ආයෙත් පරණ ම මිනිස්සුත් එක්ක පොඩි කාලෙ වගේ ඒ දානෙ කරන්න තියේ නම්.....!

දානෙ ඉවර වුනාම ළමයින්ටයි ගුරුවරුන්ටයි තෝසෙ කන්න ආරාධනා කළා. ඒකත් බස් එකට. ආහ් බස් එකේ රියදුරු සිතිර අයියා ඇවරිතුමා බොහොම හොඳින් දන්න නිසා බස් එක ඇතුළෙ භෝජන සංග්‍රහය පැවැත්වීම ගැන අමනාප වුනේ නෑ. එතකොටත් ඇවරිතුමා හිටියේ මයිනාතුමා හා සුලා එක්ක කාර් එකේ. ගොසාව විතරයි මුන් එකෙක්වත් කෑම කන පාටක් නැති නිසා ඇවරිතුමා ම බස් එකට ඔළුව දාලා බැලුවා. හානා හීය පානා අඬහැරෙන් දැනේ කියනවනේ ආයිබෝන්. මල් පෝච්චිහ් මල් පෝච්චිහ් කියන්නේ ඉල්ලුමට තරම් සැපයුම නැති එකලු.
තවත් බලබලා ඉන්න බැරි තැන ඇවරිතුමූ වැඩේට එන්ටර් වුනා. ඇවරි බාර ගත්තේ ගොඩ හොද්ද බෙදන වැඩේ. ප්‍රධාන ශිෂ්‍ය නායිකා හිරුෂිමා තෝසෙ බෙදුවා. 

ඇවරිතුමා කොච්චර කැපවීමෙන් තෝසෙ පිඟන්වලට හොදි බෙදලා කිව්වොත් අන්තිමේදී හිරුෂිමාගේ ළමා සාරියෙත් වක්කරලා තිබුණා. ඇවරි වැඩක් කළොත් ආයෙ කියලා වැඩක් නෑ නෙව. හැමෝට කෑම දීලා අපිත් බෙදාගෙන කෑවා. ළඟ මැටල් ගොඩක් උඩ සෙරෙප්පු දාලා වාඩි වෙලා ඉතාමත් සරණාගත ලීලාවෙන් රාත්‍රී ආහාර ගැනීම ඉතා රසවත් අත්දැකීමක් වුනා. හැමෝට ම යෝගට් බෙදාදීමකුත් සිදු කෙරුණා. කෑමෙන් පස්සේ ළමයි හැමෝ ම බස් එකට දාලා ඇවරිතුමා මයිනා මහතා සමඟ සුලා මැතිනියත් ඇරලවගෙන පන්සලට ආවා.

බස්එක පන්සලට ආවම තමා ඇවරිතුමාට උන්හිටිතැන් අමතක වෙන්නේ. අප්පා පැමිණිලි අටෝරාසියයි. වැඩේ පරක්කු වෙලාලු. අපි ළමයි එනකම් බලාගෙන ඉන්නවලු. ආදී වශයෙන් කලින් ආපු අම්මලා තාත්තලාගේ ගෝරනාඩුව. අපි හරියට හතහමාර වෙද්දි එළියට ආවත් ළමයින් කාලා බීලා ඉවර වෙද්දි ටිකක් ප්‍රමාද වුනා. ඊට හපන් වුනේ ඉතිරි වෙලා තිබුණ තෝසෙ සහ වඩේ කන්දරාව දැක්කාම. වහා ම ඒ සියල්ල පාර්සල් කරන්න අණ කළ ඇවරිතුමා කිසිවක් ඉවත නොදමා සියලු ආහාර ක්‍රමවත්ව බෙදා හැරලා ඉක්මණින් එතනින් පිටත්වුනේ ඇවරිතුමාගේ පුද්ගලික ජෝතීර්වේදියාණන් හමුවීමට වෙලාවක් වෙන් කරල තිබුණ නිසා. 

ඒකත් පට්ට ත්‍රිල් විසිට් එකක්. ජෝතිකා දුන්නේ උපරිම සැපයක්. අහා කොටු දොළහේ විස්තරේ ඈ කිව්වේ තොරණක් විස්තර කරන්නා වගේ අනේ. අම්මාපල්ල මට හිනාත් ගියා කියාන්කෝ සමහර තැනකදී. ඒ ගැන පස්සේ ලියන්නම්කෝ හොඳේ...

කොහොම නමුත් ඉතා කෙටි දැනුම් දීමක් නිසා ඇවරිතුමා හා එක්ව දානයට අවශ්‍ය කළමනා කටයුතු කළ මයිනා මහතාව හා සුලාවෝ මැතිනියට පුන්‍යානුමෝදනාත්මක ස්තූතිය පළ කළ වගට ලියා තියන්න ඕනෑ..!!