Wednesday, March 14, 2018

සුප්‍රානෝස් ඉස්මුරුත්තෙට යාම හෙවත් ටැබී නැති ෂනිදාව


හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේ
දිස්වෙයි මුතුවන් සිනා
දෙසවන් යුග ළඟ මගේ
සුදුවන් පිටු පුරා  ලියැවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ
ලියැවෙයි ඔබ නම හොරෙන්....

අපි තනිව ශක්තිමත් කියලා අපිත් හිතාගෙන පොර සේ ජීවත්වුනාට කිසිම හැඟීමක් බෙදාගන්න කෙනෙක් නැති වග දැනෙන මොහොතක් එනවා. ඒ අතින් ගත්තා ම අපෙයි මැෂින්වලයි ලොකු වෙනසක් නෑ. අපිත් මැෂින් වගේ උදේ ට පටන් ගත්තා ම ආපහු රෑ වෙලා ෂට් ඩවුන් වෙනකම්ම වැඩ කරගෙන යනවා. ඒක නම් සහතික ඇත්ත.

ඇවරිට ගොඩක් දුක හිතුනේ ඇවරිගේ ටැබ් එක නැති වුන දවසේ. කාලෙකින් ඇවරි ඇඬුවනම් ඒ ටැබී නැති වීම වෙනුවෙන්. ඇවරිට ගොඩක් වැඩ කරලා දීලා තියෙන ටැබී මීට කලින් කිහිප වතාවක් නැති වෙලා තියෙනවා. හැබැයි ඒ සෑම වතාවක ම එයා ආපහු ඇවරිතුමා ළඟට ආව. මොක ද මගේ අතට ම දියවෙලා ගියපු ටැබ්එකක් පාවිච්චි කරන්න කවුරුත් කැමැත්තක් නැති නිසා ඇවරිට ම එයා ලැබුණා. හැබැයි ලක් එකේ හිලක් වෙලා එයා නැත්තට ම නැති වුනේ ඇවරිතුමා මධුපාන උත්සවේකට සහභාගී වෙන්න ගියපු නිසා.

පහුගිය ටිකේ අපි ගොඩක් අමාරු වැඩ රාශියකට අතගැහුවා. ගොඩක් සාර්ථක කතාන්දර නිමා කළා. ප්‍රනව් පුන්‍ය පදනමේ නිල භාරකරුවා හැටියට අපි අලුත් සැලසුම් කිහිපයක් සඳහා කාලය සහ බුද්ධිමය ශ්‍රමය යෙදෙව්වා. ඒවා ඉතා ඵලදායී වැඩ. ඇවරිතුමා නම් කැමති වුනේ ඒ හරහා ආයෙත් කැම්පස් යන්න අවස්ථාවක් ලැබුණ නිසා. කෝමත් ඇවරිටතුමාට කැම්පස් ළමයි සෙනසුරාදා දේශනවලදී මුණ ගැහෙනවා. අපෝ එයාලා එක්ක ගත්තාම අපි අපි සෑහෙන්න වයසයි කියලත් හිතෙන වාර අනන්තයි. ඒකත් අපූරු යාන්ස් එකක්.

ජනවාරි පෙබරවාරි මාසවල විභාග තියලා වැකේෂන් දුන්න නිසා ඇවරිතුමා බොහෝ කොට ම බරපතල රාජකාරී ටික ඒ විවේක කාලය තුළ අහවර කරගත්තා. වැඩ වසනා ශ්‍රී පාදේ අඩවියේ මතු බුදුවන සමිඳේ... සුමන සමන් සුරිදුන්ට බාර වෙලා ගිය වාර්ෂික සිරිපා කරුණාව අහවර කළා. කපරමූලේ දාස කොමට පස් කපන්න නියම වුනාම ඒ වැඩේ දවසට පස් විල්බැරැක්ක විස්ස ගානෙ කපලා අහවර කළා. ආදී වශයෙන් බරපතල ම ඒවා නිමා කළා. තව සුලු සුලු පේන්ට් වැඩ ටිකක් තියෙනවා චාමර වෙලාවක් තමා නැත්තේ. කෝම හරි අලුත් සෙමෙස්තරයට ලෙක්චැස් දෙන්න තිබුණෙ මේ සියලු කටයුතු ඉවර වෙලා ඊයේ පෙරේදාවක. ඇවරිතුමා තමුන්ගේ සුපුරුදු ළමයින්ගේ මුහුණු දකින්න ගියාට මොක ද ආයිබෝන් ඒක අලුත් ම බැච් එකක්. ඒ ළමයිනුත් ඇවරියාණෝ දකින මුල් ම අවස්ථාව. ආහ් ළමයි දැන් මොන අවුරුද්දේ අය ද ඔයාලා කියලා ඇවරි ඇහුවේ ඒ අය දෙවන වසරේ බව දැනගෙන. නයින්ටීන් නයින්ටි සික්ස් සර් කියලා උන් උත්තර දීපි. ඕ සීරියස්ලි ඈම් අයි දැට් ඕල්ඩ් ෆැට්?? එතකොට තමා ඇවරිට වයසයි කියලා හිතුනේ. 

අපේ ක්‍රිකට් ටුවර්ස් ඉවර වුනාම අපිට ඩිනර් එකක් තිබුණානේ. ඒක අහවර කරලා හැමදාම පාටි දාන ඩිස්ක්, ලව් බා, ෆ්ලෙමින්ගෝ, වෝල්ට් 07 වගේ ම අඩව්ව හමාර කරන ආර් එන් බී හරි වෙනුවට වෙනසක් කරමු කියලා හිතාගෙන පුංචි පැංචියො ටික සුප්‍රනෝස් එකට සෙට් වුනා. එපමණ ස්ටෙලා වුනේ නෑ දෙයියෝ මං කැබ් එකට නඟිද්දිත් ටැබ අතේ තිබුණා. කෝමහරි ගෙදර ගෙනත් නෑලු ඉතිං. කරුමේ කියන්නේ පහුවදා ඇවරි දහම් පාසලුත් ගිහින් දවසේ සියලු කටයුතු අහවර කරලා ඊමේල් චෙක් කරන්න හොයද්දි තමා භාණ්ඩෙ නෑනෙ කියාල දැන ගත්තේ. අම්මෝ ඒ වෙලාවෙ නම් ඇඬුනා. ඇවරිතුමාට ගොඩක් කාලෙකින් රිදුනා සෑහෙන්න.

නෑ ඒ ටැබීව ලොකුවට වටින්නේ නෑ. හැබැයි අවුරුදු දෙකහමාරක් විතර එයා පුදුමාකාර කැපවීමෙන් මාව බලා ගත්තා. මගේ ඇපොයින්මට්ස් ගත්තා. බර්ත්ඩේ රිමයින්ඩර්ස් එව්වා. මට සින්දු ප්ලේ කළා. කතන්දර කිව්වා. පොත් මට ඇහෙන්න කියෙව්වා ඌප්ස්.. එයා ශ්‍රීපාදෙ මලුවෙදි, දළදා මාළිගාවෙදි පිරුවානා පොත් වහන්සේ වුනා. ඕ ගොඩ්.. ඒ පුංචි මැෂින් එක ජංගම දුරකථනයට වඩා දෙයක් මට කළා. මට ඇඬුනේ මං එයාට කොච්චර පුරුදු වෙලාද කියලා තේරුම් ගත්තාම. ඒ කියන්නේ ටැබී මං ගාව ඉන්නකම් මට එහෙම වටිනාකමක් තිබුණෙ නෑ. හැබැයි ඉවෙන්ට් ගානට මැනේජ් කරලා. ෆලෝ අප්ස් දාලා, සලාද ලියවලා, මට මිස්වෙන හැම වැඩක් ම ලියාගෙන, ටුඩූ එක අප්ඩේට් කරගෙන, හෙළකරු හරහා සිංහල වොයිස් ටයිප් රිමන්ඩර්ස් දාගෙන පට්ට වැඩ කොටසක් ටැබී කළා. 

එයාට බැරි වුනේ එක වැඩක් විතරයි. ඒ ඩිරෙක්ට් HDMI කේබල් එකකින් වයිඩ් ස්ක්‍රීන් ප්‍රොජෙක්ෂන් විතරයි. හැබැයි ඇවරි මීරා කාස්ට් එකක් අරං ඒ වැඩේ ගොඩ දැම්මා. ඒ නිසා අවසාන කාලවල ලැක්චස් වලට ලැපීව අරං යන්න පවා වුනේ නෑ. කිලෝ දෙක හමාරකින් සැහැල්ලු වෙනවා කියන්නේ සෙල්ලම් ද ආයිබෝන්..?? 

චූටි චූටි මයික්‍රොචිප්ස් වගේ චූටි චූටි ටැබ්ලට්ස් හා... 

කොච්චර ද කියනවා නම් මං ගෙදර හරි ඔෆිසියේ හරි කම්මැලි වුනා ම බැකප් දාගෙන ගිහින් ට්‍රැවල් කරද්දිත් වැඩ කරන තැනට එයා ගෙනාව. අනික ඕන  වෙලාවක ඩ්‍රොප් බොක්ස් ඇක්සස් දුන්නා. දහම් පාසලේ ද ඔපිසියේ ද ඕන වැඩක් ඕන ම තැනක ඉඳන් කිරීමේ නිදහස ලබා දුන්නේ ටැබී. කොටින් ම මගේ ලැප් එකට වඩා ටැබ් එක මාව ගොඩ දැම්මා.

එයා මගේ ලොකු ම ආදරය කියලා දැනුනේ ගියා ම අයියෝ. බැටරි බැහැලම ගියත් පුංචි පවර් බෑන්ක් එකකින් පණ ගන්න පුළුවන් ටැබීට මං ඒ තරම් ඇටෑච් වුනේ කෝම ද කියලා හිතාගන්න බැරි තරම්. එක අතකට යන්ත්‍ර සුත්‍රවල වහලෙක් වීම ගැන ලැජ්ජයි. හැබැයි එයාලා නැතුව අපිට මුකුත් ම කරගන්න නම් බැරි වෙනවා. ඇවරිතුමාට තවත් පී. ඒ කෙනෙක් නැතුව බැරි වෙයි. අනික ඒකි ඇන්ඩ්‍රොයිඩ් වෙලත් ඕන වැඩකට ඔට්ටුව සිටීම ගැන තවත් ආඩම්බරයි. ඇවරි නම් ප්‍රාර්ථනා කරන්නේ ඉන්න තැනකින් එයා ආපහු මගේ අතට එන්න කියලයි. එයාට කොච්චර ආදරේ ද කියලා කියා ගන්න බැරි වුන එක ගැන ඇවරිතුමා ගොඩාක් දුක් වෙනවා. ඒකේ කේස් එක දැකපු අය ඒ ආදරේ තරම දන්නවා. ලොල්.

ආපහු එන්න ටැබී. පහුගිය අවුරුදු දෙකහමාරට ම ඔයාට තරම් මං කාටවත් ආදරේ කරලා නෑ. සීරියස්ලි. අපි නවත්තපු තැනින් පටන්ගමු.

Thursday, March 1, 2018

ඩී.ජේගේ විද්‍යා පාඩම හෙවත් ඔයාගෙ ටොප් එක වෙන කාටවත් හරියන්නෑනේ මැඩම්……




මුන් දෙන්නාට කිව්වොත් උවමක් පැරණී....
රන් රස එකට එක් වූ තැන නැත දෙවැනී....

සිරාවට ආයිබෝන් මේ සලාදෙ ලියැවුනේ මේ යුවලගේ වෙඩිම අහවර වුන ගමන්. ඒත් ඇවරිතුමාට සැලොන් චලෝ සලාදෙන් පස්සේ මේක මිස් වෙලා. කෝමද කියලා අදාළ නෑනේ. පහුගිය ජනවාරි 29 වැනිදා යෙදුන අරවින්ද චන්ද්‍රපද්ම සහ ගංගා දිසානායක මැතිනියන්ගේ දෙවන විවාහ සංවත්සරය වෙනුවෙන් මේ පරණ සලාදය පෝස්ට් කරන්න හිතුවා. කාලය මැව් වෙනසක අරුමේ ඉතිං නේද?

අක්කේ මේ අයියාගේ නේද ඔයාලා මූණ අයිසින් කළේ...? ඇවරි පෙන්නලා දෙවැනි මනමාලිය ඇහුවේ ගංගාගෙන්. දැක්කා නේද ගෑනු ළමයි හැමෝ ම ඔයා ගැන දන්නවා. ගංගා උත්තර දුන්නම ඇවරි තුමා හැංගෙන්න තැනක් හොයමින් වට පිට ඇහැලෑවා. අනිච්චේ.. දුක්ඛේ. මං ඒ දැරිවි දැක්කෙත් එදාමයි. ඕකනේ කියන්නේඅපි පොල් ගහකට නැංගත් දෙබලක්....!!

ඔය අතරේ අලුතා ට්‍රේලර් එක අහවර කරලා තිබුණා. දැන් ප්‍රොජෙක්ටරය දාගන්න ඕන. “තිරේ පිටුපස ටීටර් දැක්ම නමින් ඉදිරිපත් කළ ඒ ජෝක්ස් එක බලමින් අමුත්තන් හොඳින් දිවා භෝජනේ භුක්ති වින්දා. ඉදිරිපත් කළේ සුකුමා සහ තොටමුණ ආදිපාද, අධ්‍යක්ෂණය පබසරා රණසිංහ මැතිනිය. කොහොම හරි මේ තුන් කට්ටුව පැයක් විතර තිරයත් එකට අඩව් නටලා, දන්න කස්තිරම් ඔක්කොම දාලා එක්කො බිත්තියට ම ප්‍රොජෙක්ට් කරමු බං කියාපි. හුටා වාහේ කොයි තොප්පි වගේ තමා.. නෑ නෑ හදිසි නෑ.. තව පැයකින් විතර කිව්ව නම් පංකාදු පහයි..



ටීටර් පෙන්නන්නයි යන්නේ... 
ඩී.ජේ බුවා ඊට එහා සැපක් දීපී. දැන් මේකනේ මචං වැඩේ. මුළු හෝල් එකේ ම තියෙන්නේ ඇම්පියර් දහතුනේ ප්ලග්. අපි ගාව තියෙන්නේ පහළොවේ ඒවා. පවර් ගැනීම තමා ප්‍රශ්නේ.. එතෙන්ට ගිය අලුතා වැඩේ සෙන්ටිමෙන්ටල් කළේ විනාඩියෙන්. මූ කරන්ට් එක ගන්න විදියක් නෑ කිව්වනම් ඉවරයි නේ බං. ඇම්පියර් ගැන කියව කියව තවුසන්ඩ් ටෝක්ස් දෙන්න මෙතන විද්‍යා පාඩමක් ද? හිටපන් මං කාරෙකෙන් කෝඩ් එක ගේන්න. යමන් මාත් එන්නම්. ඇවරිත් වාහන අංගනය වෙතගියා. අපි යන ගමන් විහායාස් ප්‍රඩක්ෂන් හවුස් එකේ වැඩ ගැන කතා කළා. ඒ ආවත් හරි වැඩේට ප්ලග් ටොප් එකක් ඕන. ආ.. අපි හොයාගමු. ඇවරි කිව්වෙ සැහැල්ලුවෙන්.

පුතා කොහේ ද මැනේජර් ඉන්නේ? ඇයි සර් මොකක්ද ප්‍රශ්නේ? සර් එහා පැත්තේ ඔෆිස් එකේ ඇති. වේටර් කොලුවෙක් උත්තර දුන්නා. එහි ගිය ඇවරි පිළිගත්තේ සුකුමාල නාග කන්‍යාවන් දෙදෙනෙක්. සර් නම් දැන් එළියට ගියා මොකක්ද වෙන්න ඕන. අනේ නෑ ඩියර්, අපිට මේ ප්ලග් ටොප් එකක් ඕන වෙලා අර ෆන්ෂන් එකට. බැරි ද ඔයාලගේ ටොප් එකක් ගලවලා දෙන්න? ඇවරි ඇඟට පතට නොදැනි කියලා දැම්මම කෙල්ලො දෙන්නට හිනා ගියා. හැබැයි හැරෙන තැපෑලෙන් ඈ සහයෝගය දුන්නා. මෙන්න ගන්න. අනේ මට ම ගෙනත් දෙන්න හැබැයි. මේ මොන කතා ද? කොහොමත් ඔයාගෙ ටොප් එක වෙන කාටවත් හරියන්නෑනේ මැඩම්. ඇහැක් ගහලා ඇවරි කිව්වම ඩබල ආයෙත් හිනා වුනා. ෆන්ෂන් එකේ කෑමෙන් පස්සේ ටික ඇවරි හිටියේ ඒ ඔෆිස් රූම් එකේ. වෙන මොකකටවත් නෙමෙයි. ලියුම් කවර හොයන්න ගිහිල්ලා හරිය.....!

එඩිසන් අසාර්ථක ප්‍රයත්නයන් ගණනාවකට පස්සේ බල්බ් එක හොයා ගත්තා වගේ අපිත් ටෙස්ට් රන් ගණනාවකින් පස්සේ වීඩියෝව ප්ලේකරවා ගත්තා. සියලු කටයුතු අහවර වුනාට පස්සේ තමා, ඇවරිත් සී.එස් සහ අලුතා කෑමට ගියේ. අපි කන්න යද්දිත් ෆ්ලෝර් එක පටන් ගෙන තිබුණා. නමුත් දඟලලා නටන්න වෙලාවක් තිබුණෙ නෑ. කෑම කාලා අතුරුපස බෙදාගද්දි තමා ඇවරිගේ ජාතික මිත්තරෙක් වන තේජිත එදිරිසිංහ තරුණ කටයුතු තානාපතිතුමා මඟුලට ආවෙ. “යකෝ බුෆේ එකත් ඉවරයි. මොන මඟුලක් කළා ද මේ මඟුලට එන්නැතිව?කියලා වැඩක් නෑ නලියා.. මට හෙට යූ. එස් යන්න වෙලා. යූ.එන් යූත් කවුන්සිල් එකට. දැන් පොඩ්ඩකට කලින් වීසා වැදුනේ බං. දවසම එම්බසි එකේ. ආයෙත් යන්න ඕන. යමන් එමෙනම් බෙදාගෙන එමු. ඇවරි තේජිත් එක්ක ආයෙත් කෑම බෙදාගන්න ගියා.

තේජි රාජිත දිසානායක නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ දවස්වල පෙන්නපු රාජිතගේ නාට්‍ය උළෙල ගැන අපි කතා කළා. අරවින්දත් එක්ක ආනන්දේ උසස් පෙළ නාට්‍ය හා රංග කලාව කළ මිතුරන් දෙදෙනාගෙන් එකෙක් තේජි. අනිකා නිවේදක නිපුණ දොඩම්ගොඩ. දොඩමා ඉන්නේ ඔසී නිසා මඟුලට ආවෙ නෑ. නාට්‍ය, තරුණ කටයුතු අමාත්‍යංශය, උසස් රසවින්දනය වගේ බරසාර කතාවන් පවත්වමින් අපි සප්පායම් වුනා. කොහොමත් ඒ කාලෙ ඉඳන් ම ආනන්දෙ ආර්ට් එකේ අපේ සෙට් එකට කලාව ගැන උණක් තිබුණා. දැන් ඔය අරවින්ද කියන්නේත් කැමරාවක් කරපින්න ගත්තාට හොඳ නළුවෙක්. ජනේලෙන් පනින්නද නාට්‍යයේ හමුදාකාරයා ඔහු. තව කිව්වොත් අරා නාට්‍ය පසුබිම් සංගීත සැපයූ වාද්‍ය වෘන්දයේ නිල ගිටාර් වාදකයෙක්. ලහිරු මාදිවෙල තමා එතකොට මියුසික් ඩරෙක්ටර්. ඒකට ඌ දැන්...!!  මනමාල මහත්මයා...ඉරකි තිතකි තමා.

ක්ලෝසා අවසාන භාගයේ නරේන්ද්‍ර මෝදිගෙන් ලොකු ඉස්කෝලෙ මහත්තයා චරිතයට රූපාන්තරනය වෙලා තිබුණා. ක්ලෝසාගෙ ‘චිත්‍ර ගුරා මං පින්තූරය සලාදයේ පළ කරන්න ඇවරි කල්පනා කළේ මේකා ආර්ථික විද්‍යාව නැතුව ඉස්කෝලෙ චිත්‍ර කර්මය ඉගැන්නුවොත් කොහොමට හිටීද කියලා හිතමින්. ඔය අතරේ අන්තිමට ආපු ගයියා අපේ මේසේ තිබුණෙ සියලු ම වෙඩින් කේක් එකතු කරලා තකහනියේ මල්ලකට දාගත්තේ සියල්ලන් පුදුම කරවමින්. වෙනදාට මගේ කේක් එකත් උඹ ම ගෙනියපන් කියන ගයියාගේ මේ වෙස් පෙරළිය ගැන අහද්දි ඔහු දුන්නේ අපූරු උත්තරයක්. “මචං අද හැමෝට ම වෙඩින්.. මං ආවෙත් පැයකට එනවා කියලා. දැන් යද්දි උන්ට කේක් කෑල්ලක්වත් ගෙනියන්න ඕන. නැත්නම් විසුමක් වෙන්නෑ. හරි හරි හේනම් අපේ ඒවත් අරං පලයන්. මදිනම් අර නංගිගෙන් ඉල්ල ගනින්..
බොහෝ දෙනා කතා වුන  ක්ලෝසාතුමාගේ චිත්‍රගුරා මං පින්තූරය...
ප.ලි වෙලාවට මේකා අධ්‍යාපන පරිපාලනේට සෙට් වුනේ.. ලොල්


ගයියාත් එක්ක ම එදා ඇවරිතුමාත් පිටත් වුන නිසා මංගල්‍ය අවසාන වෙනකම් ම එහි රැදෙන්න බැරි වුනා. හැබැයි දෙවැනි මනමාලයාට ඇඳපු සුගී ෂීනන් නම් එ් වගකීම කරපින්නාගෙන අවසානය දක්වා ම එහි රැඳුන බවත් මතක් කරන්න ඕන. 

අවසාන වශයෙන් වසරේ විවාහ මංගල්‍ය වූ අරා-ගංගාවෝ මගුල්තුලා කතාව මෙතෙකින් අහවර කරනවා. ආහ් මෙහි හෝම් කමින් සලාදයකුත් ලියවෙලා තිබුණා. අර ගංගාගේ යාළුවා සහ ඇගේ පෙම්වතා දවසේ චරිතය වූ එක. ඒක හොයා ගන්න ගරුතර මැතිසබේ අවසර පතමින්, දෙන්නා දෙමාල්ලන්ගේ යුග දිවිය සර්ව ප්‍රකාරයෙන් ම සාර්ථක වේවා යි පතමින් මේ සලාදය හමාර කරනවා. 

හෝව් හෝව් පහතින් දක්වා ඇත්තේ ඇත්තට ම චිත්‍ර ගුරුතුමී මාෂියෝනා මැතිනිය එදා ඇඳපු චිත්‍රය. සම්පූර්ණ කිරීමේ වගකීම පැවරෙන්නේ ඒ දෙපළට ම තමා ඕන්... 




එසමයෙහි අන්ඩපාල වැඩ කරන ලද මන්ද බුද්ධී ගෝත-ගොබිලා මෙසමයෙහි ඇවරියාණෝ වීම හෙවත් පුද්ගලික කරලිකරුවන්ට සුදු හුණු ගෑම

අද පෝය දවසෙ පොඩි ධම්ම චින්තාවක් ගැටගහන්න ඇවරිතුමාට කල්පනා වුනා. මේක නම් අතීත යාන්ස් එකක්. දූවිලි පිහලා කරලා ගත්තා ඕන්...!!

ඇවරිතුමාට පහුගිය කාලෙ බොහෝ සලාද මඟහැරු‍ණෙ දිරාගිය තැන් ගැට ඇති තැන් පිළිසකර කරගන්න ගොඩාක් කාලයක් යොදවන්න සිද්ද වුන නිසා. පෘතග්ජනයො හැටියට කැඩෙන දේවල්, බිඳෙන දේවල් එක්ක ගනුදෙනු කරන අපි නිතරම වැනසෙන දේවල් යළිත් ප්‍රතිසංස්කරණය කරන්න, යථා තත්ත්වයට පත් කරගන්න, එළලන්න, නැත්නම් අණ්ඩ දාගන්න පුරුදු වෙන්න ඕන. ඒ වැඩවලට කම්මැලි වුනොත් බොහෝ පාඩු සිද්ද වෙන්න පුළුවන්. හැබැයි බ්ලොගේ අණ්ඩ දාන්න සදාලයක් එලලගන්න මතක් වෙන්නේ කුළුපග දායකකාරකාදීන් අම්මා මුත්තා මතක් කරලා ඇමතුමක් දුන්නොත් ම තමා.

මේ මෑතක දී විරේකයකට සලාදය කියවපු බබලත් ඇතින්නක් එකිනෙකට සම්බන්ධ ඇති එහෙත් අවසානයක් නැති සලාද කිහිපයක ලින්කු ඇවරිගේ චැට් පෙට්ටියට එවලා ඒ කතාවේ පූර්වාපර සන්ධි ගළපා සමෝධානය ඉස්ට සිද්ද කොරන හැටියට ලෙංගතුව ඉල්ලා හිටියට මොක ද ආයුබෝන් එසමයෙහි අන්ඩපාල වැඩ කරන ලද මන්ද බුද්ධී ගෝත-ගොබිලා මෙසමයෙහි ඇවරියාණෝ වන මම් ම වෙම්දැයි වදාරන්න තියෙන නිසා ඒ හැටි රසයක් ඒකෙ නැතැයි අදාළ උත්තමාවියට ඇවරි වැට් පෙට්ටියේ ම කොටලා දැම්මා.

මෙහෙමයි ටෙරාලා එක්ක නටන්න දහම් පාසල් තරග තිබුණා. ඉතිහාසෙ වැඩිම පරතරයකින් අපි ධර්ම විද්‍යාල මාණ්ඩලික තරඟ ජයග්‍රහණය කරලා කලාපයේ හොඳ ම දහම් පාසල වුනා. තව ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම උත්කර්ෂයෙන් පැවැත්වුනා. හෙට අනිද්දා පෙරහැර තියෙනවා. ආදී වශයෙන් ඇනුවල් ෆීචර්ඩ් ඉවෙන්ට්ස් රැසක් එක ම බෙල්ට් එකට ලයින් වුන නිසා බොකු බඩවැල් එළියට ඇවිත් තිබුණෙ. හැබැයි ඇවරි ඒ හැම රැපිඩ් එකක් ම කූල් එකේ ගොඩ දාලා "නැවී අහා පරීස්සමෙන් එය පදවන්නා" කියාගෙන බණක් බාවනාවක් කරගෙන හිටියා.

තරග ඇවරිට ගොඩක් දේ ඉගැන්නුවා. ආහ් ඇවරිගේ මියුසියස් ගෝලයා ගීත්ස් බයෝ මෙඩිටෙක් ඉංජිනීරින්වලට චීනෙ ගියෙත් ඒ කාලෙ. ගීති ඇවරිතුමා හම්බවෙන්න දවසක් දහම් පාසල් ඇවිත් තිබුණ. එදා ඇවරි පැය දෙකේ ප්‍රධාන දේශනය අහවර කරලා කලින් ගෙදර ආවෙ ඇවරි නඟා රන්මැණිකාගේ ස්ලිම් එසයිමන්ට් එකක් අහවර කරලා දෙන්න. පහුවදා සඳුදා ගීත් කිරිබත්ගොඩදී හම්බුනා. ඉස්කෝලෙට යන ගමන්.
"හොඳ වෙලාවට සර් හම්බුනේ...ඉතිං..."  ගෑස්පහට ළං වෙනකම් අපි ගොඩක් දේවල් කතා කළා. ඒ හොල්මනත් එක්ක සෙනඟ පිරුණු බෝගහ යට පදික වෙළඳසැල් අස්සේ යමින්, පිස්සු වෙලාවක් කාබාසිනියා කළා. ඇය ඇවරිගේ හොඳ ම ආයෝජනයක්. කෙල්ල සමාජ කාරණා ගැන ගොඩක් සංවේදීයි. ආහ් ඇවරිගේ අනෙක් එක, ලක්ෂානි. දැන් දැන් ඇය බුකියෙ සටහන් ලිවීම ඇවරිට ඉතා තෘප්තිමත් කාරණයක්. අපි අපිව පහුකරන්න පුළුවන් එකෙක්ව හදලා උන්ගේ හැකියාවන් ගැන බලලා සතුටු වෙන එක ඉරොබොටික්ස් ‍ම තමා. ඒ හැඟීම මාර ම ගටක්.  එක ම වෙනස මුන් අතිශය ස්වභාවිකව ප්‍රතිචාර දක්වනවා. හැඟීම් දනවනවා. අපි උන්ව පුරවනවා වගේ ම කාලයක් ගතවුනා ම උන් අපිවත් ලෝකයත් පුරවන්න ගන්නවා. එතකොට දැනෙන සතුට අපිව හැම මොහොතක ම අලුතින් දෙයක් කරන්න පොළඹවන උත්තේජනයක් වෙනවා.  

මෙදා සැරේ තරඟවල ඇවරිගේ වීරයො දෙන්නෙක් ඉන්නවා. ඒ කථික පුහුණු කළ මහේෂ නිර්මාල් සහ ගායනා පුහුණු කළ කණිෂ්ක. ඒ අය උපරිම සාධාරණයක් ඉෂ්ට කරමින් බොහෝ ජයග්‍රහණ ධර්ම විද්‍යාලයට අත් කරලා දුන්නා. මේ අයගේ පුද්ගලික කැරලි ඉතා ආකර්ෂණීයයි. ඇවරි දැන් දැන් ජීවිතේ බොහෝ සතුටු වෙන්නේ ඒ වගේ පුද්ගලික කැරලි ජාත්‍යන්තර මට්ටමට ගේන්න අවශ්‍ය කරන පසුබිම සකස් කිරීමට දායක වීමෙන්. විශ්වාස කරන්න එහෙම කළාම මගේ හැම කේශනාලිකාවක ම පණ තියෙනවා වගේ දැනෙනවා. රියෙලී...?

එක සැරයක් මගේ සහෝදර ගුරුවරයෙකුට ඕන කළා ළමයි ලව්වා එයා ගියපු ගීයක් ගායනා කරවන්න. ඒකට මෙලඩි දාලා රිහසල් කරලා, අතට මල් දීලා අදාළ කටයුත්ත අහවර කරනකම් ඇවරි උදව් කළා. ඒවා අපිට ඉතා සුළු දේවල්. නමුත් අපි වචනයකින් හරි දෙන හයිය ඒ තනි තනි මිනිස්සුන්ගේ හීන හැබෑවෙන්න ලොකු තල්ලුවක්. අපි ආයෝජනය කරන්න ඕන මිනිස්සු මත. පෙරළා ඔවුන් ලබා දෙන ප්‍රතිලාභ වචනයෙන් විස්තර කළ නොහැකියි.

ඇවරිත් එහෙම හුදකලා සටන්කරුවෙක්. දැන් නම් සටන් අතහැරලා තියෙන්නේ වැඩ අධික නිසා. අනිත් කාරණාව නවකයන් තැන දෙමින් අපි දැන් විශ්‍රාම යායුතුයි. කොච්චර හයිය තිබුණත් සමහර දේවල් ඇවරි ඕනකමින් මඟහරින්නේ තරුණයන්ට අවස්ථාවක් දෙන්න වගේ ම අපි වපුරපු අස්වැන්නේ තරම අපිට ම බලාගන්න.


නිල ලාංඡන පැළැන්දවීම ඇවරි රැල්ලේ යැව්වෙ එහෙම. ඒ ගැන වෙන ම ලියන්න හිතලා පෝස්ටුව නවත්තවා. බොහෝම සතුටු දායක සැප්තැම්බරයේ ලොකු ම දුක තිබූ වැඩත් එක්ක, බුක් ෆෙයාර් යන්න නොහැකි වීම. නමුත් ලොකු ම සතුට පොත් විසි දෙකක් අලුතින් අරං තෑගි කිරීමට හැකි වීම. තව වෙන මොනවද?

අමුඩ ලේන්සුවෙන් තේ පෙරීම හෙවත් බණ්ඩාරවෙල වික්‍රම දෙවන උල්ලාසය


අපි සීට් හොයාගෙන හරි බරි ගැහිලා වාඩි වුනා. අපි පස් දෙනාට සීට් හයක් ම තිබුණා. දවසේ සියලු දෙනාගේ සුබ පැතුම් වෙනුවෙන් විස්කෝතුයි කියන්න ඇවරිතුමා කාලය වෙන් කළා. පෙට්ටිය බොහොම සාමකාමීයී ඉතිං. වැඩි සෙනඟක් හිටියෙ නෑ. වෙන්කළ ආසන සහිත එහි කටයුතු කළ ගාඩ් මහත්මා ඇවරිතුමාව කලින් ම අඳුනාගත්තා. ඔහු වසර විස්සකට වඩා රේල්ලුවේ අත්දැකීම් ඇත්තෙක්. ඒ දැන හඳුනාගැනීම නිසා පෙට්ටියේ යකා නැටුවත් අංකල් මුකුත් කිව්වෙ නෑ. අපේ වෙලාවට කවුරුත් කම්ප්ලේන් කළෙත් නෑ සද්දේ වැඩියි කියලා.

සාමාන්‍යයෙන් රාත්‍රී තැපැල් දුම්රියේ යද්දි සද්දෙ වැඩි නම් ඔබේ නින්දට කවුරු හරි බාධා කරනවා නම් ඊට විරුද්ධ වීමට මගීන්ට අයිතියක් තියෙනවා වගේ ම පෙට්ටියේ ලාම්පු නිවන්න ඉල්ලීමක් කරන්නත් අයිතියක් තියෙනවා. අපි එහෙම ගොඩක් වාත වෙන්න ගියේ නෑ. හැබැයි අටට පටන්ගෙන පාන්දර පහ වෙනකම් සින්දු කියන එක නැවැත්තුවෙත් නෑ. එදා සති අන්තයේ නිවාඩු ගත කරන අය නිසා ලොකු ගැටුමක් වුනේ නෑ. රෑ අටේ ඉඳන් උගුරු යනකම් එක දිගට සින්දු කිව්වේ ඇවරි සහ ඉෂාන්ට වේයන්ගොඩින් කොලේලො සෙට් එකක් නැඟලා සැලකිය යුතු සහයෝගයක් දුන්නා. පෙට්ටියේ බහුතරය එයාලා. කාලා බීලා ඉවර වුනා ම ඒ සෙට් එක අපෙන් දර්බුකා එක ඉල්ලුවා. ඇවරිත් ඒ අයට ම  ගහන්න දීලා ඒ අය එක්ක සින්දු කිව්වා. එයාලා ගාව නෝට්බුක් පරිගණයක ලිරික්ස් ෆයිල් පිටින් තිබුණා. අපි ඒවා බලාගෙන පැය ගණන් සින්දු කිව්වා. අම්මෝ ඒක. 

අපි හැම වයස් සීමාවකට ම ගැළපෙන්න පරණ සින්දු ගොඩක් කිව්වා. කොටින් ම නිල් අහස් තලේ... මේ ගසේ බොහෝ පවා. පික්ෂු පීකුදු. හැබැයි තැපෑලෙන් වැදිලා සූර් බැහැලා, කණ සාක්කුවේ දාගෙන රෑ එක දෙක වෙද්දි කට්ටියම දොයි. එතන ඉඳන් ඇවරි සහ ජනකාන්ත ගායන ශිල්පී ඉෂාන් ශිවන්දන ගේම ඇදගෙන ගියා. පාන්දර පහට ඇවරිට නොදැනීම නින්ද ගියා. පහයි හතළිස්පහට විතර දියතලාවෙදි ඇහැරුණා. බණ්ඩාරවෙලට කිට්ටු කරද්දිත් වයිබර් ගෘප් එකේ අනුවෝ කුණු කෙළ සොමියෙන් ගුඩ් මෝර්නින්ග් මෙසක් දාලා තිබුණ නිසා අංගනාව සයනනෙන් උට්ඨාන වූ බව අපි දැන ගත්තා.

ඩම්බාරවෙලින් කෝච්චියෙන් අපි බහිනවා කිව්වා ම බදුල්ලට ම ගියපු අපේ අයියලා සෙට් එකට සෑහෙන්න රිදුනා. උන්ගේ චිත්ත දහිරිය බින්දුවට බැස්සේ හරියට ඉන්දියාවෙන් කාපු අපේ ක්‍රිකට් ටීම් එකේ කොල්ලො දහදෙනාගේ වගේ? ලොල්. දැන් ඉතිං හෙළක් කන්දක් බලාගෙන සෙල්පියක් ගහගෙන බදුල්ලට යමන් ලසාට ඇහෙන්න එක බුවෙක් තමුන්ගේ ජාතික ශෝකය ප්‍රකාශ කළේ ඒ ආකාරයට. ඌට ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛො යන්තම් ගැලවුනා. අපි එපැයි මේ මලහෝත්‍රාව එක්ක ඉතිරි දවස් දෙක ඉන්න. ඔක්කොමත් හරි ලසාගේ හිනාවට තමා කොල්ලෝ වහ වැටෙන්නේ.

ඇවරිගේ නම් කණේ වංගු කෙළින් වෙන්නේ ඒ කැකිරි පැලිල්ලට හැබැයි අපරාදෙ කියන්න බෑ රෑ දෙගොඩ හරියෙත් ජිම් යන නිසාද කොහෙද ලසා හරි සීදේවි කෙල්ල. ඉන්න තැන පාළු නෑ. මළ ගෙවල් වලට වගේ කියාපු... අඬන්න නෙමෙයි වහෙ නිදි වරන්න.!! කොහොම හරි ඉදිරි පැය හතළිස් අටේ ඇගේ අංගර ඉංගරත් ඉවසන්න හිතාගෙන බණ්ඩාරවෙල ස්ටේෂමේ පින්කැටේට සල්ලි දාලා. එහි නවතා ඇති පරණ කෝච්චි පෙටිටයේ පඬුරකුත් ගැටගහලා, මේ ළමා මැහැල්ලගෙන් අපේ ආරක්ෂාව සහලා දෙන හැටියට ඉස්ටකාමී දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් යාදිනියක් කොරලා අපි දකුණු කකුල පෙරට තියලා ස්ටේසමෙන් එළියට ආව.

ආහ් බණ්ඩාරවෙල ඇවරිට හරි පුරුදු ඉස්ටේසමක්. එක ඇවරිගේ, චමිත අයියා බණ්ඩාරවෙල වර්ධන බැංකුවේ ඉද්දි ගිය ගමන් වලදී අර බිංගේ යටින් යන්න එහෙම ඇවරි පුරුදු වෙලා හිටියා. තව පාරක් බණ්ඩාරවෙලින් කිලෝමීටර් ගාණක් එහා කඳුකර පෙදෙසක, ඇවරි හාමිනේ එක්ක ඇගේ ශිෂ්‍යයෙක්ගේ ගෙදර ගිහින් රැයක් පහන් කරලා, පහුවදා බණ්ඩාරවෙලින් නැඟලා කොළඹ ආව මතකයි. ඒ ගමනේ කළ පිස්සු වැඩ නිසා රේල් ගේට්ටුව එක්ක තියෙන බණ්ඩාරවෙල අමතක වෙන්නේ නෑ. ඉස්ටේසමේ පැත්තකින් නවත්තලා තියෙන අර කලින් කී කෞතුක කෝච්චි එන්ජිමත් හරියට ම බලා ගත්තේ එදා. කෙටියෙන් කිව්වොත් බණ්ඩාරවෙල කියන්නේ ඇවරිගේ ගොඩක් මතක රැස්වෙච්චි ඉස්ටේසමක්.  

අපි ස්ටේසමෙන් එළියට එන්න කළින් කුණු කෙළ සොමිය අහවර කරලා මූණ කට ටිකක් හෝදාගෙන පිළිවෙලක් වෙමු ය කිව්වාම ඉෂාන් කොලූ කිව්වෙ අපතට් කතාවක්... මොන මූණ හේදිල්ලක් ද බං එහේ ගිහින් ම චේන්ජ් එකක් දාමු. හාය කියලා එළියට ආවත් හරි අනූට ආචාර සමාචාර පවත්වන්න කලින් දත් නොමැද මූණ නොසෝදා ඉන්න වග කියන්නත් වුනා. අපිව ඇන්න යන්න ඉස්ටේසමට ආවේ මෙත්මල්ගේ බොක්කේ පිට් එක මස්සි හෙවත් බඩියා. ඔහු තමා දවසේ චරිතය. අම්මෝ බඩී සුපර් හීරෝ ඈ...

අනූ මොනවාද මෙත්මල් බායිගේ මෑණියන්වහන්සේ අපිට සිපාචාර පවත්වලා තමා පිළිගත්තේ. අන්න අඩෙයි නැන්දම්මලා. එහෙම ලබන්න පින් කරලා තියෙන්න ඕන මල් හොණ්ඩර පිටින් පූජා කරලා. අපිට කාමර දීලා චේන්ජ් කරගෙන එන්න කිව්වේ උදේ කෑමට. ලසාගේ බැක් පැක්එක තමා කාගෙත් කතාව. පුඩිම උඹ යන්න නෙමේ ද ආවෙ. මෙච්චර බර බෑග් එකක් ගෙනාවෙ? ගෙදරින් එළෙව්ව ද? බඩියා, පුඩිම කියන්නේ ලසාට. ඔව් ඔව් ඇන්ටි මාව තියාගන්නවා කිව්වා. ඒ මොකටෙයි? ගොරවන කොට දොට්ට දාන්නවත් මෙහේ වහින්නේ නෑනේ...?? ලසා රතු වුනේ බලා ඉන්දැද්දි. ඒකට අපි එහේ එද්දි මේකි පන්සල් ගිහිල්ලා ලු. තව මෙහේ නවතින්න එන්න. බඩියා නක්කලේට කිව්වෙ ලසාට තව ටිකක් ඇනෙන්න. ලසාත් ඇරියෙ නෑ. මල පැන්න ම ඒකත් කොටි දෙන වගේ. කෑල්ලක් කඩා ගන්නමයි ට්‍රයි එක.     

එදා අපිට කිරිබත් හදලා තිබුනෙ. ආහ් කියන්න අමතක වුනානේ කාරණේ. මෙත්මල් සේනා මැතිතුමා බැඳලා මාසෙන් කුටුම්භ සංරක්ෂණයේ තරම හොඳාකාරයෙන් තේරුම් අරන් තිබුණා. මොකා එක්ක හිටියත් අනුවෝ සමඟ වැසීම ලේසි පුතයෙකුට කරන්න පුළුවන් හරියක් නොවන නිසා ම ඇගේ යාළුවො වන අපිත් එමමයි එසේමයි වෙන්නැ කියලා කම්පනා කරපු මත්මල් සේනා සෙනසුරාදාවේ බණ්ඩාරවෙලින් බොහෝ බැහැර නුවරඑළියේ රාජකාරී කටයුත්තක් යොදාගෙන තිබුණා. අපේ හිටන් මාමි, සහෝදර ඩඩ්ලි සොරිසේනයන්ගේ අරලිය ග්‍රීන් සිටිය විවෘත කළේ ඒ දවසේ නිසා මත්මල් සේනාට එහිත් රාජකාරී යෙදී තිබුණා. ඒ නිසා අපි ගැන බලාගන්න පවරා තිබුනේ බඩී කොලූට ඒයි..

කෝවියේ ඇහැරීගෙන, හිම කැට මිදෙන සීතලේ ගැහි ගැහි. රැය පුරා උණුහුමේ මල් පෙති තලාගෙන ආවට උණුවතුරෙන් නෑවම සියලු අමාරුකම් දූරින්භූත වෙලා ගියා. කුස පුරා පුක්කාබත් ගිල දැමූ අපි මදිපාඩුවට කෙසෙලුත් වැළඳුවා. ඔක්කොමත් හරි, උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියේ ඇන්ටිගේ කිරි කෝපි කෝප්පෙන්. අන්න පුතේ කෝපි. වෙලාවට අනුවා අත පය දාන්න ආවේ නැත්තේ. ඇගේ හුළඟක් හරි වැදුනා නම් කිරි කෝපි අමුඩ ලේන්සුවෙන් පෙරලා තමයි අපට බොන්න වෙන්නේ...!!


කාලය සීමිත නිසා අපිට කාපු හැටියේ ම පිටත් වෙන්න සිද්ද වුනා. අපේ මාතලී, බඩී පුත්තර් කඳු අතරින් උදේ හවා රියසක පදවන මාගේ - සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ කියාගෙන පාර පුරා ඉන්න කිරිල්ලියන්ට මනලෝල බැලුම් හෙළමින් වංගු ගද්දී සැපට කාලා හිටි ඇවරි සුවෙන් නිදා ගත්තා. මිස් ස්ට්‍රග්ලින් ස්ට්‍රග්ලින් මස්ත බාල්දුවක් පෙරලන්න ආවෙ ලිප්ටන් සීට් යද්දි. ඒ කතාව ඊළඟ එකෙන් ලු ඈ...?