Saturday, September 28, 2013

ඈ හා ගී ගැයු පාරාදීසේ හී.....


මේ පෝස්ටුව ලියැවෙන්නේ ඇවරි අවසාන වශයෙන් ඈ හා ගී ගැයු පාරාදීසය වෙත යාම පිළිබඳ ආවර්ජනයක් හැටියට. දැන් කවුරුත් දන්න කතාන්ද්රස් එකේ හැටියට විස්ස විජ්ජාලෙට යන්නේ ඩිගරි කඩදහිය ගන්න නම් අපි ඒකත් කොළා ඕං හේනං.. හරිය. ඉතිං අරුමැක්කේ කැලණි කන්ද ගාටන්න ආයෙ අපිට ඕන වෙන එකක් නෑ. අද සලාදය කාලෙකට පස්සෙ ඇවරි සෙඩියුලයක් නැතිව ලක ලැහැත්ති වෙලා කැම්පස් යාම ගැන ලියන්න වෙන් කළාට මොකද වල් පල් හේමත් බර සාරෙට.



Photo: ◄ SHARE If you LOVE to spend time here. ►
← Like our page https://www.facebook.com/patuok →
උදේ හත වෙද්දි නැගිටපු ඇවරි මුලින් ම කළේ අචාන්දර් පද්මාස්ගේ කාරයෙන් සොරාගන්නා ලද එම්.පී.ත්‍රී තැටිය ඇසීම. ඒක හරි අපූරු අත්දැකීමක් වුනේ, ඇවරි මෑණියන් තුමෝ ඇවරිව නළවන්න ගායනා කරනා කරන ලද හොඳම ගීත මේ තැටියේ අන්තර්ගත වූ නිසා. උදේ පාන්දරින් සියල් සතුන් නින්දෙන් නැගිටවීම පිළිබඳව නම් සුළු පක්ෂ එච්චර මනාප වුනේ නෑ. හැබැයි ඒ උන්දැලත් ඒ සින්දු වලට නැළවිලා තියෙන නිසා හැමෝ ම සාමූහික ගායනයේ යෙදිලා අන්තිමට වැඩේ ජෝගියක් වුන බව කියන්න ඕන.

මීළඟ අංකය වුනේ මනුරජ කුල පරම්පරා ප්‍රකාරව එදා වෙසමුණි රජ තෙමේ පබවත සිත් ගනු පිණිස දැරුවා වූ උපාය මාර්ගික පරිශ්‍රමයට ඇබැන්දකුදු නොවෙනස්ව ක්‍රියාවේ යොදවමින්, නිසඟයෙන් ම ලත් කෘතහස්ත හැන්ඩි ලීලාවෙන් අර අහිංසක දැරිවිය හබකට අසු කරගත් ඇවරිගේ එක කුස පිළිසිඳි සහෝදර පිට් එකට කපල් සිමයක් ගැනීමේ අවස්ථාව. ඒ සඳහා ඇවරි සිම්මල්ලාව කොටු කරගත්තේ මේන් මේ නම්බරයෙන්.  ඇවරි මෑන්ස්ගේ ප්‍රෙයෝරිටි කස්ටෙක් වෙලා දැන් ටිකක් කල්. මේ ඇවරි මිලදී ගන්න තුන්වන කපල් සිම් පැකේජය. 3000 ටයිම්ස් 3

අයි අයි අයියා... හේම කිව්වහම මගේ හෘද නාලිකා සිදුරු විසිදුරු කරගෙන ඇවිත් තියෙන රොමාන්තික ප්රේමාලිංගනයේ නොහොත් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය, එහෙමමත් නෙමෙයි කොටින් ම, නිකැළැල් ප්රේමයේ සීමා මායිම් මොනවට පැහැදිලි වෙනව නෙව ආයුබෝං. ඉතිං කාරි නෑ.

ඊළඟ රූප රාමුවේ දැක්වුනේ ඇවරි උපාධි ඡායාරූප ලබා ගැනීමේ පෝලිම නිරීක්ෂණය කරන අවස්ථාව. අප්පා බොහොම දිගයි නොවැ පෝලිම. සන්තෝසයි සියලු දෙනා පැමිණීම ගැන. දුකයි පැය ගාණක් තැපීමට සිදුවන වග පෙනී යාම මට...!!!!       
     
බාහිර පාර්ශවකරුවෙක් ඒ අවස්ථාව දිහා බලාන හිටිය නම් ඇවරිලා පෝලිම පැන්නාය කියාවි. ඔව් ඒ සාපේක්ෂ ඇත්ත. නමුත් නිරපේක්ෂ යථාර්ථය වුනේ ක්ලෝසත් මමත් අනුරාධපුර පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයාගේ ශීඝ්‍රගාමී කතා කෝච්චියෙන් බැසගත නොහී එතනැම ලග් ගැහීම. කෝච්චි කතා හමාර වෙනකොට අපේ පීල්ල නිකාන්ම පෝලිමට වැටිලා. දැන් ඉතිං වෙන කුමක් කරන්න ද? කියලා අපිත් ස්ලාන්ට් එකේ ඉදිරි පාදයෙන් ක්‍රීඩා කළා. හැබැයි මේ පෝලිමේ ගියාට මොක ද පින්තූර ගන්න ඕන කරන ලදු පත වත් ඇවරි ගෙනහැල්ලා නැහැ. මං ඉතිං එච්චරට හික්මුණු මිනිහනේ ඕං. යන්තම් එතන හිටි කෙලීට ලයින් පාරක් දාල පින්තූර ටික හොයාල ගත්තා. අන්න ඒ වෙලේට තමා රූපං නජීරතී කියන කතාවෙ ඇත්ත සන්න වෙන්නේ.
පින්තූර ලබාගැනීම වෙන ම ම ක්‍රියාන්විතයක් වගේ පෙනුනට ඇතුලේ උන්නු ළලනාවන් දෙදෙනා බොහෝ සීරුවට වැඩේ කළා ආයුබෝං. අපි උපාධි සහතිකය ගන්න පෝලිටත් පැන්නා ය කිව්වොත් සාධාරණයි. හැබැයි අපි එනකම් පෝලිමේ සාටරේ කාපු යානිට කළ උදව්වක් වශයෙන් අපි දෙදෙනා පෝලිමට එක් වීමු කියලා ලියැවුනොත් කවුරුත් තරහ වෙන්නැති වෙයි මයෙ හිතේ.

හත්වලාමයි ජරමර අස්සේ බර කරත්ත කියන්නා වගේ විදුලිය සිඳී කරන්ට් නැතිවී තිබුණෙ මේ වෙලාවෙ. උක්ත පළමු අංකය සඳහා අවශ්‍ය ඡායා පිටපත් ලබා ගැනීමේ දුස්කරතාවයෙන් ඇවරි සිටියදී කැම්පස් එක තුළ විදුලි ජනක මගින් විදුලිය ලබා දී ඇති බැවින් එහි යාම මැනවයි කියා ගණ දෙවි නුවණ පිහිටියා. අවුරුදු හතරක් කාගෙන බීගෙන හිටි තැනින් එහෙම දෙයක්වත් කරගන්න බැරි නම් මොන නව නිංගිරාවක් ද කියලා ඇවරි ඩිපාමන්ට් පැත්තට පය බුරුලෙන් තබා ගියා.
පළමුවෙන් ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය නිසා පළමු ඇමතුම චතූට. අර බල්ලන්ට සැලකූ කෙල්ල. නෑ නෑ මං කියන්නේ අර බල්ලන්ට කෑම දුන් කුමාරිකාව. ආර්ථික විද්‍යා පළමු පන්ති සාමාර්ථ්‍යක් ගත් ඇය දැන් ආධුනික කථිකාචාර්යවරියක්. නමුත් කරුමෙක මහත ඇය ගෙදර ගොසින්.

මීළඟ නැවතුම ඇවරිගේ දෙපාර්තමේන්තුව. වසා ඇත. කමෙන්ට්ස් නැත හරිය. තව අපේ අමන්දා මැතිනියගේ රාජ්ජයව පැවති, (පැවති හොඳේ ඔන්න) අයිමැටය. වසා ඇත. හ්ම්... හේනම් සුන්දර ලලනාවන් සපිරි නූතන භාෂා. එම සෙතේමය වසා ඇත. හේනම් පැණියාගේ ආලකමන්දාව හෙවත් ක්‍රීඩා හා විශාන්ති? විවෘතව පවතී එහෙත්, පැණියා කිරිබත්ගොඩ ය. අවසාන තුරුම්පුව සන්නිවේදන අධ්‍යයන අංශය. කිසිදා නොවසන බැවින් වසා නැත. නමුත් දන්නා කියනා ඩයලයක් ද නැත. ඒකටත් කම් නැත. ඇතුළට යා යුතුව ඇත.

මේ දිනවල අන්තර් ජාතික සම්මේලනයක් උදෙසා කැවියේ තින්න ගාන නිසා කස්ටියට වැඩ. ඇවරි මංඤං දන්න කියන ආචාර්යභවතුන්ගේ නම් ලිස්ට් එකක් ම කිව්වා ම ආ ධම්මික සර් නම් ඉන්නවා යැයි කියූ ඇය දොර හැරියාය. කාරණාව කියු සැණින් කරුණා පෙරදැරිව මිත්රත්වයේ හස්තය දිගු කළ ආචාර්ය ධම්මික මහතා ඇවරිට එම කටයුත්ත ඉතා කඩිනමින් කර දුනි.

දිවා ආහාරයට නවීකරණය කළ හිල්ටමේ මාළු කෑමය. පණහට අගේ ය. තිදෙනා ළඟ ම එක ම බත් පත බැවින් තනි තනිව ලිහාගෙන කාගෙන ගියෙමු. මට මතක හැටියට අප වෙන්ව කෑ එක ම කෑම වේල එය විය යුතු ය. පෙර හැම විට ම අනෙකාගේ අත මාගේ පතේ ය. පසුව ආ ලයිටාට ද එය සෑහීම අපගේ සැනසීමට හේතුවිය. වල් පල් නම් එතරම් හොඳ නැත. පෙතියාගොඩ ගිනි ගන්නට නොහැක. කැලණි නදිය අත ළඟ ය. හේ නා..??? කාරණාව බරපතල මුත් සැබෑය. මේ ඉර හඳ පායන ලෝකේ ය. වල ඉහ ගැනීමට හොඳ කල ය. මට හොඳ නම් තොටත් හොඳ විය යුතුම ය.

ඉරිදා (28) උදේ තරගය. මගේ දැරිවියන් මා වෙනුවෙන් පෙරමග ය. පස්ස කඩා ගත් කඩියා කෙලින් ම පන්සලට- කාලකින් ඇගෙන් ලද ගැරහුම් ය. කොන්ත්‍රාත්තුවක් භාර විය. නිම වන විට රාත්තිරි අට ය. දවසත් නිම වූ සේම නැවත ගී ගයන්නට පාරාදීසයක් ද නොවනු ඇත. ඊට හේතුව ද තතු දන්නෝ ම දනු ඇත.    


Saturday, September 21, 2013

යකඩ ගැහැනිය හැබැහින් දැකීම | Captured the iron lady at courts

මගේ කාලයේ වීරවරිය....

පහුගිය සතිය තුළ හුදකලා සංචාර බොහෝමයකින් ඇවරි ගොයියා පට්ට ලල් එකක් ගත්තා කියන්න පුළුවන්. සතිය පටන් ගත්තෙ ටිකක් ජල්තර් ජබිලිස් විදිහට. දැන් අලුත් ම න්‍යාය පත්තරේ හැටියට සැට්ඩේ ඇවරි ඩේ කියලයි නම් කරලා තියෙන්නේ. උදේ ම පොඩ්ඩන්ට ක්ලාස් එක කරලා දවල් වෙද්දි ශාන්ති භවාන් වෙත යන්නේ සතියේ හොඳ ම දිවා ආහාරය ගන්න. (ශාන්ති භවාන් කියන්නේ ඇවාස්ගේ පුංචි අම්මාගේ නිවස බව තතු දන්නෝ දනිති ඉතිං) සතියේ රස ම දිවා ආහාරය ගැනෙන්නේ ඉරිදා. අම්ම ගෙදරනේ.... හී හී... හොඳ ම සහ රස ම යන දෙක අතර වෙනස මොකක් ද ඇහුවොත් දුං දාන්න බත් දෙන නිසාත් ග්‍රේවි චිකන් කරියක් ඇති නිසාත් පුංචගේ ශාන්ති භවාන් ලන්ච් එක නැඟලා යනවා. තාමත් දණ ගාන පුංචි පහේ මට රසට අනලා අම්මා අතින් ම කවන නිසා ඉරිදා තමයි රස ම දවල් කෑම ගැනෙන්නේ.

සැට්ඩේ දවසම කයි කතාන්දර කියවලා, වෙරිටාස් දාලා, ස්ටෙලා වෙන නිසා වෙලාව යනව දැනෙන්නෑ. අන්තිමට පුංචා හවසට තේ එකත් හදලා දීලා ගෙදරින් එළවද්දි තමා මං නැඟිටින්නෙ. ඒ වෙලාවට ම මල්ලා පන්ති ඇරිලා දවල්ට කන්නත් එනවා. ඉතිං ආයෙත් ලගා ගහගෙන එතන. පස්සෙ නඟාත් සෙට් වුනාම තුන්දෙනා හන්දියේ ඒ මොහොතේ විලාසිතා ගැන වාද කරනවා. ඉන් පස්සෙ තමා ගෙදර යැවෙන්නෙ. අපි තුන් දෙනාගෙ මේ ෆන් ටයිම් එකට අප්පොච්චා නම් මනාප නෑ. ඇයි ඉතිං දවස ම අයාලේ නේ.... සන්ඩේ ඇවරි ඉතිං සත් ගුණවත් ධර්ම විද්‍යාල ආචාර්යවරයා වන නිසා ඒ දවසත් හබාස්. පහුවදා වැඩට යන දවසේ තමා රෙදි හෝදන්න මතක් වෙන්නේ හොඳේ. අපිට කොයින්ද බූල් බල්ලො කිව්වලු. දනි පනියේ නැඟිටලා අපුල්ලලා හෝදලා වනන්න ළබැඳි නැඟනියට පවරලා රාං කුරුල්ලා වගේ වැඩට යනවා. එදා හේම දවසක්. කොහොම හරි කොඹළ හන්දියට යන්න ඇවරි ගියා.

16 වැනිදා අමතර වැඩක් කරන්න තිබුණ නිසා පුංචි කාලේ ඇවරි දණ ගාපු මිහිඳු මාවත පුස්තකාලයට යන්න තිබුණා. එතන ඇවරි හරි ආස තැනක්. ඊට අමතරව කොළඹ මහජන පුස්තකාලය, සුචරිත, බෙල්මන්ට්, පේද්‍රිස් පාර්ක් පුස්තකාලවල මේ ඇවරි දණ ගාල තියෙනවා. ඒ කාලෙ මේ හැම තැනක ම අරලිය මල් වවපු ලස්සන ළමා උද්‍යාන වල අපි සෙල්ලම් කරපු හැටි ඒ තැන්වලට ගියා ම මැවිලා පේනවා. එදා ප්‍රේමදාස පිළිරුව අවට විශාල ජන ගංගාවක් රැස් වෙලා හිටි නිසා ඇවරිත් ආපු කාරිය හමාර කරලා ඒ පැත්තට ගියා. අද මැඩම් එනවලු නේද? කවුදෝ කිව්වා. මැඩම්? කවුද මැඩම්??? ශිවන්තියවත් මේ පැත්ත වඩිනව ද? ඒත් මෙච්චර සෙනඟක්?? වෙන්න බෑ යකෝ මේ මැද කොළඹ ආයෙ රාජපක්ෂලා ඇඳුම් ඇතුව මෙහෙ පස්පාගන්න විදිහක් නෑ... ඒක ෂුවර්. ඕන නම් කොටුව බෝගහ හරියට එයි... ඒ නිසා මැඩම් වෙන කවුරු හරි වෙන්න ඕනෑ.. ඇවරිගේ ටිකිරි මොළේට කම්පනා වුනා.

ඔෆිසර්, අර පැත්තෙ කලබයක් ද? ඒ පැත්තට ගමන් කරමින් සිටි ඇවරි බැරෑරැම් විදිහට ඇහුවෙ ළඟ හිටි කාකි බුවා ගෙන්. ඔෆිසර් කිව්ව ම මෑනුත් රෙස්පෙක්ට් පිට නෑ. මිස්ටර් අද මේ ශිරානි මැඩම් එනවනේ ඒකයි. හෝ... ඇයි මුකුත් විශේෂයක් ද? ඇවරි කලබලෙන් ඇහුව ම ඔපිසරයා නක්කලේට හිනා වුනා හලෝ... ඇයි සර් අද නඩුවනේ.. මිනිස්සු පොදි කන්නේ මැඩම්ව බලා ගන්න. බලන්නකෝ ජෙනරාල් බලන්න ආවටත් වඩා සෙනඟනේ. හා ඒකත් හේම ද? ඒත් හලෝ අගවිනිසුරුව මහේස්ත්‍රාත් උසාවි දාන්න බෑනේ. ඒ ප්‍රශ්නයෙන් නම් ඔපිසරයා කොර වෙලා මා දිහා බැලුවා. සර් ලෝ කරනවාද? මෑන්ස් මා දිහා බැලුවේ මූට කොමන් සෙන්ස් නැතිවුනාට ලොරි ටෝක් දාන්න දන්නවා කියන්න වාගේ බැල්මක්. ඒකනේ සර්. නීතියේ හැටියට අගවිනිසුරු මහේස්ත්‍රාත් උසාවියකට දාන්න බෑ තමා. ඒත් ඉතිං දන්නවනේ සාතන්ගේ හැටි. මාත් ඒ පැත්තට යන්නේ. සර්ත් යනවද?

රාජකාරියට යන්න පැය එකහාමාරක් තියෙන හන්දා මේ වැඩේත් ටිකක් ගතියක් ඇති නිසා ඇවරිත් ගියා. අපරාදෙ කියන්න බෑ ඔෆිසර් නිසා ළඟට ම යන්න හැකි වුනා. කළු කාරයකින් ආ ශිරානි තොමෝ හැමෝමත් එක්ක හිනාවෙලා ඇයව වටකරගත් නීතීඥ මහතුන් හා උසාවි බිමට ඇතුළුවුනා. ඒ යනකම් මමත් මේ මගේ කාලයේ වීරවිරියට සෑහෙන්න චියර් කළා. ඇය තුළින් ඒ වෙලාවෙ මතු වුනේ යකඩ පවුරුෂයක්. ඕඩියන්ස් එක දිහා බලාල අචාවිකව ඇය කිව්වෙ කිසිවකට නොසැලෙන ගතියක් තමන් ගාව ඇතිබව. කළු සාරිය ඇගේ ආත්ම විශ්වාසයේ කැඩපතක් හැටියටයි මට පෙනුනේ.

මං ඇත්තට ම මීට වඩා ළඟට ශීරානි බණ්ඩාරනායක මැතිනිය දැක්කේ අවස්ථා දෙකකදී විතරයි එකක් විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ සංචාරක නීතිය ඉගෙන ගනිද්දි අපිව ශ්‍රේෂ්ඨාධිකරණ සංකීරණයට එක්ක ගිය ක්ෂේත්‍ර චාරිකාව. එදා අධ්‍යාපන අමාත්‍යංශය වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් සංඝබෝධි විද්‍යාලයේ පහ වසරේ දරුවන් ආනන්ද විද්‍යාලයට ඇතුළත් කරගැනීමට අදාළ මූලික අයිතිවාසිකම් කඩ වීමේ නඩුවක් තමයි ඇය විභාග කරමින් සිටියේ. මං මීළඟට ඇය දැක්කේ තනතුර අහිමි කරපු මුල් ම කාලෙ ලියාපදිංචි නොකළ අලුත් ම කාරයකින් විශ්ව විද්‍යාලය ළඟින් බොහොම සෙමින් ගිය දවසෙදි. එදා කාරය නතර කරලා නුවර පාරේ බිමට බැස්සහම ඇවරි හරියට ම ඈ අඳුනාගත්තා වගේ ම එතන සෙනඟ පිරුණු නිසා කාරය ඉක්මණින් ඉගිලිලා ගියා. මේ මාගේ තුන්වන දැක්ම.

එදා මිනිස්සු අර මනුස්සයට කරපු දේ ගැන හරියට කම්පා වුනා වගේ ම පර්සි අංකල්ට අම්ම මෝ වෙන්න දෙහි කැපුවා. ලංකාවෙ 43 වැනි අගවිනිසුරුවරිය 1975 අංක 1 දරණ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ, එන්.ඩී.බී බැංකුවේ ගිණුම් තුනක් ගැන ඇගේ වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ වාර්තාවේ සඳහන් නොකිරීම යන චෝදනාව මත, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ චූදිතයෙක් බවට පත් වුනා වගේ ම ලංකාවෙ අග විනිසුරෙක් පහළ උසාවියක විත්ති කූඩුවට නඟින පළවෙනි පාර කියලයි අපිත් එක්ක කතා කරපු නීතීඥ මහත්තයෙක් කිව්වෙ. අයිසේ මේ රටේ හිටපු අගවිනිසුරුටත් එහෙම නම් අපිට නීතියේ මොන සරණ ද? කියලා කළු කබා මහතා සමුගත්තා.  


අනේ ඇත්තට ම හතුරන්ට පන්න පන්නා ගහන නීතියේ ස්වාධිපත්‍යට මෙච්චර කෙණෙහිළිකම් කරන පර්සිට සාතන් කියන එකේත් ගැඹුරු දර්ශනයක් ඇති බව ඇවරි තේරුම් ගත්තා. හැබැයි ආපු මිනිස්සු ඔක්කොම ශිරානිට මැඩම් කිව්වා. නිකම් ඩෙනිම දාලා හිටපු ත්‍රී වීල් අයියලා වුනත් මැඩම්ට මුං කළ තරමක් බලු වැඩනේ කළේ කියලා කතා වීමෙන් ම බාහිර සමාජයට ඇය වීරවරියක් බව ඇවරි තේරුම් ගත්තා. පසුව ආරංචි වූ හැටිය‍ට පෙබරවාරි 19ට නඩුව කල් ගියා. සමහර විට ඇවරි එදාටත් උසාවි බිමේ ඉන්න පුළුවන්.... 

Saturday, September 14, 2013

පොඩි කුරුලු ගෙයක් සොයාලා.... In search of a Bird Nest :)

මෙන්න මේ දෙන්න තමයි ඕංංංං..........
ඇවරයියාට ලියන මූඩ් එකක් ආපු නිසා ඔය ආබස්සර බඹ ලෝකවල ඉඳන් මේ ලෝක ධාතුව වෙත පාරප්‍රාප්ත වෙලා ආයෙත් ඉතින් වගේ වගක් නැතිව වග පල නොසොයා තමන්ගෙ පාඩුවේ ඉන්න බුවාස් බුවියාස්ලා වගේ ම හැමදාමත් අනුන්ගේ මුට්ටිවලට තමන්ගේ අඟෙන් ඇණලා චොප්ප චෝ වෙන පිරිසුත් එකත්පස්ව ඉන්නව හොඳයි. මොක ද පහාත් තැනීන් යයි ගලාාා ජලේ...කියනවනේ ආයුබෝං.

මේ කතාව ලියැවෙන්නේ හිත මිතුරු සුළඟට අදාලව. හැමදාම යාන්ස් ලියපු නිසා අද පොඩි ඇක්ෂන් කොමඩියක් ලියන්න හිතුවා. මේක අතකට කොමඩියක් කිව්වට ට්‍රැඩඩියක් වුන පාර්ශවයකුත් ඉන්නව. කතාව අන්තිමේ දී බලන්නකෝ.

අර කොච්චි මිරිස් කරලේ සරණ බන්ධන කතාව මතක ඇතිනේ බොලාස්ට. මේක ඒ හා බැඳේ -හොඳේ ඕන්. මිරිස් කරලී මට ළඟදිත් කතා කළා. අහවල් එකකට නෙමෙයි. ආයෙත් පුරුදු ජොබ් එක වුන බ්‍රෝකර් කෙරුවාවට. ගෙවල් සපයා දීමේ කොන්ත්‍රාත්තුකරු කොහොම ද පට්ටම??? හැබැයි ඉතිං ටිංකිරි ටින් එකයි, තව සුඟකුයි ඕනෑ ගාලා නා ගන්න. කොච්චි මිරිස් කරලි පුරුද්දට කතා කළාට මට එදත් මතක් වුනේ ඒ ජෝඩුව ගෙවල් බලන්න ගිහින් කියපු කරපු කතාන්දර. ඇමතුම ඉවර වෙලා මට මතක ටික පිළිවෙලට සකස් කළා. ඊට පසු සටහනයි මේ. ආ මිරිස් කරලීගේ මඟුල් ගෙදර හා අපිට දුන්න ලන්ච් එක ගැන ලියැවුනේ නෑනේ. පුංචි විතානගේ මඟ එන නිසා ඉක්මණට ම ලියලා දාන්න හිතුවා.
ඇත්තට ම මේ භාර ධූර කර්තව්‍යයට ඇවරි ම සම්බන්ධ කරගන්න වි‍ශේෂ හේතුවක් තිබුණා ද කියලා මට නම් හිතාගන්න බෑ. නමුත් කොහොම හරි ඒ ජංජාලෙ මේ චාපාලට සෙට් වුනා. දෙන්න මට කොන්දේසි රාසියක් දැම්මා. අර දික්කසාද වෙන්න ගිහින් ආයෙ ලව් කරන කපල් ළඟදි නීතිඥයො අසරණවන්නේ අන්න ඒ වගේ මාත් ගිරයට අහුවුණු පුවකක් වුනා. මුලින් ම තමන්ට අවශ්‍ය සිහින නිවස ගැන කතා කළේ චිලී.
මට නම් ලොකු කුස්සියක් එපා උයන්නෙ වෙනවනේ. කඩෙන් කන්න අපි එකඟවෙලා ඉවරයි. ලොකු බෙඩ් රෑම් එකක් ඕන. මේ... අපි දෙන්නට. එක කාමරයක් ඇති. හදිසියේවත් අම්මලා ඇවිත් රෑට නැවතුනොත්...? තව නාන කාමරෙත් ටිකක් ලොකුවට ඕන. මං කියන්නෙ දෙන්නට ම නාන්න පුළුවන් තරමේ. තව ටයිල් කරපු ගෙයක්. උඩ තට්ටුවක් වඩා හොඳයි. මාකොළ අවටින් විශේෂයි. එච්චරයි හෑ.....??????


අනේ අයිය නම් වැඩි දෙයක් කිව්වෙ නෑ. ලයිට් බිල් වතුර බිල් නිරවුල් වීමයි. ඒ.ඩී.එස්.එල් ලයින් එකයි එතුමාට වැදගත් වුනා. දුර ප්‍රමාණයන අනුව කැවියටත් සිනෙක් එකටත් අතර තැනක් අපි හෙව්වා. ඔන්න මුලින් ම අපි මාකොළ දන්න කියන පාරක ගියා එතැන පුංචි වැඩියි. ඊළඟට තවත් බ්‍රෝකර් වරයෙක් එක්ක ගෙයකට ගියා. හප්පා ඒක පරණ බංගලාවක් උඩ තට්ටුවක් සියල්ල ගරා වැටිලා ඒත් මාසික කුළිය දහදාහක්.


තව තැනකට ගියා ඒ ගෙදර යට තට්ටුව පොළට මට්ටමින් පහළ තිබුණෙ. බංකර් ටයිප් කිව්වොත් හරි. පඩි බැහැ බැහැ යන්න ඕන. රිජෙක්ට්. තව ලස්සන ගේ පොඩ්ඩක් බැලුවා එක වත්තෙ ගෙවල් කිහිපයක් තියෙන. නමුත් එක් කාමරයක් යතුරු දාල. ඉතිං ගේ පොඩියි. රිජෙක්ට්.
ඊළඟට ගියපු ගේ විසාල වැඩියි. ඒක කාර්යාලයකට කදිමයි. අන්තිමේ දි අපි කඩවතින් තැනක් හොයා ගත්තා. දෙන්නත් එක්ක ඔට්ටු වෙලා එදා මටත් හරි මහන්සියි. අන්තිමේ දී මේ දෙන්නාට සොඳුරු නිවහනක් යන්තම් ලැබුනා.


ඇගෙ වෙඩිම අපිට අමතක නොවන අත්දැකීම් එකතුවක්. මං එදා කුර්තාවක් ඇඳන් ආව මතකයි. මීගමුවේ පුරසඳ උද්‍යාන හෝටලේ පැවති ඇගේ සරණ බන්ධනාභිෂේකයට පැමිණ කලා භූෂණ, මහැඳුරු පැට්රික් රත්නායක ගොයියා පදනම සප්පායම් වෙලා කරපු කතාව අමතක වෙන්නැති තරම්. අන්තිමේ දී පැට්රික් සර්ගෙ රෙකමදාරුව නිසා ම රුචිර අයියා බෙරේ ගහන්න බාර ගත්තා. එදා සවස අපි මීගමුව බ්‍රවුන්ස් බීච් ගියා. අපි ජෝඩුවට තෑගි කළේ පින්තූරයක් පමණයි. මොකද අපිට ගන්නෙ මොනවද කියලා හිතා ගන්න බැරි වුන නිසා. අන්තිමේ දී තෑගි කිහිපයක් ගෙන ඒවාට මතක හිටින්න හොඳවයින් දෙකකුත් ලියල පුංචි පුදුමයක් දුන්නා.


වෙඩිමෙන් පස්සෙ මාස ගාණක් ගියාම (මං දන්න තරමින් අයියා කියලා දීලා උයන්න පුරුදු වුනා ම) චිලී අපිට කෑමකට ආරාධනා කළා. අනේ ඉතිං අයියට පින් සිද්ධ වෙන්න අපි සියලු දෙනා එදා හතරට විතර දෙයියනේ කියලා දවල්ට කෑව මතකයි. දැන්නම් උයන්න ඒවා කන්න පුළුවන් ලු. මේ දෙවියන් මැවූ ජෝඩුව ගැන තව දේවල් පල්ලෙහාට  ලියැවෙන නිසා මං ලිව්ව ඇති නොවැ....!  



ලොව්තුරු සුව විඳී අපි රජවරු දැකලා | Alms-giving in remembrance of Great Grand Father

පේ මුත්තණ්ඩී මිය පරලොව ගිහින් තුන්මාසෙ දානෙ යෙදිලා තිබුණෙ අදට. ඊයෙ රාත්තිරියෙ තමයි එතුමන්ගේ මතක බණ යෙදී තිබුණෙ. අපේ සදාදරණීය මිත්තණිය හෙවත් අපේ ආදර අම්මුණ්ඩි මිය පරලොව ගියේ මීට අවුරුදු දාහත් වසරකට හෙවත් එකදාස් නවසිය අනූ හයේ බිනර මහේ දහවැනිදා. ඉතිං ඒ ඇත්තිගෙත් වර්ෂ පූර්ණ පින්කමක් මේ දොහේ ම යෙදිලා තිබුණා. පින්කම් දෙකම ඒ ඇත්තන්ගේ දූ දරුවො හත් දෙනායි බැනාවරු ලේලියැන්දො හත් දෙනයි, මුණුබුරු දහ අටයි, මී මුණුබුරු මිණිපිරි අටයි වගේ ම යාළු මිත්තර ගමේ ඇත්තො එකතු පහදු වෙලා බොහෝ සාර්ථකව කොරලා දැම්මා. ඒ නිමිත්තෙන් මේ පෝස්ටුව ලියැවෙන බව කිවයුතුයි.

. අපේ මුත්තණ්ඩියි අම්මුණ්ඩියි පට්ට සිරා කපල් එකක්. දෙන්නා දෙමාල්ලො නියමාකාරයෙන් රටට වැඩදායී දරු පිරිසක් හදලා උන්ගෙ හැත්ත බුරුත්ත හෙවත් මුණුබුරු මිණිබිරි අපිත් එක්කත් හරි හරියට සතුටු වෙලා අන්තිම කාලෙදි මී මුණුබුරන්වත් අතගාල හුරතල් කරන්න තරම් වාසනාවන්ත වුනා. දෙන්න ම හරි සරල ජීවිත ගත කළා. ඇවරිට නම් අම්මුණ්ඩිව එපමණ මතක නෑ. හැබැයි ඇය හා සම්බන්ධ කතා අනුව ඇයට කොච්චර අලුත් කුඩයක් බෑග් එකක් තිබුණත් ඒක කබලක් ලු. අර කුඩ කබල, බෑග් කබල කියලා කියන්න ඈ පුරුදු වෙලා හිටියලු. හොඳ ගෘහණියක් වුන අම්මුණ්ඩිගේ  හොඳ ම ඩිෂ් වුනේ හත්මාළුවලු.  පුංචිකාලෙ ලොකු අක්කලාට රසට දෙල්නටු, පස්තෑල සකසපු ඈ අම්බලන්ගොඩ ඉඳන් ලොකු පුතා බලන්න එද්දි දෙල් මල්ලක් උස්සන් වට්ටි අම්මා වගේ කොළඹ ඇවිත් තියෙන්නෙ අසාමාන්‍ය මව්වත් ගුණ හින්දා. ඇගේ පුංචි ආබාධයකට තිබුණෙ කන් ඇසීමේ දුර්වලතාවය කියලා අදත් හාමුදුරුවො කිව්වා.

අන්තිම මතකයන් ගැන සඳහන් කළොත් මට මතක චීත්තයන් හැඳි ඇගේ ප්‍රාණය නිරුද්ධ දේහය දොර කාමරේ ඇඳ මත බාවා තිබූ බව පමණයි. එදා අපි සියල්ලෝ ම හට්ටි මුට්ටි කළමණා පොදි ගහගෙන කොළඹ ඉඳන් වෑන් එකෙන් යද්දි මගේ පණ්ඩිත කමට කටවරද්දගෙන බැණුම් ඇහුවා කියලාත් මතකයි. මං කිව්වෙ දුකට මුළ තමයි වැදු මව් නැති වීම.... කියලයි. ඒ පදේ තාලෙට ඇදලා කීවම පටන් ගත්තෙ නැතෑ ඔක්කොම කෑගාල අඬන්න.
මගේ මුත්තණ්ඩි යුග පුරුෂයෙක්. ගමන්ගෙ ගෙදර ඇත්තො නැති වුන වෙලාවෙ දරු පිරිසත් එක්ක ශක්තිමත්ව ඊට මුහුණ දුන්නා වගේ ම ඊට අවුරුදු දා හතකට පස්සෙ මිය යන තුරා ම ඔහු නියම නායකත්වයක් පවුලට සැපයුවා. දරුවො හත්දෙනාගේ ම කරදර වගේ ම මුණුබුරු මිණිබිරියන්ගෙ වැඩත් හොඳින් හොයලා බැලුවා. අපේ විභාග වලට වෙලාවල් දෙන්න, අපේ විභාග ජයග්‍රහණ ගැන අහන්න පාඩම් වැඩ කටයුතු ගැන කතා කරන්න මුත්තණ්ඩි හරි ම උන්න්දු වුනා. මගේ මුල් ම ප්‍රේමය ගැන අහලා විස්ස විද්‍යාලෙ ගියා ම ඒවත් කෙරෙන්න එපැයි දරුවො කිව්වෙ මුව පුරා හිනා වෙලා. මං දන්නෑ එතුමා ඒ වැඩ සියල්ල ගැන කොහොම සංවේදී වුනා ද කියලා.

හැම නිතරම දැන් මොකෝ දරුවො කරන්නෙ කියලා ඇසීම පුරුද්දකට ගත්ත මුත්තණ්ඩි තුළ අපිව ඉදිරියට තල්ලු කිරීමේ ශක්තිය තිබුණා. රජෙක් වගේ හිටියට කොමන් ටච් එක අත්හැරියෙ නෑ වගේ ම හරි ම අල්පේච්චයි. ගමෙන් පිට කොළඹ ඇවිත් සතියක් ඉන්නෑ. පන්සලේ, සණසේ, මරණාධාර සමිතියේ ඒ මොන මගුල නැතත් කේන්දර බලන අය නිසා, පෝරුවේ චාරිත්තර කරන්න යන්න ඕන නිසා, අන්තිම පොයින්ට් එක වෙද මහත්තයා හදිස්සියකට ගමේ ඉන්න ඕන නිසා මුත්තට මහ ගෙදර ඉන්නෝන වුනා. මැරෙනකම් වේට්ටි ඇන්දා. අවුරුද්දට එතුමට බැනියම් දෙන්නෙ පුංචි. වේට්ටි මාමා දෙනවා. සෙරෙප්පු අපේ අම්මා. මේ කොහොම ස්පොන්සර් කරත් තමන්ගෙ අලුත් ඇඳුම් පන්සල මාර්ගයෙන් දන් දීලා පරණ ඒවා තාම හොඳා දරුවො කියලා කහට පාට වේට්ටියට බහිනවා. අද මගේ බෙඩ් ලිනන් එකට උඩින් දාල තියෙන්නේ අන්තිම කාලෙ මුත්තණ්ඩි ඇන්ද වේට්ටිය. මගේ අල්මාරියේ අම්මුණ්ඩිගේ සේද සාරියක් තියෙනවා. මේ දෙක ම වචනින් කියන්න බැරි තරම් අතීත කාමයක් ඇති කරන අතරේ සිනිදු සුමුදු තලාවක මාව එළි වෙනකම් සතපවනවා.

අපේ හැම හොඳ වැඩට ම කෝල් එකක් හරි දීලා ආශිර්වාද කරපු එතුමා හරිම නිහතමානියි. කවදාවත් කාගෙවත් හිත රිදෙන්න වචනයක් කියලා නෑ. මුන් හත්දෙනා මරා ගද්දි ඒත් මගේ දරුවෙක්නේ දරුවො කියලා දුබලයා හා සන්ධාන ගතව සාවධානව ගැටුම් විසඳුවා. හේම වෙන්නෙපැයි බං මුළු දිවයිනයට ම සාම විනිසුරුනේ ඉතිං. අමු ගැමියා. අව්‍යාජ සිනහව. රිලැක්ස් ලයිෆ් එක. පැසුණු බුද්ධිය හා උපේක්ෂා සම්පන්න දරාගැනීම, මේ ඔක්කොම එක්ක එතුමා පට්ට චරිතයක් යාළු.
මං මේ උඩින් ටච් කරන් යන චරිතාපදානය රජයේ ආයුර්වේද වෙදෙක් හැටියට දරුවන් හත්දෙනාගෙ පවුල ගොඩ ගන්න අමර කට්ටක් කාල තියෙනවා ආයිබෝං. කොළඹ බෝඩින් වෙන්න සල්ලි නැතුව ඉස්ටේසමේ රැය ගෙවමින් පාඩම් කරපු, තමන්ට එදා තිබුණ එක ම නැෂනල් එක කොටුව ඉස්ටේසමේ දී හෝදලා, පත්තර කොළ වලින් වේලගෙන  පහුවදා ආයුර්වේද විද්‍යාලයට ඇඳගෙන ගියපු, ඒ ගිහින් බැජ් ටොප් වුන අයෙක් වෙත් නම් ඒ මගේ මුත්තා. මේ එක උදාහරණයක් විතරයි.

මගේ කතාව වඩාත් අතීතාවර්ජනයක් වන නිසා මේ පෝස්ටුව අහවර කරන්නයි යන්නෙ. අපේ මුත්තණ්ඩීව අම්මුණ්ඩි විසින් අරං ගිය බවයි අපි දන්නෙ. මොක ද අන්තිම කාලෙ යන්තරයෙන් ජීවය ලබාදෙන්න දොස්තර මාම දඟලද්දි අපිට වඩා මේ දෙපළට ළඟින් හිටිය ලොකු අක්කාට හීනෙන් අම්මුණ්ඩි පෙනිලා කිව්වෙ මාර කතාවක්, ඔන්න ඔහෙ එන්න දෙන්න දරුවො, ඔය මා ළඟට එන්නෙ. තාත්තට කියන්න දරුවො මහන්සි වෙන්නෙපාය කියලා... එදා සවස ඇය ඉස්පිරිතාලයට ගියා ම ඇය ඉදිරියේ ම තමා යන්තරේ නැවතුනේ....
ඔබ දෙපළට ම නිවන් සුව!

පසු සටහන - ඔය දරුවො කියන ටැග් එක ඇවරිට ආවෙ මුත්තණ්ඩිගෙන්. ඇවරි හාමිනේත් එදා ඉඳන් ම මට බනින්නෙ මහ මිනිස්සුන්ට දරුවො කියනවයි කියලා. යාළුකම්, නෑකම් ඉක්මවා ඇති හදවතේ බැඳීමක දී තමා අපි දරුවො කියන්නේ. ආයෙ ඇවරිට කවුරුත් දරුවො කියන එකක් නෑ.


නමුත් ඒ දෙපළගේ අව්‍යාජ ආමන්ත්‍රණය ඔබටත් පුහුණු කරන්න පුළුවන්. නිකමට ඔබේ ළබැඳියන්ට පෙම්වතියට, පෙම්වතාට ඇතැම් විට (අම්මට තාත්තට වුනත්) දරුවො කියලා කතා කරලා බලන්න ක්ෂණිකව කතාව වෙනස් වේවි. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි     

Saturday, September 7, 2013

ලංකාවේ අලුත්ම පාරිභෝගික සේවා න්යා ය | Ultimate consumer support theory


සකල සිරින් පිරි සිරි ලංකාවේ දැන් හැම දේම හරි ම සාමාන්‍යකරණය වෙලා. දැක්කනේ අර රංගන ශිල්පී මිහිරට තර්ජනය කරලා හිරු ටී. වී දාපු ගොන් පාර්ට් එක. ඒ කියන්නෙ බිය වැද්දීම් වගේ දේවල් දැන් හරිම සාමාන්‍යකරණය වෙලා.. සාමාන්‍යකරණය කියන්නේ ඒ නයින් බලන කල සංදිග්ධාර්ථ පළ කරන්නා වූ බොහෝ විට භයංකාර හැඟීමක් ගෙන දෙන වචනයක් හැටියට නාගරික ශබ්ද කෝෂය තුළ අර්ථ ගන්වන්න පුළුවන්.


පුද්ගලිකව සාමාන්‍යකරණය කියන්නේ අතිශය භයානක වචනයක් කියලා ඇවරිත් අත්වින්දෙ පහුගිය කාලෙ වෙච්ච සමහර සිදු වීම් නිසා. ඒකෙන් මේකෙන් සලාදය අමතක වීම වෙන්න පුළුවන්. ඇවරි වල් පල් කියවනවා වැඩියි කියන සාමාන්‍යකරණයට ඔබ පැමිණීම භයානක නිසා මං සලාදයට යන්නම්. දැන් පේනවනේ එතන ම යම් අවධානමක් තියෙනවා කියලා....? අන්න ඒක නිසා ජීවිතේ කිසිදෙයක් සාමාන්‍යකරණයක් බවට පත් වෙන්න දෙන්න එපා කියන උපදෙස වැදගත්.
මේ සලාදය ලියන්න නිමිත්ත වුනේ පහුගිය දවසක රැහැන් රහිත දුරකථනයක් මිලදී ගන්න මං ඩයලොග් අවුට්ලට් එකකට යාම. භද්‍ර යවුනියක් ඇවිදින් මනමාල හිනාවක් දාලා කාරණේ කතා කරලා හැඳුනුම්පතත් අර ඈ ම පෝරමයත් පුරවලා සියල්ල සිදු කළා. ඒ අතින් නම් පාරිභෝගික සේවා උපරිමයි. ඩයොලඟන අලුත් දුරකථනයට බැටරියක් දාලා එහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කරලා මගෙන් විරාමයක් අරන් ඒ මොහොතේ පැමිණි අලුත් පාරිභෝගිකයෙක් හා සම්බන්ධ වුනා. ඒ මහත්මයා තමන්ගෙ අබග්ගය විස්තර කරගෙන ගියා.
මං ඊයෙ ඩයලොග් ඩිෂ් එකක් ගත්තා. ඔයගොල්ලො ඇවිත් ඉන්ස්ටෝල් කරලා ගියා ම වැඩ කළා. අද බලද්දි කිසි ම රූපයක් පේන්නෑ. හරි සර් කලබල වෙන්නෙපා. කස්මර් කෙයා කතා කරන්න. අයියෝ මිස් එහෙම කතා කළාම එයාල ආන්සර් කරන්නෑනේ. ආ.... ඒක තමා, එතනදී  ඔබ දැනටමත් ඩයලොග් ඩිෂ් පාරිභෝගිකයෙක් නම් එක අංයකුත් නව පාරිභෝගිකයෙන් නම් තව එකකුත් ඔබන්න කියනවනේ. අන්න එතනින් නව පාරිභෝගිකයෙක්ට අදාල අංකය ඔබන්න ඉක්මණට කෙනෙක් කතා කරාවි. හෙණ ගහපිය-ගණන් බලාපිය කිව්වලු!! ඒ කියන්න උන්ට දැනටමත් උන්ගෙ පාරිභෝගිකයො අදාළ ම නෑ. කස්ටමර් කෙයා මොන බම්බුවට ද මට හිතුනා.

සර්ගෙ මොබයිල් එක දෙන්නකෝ මං ට්‍රයි කරන්න. ඈ මන්දහාසයක් පාල කිව්වා. ඇයි යකෝ මුන්ගේ අවුට්ලට් එකට ඇවිල්ලා අපේ බිල කපාගෙන කතා කරන්න ඕනැද??  මං තක්බීර් වෙලා බලා ඉද්දි අර පාරිභෝගික මහතා තමන්ගෙ දුරකථනය දුන්නා. හෙලෝ මං අහවල් නගර ශාඛාවෙ, අහවලා මේ කස්ටමර් ගැන බලන්න. කියලා කාරණේ කියන්න පාරිභෝගිකයාට ම දුන්නා. ආ මොකද සර් කිව්වෙ. ඔය එයාලා එන්නම් කිව්වෙ. ඒකනෙ සර් ගෙදර යන්න. උදේ වරුවෙ නාවොත් මට කෝල් එකක් දෙන්න. හරිනේ....???
ඇය නියම පාරිභෝගික සහායිකාවක්.  සිම්පත් වෙනත් නමට හැරවීම්, ගිණුම් අවලංගු කිරීම් ආදී සියල්ලට ඇය කිව්වෙ වැඩේ වෙන්න ම ඕන නම් අවශ්‍ය වෙන්නේ ඔවුන් සතුව ඇති පිටපත් කළ පාරිභෝගික අත්සන සීයට සීයක් ම සමාන විය යුතු බව පමණයි. ඇගේ මේ පාරිභෝගික උපදෙස් මාලා අහගෙන හිටපු මට අන්තිමේ දී ඩයලොග් පාරිභෝගිකයෙක් වීම ගැන ඇතිවුනේ කළකිරීමක් විතරයි.

හැබැයි මේ වගේ තත්ත්වයක් මං අත්වින්දෙ මෙතැන දී විතරක් නෙමෙයි. පාරිභෝගික අවශ්‍යතාවය හරි හෝ වැරදි ඉටු කරදීම අද වන විට කස්ටර් කෙයාර් කියලා හඳුනා ගැනීමක් තියෙනවා. හෝටල් මේ ට්‍රෙන්ඩ් එක ආගම කරගෙන. ඉන්හවුස් ගෙස්ට් කෙනෙක් එස්කෝර්ට් එකක් ඉල්ලුවොත් අහවල් එස්කෝර්ට් ඒජන්සි එකට කතා කරන්න එයාලා හොඳයි කියලා රිෂෙප්ෂන් එකේ කෙල්ලෙක් ම කියන්නෙ ඒ වෙලේ ඉඳන් සුද්දා දෙන්නෙක්ට වියදම් කරන නිසා. ලංකාව සුද්ද කරපු සුද්දෙක් දවසක් මට කිව්වෙ උඹලාගෙ ලංකාවෙ නීති හදන එවුන් නීති හදද්දි ම රිංගල යන්න ඉඩක් තියනවා කියලයි. දැන් කස්ටමර් කෙයාර් කියන්නෙ අන්න ඒ රිංගල යන තැන අත දික්කරලා පෙන්වා දීමක් නෙමෙයි ද කියලා කියලා මගේ ටිකිරි මොලේට කල්පනා වුනා.

    

ෆන් සැට්ඩේ | Fun Saturday

මේ සවස් වල සෙනසුරා නළලට ම ගහලා තියෙන නිසා ඇවරයියා හාත වෙලා තමා හිටියෙ. ඒ මදිවට සේවාදායක  එංගලන්ත ජෝඩු ටුබැගෝ අයිලන්ඩ් හොලිඩේ එකට සෙට් වුන නිසා සෙන්ට් ලුෂියා - ටුබැගෝ සංචාරක ගමනාන්ත සඳහා ටුවින් සෙන්ටර් හනිමූන් පැකේජ් එක්ක ම කාලෙ ගෙවිලා ගියා.

පහුගිය දවස් ටිකේ රාත්තිරි දහයාමාරය සේවා මුරය අහවර කරලා මවුන්ට් ලැවින්යාවෙන් පාරට බැස්ස ම හොටෙල් රෝඩ් එක දිගේ කොලම්බු නයිට් ලයිෆ් බලාගෙන කොළඹට එන ගමන ෆට්ට අපූරුයි. අපි දවල්ට සී ෆුඩ් කන්න ලැවිනියා බ්රීස් ගියාම තියන ගතියට වඩා වැඩි ලල් එකක් මිඩ්නයිට් බීච් රේව් එකට සෙට් වුනොත් එහි තියෙනවා. රාජකාරී වෙලාවට කලින් මේ තැන්වල තියෙන පුංචි පුංචි බීච් රිසෝට්, රෙස්ටොරන්ට් අස්සෙ ගිහිල්ලා එහි ඇති බිස්නස් ගැන කරුණු කාරණා හෙවිල්ල දැන් ඇවරිගේ විනෝදාංශයක් වෙලා.... කසඩි, බීච් වාඩිය, කෝමරන්, සුද්දාස් කැෆේ, ලුන් ටාඕ වගේ තැන් මේ වෙද්දි ඇවරි විසිට් කරලා අහවරයි. අපි නොහිතුවට කොල්ලුපිටියේ සිට ගල්කිස්ස දක්වා වෙනස් ම සංස්කෘතියක් ඇති වෙන ම ආකාරයක එන්ටර්ටේන්මන්ට් හබ් එකක් ඇති බව මේ වෙද්දි ඇවරි වටහා ගෙන තියෙනවා. කොළඹ හුඟක් ආයතන ප්‍රධානීන් තම තමන්ගෙ කැච් එකත් එක්ක ලන්ච් එකට එන තැනක් හැටියට මේ සී ෆුඩ් ආපනශාලා හඳුන්වන්න පුළුවන්.

ආයුබෝං අපි කොලම්බු බීච් පාර්ටි, බීච් රේව්, ස්ටැග්ස්, ඩීජේ නයිට් ගැන පස්සෙ වෙන ම කතා කරමු. මං කරන රිසර්ච් එකේ අපේක්ෂාව අඩු මිල, අවම වශයෙන් පෝෂන් දෙකක් වත් සහිත සී ෆුඩ් මෙනු එකක් සොයා ගැනීම හා බීච් වෙඩින් එකකට අවශ්‍ය ලොකේෂන් එකක් ඇති හෝටලයක් සිලෙක්ට් කිරීම මිසක් කොළඹාශ්‍රිත වැල්ලකරේ දුරාචාරය ප්‍රොමෝට් කිරීම නම් නොවේ.
හැමදාම මට ඉරෙගියුලර් ස්ලීපින් අවර්ස් තියෙන නිසා අදත් උදේ වෙනකම් නිදා ගත්තා. පාන්දර දහයාමාරට විතර ඇහැරුණේ නැඟණි තෝමෝගේ සිතාර් වාදනයෙන්. ‘අයියා... මේ තේ ඇල් වෙනවා....‘ ඒ ලෙවල් ඉවර වුනත් හරි අපේ නංගි කුස්සියේ මයි. හැබැයි කොහොන් ඉගෙන ගෙන ද මන්දා අම්මයි පුංචියි දෙන්න ම පරාදයි ඇගෙ රෙසිපි වලට. ඒ වගේ ම කියන්න ඹ්න ඉතිං ගෑස් එකත් උපරිම සතියයි කියලා.... ලොල්.
මගේ බඩජහරිකමට ඇඹරැල්ලා කන්න ගිහින් දතට දාපු වැට කඩා ගත්තු නිසා ඩෙන්ටිස් ගාවට යන්න තිබුණා. පුතා ඔයා සිලෙක්ටිව් වෙන්න ඕන. දකින හැම එක ම දැන් කන්න බෑනේ. අනික මෙතන ම නේද කලිනුත් කැඩුනෙ. කාමක් නෑ පරිස්සම් කරගන්න. ඩොක්ට සේනා ආදරෙන් කිව්වා. මගේ ඩෙන්ටිස්ට් කැප්ටන් කූල් ජාතියේ පොරක් නිසා හොඳා.
හවස් අතේ පෙටා ෂොපින්. යකෝ වෙන දවසක් නැතුවා වගේ ලංකාවෙ මිනිස්සු ඔක්කො ම පාරට බහින්නෙ අපි නිවාඩු පාඩුවේ එළි බහින සෙනසුරාදාවෙ ම නෙහ්... ඇවිදල ම හාඩප් වෙලා තේ එකක් බොන්න චැතැම් වීදියේ ටී රෑම්ස් වලට ගියා. හප්පා රොෂාන් පිලපිටියත් එතන. , වම් ඇහි බැමත් විදලා කඩුක්කමක් දාගෙන, බොඩි ෆිට් එකක් ගහලා, ඩෙනිමක් බස්සලා,කිව්වට විස්වාස කරන්න ඔය දෙකට ම නොගැලපෙන සපත්තු දෙකක් දාගෙන මේ සෙලිබ්‍රෙටා තේ කෝප්පයක් තොලගානවා. හැබැයි මෑන්ස්ව නෝට් කරපු හැමෝ ම එක්ක හිනාවෙලා කතා කලා. ඉන් පස්සෙ චැතැම් වීදියේ ඔරලෝසු කණුව බලන්න යන්න හිතිලා එතෙන්ටත් ගිහින් ආවා. අර මහ බැංකුව ඉස්සරහා ගහන දඩ බිල්ඩිම මොකක්ද කියලා හොයාගන්න ඕනෑ...
අද හයිඩ් පාර්ක් කෝනර් එකේ ජවිපෙ රැළියට පිටිය පිරෙන්න සෙනඟ හිටියට කථිකයො චොප්ප චෝ....මං ඉබ්බන්වල හන්දියෙන් වංගුව ගද්දි කන් ඇබ දෙක ගලවලා ඇන්ටනාව දාලා බැලුවා. පාලු ගෙවල් වල වළං බින්දට කාට ඇහෙනවයි කියලැයි බොලං.. හැහ්??? ඔන්න මං මරාට කඩේ ගියා නෙමෙයි ඕං... රීං කට්ටු කට්ටු

සෙනසුරාදා බැංකු නිවාඩු. හැබැයිකොළඹ හැම තැන ම ලංකා බැංකුවේ ටී ෂර්ට් ඇඳපු සේවක සේවිකාවො වැහි වැහැලා. අද ලංකා බැංකු ප්‍රවර්ධන වැඩසටහනක් ද කියලත් ඇවරිට සැක හිතුනා. ඒත් මේ රජයේ බැංකු එහෙම හිඟාකන්නැති නිසා ඒකත් වෙන්න බෑ. ඇවරිගෙ ගැටලුවට උත්තර දුන්නේ බස් එකට නැඟපු තරුණ බැංකුකරුවෙක්. නෑ මචං අද යුනියන් මීටින් එකක්. අපි පිකට් එකක් කළා. අම්මප??? අනේ සකෝ.. රජයේ බැංකුවල සේවකයොත් රජයට විරුද්ධව පිකට් කරනව ද? ගෝඨා.... තමුසෙ නිදි ද අයිසේ... ඇවරිට ආරක්සක ලේකම් එක්ක මළ පැන්න මුන්ට උද්ගෝසන කරන්න ඉඩ දුන්නට. තහර ඉසිප් කරලා බුවාට කතාවට ඉඩ දුන්නා


මේකනේ මචං අපිට 1996 ඉඳන් පෙන්ෂන් එක නෑ. ඒකට යුනියන් එකෙන් දිගට ම ෆයිට් කරනවා. අද ලංකාවෙන් ම බෑංකින් ස්ටාෆ් කොළඹට ආවා. කොළඹ අපි ඇන්දෙ කහයි කළුයි - බැංකුවේ පාටනේ. තව ඒ ඒ පළාත් වලින් කස්ටිය ඇවිත් හිටියා එක එක පාට ඇඳන්. ඒකයි හේනම් කතන්දරේ. අබුද්දස්ස කාලේ රජයේ සේවකයත් රජයට එරෙහියි....????