Wednesday, February 28, 2018

ගං කූඩැල්ලන් ෆෝම් මෙට්ටයේ තැබීම හෙවත් හැටපහයි තිස්පහේ අනුපානය ~ 2017 ගුරු චාරිකා 1


පහුගිය සතිඅන්තයේ ඇවරි අපේ තරුණ පිරිස සමගින් තවත් ගුරු චාරිකාවකට සහභාගී වෙන්න කාරණා කටයුතු යෙදුනා. දැන් මේ සලාද කියවන අපේ උදවියට නම් ගුරු චාරිකා සියල්ල එකට කියවිලා වැඩේ ටිකක් අච්චාරු වෙලා ඇති කියලා ඇවරිට හිතෙනවා. නමුත් මේ සටහන් කොහොමින් කොහොම හරි ලියා දාලා ඇරියස් අඩු කරගැනීමේ විශේෂ අවශ්යතාවයක් තියෙන බවත් කියවන ඇත්තන්ට මතක් කරන්න ඕන.
2017 ත්යාග ප්රදානෝත්සවය අහවර වුනා ඊළඟ සතියේ ගුරු චාරිකාව සංවිධානය කරන හැටියට ඇවරිතුමා ලද උපදෙස් ප්රකාරව පුරුදු මාතලීට කියලා සියල්ල සූදානම් කරලා තිබුණත් අපේ මාතලී ශ්රී පාද වන්දනාවක් යොදාගෙන තිබුණ නිසා වෙනත් බස් රථයක් යොදා ගන්න ඇවරිට සිද්ධ වෙනවා. මේ බස් හොයන වැඩේට ඇවරිතුමා එක්ක හැමදාම ගජේට සෙට් වෙන්නේ අපේ චමරී අක්කා. 2015 අපිට බස් දුන්නේ වින්දන ට්රැවල්ස්. 2017 දී ආයෙත් අපි කතා කළාම ආසන 33 බසයක් එවන්න පොරොන්දු වුනා.


මේ චාරිකාවලදී පැක්ස් ගාන හේලලූයා නිසා ඇවරි එච්චර වොරි වුනේ නැතිවට බජට් එක කවර් වෙන තරමටවත් සෙනඟක් නැති බව පෙනුනා. මෙහෙම වෙන්න කාරණා කටයුතු යෙදුනේ තරුණ ගුරුවරු බොහෝ දෙනා ඇවරිට බූට් එක තියාපු නිසා. හැබැයි 2018 දී ගුරු මණ්ඩලයට අලුතින් එකතු වීමට නියමිත රුසිරු සහ උත්පලත් බුදාරා සහ ඉෂාරාත් මේ ගමනට අපේ පොඩි හාමුදුරුවන්ගේ විශේෂ අවසරය මත එකතු කරගන්න ඇවරි කටයුතු කළා. කොච්චර කැන්සලේෂන්ස් ආවත් වැඩිහිටි ගුරුවරුන් සියලු දෙනා පැමිණෙන බව තහවුරු කළ නිසා ඇවරිට චාරිකාව වෙනත් දවසකට කල් දාන්න අවස්ථාවක් ලැබුනෙත් නෑ. වන්නාට යහපත කියලා ඇවරිත් වැලයන පැත්තට ගහ උළුවස්සා වෙන්න ට්රිපට සෙට් වුනා.

සෙනසුරාදාවෙ ඇවරි තමුන්ගේ විස්ස විජ්ජාල දේශනයත් ඉවර කරලා ගෙදර එන ගමන් චාරිකාව නොයෙන සියලු තරුණ ගුරුවරුන්ට කතා කළේ අවම වශයෙන් එකෙක්වත් ඒය කියලා හිතාන. කොයි එකෙක්වත් නෑ. සැපට දුකට සනී අපේ චමරී අක්කාට කොල්ලො කෙල්ලො තියපු බූට් රාජයා ගැන කියන්න ගත්තා ඇවරිගේ දුක්ගැනවිල්ල බෝම සාවධානව අසා සිටි එමැතිනිය ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය ගැන තොරතුරු ඇහුවා. උදේ කෑම, දවල් කෑම ආදී වශයෙන්.

කවුරු නැතත් අපේ පිස්සු පූසො සෙට් එක එනවාය කියපු නිසා ඇවරිතුමා ඉන් කිහිප දෙනෙකුට වට්ස් ඇප් කළා. බුදාරා කන්ෆර්ම් කළේ ගොඩක් කලින්. රුසිරු ඊළඟට. දෙන්නා කලින් අවුරුද්දෙ ප්රධාන ශිෂ්යනායක දෙපළ. අයියෙ ට්රිප් එකේ විස්තර මොකද? කෑම එහෙම... විස්තර ටික දීලා නෑම ගැන ඇහුවා හරි උත්තරයක් ඇවරි නුදුන්නේ සබරගමුවට මේ දවස්වල වහින හැටියට වතුර බලා ඉද්දි වැඩි වෙන නිසා. සෝ වී ඩෝන්ටඩ් නීඩ් ටු ටේක් ටවල්ස්? නෑ නෑ ලීලසේන පෙරළුණු අත හොඳයි කියන්න හරි නාන ඇඳුම් අරන් වරෙව්. හාකෝ හේනම්.. කවුද මල්ලි මේ..??

ඇවරිතුමා උදේ පාන්දරින්ම ස්ථානගත වුනේ කට්ටිය පිළිගෙන ඉන්දවන රාජකාරි පැවරී තිබුණ නිසා. වෙද්දිත් බසය පැමිණ තිබුණා. මුලින් සයිකෝ සෙට් එකෙන් ආවෙ උත්පල. වැඩිහිටි ගුරුවරුත් ටිකෙන් ටික එන්න ගත්තා. පාන්දර හතරයි හතළිස්පහ වෙද්දි සියල්ල ඇවිත්. අමිල අයියලත් ආවම සාදුකාර දීලා අපි ගමන පටාන් ගත්තා. මුල්ම ගමනාන්තය සමන් දේවාලය. සියල්ලන් දහ අටක් වූ නිසා ඇති වෙන්න ඉඩ තිබුණා. හා මේ පාර කස්ටිය ඩාන්ස් කරන්න ඕනා.. ඒකට තමා මේම ලොකු බස් එකක් ගත්තේ ඇවරිතුමා කීවාම දුම්මල වරම අරගෙන නර්තනාභිෂේකයට කැපවුන බුදා එකෙන් කැමැත්ත ප්රකාශ කළා. නච්ච ගීත වාදිත, විසූක දස්සන... හයියෝ සසර කළකිරෙනවා චාමර.. තව මුන්ගේ නැටුමුත් බලාපල්ලාකෝ.. විනාස කාලේ විපරීත බුද්ධි:

පුවක්පිටිය දේවාලයට පඩුරු දැම්මාට පස්සේ ඇවරිතුමා පස්සට ආවෙ සින්දු කියන්න. දවසේ අසන්නන්ගේ ඉල්ලීම් තීරය අපි ආරම්භ කළා. මුලින් බෝම මන්ද ලයෙන් යන ඒවා. මේ ගසේ බොහෝ වගේ.. ලොල්. බුද්ධිමතුන් පස්සේ පේළිවලින් බිහිවුනාට ගායකයන් බිහිවන්නේ බූට් කෑමෙන් නිසා ඇවරිතුමා බුදාරා ප්රමුඛ ලා තණකොළපෙත්තාස් ගායක කණ්ඩායමට ඉදිරියට එන ලෙස ඉල්ලා සිටියාම ඔවුන් ආව. රුසිරුගේ ෆෝන් එකේ ඇප් එකක් හරහා සියලු ගීතවල පද හොයා ගන්න අපිට පුළුවන් වීමෙන් උදේ පාන්දර හිටන් ටකරන් වලට ගල් ගහන්න කස්ටිය සම්මාදම් වුනා. එක හොඳක් වුනේ කවුරු මොන සින්දුව ඉල්ලුවත් පිරිස ඒවා ගායනා කිරීම.

රුසිරුට පද තිබුණට තාල අරහං. ඔහු ගීත රචනා බවට පෙරළීමේ උපන් සමත්කම් ඇත්තෙක් බවට එහි සිටි හැමට තහවුරු කළේ සියලු දෙනා සිනාවේ ගිල්වමින්. හැබැයි අවංකව අපේ ඉන්ද්රාණි ටීචර් රුසිරුට තාල උගනන්න සෑහෙන්න මහන්සියක් ගත්තා. ඒත් කොහෙද? ගං කූඩැල්ලා ෆෝම් මෙට්ටවල ඉඳීය ආයිබෝන්..!

කලින් පිටත්වුන නිසා උදේ හත වෙද්දි සමන් දේවාලෙට එන්න අපිට පුළුවන් වුනා. කට්ටිය මල් අරගෙන දේවාලෙට යද්දි ටිකක් වෙලා ගියා. හැබැයි සියලු දෙනා හොඳින් වන්දනාමාන කරගත්තා. අපි යද්දි උදේ පූජාවත් පටාන් ගෙන. ඇවරි මල් නොගත්තට වැඩිහිටි ගුරුවරු තරුණ අය හැමෝටම මල් බෙදලා දුන්නා. ඇවරි එක මලක් පූජා කරන්න යද්දි ඉන්ද්රාණි ටීචර් තව මලක් දීලා ලයිෆ් කෝට් එකකුත් කිව්වා. තනි මලක් පූජා කළොත් තනියම ඉන්න වෙයි. ඒක නිසා මේකත් ගන්න. ඔව් ඔව් අපේ නෝනා මල් පොකුරු පිටින් පූජා කරන්නේ.. ඒකනේ මේ යන යන තැන අපිවත් එක්ක යන්නේ. එහෙම කිව්වේ ඉන්ද්රාණි ටීවර්ගේ මහත්තයා. වෘත්තියෙන් ආදයම්බදු නිලධාරියෙක් වන එතුමාත්, පුතාත් හැම චාරිකාවකට එකතු වන නිසා අපිට හරි සමීපයි. ඔහු ඉතා හොඳට හිනස්සන්නෙක්. තව කාටහරි නම් පටබඳින්නත් දක්ෂයි.

සමන් දේවාල බෝධි ප්රාකාරයට යන ගමන වටෙන් යා යුතු වූ නිසා තරමක දුෂ්කර එකක් වුනා. විශේෂයෙන් වැඩිහිටි ගුරුවරුන්ට. නමුත් අයත් අතඇරියේ නෑ. අමිල අයියාගේ පුත් රත්නය බිංකා, පඩි උඩින් ගියා. ඉෂාරා කුමාරිහාමිට තණකොළ අරහං නිසා අංගනාව පඩි පෙළින් සැපත් වුනා. පොඩි හාමුදුරුවො පිරිස පන්සිල් සමාදන් කරවලා, ගාථා කියන්න වුනා. හරියට දහම් පාසල් දවසක වගේ. රැස්ව සිටි බොහෝ දෙනාත් අපිත් එක්ක එකතු වුනා. වෙද්දිත් පූජාව පැවැත්වෙන නිසා දේවාලේ ඇතුළට අපිට යන්න බැරි වුනා. ආයෙත් උඩට යන්න වෙන නිසා සමහරු කැමති වුනේ නෑ. බොහෝ දෙනා ඇවරිට පඩුරු දීලා දාල එන්න නියම කළා.

නමුත් ආයෙත් උඩට යද්දි සියලු දෙනාත් අපේ පස්සෙන් ආවා. ඇවරිතුමා අන්තරාලය පටන් ගන්න තැන එකතු වුන පඩුරුත් තියාගෙන ආපහු ගන්න කියලා හිටියට කීප දෙනෙක් ඇරෙන්න බොහෝ දෙනා ගත්තෙ නෑ. එතනින් ගිය බොහෝ දැනුම් තේරුම් ඇති තරුණ පහේ කුල කතක් ඇවරිතුමා කෙරේ උපන් ශ්රද්ධාවෙන් කරුණු කාරණා වටහල දුන්නා. පඩුරු දුන්නා ආයෙත් ගන්නෙ නෑ. තවත් මෙතන හිටගෙන ඉන්නැතිව අන්න අර පිං කැටේට දාන්ඩ. ඇවරිතුමාත් හා හොඳයි කියාගෙන දේවාලෙට ගියා.

ඊට කලින් සෙනසුරාදා දවසේ සපරගමු මහ සමන්දේවාල මිදුලේ විදුලිබල මණ්ඩලේ ආලෝක පූජාවක් පවත්වලා තුබුණ නිසා, විදුලි බල මණ්ඩලේ ලාංඡනයට දැල්වුන පහන් වැටියක් කාටත් දැකගන්න ලැබුණා. බොහෝ දෙනා දේවාලෙ පියගැටපෙළ නැඟලා දර්ශනය කැමරා කාචවල සටහන්කර ගත්තා. සියලු දෙනා ප්රධාන දොරටුව ඉදිරියේ දවසේ සමූහ ඡායාරූපට පෙනී සිටියා.

වෙන කවුරුත් නොයෙන, ප්රධාන පාර දක්වා විහිදුණු පෙරහැර මාවත දිහා බලාගෙන.. මට ආසයි කියලා බුදාරා කියපු කතාවක් ඇවරිතුමාට කණ අයිනෙන් ඇහුනා. ඇවරිත් ඉතිං නැට්ට හරියෙන් අහගත්තත් ගුට්ට සෙට් කරගන්නවනේ. අනේ රුසිරු මෙන්න මේ ළමයගේ පොටෝ ෂූට් එකක් කරගෙන කියලා ඇවරිතුමා කියන්න ගිහින් ලෝක නඩුවක් සෙට් කරගත්තා. මොකක්? අයිය කියන්නේ දැන් අර කන්දත් නැඟලා යමු කියලා ? අයි සී බ්ලොක් ගල්..!! මේක කන්දක් නගින්න කතා කළේ...? නැතුව මං ආසයි අර මීදුං ගලා කන්දේ උඩට නඟින්න. බුදාරා සෑහෙන්න හැඟීමෙන් කිව්වත් හරි උඹ නාඩන් අපට පිස්සු කියාගෙන ඇවරිතුමා පිරිස බසය වෙත කැඳවාගෙන ගියා.       

ඇත්තට කිව්වොත් සබරගමුව කිව්වට යන්නේ කොහොද කියලා ලොකු ප්ලෑනක් තිබුනෙ නෑ. සමන් දේවාලය හා රත්ගඟ තිබුණා. ඔය අතරේ අපේ දයානන්ද සර් ඇවරිට ගැටන්ගම, පුරන්දර ශ්රී භද් මාරපන මැණික් කෞතුකාගාරයක් බලන්න යමුය කිව්වා. කෝමත් රත්නපුර ජාතික කෞතුකාගාරය සති අන්තයේ වහලා. වෙද්දි නඩේට බඩගිනි වෙලා තිබුණෙ. රත්ගඟ යන පාරෙ නවත්තලා කනවාට වඩා එතැන පහසුකම් අතින් හොඳයැයි ඇවරිට හිතුන නිසා අපි පැත්තට බසය හැරෙව්වා. පුරන්දර කියන්නේ පුරයන් විනාශ කරන්නා, හෙවත් යුද්ධයට අධිපති ඉන්ද් දෙවියන්ට කියන නමක්. නම නිසා ඔහුගේ වැඩත් වගේ වෙන්නැති කියලා ඇවරි ඉවෙන් හිතුවා. අපි යද්දි හායි ගාලා ඇරලා දාපු ගේට්ටුවක් ඇති විශ්ව කලා කෞතුකාගාරයක් තිබුණා. හතරවටේ කැරකිලා බැලුවත් කිසිවෙක් පෙනෙන්න හිටියේ නෑ. ස්ථාන බාර සීයා එහි ඇවිත් පොඩි හාමුදුරුවන්ට හීල් දානය ගන්න අවශ් කළමනා කටයුතු සූදානම් කරලා දුන්නා. අපේ කට්ටිය නිදහසේ තැන තැන වාඩිවෙලා කෑම කෑවා. බොහෝ දෙනා බස් එකෙත් ආහාර ගත්තා. නියම පික්නික් ස්වරූපයක් එහි වුනා. කෞතුකාගාරය විවෘත කරන්නේ උදෑසන නවයට නිසා ඇතුලු ප්රදර්ශනකුටි විවෘතව තිබුණෙ නෑ. අපි එතුමන්ගේ පුද්ගලික එකතුවට අදාළ කෞතුකවස්තූන් විශාල ප්රමාණයක් දැක බලාගමිනින් කාලය ගත කළා.

වෙලාවට වටින ප්ලේන්ටී පාරෙන් අනිත් පැත්තේ කඩේ ඇතිබව කල්පනා කළ ඇවරි උත්පල කොලූ අතේ සල්ලි යවලා තේ විස්සක් දාන්න කිව්වා. පාතරාසය අහවර කරලා ඇවරි එහි යද්දිත් හතරදෙනා සූරයෝ තේ හදනවා. ඇවරිතුමා තේ කඩේ ඇන්ටිත් එක්ක කතා කරලා ජෝගු, තසිම්, කෝප්ප ලයින් කරලා තේ හදනවා තේ බෙදනවා රෝසලාට තේ අල්ලන කොන්ත්රාත්තුව දුන්නා. ආයෙ රජදහනෙන් පිට හිටියත් තේ එක ෂුවර් කියන්නේ රුසිරුත්, ඉෂාරාත් අපේ අය ඉන්න ඉන්න තැනට ගිහින් තේ අල්ලපු නිසා. ෂුගර් අයත් මේ සර්විස් එක නිසා තේ බීවා.

ඉතිරි තේ අහක දාන්න ලෝබ නිසා කලගෙඩි බඩ හිමි කලගෙඩිසේන හෙවත් උත්පල ජෝගුව කටේ හලාගෙන බීගෙන බීගෙන ගියා. ඔන්න රුසිරු මෙයා ළඟ නම් නාන්න එපා හොඳේ... දයානන්ද ටීටර් විහිලුවක් කළේ ගල් පඩියක වාඩි වෙමින්. රුසිරුගේ ටියුබ් ලයිට් එක පත්තු වෙන්න සෑහෙන්න වෙලාවක් යද්දි, නඩේ උත්පල ළඟ නොනාන්න තීරණය කරලා අහවරයි. ඔහොම කට්ටිය හිනා වෙවී ඉද්දි භාරකාරතැන ඇවිදින් තවත් ගැලරිතුනක් විවෘත කරලා දුන්නා. මැණික් හා ස්වර්ණාභරණ ගැලරිය, ලාක්ෂා - පිත්තල ගැලරිය සහ චිත් - කැටයම් ගැලරිය වශයෙන්.

මැණික් හා ස්වර්ණාභරණ - ඛනිජ ගැලරිය කොයි කාගෙත් සිත් ගත් එකක් වුනා. ස්ඵටික වශයෙන් ඇති අන්තර්ජාතික ඛනිජ වර්ග, මැණික් ජාති බොහොමක් එහි තැන්පත්කොට තිබුණා. ආහ් අපේ කුසුමා ටීචර් මේ ගැලරි බලන්න ආවෙ නෑ. ඕවා බැලුවා තණ්නාසෙ වැඩි වෙනවා. අපි දැන් නහින දෙහින මිනිස්සු. පුතාලා බලලා එන්න කියලා එතුමිය බසයේ හිටියා. පිත්තල ගැලරිය එක්විසිට්. අඩි පහේ හයේ පිත්තල තසිම්වල කැටයම් කොටලා තිබුණා. තව විශාල ප්රමාණයේ රාධා කෘෂ්ණ රූප දෙකක් හා තාරා මගේ දෙව්දුව ප්රතිමාවක් එහි තිබුණා. ඒවා නම් ක්ලාසි ආර්ටිෆැක්ට්ස්. හරියට නත්තරම්පොත ගියා වගෙයි. චිත් මූර්ති එකෙත් විශේෂත්වයක් තිබුණා. එහි නවග්රහයින් නව දෙනාගේම රූප තිබුණා. කොළඹ ගංගාරාමේ පූජා වට්ටි හදන තැන මේ රූප දැකගන්න පුළුවන්. තවත් අපේ පන්සලේ සිවිලිමේ තියෙන නැකත් විසි අට රූප හැටියට චිත්රණය කරලා තිබුණා. අස්විද, කැති, දඩ, විසා, උත්රසල, රේවත, රෙහණ ආදී වශයෙන්. අය මානව රූපී හැටියට දක්වලා තිබීමයි විශේෂය. අපේ දයානන්ද මහත්තයා නක්ෂත් ශාස්ත්රය කෙළ පැමිණියෙක් නිසා එතුමා රූපවල තේරුම් කියා දුන්නා.

දහ අට සන්නියේ වෙස්මූණු, කෝලම් මූණු වෙනම තිබුණා. තව අපි නොදන්න දේව මණ්ඩල රූප තිබුණා. එහි අභූත දෙවියන්, කුමාර දෙවියන්, කඩවර දෙවියෝ, සමන් දෙවියෝ, මහී කාන්තා, බහිරව දෙවියෝ, පත්තිනි, ගම්භාර, ස්කන්ධ කුමාර, සූනියම්, විභිෂණ ආදී බොහෝ දෙවි දේවතාවියන්ගේ රූප අදාළ වාහන සමඟින් සිතුවම් කරලා තිබුණා. විභීෂණට ඇයි දළ තියෙන්නේ? පත්තිනි මෑණියො හතක් ඉන්නවාද ආදී වශයෙන් දේව පුරාණ, ක්රොනලොජි, බජන්, පුරාවෘත බොහොමයක් ඈඳුනු කාලය ඉතාමත් අධ්යාපනිකව ගෙවුනා. අපේ පන්සලේ ඇති තේලපත්ත ජාතකය එක ඵලකයක් මත සිතුවම් කරලා තිබුණා සේම් ටු සේම් වෙන්න. ඒක සර්ව සම පිටපතක් ගානයි. චිත් එකතුව ගැන වැඩිහිටි පිරිස බොහෝ වෙලා කතා කළා. තරුණ අය කළේ පොටෝ ගැනිල්ල ඉතිං...