Friday, October 15, 2010

ග්ලැඩියේටර් 2


අර ශාපය ගැන විස්තර කරලා වේටර්වරයා එළියට ගියා ම තරුණ යුවළ අතර ප්රශ්න ඇති වෙනවා. මං කලිනුත් කිව්වනේ ඒ කොල්ල පෝසත් කියලා. ඔහු පරම්පරාව ගැන වගපල කියන්න ගන්නවා. ‘මමීලා පපාල අකමැති වෙද්දි තමයි මං තමුසෙව බැන්දෙ. ෆැමිලි ප්රොපටි එකෙන් සතයක් දෙන්නෑ කියද්දිත් මං බැන්දා. චීත්ත ගවුම් ඇඳන් කැම්පස් එද්දි රෙද්දක් අරං දුන්නෙ මං. ඒත් මං ගොනා උනා......’
දැන් බිරිඳගේ කියවීමට යමු. ‘මං හිතුවෙ ඒ සේර ම ආදරේට කියලා. අනික අපේ අම්මලා අප්පච්චිලා මහ පොළව එක්ක ඔට්ටු වෙලා ගොයිතැන් බත් කරන එක ඇත්ත. ඒත් මිනිස්සුන්ව එච්චර පාච්චල් කරන්න එපා සුපුන්. මං ඔයාට යාළු වෙන්න කලින් කිව්වා. අවුරුදු ගාණක් පස්සෙන් ඇවිත් කරදර කරද්දි මටත් දුක හිතුනා. ඒත් මාත් රැවටුනා. කෙහෙම්මල් ආදරේ.... ආදරේ නිසා ද ඊයෙ සුදු රෙදි එළලා ඇඳට ගොඩවුනේ?? මගේ පිරිසිදුකම දැක්ක ම පුංචි එකෙක් වගේ සතුටු වුනේ... හරියට රටක් රාජ්යයක් දින්නා වගේ! ඔයා ආදරේ දන්නෙ නෑ සුපුන්. මං කවදාවත් ඔයාට හිටපු කෙල්ලො ගාන අහල තියෙනවද? යාළු වුනාට පස්සෙත් ඔයාගෙ පුංචි පුංචි අහු කොන් දැක්ක ම මං කරබාගෙන හිටියා. ඒත් වද කර කර හාර හාර මගෙන් කොල්ලෙක් හිටිය ද කියලා ඇහුවා. මං නෑ කිව්ව ම කා ගැන හරි හිතිලාවත් තියෙනව ද කියලා ඇහුවා. මං අද ඒකට උත්තර දෙන්නම් ඔව් මට එහෙම හිතිල තියෙනවා.
තමුසෙ මං හිතපු කෙනා නෙවි. මං හිතුවෙ හරි අහිංසක කෙල්ලෙක් කියලා. දැන් බැලුවම අනික් උන් වගේමයි. කමක් නෑ මං ඊයෙ කොන්ඩම් පාචිච්චි කළා. මං ගිහින් අප්පච්චිගෙන් සමාව ගන්නවා. මමීලාට මං පිටුපෑවා. ඒත් තාම පරක්කු නෑ. අනේ ඔයාලාගේ වංසෙ. සුද්දන්ට පක්කලිකම් කරලා, රේන්ද වෙළදාමෙන් පෝසත් වෙලා. සල්ලි වලට වාසකමත් වෙනස් කරන් දොන් කෑල්ලක් දාගත්තා. දැන් කළු සුද්දෙක් වෙලා. ඔයා මාව බැන්දෙ තව කෝටියක් කෙල්ලන්ගෙන් ගන්න බැරි දෙයක් මා ළඟ තිබුන නිසා සුපුන්. අපි දුප්පත් වුනත් ඒ දේවල් ආරක්ෂා කළා. අපි ඉගෙන ගත්තා. මොකද ගොඩයන්න පුළුවං එක ම පාර ඒකයි කියලා අපි හිතපු නිසා. ඒත් මාව හපයක් කරලා වීසි කරන්න ඔයාට පුළුවන් ද සුපුන්???
ඔහු බඩු අසුරාගෙන කාමරෙන් ඉවත් වෙයි. විවාහක යුවළගේ කතාව නිම වන්නේ එසේය. මීළඟට කාමරයට පැමිණෙන තරුණ යුවළේ කාන්තාවට ගර්භාෂයක් නැත. ඉතා සාමාන්යම ලෙස එය සලකා ඇය හා සැහැල්ලුවෙන් ගත කරන ඔහු පිළිබඳ ඈ බොහෝ සතුටු වන්නේ තම අඩුපාඩුව නොතකන සැමියකු ලැබීම නිසාය. අවසානයේ දී ඇගේ අඩුපාඩුව ම ඔහුගේ තෝරා ගැනීමට හේතුව බව හෙළි වීමෙන් ඕ උදහස් වන්නීය.
‘මට ළමයි එපා. ඒකයි මං ඔයාව කසාද බැන්දෙ.’ මොකක්?? මේ කොච්චර දේවල් ලැබුණත් සම්පූර්ණ කරගන්න බැරි දෙයක් තියෙන නිසා මං දුකින් හිටියේ. ඔයා ඒක හරිම සාමාන්යන දෙයක් විදියට අරගෙන මාව සතුටින් තිබ්බා. මං කොච්චර සතුටු වුනා ද? ඒත් ඔයා එහෙ ම කළේ..... ඔයාගෙ පැවැත්ම වෙනුවෙන්. ‘නැතුව මං වගේ අවුරුදු ගාණක් වැඩිමල් මිනිහෙක් මේ දුර්වලකමත් තියාගෙන ඔයා වගේ කෙනෙක්ට කැමති වෙයි කියලා හිතුවද?’
ඊළඟට කාමරයට ආවේ බෙරවායො දෙන්නෙක්. එක්කෙනෙක්ගේ පුතා මැරිලා. අනිකාගේ පුතා කැම්පස්. පුතා බෙරකාර තාත්තගෙන් මෙහෙම ඇහුවලු. ‘අනේ බං තාත්තෙ උඹෙ ඔය කෝල්ම් පෙට්ටියට ජේ. ආර් කෝලම එන්නෙ කවද්ද? අඩුම තරමෙ විධායක කෝලමවත්?? මං දන්නෑ කොල්ලො මං ඡන්දෙ දුන්නෙත් නෑනෙ? උඹ කියයි. අප්පච්චි උඹ දුන්නත් නැතත් ඔය ආණ්ඩු තේරෙනවා. අන්තිමට උන් දාන අසාධාරණ කොන්දේසි වලට ඡන්දෙ දුන්නා නුදුන්නනා උඹලත් යටයි. කොල්ලා කියපු කලාව අන්න හේමයි බං. අපිට උරුමෙ කරුමයක් වෙලා.
මෙච්චර ඉහළට උගන්නලා වැඩක් නැති බව දැන දැනත් ඇයි ඉගැන්නුවේ කියලා අපේ එකා අහනවා. ඌ තාම ගෙදර. දැන් මට මූණ දෙන්නෙත් නෑ.....’ කුරුමිණියන් හැම පොල්ගසක් ම ඇතුළින් කාපු බව කියමින් නාටකේ ඉවර වෙනවා. ඉන්දික මේ පාර අවසානය වෙනස් කරලා තිබුණා. නමුත් ඒක හොඳයි කියලයි මට හිතෙන්නේ. සුභ රාත්රියක්’ වේටර්ගේ සුබ පැතුමෙන් නාටකේ අහවර වුනා. ප්රතිචාර උපරිමයි. හිතන්න ගොඩක් දේවල් එහි තිබුණා.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....