Thursday, January 30, 2020

ගෙම්බා සුරතල් සතෙකි හෙවත් රාජකුමාරියගේ මණ්ඩුක ව්‍රතය



මේ දවස්වල ඇවරිගේ විනෝදාංශය කතා ඇසීම, ඒක කතාන්දර ඇසීම හෝ පද ඇසීම වගේ කාරණා වලින් වෙනස් වෙන්න පුළුවන්. කෝමත් ඇවරි රටේ ම කතා අහලා තියෙන්නේ. සියලු පද අල්ලලා කස්තිරම් නටලා තිබුණත් මේ  කතා කියන්නේ ඇත්ත කතා. ඥානකතා වගේ නෙමේ. තව කිව්වොත් අර කණාමැදිරි රාත්‍රියේ සීන් හෝ අපේ රජ එෆ්.එම් කතා නෙමෙයි. අපි අලුතින් ම “How I met your mother”  සහ  “How I met your dad” සීරීස් දෙකක් ලියන් යනවා. රැන්ඩම් ඉන්ටර්විව්ස් තියෙන්නේ. වැඩියෙන් ම කතා කියන්නේ ගෑනු ළමයි. අපිව දන්න අය නම් කතා කියනවානේ පට්ට පර්සනල් ඒවා. හැබැයි නොදන්න අයත් කියනවා මේකේ. මාර රසයි ඉතිං.

දැන් මේක කියනවන ඔබේත් කතාවක් තියනවනේ. සමහරු දන්න, බහුතරය නොදන්න. දැන් ඔබට අසහනය කියලා හිතාගෙන ඔබ සුමිත්‍රයෝ ගියා නම් එයාලා දෙන ට්‍රීට්මන්ට් එකත් මේක ම තමා. ඒකාන්තර කථනය. අපි හූමිටි තියනවා. ඉතිං ඊට පස්සේ? ඕහ් කිසිම දෙයක් අහන්නැතිව ඔයත් කැමති වුනා? වගේ සක්ක කෑලි පුරවනවා. එයාලා දිගට ම කියනවා. කියනවාට වඩා ලියනවා. චැට් එකේ. මාර ෆන් ඉතිං. දැන් කියපන් ඕපදූප ගොසිප් කියලා. ඇත්ත අපිට මොක ද අපි අටසිල් උපාසක - ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් කොණ කියන්නත් පුළුවන්.

නමුත් අවසානයේ දී ස්වයං නිගමනයකට එන්න පුළුවන් වෙනවා. ආහ් මට එයාව අත්හරින්න ම බැරි වුනා, ඒ නිසා මේම වුනා. මට ඒක ම ඕන වුනා ඒක නිසා අපිට මේම වුනා වගේ කතා අහන්න ලැබෙනවා. තවත් වැදගත් දෙයක් තමා ඒ අය එදා කරපු ඇගයුම්ශීලී ප්‍රකාශන අදටත් වලංගු ද නැද්ද? ඒවා වෙනස් වෙලා ද කියලා ඒ අයට ම හිතාගන්න ලැබෙන එක. ගෙම්බා හුරතල් සතෙකි කියලා ලව් කරන කාලෙ කිව්වට ගෙම්බා කියන තරම් හුරතල් ද කියලා තේරෙන්නෙ එක වහළක් යටට ආවම. ගෙබ්බා සුරතල් සතෙක් වෙයි කියලා හිතාගෙන රාජ කුමාරී ගෙම්බාව සිපගත්තාට ගෙම්බා කඩවසම් රාජකුමාරයෙක් වෙන්නෑ පින්වතුනි. රාජ කුමාරි ඩෙස්පරෙට් වෙනවා මිසක් ලොල්. ඒක ගෙම්බාගේ හැටි. කුමාරි තේරුම් ගන් ඕන. සමහර කතාවල රාජකුමාරි වෙන ගෙම්බෙක්ව ටෙස්ට් කරන්න ඉඹිනවා, ගෙදර එකා වෙනස් නොවුන නිසා, ඉතිං වැඩේ තවත් සංකීරණ වෙනවා.

මේකේ කතා කරන ජෝඩු හරියට සෙරෙපපු කුට්ටම් වගේ. එකකට එකක් හාත්පසින් ම වෙනස්. හැබැයි ඒ කුට්ට ම තමා මැච් වෙන්නේ. දෙන්නා ම එක ම විදිය නම් අපිට ඒ සෙරෙප්පු ජෝඩුව දාන්න බැරි වෙනවානේ. සමහර කතා වලදි එයාලා මිස් වුන තැන් හොයා ගන්නවා. හරියට අර බැන්දට පස්සේ ඔයා එක ම චිත්‍රපටියක්වත් බලන්න මාව එක්ක ගියේ නෑ කියන පොදු තර්කය වගේ. ඉතිං මාර සෙන්ටිමෙන්ටල්. මාර නොස්ටෙල්ජියාවක් ඒවගේ තියෙන්නේ. ඒ කාලෙ බබා ඔයා මේමයි. ඒකට දැන්...?

අර ස්ටේජ් ඩ්‍රාමා එකක තුමිදු දොඩන්තැන්න මේම කියනවා. මේ ලෝකේ හැම දෙයක් ම වෙනස් වෙනවා.
නිළිය - එතකොට අපේ ආදරෙත් වෙනස් වෙයි ද?
තුමිඳු - ඔව් දැනටමත්...

සල්ලිවලට හුස්ම වැටෙන ලෝකයේ කවුරුත් නැවතිලා කාගෙවත් කතා අහන් ඉන්නේ නෑ. ඕපදූප මිසක්. කාටවත් එච්චර වෙලාවක් නැති වුනත් අපිට තියෙනවා. “It’s a professional service – not else ware classified” කියලා ගහලා ම තියෙන්නෙ ඒකයි. කෝමත් නරි නෑවීම කලාවක් නම් ඇවරි එහි පිකාසෝ කෙනෙක් නිසා ප්‍රශ්නයක් ම නෑ. නැතිනම් හත්ඉලව්වේ වසලා හමරයි මෙතන.

අනිත් පැත්තෙන් උන් ආයෙත් හනිමුන් හොලිඩේස් බුක් කළා ම අපිට බිස්නස් එකක් වෙනවා. ඒවා වෙන ම කතාන්දර. කෝම නමුත් මේක කපලින් UoK එකේ තවත් දිගුවක්. කපලින් පෝස්ට් නම් තවත් දාන්න බැරි වෙයි. ඒ බැකප් එක විනාශ වුනා. ඒත් මේක වැඩ කරයි. වයින් වගේ පරණ වෙන්න වෙන්න රසයි. අපි ආකයිව් කරන්නේ හෙට ඉපදෙන්න ඉන්න පරම්පරාවට. සෝෂල් එක්ස්පරිමන්ට්ස් අපිටත් කරන්න පුළුවන් ද බලන්නයි අපි මේක ලෝන්ච් කළේ. ටිකෙන් ටික අපි දේවල් ඉගෙන ගන්නවා. දැනට හොඳයි. අපි බලමුකෝ ඉස්සරහට.    


No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....