ආයෙ ඇවිල්ලා ඔන්න ඇවිල්ලා සෙල්ලම් කරන්න කාලෙ කියන්නේ දහම් පාසල් නිවාඩුව ආවනේ. හැබැයි ඇවරිතුමා නම් මාසයක නිවාඩු කාලය පුරාත් දහම් පාසල් කටයුතු වලට සහ සම්බන්ධ වුනා. මොක ද ඇවරීස් ඒන්ජල්ස් එක්ක තරග පුහුණුවීම් තිබුණානේ. සැප්තැම්බර් සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගාවලිය ඇවරි කැලැන්ඩරයේ තවත් සුපුරුදු අංගයක්. මේ කාලෙ තමා වසරේ ඇවරි තිරිහන් වෙන කාලය. තව දුවන්න පුළුවන් ද බැරිද කියලා තේරුම් ගන්න කාලය. තව තවත් ශක්තිමත් වන කාලය. විවේකීව පද අමුණන කාලය. අලුත් අත්හදා බැලීම් කරන කාලය. පොඩිඋන්ගෙන් ඉගෙන ගන්න කාලය වගේ ගොඩක් හැපනින් කාලය තමා වසරේ අවසාන කාලය.
කෙටියෙන් ම කිව්වොත් අලුත් ටීම් එකක් එක්ක පුහුණුවීම්
පටන් ගන්න, අලුත් මූණූ හොයන, උන්ගේ ආයුධ මුවාත් කරන්න වෙහෙසෙන ඉතා ම දුෂ්කර කාල
පරිච්ඡේදයක් තමා තරග කාලය කියන්නේ. කොටින් ම මේ කාලෙ ඇවරි උදේ කෑම මිස් කරන දවස්
අනන්තයි.
ඇවරිට පොඩි හාමුදුරුවො
කෙටි පණිවිඩයක් එවලා තිබුණෙ කාලෙකින්. සාමාන්‍යයෙන් අපේ පොඩි හාමුදුරුවො කෙටි
පණිවිඩ ඒ හැටියට ම එවනවා. සියලුම අකුරු කැපිටල්. උපරිම වාක්‍ය දෙකයි. "THAMA NIDIDA? NAGITTAMA CALL KARANNA" කොච්චර හදිසි
අවස්ථාවක උනත් උන්වහන්සේ අපි ගත්තොත් දුරකථනයට පිළිතුරු දීලා අදාළ අවස්ථාව ගැන
අපිට දනවනවා. උදාහරණයක් හැටියට පාංශකූලෙකට වැඩම කළා නම් , අපි කට් කරන කම්
පාංශකූලෙ සිද්ද වෙන හැටි අහන්න සලස්වනවා.
මේ දවස්වල නම් ඇවරිතුමා නැඟිටින්නේ
ඊට ඇඩ්වාන්ස් ආකාරයට. ඇවරිගේ වැඩ හැටියට ටෙක්සට් කරලා බෑ. කෝල් කරන්න ම වෙන බව
දන්න නිසා පොඩි හාමුදුරුවෝ කෝල් කරලා ම කාරණේ කියනවා. ළමයි ඇවිත් නලින, මග ද ඇඳේ
ද? ඇඳේ අපේ හාමුදුරුවනේ විනාඩියෙන් එන්නම්. ඉතිං දුවපන් මයෙ අම්මා..! අටට ගියාම
දහය එකොළහ වෙනකම් ළමයි කනවා මිසක් කන්න එන්න මතක් වෙන්නෙත් නෑ. අපි මිනිසුන් තැනිය
යුත්තේ අප පසුකර යාමට ය කියලා තරයේ අදහන ඇවරිතුමා පොදු සටන් කෙසේ වෙතත් හුදකලා
සටන්කරුවන් වෙනුවෙන් හැමවිටම ඉදිරිපත් වෙනවා. අවම වශයෙන් ඒ අයව අගය කරනවා. අන්න
එහෙම ඇවරි අඳුනගත්තු චරිතයක් තමා අසිත් සර්. 2017 අපේ ගුරු මණ්ඩලයට එක් වූ අසිත්
කලින් දහම් පාසලේ රචනා භාර ගුරුතුමා. ඉතිං ඒ සංවාදශීලී තරුණයාට අවස්ථාවක් ලබා
දෙමින් ඇවරි තමුන්ගේ වගකීමෙන් කොටසක් ඔහු වෙත පවරන්න කටයුතු කළා.
කෝමත් අපි දැන් වයසයි. දැන් ඇවරි උයා රිටයර් වෙන්න ඕන
කාලෙ. එහෙම කියලා අපි පටන් ගත්තු වැඩ දාල යන්න බෑනේ අපේ හාමුදුරුවනේ. ඒක ඇත්ත නලින
ඔයාලා ගාවට තව කවුරුහරි ආව ම බාර දීලා යන එක තමා හොඳ. අපේ හාමුදුරුවො නිතර කියන්නේ එහෙම. කාලා
වරෙන් කෝ ඉතිං. හැබැයි දැන් නම් ඇවරිතුමාට අනාගතේ ගැන ලොකු බයක් නෑ. අපේ තරුණ සෙට්
එක ඕන ම වගකීමක් දරන්න පුළුවන් මට්ටමකට ඇවිත් තියෙන එක ගැන අවංකව සතුටුයි. උන් තමා
අපේ ආයෝජනය. අපි අවුරුදු එකොළහක් මේකෙ පොල් ගාලා නැති බව දැන් තේරෙනවා. උන් මාර
ක්ලැසික් ගැන් එකක්. ළමයි බැහැලා ගොඩදාමු කිව්වොත් එකෙන් ම බහින්නේ ආයෙ. උන් එක්ක
ඉද්දි ඇවරි තමා නාකි ම. හැබැයි හද්ද මොන්ගල් බාලාංස වැඩ කරමින් පිස්සු ම
කෙලින්නේත් ඈවර විතාන ම තමා.
එදා ප්‍රැක්ටිස් මදිවට ස්ටාෆ් මීටීන්. ඇවරි
සැටඩේ රෑ ෆිල්ම්ස් බලලා සන්ඩේ නැගිට්ටේ ටිකක් පරක්කු වෙලා. මේමනේ දවස් පහේ ම වැඩ
කරලා සෙනසුරාදා අපි පන්සල් ගිහිල්ලා ෆුල් නිස්කලංක ෆන් එකේ ඉන්න දවස. රෑට මූවි
එකක් බලලා ඉරිදා කෝමත් පරක්කු වෙලා තමා නැඟිටින්නේ. හැබැයි නැඟිට්ට ගමන් ම දහම්
පාසල් රාජකාරියට යනවා. එදා නම් සුපුරුදු පරිදි පොඩි හාමුදුරුවෝ ඇහැරුවා. අටට පටාන්
ගත්තු රැස්වීම ඇවරි යද්දි නවයයි. වැඩේ කියන්නේ ඝන්ඨාර එලාම් එක වෙන ඇවරි මාතාව එදා
බණක් අහන්න ගිහින්. නැඟිට්ටවන්න කවුරුත් නැති නිසා නින්ද ගියා. පරක්කු වුන නිසා
දඩුවම හැටියට සෙට් වුනා ගුරු මණ්ඩලේට තේ හදන්න. ඇවරි කෝප්ප හෝදලා වැඩේ පටාන් ගද්දි
ම දේවකී අක්කත් සමාරත් ඇවිත් වැඩේ බාර ගත්තා. දේව් තමා තේ හදන්න කියාපු. ඇගේ නිල
ටී ටේස්ටර් තමා ඇවරි. පහුගිය වෙසක් දානෙ වෙලාවෙ හීල් දානෙ ඉවර වෙලා මුළු පන්සලේ ම
සිල් ඇත්තන්ට තේ හැදුවේ අපි දෙන්නා. ඒ වෙසක් දානෙ පට්ට ෆන් ඈ. මෙදා ඒ සලාද පෝස්ට්
එක මිස් වුනා.
අපි දෙන්නා නිල තේ සැපයුම්කරුවන් වුනාට පොඩි
හාමුදුරුවො පිටි දෙන්නේ දෙන්නට ම තරයේ අවවාද කරලා. රස වැඩි වෙන්න ඉඟුරු ඉස්ම
දාන්නත් අපි අමතක කරන්නේ නෑ. දේවකී අක්කත් එක්ක සමාරා ආව නිසා ඇවරි ඒ රාජකාරියෙන්
නිදහස් කරන්න ඔවුන් කටයුතු කළා. හැබැයි තේ රස බලන වැඩේ වෙනදා වගේ ම ඇවරි කරා. ඒවා
චාලිත්තරනේ ආයුබෝන්. කඩ කරන්න හොඳ නෑ. වස් වදිනවා ඕන්.
ගුරු රැස්වීම අවසන් වෙලා ශිෂ්‍යනායක
රැස්වීමකුත් තිබුණා. නිණිනි පෝයට ශිෂ්‍ය නායක වැඩමුළුවක් ඇති නිසා ඒ ගැනත්
කතා වුනා. අපි වැඩිහිටියෝ හැටියට දරුවන්ට අවස්ථාවන් දෙන්න ඕන. ඒකට මේ වැඩමුළුව
හරියනවා. වැඩි කාලයක් නැති නිසා ඉරිදා ම ප්‍රධාන ශාලාව හෝදන්න ශිෂ්‍ය නායක මුළුව
යොදාගෙන තිබුණා. ඇවරි තමුන්ගේ සහෝදර පිට් එකෙන් ඒ වැඩේට බකප් එකක් දෙමු කියලා
ඉල්ලා හිටියේ පොඩි උන් වැඩේ අනාගන්න බව දැනගෙන.
ඒ අනුව වින්දනා, සමාරා, මධූෂා, සාගර සහ
කණිෂ්ක ඇවරිත් එක්ක ගේමට බැස්සා. ප්‍රධාන ශාලාව වර්ග අඩි තුන්දාහකට වැඩියි. හෝදපන්
දෙයියෝ. ඒ මදිවට දූවිලි වකාරෙ. කෙල්ලො ටික කොහෙන් ද මන්දා පාන් හොයාගෙන උදේට කනවා
ඇවරිතුමා දැක්කා. ඇවරිත් පාන් රොස්ඩකට සෙට් වෙන්න හදද්දි අමිල අයියා ඉන්න බව මතක් වුන නිසා එතුමාව කැඳවන් එන්න යද්දි ඈත තියා ගෙදර යන නිසා අපිට කන්න කීවා. හිඟන්නාගේ පාත්තරේට ම හෙනහුරා පාත් වෙනවා කියන්නේ ඇවරි එද්දි පොල් සම්බෝල ටික උක්ත නම් සඳහන් බඩජාරීන් විසින් අහවර කරලා. ඉතිං මක් එකකැයි දන් වළදන්නේ.
කාරි නෑ කියලා හිතාන ඇවරි පරණ සරසවි කුරුටු ගීයක් මතක් කරගෙන කෑවා.
පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ලූණුයි පොලුයි සැරියුත් මුගලන් වේවා
බෝඩිං හොද්ද නේරංජන ගඟ වේවා
බෝඩිං මුදලාලි කන්ථක අසු වේවා...!