Friday, October 15, 2010

ඩලස් සමඟ දෙපැයක්


ඔක්තෝබර් අට වැනිදා නාටක බලන්නත් මං ගියා. එදා මං කැම්පස් ආව ම පවුඩා අදත් එනවනේ කියලා ඇහුවා. දවසේ එහෙම වැඩක් දාගෙන තිබුණෙ නැති නිසා මං බෑ කියද්දි වර වර හොඳ ප්ලේ එකක් තියෙන්නෙ කිව්වා. පස්සේ මං හවහට සිංහ සාලාවට සෙට් වුනා. එදා කෙටි නාට්යහ දිනය. ආරාධිතයා ඩලස් අලහප්පෙරුම. ඩලස් අන්කල් පස්ට කැසුවල් ආවා. ගාඩ් එකක් හිටියෙ නැති තරම්. හලෝ ඩලස්ගෙත් චුට්ටක් තට්ටෙ තියෙනවා. ඇයි අනේ අපේ මහින්ද අන්කල්ගෙත් තට්ටෙ තියෙනවානේ....??? අර සිරස දම්සර මතකද? ඒකෙ මහින්ද අන්කල් වාඩි වෙලා බණ අහද්දි සිරසෙ කැමරාකාරයො කැමරාව පස්සෙ ඉඳන් අල්ලන් ඉස්සරහට ගේනවා. අන්න ඒ මිඩ් ෂොට් එකේ දි මහින්දගේ තට්ටෙ පෙනුන නිසා තමයි රජ ගෙදර පෝයට ධර්ම දේශනාව කැන්සල් වුනේ. අපේ ප්රේමදාස අන්කලුත් ඒ කාලේ කැමරා කරන්න දුන්නේ දකුණු පැත්ත විතරයි කියනවනේ. වම් පැත්තෙන් බැලුවම ප්රේමෙ අන්කල්ගේ නපුරු පාටක් පේනවලු. හැම රෑපගත කිරීමක් ම දකුණෙන් විතරයි. දැක්කනේ දේශපාලනේ කැමරා කෝණ කොච්චර බලපානව ද කියලා.
ඩලාට නම් ඔය එක කෙහුරක්වත් අවුලක් නෑ. මේ ආණ්ඩුවේ ඉන්න ප්රපත්තියක් තියෙන ඇමතියෙක් තමා ඩලා. එහෙම නැතත් මං මිනිහට කැමතියි. එදාත් අන්තිම නාටකටත් බලලා හොඳට එන්ජෝයි කරලයි මෑන්ස් යන්න ගියේ. කාටවත් කරදරයක් වුනේ නෑ. කොටින් ම නම වත් කිව්වෙ නෑ. නමුත් ඉස්සරහින් අසුන්ගත්ත මෑන්ස් ටිකකින් අයිකොන් එකක් වුනා. මං හිතන්නේ ඇමතිට වඩා ඩලස් කියන මනුස්සයා පට්ට කලාකාරයා.
මුල්ම කෙටි නාටකේ සිහින සිත්තම් ප්රාතමික මට්ටමේ එකක්. ඉස්ත්රී වාදය තමා මාතෘකාව. නමුත් කික් එකක් තිබුණෙ නෑ. හොඳ උත්සහයක් කාන්තා අධ්යඑක්ෂකවරිය චලනි ලක්ෂිකා. ඊළඟට පෙන්නුවේ බොක්ස් නාට්යක. පට්ට කොන්සෙප්ට් එක. නියමෙට කළා. නාට්යාට කලින් එහි චිත්තරපටියක් පටන් ගන්නවා. නළුවයි නිළියයි ඇතුළට එන්නේ ඉන් පස්සේ. අධ්යනක්ෂ චාලක රණසූරිය කියන හැටියට බොක්ස් ඇතුළට වෙලා චිත්රපට බලන අය ඕන තරම් ඉන්නවා. ඒ තරමට ම ප්රේක්ෂකාගාරයට වෙලා බොක්ස් එකක් දිහා බලා ඉන්නත් මිනිස්සු හරි කැමතියි.
රජයේ සේවකයෙක් පිටකොටුව බෝ ගහ ළඟින් කෙල්ලක් උස්සනවා. දෙන්න ම එන්නෙ බොක්ස් එකකට. කෙල්ල බලන්නෙ චිත්ර පටිය බොනී මහත්තයා වෙනුවෙන් ඇය ශෝක වීම ඹහුට දරාගන්න බෑ. ඔහු සල්ලි ගෙව්වෙ වෙන වැඩකට. ‘ මං හිතුව ඔයා ටිකක් වෙනස් ජාතියක පිරිමියෙක් කියලා. වෙන මිනිස්සු නම් හදන්නේ විනාඩියකට හරි කාමරේකට රිංගන්න.’ පිරිමියාට ඉස්මුරුත්තාවට තද වෙනවා. ‘නැතුව තොපිත් එක්ක පෝරුවේ නඟින්න යෑ’ නෑ අනේ මං කිව්වෙ අපේ තාත්තට පස්සෙ මාව චිත්රපටියක් බලන්න ගෙනාවෙ ඔයයි කියලයි.
ඇය තදින් ම චිත්රපටිය රසවිඳිනවා. ඒ එක්ක ම විදුලිය විසන්ධි වීමක් ‘කවුද යකෝ ලයිට් නිව්වෙ?’ ඉතිං හොඳයි නේ මෙහෙට එනවා.’ දෙපැත්තෙ බොක්ස් දෙකෙනුත් සද්ද පිටවෙනවා. නැවතත් කරන්ට් එනවා. අන්තිමේ දි තමා ආපු කාරණේ නැවතත් මතක් කරන්න ඔහුට සිද්ද වෙනවා.
‘ඔයා මේ චිත්රපටිය බලලා තියෙනව ද? නෑ.... එහෙනම් බලන්නකො අනේ. මං මේ හිතුවෙ ඔයා මීට කලින් බලපු නිසා අල්ලපු බොක්ස් එක දිහා බලන් ඉන්නවා කියලයි.’ ඔය එක්කම චිරි සද්දයක් වැඩි වෙලා එහා බොක්ස් එක කඩා ගෙන කකුළක් එළියට එනවා. ‘මේ ඕයි මං තමුසෙගෙ කකුළටත් එක්ක ටිකට් ගත්තේ නෑ.’ ඔහු කෑගානවා.
ඒ අතරේ බිරිඳ ඇමතුමක් දෙනවා. චිත්රපටය බලන ගණිකාව කැරට් අලයක් හපමින් ඉන්නෙ. ‘එළවළු ගත්ත ද? ඔව් ආ.... කැරට් ඉවරයි.... නෑ එක අලයක් ඉතුරු කරගත්තා.’ ඔහු ජයග්රාහී හැඟීමෙන් කියනවා. පස්සේ ඔහු කාරණාව කෙළින් ම කියනවා. ‘අයියෝ කළින් කියන්න එපැයි මහත්තයා. මීට වඩා පුංචි ඉඩකදි පිරිමි මගෙන් ගොඩක් දේවල් අරං ගිහින් තියෙනවා. හැබැයි බැරි වැඩ කරන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා. හ්ම් කරන දෙයක් කරගන්නවා.’
නමුත් ඒ එක්ක ම චිත්රපටිය නිමා වෙනවා. ශාලාව ආලෝකවත් වෙනවා. අපිත් ඇත්තට ම බොක්ස් එක දිහා බලන ඉඳලා කියලා හිතෙන්නේ එතකොටයි. කළිසම ඇඳගෙන නළුවත් වේදිකාවට ආවා. උපරිම සිරා.

පන්සල වහලා
පන්සල වහලා හි කතාව එන්නේ හාමුදුරුවො පාර්ලිමේන්තු වැඩම කිරීම පිළිබඳ කතාවක්. රාත්රියට පන්සල ආරක්ෂක හේතුන් මත වහලා. ලොකු හාමුදුරුවො හම්බ වෙන්න පුළුවන් ජාතික ගැටලුවට විසදුමක් ඉදිරිපත් කරන්න පමණයි. තාත්තා අසනීස වෙච්චි වෙලාවෙ සීයා ගමේ පන්සලේ බෝ ගහට බාර වෙච්චි අහපු නිසා දැන් තාත්තට සැත්කමක් කරන්න ඉස්සර පඩුරක් ගැටගහලා යන්න පන්සලට එනවා. නමුත් පන්සල වහලා. හාමුදුරුවො දියවන්නා වැඩලා.
වාණිජ ලෝකය තුළ පන්සල ව්යාවපාරික ස්ථානයක් විදියට වෙනස් වන්නේ කොහොම ද කියන එක ගැන හරි අපූරුවට දක්වලා තිබුණා. ඒක ටිකක් සංකීර්ණ ප්ලොට් එකක්. නමුත් අපූරුවට ඉදිරිපත් කළා. අපේ පන්සල නම් රෑට වහන්නේ නෑ. කොහොමින් කොහොම හරි නාටක ටික බලලා මං ගෙදර එද්දි රාත්තිරි මැදියමත් වෙලා. නමුත් ගෙදර ලයිට් දාගෙන කස්ටිය සාලෙ මොකක් ද බලනවා. මං මේ මොන අරුමැකක්ද කියලා බලන්න මං සාලෙට ආවා. කවදාවත් නැතුව අම්මත් නිදි නෑ. අපේ අම්මා දොළහෙන් පස්සේ ඇහැරගෙන ඉන්නේ බොහො කලාතුරකින්. බැලින්නම් මල්ලා වැඩට ගිහින් තාම ඇවිත් නෑ. ඒකයි මේ සියලු සාමාජිකයන් බලා ඉන්නේ.

1 comment:

  1. මාරයි නේ... දිගටම ලියන්න. මම මේක දැක්කේ අද...ආයෙම එනවා.

    :D

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....