Friday, October 1, 2010

අයං අබාගං කාලෝ......



ම් මේ දිනවල විභාග සමය(o) බැවින් වැඩි වශයෙන් යුනිය තුළ සිසුන් ගැවසෙනු දක්නා නොලැබේ. ඒ ඒ නිශ්චිත ස්ථානයන්හි පමණක් දුම්මල ගසා හෝ එළවිය නොහෙන පෙම්වතුන් පමණක් දැක්ක හැක්ක. හුදෙක් ඔවුන් ප(නැති) දේ ලෙස සැලකීම වරදකි. කලින් ගිවිසගත් පරිදි හෝ කිසිවෙකු විසින් කිසියම් නිශ්චිත හේතුවක් වෙනුවෙන් රඳවා ඇති සෙයක් පෙනෙන මේ තරුණ ශිෂ්යග යුවලක් පුංචි හෝ තැන් මාරුවක් කළ හොත් ඒ ඒ තැන්හි ගැවසෙන සෙස්සන්ගේ වුව ද හිතට හරි නැත. ඒ තරම් අදෘශ්යපමාන සම්මුතියකින් ඔවුහු නිශ්චිත ස්ථාන කරා බැදී ඇත්තෝය. මේ අසවලා.. අර එයාගේ එයා..... අර ඔව් ඒ දෙන්නා.... ඇදී වශයෙන් එකිනෙකා අතර මනා අවබෝධයක් සිසුන් සියල්ල අතර වේ. යුවලක කොල්ලා දකින ඔබ කෙල්ල ද ඒ ඉසව්වේ ඇති බව විශ්වාස කරන්නේ ඒ නිසාය. වැරදීමකින් හෝ නව යුවලක් දුටු විට එය තම අභ්ය්න්තර මතකයේ තැන්පත් කර ගැනීමට කාලයක් ගන්නා මිතුරන් මා දැක ඇත. හොඳයි ඔබත් එසේ නොකරන්නේ යැයි කිවහැකි ද?
දැන් නම් බොහෝ දෙනාට විභාග කාලය අවසාන වී තිබේ. එහෙත් සමහරු තවම විභාග මානසිකත්වය හිස දරා සිටිති. සියල්ලන් ම විමසා සිටින්නේ නව සෙමෙස්තරය ඇරඹෙන්නේ කවදාද යන්නයි. ඒ අතර යුතුකම් ඉටු කරන්නෝ, වගකීම් දරන්නෝ ගොඩබාන අලුත් නැව ගැන කතිකා කරති. ඔවුන්ට වැඩ මහ හුඟකි. ඒ අතරට විභාගය යනු ප්ර ශ්න මාලාවකි. කොල්ලන්ට නම් සෙමෙස්තරය නොවැම්බරයේ ඇරඹීම හොඳය. ඒත් වයස යාම ගැන ළතැවෙන්නෝ ඊට විරුද්ධ වෙති.
යුනිසික් විභාගය නිම වීමත් සමඟ බහුලව පැතිර යන රෝගයකි. ළඟපාත සිටින උදවිය විභාගය නිමවූ දා පටන් ම ජොලියට කැම්පස් එති. වැඩකට නොවේ. නිකම් එති. පැමිණ ගෙනෙන දෙයක් කා ඕපාදූප කෙළ යති. ඉතිරිය හෙට පැමිණ කොන්ටිනිව් කරති. ජිම් කැන්ටිමේ හෝ වේවා, හිල්ටන් එකේ හෝ වේවා මෙලෙස විභාගය නිම වූවෝ මහ හඩින් සාද කතා පවත්වනු දැකිය හැකිය. ඊට පසෙකින් විසි තිස් දෙනා හෙට පැවැත්වෙන විභාගයට අවසන් කුප්පිය දැමීම ඔවුන්ට විශය නොවේ. අපි දු ඒ වරද කළෙමු. නමුත් මාගේ අබාගය තවමත් නිමවී නොමැති නිසා සමාවක් ලැබෙනු ඇත.
තරමක වැසිබර කාලගුණයක් වූ බැවින් අපි සියලු දෙනා ජිම් කැන්ටිමේ සාද කතාවෙන් කල් යැවීමු. අංගනාවක් බලාපොරොත්තුවෙන් මා එහි තත්පර වූ අතර ක්ලොසා, තුනයි තිහට ඇති ප්රශ්න පත්තරයට සූදානම් වන යානි විසින් ස්ථාවර නියෝග මත එහි රඳවා ගන්නා ලදී. දෙතුන් වරක් මා ඈ ඇමතුව ද අංගනාව නොආවාය. වැස්ස පායා ඇති හෙයින් චීලී ද සැලොනයට යාමට ඇවටිලි කළාය. ඇගේ ඇහි බැම ප්ලග් කරගන්නට ඈ කැටුව යන බවට මා පොරොන්දු වූවා මතකය. නමුත් අංගනාව සිටින්නේ බරපතල අඩියකයයි සිතීමි. උදේ මා ඇමතූ විට ඇයට මා හමු වීමට ම අවශ්යට බව කීවේ ඒ නිසා විය යුතුය. අවසනදී චිලී සමඟ මගට බටුයෙමි.
කඟවේණා ඉගිලී යන්නේ ඒ නිමේශයෙනි. අප කවුරුත් දන්නා ආලෝක (ලයිටා) නිවසේ තිබූ පල්සරය කොළඹ ගෙන ඒම නිසා දැන් මෑන්ස් යන්නේ උඩිනි. අප නිකවැරටියේ ඔහුගේ නිවසේ ගිය විට අලුතා අගලකට පෙරළා ගත්තේ ඒ බයිසිකලයයි. මට බර්සරිය සයින් කරන ලෙස කී ඔහු අසුරු සැණින් නොපෙනී ගියේ ය. සියල්ලට කළින් මා කළේ ඉතිපිසෝ ගාථාව කියා කුරුසය සටහන් කිරීමයි. මීළඟ ප්රාශ්න පත්තර දෙක ද ලයිටා විසින් ලියනු දැකීම මගේ අරමුණ වූයෙන් මා අවංකව ම සමිඳානන්ගෙන් ඌට අනතුරක් නොවේවායි පැතුවෙමි. බිය ගන්නට කාරණා නැත. දැනටමත් හැට හැත්තෑවක් රක්ෂණය කර ඇති ලයිටා තමන්ට ජීවිතාවරණක් නොදා සිටීවියයි සිතීම උගහටය. නමුත් වඩුවාගේ ගෙදර නැත්තේ ද පුටුව ම බව මා අසා ඇත්තෙමි.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....