අපි සියලුම දෙනා එක පොරේට ගිහින් ඈදි ගත්තා. සීතල ටිකක් වැඩි වෙලා ද කොහේ ද මගේ දකුණු පැත්තෙ හිටිය ළද ස්කාෆ් එකක් පැළඳ ගන්න වුනා. අපි ඉතිං මිටියි නේ ඈ මගේ අත්වාරුවට බර වෙමින් කිව්වා.
නාටකේ ඇරඹුනා. ‘වීසි කරපන් තර්කය, දර්ශනය, මතවාද’ එහි කතානායකයා විස්කි බෝතලයක් අතින් අරං ඇඳක් පාමුල වැතිරිලා කියවගෙන ගියා. අවුරුදු විසි හයක් තමන්ගෙ බිරිඳ නොඑළඹි ඔහු අද තම බිරිඳ සමග හෝටලයක නවාතැන් අරගෙන. දැන් ඔහුට ටිකක් විතර වැඩි වෙලා. තව එක වීදුරුවක් ගේන්න අණ කළත් වේටර්වරයා එය ප්‍රතික්ෂේප කරනවා. ඒ අතර ඔහුගේ බිරඳ ආවා. ‘ඇයි මෙහෙම බොන්නේ. අවුරුදු විසි හයක් මං බලාන උන්නා ඔයා අද මගේ දොරට තට්ටු කරයි කියලා..... ඒත් ඔයා....මට නුහුරක් දැනෙන්නෙ ඔයා දුර ඉඳිද්දි නෙමෙයි. මෙහෙම ඔයා ළග ඉන්න එක....’ ආදී වශයෙන් බිරිඳගේ සෝකාන්තය හරි අපූරුවට එහි චිත්රණය කර තිබුණා.
‘මට සමාවෙන්න. මට ඔයා ගැන හොයන්න බැරි උනා. සමහරවිට ඔයත් යන්න ඇති.’ සමාව අරගෙන ඔහු අපූරු කතාවක් කියනවා. නමුත් ඊට ඇය බොහොම මානුෂිය උත්තරක් දෙනවා. අසල ටීපෝව උඩ ඇති මල් බඳුන පෙන්වමින් “ඔයාට අර මල් වාස් එක පේනව ද? ඔය තියෙන්නෙ ‘ඒක ළගට ගන්න ඔයා හොයන්න ඕනැද? (ඔහු පිපිරෙන තරම් කේන්තියෙන්) මොනව හොයන්න ද? ළගට ගන්නවා මිසක්...... අන්න ඒ වගේ තමා මම. මගේ ලේ නහර ගල් වෙලා ගිහිල්ලා. ඒත් මං එහෙමම හිටියා. මං එහෙම ම හිටියා.!! වේදිකාව අඳුරු කරමින් ඈ කතාව හමාර කළා.
තවත් අවස්ථාවක ඈ මෙහෙම කීවා. අපි ජීවිතේ ගොඩක් නාස්ති කර ගත්තා. සමහර විට මේ අපේ ජීවිතවල අන්තිම තත්පරය වෙන්න පුළුවන්. අනේ ඒ ටිකවත් සැනසිල්ලෙ ඉමු??? සැනසිල්ල.... සැනසිල්ල අපි හිටියෙම සැනසිල්ලෙ තමා..... බලන්න ඔයාගෙයි මගෙයි ආදරේ බරක් තියෙනව ද? ගෑනු පිරිමි එකතු වෙලා හැදෙන ආදරේ බර!! එවිට ඈ මහ හඩින් ‘අවුරුදු විසි හයකට පස්සෙ ආයෙත් ඔයා මාව රිදවනවා? යන්න මගෙන් වෙන්වෙලා යන්න...
කතා නායකයාට ගැටලුව වුනේ දරුවෙක් නැතිකම ඔහුගේ මත් බවත් සමග දරුවෙක් සිටිනා බව ඔහු හිතනවා. කන්දේ සිටින අවතාර යුවතිය තමාගේ දුව යැයි ඔහු සිතනවා. වේටර් සමග කළ මේ කතාබහත් අපූරුයි....
මට කියනවා තමුසෙට ළමයි ඉන්නවා ද? නෑ සර් මං තාම කසාද බැදලා නෑ... කසාද බදින්නැතුව අයිසේ ළමයි ඉන්න බැරි ද? පුළුවං සර්.... හැබැයි ඒක මහ බලු වැඩක් සර්.... (ඔහු මොරදෙමින්) මෙතනින් යනවා අයිසේ... වෙනත් කාන්තාවකගෙන් තමන්ට දරුවෙක් ඉන්නා බව කීවම කාන්තාව ඔහු දමා යනවා. වගකීම් නැති ජීවිතේ අයාලේ ගිය බව එහි දැක්වෙන්නේ මේ ආකාරයට...
අපි නිදහසේ හිටියා. හරිටයට පියාපතින් ගැලවුණු පිහාවක් වගේ. පියාපතින් ගැලවුන පිහාටුව ජීවිතේ ගැන දන්නෙ නෑ.... ලේ මස් නහර එක්ක හැමදාම පිහාටුවට හයිවුණු සම්පූර්ණ අත්තටුව විතරයි ජීවිතේ ගැන දන්නෙ. පිහාටුවක් වගේ පාවෙලා ගියත් හෘදසාක්ෂිය ඉස්සරහින් පාවෙලා යන්න බැරි වේවි....!!! ඒ අංකය අවසානයි.
මේ කාමරේට ම අලුත බැඳපු ජෝඩුවක් මධුසමය ගත කරන්න ආවා. කොල්ලා පෝසත්. කෙල්ල දුප්පත්. අර නෝන්ජල්පහේ වේටර්වරයා නැවතත් තේ ගේනවා. ඒ අතරෙ කවුළුව විවර කරන කෙල්ල කුරුළු පව්ව දකිනවා. ඒ විතරක් නෙමෙයි සුපුන් ඇගේ පෙම්වතාටත් එය පෙන්වනවා. කාමරේට එන වේටර් ඒ කවුළුව වහන්න කියලා කුරුළු පව්වේ සාපය ගැන විස්තර කරනවා.
රාජ වංශයක අන්තිම රජ්ජුරුවන්ගෙ එකම පුතා දඩයමේ ගිහින් ඔය කුරුළු පව්වෙ අතරමං වුනා. ඒ පල්ලෙහා තිබුණා ලස්සන කුඹල් ගම්මානයක්. අන්තිමේ දි කුමාරයා පව්ව අවසානයට ආවා. ඔහු දැක්කෙ අහිංසක ඇස් තියෙන තරුණ කෙල්ලක්. මොහොතකට නාදුනන දෙන්නෙක් වුණ ඔවුන් ඉක්මණින් පෙම්වතුන් වුනා. ඒත් රජ්ජුරුවො ඊට අකමැතිවුනා. රාජ ලේ ඉඳුල් වෙයි කියලා. ඒ කවලම් පරම්පරාවට ඔවුන් ඉඩක් තිබ්බෙ නෑ. දඩුවම වුනේ දෙදෙනාට ම මරණය. රාජ පුරුෂයන් කුරුළු පව්ව වැටලුවා. ඔවුන් ප්රාෙර්ථනයක් කළා. ‘අපේ ආදරය සත්යේක් නම් හෙට ඉර නොපායන්න කියලා. නමුත් ඉර පෑයුවා. ඊළගට තවත් ප්රාඔර්ථනයක් කළා. මේ මීදුම අවසාන නොවෙන්න කියලා. නමුත් මීදුමත් අහවර වුනා.... දැන් කුමාරයා අර කෙල්ලගේ ප්රේමය සැක කරන්න ගත්තා. ඒ අසරණීගෙ සිරුර මෙතනින් වැටිලා කෑලි කෑලි වෙන්න කලිනුත් අඩ අඩ කිව්වෙ මගේ ආදරය සත්යතක්... මගේ ආදරය සත්යරක් කියලා..... අන්තිමට කුමාරයා සාපයක් කළා. මේ කුරුළු කන්ද සදාකල් මීදුමෙන් වැසී තියේවා. කිසිකෙනෙක් හරි අහම්බෙන් දුටුවොත් ඔවුන්ගේ ජීවිත........ ඒක සාපයක්. ඔව් සාපයක්...
එක්කෝ නෝනලා මං හොල්මනක් කියලා හිතන්න. නැත්නම් මට පිස්සු කියලා හිතන්න එතකොට ලේසියි’
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....