Tuesday, December 4, 2012

සුගිතාභිවන්දනා...


ඇවරිට හදිසියේ ම සලාදයක් ලියන්න හිතුනේ ඊයෙට යෙදුන සුගිත් කොලූගෙ උපන්දිනය නිසා. උපන් දිනයක් කියන්නෙ තවත් අවුරුද්දකින් නාකි වීමක් කියලා මහා ලොරි ටෝක් දුන්නට ඇවරිට නම් පුද්ගලිකව උපන්දිනය කියන්නෙ ටිකක් වැදගත් දවසක්. ඇවරි එදා උදේ පාන්දර පවුලේ කස්ටියත් එක්ක හැපි බර්ත් ඩේ කිරිබත කැපූ වෙලේ පටන් දිනය පුරා කේක් කපලා ඒවා බෙදලා සමරන එක කවදත් කරනවා. කොහොමත් උපන් දිනේට නම් ඇවරි අතවන වන යන්නෑ. කැම්පස් යද්දි කාට හරි කියලා කේක් එකක් අරං යනවා. ඇවරිගෙ පහුගිය උපන් දිනේට කේක් ගෙඩි දෙකක් කපන්න සිද්ද වුනේ කාර්යාලයේ නිල උපන් දින සාදයට හොරා ඇවරි මැතිනිය විසින් වඩාත් අපූරුවට වගේ ම පට්ට සූක්සමව සැලසුම් කරන ලද මවිතකාරී (Surprise)උපන් දින සාදය නිසා.
කතාව කනින් කොනින් ඇදිලා ආව නිසා ඒ ගැනත් වචනයක් ලියලා එන්නම් කෝ. ඇවරිගේ උපන් දිනය දා අපි දෙන්නා ලොකු රවුමක් කාරිය දාලා පුරුදු පරිදි ඇවරිස් බොඩිගාඩ් ආර්නෝල්ඩ්ගේ චරිතයට පණ පොවමින් එම මැතිනිය නිවසට වෙත ඇරලවීමට පැමිණි මොහොතේ නිවසේ ඇවරිගේ යාළු මිත්රයන් විරක් නෙවි, ඇවරිගේ වන් ඇන්ඩ් ඔන්ලි නැඟණිය හෙවත් නාග මාණික්‍යය (නිතර ඇඩියාවෙන් පසුවන නිසා මේ නම යොදනු ලැබේ. නයා තම නාග මාණික්‍ය නැති වූ විට  රැස් වෙලා පවත්වන ලද උපන් දින සාදය නම් අමතක නොවන අත්දැකීමක්. නෑනන්ඩියි මස්සිනයි වගේ ම එකී මෙකී නොකී සියලු කල්යාණ මිත්තරයින් හා මිතුරියන් එහි සිටිනු දැකීමෙන් ඇවරිට පට්ට ම ත්රිලක් ගිහින් ඩාන්සින් ස්ටාර් වෙන්න ගියා කියලත් මතකයි. අන්තිමේ දී පාටිය අහවර වුනා ම පාන් වාටි කන්න ජල්තර සී එස් පණ කඩාගෙන ආව කියලත් ලාවට මතකයක් තියෙනවා. එදා කට්ටිය දුන්න පුංචි පුංචි තෑගි ඇවාගෙ කාමරේ හැමතැනකම. වැඩියෙන් ම මේසෙ උඩ. ඇවරිගෙ කාමරේ ඇවරිගෙ යාළුවො කාව වුනත් මතක් වෙන්න මොනව ම හරි හොයාගන්න පුළුවන්. අඩුම තරමේ උන්ගෙන් හොරකම් කරපු දෙයක් හරි.... අම්මපා... දෙයියම්පා... උදාහරණ කිව්වොත් ලෝකයක් කියතෑකි. කාමරේ පින්තූර බාගයක් ම අටවක කස්ටියගෙන් හොරකම් කරපුවා. හැබැයි අපරාදෙ කියන්න බෑ ඒ හැම එක්සිබිට් එකක ම පරිත්යාග කළ අයගේ හෝ නියම හිමිකරුගේ නම සඳහන් කරලා තියෙනවා.
දැන් නියම කතාවට බහිමුකෝ. අනේ ඉතිං කවුරු කවුරුත් දන්නා පරිදි අපේ සුගීත් කියන්නෙ හරි ම සිල්වත් බෝධිසත්ව ගුණෝපේත කොලු ගැටයා. ටිකක් ටැම්ල් ටච් එකක් තිබුණට පොර අමු සිංහලයා. මෑතක දී යුනියේ බෙන්ච් උඩ දී ලංකාවේ වාසය කරන සියල්ලන් ම සිංහල නමින් හැඳින්විය යුතු බවට මහා තර්කයක් ගෙනාව අපිට මතකයි. (ඒකත් ලියන්න වටින කතාව වෙන පෝස්ට් එකක් හො‍ඳේ) සුගී ගැන කොහේවත් මේ බ්ලොග් එකේ ලියවිලා නැති නිසා මේක මටත් අපූරු රචනාවක්. මට නම් සුගිත් නියම දුක්ගන්නාරාළ කෙනෙක්. තව හරිම සැහැල්ලුවෙන් ජීවිතේට මුහුණදෙන පුරස්න වලට මහෞෂධ ටයිප් විසදුම් දෙන පොරක්. දැන් අපි බලමු සුගිත් ගැන අපේ අපේ අය කියපු කරපු කතාන්දර මොනාද කියලා.
ඇරිකනෙට් හෙයාර් කට් තියෙන කෙට්ටු කකුල් හිමි යෙහෙළියකට අනුව නම් ඈට සුගිත් කිව්ව ම මුලින් ම මතක් වෙන්නෙ කෑමලු. ඒ දවස්වල ඉඳන් ම සුගිත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිමෙන්ති කොට්ට බත් එකක් අරං එනවා. අපි හැමෝම වට වෙලා ඒක කන්න පොරකනවා. ඒ බත් එකේ රස සම්බෝලයක් හේම තියෙනවා. ඇවරිට මතක එච්චරයි. ඒ ඇවරි පොල් සම්බෝල කන්න එපමණ පෙරේත නිසා. හැබැයි සුගීත්ට කෑමක් දුන්නොත් ඉවරයක් වෙනකම් ම කනවයි කියලයි අංගනාව කිව්වෙ. දෙයියො දනී මං නොදනී ඒ බයිලා.... ආ.. තව ඈ කීව විදිහට සුගීත් පොතේ පතේ වැඩට නිකම් සිරිමත් මගෙ සකි - යහපත් ළමයෙකි වගේලු. එසයිමන්ට් හේම හොයාගෙන ගිහින් කරලා කළේ නැත්නම් මෙන්න මගේ එක බලාගෙන කොපි කරගන්න කියලත් දෙනවලු. සුගීත් අධ්‍යයන කටයුතු කෙරේ කොච්චර උනන්දුවක් දක්වනවද කිව්වොත් අනෙක් හැමෝට ම ඒ තිබුණ විෂයකට සුගීට ඒ මයින්. බොරු නම් තාමත් ප්රතිඵල සටහන සුගීගෙ ෆේස් බුක් බිත්තියේ අලවලා ඇති. කෙට්ටු කකුලී (ද කැකුළී ද මන්දා...) කියාපු විදිහට අනෙක් පිරිමි ළඟ නැති උත්තරීතර මහත්මා ලක්ෂණ සුගීත් ළඟ තියේලු. දැන් ගෑනු ළමයෙක් බස් එකකට නඟින්න හේම හිටියොත් ඒ ළමයා බස් එකට නඟිනකම් බලන් ඉඳලලු සුගිත් ගෙදර යන්නෙ.
  තවත් ගෑනු ළමයෙක් .... ඔව් අපි දැනට හේම කියමුකෝ කාරිය, කියපු විදිහට සුගීත් හරි ම ස්පෙසිෆික් කිව්වා. ඕන ම දෙයක් අඩු ම වචන ගාණකින් කියන්න පුළුවන් හැකියාවක් සුගීත්ට තියෙනවාලු. ඒ කතාව හරි. ඔහුට එහෙම හැකියාව තියෙන බව තවත් බොහෝ දෙනා කියා තිබෙනවා. හොඳ සහයෝගීතාවයෙන් කණ්ඩායමක් අතර වැඩ කිරීමේ හැකියාවත් තිබෙන බව ඈ කිව්වා.
අපේ කලා කීර්ති කලා භූෂණ ඒ සී පද්මයාට සහ මග වැටියන් තියඹරා කියා සිටිය පරිදි ඕනෑම කට්ටක් කන්න පුළුවන් එල කොල්ලෙක් හැටියට සුගීත් හඳුන්වා දී තිබෙනවා. ඔවුන්ට සුගීත් ගැන ඇති හොඳ ම මතකය මොකක් ද කියලා ඇහුව ම දෙන්න අපූරු කතා දෙකක් කිව්වා. විශේෂත්වය මේ දෙක ම එක ම ගමනකට සම්බන්ධ වීම.
අපි අනුරපූර් ගිහිල්ලා සයිකල් පාගපු හැටි ගැන ඇවරි කියලා තිබුණේ. එදා දිවුල්ගස් වැවේ ගැඹුරුම සොරොව්ව ළඟ ගියපු මෝඩකමට එක එකා අත්වැල් අල්ලන් හිතේ හැටියට ගිලිලා ගොඩ ඇවිල්ලා වැව් ඉස්මත්තෙ සෙට් වුනාට පස්සේ සුගිත් සිග්සැග් ආර බයිසිකල් පැදපු හැටි තමා කාටත් අමතක නොවන සිද්ධිය. අවංකෙට ම කියනවා නම් එදා තමා ඇවරිත් මහපාරෙ ඩිප්ස් ගැහුවෙ. ඒවට කාරි නෑ ඒ සූර් නිසා කියමුකෝ...... පහුවදා අපි හිටපු කාමරේ යතුර අයිතිකරුට බාර නොදී කොළඹ ගෙන්න තරම් ම අපේ මිත්රයා සුරා සො‍ඪෙක් වීම ගැන තමයි කණගාටු කියලයි චන්දරේ කීවෙ. කතාවට අපි එහෙම කිව්වට සුගීත්ට අය වැය පාලනය ගැන ඇති අවබෝධය ඉතා ඉහළයි. අපි චාරිකායක් සැලසුම් කළොත් හැමදාමත් සල්ලි එකතු කරන වැඩේ බාරගන්න සුගීත් අන්තිම රුපියල දක්වා ම වියදම් කරලා මදි හරිය අතිනුත් දාන්න තරම් වෙස්සන්තර රාජ පුතා ටයිප් කියලාත් නොකියා ම බැහැ. හැබැයි මන්ද්රී කුමාරිට වියදම් කොරන්න ගිහිල්ලා තමයි පොර කවදා හරි නාගන්නෙ...
සුගීතාබිවන්දනාව මං මෙතනින් හමාර කොරන්නයි සැරසෙන්නෙ. මෙදා උපන්දිනේ පටන් ලබන උපන්දිනය දක්වාත් ඉන් මතුවටත් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා සපිරි සෞභාග්‍යමත් අනාගතයකට ඇවරිගේ සලාදයෙන් උපන්දින සුබ පැතුම්.....
ප.ලි - මං ජීවතුන් අතර හිටියොත් ලබන පාරත් විෂ් කරන්නම් මචෝ.....


Monday, October 22, 2012

මට මෙහෙ කරන ඇමති මාතලී



පහුගියදා අපේ ටුවරිස්ට් ඒජන්සියට අලුත් රියදුරෙක් ගත්තා. නම ධර්මපාල මං කතා කළේ ධර්මා කියලයි. අරාබි භාෂාව චතුරව කතා කිරීමේ පුහුණුව නිසා බඳවා ගත් මේ රියදුරා හරි අපූරු ඇවතුම් පැවතුම් ඇති කෙනෙක් නිසා මං හිතුවා ඔහු ගැන මෙහෙම සටහනක් තියන්න.
ධර්මාගෙ ජිවිත කතාව හරි අපූරු එකක්. පාසල් අජ්ජාපනෙන් පස්සෙ සංචාරක මගපෙන්වන්නෙක්ගේ වාහනයක නඩත්තුවට යන ධර්මා එහිදී රියදුරු බලපත්‍ර ලබා ගන්නවා. පසුව එම මග පෙන්වන්නාගේ දෝනියැන්දා සහේට ගන්න ධර්මා තම මාමණ්ඩිගේ අන්තිම කාලෙ දි ගලධාරි හෝටලයට අයත් මාමච්චා පදවපු වා‍හනේ නිල රියදුරු වෙනවා. ඔය අතරේ සවුදි රටේ බර වාහන රියදුරෙක් ලෙස රැකියාවට ගිහින් වසර හතරක් ඇමරිකානු හමුදාවේ ආරක්ෂාව මැද ඉරාකයට අවි ප්‍රවාහනය කරන ධර්මා ලංකාවට ඇවිත් යුද්දෙ කාලෙ ශ්‍රී ලංකා යුධ හමුදාවෙ අවි ප්‍රවාහන රියදුරෙක් වශයෙන් ටයිටෑන් ට්‍රක් එක්ක් පදවනවා. ඔය අතරේ තම කොළඹ අට සුපිරි ඇමතිවරයෙකුගේ පුද්ගලික රියදුරු ලෙස පත්විම ලබන්නේ. ඇමතිතුමා‍ගේ බී.එම්.ඩබ්ලිව් රථයත් පවුලේ ප්රාඩෝවත් පදවන ධර්මා එම රැකියාවටත් සමුදී අපේ ඒජන්සියට බැදෙනවා.
කොපමණ සංචාරකයන් හා කටයුතු කර තිබුණත් ධර්මා මුලින් හෝටල් හෝ ඒවායේ පිහිටීම දැනගෙන හිටියේ නෑ. ඒත් බුද්ධිය පාවිච්චි කරලා ජංගමයාට රී ලෝඩ් දාන නියාවෙන් පාර තොටේ කාගෙන් හරි පාර දැනගැනීමේ කලාව ධර්මා හොඳට දන්නවා. තව දෙයක් තමයි ගෙස්ටව ඇන්දීමට ඔහු තරම් හපනෙක් මුළු ආයතනයේ ම නැති වීම.     
කොච්චර කෙරුමෙක් වුනත් ධර්මාවත් අන්දන අන්දමේ ගෙස්ට්ලා ඉන්නවා. ඒ ජාතියෙ පොරක් තමා මගේ සේවාදායක අල් සල්මා. පහුගිය රාමසාන් සමයේ දින හතක නිවාඩුවක් සඳහා ලංකාවට සිය පවුල ම සමගින් පැමිණි අල් සල්මාට සී සයිඩ් එකෙන් කොටුවක් පනින්න ඕන වෙලා ඒ ගැන ධර්මට කියලා තියෙනවා. ඒ කාලෙ ධර්ම වැඩ පටන් ගත්තු මුල් කාලෙ. අපි ඉන්නෙ ක්ලයන්ට් සතුටු කරන්න වුනත් මෑන්ස් ඉල්ලන හැම දේම දෙන්න බැරි වෙනවනේ. ඒ වගේ අවස්ථාවලදී නිදහස් වගකීම් ප්‍රකාශයක් ලබා ගෙන තුන්වන පාර්ශවයක් වෙත සේවා දායකයා යොමු කිරීමයි ක්‍රමය. ඒ ආකාරයට කරන්න මමත් ධර්මාට උපදෙස් දුන්නා. අහවල් කා පාර්ක් එකෙන් අහවල් වෙලාවට ‍ඩ්රොප් කරලා නැවතත් අහවල් වෙලාවට පික් කරන් හොටෙල් එකට දැම්මා ම වැඩේ අහවරයි නොවැ.  ධර්මාත් අරාබියට වැඩේ පැහැදිලි කරලා දුන්නට මොක ද වී.අයි.පී ටුවර් එකකට ධර්මාව කැඳවන්න මට සිද්ද වෙනවා. අන්තිමේ දී අල් සල්මාගේ සිටි ටුවර් එක කොරන්න වෙන්නෙ වෙනත් රියදුරෙකුට. දින එකොළෙහක් තමන් හා සිටි රියදුරු තම අවශ්‍යතාවය ඉටු නොකර හදිසියේ ඉවත්ව යාමෙන් දණඩෙන් පහර කෑ නයෙක් සේ කිපුණු සල්මා අන්තිමට නවතින්නෙ සංචාරක පොලිසියේ මට විරුද්ධව පැමිණිල්ලක් කරලා.
හත්වලාමයි කියන්නෙ දැන් ගෙස්ට පැමිණිලි කිරීමේ පැහැදිලි දර්ශනය අපි දැනගෙන හිටියත් ඔහුගේ රහස්‍ය ප්‍රකාශය මා සතු වුවත් නියම කාරණේ හෙළි කිරීමේ හැකියාවක් නැති තැන අපි හිරවුනා. අන්තිමේ දී මෑන්ස් අපෙන් වන්දියක් ඉල්ලුවා. පස්සෙ මං මැදිහත් වෙලා අරාබියට නයිට් ලයිෆ් පැකේජ් එකක් ඩොලර් පන්සීයකට ප්රොමෝට් කළා ම වැඩේ අහවර වුනා. එදායින් පස්සෙ එහෙම අමාරුකාරයො ආවොත් හරි සැලකිල්ලෙන් බේත් හේත් කරන්න මං පරිස්සම් වෙනවා. එළිපිට ඇත අවකෙළි කිසිවෙකු මැසිවිලි නොකියත් නම් වොරි වෙන්න හේතුවක් නෑනේ. හැබැයි නිකම් හරි ගෙස්ට් පැමිණිලි කළොත් සොරි වෙන නිසා ලෙඩා මළත් බඩ සුද්ද වෙන්න බේත් දුන්නම අපි නිදහස්.

වැදි පැකේජ්




වැදි ජනතාව කියන්නෙ ලංකාවේ ස්වදේශීය ආදිවාසීන් කියලා දන්නවා ඇතිනේ. පහුගිය දවසක ඇවරිට ලැබුණු රුසියානු සංචාරක කට්ටලයකට ලංකාවෙ වැදි ගම්මානයක් ඇතුළත් කරන්න ඕන වුනා. වැදි ගමට ඒ කිව්වෙ දඹානට සංචාරක ප්‍රවේශපත්‍රයක් අය නොකරන නිසා ඇවරිත් එන්ට්රන්ස් ෆී නැතුව කොස්ටින් එක කරලා එස්ටිමේට් එකක් දුන්නා. නමුත් වැඩි හොඳට කියලා ආදී වාසී ජන උරුම කේන්ද්‍රයේ ප්‍රවේශ ගාස්තු එකතු කරලා තිබුණා.
නුවර පෙරහැර බලලා පහුවදා දඹාන ගියපු ඇවරිගෙ රුසියානු සංචාරක පිරිසට පට්ට ලල් එකකට සෙට මෝල් වෙන්න වෙලා. මගේ සේවාදායක දෙපළ පුරාවිද්‍යාඥ්යින්‍. ඔවුන් දෙදෙනාට ම වැද්දො දකින්න ආසාවක් තිබුණා. අනේ අ‍පේ කස්ටිය දඹානට යද්දි ම හමු වූ මුල් ම වැද්දා සෙලියුලර් එකක් තියාගෙන රුසියානු බසින් සුබපතලා තිබුණා. ගෙස්ටට පට්ට සැටියා කිව්වලු.
ගම ඇතුළට යද්දි කොල්ලො කුරුට්ටො කස්ටියව වට කර ගත්තලු. අපේ ගයිඩ් කොලු යමක් කමක් දන්න නිසා උරුම කේන්ද්‍රයත් පෙන්නලා කිරි කොරහා නටන දවසක්හේම කවද වගේ ද කියලා කතාවට ඇහුවලු. ගයිඩ් කොලු කියලා මං කිව්වට ම‍ගේ ගයිඩ් මාමා ගැනත් පුංචි පහේ ටිප්පනියක් ගිලන්න වටිනවා. දැනට වුවරිස්ට් ලෑල්ලේ (සංචාරක ඩම්මලේ) ලෙචෙක් හැටියටත් කටයුතු කරන මේ ගයිඩ් කොලූ පීල්ඩ් එකේ නමක් දිනාගත්තු රජ කකුළක්. අයියෝ..... සල්ලි කියලා මෑන්ස් මග පෙන්නන කොල්ලන්ට රුපියල් සීයක් දීලා තියෙනවා. ඇස් වලින් ඩොලර් පනින්න ගන්නෙ අන්න ඒ සෙනාරියෝ එකේ දී තමා...
තැඹිලි පාට නෝට්ටුව දැක්ක හැටියේ කැකුළාට මල් පොජ්ජ මන්දො වෙලා ගයිඩ් කොලූගෙ අම්මිලා අප්පිලා හූරලාගේ ජාතක පොජ්ජට සෝලි පොජ්ජ කුදු ගහන්න ගත්තලු. අපේ මෑන්ස් කරපු වරද නොදැන අන්දොස් වෙලා උඩ බිම බලද්දි කාරණේ ඉන්තේරුවෙන් ම දැනගත්තු මොඩ් වැද්දෙක් පැත්තකට අඩගහලා තත්තෙ පැහැදිලි කොරන්නෙ මෙන්න මෙහෙමයි.
'හැබෑට ම සර් මීට කලින් දඹානට ඇවිත් ම නැද්ද.... ? දැන් ඔය වැදි පැටවු රුපියල් සීයෙ ටිප් ගන්නෙ නෑ. සර් උන්ට ගාණක් දෙන්න හිතනවා නම් කිරිකොරහක් නටව ගන්න වෙනවා.' දැනමුතු වැද්දාගෙ උපදේසෙන් පිනා ගිය අපේ උන්දෑ මෙහෙම උත්තර දුන්නලු. "ඉතිං ආයුබොවන් මං දැන් කී පාරක් කිරි කොරහා නටන හැටි ගැන ඇහුවද? මුං උත්තර දෙන්නෑ නොවැ??" ඒකනේ කිව්වෙ සෑර් ළඟදි දඹානට ඇවිත් නෑ කියලා. දැන් කිරි කොරහ නටන්නෙ පැකේජ් එකක් හැටියට. හෑ ඒකත් හේමද? දැන් මෙහෙම ‍නේ සර්. ඒ ව‍ගේ උතුම් පාරම්පරික ජන අංගයක් මේ සුද්දන්ට නිකන් පෙන්නන්න ඇහැක්ය. ඒවා හොඳට මාර්කට් කරන්න පුළුවන් දේ නොවැ. දැන් බලන්න මේ.......
එන පොට හරි නෑ වගේ කියලා තේරැණ නිසා ගයිඩ් කොලු අතුරු පුරස්නයක් දාලා තියෙනවා. දැන් ලොකු උන්නැහේ මට කියනව ද කිරි කොරහ මේ සුද්දො දෙන්න ඉස්සරහ නටන්න පුළුවන් ද බැරි ද කියලා. කතාව කොටින් අහවර කරන්න හිතාගෙන කිව්වම 'සර් අයිටම් එකට ගෙවනවා නම් පැය කාලෙන් වැඩේ රෙඩි කරන්න පුළුවන්. වැද්දො අටයි. විනාඩි හතළිස් පහට ඩොලර් අසූවයි. මොක ද කියන්නෙ???? කිරි කොරහක් නටමුද? 
වැද්දට ගිය රට කිවලු ගාණ ඇහුව ම වෘත්තිය පුරා විද්‍යාඥ ජෝඩුවට හිනා ගියාලු. ඩොලර් අසූවක් දීලා කිරි කොරහ බැලිල්ල පැත්තක දාලා ඔවුන් බලාපොරොත්තු වූ වැද්දන් දඹානෙ නෑ කියාගෙන වැදි කාක්කන්ට ටටා පාරක් දාගෙන කස්ටිය ඇවිල්ලා තිබුණා. ඇවිත් ආපහු ගම රට බලා යද්දි රුස්කි ජෝඩුව සෙලිග්මාන් කිව්වා වගේම "දඹාන වැද්දා ෂෝ වැද්දා" කියලා ටුවර් රිපෝර්ට් එකේ සටහන් කරන්න අමතක කළේ නෑ. එදායින් එදා වැද්දා ඩාන්ස් කියලා කිරි කොරහා පැකේජ් එක්ක් හැටියට ප්වර්ධනය කිරීමේ වගකීම ඇවරි බාර අරං තියෙනවා. පුංචි රේන්දයක් අල්ලලා සශ්‍රීකත්වයට කෙරෙන රිචුවල් එකක් හැටියට ස්ලෝවේනියන් හරි ඊස්ටන් යුරෝප් හරි පැකේජ් එකකට දැම්මොත් අනිවා වැඩේ පත්තු වෙනවා. එදා මගේ ගයිඩ් කොලූට කතා කරපු වැදි උන්නැහේ අද අපේ දඹාන ඒජන්තවරයා. දහදාහක් එකවුන්ට් එකට දාලා රිසිට්පත ෆැක්ස් කරලා කෝල් එකක් දුන්නම සියල්ල සූදානම්. ආදී වාසී උරුමය‍ මාර්කට් එකට හරියන හැටියට යොදා ගන්නෙ කෝමද කියලා අපි දැන් දන්නවා. හැබැයි අවංකෙට මේක එච්චර හොඳ දෙයක් කියලා නම් මං හිතන්නෑ.

Sunday, September 16, 2012


පො‍ලේ දී හමු වූ පටාචාරාව

කාලෙකින් මගේ බ්ලොගේ කතාවක්‍ කොටාන්නට බැරි වුන නිසා ඇඟ හිරි හේම ඇරලා ආපහු සැරයක් ඇවාරිස් බ්ලොගින් වලට බැස්සා. ඔපීසියේ දී පට්ට ම බිසී වෙලා හුස්ම ගන්නවත් බැරි තරම් වැඩට ම හිරි වුනත් ජීවිතේ හැමදාට ම ඉන්න බ්ලොගය අමතක කරන්න මට ලෝබ හිතුනා. දැන් කරන රස්සාවෙ හැටියට බ්ලොග් ලියන්න කියන්න තරම් වටින කතාන්දර අටෝරාසියක් ගොඩ ගැහිලා කටුහසටහන් විදියට තියෙනවා. ලියන්න කියල අමුතුවෙන් වෙලාව එන්නෑ කියලා මංම වෙලාවක් හදාගෙන ලියන්න පටාන් ගත්තා.
දිනය අගෝස්තු දහ අට වෙනිදා. වෙලාව සවස හතරට විතර. ස්ථානය කිරිබත්ගොඩ පොලේ කෙළවර. පහුවෙනිදා උදේ රාමසාන් නිසා ඇවරිස්ට ස්ලිම් ක්ලාස් තිබුණෙ නෑ. මේ දවස්වල පවුල් ආරවුලක් දුර දිග යාම නිසා අපේ පියාණන් වහන්දෑගේ ගිහිකල පෙම්වතිය, විවාහපත් කල බාරියාව හෙවත් ඇවරි මතාව ඇවරිස් එක්ක නොරොක් වෙලා තමා ඉන්නෙ. කලින් දා මමා ජී ගෙන් මං ඇහැව්වා හෙට ලයිබුරියෙ ඉන්නවා නේ කියලා. ඇයි උඹෙ කවුරු ඉන්නව කියල ද මං බලන්න නාවට කමක්නෑ කියලා මෑණීන් වහන්සේ මේඝ ගර්ජනාවක් දැම්මා. හැබැයි ආයිබෝං ගොරෝන තරමට වහින්නැති හින්දා ලද අවස්ථාවෙන් බකට් පත්තු කරලා කීයක් හරි හොයා ගන්න හිතා‍ගෙන මමාට සප්රයිස් එකත් දෙන්නත් එකක් දවල්ටත් රයිස් නොකා ඇගේ සේවා‍ ස්ථානය වෙන කොළඹ මහාජන පුස්තකාලය වෙත ගියා. යමුනා මිස් ඉන්නව ද? ඇවරි ටිකක් වැඩිහිටි පාටට ඇහැව්වා. පුංචි සන්දියෙ නම් අම්ම ඉන්නව ද කියලා රිසෙප්ෂන් එකෙන් අහලා පට්ට චාටරයක් කනවා. එතකොට එතන ඉන්න දේවිකා ඇන්ටි අම්මා කවුද? මොනා ද කරන්නෙ කියලා අහලා වාත වෙනවා. දැන් එයාලත් නාකි වෙලා. අපිත් තරුණ වෙලා ඈ නම් පුතා කියලා මාව පිළිගෙන අම්මා බැහැර ගිය බව කීවා.
හත් ඉලව්වට ගහ උලුවස්සා කිව්වලු??????? දැන් ඉතින් ඊව්නින් ප්ලෑන්ස් කම්බස්. බඩ පනුවන්ට විරාමයක් දීම සඳහා ස්ටාෆ් ලන්ච් රෑම් ගිය මං අම්මා බැඳලා දුන්න බත් එක කෑවා. කාල මං එළියට එද්දි දන්න කියන කුඩයක් පාර දිගේ එනවා. බැලින්නම් අපෙ අම්මා. හෑ මේ ළමාතෑනී ගෙදර ගිහින් නැතුවා? මං ඇහුවම මං ගමනක් ගියා කිව්ව මිසක් ආරැළු බූරැළු නෑ...... අම්මට මං එක්ක මල නිසා වෙන්නැති කියලා හිතලා මං ඇතුලට ආවා. අන්තිමේ බටර් කෑන් පිටින් ගාලා අම්ම එක්ක ගෙදර එන්න ආව.
193 ක් ගන්න අපි ලයිබ්‍රි කැන්ටිම පැත්තෙන් වැට පැනලා විහාරමහා දේවී එකට ඇතුල් වුනා. මේ ජනප්‍රිය කෙටි මග දිගේ මං ඇවිදින්නෙ අවුරුදු ගාණකට පස්සෙ. ඉස්කෝලෙ ඇරිලා මායි මල්ලියි එක්ක අම්ම අපි පුස්තකාලෙට එක්කන් එන්නෙ මේ පාරෙන්. පාර දිගට පාට  පාට කුරුළු තොරන් පෝලිමයි. ඒත් ඒ කාලෙ එච්චර දරුණු දර්ශන වේදිකාගත නොවුනු බව කියන්න පුළුවන්. මෙහෙම පාර දිගේ ඉන්න ජෝඩු ගණන් කිරිල්ල ම‍ගෙයි මල්ලිගෙයි පුරුද්ද. අම්මට හොරෙන් තමා ගණින්නෙ. දවසක් අන්තිමට කවුන්ට් එක වැරදිලා අපි වාද කළා. නෑ බං 362 යි. ඒ කෝම ද බලපන් අර ගහ අස්සෙත් එකක් ඉන්නවා. මල්ලි උත්තර දුන්නා. ඒත් එක්ක ම කණ හරහා වැදුනා මතකයි. අපි හිතුවෙ අම්ම ඉස්සරහින් ගිහින් කියලා. එදයින් පස්සෙ වැරදිලාවත් ජෝඩු ගණින්න ගියේ නෑ. අව් කූටකේ ප්‍රධාන පාරෙන් ම යන්නත් අපිට සිද්ද වුනා.
කොහොමින් කොහොම හරි අපි දෙන්නා කිරිබත්ගොඩ පොලට ආවා. දැන් මං කියන්න යන්නෙ අවාසනාවට ඇත්ත කතාවක් වගේ ම ඇඟ කිලිපොළා යන දර්ශන රැගත් මාලා නාටකයක්. සංවේදී දර්ශන නොබලන අය කන් වහගත්තට කමක් නෑ. අපි ඉතිං ‍පොලේ සවාරියය අහවර කරලා යන්න පිටත් වෙද්දි ම ඔන්න.... ඔන්න කියලා කෙනෙක් මහ හඩින් කියනවා ඇහුනා. මං හැරිලා බලද්දි මතු වුනේ දෙකේ දෙකේ දොර පොල්ලක් අතින් ගත් කාන්තාවක්. ඇය පැනපු ගමන් අසල පොල් විකුණපු කාන්තාවගේ ඔළුවට ම අර පොල්ලෙන් තඩිබාගෙන ගියා. කාන්තා පුරස්නයක් නිසා මිනිස්සු කවුරුත් මැදිහත් වුනේ නෑ. එක දිගට හය හත් පාරක් ගුටිකාපු පොල් වෙළෙන්දිය පහර කාගෙන ම තම ප්‍රතිවාදී කාන්තාවගේ හැට්ටය ඉරා දැම්මා. ඉන් දොර පොල්ල අතඇරලා ඇය ටිකක් සන්සුන් වුනත් පහර කාපු පොල් වෙළෙන්දියගෙ ඔළුවෙන් ලේ ‍වැක්කෙරෙනවා.

ඔය ගෑනිගෙ මිනිහ එක්ක මේ ගෑනි යාළුයි කියලනේ ඔය දබරෙ. ළඟ පාත එළවළු විකුණන කාන්තාව කිව්ව. අර තඩිබාබු කාන්තාවගෙ සැමියා අසල ත්‍රී රෝද රියේ සිද්ධිය බලාන හිටිය මිසක් තමන්ගේ විවාහක හා අනියම් බිරින්දෑවරුන්ගෙ පුරස්නයට ප්‍රසිද්ධියේ මැදිහත් වුනේ නෑ. තමුසෙත් ගෙදර යමන්කො කියාගෙන ප්‍රහාරිකාව ඒ තුන්සක රියට ම නැගිලා ඉලිලුනා.
අනේ අ‍ර ගුටිකාලා ලේ පෙරෙන කාන්තාව කිහිප ‍දෙනෙක්ගෙන් අල්ලපු වැටේ තියෙන පොලිසියට යන්න උදව් ඉල්ලුවත් සියලු ම ත්‍රීවිල් සහෝදරවරුන් තමන්ගේ සගයාට උදව් කිරීමට සැදී පැහැදී සිටි නිසා කවුරුත් ඊට ඉදිරිපත් වුනේ නෑ. අන්තිමේ දී ඈ තනිව ම තමන්ගෙ අවනඩුව කියන්න පොලිසියට ගියා. ඇය පොල්ලකුත් අරං නිසා පා‍ර දිගේ සිටි සියල්ල ඇය ලේ පෙරාගත් පිස්සියක් කියලා මහා කලබැගෑනියක් ඇති කළා. ඒ සිද්ධියට අදාළ පිරිමි චරිතය නිශ්ක්‍රීය භූමිකාවක් රඟ පෑම නිසා පොල් වෙළෙන්දියට බලවත් අසාධාරණයක් සිද්ධ වුනා කියලයි ඇවරි හිතන්නෙ. තමන් එක්ක දවසකට හරි ඇයි හොඳයියක් තිබුණ ගෑනියෙක්ට ගහද්දි අර මිනිහා නෙවි පැත්තවත් බැලුවෙ. සමහර විට එතන එහෙම එකක් නැතුව ඇති. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියනවනේ... කොහොම වුනත් ප්‍රසිද්ධියේ පිළිගන්න බැරි සම්බන්ධකම් ඇතිකරගන්න එකයි වැරැද්ද. අම්මා අන්තිම විග්‍රහයත් ඉදිරිපත් කළා.