Tuesday, December 11, 2018

බඹරය වැල්ලේ කැරකීම හෙවත් අලුඩින් සහ ජමෙලා


ඇවරිතුමා තම දිර්ග කාලීන බ්ලොගින් මෞනය බිඳින්න තෝරාගත්තේ 2018 අවසාන මාසය. රටේ වෙන ජින්ජිබිරානා එක්ක ඇවරිතුමාට විශාල වශයෙන් වැඩ රාජකාරි සෙට් වීමත්, අලුත් කොන්ත්‍රාත්තු අලුත් මිනිස්සු එක්ක පරණ වෙමින් පැහෙන එතුමාගේ බුද්ධි මණ්ඩලයට වද දීම හැරෙන්නට වෙනත් වැදගත් යමක් කරන්නට අවස්ථාවක් ලැබුණෙ නෑ.
හැබැයි අද පාන්දරින් ඇවරිතුමා දැකපු පින්තූරයක් නිසා මෞනය බිඳින්න කාලය හරි කියලා හිතුනා. පින්තූරෙ විස්තරේ මේමයි.


මේ ඉන්නේ ප්‍රසාද් අලුත්වත්ත මහතා බව දන්නවා ඇතිනේ. එතුමාගේ මංගල්‍ය වෙනුවෙන් සුබ පැතීමේ සලාදයක් ලියන්නයි ඇවරි කම්පනා කළේ. ඇත්තටම සැමරුම් බර ගාණක් ඇවරිතුමා පහුකළා පහුගිය කාලෙ. ඒක නම් සමාව දිය නොහැකි මට්ටමේ වරදක්.

අපේ කස්ටියගේ ගෙට් එකෙන් පටාන් ගත්තා ම ඇවරිගේ මිතුරියක වූ දිනුකා කත්‍රිආරච්චි මැතිනියගේ වෙඩිම, ඇමැන්ඩියන්ගේ වෙඩිම, ඩිල්රුක්ෂි පුඩිමගේ වෙඩිම, අරවින්ද හඳසියපත්ගේ පුත්‍ර රත්නයේ දොරට වැඩුම, ඇවරිගේ චැරිටි නාටක, ගැබිණි මාතා හරසර ප්‍රණාම ආදී බොහෝ පෝස්ට් ප්‍රමාණයක් මඟ හැරීම ඉතා ම දුක්ඛ දායක තත්ත්වයක්. වැඩ වැඩි වීමටත් වඩා ඇවරි එක වැඩක් අල්ලගෙන මාස හතරක් විතර හිටිය එක තමා කළේ.

ඒ මහා දුෂ්කර ප්‍රයාමය වූයේ ඇවරිතුමූ ම වර්ග අඩි තුන්දහස් පන්සීයක් විතර තනිව පොටි ඇද තීන්ත ගෑම. බොහෝ හෙමින් හෙමින් තනිව පලංචි දමා ගනිමින් ඉතා ම ඉවසීමෙන් ඇවරිතුමා කරපු ඒ ඩයි ප්‍රොජෙක්ට් එක දැන් අහවරයි. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියනවනේ.. ඉතිං අපිත් අලුත් දේවල් කරන්න ඕන. බැහැයි කියලා දෙයක් නෑ. දැන් කොච්චර පොටි ඇද පේන්ට් කිරීමේ ප්‍රවීණයි ද කිව්වොත් අපි පිට කොන්ත්‍රාත්තු හිටන් බාර ගෙන කරලා දෙනවා. දාර සයිස් පොටි මික්සර්, හැමර් ඩ්‍රිල්, ස්ප්‍රේ මැෂින් වලින් වැඩ කරන්න ඇත්තට ම ආසයි. අනික හරිම පහසුයි. අපි පැය දොළහක් පහළොවක් දවසකට වැඩ කළා. සති අන්තයන්ගේ පමණක්. ඒ දුෂ්කර ව්‍රත සමාදානයන් අතරේ ඇවරිතුමා සුපුරුදු පින්කම් අටෝරාසියකුත් කරගත් බව කියන්ට ඕනෑ.

ප්‍රස්තුත කාරණාව අලුතානේ. අලුතාව අවසාන වතාවට දැක්කේ අරාගෙ වෙඩිමෙද කොහේද. ඇවරිට වඩාත් හොඳින් මතක අලුතාගේ බෝඩිම හෙවත් ග්‍රීන්ලන්තය. දිප්පිටිගොඩ පාරේ මුල්ලකට වෙන්න බොහොම ප්‍රකට පාලු භූත බංගලාවක් වගේ තිබුණ ඒ බෝඩිම කැම්පස් කාලෙ අපිටත් සෑහෙන්න සෙවණක් දුන්නා. අලුතා ඒකේ තද රතු පාටයි නිල් පාටයි බිත්ති දෙකක ගාලා ස්ටුඩියෝ ලුක්ස් එකක් දීලා තිබුණා. මුල් කාලීනව ප්‍රෞඩ බුවනෙක මහතාගේ කවර්ස් රෙකෝඩින් කළේ ඒ බෝඩිමේ. වින්ඩෝස් වෙනුවට ලිනක්ස් අත්හදා බැලුවේ. ෆේස් බුක් ආගම වුනේ. බ්ලොග් ලියන්න පටාන් ගත්තේ ඒ කාලෙ 2008/09 වගේ. ඇවරි ආස ම වුනේ අලුතාගේ එඩිටින් වැඩවලට. ඒ කාලෙ දැනට වඩා ඇවරිතුමා රැඩිකල්. දැන් සෑහෙන්න සීතල වුනාට. පොඩි සිද්ධියක් වුනත් වෙන විදියකට බලලා ලියන්න පුළුවන්කම තිබුණා. ඒක මහ ගොබ්බ තර්කයක් වෙන්න පුළුවන්. අපේ අලුතා හිටියේ ඒ තර්කවලට අයිසින් තවරලා මහා දාර්ශනික නැඹුරුවක් ඇති කරන්න. ඉතිං අපේ ඈයින්ට පැය ගාණක් වාද කරගන්න ඒ ප්ලොට් එක ඇති.

අලූ කරපු සමහර ආර්ට් වර්ක්ස් ඇවරිතුමා තාමත් ප්‍රවේශම් කරගෙන තියාගෙන ඉන්නවා. අර ඔක්ෂිජන් මාස්ක් එකක් නහයට දාගත්තු එන්ඩමික්ස් ට්‍රේඩ් මාර්ක් එක. ඩේන්ජර්, ඩූ නොට් එන්ටර් කියලා ඇවරිගේ කාමරේ උඩ ගහලා තියෙන ආර්ට් වර්ක් එක. අවුල් බස්සා ලෝගෝ එක, පිළිකුත්තුව චැලෙන්ජ්හි සියලු ආර්ට් වර්ක්ස්, වගේ ම ඇවරිගේ මූණත් තහඩුව දාලා කරපු පර්සනලයිස්ඩ් ආර්ට් වර්ක්ස් අම්බානක් ඇවරිතුමා ඩිජිටල් හැටියටත්, ප්‍රින්ට්ස් හැටියටත් සංරක්ෂණය කරලා තියෙනවා. මොකද ඒවායේ කර්තෘතුමාට ඒවායේ සතපහක වටිනාකමක් නැති බව ඇවරිතුමා ඉන්තේරුවෙන් ම දන්නවා.

ෆොටෝ මැනිපියුලේෂන් කලාවේත් ප්‍රාමාණික උගතෙක් වන අලුතා මහතා ඇවරිතුමාට පැය ගාණක් බලන් ඉන්න පුළුවන් ඡායාරූප විශාල ප්‍රමාණයක් කරවලා තියෙනවා. එහෙම එකතුකරගත්තු විශාල ප්‍රමාණයක් කර්තෘ භාග නැතුව ම ප්‍රින්ට් කරවන්නත් ඇවරි කටයුතු කළේ ඒ මිනිස්සු ගැන මතක තියෙන්න ඕන නිසා. අටවක කෘ එකේ හැමෝගෙම ඡායාරූප ඇවරිතුමා ළඟ සුරැකිව තියෙනවා. අද මොන මතවාදයන් දැරුවත් ඒ මිනිස්සු එදා හිතපු විදිය, ඒ අයගේ අදහස් සෑහෙන්න නිර්මාණශීලීයි. කොටුවෙන් පිට පනින්න ඒ අය සැදී පැහැදී හිටි බව කියන්න ඕන.

මේ ටික මෙහෙම ලිව්වෙ අලුතා ගැන ප්‍රශස්ති ගයන්න නෙමෙයි. මොකද මේවා පොරට නොවටිනා බව ඇවරිතුමා අත්දැකීමෙන් දන්නවා. හැබැයි මාව වෙනස් කරපු, සංවාදීමය වශයෙන් අවදි කරපු ඒ නිර්මාණශීලී තරුණයාගේ ජයමංගල්‍ය වෙනුවෙන් සටහනක් තැබීම, මතක මංපෙත ඔස්සේ යළි ඇවදීමේ අතීත කාමයක් අවදි කළ නිසා ලියන්න හිතුනා. ඒ දැරිවි සෙව්වන්දිත් අපිට බොහෝ තැනදි හමුවෙලා තියෙනවා. ඒකේ හොඳ ම කතාව දැන් සෙව් තමා යතුර. ෂී ඉස් ද කෝඩ් බේබි. ගොඩක් දෙනා සෙව්වන්දිගෙන් හරි අලුතාව හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නමුත් ඒක විය නොහැක්කක් මිත්‍රවරුනි. මොකද අලුතා තමුන්ගේ රිදම් එකට ලෝකය නටවන මිනිහෙක් මිසක් ලෝකෙ ගහන පදේට නටන මිනිහෙක් නෙමෙයි. හෙට ඉඳන් අනේ සෙව්වන්දිගෙත් ෆෝන් ඕෆ් කියලා ඔබ කිව්වොත් ඇවරිතුමාට හිනා යන්නෙ කොහෙන්ද කියලා හිතාගන්න පුළුවන් නෙව. කොයි හැටි වෙතත් මේ යුවතිපතීන් දෙපළට ඇවරිතුමා සලාදයේ හදපිරි ශුභාශිංසන පිරිනමනවා.

පහතින් තියෙන්නේ අලුතාගේ ඇවරිතුමා කැමතිම සහ අකමැතිම දේවල්...
ඔයාලත් බලලා හරි නම් කමෙන්ට් කරන්න.

* කැමතිම ඇඳුම - අත්දිග කමිසයක් නවලා අඳිනවට (එතකොට නියම ප්‍රොපා ලුක් එකක් එනවා. කණ්ණාඩි එක්ක)
* අකමැතිම ඇඳුම - ලකයක් නැති ටී ෂර්ට් එක. (රස්ති පාට උපරිමයි. ඊටත් වඩා කෙයාලස් ගතිය වැඩියෙන් පේනවා. හැබැයි ඒ මෑන්ස්ගේ කැමතිම ඇඳුම.)
* පාවහන් - දාන්නෙම කැන්වස් සපත්තු හැබැයි කොහේ ගැලෙව්වත් ගඳක් එන්නැති එක පුදුමයි. අලුතා සපත්තු වලට වඩා මේස් ගැන සැලකිලිමත්. ඒක එහෙමයි.
* කොණ්ඩෙ - දන්න කාලෙක ඉදන් පිළිවෙලට තිබිලා ම නෑ. ඒකෙත් පොඩි ගතියක් තියෙනවා.
* කැමතිම වචන කණ්ඩය - පොර මොනව හරි කියන ගමන්... මේ ඉතිං ඒක නෙමෙයි කියලා කතාව හරවනවා. ඒ කියන්නේ එයා වැඩේට බහින්නයි හදන්නේ. හැබැයි ඒ වචන ටික එන්නේ පැය ගාණකට පස්සේ....
* කැමතිම පුරුද්ද - ඩෙඩ්ලයින් වලට වැඩ නොකිරීම සහ කෙටි ක්‍රම සොයා ගැනීම

තව ගොඩක් තියෙනවා ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ කරන්න බැරිව මිසක්. ලොල්

කාගේ දරුවොද බන් මේ හෙවත් ගෝලයක් මිස් වීමේ වාඩුව ඔන් ද රොක්ස් හිස් කිරීම..!!



මාස කීපයක් පරණ සලාදයක් දාන්න හිතුවා. මේක ෆිෆා තිබ්බ කාලෙ ගිය එකක්. පබ්ලිෂ් කරන්න අමතක වෙලා. ..ගයි පුතා අල්ලපු අඩව්වත් නරක ම නෑ. මොක ද වීසා වදින්න රීසන් එකකුත් එපෑය!! අඳේරා බාදල්කා සිල්වර් රේ හෝතා හේයි.. ලොල් :( 

ඇවරිතුමාගේ මෙදා ෆුලි ලෝඩඩ් සති අන්තය පටන් ගත්තේ සිකුරාදා රාත්‍රියෙන්. සිකුරාදාවේ එංගලන්ත නියෝජිතවරිය පිළිගැනීමේ නිල උත්සව කටයුතු යෙදී තිබීම නිසා බොහෝ කාර්ය බහුලව ගෙවූ ඇවරිතුමා එදින රාත්‍රියේ බ්‍රසීල සහ බෙල්ජියම් ලෝක කුසලාන පාපන්දු තරගය නැරඹීමට එතුමියටත් ආරාධනා කරනවා. අන්තිමේ දී වුනේ සුප්‍රානෝස් ගියාට එහා වැඩක්. සාදය බොහොම හොඳින් ගියත් බ්‍රසීලය තරගාවලියෙන් ඉවත් වීම ගැන ඇවරිතුමා බොහෝ ම අකම්පාලවූ බවත් කියන්න ඕන. එක් අවස්ථාවක බ්‍රසීලය ගෝලයක් මිස් කරද්දි ඇවරිතුමා පුළුල් තිරය ඉදිරියෙන් නැගිටලා “කාගේ දරුවොද බන් මේ? කියලා මහ හයියෙන් ඇහුවේ මෙලොව සිහියකින් නෙමේ. ඒකට මැච් එක බලන්න ආපු බොහෝ දෙනා අත්පුඩි ගහද්දි ඇවරිතුමා ළඟින් ම අසුන් ගෙන හිටි ඩේවිඩ් සිඤ්ඤෝ යළිත් සුවපහසු ආසනයකට ආපාතනය කළේ එසැනින්. “තොට ට්‍රැක් ද යකෝ?? දාවිත් පෙර්රා අහනවා.

ඔය දෙන්නා නම් නියමෙට ගැළපෙනව. නෝනයි මහත්තයයි වගේ කතාව. ඇවරිතුමාගේ ලේකම්තුමිය දාවිත් සහ ඇවරීස්ට කිව්වෙ අපි ඩබල විදෙස් නියෝජිතවරිය සමගින් දාපු පික්ෂු ජෝගි ගැන කලකිරීමෙන් ද මන්දා. කෝම කෝම හරි ඒ පාරටි කෙරුවාවෙන් ඇවරිතුමා හෝම්කමින්ගත වෙද්දි වෙලාව පාන්දර තුනයි. කට කපා නිදියන් ඇහැරෙද්දි පහුවදා දොළහත් පැනලා. ජංගමයා ඕෆ් කර තැබීමෙන් ඔසී ගෘප් එකේ චෙකින් එකත් මිස් වෙලා. ආයෙත් සියල්ල යථා තත්ත්වයට පත් වෙද්දි පැය දෙකක් විතර ගිහිල්ලා. පොඩි පාර්ටියක් දැම්මත් ලොකු දඩයක් කන්න වෙනවා කියන්නේ ඕකට තමා.

සවස් අතේ සතියේ උයන් කෙළිය සදහා වෙන් කරන ඇවරිතුමා රාත්‍රිය සම්පූර්ණයෙන් වෙන් කරන්නේ දහම් පාසල් ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම වෙනුවෙන්. මහරජාගේ උයන් කෙළිය කියන්නේ හන්ටින් වුනාට ඇවරිගේ උයන් කෙළිය කියන්නේ වෙල් කෙප්ට් ගාර්ඩ්න් එකක් බවට උයන පත් කිරීම හා කුණු පිච්චීමේ කටයුත්ත. සාමාන්‍යෙයන් සතියට තුන් සැරයක් ඇවරිතුමා මිදුල අතුගෑවත්, පහුගිය ටිකේ ඒ වැඩ මිස් වෙලා කුණු පිරිලා තිබුණා. විශේෂයෙන් ම කොස් කොළ. “යන්තම් අබාන්ස් එකෙන් ඇවිත්“ කියාගෙන රන් මැණිකා නක්කලයක් දැම්මේ ඒ නිසා. මෙදා පිළිතුරු පත්‍ර ඇගයීමට ඇවරිතුමා කැදවන්නේ ඒ ක්ෂේත්‍රය පිළිබද හසල දැනුමැති රන් මැණිකා මැතිනිය. රානි මැණික්ස්, ලොකු අක්කාගේ ජන සන්නිවේදන ප්‍රශ්න පත්‍ර, ඇගේ බොසාගෙ විද්‍යාව ප්‍රශ්න පත්‍ර, පොඩි අක්කාගේ නර්තන ප්‍රශ්න පත්‍ර ආදී විවිධ විෂයයන්ගේ පිළිතුරු ළකුණු කරලා සෑහෙන්න පළපුරුදු පරීක්ෂකවරියක්. ඇය ළකුණු කළේ බහුවරණ කොටස පමණයි.

අයියෝ මේ ලකුණු දාද්දි බින්දුවක් ඉස්සරහට දාන්න ඕන. නැත්නම් ළමයි උස්සන් එයි, එකතුව වැරදියි කියලා. ඉලක්කම් වෙනස් කරන්නත් බැරි නෑ. අපි නොදන්න පේපර් මාර්කින් බේබි. එහෙමයි හාවුදුරුවනේ. උන්ගේ උත්තර නම් කුජීතයි. අපරාදේ අපි නිදි මරාන පේපර්ස් බලන්නේ. ඔය වැඩ නිසා ඇවරිතුමා ප්‍රමාද වී අවදිවීමෙන් දහම් පාසල් ගියේ ටිකක් ප්‍රමාද වෙලා. එතුමා හරියට රුහුණු කුමාරිය වගේ දිනපතා ප්‍රමාදයි. මෙදා සාමාන්‍ය වෙලාවටත් ටිකක් වැඩියි. එදා ගුරු මණ්ඩලය සඳහා වන දානයත් එතුමාත් දයාන්නද මහතාත් විසින් භාර ගන්නට කටයුතු යෙදිලත් තිබුණා. කොරේ පිටට මරේ කිව්වලු. ඒ අහු අස්සේ ගයියා මහතාත් අඩව්වක් අල්ලලා.

එතුමා තමුන්ගෙ පල්සරයෙන් වැටිලා දණ පොල්කට්ට කඩාගත් බව සැලකර සිටින්නේ ඇවරිතුමා පතරාසය ගනිමින් සිටියදී. වහාම තමුන්ගේ නිල කටයුතු සියල්ල කැන්සල් කොරලා එතුමා බැහැදකින්න යන්න ඇවරිතුමා හවස්වරුව වෙන් කරගන්නවා. සවස ඇවරිතුමාලාගේ නිවසේ බාර්බකිව් පාර්ටියකුත් සූදානම් වෙලා. සිරිපාල සහ රන් මැණිකා විසින්. නමුත් ඒ ආරාධනාවත් ප්‍රතික්ෂේප කරලා ඇවරි යන්නේ ගයියා බලන්න. ඒ ගමනට තොටමුණ ආදිපාදතුමාත් එකතු වුනේ ඇවරිතුමා මාෂියෝනා මැතිනිය බැහැ දැකුම් කරන්න ගිය නිසා. එහි මම්මලත් ඇවිත්. විමුක්ති කොලුවත් එක්ක චැටක් දාන්නත් ඇවරිතුමාට වෙලාවක් තිබුණා.

අපි ගයියා බලන්න යද්දි දණ පොල්කට්ට තුවාල කරන්, අතකුත් වෙලාගෙන පිට අල්ලත් හූරගෙන ඇදේ පතබාවලා හිටි ගයිපුතා, කෙදිරි ගාමින් ඉන්නවා. හැබැයි ෆෝන් එකෙන් කිව්ව තරම් ඩැමේජයකුත් නෑ. ගයියා ක්ලෑන් එකේ බර කකුලක් නිසා එතුමාගෙ සහචරයො සෑහෙන්න ආව. ඒ ඇවිල්ලත් උන් බලකොටු හදන විදියයි, යුද්ධ කරන හැටියි, ආයුධයි ගැන තමා කතාව. ලෙඩා දුකා ගැන නෙමේ. අනේ අම්මපා මුන්ගේ ඇබ්බැහිය හිතා ගන්න පුළුවන් නෙව.

යෝ ගිලානං උපට්ඨෙයිය සො මං උපට්ඨෙයිය කියලා කියලා තියෙන නිසා ලෙඩා දුකාට මක්ක කොරන්න ඕනැද කියලා ඇහුවා ම තුවාල තවමුයි යෝජනා වුන නිසා ඇවරිතුමා හුණු පැන් හුණුකර තුමූ ම ශ්‍රී හස්තයෙන් තැලුම් කෑ අත්පා තවා, මස් බුරුල් කොට, තෙත මාත්තු කරවාලා සහනයක් සලසන්න වුනා. ඒක බලා හිටි තොටමුණ ආදිපාදතුමා ඇවරිතුමා නිල සාත්තු සේවකකමට නිල කොරනවා. ඇවරිට මිනිස්සුන්ව ඩ්‍රයි ක්ලීන් කරන එක සුළු වැඩක්. සී. එස්. ආර්වලදි අපි සෑහෙන්න වැඩිහිටි අයව හෝදවනවනේ. ඒ කරලා ඒ අයගේ කකුල් තවන්න, ඔළුව මසාජ් කරන්න වගේ කරන්නත් වෙනවා. හැබැයි මාර සනීපයක් ඒ අය විදින්නේ. පවුලේ නම් හෙඩ් මසාජ්වලින් හොඳම කස්ටමර් චමිත අයියා.  

ඒ ගමන ඉවර කරලා එන ඇවරිතුමා කෙළින් ම එක් වෙන්නෙ ගෙදර ෆැමිලි පාර්ටියට. මැෂින් එක ගෙදර නිසා අපි පොඩි වැඩක් දැම්මා කිව්වත්, මස් පළහා කෑම ඇවරි එච්චර කැමති වැඩක් නෙමේ. හැබැයි බේබි කෝන් නම් හා අම්මේ. සිරිපාල හා රන් මැණිකා විශේෂයෙන් බඩඉරිගු පුළුස්සා තිබුණෙ ඇවරිට. වැද්දො ෆිට් එකේ හිටියේ මේකනේ. මස් වල තෙල් බේරෙන්න පුළුස්සලා, මී පැණි එක්ක කාලා ඒ අය සැපෙන් හිටියා කියාගෙන ඇවරි පිතාත් පාර්ටිය ආවා. නිකම් නෙමේ පැණි වළලු හදන්න ගෙනාපු පැණි බෝතලයත් ෆ්‍රිජ් එකෙන් අරගෙන.ලොල්. ඒ සාදයත් සෑහෙන්න වෙලා ගියා.

අහවර වුනේ ප්‍රගති සමාලෝචන සැසියෙන්. ආයතන කිහිපයක ම වැඩ කරන ඇවරිගේ පවුලේ ඇත්තෝ ඕපන් ෆෝරම් එකකට සෙට් වෙන්නේ ඉරිදා රැයේ තමා. ඒක නැගලා ම යන්නේ ඒ ඒ අයගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ විවේචනය වන නිසා. උදාහරණයකට එදා ඇවරිට උඩ නාන කාමරය පිරිසිදු කරන්නට නොහැකි වීම විශාල සිද්ධියක් ඇති කළා. හැබැයි බොහෝ දේවල් ඉතා සංවර්ධනාත්මක විවේචන වුනා. ඇත්තට ම රාජකාරී ජිවිතේ දි අපි කියන දේ බොහෝ මිනිස්සු කරනවා. පිළිපදිනවා. ඒත් අපි අහන්නෙ නැත්නම් අපිට උපදෙස් දෙන්නේ අතේ ඇගිලි ගාණටත් අඩු පිරිසක්. නමුත් මේ සෙෂන් එකේ දී පවුලේ අය ම අනිත් අයගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ කියන නිසා ඒවා හදාගන්න තියෙන හැකියාව වැඩියි. උනන්දුවත් වැඩියි. චක්‍රවර්තී රජ්ජුරුවොත් තමුන්ගෙ රටවැසියා කියන දේට ඇහුම්කන් දෙන්න ඕන. ඒක නිසා පවුලේ විද්වත් හමුව ඉතා වැදගත්.

ඒ අස්සේ ඇවරිපිතා මෝකා දන්සැලක් දැම්මෙත් තිත්ත කෝපි කතාව ඇදගෙන යන නිසා. සතියේ හපන්කම්, මෝඩකම් සහ පුරසාරම් වමාරන්නත් ඒක හොද වෙලාව. තව නිල ගැසට් නිවේදන දැනුම් දෙන්නෙත් එතනදී, කවුරු හරි සතිය තුළ දී ප්‍රාන්තයෙන් පිට යනවා නම්, සේවා සැපයුම්වල අඩාලවීම්, මම අනිද්දා භාවනා පන්ති බත් දෙන්නම් උදේ ම යනවා -ඇවරිමාතා ආදිය ඊට ඇතුළත්. වේකප් සර්විස් එක අනිද්දා නැති බව අපි දැනගන්න ඕන. ඒ කිව්වේ ඇදට ම තේ වැඩමවීම, විනාඩි පහෙන් පහට වේලාව මතක් කිරීම සිදු වෙන්නේ නෑ. කාල හමාරයි.