Sunday, May 2, 2010

සීගිරි චාරිකාව

මෙවර අවුරුදු නිවාඩු සමය තුළ මා සතුටට පත් කාරණා දෙකක් විය. ඒ වැදගත් චාරිකා දෙකකට සහභාගී වීමේ හැකියාව ලැබීම නිසාවෙනි. කෙසේ වෙතත් ඒ හරහා අමතක නොවන අත්දැකීම් රාශියක් ලබා ගැනීමට මට අවස්ථාව උදා විය. ගමේ ගොස් පැමිණි විගස අප්රේඅල් 18 වන දින මා සීගිරිය බලා යාමට පිටත්වූයේ විශ්ව විද්යාවලයීය මිතුරන් සමඟිනි. මේ වන විටත් මගේ පවුලේ සාමාජිකයින් ගම්බිම් බලා ගොස් නැවත නිවසට පැමිණ නොසිටි නමුත් උදේ රැයින් නැගිට ගත් මම දින පහක අඛණ්ඩ චාරිකාවකට සූදානම් වීමි.
උදේ දහය පමණ වන විට කුරුණෑගල වැව රවුමට පැමිණි අපි එහිදී උදෑසන ආහාරය ගතිමු. කුරුණෑගල වැව රවුම නව ප්ර තිසංස්කරණ යටතේ වඩාත් ආකර්ෂණීය ලෙස සකසා ඇත. එහි හිඳ ආහාර ගෙන දඹුල්ල බලා ගමන් කිරීමට බසයකට ගොඩවූ අපි රුපියල් හැට අටක ධාවන දුරක් ගෙවා දඹුල්ල මධ්යාම බස් නැවතුමට පැමිණෙන විට සවස එක පමණ විය. එහි සිට ඉනාමළුව හරහා සීගිරියට රුපියල් විසි පහක ගමනකි. සවස දෙකහමාර පමණ වන විට අපි සීගිරියේ අප පහසුකම් සපයන්නා වූ සීගිරිගේ නිවසට පැමිණියෙමු. ගමන් විඩා අධික හෙයින් නිවස ඉදිරියෙන් ගලා යන ඔයෙන් නා, දිවා ආහාර ගත් අප මඳ ඉසිඹුවක් ලැබ නැවත සීගිරිය කරා ගමන් ගත්තේ ඉර ගල වැටෙන වේලාවේ සීගිරි පව්ව තරණය කිරීම වඩාත් පහසු යැයි අප මාර්ගෝපදේශකයා විසින් කියා සිටි බැවිනි. පළමුව සීගිරිය නව කෞතුකාගාරය නිදහස් ප්රපවේශ පත්ර යටතේ නැරඹූ අපි දෙවනුව සීගිරි පර්වතය ද ඒ ක්රරමයෙන් ම නැරඹීමු. අප මිතුරාගේ නෑදෑ පිරිවර මෙම ආයතනයන්ගේ කටයුතු කිරීම හේතුවෙන් අපට එවන් දුලභ භාග්යෙක් හිමිවූ නමුත් මධ්යේම සංස්කෘතික අරමුදලට අප ණයගැති බව කිව මනාය. සීගිරිය කටුගෙය දකුණු ආසියාවේ විශාලතම ස්ථානීය කටුගෙය වෙයි. එනම් එහි තැම්පත් කර ඇත්තේ සීගිරියෙන් සොයා ගත් දෑ පමණකි.
අලුතින් ඇරඹූ සීගිරිය නව කෞතුකාගාරය ප්ර ශස්ත නිර්මාණයකි. sigiriyamuseum.org මගින් ඔබටත් එහි ගෘහ නිර්මාණය පිළිබඳ යම් අදහසක්ලබා ගැනීමට පුළුවන. කෞතුකාගාරය බලා සීගිරි ගලට පිවිසෙන විට අතර මඟ තිබූ බැම්මක් මතින් ගමන්කිරීමේ දී කාශ්යුප විසින් කරවන ලද පුරාණ බැම්මේ ගඩොල් දෙකක් ගැළ වී බිමට වැටීම නිසා නඩේ ගුරා ගෙන් බැණුම් ඇසුවා මට මතකය. ඔහු සිටියේ ජල තාක්ෂණය පිළිබඳ දීර්ඝ විස්තරයක් කරමිනි. වතුර මල් පෙන්වමින් විස්තර කියා දුන් ඔහුගේ තියුණු දෙනෙතට මා ගඩොල් දෙක නැවත සකස් කරනු අසු වූ හෙයින් ඔහු බැණවැදුණි. ගඩොල් සම්බන්ධයෙන් කතාව ඇදීම නිසා සීගිරියේ දක්නට ලැබෙන එක ම කපරාරුව ගැන ද තොරතුරු ඔහු විසින් කියා සිටියේය. එනම් සීගිරි පිවිසුමෙහි පළමු දිය තඩාග දෙකෙන් පසුව හමුවන ගඩොල් ප්රාරකාරයේ දකුණුපස වහළක් මගින් ආවරණ කර ඇත්තේ එය පැරණි කපරාරු තාක්ෂණය හෙළි කරන එකම ස්ථානය නිසා බව ඔහු කීය.
කෙමෙන් කෙමෙන් ඉහළ නැඟුණු අපට කැටපත් පවුරු පිවිසුමේ දී ඈතින් දිස්වන දඹුල්ල බුදු පිළිමය සහ සීගිරිය නව නගරයේ ඇති ලොව විශාලතම හිටි පිළිමය පෙන්වීමට අප ෂර්පා වරයා අමතක කළේ නැත. සීගිරි නඟින සංචාරකයන්ගේ ප්ර වේශපත්රි පරීක්ෂා කරන්නේ ද කැටපත් පවුරට පිවිසෙන විට ය. කැටපත් පවුරට පෙර සිතුවම් නැරඹිය යුතු වූයෙන් පඩි පෙළ නැඟ එහි ගිය අපිට එහි ඒ තරම් අරුමයක් නොවූයේ නව කෞතුකාගාරයේ දී අප ඒ ආකාරයට ම එය නැරඹූ බැවිනි. මේ නිසා කෞතුකාගාරය තුළ සිතුවම් ඒ ලෙසට ම ප්රුදර්ශනය කිරීම අප ‍අතර විවාදයට බඳුන් විය. කැටපත් පවුර නරඹා මීළඟ පිට ගැටපෙළ ඔස්සේ සිංහ පාදය වෙත ගමන් කිරීමට පෙර දිය බිඳිති වෑහෙන අඛණ්ඩ දිය දහර යට සිට ගිමන් නිවා ගතිමු. මේ දිය දහර ඉහළ ගල මුදුනේ දිය තඩාගය පිරීයාම නිසා ඇති වූවකි. පළමු බඹර කුටි (බඹරුන්ගෙන් ආරක්ෂා වීමට ඉදි කළ කුටි) දක්නට ඇත්තේ එහි ය. මේවා ප්රවමාණයෙන් ඉතා කුඩා වූ අතර කිසි ලෙසකින් ප්රාමාණවත් නොවීය.
අපි ඉහළට ගමන් කළෙමු. භූ විද්යාඩ හා පතල් සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විකල්ප පියගැට පෙළ නිර්මාණය කරමින් සිටියහ. විනාශ කරන ලදැයි කියන මුත් බඹර වද ගණනාවක් දක්නට ලැබුණේ සිංහ පාදයෙන් ඉහළ යන විට ය. කුඩා කල සීගිරි නැඟි විට ඒ සා විශාල උසක සිට දුව පැන ඇවිදින්නට මා බිය වුවත් ප්රයධාන රාජ මාළිගය පොකුණු පමණක් නොව කාශ්යිප රජුගේ ගල් ඇන් ද ද දැකගතිමි. සාමාන්යියෙන් කැණීම් ආධාරක ලෙස භාවිත කරන දොඹකරය දකින්නට හෝ ගල වටා යන්නේ අල්ප පිරිසකි. අපි ද වෙහෙස නොබලා ගල වටා ගමන් කළෙමු. සීගිරි වැව පෙනෙන අන්තයේ ගුහා දෙකක් පෙන්වීමට අප කැඳවාගෙන යන ලද මුත් එහි දුර්ගන්ධය අති මහත් විය. සීගිරිය ගල මත පුරාණ වැසිකිළියක් යනුවෙන් හැඳින්වූ මෙම ගුහා දෙක අතීත මුරකරුවන්ගේ හෝ රජුගේ ලැගුම් හලක් විය හැකිමුත් අද එය හුදෙක් ම පිරිමි වැසිකිළියකි. ඒ ඉසව්වේ වැඩියෙන් පිරිස නොගැවසීම ඊට හේතුව වී ඇති මුත් ලෝක උරුම ස්ථානයක් ප්රිසිද්ධ වැසිකිළියක් ලෙස භාවිත කිරීම, ජාතියේ යහපත් සෞඛ්යත පුරුදු එහි පැමිණෙන විදේශිකයන්ට ද හෙළි කිරීමකි. ඒ මදිවාට එහිදී ශරීර කෘත්යෙ කර ගැනීමෙන් අමන්දානන්දයට පත් වූවෝ තමන් ලත් සහනය පිළිබඳ කුරුටු ගී ද ලියා ඇතත් ඔබ කාන්තාවක් නම් ඒවා දැකීමට නොයාම යෙහෙකි.
සවස් යාමයේ හාත්පස දර්ශනයෙන් අප සිත් වශී කරනු ලැබිණි. අවසානයේ නිලධාරීන්ගේ බැණ අඩගැසීම් වලින් හෙම්බත්ව පහළට පැමිණියෙමු. අද වන විට සීගිරියේ ලහි ලහියේ විකල්ප මාර්ග ඉදි වෙමින් පවතින්නේ ළඟ එන වෙසක් නිවාඩුවට එහි එන සෙනඟ හැසිරවීමට ය. එන ගමනේ දී නයි පෙන ගුහාව රාජ සභාව ආදිය ද දැකගත් අපි නැවතත් නවාතැන බලා පැමිණියෙමු. එහිදී පොළඟකු කරේ දමා මා මිතුරකු ගත් ඡායාරූපය ද අමතක නොවන්නකි. මේ වන විට දවසේ චාරිකාවන් නිමා කරමින් ඇත්ගොව්වන් අලින් නිවසට ගාල් කිරීම අරඹා තිබිණි කරුණු විමසා බැලූ විට සීගිරි වැව ඔස්සේ අලින් පිට යාමට දේශීයන්ගෙන් රු. 1500ක් අය කරන අතර සිව් දෙනෙකුට අවස්ථාව හිමිවේ. ඒ නමුත් අපි නොමිලේ ම අලි පිට ගියේ අප මිතුරාට පින් සිදු වන්නටය.
පසුදින උදේ ම අවදි වූ අපට මොනර නැටුම් බැලීමට ඇරයුමක් ලැබිණි. මොනරුන් විසිගණනක් අසල ගල් තලාව මත පිල් විහදා රඟ දුන්නේ හිමිදිරි උදෑසනට අප පිළිගන්නට මෙනි. මොනර නැටුම බලන්නට කැඳ කෝප්පයක් ද ලද අතර පිරිසිදු කිතුල් හකුරු කැට ද ඊට ම ගැළපුණි. උදෑසනින් ම පිදුරංගල තරණය කිරීම අප පරමාර්ථය විය. පිදුරංගල කන්දට නැඟ දිවා ආහාර ගන්නා විට සීගිරි නඟින්නෝ දස දහසක් අප දෙස බලා සිටියහ. අපි අපේ නොවේ යැයි සිතමින් කෑවෙමු.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....