Sunday, August 29, 2010

තේවත්ත පල්ලියේ මංගල්ය

රාගම තේවත්ත පල්ලියේ මංගල්ය ය අද පටන් ගත්තා. බොහෝ දෙනා මේ වෙනුවෙන් පැමිණි නිසා රාගම නගරය ජනාකීරණ වූ බවක් දකින්න තිබුණා. ඇවරිටත් ඉතිං නිවාඩු දවසේ ගෙදර ඉන්න බැරිකටම පොඩි වල් ටුවර් එකක් රාගම පැත්තට සෙට් වෙච්චි නිසා රෝන්දයක් දාන්නත් එක්ක යන්න වුනා. ඇවරි හත් අවුරුද්දකට හිරේ යන්න ගිහින් ජනාධිපති සමාව ලබලා නිදහස් වෙලා පැය ගාණක් නෑ. කොහොමින් කොහොම හරි මහරජාගේ නඩු තීන්දුව ගැන මව්පිය පරම්පරාවේ වරිග සභාව එතරම් කැමැත්තක් දැක්කුවේ නැති වුනත් දෙපක්ෂය ම සාධාරණ කාරණා මත ඊට එකඟත්වය ප්රවකාශ කළා. කෝළහලයකින් වැඩේ ඉවර නොවුන එක ගැන ඇවරිටත් සතුටුයි. නැත්නම් ඥාති මිත්රළකම් වුනත් පළුදු වෙන්න තිබුණා.... හොයි!!! අන්තිමේ දී “හා එහෙනම් තව ටිකක් ඔහොම හිටපුවාවේ” කිව්ව ම සතුට වැඩිකමට උම්බෑ........ කියවුනා. හැබැයි ඉතිං දැන් ම උත්තරයක් හොයා නොගත්තොත් හැළිය උණු වෙන නිසා දිය කෙළිය හමාර කරන්න වෙන බවත් ඇවරි දන්නවා.
ඇවරිගේ අක්කාව බලන්න තමයි යන්න වුනේ. මේ දවස්වල බඩකුත් උස්සන් දෙන්නෙකුට හරියන්න කමින්, බොමින් ඇවරිලා වගේ අන්තේවාසිකයන්ව කඩේ යවන ඕ තොමෝ තවත් කුජීත වැඩක් වෙනුවෙන් මේ කතා කර ඇති බව ඇවරි දන්නවා. නමුත් ඉතිං ලැබෙන්න ඉන්න එකා හෝ එකී ගැන හිතලා මාත් ගේමට දණ නමලා එන්ටර් වුනා. මගේ ප්ලෑන වුනේ කොච්චියේ යන්න. අන්තිමේ දී ඇවරි යකඩයකා තොටුපලට යද්දි යකඩ යක්තුමා කළින් ම ගිහින්. තැපලා තැපලා හලාවත යන කිතුණු කෝච්චියේ පාපුවරු ටිකට් එකක් ගන්න පුළුවන් වුනා. වෙනදට බල්ලෙක් වත් නැතුව යන මේ කෝච්චියේ අද මෙච්චර සෙනඟ මොකෑ....? ඇවරි ටිකක් හොයලා බැලුවා. හොඳින් හැඳ පැළඳ ගත් නෝනා මහත්තුරු ළමා ළපටින් හැමෝ ම අතේ පැදුරක් තියෙනවා දැකලා මුලින් මාත් ටිකක් කර්පට් වුනා. ඇයි යකෝ යන දේවාලෙක පැදුරක් අරං යන්නේ මොන ඇන්නෑවකට ද? සැමන් සාඩින් ගානට පැක් කරපු කෝචිචි පෙස්ටියකට වෙලා මාත් කල්පනා කළා...
රාගම දුම්රියපොළේ දී සියල්ලන් ම බැහැලා ගියා. දන්නවනේ මේ අහවල් කෝච්චිය දැනු ට්රැක් එක මාරු කරනවා කියලා. ඇවරි ටිකට් ගත්තේ වල්පොලට. මේ දුර බස් එකේ යන්න හිතාගෙන රාගමින් එළියට ආවා. හුරු පුරුදු සංගීතයක් ඇසුණු නිසා වටපිට බැලුවේ මං වැරදිලාවත් මං කොටුවේ පදික වේදිකාවට ඇවිද්ද කියලා. ඉස්ටේසමින් බහින තැන ම මිනිස්සු පොරකනවා. ඇවරි හිතුවේ කවුරු හරි ජිල්මාට් කාරයෙක් වැඩක් දානවා කියලයි. “එන්ඩ එන්ඩ මෙහෙන් එන්ඩ..... ඔය යන අය බීම හේම බීලා යන්ඩ.... ආ ගන්ඩ ගන්ඩ....” මේක දන්සැලක් ද බලෙන් බීම පොවන තැනක් ද කියලා හිතාගන්න මට විනාඩි ගාණක් ගියා. උදේ පාන්දරින් බොන්නත් බෑ. කාරි නෑ. හිස්බඩනේ කියලා ඇදලා දැම්මා.
හිස් කෝප්පේ දීලා කවුදෝ මන්දා ගන්නාවා මතකයි. දැන් මමත් පාර දිගේ යනවා. “ඔය පාරෙන් අයින් වෙන්ඩ අයින් වෙන්ඩ” හරි අයියා අයිනෙන් තමා යනවා. අඩි දෙකක් ගිය තැන ලංගම නැව

ක් මා ඉ

ස්සරහ නතර කළා. “නඟින්න සර්..... පල්ලි යන්න නඟින්න නඟින්න ඉඩ තියෙනවා.. ඔය මිස් බබත් එක්ක ඉඩ ඉල්ලන් වාඩි වෙන්න.... නඟින්න සර්... නඟින්න” තනියම ආපු මාව මේ කෙහුරට ඩබල් වෙලා පේන්නේ කෝම ද? පස්සෙන් බර බරේ ෆලෝ එකක් දෙනව ද දන්නෑ කියලා මාත් හැරිලා බලපි. නෑ ඒ වෙන ජෝඩුවක්. මට මේ පල්ලි යන්න ඕනකමක් නැතත් මාවත් නග්ගගන්න ඒ කස්ටිය දතකෑවා. අන්තිමේ දී මගම නවත්තපු ලංගම පෝලිමක් පහුකරලා ගිහින් බස්එකේ නැංගා. අනේ තව පැයකටවත් යන්න නම් බෑ. මිනිස්සු වාහන බස් පා

ර පුරා. පයින් යන එක සැපයි කියලා හිතුනා. ගාට ගාට කුරුස හන්දියට කිට්ටු කරද්දී තවත් දන්සැලකින් බීම එකක්. ආගමික පොතක්, සීඩී පටයක් ආදී බොහෝ දේ ලැබුණා.
මංග්යකය හරි අපූරු එකක් වෙන්න ඇති.

 ගිහින් ම බලන්න ආස වුනත් වෙලාවක් නැති නිසා මං ළඟින් බලාන ගියා. කොහොම නමුත් රාගම ඉඳන් තේවත්ත දක්වා පාර පුරා අපි විඳපු සංග්රනහ සත්කාර අමතක කරන්න බෑ. අනික වන්දනාකරුවන්ට උදව් කරන්න ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් දැක්කා. ඒක නම් අපූරු එකමුතුකමක්. මේ පැත්තේ මිනිස්සු පට්ට අමුතුයි. පෝයටත් ඒ අය දන්සැල් දෙනවා. නත්තලටත් දෙනවා. පුදුම මනුස්සකමක්........!!!!!

Thursday, August 26, 2010

උපනෙත

උපනෙත කියන්නේ කැ.වි යේ නාට්‍ය හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය මගින් සංවිධානය කරන කලා උළෙලට. ගිය පාර ප්‍රදර්ශනයටත් අපි ආවා.. ඒ අතින් මේ මං සහභාගි වූ දෙවන උපනෙත. සාමාන්‍යයෙන් කලා උළෙලක නම එකයිනේ... දැන් අපි හැමදාම තියන්නේ ‘බිහිදොර අබියස’ වගේ නමුත් මෙතන ප්‍රශ්නය වෙන්නේ උපනෙත කියූ පමණින් අපේ යුනි පීපලස්ගේ ඔළුකුහරයට මේ මොකා කියලා සෙන්ටර් නොවීමයි. අවම වසයෙන් උදේට-දවල්ට කන්න ජිම් එක ඉස්සරහින් කැන්ටිමට යන එකා අහනවා “මොකක්ද මේ ඇතුළේ තියෙන්නේ කියලා....”


මේ වගේ උදාහරණ නිසා මේ උපනෙත ටිකක් කඩිමුඩියේ කෙරුණ බව කියන්න ඕනෑ. පූර්ව ප්‍රචාරණ, පූර්ව ආරාධනා අවම වුනේ මේ නිසයි. නමුත් කාරි නෑ... කලාව මිනිස්සුන්ට එන්නත් කරන්න බෑනේ??? ඒ නිසා එන උන් ආවාවේ... දුලීකා ධර්මවර්ධන, නදිෂ්ක රණසිංහ, සංජීව දේවප්‍රිය, අසංක වීරසූරිය, රසික සූරසේන, චමින්ද සුදත් රත්නායක, ප්‍රභාෂ්වර නිශ්ශංක යන පිරිසගේ නිර්මාණ එකතුවක් තමා මෙහි තිබුණේ. ඇත්තට ම මේ ඒ අයගේ අවසන් වසර නිබන්ධනේ... සමහරු ඡායාරූප ප්‍රදර්ශනයක් කළා ම සමහරු කෙටි චිත්‍රපට  ඉදිරිපත් කරලා තිබුණා...කෙටි චිත්‍රපට තුනයි. සේයා රූ එකතු හතරයි. ඉතිං ඔබත් උපනෙත බලනවා නම් ඡායාරූප විතරක් බලලා හොඳයි කියලා එන්න එපා....!!! 

ප්‍රධාන ආරාධිත කුලපතිතුමා සහ ඕ ලෙවල් පේල් මහාචාර්යතුමා, ප්‍රනීත් අභයසුන්දර මහතා වැඩේ ආරම්භ කළා. (එතුමා කීර්තිමත් ආදි ආනන්දීයෙක් අපි ඉගෙනගන්න කාලෙදි ආපු දේශනයකදී තමන් කී පාරක් ද කොහෙද සාමාන්‍යපෙළ අසමත් වුනත් දැන් මහාචාර්යවරයෙක් බව කීවා මතකයි) වැඩේ ප්‍රශස්ත මට්ටමක තිබුණා. අර නදිෂ්ක හාදයගේ වැඩේ ටිකක් බරපතල වුනාට නැඟලා ගියා. හුඟක් දෙනා අර මොඩ්ලින් ඉටිරූප දිහා කල්ප කාලයක් අනිමිස ලෝචනයේ යෙදෙනවා බලන්න පුළුවං. ඒ දැකලා මට “රූපං ජීරති මච්චානං” කියලා ලොකු අකුරින් ලියලා ගහන්න හිතුනා. ඒ හාදයා ම තමා ‘තිදස’ නමින් ඒක පුද්ගල සේයා රූ දැක්මක් කළේ. ටිකක් වෙනස් ඩයලයක්. ගැඹුරට කියවන්න හුඟක්ම අමාරු චරිතයක් වුනත් මතුපිට කියවීමේදී සරලයි.  


මං ඇන්ටිගනී ඡායා එකතුවටත් කැමතියි. හිතන්න චලනය වන චරිත රඟපාද්දි කැමරාවට හසුකරගන්න එක අමාරුයි. මොකද අපි පරක්කු වුනොත් නළුවගේ අත බිම තියේවි?? ඒ නිසා සූක්ෂම ව්‍යායාමයක්. සංජීව අයියාගේ ශ්‍රමායික උපක්‍රම යොදා කළ නිර්මාණ එකතුවත් නියමයි. හුඟක් දුහුනන් එතැන නැවතිලා මේ රූපෙ ගන්නේ කෝමද? වගේ ප්‍රශ්න අහනවා දකින්න පුළුවං. ඒ අයට ටෙක්නික්ස් ඉගෙන ගන්න තම් නියම තැන. කෙටි චිත්‍තරපටි ගැන නම් මගෙන් අහන්න එපා... පළමු දවසේ ඒ එකක්වත් බලන්න බැරිවුනා. නමුත් ඒවගේ පෝස්ටර් කවර නම් අලුතාගේ ඩිසයින් නිසා උපරිම තත්ත්වයක තිබුණා. ලස්සනයි. හැබැයි Neither…nor  ආකෘතිය පටලවා ලියපු                           වචන ඛණ්ඩය ගැන විවේචන එල්ල වුනා. තිබුණ වැඩමුළුවේ නැට්ට හරියෙන් හොට දාන්න මට පුළුවන් වුනත් මං වඩාත් කැමති ම කෙටි චිත්‍රපටය වුනේ ‘සොඳුරු වසන්තය’ (ඇත්තට ම කිව්වොත් මං බැලුවේ එච්චරයිනේ?) නමුත් පවුඩට ඒක අන්තිමේ අර විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටි කාන්තාවක් යොදා ගැනීම ප්‍රශ්නයක් වුනා. ආ.... මං එහි කතාව කීවේ නෑනේ??

සොඳුරු වසන්තය කියන්නේ ගුවන් විදුලි වැඩසටහනක් එහි කතානායකයා හා ඔහුගේ බිරිඳ වටා තමා කෙටි චිත්‍රපට කතාව ගෙතෙන්නේ. මේ නිවේදයා මුල් දවසේ හඳ ගැන කතා කරනවා. එහිදී හඳ ගැන ශ්‍රාවක අදහස් විමසනවා. තරුණ ගෑනු කටහඩක් තමන්ට පහළොස්වකට මතක් වෙන්නේ එහි නිවේදක කවිෂ්ක අයියා බවත් තමන් අවපස සඳක් බවත් කියනවා... නමුත් ඇය සනසන අටියෙන් නිවේදකයා ඇය පහළොස්වක සඳක් යැයි කියමින් අමරදේවගේ ‘පහළොස්වක සඳ පායනු වැන්නේ..’ ගීතය විකාශනය කරද්දී නිවසේ සිටින ඔහුගේ බිරිඳට ඇඩුම් එනවා. හවස ඔහු නිවසට ආවා ම ගෙදර අවුල්... දෙවනි දින ඔහුගේ මාතෘකාව ආදරය... දෙවැනි දින අර කාන්තාව දුරකථනය මගින් සම්බන්ධ වී නිහඩව ඉද්දි ඇයව හඳුනාගන්නා නිවේදකයා ඇගේ නමින් කතා කරනවා. ඇය කියන්නේ ඒ හඳුනාගැනීම තමන් ආදරය කරනා නිසා සිදුවූ බවයි. “ඒ කියන්නේ කටහඩ හඳුනා ගැනීමත් එක්තරා ආදරයක් කියන නිවේදකයා එදත් ලිස්සලා ගියත් ගෙදර යන ඔහුට තරුණ බිරිඳ රැකියාවට නොයන ලෙස ඉල්ලා සිටිනවා. “හරි ඔයා කියනවා නම් මං ප්‍රෝග්‍රෑම් එකට නොගිහින් ඉන්නම්. නමුත් අපි තත්වෙක ඉන්නේ ඔය ප්‍රෝග්‍රෑම් එක නිසා.....” ඔහුගේ වැඩසටහනට ලැබෙන තැපැල්පත් හොරෙන් කියවන බිරිඳ පහුවදා අර කාන්තාව සොයාගෙන ගියා ම එහි ඉන්නේ අර කලින් කිව්ව විදියේ තරුණියක්. පොරොන්දු වූ විදියට ම නිවේදක කවිෂ්ක එදා වැඩසටහනට යන්නෑ.... කාමරෙන් එළියට එද්දිත් අර කාන්තාව අඩලා. හේතුව ඇහුව ම කවිෂ්ක අයියා නැති නිසාලු. “හෙට කවිෂ්ක අයියා එයි” කියමින් ඇය සනසන තරුණ බිරිඳ ආපසු හැරීමෙන් කතාව චිත්තරපටිය නිම වෙනවා. එහි නිළිය නදීෂා හේමමාලි. කවිෂ්ක සනත් විමලසිරි. රඟපෑම නම් උපරිමයි. කතාව විශේෂ අමුත්තක් නැතත් රඟපෑම් එහි උත්කෘෂ්ටියක් මතු කරනවා. ලලිත් රත්නායක එහි අයිතිකරුවා බොහෝ ඇගයීමට ලක් වීම වැදගත් සිදුවීමක්...!! 

හා කියන්න ම වටින කාරණේ මේ සියලු අලකලංචි අස්සේ ‘අනේ මන්දා’ සරසවි පීරිසි තට්ටු හයක් සහ බාල්දියක් රහසේ ම ගෙදර ගෙනියන්න ගිහින් ආරක්ෂක අංශ වලින් පරීක්ෂාවට ලක්වීමයි. (දෑවැද්දට හොරකම් කළා කියලයි ඇය කිව්වේ) මේ අතරේ අපේ පැපරාසි කැමරා වැඩ කරපු නිසා මූණ වහගෙන හිටියත් සමහරුන්ව කාච වල සටහන් වුනා. (බලන්න මේ කවුද කියලා) අර කෑම මේස එහා පැත්තේ ගත්ත හයි ඈන්ගල් ෂොට් එක ගැන නම් මුකුත් කියන්න බෑ....!!               

 

 

 

 

Wednesday, August 25, 2010

මං අද උපන්නයි කියන්නේ..........?????

 

අද ඒ කිව්ව 2010.08.25 වැනිදා  ‘උපනෙත’ ප්‍රතිබිම්බ කලා උළෙල ආරම්භ උනා. හ්ම් කිව්ව ම මොකද මං කුල කුමාරයා අපේ මාතාව කුස පිළිසිඳගෙන මෙළොව එළිය දැකලා තියෙන්නේ අද වගේ දවසක උදේ 8.05ට ලු. හැබැයි අපරාදේ කියන්න බෑ උදේ ඉපදිච්ච වෙලාව වෙද්දි දොන්ත පදම් දාලා මං බුදි.... කලින් දා මගේ නිබන්ධනයක් ලීව නිසා දන්නේ ම නැතිව නින්ද ගියා. අනෙක ඉතිං අර හරියට ම දොළහේ කණිසමට සුබපතන උදවිය වෙනුවෙනුත් නිදිවරාන ඉන්නත් එපැයි. කොහොමින් කොහොම හරි මං ඇහැරුණේ අම්මගේ සුබපැතුම් සමඟ උදේ ම ඉතිං කිරිබත් කවලා, බත් ගෙඩියත් බැලා අම්මලා වැඩට ගියා.... මං ටිකක් මනුස්ස වසයක් අරං නා කියාගෙන යුනියට යන්න මගට බැස්සා.... 

මඟ දිගට සුභපැතුම්....!!! දැන් ම සමාජ ජාල වෙබ් අඩවි නිසා හැමට ම ප්‍රසිද්ධ චරිත වෙලා. ඉතිං මගෙත් නබර්ස් ෆෑන්ස්ලා හද පිරි විස් ලබා දුන්නා. මේ විසුත් අරං මං කෙළින් ම ගියේ සහචර පාර්ටියට කේක් එකක් ගන්න. අද පළමු වතාවට ගෑනු ළමයෙක් එක්ක හවුලේ උපන්දිනය සමරන්න වීමත් විශේෂත්වයක්. මිතුරියක වන අයේෂාගේ උපන්දිනය 24 වැනිදාට යෙදුනත් එදා පෝය නිසා ඇගේ උපන්දිනයත් පහුවදා සමරන්න කට්ටිය යොදාගෙන. අපි මුලින් ම ඇගේ කේක් කපලා දෙවනුව මගේ කේක් එක කැපුවා. හැමදා ම උපන්දිනයට යුනියේ ඉන්න Threaten Endemics අපේ සනුහරේ වෙනුවට සහමුලින් ම වෙනත් පිරිසක් එක්ක උපන්දිනය සමරන්න වීම තවත් විශේෂත්වයක්. අද යානි ගෙදර. චිලී, අමන්දා, අලුතා, අරා සියල්ලන් ම උපනෙත... වයිප‍ර්, ක්ලසා, පෙතියා පමණයි පුරුදු මිත්තරයන්ට හිටිය මේ අලුත් අත්දැකීම් සියල්ල මැද මං පාන්දරින් කේක් කැපුවා..... 

කාලා කවලා වනසාලා.... අපි උපනෙතට කේක් දෙන්න ගියා. ඒ වෙද්දිත් උපනෙත පටන් අරං නිසා කස්ටිය ගජරාමෙට වැඩ. දැන් අයි.මැට් පාර්ශවයට මං කේක් කෑලි අටක් තිබ්බා... නමුත් හැමදාව වගේ ඇබැද්දි අයියා.. අදත් ලේට්. පස්සේ බැලින්නම් ඌට ස්තුති කතාවක් දීලා. නමුත් මේ කතාව කරන්න වෙන බයට පොර පාන්දර ආවේ නෑ... අන්තිමට කතාව කළේ අරා... (කෙනෙක් නම් මේකට හුඟක් සතුටු වුනාලු???) පස්සේ ඉතිං ඇණ මුරිච්චියත් එක්ක ඇවිත් වැඩේට හවුල් වුනත් ඇබැද්දි සියල්ලන්ගෙන් නොසෑහෙන්න අහගත්තා.

ඉතිං අද දවසේ ම අපේ මැච් එක තිබුණා. අජපල් තමා කීනවා.... ඒ ඇයි කියලා කීන්නම්.... හවස ඇන්ටිගනී පෙන්නුවා. නමුත් අපි කලින් ප්ලෑන් කළේ 26 හයයි තිහ බලන්න. මගේ පුද්ගලික උපාධියට විභාග ගාස්තු ගෙවන්න ගියා ම එතැන උන්ටත් පාර්ටි දෙන්න වුනා. යන්තම් රු.30ක් ඉතුරු වුන නිසා ඉබ්බට නොයා කැම්පස් එක ළඟට එන්න පුළුවන් වුනා. දත කට මැදගෙන හිටියේ හවස DJ එකට යන්න. විභාග අස්සේ චුට්ටක් රිලැක්ස් වෙන්න ඕන උනත් ඒක කැන්සල්ලු. අන්තිමට මං හයට විතර ගෙදර ආවා....

ම්..... රාත්තිරිය වෙද්දි කෑමට ඇරයුම් ලද්දන් එහි ආවා... සුබපතලා ගියා. දවල් උපන්දිනේ වෙනුවෙන් මගේ බත්පත දන්දුන්නා. උපාධි කඩේට යද්දි නිකම් ගාලු පාරේ ආච්චි අම්ම කෙනෙක් දැක්ක නිසා බත් එක දෙන්න හිතුනා. පස්සේ මට බඩගිනි උනාම PGIRA ළඟින් බැහැලා ඒ කැන්ටිමෙන් බත් කෑවා. වසන්ත වැලිඅංග අපේ ලෙචාත් එහි බත්කමින් සිටියා. “අද ඩ්‍රාමා එක නේද බං?” හ්ම්.... වැලිඅංග බොසා තමයි ඇන්ටිගනී සෙට් එක කළේ.. නමුත් අද නාටකේ පෙන්නුවට බුවා තිරේ පස්සේ නෑ. සුද්දෙක් එක්ක නකල්ස් යන බවයි කිවේවේ.....

අන්තිමේ දී රාත්තිරි දහයාමාරට විතර මං ටා....න් ගාල පන්සල පැත්තේ ගිහින් ආවා... අන්තිමේදී සියල්ල හොඳින් සිදුවුනා. හැබැයි උපන්දිනය නිම වෙද්දි ඇඟට පට්ට මහන්සියි....!!    

 

 

Tuesday, August 10, 2010

ප්රංදශ සැඳෑව

මේ දවස් වල තෙල් බැම්ම ළඟින් යන්න ටිකක් අමාරුයි කියලා බොහෝ දෙනා කියනවා මං අහගෙනයි. රටේ ආර්ථිකයට හෙණ හත ම වැදිලා තියෙද්දී විශ්ව විද්යාුලයේ සියලු ම ස්වාධීන ශීෂ්යං සංගම් වල ආර්ථිකයත් තරමක කඩා වැටීමකට ලක් වෙලයි තියෙන්නේ. මේ නිසා සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා හරි තමන්ගේ ගොඩ වැඩි කරගන්න හැමෝ ම උත්සහ කරනවා. පැත්තකින් මේක අසාධාරණ නෑ. නමුත් පාරේ යන්න බැරි තරමට කචලයක් වෙන නිසා වැඩේට පුංචි විතර විනයක් තිබුණොත් හොඳයි කියලයි මං හිතන්නේ.
හරිත කවයේ චිත්රචපටය, මැජික් සන්දර්ශනය, ප්රංතශ සංස්කෘතික ප්රහසංගය, ආදී කාරණා වගේ ම සංචාරණ සංගමයේ බුක් මාර්ක් සහ තාමත් නිකුත් නොකරපු පුරාවිද්යාු දෙපාර්තමේන්තුවේ ස්ටිකර් වගේ කාරණා ගොන්නක් සඳහා මේ දවස්වල පුංචි දහයේ විස්සේ කෑලි වියදම් වෙනවා. යාළුවෝ දැක්ක ම මමත් ගිහින් අරන්නවා. නමුත් මේ සියල්ල එක ම කාලයේ පැමිණීම නිසා ‘ටිකට් එකක්’ කිව්ව ම අපෝ කියන තැනට අපේ කට්ටියත් ඇවිල්ලා. නමුත් අපේ ඇතුළේ තියෙන වැඩ වලදී අපි ම ටිකට් නොගත්තොත් වෙන කවුරු ගන්න ද? අපි වෙනුවෙන් අපි ම තමා......
ප්රංවශ සැදෑව සඳහා මට ටිකට් ගන්න වුනෙත් අපූරු විදියකට. සාමාන්යමයෙන් ප්රං්ස කරන අය සාපේක්ෂවව අඩුයිනේ... ඉතිං රු. 20 කට මිල නියම කරපු ටිකට් ඔවුන් විකිණුවේ දන්න කියන උදවියට. මේක අර විශේෂ පන්තියකට සීමා වුන උත්සවයක්. මොක ද හැමෝ ම එහි නොඑන වග සංවිධායකයින් වුනත් දැන සිටියා. නමුත් භාෂා හදාරන පිරිසට ඔවුන් වෙසෙසින් ආරාධනා කළා. මාත් මගේ මිතුරියක් එක්ක එද්දි ප්රංාස කන්යා වක් ටිකට් එකක් දික් කළා. මගේ වාරය නොවන නිසා ඈ ටිකට් ගනී යයි අපේක්ෂාවෙන් බලා සිටියත් මේ කෙල්ල ටිකට් ගත්තේ නෑ.... ප්රංමශ කන්යානවගේ මූණ මැළවුනා. පස්සේ ටිකක් ඉස්සරහට ඇවින් ගිහින් මං රුපියල් විස්සක් යෙහෙළියට ම දීලා ටිකට් එකක් ගෙන්න ගත්තා. එතකොට නම් අර කෙල්ලට සැටිස්. ටිකට් නොගත්තත් මං තරහ නෑ කියල ඈ කිව්වා. ඒ වෙලේ ටිකට් එක නවලා සාක්කුවට දා ගත්තා මිසක් මේක බලන්න යන්න ඕනකමක් තිබුණේ නෑ.
පහුවෙනිදා අපි PGIRA ගියා. සවස එද්දි 4.30යි. කැම්පස් එක ළඟින් බැස්ස නිසා ඒ වෙනකොටත් පටන් ගෙන තිබුණු ප්රංපශ සැදෑව බලන්න යන්න හිතුනා. මාත් ගියා. අයියෝ පැමිණ සිටි පිරිස නම් බොහො ම ටිකයි. ඒත් අඩුම තරමේ ප්රංසශ මොනවගේ ද කියලා අහන්න මට ආස හිතුනා. නිම්හිම් සෙව්වා ගීතය ප්රංනශ ඌරුවට කියපු එක ලස්සනයි. තව Heal the world ගීතයේ French Version එක ඔවුන් විසින් ම පරිවර්තනය කර ගායනා කළා. නමුත් ඒක අපිට හරියට ඇහුනේ නම් නෑ.... අර ප්රංාස නාටකයේ සිංහල අනුවාදය නම් පට්ට. එහි ප්රුධාන චරිතය කළ තෙවන වසරේ අක්කා හැබෑ ජීවිතේ පට්ට ම සයිලන්ස් කැරැට්ටුවක්. නමුත් වේදිකාවේ දී නම්....... කියලා වැඩක් නෑ!!! තව නැටුම් අතරින් පළමු වසරේ නැටුම සහ දෙවන වසර කපල් ඩාන්ස් එක නියමයි. අර ජෝතිපාලගේ සිනමා ගීත නොන්ස්ටොප් එකට කළ නර්තනයත් අපූරුයි.
ප්රලධාන ආරාධිත වී.සී තුමාත් ඉහළින් ම කටයුත්ත අගේ කළා. සර්ට ඔළුවිල් යන්න තිබිලා ඒකත් කල් දාගෙන තමා මේකට ඇවිත් තිබුණේ. පහුවදා පාන්දර දෙකට තමන් ඔළුවිල් බලා පිටත් වෙන බව කී වී.සී තුමා තමන් හුඟක් සතුටක් ලබන්නේ පරිපාලනේ ඒ.සී කාමරේක තට්ට තනියම ඉන්නවාට වඩා ළමයි එක්ක ගැවසෙන පන්ති කාමරේ කියලත් කිව්වා. 2011 ඉඩක් ලැබුණොත් උගන්නන්න එන්නම් යැයි පොරොන්දු වූනා.
කට්ටිය නැතත් පුරුදු පරිදි සයන්ස් වාසී ෆන් කප්පිත්තන් එහි සිටියා. අපි හොස්ටල් එකෙන් විසිල් පප්පෙක් ගෙනත් තිබුණා. කවුරු උත්සවය සංවිධානය කළත් ඒක run කළේ එක ම ලයින් එකේ හිටි මේ කීප දෙනා. හොඳ හීට් එකක් තියාගන්න ඒ අය උදව් වුනා. කොටින් ම කිව්වොත් උනුත් නටලා අපිවත් නැටෙව්වා. මේ සොඳුරු සැඳෑව නිමා වුනේ ප්රංළශ ජාතික ගීයත් එක්ක. හැබැයි අපි දන්න කියන අයගේ නොදන්න දක්ෂතා දැක බලා ගන්න පුළුවන් වුන නිසා මං නම් ඒ වැඩේ ඉහළින් අගය කරනවා...!!

බිත්ති වලට ඇස් ලැබිලා.....


මේ කඩිමුඩියේ සමාජ විද්යා පීඨයේ ඩීන් හෙවත් බහුජාතික බාප්පා විශ්ව විද්යා්ල මාතාව ගණිකා වෘත්තියේ යොදවලා හරි හම්බු කරගත් සල්ලි සුද්දා වගේ වියදම් කර කර ෆැකල්ටිය පුරා සී.සී ටීවී යුනිට් එකක් හයි කරනවා. මේක මොනිටර් කරන්නේ ඩීන් ඔෆිස් එකෙන්. හැම තැනක ම හයි කරලා තියෙන නිසා දැන් ඔය පැසේජ්වල, අහු මුළු වල කියපු කරපුවා ඉස්සරහට කරන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඔන්න අපි නොකිව්වයි කියන්න එපා. “බිත්තිවලට ඇස් තියෙන නිසා දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි.” අනේ හැබෑට මොන උලව්වකට මේ අහවල් ඒවා හයි කරනවා ද? සැලකිය යුතු ප්රනශ්නයක්. මේක පිටිපස්සේත් නියම කතාවක් තියෙනවා.
මේ මාසේ 21,22 දිනවල පුරාවිද්යාද අධ්යකයන අංශය මගින් අන්තර්ජාතික සමුළුවක් අපේ විශ්ව විද්යාිලයේ පවත්වන්න මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. අයිෆා වලදී මොක ද වුනේ කියලා දැක්කනේ??? දැන් අපි අයිපා කැම්පස් එකට ගේන්නයි යන්නේ... ඉන්දීය සිසුන් 80ක් පමණ මේ සමුළුවට සහභාගී වෙනවා. මේ පිළිබඳ තිබුණු මුල් ම සාකච්චා වලදී විදේශීය සිසුන් වෙනුවෙන් කවරාකාර පහසුකම් සැලසිය යුතු ද කියලා විමසා හිටියහ ම නම් දරාපු ආචාරියෙක් කිව්වලු අපි අභ්යවන්තර ආරක්ෂාව ප්රරදර්ශනය වෙන්න ආරක්ෂක කැමරා හයි කරමු කියලා. මේ යෝජනාව තමා දැන් ක්රි්යාත්මක වෙන්නේ. අඩුම තරමේ එන උන්ට හරියට සනීපාරක්ෂක පහසුකම් වත් සලසන්න බැරුව මේ පිස්සු කෙළිනව. ඒ ගැන ඇහුවම මහ මොළකාරයෝ ‘නෑ අපි ඒ අයව හෝටල් වලනේ නවත්වන්නේ.....’ කිව්වලු.
පට්ට ම ආතල්....... ඇත්තට ම වෙන වැඩක් නැද්ද??? දැන් බලන්න අපිට කොච්චර සල්ලි ද කියනවා නම් අර මැද මිදුලක් ලස්සනට ලෑන්ඩ් ස්කේප් කරලා තියෙද්දී සම්පූර්ණයෙන් ම විනාස කරලා සිමෙන්ති ගල් ශිෆ්ට් කරලා දැම්මා. ඒක පිළිවෙළයි. ලස්සන රටාව. නිකමට බලන්න පුතා ඉස්සර එතන තිබුණ තණකොළ ගොල්ලේ හරක් වගේ ලැගල ඉන්නව වගේ ද දැන් හදිසියකට බත් දාගෙන උනත් කතෑකි. මහැඳුරෙක් කිව්වා. මට නම් ඒක පට්ට මජර වැඩක්. ඒ වැඩෙන් උනේ ආචාර්යවරුන්ගේ වාහන ෆැකල්ටිය ළඟට ම ගන්න පුළුවං වුන එක විතරයි.
ඉස්සර තරුව තිබුණ තැන දැන් තියෙන්නේ පෝටිකෝවක්. ටික දවසකින් ඒ මිදුලෙත් සිමෙන්ති ගල් අතුරාවි. සමාජ විද්යාරපීඨයේ සියලු ගස්වල අතු කපලා දැම්මා. දැන් නම් හරිත කවය අලුතින් පැළ වගාවක් පටන් අරං. කවුද දැන් ඔය හොස්ටල්වල පහසුකම් නෑ කියන කැණහිල්ලු?? දැන් ෆැකල්ටිය තියෙන හැටියට හොස්ටල් සුරපුරයක් වගේ ඇති කියලයි පිටස්තරින් එන හැමෝට ම හිතෙන්නේ.
කොහොමත් අභ්යින්තර හිඟන්නන්ට වඩා බාහිර ලොකු මහත්වරු නෝනලා වෙනුවෙන් සරසවි මාතාව වැඩි ම ලන්සුවට විකුණන්න පුළුවං බව කවුරුත් දන්නවා. ඉතිං තවත් මොන පුද්ගලීකරණයක් ද?..... කවුරු කෑ ගැහුවත් ෆැකල්ටිය ඇතුළේ කෙරෙන ඉදිකිරීම් සියල්ල කඩිනමින් සිදු වෙනවා. අර කාන්තා නේවාසිකාගාර ළඟ ඉදි කෙරෙන ගොඩනැඟිල්ල ගැන මුලින් තද විරෝධයක් ගියත් දැන් රොකට් වේගයෙන් සියල්ල ඉදි වෙනවා. නමුත් මේ සියල්ල හරහා අපි විශාල වශයෙන් ස්වභාවිකත්වය ආක්රිමණය කරලා තියෙන බව කියන්න ඕන.

Wednesday, August 4, 2010

කටෙන් කයිවාරු - )(කෙන් අච්චාරු




රුහුණු විශ්ව විද්යාැල ශිෂ්ය!යාගේ ඝාතනය ගැන විශාල පිකට් එකක් කොළඹ පැවැත්වුනානේ. අපෙනුත් බස් දෙකක් විතර ගියා. මේ මෙගා උද්ඝෝෂණය නිසා ඕල්කට් මාවත පැය තුනක් (සවස 2-5 දක්වා) අවහිර වුන බවත් කිව යුතුයි. එහි සිටි පන්දහසක පමණ සිසුන් අපූරු පාඨ කියමින් කෑ ගැහුවා.
“මෙන්න මෙන්න ආණ්ඩුවක්
මිනී මරන ආණ්ඩුවක්
අපිට ඕන තීන්දුවක්
සාධාරණ තීන්දුවක්
කටුලෙවකන්නේ ඇයි ද කියාපිය - මීනී මරන්නේ ඇයිද කියාපිය” වගේ පාඨ ගණනාවක් එහි දී කියැවුනා. සිසුන් රතු ලේ පැල්ලමක් සහිත සුදු රෙදි කඩක් හිස දවටන් සිටීමත් මං දකින්නේ සාධනීය කාරණාවක් හැටියට. මොක ද ඉන් උද්ඝෝෂණයට නව හැඩයක් එක් වී තිබුණා. ආණ්ඩුව පැත්තෙන් නම් මේක නවත්තන්න උපරිම ගටක් ගත්තා. බස් හරවලා ඇරියා, තර්ජන කළා හැම උලව්ව ම කළා. කොහොමත් රජයක් එහෙමනේ. ඒ අය කියන්නේ ඒ ජාතික සාමය, මහජන ආරක්ෂාව වෙනුවෙන්ලු. කාරි නෑ. හැබැයි මේ වගේ සීමිත ක්රි්යාකාරකම් වලින් වැඩක් වෙයි ද කියල සැකයක් තියෙනවා.
පුද්ගලිකව මං නම් විප්ලවය විශ්වාස නොකරන මිනිහෙක්. විප්ලවය දිනන්න පුළුවන් ද බැරි ද කියන එකට වඩා විප්ලවය යනු අදාල දේ දිනාගැනීම උදෙසා ඇති සාධාරණ ම සහ ඒකායන මාර්ගයම යන්න තමයි මට ඇති ගැටලුව. නමුත් අර සම සෞඛ්යද සිසුන් විප්ලවය යථාර්ථයක් බවට ඔප්පු කළ නිසා මං මගේ තර්කය අකුල ගන්නවා. ඒ අයටත් හරියට කෙණිහිලි කම් කළා. කොළඹට පිකට් වලට එද්දි අතර මඟ බස් දහ දොළොස් පාර චෙක් කළා. එහෙම කරලා පැමිණීම ප්රමමාද කරලා පිකටිං අල කළා. නමුත් අන්තිමේ දි හොඳින් නැත්නම් නරකින් ඔවුන් අවශ්යා දේ ලබා ගත්තා.
දැන් නම් තැටිය රත් වෙලා තියෙන්නේ. කවුරුත් රොටි පුච්චන පාටක් පේන්න නැත්තේ අත පුළුස්ස ගන්න බය නිසා වෙන්න පුළුවං. ඔය අතරේ සරසවි විද්යා.ර්ථි සාමුහිකය මගින් ගහන පොස්ටරයක් නිසා ඉහළ ම පුටුත් රත් වෙලයි තියෙන්නේ. මේ අය මාධ්යියට ප්රපකාශ නිකුත් කිරීමෙන් පමණක් නොසෑහී මෙහෙම එළියට එන එකත් හොඳයි. අඩු ම තරමේ අනාගතේ “උනුත් එකයි - මුනුත් එකයි” හරි කියන්න බැරියැ. කෝකටත් විකල්ප දෙකක් තියෙන එක හොඳා....


මේ පෝස්ටරය තියෙන්නේ දෙමව්පියන්ට ආමන්ත්රුණය කරලා. දෙමව්පියනි, සිසුන් මරන අන්තරේට ඔබේ දරුවා බිළි නොදෙන්න කියලා වගේ අදහසක් තමා එහි තියෙන්නේ. පැහැදිලිව අන්තරේට හා ජ.වි.පෙට විරුද්ධ මතයක්. මේ පෝස්ටරය නම් පට්ට. මං සාර්ථක උපායක්. සිය දහස් ගාණක් අතරින් වුනත් පැහැදිලිව පේනවා. ප්රකබල පණිවිඩයක් දෙන නිසා කිරිබත්ගොඩ බස් නැවතුම, එල්.පී පෙරේරා හන්දිය ආදී ස්ථාන වල මිනිස්සු වෙලා අරගෙන කියවනවා මං බලං හිටියා.
නමුත්, ගැටලුව තියෙන්නේ මේක කැම්පස් එක ඉස්සරහා මහජන බැංකුව ඉදිරියේ සහ කැම්පස් එකට යන පාරේ ප්රනධාන තාප්පය පුරාත් ප්රපදර්ශනය වීම. නමුත් දැන් නම් ඒවා ප්රසදර්ශනය කෙරෙන්නේ නෑ. මොක ද අවුල් බව දැන ගෙන ම ඉරා දමා ඇති නිසා. මං කියන්නේ මේක ඒ තාප්පේ ඇළවීම වරදක් නෙමෙයි වගේ ම ගැළවීම වරදක් ද නෙමේ. නමුත් මේක මහ පාන්දර අළවනකම් අපේ මිනිස්සු කළේ මොකක්ද කියන එකයි. ඒක හරියට තෙල් බැම්මේ “අන්තරය සහ ජ.වි.පේ එකතුව මරා දැමූ ශිෂ්ය්යාගේ මරණය පිළිබඳ අපගේ බලවත් කණගාටුව” කියලා ගහලා තිබුණා වගේ. තෙල් බැම්ම කියන්නේ ප්රවධාන මර්මස්ථානයක් රතු තීන්තෙන් එතෙන්ට ඇවිත් ඇඳලා යන කම් අපි දන්නේ නෑ......?? පෝස්ටරේ අලවලා එළි වෙනකම් දන්නේ නෑ....?
මේ දෙකට ම උත්තර වුණු තෙල් බැම්ම අලු පාට ලැකර් වලින් වසා දැමීම හෝ පෝස්ටර් ගලවලා දැමීම ප්රාමාණවත් යැයි මං හිතන්නේ නෑ. අළු පාට ලැකර් පාට තාමත් අමුතුවට පේනවා. ඉරලා දැම්මත් ඒ පෝස්ටර් තාමත් පේනවා. මේ නිසා අවදියෙන් ඉඳලා මේවා වෙන්න ඉස්සෙල්ලා වැළැක්වීමයි වඩාත් හොඳ. අර ‘සිසුන් මරණ’ කියලා පෝස්ටර් වල ලියද්දී මුර්ධජ ණ යන්න භාවිතයටත් මං විරුද්ධයි. මරණය නාම පදයේ නම් ණ මුර්ධජ අවුලක් නෑ. ක්රි්යා පදයේ ණ දන්තජ විය යුතුයි. ඉන් සමස්ත පෝස්ටරයට වන හානිය විශාලයි.
මේ වගේ “ඇණලා යනකම් දන්නෙ නෑ” ප්ර තිපත්තියේ අපි සිටීම ගැන ලැජ්ජා විය යුතුයි. ඉස්සර නම් පෝස්ටර් කියන්නේ ජ.වි.පෙ බලය පෙන්නුම් කරන සාධකයක්. රැයක් එළි වෙද්දි එකම පෝස්ටර රට පුරා අළවා තාප්ප පුරවන්න තරම් ඔවුන් බලවත්ව හිටියා. අද... අනික මේ පෝස්ටර් ඉරා දැමීමෙන් විශ්ව විද්යාරල අභ්යාන්තර ප්රවජාතාන්ත්රබවාදය පිළිබඳවත් යම් යම් කාරණා පැහැදිලි වෙනවා. අපි රටට ම කියන්නේ රටේ ප්ර ජාතන්ත්ර වාදය නැතිලු. නමුත් අපිට විරුද්ධව ගහන පෝස්ටරයක්වත් සම සිතින් ඉවසන්න අපි ලෑස්ති නෑ.... ඔන්න ප්රිජාතන්ත්රමවාදය. මං කියන්නේ එහෙමයි කියලා අපි ඒ පෝස්ටරය විශ්ව විද්යා්ල තාප්පයේ ප්රදදර්ශනය කළ යුතු නෑ. නමුත් එය ගළවා දමන්නේ නම් කොටස් වශයෙන් ඉතුරු නොවන විදියට ගලවා දැමීම ගැන වත් අපි සැලකිලිමත් විය යුතුයි. නැත්නම් ප්රනදර්ශනය කළ යුතුයි.

උදාහරණයකින් කිව්වොත් එක්කෝ අපි තාප්පේ මොනව හරි ලිව්ව ම සතිපතා තාප්පය පින්තාරු කරවන විහාර මහා දේවී බාලිකාව වගේ වෙන්න ඕන, නැත්නම් අනේ ඕන එකෙක් ඕන මඟුලක් ලිව්වට අපිට මොකෝ කියලා හිතන මියුසියස් බාලිකාව හරි ශාන්ත බ්රිපජට් කන්යායරාමය හරි වගේ වෙන්න ඕන. මේ දෙක ම බාගේ බාගේ කිරීම තමයි අපේ වැරැද්ද.....!!

ඇබැද්දි අයියාගේ කතාව

ඇබැද්දියා කියන්නේ අපේ කැම්පස් එකේ ඉන්න පෘතග්ජන ජීවිතයක්. අනේ ඉතිං මේ දුක්ඛිත ආත්මය ඇබැද්දියක් නිසා ම සරසවි වරම් ලබනවා. කොහොමින් කොහොම හරි ඇබැද්දියා වුනා ට මේකට නටන්න, ගයන්න වගේ ම රඟන්නත් හසුරු කුසලතාවයක් තියෙනවා. නමුත් තියෙන ප්රනධාන අඩුපාඩුව තමයි සිහි මද කම. මේ නිසා ම මේ යස්සයා කරගන්න ඇබැද්දි වල ගාණක් මිම්මක් තියන්න අමාරුයි.
ඇබැද්දියාගේ චමරියේ කට්ටිය නම් අපේ ඇබැද්දියා ගැන හොඳහැටි දන්නවා. දන්නවා විතරක් නෙමේ “අනේ ඉතිං කාගේ උනත් දරුවෙක් නේද බං” කියලා අනුකම්පාත් කරනවා. දවසක් ඇබැද්දියත් එක්ක පාරේ යද්දි පවුඩා අනතුරු ඇඟව්වා “මචං ඔන්න ඉස්සරහ වලක් තියෙනවා. උඹ පුළුවන් නම් ට්රටයි කරලා වැටියන්” අනේ කියපු නිසා ම යුතුකම ඉෂ්ට කරන්න අපේ ඇබැද්දියාත් වලේ වැටිලා, කකුළ කඩා ගත්තා. ඇබැද්දියා බ්රහයිටා නිසා තෑගි ගන්න වේදිකාවට නඟින්න ගිහින් හැම තිස්සේ ම වේදිකාව පල්ලේ වැටෙනවා. මේක දන්න අපේ කට්ටිය දැන් දැන් අර වැදගත් අය කැඳවාගෙන වේදිකාවට යනවා වගේ ඇබැද්දියාව වේදිකාවට කැන්දන් යනවා. මේ ළඟ දි දවසක් ඇබැද්දියා බෝඩිමට ගිහින් ඩෙනිම ගලවන්න යද්දි ඩෙනිමත් ඉරාගෙන බිම වැටුණයි කියලා ආරංචියි.
කැම්පස් ආව ම ඇබැද්දියාට ප්රාතිබිම්බ කලා විශේෂවේදී උපාධියක් කරන්න උවමනා වෙනවා. නමුත් මෑන්ස් සරසවි වරම් ලබන්නේ නැටුම් විශේෂ ප්ර වේශයක් ලෙසට. ඇබැද්දියක් නිසා යූ.ජී.සී යෙන් ඇතුළත් කරනිද්දි ඇබැද්දියාව ලියා පදිංචි කරන්නේ සාමාන්යේ ප්රයවේශයක් විදියට. ඒ හන්දා ඇබැද්දියාට තමන් කැමති විෂය කරන්න අවස්ථාවත් ලැබෙනවා. හැමදා ම උදේ ම බෝඩිමෙන් පිටවුනත් මොනව හරි අමතක වෙන නිසා ඇබැද්දි අයියාට ආයෙත් බෝඩිමට යන්න වෙනවා. හිටි ගමන් බෝඩිමට ඇඳන් ඉන්න කඩමාල්ලක් පිටින් වුනත් කැම්පස් එකට එන්නේ ඩෙනිම දාගත්තත් කමිසයක් මාරු කරගන්න අමතක වෙන නිසා. ළඟක දි තවත් අපූරු ගොන්පාට් එකක් ඇබැද්දියා විසින් රඟ දැක්වූවා.
ඇබැද්දිගේ රූමලා කියන හැටියට ඇබැද්දි බෝඩිමට එන්නේ හුඟක් රෑ වෙලා. ඒ ඇවිත් රෑ පානේ ම නාලා පොතක් අරං කියවනවලු. හැබැයි විනාඩි දහයකින් පොත පැත්තක දාලා ගොරවනව කියලයි කට්ටිය කියන්නේ. නමුත් ඇබැද්දි හරි උත්සහාවන්තයා. පහුවෙනිදාටත් ඒ පොතේ ඒ පිටු දෙක ම කියවලා දන්නේ ම නැතිව නින්ද ගියත්, හැමදා ම පුරුද්දක් හැටියට මේ පොත් කියවනනේ සම්පූර්ණ මිනිහෙක් වෙන්න ඇබැද්දිට තියෙන ඕනකම නිසාලු. දවසක් නාලා මෙහෙම නින්ද ගියාට මොක ද ජාම වෙලාවට නැඟිටලා ඇබැද්දි අම්ම මෝ නැතිවෙන්න බණිනවලු. අල්ලපු ඇඳේ මිත්තරයත් මේ මොකා කියලා බලද්දි, ඇබැද්දිගේ කරුණා වදනින් සවන් පුරා තුති ගී ගැයෙන්නේ බෝඩිමේ ඇන්ටිටලු. “බලපං බං මේ මඟුල් බෝඩිම තෙමෙන නිසා මං ඔළුවේ ඉඳන් නාලනේ...... නෑ මං මේ කියන්නේ බං අපි සල්ලි ගෙවන්නේ මෙහෙ ම කටු කන්න ද? හෙට උදේ ම මං නං කතා කරනවා. ඔන්න මචං උඹත් කතා කරපං හරි...” ඇබැද්දියා මේ විදියට ගර්ජනා කළාට අල්ලපු ඇදේ ඉන්න වෙන්ඩ මන්ත්රීුතුමා මරගාතෙන් ම හාංං හූං කිව්වලු. මන්ත්රීාතුමාට නින්ද ගියා ම පක්සෙ මහ එකා කතා කළත් ඉතිං නැඟිට්ටනවා බොරු!!
කලින් දා රෑ සිංහ වදන් දුන්නට උදේ පාන්දර ඇන්ටිට පානි සිරික්කියක් දාලා පිටවෙලා යද්දි තුනීයට තෙමෙන වහල ගැන මතක් කරන්න ඇබැද්දියා අමතක කළේ නෑ. “අනේ පුතා අර කුස්සිය කෑල්ල තෙමෙන එක නම් මං මේ අද හෙට ම හදවන්නයි ඉන්නේ....” උදේ පාන්දර නිසා ඇන්ටිත් ෂේප් නියායෙන් උත්තර දීලා. මොක උනත් ඇබැද්දියා ‍රෑ නාලා ඔළුව පිහිද ගත්තෙ නැති උනාට අනිත් මිනිස්සු පළියැ? ඇබැද්දිට පස්සේ බෝඩිමෙන් එන රෑමෙක්ගෙන් ඇන්ටි මෙහෙම අහලා.
“ඇත්ත ද පුතා මේ ගේ තෙමෙනවයි කියන්නේ...?” න් නෑ... ඇන්ටි ඇයි...? මේ උදේ පාන්දර හතර බීරි කතාවට රෑමා හොල්මන්. “නෑ මේ අර අනිත් ළමයා කිව්වේ... මං මේ බැලුවේ ඊයෙ වැස්සෙත් නෑනේ...?” කාරණේ තේරුණ නිසා බැචාව බේරගන්න අපේ මෑන් කිව්වලු “ආ ඇත්ත තමා ඇන්ටි අර කුස්සිය පැත්ත නම් තෙමෙනවා කියලා”
අපේ ඇබැද්දි මල්කඩන්න ගත්ත ම කුණු කුණු ගාන නිසා හැමදා ම මෑන්ව කාමරෙන් එළියට යවන්න කස්ටිය කටයුතු කරනවා. ඒ මල් කැඩිල්ල නම් අහං ඉන්න ඒ තරම් ම අමාරු අඩවැඩියාවක් කියලයි හැමෝ ම කියන්නේ. මේ ළඟදි දවසක් ලැබ් එකේ යතුර බෝඩිමට ගෙනිහින් වගේ වගක් නැතිව පහුවදා කුරුණෑගල යන්නත් ඇබැද්දි කටයුතු කරලා තිබුණා. එදා නම් රෑමලා පොරගේ හතර වරිගෙට ම බැන බැන තකහනියේ යතුර දෙන්න ඇවිත් ඩිපාර්ට්මන්ට් හෙඩ්ගෙනුත් බැණුම් ඇහුවයි කියලා ආරංචියි. ස්ටාෆ් කැන්ටිමේ සියලු ම කුණු එකතුවන කුණු වලට කකුළ ඔබලා බත් ඇට වලින් වැහිච්ච කැන්වස් සපත්තුව දෝවනය කිරීමත්, ඒ වෙලාවේ මළ පැනලා විසික්කා කරපු මේස් එක රෑපානේ ගිහින් ආයෙ හොයාගෙන ෂොපින් බෑග් එකක දාගෙන ‘ගඳයි බං....’ කිය කිය මහරගම යූත් එකට යාමත් ඇබැද්දිගේ තවත් ඇඩ්වෙන්චර් එකක්.
මං නම් එච්චරට අමතක වෙන පොරක් දැකල ම නෑ. හැබැයි අයින්ස්ටයින්නුත් මේ වගේ absent minded කියලා අහල තියෙන නිසා මූට මුකුත් කියන්න බෑ. කවුද දන්නේ ඉස්සරහට මේකා අයින්ස්ටයින් කෙනෙක් වෙයි ද කියලා???