Wednesday, July 28, 2010

සුසන්ත බණ්ඩාර මාරා දැමුවාද?

සුසන්ත බණ්ඩාර මාරා දැමුවාද? පිස්සු කතා. ඔව් නේ ලොක්කා. ඔව් මරා දැම්මා... නැතුව මෑන්ස්ට පිස්සුයැ මැරෙන්න. හැබැයි කව්ද කියලා නම් අහන්න එපා..... එතන කොස්සක් තියෙනවා. කොස්සක් නෙමේ බිබික්කමක් තිබුණත් දැන් වටිනා කියන තරුණ ජීවිතයක් විනාශ වෙලා අවසානයි. මල්ලි මේ දැන් සුසන්ත බණ්ඩාර නෙමේ. සුසන්ත සහෝදරයා. නෑ නෑ.... මළත් මිනිහට ගරු කරන්න ඕනෑ. අනික දැන් පොර මේ උපාධි නාමයට හොඳට ම සුදුසුයි. මොකටද? “සුසන්ත සිසු විරුවා” හැබෑට????
ඇයි මල්ලී.... ඔය යුද්දෙදි සාමාන්යා සෙබළා මළාට පස්සේ කෝප්‍රල් කෙනෙක් කරලා තරුවක් ගහනවා වගේ, ලාංකේය ශිෂ්යද ව්යානපාරෙත් මළාට පස්සේ විරුවෙක් වෙනවා. හැබැයි ඉතිං අර රජය වන්දි දෙනවා වගේ ගොන් පාට් නම් අපි දාන්නේ නෑ. පාර්ටිය උනත් රිම් එකේ නේ යන්නේ..... මල්ලිලා දන්නවනේ? වැඩිම උනොත් මළ ගෙදරට හොඳ තොරණක් ගහලා දේවි. එච්චරයි. අර පේරාදෙණියේ පිකට් එක වෙලාවෙදි තේ බොන්න ගිහින් හිටපු එකා පොලිසිය තියපු වෙඩි පාරින් මළාම සිසු විරුවා වුනා නම් සුසන්තට සිසු විරැවා කියන එක වැරදි නෑ.....
සියලු කලබල මැද මහින්ද අන්කල් අරලිය ගහ මන්දිරේ ඉස්සරහා සාටකේ එළාගෙන “පිනට යමා...ක්” කිය කිය හිඟාකනවා. අනේ ඉතිං කොහොම හිටපු උත්තමයෙක් ද? අන්තිමේ නෑයයි, වේයයි, මීයයි නිසා බලු නොවටින ගාන්ට වැටුණා. ගාලු පාරේ මේ හරියෙන් පයින් යන්නේ මැද පන්තියේ අය තමා. තියෙන උන් සැප කාර් වල යන්නේ වගේ වගක් නැතිව. අන්තිමේ මගේ ම පාමුල දණින් වැටී මම- කියම් මගේ දුක මට ම හඩා කියල හිටන් අඳෝනාව පටන් ගත්තා. මෝල තදවෙලා කියලා දැනගත්ත ශිවන්තියත් එතෙන්ට ආව ම පහත් තැනින් යයි ගලා ජලේ නිසා ඇරියස් සියල්ල ඈ පිටින් ගියා. අනේ ඉතිං ඇති කාලේ මල පැනලා පිඟන් පිටින් පොළවේ ගහන එක පාර මැද්දේ දෙස් දෙවොල් තියනවාට වඩා සැපතයි කියලා ශිවන්තියට තේරුණේ එදා. “ මෙහෙන් අනාචාර්යවරු පඩි වැඩි කරන්නලු. අර ඇස්.බී සියාතු කටට ආපු පළියට කෙළලා දැම්මට කොහේ තියෙන සල්ලියක් ද? තවත් පැත්තකින් මගමරුවෝ ගාස්තු වැඩි කරන්න දත කනවා. යකෝ මේක මාර කෙළියක්නේ?? අනේ ශිරෝ, දැන් නම් මං මෙසිරිලකේ විධායක අගමැති... විද්දා විද්දා... වෙන්ඩ විධායක අගමැති දැනට බලු නොවටින ජනපති ලංකාවේ අංක එකේ හිඟන්නා කියලා ප්ර සිද්ධ ප්ර කාශයක් නිකුත් කරනවා. මේක මහා ම හිඟන කාක දූවක්නේ? අනේ හැබෑට අපේ අප්පට ඇමරිකාවේ පාර්ලිමේන්තුවට රිංග ගන්න බැරිවුනානේ.... සිඟන රාජ් මැරිච්ච පපීටත් සාප කර කර නාහෙන් ගළන හොටු ශිවන්තියගේ චීත්තෙන් පිහ ගත්තා.
අන්තිමේ දී මඟමරුවෝ ගැන අනුකම්පා කරලා බද්ද අඩුකරන් තමන්ගේ ම පතට කෙළවගන්න අපේ මහ හිඟන්නට සිද්ධ වුනේ දෛවයේ කුරිරු සරදමක් හැටියට. හැබැයි එතුමා ලෙචාලා ගැන නම් පැත්වත් බැලුවේ නෑ.... හැමදා ම ඉතිං කඩේ ගියපු උගත්තුනේ. මොකෝ ඔය පුරුදු වෙන්න යනවයැ? ඔහො ම තවත් ටිකක් ගියාවේ. එක අතකට දැන් ඉතිං උන් ඕන නෑනේ. පිස්සු ආචාර්යවරු. ඔය කැලණියේ ම එකෙක් මට කියනවා සෑර් අ‍නිවාර්යෙන් 90%ක් අරං දිනනවා සිකුරුයි කියලා. මං නිකමට වගේ ඇහුවා “ඈ ඕයි තමුසෙ හිතන්නේ මේ රටේ එවුන්ට පිස්සු කියල ද නැත්නම් වෙන අපේක්ෂකයෝ නැද්ද?” කියලා. මේ වගේ අඳබාල හැතිකරයක් තමා ඔය ආචාර්යවරු කියන්නේ. ඉස්සරහට මට රෙදි නැතුව කඩේ යවා ගන්න කාව හරි ඕන වුනොත් අපි ඒ අයගේ පඩි වැඩි කරන්න බලමු. අනික ඔය නාකි හමාලට වඩා මට දැන් වටින්නේ අන්තරේ තරුණ කොල්ලෝ ටික. මගේ කල්ක්රි යාවේ හැටියට උන් ආයෙත් භීෂණයක් වුනත් කරන්න බැරි නෑ. මේ නිසා උන්ව ෂේප් කරගන්න ඕනා. කෝ මං මේ ඒකට දාපු එකා මට ම කොකා පෙන්නවනේ??
ලෙචාලට යකාට පලයං කිව්වත් ශිෂ්යින්ව අන්දගන්න වෙන ගේමක් ගහපු මහරජා සුසන්ත බණ්ඩාර වෙනුවෙන් ජනාධිපති විශේෂ වාර්තාවක් කැඳවා හිටියා. කාරි නෑ කාරි නෑ... ඒවට සල්ලි යන්නේ නෑනේ?? දැන් කොල්ලෝ ටික සැටිස්. අයි.ජී.පී ට කියන්න හදන උලව් වාර්තාවක් අපිට වාසිවෙන්න ඉක්මණට හදන්න කියලා. මහ එකා යෝධයට කිව්වා. ඇත්තට ම දැන් අන්තරේ කාණ්ඩෙට සැටිස්. කට්ටිය වෙනදා ගහන පාට දෙකේ සෝක ප්රිකාශ මරණ දැන්වීම් වෙනුවට සුසන්ත විරුවාගේ රූපයක් හේම දාලා පට්ට පෝස්ටරයක් ගහලා අලවලා තිබුණා. දැන් නේ දන්නේ. ඒකත් රජ ගෙදරින් ප්රිරන්ටි කරවලා තියෙන්නේ. අපේ මර්වින් මාමමයි කිරිබත්ගොඩින් ප්රිැන්ට් කෙරෙව්වේ. බිබිළි නගින බෙළිකටු???
මොනවා කළත් ඉතිං පේන්න හරි අපිටත් මොනවා හරි කරන්න ඕනැයි කියලා අන්තරේ කට්ටිය කිව්වා. කෙළින් ම කියන් බැරි නිසා පා මඩින ගමන් යෝජනාව දැම්ම ම ලොක්කත් කැමති වුනාලු. මේ නිසා සාමකාමී උද්ඝෝෂණයක් කරන්න පොට්ට චාන්ස් එකක් පෑදුනා. “අපි යන්නේ කොයි පාරේ??..... ” කියනවා විතරයි මට නම් ඇහුණේ. අයිසේ උන් ගියත් අපි ගියත් යන්නේ කොළඹ නුවර ඒ1 එකේ තමයි. මේක අඹේපුස්සෙන් ඒ6 කුරුණෑගලට යනවා, නුවරින් කෙළින් ම ගියොත් ඒ9 යාපනේ තමා. කොහොම පාරක් ද කිව්වොත් තාර පාරක්. මුළු උද්ඝෝෂණයෙන් ම මට ඇහුණේ එච්චරයි. අපි කළිනුත් නිදහස් අධ්යාකපනේට එකක් කළ නිසා දැන් යම් මේ පිළිබඳ යම් ප්ර වීණතාවක් උසුළනවා.
හැබැයි සඳුදා උදේ තෙල් බැම්මේ ලියලා තිබුණේ නම් මෙහෙමයි. “JVP ය සහ අන්තරය එකතුව මරා දැමූ ශිෂ්යියාගේ අභාවය පිළිබඳ අපගේ බලවත් කණගාටුව!!” රටේ කෙසේ වෙතත් යුනියේ නම් democracy උපරිමයි. පස්සේ දවල් වෙද්දි මේ පාඨය පිරිසක් විසින් මකා දමා තිබුණා. දැන් තෙල් බැම්මේ අලු පාටින් මේ වැකිය වහපු ලැකර් පාර දකින්න පුළුවං. පිකට් එක සූදානම් කළේත් එ‍ේතන ඉඳන්. අනේ සකෝ බලලෝ ම තමා!!

Night of the Knights -

අලුත් පදයක් නේද ගුරා??

කොහොමින් කොහොම හරි කැලණියේ කලා කවය සංවිධානය කළ DJ Night එක ඇඳිරි වැටෙද්දි පටන් ගත්තා. ධර්මාලෝක ශාලාවේ පුටු සියල්ල ම වගේ අයින් කරලා නටන්න පෙරළෙන්න පුළුවන් හැටියට සකස් කරලා තිබුණා. Lighting System එකත් මරු. කඳාන පැත්තේ DJ කෙනෙක් තිතට ගේම දුන්නා. මං නම් එච්චර සංවිධානාත්මක DJ එකක් ගැන හිතුවේ නෑ. තරු හෝටලේක Dancing Floor එකක් තරමට ම අපේ හෝල් එක Rock මුහුණූවරක් ගත්තා. මුලින් මුලින් ඇතුළට ආපු ගෑනු ළමයි නම් නැටුවේ නෑ. හැබැයි පස්සේ කෙල්ලන්ව වාඩි කරවන්න අමාරු වුනා.
නටන්න දන්න නොදන්න සියල්ලන් ම නැටුවා. මං හිතන හැටියට L board ගහගත්ත amateur dancers ලා බොහොත් බොහොත් ඉරුක්කිරාර්හල් තමා. ඒ නැටුම් වලට අපේ ඇස් වලින් ඩොලර් පැන්නා වගේ ම ඩී‍.එච් මාතාවගේ ඇඟත් ගැහෙන්න ගත්තා. එතුමිය සතුට ප්ර කාශ කරන්න යෙදුනේ සියලු ම වීදුරු මහ හඬින් දෙදරවලා. ඒ තරම් ම බේස් වදිනවා. අපි කෝචිචි ගියා, සරුංගල් ඇරියා, හුළං ගැහුවා, කුඩ කරකවලා වඩිගපටුන නැටුවා, රැළි ඇද්දා, සවල් දැම්මා, කපල් ඩාන්ස්, බ්රේරක් ඩාන්ස්, කලවම්, අච්චාරු සියල්ල තිබුණා. සියලු ම රස සහ රස්තියාදුකාරයින් එහි සිටියා. සියලු ම පහන් නිවී ගියා ම ශාලාවේ ඉහළ ඇති පුටු වලින් රතුපාට ලේසර් එළි දැකපු නිසා මං ටිකක් විපරම් කරලා බලන්න, කෙළවරට ගියා. අඩ්ඩඩ්ඩා.... එහේ කස්ටිය ස්ටෙලා... අර ලේසර් වලින් දුම් දානවත් දැකගන්න පුළුවන් වුනා.
මේක free event එකක්. ටිකට් රැ.50/= යි තමා. නමුත් හැමෝට ම එන්න පුළුවං. ඉතිං දැන් කැම්පස් අවුට් වෙලා රස්සාවල් කරන අයියලා පවා අක්කලත් එක්ක ඇවිත් හිටියා. අපි හැමෝට ම චියර් කළා. සමහරුන්ට නම් මේ සියල්ල ‘ගිරිග්ග සමජ්ජ’ වගේ වෙලා. ඔවුන් අයිනක් අල්ලන් බලන් ඉද්දි සංවිධායකයින් ඔවුන්ටත් නැඟිට්ටවලා Dancing Floor එකට දාන්න අමතක කළේ නෑ. මේ මොන දේ වුනත් වැඩේ හරි ම සාමකාමීයි. කිසිදු කාන්තාවකට අනතුරක් හිරිහැරයක් වුනේ නෑ. මොක ද අති මහත් බහුතරය විද්යාලපීඨ උගතුන් නිසා. හැබැයි අපිට ටිකක් නුහුරු අත්දැකීමක් වුනේ “අනේ හැබෑට ම තුන්සිට හැටපස් දවසේ ම දේශන වලට දුවන සයන්ස් එකේ බෝ පැළ වගේ මේ කොල්ලෝ කෙල්ලෝ (අයියලා අක්කලා) පිස්සු කෙළින්න ගියා ම නෝ ලිමිට් ද කියලත් හිතුනා නිසා. කොච්චර නැටුව ද කියනවා නම් එක කොල්ලෙක්ගේ අත පැනලා, ප්රැ)න්සිස් ලේන් එකේ බෝඩිමටත් ගිහින් දැම්මා.
හැබැයි කිව්වත් වගේ නවයහ මාරට වැඩේ නතර කළා. “අන්ති ම විනාඩි දහය නටමුද?......” කියලා කිව්ව ම කස්ටිය හයියෙන් ම කෑගහලා නැටුවා. අන්තිමේ දී දාඩිය ඉහින් කණින් බේරෙනවා. ඩියෝඩ්රදන් නාලා ගියත් මගේ ගඳ මට ම දැනෙන තරමට නටලා. අන්තිමේ වැඩේ ඉවර වුනා ම මං පාරට ආවා....!! කන්ද බහිද්දිත් මං නටනවා වගේ බලද්දි සෙල්ෆ් පැරාමීටරේ තාමත් ඩාන්සින් මෝඩ් එක තමා තියෙනවා. කවුරුත් දකින්න කලියෙන් නෝර්මල් කරගත්තත් කෝටියක් ලැජ්ජාව කකුල් දෙකෙන් බේරෙන්න මාත් ලැජ්ජ ටැක්සියකින් ගෙදර ගියා.

Night of the Knights

නංගිල ටික හොඳ අඩව්වක් අල්ලන්න වගේ?

මේ නඩුවට නම් මං සෙට්වුනේ සයන්ස් ගේට් එක ළඟ දී. දවසක් හවස් වරුවක මං ගෙදර එන්න හදද්දී සයන්ස් ගේට්ටුව ළඟ කට්ටියක් ගීත ගායනා කරමින් හිටියා. මේක සාමාන්ය ගීත ගායනයක් නොවුනේ බෆල් මගින් සියල්ලන්ට ම ඇහෙන්න මහ හයියෙන් වීදි සංගීතකරුවන් කපුගේගේ සින්දුවක් ගායනා කළ නිසා. ඇවරිත් ඉතිං ඕන පුහුළමක් කියලා කිස්ටු කරලා බැලුවා ම පහුවදා තියෙන DJ එකේ ටිකට් විකිණීමයි කෙරෙන්නේ. මාත් එකක් ගත්තා. ඇත්තට ම කිව්වොත් ගන්න වුනා.
කළින් දවසේත් ප්ර මාදේන වීට්ටුක්කු පෝනේන් හින්දා පිට පිට ම දවස් දෙකක් ප්රමමාද වී ගෙදර යාම ප්රාගන්ත ව්යනවස්ථාව හැටියට දඩුවම් ලැබිය හැකි වරදක්. නමුත් ඉතිං බන්ධනාගාර කොමසාරිස් තුමා මහින්ද ලොක්කගේ ටොම්බ සයිස් පින්තූරක් බිත්තියේ එල්ලන් හිටියත් අත යටින් ජරාව කන නිසා, ගාණක් මිට මොළවලා එළිමහන් සිර කදවුරෙන් පැන ගන්න පුළුවන් වුනා. “ඔන්න මට නම් හොයන්න එන්න බෑ.. රෑ වුනොත් පයින් හරි එන එකයි ඇත්තේ” කොමසාරිස් තුමා කිව්වා. අති විශිෂ්ටයි සෑර්..... “ඔව් ඔව් තමුන් ගිහින් එයි. මං එපැයි ජේලර් නෝනට වග කියන්න.” ඉතිං සෑර් මනේ ජේලර්වත් ඔය තනතුරට පත් කරගත්තේ....?? හරි හරි කොල්ලෝ නමුත් දැන් ඒ ගෑනි මටත් ජේලර්කම් කරන්න එනවනේ!! අප්පචිචි කොමසාරිස්ගේ ජංගම දුරකථනයෙන් දුන් අවසරයත් අරං DJ යන්න මාත් සයන්ස් එක පැත්තට ආවා....
අයි.ටී සෙන්ටරේ යට නිකම් දැකලා පුරුදු කාන්තාවෝ තුන්නෙක්??? දුරට දැක්ක හැටියට නම් දන්න කියන මෙගා සයිස් ට්රැ්ක්ටරයක් සහ තවත් එපමණ ම ට්රේ්ලරයක්??? ආ... තවත් කෙනෙක් ඉන්නවා. ෂරි ෂරි.... ඒ අප්පා ආපදා රථය නේ.... අර කැඩුන ම ඇදන් යන එක. අනේ ඉතිං මේ සුන්දර නර්තනශීලී සන්ධ්යාෂව සැඩොලියන් තිදෙනෙක් නිසා හමාර කරගන්න බෑ කියලා ඇවරිට හිතුනත් අහිතක් නොහිතා ම ළඟට ගිහින් කතා කළා. බැලින්නම් මේ අය දැන් DJ එකේ නටන්න steps පුරුදු වෙනවා. අනේ මටත් ඔය step එකක් පුරුදු කරන්න බැරි ද??
“යන්න අනේ යන්න අපි මේ නිකම් කතා කර කර හිටියේ.” ට්රැනක්ටරය උත්තර දුන්නා. ආ... දැන් අලුතින් කතා කරන්නේ ඇඟ අඹර අඹර ඉදි ආප්ප වත් කරන ගමන් ද?? මං හේම ඇහුව ම භද්රාුවට චීන පටා....ස් වුනා. මේ වෙන කවුරුත් නෙමේ අර මං කලින් ලියපු බලු දාන සංකල්පයේ නිර්මාතෘ දේශ ශක්තී, ජාති භ්රරෂ්ට, සිංහ ආ වැරදුනා.... බලු, බලු දානනී පැණිරංගි (මළ)සේකර සහ ප්ර්දීපස්ථම්භය ම තමා. ස්ථම්භය කිව්ව ම තරම හිතාගන්න පුළුවන්නේ??
අන්තිමේ මේ චැට් එක ඉවර වෙලා ඒ මෝඩ ජෝඩුවත් යන්න ගියා ම මං පැවිලියමට ගියා. ඒ දෙන්නට හරි ප්රතශ්නලු අප්පා. මේ සීසන් එක හින්දා වල් ද පොෂ් ද කියලා නැතුව හැම බල්ලෙක් ම රැලේ යනවලු. කොටින් ම දැන් දානයක් දෙන්නවත් බල්ලෙක් නෑලු. අපේ පැත්තේ බල්ලො ඉන්නවා නම් කැම්පස් එකට ගෙනත් දෙන්නලු. කවලා පොවලා, නාවලා, හොද හැදියාවක් පෙන්නුවොත් කේන්දර බලලා කටයුත්තක් වුනත් කරලා දෙන්න බැරි යැයි කිව්වේ.. බල්ලට ගිය රට කීවලු.

යුටෝපියාවේ ආචාර්යවරු

අපේ කැම්පස් එකේ හොඳ ම කථිකයා තේරීමේ Best Speaker’s Competition 2010 පහුගිය 22 වැනිදා පැවැත්වුනා. මූලික වටයන්ගේ සුදුසුකම් ලද තරඟකරුවන් තරගකාරියන් පණහකට අධික සංඛාවකින් අවසන් වට සඳහා තරඟකරුවන් හය දෙනෙක් තේරී පත්වී තිබුණා. අනේ ඉතිං තරඟකරුවන් කිව්වට මොක ද සියලු දෙනා ම තරඟකාරියන්..
මූලික වටයේ තරඟ කිසිවක් නරඹන්න බැරි වෙච්ච නිසා මටත් අවසාන ෆයිනල් එක බලන්න ලොකු කැමැත්තක් තිබුණා. ඔන්න ඉතිං මාත් ගිහින් ධර්මාලෝක ශාලාවේ වාඩි වෙනවා. අපි සාමාන්ය්යෙන් හෙළුවෙන් වැඩ කොළාට මේ තරඟයේ හැටියට එහි සියලු කටයුතු කඩ්ඩෙන් තමා සංවිධානය වුනේ. Gaval Club සහ Career Guidance Unit එක තමා මේ සියල්ල සංවිධානය කළේ. මේක අපේ hi-cult එකේ fringe event එකක් කියන්නත් පුළුවන්. මොක ද මේ වෙනුවෙන් සහභාගී වුනේ ඒ වෙනුවෙන් ම පැමිණි සීමිත පිරිසක් නිසා.
කොහොම නමුත් අපේ වී.සී තුමා ප්ර ධාන සියලු පීඨයන්ගේ පීඨාධිපතිවරුන් එහි කැඳවා ගන්නට සංවිධායකයෝ සමත් වුනා. වීසී තුමා අවසානය දක්වා ම සිටි නිසා පීඨාධිපතිවරුන්ටත් හෙල්ලෙන්න පුළුවන් වුනේ නෑ. අපේ කැම්පස් එකේ කඩ්ඩෙන් වැඩ කරන මිනිස්සු ටික එකතු වෙන තැන තමා මේ Gaval Club එක. ඇත්තට ම ඔවුන් මහා සම්ප්රකදාය ඉදිරියේ තවත් චූල සම්ප්රීදායක්. ඒත් මං එදා දැකපු සුවිශේෂත්වය වුනේ මේ ටිකයි කියලා හිතන කඩුලෝලී පිරිස එක ම වේදිකාවකට ගෙනාවොත් විශාල ප්රතමාණයක් කියන එක. මොවුන් කොහෙන් ආවා ද? මේ සියලු දෙනා කවුද කියලා හොයාගන්න ම මමත් එදා ගියා.
සියල්ල නියමාකාරයෙන් සංවිධානය කර තිබුණා. නිවේදක දිනුක්ගේ විහිළු හැරෙන්න..... අපෝ නෑ!! ඔහුත් නියම නිවේදකයා. නමුත් ඒ විහිළු තව ටිකක් පන්ච් වුනානම් මරු. තවත් කියන්න තියෙන්නේ function එක ඇදුනා වැඩියි කියලයි. මොකද අන්තිමේ සමන්මලී trophy එක උස්සද්දි ටිකක් හයියෙන් චියර් කරන්නවත් එකෙක් හිටියේ නෑ. Prepared Speech ටික නම් පට්ට. හැබැයි ඒ මොහොතේ දුන්න කතා ටික නම් එච්චර ම නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න කාටවත් හැකි වුනේ නෑ. සමන්මලී නම් ටිකක් විතර කතාවේ ඒ පැත්ත ගැන හිතුවා කියලා මං හිතනවා. ඔවුන් සියලු දෙනා ම අපිට මොහොතක් ජීවිත ගැන හිතන්න අවස්ථාවක් දුන්නා කියලා හිතනවා. හැමෝ ම that’s over to you කිව්වට easy to said than done කියලත් මතක් කරන් ඕනා. නමුත් ජීවිතේ ගැන කියපු ඒ පුංචි පුංචි අදහස් ටික නම් වටිනවා. තරගය පුරා ම මට මතක හිටපු මං අකමැති ම වාක්ය වුනේ හැම කතාවක ම අවසානයේ කියන one minute silence කියන පාඨයට. මොක ද ඉන් පස්සේ දිනුක්ගේ ජෝක් එකක් අහන්නත් වෙනවනේ?? මුල් ම කථිකාවිය, අර හැමදා ම තේ වලට පරක්කු වෙන කෙල්ලගේ කතාවත් හොදයි. හැබැයි මෙච්චර හරි අපේ කස්ටියක් එන්න ප්රහධාන හේතුව ඉංග්රීකසි අංශ ප්ර්ධාන මැණික් මැඩම් කියලයි අපිට නම් දැනගන්න ලැබුණේ. ඒ පට්ට හැන්දෑව නම් අමතක වෙන්නේ නෑ.....
අන්තිමේ දී ප්ර ථම වසර ශිෂ්යාැවක් හොද ම කථිකාව වුනා. ඒක නම් පුදුම විය යුතු කාරණාවක්. මොක ද ඈට වත් තමන් දිනයි කියලා හිතෙන්නැතුව ඇති. ඒ නිසා. Gaval Club එකේ හැමෝට ම ඇවරිගේ සුබ පැතුම්!! ඊළඟ පාර නම් Inter University Best Speaker’s Competition 2011 මුල සිට ම බලන්න ඇවරි කැමැත්තෙන් ඉන්නවා...

අම්මෙ තාත්තෙ - මේ අහන්න

නිදහස් අධ්යා පනේ ගැන හුඟක් කතා කරන කාලේ අපිත් මේකට පුංචි පිකට් එකක් කළා. පිකට් කළාට ඉතිං ඒ කියන ඒවා මතක තියෙන්නෑනේ ඉතිං ලියලා දාන්න හිතුවා. අනික විශ්ව විද්යාපලෙට එන්න ඉන්න අයට මේ ටික පාඩම් කිරීම වැදගත් වේවි මොක ද කාලයක් ගියත් අරගලය සදාකාලික නිසා. මේවා සදාකාලික ප්ර ශ්න නමුත් *සැ.යු - මෙහි එන නම් ගම් කාලානුරූපීව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
අම්මෙ තාත්තෙ - මේ අහන්න
ඇඳුරු තුමනි- මේ අහන්න
සේවක සොයුරනි - මේ අහන්න
අධ්යා පනේ - බේරගන්න
අපිත් එක්ක - එකතු වෙන්න

IMF - ණය අරගෙන
උපාධි කඩ - ඇරඹෙනවා
අධ්යා පනේ - විකුණන්නට
සුදු බණ්ඩා - සැරසෙනවා

අපට ඉන්න - හොස්ටල් නෑ
ඉගෙන ගන්න - ශාලා නෑ
උගවන්න ගුරුවරු නෑ
කෑම කන්න - කැන්ටින් නෑ
මුන්ට මේවා - තේරෙන්නෑ
සුදු බණ්ඩට - ඔළුවක් නෑ

පාසල්වල - විශමතාව
ඇතිකෙරුවේ - ආණ්ඩුවයි
කොමිස් ගිලින - නිලධරයන්
විශමතාවෙ - ප්රමතිඵලයයි
විශමතාව - නැතිකරන්න
දුන් පිළිතුරු - හරි කදිමයි

ගොවි කම්කරු - දරුවන්හට
සරසවි බිම - දැන් අහිමියි
කොළඹට කිරි - ගමට කැකිරි
අපි කිව්වේ - ඕක තමයි

මෙන්න මෙන්න - පුදුම වැඩක්
සුදු බණ්ඩගෙ - පුදුම වැඩක්
සරසවිටික - වහන වැඩක්
අධ්යාටපනෙ - නහන වැඩක්
සමරයාට - ඔළුවක් ඇත
ඒක ඇතුළෙ - මළකඩ ඇත
ඇමතියාට - ඔළුවක් නැත
ඒ වුනාට - මොළයක් නැත

දියව් දියව් - අපට දියව්
ඉගෙනගන්න - අපට දියව්
දමව් දමව් - ඉහළ දමව්
මහපොළ තව - ඉහළ දමව්
දමව් දමව් - පහළ දමව්
බඩු මිල තව - පහළ දමව්
සිසුන් පෙළන - ජඩ මැරයින්
යවව් යවව් - ගෙදර යවව්

මහින්ද ලොක්කට - එන්න කියාපිය
මේවට උත්තර - දෙන්න කියාපිය
පච සුදු බණ්ඩට - එන්න කියාපිය
මේවට උත්තර - දෙන්න කියාපිය
සෙවල සමරෙටත් - එන්න කියාපිය
මේවට උත්තර - දෙන්න කියාපිය
බැරිනම් හකුළන් - යන්න කියාපිය

අපි යන්නේ - කොයි පාරේ
ත්රියමා වෙනුර - ගිය පාරේ
අපි යන්නේ - කොයි පාරේ
නිෂ්මි බාලේ - ගිය පාරේ

මහා ශිෂ්යල සංගමය
කැලණිය විශ්ව විද්යානලය

Monday, July 12, 2010

Studio 33 000

මේ කතාව කියන්න යන්නේ අපේ අයිමැට්ටන්ගේ තවත් අන්තර් ජාතික මගඩියක් ගැනයි. අපේ අයි මැට් සනුහරේ ගැන මං කලින් කියලා තියෙන නිසා දැන් කියන්න කැමැත්තක් නෑ. අනිත් අතට නම් ගම් පළ කළා ම වගපල අහන්න වෙන නිසාත් උන් ගැන නොදන්න තරමට හොඳා. හැබැයි මේ අයිමැට් කියන්නේ කැලණියේ Image Art අධ්‍යයන අංශයේ කෙටි යෙදුම බව කියන්න ඕන. මුන් කරන්නේ ම තිස්තුන්දාහ වැදිලා ෂුම්බලකටානා වෙලා යන වැඩ.
හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියනවනේ?? අපේ අයිමැටේත් මේ ජාතියේ කට්ටිය පිරිලා. එක පාරක් මේ බුවාලා Field Trip එකට සල්ලි නෑ කියලා. Studio එකක් කරලා ආරංචියේ හැටියට 40 000ක පමණ ශුද්ධ ලාභයක් ලැබුවා. කැමති අයත් එක්ක කැමති ඡායාරූප ගැනීමට අවකාශ සලසමින් මතකයන්, සැමරුම් වෙනුවෙන් මිල නියම කිරීමයි ඒකේ අරමුණ වුනේ. අන්තිමට මේක සාර්ථක ව්‍යාපාරයක් වුනා. මෙහේ ගොඩගිය හුඟක් අය පෙම්වතුන් සමඟ ඡායාරූප ගත්ත ම ඔවුන්ට විශාල ලාභ අත්වුනා. ඒකෙන් පස්සේ මොක ද වුනේ අපේ පරිපාලනයත් අර Field Trip එකට ලක්ෂයකට ආසන්න මුදලක් ලබා දුන්නා. දැන් උන්ට කල්ල මරේ. ඒ විදියට ලබපු නිල ආධාරයි, අහිංසක කෙල්ලන්ගෙන්, කොල්ලන්ගෙන් සූරා කාපුවයි අරං ගිහින් කස්ටිය අම්පාර පැත්තේ ෆොටෝ ගන්න ගියා.
කාරි නෑ කියමුකෝ. හැබැයි ඔබ දන්නෙ නැති වුනාට විද්‍යාපීඨයට පස්සේ විශ්ව විද්‍යාල පරිපාලනය වැඩිම මිලක් වැය කරන්නේ මේ අයිමැට් ඩිපාමන්ට් එක වෙනුවෙන්. ප්‍රැක්ටිකල් එකකට හැම ළමයෙකුට ම විශ්ව විද්‍යාලය මගින් වර්ණ සේයා පට සැපයීම කියන්නේ සුළුපටු මුදලක් නෙමේ. මේ මෑතකදී විහාර මහා දේවි විද්‍යාලයේ තිබුණු ප්‍රදර්ශනයටත් ඡායාරූප සංගමය මගින් Studio එකක් දම්මවලා සල්ලි ගරන්න අයිමැට් මාතාව කටයුතු යොදා තිබුණා. අනේ ඉතිං දුප්පත් පෙප්සි බාලිකාව එහෙම හරි දියුණු වෙයිනේ කියලා හිත හදා ගන්න පුළුවං කියමුකෝ?? දැන් ‘සංජනනී මාධ්‍ය උළෙල’ වෙනුවෙන් නැවතත් Studio පුරාවෘත්තය කළ එළි බැහැලා. මේ පාර අපේ ජන සන්නිවේදන අධ්‍යයන අංශය කළ ඉල්ලීමක් මත තමා මේක කෙරෙන්නේ... ඔවුන්ගේ නිල ප්‍රචාරණයන්ගේ “වෙඩින් ෆොටෝ එක කලින් ගමු ද?” වගේ පාඨ ඇතුළත් වෙලා තිබුණා. කාරි නෑ. මේ නව පළමු වසර සිසුන් සහ ප්‍රථම වසරේ අලුතින් ගොඩ ගිය ජෝඩු ඔවුන්ගේ නව ඉලක්ක වෙළඳපොළ වන බවයි IMAT Studio හි ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළේ...!! යුනියට ගිය කළක් කිව්වලු. හැබැයි රජෝ කෙසේ වෙතත් මේ ෆොටෝ ගැහිල්ල පිළිබඳ අභ්‍යන්තර විගණන වාර්තාවක් කැඳවන්න අපේ ජන සන්නිවේදන අධ්‍යයන අංශය ක්‍රියා නොකළොත් උන් ලෝක අමාරුවක වැටෙන බවයි මගේ නම් හැඟීම.
තරුණ විද්‍යාර්ථීනි, මොහොතක් සිතන්න! අයිමැටේ මෙවැනි උදර පෝෂණ වැඩසටහන් සඳහා සහභාගී වීමෙන් ඔබගේ වටිනා ධනය විනාශ කර නොගන්න. මේ ඔවදන ඇවරියාගෙන්...
(ඔව් ඉතිං මාත් මෙහෙම කිව්වට මාත් ෆොටෝ එකක් ඔය IMAT Studio එකෙන් ගන්න ඉඩ තියෙනවා. මොක ද එදා ෆොටෝ ගද්දි ඒ ඡායාරූපයට පෙනී හිටියෙත් මං ම වුනාට දකුණු පැත්තෙන් දැන් ඉන්නේ වෙන කෙනෙක් නිසා. අනික මේ වැඩ වලින් ඔය කාරණා කටයුතු ඉක්මන් වෙන්නේ නැතෑ. මේ ෆොටෝ එක බැරි වීමකින් ගෙදර මිනිස්සු දැකලා, කොල්ල ගැන හොයන්න අරං........ ඒ වගේ. අනිත් අතට කොල්ලනේ මට වගේ මුං ඊළඟ පාර IMAT Studio එක දාද්දි කොක්ක මාරු වෙලා තිබුණොත්??? අන්න ඒක නිසා එදා ගන්න ඡායාරූපය හරි වටිනවා. ඔබත් 13,14,15 ජිම් ඇවිත් IMAT Studio එකෙන් ෆොටෝ එකක් ගන්න.

පිරිත් අහමුද මචං?

පිරිත් ඇසීම පින් වැඩෙන පින්කමක් කියනවනේ.... ‘කාලේන ධම්ම සවණං’ කිවවලු. ‘පරිත්‍රාණ’ යන්නෙහි ‘පරි’ කියන්නේ හාත්පස ‘ත්‍රාණ’ කියන්නේ ආරක්ෂා වීම. ඉතිං පිරිත් කියන්නේ හාත්පසින් ආරක්ෂා වීම. කොහොම නමුත් පිරිතට වඩා වැඩක් කළ බව තේරුණ නිසා මටත් පිරිත් ඇසීමට වඩා පිරිත බැලීමට පැහැදිලි උනන්දුවක් ඇති වුන බව කිව යුතුයි. මං කළින් කිව්ව වගේ මේ පිරිත සංවිධානය කර තිබුණේ පළමු වසර විද්‍යාපීඨ සහෝදරයින්. මෑතක ඉඳන් අපේ විශ්ව විද්‍යාලයේ කැපී පෙනෙන සංවිධායකත්වයක් දරන පිරිසක්. අලුත් කල්ලියක්. මං පෙර ලියලා තිබුණා වගේ ඔවුන් පොසොන් වැඩසටහන හරහා යමක් කරලා පෙන්නුවා. ඒ විශ්වාසය මේ කටයුත්තටත් අපිව ගෙන්වා ගැනීමට හේතු වුනා කියන්නත් පුළුවන්.
පිරිතට කළින් දවසේ මං අපේ ජිම් කැන්ටිමෙන් ප්ලේන්ටියක් බීලා ගෙදර යන්න ආපු නිසා පහුවෙනිදා සැර පිරිතක් ඇති බව පැහැදිලිව පෙනුනා. ඒ වෙද්දිත් මණ්ඩපේ ලී රාමු ගෙනැවිල්ලා. ඔවුන් ඒ වෙලේ කරමින් හිටියේ ජිම් එකේ උඩු වියනක් සහ බෞද්ධ කොඩියක් සව්කොළ වලින් නිර්මාණය කිරීමයි. ඒක නම් ගති පාර. නියම වැඩක් කියලා අපි එන්න ආවා. නමුත් පහුවෙනිදා මං කැම්පස් එද්දි මෙන්න ජිම් එකට බහින පඩිපෙළ දිගේ බල්බ් වැල් දාලා “ ” කියලා තොරණක් හේම ගහලා වෙනම ම පරිසරයක් මවලා තිබුණා. ජිම් එක පුරා ම මේ ආලෝක විදුලි බුබුළු වගේ ම වෙනත් සැරසිලි වලින් බොදු ගතියක් ඉස්මතු වුනා. මට ජිම් එක ඇතුළට යන්න ඕනකම තිබුණා. නමුත් මුළුමනින් ම විද්‍යාපීඨය ඒක බදු අරං තිබුණු නිසා ඇතුළට යන්න ටිකක් බයක් දැනුනා. අන්තිමේදී මං එහි යද්දි ගොක් කොළ වලින් හරි අපූරු පිරිත් මණ්ඩපයක් හදලා තිබුණා. මං හවසට එනවා මයි කියලා තීරණය කරන්න මේ කැටයම් ප්‍රමාණවත් වුනා. අනිත් අතට මේ සියලු සැරසිලි දහවල් කාලයේ මෙහෙම නම් රෑට කොහොම වෙයිද කියලා මං කල්පනා කළා. ඔබ මේ වෙසක් එකට ගංගාරාම වෙසක් කළාපය නරඹන්න ගියා නම් ඒ ගතිය සරසවි බිමත් තියේවි කියන බලාපොරොත්තුව මට තිබුණා. (නැත්නම් නිකන් හරියට කානිවල් එකක් වගේ)
පසේසේ තනියම රෑට කැම්පස් එන්න මං හිතා ගත්තා. එක අතකට මේක පුංචි නයිට් ඇඩ්වෙන්චර් එකක්. අනිත් අතට පොඩි ත්‍රිල් එකක්. තවත් කාරණයටක් උනේ හවස මං ගෙදර එන්න එද්දි ඔවුන් වැට දිගට සම දුරින් එල්ලන ලද බට පතුරු කුමක් පිණිස ද කියන කාරණේ දැන ගන්නටත් මට කුතුහලයක් තිබුණා. හැමදා ම දවල්ට කැම්පස් ඇවිත්, රෑටත් ඇවිත් බලන්න හිතුන නිසා මං ආවා. එන්න ඉස්සර පුරුද්දට වගේ අතිජාත මිත්තරයා ක්ලෝසාට එන බව කිව්වම මාත් එන්නම් කිව්වත් ෂුවර් කළේ නම් නෑ. පස්සේ 7.30ට මං විශ්ව විද්‍යාලයට එද්දි අර කියපු උණ බට සියල්ලගේ ම ලස්සන ගොක් සැරසිලි තුළ තැබූ මැටි පහන් වලින් වීදිය ම ආලෝකවත් කර තිබුණ හැටි දැක්ක ම මං නම් පුදුම වුනා. කාගේ වුනත් නියම සැරසිල්ලක්.
හිමින් හෙමින් මේ පහන් පූජාවේ අසිරි විඳගනිමින් උඩට ආවම බණ පටන් ගන්න තව ප්‍රමාද වෙන බව දැනගත්තා. පහන් නිවෙන්න නිවෙන්න අපේ කස්ටිය හරි උනන්දුවෙන් පත්තු කළා. අලුත ගොඩ ගිය අයට නම් මේ පිරිත ආශිර්වාදයක් වුනා. ක්ලෝසත් ආපු නිසා සාද කතාවෙන්, විහිළු තහළුවෙන් කල් මරපු අපි අන්තිමට හාමුදුරුවෝ වඩින්න ආසන්න වෙන කොට ජිම් එකට ගියා. එතනත් හරි අපූරු වැඩ සිද්ද වුනා. පාවඩයක් දාන්න ගිහින් මදි වෙලා පැදුරක් නවලා පාවඩයක් කරලා අපේ විද්‍යාපීඨෙ කට්ටිය හපන්කමක් පෙන්නුවා. ඒත් පාවඩ මදි වුනා ම සුදු ඩිමයි කොළයක් ගෙනත් බිමට දැම්මා. කොහොම ද ටිකිරි මොළේ???
හාමුදුරුවෝ රෑ නවයට කිට්ටු කරලා වැඩම කළා. විද්‍යාපීඨ සිසුන්ගේ කලා කෞශල්‍ය ඉහළින් අගය කළ විද්‍යාලංකාරේ උප පරිවේණාධිපති හාමුදුරුවෝ එදා තමන්ට පේරාදෙණියේ දී සිසුවකුව සිටියදී කරන්න බැරි වුනු පින්කමක් අද අපේ සිසුන් කිරීම ගැන සතුටු වන බව කිව්වා. හැබැයි පුංචි කඹ ඇදිල්ලකට වෙනත් පිළක් දින්නයි කියලා ගහ මරා ගන්න තරම් මෝඩ වෙන්න එපා කියලා පුංචි තරවටුවකුත් කළා. තවත් කිව්ව කතාවක් තමයි මේ පින්කම අවසානයේ පිරිකරක් දෙන්න හිතනවා නම් ඒක දැන්ම ම දුන්නා කියලා හිතාගන්න කිව්ව එක. මේ කෙටි අනුශාසනෙන් පස්සේ පිරිත පේ කරන්න පටන් ගත්තා.
සරණාගමනය, ජයමංගල ගාථා පිළිවෙළින් හමාර කරලා තුන් සූත්‍රයට කලින් හේවිසි වාදනයක් තිබුණා. ඒක නම් සැලකියයුතු වෙලාවක් තිබුණා. කොච්චර වෙලා ද කියනවා නම් හුඟක් ගෑනු ළමයි නැඟිටලා යන්න ගියා. පස්සේ තුන් සූත්‍ර දේශනාවත් දොළහ වෙද්දි හමාර වුනා ම අපිත් එන්න ආවා. මේ පිරිතට සැලකිය යුතු පිරිසක් සහභාගී වුනා. කිසි ම පීඨ භේදයක් එහි තිබුණේ නෑ. කටයුතු හුඟක් සාමකාමියි. නමුත් අර පාරේ වූ සැරසිලි පහුගිය පාන්දර උදේ මං යද්දි ඉවත් කර තිබීම ගැන නම් මං විරෝධය පළ කරනවා. කොටින් ම උදේ වෙද්දි රෑ මුකුත් නොවුන ගානයි. සමහර විට ඒවා විද්‍යාපීඨ සිසුන් විසින් ම ඉවත් කළා වෙන්න පුළුවං. නමුත් උදේ වෙනකම් තියන්න තිබුණා. කොහොම නමුත් වැඩ පිළිවෙල දන්න නිසා ගෙදරින් එනකම් බලන් ඉඳිද්දි නිවිච්ච ගොක් ගහනක් ගළවා ගන්න මං අමතක කළේ නෑ. එක අතකට ඒ අපේ පාරම්පරික දැනුමක්. පිරිත් මණ්ඩපේ වුනත් එහෙමයි.
ලබන පාර වෙසක් එකට මං කූඩු හදන්නේ නෑ. මේ ගොක් කූඩුවට වැඩියේ බට ඕනත් නෑ. මැටි පහනක් ඇතුළින් තිබ්බ ම හරි ලස්සනයි. පහසු විකල්පයක්. හැබැයි අර පිළිස්සුම් පැල්ලම් ඇති වීම නිසා දෙපාරක් පත්තු කරන්න අමාරුයි. කොහොම නමුත් මගේ ස්ථාවර නියෝගය ගැන සලකා බලා එදා රෑ පිරිත් අහන්න ආපු එක ගැන මං ක්ලෝසාට ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඒක ප්‍රචාරය කරවලා මට උපාසක මහත්තයා කියවපු එකට නම් මුකුත් නොකර බැරි වේවි!!

අපි සෝෂල් වෙලා ඉන්නේ ??


පහුගිය සඳුදා අපේ සියලු දේශන කැන්සල් වුනේ හරි ම සෝචනීය විදියට. අනේ මන්දා අපිටමයි කෙළ වෙන්නේ?? කාරි නෑ කියලා මාත් ගෙදරට වෙලා වැඩක් පලක් කරගෙන හිටියත් අනතිමට හවස තියෙන පළමු වසර දේශනයකට යන්න ඇඳිරි වැටෙන වෙලාවේ ගෙදරින් ආවා. මගේ ගොන්කමට එදා ප්රකථම වසර ෂෝෂල් එක කියලා අතමක වුනා. යම් දෝ නොයම්දෝ කියලා දෙගිඩියාවෙන් ඉන්න කොට ප්රොථම වසර ඒ දේශනයට යන කෙල්ලක් දැකලා දේශනේ තියෙනවාද? කියලා ඇහුව ම ඈ පට්ට උත්තරයක් දුන්නා. “අනිවාර්යයෙන් ම දේශනේ තියෙනවා. ඇයි අයියා එන්නැද්ද? අද සෝෂල් වුනත් යන්නැති අය ඇවිත් ඇති. යන් යන් එන්න මාත් එක්ක....” කාලා වරෙන්කෝ මං ඇහුව ගොන්කම. ඇත්තට ම මටත් අර සාරි ඇඳපු ලලනාවන් දැක ගැනීමේ ආශාවක් තිබුණා. නමුත් මේ කෙල්ලත් එක්ක යාම??%%%@$$$$
කොහොමින් කොහොම හරි ඇයත් එක්ක මං කන්ද නැඟ ගෙන ආවා. “දැන් නංගි මේ වැඩේට යන්නැද්ද?? අපෝ මේ night function එකක්නේ? ඒත් සෝෂල් තියෙන්නේ ඔයාලටනේ?? හරි ඉතිං අපි යන්නෑ.” අන්තිමේ දී දේශනය සඳහා හාමුදුරුවන් වහන්සේලා දෙනමක් සහ ඊට සම්බන්ධ නොවන පිරිසෙන් දහයක් පමණ ඇවිත් හිටියා. සුපුරුදු පරිදි අපි පහයි තිහට පල්ලම බහිද්දිත් කට්ටිය සයන්ස් එකේ. තවත් සමහරු තාම එනවා. පුදුමයක් නෑ පල්ලෙහා ලක් රෑ සැලුන් එකෙන් අන්දන හැටියටනේ කට්ටියට එන්න වෙන්නේ. හැබැයි එදා සැලොන් එකෙන් ඇඳගන්න සියලු ම කාන්තාවන් සඳහා නොමිලේ විශ්ව විද්යාවලය දක්වා පර්වාහන පහසුකම් සැපයීම විශේෂයි. සෝෂල් එක ඔන්න ඔහොමයි. පසුගිය අට වෙනිදා තමයි වාණිජ පීඨ සෝෂල් එක තිබුණේ. එදා පළමු වසරේ විද්යා්පීඨ කස්ටිය පිරිත් දේශනයට සූදානම් වෙනවා. මේ පාර නම් පිරිත් අහන්න මටත් එන්න පුළුවන් වුනා.

අපි මේ ඇඳුම් ගන්න ආවා.....


පහුගිය සති අන්තයේ අත්යගවශ්ය කටයුත්තකට කන්යාඝවක් සමඟ shopping කරන්න මට සිද්ද වුනා. ඇත්තට ම ගෑනු ළමයි එක්ක මොක කළත් සාප්පු සවාරි යන එක නම් ලේසි පාසු වැඩක් නෙමේ. මං එහෙම කියන්නේ ෂොපින් ගියා ම සාක්කුවට තට්ටු වෙන නිසාමත් නෙමේ... බැලුවහ ම ඒවා මේ සුළු සහ අනිවාර්ය අලාභහානි විතරයි. ඊටත් වඩා මේ වැඩෙන් නාස්ති වෙන කාලය, කිරිබත්ගොඩ පුරා රෙදිකඩවල තට්ටු ගණන් නැඟලා හදා ගන්න හන්දිපත් රුදාව, ඇඳුම් හැටහුටාමාරක් එකපාර උස්සන් තැනින් තැන යාමේ අපහසුව වගේ කාරණා ගොඩක් නිසා මට නම් මේ වැඩේ තිත්ත වෙනවා. නමුත් අත්ය වශ්යා සේවාවක් හැටියට නම් කළොත් කර අරින්නේ කොහොම ද?
හැබැයි මං ළඟ නම් මේකට පුංචි සූස්තරයක් තියෙනවා. ඔය ගෑනු ඇඳුම් ගන්න යන් කිව්වා ම මං වගේ බුද්ධිමත් පිරිමි හරි සරලව ප්රංශ්නය විසඳන්නේ පුංචි සටකපටකමකින්. මේක පිය උරුමයෙන් මා ලද දායාදයක්. පාරම්පරික දැනුමක්. අපේ අප්පච්චි මට ඒ shopping tip එක ලබා දීලා වැඩි කාලයක් නෑ. “පුතා, ඉස්සර අම්මට සාරි ගන්න ඕන වුනා ම අපි වැඩ ඇරිලා කොටුවේ main street එකේ හැම කඩයකට ම යනවා. හැබැයි යන්න ඉස්සර මං සාරි හොඳ සහ මගේ ගානට ගන්න පුළුවන් කඩයක් හොයා ගෙන තමයි යන්නේ. ආයෙත් මොන කතා කිවුවත් මුලින් ම යන්නේ මං දන්න සහ මං කැමති තැනට. පස්සේ එදා දවසේ මුළු හවස් කාලය ම යකාට ගියාවේ කියලා එයා යමුයි කියන ඕනෑ ම කඩයකට මාත් යනවා. අර කතාවටත් කියනව‍නේ first impression has to be good කියලා. අනේ දෙයියන්ගේ පිහිටෙන් අර මුලින් බලපු තැන තරම් වෙන කොහේවත් තියෙන සාරියක් අපේ නෝනාට අල්ලනේනේ නෑ. (‘දැක්ක ගමන් සිත බැඳුනා වගේ’ කියලා වැඩක් නෑ!! අපොයි එහෙම වෙලා මං කන පරිප්පුව අඩු ම තරමේ පුතාවත් දන්නවනේ??) මං ඉතිං කළින් ම ඇසක් ඉඟිමරා සේවක මහතුන්ට මං අන්තිමට මෙතෙන්ට ම එන බව දන්වනවා. තවත් ඩිස්කවුන්ට් එකක් එක්ක සාරිය අරන් යන්න පුළුවන්.”
අපේ අප්පච්චිගේ old theory එක තාමත් වැඩ කරනවා. සැකයක් නෑ පුතා. ගෑනු එහෙම ම තමා. මේක දේශ සිමා ඉක්මවන්නාවූ ගෑනු සංස්කෘතියේ ආත්මීය ලක්ෂණයක්. අපේ පපා බරපතල වදන් වලින් විස්තීරණ අදහස තේරුම් කරලා දුන්නා. මේ සාරි ගැන කිව්වමයි මතක් වුනේ පිටකොටුව, කොල්ලුපිටියෙන් ඔබ කාට හරි සාරියක් අරන් දෙන්න යනවා නම් දන්න දෙමළෙන් ටිකක් කතා කරලා කියන price එකෙන් භාගයක් අඩු කරලා බය නැතුව ඉල්ලන්න. දෙමළ විවාහයන් ගන්න කූරෙයි සාරියක් වුනත් cut price වලට ගන්න පුළුවන්. මොක ද මේක සාර්ථක වෙළඳාමක් ඔවුන් මිළ නියම කරන්නේ එකට එකක් ලාබ තියලා. ගන්න එකා කීය වුනත් ගෙනියන බව දන්නවා. දන්න එකා කීය වුනත් කේවල් කරන බවත් දන්නවා. දන්න කියන මිනිහෙක් ‘නෝ පොලී - මෝර් ජොලී වුනත් අබාන්ස් එකෙන් බඩුවක් ගන්නේ නැත්තේ මේ පාරිභෝගික බුද්ධිය කියන කාරණේ නිසා.
කතාව කියන්න බැරි වුනානේ??? මාත් ඉතිං තිලකවර්ධනේට මුලින් ම ගියා. පස්සේ පිළිවෙළින් අනූෂා, ගැමා, නිමාලි, ඔසාකා බ්ලා බ්ලාලා හැම මඟුලට ම ගියා. අඩ්ඩඩ්ඩා.......... යන හැම කඩේ ම කැම්පස් එකේ නංගිලා ඇඳුම් තෝරනවා. මාත් ඉතිං අර පිස්සු වහන්තරාවට ඇඳුමක් තෝරගන්න කියලා නංගිලා තෝරන්නේ මොනාද බලන්න ගියා. මෙන්න බොලේ මුං ඔක්කො ම සාරි තෝරනවා. දන්න කියන අය කතාකළා. “අපි මේ සෝෂල් එකට සාරි ගන්න ආව අයියේ....” හැබෑද? කාරි නෑ. දැන් මොනා ද තෝර ගත්තේ. නයිට් function එකක් නිසා ටිකක් focus වෙන්න අඳින්න. මං ඉතිං ප්රිවීණ රූපලාවන්යො ශිල්පියාගේ භූමිකාව තෝර ගත්තා. හැබැයි ඉතිං මෙහෙ ම පැණි හැලුවට හරියන්න, ගෙදර එනකම් ම ඒ හිටිය කෙල්ලන් ගැන දීර්ඝ විස්තර කථනයක් කරන්න සිද්ධ වුනා කියලත් මතක් කරන්න ඕන.

අද දවල් කෑම අපෙන්

පහුගිය දවස්වල සලාදයක් දාන්න බැරි වුනේ කර මුලට ම හිර වෙන්න වැඩ තිබුණ නිසා ආයුබෝවන්. මං සාමාන්යදයෙන් busy වෙන්න කැමති මිනිහෙක් නමුත් මේ academic වැඩ වලින් busy වුනා ම කෙළින් ඉන්න ටිකක් අමාරුයි. ගිය සති කිහිපය තුළ මා කැමති ම uni functions වලින් එකක් වුනේ Rotary Club එකේ Food Court එක. හැමදා ම bookmarks විකුණලා, ටිකට් ගහලා, කොටු කපලා සල්ලි හොයනවා වෙනුවට හැමදාමත් හාමතේ ඉන්න අපේ කස්ටියගේ කුස පුරවලා ගතමන්ට් එකක් හොයා ගන්න එක පිනක් කියලයි එහි ප්රාකාශිකාවක් කිව්වේ. ඒක නම් එහෙම තමා. මේ කටයුත්තට කොච්චර ප්රනතිචාර ලැබුණ ද කියනවා නම් දවල්ට කාලා මං හිමකිරමක් කන්න යද්දි “තව ටිකකින් එන්න” කිව්වා. අනේ ඒ වෙද්දිත් කෑම ඉවර වෙලාලු.
උණු බල්ලන්, පොරි වගේ කෑම නැඟලා ගියා. තව කොළොස්ට්රෝතල් වැඩි කරන්න සුකුරුත්තන් කෑම ගොඩක් තිබුණා. එතන සංගීතෙත් කෑම වගේ ම රසවත්. තවත් කාරණයක් වුනේ අසල තිබූ අඹ ගහ ආධාරයෙන් ඔවුන් ඉදිරිපත් කළ Mango Challenge එක. අඹ ගහේ අත්තක එල්ලන ලද පුවරුවකට ඉල්ලක්කයට විදීමට සූදානම් කරලා තිබුණා. සුළඟට මේ dart board එක පැද්දෙන නිසා අභියෝගය ටිකක් බැරෑරැම්. නමුත් අපේ දක්ෂයින් ඊට සාර්ථකව මුහුණ දුන්නා. තව උස අත්තකට වළලු දැමීමත් ‍අභියෝගයක්. එක බුවෙක් වළලු දාන්න කෙල්ලක්ව පෙළඹුවේ හරි අපූරු විදියට. ඇගේ පෙම්වතා ඉලක්කයට විදලා ජය ගත්තා. “ආ.... දැන් අයියා විද්දා, අක්කා වළල්ල දාන්න....”

අද දවල් කෑම අපෙන්

පහුගිය දවස්වල සලාදයක් දාන්න බැරි වුනේ කර මුලට ම හිර වෙන්න වැඩ තිබුණ නිසා ආයුබෝවන්. මං සාමාන්යදයෙන් busy වෙන්න කැමති මිනිහෙක් නමුත් මේ academic වැඩ වලින් busy වුනා ම කෙළින් ඉන්න ටිකක් අමාරුයි. ගිය සති කිහිපය තුළ මා කැමති ම uni functions වලින් එකක් වුනේ Rotary Club එකේ Food Court එක. හැමදා ම bookmarks විකුණලා, ටිකට් ගහලා, කොටු කපලා සල්ලි හොයනවා වෙනුවට හැමදාමත් හාමතේ ඉන්න අපේ කස්ටියගේ කුස පුරවලා ගතමන්ට් එකක් හොයා ගන්න එක පිනක් කියලයි එහි ප්රාකාශිකාවක් කිව්වේ. ඒක නම් එහෙම තමා. මේ කටයුත්තට කොච්චර ප්රනතිචාර ලැබුණ ද කියනවා නම් දවල්ට කාලා මං හිමකිරමක් කන්න යද්දි “තව ටිකකින් එන්න” කිව්වා. අනේ ඒ වෙද්දිත් කෑම ඉවර වෙලාලු.
උණු බල්ලන්, පොරි වගේ කෑම නැඟලා ගියා. තව කොළොස්ට්රෝතල් වැඩි කරන්න සුකුරුත්තන් කෑම ගොඩක් තිබුණා. එතන සංගීතෙත් කෑම වගේ ම රසවත්. තවත් කාරණයක් වුනේ අසල තිබූ අඹ ගහ ආධාරයෙන් ඔවුන් ඉදිරිපත් කළ Mango Challenge එක. අඹ ගහේ අත්තක එල්ලන ලද පුවරුවකට ඉල්ලක්කයට විදීමට සූදානම් කරලා තිබුණා. සුළඟට මේ dart board එක පැද්දෙන නිසා අභියෝගය ටිකක් බැරෑරැම්. නමුත් අපේ දක්ෂයින් ඊට සාර්ථකව මුහුණ දුන්නා. තව උස අත්තකට වළලු දැමීමත් ‍අභියෝගයක්. එක බුවෙක් වළලු දාන්න කෙල්ලක්ව පෙළඹුවේ හරි අපූරු විදියට. ඇගේ පෙම්වතා ඉලක්කයට විදලා ජය ගත්තා. “ආ.... දැන් අයියා විද්දා, අක්කා වළල්ල දාන්න....”