Tuesday, November 9, 2010

අපේ පන්සලේ කඨීනය


වරි මීට බොහෝ කාලෙකට කලියෙන් නම් කඨීන පින්කම් වගේ පන්සලේ කටයුතු වලදී බොහො ම ඉහළින් සහභාගී වුනා. ඒත් හැම දෙයක් ම ඉතිං පහු පහු වෙනකොට කොහු කොහු වෙනවයි කියවනේ??? අන්න ඒ වගේ පන්සලත් ඇවරිගෙන් ටිකෙන් ටික ඈත් වෙලා ගියා. ඇවරි දහම් පාසල් ගියපුකාලෙ නම් හරි ම අපූරුයි.... පස්සෙ වෙලාවක ඒ ගැන ලියන්න බැරියැ??
දහම් පාසලේ කාලෙන් කාලෙට ඇති වෙච්ච හැම රැල්ලකට ම සාර්ථකව මුහුණ දෙමින් ගොඩක් කාලයක් ඉන්න පුළුවන් වෙච්චි එක ගැන ඇවරි තන්තෝස වෙනවා. දැන් නම් දහම් පාසල ගැන කතා කොරලා වැඩක් නැති තරම්. නමුත් වරද සහගත හෘදය සාක්ෂිය හැම වෙලේම හිත රිදවනවා. ඒ ඇයි කිව්වොත් අපිට කරන්න පුළුවන් දෙයක්වත් අපි නොකරන නිසා. මේ හැම දේ ම වුනත් කඨින පින්කමට යන්න ඇවරි අමතක කලේ නෑ. ඇවරිගේ බෙස්ට් පෙන්ඩා මයිනා එනවයි කී නිසා ඇවරිත් එහි යන්න හිතුවා. ඒ නැතත් ඇවරිගෙ මල්ලා ටෙනිසන් මේ සියල්ල ගැන බලා කියාගන්න නිසා ඇවරි නොගියත් අවුලක් නෑ....
ඔන්න ඉතිං ඇවා නවයට ඉතර පන්සලට සෙන්ටර් වුනා. මකර තොරණ ඉස්සරහා දී ම මයිනාව මීට් උන නිසා ඉදිරි වැඩ පිළිවෙල ගැන සාකච්ඡා කොර ගත්තා. මකර තොරණ ගැන කොම්ප්රිහෙන්සිව් රිපොටරයක් මේ ළගදි ඇවරි කියෙව්වා...අපි නොදන්නවා උනාට මකර තොරණේ කොච්චර සත්තු ඉන්නව ද? නැති එකෙක් නැති තරම්. මකරා කියන්නේ මාළු කොරපොතු, ඌරු කන්, කිඹුල් දත් සිංහ කකුල් ඇති සතෙක්ලුනේ. මං මේ අඩමානෙටයි ලිව්වෙ. කතාව ඇත්ත ද කියලා බලන්නත් එක්ක මං ඒ රාත්තිරියෙ සිංහ තොරණ ඉස්සරහා ලග්ගැහුණා.
මේ පන්සල ගැන මං වචයක් කතා කොරන්නෑ.... හැබැයි ඉතිං දන්නෝ දනිතිලු ඈ..... විසාල මහමේරුවක් නැගලා තමා පන්සල් බිමට එන්න තියෙන්නේ?? ඇවා නම් ලෑල්ලට පාගලා මළුවෙන් ම ලෑන්ඩ් කොළා. පෙරහැර යන්නෙ පාන්දර ජෙකටලු ආයිබෝන්?? තාම දහයාමාරයි නොවැ. තුන් සූත්තරෙත් තාම ඉවර නෑ වගේ. ඇවරි ගිය ගමන් ම දන්න කියන දායක මහතෙක් කට පුරා හිනාවෙලා අජරාමර හැලියක් බාර දුන්නා... “ආ... මේ තරුණ දායක මහත්තුරු දැන්නේ එන්නේ...???” මං ඉතිං ‘මුවෙන් නොබැන ඉවසනු සුදන ගරුකම’ නිසා ලාවට ස්මයිලක් දුන්නා. “දැන් පුතා පුංචි වැඩක් කරන්න ඕනෑ.....” කියන් අංකල් බණ කියන්න හාමුදුරුවො අඩුයි ද?? පෙරහැරට ඇතෙක් නැද්ද?? නැත්නම් වහින එක නවත්තන් ඕනැද?? ඔය මොකක් උනත් කරන්න පුළුවන්. මං කටමැත දොඩන්න කලියෙන් දන්න කියන තරුණ ගුරුවරියක් හැලිය මට ම රෙජිස්තර් කොළා.... කාලා වරෙන් කෝ???
“පුතා මෙන්න මේ පාන් වල ජෑම් ටික ගාලා තේ ටිකත් එක්ක එවන්න ඕන. තේ ටික ඇන්ටිලා දාන ශාලාවේ හදනවා ඇති.. වෙලාවට එවන්න. හැබැයි කොල්ලෝ ජෑම් මේ බෝතලේ විතරයි.” මාර මිසන් එකක් තමා. දැන් පාන් හැටහුටාමාරක් ජෑම් බෝතලයකින්?? මාත් සියල්ල අරන් දන්ගෙට ගියා. ඇන්ටිලා වැඩේ ම නියමෙට ම එන්ටර් වෙලා. ඔය බෝතලේ මෙහාට ගන්න පළමු විධානය නිකුත් වුනා. පිගානකට ඔරෙන්ජ් ක්රෂ් බෝතලයක් හලලා ඒකට ජෑම් දාලා කවලම් කලා.. ජෑම් තලි තලි බීම එක්ක කැළතෙද්දි මට නම් අප්රසන්නේ බෑ.... නැත්නම් පුතෝ අද ගානව බොරු... උපාසකම්මා උජාරුවට කිව්වා... අනේ ද කියන්නේ??? කෝම ද ටිකිරි මොළේ??
දැන් පාන් ටික හරි. කියන්න ඕන්නෑනේ පාන් තව ඉතුරුයි. කේක් තිබ්බෙ දාන ශාලාවේ.. මං තේකක් බොන්න ඒ පැත්තට යද්දි ශ්රද්ධා බුද්ධි සම්පන්න උපාසිකාවෝ මරා ගන්නවා. මාත් කර පොවලා බැලුවා. අපේ ඇබිත්තයා තමා කාරණේ කීවෙ. මේකනේ මාත්තයා, මෙතන ඔක්කොම තේ හැදුවට කවුරුත් කෝප්ප ලෑස්ති කරලා නෑ.. දැන් තේ හරි කෝප්ප නෑ. “හුටා වාහෙ කොයි කප්ස්” ඇවරිටත් ඩිෂිබිල් එක අවුල් කියලා වැටහුනා.
පස්සේ මහා ජන ගංගාවකට කෝප්ප පණහක් තියාගෙන තේ බෙදුවා. ඔන්න ඉතිං රාජමහා විහාර කඨින සංවිධානය?? පස්සේ තව වෙලාව තියෙනවනේ කියලා ඇවරිත් මිත්තරයො එක්ක සාද කතාවෙන් කල් ගෙව්වා. පුංචි කොල්ලො ටිකක් එක්ක කියව කියව ඉන්න අතරේ සල බලා......ං ගාලා කොල්ලො දෙන්නෙක් බිම වැටුනා. බලද්දි උන් දෙන්නා මරා ගන්නවා. ඒ දහය වසරේ කොල්ලා ගිනි බෝල කරකවන්න යන්න ඉස්සෙල්ලා වෝර්ම් අප් වෙන්න බීලා. ඊළඟ මොහොතේ බෙරකාරයෝ ටිකත් මරා ගත්තා. හරි දැන් කඨීන පටන් ගන්න කලින් හැමෝ ම වැඩ අල්ලලා වියරයි???