Thursday, December 17, 2015

ෆයින්ඩින් ඇවරියා..!!

සලාදය ලියපු ඇවරි හිටි හැටියේ අතුරුදහන් වුන නිසා ඇවරිව හොයා ගන්න වෙන ම මිෂන් එකක් දෙන්න වුනා. ‘ෆයින්ඩින් ඇවරියා‘ නමින් ක්‍රියාත්මක මේ විශේෂ මෙහෙයුම හේතුවෙන් ඇවරි පුරාවෘත්තය යළිත් ආන්දෝලනාත්මකව කරලියට ආව. මේ සම්බන්ධයෙන් බොරු භීතිකාවක් ඇති කරගෙන පහුගිය කාලයේ ජාත්‍යන්තර ප්‍රජාව නැට්ට පාග ගෙන බඩ පිණුම් ගැහුවත් ඇවරිතුමා තඹේකට ඒවා මායිම් කොලේ නෑ නොවැ. (අනේ උගේ ගණකම)

කොහොම හරි හිතාගන්න බැරි තරමට වැහැරිලා, හොටු පෙරාගෙන, කොණ්ඩා රැවුල් වවාන, රකුස් විලස් ගෙන අස්ථි පංජරයක රූපකායෙන් සිටි ඇවරි තුඹහින් එළියට බැහැලා ලිං කටින් කරපොවලා බාහිර සමාජෙට ආවම පැවති ප්‍රෙස් කොන්ෆරන්ස් එකට පස්සේ එතුමාගේ තිප්පොල නෙප්ලන්ඩ්ස්හි දී අපි සමඟ සුහද පිළිසඳරකට එක් වුනා. මේ සටහන එතුමා සමඟ කළ සංවාදයෙන් ලියැවෙන්නක්.

ඉතිං කොහොම ද ඇවරි?
නරක ම නෑ ඉතිං. අනුන්ට කරදරයක් නැතුව මගේ වියදමෙන් ජීවත් වෙනවා. කොහොමත් මීට වඩා නරක වෙන්න විදියක් නෑ නේ??

මොක ද මේ ෆෝන් ඕෆ්?
ආ අපි දැන් ලිමිටඩ් අවේලබිලිටිනේ. වොයිස් නෑ. ටෙක්ස්ට් විතරයි. සොස් කෝල්ස් ඔන්ලි. හැබැයි මලාට වී කෙයාර් ඕල්වේස් කියලා පොර ටෝක් දෙන්නෑ. හේ හේ...

පහුගිය කාලෙ ඩිස් මිස් වුනේ සුදු වෑන් එකකින් වත් අරං ගියා ද?
චී;; චී ගුඩ් ගවනන්ස් වලදි සුදු වෑන් නෑනේ. ඔන්න කමිටුවට විසිට් එකක් දාන්න වුනා නම් පෝරියල්. පහුගිය කාලෙ මං කරපු කියපු දේවල් මටවත් සෙට් වුනේ නෑ. ඒක නිසා සිවිල් ජීවිතයක් ගත කරන්න හොඳ වාතාවරණයක් නොතිබුණු තැන හැංගිලා ඉන්න තීරණය කළා. හැංගිලාමත් නෙමෙයි එෆ්. බී හිටිය නේ?

ආහ් ඒ කියන්නේ තාවකාලික වෙස්වලා ගැනීමෙන් ජනතාව නොමඟ යැවීමක්?
ජනයා බබ්බු යැයි නොමඟ යවන්න?? හිනා...

කතාවක් තියෙනවා ළඟදි කාපු බූට් එකක් නිසා මේ තත්ත්වය ඇති වුනා කියලා.??
සහතික ඇත්ත. එක ම කෙල්ලගෙන් දෙපාරක් බූට් කෑවොත් තේරෙයි. හැබැයි ඕකෙ මෙහෙම එකකුත් තියෙනවා. මේ වෙනකොට කාපු බූට්වල හැටියට මං ආරණ්‍යවාසී වෙන්න ඕන ඉතිං. බූට් කියන්නේ ඉතා සාමාන්‍ය තත්ත්වයක් වෙලා. ෂිට් හැපන්ස් ඩේලි බේසිස් නේහ්??

ඇයි කාන්තාවො ඔබතුමාට මෙච්චර වෛර කරන්නේ??   
දුක හිතෙන කතා කියන්න එපා යකූ.... නෑ කාලයත් එක්ක මං හරි දඩබ්බර වෙලා. විශ්වාස කරන්න බැරි තරමට මුරණ්ඩු වෙලා. කොටින්ම ඇවරි පතිරගේ මැරිලා දැන් ඉන්නේ මහ එපා කරපු එකෙක්. ඒක හැමෝ ම කියනවා. ඒක තමා ඊළඟ පිම්ම. නමුත් මිනිස්සුන්ට ඒක දිරවගන්න අමාරු වේවි. ඔවුන් අවලාද නඟාවි. අපහාස කරාවි. කොහොමත් මට වෛර කරනවාට මං ආසයි. එක අතකට වෙන විකල්පයක් නෑනේ.

මේ තරම් නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න හේතුවක් තියෙනවා ද?
අපි ක්‍රියාකාරී වෙන්නේ කවුරු වෙනුවෙන් ද පුතා? අන්තිමේදී ලබා ගන්නේ මොනවා ද? කවුරුන් හෝ කළ යුතු නිසා මා වෙත පැවරී තිබූ රාජකාරීවලින් මා නිදහස් වුන ගමන් මං නිකමෙක් වෙලා. කෝකටත් තෛලය  සිද්ධාර්ථය විදියට තමුන්ගේ උපයෝගීතාව නිශ්ක්‍රීය කළා ම අපි අවලංගු කාසි වෙනවා. දැන් මාගෙන් කාටවත් වැඩක් නෑ. ඉතිං බොහොම හොඳින් විශ්‍රාම සුවයෙන් ඉන්නවා.

මෙච්චර පසුතැවීමෙන් කතා කරන්නේ? ඇවරි කලකිරිල ද?
නෑ ළතවෙන්න තරම් ‍නරකට මං ජීවත් වෙලා නෑ. ඒත් වෙනස් වෙන ලෝකෙක කිසි දෙයක් සදාකාලික නෑනේ? අනික අපි පෙරළෙන්නැතිව හිටියොත් පාසි බැඳෙන්න පුළුවන්. වැල යන පැත්තට ගහ උළුවස්සා කිව්වලු. ඉතිහාසය පුරා අපේ රැකෝර්ඩ්ස් අරන් බැලුවොත් හොඳක් දකින්න පුළුවන්. නමුත් එක ම දේ එක ම විදියට වුන නිසා මහ අලයෙක් වෙලා හිටියෙ. දැන් ටිකක් රිස්ක් එකක් අරගෙන ඕෆ් රෝඩ් ගිහින් අලුත් කස්තිරමක් අල්ලන්න කාලෙ කියලා හිතුවා.  හයි රිස්ක් - හයි ප්‍රොෆිට් කියනවනේ නේහ්!!

ඒ කිව්වෙ බිස්නස් වෙන්චර් එකක් ද??
සිරාවට එහෙමමත් නෙමෙයි නමුත් ඔටෝ පයිලට් මෝඩ් එක වැඩකරනවා ද කියලා බලා ගන්න මට ම ආසාවක් ඇති වුනා. මොකද පහුගිය අවුරුදු විසි හතට ම මම ෂුවර් කරලා කෘසීන් ඇටිටියුඩ් එකේ දී ඔටෝ පයිලට් දාලා නෑ. තේරුම්ගන්න පුළුවන්නේ වේදනාව??? තනියෙන් ම ඇද්දා. කොච්චර අමාරු වුනත්. මොකද මං දැනගෙන හිටියා මට පිටිපස්සෙන් මාව බැක් කරන්න කවුරුත් නෑ කියලා. ඉතිං අපිත් පුංචි බ්රේක් එකක් ගන්න එපා ද?

හරි ඒ කියන්නේ දැන් හැම දේකින් ම ඈත් වෙලා තපස් ගත වෙන්න ද කල්පනාව?
හහ් හහ් එහෙම කරන්න වුනානම් හොඳා... දැන් රාහුලෝ ජාතෝ - බන්ධනං ජාතං වෙලා නේහ් තියෙන්නේ? හිනා... නෑ නෑ ඒ පාර කුණුහරුප ලියන්න එපා. තාම රාහුලයෙක් ගැන හිතලාවත් නෑ. නමුත් අපි 2016 දී පොඩි පිරිසට - වඩා හොඳට කියන ස්ලෝගන් එකෙන් බ්රෑන්ඩ් එක රීවෑම්පින්ග් කරන්න හිතුවා. තම්බිගෙ දොඩංගොඩ වගේ හැම දේම බාර ගත්ත ම එකක්වත් හරියට කෙරෙන්නෑ.. අනික පුතා ඇත්ත කාරණේ, දැන් අපි නාකියි. ඉස්සර වගේ අඩිය අඟලට රිවට් කරන්න ඔට්ටු වෙන්න අමාරුයි. සාමාන්‍යෙයන් මම අලුත් මිනිස්සු එක්ක, යන්ග් ජෙන් එකේ පිරිසත් එක්ක වැඩ කරන්න බැරි ලෝර්ඩ් පකීර් කෙනෙක් නෙමෙයි. නමුත් උන් එක්ක වැඩ කරන්න ඕන කරන සංයමය ඒ ඩිසිප්ලින් එක දැන් නෑ. කොටින් ම උන් මොන මල දානෙ කළත් මට දැනෙන්නෙ නෑ. අනිත් වචන වලින් කිව්වොත් මං උන්ට ආදරේ නෑ.

මොක ද මම විශ්වාස කරන හැටියට ආදරේ නම් ආස නම් තමා අපි හදාගන්න බලන්නේ? වද වෙන්නේ? ගහන්නේ බනින්නේ. ඕ.පු.ප්‍රී.වෙ නම් වගේ වගක් නැතිව හිටියැකි.

ඇවරිතුමා, ඔබතුමා කියපු දේවල් වැඩියෙ නොතේරුනාට මට මතක හැටියට 2014 අවසානයේත් ඔය කතාවට සමාන කතාවක් කිව්වා. දැන් 2016 දීත් එතැන ම ඉන්නේ?
ඔව් ප්‍රතිපත්තිමය වශයෙන් අපේ ස්ථාවරය එකයි. නමුත් 2015 දී අපි මෙහෙයුම් අතින් දහය පහට බැස්සුවා. ඒත් අවසාන කාර්තුවේ දී පහත් වැඩියි කියන තැනට ඇවිත් තිබුණනේ? දැන් අපි පහ තුනට බස්සන්න ඉන්නේ. මං දන්නේ නෑ කැබිනට් අනුමැතිය කොහොම වෙයි ද කියලා. හැබැයි අනුමැතිය කොහොම වුනත් වෙන්නෙ ඒක ම තමා.

මොන ටෝක්ස් දුන්නත් හිතන්නෙ නැද්ද මං දියවෙලා කියලා?
අහලා නැද්ද සේකර කියලා තියෙනවා කුසලානේ ලූ මිදියුෂ කුසලානේ හැඩය ගනී කියලා. ඉතිං අපිත් ඒ වගේ කාලයාගේ ඇවෑමෙන් බඳුනේ හැඩය ආදේශ කරගන්නවා. සීතල වෙලා අයිස් වෙනවා. නටලා වාෂ්ප වෙනවා. සෑහෙන්න විපර්යාස වෙනවා. මැණිකේ අගය කණා නොදැන ගත්තට අගය බාල වෙන්නේ නෑනේ? අනික කණා හැමදාම අගය නොදැන ඉඳී කියලා හිතන්නත් බෑ. මොක ද කණ කැස්බෑවත් විය සිදුරෙන් හරි අහස බලනවනේ පුතා. සෝ ජීවිතේ එහෙමයි. ලෙට් ඉට් බී...

අවසාන වශයෙන් මොක ද කියන්න තියෙන්නෙ?
ඇත්තට ම මං බොහොම ප්‍රීතිමත් සිරකරුවෙක් විදියට ජීවත්වෙලා බලන්න පුංචි ට්‍රයි එකක් දෙන්න හිතුවා. දැන් පුල් මාවලස් කියපං. යකෝ මගේ හැටියට, ආයෙ කතා දෙකක් නෑ - ඒක ප්ලූටෝටත් එහා ටාර්ගට් එකක් කියලා පැහැදිලියිනේ, නිකන් ස්ප්‍රයිට් වගේ? නමුත් ෆුල් බ්ලෝ එකක් දාලා බලන එක හොඳා කියලා හිතුනා. සල්ලි වැඩි වුනාමත් මිනිස්සු එෆ්.ඩීස් දානවනේ. ජස් ලයික් දැට්. අන්න ඒ වගේ ලල් එකක්. දැන් අර ගප්පියා කියනවා වගේ පුල් පිට්. පුල් මාවලස්. කොච්චර කාලෙකට ද දන්නෑ...?? අන්න බලු කතා කියන්න එපා බොක්ක. ඕකනේ කියන්නේ අපි බොක්කෙන් කිව්වමත් අපිට බෙලෙක්කෙන් කියලා.


2015 දී ඇණ කොන්ඩාස් වුන තැන් වැඩියි. අපි ගොනා මොඩල් දාලා රැල්ලේ ඇරපු දේවල් අම්බානකට තිබුණා. ඒවගේ රිටන් සෙට් වෙලා වමාරපු හැටියට පුංචි කාලෙ බීපු රන් කිරි නාහෙන් ඕෆ්ලෝ වුනේ... ලොල්.

Friday, September 11, 2015

මඟුල් තුලා කතා හෙවත් හයර් එකට අලියෙක් නැද්ද???



මනාල යුවල....
පහුගිය දවස්වල නැකත් වැඩියෙන් යෙදුන නිසා ඇවරිතුමාටත් මඟුල් තුලා කිහිපයකට සහභාගී වෙන්න සිද්ද වුනා. මේ අගෝස්තුවේ යෙදුණු මඟුල් ගෙවල් අතරින් යන්න ලැබුණ විවාහ උත්සවවලය වඩා මඟ හැරුණු උත්සව වැඩියි. හැබැයි ඒ හැම එකකින් ම ඇවරිතුමා අලුත් පාඩම් කිහිපයක් ම ඉගෙන ගත්තා. 

පළමු කාරණය තමා එක ම දිනයේ ආරාධනා ලබන මඟුල් දෙකක් ඇති විට අපහසුවෙන් හෝ පළමුව ආරාධනා ලැබ පැමිණෙන බව කී මංගල්‍ය තෝරා ගැනීම. ඇවරිතුමාට එක ම දිනක දී මංගල්‍ය හතරකට ආරාධනා ලැබුණා. පළමුව ආරාධනාව ලැබුණෙ අපේ පූර්ණා මැතිනියගේ මංගල්‍ය. ගාලු කුමාරියගේ මඟුලට සහභාගී වීම අපිට අනිවාර්ය වෙලා තිබුණා. ඒ වෙනුවෙන් මාසයකට කලින් ම ඇවරිතුමා නිවාඩු අනුමත කරවාගෙනත් තිබුණා. නමුත් එදින ම අපේ මිනෝලි මැතිනියගේ සහ පාසල් මිතුරකු වූ අසේල මහතාගේ විවාහ උත්සව දෙකත් යෙදීම නිසා වැඩේ ජලතරස් වෙනවා. සවස වෙතන් ඔෆීෂියල් මඟුලක්. ඒ වගේ ම ගෙවුනු අගෝස්තුවේ ඇවරිතුමාගේ බේරුවල මාමණ්ඩියගේ දෙවැනි දෝණියැන්දෑගේ වෙඩිමටත් යාමට අවස්ථාව මඟ ඇරෙනවා. ඇගේ වෙඩිම තිබුනෙ ඡන්දය දවසේ. දෙවැනි දවසට යන්න ඇවරි තුමා කොපමණ ට්‍රයි එකක් දුන්නත් නැඟණියගේ විභාග අවශ්‍යතාවයක් නිසා වැඩේ මඟ හැරෙනවා. ඒ අතින් මහ හර්තාල්ස් මාසයක් තමා අගෝස්තුව කියන්නේ. 

කොහොම නමුත් මේ මංගල්‍යන් වලදි ඇවරිතුමා හුඟක් විනෝද වුන බව ලියන්න ඕන. පූර්ණා මැතිනියගේ මඟුලට ඇවරි මහතා කොළඹින් පිටත් වුනේ කලින් දා රාත්‍රියේ. වැඩ රාජකාරි අහවර කරලා මිඩ් නයිට් එක්ස්ප්‍රස් එකේ ගාලු ඇදලා පහුවදා කාටත් කලින් ම ඇවරයියා හොටෙල් එකට ආව. මං යද්දි ඇය ලස්සනට ඇඳ පැළඳගෙන වෑන් එකට වෙලා හිටියා. වෙනදාට ඩෙනිමක් ගහගෙන, පිස්සු කෙලගෙන, නේද බං කියාගෙන ඉන්න පූරි අද සෑහෙන්න ෆැබ් ලුකින්ග්. ඔක්කොට ම වඩා මට කාල ඉන්න බැරි තරම් මේ කෙල්ල තැම්පත් වෙලා තිබුණා. කොහොමත් පූර්ණා මැතිනිය කියන්නේ අපේ හොඳ ම බොක්කක්. ගාල්ලට නිකමට හරි යැවෙන නම් ඈට ඇමතුමක් දීම ඇවරිගේ පුරුද්දක් වෙලා. කෙල්ල උඹ ඉන්නව නම් බලන්න එන්නම්. නැත්නම් මෙහෙම්ම යනෝ කිව්ව ම හැමදාම වරෙන් වරෙන් කියනව මිසක් කවදාවත් බිසී බන් කියලා නෑ. ගාල්ල සාගර කෞතුකාගාරය අපේ ගෙදර වාගේ වෙලා තියෙන්නේ පැය ගණන් අපි එහි ගත කරන නිසා. ආගිය විස්තර කතා කරමින් පූරි වර්ණනා කරන ගාලු කොටුවේ නිව්ස් අසමින් හිනාවෙන් ගෙවුනු පැය ගණන් කොච්චර ද කියන්න මතකත් නැති තරම්. පූරි එහි ඇති කෞතුක වස්තූන් විස්තර කරන විදිය තමා හරි ම අපූරු. ඇවොන්ඩ්ස්ටාර් නෞකාව ගැන, එහි ප්‍රදර්ශන මැදිරිවල අඹලා තියෙන රූප සහ සිද්ධින් ගැන ඇගේ විස්තර අහන් ඉන්න මිනිස්සුන්ට බඩවල් අල්ලන් හිනා යන තරම්. කෞතුකාගාරය බලන්න එන මිනිස්සු සතුටු කරන්නෙ කොහොම ද කියන එක ඇය හොඳට ම දන්නව වගේ ම පැය ගණන් ආර්ටිෆැක්ට්ස් දිහා බලන බෝරින් වැඩේට පොඩි රහක් එක් කරන්න ඈට ඇත්තේ සහජ හැකියාවක්. 

ගාල්ලේ ෆොටෝ ෂූට්වලට යන අපේ උදවියට නොමසුරුව තමුන්ගේ සේවාව ලබා දෙන පූරි ස්පෙෂල් කර්ටසීස් වලින් ඉස්සරහින් ම ඉන්නවා. ඇගේ සේවාදායකයො අදටත් මුණගැහුණා ම අනේ ඔව් බං ඔක්කොම කරලා දුන්නා. කිසි අවුලක් වුනේ නෑ කියන්නෙ මූනිච්චාවට නෙමෙයි. ඇගේ වෙඩිමේ නියම වාද්‍ය වෘන්දයක් හිටියා. ඒ වයලිනිස්ට් මාර ම ගති. ඒ උදවිය මං කැමතිම සින්දු එක සීරුවට වාදනය කරද්දි ළඟ පුටුවකට බර වෙලා කැවුම් කිරිබත් කන ගමන් ඇවරිතුමා බොහොම රහට ඒවා වින්දා. ඒක බොහොම චාම් මඟුලක්. තල්පෙ ද ගාර්ඩ්න් එකත් නිකන් වෙන ම සෙටප් එකක්. ඇය පෝරු මස්තකාරෑඪ වෙද්දි ඉෂාන් ෂීන්න්ගෙන් කෝල් එකක් ආවා. 

මචන් මොක ද වෙන්නේ? මොනා වෙන්න ද බං මේකි පෝරුවේ.. නෑ?? සිරාවට.. කලබල වෙන්න එපා ඇවරි මුකුත් කරන්න ඕන නෑ අපි එනකම් ඔහොම ම පෝරුවේ තියා ගනින් හරිය??? ඉෂාන් උදේ පාන්දර ම බයිටක් දැම්මා. එතකොටත් අපේ සැපට දුකට සනීලා සෙට් එක වැලිපැන්නේ...

ඔය අතරේ මගේ අහිංසක සතුටට බාධා කරමින් වාද්‍ය වෘන්දය පොඩ්ඩක් නවත්වලා ෂටර් අයි වෙතින් කළ පූරිගේ ප්‍රී ෂූට් වීඩියෝ එක දැම්මා. මංගල සභාව මොහොතකින් චිත්‍රපට ශාලාවක් වුනේ හිතාගන්නවත් බැරි විදියට. කොට්ටව රක්ෂිතයේ රූපගත කළ ඒ විඩියෝවේ නම් පූරි නිළිය වගේ රඟපෑව. වටින් පිටින් ළාවට විසිල් පාරවල් දෙක තුනකුත් වැදුන බව මතකයි. ටේබල් රවුන්ඩ් යද්දි අයියාත් අපි එක්ක කතා කළා. ඒ වෙලේ කැම්පස් එකෙන් ඇවිත් තිබුණෙ මම ම විතරයි. හැබැයි ඇගේ කෞතුකාගාර සේවා සගයො ගොඩක් අපි අඳුනන නිසා පාළුවක් දැනුනෙ නෑ. 

සිතුවම්, සනා, ඉෂාන්, අනුරාධි, වත්සලා සහ එම මැතිතුමා, ශලිනි වගේ පරණ ම බැචාලා අවුරුදු පහකට විතර පස්සේ සෙට් වුනා. උන් එනකම් මඟුල බොහොම සාමකාමීව පැවතියා. ආව විතරයි වැඩියෙන් ම සද්දෙ දාන මේසය බවට අපි පත්වුනේ නිරායාසයෙන්. අවුරුදු ගාණක ඕපදූප කියව්වන්න තිබුණා නොවැ. ඔය අතරේ අපේ සෝබමාන ගුවන් සේවිකා අනුරාධිට කෝල් එකක් ආව. මිදුලේ සක්මන් කරමින් ඇමතුමට උත්තර දුන්න අනූ පැය බාගයක් යද්දි උන් හිටි තැනක් හොයාගන්න බැරි වුනා. කොහෙද බං ගියේ? අන්න පූර්ණා හෙව්වා. අපි හිතුවා උඹ කෝල් එකෙන් ඔෆිස් එකට ම ගියා කියලා...??

හති දාගෙන ඇවිත් මූනෙ දාඩිය ටච් කරන ගමන් අනුරාධි හේතු පැහැදිලි කළා. මාර සීන් එකනේ... පෙරහැරට අලි ඔක්කොම ගිහින් නිසා කන්ඩලමේ අලි නැතිලු. දැන් මගේ ගයිඩ් අහනවා මොක ද කරන්නේ කියලා. රී ෂෙඩියුල් කරන්නත් බෑ. බැරි ම වුනොත් පින්නවලින් රයිඩ් එකක් දානවා. ඇය බලාපොරොත්තු අත්හරිමින් කියද්දි, පෙරහැරට නොයන අලි කණ්ඩලමේ ඉන්නවා, මෙන්න මේ නම්බර් වලට ගන්න කියලා තමුන්ගේ ජංගමයගෙන් අලිකාරයෙක් හොයලා දෙන්න සිතුවම් ඉදිරිපත් වුනා. අපේ බැචලා 28 දෙනා ඒ අතින් ගින්දර. ඕන දෙයක් අමුණලා ගොඩදාල දෙයි.  

තේ මේසේ අහවර වුනේ එකොළහට. එක වෙද්දි කෑමටත් වතුර ඇල්ලුවා. ඉක්මණින් බෙදාගෙන දවල් කෑම අහවර කළ ඇවරිතුමා පූරිට කියලා කොළඹ එන්න පිටත් වුනේ මිනෝලිගේ මඟුල් ගෙදර අවසාන ජවනිකාවටවත් ගොඩවෙන්න හිතාගෙන. අපි දෙවැටින් දාද්දිත් දෙකයි. ජල්තර් චාටරේ කියන්නේ මඟ දිගට වැස්ස නිසා සීයට පාගන්න අමාරුයි. ඒ මදිවට මට නිදිමතයි. ඩ්‍රයිවර්ට පරිස්සමින් එළවන්න කියලා ඇවරිතුමා සයන තේවාවට මාරු වුනා. මට ඇහැරෙද්දිත් කඩුවෙල ට්‍රැෆික් එකේ. කමක් නෑ යාළු දැන් කෝකත් එකයි. ගෙදර ආපු ඇවරි ඉක්මණට ෂවර් එකක් අරන් ලෑස්ති වුනේ ඊළඟ මඟුලට යන්න. කොහොම නමුත් මිනෝලිගේ වෙඩිමටත් යන්න වුනා නම් අයියේ කොපමණ ද අගේ තමා... 

බැණුම් වැල
ඔයා මහ බොරුකාරයෙක් නලින - සුලා. ඇත්ත සුලී කොහේ එන්න ද ඉතිං. ඒක නෙමෙයි අර කැලණියේ කෙල්ල අද ඔයාට ලස්සනට ඇන්දුවා ද? ඔව් ඔව් ඊට වඩා ලස්සනට ඔයා එනවා කියලා අපිව ඇන්දුවනේ? මං තරහයි... මළා
ඇයි වෙඩින් එකට ආවෙ නැත්තේ? මුළු ස්ටාෆ් එක ම ආව ඔයා විතරයි අඩු? ලොකු සීන් ද? ඔන්න මගේ එකට නම් පිස්සු නටන්න බෑ. එන්න ඕන. හරි අනිවා කුමාරිහාමි මං එනවා...
මල්ලි එදා මොක ද මිනෝලිගේ වෙඩින් එකට නාවෙ? යාළුවො ඔක්කො ම බලන් හිටියා. ඒකනේ අයියා වැඩේ ජෝන් බාස්ට ගියානේහ්!!
නලිනට මිනෝලි වෙඩින් එක කිව්වේ නැද්ද? කිව්ව අනේ ඒත් එදා තව ගාල්ලෙ වෙඩින් එකක් නිසා එන්න බැරි වුනා. ඒක මිසක්... හෑහ්??

Tuesday, September 1, 2015

කිංසු වත්ථු මනුස්සානං - පුත්තා වත්ථු මනුස්සානං හෙවත් සමන් පොහොට්ටුවක් බිමයි පිපෙන්නටත් කලින්.......

මිනිස්සුන්ට ඇති වටිනාම වස්තුව කුමක්දැයි බුදුන්ගෙන් ඇසූ කල බුදුන් දුන් පිළිතුර වූයේ මිනිසුන්ට ඇති වටිනා ම වස්තුව ළමුන් යනුවෙනි.

ගියා ද...ඈ ඈ ගියා ද... නෑ ගියේ මගේ සිතින්...!
හොඳ ම දේ දරුවන්ට දෙන්න යැයි ලෙනින් කියද්දීසැබැවින් ම දරුවන් වෙනුවෙන් මා කුමක් කළේදැයි මගෙන් අසා ගතිමි.මේ දිනවල දරුවන් වෙනුවෙන් මා කරනා වටිනා ම කාර්යය කියැවීමයි. අලුත් දැරිවියන් සතර දෙනා වෙනුවෙන් අලුතින් සටහන් ලියන්නට, කන්ටෙන්ට්ස් ලියන්න මං සෑහෙන්න තරමේ දුෂ්කර වෘත්‍රයක් සමාදන්ව ඇත්තෙමි. දෙයක් අලුතින් කිරිමට ඇති උන (උවමනාව) මාව ඒ අරමුණේ ම රඳවා තබා ඇති බව මට හැඟේ.

ගිය අවුරුද්දේ සීතල වුණ බලාපොරොත්තු ගිනියම්ව, යළි අවදිවී හිනැහුනේ පුංචි උන්ගේ හිනාවලින්ම ය. ඒ හිත්වල මෝදු වන උනන්දුව දුටු විට මෙතෙක් මා තුළ ම සැඟව සිටි සංවාදශීලී රචකයා, එතෙක් තමා රැකි නිද්‍රාශීලී ප්‍රතිපත්තිය අතැර  නැඟී සිටියේ ය. දැන් මම පැණසරින් හිස ඔසොවන මගේ කාලයේ මූසිලයන් වෙනුවෙන් සටනට අවතීරණව සිටිමි. පරණ ආයුධ මුවහත් කරන අතරේ අලුතින් ආයුධ තනන්නට පුහුණු වෙමි.

අචින්තප්පි හොති - චින්තප්පි නහෝති. යනුවෙන් බුදුන් දේශනා කරන ලද්දේ කෙත පාළු වූ ගොයියෙකුට ය. මේ ගොයියා පාඩු විඳින්නට වපුරා නැත. මේ කන්නයේ යම් පාඩුවක් වී නම් ලබන කන්නයේදී දෙගුණයක් ලාබ ලබන්නට පන්නරය මා ලැබුවේ මා කෙරෙහි ම තබන ලද විශ්වාසය නිසාවෙනි. දහසක් පැතුම් පොදි කරපින්නාගෙන අලුත් සෘතුවේ ජීවිතය ඇරඹි මට සුරංගනාවගේ නික්ම යාම ගෙවුණ සතියේ මහත් දුකක් අත් කර දුන් සිදුවීමක් විය.

වයස අවුරුදු දහයක පුංචි සුරංගනාව පසුගිය සතියේත් දහම් පාසල් ආවා මට මතකය. සුළු සැත්කමක් වෙනුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් වූ ඇගේ සැත්කම සාර්ථක වුවත් ජීවත්වන්නට ඇයට වාසනාව අහිමි විය. එය අනියම් මනුෂ්‍ය ඝාතකයක් යැයි කීම වරදක් නොවේ. ඇගේ මූත්‍රා පෙරහරණය නියමාකාරයෙන් මාරු කරන්නට නොදත් හෙදියක් නිසා සුරංගනාව පැය අටකට අධික කාලයක් දුක්විඳ අවසායේ දී විෂබීජ ආසාදයක් නිසා මිය ගියාය. ජීවිතට රැක ගන්නට සවි කරතිබූ සියලු යන්ත්‍රයන් රතු එළි දල්වද්දී, සියලු ම මාපකයන් මරණයේ සේයා සලකුණු කරද්දී රාජකාරී හෙදිය ලෙඩාගේ තත්ත්වය යහපත් අතට පත් කරන්නට ගත් උත්සහයන් සියල්ල ව්‍යාර්ථව යන අන්දමත් අවසානයේ දී සුරංගනාව මිය යන ආකාරය සියැසින් ම දැකගැනීමටත් ඒ මව්පියන් අවාසනාවන්ත වී තිබිණි. සියල්ල අවසන කන්දක් මෙන් බර දරා ගත් ඒ අම්මයි අප්පයි දෙදෙන කිසිවකුටත් දොසක් නොකීම ඊටත් එහා ගිය පුදුමෙකි.

මගෙ කෙල්ල නැතිවුනා මහත්තයො. දැන් කවුරු වැරදි වුනත් ආයෙත් පණ දෙන්න බැහැ. කඳුළින් සේදුනු දෙනෙත් යළි යළිත් පිස දැමූ පියා කියා සිටියේ ය.

පුංචි පෙට්ටියක හොවා සුවෙන් සැතපෙන ඇගේ ප්‍රාණය නිරුද්ධ නිසල දෙණදෙස බලා සිටි මා මනසේ මේ කෙලි පොඩිත්ත දහම් පාසලේ දුව පැන ගිය අයුරු මැවි මැවී සිතුවම් වන්නට විය. අමුවෙන් ම කඩා හැළෙන උණු කඳුළු නවතා ගත නොහී ඉකිබිඳුම ඇඩුමක් වන්නට ගත වූයේ නිමේෂයකි.

මෙතෙක් වෙලා ඇයට සුරංගනාව යැයි කීමට වෙසෙස් හේතුවක් තිබිණි. පවුලේ එක ම දැරිය වූ ඇය ඒ දෙපළට ලැබී තිබුණේ විවාහයෙන් දස වසරක් පිරුණු තැන ය. දස මස් අයැදමෙන් නොව දස වස් අයැදමෙන් ලැබුණ දැරියක් පිළිබඳ ඔවුන් දෙපළ නොකී කතාව අපට වටහා ගත හැකිව තිබිණ. සත්තකින් ම මෙලොව ජීවත්වන්නට ඔවුනට තිබූ එක ම සාධාරණ හේතුව සුරංගනාව විය. ඇය තාත්තාට බොහෝ ඇළුම් කළා ය. ඇගේ මව පළමු වරට මා දුටුවේ එදා ය. නමුත් පියා සමඟ දිනපතා දහම් පාසල් එන සුරංගනාව කොතෙකුත් දැක ඇත්තෙමි. ඇගේ ජීවිතය ඒ දෙමාපියන්ට කොපමණ අගේ දැයි නෙකිවුව මනාය. (මාතා යථානියන් පුත්ථං ආයුසා ඒක පුත්ත මනුරඛෙ... කරණිය මෙත්තය)

දෛවය උස්ස උස්සා පොළවේ ගසා පොඩිපට්ටම් කරන්නේ යහපත් මිනිසුන්ගේ ජීවිතම ය. ඒ සිදුවීමෙන් කැළඹුණු සිත් ඇතිව සවස් යාමයේ අප පවුලේ පූජාව වෙනුවෙන් බුදු පිළිමය වෙත ගියෙමි. මාකොළ වයි හන්දියේ පිළිමයට දිනපතා පැවැත්වෙන පූජාව අප නිවසින් මසකට දෙවරක් බාරගෙන පවත්වාගෙන යනු ලැබේ. ඒ සෑම මසක ම අට වෙනිදා සහ පහළොස් වෙනිදා වශයෙනි. 2015 අප අඛණ්ඩව පූජාව පවත්වන දහ හත්වන වසරයි. එහි වැඩ හිඳින බුදු පිළිමය තරම් මා ගැන දන්නා කෙනෙක් තව නැත. කිසිවක් ඉල්ලන්නට නොව සියල්ල කියන්නට මා එහි යමි. පුංචි කොල්ලා සන්දියේ කාගේ පූජාවට වුවත් මල් බෑගයක් කඩාගෙන වදින්නට එන මට දායිකාවෝ මල් කුමාර නැත්නම් මල් කොල්ලා කීහ. ලොකු මහත් වී කාර්යබහුලවීමත් රාජකාරී වෙලාවන් හරස් වීමත් හේතුවෙන් මාස්පතා සහභාගී නොවුවද සති අන්තයේ දවසක පූජාව යෙදේ නම් මා කොළඹින් බැහැර නොගියේ නම් අනිවාර්යෙන් ම එහි යමි. මාගේ කුඩා කාලයෙන් තාමත් මා යාමට කැමති තැනකි එය. එදින මා වැඩිමනක් එහි ගියේ සුරංගනාවට නිවන් සැප ප්‍රාර්ථනා කිරීමටය.

සාමාන්‍යෙයන් මම මළ ගිය ඇත්තන් අමතක නොකරන්නෙක් වෙමි. බුදුන් වැඳ අවසාන වී ඉදං මේ ඥාතී ගාථාව කියන විට මගේ මුතුන් මිත්තන් ඇතුළු අනෙකුත් ඥාතීන් හැකි පමණ මතක් කරගනිමි. ළඟක දී අප බුදුන් වැඳ අවසානයේ “අද පින් දෙද්දි බබා කාවද මතක් කළේ යැයි නංගී ගෙන් ඇසීමි...  ඇය නම් පෙළක් කියාගෙන ගියා ය. ඒ සිරිත ඇත්තේ මට පමණකැයි මෙතෙක් සිතා සිටි මට සිනා පහළ විය. පින් දීමෙන් මගේ ළය බොහෝ සැහැල්ලු වූ බව කිව යුතුය. සුරංගනාවට මා සෑහෙන්න ආදරය කළ බව දවස පුරා ඈ නමින් ගැලූ කඳුළින් පසක් කරගතිමි. මීමනගේ සමන් පුතා මෙන් ජීවිතය දකින්නට පෙර සුරංගනාව ද අකාලයේ මියැදුනා ය.


නැවතත් කියමි. දරුවන් යනු මාහැඟි සම්පතක් මය. අප අද ඔවුන් වෙනුවෙන් මහන්සි විය යුත්තේ හෙට ඔවුන් නව ලොවක් ගොඩනඟන බව ප්‍රත්‍යක්ෂ බැවිනි. අතෙකින් සුරංගනාවගේ මරණය ජීවත්ව ඉන්නා දරුවන් වෙනුවෙන් වැඩියෙන් කැපවිය යුතු බවට මා ලද සිහි කැඳවීමක් වැන්න. ඇය මට ඉගැන්වූ පාඩම් බොහෝ ය.මතු උපදිනා ජාතියෙහි අකල් මරණයකට ගොදුරු නොවී අමා මහ නිවනින් සැනහෙන්ට සුරංගනාවට ආශිර්වාද කරමි....!!

Saturday, August 29, 2015

මරණවා මේ ට්‍රිප් එක කොහොම හරි යමන් හෙවත් පණට ආදරේ කොට සවාරි යාම.....

ඔය කාන්තාවන්ට ලැදි එක්කෙනා මේ කාර් එකට... හිටන්
දැන් බං ඇවරි කියන්නෙ ඔය බෝයිකං කොරන එකෙක් මිසක් සලාදයක් ලියන එකෙක් නෙමෙයිනේ යනුවෙන් ඇවරිතුමා ගැන අලුත් ම විචාරයක් පළ වූ බවට පහුගිය සතියේ පැවති සතර කන් මන්ත්‍රණ වලදී කියැවුණ බව මගේ පුද්ගලික චර පුරුෂ සේවා මගින් දැන ගන්නට ලැබුණා. නිකට දෙවාරේ මේ ගහක් ගලක් වගේ ඉන්න සත්ගුණවත් පුන්‍යස්කන්ධයට කරනා නොනිම් අපහාස ඉවසා දරා ගෙන අමකතක වෙන්න ආසන්න මතක වස්තුන් කිහිපයක් එකතු කරලා සලාදයක් දාන්න කම්පනා කළා.

ග්‍රහචාරය අනුව ගත්තත් පහුගිය කාලය ඇවරිට එච්චර සුබදායක කාලයක් වුනේ නෑ. අලුතෙන් රාජකාරියට පත්ව ආ මල් මල් චීත්තයක් හින්දා සියල්ල නොපිටට සිදුවන බවක් තමා කියන්න තියෙන්නේ. ඒ කුණ්ඩලකේසියගේ ජාතකය පසුවට ලියන්නම්. ඇත්තට ම ඇය ලිවිය යුතු චරිතයක්. අද ලියන්න කියලා හිතුවෙ අපි ගියපු චාරිකාවක් ගැන කතාවක්.

හොලිඩේ එකක යන්න කියලා අපේ උන්දැලෑට ඕනකම තිබුණෙ 2014 ඇවරිගේ උපන්දින සාදය අහවර වුන මුල් කාලෙ ඉඳන් ම තමා. කාරණා කාරණා ගැලපිපලා අපේ බොහෝ දෙනා රාජකාරී බහුල වෙන තත්ත්වයක් උඩ ඒ අදහසත් කුණු කූඩයට ගියා. කොහොමින් කොහොම හරි චිලී මැතිනිය හෝටල් ටිකක් එවලා ඒවාට රිසවෙෂන් දාන්න කියපුවා ම වැඩේ ඇවරිගේ පැත්තෙන් පටන ගත්තා. අන්තිමේ දී අපි තෝරා ගත්තෙ දිගන වික්ටෝරියා නිවාස සංකීරණයේ බංගලාවක්.

නැඟිටපන් සුංගිරාළ

ඒ සෙනසුරාදා දවසේ උදේ රැයින් ඇවරිතුමා පිරිමැහෙන්න කියලා ඇඳුන් කඩමලු ටිකකුත් අරං දරුබකාවත් කිහිලි ගන්නාගෙන ගෙයින් එළියට බැස්සේ පාන්දර හතරට වාහනේ එනව කියපු නිසා. එතකොටත් සුගීත් කුමාර සයන තේවාවෙ. නැඟිට වරෙන් මචෝ අපි මේ දැන් පිටත වුනා. අරා තුමා ගංගාවන් සමඟ තොටමුණ හා මාෂියෝනා ද කැටිව සූගිත්වත් නංවාගෙන අපි කඩවතට යද්දි ඇවිත් හිටියා. මිරිස්වතතෙන් ගයියාවත් ගත්තම සියලු දෙනා එකතු කරගෙන අහවරයි.
ජල තටාකයේ උදෑසන ආහාරය 

ජිනදාසගේ ගුලි සහ තනිකඩ වලි

චිලීත් රුචිර අයියාත් සිටි කාරයේ පසුපස ආසනය තනිකඩ පාර්ටිය සඳහා වෙන් වී තිබුණා. වලිය ආරම්භ වුනේ මැද යන්නේ මොකා ද කියලා තීරණයක් ගන්න බැරිව. අන්තිමේ දී ශරීර පුෂ්ටිය නැතත් ගුණ පුෂ්ටිය බොහෝ ඇති හීන් එකා වෙච්චි ඇවරි තුමා සූගී සහ ගයියාට මැදිව ගමන් කළා. අපේ මුල් ම නැවතුම වුනේ වරකාපොල පෙරේරා ඇන්ඩ් සන්ස් එක. උදේ කෑමට පාන් ගැනීම තමා අරමුණ වුනේ.

නවත්තපු සැණින් වාහනෙන් බැහැලා ගිය ඇවරිතුමා මාෂියෝනා කුමාරිකාව බැහැ දැක්කා. අපි මෙච්චර සතුටින් ගියාට එතුමිය හිටියෙ ටිකක් කණස්සල්ලෙන් ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ එදින පැවැත්වෙන පශ්චාත් උපාධි දේශනයට ඈ යා යුතු වූ බැවින්. අංගනාවො වටවෙලා ඇගේ හිත සනසන අතරේ ඇවරි තුමා පාන් සොයන්න ගියා.

බලු බනිස් දානය

අන්තිමේ දී ජිනදාසගේ කඩෙත් නැති පාන් තිබුණෙ ඒ එහා පැත්තෙ නානගේ කඩේ. පාන් අරං එද්දි අපේ කස්ටිය   පෙරේරා ඇන්ඩ් සන්ස් එක ළඟ හිටි බල්ලෙක් සුරතල් කරනවා. පස්සෙ අපේ සුභද්‍රාවන්ගේ බලු සුරතල් වෙනුවෙන් රුචිර අයියා බනිසක් මිලට ගෙන දුන්නා. මුලින් මුලින් නොකෑවත් පස්සෙ අන්තිම වෙනකම් ම කාපු නිසා හැමෝ ම උදේ පාන්දර කරගත් කුසල සම්භාර ධර්මය ගැන සතුටු වුනා.

පාන් ටික අරං වාහන වලට දාපු අපි කඩුගන්නාව ළඟ නතර කරලා බතලේගල බලාගෙන පාන් කමුයි කියලා හිතාගෙන ගියා. කස්ටිය තමුන්ගේ මනෝ ලෝකවල කොච්චර හිටියද කිව්වොත් සුන්දර මල් මාලා අමුණනන්නත් පටන් අරං. අපි අර පලතුරු විකුණන්න හදපු හට් එකක් ඇතුළෙ සෙට් වෙලා, නැගෙන ඉර දිහා බලාගෙන පාන් කමු හොඳේ. ඒවා හඳේ කියලා තේරුණේ එවෙලේ තිබුණ වාහන තදබදේ දැකලා. අන්තිමේ දී පේරාදෙණිය කැම්පස් එකෙන් ම කමුයි කියලා හිටන් කස්ටිය පිටත් වුනා.
බොගේ ට්‍රිප් වල කෑම මෙන්න..

මඟදි ගැටඹෙදි ඇවරි තුමාට පඩුරු දාන්න ඕන කළා. පුවක්පිටිය දේවාලෙට පඩුරු දාන්න හිටියත් එතන පහු වුන නිසා ගැටඹෙට නම් දාන්න ම ඕන කියලා ඇවරි කිව්ව. ලොකු වාහන තදබදයක් තිබුණ නිසා ඇවරි තුමා කාර් එකෙන් බැහැලා පයින් ම සෙරෙප්පුත් නැතිව ඉස්සරහට ගිහින් පින් කැටේට සල්ලි දැම්මා. කාර් එක තව ගව් ගාණක් එහා. නිකම් බලාන ඉන්න බැරිතැන ඇවරි තුමා කාර් එකට එන්න ආවම චිලී දොර අරින්නැතුව ලොක් කරගෙන පිස්සුවක් නටලා අන්තිමේදී ඇවරිතුමාව කුජීත ම කොරලා දැම්මා. අම්මා පල්ල ඈ නම් ජන්මාන්තර වෙරක්කාරියක් ද මන්දා...? දැන් පිටිපස්සේ වාහනවල මිනිස්සු හෝන් ගහනවා. ඒ මදිවට මිනිහෙක් “උදේ පාන්දර මේ හිඟන්නො හින්දා තමා මෙතන පාර බ්ලොක් වෙන්නෙ කිවනවත් ඇවරිට ඇහුනා. අන්තිමේ දී පඩුරු දාන්න ගිය ඇවරි වාහනේට ගොඩ වෙද්දි හිඟන්නෙකුත් වෙලා.. 

බ්රේක්ෆාස්ට් ඇට් උඩ පේරා

පේරාදෙණිය කියන්නේ ගංගා මැතිනියගේ අඩවිය. අපි ඇතුල් වෙද්දිම ගංගා දේවතාවුන් වහන්සේට කොළ අත්තක් හේම කඩලා දාල තමා ගියේ. නැතිනම් ගෝරි ගොඩයි. අරවින්ද උඩ පේරා පාරේ එක්කගෙන ගිහින් පල්ලිය ඉස්සරහ නැවැත්තුවා. අපිත් කෑමත් අරං පල්ලෙහාට බැස්සේ බඩගින්නට ඉහ මොළ රත් වෙලා තිබුණ නිසා. ගලාගෙන යන වතුර පාරේ කකුල් ඔබාගෙන කලින් දා මාෂියෝනාගේ නිවසේදී චිලී සහ ගංගාවන් ද දායක වී කඳුළු පෙරාගෙන, සොටු සූරාගෙන සාදන ලද සීනි සම්බල් අපි කෑවෙ එතන දී. අවංකව ම කෑම බොහො ම රහට තිබුණ නිසා ඉදිරි පැය හතළිස් අට ඇතුළත අපේ කෑම් බීම් ගැන බලාගැනීමේ වගකීම ඇවරිතුමා බොහොම යාප්පු හෙප්පුවෙන් මේ කතුන් තිදෙනාට පැවරීමට ගත් උත්සාහය කෙළවර වුනේ ආඩපාලී වරුසාවකින්.




පංකාදු සීනි සම්බෝල... දයියා දයියාහ්..
අපි ආවෙ ට්‍රිප් එකක් මිසක් උයන්න නෙමෙයි. අන්න වාහනේ බඩු තියෙනවා උයලා දීපල්ලා.. යකෝ තුන්සිය හැටපස් දවසේම උයලා දැනුත් මුන්ට කන්න දෙන්න ඕන. අද පිරිමි තමා උයන්නේ. හා නැද්ද ගංගා. මාෂි පළමු වෙඩිමුරය පත්තු කළා. වෙනසකටත් එක්ක ඔයාලා උයන්න. අපිත් ඉන්නවනේ උදව්වට. ඇවරිතුමා කාපුවා නහයෙන් කටින් එන්න අහගත්ත බව දැකපු ගංගාවෝ තත්ත්වය ටිකක් සමනය වෙන්න පොඩ්ඩක් සැන්ඩි කරපු වදන් පෙළක් දුන්නත් කොච්චි මිරිස් කරළී කැරැල්ල උනුන් එකිනෙකා මරා ගන්න තැනට ම පත් කළා.

ඔයාට පිස්සු ද ගංගා?? අපි මොකට ද උයන්න උදව් කරන්නේ? මේ අහපන්, තොපේ හැටියට ගෑනු උඹලට උයලා දෙයි කියලා හිතන්න අමාරුයි. උඹලාට වෙන්නෙ කවදා හරි ගෑනුන්ට උයන්න. ඉතිං දැන් ම අපිට උයලා පුරුදු වෙයන්. කුක්කගේ නම හටාරී - උඩ පැන පැන මනෝරී කිව්වලු?? යකෝ මුන්ට ගිය රට කියපි.... තොටයා අපිට උයන්න වෙයි ද සත්තරං? ඒවා ඒ වෙලේට බලාගෙමු බං. තොටමුණ කිව්වෙ නිකම් ඕනවුනොත් මං තනියෙන් හරි උයන්නම් කියලා වගේ..

අයියලා කැම්පස් ද?

කට්ටිය කාල උඩට එද්දි කූඩැල්ලො හේමත් එල්ලිලා තිබුණා. නමුත් කාටවත් ඒ ගැන මතකයක් තිබුණෙ නෑ. ඔය අතරේ ගංගා, මල් කුමාරි ගීතරාණිගේ පොඩි නංගි වගේ ඉහේ මලක්  ගහගෙන පොටෝ සූට් එකකට පෙනී සිටි නිසා අපිට ටික වෙලාවක් එතන රැදෙන්න වුනා. කාපුව දිරවන්නත් එක්ක තොටයා කැම්පස් බුවෙකුට චක වරක් චක්කරය කටපාඩම් කරවමින් රැගක් දෙන්න සෙට් වෙන්නේ ඒ වෙලාවෙ.

අපි වාහන නවත්වලා තිබුණෙ. ඒ ළග මුර කුටිය ආසන්නව. හොස්ටල් පැත්තට යන්න බයිසිකලේ ආපු කොල්ලෙක්ට අපේ වාහන නිසා ටිකක් ඉස්සරහින් හරවලා යන්න සිද්ධ වුනා. අපි පිස්සු නටපු හැටියට මුං නම් මේ සම්මත්ජාතියකට කැම්පස් එකක පස් පාගපු එවුන් වෙන්න බෑ කියලා ඒ කොල්ලට හිතෙන්න ඇති. යන්න ගිය ගමන පැත්තක තියලා කොල්ලා ආපිට ඇවිත් බොහොම තැම්පත්ව මෙහෙම ඇහුවා.

අයියලා කැම්පස් ද?  ආ නෑ මල්ලි ඇයි. නෑ අයියෙ මේ හරියෙ පිට අයට එන්න දෙන්නෑ. සීනියර්ස්ලට අහු වුනොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරි මල්ලි හරි බොහොම ස්තුතියි! මල්ලි යන්නකෝ.... ඇත්තට ම අපේ තොටයා එච්චර ඩවුන්වර්ත් කතා කරනවා මං දැකලා ම නෑ. කොල්ල තොළොංචි වුනා විතරයි ආදිපාද තුමා ප්‍රශස්තියක් පටාන් ගත්තා.
මල් කුමාරී - ගීත රානී
ගන්න ගන්න මාගේ රූපෙ මං පොටෝජෙනික්....


අනේ පලයන් ගං කබරයො. අපි පිට ද කියලා අහන්නේ? මේක තොපිට ලියලා දීලා ද? මොකෝ අපි උපාධිධාරී කියලා බෝර්ඩ් එකක් උස්සන් ඉන්නයැ?? තොපි වරෙව් කෝ කැලණියට. මුං පේරාදෙණියෙ කියලා නළලෙන් ඉන්නේ. ඒ අතින් බලපන්කෝ අපේ කැම්පස් එකේ කොහේ හිටියත් මොකාවත් ඇවිත් ප්‍රශ්න කරවා ද? පේනවනේ ගංගා ඔයාගෙ විස්ස විජ්ජාලෙ වැඩවසම් උප සංස්කෘතිය??? තොටමුණ මාරාවේෂ වෙලා කියාගෙන ගියේ එහි සිටි සියලු දෙනාගේ ම අවධානය දිනා ගනිමින්. විවාහ මංගල්‍ය දවසේ පොටෝ අල්ලන්න ඒ ඉසව්වට ආපු වෙඩින් කපලයක් සහ කැමරා කෘ එක අපි දිහා බැලුවේ මේ මොකා කියන්නා වගේ. මාෂියෝනා කුමාරිකාව ඊළඟට රඟ දැක්වූ නායකට තොටමුණ ආදිපාද බොහොම සාවධානව ඉවසා වදාරා ගත්තේ වෙන කරන්න ම දෙයක් නැති නිසා. ඒ ගැන ඊළඟ පෝස්ටුවෙන් කියවමු හේනම්... 

Friday, August 21, 2015

රෝමියෝ අරවිදාලංකාරය හෙවත් හෙවත් ෂ්... සද්ද එපා ජනේලෙ අරින්න

ඇවරිතුමාගේ කාර්ය බහුලත්වය මත බොහෝ සලාද ලිවීම අතපහු වුනත් ලැබුණු කාර්යාලයීය විවේකයේ කඩිනම් සලාදයක් කොටන්න හිතුවා. ඇත්තට මට කාර්යාලයේ සදාල ලිවීම ඉතා පහසුයි, මොකද අයිස් ගහන අස්සෙ මං වැඩක් කරන බව ලොක්ක තුමාට පේනවනේ..ලොල්
කේක් ගෙඩියට වැට බැදීම - කලාබූෂණ ඇවරියා විසින් සිදු කළ පින්බර මොහොත!
නිමිත්ත අපේ ගංගා කුමාරිකාවගේ උපන්දින සාදය. එතුමියගේ ප්‍රිය වල්ලභ තෙමේ අපේ අචාන්දර හඳසියපත් තුමා තමන්ගේ හද පත්ලෙන් බුර බුරා නැගෙන ප්රේම ගංගාව එම මැතිනියට දනවනු පිණිස සූජානම් කොර තිබුණා වූ මාහැඟි කුසල කර්මයට අපිටත් අත ගහන්න පුළුවන් වුනා. චිලීගේ අභිරහස් උපන්දින සැමරුමෙන් පන්නරය ලද අරවින්ද හඳසියපත්ට තමන්ගේ හෝනේවාලී පත්නී ගංගාවන් වෙනුවෙන් විවාහයට පෙර සමරන අවසාන උපන්දිනය විශේෂයෙන් සමරීමට අවශ්‍ය වුනා. ඉතිං රෝමියෝ අරවින්ද කුමාරයා මේ ගැන මුලින් ම කතා කළේ ඇවරිට. අවුලක් නෑ අපි වැඩක් කරමු. අනිත් අයටත් කියන්න. එදා අපිට කිසිදු වගකීමක් නොදුන්න අරා ස්වයං කැපවීමෙන් සියල්ල සූදානම් කරලා තිබුණා. අපිට තිබුනෙ වැඩේට එන්න විතරයි.

මං සුපුරුදු පරිදි නයිට් විෂන් දාගෙන කඩවතට ඇවිත් සෙට් වුනා. ඒ සිකුරාදා රාත්‍රියේ මුල්ම සප්‍රයිස් එක ලැබුණෙ මට. මං මාෂිට කතා කළා. දැන් කොහි ඉන්නෙ කියලා අහන්න. අනේ මං එන්නෑ බං... හෙට උදේ ම ලෙක්චර්ස් යන්න වෙන නිසා මං නැවතුනා. නාලක නම් ඇති. ඉන්න මං එයාට ගන්නම්. හුකෑස්.. ඒකත් ජය සිරි මංගලම් කියමුකෝ. තොටයට ගත්තා ම ඒ සැණින් අරාගේ මණ්ඩිය මං ළඟට ආව. දොර ඇරියා ම මේන් මාෂි කාර් එකේ... සතුට වැඩිකමට මට කෑ ගැහුනා. එසැණින් චිලීත් රුචිර අයියාත් ඇවිත් අපිට ඉස්සරහින් නැවැත්තුවා. ඇවරි කෑ ගහගෙන ඒ කාර් එකට ගොඩ වෙද්දි එතන හිටි තරුණ ජෝඩුව තක්කු මුක්කු වෙලා බලාන හිටි බව මතකයි. හැබැයි ඉස්සරහින් නවත්තපු කාර් එකට නගින්න පස්සට ගියේ ඇයි කියලා කවුරුත් අහන්න එපා හරිය...

වදින්නට ගිය දේවාලය ඉහේ කඩා වැටීම..
අපි කිරිල්ලවල බලා ගමන් කලා. ඔය අතරෙදි අපේ බුවාලා සුපුරුදු වරදක් කරලා. අපි සාමාන්‍යෙයන් වෘත්තිය ඡායාරූප ශිල්පීන් පිරිවරා ඉන්න පිරිසක් නේ... නමුත් කොහේ හරි යද්දි පුරුද්දක් වශයෙන් උන්ගෙන් මේ එකෙක් හරි කැමරාවක් ගෙනාව ද? ගෙනාපු කැමරාවෙ බැටරි තියෙනවා ද කියලා අහන එක පුරුද්දක් වෙලා. අර වඩුවගේ ගෙදර පුටුව නෑ කියන්න වගේ මුං ගාව කොයි වෙලෙත් තියෙයි කියලා හිතන්න අමාරුම දේ කැමරාව. කොහේට හරි ගෙනිච්චා කියමුකෝ. ඒත් කැමරාව ඩිකියේ. ආයෙත් කාර් එකට වරෙන්කෝ ඒක ගෙනියන්න. ඔය වගේ අපේ පොටෝ කැචර්ලා කියන්නේ සුපිරි පන්නයේ ආතල් සම්පාදනය කරන පිරිසක්.

එදා කැමරා අලකලංචියට මුල පිරුවේ කතානායක රෝමියෝ කුමාර ම තමා. ඇමතුම තොටමුණගෙන්... මචං මේ මාර සීන් එක කැමරාවෙ බැටරි බැහැලානේ බං. අපි අරාලගේ ගෙදර ගිහින් ඩබල් එකේ බැටරියක් ගේන්නම්. උඹලා නවත්තගෙන හිටපල්ලා. ඔය කොළේ. දැන් දොළහට කාලයි.

අපි ගංගලගේ පාරටත් හරවලා, ඉස්සරහට ගිහින් නවත්තන් හිටියා. පහුවදා මෙඩිකල් තිබුණ නිසා රුචිර අයියාත් අමාරුවෙන් හිටියේ. ඒ දෙන්න නින්දෙන් ඇහැරිලා ඇවිත් තිබුණෙ. බලපන්කෝ මුංගේ වැඩ. එක්කො ටිකක් කලින් කිව්ව නම් මං හරි කැමරාව ගේනවනේ...?? ටිෂූ කඩදාසියකට කබ පොට්ටනියක් කඩා ගන්න අතරේ චිලී කිව්වා.
මධ්‍යම රාත්තිරි දොළහට මිනිත්තු කීපයක් තියෙද්දි අපි ගංගාවන්ගේ නිවසට සේන්දු වුනා. ගිය ගමන් අපි හොර අඩි තිය තිය වත්ත මායිමට ඇතුළු වුනා. ඉස්සරහ ගෙදර මිනිස්සු ජාම වෙලාවට මේ මොකා කියලා බලන්නා වගේ ලයිට් දාලා අපේ වැඩේ ජල්තරස් කරන්න උත්සහ ගත්තා රෝමියෝ අරවින්ද මන්තරයක් මතුරපු නිසා බයට ම ඒ මිනිස්සු දොර වහගත්තා. අරා හොඳම මන්තරේ දෙසා වදාරන්න පටන් ගත්තේ ඇවරිතුමාට.. අනේ බං... විජහට ඔය කේක් එක සරසලා ගනින්... අපි දැනටමත් පරක්කුයි.

වැල යන පැත්තට ගහ උලුවස්සා කිව්වාලු. රෝමියෝ අරා ඉටිපන්දම් හැට හුටාමාරක් අරං ඇවිල්ලා.. ඇත්තට ම ගංගා මෙච්චර වයස ද මචං..? මං ප්‍රායෝගිය පුරස්නයක් ඇහුවා නැත්නම් ඒ ඉටිපන්දම් තිහ ම කේක් ගෙඩියෙ කොටන්න ඕනැ ද දන්නෑනේ..?? නෑ නෑ අපි වටේට විතරක් ඉටිපන්දම් ගහමු. ඒ ඔවදන මාෂියෝනාගෙන්. මාත් හා කියල බාර ගත්තා. අන්තිමේ දී අර ලස්සන කේක් ගෙඩිය වටේට කම්බි වැටක් ගහල වගේ ඉටිපන්දම් ගහලා.

දැන් ඉතිං මේක පත්තු කරගෙන අපි වත්ත මැදින් ගියොත් හොල්මනක් කියලා ඒ මිනිස්සු හිතාවි. එතනට ගිහින් පත්තු කරමු. අපි තීරණයක් ගත්තා. අන්තිමේ දී අපි වත්තට ඇතුළුවන මායිමට ගිහින් කඩිනම් සැලසුමක් ගැන හිතුවා.

අරා තමා දැන් අණ දෙන නිලධාරී. අර පේන්නේ ගංගාගෙ ජනේලෙ අපි දොරින් යනවා ද? ජනේලෙ ඇරියාම සප්‍රයිස් කරනවා ද? අරා සීරියස් පිට ඇහුවා.  

ඒකෙ ඉතිං ලොකු සප්‍රයිස් තියෙන එකක් යැ බං. තොටමුණ කට කොණකින් හිනා වුනා. උඹ හැමදාම ගංගාගේ කාමරේට ජනේලෙන් පනින එකේ අද කියලා මොන වෙනසක් ද? උඹට පුරුදු වුනාට අපිට ජනෙල් වලින් පැනලා පුරුදු නැති නිසා දොරනේ ම යමන්. කස්ටිය වත්ත ඉස්සරහා නැවතිලා සුදම් සබාවක් පවත්වන අතරේ ගේ ඇතුළෙන් කවුද කවුද කියලා සද්දයක් ඇහුවා.!!

මේකට කොටු දාන්න ඕනෑ වෙයි ද?
ඒ එක්ක ම ගංගාගේ කාමරෙත් ලයිට් වැටුනා. ආනේ හොරා.. ඒත් කවදාවත් නැතුව අද දොළහට ම විෂ් කරද්දි මං හිතුවා මොකක් හරි ඇති කියලා. අපි කේක් එකත් අරං ගේ ඇතුළට ගියා. ගංගා මැතිනියගේ පියාණන් අපිව සාදරයෙන් පිළිගත්තා. රාත්‍රී මෙහෙයුමේ රහසිගත ඒජන්ත ගංගාවන්ගේ මල්ලි තුමාත් අපිට එකතු වුනා. කේක් කාල, කතා පවත්වලා, තේ බීලා හේම අපි අවසානෙට ගෙදර යද්දි පාන්දර දෙකට කිට්ටුයි. රෝමියෝ අරා තුමාගේ කැමති ම පාට සෝස පාටට නිසා සියලු ම තෑගි සෝස රැපින් වල ඔතලා තිබුණා.

අනේ බලන්න හව් ස්වීට් ආහ්... අරා කේක් ගෙනත් තෑගි අරං සියල්ල සූදානම් කළා වගේ ම අපිට කන්නත් අරං ඇවිල්ලා. මේ මහ රෑ ඔයාලට කරදර කරන්න බෑනේ ගංගා. මං කන්න බොන්නත් අරං ආව.. ලොලේ ලොල්.

බලපන්කෝ ඉතිං ගංගා අරවින්දව මකවලා හදපු හැටි... ඕකනේ කියන්නේ හොඳට හරි නරකට කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්න ඕන.. මාෂියෝනා උදාන වාක්‍යක් ප්‍රකාශ කළා. ඔව් ඔව් කොල්ලන්ට නම් හොඳට.. බැඳපු අපිට හැම විට ම නරකට.. තොටමුණ ආදිපාද ඌණ පූර්ණයක් දුන්නා. කේක් කැවීමෙන්, බීම පෙවීමෙන් හටගත් සකල කුසල පුන්‍ය සම්භාර ධර්මය රෝමියේ අරවින්දානන්දට සහ ජුලියටෝ ගංගාවන්ට අනුමෝදන් කරමින් නිද්‍රා මරගාතයේ බඹමින් ඇවරිතුමා නිවසට සම්පාප්ප වුනා.

පසු කතාව
පහුවදා මං ඇදෙන් නැඟිට්ටේ අපේ කුළඟන සමිතියේ සභාපතිතුමියගේ ඇමතුමකින්. තාම බුදි ද? දැන ගෙන අහන්නේ ඉතිං.. මේ ඊයෙ අරා මාර වැඩක් නේද කළේ. දැන් මොකක් ද මාර වැඩේ? ඇයි ඌ සුපර් මෑන් වගේ ලන්කට් එක උඩින් ඇඳන් ආව ද? නෑ අනේ බලන්නකෝ අරවින්ද එච්චර රොමැන්ටික් සූකිරි කුක්කෙක් කියලා අපි නිකමටවත් හිතුවද?
අනිවා... ගංගාට කියන්න ඕන ඌව කූඹිච්චියන්ගෙන් පරිස්සම් කරගන්න කියලා. අනේ පලයන් යන්න. අන්න බලපන් ආදරවන්ත සුවාමිපුරුසයෝ.... ඇමතුම විසන්ධි වුනා..

ඊළඟ ඇමතුම කුළඟනේ භාණ්ඩාගාරිකතුමියගෙන්. ඊයෙ රෑ අරා මනමේ කුමාරයාට ම ඇන්දා නේ බං.. නෑ.. ඒකනේ ඌ මනමේට ඇඳලා එද්දි ගංගා හවුස් කෝට් එක පිටින් හිටපු එකයි අවුල. අනේ මේ බලපන් උඹලා සේරගේ ම කාර්ඩ් කුඩු. අරා තමයි ජාතිත් ආදරවන්තයා.
.

මං කළුබෙරියා ජංගමදුකේ කෙටි පණිවිඩ බැලුවම ඒ හැම එකක ම අරා ගැන කියලා තිබුණා. යකෝ මූ එක පාර්ටියෙන් සෑහෙන්න ළකුණු දාගෙනනේහ්...!! අපේ හඳසියපත් චන්දරේ සත්‍ය ප්‍රේමය් භෘංග රාජයා හෙවත් අමරණීය රෝමියෝ සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔයාකාරයට තමා.         



කට කණේ කියන්නේ මේවාට....