Friday, December 31, 2010

සුනාමි මතකය....

2004.12.26 වැනිදා කියන්නෙ ලංකාවේ විශාල ඛේදවාචකයක් සිද්ධ වෙච්චි දිනයක් කියලා මතක් කරන්න ඕනැ නෑ නේ. මේ වෙද්දි අවුරුදු හයක් ගිහින් තියෙන නිසා හැමෝට ම මේ සිද්ධිය පැරණි මතකයක් විදියට හිතේ ඇදිලා ඇති. මියගිය තමන්ගේ ඥාතීන් වෙනුවෙන් පැවැත්වෙන පින්කම් නම් මේ දිනවල අහන්න දකින්න ලැබෙනවනේ...

සුනාමි මතක ටිකක් ලියලා තියන්න ඕන කියලා හිතු‍වෙ මං මේ දවස්වල යෙදිලා ඉන්න රාජකාරි ගැන හිතලා. සමහර විට මේක හෝද හෝද මඩේ දැමීමක් කියලා කවුරුත් කියන්න බැරි කමක් නෑ. ඒත් සුනාමිය කියන්නෙ මගේ ජීවිතේ අප්රසන්න ම මතක කැටිවුණු අමතක නොවන සිදුවීම් ගණනාවක් සදහා හේතු වෙච්චි සිද්ධියක් කියලා මුලින් ම කියන්න ඕන. මූදුකරේ නොවන රට ඇතුළේ නගරෙක ඉන්න මට සුනාමිය මෙච්චර හතුරුකමක් කළේ කොහොම ද කියලා ඔබ හිතනවා ඇති. ඒක රාජකාරීමය කටයුත්තක්.

මගේ මාමා උතුරු කොළඹ නාගරික හදිසි පරීක්ෂකතුමා. අපේ අම්මලාගේ මුල් ම පදිංචි නිවස පිහිටා තිබුණේ ඔය සීනිගම දේවාලයට මුහුණලා තියෙන භූමියේ. (සුනාමියෙන් ගේ විනාස වුනාට කාටවත් අනතුරක් වුනේ නෑ) තෙල්වත්ත පැරෑලියේ දුම්රිය අනතුර ඔබට මතක ඇතිනේ. මේ අනතුරින් මියගිය පිරිස ඉතා ඉක්මණින් භූමදාන කරන්න රජයට ඕන වුනා. ඒ සදහා කොළඹ හිටපු මරණ පරීක්ෂකවරුන්ට හදිසි සේවය සදහා කැදවීමක් කළා. අපේ මාමගෙ ගම එහේ නිසා එයා තමයි මුලින් ම ගියේ. ඒ කණ්ඩායමට ඇතුළත් වෙන්න මටත් (අ)වාසනාවක් තිබුණා.

එදා කෝච්චි පෙට්ටියේ තිබුණු මිනී ළගට කිට්ටු කරන්න වත් බෑ. දින කිහිපයක් පහු වෙලා තිබුණ මළ සිරුරු එච්චර ම නරක තත්ත්වයේ තියෙන්න සාමාන්‍යයෙන් විදියක් නැති වුනත් බොහෝ දෙනා වතුර පෙවී මියගොස් සිටි නිසා මිනී ඉදිමී තිබුණා. මට පෙනුනෙ මිය ගිය හයේ හතරේ යෝධ සේනාවක් පමණයි. අනික එක ම මිනියකවත් හරියට අදුනන්න බෑ. සමහර අය පස්වලට යටවෙලා හේම තිබ්බා. ඒ මුළු භූමිය ම සුසානයක්. කටයුත්ත නියම විදියට කරන්න නම් අඩියෙන් අඩිය මිනී ඉවත් කළ යුතුයි කියලා යෝජනා වුනා. ඒක තමයි හරිම විදිය. නමුත් පස් වලින් යටවූ කිසිම මිනියක් හාරා ගොඩ ගන්න මිසක් අතින් පයින් අදින්න එපාය කියලත් සේවකයන්ට උපදෙස් දුන්නා. අතින් ඇද්දම අතගැලවිලා එනවා මිසක් මිනිය එතැනමයි. මේ සේවකයන් කියන්නේ සාමාන්‍ය මිනී කපන මෝචරියෙ ඉන්න පිරිස් නෙමේ. ඒ අය සියල්ල තරුණ හමුදා නිලධාරීන්. අපි තැන පෙන්නුවා ම හමුදාවෙන් ඒ මිනී ගොඩ අරන් බිම වැතිරුවා. නමක් ගමක් හැදුනුම්පතක් කිසිවක් නැති බොහෝ විට යට ඇදුම් පමණක් ඇති සිරුරු ගණනක් එහෙම සතපවා තිබුණා. දැන් මරණ පරීක්ෂකගේ හා ඡායාරූප ශිල්පියාගේ වාරය...

මරණ පරීක්ෂකය කියලා සාක්කි කියන්න කවුරුත් නෑ. අදුනගන්න ඥාතීන් නෑ. අපිට කියන්න පුළුවන් මුහුදු රැල්ලට අහුවෙලා හුස්ම හිරවෙලා මැරුණා කියන එකයි. ගෑනු ද පිරිමි ද කියන එකයි විතරයි. මාමා කියපු විදියට අපේ කස්ටිය (මමයි, තාත්තයි, බාප්පයි, අයියයි,) ‍ඡායාරෑප අංකය ස්ත්රී පුරුෂභාවය සහ අනුමාන වයස සටහන් කර ගත්තා. හමුදාවෙන් ගෙන්වූ බැකෝ යන්තරෙන් මහා මිනී වලක් කැපුනා. මේ වෙලාවෙ පෙට්ටි හොයන්න බෑ. අනික මේ මිනී හැකි ඉක්මණින් වළ නොදැම්මොත් ජීවත් වෙලා ඉන්න පිරිසට තර්ජනයක්. කුණු වූ මිනී වල දුගද ගැන කියන්න වචන නෑ. ඒත් නාදුනන මළ සිරුරු නිරුවතින් මිහිදන් කරන්න අපේ මාමා තදින් විරුද්ධ වුනා. එයා කිව්වෙ මිනිස්සු හැටියට අපි ඒ අයට ගවුරවනීය භූමදානයක් ලබා දියයුතු බවයි. ගෑනු උදවිය නිරුවත් වුනේ කොහොම ද දන්නෑ. හැබැයි සාරි වගේ ඒවා රැල්ලත් එක්ක හරඹ කරද්දි ගැලවිලා ගියා වෙන්න පුළුවන්. ඒ නිසා සාරි හැමතැන ම එතිලා තිබුණා. අපි ඒ සාරිවල මිනී ඔතමු කියලා යෝජනා කළේ හමුදාව විසින්. පස්සෙ ගම්වාසීන්ගේ ද සහය ඇතිව තැන තැන තිබූ සාරි එක් කරලා ඒවායින් මමී වගේ මිනී ඔතලා ඩෝසර් වලින් ම වලේ තැම්පත් කළා. මේ වගේ සමූහ මිනී වළවල් විශාල ප්රමාණයක අපි සිරුරු තැම්පත් කළා. ඒ හැම මිනී වළක් ම ටිකක් උසට පස් කන්දක් වගේ හදන්න කියලා නිර්දේශ කළා.

මූලික සුනාමි මිනී සියල්ල වළලා දැම්මෙ එසේයි. නමුත් ඒ දිනවල අපි මරණ සහතික නිකුත් කිරීම නම් කළේ නෑ. කවුද මිය ගිය ඥාතියා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ? කාට ද මරණ සහතික දෙන්නෙ?? වළලන ලද මිනීවල ඡායාරූප පොලිස් ස්ථානවල ප්රදර්ශනය කළා. විශේෂයෙන් තෙල්වත්තට නුදුරු මීටියාගොඩ පොලිස් ස්ථානය එහෙම තැනක්. මාස පහකින් විතර මාමාට ආරාධනාවක් ආවා ඥාතීන් ඉදිරිපත් වෙලා ඉන්න නිසා මරණ සහතික නිකුත් කරන්න කියලා. අනික මිය ගිය අයට රජය විසින් දෙන වන්දිය නිසා මරණ සහතික ගන්න ඥාතීන් උනන්දු වුනා. රක්ෂණ හිමිකම් ලබා ගන්නත් ඒක ඕන.

අපි දින ගණනාවක් උදේ හිටන් රෑ වෙනකම් ම මීටියාගොඩ පොලීසියේ සිට රාජකාරි කළා. "2004.12.26 වන දින මුහුද ගොඩ ගැලීම නිසා මුහුදු රැල්ලට අසුවී දියේ ගිලී හුස්ම හිරවීම" කියන වගන්තිය මට අමතක නොවන ම වගන්තිය. අපි ලියන හැම මරණ සහතිකයක ම ඒ වාක්‍ය මරණයට හේතුව ලෙස ලියවුනා. මෙහෙම ලියලා නිල මුද්රා තබන ලද ලේඛන 500ක් දිනකට කොළඹින් සූදානම් කරගෙන ගියත් ඒසියල්ල ඉවර වෙනවා. ආයෙත් ඉතිං ලියපන්කෝ??? සුනාමි මරණ වෙනුවෙන් මාමා අලුත් මරණ පරීක්ෂක අංකයක් TS 01 සිට ආරම්භ කළා. අපි අන්තිමට සහතික නිකුත් කළේ 2006 ජනවාරි මාසෙ දී. ඒ වෙද්දි අනුක්රමික අංක 10 000 පසු කරලා.

අපි ළගට ඇවිත් අඩන මිනිස්සු එක්ක අඩන්න ඕන වුනත් හිත තද කරන් මැෂින් වගේ ඉන්න අපිට සිද්ධ වුනා. අපේ මාමට නම් ඒ මරණවල ඒ හැටි අමුත්තක් නෑ. නමුත් මට නම් හරිම අපුලයි. එක තරුණ කොල්ලෙක් මරණ සහතික 13ක් අතේ තියාගෙන අඩනවා. එයාගේ පවුලෙන් ඉතුරුවෙලා ඉන්නෙ එයා විතරයි. "අනේ සර්... මටත් මරණ සහතිකයක් ලියන්න" කියලා ඒ තරුණයා කියනවා මට තාමත් ඇහෙනවා ව‍ගේ. අපිට කවුන්සලින් යුනිට් එකක් ඇති කරන්න එදා නම් බැරිවුනා. නමුත් ඒ වගේ ව්‍යසනයක දී ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට මානසික වශයෙන් ආතතියෙන් මුදවන්න ඒ වගේ උපකාරයක් අවශ්‍ය යැයි කියලා මට දැන් හිතෙනවා.

මගේ සුනාමි මතකය ඒවගේ මහ තිත්ත ම තිත්ත එකක්. අර බැකෝ වලින් මිනී වළලද්දි නම් මට ඇඩුනා. හරිම අවාසනාවන්ත මරණයක්. දැනටත් මං ගාලු පාරෙ යද්දි ඒ පොදු සුසාන දිහා බලන් යනවා. අද නම් ඒවා පේනතෙක් මානයක නෑ. මේ ඔක්කොට ම හේතුව අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිතුමාගේ කරුමෙ කියලයි මාම නම් කියන්නෙ. අම්බලන්ගොඩට කිරි හට්ටි සැපයීම කරන්නෙ එයාලු.
මඩකලපුවේ කිරිහට්ටි වෙළදාම නිසා හැමදාම කෝච්චිය පරක්කු වෙලා තමයි එතනින් අද්දන්නෙ. ඒත් ඒ ඉරිදාවෙ වැඩියෙ කිරි හට්ටි තිබුණෙ නැති නිසා වෙලාවට ම ගිහින් තියෙනවා. අනික අර කෙල්ලෙක් එක්ක ගිහින් සීට් එකේ හිටියෙ නැති ඔෆිසර් වුනත් හරියට රාජකාරි කළා නම් මරණ ප්රමාණය අඩු කරගන්න තිබුණා. කොහොම වුනත් සුනාමිය කියන්නෙ මහ එපා කරපු ව්‍යසනයක්. නපුරු හීනයක්. හැබැයි යළි ගොඩ නැගෙන සුනාමියෙන් බැට කාපු ජීවිත මං දැක්කෙ මට්ටක්කුළියෙ දී. ඒ අපේ අම්මා නිසා.

සුනාමි පවුල් ගණනාවක් මට්ටක්කුළිය පුස්තකාලය ඇති ප්රජා ශාලා ක්රීඩාංගනයේ පදිංචි කරවලා හිටියා. ඒ අයට වියලි සලාක දෙනවා. පස්සෙ රතුකුරෙසෙන් ටෙන්ට් දෙනවා. ඊටත් පස්සෙ ලෑලි වලින් නිවාස හදලා දෙනවා වගේ ම 2007 දී ඔවුන් යළිත් පදිංචි කරවනවා මං බලා හිටියා. අපේ දුම්රිය සේවකයනුත් සුනාමිය වෙලාවෙ වටිනා රාජකාරියක් ඉෂ්ට කළා. හැබැයි දැන්නම් අපි ඉන්දියාවෙ ඇස්පෙසලිස්ට්ලා ගෙන්වලා තියෙන නිසා ඒ උන්දැලා ඕන නැතිවෙයි. කලින් කිව්වා වගේ මේ කතාව පරණ තුවාල අලුත් කරවන්න පුළුවන්. අනේ එහෙම නම් මට සමාවෙන්න....


 


 


 

Thursday, December 16, 2010

මම ජෙප්පෙක් තරම් (බිග්)ජෙක් නොවෙමි....!!!

විශ්ව විද්යාතලය නිල වශයෙන් විශේෂවේ දී දෙවන සහ තෙවන වසරවල සිසුන්ට හා දෙවන වසර සිසුන්ට තහනම් කලාපයක් බවට ප්රකාශ කරන ලද්දේ ඊයේ (15) සවස ය. සිද්ධිය සැල කළ මාමා පසු දින ඔහු හා රාජකාරී කටයුත්තකට ආරාධනා කළේ ය. දැන් විශ්ව විද්යාසලය වසා ඇති බැවින් ඇරයුම පිළිගතිමි. පසුව පවුලේ වටමේසයේ දී කතාව ඇදී ගිය අතර අයෙක් “ඔය ජේ.වී.පී කාරයො නැත්නම් මුකුත් නෑ” යැයි කීහ. ඒ කතාව මට ටිකක් වැදුන බැවින් මෙසේ ලිවීමට සිත්වූ අතර මේ සියල්ල මා දරනා පුද්ගලික ආකල්පය සේ සැලකුව මනාය. ඊට විරුද්ධ වීමට ඔබට ශුද්ධ වූ අයිතියක් ඇත......
මාතෘකාව ජ.වි.ප ය වූ බැවින් එයින් පටන් ගනිමු. ප්රථම කඩයිම් ප්රශ්නයයි. මේ කියනාකාරයට කැලණිය විශ්ව විද්යා.ලයේ ජේ.වී.පී ය ක්රියාත්මක ද? මගේ සෘජු පිළිතුර නම් කැලණියේ ජ.වි.ප ය වළදමා බොහෝ කල් ගොස් ඇති බවයි. නමුත් එහි මරණ සහතිකය අභ්යීන්තර සිසුන් ලෙස අපි බාහිර ලෝකයාගෙන් වසන් කරමු. ඒ ජෙප්පන්ට සාමාන්ය. ජනතාව බිය යැයි දක්වන හණමිටි ගණන්කාරකම නිසා දැයි මම නොදනිමි. නමුත් විප්ලවවාදියා පයිසයකට ‍හෝ ගණන් නොගන්නා යුගයක තරුණ ජේ.වී.පී ගැටවුන් මොන කජ්ජක් ද?
උපතින් ම කොළ අලියෙක් වූ මා අවම වශයෙන් සරසවියේ දී හෝ පොද්දෙක් ජෙප්පෙක් වීමට සිහින මැව්වෙමි. ඒ ජ.වි.පයේ කැට හොල්ලන හෝ අන්තරේට කඩේයන්නෙකු වශයෙන් නොව මාක්ස්වාදය, සමාජවාදය නැතිනම් මානවවාදය, පුනරුදය ආදී කාරණා ගැන යම් දැනුමක් ලැබීමේ අභිලාශයෙනි. එහෙත් එහි කිසිදු තැනක කිසිවෙක් එවැනි ගැඹුරු දර්ශනයන් ගැන සාකච්ඡා නොකරන අතර අපේ විප්ලවාදී අදහස් සියල්ල ජිම් කැන්ටිමේ එල්ලා ඇති ලෙනින් මාර්ක්ස් ආදීන්ගේ ‍ඡායාරූප සමූහයටත් “අප මිනිසුන් තැනිය යුත්තේ අප පසුකර යාමට ය.” යන සිල්ලර ප්රකාශනයටත් ලඝු වී ඇත. මේ කාරණා දෙක සහ නිතිපතා දර්ශනය වන කේඩෑරි සටන්පාඨ ගත් අන්තරේ විශාල පුවරුව හැරුණු කොට කැලණියට පිවිසෙන ඔබට එහි සුවිශේෂී ජ.විපෙ බලකොටුවක් යැයි නොසිතෙනු ඇත. තත්ත්වය මෙසේ බැවින් එහි ජ.වි.ප ය ක්රියාත්මක බව කීම මහා මෝඩකමකි.
නමුත් ජ.වි.ප ය සම්බන්ධ මගේ එක්තරා පැහැදීමක් ද ඇති බව කිව යුතු ය. ඔවුන්ගේ විවේචන මම අගය කරමි. (සියල්ල විචේචන වලට සීමා වේ.) බල්ටි නැත-විසිල් පමණි. සත්යඔ දැන ගන්නට විදේශ නාලිකා නැරඹිය යුතු ලංකාවේ ඔවුන්ගේ පුවත්පත තරමක සත්යේ හෙළි කරන බැව් කියමි. ඒ මා ය. මගේ පියා නම් කිසි දිනක ඔවුන්ට ඡන්දය නොදෙනු ඇත. මා කුස හොවාගෙන ගිනි ගන්නා කිරිබත්ගොඩ නගරය මැදින් නිවසට පැමිණියේ මා නොවේ. රාජ්ය දේපල ගිනි තබනු බලා සිටියේ මා නෙවේ. පාන් පෝලිමේ රස්තියාදු වූයේ මා නොවේ. සීමාසහිත පිරිසකට ඇරයුම් කර පැවති විවාහය මගේ නොවේ. ඒ සියල්ල අපේ පරම්පරාව වෙනුවෙන් ඔවුන් විදි දුක් ය. මා ඒ කිසිත් නොදන්නා නමුත් අවසාන විග්රහයේ දී මේ වචන ටික ලියා තබමි. “ජේ.වී.පී එක කියන්නේ කවමදාකවත් ලංකාවෙ බලයට එන්නෙ නැති එන එකෙක්ට කරන්න දෙන්නෙත් නැති කාලකණ්ණි පක්ෂයක්” මේ කතාව ඔබ ද අඩු වැඩි වශයෙන් අසා ඇතුවාට සැක නැත. එහෙත් නියමාකාරයෙන් නිරීක්ෂණය කරන්න මේ බව කියන්නේ තරුණ අප නොව දැන් මැදි වියට ආසන්න පිරිසක් පමණි.
අපි සියල්ලෝ ම ධනවාදී අර්ථ රටාවට පුරුදු වූ අප තුළ සමාජවාදී අදහස් වගා කරන්නට යාම තවත් ගොන්කමකි. සියල්ල වෙනස්වන විට සරසවි සිසුහු ද තම ආකල්ප වෙනස් කරගත් හ. ජ.වි.ප ය සුදු අලියෙකු වූ කල ඔවුහු 2005 දී එක රොත්තට සාටකයේ එල්ලුණේ විලාසිතාවට මෙනි. යුද්ධය දිනාගත් පසුව විශ්ව විද්‍යාලය තුළ එකදු ජෙප්පෙක් දක්නට නොලැබුණි. අද රටේ උද්ඝෝෂණ කරන, කැරළිකාරී හෝ මොනයම් හෝ විරුද්ධ ක්රියාමාරගයක් ගන්නා සියලු සරසවි ශිෂ්යින්ගෙන් අසා බැලුවහොත් ඒ බහුතරය ඡන්දය පාවිච්චි කළේ මහ එකාට ය. කැලණි සරසවියේ සිසුන් බොහෝ දෙනා මර්වින්ගේ ගැන්සියේ නිත්යු සාමාජිකයෝ වූහ. මුලින් වලිවලදී හැප්පුනු එම පිරිස් පසුව එක ම සාදයේ දී නැටුම් ගැයුම් කළහ. එක බෝතලය ‍බෙදාගත්හ. “මචං මූ එදා අපේ හතුරා... දැන්නම් බුදු බොක්ක” යනුවෙන් කියමින් අප පැමිණි ගම්වාසීන් සමග ඇතිවූ ගැටුමේ දී ඉදිරිපෙළ සිටි ආධාරකරුවෙක් හදුන්වා දෙන ලද්දේ මා මිතුරෙකි. ඉකුත් ජනාධිපතිවරණයේ දී සියලු සිසුන් ඉල්ලා සිටියේ මහඑකාට මිස ජෙනරාල්ට නෙදෙන ලෙසයි.
දැන් මහඑකා යකා වී ති‍බේ. අපේ පාළුයකා වී තිබේ. සියලු උපකුලපතිවරු පිම්පියන් ලෙස මහින්ද සූත්තරයට නටනවා විනා ස්වාධීනව ක්රියා නොකරති. ඇත්ත වශයෙන් ම එසේ කළ නොහැකිය. අද ඇත්තේ ජේ.වී.පි ය හා සිසුන් අතර ගැටුමක් නොව මහරජා ආණ්ඩුවට පක්ෂ හා විපක්ෂ ගැටුමකි. එහි පාට නැත. අන්තරය නැත. ඇත්තේ යටත් වී දිවි රැක ගන්නවාද විරුද්ධ වී මිය යනවා ද යන්න තෝරා ගැනීම පමණි. සමස්ත වශයෙන් ලංකාව පුරා ඇත්තේ මේ තත්ත්වයයි. වරදාන මත දුවන බෙලහීන රජයකි අද අපට ඇත්තේ. තීරුබදු 50% අඩුකර වාහන දෙන්නේ ඒ නිසා ය. චන්ද්රිකා තම වැන්දඹුකම පෙන්වා යුද්ධයෙන් මියගිය සෙබළුන්ගේ බිරින්දෑවරුන්ගේ විශ්වාසය දිනා දකුණට සිග්නල් දමා වමට හැරෙව්වා සේම මහ හූරා කන්න දුන් පතේ පැහැරීමට වැඩි වෙලා නොගත්තේ ය. පුද්ගලික විශ්වි විද්යාේලය පිහිටුවේ එහෙයිනි. රටේ පාලකයා ගැන නම් මට දුකය. එය වෙන ම කිව යුතු කතාවකි. රට රටට ඇග විකුණා මුදල් ගන්නා හිගන්නෙක්, දොඩම්ගොඩ බදා ගත් තම්බියෙක්, කේවට්ටයන් මහවුසදයන් පිරිවර කරගෙනත් ලොව ඉදිරියේ නිතිපතා හෙළුවෙන් සිටින රජෙක්???? ඒ වූ කලි කොන්දේසි විරහිතව අනුකම්පා කළ යුතු තත්ත්වයකි.

විභාග ප්රතිඵල නිකුත් වී ඇත.


සාමාන්‍යයෙන් අපේ ගෙදර ඕනෑ ම දේකට මුද්රිත දැනුමක් තියෙන බව පිළිගැනීමකට ලක් වෙච්චි කාරණයක්. බුද්ධිමය දේපල බල්ලට දාලා උපුටා ගැනීම් සදහා අවසර ඇති එක ම ස්ථානය කියලත් බෙ‍හෝ දෙනා දන්නවා. ඔය හදිස්සියට අපේ නෑ, වේ පිරිස් වලට නිබන්ධනයක් පැවරුමක් ඕන වුනොත් අපේ ගෙදරට කෝල් කරලා එකක් ගෙන්වා ගැනීම සේවාදායකයන්ට පුරුදු වෙලා. ඒ පුරුද්ද අපිට ආවෙ අපේ අම්මා ඒවා සංරක්ෂණය කරන්න පටන් ගත්තු නිසා. දැනටත් අපි ප්රින්ට් කරන හැම නිබන්ධනයක් ම ඩීවීඩී කරලා තියලා ඕන වුනොත් නැවත ප්රින්ට් කරවනවා. අපිට දැනට විවිධ විෂයගත පාසල් පැවරුම් දෙසියයකට අධික ගණනක් තියෙනවා. මේවායින් ඇතැම් ඒවා එක රැයකින් උසස් පෙළ ව්‍යාපෘති වෙන වෙලාවල් නැතුව නෙමෙයි.

නමුත් කොපි කළත් හරියට ම වැඩේ කරවන්න අපි උනන්දු කරවනවා. මොකද නැත්නම් උන් නාගන්න නිසා. උදාහරණයක් විදියට අපේ අක්කගේ එන්. අයි. බී. එම් නිබන්ධනයක් කොපි කරපු බුවෙක් මෑතක දී ඉල්ලන් කෙළවගත්තා. ඒක අපේ එකතුවේ තිබුණේ කොහොම ද දන්නෑ. අවාසනාවට අපිට අක්කට කතා කරන්න බැරිවුනා. අර යක්සයා පටුන කියවලා අරං ගිහින් එහෙමම දීලා. බලද්දි සමහර යුනිට්ස් ඒ අවුරුද්දෙ උගන්නලත් නෑ?????

මේ වගේ තවුසන්ඩ් ඩොලර් සිද්දියක් අපේ අධ්‍යයන අංශයේත් උනා. විභාග කටයුතු සම්බන්ධයෙන් අපේ අංශයට තියෙන්නෙ එච්චර හොද අතීතයක් හේම නෙමේ. උදාහරණයක් හැටියට ගිය සෙමෙස්තරයක අපේ විසිටින් ලෙචෙක් උගන්නලා. ළමයි දැන් විභාගෙට ඉගියක් හේම ඕනැද කියලා අහලා මිනිහා හදන්න ඉන්න ප්රශ්න වලින් පුංචි ඉගි දුන්නා. අපි දේශන ඉවර වෙලා වැඩකට කාර්යාලයට ගියා ම ලෙචා වාඩිවෙලා ඉන්නවා. මෑන්ස් නිකමට ව‍ගේ ‘දැන් පේපර් එක හදලා භාර දෙන්න තියෙන දවස කා.කා.ස ගෙන් ඇහුවා ම මිනිහා ලෙචාට මරු ටෝකක් දුන්නා..... “ආ, සර් ගෙනත් දෙන්නකෝ මං හිතන්නේ දිනේ නම් පහුවුනා. ඒත් අපි ඔක්කො ම පේපර් යැව්වනේ. මමමයි ගෙනිහුන් දුන්නේ???” ඉතිං අයිසේ උගන්නපු මං නෙමෙයි ද පේපරේ හදන්නේ?????

හැමදාම මෙහේ මෙහෙමයි. සිලබස් එකට පෙපර් එක හැදෙනවා. ලෙචා උගන්නපුවාගෙන් වැඩි දෙයක් නෑ.... අපේ එක පෙ‍්පරේක ප්රතිඵල නිකුත් කරලා හෙඩි සයින් කරලා බෝර්ඩ් එකට දාලා තිබුණලු. නමුත් ඒ විෂයේ අපි කිහිප දෙනෙක්ගේ ඉදිරිපත් කිරීම් Presentations තාම පවත්වලා නෑ. ඒ වගේ ම එක ශිෂ්‍යාවකගේ ලකුණු විස්සක නිබන්ධනය වෙනත් විෂයක නිබන්ධන සමග මාරු වෙලා වෙනත් ආචාර්යවරයෙක් වෙත ගිහිල්ලා. අපේ හැමෝ ම දන්න නිසා සර් කෝල් කරලා අර කෙල්ලට කිව්වලු ඇගේ නිබන්ධිකාව ගෙනියන්න එන්න කියලා. ඈ කැම්පස් පටන් ගත්ත ම එන්නම් කිව්වට මොකෝ නිබන්ධිකාව නැතුව ම ප්රතිඵලත් නිකුත් කරලා. දවස් දෙකක් තිබුණ ප්රතිඵල ලේඛනය අද (13) උදේ නවයහමාර වෙද්දි ගලවලා තිබුණා. විභාග නොකළත් රිසල්ට් දෙන එක ම විශ්ව විද්‍යාලය කැලණිය වෙන්නැති මයෙ හිතේ????? අනේ මේක අවාසනාවට සත්‍ය කතාවක්. ජාතික සරසවියක අන්තර්ජාතික වැරැද්දක්!!!!!!!!!!!!!

Wednesday, December 15, 2010

අන්තරාභවය..


ඇවරියා කියන්නේ ලිහලා බලන්න තිවයන දේ ඇණලා බලන ජාතියේ පොරක් කියලා දැන් දන්නවා ඇතිනේ. ඔන්න ඔය කාරණේ නිසා ම තාමත් ඇකඩමික් පටන් නොගත්තත් සදුදා දවසේ කැම්පස් යන්න හිතුවා. ඔන්න ඉතිං හැමදාම වගේ රටේ ලෝකෙ හැමෝට ම වෙලාවට සෙට් වෙන්න කියලා ඇවරි පැයක් හමාරක් ප්රමාද වෙලා කැම්පස් මංගැච්චා.
අද අපේ අක්කගේ වෙන්ඩ පුත්ර රත්නයට ආරක්ෂාවට කියලා වරු පිරිතක් කියෙව්වා. උදේ ම ෂංගරතනය ඩිලිවරි කරන්න සෙට්වු‍නේ ඇවරිට. ඇවා ඉතිං කෘතහස්ත බවුද්ද දායකයා නිසා වැඩේ සෙට්වුනා. කියපු විදියට මාත් පාන්දරින් ම පන්සලට ඇඩ්මිට් වුනාට මොකෑ හාවුදුරුවො පේන්න නෑ. මං ආවාසෙට ගියා. ඇරුණු දොරින් මං දැක්ක ගමන් "අම්මට සිරි අද එහේ පිරිත නේද?" කියලා කියපි. මටත් හිනා. එහෙයි අවසර දත මැදලා වඩින්න කියලා මාත් දන්ගෙට ගියා. ඒ වැඩේ කොරලා අපේ මාමගෙන් වරුවක අධ්‍යයන නිවාඩුවක් අරං තමයි මං කැම්පස් ගියේ. මේ දවස්වල අපි මැරිච්ච සේවාදායකයන්ටනේ වැඩ. ඒ වග වෙන පෝස්ටයකින් කියන්න බැරියැ.
කැම්පස් එක පට්ට වෙනස් වෙලා. දැන් පුද්ගලික විස්ස විජ්ජාලයක් ගානයි. ඇතුල් වෙද්දි ම ටිකක් නුහුරට තේරේවි. මනා පාලනයක් ඇති බව හොදට තේරෙනවා. කාටවත් පිස්සු නටන්න බැරි බව ලෙසට ම දැනෙනවා. හරියට අර අධි ආරක්ෂක කලාපයකට ඇතුල් වුනා වගේ. ගේට්ටු වල දී අයි.ඩී බැලිල්ල පට්ට සිද්ධිය. ඒක හැමදා‍ම කළොත් හොදයි. එතකොට අපිට අයි ඩී බෙල්ලේ එල්ලන් එන්න බැරියැ. හික්ස්.... ම් තව අපේ පැකලටියේ එක ගේට්ටුවක් පහළ පිවිසුම තාම වහලා නිසා පුදුරු මං පෙත් අවහිර වෙලා කියලා දැනුනා.
ම්.... මාස ගානකින් කැම්පස් එකට පය ගැහුව ම හතර වරම් වගේ පේන්නේ බත් ගන්නත් අයි.ඩී පෙන්නන්න වුනාමලු. ඒකත් සංවර්ධනාත්මක පියවරක්. හැබැයි දැන් පුස්තකාල පරිශ්රය සපුරා වසා දමා ඇති නිසා පෙම්වතුන් පමණක් එහි ගැවසෙනවා දකින්න පුළුවන්. අන්න ඒක සාධනීය තත්ත්වයක්. අපිට සයිබාව එතෙන්ට ම ගේන්න පුළුවන් නම් නිදහසේ ප්රේම කිරීමේ අයිතිය ආරක්ෂා කරන්න පුළුවන් වෙයි නේ. එතකොට අර ගහලා තියෙන "මෙහි ලිංගිකත්වය බල්ලන්ට පමණයි" කියන එක ඉස්සරහින් ම ගහන්න බැරියැ. වී.සීටත් පේන්ඩ??? තව පොලිස් කුක්කො ටිකකුත් ඇවිදින් හිටියා. හැබැයි අද එක ම ජීප් එකක්වත් දකින්න පුළුවන් වුනේ නෑ. එතකොට... ඉස්සර මුරපොල තිබුණේ ජිම් එකට පිවිසෙන පළමු ගේට්ටුව ළඟනේ... මට තේරෙන හැටියට දැන් ජිම් එකට පිවිසෙන ගල් පඩිපෙළ ළඟ හැමදාම පිළිගැනීමේ නිලධාරියෙක් විදියට ආරක්ෂක සේවකයෙක් ඉදීවි.
කටකතා සහ දූෂමාන ආරංචි වලින් කැම්පස් එක පිරිලා. ඒ අතරින් හොද ම කටකතාව විදියට මං ඇහුවෙ "වී.සීගෙ ලිස්ට්" එක ගැන කතාව. ආරංචියේ හැටියට නව අධ්‍යයන වර්ෂයට ලියාපදිංචියේ දී ලිස්ට් එකේ නම ති‍බුණොත් ශිෂ්‍ය භාවය අහෝසි කරනවලු. එතකොට අපිටත් ජ'පුර වගේ දියුණු වෙන්න පුළුවන්නේ???
දැන් සියලුම හොස්ටල්වල කාන්තාවො ඉන්න නිසා කැලණියේ පුරුෂාධිපත්‍ය නැති වෙයි කියලා එක කෙල්ලක් කිව්වා. හැබැයි කොල්ලො ටිකක් ප්රවේසමෙන්.... අහලා බැලුවොත් හොස්ටල් නොලැබුණු පළමු වසර කෙල්ලක් නැති තරම්. ඒක අලුත් ආරම්භයක් වේවි. අපේ අයියලාටත් වැඩ ලේසියි නේ.... මං කියන්නේ සියල්ල අත ළඟනේ??? ඒ වගේ ම කාමර. කවුරු කොහොම කිව්වත් බෝඩිම් කාමර ඇති තරම් තියෙන බව ඇවරි කියනවා. හැබැයි පහසුකම් ගැන මං කතා කරන්නෑ..... ඒත් හොස්ටල් යද්දිත් අයි.ඩී බලන නිසා දැන් තෙවන වසර සහෝදරත්වය බෝඩිම් හොයන්න පටන් අරං.
රැගින් ගැන කියන්න තරම් දෙයක් නෑ. නමුත් පුද්ගලිකව රැග් කිරීම දකින්න පුළුවන්. මේ සදහා හොද ම තැන වෙලා තියෙන්නේ ආර්ට්ස් එකේ අර අලුතින් හදපු වැසිකිලිය ආශ්රිත ප්රදේශය. මං හිතන්නේ ඒක හෙට දවසේ හොද නවකවධාගාරයක් වේවි කියලයි. මේ පාර සාපේක්ෂව රැගින් අඩු වුනත් කොල්ලන්ට බේරෙන්න බැරි වේවි. කියන්න කණගාටු කාරණය කොල්ලො විතරක් පළමු වසර කියලා පේන්න කමිස ඇදලා යට කරලා එන එකයි. කෙල්ලන්ව නම් හොයාගන්න බැහැ. පරිපාලනයට මේක නවත්වන්න ම ඕන නම් ‍Dress Code Casual කියලා උන්ට කියන්න තිබ්බා. මේ පාර අපිට ඉන්නේ එච්චර රැග් වෙච්ච දෙවන වසර පරම්පරාවක් නෙමෙයි. ඒ නිසා ම ඇරියස් කවර් කරන්න දත කන හිස්ටීරියාකාරයෝ දකින්න නැති වේවි.
එතකොට කාගෙ කාගෙත් මහ ගෙදර වෙච්චි ජිම් එක ඇරලා. හැබැයි සමහරුන්ගෙ තිප්පොලවල් ‍වුණ එහි එහා පැසේජය තාමත් වහලා. ජිම් එකේ කන්න බොන්න නම් මුකුත් තිබුණේ නෑ. මේ තත්ත්වය ගොඩක් සතුටු දායකයි. හැබැයි නියම කතාව තේරුණේ අපි විද්‍යාපීඨයට ගියාට පස්සේ. අපිට ඇකඩමික් පටන් ගත්තත් ඉතිං වැඩ කරන බව තේරෙන්නෑනේ. අපි නිකන් ආබස්සර බඹ ලෝකෙන් බැහැලා වගේ එහෙ මෙහෙ පාවි පාවී ඉදලා සයන්ස් එකට විසිට් එකක් දැම්මා. කැම්පස් එකේ ඉන්නෙ කියලා තේරුණේ එතකොට. එහේ විද්‍යාගාර, දේශන ශාලා සියල්ල පිරිලා, බරාදයන්ගේ ළමයි යන සාද කතා ඇහෙන ජීවී ලෝකයක් එහි තිබුණා. මහ මූසල පාළුවකින් වෙලාගත්ත අපේ පීඨ හරහා ඇවිදලා විද්‍යාපීඨයට ආවා ම මාර වෙනසක් දැනුනේ. එහි සියල්ලෝ ම වැඩ. අපි තාම වැඩ අල්ලන්න හිතනවා??? මේ වෙනස නියමාකාරයෙන් අවුරුද්ද පුරා ම දැනේවි!!!

Friday, December 10, 2010

සුඹුලකටාන විස්ස විජ්ජාලෙ උනත් ඉල්ලපන් ජ’ පුර නැතුව ??

ජපුර ගැන කතා කරලා වැඩක් නෑනේ. කොහොමත් මේ ලංකාවේ කැම්පස් ගැන කතා කරලා වැඩක් නෑ. ඒවයෙ මහ ඇත්තො ගැන කතා කරලා ම වැඩක් නෑ. කොළඹින් ශානිකා ඇන්ටි කරන තරමක් ගොන්කම් කරන්නෙ. හැබැයි පහුගිය දවසක යුරෝපා සංගමයේ ශිෂ්‍යත්ව කිහිපයක් දිනා ගන්නට ඈ සමත් වුන බවත් කියන්ඩ ඕනෑ. මේ උප කුලපතිලා බුරුතු පිටින් මහින්දගෙ සාටකේ එල්ලෙන අය. ශිෂ්‍ය මර්දනය කියන්නෙ ඒ අටය අනිවාර්යය කටයුත්තක්. පුද්ගලිකව මං දන්න කාරණේ නම් මේ නාකි මිනිස්සු හරි ම අසරණයි.

මං කැමති ම උපකුලපති නම් කරන්න කිව්වොත් මං කියන්නෙ සබරගමුවෙ උපකුලේ ගැන. ලොකු නෑ කමක් නැතත් එතුමා කෙළින් වැඩ කරන වී.සී කෙනෙක් කියලා ප්රසිද්ධියක් තියෙනවා. තව කැලණියෙ අපේ ලොක්කක් හරි ම ලිබරල් වැඩ පිළිවෙළක් ගෙනියනවා. එයා මර්දනය කරන්නෙ පුංචි පුංචි විදියට. ලොකු ලොකු ගේම් ගහන්න යන්නෑ. ඒකනෙ අපි සරත්ට ආදරේ. උදාහරණෙකට කිව්වොත් කැම්පස් ළමයින්ගෙ මතය පිටට යයි කියලා මෙච්චර කල් ඔය පෝස්ටර් අළවපු මහජන බැංකු තාප්පය මේ අය සිමෙන්තියෙන් පිරියම් කරලා තියෙන නිසා නැවතත් කිසිම පෝස්ටරයක් ඒ බිත්තියේ ගහන්න බැරි වේවි. හරි ඒ තාප්පය නම් මහජන බැංකුව සතු දේපළක් කියන්නකෝ. ඒත් විද්‍යාපීඨ තාප්පය කෙළවරත් ඒ ආකාරයට ම සකසා තිබීමෙන් වී.සී ලොක්කගෙ උපාය වැරදි බව පේනවා.

දැන් මෙතනදී බැංකුව විසින් මේ වැඩේට යොදාගත් බාසා ම විශ්ව විද්‍යාලය විසින් ද යොදාගත්තා වෙන්න බෑනේ. වෙන්න පුළුවන් දෙය වී.සී ලොක්කා විසින් ම මේ කටයුත්ත සිදු කිරීමයි. ආ අපේ කැම්පස් එකේ තවත් තැනක් ‍කුලියට ලබා දෙන්න දැන් සූදානම් කරලා තියෙනවා. ඒ අපේ වී.සී තුමාගේ සංකල්පයක් මත නවීකරණය කර ඉදිකෙරුණු ජ්‍යෙෂ්ඨ පොදු කාමරය කියන පුස්තකාලයට නුදුරු බිල්ඩිම. ඒක හැදෙන කාලෙ ඉදල ම ඇවරි හරි ම උනන්දුවෙන් හිටියේ. දවසක් සේවයෙක්ට කියලා දෙවන මාලයට නැංගත් එක්ක. හැබැයි ගිය සෙනසුරාදා ඇවරිට එහි යන්න අවස්ථාව උදා වුනා. ඒ අම්මගේ පශ්චාත් උපාධිය නිම කිරීමේ සාදය එහි පැවැත්වීම නිමිත්තෙන් තිබූ සාදයට සහභාගී වෙන්න ලැබුණ නිසා.

මේ ස්ථානය අවම මිලට (රු 1000/=) එවැනි කටයුතු සදහා ලබා දෙන්න පරිපාලනයේ අදහසක් තියෙනවා. දැක්ක ගමන් ඇවරිට හිතුනේ පුංචි පබ් එකකට වගේ අයිඩියල් තැන. ලොබියක් සහිත මේ බිම්කඩට කැම්පස් එකත් හොදින් පේනවා. මේකෙ පුංචියට හරි රෙස්ට්ටුරන්ට් එක්ක තිබ්බ නම් නියමයි කියලා මට හිතුනා. (හැබැයි මේ ස්ථානය දිවා කාලයේ රෙස්ට් රූම් එකක් තමා) අපිටත් මේක වෙන් කරගන්න පුළුවන් ද කියලා බලන්න ඕනෑ. හ්ම් අර මං ගියයි කියපු පාර්ටිය නම් මෙලෝ රහක් නෑ. ඔන්න සර්ලා කස්ටියට ම විස්කි එකයි. විස්කිය ලෙචාලා බාගෙට ගහලා ගියා ම ළමෝ ටික ඉතිරිය ගැහුවා. නාකි විසේ නේ??

කො‍හොම නමුත් අර අපේ ‍ගොනා අපිට හොදා කියනවා වගේ වී.සී උත්තමයා අපිට ම ගැලපෙනවා. එයාගේ මාළිගාව ගැන නම් රට්ටු කතන්දර කියනවා. ඒත් අපිට මොකෑ. හැබැයි අර තාප්ප සිද්ධියෙන් නම් එයා බලාපොරොත්තු වුනේ මොනාද මන්දා. ඔන්න ඔය වගේ පුංචි වැඩක් ඇති මෑන්ස්ගෙ කොටුව ගහලා යන්න. අපේ බුවාස්ල රිටන් දෙද්දි බලමුකෝ..................??

කිරිබත්ගොඩ සෙලාන් බැංකුව ගිනි ගත්තා ද? ගිනි තිබ්බා ද?


පහුගිය දවසක කිරිබත්ගොඩ සෙලාන් බැංකුව ජයග්රාහී දෙවන වතාවටත් ගිනි ගෙන විනාශ වුනා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න ආපු රජයේ රස පරීක්ෂකත් කිව්වෙ ගින්න සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් හොයා ගන්න බැහැ කියලයි. ඒ නිසා ම විශේෂ පර්යේෂකයෙක් මේ සදහා යොදවන්න තීරණය වුනා.

නමුත් රට්ටු කියන හැටියට මේ පසුපසත් ඉන්නෙ කිරිබත්ගොඩට අරක් ගත් ජන නායකයා ම තමයි. මහ හූරගේ දෙවැනි පදවි ප්රාප්තිය සමරන්න කියලා හිතාන කිරිබත්ගොඩ පලංචි ආධාරයෙන් බේගල් ජාතකයක් නිර්මාණය කරලා මහ රජාණන්ට අං දෙකෙන් අභිසේක ගන්වපු මේ ගොයියා ඒ වැඩේට වියදම් කළේ කප්පම් සල්ලි කියලා දැන් එළිවෙලා. කොහොමත් කප්පන් අරං තොරන් ගහන්න මේ මැතිතුමා හරි දස්සයා. කොහොමත් මිනිහ නියම කකුළ. ඔය වාර්තා වල සදහන් නොවුනට ලංකාවෙ තුන් වැනි මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයා. පළමුවැනි දෙවන ස්ථාන දෙක ම මුස්ලිම් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් තමා දරන්නේ.

කැලණියේ ලෝක බවුද්දයා, දුටුගැමුණුගෙ ළගම ඥාතියා ලංකාවෙ කුඩු පාතාලයේ අංක එකේ සිංහලයා වීම ගැන අම්මපා මට තියෙන්නෙ නම් ආඩම්බරයක්. ඇයි අයිසේ නැත්නම් මේක හම්බයට ගිය රට වෙච්චි. කිරිබත්ගොඩ තොරණ තියෙන කාලෙට කඩේට ම ඇවිත් මූණ බලලා ආධාර ලියාගෙන යන්නෙ මෑන්ස් විතරයි. ‍අපේ අයියා කාරයත් සැරයක් රෝමයක් දා ගන්න ගියා. “මල්ලි කඩේ හැටියට විසිදහක් ලියමු නේ??” ඇගලුම් කඩයේ වටයක් කැරකිලා බුද්ද පුත්තරයා කියලා දැම්මලු. “සමාවෙන්න ඇමතිතුමා, මට නම් එච්චර දෙන්න බෑ.” පිස්සු කෙළින්න එපා මල්ලි, ඔය පේමන්ට් එකේ ජංගි විකුණන උන් ඊට වඩා අපිට දෙනවනේ?? හරි උන්ට ඉතිං බිස්නස් ඇති.

මේ තමුසේ තාම තරුණ කොල්ලෙක් නෙව. වැඩිහිටියො දෙයක් කිව්ව ම පිළිගන්නව හොදයි. ඔන්න ඕක ගෙවලා දානවා. දැනට දහයක් ඇති. අන්තිමේ දී අපේ මිනිහත් බල්ලා වගේ මොනරු දහයක් අරං දුන්නලු. හැබැයි මෙහෙම අරං ගිහිං වෙසක් එකට නිකම් හිටියේ නෑනෙ. දන්සැල සතියක් දුන්නා. කානිවල් එකයි තොරණයි කළා. තව මොනවද?? මං නම් මොනව වුනත් බාප්පගෙ මේ සරදියල් පාර්ට් එකට කැමතියි. හැබැයි සමහර වෙලාවට මිනිහා හරිම කොම්ප්ලෙක්ස් ප්ලෑන් ගහනවා. අර මහින්ද ජාතක කතා වස්තුව දැක්වෙන තොරණ වගේ??

තොරණට මිනිස්සු කැමැති වුනාට සල්ලි එකතු කරන්න පොර එච්චර කැමති වෙලා නෑ. ජනතාවාදී නායකයානේ?? පස්සෙ කිරිබත්ගොඩ ඉන්න ලොකු ලොකු බැංකු වගේ ස්ථාවර මූල්‍ය ආයතන අනුග්රහය මත තමා වැඩේ කෙරිලා තියෙන්නේ. හැබැයි සෙලාන් බැංකුවේ මැනේජර් සල්ලි නොදී පණ්ඩිතයා වෙන්න ගියා ම හරි අපිත් එක්ක මේ කිරිබත්ගොඩ බැංකු කරන හැටි බලමුකෝකියලා උත්තමයා එළියට බැහැලා තියෙනවා. සදුදා උදේ පාන්දර ඉදන් සෙලාන් ගිනි ගන්නවා.

කතාව පැහැදිලියිනේ. හැබැයි සෙලාන් සේවකයොත් මේකට රෙඩි පිට හිටියා කියලයි ආරංචි. ඒ අය දැන් වුනත් කාටවත් දොස් කියන්නෑ. අනික බඩු ඔක්කොම කඩවතට ට්රාන්සර් කරලා තිබුණේ ඇයි කියාල කවුරුත් අහන්නෑ?? ඒ ‍නිසා ලොක්ක ටිකක් ‍ගොඥා වුනා ද මන්දා. මේ සන්තෑසිය ම තව චුට්ටෙන් වාසනා බේකර්ස්ලට වෙන්න ගියා. නමුත් ඒකෙ ලොක්ක හොරණ ඉදන් තකහනියේ කැලණි ඇවිත් ගේම ගොඩ දා ගත්තා. කප්පම් නැතිව කිරිබත්ගොඩ බිස්නස් කරන්න බෑ කියලා මේ සිද්ධියෙනුත් ඔප්පු වෙනවා.

Thursday, December 2, 2010

ජාතික පුස්තකාලයේ ෆොටෝ කොපි ජාවාරම

මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ ඡායා පිටපත් සම්බන්ධයෙන් ජාතික පුස්තකාලය විසින් අනුගමනය කරන අසංවිධානාත්මක වැඩ පිළිවෙළ නිසා කිව්වොත් නිවැරදියි. ඔවුන් එක් පාඨකයෙකුට එක් පොතකින් ඡායා පිටපත් කරන්නට දෙන්නේ 10‍‍% පමණයි. ඊට හේතුව වශයෙන් දක්වන්නේ බුද්ධිමය දේපල පිළිබද ප්රශ්නය. ඒ කතාව හරි බර කරලා ඒකෙ සේවකයන් කියන්නෙ මෙ‍න්න මෙහෙම “‍අපෝ අපි කිසිම පොතක් සම්පූර්ණයෙන් කොපි කරන්න දෙන්නෑ. එහෙම කරලා අපිට විරුද්ධව නඩුත් තියෙනවා. දැන් දෙන්නෙ 10‍‍% පමණයි.”

නමුත් අපි කණ්ඩායමක් එකතුවෙලා මුළු පොතක් ම කොපි කරන්න පුළුවන් කියන එක කියන්න ඕන නෑනේ. පිටු සීයක පොතක් ගහන්න මට යාළුවො දහයක් සෙට් කරගන්න වෙනවා. ඒක ටිකක් අමාරු වැඩක් කියන්නකෝ. නමුත් මෙතන තියෙන වාසිය තමයි පුද්ගලයෙක් එකම පොත කී පාරක් ‍ඡායා පිටපත් කරනවා ද යන්න දැනගත හැකි ක්රමයක් ඒ අයට නොවීම. ඉතිං යාළුවො පස් දෙනෙක්‍ට දෙවර බැගින් වුනත් වැඩේ අහවර කරන්න පුළුවන්. මූණ අදුනගත්තොත් වැඩේ මාට්ටු. ඒකට තියෙන්නෙ වෙස් වළා ගැනීම. මං මේ කිසි කෙහුරක් නොදැන එකම පොත දෙපාරක් ගහන්න ඉල්ලුවා. ඒ පොත යුරෝපයේ මුද්රිත පවුම් 70ක පොතක්. ලංකාවට ගෙන්නද්දි රැපියල් 12 000ක් වෙයි. පස්සෙ එහි සේවිකාව මට බැණලා ඒක කරන්න බෑ කිව්වා.

මං එළියට එද්දි ම කෙනෙක් මට කතා කළා. මල්ලි මොකක්ද ඕන පොත. මුළු පොත ම කොපි කරගන්න ඕනැ ද? අයි‍යෝ අවුලක් නෑ අපි ගහලා දෙන්නම්. යන්කො ටිකක් එහාට. කාක්කා මගේ කරට අත දාගෙන ඩීල් එකට ලෑස්ති වෙන්නයි ට්රයි එක. මාත් මේ මොකක්ද බලන්න මෑන්ස් එක්ක චැට් කළා. මල්ලි කැම්පස් එකක කිව්වා... හ්ම් කැලණියේ. ආ අපි ජපුරේ. දැන් මෙහෙමනේ මල්ලි මේ ගොල්ලො දෙන්නෙ 10‍‍%යි නේ. අපි 50ක් සෙට් වෙලයි ඉන්නෙ. පිටු ගාන ප්රශ්නයක් නෑ. ඕන පොතක් අපි මාසෙන් කොපි කරලා දෙනවා. දැන් මල්ලි ඔය ඉල්ලන පොත ලංකාවෙ මුදලින් කීය ද? 12 000 හරි අපි මල්ලිට 6000ට වැඩේ කරලා දෙන්නම් කැම්පස් කොල්ලෙක් නිසා. මෙතෙන්ට එන කොළඹ මිනිස්සුන්ගෙන් නම් අපි නියම ගාන කඩනවා මල්ලි. සම්පූර්ණ ෆොටෝ කොපි පොත් 15 000ට විකිණෙන වෙලාවලුත් තියෙනවා. මල්ලි දන්නවනේ මුන්ගෙන් ම කොපි කරලා පිටට විකුණන එක නියම බිස්නස් එක මාසෙට හොද ඉන්කම් එකක් එනවා. හැමදාම කට්ටිය එන්නෑ. අද මගේ දවස. පොතක් ගහන්න ආවම අපි ඒකෙ පරිග්රහණ අංකය එක්කම තමන් ගහන්න ඕන පිටු ගාන ලිස්ට් එකේ කට්ටියට එස්.එම්.එස් කරනවා. උන් උන්ගේ වැඩේකට එන අතරේ මේ වැඩේත් කරනවා. අමතර ගතමන්ට් එකක් නේ මල්ලි. දැන් අවුරුදු දෙකක් විතර අපි මේ ‍ට්රේඩ් එකේ. අයියා තමන් ගැන කිව්වා. මට තේරැණා අතන සද්ද දාපු විදියට මල්ලිට කුට්ටිය ම ඕන වෙලා කියලා. ඒකයි මං කිව්වෙ වැඩේ කරලා දෙන්න පුළුවන් කියලා.

ඒත් අයියා මට ඕන පිටු සීයක් විතරයි. ඒ පොත පිටු 225යි. හරි ඉතිං රැපියල් 3000ක් දෙන්නකෝ අද ඇඩ්වාන්ස් කළොත් අපි වැඩේ පටන්ගන්නම්. නැත්නම් මේ නම්බර් එකට කෝල් කරන්නකෝ. මිනිහට වචනයක් දාලා මං මාරු වුනා. අනේ යකෝ මුන් දැනටමත් ලක්ෂ ගාණක් උපයලා ඇති නේද කියලා මට හිතුනා. අර සේවිකාව මට සැර දැම්මෙ ඈ මහා ලොකු වංචාවක් අල්ලපු ගානට. හැබැයි කාටවත් මේ වංචාව අල්ලන්න බෑ. මේක සම්පූර්ණ නිත්‍යනුකූලයි. මොකද එක්කෙනෙක් 10‍‍%ට වැඩියෙ නොගහන නිසා. අර රස්තියාදු වෙන්න තියෙන අකමැත්ත නිසා කීයක් වුනත් ගෙවලා පොත ම ගන්න අය ඉන්න බවයි කාක්කා කිව්වෙ. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නෙ අනවශ්‍ය නීතියක් නිසා. දැ

න් කාක්කගෙන් පොතම කොපි කරලා බිල් ටිකත් අතට අරං නඩු දාලා වන්දිත් ගන්න කෙනෙක් ඉදිරිපත් වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ. මේ කොපි සියල්ල මුද්රා තියලා බල රහිත කරන්න බැරිද? හරියට අර සල්ලි වලට කරනවා වගේ. ‍ජාතික පුස්තකාලයේ ෆොටෝ කොපියක් කියලා කියන්න කිසිම සාධකයක් නෑ. අපිට පිටින් එහි ඇති පොතක් සම්පූර්ණයෙන් ම වුනත් කොපි කරලා ඔවුන්ට විරැද්ධව නඩු දාන්න පුළුවන්. ඇයි ඔවුන්ගෙන් කොපි නොකළා කියලා කියන්නෙ කෝමද? මේක තිරිකිස් අවුලක්. ලිහන්න බැරි ම ගැටයක්. ජාතික පුස්තකාලෙ ලොක්ක හිතන්නැතුව ඇති පාඨකයන් මෙහෙම සංවිධානය වෙයි කියලා. ඒ නෙට්වර්ක් එක කඩන්න මේ කපේ දි බැරිවෙයි. අන්තිමේ දී වෙන්නෙ
රජය වෙනුවට පැත්තක ඉන්න පිරිසක් ලාභ ඉපැයීම. හැබැයි කාක්කා මිනිස්සුන්ගෙ ක්රය ශක්තිය බලලා මිල නියම කිරීම ගැන මං පුද්ගලිකව සතුටු වෙනවා.


මේ කාක් කෲ එක හැමෝට ම උදව් කරන්නෑ. හැබැයි ඔබට නියම අවශ්‍යතාවය ඇත්නම් ඔවුන්ගේ පිහිට ලබා ගන්න පුළුවන්.