Saturday, March 29, 2014

මේ ඡන්ද කතා නවතා මොහොතක් අපි අවට බලමු ඇස් හැරලා...


ජන්දෙට කලින් ලියපු පෝස්ට් එකක් මේක. හැබැයි පළ කරන්න වුනේ ඡන්දෙ දවසෙ අයියෝ...

‍මේ සතියේත් පුංචි හෝ දේශපාලන කෑල්ලක් ලියන්න වීම ගැන ඇවරි කණගාටු වෙනවා. මොකද මේ සබ්ජෙක්ට් එක ඇවරිට ඒ තරම් දිරවන එකක් නොවන නිසා. දැන් වනකොට ලංකාවෙ මේ බඩගෝස්තරවාදී රාජපක්ෂ පාලනය බොහෝ දුරට ප්‍රශ්න කෙරෙන බවට පැහැදිලි නිදසුන ඕනතරම් පේන්න තියෙනවනේ. ඒ නිසා ඒ ගැන ලියන්න කාලෙ නාස්ති නොකරත් බස්නාහිර දකුණ පළාත්සභා ඡන්ද සටන ඇතුළෙ ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් ගැන පුංචි කොළමක් ලියන්න ඇවරිට හිතක් පහළ වුනා.

රාජපක්ෂලා පවුල්වාදී පාලනයක් ගෙනයන අතරේ අනෙක් පිරිස් තම තමන්ගේ දූ පුතුන් පෙරටු කරගෙන ඡන්ද ව්‍යාපාර මෙහෙයවන්නේ හරියට ලොක්කා හිටගෙන කරද්දි ගෝලයෝ දුව දුව කරනවා වගේ. කවුරු කොහොම කිව්වත් ඇවරි බලපු හැටියට බොහො ම බුද්ධිමත් අපේක්ෂයන් මේ ඡන්දෙට ඉදිරපත් වෙලා තියෙනවා. තරුණ පිරිස්වල ඡන්දය ගැන උනන්දුව වැඩි වෙලා තියෙනවා වගේ ම ඔවුන් තමන්ගේ දේශපාලන විරුවන් ගැන සහ ඔවුන්ගේ පුංචි හරි අඩුපාඩුකම් ගැන හරි ම සවිඤ්ඤාණිකයි කියලා හිතුනා ම පහුගිය සතියේ ඇවරි පුදුම වුනා. මේ සියල්ල වුනේ තරුණ පිරිසක් එක්ක වැඩ කරන්න සෙට් වුන නිසා.

කාලීන දේශපාලනේ ගැන ඇහුවා ම පක්ෂ විපක්ෂ තරුණ අපේක්ෂකත්වය ගැන ඇවරි එක්ක කතා බහ කළ බොහෝ තරුණ තරුණියන් හරි අපූරු කතා කිව්වා. දහ අට සම්පූර්ණ මේ සියලු දෙනා අදහස් දක්වපු හැටියට ගෙදර අම්මලා තාත්තලා දෙනවයි කියන පක්ෂයට හා අපේක්ෂකයාට ඡන්දය දෙන බවට ස්ථිර මතයක හිටිය සම්ප්‍රදායික තරුණ පිරිස ඉතා අවම මට්ටමක හිටි බව කියන්න ඕන. ඇයි අපි ඒ අය කියන කෙනාට දෙන්නේ? මොකද ඡන්ද මධ්‍යස්ථානයේ සී.සී.ටී.වී තියෙනවා ද? අපේ ප්‍රශ්නය ම ඔවුන්ට විහිළුවක් වුනේ ඒ විදියට. ඒ අනුව දැන් ඉන්න තරුණ ප්‍රජාව තමන්ගේ මූලික අයිතිවාසිකම් ගැන බොහෝ දුරට දැනුවත් ජාතියක් බව ඇවරි වටහා ගත්තා.

අපි වටහා ගත් පරිදි බොහෝ දෙනාට හොඳ හෝ නරක දේශපාලන මතවාදයක් තිබුණා. එහෙම නැති අය හිටියෙ බොහොම ටික දෙනයි. මාධ්‍ය වාර්තා මගින් හොඳ අපේක්ෂකයන් ගැන මේ අයට විශාල පැහැදීමක් ඇතිවෙලා තිබුණා. තම තමන්ගේ දේශපාලන ප්‍රතිරූප ගැන ඉවක් වගේ ම තක්සේරුවකුත් මේ අය දුන්න ම අපිට හිතාගන්න බැරි වුනා. උදාහරණයක් විදියට ගම්පහින් ඉන්න එජාප තරුණ නායකයො ගැන සංවාදයක් ඇති වුනා ම රුවන් විජයවර්ධන එන රැස්වීම් ගැන පිරිස උනන්දුවෙන් කතා කළා. නමුත් අයියෝ රුවන් කියන්නෙත් මහින්දගෙ ඉත්තෙක් නේ. එයා  මේ ලංකාදීපෙ මහින්දට මහරජා කියලවත් ලියන්න දෙන්නැති තරම් කොන්ද පණ නැති එකෙක් කියලා ඔයාල දන්නැද්ද කියලා එක කොල්ලෙක් කීව ම රුවන් බ්ලාස්ට්. කොළඹ කණ්ඩායම් නායක ගම්මන්පිල කියන දක්ෂ කථිකයාට මනාප විශාල ප්‍රමාණයක් ලැබුණත් ඔහුට හෙළ උරුමය පාක්ෂිකයන් අතරමං කිරීම පිළිබඳ අධි චෝදනාවක් ගොනුවී තිබුණා. දැන් කෝ උරුමෙ නෑනේ. එයා ඉල්ලන්නෙත් බුලත් කොළෙන්නේ. අපරාදෙ අපි ගම්මන්පිලට එදා ඡන්දෙ දුන්නේ. ඔය කතාව ම සියනෑවේ සිංහයා මධුමාධවටත් තිබුණා. දක්ෂ රචකයෙක් වෙන මධූගෙ අරවින්ද යාය කොළම් එක ඇවරිත් කියවනවා. ඉතිං මධූ ගැන මේ කස්ටිය කියන කමෙන්ට්ස් ගැන ඇවරිත් අහගෙන හිටියා.

 කොළඹින් ඉල්ලන මල්ෂා කුමාරණතුංග තාත්තා හින්දා කැම්පේන් එක අනාගත්තා කියලා කස්ටිය කතා වුනා. මේ තරුණ පිරිස් වල මනාපය හරි ඉක්මණින් වෙනස් වනවා. ආයෙ කළු පැල්ලමක් නෙමෙයි ඉරක් හරි ගෑවිලා තිබුණොත් ඒ අපේක්ෂකයාව සහමුලින් ඉවත් කරන්න ඔවුන් සූදානමින් හිටියා. තව අර ඊ මේල් උත්තර පමණයි කේස් එක නිසාත් මල්ෂා කලින් ම නොකවුට්. බලය ධනයට වඩා ප්ලෑනක් තියෙන මිනිස්සු ගැන මේ කොල්ලො කෙල්ලො අපිවත් අප්ඩේට් කරද්දි අපි ඉන්නේ ලංකාවෙ නෙමෙයි ද කියලත් හිතුනා. සර් අර අලුතින් කන්ටෙස්ට් කරන ඇමරිකන් සයන්ටිස්ට්, තුෂාර පෙරේරා. මෑන්ස් ටිකක් මීටරේ වගේ නේ. මිනිහා ගාව පට්ට ප්ලෑනක් තියෙනවා. ඕවා කෙරෙයි ද කියලා ෂුවර් නැති වුනාට පොර ආනන්දියන් කෙනෙක්. කවුද යකෝ ඒ? පස්සසේ මන් එතුමාගේ වෙබ් අඩවියටත් ගොඩවෙලා බැලුවා. පේන්න තරම් වරදක් නෑ.

බෙනට් රත්නායකගෙ පුතා, නළු උදාරගේ කැම්පේන් එකත් හරි ම ආකර්ශනීයයි. උදාරගේ මියුසික් වීඩියෝ එක හින්දා බොහෝ දෙනා ඔහු ගැන කතා කළා. හැබැයි කෙල්ලො කිව්වෙ උදාර දේශපාලනේට අහිංසක වැඩියි කියලයි. තව ඇවරිගේ බැච් මේට් කෙනෙක් වන සමන්මලී සකලසූරිය මෙවර ඉදිරිපත් වන බවත් ඇහුවාම ටිකක් පුදුමත් හිතුනා. ඇය නියම කටර්එකක්. අන්තර් විශ්ව විද්‍යාල හොඳ ම කථිකාවිය වුණු ඇය දැන් ටිකක් පරිණතව පෙනී සිටීම ගැන ඇවරි සතුටුයි. හැබැයි සමන්මලී ජාතික දේශපාලන ප්‍රශ්න කියලා සමහර ක්‍රිටිකල් තැන් මඟ හරින්න ට්‍රයි කරනවා කියලා කස්ටිය පුංචි චෝදනාවක් කළා. නිළියන් ගැන නම් ඇවරි කතා කරන්න යන්නෑ. අපි අපි නේ. හොර බොරු නැතිව සියලු පැටිකිරිය එළියට ආව නිසා ඒ ගැන පළවූ වාර්තා ලියන්න බැරි තරම් අවුල් සහගතයි.

ජ.විපෙ නායකත්ව වෙනසත් එක්ක යන අලුත් ගමන ගැන ඔවුන් බැලුවෙ ටිකක් සැකයෙන්. ඒ ගැන විශ්වාසයක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති ගතියක් තිබුණා. එතකොට හමුදාපතිතුමාගේ පක්ෂය තුළ හැම යකාට ම නාමයෝජනා දීලා කියලා චෝදනාවක් ආව. නලින් ප්‍රදිප් උඩුවෙල ඇරෙන්න අනික් කස්ටිය ගැන එයාලා දන්නේ නෑලු. පැහැදිලිව ඒක නම් මේ පොඩි උන්ගේ වැරැද්ද. කොහොම හරි මේ පක්ෂ ගැන කතා කෙරුණෙ අඩුවෙන්.

බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග ගැනත් නරකට වඩා හොඳ කියැවුනා. ඇත්තට ම ඒ මිනිස්සු නියම දේශපාලන තරු කියලයි මේ අය කිව්වේ. කොහොම වුනත් මේ ඡන්ද දායකයන් ඇහැට පේන හැම දේම ප්‍රශ්න කරන අතරේ යම් කිසි පිළිගත හැකි ගුණාත්මකභාවයක් මේ සියලු අපේක්ෂකයන්ගෙන් ඔවුන් බලාපොරොත්තු වුනා. මතුපිටින් සරලව හිතුවට අපිටත් වඩා මේ අය සමාජය ගැන දේශපලනය ගැන සංවේදී බව පිළිගන්න සිද්ධ වුනා. මේ අය ෆේස්බුකියට වෙලා කාලය ගත කළාට, පත්තර නොකියනවා කියලා අපි කිව්වට පවත්නා ක්‍රමය සහ රට යන අත ගැන ඇති මතවාදී බුද්ධිමය විඤ්ඤාණය ප්‍රශස්ත මට්ටමක තිබුණ නිසා අපි කස්ටියගෙ මොළ සෝධනය කරන්න ගියේ නෑ.


කොහොම නමුත් ගම්පහට වඩා ඇවරිට කොළඹින් ඡන්දය දෙන්න තිබුණා නම් හොඳයි කියලා හිනෙතවා. දවස ඉවර වෙද්දි මේ හාදයන්ගෙන් ඉගෙන ගත්තු පාඩම් එක්ක ගෙදර ඇවිත් කල්පනා කළා ම වයස විස්සේ විසි දෙකේ ඡන්ද පදනමත් සෑහෙන්න තරමේ තීරණාත්මක එකක් කියලා තේරුම්ගන්න පුළුවන් වුනා.  

Monday, March 24, 2014

අසම්පූරණ කතාවක්

මේ කතාව කෙටුම්පත් කිරීමට මා සැලසුම් කළේ අදින් වසර ගණනාවකට ඉහත දී වුව ද ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් මත එය බොහෝ ප්‍රමාද වූ බව කිව යුතුය. මා වෙනුවෙන් මෙය ලියන්නට ඇය ඉදිපත් නොවනන්නට මේ කතාව බොහෝ දුරට කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් සියලු පාත්‍රයන්ගේ මතක සටහන් අතීතයට එක්ව ඒවා ඔවුන්ගේ සිත් වලින් ද මැකී යනු නොඅනුමානය. ඉඳින් ඒ සියල්ල ලියන්නට මා තුළ දැල්වුණු අපේක්ෂාව නැවතත් ඉස්මතු වූයේ මිහිදන්ව ගිය ප්‍රාර්ථනා රැසකට පිහාටු ලබා දෙමිනි.

උදෑසන හොඳින් පෑයු ඉරඑළියට පිටුපා ආලින්දයේ දැවමුවා පුටුවක සුවපහසුවට ඈඳිගත් මට ඇය විසින් පිළිගන්වන ලද කෝපි කෝප්පය කතාව කියන්නට පෙර නොවූ විරූ ශක්තියක් දෙන ලද්දේ විය. දැන් මා ඉදිරියේ සිටින්නේ මා මේ ලොව වැඩියෙන් ම විශ්වාසය තබා ඇති කාන්තාවයි. ඉතිං... යනුවෙන් සැහැල්ලු සිනාවක් මුව තවර ගත් ඇය එක එල්ලේ මා දෙස බලා සිටියා ය. කාන්ති විහිදුවන ඇගේ නිල්වන් නෙත් යුග අතීතයේ එක් සොඳුරු නිමේෂයකට මා ගෙන ගිය බැවින් ඇගේ බැල්මෙන් අවසඟව ඒ දෙසම නෙතු ඉවත නොළා බලා සිටියෙමි. හදිසියේ ම නැහැයට ළං කොට ගැසූ අසුරකින් මම පියෙවි සිහියට පැමිණීමි.

“අනිමිස ලෝචන පූජාවට වෙන වෙලාවක් වෙන් කරගන්න‍ ප්ලීස්...” මවාගත් කේන්තියකින් ඇය තොල් මතුළාය.

මා මනසට නැඟුණු සිදුවීම් පෙළ ඇයට නොකියා මොහොතක් නිරුත්තර වූ මට අවස්ථාවක් නොදී ම ඇය කතා කළාය. “මොනවට ද ඔච්චර මා දිහා බලන්නේ...? ඔයාගේ කතාවේ ඉන්න නිළිය තරම් මං ලස්සන නැති බව ඔයා ම මට කියලා තියෙනවා නේද?.. එවර ඇගේ නෝක්කාඩුව මගේ කට ඉස්සර වීමකි.
“නෑ.. මං කල්පනා කළේ මෙච්චර රස කෝපි කෝප්පයක්  අන්තිමට බිව්වේ කොහේදි ද කියලා.
“නිකම් බොරු එපා ඇන්ඩි. ඔච්චර රසට කෝපි හදන්න පුළුවන් එක ම කෙනා මං බව ඔයා දන්නවා. අනික් කාරණේ ඔයා අන්තිමට මගේ කෝපි කෝප්පයක් බිව්වේ අපේ ගෙදරදි. පහුගිය සෙනසුරාදා. හරිද?” ඇගේ ස්වරයෙහි යම් අවධානාත්මක බවක් තිබිණි.
“ඔව් දැරිවි ඉතිං?”
 “ඔයා තාමත් මේ වැඩේට ලෑස්ති නෑ කියලයි මං හිතන්නේ. කමක් නෑ අපි පස්සේ වෙලාවක මේ ගැන කතා කරමු. ඔයා රෙඩි වුනා ම මට කියන්න.
ඇගේ ආම්පන්න වූ රෙකෝඩරය, දුරකථනය සහ අත්බෑගය එකතු කර ගැනීමෙහි යුහුසුළු වූ ඇය අවසන මාගේ පුටුවට වත්තම්ව නළල සිප ගිහින් එන්නම් යැයි තොල් මැතිරුවාය. ආපසු හැරුණු ඇගේ මැණික් කටුව දැඩිව අල්ලා ගතිමි.

“කුමාරිහාමි, පැනලා යන්න ද කල්පනාව මම ඇසක් ඉඟිමරා ඇසුවෙමි.
“ඒ ගැන සලකා බලන්න තිබුණා. මං හිරකාරියෙක් වුනානම්, මං කැමැත්තෙන් හිරේට ආපු නිසා ද කොහෙ ද හිරකාරියෙක් කියලා නොහිතෙන එකයි ගැටලුව.

“ඉතිං මොකක්ද ප්‍රශ්නෙ? මං කැමතියි මේ අතට මාංචු දාන්න.” ඇය දෙස සෘජුව බලා කීවෙමි.  

 “ප්‍රශ්නෙ තියෙන්නේ  ඔයාගෙයි මහත්තයෝ.... මගේ නෙමෙයි. මං ලන්ච් අරං එන්නම් පරිස්සමෙන් ඉන්න හොඳේ 

පිටුපා යන ඇය දෙස මොහොතක් බලා සිටියෙමි. ඇයට ගේට්ටුව විවර කර දීමට මට කල්පනා වුවත් පුටුවට බැඳ තබන බවක් දැනුනෙන් නැඟී සිටීමට මා අකමැති විය. මා නොඑනු දුටු ඕ රියදුරු අසුනෙන් බැස ගේටුවට හැරගෙන වාහනය පසුපසට ගත්තා ය. නැවත ගේට්ටුව වසා මට අතවැනූ ඇය නික්ම ගියාය.

එකඟතාවය කඩ වූ අපගේ පළමු හමුව නිමා වූයේ එලෙසිනි. ඒ සඳුදාව මට රාජකාරී නිවාඩු දිනයක් වූ නමුත්  මිෂිකාට රාජකාරි කිහිපයක් තිබූ බව ඈ කීවා මතක ය. රූපවාහිනිය පණ ගැන්වූ මම එහි වූ කාන්තා වැඩසටහන් කිහිපයක් අතර මාරු වෙමින් සිට එය ද ක්‍රියා විරහිත කර කෙටි නිද්දකට වැටුණෙමි.

මා අවදි වූයේ ලද කෙටි පණිවිඩයකිනි.මේ කතාව කෙටුම්පත් කිරීමට මා සැලසුම් කළේ අදින් වසර ගණනාවකට ඉහත දී වුව ද ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් මත එය බොහෝ ප්‍රමාද වූ බව කිව යුතුය. මා වෙනුවෙන් මෙය ලියන්නට ඇය ඉදිපත් නොවනන්නට මේ කතාව බොහෝ දුරට කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් සියලු පාත්‍රයන්ගේ මතක සටහන් අතීතයට එක්ව ඒවා ඔවුන්ගේ සිත් වලින් ද මැකී යනු නොඅනුමානය. ඉඳින් ඒ සියල්ල ලියන්නට මා තුළ දැල්වුණු අපේක්ෂාව නැවතත් ඉස්මතු වූයේ මිහිදන්ව ගිය ප්‍රාර්ථනා රැසකට පිහාටු ලබා දෙමිනි.

උදෑසන හොඳින් පෑයු ඉරඑළියට පිටුපා ආලින්දයේ දැවමුවා පුටුවක සුවපහසුවට ඈඳිගත් මට ඇය විසින් පිළිගන්වන ලද කෝපි කෝප්පය කතාව කියන්නට පෙර නොවූ විරූ ශක්තියක් දෙන ලද්දේ විය. දැන් මා ඉදිරියේ සිටින්නේ මා මේ ලොව වැඩියෙන් ම විශ්වාසය තබා ඇති කාන්තාවයි. ඉතිං... යනුවෙන් සැහැල්ලු සිනාවක් මුව තවර ගත් ඇය එක එල්ලේ මා දෙස බලා සිටියා ය. කාන්ති විහිදුවන ඇගේ නිල්වන් නෙත් යුග අතීතයේ එක් සොඳුරු නිමේෂයකට මා ගෙන ගිය බැවින් ඇගේ බැල්මෙන් අවසඟව ඒ දෙසම නෙතු ඉවත නොළා බලා සිටියෙමි. හදිසියේ ම නැහැයට ළං කොට ගැසූ අසුරකින් මම පියෙවි සිහියට පැමිණීමි.

“අනිමිස ලෝචන පූජාවට වෙන වෙලාවක් වෙන් කරගන්න‍ ප්ලීස්...” මවාගත් කේන්තියකින් ඇය තොල් මතුළාය.

මා මනසට නැඟුණු සිදුවීම් පෙළ ඇයට නොකියා මොහොතක් නිරුත්තර වූ මට අවස්ථාවක් නොදී ම ඇය කතා කළාය. “මොනවට ද ඔච්චර මා දිහා බලන්නේ...? ඔයාගේ කතාවේ ඉන්න නිළිය තරම් මං ලස්සන නැති බව ඔයා ම මට කියලා තියෙනවා නේද?.. එවර ඇගේ නෝක්කාඩුව මගේ කට ඉස්සර වීමකි.
“නෑ.. මං කල්පනා කළේ මෙච්චර රස කෝපි කෝප්පයක්  අන්තිමට බිව්වේ කොහේදි ද කියලා.
“නිකම් බොරු එපා ඇන්ඩි. ඔච්චර රසට කෝපි හදන්න පුළුවන් එක ම කෙනා මං බව ඔයා දන්නවා. අනික් කාරණේ ඔයා අන්තිමට මගේ කෝපි කෝප්පයක් බිව්වේ අපේ ගෙදරදි. පහුගිය සෙනසුරාදා. හරිද?” ඇගේ ස්වරයෙහි යම් අවධානාත්මක බවක් තිබිණි.

“ඔව් දැරිවි ඉතිං?”
 “ඔයා තාමත් මේ වැඩේට ලෑස්ති නෑ කියලයි මං හිතන්නේ. කමක් නෑ අපි පස්සේ වෙලාවක මේ ගැන කතා කරමු. ඔයා රෙඩි වුනා ම මට කියන්න.

ඇගේ ආම්පන්න වූ රෙකෝඩරය, දුරකථනය සහ අත්බෑගය එකතු කර ගැනීමෙහි යුහුසුළු වූ ඇය අවසන මාගේ පුටුවට වත්තම්ව නළල සිප ගිහින් එන්නම් යැයි තොල් මැතිරුවාය. ආපසු හැරුණු ඇගේ මැණික් කටුව දැඩිව අල්ලා ගතිමි.

“කුමාරිහාමි, පැනලා යන්න ද කල්පනාව මම ඇසක් ඉඟිමරා ඇසුවෙමි.
“ඒ ගැන සලකා බලන්න තිබුණා. මං හිරකාරියෙක් වුනානම්, මං කැමැත්තෙන් හිරේට ආපු නිසා ද කොහෙ ද හිරකාරියෙක් කියලා නොහිතෙන එකයි ගැටලුව.

“ඉතිං මොකක්ද ප්‍රශ්නෙ? මං කැමතියි මේ අතට මාංචු දාන්න.” ඇය දෙස සෘජුව බලා කීවෙමි.  
 “ප්‍රශ්නෙ තියෙන්නේ  ඔයාගෙයි මහත්තයෝ.... මගේ නෙමෙයි. මං ලන්ච් අරං එන්නම් පරිස්සමෙන් ඉන්න හොඳේ 

පිටුපා යන ඇය දෙස මොහොතක් බලා සිටියෙමි. ඇයට ගේට්ටුව විවර කර දීමට මට කල්පනා වුවත් පුටුවට බැඳ තබන බවක් දැනුනෙන් නැඟී සිටීමට මා අකමැති විය. මා නොඑනු දුටු ඕ රියදුරු අසුනෙන් බැස ගේටුවට හැරගෙන වාහනය පසුපසට ගත්තා ය. නැවත ගේට්ටුව වසා මට අතවැනූ ඇය නික්ම ගියාය.

එකඟතාවය කඩ වූ අපගේ පළමු හමුව නිමා වූයේ එලෙසිනි. ඒ සඳුදාව මට රාජකාරී නිවාඩු දිනයක් වූ නමුත්  මිෂිකාට රාජකාරි කිහිපයක් තිබූ බව ඈ කීවා මතක ය. රූපවාහිනිය පණ ගැන්වූ මම එහි වූ කාන්තා වැඩසටහන් කිහිපයක් අතර මාරු වෙමින් සිට එය ද ක්‍රියා විරහිත කර කෙටි නිද්දකට වැටුණෙමි.
මා අවදි වූයේ ලද කෙටි පණිවිඩයකිනි. 

Friday, March 21, 2014

රකුස් විලස් ගති රජපස මෙලෙසින....

මේ දවස්වල ඡන්ද පොරය ටිකක් උණුසුම් වෙලා තියෙන කාලෙ ඇවරිතුමාත් අහස පොළව ගැටලන්න කම්පනා කරන්නෙ තමුන්ගෙ වටිනා ඡන්දය සාටකධාරී සූස්තර රාජපක්ෂලට ද? නිද්‍රාශීලී ධවල හස්තිරාජට ද? ඒත් නැතිනම් සීනුකුමාර ප්‍රමුඛ බෙල්පාර්ටියට ද අවසාන තෝරා ගැනීම වන සෙන්පති සරාත්නිදිකුම්බාස්ගේ දියයටින් ගෙනයන ගිනිසිළුවට ද ලබා දෙන්නේ කියලා. ඇවරිගේ ඉමීඩියඩ් කොමියුනිටියෙ ඈයො නම් කියන්නේ පරණ කතාන්දරය ම තමා. ඔය මොකාට දුන්නත් අපේ බඩකට පිරෙයි යැ????

ඇත්තට ම ලංකාවෙ ඡන්ද කෙරුවාව සහ ඡන්ද භීතිකාව ගැන ඇවරිට කියන්න තරම් ප්‍රසාදයක් නැතුවා. 2005 ජනාධිපතිවරණය ඇතුළු ඉන් පස්සෙ තියපු බහුතරයක් ඡන්ද නිදහස් හා සාධාරණ මැතිවරණ නොවන බවට මේ රටේ ජනාධිපතිතුමා පවා දන්නවා. ආයෙ එහෙම නැතුව අපෙ උත්තම පර්සි මහින්ද පොල්පොට් රාජපක්ෂට ඔය පුටුවෙ වාඩි වෙන්න මොන සුදුසුකම තිබුණා කියල ද? දෙකෝටි හැටපන්ලක්ෂයක ජනතා පරමාධිපති බලයේ පිහිටෙන් දැන් කෝමද තව තවත් තිරිහන් වෙවී බැබැළි බැබැළි රජ කොරන අපූරුව? එතුමා විතරයැ ඔය සාර සුබාවට වැජඹෙන අග්ග මහේසිකාවගේ ඉඳන් සහෝදර හැතිකරය ප්‍රධාන බත්බැල සේනාවගේ උජාරුව. ශ්‍රී රාජපක්ෂාලංකාවේ සර්ව බලධාරී පාලකවේශයෙන් පෙනී හිටින මේ රෙජීමයෙ අයගේ ජන රංජන රාජ්‍ය පාලනය පිළිබඳ මැන ගන්න මේ පළාත් සභා ඡන්දය හොඳ අවස්ථාවක් කියලයි දේශපාලන ඇඳුරො නම් කියා හිටින්නේ.

පහුගිය දවසක තුන්සක රියක යද්දි නාදුනන මාතලීගෙන් කෝම ද කාපට් පාරෙ යද්දි සැප නේද? අපේ ජනාධිපතිතුමාගෙ දේශපාලනේ නිසා තමයි කීව ම ලැබුණේ අඤ්ඤකොරොස් උත්තරයක්. අනේ සර් උගෙ අම්මගෙ, (ඩී.ඒ රාජපක්ෂගේ නෝනගෙ මයෙ හිතේ) රාජ්ය පාලනය. බලු වටින්නෑ ඕයි. බදු බර අහස උසට, ජීවන වියදම, උද්ධමනය දිනපතා ඉහළට, මුන්ගෙ වරදින් දූෂණය, ගසා කෑම, කප්පම්, අල්ලස් ලොකු එකාගෙ ඉඳන් පොඩි එකා වෙනකම් හැමදේට ම, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වලපල්ලට, මොනාද කොරන්නේ කෙහෙම්මල් සංවර්ධනේ. පාරක් කාපට් කළා ම අයිය මලෝලට 10% යි. වරාය, ගුවන්තොටුපළ, හැමදේ ම පවුලේ ව්‍යාපාර. ඒ මදිවට කුඩු, එතනෝල්, කැසිනෝ බ්ලැක් මාර්කට් ගේම් එළිපිට. හරියට මේ සාමාන්‍ය මහජනතාව කියන්නේ උන්ගේ පවුලේ නාට්‍යක් ටිකට් අරං බලන පිරිසක් කියලයි උන් හිතාන ඉන්නේ. මුන් ලක්සෙට කොඩි දාගෙන හිටියට මොකද ගිරුවාපත්තුවෙ අන්ත හිඟන්නො. ඔය මහ රාජපක්ෂයා තමා ලෝක ණයකාරයා. ලෝකෙන්ම ණය අරං දැන් ගෙවා ගන්න බැරිවාම තව අපෙනුත් බදු ගහලා ණය ගෙවනවා. ඒ වුනාට තව චෝගම් එකෙත් ලොක්කා. පුහ් දුක්ඛිතයා. තව එනවා මෙතන ඡන්දෙත් ඉස්සර කරගෙන.

වීල් මලේ ගානට ෆෝම් වුන නිසා මං තවත් වයින් නොකර ගාන ගෙවලා බැස්සා. දැක්කනේ රාජපක්ෂවාදියෙක් වීම දැන් කාලෙ නුවණට හුරු නෑ. නිර්පාක්ෂික ආණ්ඩු විරෝධියෙක් වීමයි දැන් අලුත්ම විලාසිතාව. ඒ කීවෙ පක්ෂයක් නෑ හැබැයි ඇන්ටි රාජපක්ෂ කොම්පැනි. ඇවරි නම් කැපුවත් රාජපක්ෂලට. ආයෙ අපිට නැතත් ඊළඟ පරපුරට හරි සුබ අනාගතයක් තියෙන්න එපෑයැ ආයිබෝං.
ඇවරිගේ කියවා ගැනීමේ හැටියට මේ පාර ඡන්දෙත් වැඩි කසිලි බිසිලි නැතිව මරාට ම යන ගතියක් තියෙන්නේ. බස්නාහිර පළාත් සභා කිව්ව ම මීට වඩා කික් එකක් තියෙන්න ඕන වුනාට දැන් මිනිස්සුන්ට ඡන්ද හරි සාමාන්‍යකරණයක් වෙලා. අපි දුන්නත් නැතත් ඕකුන් දිනවනේ. බොහෝ දෙනා කියන්නේ එහෙමයි. මෙහෙම ගියොත් මහින්ද අංකල් ආපහු ඉල්ලන ජනාධිපතිවරයේදීත් කට්ටිය මෙහෙම කියාවි. ආපෝ මහින්ද ද ඕකා උපන්ගෙයි හොරා. අපි නොදුන්නත් හොර ඡන්ද දාලා හරි දිනාවි. ඉතිං අපි ඡන්දෙ දුන්නය නැතිය කියලා ඒකෙ ලකයක් නෑ.  භයානක ම  කතාව ජනතාවගේ ඡන්දය නැතිවත් බලයට එන්න පුළුවන් කියලා මිනිස්සු හිතන එක. අතකින් ඒකෙ වරදකුත් නෑ. දැන් ඉන්න ජනාධිපතිත් ඡන්ද පෙට්ටි හොරකම් කරලා, ජිල් මාර්ට් දාලා රජවුනා මිසක් එහෙම මහා ජනවරමක් අරං බලයට ආපු කෙනෙක් නෙමෙයි නේ. හරි හරි අයිසේ කොහොම හරි ඇවිත් අර හරේ රාම වගේ ප්‍රභාකරන්ව මැරුවනේ. ඒ පින ම මැදෑ මැරෙනකම් බලේ ඉන්න. නැද්ද මං කියන්නේ. ප්‍රභා මරපු එක හරි ගොන්ටෝ. ඌ මරලා මූ ප්‍රභාට ඇඳපු එකනේ වැරැද්ද. දැන් බලපුවා ම ප්‍රභාරකරන් මල් හතයි නේ. මේකා නිකන් ආලවක යකා වගේ නේ....?????  

වෙසෙස් උසස් ගත් අඳුන් කුළක් මෙන
සිරස් කරොස් කෙස් යබලිස විලසින
සහස් රතැස් යුග යුග කෙළ රිවි මෙන
රකුස් විලස් ගති රජපස් මෙලෙසින

කොහොම නමුත් ඇවරිගේ ඥාති සොයුරා නාමල් ෂීනන් අමතපු රැළියට යන්න ඇවරිට සිද්ධ වුනා. නාමලා අපූරු කතාන්දර රාශියක් කියලා අන්තිමට මේ කොහේවත් නැති අපේක්ෂක පළා පොළඟෙක්ට රෙදි නැතිව කඩේ ගිය හැටි ඇහුණ ම ඇවරිට මල පැන්න ඕන්. අනේ ඇත්තට ම මේ රාජපක්ෂලාට නෑයෝ ටිකක් නැතිවුනානේ මේ පළාත් සභා වලට නොමිනේෂන් දී ගන්න. නිකමට හිතන්න එහෙම වුනා නම් කොච්චර සාමකාමී මැතිවරණයක් තියන්න තිබුණා ද අර රෝම නාටක වල වගේ ආඩම්බරකාර තාත්තාට ඉදිරියට ඇවිල්ලා අපූරුවට කියන්න තිබුණානේ

මගේ ආදරණීය රටවැසියනි, ශ්‍රී ලංකා මාතාවගේ වොරැඳි කිතුගොස සදාකල් පවත්නා කැමතිව මාගේ සුපින්වත් පුත් කුමරුවාණ තිදෙනා ලක් මාතාව විෂයෙහි කැප කළෙමි. මා මෙන් ම ඇප කැපව පීඩිත පන්තියේ ප්‍රවේණි දාසයන්ව බහුජාතික සමාගම්වලට කඹුරන ඔබ තමුන්නාන්සේලාගේ දුක්ඛ දෝමනස්සයන් වෙත සවන් දෙනු පිණිස ජාතික දේශපාලනයට වැඩිමල් පුත් කුමාරුවාණන් ද රාජකීය හමුදාවේ අභිමානය සහ හෙළයන්ගේ අභීත පාරම්පරික ක්‍රීඩාව වන පිළිමළුන් පිටුදැකීමේ රග්බි කෙළියෙහි චිර පැවැත්ම උදෙසා දෙටු පුත්‍ර තෙමේ ද ලක් මෑණියන්ගේ නොනිත් ආශ්චර්යන් අභ්‍යාවකාශගත කිරවනු රිසියෙන් මා ළබැඳි කණිටු පුත් තෙමේ ගගනගාමියෙකු ද කළෙමි. උන් තිදෙනා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මගේ ඇවෑමෙන් ඔබ තමුන්නාන්සේලාගේ හෙට දවස හොඳින් නැතිනම් නරකින් විසඳනු නිරනුමාන ය. ඒ අනුව අප සියලු දෙනාට ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් වෙහෙසී කැපවී සේවය කිරීමට සිදුව ඇති බැවින් පළා බබාලා ලෙස අපට හිතැති ඔබට හිතැති අප පවුලේ ම සාමාජිකයන් පෙළක් ඔබ වෙනුවෙන් මෙවර පළාත් සභාවට ඉදිරිපත් වන බැවින් ඔවුන් ට ඔබගේ මනාපය කැමති පරිදි ලබා දෙන ලෙස දන්වමි. මහ ඇමති පිළිබඳ අවසාන තීන්දුව විධායක බලතල යටතේ අවම බලය යොදා මා විසින් ගන්නා හෙයින් ඒ ගැන ඔබ තමුන්නාන්සේලාට කරදර වීමට දෙයක් නැත. ආදරණීය ජනතාවනි, සමඟිවන්න. මනාප වෙනුවෙන් එකිනෙකා ඇණකොටාගෙන, ගුටි බැට කෙළගෙන වටිනා ජීවිත අහිමි කර නොගන්න. අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව ඇත්තේ මාගේ ම දරුවන් නොවෙතත් මාගේ ම ලේ බැවින් ඒ ගැන සිතා සමගිව කටයුතු කරතැයි සිතමි. ඔබ සැමට සුබ අනාගතයක්.

ඔන්න ඔය වගේ එක ස්පීච් එකක් දුන්න නම්, පළාත් සභා නිකම් ම අතේ නේ හලෝ. අනික මහින්ද නටපු නෙයියාඩම් වල හැටියට දහ අට සම්පූර්ණ මෑන්ස්ගේ ම ලේ තියෙන අපේක්ෂකයො සෙට් එකක් හොයා ගැනිල්ල මහ කජ්ජක් යැ? හම්බන්තොට පඳුරකට ගලක් ගැහුවත් රාජපක්ෂලා ඇස්ටි හැලෙන්න. බැරි වෙලාවත් මේ විදියට කාරණා කටයුතු සිද්ද වුනානම් අපි හැමෝට ම අපිට මොටෝ..... කියලා අත පිහිද ගන්න තිබුණා. මහින්ද ජරා සතා වෙලා මේ පරමාධිපත්‍ය අපිට දීපු නිසා දැන් මේ හැම හාල්පාරුවාගේ ම කතා අහල අහලා තව මනාප දෙන්නත් ඕන. ඇත්තට ම මහී අපි මහ මැතිවරණෙදිවත් මේ වගේ මාස්ටර් ප්ලෑනක් ගහමුද? දැනටත් හෙළු උරුමෙයි, හම්බ කොන්ග්‍රස් එකයි ඔඩොක්කුවට ගත්තු එකේ. ඊළඟ ඡන්දෙදි යූ. එන්. පී එකත්  බුලත් කොළෙන් තරඟ කරාවි. කවුරු හින්ද ද ඉතිං. අපේ ජනාධිපති මැතින්දා වීරයා. අපේ ජනාධිපති මැතින්දා සූරයා....  


     

Sunday, March 16, 2014

වේයන් හා නෑයන් සමඟ ගිය ඇවරිගේ ඇනුවල් සිරිපා කරුණාව 2

ඔන්න ඉතිං සිකුරාදා දවසේ කලින් ම ඔපීසියෙන් පැනල ආපු ඇවරි වේලපහින් ම කොටුව ඉස්ටේසමේ ක යන්න යටට ආවා. සහලෝලා සුදා ගින්දරක් තිබුණාට ආයිබෝං පේ වෙලා හේම හිටි නිසා ක්‍රීම් කැකරයකින් සැනහෙන්න ඇවරිට සිද්ද වුනා. කොච්චර ගමනට පේ වුනා ද කිව්වොත් ඇවරි ජාති දෙකේ මේස් දෙකක් තමයි එදා දාගෙන ගිහින් තිබුණෙත්??? ඒ එන අතරේ දන්න කියන අංගනාවක් කොමර්ෂල් ඒ.ටී.එම් එක ළඟ හිටන් ඉන්නවා. බැලින්නම් මේ අපේ මිස් එන්. ඩී. බී නොවැ. ඇයත් එක්ක ආලාප සල්ලාප කොරන අතරේ ජානක මහතාත් අපිට එකතු වුනා. අපි තුන්කට්ටුව ගෙදර ඉඳන් එන මුන්ට වෙලාවට එන්න බැරි හැටි කියලා නඩේ ඈයින්ට බැණ අඩගහන්න අමතක කළේ නෑ. ඔය අතරේ ඇල් අක්කලා අපිට එකතු වුනා. නඩේ කස්ටියට කලින් ම වාහනේ ආපු සැහැල්ලු බාගන්න අතරේ බදුලු බලායන රාත්තිරි තැපැල් දුම්රිය වේදිකාවට ආවා.
ඇවරි තමන්ගේ ටිකට් තිස්එක පෙන්වලා නිදන මැදිරියේ වෙන් කළ ආසන වලට කස්ටිය යොමු කළා. අතරින් පතර ආසන අටක් වෙනත් පුද්ගලයන් විසින් වෙන් කරවාගෙන තිබුණ බව ඇවරි දැනගෙන හිටියා. බොහොම යාප්පුවෙන් කතාබහ කරලා ඔවුන් ඉදිරි ආසන වෙත යොමු කරවීමේ මෙහෙයුම ඇවරි ආරම්භ කළේ ඉන් පසුවයි. එක ජෝඩුවක් අපේ කස්ටිය එක්ක වසන්න බැරිවෙන බව දැනිලද කොහේද කියපු ගමන් ඉදිරි පෙළ අසුන් වලට ගියා. තවත් තරුණ පහේ කාන්තාවක් ආසනය වෙනස් කිරීමට අකමැති වූ නිසා ඈ අසල ආසනය නිතරගයෙන් ම ඇවරිට හිමි වුනා. ඔය අතරේ තමයි කොළඹ විශ්ව විද්‍යාලයේ කොල්ලෝ ගැන්සියක් ඒ මැදිරියට ගොඩවුනේ. ඔවුන් ඔවුන්ගේ ආසන ඉල්ලා සිටියත් අපි දාගත්ත ඩීල් එක අනුව ඔවුන් එක් තීරුවකට සීමා කරන්න හැකි වුනා. දැන් මැදිරියේ මැදක සිට අවසානය දක්වා අපේ රාජ්ජය වෙලා හමාරයි.
සාමාන්‍යෙයන් රාත්තිරි තැපැල් දුම්රියේ නිදන මැදිරි වෙන් කළ ආසනවල බජව් දාගෙන යන්න අමාරුයි. කලින් ගාණක් ගෙවලා වෙන් කරවා ගෙන මිනිස්සු යන්නේ නිදාගෙන පහසුවෙන් යන්න මිසක් අපේ ගෝරනාඩු අහගෙන නින්දක් නැතිව යන්න නෙමෙයිනේ. එහෙම වෙනවනම් මැදිරි භාරකරුට පැමිණිලි කරන්න පුළුවන්. මගීන් පැමිණිලි කළොත් මොන අයියලා වුනත් නිදන මැදිරියේ සද්ද වහලා ලයිට් නිවාගෙන යන්න ඕන. නෝ කතා - නෝ සිනා තමයි ඉතිං. මේ තත්ත්වය දන්න නිසා ම අපි මැදිරි භාරකරුව හොදින් තියාගන්න උත්සාහ කළා. භාත් ගිටාරයක් හා ජෙම්බයක් උස්සන් ආපු නිසා අපේ බජව්ව සැරටම ගියා. අපි රික්වෙස්ට් ෂෝ ටයිප් එකේ වැඩක් කළ නිසා ජෙම්බෙ ගගහා හූ කිව්වත් කවුරුත් පැමිණිලි කළේ නෑ. අනික මැදිරියේ ආසන හතළිස් අටෙන් තිස් එකක් ම අපේ වුන නිසා කවුරු මොනවා කිව්වත් හූ කෙයාර්ස් කියාගෙන අපි සොමියක් දැම්මා. හැබැයි එච්චර ගාණක් වියදම් කරලා ආසන වෙන්කරවගෙනත්, එක රොත්තට වටවෙලා හිටගෙන සින්දු කියද්දි අයියෝ සල්ලි කියලත් නොහිතුනා නෙමෙයි.

කෝච්චි බජව්ව නැඟලා ගියා. කැම්පස් සෙට් එක එකම මැදිරියේ වෙනස් සින්දුවක් කිව්වොත් අපි උන්ට හයියෙන් ඒ සින්දුව ම කිව්වා. මිනිස්සු කවුළුවලින් අපි දිහා බලාන හිටියා. අපේ පදේට නැටුව කස්ටිය අතරින් පේරාදෙනිය ඉස්ටේසමේ කැන්ටිමේ තේ හදපු කොල්ලා විශේෂයි. අපි මැදිරියේ නටද්දි පොර කැන්ටිමට වෙලා නැටුවා. චමිත අයියත් මමත් අවසානය දක්වා ම සින්දු කියාගෙන ආවා. පාන්දර එකහමාරට විතර මැදිරිපාලක මහත්මාට සමු දීලා හැටන් වලින් නඩේ බැහැගත්තා. “හරි ඔයාලා කරුණා කරලා එන්නකෝ. මං තමා එදාටත් මේ පෙට්ටියේ වැඩ බලන්නේ.“ පහුවදා රෑ අපිත් එක්ක කොළඹ එන්න එතුමාට කළ ආරාධනාව සතුටින් බාර ගත්තා.
ගිටාරය හා ජෙම්බෙ හැටන් ඉස්ටේසමේ තියා යාමට ඇවරි මුල පටන් විධිවිධාන යොදා තිබුණා. ඒ සඳහා සරසවි මිතුරෙක් වුන කසුනා උදව් කළා. කසුනා දුන්න අංකයකට ඇමතුමක් අරං මං කාරණාව කිව්ව ම “ආ අවුලක් නෑ මල්ලි මගේ නම කියලා කැම්පස් එකේ යාළුවෙක් කියන්කෝ. වැඩේ කෙරෙයි. අවුලක් වගේ නම් මට කෝල් එකක් දෙන්න“ මං ජීවිතේටවත් නොදැකපු ඒ නිලධාරියා මහ රෑ ජාම වෙලාවට වුනත් තමුන්ට කෝල් කරන්න කියලා කියපු එකට ඇවරිට බුදු සැටිස්. රේල්ලුවේ බුවාලා කියන්නේ වහා මිත්‍රවනසුළු ජාතියක් කියන්නේ කට කහනවට නෙමෙයි. මං කවුද කියලා කියන්නත් කලින් අදාළ නම කිව්ව ම දුම්රිය ස්ථානාධිපතිතුමා බොහොම කරුණාවෙන් මාව පිළිගෙන ආරක්ෂා ඇති තැනක සංගීත භාණ්ඩ තැන්පත් කළා.
ලංගම බස්රථ පේලියක් ආවම කස්ටිය ගොඩවුනා. අපිත් එකකට ගොඩ වුනා. හැබැයි ටිකට් ගන්න ගිහින් වුන වැඩේ තමා මරු. “ඈ යකෝ කෝච්චියේ තිස් එකක් ආව නම් බස්එකේ දී විසි හතක් වුනේ කොහොමෙයි????“ බොහෝ දෙනා ඇවරිගෙන් ඇහුවා. බාග ටිකට්වල හුටපටයක් නිසා ඒ වැඩේ වුනත් පස්සෙ අවුල ගණිත ගුරුතුමා අපේ සුපුන් සර් මැදිහත් වෙලා විසඳුවා. නල්ලතන්නියෙන් බැහැගත්තු ගමන් කස්ටිය තොප්පි ගන්න, ජර්සි දාගන්න වැඩ වල යෙදුනා. ඒ අතරේ මමත් චමිත අයියාත් උදේ කෑමට පාන් අරගෙන නඩේ අතරේ බෙදා හැරීම සිදු කළා. කොහොමින් කොහොම හරි පාන්දර හතර හමාර විතර වෙද්දි කරුණාව පටන් ගත්තා. අපේ පළමු නැවතීම සිදුවුනේ මකර තොරණ ළඟදි.

මකර තොරණ ආසන්නයට කරණාකරපු අපි එහි ඇති වනජීවී කාර්යාලය ඉදිරියේ ගිමන් හැරියා. එන අතරේ දී ඇවරි නම් කරුණා කරන ගමනුත් නිදා ගත්තා. කෝච්චියේත් නින්දක් නොතිබුණ නිසා ඇවරි සෑහෙන්න වෙහෙසට පත්වෙලා හිටියෙ. ඒ නිසා නවතින නවතින තැන නිදාගන්න වුනා. ඒ අතරේ අලි මදිවට හරක් කියන්නා වගේ ඇවරිගේ නැඟණියනැදෑත් ටිකක් අසනීප ගතියක් පෙන්නුම් කළා. දුර්වල බවක් පෙන්නුම් කළ ඇගේ සැහැල්ලුව වනජීවී කාර්යාලයේ තබා අවශ්‍යම ඇඳුම් කැඩුම් පමණක් රැගෙන යාමට කටයුතු සංවිධානය කළේ ඇවරි මල්ලා හෙවත් සූටා විසින්. මේ සමනළ අවඩිය වනජීවී කාර්යාලයෙන් අපේ කස්ටියට බොහෝ උපකාර ලැබුණා. ඒ අපේ පරිසරවේදිනී නිමල්කා මැතිනිය නිසා බව සඳහන් කරන්න ඕන.


නිමල්කා අක්කා අපිත් එක්ක සිරිපා කරුණාවට එක්වුනාට ඇය යම් රාජකාරී ගමනක නිරත වූ බව තමා ඇවරිට වාර්තා වුනේ.හැටන් හමුදා භටයන් පිරිසක් විසින් කැලේ දී අල්ලා ගන්නා ලද දිවි පැටවකු කැලේට මුදා හරින තුරු රැකබලා ගැනීමට තැනූ කූඩුව නිරීක්ෂණය කිරීම සඳහාත් හමුදා භටයන් වෙනුවෙන් දිවියන් සංරක්ෂණය කිරීම පිළිබඳ දේශනයක් පැවැත්වීමටත් ඇයට ආරාධනාවක් ලැබී තිබුණා. ලංකාවේ දිවියන් ගැන පර්යේෂණ කරන ලද අතළොස්සක් පිරිස් අතුරින් නිමල්කා සංජීවනී අක්කා සෑහෙන තරමේ දිවියන් ගැන අත්දැකීම් ඇති පර්යේෂිකාවක්. කරුමෙ කියන්නේ මාත් ඒක දන්නෙ පස්සෙ. නැතිනම් තව පෝස්ටුවකට කතා ගොන්නක් අහගන්න තිබුණා. ඇයි තව  අපේ චමිත අයියා කියන්නේ ලංකාවේ සමල්ලු ගැන ලියැවුණ ගයිඩ් බුක් එකේ සම කර්තෘවරයා. එතකොට පල්ලි අයියත් ඒ අංශ ගැන ප්‍රාමාණික උගතෙක්. මේ කාරණා හින්දා අපේ කරුණාව පොඩිපහේ ඇකඩමික් ගතියකුත් ගත් බව කියන්න පුළුවන්. කොහොම වුනත් මේ තුන්කට්ටුවට පින් සිද්ද වෙන්න වෙනදාට සිරිපා කරුණා කළාට දකින්න නොලැබෙන ලස්සන සමනල විශේෂ සහ කුරුලු විශේෂ දැක ගැනීමේ අවස්ථාවක් අපිටත් හිමි වුනා. 

පිටිසර දී මුණගැසුණු සරසවි මිතුරාණ

පහුගිය සති අන්තයේ ඇවරිගෙ පිය පාර්ශවයේ ළඟ ම නෑදෑයෙක්ගෙ මඟුල් තුලාවකට යන්න කටයුතු සිද්ද වුනා. ඇවරි සාමාන්යෙන් මඟුල් ගෙවල්වලට යැවෙනවා හරි ම අඩුයි. අවශ්‍ය ම පවුලේ මංගල්‍යක් හෝ මිතුරෙකුගේ මංගල්‍යක් හැරුණා ම පොදුවේ ගෙදරට කෙරෙන මඟුල්වලට යන්න ඇවරිත් ඇවරිගෙ සහෝදර පිට් එක වගේ ම සොහොයුරී නට් එකත් එච්චර මනාප නෑ. හැබැයි මරණ ගෙවල්වල නම් මං ප්‍රතිපත්තියක් වශයෙන් යනවා. ඒ පුරුද්ද ඇවරිගේ අප්පච්චිගෙන් ලැබුණ එකක්. මැරුණ මිනිහා අපි ආපු බව දන්නැති වුනාට ජීවත්වෙලා හිටපු මිනිහෙක්ට අවසාන ගවුරවේ දක්වන එක අපේ යුතුකමක්. අප්පොච්චා කියන්නේ හේමයි. තව අලුත උපන් දරුවෙක් බලන්නත් ඇවරි සාමාන්යෙන් චාලිත්තරයක් හැටියට යන්න පුරුදු වෙලා තියෙනවා. ඒ පුරුද්ද ඇවරිට අම්මාගෙන් ලැබුණ එකක්.

දැන් අලුතින් ජෝඩුවක් විවාහප්රාප්ත වෙද්දි පොඩි එකෙක් ඉපදුනා ම යන්න බැරියැ කියලා වෙඩි ම රැල්ලෙ යවන්න ඇවරිත් ඇවරිගෙ මලයත් හරි දස්සයි. හැබැයි එහෙම මිස් කරන මඟුල්වල බබාල බලන්න නම් අනිවා යනවා. එහෙම ගියාම නිස්කලංකෙ අර කපල් එකත් එක්ක සාමීචි කතා කරලා කොළඹින් පිට නෑ ගෙයක් නම් රැයක් එහෙ ඉඳලා කාරිය සියළු සංග්‍රහ සත්කාර භුක්ති විඳලා තමා ආපහු එන්නේ. වෙඩිමට ගියාට වඩා ඒකෙ පොඩි සෙන්ටිමෙන්ටල් ලල් එකක් තියෙනවා. ඒ වෙද්දි වෙඩින් ඇල්බම් එක එහෙමත් ඇවිල්ලනේ. ඉතිං ඔය වගේ ඇවරි මෙතඩ් එකට රැල්ලෙ යවන්න බැරි වුන මඟුලක් තමා මේක. මනමාලි වුන මගේ නැන්දාගේ දෝණියැන්දා ම ගෙදරට ඇවිත් ආරාධනා කළ නිසා නොයා ඉන්න හිතුනේ නෑ. ඇරත් මඟුල් දිනේ මනාලයාගේ කකුල් හෝදන්න ආරාධනා ලැබුණේ ඇවරිට හෝ ඇවරි මලේට. ඒ කටයුත්තට නළු මල්ලාව පිටත් කළ ඇවරි කබලලයක් නැතිව යන්තම් හෝම් කමිනයට ගියා.
කියන්න බැරි වුනානේ. ඇවරිගේ අප්පොච්චාගේ ගම බෙන්තර යාත්‍රාමුල්ලේ. බෙන්තර ගඟ පේන සීමාවේ. ඇවරිට මතක පුංචි ම කාලේ හිටන් ම අපි සීයලාගේ මහ ගෙදර යන්න ආසයි. ඒ ළඟ සේන මාම හොඳ වෙස්මුහුණු නිර්මාණ ශිල්පියෙක්. ඔහුගේ බිරින්දෑ කාන්ති නැන්දාට සත්තු වත්තක් තිබුණා. දඬුලේන්නු, රිලව්, තාරකා ඉබ්බො, හාවො, ගිරව්, කිඹුල්ලු දෙන්නෙක්, ඉත්තෑවො, තාරාවො මේ ගෙදර පර්චස් පහළොවක විතර වත්ත ඇතුලේ ඇති කළා. සේන මාමගේ ඔරුවේ වෙසක්බලන්න බෙන්තර ඟඟ හරහා අලුත්ගම ටවුමට ගියපු ගමන තමා ඇවරිගේ මුල් ම ඔරු පැදීම. මං මේ ලියන සත්තු වත්ත අර යාන් මාටෙල්ගෙ ලයිෆ් ඔෆ් පයි වගේ ලොකුවට නොතිබුණත් ඒ දවස්වල බෙන්තර සුද්දන්ට පෙන්නපු කැටමරන් ටුවර්ස්වල ප්‍රධාන ආකර්ශනයක් වුනා. පහුකාලේ ඔය අහුන්ගල්ල සත්තුවත්තෙ සත්තු පැනලා ගිහින් කචල් වෙන කාලෙ කිට්ටුව ඒ පුද්ගලික සත්තුවත්තේ සියලු සතුන් ජාතික සත්වෝද්‍යානයට පවරා ගන්නවා.

ඇවරි ගියේ හෝම්කමිනයට නිසා කස්ටිය සූදානම් වන අතරේ ගමේ විත්ති බලන්න රවුමක් ගහන්න ඇවරිට හිතුනා. පොඩි එකාගෙ තනි නොතනියට කියලා ඇවරි මාතාවත් පස්සෙන් ම ආව. බෙන්තර ආවොත් මේ කියපු නැන්දලාගේ ගෙදර වගේ ම ලොකු තාත්තලාගේ ගෙදර සහ අලුත්ගම ඉස්සේසම ළඟ පාරෙ තියෙන සීනවත්තෙ මාමලාගේ ගෙදර යන්න අපි අමතක කරන්නෑ. ඊට අමතරව ඇවරි හුඟක් ම කැමති තැන් තුනක් තියෙනවා. එක තමා කලින් කී සේන මාමලාගේ ගෙදර. අද සත්තු නැතත් ඇවරි පුංචි කාලෙ සෙල්ලම් කරපු ඒ මිදුල, කිඹුල්ලු ඇති කරපු සිමෙන්ති ටැංකි තාමත් තියෙනවා. එතකොට ඇවරි නාපු තොටුපල, කිරල කැලේ ගල්තලාව ආයෙත් බලන්න පුළුවන්. දැන් මෝය කට පළල් වෙලා රට ඇතුළට කරදිය ගළන නිසා ගඟේ වතුර කරිජ්ජට හැරිලා ගමේ මොකෙක්වත් ගඟේ නොනෑවට ඇවරි ගියොත් නම් බැහැලා නානවා. අයිසේ අර පිළිකුත්තුවේ වළගම්බා නාපු මඩවලේ බැහැපු මට බෙන්තර ගං කොමළිය ඉන්ෆිනිටි පූල් පරාදයි. මළ ජරාවෙ නානවා කියලා නාන්ති නැන්දා බනින නිසා පනිට්ටුවෙනුත් නාලා සබන් ගාන්නත් වෙනවලු ඉතිං. මෙදා නම් ඇවරි කොළඹින් නාල ගිය නිසා ගඟට බැහැලා කූල් එකේ හිටියා.

දෙවැනියට මං කැමති ම තැන තමා ආච්චිත් සීයත් (ඇවරිගේ අප්පොච්චාගේ දෙමාපියන්) භූමදාන කළ පවුලේ කනත්ත. එතැනත් ජීවිතේට ඇවරිට අමතක වෙන්නෑ. ආච්චි නැතිවෙලා ටික කාලෙකින් සීය නැතිවුනා. ආච්චිගෙ මරණෙට අම්මයි අප්පච්චියි කලින් ආපු නිසා මාවයි මල්ලිවයි ලොකු මාමයි, ලොකු නැන්දයි ඉස්කෝලෙන් වේලපහ අරගෙන අවසාන කටයුතු කරන දවසේ ගමේ ගියා මතකයි. මොර සූරන වැස්සෙ අපි මළගෙදර යද්දි මිනිය උස්සලා අහවරයි. මල්ලි එතකොට පුංචි ම මුණුපුරා. අපි දෙන්න ආච්චිව බලන්න ඕනමයි කියල අඬපු නිසා ආපහු පෙට්ටිය අරින්න වැඩිහිටියන්ට සිද්ද වුනා. ආච්චි කියලා බුලත්විට කාපු, මුහුණ රැලි වැටුණු, මහ සද්දෙන් කතා කරන චරිතයක් ඇවරිගේ මතකයේ තියෙනවා. සීයව නම් ඇවරිට හොඳට මතකයි. ඉතිං මේ සොහොන් බිම ඇවරිට විශේෂයි. ඔවුන්ගේ කියලා නම් කෙටූ ස්මාරයක් එහි නොවුනත් හැමදාම බුදුන් වැඳලා ඉදං මේ ඤාතී කියද්දි ඇවරිට ඉස්සෙල්ලම මතක් වෙන අය අතර මේ දෙන්න ඉන්න බවත් කියන්න ඕන.
අවසාන කැමතිම තැන තමා බෙන්තර වනවාස විහාරය. ඔය කෝකිල සන්දේශයේ කවියකත් ඒ ගැන කියැවෙනවනේ. ඒ  පන්සල ගමේ උස ම තැන. හරිම නිදහස් ආකාසෙ අල්ලන්න පුළුවන් චෛත්‍ය මළුවක් ඒ පන්සලේ තියෙනවා. තව සිරිපාදේ අනුරුවක්, දළදා මැදුරක් වගේ ම අර දංගෙඩිගේ දා කොටන්න ඒ රජිඳා අණ කළා සීන් එක මන්දුම බණ්ඩා ඉස්ටෝරියත් මේ පන්සලේ අඹලා කරලා තියෙනවා. එතන මල් පූජාවත් හරි අපූරුයි. ඇවරි එක පාරක් ඇවරිගේ නමට බාර ගත්තු වස් පින්කමකට ඉඳලා තියෙනවා. ඉතිං ගමේ ගියොත් මායි අම්මයි මේ රවුම යනවා. මෙදා ඇවරිව දැක්ක ගමන් කාන්ති නැන්දා අඳුනගෙන කතා කළා. ඈ නම් ටිකක් වයසට ගිහින්.  

ඒ සෙනසුරදාවේ ඇවරිගේ නිවාඩුවට ගත් ට්‍රැවල් එක බෝරින් වගේ වුනේ ගජේට කවුරුත් නැති වුන නිසා. හැබැයි බේරුවල ඇවරිගේ තාත්තාගේ දෙවැනි නංගී ඇවාස්ගෙ නැන්දාගේ චමත්කාර දූවරු තුන්දෙනා නිසා පාළුව නැති වුනා. ලොකු අක්කා ඇවිත් නොසිටියත් බාල අක්කලා දෙන්නාගේ කෝච්චි දෙක ශීඝ්රගාමී වුන නිසා කණට සනීපයි ඉතිං. මනමාලිව කැන්දන් ගිහින් තිබුණේ පරෙයිගමට. අපි ඒ නිවසට ගිහිල්ලා චාරිත්‍ර කාරිය අහවර කරලා ඉද්දි ඇවරිගේ නඟා මේ යෝජිත විවාහය ගැන අපූරු ඕපදූපයක් කිව්වා. ලොකූ, මේ මනමාල අයියා අපේ අක්කට ප්‍රොපෝස් කරලා තියෙන්නේ මීට අවුරුද්දකට කලින් ලු. ඉතිං උන් අවුරුද්දක්වත් ලව් කරලා නැතිලු ද? බ්ර්ක් නැති කටින් ඇවරි ඇහැව්වා. නෑ අනේ ඒ වෙලේ අක්කා මනමාලයාට වයස මදියි කියලා බෑ කිව්වලු. හැබෑට? හැබැයි බැලූ බැල්මට මේ මංගල්ලේ බාල අපරාධයක් වගේ පේනවා තමා. දෙන්නට ම දහ අටට අඩුයි වගේ.
පොඩ්ඩක් ඉන්නවකෝ හලෝ කියනකම්.... ඉතිං මොකද්ද වසය සම්පූර්ණ වුනා ම දෙන්නා කසාද බැන්දා. ඒකනේ නීතිය. දැන් ඒකනේ ඔයා කියන්න යන්නේ??? මං ඇගේ කතාව කොටින් හමාර කළා. නෑ අනේ බලන්නකො ඉතිං එහෙම බෑ කියපු කෙනා මීට මාස පහකට උඩ දී හා කිව්වලු. පස්සේ මාස දෙකක් යද්දි මේ ඔක්කො ම කරලා තියෙන්නේ. බලන්න ඉතිං එහෙම වෙන්න පුළුවන් ද අනේ? ඇයි බැරි හලෝ. ගෑනු කියන්නේ ප්‍රතිපත්තියක් ඇති උන් යෑ. “ආලෙ කෙරුවත් දිවට දිව ගා ස්ත්‍රී ජාතිය නෑ විස්වාසේ“ එහෙමයි පොතේ තියෙන්නේ. නෑ නෑ ඔයා කියන්නේ අනික් පැත්ත. මේක ධන සාදෘශ්‍යක් පෙන්නුම් කරන අවස්ථාවක්. නංගා දන්න ලොජික් ටික අඹරලා වාදෙට එළඹුනා. ධන රින මාරු වුනාට හලෝ ගම්‍ය වන යථාර්ථය එකයි නේ...??? යන්නත් ඇයට කේක් බෙදන්න කතා කරපු නිසා මට කණක් ඇහිලා ඉන්න පුළුවන් වුනා. කෙහෙම්මල උන් දෙන්නට හිතුනා ම බැඳ ගත්තා. බැරි නම් හෙට අනිද්දට ලිහා ගත්තාවෙ අපිට මොකෝ...??? අනේ අම්මාපල්ල මේ කෙල්ලන්ගේ ඕපාදූපපපපපපපපපපප පුහ්.


කොහොමින් කොහොම හරි වෙඩිම අහවර වෙන්න කලියෙන් ඇවරි කොළඹ එන්න ඕන වග අම්මාට දැන්නුවා. පහුවදා පොඩි උන්ට අසෝක රජතුමා ගැන පාඩමට අත්තිඩිය සර්ගෙ ඉතිහාස නෝට් එකත් බලාගන්න තියෙන නිසා රෑට පොඩි කස්ටක් සෙට් වන බව ඇවරි දැනගෙන හිටිය. ඒ පාරේ හන්දියට ටිකක් දුර පයින් යන්න ඕන. කාපු ගමන ම පයින් යන්න බැරි වුනාට මේ පිටිසරබද පළාතේ කරුමෙට ත්‍රීවීලරයක්වත් පාරෙ නැති. ඇහිපිය උස්සගන්න බැරි තමරට රත් වුණ වෙලාවෙ අපි පයින් ගාාටද්දි ඇවරි ඇතුළු පිරිස පහු කරගෙන ගිහින් නවත්තපු කාරයක් හෝන් කළා. මේ පළාතේ මිනිස්සු අද අලුතින් ම නෑ වුන නිසා දන්න කවුරුත් වෙන්න බෑ කියලා ඇවරි ගණන් නොගත්තට කාරයෙන් බැහැලා ආපු කෙනාව දැක්කම අදහගන්න බැරි වුනා. බැලින්නම් අපේ මන්තිරි රගා මේ ගයිඩින් රස්සාවෙ යද්දි තමන්ගේ නැවතුම්පොළට යන අතර මගදී තමයි අපිව දැකලා තියෙන්නේ. ඊට දවස් දෙකකට කලින් කතා කරද්දි මේකා නුවරඑළියේ හිටියේ. දැන් මේ මං ඉදිරියේ. අපිව පාරට ඇරළවන්න ඉදිරිපත් වුන රගා මහතා ආගිය කතා ගොඩක් කතා කළා. ලංකාවට ආවත් හරි මං ඒකව දැක්කේ අරාගෙ ගෙදර ගියපු දවසේ. මං එද්දිත් රගාට මතක් කළේ මෙහෙම අහම්බෙන් හම්බුනොත් මිසක් හැබැහින් දකින්න හරි අමාරු නේ දැයි කියලා. කොහොමින් කොහොම හරි මං එදා වාහනෙන් බැස්සේ තවත් අපේ සෙට් එකේ කුප්‍රකට, හැන්ගෝවර් වගේ මගෝඩි ටුවර් එකකට පාර කපාගෙන ලොල්.    

Wednesday, March 12, 2014

වේයන් හා නෑයන් සමඟ ගිය ඇවරිගේ ඇනුවල් සිරිපා කරුණාව 1

පහුගිය සතියේ ඇවරිගේ ඇනුවල් සිරිපා කරුණාව සිද්ද වුනා නොවැ ආයුබෝං. සාමාන්යෙන් ඇවරි පහුගිය කාලෙ හැම සිරිපා වන්දනා සමයක ම වගේ නොයෙක් කස්ටියත් එක්ක වන්දනා කළාට මොක ද මේ පාර වන්දනාව සිද්ද වුනේ අපේ පවුලේ තරුණ කස්ටියත් එක්ක. කාලෙක ඉඳන් අපේ සෙට් එකට ලෝන්ග් ඩෙස්ටිනේෂන් ටුවර් එකක් යන්න ආසාව තිබ්බට මොක ද එහෙම යන්න ඉඩපාඩුවක් හම්බුනේ නෑ.
වැඩේ ගැන කියලා පළමු ඇමතුම ඇවරිට දුන්නේ ඇවරිගේ නැඟණිතොමෝ. ලොකූ චමිත අයියා සිරිපාදේ යන්න කතා කරනවා ඔයාලා එනවාද? නැඟණියන් දෑ එක දවසක් රාත්තිරියේ ඇහුවා ම ඇවරි ගත් කටට ම හා කියලා වැඩේ තීන්දු කොරා. මේ ගමන යමුයි කියලා චමිත අයියාටත් කණිපින්දම් ගැහුවේ අපේ භාත්කණ්ඩේ හෙවත් පමිද මලයා. අන්තිමේ දී චමිත අයියත් සිඟිත් අක්කත් එක්ක ලොකු අක්කා, සංජු අයියා සහ මිණිඳු - ශවිඳු දඟ මලු දෙක ගමනට එක්වන බවට නිල නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ වගේ ම ඇවරිත්, ඇවරි මල්ලා සහ ඇවරි නඟාත් ඇවරිගේ දයාබර මෑණියන්ගේ අනාගත පොඩි ලේලිත් ගමනට එක්වුනා.

කොඹළ පිරිස එහෙම සංවිධානය වෙද්දි ගම් මට්ටමින් බිම් මට්ටමින් සංවිධාන කටයුතු භාත් විසින් භාරගත්තා. වෙනදාට වැඩිපුර මේ වගේ වැඩවලට සෙට් නොවන ආධුනික පුස්තකාලයාධිකාරිනී විසංකා මැතිනියත් ප්‍රමිද මහතා සමඟ එන බව දන්වා තිබුණා. කොළඹින් යැවුනු ඇරයුම් ඇමතුම් ගාල්ලට ලැබීමෙන් චූටි මාමලාගේ පවුලෙන් අපේ මිස් එන්.ඩී.බී හරිනි අක්කාත්, ඇගේ සොයුරිය ෂෙරිනි නඟා සහ නෙතිඳු මල්ලා සමඟ ඇගේ අත පතා ආ ජානක කුල කුමරුවාත් මේ ගමනට සහභාගී වන බව දන්වා සිටියා. කොළඹින් ඇල්පිටියට යැවුණු ආරාධනාවලට යහපත් ප්‍රතිචාර ලැබුණ නිසා ඇල් අක්කා සහ එම මැතිතුමා උපුල් අයියත් ඇගේ දරු දෙදෙනා සහ හෙද නැඟණිය රවිංගි අක්කාත් ගමනට එන බව කියැවුනා. මාතලේට යැවුණු ආරාධනාව අනුව රුවංගි කුමාරිහාමි සහ ඇගේ සොයුරු ශාන් මල්ලාත් ගමනට එක් වුනා. ඊට අතිරේකව පරිසර විද්‍යාඥ නිමල්කා අක්කා සහ පල්ලි අයියා අපිට එක්වුනේ චමිත අයියාගේ යහළුවන් හැටියට. තව එතකොට අපේ රුවන්වැල්ලේ සුදී මලයා ප්‍රධාන කෝසල සහ බුද්ධික ඔහුගේ යහළුවන් දෙදෙනා මේ ගමනට එකතු පහදු වුනා. එහෙම බලාගෙන ගියාම රට වටේම නෑයින් එක ම කෝච්චි පෙට්ටියකට ගන්න අපි සෑහෙන කස්ටක් කාපු බව කියන්න ඕන.

තුන් කල් දක්නා නුවණැති චමිත බායි අපේ නඩේ ගුරා රාත්තිරි කෝච්චියේ යාම මැනවයි යෝජනා කළ නිසා ඇවරි මහතා කලින් පෝස්ටුවක සඳහන් කළ ආකාරයට එදා චිත්තරපටිය බලාන එන අතරේ කෝච්චි ආසන වෙන් කිරීමක් සිදු කළා. අපේ නඩේ පිරිස ඔහොම ගමනට සූජානම් වන අතරේ තිරය පිටුපසත් විවිධ ජවනිකා රඟ දැක්වුන බව කියන්න ඕන. ඉන් එකක් තමයි ඇවරි පියාණන්ගේ යෝග්‍යතා පරීක්ෂණ නාටකය. පොඩි සෙට් එක ගමනක් ප්ලෑන් කළාම ලොකු කස්ටිය මොකුත් නොකිව්වට ඒ අයට ටිකක් දුක හිතුන බව ඇවරි දන්නවා. “උඹලා කාටවත් රස්සා නැති කාලෙ අපි උඹලා ඔක්කොම අරන් සිරිපාදෙ ගියා, අද උඹලා ලොකු මිනිස්සු වුනා ම අපිව දාලා තනියම කරුණා කරනවා නේද?“ කියලා ඇවරිගේ ලොකු මාම හේම ප්‍රසිද්ධ ප්‍රකාශයක් පවා නිකුත් කරලා තිබුණා. ඇත්තට ම ඒ කතාව ඇවරිට සෑහෙන්න වැදුනා.
ඇවරි මුලින් ම කෝඩුකාරයෙක් හැටියට කරුණා කරද්දි ලොකු මාම තමයි නඩේ ගුරා. එතුමා අපි වෙනුවෙන් උඩ මළුවේ විශ්‍රාම ශාලාවෙ දෙවන තට්ටුවේ කාමර කිහිපයක් නායක හාමුදුරුවන් මගින් වෙන් කරවලා, උදෑසන ඉර සේවය බලන්න සියලු කටයුතු සම්පාදනයකරවලා, පහුවදා උදේ සිරාපා මළුවේ කාර්යාලය තියෙන ගොඩනැඟිල්ල ඇතුලේ විශේෂ කුටියක, නඩයේ සැමට පොල් සම්බෝල පරිප්පු හොදි සමඟ බත් පිළිගන්වලා, හිතේ හැටියට පද්මේ වන්දවලා එදා දවල්ට මකර තොරණ ගාවින් කෑම අරං දීලා සාර්ථක චාරිකාවක් ලබා දුන්න බව අවරිට මතකයි. තව අවස්ථාවක දී අපි සියලු දෙනා වෙනුවෙන් මුළු කෝච්චි පෙට්ටියක් ම වෙන් කරවන්න තරම් එතුමා දක්ෂ වූ බව කිවයුතුයි. ඇත්තට ම කිව්වොත් අද චාරිකා සංවිධායකයෙක් හැටියට ඇවරි යම් තැනක ඉන්නව නම් ඒ සඳහා මේ ලොකු මාමගෙන් ලැබුණු අත්දැකීම් සෑහෙන්න උදව් වුනා කිව්වොත් හරි. කොටින් කිව්වොත් තරුණ පිරිස ගත් සාමූහික තීරණයක් හැටියට වැඩිහිටි පිරිස සහභාගී නොකර ගැනීමට තීරණය වූ බව සඳහන් කරන්න ඕන.

ඔය අරුමැක්කේ ඇවරිගේ පියාණන් වහන්සේ ප්‍රටිවෙට් චැනලින් පාරක් දාගෙන රිපෝර්ට් ගොන්නක් උස්සන් ඇවරි ළඟට ඇවිත් කිව්වෙ එතුමාගෙ ශාරිරික යෝග්‍යතාව ගැන සලකාබලා ගමනට එක්කර ගන්නා හැටියට. ඇවරිගේ මෑණියන් කන් කෙඳිරි ගෑවෙ දෙන්නා දෙමාල්ලන්ට තනියම ගෙදර ඉන්න වීම ගැන විස්සෝප වෙමින්. මේ නිසා ඇවරි උපාය මාර්ගික වශයෙන් වැදගත් යෝජනාවක් සම්මත කරමින් ඔවුන් දෙදෙනාට කෝච්චියේ බදුලු සවාරියක් සූදානම් කළ නිසා ජාමෙ බේර ගන්න පුළුවන් වුනා.

සිරිපා ගමන ගැන කොළඹ පැවති මූලික සාකච්චා වට වලදී කෙනෙක්ගෙන් රුපියල් එක්දහස් පන්සියයක මුදලක් එකතු කරමු යැයි ලොකු අක්කා කළ යෝජනාව සම්මත වුනා. හැබැයි ඉන් රුපියල් දාහක් ම වැය වුනේ දුම්රිය ප්රවේශපත්‍ර සහ නල්ලතන්නි හැටන් බස් ගාස්තු සඳහා. ඉතිං රුපියල් පන්සීයට ආහාර වේල් තුනක් ලබා දීමේ අභියෝගය චාරිකාවේ මූල්‍ය පරිපාලක ඇවරි වෙත පැවරී තිබුණා. හැමදාම මේ වගේ ජල්තර කේස් දාගන්න නිසා ඇවරි මේක එච්චර ගාණක් නොගත්තට හැටන් තානායමේ ආහාර මිල ගණන් විමසූ ඇවරිට වැඩේ ටිකක් දරුණු වන බව පැහැදිලි වුනා. අපේ දුරින් නෑ වෙන තානායම් පාලිකාවට ඇවරි දුර ඇමතුමක් දුන්නාම ලැබුනේ යහපත් ප්‍රතිචාරයක් නෙමෙයි. “අයියෝ පුතා වීක්එන්ඩ් වල කරුණා කරනවා කියන්නේ හරියන වැඩක් නෙමෙයි. මෙහේ ඊයෙ සෙනඟ වැඩිවෙලා පොලිසියෙන් හරවලත් ඇරියා. සමහර විට ඔයාලට දවස් දෙකක්වත් යයි. කෝකටත් දැන් ඉතිං කෝචිචිත් බුක් කළා නම් එන්නකෝ.“ ඈ ප්‍රායෝගික අපසුතාවන් රැසක් ගැන ඇවරිගේ අවධානය යොමු කළා. එවෙලේ ඉදන් ඇවරි හිතින් සමන් දෙවියන්ට කන්නලව් කළේ, ඒ වගේ අබග්ගයක් නම් අපේ නඩේට වෙන්න එපා කියලයි.

සිරාපා කරුණාව පුද්ගලික වාහන වලින් කරනවාට වඩා ලංගම බස් වලින් ගමන් පහසුව සලසා ගැනීම හොඳ වෙන්නේ නල්ලතන්නියට ම ලංගම බස් ධාවනය වන නිසා. අපේ වාහනයක ගියා නම් සෙනඟ වැඩි වුනොත් මඟ දාලා පයින් ම නල්ලතන්නියට යන්න වෙනවා. කොහොම නමුත් බින්දු අම්මා ගමනට සහභාගී වන බව නිවේදනය කළාම ඇවරිට තව ටිකක් හිත හැදුනා. සියල්ල හොඳින් වෙන්න හිතාගෙන අපි ගමේ පන්සලේ බෝධිපූජාවක් සූදානම් කළේ මහසිවරාත්රී දවසේ. ඒ කටයුත්තත් හොඳින් සිදු වුනා. ටයිටයිටයි බොටයි මටයි. වයිවයිවයි කරුණාවයි කියාගෙන මහා සිරිපා කරුණාවේ මූලික කටයුතු ඔය ආකාරයට හමාර කොරගන්න ඇහැක් වුනා.