Saturday, August 29, 2015

මරණවා මේ ට්‍රිප් එක කොහොම හරි යමන් හෙවත් පණට ආදරේ කොට සවාරි යාම.....

ඔය කාන්තාවන්ට ලැදි එක්කෙනා මේ කාර් එකට... හිටන්
දැන් බං ඇවරි කියන්නෙ ඔය බෝයිකං කොරන එකෙක් මිසක් සලාදයක් ලියන එකෙක් නෙමෙයිනේ යනුවෙන් ඇවරිතුමා ගැන අලුත් ම විචාරයක් පළ වූ බවට පහුගිය සතියේ පැවති සතර කන් මන්ත්‍රණ වලදී කියැවුණ බව මගේ පුද්ගලික චර පුරුෂ සේවා මගින් දැන ගන්නට ලැබුණා. නිකට දෙවාරේ මේ ගහක් ගලක් වගේ ඉන්න සත්ගුණවත් පුන්‍යස්කන්ධයට කරනා නොනිම් අපහාස ඉවසා දරා ගෙන අමකතක වෙන්න ආසන්න මතක වස්තුන් කිහිපයක් එකතු කරලා සලාදයක් දාන්න කම්පනා කළා.

ග්‍රහචාරය අනුව ගත්තත් පහුගිය කාලය ඇවරිට එච්චර සුබදායක කාලයක් වුනේ නෑ. අලුතෙන් රාජකාරියට පත්ව ආ මල් මල් චීත්තයක් හින්දා සියල්ල නොපිටට සිදුවන බවක් තමා කියන්න තියෙන්නේ. ඒ කුණ්ඩලකේසියගේ ජාතකය පසුවට ලියන්නම්. ඇත්තට ම ඇය ලිවිය යුතු චරිතයක්. අද ලියන්න කියලා හිතුවෙ අපි ගියපු චාරිකාවක් ගැන කතාවක්.

හොලිඩේ එකක යන්න කියලා අපේ උන්දැලෑට ඕනකම තිබුණෙ 2014 ඇවරිගේ උපන්දින සාදය අහවර වුන මුල් කාලෙ ඉඳන් ම තමා. කාරණා කාරණා ගැලපිපලා අපේ බොහෝ දෙනා රාජකාරී බහුල වෙන තත්ත්වයක් උඩ ඒ අදහසත් කුණු කූඩයට ගියා. කොහොමින් කොහොම හරි චිලී මැතිනිය හෝටල් ටිකක් එවලා ඒවාට රිසවෙෂන් දාන්න කියපුවා ම වැඩේ ඇවරිගේ පැත්තෙන් පටන ගත්තා. අන්තිමේ දී අපි තෝරා ගත්තෙ දිගන වික්ටෝරියා නිවාස සංකීරණයේ බංගලාවක්.

නැඟිටපන් සුංගිරාළ

ඒ සෙනසුරාදා දවසේ උදේ රැයින් ඇවරිතුමා පිරිමැහෙන්න කියලා ඇඳුන් කඩමලු ටිකකුත් අරං දරුබකාවත් කිහිලි ගන්නාගෙන ගෙයින් එළියට බැස්සේ පාන්දර හතරට වාහනේ එනව කියපු නිසා. එතකොටත් සුගීත් කුමාර සයන තේවාවෙ. නැඟිට වරෙන් මචෝ අපි මේ දැන් පිටත වුනා. අරා තුමා ගංගාවන් සමඟ තොටමුණ හා මාෂියෝනා ද කැටිව සූගිත්වත් නංවාගෙන අපි කඩවතට යද්දි ඇවිත් හිටියා. මිරිස්වතතෙන් ගයියාවත් ගත්තම සියලු දෙනා එකතු කරගෙන අහවරයි.
ජල තටාකයේ උදෑසන ආහාරය 

ජිනදාසගේ ගුලි සහ තනිකඩ වලි

චිලීත් රුචිර අයියාත් සිටි කාරයේ පසුපස ආසනය තනිකඩ පාර්ටිය සඳහා වෙන් වී තිබුණා. වලිය ආරම්භ වුනේ මැද යන්නේ මොකා ද කියලා තීරණයක් ගන්න බැරිව. අන්තිමේ දී ශරීර පුෂ්ටිය නැතත් ගුණ පුෂ්ටිය බොහෝ ඇති හීන් එකා වෙච්චි ඇවරි තුමා සූගී සහ ගයියාට මැදිව ගමන් කළා. අපේ මුල් ම නැවතුම වුනේ වරකාපොල පෙරේරා ඇන්ඩ් සන්ස් එක. උදේ කෑමට පාන් ගැනීම තමා අරමුණ වුනේ.

නවත්තපු සැණින් වාහනෙන් බැහැලා ගිය ඇවරිතුමා මාෂියෝනා කුමාරිකාව බැහැ දැක්කා. අපි මෙච්චර සතුටින් ගියාට එතුමිය හිටියෙ ටිකක් කණස්සල්ලෙන් ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ එදින පැවැත්වෙන පශ්චාත් උපාධි දේශනයට ඈ යා යුතු වූ බැවින්. අංගනාවො වටවෙලා ඇගේ හිත සනසන අතරේ ඇවරි තුමා පාන් සොයන්න ගියා.

බලු බනිස් දානය

අන්තිමේ දී ජිනදාසගේ කඩෙත් නැති පාන් තිබුණෙ ඒ එහා පැත්තෙ නානගේ කඩේ. පාන් අරං එද්දි අපේ කස්ටිය   පෙරේරා ඇන්ඩ් සන්ස් එක ළඟ හිටි බල්ලෙක් සුරතල් කරනවා. පස්සෙ අපේ සුභද්‍රාවන්ගේ බලු සුරතල් වෙනුවෙන් රුචිර අයියා බනිසක් මිලට ගෙන දුන්නා. මුලින් මුලින් නොකෑවත් පස්සෙ අන්තිම වෙනකම් ම කාපු නිසා හැමෝ ම උදේ පාන්දර කරගත් කුසල සම්භාර ධර්මය ගැන සතුටු වුනා.

පාන් ටික අරං වාහන වලට දාපු අපි කඩුගන්නාව ළඟ නතර කරලා බතලේගල බලාගෙන පාන් කමුයි කියලා හිතාගෙන ගියා. කස්ටිය තමුන්ගේ මනෝ ලෝකවල කොච්චර හිටියද කිව්වොත් සුන්දර මල් මාලා අමුණනන්නත් පටන් අරං. අපි අර පලතුරු විකුණන්න හදපු හට් එකක් ඇතුළෙ සෙට් වෙලා, නැගෙන ඉර දිහා බලාගෙන පාන් කමු හොඳේ. ඒවා හඳේ කියලා තේරුණේ එවෙලේ තිබුණ වාහන තදබදේ දැකලා. අන්තිමේ දී පේරාදෙණිය කැම්පස් එකෙන් ම කමුයි කියලා හිටන් කස්ටිය පිටත් වුනා.
බොගේ ට්‍රිප් වල කෑම මෙන්න..

මඟදි ගැටඹෙදි ඇවරි තුමාට පඩුරු දාන්න ඕන කළා. පුවක්පිටිය දේවාලෙට පඩුරු දාන්න හිටියත් එතන පහු වුන නිසා ගැටඹෙට නම් දාන්න ම ඕන කියලා ඇවරි කිව්ව. ලොකු වාහන තදබදයක් තිබුණ නිසා ඇවරි තුමා කාර් එකෙන් බැහැලා පයින් ම සෙරෙප්පුත් නැතිව ඉස්සරහට ගිහින් පින් කැටේට සල්ලි දැම්මා. කාර් එක තව ගව් ගාණක් එහා. නිකම් බලාන ඉන්න බැරිතැන ඇවරි තුමා කාර් එකට එන්න ආවම චිලී දොර අරින්නැතුව ලොක් කරගෙන පිස්සුවක් නටලා අන්තිමේදී ඇවරිතුමාව කුජීත ම කොරලා දැම්මා. අම්මා පල්ල ඈ නම් ජන්මාන්තර වෙරක්කාරියක් ද මන්දා...? දැන් පිටිපස්සේ වාහනවල මිනිස්සු හෝන් ගහනවා. ඒ මදිවට මිනිහෙක් “උදේ පාන්දර මේ හිඟන්නො හින්දා තමා මෙතන පාර බ්ලොක් වෙන්නෙ කිවනවත් ඇවරිට ඇහුනා. අන්තිමේ දී පඩුරු දාන්න ගිය ඇවරි වාහනේට ගොඩ වෙද්දි හිඟන්නෙකුත් වෙලා.. 

බ්රේක්ෆාස්ට් ඇට් උඩ පේරා

පේරාදෙණිය කියන්නේ ගංගා මැතිනියගේ අඩවිය. අපි ඇතුල් වෙද්දිම ගංගා දේවතාවුන් වහන්සේට කොළ අත්තක් හේම කඩලා දාල තමා ගියේ. නැතිනම් ගෝරි ගොඩයි. අරවින්ද උඩ පේරා පාරේ එක්කගෙන ගිහින් පල්ලිය ඉස්සරහ නැවැත්තුවා. අපිත් කෑමත් අරං පල්ලෙහාට බැස්සේ බඩගින්නට ඉහ මොළ රත් වෙලා තිබුණ නිසා. ගලාගෙන යන වතුර පාරේ කකුල් ඔබාගෙන කලින් දා මාෂියෝනාගේ නිවසේදී චිලී සහ ගංගාවන් ද දායක වී කඳුළු පෙරාගෙන, සොටු සූරාගෙන සාදන ලද සීනි සම්බල් අපි කෑවෙ එතන දී. අවංකව ම කෑම බොහො ම රහට තිබුණ නිසා ඉදිරි පැය හතළිස් අට ඇතුළත අපේ කෑම් බීම් ගැන බලාගැනීමේ වගකීම ඇවරිතුමා බොහොම යාප්පු හෙප්පුවෙන් මේ කතුන් තිදෙනාට පැවරීමට ගත් උත්සාහය කෙළවර වුනේ ආඩපාලී වරුසාවකින්.




පංකාදු සීනි සම්බෝල... දයියා දයියාහ්..
අපි ආවෙ ට්‍රිප් එකක් මිසක් උයන්න නෙමෙයි. අන්න වාහනේ බඩු තියෙනවා උයලා දීපල්ලා.. යකෝ තුන්සිය හැටපස් දවසේම උයලා දැනුත් මුන්ට කන්න දෙන්න ඕන. අද පිරිමි තමා උයන්නේ. හා නැද්ද ගංගා. මාෂි පළමු වෙඩිමුරය පත්තු කළා. වෙනසකටත් එක්ක ඔයාලා උයන්න. අපිත් ඉන්නවනේ උදව්වට. ඇවරිතුමා කාපුවා නහයෙන් කටින් එන්න අහගත්ත බව දැකපු ගංගාවෝ තත්ත්වය ටිකක් සමනය වෙන්න පොඩ්ඩක් සැන්ඩි කරපු වදන් පෙළක් දුන්නත් කොච්චි මිරිස් කරළී කැරැල්ල උනුන් එකිනෙකා මරා ගන්න තැනට ම පත් කළා.

ඔයාට පිස්සු ද ගංගා?? අපි මොකට ද උයන්න උදව් කරන්නේ? මේ අහපන්, තොපේ හැටියට ගෑනු උඹලට උයලා දෙයි කියලා හිතන්න අමාරුයි. උඹලාට වෙන්නෙ කවදා හරි ගෑනුන්ට උයන්න. ඉතිං දැන් ම අපිට උයලා පුරුදු වෙයන්. කුක්කගේ නම හටාරී - උඩ පැන පැන මනෝරී කිව්වලු?? යකෝ මුන්ට ගිය රට කියපි.... තොටයා අපිට උයන්න වෙයි ද සත්තරං? ඒවා ඒ වෙලේට බලාගෙමු බං. තොටමුණ කිව්වෙ නිකම් ඕනවුනොත් මං තනියෙන් හරි උයන්නම් කියලා වගේ..

අයියලා කැම්පස් ද?

කට්ටිය කාල උඩට එද්දි කූඩැල්ලො හේමත් එල්ලිලා තිබුණා. නමුත් කාටවත් ඒ ගැන මතකයක් තිබුණෙ නෑ. ඔය අතරේ ගංගා, මල් කුමාරි ගීතරාණිගේ පොඩි නංගි වගේ ඉහේ මලක්  ගහගෙන පොටෝ සූට් එකකට පෙනී සිටි නිසා අපිට ටික වෙලාවක් එතන රැදෙන්න වුනා. කාපුව දිරවන්නත් එක්ක තොටයා කැම්පස් බුවෙකුට චක වරක් චක්කරය කටපාඩම් කරවමින් රැගක් දෙන්න සෙට් වෙන්නේ ඒ වෙලාවෙ.

අපි වාහන නවත්වලා තිබුණෙ. ඒ ළග මුර කුටිය ආසන්නව. හොස්ටල් පැත්තට යන්න බයිසිකලේ ආපු කොල්ලෙක්ට අපේ වාහන නිසා ටිකක් ඉස්සරහින් හරවලා යන්න සිද්ධ වුනා. අපි පිස්සු නටපු හැටියට මුං නම් මේ සම්මත්ජාතියකට කැම්පස් එකක පස් පාගපු එවුන් වෙන්න බෑ කියලා ඒ කොල්ලට හිතෙන්න ඇති. යන්න ගිය ගමන පැත්තක තියලා කොල්ලා ආපිට ඇවිත් බොහොම තැම්පත්ව මෙහෙම ඇහුවා.

අයියලා කැම්පස් ද?  ආ නෑ මල්ලි ඇයි. නෑ අයියෙ මේ හරියෙ පිට අයට එන්න දෙන්නෑ. සීනියර්ස්ලට අහු වුනොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරි මල්ලි හරි බොහොම ස්තුතියි! මල්ලි යන්නකෝ.... ඇත්තට ම අපේ තොටයා එච්චර ඩවුන්වර්ත් කතා කරනවා මං දැකලා ම නෑ. කොල්ල තොළොංචි වුනා විතරයි ආදිපාද තුමා ප්‍රශස්තියක් පටාන් ගත්තා.
මල් කුමාරී - ගීත රානී
ගන්න ගන්න මාගේ රූපෙ මං පොටෝජෙනික්....


අනේ පලයන් ගං කබරයො. අපි පිට ද කියලා අහන්නේ? මේක තොපිට ලියලා දීලා ද? මොකෝ අපි උපාධිධාරී කියලා බෝර්ඩ් එකක් උස්සන් ඉන්නයැ?? තොපි වරෙව් කෝ කැලණියට. මුං පේරාදෙණියෙ කියලා නළලෙන් ඉන්නේ. ඒ අතින් බලපන්කෝ අපේ කැම්පස් එකේ කොහේ හිටියත් මොකාවත් ඇවිත් ප්‍රශ්න කරවා ද? පේනවනේ ගංගා ඔයාගෙ විස්ස විජ්ජාලෙ වැඩවසම් උප සංස්කෘතිය??? තොටමුණ මාරාවේෂ වෙලා කියාගෙන ගියේ එහි සිටි සියලු දෙනාගේ ම අවධානය දිනා ගනිමින්. විවාහ මංගල්‍ය දවසේ පොටෝ අල්ලන්න ඒ ඉසව්වට ආපු වෙඩින් කපලයක් සහ කැමරා කෘ එක අපි දිහා බැලුවේ මේ මොකා කියන්නා වගේ. මාෂියෝනා කුමාරිකාව ඊළඟට රඟ දැක්වූ නායකට තොටමුණ ආදිපාද බොහොම සාවධානව ඉවසා වදාරා ගත්තේ වෙන කරන්න ම දෙයක් නැති නිසා. ඒ ගැන ඊළඟ පෝස්ටුවෙන් කියවමු හේනම්... 

Friday, August 21, 2015

රෝමියෝ අරවිදාලංකාරය හෙවත් හෙවත් ෂ්... සද්ද එපා ජනේලෙ අරින්න

ඇවරිතුමාගේ කාර්ය බහුලත්වය මත බොහෝ සලාද ලිවීම අතපහු වුනත් ලැබුණු කාර්යාලයීය විවේකයේ කඩිනම් සලාදයක් කොටන්න හිතුවා. ඇත්තට මට කාර්යාලයේ සදාල ලිවීම ඉතා පහසුයි, මොකද අයිස් ගහන අස්සෙ මං වැඩක් කරන බව ලොක්ක තුමාට පේනවනේ..ලොල්
කේක් ගෙඩියට වැට බැදීම - කලාබූෂණ ඇවරියා විසින් සිදු කළ පින්බර මොහොත!
නිමිත්ත අපේ ගංගා කුමාරිකාවගේ උපන්දින සාදය. එතුමියගේ ප්‍රිය වල්ලභ තෙමේ අපේ අචාන්දර හඳසියපත් තුමා තමන්ගේ හද පත්ලෙන් බුර බුරා නැගෙන ප්රේම ගංගාව එම මැතිනියට දනවනු පිණිස සූජානම් කොර තිබුණා වූ මාහැඟි කුසල කර්මයට අපිටත් අත ගහන්න පුළුවන් වුනා. චිලීගේ අභිරහස් උපන්දින සැමරුමෙන් පන්නරය ලද අරවින්ද හඳසියපත්ට තමන්ගේ හෝනේවාලී පත්නී ගංගාවන් වෙනුවෙන් විවාහයට පෙර සමරන අවසාන උපන්දිනය විශේෂයෙන් සමරීමට අවශ්‍ය වුනා. ඉතිං රෝමියෝ අරවින්ද කුමාරයා මේ ගැන මුලින් ම කතා කළේ ඇවරිට. අවුලක් නෑ අපි වැඩක් කරමු. අනිත් අයටත් කියන්න. එදා අපිට කිසිදු වගකීමක් නොදුන්න අරා ස්වයං කැපවීමෙන් සියල්ල සූදානම් කරලා තිබුණා. අපිට තිබුනෙ වැඩේට එන්න විතරයි.

මං සුපුරුදු පරිදි නයිට් විෂන් දාගෙන කඩවතට ඇවිත් සෙට් වුනා. ඒ සිකුරාදා රාත්‍රියේ මුල්ම සප්‍රයිස් එක ලැබුණෙ මට. මං මාෂිට කතා කළා. දැන් කොහි ඉන්නෙ කියලා අහන්න. අනේ මං එන්නෑ බං... හෙට උදේ ම ලෙක්චර්ස් යන්න වෙන නිසා මං නැවතුනා. නාලක නම් ඇති. ඉන්න මං එයාට ගන්නම්. හුකෑස්.. ඒකත් ජය සිරි මංගලම් කියමුකෝ. තොටයට ගත්තා ම ඒ සැණින් අරාගේ මණ්ඩිය මං ළඟට ආව. දොර ඇරියා ම මේන් මාෂි කාර් එකේ... සතුට වැඩිකමට මට කෑ ගැහුනා. එසැණින් චිලීත් රුචිර අයියාත් ඇවිත් අපිට ඉස්සරහින් නැවැත්තුවා. ඇවරි කෑ ගහගෙන ඒ කාර් එකට ගොඩ වෙද්දි එතන හිටි තරුණ ජෝඩුව තක්කු මුක්කු වෙලා බලාන හිටි බව මතකයි. හැබැයි ඉස්සරහින් නවත්තපු කාර් එකට නගින්න පස්සට ගියේ ඇයි කියලා කවුරුත් අහන්න එපා හරිය...

වදින්නට ගිය දේවාලය ඉහේ කඩා වැටීම..
අපි කිරිල්ලවල බලා ගමන් කලා. ඔය අතරෙදි අපේ බුවාලා සුපුරුදු වරදක් කරලා. අපි සාමාන්‍යෙයන් වෘත්තිය ඡායාරූප ශිල්පීන් පිරිවරා ඉන්න පිරිසක් නේ... නමුත් කොහේ හරි යද්දි පුරුද්දක් වශයෙන් උන්ගෙන් මේ එකෙක් හරි කැමරාවක් ගෙනාව ද? ගෙනාපු කැමරාවෙ බැටරි තියෙනවා ද කියලා අහන එක පුරුද්දක් වෙලා. අර වඩුවගේ ගෙදර පුටුව නෑ කියන්න වගේ මුං ගාව කොයි වෙලෙත් තියෙයි කියලා හිතන්න අමාරුම දේ කැමරාව. කොහේට හරි ගෙනිච්චා කියමුකෝ. ඒත් කැමරාව ඩිකියේ. ආයෙත් කාර් එකට වරෙන්කෝ ඒක ගෙනියන්න. ඔය වගේ අපේ පොටෝ කැචර්ලා කියන්නේ සුපිරි පන්නයේ ආතල් සම්පාදනය කරන පිරිසක්.

එදා කැමරා අලකලංචියට මුල පිරුවේ කතානායක රෝමියෝ කුමාර ම තමා. ඇමතුම තොටමුණගෙන්... මචං මේ මාර සීන් එක කැමරාවෙ බැටරි බැහැලානේ බං. අපි අරාලගේ ගෙදර ගිහින් ඩබල් එකේ බැටරියක් ගේන්නම්. උඹලා නවත්තගෙන හිටපල්ලා. ඔය කොළේ. දැන් දොළහට කාලයි.

අපි ගංගලගේ පාරටත් හරවලා, ඉස්සරහට ගිහින් නවත්තන් හිටියා. පහුවදා මෙඩිකල් තිබුණ නිසා රුචිර අයියාත් අමාරුවෙන් හිටියේ. ඒ දෙන්න නින්දෙන් ඇහැරිලා ඇවිත් තිබුණෙ. බලපන්කෝ මුංගේ වැඩ. එක්කො ටිකක් කලින් කිව්ව නම් මං හරි කැමරාව ගේනවනේ...?? ටිෂූ කඩදාසියකට කබ පොට්ටනියක් කඩා ගන්න අතරේ චිලී කිව්වා.
මධ්‍යම රාත්තිරි දොළහට මිනිත්තු කීපයක් තියෙද්දි අපි ගංගාවන්ගේ නිවසට සේන්දු වුනා. ගිය ගමන් අපි හොර අඩි තිය තිය වත්ත මායිමට ඇතුළු වුනා. ඉස්සරහ ගෙදර මිනිස්සු ජාම වෙලාවට මේ මොකා කියලා බලන්නා වගේ ලයිට් දාලා අපේ වැඩේ ජල්තරස් කරන්න උත්සහ ගත්තා රෝමියෝ අරවින්ද මන්තරයක් මතුරපු නිසා බයට ම ඒ මිනිස්සු දොර වහගත්තා. අරා හොඳම මන්තරේ දෙසා වදාරන්න පටන් ගත්තේ ඇවරිතුමාට.. අනේ බං... විජහට ඔය කේක් එක සරසලා ගනින්... අපි දැනටමත් පරක්කුයි.

වැල යන පැත්තට ගහ උලුවස්සා කිව්වාලු. රෝමියෝ අරා ඉටිපන්දම් හැට හුටාමාරක් අරං ඇවිල්ලා.. ඇත්තට ම ගංගා මෙච්චර වයස ද මචං..? මං ප්‍රායෝගිය පුරස්නයක් ඇහුවා නැත්නම් ඒ ඉටිපන්දම් තිහ ම කේක් ගෙඩියෙ කොටන්න ඕනැ ද දන්නෑනේ..?? නෑ නෑ අපි වටේට විතරක් ඉටිපන්දම් ගහමු. ඒ ඔවදන මාෂියෝනාගෙන්. මාත් හා කියල බාර ගත්තා. අන්තිමේ දී අර ලස්සන කේක් ගෙඩිය වටේට කම්බි වැටක් ගහල වගේ ඉටිපන්දම් ගහලා.

දැන් ඉතිං මේක පත්තු කරගෙන අපි වත්ත මැදින් ගියොත් හොල්මනක් කියලා ඒ මිනිස්සු හිතාවි. එතනට ගිහින් පත්තු කරමු. අපි තීරණයක් ගත්තා. අන්තිමේ දී අපි වත්තට ඇතුළුවන මායිමට ගිහින් කඩිනම් සැලසුමක් ගැන හිතුවා.

අරා තමා දැන් අණ දෙන නිලධාරී. අර පේන්නේ ගංගාගෙ ජනේලෙ අපි දොරින් යනවා ද? ජනේලෙ ඇරියාම සප්‍රයිස් කරනවා ද? අරා සීරියස් පිට ඇහුවා.  

ඒකෙ ඉතිං ලොකු සප්‍රයිස් තියෙන එකක් යැ බං. තොටමුණ කට කොණකින් හිනා වුනා. උඹ හැමදාම ගංගාගේ කාමරේට ජනේලෙන් පනින එකේ අද කියලා මොන වෙනසක් ද? උඹට පුරුදු වුනාට අපිට ජනෙල් වලින් පැනලා පුරුදු නැති නිසා දොරනේ ම යමන්. කස්ටිය වත්ත ඉස්සරහා නැවතිලා සුදම් සබාවක් පවත්වන අතරේ ගේ ඇතුළෙන් කවුද කවුද කියලා සද්දයක් ඇහුවා.!!

මේකට කොටු දාන්න ඕනෑ වෙයි ද?
ඒ එක්ක ම ගංගාගේ කාමරෙත් ලයිට් වැටුනා. ආනේ හොරා.. ඒත් කවදාවත් නැතුව අද දොළහට ම විෂ් කරද්දි මං හිතුවා මොකක් හරි ඇති කියලා. අපි කේක් එකත් අරං ගේ ඇතුළට ගියා. ගංගා මැතිනියගේ පියාණන් අපිව සාදරයෙන් පිළිගත්තා. රාත්‍රී මෙහෙයුමේ රහසිගත ඒජන්ත ගංගාවන්ගේ මල්ලි තුමාත් අපිට එකතු වුනා. කේක් කාල, කතා පවත්වලා, තේ බීලා හේම අපි අවසානෙට ගෙදර යද්දි පාන්දර දෙකට කිට්ටුයි. රෝමියෝ අරා තුමාගේ කැමති ම පාට සෝස පාටට නිසා සියලු ම තෑගි සෝස රැපින් වල ඔතලා තිබුණා.

අනේ බලන්න හව් ස්වීට් ආහ්... අරා කේක් ගෙනත් තෑගි අරං සියල්ල සූදානම් කළා වගේ ම අපිට කන්නත් අරං ඇවිල්ලා. මේ මහ රෑ ඔයාලට කරදර කරන්න බෑනේ ගංගා. මං කන්න බොන්නත් අරං ආව.. ලොලේ ලොල්.

බලපන්කෝ ඉතිං ගංගා අරවින්දව මකවලා හදපු හැටි... ඕකනේ කියන්නේ හොඳට හරි නරකට කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්න ඕන.. මාෂියෝනා උදාන වාක්‍යක් ප්‍රකාශ කළා. ඔව් ඔව් කොල්ලන්ට නම් හොඳට.. බැඳපු අපිට හැම විට ම නරකට.. තොටමුණ ආදිපාද ඌණ පූර්ණයක් දුන්නා. කේක් කැවීමෙන්, බීම පෙවීමෙන් හටගත් සකල කුසල පුන්‍ය සම්භාර ධර්මය රෝමියේ අරවින්දානන්දට සහ ජුලියටෝ ගංගාවන්ට අනුමෝදන් කරමින් නිද්‍රා මරගාතයේ බඹමින් ඇවරිතුමා නිවසට සම්පාප්ප වුනා.

පසු කතාව
පහුවදා මං ඇදෙන් නැඟිට්ටේ අපේ කුළඟන සමිතියේ සභාපතිතුමියගේ ඇමතුමකින්. තාම බුදි ද? දැන ගෙන අහන්නේ ඉතිං.. මේ ඊයෙ අරා මාර වැඩක් නේද කළේ. දැන් මොකක් ද මාර වැඩේ? ඇයි ඌ සුපර් මෑන් වගේ ලන්කට් එක උඩින් ඇඳන් ආව ද? නෑ අනේ බලන්නකෝ අරවින්ද එච්චර රොමැන්ටික් සූකිරි කුක්කෙක් කියලා අපි නිකමටවත් හිතුවද?
අනිවා... ගංගාට කියන්න ඕන ඌව කූඹිච්චියන්ගෙන් පරිස්සම් කරගන්න කියලා. අනේ පලයන් යන්න. අන්න බලපන් ආදරවන්ත සුවාමිපුරුසයෝ.... ඇමතුම විසන්ධි වුනා..

ඊළඟ ඇමතුම කුළඟනේ භාණ්ඩාගාරිකතුමියගෙන්. ඊයෙ රෑ අරා මනමේ කුමාරයාට ම ඇන්දා නේ බං.. නෑ.. ඒකනේ ඌ මනමේට ඇඳලා එද්දි ගංගා හවුස් කෝට් එක පිටින් හිටපු එකයි අවුල. අනේ මේ බලපන් උඹලා සේරගේ ම කාර්ඩ් කුඩු. අරා තමයි ජාතිත් ආදරවන්තයා.
.

මං කළුබෙරියා ජංගමදුකේ කෙටි පණිවිඩ බැලුවම ඒ හැම එකක ම අරා ගැන කියලා තිබුණා. යකෝ මූ එක පාර්ටියෙන් සෑහෙන්න ළකුණු දාගෙනනේහ්...!! අපේ හඳසියපත් චන්දරේ සත්‍ය ප්‍රේමය් භෘංග රාජයා හෙවත් අමරණීය රෝමියෝ සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔයාකාරයට තමා.         



කට කණේ කියන්නේ මේවාට....

Wednesday, August 12, 2015

ආදිපාද උපන්දිනය හෙවත් මිනිහෙක් වුනා ම අදවත් ගෙදර ඉන්න එපා ද??

කලින් පැනීම 
පහුගිය දවසක අපේ ඔපීසියට අලුත් අංගනාවක් ආව නිසා ඇවරිට අලුත් ජොබ් එකක් පැවරුනා. සාමාන්‍යෙයන් කාන්තා කටයුතු අමාත්‍යංශයය කියන්නේ ඇවරිගේ අත්‍යවශය සේවා ගණයට වැටෙන සබ්ජෙක්ට් එකක්. අපේ ආදිපාද තොටමුණ කියන හැටියට ඇවරි කොහොමත් කාන්තාවන්ට ලැදි ලු. අනේ කොයි වෙලෙත් ගෑනු ළමයි ඇවරිට බාර දීලා රිසිට් එකක් ගත්තා ම ආපහු තමන් ම ඇවිත් අරන් යනකම් හිත එකලාසෙන් ඉන්න පුළුවන් කියලා තමයි හැපී කස්ටර්මස්ලා කියන්නේ.  
දැන් නැතුවට මුං කීයට හරි එන්න පුළුවන් මාෂි.....

අපේ ලොක්කත් පුත්තරයා ගැන දන්න නිසා කතා කරලා ම මට අලුත ආපු දැරිවිව භාර කළා. ඇගේ සේවා මුරයට මට වැඩ කරන්න අවස්ථාවක් ලැබුණෙ ඒ ආකාරයට. ඉබ්බා දියේ දැම්මා ම ඇන්නෑවෙ කියපි. මමත් අත උඩෙන් ඇයව ආයතනයට අනුගත කිරීමේ ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකට  අතගැහුවේ කලින් පැන ගන්න පුළුවන් වන නිසා. එදා කලින් පැනලා අපි යන්න ගියේ තොටමුණගේ උපන්දින සාදය සඳහා.

ඔබ හින්දා බෑ මට මේ තරම් - ඉවසන්න කල්පනා
උපන් දිනය දවසටවත් මිනිස්සු ගෙදර ඉන්න ඕන. දැන් බලන්න ඇවරි... වයසට ගියත් හවසට ගෙදර. අපේ තොටමුණ ආදිපාදයන් වහන්සේත් රාජකාරී වැඩකට තමන්ගේ ප්‍රාන්තයෙන් විතැන් වෙලා බලපිටියට පුරවරේට ගොහින් හිටියෙ දවස් කීපයට කලින් හිටන්. මාෂියෝනා මැතිනිය තොටස්ගේ උපන්දිනය දවසේ පිළියෙළ කළ විශේෂ වැඩසටහන නිසා තොටමුණට සියලු කාර්යන් මඟහැර හැරෙන තැපෑලෙන් ගෙදර එන්න කටයුතු සිද්ධ වුනා.

ඔය අතරෙ ඔපීසියේ සිටි මට චුල්ල සුභද්‍රා මාෂියෝනාගෙන් ඇමතුමක් ලැබුණා. බලපන් බන් අපේ මිනිහා උපන්දිනේ දවසටත් ගෙදර නෑනේහ්...?? මං වලියක් දාගෙන ඉන්නේ හවස. ඔන්න දැන් එනවා කිව්වා. අංගනාව සතුටින් කිව්වා. අපි සියලු දෙනා ඇගේ තනි නොතනියට රෑ පුරා චැට් කළා. අන්තිමට පාන්දර එකයි තිහට විතර තොටයා ගෙදර ආව කිව්වම තමා අපේ කස්ටිය නිදා ගත්තේ. දැන් ලෝකෙ කොච්චර දියුණු ද කිව්වොත් තනි රකින්නෙත් ඔන් ලයින් ක්‍රමයට.  අනේ සකෝ බලලෝ....

දෑස රිදෙනවා පාර බලා ඉඳලා..
2015 සප්‍රයිස් පාර්ටි සෑහෙන්න පැවැත්වුවා ද කිව්වොත් අපේ අයියලා උපන්දිනය ලබන දාට නිදි වර්ජිතව ඉන්න පුරුදු පුහුණු වෙලා. මේ ඇබ්බැහිය කොච්චර දරුණුවට තිබුණ ද කිව්වොත් අපේ ආදිපාද තොටමුණත් තමුන්ගේ උපන්දිනය දවසේ අපි එහේ එයි කියලා පෙරමඟ බලාන හිටියලු. මෑන්ස් ගෙදර ගියෙත් පාන්දර ජාමෙනේ. මුං එයි අනේ ටිකක් බලන් ඉමු කිය කිය හන්දියට වෙලා තොටතුමා සෑහෙන්න වෙලාවක් ඉඳලා කණස්සල්ලෙන් ම නින්දට ගියා කියලයි මාෂියෝනා කිව්වෙ. මෙනවා වුනත් පොඩි එවුන්ට එහෙම බලාපොරොත්තු දෙන එක වැරදියි මං කියන්නේ..... නෙව ද? හෑ??

අතමක තෑග්ග හෙවත් ෂර්ට් එක ගෙනාවනේහ්..
එදා මට වුනේ ජිංගිරි පුටානා වැඩක්. ඕං ඇවරිතුමා ගාට ගාට කොටුවන එන අතරේ ඇමතුම් කප්පරක් දීපු කාරියකරවන රාල සහ තමන් ලෝර්ඩ් කියලා හිතාන ඉන්න ලොකු සීන් දාපු අංගනාවක් ගංග මැතිනියගේ උපන්දින තෑග්ග ලෙස ලිස්ට් එකක් ගන්න කියලා කියවගෙන ගියා. ඇයි හත්තිලව්වේ නින්දක් කාරිය දාගෙන එන්නවත් අවස්ථාවක් දෙන්නැති හැටි ඕං... අවසානෙට ගන්න අටමගල් කඩවතින් ම ගන්නවා කියලා හිතාන ආවට මොකො.. අරා තුමා මඟදි ඇමතුමක් දීලා මණ්ඩියට ගොඩවෙන්නැයි කී නිසා ගංගා වෙනුවෙන් උපන්දින තෑග්ගක් ගැනීම කළ නොහැකි වුනා. තමන්ගෙ එක කුස උපන් බිරින්දෑට ඔහොමත් හතුරුකම් කරන සුවාමි පුරුසයෙක් මං දැක්කාමයි.. ඕං ගංගා එදා ඔයාගේ තෑග්ග චකබලාාස් කිරීමේ සම්පූර්ණ වගකීම ප්‍රාණසම හස්බන්ඩා චන්දරේ බාර ගන්න ඕන.. හැබැයි අදාළ පාර්ශවයන්ගෙන් අනිවාර්තෙ ඇවරිතුමා නොසෑහෙන්න දෝෂාරෝපණයන්ට ලක් වුනා.

ඩිනර් කිව්වම සපර් යාම
සමහරු හරි බිසී ජීවිත නේ මෙයාලා. දැන් අපේ සමහර ලොකු සීන් දෙන රජ කකුල් පේ වැඩ වලටත් බහින්නේ අන්තිම නූලට තියලා. ඕං එක්කෙනෙක් තොටයාගේ පාර්ටියට ආවෙ ඊට පැය දෙකකට කලින් ලෑන්ඩ් කරපු ෆ්ලයිට් එකකලු. දැන් කොහ්ද ඉන්නේ..? මේ එයාර්පෝර්ට් එකෙන් එළියට ආව විතරයි. ආහ් එහෙම ද? කියලා ඒ නොම්බරයට කතා කරපු අපේ අරා තක්බීර් වෙලා ඇමතුම තිබ්බලු. අන්තිමේදී කාටත් කලින් ම එහි ගිය මේ නෝනා අපරාදෙ කියන්න බෑ අපි යද්දි පිඟන් ටික හේම හෝදලා කෑම ලෑස්ති කරන්න ලොකු සප් එකක් දීලා තිබුණා. අන්න ඒකයි බං කැක්කුම කියන්නේ බලපන්කෝ ලොකුකම් නැතුව තොටයා වෙනුවෙන් පිඟන් හෝදන්නත් ලෑස්ති කස්ටිය ඉන්නවනේ... කාටද ආඩම්බර නැද්ද මාෂි?

වැටෙන් එහා කුරු ගැනීම
කොහොමින් කොහොම හරි ඇවරිතුමාත් නිල රථයෙන් තොටමුණ මහතාගේ කැදැල්ලට පම්ප්‍රාප්ත වෙද්දි සඳ පායලා තිබුණා. අපිව උණුසුම්ව පිළිගත්තත් හරි මොකෙක් හරි අහරකුක්කෙක් ඇවරිව ගේට්ටුවෙන් එහාට අරගෙන ගියා. ඒ ආකාර නව නිංගිරාවක් කරන්න පුළුවන් ජාතියේ පොරවල් බොහොම ටිකයි නොවැ ඉන්නේ. වෙන කවුද ඉතිං චන්දරේ ම තමා.. ඇවරිතුමාගේ අතත් තුවාල කොරලා, එහෙනම් වටිනා කියන ලේ ධාතුව සොලවලා අවීචි මහ අපායෙ යන වස වැරැද්දක් තමා චන්දරේ කොරගත්තේ. හැබැයි පාරුවේ පුවක් නිසා ගේට්ටුවෙන් එළියට වෙලා කූරු ගණින්න සිද්ද වුනාට ඒ සැණින් ගයියා ඇවරිට දෙයියා කියාගෙන ආපු නිසා මං ගැලවුනා.

ඇතුළට ගන් මූ දෙයියා...
යකෝ කාවද තොපි ඔය ගේට්ටුවෙන් එළියෙ තියල තියෙන්නේ? හනේ ඇවරියෝ වරෙන් වරෙන් ඇතුළට වරෙන්.... මගේ පණ දැන් උඹේ අතේ තමා තියෙන්නේ... ගයියා මහ හයියෙන් අඳෝනාවක් දුන්නා. මූට මොකාගෙ හාල් කැවිල ද? මෙපමණ.... සත්ත්ව කරුණාවක්?? අඩෝස් කවුරුත් ඇවරියට මොකුත් කරනවා හේම නෙවෙයි. මගේ ලයිසන් එක පොලීසියෙන් අරං දෙන්න ඉන්න දෙයියා මේ... ගයියා කියවමින් ඇතුළට ගියා.  

ආ ඇවරි සීයා බොමු ද සීතල වතුර  වීදුරැවක්?
අපි ඉතිං හතරපස් පළකින් ඈඳිගත්තම මොකද, ටික වෙලාවකින් ආගන්තුක සත්කාර මතක් කොරමින් උපන්දින කුමාරයාම අපිට සුදුවයින් සංග්‍රහ කළා. ආනේ වතුර ද? ගංගා සුදුවා වීදුරු දැකලා ඇහුවා. නෑ නෑ අපි බොන මොකුත් ගෙනාවෙ නෑ.... අරවින්ද බොන්නෑනේ.. එහෙම කිව්ව ම තමා ගංගා කූල් ඩවුන් වුනේ. බෝ පැලේ වගේ ඉන්න ඇවරිතුමාට වටින් පිටින් ගල් මුල් ප්‍රහාර වදින්න පටන් ගත්තෙ ඔය අතරෙ. වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රමාණයක් වාර්තා වුනේ චිලී මැතිනියගේ පාර්ශවයෙන්.

ස්පරයිට් බාත්
ස්පරයිට් බාත්...
බෑ ඉවසන්නට... බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා කියාගෙන මාත් කාගෙන හිටියා. හැබැයි එක තැනක දී ඇවරිට පට්ටෙට ම මල පැන්නා. අතේ තිබුණ රන් ස්ප්‍රටිට් කෙණ්ඩිය, චිලීගෙ පැත්තට පියෑඹුවෙ මටත් නොදැනීමයි. මං හිතුවෙ පොඩි වැඩ කෑල්ලක් දාලා අඩුවෙන් ස්ප්‍රයිට් ටිකක් ඉහින්න පුළුවන් වෙයිය කියලා.. ඒත් මගේ කරුමෙට ම සම්පූර්ණ වීදුරුව ම හැලිලා කොනක ඉඳන් චිලීව නෑවුනා. ආයෙ මටත් හිතාගන්න කියලා විනාඩි දෙකක් ගියේ නෑ. බොන්න ගෙනාපු ස්ප්‍රයිට් වීදුරුවක් ඇවරිතුමාගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා පතිත වුනේ ඇහිපිය ගහන්නත් කලින්.

කුබම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ... වැඩේ කොච්චර කුජීත වුනාද කිව්වොත් දවස් ගාණකින් නොනාපු හිස්හොරි පිරිච්ච කොණ්ඩෙට ස්ප්‍රයිට් ඔයිල් මසාජ් එකක් ලැබුණා ම ආයෙ වැඩක් නෑ කියලා ඉමාමි නවරත්න ඔයිල් පරාදයි. ළඟින් යන්න බෑ ගධේ ගඳයි බං... ගඳී බාත් එකෙන් පස්සේ ඇවරි නම් ඒ උඩිච්චි එක්ක එක වචනයක් කතා කළේ නෑ ඕංං... ආයෙ කෙල්ලොත් දැක්කා - මේ වගේ කෙල්ලො නොදැක්කා... යකෝ බොන්න ගන්න වීදුරුවක් කියලා නිකමට හිතුව ද දමලා අරින්න ඉස්සර මං කියන්නේ..?

පස්සිළු හා මියැසිය විලසේ අපේ ආධුනික ගායක පෙළ ඇවිදින් සාදය රොක් කළ නිසා තවත් සිදුවීම් ගණනාවක් වුනා. ඒවා ඊළඟ කොටසින් කියවමු...  


Thursday, August 6, 2015

දුවන අශ්වයන් සෙවීම හෙවත් මම දක්ෂ කථිකයෙක් නොවෙමි

දහම් පාසල් නිවාඩු දුන්නා හිටන්. එහෙනම් හොඳා... නෑ ඉස්කෝලෙ නිවාඩුවට සමාගාමීව දහම් පාසල් වලත් දෙවැනි වාරයේ නිවාඩුව ආරම්භ වුනා. ඒත් ගුරු මණ්ඩලය තරගවලට යන ළමයින්ව පුරුදු කරන්න හැමදාම ඉරිදා එන්න ඕන. වගකීම වෙනුවෙන් කැපවීම කියනවනේ.

සාමාන්‍යෙයන් අගෝස්තු මාසය කියන්නේ ටෙක්නිකලි ඇවරි නාකි කරවන මාසයක් වුනාට අගෝස්තුව කියන්නේ මාව තවත් තිරිහන් කරන මාසයක්. මගේ උපන් දිනය යෙදෙන නිසා ම කියනවා නෙමෙයි හැම අගෝස්තුවක දී ම මං අවම වශයෙන් ඉදිරි අවුරුදු දෙක සඳහා මගේ බුද්ධිමය ශ්‍රමය ආයෝජනය කරනවා. ඒ අපිට දුවන්න පුළුවන් හයියක් හත්තියක් තියෙන අස්සයෝ ටිකක් හොයාගන්න. මගේ දඩයම සාර්ථක වුනොත් මං තෘප්තිමත්.

වහෙන් ඔරෝ නැතිව කියනව නම් අපේ මණ්ඩලයේ ප්‍රථමස්ථානය රැක ගැනීම සඳහා මට පැවරී ඇති ගද්‍ය රචනා අංශයේ දක්ෂයන් සොයා යාම තමයි ඒ කාර්ය. අපි එක රොත්තට ගන්නේ ගෙවුඩ දළං කෑලි. මාස එකහමාරක් විතර ඒවා සීසන් කරලා කපලා ඔපදාලා මැණික් කරවලා තරගෙට යවන එක තමා වැඩේ. අවංකව මං දන්න දෙයින් ප්‍රයෝජනයක් ගන්න වෙන නිසා ඒ ගැන මං සතුටුයි. හැබැයි ගද්‍ය රචනා ලියනවා කියන්නේ හැමෝට ම කරන්න බැරි දෙයක්. ඒකට කුසලතාවයක් නැත්නම් පෙර පිනක් තියෙන්න ඕන. දහම් පාසල් තරග බිමේ දී කියන පෝස්ටුව කියෙව්වොත් මං මේ ගැන ලියලා තියෙනවා.

මේ පාරත් පළමු වටයේ ස්ක්‍රීනින් වලින් අපිට හොඳ කෙල්ලක් හෝ කොල්ලෙක් ලැබුණෙ නෑ. කොල්ලො නම් ජීවිතේට මේ ඉවෙන්ට් එකට එන්නේ නෑ. අදහස් හොඳ කොල්ලො හිටියට ඒ අයගේ අත්අකුරු අවලස්සන නිසා අපිට දිනන්න බෑ. ඒ අය දුවන අස්සයො කියන ලේබලයට වැටෙන්නේ නෑ. ඇවරි පුද්ගලිකව විශ්වාස කරන හැටියට මිනිස්සුන්ගේ අත් අකුරු කියන්නෙ ඒ අයගේ චරිතය පෙන්වන කැඩපතක්. ගොඩක් පිළිවෙලක් තියෙන අය තමයි අකුරක් සම්පූර්ණ වශයෙන් ලියන්නේ. සාමාන්‍යෙයන් පිරුණු බෝල අකුරු ලියන කෙල්ලෝ ඇත්තට ම ලස්සනයි වගේ ම බුද්ධිමත්. හැමෝ ම කැමති ලස්සන අත්අකුරු කියවන්න. සිංහල අත්අකුරු කතා කරනවා. ඒක ඇත්තක්. පහුගිය තරග වටවලදී මගේ සහයිකාවට මං ඒක ඇත්ත කියලා ඔප්පු කරලා පෙන්නුවා.

ඒකත් අපූරු කතාව. සාමාන්‍යෙයෙන් කොල්ලො කෙල්ලො බර ගාණකගේ අත්අකුරු කියවපු මට ස්ක්‍රිප්ට් එකකින් කෙල්ලෙක් මොනවගේ ද කියන්න පුළුවන්කමක් තියෙනවා. ගුරුවරුන්ට එහෙම ඉවක් ලැබෙන්නේ අත්දැකීමෙන්. හත්වන ශ්‍රේණියේ මේ පාර රචනා තෝරද්දි මට වහ කන්න හිතුනා. එකෙක්වත් අවශ්‍යය මට්ටමට ලියලා නැහැ. ඒ වගේ වෙලාවට මං කරන්නේ ලස්සන ම අත්අකුරු තියෙන රචනා දහයක් අරන් ඒ අතරින් කරුණු සහ වාක්‍ය බලලා තෝරා ගැනීම. මේක බුදු කණා සිලෙක්ෂන් එකක්. නමුත් මෙච්චර කාලෙකට වැරදිලා නෑ. මොකද මං විශ්වාස කරන හැටියට ළමයෙක්ට කරුණු පොවන්න පුළුවන්. ඒත් උපන් දා ඉඳන් ගේන අත්අකුරු මාසයකින් දෙකකින් හදන්න බෑ.

අන්තිමේදි මගේ හිතට කතා කරපු එක ස්ක්‍රිප්ට් එකක් තෝරගත්තා. ඒ රචනාවෙ කරුණු බින්දුවයි. එක ම දේ කෙල්ලට වාක්‍යක් හරියට ලියා ගන්න පුළුවන්. උසස් පෙළට සිංහල කළාට, සන්නස්ගලගේ ගෝලයෙක් වුනාට ඇවරි භාෂා විශාරදයෙක් නෙමෙයි. නමුත් බහුතරයක් අපේ සිංහල කොලු කෙල්ලන්ට සාමාන්‍ය වාක්‍යක් හරියට ලියාගන්න බෑ කියන එක මේ මොහොතේ යථාර්ථයක් වෙලා තියෙන්නේ. හේතුව උන්ට උක්ත අඛ්‍යාතයේ සම්බන්ධයක් තේරෙන්නැතිකම. පුතේ උක්තයට අනුව ආඛ්‍යාතය තියන්න. උක්තය ආඛ්‍යාතයේ වචන භේදය සමානයි, ලිංග භේදය සමානයි, පුරුෂ භේදය සමානයි. මම නම් මි. අපි නම් මු... ආදී වශයෙන් කොච්චර කිව්වත්මුන් ගම කනවා. අනික දැන් සිංහල හරි පොෂ් වෙලානේහ්. ඒක මළ විකාර විලාසිතාමය රචනා රීතියක්. උන් මට කියනවා සර් මිනිස්සු කුඹුර කොටති කියන වාක්‍යට වඩා මිනිසුන් කුඹුර කොටයි කියන වාක්‍යෙය් කික් එක වැඩියි ලු. නිකන් හිතන්න සර් මිනිස්සු කිව්ව ම ගහගන්න වගේ. මිනිසුන් කිව්ව ම නිවිලා වගේ හැඟීමක් එන්නැද්ද?? මගේ පන්තියේ කටකාරයෙක් වියරණ තර්කයක් ගෙනාවෙ එහෙම.

මං කොල්ලට උත්තර දුන්නේ මෙහෙම. ඇත්ත පුතා මිනිසුන් කිව්ව ම නිවිලා වගේ නෙමෙයි මැරිලා ම වගේ. ඇයි යෝදයෝ මිනිසුන් කියන්නේ මිනිස්සු කියන එකේ අනුක්ත පදේ නේ. දැන් කවුද කුඹුර කෙටුවෙ? මිනිසුන් නේ සර්? හරි පුතා. මිනිසුන් අනුක්ත නම් උන්ට පණ නැත්නම් කුඹුර කොටන්න පුළුවන් ද? බැහැ නේද? එහෙනම් කර්තෘ උක්ත කරලා මිනිස්සුන්ට පණ දෙමු. එතකොට මිනිස්සු වෙනවා. මිනිස්සු බහු වචන නම් තනියෙන් කොටන්න බැරි නිසා වර්තමාන කාල බහුවචනය කොටති වෙනවා. අනුක්තයට ආඛ්‍යාත තියන සිරිතක් සිංහලේ නෑ. ළමයි වාක්‍යක් ලියන්න කලින් ම කර්තෘ අනුක්ත කරන්නේ ඇයි කියන එක මට මාර ප්‍රශ්නයක්. හාමුදුරුවෝ, ශිෂ්‍යෙයෝ, උපාසිකාවෝ කියලා මුං වාක්‍යක් පටන් ගන්නේ ම නෑනේ. ඇත. වේ. කෙරිණි. වඩා හොඳය. තිබුණි ආදී වශයෙන් අවසාන වාක්‍යාංශ යොදාගෙන සියල්ල අනුක්ත කර ලිවීමේ මහ මජර ම රීතියක් දැන් ඉන්න තරුණ කොල්ලො කෙල්ලෝ පාවිච්චි කරනවා. ඒක මහ පිස්සුවක්.

කොහොම හරි මං අර කෙලී ලියපු කොලේ අවසාන තේරීම් කමිටුවට ඉදිරිපත් කළා. නෑ මේ ළමයා හරියන්නෑ. බලන්න මෙයා මොන ම කරුණක්වත් ලියලා නෑ. මගේ සහයිකාව ගෝරි දැම්මා. ටිකක් මතක් කරලා බලන්න බබා මීට අවුරුදු පහකට උඩදි ඔයත් ලියලා තිබුණෙ ඔය වගේ බයිලා ටිකක් තමා. ඒත් ඔයාට ලියන්න පුළුවන් කියලා මං දැනගෙන හිටියා. මං එදා ඔයාව තෝර නොගත්තා නම් අපිට දිනන්න කෙල්ලක් නැති වෙනවා. කවුරු අකමැති වුනත් මං මේ කෙල්ලව යවනවා. අම් ඩන්.අද ඇවිත් ඉන්නව නම් එයාව මට ගේන්න. අපි ඉන්ටර්විව් කරලා බලමු. ඔයාට සැකයක් තියෙනවා නම් අපි එතනදි බලාගමු. වචනයක් නොදොඩා මටත් රවාගෙන එළියට ගියපු ඇය කියපු කෙල්ලව එක්කන් ආව.

අනේ ඈ බොහොම තැම්පත් චරිතයක් ඇති අහිංසක දැරිවියක්. අපි ඉතිං ආගිය විස්තර ඕපාදූප කතා කළා. ඇය දහම් පාසලට අලුතින් ආපු කෙල්ලක්. ඒ විතරක් නෙමෙයි. බස්නාහිර පළාත් මට්ටමෙන් රචනා දිනලා සමස්ත ලංකා දෙවැනිය වුන කෙල්ලක්. මට දැන් සතුට උතුරනවා. ඒත් විලන් කැරක්ටර්එකක් තමා ඇක්ට් කරන්න ඕන. ටිකක් සැර වුන මං  ඇයි දරුවෝ මේ බොරු කරන්නේ.....?ඇයි පළවෙනි රචනාව හරියට ලියුවෙ නැත්තේ?  ඔයාව හොයාගන්න මං කොච්චර මහන්සි වුනා ද කියලා දන්නව ද? බලන්න ඔයාව තරගෙට තෝර ගත්තා කියලා මේ ටීචර් මට කොච්චර බැන්න ද? දැන් හොඳ කෙල්ලවගේ මට රචනාවක් ලියලා දෙන්න, මෙන්න මෙයාගෙ හිත හැදෙන්නත් එක්ක.

එතනින් එහාට ඇගේ වගකීම් සියල්ල මගේ සහයිකාවට භාර කරලා මං ගියේ වාර අවසාන ශිෂ්‍ය සමිතිය පැවැත්වෙන ප්‍රධාන ශාලාවට. කාලෙකින් මං සමිතියකට ගියේ. ළමයින්ගේ සබකෝලය මැකෙන්න ඒක හොඳ තෝතැන්නක්. ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා අපේ දහම් පාසලේ ආදි ශිෂ්‍යෙයක්. එතුමාට කතාවක් තිබුණ දවසේ ඩෙස්ක් එකක් යට හැංගිලා ඉඳලා පස්සේ දක්ෂ කථිකයෙක් වුනා කියලා අපේ නායක හාමුදුරුවෝ හැමදාම වගේ කියනවා. වැඩේ උපරිම වශයෙන් ගියා. විශේෂයෙන් ම මගේ පන්තියේ පොඩි උන් මාව පුදුම කරවන විදියේ ඉදිරිපත් කිරීම් කළා. අවසානයේ ගුරු මණ්ඩලය වෙනුවෙන් කතාව පැවරුණේ මට. කාල වරෙන් කෝ. මං එතරම් පබ්ලික් ස්පීකර් කෙනෙක් නෙමෙයි. කොහොමත් මගේ කට හොඳ නැති නිසාත්, ප්‍රසිද්ධියේ කතා නොකරන නිසාත් මුළු සභාව ම නිශ්ශබ්ද වුනා. දැන් ගැලවීමක් නෑ. මුන්ට වචන දෙකක් කතා කරන්නත් ඕන. මං පටන් ගත්තේ මේ මොහොතේ මේ සභාවේ සිටින වඩාත් ම සතුටු වන පුද්ගලයා මම යැයි කියා ගනිමින්.

ඒ කතාවට කට්ටිය ම උඩ බිම බැලුවා. මං උදාහරණයකට ගත්තේ සුසන්තිකාව. සුසන්තිකා දුවනවා අපි බලාගෙන හිටියාට සුගතදාස එකේ ඔලිම්පික් දිනන්න කලින් වට කීයක් දිව්වද කියලා කවුරුත් එයාගෙන් ඇහුව ද කියලා මං ප්‍රශ්න කළා. අන්න ඒවගේ මේ වේදිකාවට නැඟපු සියලු දෙනා සියපාරක් වත් පුහුණු වෙන්නැති කියලා මං කිව්වා. එතකොට අර යාළුවො තල්ලු කරද්දි මෙතනට නොආපු අය ආවෙ නැත්තේ ඇයි කියලා මං ඇහුවා. ඒ බය නිසා කියලා මං ඒ අයට කිව්වා. කාට ද අපි බය පුතේ?? අපිටමයි. නේද මාව වැටෙයි. අනෙක් අය මට හිනාවෙයි. ලැජ්ජ වෙන්න වෙයි.. බයයි නේද? හරි ඇයි බය ඇතිවුනේ. අර සුසන්තිකා වගේ දිනන්න කලින් නොදුවපු නිසා නේද? එහෙනම් අද ගෙදර ගිහින් දුවන්න හරි? නෑ ඊළඟ සමිතියේදි කතාවක් කරන්න සූදානම් වෙන්න. මෙතන හිටගන්න ලොකු ධෛර්යක්, ආත්ම විශ්වාසයක් ඕන කරනවා. ඒක ලැබෙන්නේ පුහුණුව තුළින්. ඔයා හොඳින් සූදානම් නම් කාටවත් බය වෙන්න උවමනා නෑ. අර හැරිලා ගියපු මගේ කථිකයා.. (අනේ අවාසනාවට එක කොල්ලෙක් කතාවකට ඇවිල්ලා හැරිලා ගියා) ඊළඟ පාර කතා කරයි. කමක් නෑ. ඒ ඔයාගේ පළමු අත්දැකීම. අපිත් ඒ දවස්වල එහෙමයි. ආදි වශයෙන් මං විනාඩි පහ හයක් කතා කළා. අවසානයේ අත්පොළසන් නාද වගේ ම කමෙන්ට්ස් ගොඩයි.


මගේ පන්තියේ දක්ෂයන්ට මං පුද්ගලිකව සුබ පැතුවා. අඩුපාඩු මතක් කළා. අවසානයේ දි මට මාකොළ මුතුහර රූපවාහිනී ළමා සමාජය මතක් වුනා. අදට වුනත් කොටුවෙන් පිට පනින්න. ඕනෑ ම අවදානම් තීරණයක් ගන්න. අවශ්‍ය පන්නරය මට ලැබුණෙ එතනින්. ඒ අයියලා අක්කලා ඉස්සරහ අපිට වැරදුනාට, කිසි අවුලක් වුනේ නෑ. ඒ දවස් වල සංවත්සර වේදිකාවේ කෙල්ලන්ගේ අත් අල්ලන් නටපු හැටි, තරගාවලියට සින්දු කියපු හැටි, නිවේදන තරග ඉදිරිපත් කරපු හැටි, සමූහ ගායනා, නාට්‍ය පිස්සු ජීවිතයක්. දැන් කාලෙ ළමියින්ට තමා ඒ මුකුත් නැත්තේ. පව් ඒක උන්ගේ වැරැද්ද නෙමෙයි. උන් හැදිච්ච විදිහේ වැරැද්ද. ඕං කිව්ව. ඔයා තමයි මේ පිස්සු විකාර ළමයින්ට උගන්නන්නේ. හා ළමයින්ගේ සබකෝලය නැති කරන එක විකාරයක් වෙන්නේ කෝමද? පිස්සු විකාර වුනත් මාත් ඒවට හරි ආසයි. වෙන්න පුළුවන්. ඒත් මම ආස නෑ... 

Monday, August 3, 2015

උණු උණුවෙන් උපන් දින සැමරීම හෙවත් ලාස්ට් කස්ටමර්ස් ඔෆ් හොටෙල් විපුලසිරි

මෙහෙමත් කේක කෑමක්...
හාලේ... ඇත්තටම අවුරුද්දකින් අපි නාකි වෙච්චි අරුමය. සුපුරුදු පරිදි එන උපන්දින වන්දනාවේ 2015 අවුරුද්දේ සප්‍රයිස් උපන්දිනයක් ලෑස්ති කරන්න අපිට සිද්ද වුනේ චිලී මැතිනියගේ උපන්දින සාදය වෙනුවෙන්. හැමදාමත් මේවගේ ජල්තර ඉවෙන්ට්ස් වලට පැනලා ශීර්ෂ දානය දෙන සිරිසංඝබෝධි ඇවාරිස් මේ පාර පොඩ්ඩක් සයිඩ් ගේමක් ගැහුවේ රාජකාරී වැඩවලට හිර වුන නිසා. මේ උපන්දින වරුණාව මෙච්චර පරක්කු වෙන්නත් හේතුවක් වුනේ ඒ ආනිසං ම තමා ඉතිං...


උපන් දිනට දවසට තරු හෝටලයක කෑමක් ගන්න දෙන්නා දෙමහල්ලෝ කලින් ඉඳන් ම ප්ලෑන් කරලා තිබුණා. ඇවරිගේ ඕපවාහිනී රේඩාර් වලට වැදුණු විදියට ජුනි 5 ඇගේ උපන්දිනේ දවසේ දවසේ චිලීගේ අම්මලාට මඟුල් ගෙයක් පැවති නිසා උපන් දිනය කලින් දවසක සමරනු ලැබුවා. නිල උත්සව ගණනාවක් සංවිධානය වුනත් අපෙත් මොකක් ම හරි ජිංජිබරානා එකක් තියෙන්න ඕන කියලා ආතල් හිතකාමී එක්සත් තරුණ ප්‍රජාවේ මුල් පුටු හොබවන මහ මොළකාරයන් සහ ඔවුන් නැටවීමේ රූකඩ නූල් තමන් බාරයේ තබාගෙන සිටින සටකපට මොළකාරියන් තීරණයක් අරන් තිබුණා. පස්සේ ආරංචි වුන හැටියට අයිඩියල් එක ඇවිත් තිබුණෙ මාෂියෝනාගෙන්. එතුමිය හැරෙන තැපෑලෙන් ගංගාවන්ට ඇමතුමක් අරං කාරණාව කියලා. අද රෑ දොළහට අපි චිලීලගේ ගෙදර ගිහින් විෂ් කරමු ද?

ඕහ් ගෝඩ්...??? දැට්ස් අ බෑඩ් අයිඩියා... ඒත් අපි දැන් බැඳලා නිසා එන්න පුළුවන් කියලා ගංගා ගත් කටට ම කිව්වලු. කොටින් ම චිලීට දෙන ප්‍රසන්ට් එක පවා සූජානම් කිරීමේ වගකීම ගංගාවෝ විසින් බාර ගෙන තියෙන්නේ අත් දෙක ම උස්සලලු. විවාහ ප්‍රාප්ත වීමේ ප්‍රීතිය නිමිත්තෙන් පින් අතේ වැඩ වලට සහභාගී වීමේ අවස්ථාව ගංගාවෝ උදා කරගත්තේ එහෙමයි. දෙන්නා නුවර යන්න ආවෙත් මේ තියරියට ම තමා. ක්‍රයින් බේබි ෆීඩින් මිල්ක් කිව්වලු. කොහොමින් කොහොම හරි සවස හතරට මං ඔපිසියේ ඉද්දි තොටමුණ ආදිපාද කෝල් එකක් දුන්නා. මේ රෑ දොළහට කලින් කඩවතට වරෙන්. අපි ඔක්කොම ගන්නම්. එහාට මෙහාට මාරු වුන දුරකථන ඇමතුම් කිහිපයකන් රාත්‍රී සාදය සඳහා අවශ්‍ය සියලු සැකසුම් වුනා. 

මට දෙවැනි ඇමතුම සවස පහට විතර දුන්නේ අරවින්ද හඳසියපත්. මේ කේක් එකක් අරං වරෙන්. අනික්වා ඕක්කොම රෙඩි. මං ඉතිං ගල්කිස්සෙන් කේක් එකකුත් උස්සගෙන රාත්තිරි එකොළහට විතර කඩවත හන්දියට ආව. කොහේද බං තොපි ඉන්නේ?? සරණාගතයා සේ කේක් එකක් උස්සන් කඩවත පොල ළඟ හිටන් ඇවරි තුමා තොටමුණට කෝල් එකක් ගත්තා. හරි හරි ඉඳපන්. මේ එනෝ. අන්තිමේ දී අරාගේ මණ්ඩියට මං ගොඩවෙද්දි කාර් එක හවුස් ෆුල් වෙලා. මාෂි, ගංගා වගේ ම අපේ ෆිට්නස් ගයානුත් හිටන් එහි හිටියා..

දැන් කෝ මේ ජෝඩුව? එතකොට මට මතක් වුනේ චිලීගේ අම්මට කෝල් කරන්න. එදා මේ ජෝඩුව වෙනුවෙන් චිලීගේ මෑණියන්දෑ ගණේමුල්ල නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක්පවත්වා තිබුණා. දෙන්න එහෙන් පිටත් වූ වහාම අපිට කෝල් එකක් දෙන බවට ඇන්ටි පොරොන්දු වුනා. ඒ අහු අස්සේ අපේ කස්ටියට දැන් පොඩි බඩගින්නකුත් හැදිලා. මේ වෙලාවට ඇරලා තිබුණ විපුලසිරියට ගොඩවුනේ දවසේ අවසාන පාරිභෝගිකයන් වෙමින්. අංකල් වන් රයිස් ෆෝ සික්ස් ඔන් ත්‍රී ප්ලේට්ස්. ඇක්ට්‍රාස් ප්ලේන්ටි පහයි ටී එකයි... කියපු විදියට ම දවසේ ඉතුරු වුන රයිස් ටික ෆ්‍රිජ් එකෙන් අරං, තාච්චියට දාලා රත් කරලා චිලි පේස්ට් එක්ක අපේ මේසෙට ආවා. කතාවෙන් කතාවෙන් පිඟන් හිස් වෙන්න වැඩි වෙලා ගියේ නෑ.

ඊළඟ වටමේස සාකච්චාව පැවැත්වුනේ දැන් මොකෝ වෙනෝ කියන එක ගැන. අපි මුන් දෙන්න නිදා ගත්තා ම ගෙදරට යමු. පොඩි රැග් එකකුත් තියෙන්න එපැයැ? පව් බන් උදේ ඉඳන් ම එහේ මෙහේ දුවලා ආව ම අපිත් වද දෙන එක හරි නෑ නේහ්. අනේ  මේ වැඩි වෙලා බලන් ඉන්න බෑ මට හෙට උදේ ම ලෙක්චැස්.. ඒ කණු කුණුව මාෂියෝනාවගෙන්. හැබෑවට ම එතුමිය පාන්දරින් පේරා යන්න ඕනනේහ්?? අපි ගේ ළඟට කිට්ටු වුනා. ලයිට් ඔක්කොම තාම දාලා බං. බඩු පස්සේ ගමු. කේක් එක අරං යමු. ඒ අස්සේ ගංගාවො ඉටිපන්දම ගහලා වැඩේ ලෑස්ති කළා. ගෙවල්වලට හොරෙන් පැනීම පිළිබඳ කෘතහස්ත දක්ෂතාවක් පෙන්නුම් කරන ඇවරිතුමා ගේට්ටුව ඇරිමේ මෙහෙයුමට දායක වුනා. කොහොම හරි සද්දයක් නොනැගෙන්න අපි ගේට්ටුව ඇරියා. දැන් කෘ එක පෝර්ටිකෝවේ. අප්පට සිරි දෙන්න මහන්සිය වැඩිකමට කාර් එකේ වීදුරුවකුත් ඇරලා නිදාගෙන තියෙන්නේ. සමහර විට ආපහු පහළට එන්න හිටියා වෙන්නත් පුළුවන්. කෝකටත් හෝන් එක ගහමු. අරා දෙතුන් පාරක් තදින් හෝන් කළා ම වුනේ හීනෙකින්වත් නොහිතපු වැඩක්.

අල්ලපු ගෙදර අංකල් කවුද මේ මහ රෑ හෝන් කරන්නේ කියාගෙන ආවේ නැතෑ... ආහ් මිස්ටර් විමලසේන අපි මේ පබාට විෂ්කරන්න ආවෙ. නෝන්ඩි වකාරයයි. ඔය අලකලංචි අස්සේ සඳලුතලාවට ආපු චිලී මැතිනිය අපිව අඳුනගෙන දොර අරින්න පහළට ආව. දොර අරිනවත් එක්ක ම කට්ටිය කේක් එක දීලා ගායනාව දාලා විෂ් කළා. සියල්ලෝ ම උඩට ගියේ පස්සේ. ඇත්තට ම නොසිතූ වෙලාවක අපි හැමෝ ම පැමිණිම ගැන චිලී සතුටු වුනා. එහෙනම් ඒක තමයි අම්මා අපිට වැඩිපුර කෑම අරන් එන්න කියලා බල කළේ...???


අපි කාලා බීලා, කේක් කපලා වට පිටාවෙ මිනිස්සුත් ඇහැරවල පිස්සුවක් නැටුවා. කාර් එකෙන් බඩු උඩට ගෙනෙද්දියි දැක්කේ ගංගා කොමඩු ගෙඩියකුත් ගෙනැල්ලා... ලොල් සීන් පාන්දර අපි ගෙවල් වලට ආව. සප්‍රයිස් උපන්දින සාදයක් අහවර වුනේ එයාකාරයෙන්. අපේ සෙට් එකට පිස්සු නැත්නම් සෝක්..