Friday, July 28, 2017

විනාඩි පහෙන් සෙක්ස් ඔන් ද බීච් වීදුරුවට බෑම හෙවත් ඇවරිගේ වෙරි සලාදය


පහුගිය දවස්වල ඇවරියා වෙන්චර්ස් නිසා ඇවරිතුමා සෑහෙන්න කාර්ය බහුල වුනා. ඇවරියා වෙන්චර්ස් කියන්නේ ඇවරි විසින් කරන ආයෝජන, රැස්කිරීම්, කර්මාන්ත, සැලසුම් ප්‍රවර්ධන ආදී සියල්ලන්ගේ එකතුවක්. දැන් මේ සලාදයත් අපේ සිරිපාල මැතිතුමා නිතර කියන්නා වගේ ජිල් බෝල හොද්දක් වෙලා තිබුණ නිසා ඇවරිට ම නිස්කාන්සුවේ වයර් ෂෝර්ට් වෙච්ච තැන්වලට ටේප් කරලා පිළිවෙලක් කරන්න වුනා. ඇවරයා වෙන්චර්ස් යටතේ ඇවරි ගේ හදන්න පටන් අරං වැඩ ගොඩක් අවසාන කළා. ඒ සලාද තාම ලියාගන්න බැරිවුනා. මිනිහෙක් වුනා ම හැබැයි හැදෙන්න හරි නැතිවෙන්න හරි ගෙයක් හදන්න ඕන ආයුබෝවන්. ගෙයක් හැදුව ම පොතක් ලියන්න තරම් පරිණත බුද්ධියක් එනවයි කියලයි ඇවරි පිතා ඇවරිට කිව්වෙ. ඇවරිගේ සීයා වඩ්ඩෙක්. තාත්තා වැඩ්ඩෙක්. හැබැයි ඇවරි නම් හඩ්ඩෙක්. රෙදි හෝදන්නේ සති දෙකකට වරක් නිසා. අද පරම්පරා තෝම්බුව දිග අරින්න නෙමෙයි ලැහැස්තිය. ඇවරිගේ අප්සෙට් අංශයක් ගැන ලියන්න.

දැන් අමුතුවට හිතන්න එපා. ඇවරි කියන්නේ ම පංචේන්ද්‍රිය ගත්තොත් කෑලි පහේ ම කොහේ හරි එලයිමන්ට් අවුලක් තියෙන පොරක්. දත් ටික එදා ඉඳන් එහෙමනේ. දැන් ඔය කම්බි අටෝලා ටිකක් ඩිෂිබිල් කරලා ගත්තාට. ඊළඟට නාහෙ. මිස්ටර් හොටු පුතා කියලා ඇවරිට කියන්නේ ආයෙ ගලන්න ගත්තොත් කැලණි ගඟෙන් මහ මුහුදට ගලන්නා වගේ මිහිකත තෙමා සනහන හොටු ගංගාව නිමා නොහෙන නිසා. ඇවරි පිතාගේ ලේඛනාගාරගත සාක්ෂි ප්‍රකාර ඇවරිගේ උප්පත්ති කතාවෙ සඳහන් හැටියට ඇවරි පුංචි කාලෙ සෙල්ලම් කරද්දි කරඳ ඇටයක් නැත්නම් කවුරුත් දන්න ඔළිඳ ඇටයක් නාහෙට දාගෙන තියෙනවාලු. පස්සේ ඒක ගන්න ඔපරේෂන් කල දා ඉඳන් දූවිලි සංවේදී ඇවරිගේ නහය ආද්‍රතාවය පොඩ්ඩක් එහේ මෙහේ ගියා ම ලීක් කරන්න ගන්නවලු. ඒක ඉතිං සදා සොත්ථි තත්ත්වයක්. අනික සොට්ෆ් වැක්ස්. සාමාන්‍ය මිනිස්සුන්ගේ කළාඳුරු නාද්දි වගේ එළියට ආවාට ඇවරිගේ කන් ඉටි කනේ රැඳෙන අවුලක් තියෙනවා. ඉතිං මාස දෙකෙන් දෙකට සකර්ස් දාලා අද්දවන්න ඕන. ආයෙ මුකුත් නෑ කෙළින් ම කණ ටැප් එකට අල්ලන සීන් එක තමා තියෙන්නේ. කන් හෝදනවා කියන්නේ ඒකට.

මේ ඊයේ පෙරේදා විෂන් කෙයාර් විසිපස් වන සංවත්සරේ දී ඇවරිත් ඇස් බලව ගත්තා යන්තම් ඒ දෙක හොඳාලු. ඇත්තට ම පංචිකාවත්තෙන් හරි මේවා කොටස් වශයෙන් රිප්ලේස් කරන්න පුළුවන්කමක් තිබුණා නම් ඇවරි කරගෙන. පහුගිය කාලෙ ඇවරි උත්සාහ කළේ. ටිකක් සැර වෙන්න. ඇවරිගේ මැනේජ්මන්ට් ස්ටයිල් එක ලිහිල් වැඩියි කියලා චෝදනාවක් ආපු නිසා ඒ සම්බන්ධ කරන ලද ස්වාධීන පරීක්ෂණයක නිර්දේශයන් මත ඇවරිගේ ඉහත කී කාර්මික දෝෂවලට අමතරව මේකත් ලෙඩක් හැටියට තක්සේරු කරලා තිබුණා. ඒ අනුව ඇවරිට ෆුල් බොඩි චෙකප් එකකට නිර්දේශ කරලා තව ටිකක් රවුඩි රාතෝර් වගේ කරන්න ඇඩ්වෙන්චර් වැඩ ටිකකුත් ජොබ් රෝල් එකට ඉන්ක්ලුඩ් කරලා තිබුණා. ඇවරි කොළඹ හතේ නයිට් ක්ලබ් එකක රෙවනිව් මැනේජර් ජවනිකාවට පණ පොවන්නේ ඒ නරක ළමයා වීමේ පළමු පියවර වශයෙන්.

ක්ලබ් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඇවරි එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි. මෑන්ස් ක්ලබ් බැහැලා එක්ස්ටසි වික්කේ දෙදාස් දහයෙ විතර බර ගණන් වල. ඒක ඩිරෙක්ට් මාර්කටින් නොවුනත් ෆැසිලිටේටින් පාර්ට් එකක්. එතනදිත් ඇවරිට තිබ්බේ ඩොලර් ටික එකතු කර ගන්න. එස්කෝර්ට් එකට බවුන්සර් කෙනෙක් හිටියා. නැතුව මේ හාල්පන්කොස්සෙක්ට කවුද හලෝ සල්ලි දෙන්නේ??    

ඇවරි මුලින් ම හිතුවෙ 'ඇවරී ක්‍යා කණ්ඩාලා කියලා??' මොකද ගෝමෙන්ගේ, ප්හේරේන්ග්, නාචේන්ගේ, ගායෙන්ගේ ඓෂ් කරේ ඕර් ක්‍යා කියලා හිතුවාට ඒක වෙන ම සබ්ජෙක්ට්ස් එකක්. හැබැයි ඇවරිට හොඳ බාර් ටෙන්ඩර්ස්ලා, බාර්මන්ලා සෙට් වුනා. එයාලා බොහෝ දේ ඉගැන්නුවා. විස්කි කිව්වම බර්බන් ද ස්කොච් ද? සින්ගල් මෝල්ට් ද ඩබල් මෝල්ට් ද? තව ජින්, කොඤ්ඤැක් නැත්නම් බ්‍රැන්ඩි, වොඩ්කා, වයින් සහ බීර ගැන සෑහෙන්න දේවල් දැන කියා ගත්තා. තව ජිකර් එක, ත්‍රී පීස් ෂේකර් එක, කොක්ටේල්ස් වලදි ෆ්‍රී පෝරින්ග් ගැන ආදී සියල්ල. ඇවරි කොක්ටේල් හදන්නත් දන්නවා දැන් ආහ්. මොහිටෝ, කමකාසි, බුල් ෆ්රොග්, මෑන්හැට්න්, මාර්ටිනි, මාගරිටා, බ්ලඩී මේරි, ඕල්ඩ් ෆැෂන්, පිනා කොලඩා, සෙක්ස් ඔන් ද බීච්, ජින් ෆිස්, විස්කි සවර්, මායි තායි අම්මෝ බර තොගයක්. මේවා එකේ ඒවා, දෙකක් දාලා, තුනක් කලවම් කරලා තව බ්ලූ කුරසාවෝ ටිකක් දාලා ආදී වශයෙන් සෑහෙන්න විස්තර ඇතුව ඇවරි ඉගෙන ගත්තා. ඒ හැරුණා ම ගාර්නිෂින්ග්, ලිකර් ටෙස්ටිනුත් කළා. ඇවරිට ඉගැන්නුවේ ෂෙයික් හම්දාන් ගේ හිටපු බාර්මන්. බාර් ටෙන්ඩරින් කියන්නේ මාර ෆැසිනේටින් ජොබ් එකක්. වැඩ දාලා, උඩ පැනලා කැටයම් පෝරින්ග් කරද්දි පිස්සු හැදෙනවා. බාර්මන්ලා කස්ටමර්ස්ලාගේ මූඩ් ෆික්ස් කරනවා ඉඟුරු බිස්කට් නැතුව ම ආයෙ. නෝනා අවුල් ද? කොල්ලා බූට් තිබ්බ ද? ලොක්කා කචල් ද? ඩොප්පි නකින් ද මොනා වුනත් කට්ටිය මැජික් වගේ බලන් ඉන්න කොක්ටේල් පෝරින්ග් අපේ අයියලා දන්නවා.  

ඇවරි සාමාන්‍යයෙන් ලොකුවට බොන මිනිහෙක් නෙමෙයි. ඇවරිගේ ප්‍රියත ම රෙඩ් රම්. හැබැයි ඒකත් අපේ මාෂියානෝ මැතිනිය සම්පුරා තහනම් කියලා ගැසට් නිවේදනයක් නිකුත් කළේ මාස කිහිපයකට කලින්.කොටින් ම මේ සරීරෙට එහෙම එකක්වත් බී ගන්න බෑ.  ඇවරි දන්න තරමින් මිනිස්සු බොන්න පුරුදු වෙන්න ඕන. නැත්නම් ඇවරි වගේ පළවෙනි ෂොට් එකෙන් ම හෝටල් දාලා අනික් එවුන්ටත් වාත වෙලා, බැනුම් අහලා තමා තොවිලේ කෙළවර වෙන්නේ. එනිසා වෘත්තිමය බේබද්දන් වැඩ අල්ලන තැන්වල ඇවරි උන් ගැන උපන් කරුණා පෙරදැරිව බීර වීදුරුවක් තොලගාගෙන ඉන්නවා. මිනිස්සු බොන්න වියදම් කරන හැටි දැකලා ඇවරි ෂොක් වුනා කිව්වොත් හරි. අඩේ ලක්ෂ දෙකක බොන එවුන් දැකලා තියෙනවා ද? ඇවරිතුමා ම කාර්ඩ් එක ස්වයිප් කරපු නිසා බොරු කියන්න බෑ. දැන් බෙල්වඩි වොඩ්කා සික්ස් ලීටරේ ලක්ෂෙට එහා. ඉතිං එයින් බෝතල් දෙකක් ගත්තා නම් බිල ඉවරයි.

ඇවරි රට බීම බෝතල් සියල්ල අධ්‍යයනය කළා. ඒවායේ කතාවක් ලියැවිලා තිවෙනවා. දැන් ජේ.ඩී බෝතලේ ගත්තොත් ටෙනසි හනී පුරාණය දැන ගන්න පුළුවන්. අනික් කාරණාව හැම බෝතලේක ම වගකීමෙන් බොන ලෙස අවවාද කරලත් තියෙනවා. මේ සියලු කාරණා නිසා අපේ නයිට් ක්ලබ් එකේ සහ රෙස්ටොරන්ට් එකේ ගත කරපු කාලය ඇවරිට බොහෝ අත්දැකීම් එක් කරන ලද අලුතින් දේවල් ඉගෙන ගන්න ලැබුණු කාල පරිච්ඡේදයක් වුනා. ගොඩක් වෘත්තිකයන්ගෙ අදහස් දැනගන්න පුළුවන් වුනා. ඒ අය හිතන විදිය, කල්බින් බේසික් වන, තමුන්ට රිසි සේ - අනුනට හිරිහැර නොවන සේ පොලිසිය ආදී බොහෝ වැදගත් දේවල් එහි තිබුණා.

කොහොම නමුත් ඇවරි සුරාව අනුමත කරන්නෑ. මිනිස්සු බිව්වම සත්තු වෙන හැටි අපි අනන්තවත් දැකලා තියෙනවා. ඒක පැය තුනක ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක්. පන්සිල් පදයක්, කයින් සිදුවන අකුසලයක්, භෝග විනාශ මුඛ හයෙන් එකක්. බුදු හාමුදුරුවො මත්පැන් පානය ගැන කියලා තියෙන්නේ මේම අදහසක්.

උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති
දීනා සදා ව්‍යසන රෝග පරායනා ච
ජාතා භවේසු විවධෙසු විරූපදෙහා
පීත්වා හලාහල විසංව සුරා විපඤ්ඤා

නුවණ නැති තැනැත්තා කෑ සැටියේ මැරෙන විෂක් බඳුවූ සුරාව පානය කොට අනාගතයෙහි උන්මත්තක වන්නා හ. ලැජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. නොයෙක් ව්‍යසන හා රෝග ඇත්තෝ වන්නාහ.

අර මනෝරථපූරණියේ, පාචිත්තිය පාලි කොටසේ භික්ඛු විභංගයේ සුරාපාන වග්ගයේ සුරාපාන ශික්ෂා කොටසේ හාමුදුරුවන්ට සුරාපානය තහනම් කිරීමට මුල් වූ හේතුව දක්වලා තියෙනවා. ඒ තේජෝ සමාපත්තියට සමවැදුණු භික්ෂූන් අතර අග්‍ර වූ සාගත මහ රහතන් වහන්සේගේ කතාවේ.

සාගත හාමුදුරුවො අම්බතීර්ථයේ දී විෂ දුමක් පිට කරන නාග රාජයෙක්ගෙන් ගම් වැසියන්ට වන කරදරයෙන් මුදවන්න, නාගයා දමනය කරන්න උත්සාහ ගන්නවා. නාග රාජයා විෂ දුම නවත්තලා ගිනි ජාලා පිට කළාම උන්වහන්සේ තේජෝ බල සමාපත්තියට එළඹිලා ඊටවඩා සැර ගිනි ජාලා මවපු නිසානාග රාජයා දමනය වෙනවා. සාගත හාමුදුරුවො ගැන තුටු පහටු වූ ගම්වැසියන් උන්වහන්සේ කැමති දුර්ලභ දෙයක් විමසා සිටිනවා ගෙනැවිත් පිළිගන්වන්න. සාගත හාමුදුරුවො එහිදී නිහඬව සිටියත් ජබ්බග්ගිය භික්ෂූන් දුර්ලභ මන වඩන පානයක් වුන කපෝතිකා සුරාව උන්වහන්සේට පිළියෙල කර දෙන ලෙස උපදෙස් දෙනවා.

දායකයන්ගෙන් ලද කපෝතිකා සුරාව බී මත්වුන සාගත හාමුදුවෝ නගර දොරටුව ගාව කුණු ගොඩක් ළඟ සැපතපිලා ඉන්නවා බුදු හාමුදුරුවෝ දැකලා සෙසු මහණුන් අමතා සුරා පානයේ ආදීනව දේශනා කරලා එය පාචිත්තිය පාලියක් ලෙස වදාරණවා. හාමුදුරුවන්ට සුරාපානය අකැප වෙන්නේ ඒ හැටියට.

කෝමත් ඉන්දු නිම්න කාලෙ ඉඳන් එහේ අය සුරා ගන්නවා. අර සෝම පානය ඒ වගේ එකක්. වෛද්‍ය විද්‍යාව අනුව මුඛයේ සිට ගුද මාර්ගය දක්වා පිළිකා ඇති කරන, අප්‍රාණිකත්වය ආදී බොහෝ අතුරු ආබාධ මත්ද්‍රව්‍ය වලින් ඇති වුනත් ඇල්කොහොල් යම් මාත්‍රාවක් අනුමත කරනවා. අපේ අයියලා දිනපතා නාන එක වෙන ම කතාවක්.

අද පෝස්ටුව බීම ගැන නෙමෙයි. නමුත් ඒ සුරාව ගැන ම ලියැවුන නිසා ඇවරිගේ වෙරි මීටරේ දැන් පතුල පේන හරියට ම ඇවිල්ලා. සිරා කතාව පස්සේ කොටන්නම් මූඩ් එක ගියානේ බන්ස්zz..!!!     

Tuesday, July 11, 2017

යාදෙත නොරත රත හෙවත් වදකපෙම්වතිය බාරිය කරගැනීම...දෙක




අනුවාගේ වෙඩින් සලාදයේ දෙවන කොටසත් ඇවරිට ලියලා දාන්න සිද්ධ වුනේ පළමු සලාදය සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ගෙන් එල්ල වන මරණ තර්ජන උත්සන්න වූ නිසා. ටෝස්ට් එකේ අනූ ගැන කියන්නේ මොනවාද කියලා දස අතේ කම්පනා කරමින් ඉද්දි ඇවරිට පරණ ලින්ක් එකක් මතක් වුනා. ඒ ඇගේ සේවා ස්ථානයේ ගැන්සිය. අනූ එහි සේවය කරන්න කලින් ඉඳන් ම රෝයල් කස්ටියත් එක්ක ඇවරිගේ ඩීල් එකක් තිබ්බා. ඇවරිතුමා නිකමට වගේ එහෙට කතා කළේ තවත් ඕපාදූප ටිකක් දැනගන්න.

අහපු පමාවෙන් යාන්ස් බර ගාණක් අපේ රොඩාර්වලට වැදුනා. අනූට වැඩියෙන් ම තරහ ගිය දවස්, මූණ රතු කරගෙන අඬපු දවස්, උළු ගැලවෙන්න බැනපු දවස් වගේ ගොඩක් දේවල් එළියට ආව. ඇවරිතුමාගේ දීප ව්‍යාප්ත චර පුරුෂ සේවාවට ස්තුතිවන්ත වෙන්න ඇවරි දැනකියාගත් යාන්ස්  හැටහුටාමාරක් වුනා. කෝමත් මෙයා යන යන තැන කතාවක් හදාගෙන එන්නේ. බෝම ආසන්න කාලෙක දී ආයෙ කවදා එන්න වෙයිද දන්නෑ කියාගෙන මෙතුමිය කෙලී ෆෙල්ඩර්හි ෂොපින් ගිහින් ඇඟේ තරමට මුකුත් ම ගන්න බැරිවෙලා සමස්ත සේවක ප්‍රජාවට ඇඳුම්වල සයිසස් නැතැයි කියලා ජාතිය අමතමින් ආවලු. තවත් දවසක ඇගේ රාජකාරී ලැප්ටොප් එකට පස්ස මහාත තොල් පළල් කැත බැබුන් කෙනෙක්ගේ රූපයක් දාලා ඒක මාරු කරගන්න බැරිව අපේ කතානායිකාවගේ සිත බිඳිලා, අඬලා, දොඩලා, වැලපිලා එච්.ආර් එකෙන් පර්සනල් ෆයිල් එකට ලියුමක් යවන තැනට ම වැඩ සිද්ධ කොරගෙනත් තියෙනවා. 

නිතර හිනාවෙන් හිටියට තමුන්ගේ ප්‍රතිපත්තියට එකඟ නැත්නම් තාත්තා එක්ක වුනත් ගේම ඉල්ලන කෙනෙක් අනුවා. ඇය සම්බන්ධ යෝගට් කතාව ඊට හොඳ නිදසුනක්. ඇය කෙලින් වැඩ කරන චරිතයක්. කොහොමින් කොහොම හරි මේ දෙපළ ගැන ඇවරි මුලින් ම දැනගත්තේ අහම්බෙන් දවසක් අනූ කෝල් එකක එල්ලිලා ඉද්දි කවුද බං අර එහා පැත්තේ ඉන්නේ? මොක ද අනුවාව ඉවසන කොල්ලෙක් ලංකාවෙ නෑ කියලා ඇවරි දැනගෙන හිටියෙ ගොඩක් ඉස්සර ඉඳන්. මෙත්මල් බන් මෙත්මල්. ඇවරි එවෙලෙම පොඩි සෙවුමක් දාලා බැලුවා ම ආහ් ගැලපෙන ම ප්‍රත්‍රයා කියලා දැනගත්තා. මොකද ඇයත් එක්ක වසන්න මනා ශරීර සවුක්යකින් යුතු අයෙක් වෙන්න ඕන. නැත්නම් කරන සමහර අන්ඩපාල වැඩ වලදි හාර්ට් ඇටෑක් එකකින් පිලමන්ට් එක ගහලා යන්න හොඳට ම ඉඩ තියෙනවා. මත්මල් සේනා බජිරාවෝ හැටියට මාරයි කියන්නේ අනූ මිසිස් කලබල නම් එතුමා මිස්ටර් ශාන්තදාන්ත.

ඒ දෙන්නා මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් වගේ වුනාට දෙන්නගේ සමහර සමානකම් තියෙනවා ආයෙ එක අච්චුවේ බෑවා වගේ යන. දෙන්නම සෑහෙන්න මිනිස්සු ෆ්ලොක් කරන්න පුළුවන් බ්රෑන්ඩ්ස් දෙකක්. ගැලපීම තියෙන්නේ එතන. දෙන්නම එනවා කිව්වොත් අපි දන්නවා ආහ් එතන හැපනින් කියලා. මොකද ඉන්ඩිවිජුවලි දෙන්නා සුපර්බ් ෆන්කි කැරැක්ටු දෙකක්. ඇවරි වෙඩිමෙදි නෝට් කළ හැටියට මත්මල් සේනාගේ පවුලේ අය වුනත් ඔහුට ගොඩක් ආදරේ ඔහු එහෙම ජනතාව රොද බඳවන චරිතයක් නිසා. අනූ-පනූ කෝමත් සමයං නේහ්. ඇවරි මේ ජනප්‍රිය තරු යුවළට එදා ඉඳන් ම කැමති වෙන්න ඒක හේතුවක්.

කෑම වෙලාවෙ කාලෙකින් ඇවරිට බේබි සිටින් ජොබක් හම්බුනා. ටිලින් තමා ඒ සද්කාර්යට මුල් වුනේ. අපි ඔක්කොම එරන්දතියගේ පුත්‍ර රත්නය පොඩි පීරිස්ව බලා ගන්න ගියා. සපුමල් කුමාරයා ඇවරිතුමා ළඟත් සෑහෙන්න වෙලා හිටියා. එතකොට අම්මයි අප්පයි කෑම කන්න ගිහින්. ඒ කොලුවට වගේ වගක් නෑ. කාන්තා පාර්වයට තමුන්ගේ ළමුන් බැලීමේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් අපි දරුවා නිදි කිරීමේ චැලෙන්ජ් එකක් තිබ්බා. අනේ මචන් අපි ඕයිට වඩා නරි නාවලා තියෙනවා. එන්න පුතේ වඩා ගන්න කියලා කොල්ලාව අතට ගත්තේ ඉෂාන් ශිවන්දන. අපි කවි කියලා, පැද්දි පැද්දි ඉඳලා දාහක් ආලවට්ටම් දැම්මත්, මොන, මේ කුමාරයා නිදියන්නේ ම නෑ.  සමහර විට මේ සුකිරි බටිල්ලා රාජ කුමාරයක් නෙවෙයි, ගමේ කොල්ලෙක් වෙන්නැති කියලා හිතාගෙන දොයි දොයි දොයිය බබා කියලා නැලෙව්වත් උරහිසේ ඔළුව තියාගෙන කස්ටිය කරන වැඩවලට හිනා වෙවී ඉන්නවා මිසක් ඇහැ පියවන්නෙ තියා ඈනුමක්වත් යැව්වෙ නෑ. පස්සෙ එරන්දි ම ඇවිත් අරන් ගිහින් කිරි දීලා දොයියන්බයියෙක් කළා.

අපි කෑවට පස්සේ ඩාන්සින් ෆ්ලෝර් එක ඕපන් වුනා. ඒක ඓතිහාසික කුජීත අවස්ථාවක් බවට පත්වුනේ අපි හීනෙකින්වත් නොහිතපු හැටියට. මුලින් මුලින් නැටුම් තෙල් දාගත්තු උදවිය ෆ්ලෝ එකේ ඉද්දි අපි අතුරුපස ගන්නවා. පස්සේ අපිත් ආව. මුලදි ටිකක් රත් වෙන්න තිබ්බට පස්සේ පස්සේ ඩී.ජේ සෙට් වෙන්නේ නෑ වගේ. මචං හින්දි මුකුත් නෑ?? දෙන්නං කෝ ලොක්කා කියාපු ඩී.ජේ දෙන්න ගත්තා දොඹෙන් ආයෙ. අපි නිකං පිස්සු වගේ නටනවා දැන්. ආහ් මෙත්මල් සේනා...!! සුපර් ඩුපර් ඩාන්සර් ඩාහ්.. කපල් එකේ ඩාන්ස් එකකින් පස්සේ මෙත්මල් සෝලෝ එක්ක කළා ආයෙ වෙන ඕන නෑ. ඒක නම් බලන්න වටින සීන් කෝන් එක. අපිට ම හරියනවා ඉතිම්.

හැබැයි වැඩේ ඉල්ලන් කෑවා කියලා තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. පැය බාගයක් නටද්දි වෙන එකෙක්වත් නෑ. අනූගේ ඔෆිස් එකේ රෝයල් හොලිඩේ කස්ටියත් නටන්න සෙට් වුනා. ඒ අයත් ඇවරිගේ යාළුවෝ කුෂාලිකා, සනෝජ් වගේ රෝයල් පීපලීස් එහි හිටියත් අවසානේ දී අපි විතරයි. ඇවරියානෝ, ඉෂාන්, සුබා, කව්වා, ටිලින් එච්චරයි. එම මයි එසේ මයි. මචං අපිත් නවත්තනව ද? නැත්නම් නටනව ද? පිස්සු ද බං කාලෙකින් ඩී.ජේ එකකට සෙට් වුනේ. මූ නවත්තනකම් නටමු. අපි හූව දාගෙන, හින්දි සින්දු කියාගෙන, මුළු ෆ්ලෝ එකේ ම කෝච්චි යන ගමන්, සරුගල් ඇර ඇර, සවල් ගගහා, හේ බලේ බලේ කියාගෙන බීලා වගේ නටනවා. මිනිස්සු ඔක්කොම වටේට පුටු තියාගෙන බලන් ඉන්නවා කාපුවා දිරවාගන්න. ගැරඩින්ට භූමිතෙල් ගහලා වගේ. ලැජ්ජා නහරෙ කපලා නිසා ම හොඳා. වරකා නතින් වැල සම්තින් කියන්නෙ ආයෙ කොහෙන් ද ඉඳන් ආපු දෙවනි මනමාලි වැඩේ රොක් කරලා ම දුන්නා. ෂී වෝස් ලයික්.... අම්මියෝ.. සුහ්!! අපරාදෙ කියන්න බෑ ඉසාන් කොලූ සෑහෙන්න ගටෙන් නැටුවා ඊට පස්සේ හැබැයි. කොහොම හරි අපි ජෝතිටත් නටලා මංගල සභාව පටන්නගන්නකම් ම, ඩී ජේ නවත්වනකම් ම රිද්මෙට රොක් වුනා. ඔක්කොට ම ඩබල් එකේ හති. ඒ මදිවට ගත පුරා දාඩිය. 

නටලා මංගල සභාව පටාන් ගනිද්දි ඇවරි වැඩට යන්න ආව. අපේ කස්ටිය නම් තව වෙලාවක් රැඳුනා. කොහොම හරි අනුවලා හෝල් එකෙනුත් ගිහින් තව පැයකට විතර පස්සේ තමා අපේ සෙට් එක එදා ඇවිත් තියෙන්නේ. වෙච්ච දේවල්වල හැටියට රෙද්දක් ඇඳගෙන අර මිනිස්සු ඉස්සරහින් එන්න පුළුවන.?  

අනුරාධි - මෙත්මල් නව යුවතිපතීන්ගේ මංගල සලාදය නිල වශයෙන් අපි මෙතනින් නවත්වන්නේ පෝරු මස්තකප්‍රාප්ත දම්පතීන්ට ප්‍රීතිමත් විවාහ දිවියකට සුබ පැතුම් එක්කරමින්. මේ දෙපළ සෑහෙන්න අපිව විනෝද කරවනවා. ඔවුන්ගේ බණ්ඩාරවෙල කැදැල්ලේ අලුත් තොරතුරු, මල් කෙල්ලෙක් මං - මල් දෙන්නම් මං, හනික යමන් පුල්ලි ගොනෝ කුරුණෑගල තරගෙටා, බ්‍රෙක්ෆස්ට් වානා - ලන්ච් ම වේනා ආදී අප් කමින් අප්ඩේට්ස් ඔක්කොම අරගෙන අගෝස්තුවේ දී අනුරාධි - මෙත්මත් බිහයින්ඩ්ද සීන්ස් ඇක්ස්ට්‍රා ස්පෙෂල් සලාද කොටයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් නවතිනවා.


දුනියා යේ දෝනෝකී ඒකී නාම් යාද් රකේන්ගී - බජිරාවෝ මස්තානි...!!



ඇවරියා නරකයා වීම හෙවත් ඉත්ථි කතා, පාන කතා, ධූර්ත කතා එපා වීම

Vault 07 Official 
පහුගිය දවස්වල ඇවරියා වෙන්චර්ස් නිසා ඇවරිතුමා සෑහෙන්න කාර්ය බහුල වුනා. ඇවරියා වෙන්චර්ස් කියන්නේ ඇවරි විසින් කරන ආයෝජන, රැස්කිරීම්, කර්මාන්ත, සැලසුම් ප්‍රවර්ධන ආදී සියල්ලන්ගේ එකතුවක්. දැන් මේ සලාදයත් අපේ සිරිපාල මැතිතුමා නිතර කියන්නා වගේ ජිල් බෝල හොද්දක් වෙලා තිබුණ නිසා ඇවරිට ම නිස්කාන්සුවේ වයර් ෂෝර්ට් වෙච්ච තැන්වලට ටේප් කරලා පිළිවෙලක් කරන්න වුනා. ඇවරයා වෙන්චර්ස් යටතේ ඇවරි ගේ හදන්න පටන් අරං වැඩ ගොඩක් අවසාන කළා. ඒ සලාද තාම ලියාගන්න බැරිවුනා. මිනිහෙක් වුනා ම හැබැයි හැදෙන්න හරි නැතිවෙන්න හරි ගෙයක් හදන්න ඕන ආයුබෝවන්. ගෙයක් හැදුව ම පොතක් ලියන්න තරම් පරිණත බුද්ධියක් එනවයි කියලයි ඇවරි පිතා ඇවරිට කිව්වෙ. ඇවරිගේ සීයා වඩ්ඩෙක්. තාත්තා වැඩ්ඩෙක්. හැබැයි ඇවරි නම් හඩ්ඩෙක්. රෙදි හෝදන්නේ සති දෙකකට වරක් නිසා. අද පරම්පරා තෝම්බුව දිග අරින්න නෙමෙයි ලැහැස්තිය. ඇවරිගේ අප්සෙට් අංශයක් ගැන ලියන්න.

දැන් අමුතුවට හිතන්න එපා. ඇවරි කියන්නේ ම පංචේන්ද්‍රිය ගත්තොත් කෑලි පහේ ම කොහේ හරි එලයිමන්ට් අවුලක් තියෙන පොරක්. දත් ටික එදා ඉඳන් එහෙමනේ. දැන් ඔය කම්බි අටෝලා ටිකක් ඩිෂිබිල් කරලා ගත්තාට. ඊළඟට නාහෙ. මිස්ටර් හොටු පුතා කියලා ඇවරිට කියන්නේ ආයෙ ගලන්න ගත්තොත් කැලණි ගඟෙන් මහ මුහුදට ගලන්නා වගේ මිහිකත තෙමා සනහන හොටු ගංගාව නිමා නොහෙන නිසා. ඇවරි පිතාගේ ලේඛනාගාරගත සාක්ෂි ප්‍රකාර ඇවරිගේ උප්පත්ති කතාවෙ සඳහන් හැටියට ඇවරි පුංචි කාලෙ සෙල්ලම් කරද්දි කරඳ ඇටයක් නැත්නම් කවුරුත් දන්න ඔළිඳ ඇටයක් නාහෙට දාගෙන තියෙනවාලු. පස්සේ ඒක ගන්න ඔපරේෂන් කල දා ඉඳන් දූවිලි සංවේදී ඇවරිගේ නහය ආද්‍රතාවය පොඩ්ඩක් එහේ මෙහේ ගියා ම ලීක් කරන්න ගන්නවලු. ඒක ඉතිං සදා සොත්ථි තත්ත්වයක්. අනික සොට්ෆ් වැක්ස්. සාමාන්‍ය මිනිස්සුන්ගේ කළාඳුරු නාද්දි වගේ එළියට ආවාට ඇවරිගේ කන් ඉටි කනේ රැඳෙන අවුලක් තියෙනවා. ඉතිං මාස දෙකෙන් දෙකට සකර්ස් දාලා අද්දවන්න ඕන. ආයෙ මුකුත් නෑ කෙළින් ම කණ ටැප් එකට අල්ලන සීන් එක තමා තියෙන්නේ. කන් හෝදනවා කියන්නේ ඒකට.

මේ ඊයේ පෙරේදා විෂන් කෙයාර් විසිවන සංවත්සරේ දී ඇවරිත් ඇස් බලව ගත්තා යන්තම් ඒ දෙක හොඳාලු. ඇත්තට ම පංචිකාවත්තෙන් හරි මේවා වෙන්වෙන් වශයෙන් රිප්ලේස් කරන්න පුළුවන්කමක් තිබුණා නම් ඇවරි කරගෙන. පහුගිය කාලෙ ඇවරි උත්සාහ කළේ. ටිකක් සැර වෙන්න. ඇවරිගේ මැනේජ්මන්ට් ස්ටයිල් එක ලිහිල් වැඩියි කියලා චෝදනාවක් ආපු නිසා ඒ සම්බන්ධ කරන ලද ස්වාධීන පරීක්ෂණයක නිර්දේශයන් මත ඇවරිගේ ඉහත කී කාර්මික දෝෂවලට අමතරව මේකත් ලෙඩක් හැටියට තක්සේරු කරලා තිබුණා. ඒ අනුව ඇවරිට ෆුල් බොඩි චෙකප් එකකට නිර්දේශ කරලා තව ටිකක් රවුඩි රාතෝර් වගේ කරන්න ඇඩ්වෙන්චර් වැඩ ටිකකුත් ජොබ් රෝල් එකට ඉන්ක්ලුඩ් කරලා තිබුණා. ඇවරි කොළඹ හතේ නයිට් ක්ලබ් එකක රෙවනිව් මැනේජර් ජවනිකාවට පණ පොවන්නේ ඒ නරක ළමයා වීමේ පළමු පියවර වශයෙන්.

ක්ලබ් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ආණ්ඩුවත් ප්‍රමෝට් කරන රෙඩ්ලයිට් ස්ට්‍රීට් හැදෙන්න නම් කොළඹ නයිට් එන්ටර්ටේනිග් ජොයින්ට්ස් තියෙන්න ඕනලු. පාන්දර හතර වෙනකම් පවත්වාගෙන යන්න කොළඹ නගර සභාවට දිනකට සෑහෙන්න බද්දක් ගෙනන්නත් ඕන. ඒ මදිවට තරඟය. ගෙස්ට්ලා කොහේ ගියත් වන්දනාව අහවර කරන්නෙ ආර් එන් බී වලින්. ඒක නිකම් මහගෙදර වගේ. ගෙදර යන ගමන් හැමෝම එහේ වඳින්නේ.

ඇවරි එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි. මෑන්ස් ක්ලබ් බැහැලා එක්ස්ටසි වික්කේ දෙදාස් දහයෙ විතර බර ගණන් වල. ඒක ඩිරෙක්ට් මාර්කටින් නොවුනත් ෆැසිලිටේටින් පාර්ට් එකක්. එතනදිත් ඇවරිට තිබ්බේ ඩොලර් ටික එකතු කර ගන්න. එස්කෝර්ට් එකට බවුන්සර් කෙනෙක් හිටියා. නැතුව මේ හාල්පන්කොස්සෙක්ට කවුද හලෝ සල්ලි දෙන්නේ?? ඇවරි සාන්ත දාන්ත චරිතයක් නොවුනත් කාලයක් නොටෝරියස් බිග් තරමට සෑහෙන්න ඕෆ් රෝඩ් ධාවනය වෙලා තියෙනවා. පස්සේ කාලෙක සිල්ගත් බිල්ලෙක් වුනාට අවශ්‍යතාවය මත කස්ටමයිස් කරගන්න පුළුවන් චරිතයක්. නමුත් කසිලි බිසිලි වලට බහිනවා දැන්නම් අඩුයි. දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං ගාගෙන, ෂේප් එකයි පාරයි නෑ කොකු දා ගන්නේ කියාගෙන ඉන්නවා. ඇවරිගේ මූඩි පාගා ගත් හැටි ඊළඟ සලාදයෙන් බලාපොරොත්තුවන්න. 

Wednesday, July 5, 2017

මගේ ආදර පතී - ගෙදර යතුර නැතී හෙවත් එළ හරකාගේ සහ මී හරකාගේ කම්පැටිබිලිටිය.. :(


බෙන්තර වනවාස විහාරය..
තෙල්ගාන අවුරුද්දේ මේ පාර නිවාඩුවක් ලැබුණ නිසා ඇවරිතුමා වහාම අලුත්ගම යාමට කටයුතු යෙදුවා. සාමාන්‍යයෙන් නිවාඩුවකට කොහේ හරි දිබ්බාගයක ට්‍රැවල් එකක් දාන්න ඇවරි දැන් පුරුදු වෙලා. තැන නිශ්චිත නෑ. ඔහේ බස් එකක නැංගා නැත්නම් කෝච්චියේ ගියා. අතේ සල්ලි තියෙනවා නම්, ඒ නැතත් කාර්ඩ් හැට හුටාමාරක් ඇති පර්ස් රාජයා තියේ නම් ආයෙ මොන ප්‍රශ්න ද යාළු. රෑ වුනොත් කොහේ හරි හෝටලේක හිටියා නැත්නම් ඕවර් නයිට් ලක්ෂරි බස් එකක් බුක් කලා. පාන්දරට එළි වෙද්දි කොළඹ. හූ කෙයාර්ස් බේබි. සිම්පල් ප්ලෑන් එකක්.

හැබැයි එදා නම් අපි දෙන්නා ගියේ නුවන් අයියාගේ දෝණියැන්දෑ ඇතුළු මඟහැරුණු බිළිඳු දැකුම් කීපයක් සම්පූර්ණ කිරීම සඳහා. කොකුන් ගෙනා බබුන් බලන්නට යන බවට ඇවරි දුන් ප්‍රතිච්ඥා ප්‍රකාරව ඒ කටයුතු සිද්ධ වුනා. බේරුවල අක්කර පහේ ඒ පැත්ත අපි කලින් නොගියපු ඒරියල් එකක්. එදා එහේ අවුරුදු උත්සවයකුත් තිබුණා. ආ අවුරුදු උත්සව කිව්වා ම අපේ ක්ලෝසලෑ අවුරුදු උත්සවේට ගිහින් කොටුව කපාගෙන එන්න ඇවරිතුමාට මේ වංගියේ බැරි වෙන්නේ කාර්ය බාහුල්‍යටත් වඩා විවේක සමාපත්තියට පත්වීමට තිබූ අවශ්‍යතාවය නිසා. ඒ සතියේ ඉරිදා දම්පාසල් නිවාඩුත් නිසා ඇවරි බෙඩ් රෙස්ට් කළා. ඔව් හිංගලෙන් කීවොත් ඇඳ බදා වැද හොත්තෝ ය තමා. කොහොම හරි අපි ගිහින් බබා බලලා එහෙන් රෑ කෑමත් අරන් ආවෙ. අලුත් නෑයෝ ගොඩාක් බැහැ දකින අතරේ පරණ නෑයෝ අමනාප වුනේ ඇවරිට ඔවුන්ගේ ගෙවල්වලින් කන්න යන්න බැරි වුන නිසා.
චෛත්‍ය කර්මාන්තයන්.. 

ඒ එක්ස්කර්ෂන් එක එහෙම අහවර වෙද්දි බෙම්තොට නෑයෝ ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න කී නිසා ආයෙත් පාරක් ඇවරි මාතා සමඟ අලුත්ගම මහ ගෙදර ගියේ ආච්චි සීයලෑ දානය වෙනුවෙන්. එදා ඉරිදාවක ඇවරි දහම් පාසල් ගිහින් වරුවෙන් දානමය පින්කමට ගියා. ඇවරි මාතාව ඒ වෙද්දි එහි ගිහින් තිබුණා. ඇවරි ආස ම බෙන්තොට ගඟ අද්දර යාත්‍රාමුල්ලේ සේන මාමලගේ වෙස් මූණු ගෙදර, එහේ මහ පන්සල, ආච්චි සීයාගේ සොහොන් දෙවැටේ පාර වගේ ගොඩක් තැන් වලට ඇවරිතුමා මෑණියන්දෑ සමඟ සංචාරය කළා. හරියට ම අර ආපසු ගමනේ ඉස්කෝලෙ හාමිනේ එක්ක යටලමත්තෙ ගියා වගේ.

මේ තැන් ඇවරිගේ ළමා කාලය එක්ක ගොඩක් සම්බන්ධයි. සේන මාමලා යාත්‍රමුල්ලේ වෙස්මූණූ කඩයක් කළා. ඉස්සර සුද්දෝ ඒ ගෙදරට ම එනවා වෙස්මූණු ගන්න. ඒ ගෙදර ඔරු දෙකක් විතර තිබුණා. ඉස්සර අපි නාන්න යන්නෙ ඒ ගෙදර තොටුපළට. තව පුංචි සත්තු වත්තකුත් තිබුණා. දාර ගැට කිඹුලකුත් එක්ක කිඹුල් පැටව් පහක් විතර එහි ඇති කළා. ඒ කාලෙ රටේ නීතිය කොහොම වුනත් බෙන්තර පැත්තේ මිනිස්සු ළඟ සත්තු හිටියා. ඇවරි කියන කාලෙ ඔය අහුංගල්ලෙ සත්තු වත්ත හේමත් හොඳට ම තිබුනා. තව බෙන්තර ගඟ ඉහළට වෙන්න දිවියෙක් එහෙම හිටපු ගෙයක කෙරුණු සත්තුවත්තක් බලන්න ඇවරි පිතා ඇවරිව ඔරුවෙන් එක්ක ගිහින් තියෙනවා. ඔය කිඹුල් සීන් එක නම් තාමත් ඒ පැත්තේ තියෙනවා. බෙන්තර වෝටර් ස්පෝර්ට්ස් කරන්න ගියාම බෝට් රයිඩ් එක යද්දි කිඹුලා පෙන්නන්න කිව්වොත් ඒ අය හුරතල් කිඹුල් පැටියෙක් ගෙනත් දෙනවා කැමති විදියට පොටෝ ගහගන්න.

තව ඇවරි කැමති ම තැනක් තමා බෙන්තර වනවාස විහාරය. ඒ සෙටප් එක මාරම කොසී. පන්සල තියෙන්නේ මාවත කෙළවර. පඩි විශාල ගාණක් නඟින්න තියෙනවා චෛත්‍ය, පිළිම ගෙය සහ බෝ මළුවට යන්න. ඒ මඟ අතර සිරිපාදෙත් තියෙනවා. ඒ සමනොල කන්දෙ මහවැලි, කැලණි, කළු වලවේ හදලා ඒවායින් වතුර එන්න සෙට් කරලා තියෙනවා. හාමුදුරුවනේ දැන් මේ මෝටරේ වැඩ කරන්නේ නැද්ද? මට මතකයි පුංචි කාලෙ ලොකු සද්දෙකින් වතුර වැක්කෙරෙනවා. හාහා ඉන්න මහත්තයෝ ස්විච් එක දාන්නම් කියලා පොඩිනම ආවාසෙ පැත්තට දුවලා ගියා. ටිකකින් පුරුදු සද්දයත් එක්ක වතුර එද්දි ඇවරිට ලොකු හිනාවක් ගියා. තව එතන මද්දුම බණ්ඩාර කතාව, විහාර මහා දේවිය, රීස් ඩේවිඩ් පඩිතුමා, කැප්පෙටිපොල වගේ වීරයන් අඹලා තියෙනවා. උසත් එක්ක පන්සලට ඒ වටේ ම තියෙන ගෙවල් ගව් ගාණක් දුරට පේනවා. තරසර හිවි මහල් මෙහි පහ පෙළ නිතොර - සුර සිදු විදුරදන් සැදි සඳලු මනහර වගේ තමා. මළ හිරු බැස යන හැන්දෑවේ ඒ මුහුදට ම දිවෙන අහස ලස්සනට පෙනුනා.

බෝමළුව සහ දඹදිව අසිරිය අඹා ඇති ප්‍රාකාරය..  
මනාව වැවුනු උඳුපියලිය යායක් මතින් වනවාස විහාරයේ බෝමළුවට යතෑකි. එහේ ලුම්බිණිය, කුසිනාරාව, ගයාව වගේ ගොඩක් දඹදිව සිද්ධස්ථාන අඹලා තියෙනවා ඇවරි දැක්කා. තවත් කිව්වොත් එහි අමතක නොවන සුළං කපොල්ල ඇවරි කැමති ම තැනක්. පන්සල් ගෙයි ටෙරාකොටා බිම තැම්පත් වෙලා බුදුන් වැඳලා ඒ රයිඩ් එක ඉවර වෙද්දි පැය දෙකකට කිට්ටු වෙලා. ඒ පන්සලට ඇවරි මාතාවත් හරි මනාපයි. ඇවරි කුස දරාන එතුමියත් මේ පන්සලට ඇවිත් තියෙනවලු.    



ගම අලුත් වෙලා - ගමවෙනස් වෙලා පුංචි කාලෙ අපි දුටු ගම හීනයක් වෙලා කියමින් ඇවරි මාතාව මාලනී ඇන්ටිගේ සින්දුවක් කියවමින් ආව. අපි පුංචි බෝක්කුව ළඟ නැවතිලා තාමත් තිත්ත පැටව් ඉන්නව ද කියලත් බැලුව නොවැ. ගීත කෝකිලා ඇවරි මාතාගේ මී පැණි වැක්කෙරන සත්සර මාධූර්යට සමවැදී තාල තියමින්, මහපාරෙ සින්දු කියකිය එද්දි වට පිට හිටපු පාරෙ යන උදවිය හේම අපුලට බැලුවත් අපි දෙන්න ඔහේ ආව අනේ. මොකෝ අපේ ගම කියලැයෑ. කවුරුත් අපිව අඳුනනව කියලයෑ ආයෙ.  

අපි එහෙම හිතුවට පින්වතුනි, ඒ අහු අස්සේ කොහෙන්ද ආපු මාතලී කෙනෙක් ඇවරි මාතාව අඳුනගෙන තමුන්ගෙ ආටෝව නවත්තලා ස්ටෑන්ඩ් එකට ගිහින් දාන්න පොරොන්දු වුන නිසා අපේ සින්දු චාරිකාව නිමා වුනා. ඩීසන්ට් පිට යන්න එපැයි. නැත්නම් අප්පොච්චිගේ කීර්ති නාමය පළුදු වෙනවානේ කිව්ව ම ඇවරිමාතා හිනා වුනා. ඇවරි මාතාව හෙවත් ඇවරි තාමත් තේරුම් ගන්න උත්සාහ කරන ඉතාමත් ආකර්ශනීය ගෑල්ලමයත් එක්ක ගත කළ අහම්බකාරක අලුත්ගම දාන ගමන නිමා වුනේ ඕන් ඔහොම. ඕක ම ඇවරිපිතා එක්ක ගියා නම් සහමුලින් ම වෙනස් විදියක්.

ප.ලි - ඇවරි මාතා- ඇවරි පිතා කියන චරිත දෙක සහමුලින් ම වෙනස් දෙන්නෙක් බව දන්නෝ දනිති. මේ දෙන්නගේ කොම්පැටිබිලිටි එක හොයන්න ඇවරිගේ ජීවිත කාලෙන් බාගයක් ම ගියපු බවත් කියන්න ඕන. සමහර වෙලාවල් හරි ෆන් සහගතයි අෆ්ෆා. හරියට මේ දෙන්නා ඉස්සර ගෙදර යතුර නැති කරගත්ත ම කියන හතර පද සැහැල්ල වගේ...

මගේ ආදර         පතී
ගෙදර යතුර       නැතී
සෙව්වෝතින්     ගති
මං ඔයාගෙ        වතී

හැබැයි දෙන්නා කොකු ඇද ගන්න වෙලාවට ඇවරිතුමා ඇතුළු අත්වැල් ගායක පිරිස කියන්නේ අර නදීක ගුරුගේ කියන සින්දුව
ශිෂ්ටාචාරේ මානවයා හා
ශිෂ්ටාචාරේ ගැහැනී එක්වෙලා...
අනාගතේ හි ඉතිහාසය ගොඩනඟනා දා
වැගිරෙයි දිය වී ආදරේ... රෝමියෝ...!!

ඒක කීවාම දෙන්නට හිනා යනවා ඉතිං. 

Tuesday, July 4, 2017

නොපිට ගිය සප්‍රයිස් ප්‍රොපෝසලය හෙවත් මල අතට දී මැරි කරන ලෙස තර්ජනය කිරීම... එක

මේ දවස්වල බුකිය පුරා වයිරල් වෙන අර සප්‍රයිස් ප්‍රොපෝසල් කෑල්ල අපේ කස්ටිය බලලා ඇති නොවැ. ඒ සම්බන්ධයෙන් සදාචාරවාදීන්‍, සංස්කෘතිය පිළිබඳ විද්වතුන් දක්වන අදහස් උදහස් අතරින් පතර ගිය ඇවරිට ඒ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක නොසිටියත් රමොද් මාලකගේ කූල්-ස්ටෙප් බ්රෑන්ඩ් එකක් හැටියට රෙජිස්ටර් වුනා. රමෝද් ගන්න ගාණට වටින වැඩක් කරනවා. ඇවරි දැකපු එක ම සාධනීය කාරණාව එච්චරයි. ඒ හැරෙන්න වටිනා දෙයක් එහි නෑ. ඇවරි හිතන විදියට. සමහරුන්ට එහෙම නොවෙන්න පුළුවන්. කොහොම නමුත් කලින් ප්ලෑන් කරලා හරි අපමණ ආදරණීය විදියට ප්‍රොපොස් කරන පෙම්වතුන් සිටිනා මෙවන් මඟුල් සක්වලක බඳින්න කලින් ඉඳන් ම වදක බාරියගේ චරිතයට රඟපාන ලද උත්තමාවියන් සිටින බවත් සලාදය හරහාවත් හුදී ජනයාට හෙළිදරව් කරීමේ භාරදූර කාර්යට ඇවරිතුමා දායක වෙන්න හිතුවා.

මැයි ජුනි කියන්නේ ඉතිං මංගල මාස කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඇවරිටත් ලැබුණු ආරාධනා අතුරින් බොහෝ ප්‍රමාණයක් ඇවරිගේ සයිමා කට් රීතිය යටතේ සහභාගී වුනා. ඇවරිගේ බෝම හිතවත් දායිකා රත්නයක් හිටියා පොඩ්ඩක් ඔළුව අවුල්. හැබැයි පිටින් බැලුව ම ඒම කියන්න බෑ හරියට ස්නෝවයිට් වගේ සීදේවී කුමාරිකාවි. ඔව් ආයුබෝන් පාරේ යද්දි ඈ තාර කාවී.... ආහ් ඔබට මතක ඇති ඇය පාර පනින්න ගිහින් ටිපර්කාරයෙකුට අඩ තියපු සීන් එක්ක සලාදෙ තියෙනවා. මේ කෙල්ලත් ඉඳලා ඉඳලා මේ පොසොන් මාසෙ ම කළු ගලේ ඔළුව හප්පාගත්ත නෙව. කළු ගලේ ම නෙමෙයි පින්වතුනි ඒක මෙත් මලේ...!! හරියට ම කිව්වොත් මෙත් මල් විලේ සමසුන් දරා මකරන්ද විහිදුවා විකසිත වුනා. ආහ් එහෙම ද ආස??

ඔව් අද ඕපදූපාව එතුමිය ගැන තමා. සඳ වතැති, ස්ට්‍රේට් කළ කෙසැති, බැරල් සිරුරැති, කුළුණුබර හදැති, පූසන්ට හිතැති ඔය හැම එකට ම වඩා කුජීත පඩික්කම් කටැති ඩිග්‍රිය නිසා නොවේ නම් උගත් යැයි සැලකිය නොහැකි, අපේ අනුරාධි විජේරත්න කුල දැරිවිය දාහකින් වත් හොයා ගන්න බැරි මුවකින් කියා නිම නොහෙන කඩසවම් දේහධාරී, (තෝඩී මෝටි හේ වෝ) මෙත්මල් ද සිල්වා කුල කුමරුවාණන් හා අතිනත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවති මංගල සාදයටත් ඇවරි පළමුවෙනිදා ම සහභාගී වුනා. ඇගේ ආරාධනාව නම් ඇවරිට ම හදපු එකක් වගේ පෙනුනේ සේව් ද ඩේට් යනුවෙන් සඳහන් කර තිබූ නිසා.

හැබැයි ඇවරි නම් දැන් පුරුද්දක් වශයෙන් ඩේට්ස් සේව් කරන්නෑ. කන්ටැක්ට් එකත් ඩිලීට් කරලා චැට් හිස්ට්‍රියත් රිමූව් කරනවා මිසක්. ලොල්... මිනිසුන් ලෝකය වටහා ගන්නේ තම පුරුදු හා ඇබ්බැහිවීම් මතය කියලා කොහේදෝ තැනක ලියැවිලා තියෙනවා ඇවරි කියෙව්වා. දේසේ හැටියට බාසේලු නේ ඉතිං හා ද?

මැයි තිස් එක බදාදාවේ ජාම වෙලාවට ඇවරිට මැසෙන්ජරයේ පණිවිඩයක් එවන අනුවෝ ඇවරි හෙට ටෝස්ට් එක කරනවනේ කියලා ඇහුවා. නියම විදියට ඒ වෙද්දි ඈ සැලොන් එකේ ඉන්න ඕන. උඹ අඳින්නෙ නැද්ද බං?? දැන් එකත් වෙලා.. හරි බං මේකප් ඉවරයි. වැඩේ කෙරෙනවා නේහ්? අනිවා සුදූ කිව්වාට ඇවරි මුකුත් ම කරලා තිබුනේ නෑ. හැබැයි ඉතිං ගමේ වැඩේ නිසා වදන් ටිකක් කාරිය ගළපලා තියාලා ඇවරි සයන තේවාවට සැපත් වුනා. උදේ පාන්දරින් ඇවරි ලෑස්තිවෙලා ඉන්ටර්සිටියක කට කපා නිදා ගත්තා. ඒ නින්දට ගහන්න නින්නදක් නෑ ඉතිං.

කොහොම හරි  ඇවරි උක්සව ශාලාවට සැපත් වෙද්දි යුවල පෝරුවේ හිටෝලා අහවරයි. චාලිත්තර ටික අහවර වෙලා දෙන්නා කිරිබත් කාලා අපිත් කාලා ඉවර වෙද්දි අපේ සුපර් ස්ටාර්ස්ලා එක එකා එන්න ගත්තා. මුලින් ම ආවේ ඉෂාන් විත් ගර්ල්ස්. සමා, සුබා, කව්වා ඉෂාන් එක්ක ආවා. තිළිණිත් කුරුණෑගල ඉඳන් ආවම අපේ මේසෙ ටිකක් රොක්. කාලෙකින් ඇවරිට මුණගැහුණු අපේ එරන්දි මැතිනිය සැමියා සමඟ පුංචි පුතා අරගෙන ආවා. දැන් මේසේ හවුස් ෆුල් කියන්නේ එතන නිකම් ලිඳ ළඟ සංගමය වගේ. දන්නවනේ ඉතිං අපේ ගෑනු-ගෑනු දියරෙදි සහ ඉෂාන්-ඇවරි ප්‍රධාන චීත්ත දෙකත් සෙට් වුනා ම ආයෙ වසලා හමාරයි. යකෝ අපේ සද්දේ වැඩියි. ගානක් නෑ බං ඩී.ජේ බැලන්ස් කරාවි. හුටා මෙන්න මුං ටේබල් රවුන්ඩ්ස් එනවා.

වෙල්කම්ටු ද ජංගල් සර්. ඇත්ටම ඇවරිතුමාට මත්මල් සේනා ගැන උපන් ළතෙත් සහෝදර ප්‍රේමය ප්‍රකාශ කළේ ඒ විදියට. සායම් ගාලා, මායම් දාලා ඒ කොල්ලව අල්ලාගෙන අපේ අනූ පනූ කළ හරිය ගැන ඉතිං දන්නෙ අපි නොවැ පින්වතුනි. මනමාල ජෝඩුව එතනින් ගියාම දෙවනි මනමාලියත් ඇවිත් අපේ මේසෙ ස්ටෙලා වුනා. දැන් කලින් දවසේ රෑ ඉඳන් අනූගේ මංගල විප්‍රකාරයන් සියල්ල දෙවන මනාලිය විසින් වමාරන අවස්ථාව. ඒවා නම් සලාදයේ ලියන්න බෑලු හොඳේ...

නව යුවලගේ ප්‍රී ෂූට් වීඩියෝව වෙනුවට එහිදී කුඩා කාලයේ ඉඳන් ඡායාරූප ඇතුළත් ඇල්බමයක් පුළුල් තිර ඔස්සේ ප්‍රදර්ශනය කළා. එහි සෑහෙන්න මාලා නාටකීය ජවනිකාවන් ඇතුළත් වුනා. අපේ මේසේ පුල් මාවලස් සහෝදරත්වය අත්පොළසන් දෙමින් හූ කියමින් ඒවා බැලුවා. එහි අවසානයේ ඇවරිට ගිහාන් හෙවත් මස්සි ඇවිත් ටෝස්ට් එකට ආරාධනා කළා. ගිහාන් කියන්නේ මෙත්මල් සහෝගේ ළමා කාලෙ ඉඳන් යාළුවා. පිස්සු ම පොර ආයෙ. ඇවරි ඉතිං වැඩේ කළා. ගිහාන් තමුන්ට රගර් ටීම් එකක් දාගෙන එහි කෝච් වෙන්න ප්ලේයර්ස්ලා දහ අටක් ම අනුවගෙන් ඉල්ලා සිටියා.


ඇවරි නම් අනූව දන්නේ ඇය දැනට වඩා කෙට්ටුවට ඉන්න කාලෙ ඉඳන්. ඇය බොහෝ විශ්වාසය තැබිය හැකි චරිතයක් හා වැඩක් කිව්වොත් කරන කෙල්ලක්. ඔය සප්‍රයිස් ප්‍රොපෝසල් කොල්ලොම කරන බව අපි අහලා තිබුණට පහුගිය වැලටයින්ස් දවසේ අනුරාධ
පුර පූජා නගරයේ දණ ගහලා රෝස මලක් දීලා මෙතමල් ලවා ප්‍රොපෝස් කරව ගන්න තරම් ඇය සාහසික වුනා. දැන් හොඳට ම ඇති මහතයෝ. මෙන්න මල. දණගහලා අහනවා මාව බඳිනව ද කියලා. හා දැන්ම, මේ දැන් ම කිව්වලු..!! ඉතිං තව කතා ඕන නෑනේ පින්වතුනි? (FYI - ඒම කෙල්ලොත් ඉන්නව හොඳේ..


ඉවසුව ඇති මෙත්මලෝ... දණගහල, මල අරන් මාව බඳිනවයි කියාපිය... 






Monday, July 3, 2017

පැඟිරි විසේට උතුවන නැඟීම හෙවත් තරුණ සිඳගනන් වහ කඳුරුවීම දෙක

මෙහමෙත් එකක් හොයා ගත්තලු..
තමුන් වෙනුවෙන් ජීවත් වෙනවට වඩා අනුන් වෙනුවෙන් ජීවත් වීමේ කලාවට ඇවරිතුමා බොහෝ ප්‍රිය කළා. ඒ නිසා ම තමා කොච්චර කාරිය බහුල වුනත් අපේ ගුරුභවතුන්ගේ චාරිකාවට එකතු වෙන්න වෙලාවක් වෙන්කර ගත්තේ. කලින් පෝස්ටුවෙන් කියවුනා වගේ වැඩි ගුරුවරු පිරිසක් එකතු වුනේ නෑ. කොටින් ම චාර්කා සංවිධායක හැටියට ඇවරිතුමාට යන්නේ කොහේද කියලාවත් කල්පනාවක් හෝ නිශ්චිත තීරණයක් තිබුණෙත් නෑ.

වැඩිහිටි ගුරුවන්ගේ පැඟිරි විසේට අපි වැඩක් කළොත් ආයෙ අහන්න දෙයක් නැති නිසා එතුමන්ලා, එතුමියන්ලා බොහෝ සද්දාවෙන් එකතු පහද වුනා. මුල් ම නැවතුම වුනේ පියදාස තලගුලි ආපන ශාලාව. 

දැන් කොහේ ද මල්ලි යන්නේ?? අපේ අමිල අයියා ඇහුව ම තමා වැඩේ පත්තු වුනේ. අපි පින්නවල යනවාද? නැත්නම් කෙලින් ම මාළිගාවට යනවාද  කියලා කතා වුනා. එහෙමත් නැත්නම් උතුවන් කන්දෙ සරදියෙල් ගම්මානය බලමු. කවුරුත් ගිහින් නෑ මං හිතන්නේ. ක්ෂණිකව උතුවං කන්දෙ යන්න කරපු තීරණය අනුව මාවනැල්ලෙන් බසය උතුවන පැත්තට ඇදුනා.

සරදියල් ගම්මානය කියන්නේ කඳුරට මැද්දේ රජවුන සිංහයා, අපේ සූර සරදියෙල් උන්නැහේගේ මතක සටහන් එකතු කරලා ගම්මානයක ආදර්ශයක් මගින් ඉදිරිපත් කරන තැනක්. හරියට බත්තරමුල්ලේ අපේ ගම පරිශ්‍රය වගේ. ආචාර්ය ආතර් යූ ගමගේ මහතාට විසින් දැවැන්ත ආයෝජනයක් කොට පවත්වාගෙන යන අක්කර දහසයක වපසරියක් පුරා විහිදීගිය විශාල තීම් පාර්ක් එකක් කිව්වොත් හරි. ගම්මානය වටා සරදියෙල්, ඔහුගේ මිත්‍ර මම්මලේ මරික්කාර්, ඔහුගේ මව පිචෝ හාමි, පියා ආදිසි අප්පු ආදී බොහෝ දෙනා ගැන තොරතුරු දක්වන ගයිඩඩ් ටුවර් එකක් දෙන්න කාර්ය මණ්ඩලයක් සිටියා. අපි ගියේ තවත් කොළඹින් ගිය වැඩිහිටි නඩයක් එක්ක. ඔවුන් වැඩිහිටි සංවිධානයක පිරිසක්. මේ අය අපේ අයත් එක්ක තකට තක පෑහුන නිසා විස්තර කථනය ඉදිරිපත් කළ කාන්තාව ඉතා සතුටින් ඒ කාර්ය කළා.

අරණායක රා තැබෑරුම, කඩපිල, තොරපනය, අවගාරය, බුරුමය, වරක්කලය ඇති වඩු මඩුව, දිය පිල, වට පිල, වැදුම් ගෙයින් අමුඩයක් ද කම්බායක් ද අහන ගැමි ගෙය, ඒ කාලෙ ආරච්චි හැරුණු කොට රජයෙන් පඩියක් ගත් එකම සේවකයා වන පියුම් මහත්තයා ගැන හේම අපූරු කතා ඈ රසට කියද්දි වයෝවෘද්ද අය තරුණ අපිට ඒ අය පුංචි කාලෙ ඇත්තට ම ඒ දේවල් දැකපු, කරපු හැටි ගැන විස්තර කරලා දුන්නා. පතහ දෙකක් හුණ්ඩුවයි, හුණ්ඩු දෙකක් නැළියයි, නැළි දෙකක් සේරුවයි, සේරු කීයක් ලාහයි ද? ලාස් කීයක් කුරුණියයි ද? ආදී වශයෙන් මැනුම් ක්‍රම ගැන දැනුමක් දීපු ඇය දෙමෝලෙන් කොටන හැටි පැහි පට්ටල්, කුරුණි පෙට්ටි, හත්තිය (හට්ටි නොවේ) ආදී බොහෝ දේ ගැන මහත් කාරුණාවෙන් නොදන්නා අපිට ඉගැන්නුවා. අපේ වැඩිහිටි කස්ටියත් ඇරියේ නෑ. විස්තර කරද්දි කරච්චල් දාගෙන හා ඕක පුතා මේ වගේ.... දැන් ඕකෙ අවුල මොකක්ද දන්නව ද?? ආදී වශයෙන් පණ්ඩිත වාක්‍ය එක් කරමින් තමුන් ඒ කලෙ කරපු කියපු මජර වැඩ, කෙටි ක්‍රම, රොම්පි සීන් ඔක්කොම කැත නැතුව කියලා දුන්නා.

ඉලුක්ගොඩ පන්සලට ගොඩවැදිලා වැලිපිල්ලේ අකුරු ලියපු අපි, නායක හාමුදුරුවන්ගෙන් හෙනරාජ තෛලය සූර සරදියෙල් හොකරම් කරනව බලාගෙන හිටියා. ඒකනේ ඒ හාදයට වෙඩි වැදුනේ නෑය කියන්නේ. කසාදයක් නොබැඳපු සරදියෙල්ගේ අනියම් බිරිඳ කාදර්ගේ තංගම්මා ගැනත් දැන කියාගෙන රා මංකඩ පහුකරන් අපි ආවෙ උඩරටට ආවේණික හෙල්මළු ක්‍රමයට වගා කළ කුඹුරු යායකට. එහි දී එක කැරැල්ලේ කුඹුරක් හාන මුදුනා, කොළ මුත්තා, දෑතුරයා, මට්ටයා, තලාතයා ආදී හරක් කැරැල්ලක් බලාන මී හරකයි එළ හරකයි එකට බානට නොබඳින කාරණාවත් අහගෙන ඉහත්තාවෙ තොටුපලට ගියේ නාන ළඳුන් බලන්න. මේ සියල්ල කමත් බාසාවෙ එන වචන. උපුටනය දන්නෝ දිනති අඩවිය.

ඒ ළඟ ඒදණ්ඩක් ළඟදි ඈ බොහෝ දෙනා පුදුම වුන කාරණාවක් කියලා දුන්නා. දැන් මේ මහත්තුරු නෝනලා අහලා ඇතිනේ පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ කියනවා. නමුත් ඇත්තට ම ඒ දණ්ඩෙ යන්න බැරි පණ්ඩිතයාට නෙමෙයි. පන්ඩිතයාට. පන්ඩිතයා කියන්නේ කත් කාරයා. කදක් උස්සගෙන සමබරව යන්න බැරි නිසා තමයි පන්ඩිතයාට ඒ දණ්ඩෙ යන්න බෑ කියන්නේ. පණ්ඩිතයාට ඒ දණ්ඩෙ යන්න බැරි කමක් නෑ. හැබෑට අපි කවදාවත් එහෙම දෙයක් ගැන අහලා තිබුණෙ නෑනේ.. බොහෝ දෙනා කිව්වෙ ඒ ටික.

සරදියෙල් ගේ අවසානය, සිංහල මිනිහා විසින් කළ පාවාදීම, කොස්තාපල් සබාන් ඇතුළු පිරිස මරණයට පත් වීම හා එදින ජාතික පොලිස් දිනය ලෙස නම් කිරීම, මහ රැජින විසින් සරදියෙල්ට නිදහස දීමත් කොමාවක් අතපසුවී පණිවිඩය වැරදියට ලැබීමෙන් සරදියෙල් එල්ලා මරා නැවතත් එල්ලීම වැනි කරුණු මතක් කළ ඈ අවසානයේ දී විඩා නිවන්නට බීම වීදුරුවක් ද දුන්නා. පොඩි දරුවන්ට වගේ ම වැඩිහියන්ටත් ඉතා වටින ගමනක් හැටියට අපේ ගුරුවරු ප්‍රිය සංවේග උපදවා ගෙන අපිටත් පින් දීලා නැවතත් බසයට ගොඩ වෙන්න ආවේ කඩ මණ්ඩියක් මැදින්. 

සියලු දෙනා ම එක්කාසු කරගෙන ඇවරි තුමා රථ ගාලට එද්දි කඩ මණ්ඩියේ තැන තැන අපේ අය වැඩ අල්ලලා. සමහරු පැලපි කනවා. සමහරු කැවිලි කනවා. තවත් අයගේ කටේ වණ්ඩු. සමහරු තැඹිලි ගෙඩි ඔළුවෙ හිටන් නමාගෙන. සාදය මාරයි - සල්ලි හමාරයි. ඒකනම් කමක් නෑ ගමේ මිනිස්සුන්ටනේ. කියලා ඇවරි තුමා සියලු දෙනාගෙ බිල් ගෙවා අහවර කළා. සීනි තියෙන කට්ටිය සීනි නැති කට්ටිය වෙනසක් නැතිව සබ්බ සකල මනාව ම වළදනවා. ඔන්න කට්ටියට සීනි වැඩි වුනොත් මාව අල්ලගන්න එපා. ඇවරි වෝන් කළේ අවදානමට පෙර සූදානම කියලා හිතාගෙන. අයියෝ පුතා ඒ ගැන බව වෙන්න එපා. ගෙවල් වලදි අපි හැමදාම ඩයබිටික් මීල් තමා. ඔයා එක්ක ආව ම තමා කැමති දෙයක් කන්න නිදහසක් තියෙන්නේ. ෆොන්සේකා ටීචර් කිව්වේ හැමෝව ම හිනස්සමින්.

මේ ගමනේ අවසාන කොටස ඊළඟ සලාදයෙන්. ඉතිං බලහන්කෝ 2017 ට්‍රිප ඉවර වුනත් 2016 ට්‍රිප ගැන ලියලා අහවර කරලා නෑනේ...?? එහෙම තමා. හැම හැපනින් එකක් ම ලියන්න තරම් වෙලා නෑ හයියෝ...!!.



අන්ඩර් කොන්ස්ට්‍රක්ෂන් යන පාලම කොටස...


බසය ඊළඟට ඇදෙන්නේ නුවරට. එතැන් කස්ටිය කාපු බීපු - නාපු කියාපු තැන් ගැන ඊළඟ පෝස්ටුවෙන් ලියාලා මේ සලාදෙ අහවර කරන්න ඕන මොක ද මේ 2016 චාරිකා වාර්තාව 2017 එකත් දැන් අහවරයි නොවැ... ලොල්...!!