Thursday, December 21, 2017

අලකලංචි දඩොං ද පල්ලම්ලාගේ පොටෝ කැචර්ට ඩෙංගි ලයින් වීම හෙවත් සී. එස් වන්දනාව


හැමදාම පරණ සලාද ගැන ම ලියන නිසා අද මේ දවස්වල අපි වගේ කොනටෙම්පරරි ගොසිප් ටිකක් කොටලා තියන්න අදහසක් ආව. රැප් සීන් එකේ යෝයෝ තද තද බ්‍රෝ කියාගෙන හිටපු ඇවරිතුමා ඩෙංගු සීන් එකට ට්‍රාන්සර් වෙච්චි නිසා ෂෙඩියුල් ටිකක් අවුට් ගියා. ඒ දවස්වල ඉන් අවුට් මනින්න, ප්ලස්මා, බ්ලඩ කවුන්ට් බලන්න, ආදී බොහෝ වැඩ රාජකාරීත් යෙදුනා. ඇවරි ඩෙංගු හැදුන බොක්කේ ම හිතවතෙක් වුන අපේ අලකලංචි දඩෝං ද පල්ලම්ලාගේ සී.එස් හෙවත් වෘත්තිය ඡායාරූප ශිල්පි චානුක තියඹරාවත්ත මහතා බලන්න නුවර යාමත් විශේෂ සික්ධියක් වුනා.

මොකක් හරි අත්‍යවශ්‍ය කාරණාවකට ඇවරිතුමාට අලව්වේ වලව් කුමාරයා හෙවත් අලව් යකා යන විරුදය ලත් අපේ චන්දන බණ්ඩාර ඇමතිතුමාව සම්බන්ධ කරගන්න උවමනා වුනා. අන්තිමට ඇවරිතුමා චන්දනාලේප මැතිතුමා හම්බුනේ ඔහොම හිතුමතේ අලව්වට ගිහින් සුප්පා සුපිරි කැලෙන් ගෙනා දඩු බෑ මී පැණි බෝතලක් ගන්න ගියා ම. ඇවරි පිතාගේ වට්ටෝරුවකට අදාළ විශේෂ මී සාම්පලයක් ගැනීමේ වගකීම අපේ අලව් යක් රගාණන්ට දුන්නා ම සතියකින් බඩු රෙඩී කියලා ඇමතුමක් ආව. ඒ සෙනිකෙට ඇවරි අලව්වට ගිහිල්ලා, රගාතුමා බැහැදැකලා, අපේ විජය ස්ටෝර්ස් තුන් මහල් ප්‍රාසාදයේ මතු මහලේ සාමීචි කතාකොට කෝච්චියේ ගෙදර ආව මතකයි. කොහොමින් කොහොම හරි චන්දානන්දගේ අලුත් අංකය හොයා ගන්න සී.එසාට ගත්තාම එම මැතිණිය සුරනියෝ තමා කතා කළේ. අනේ ඇවරි චානුකට ඩෙංගු හැදිලා තාම හොස්පිටල් ඉන්නේ, මං චන්දනගේ නම්බර් එක එවන්නම් කිව්ව ම ඇවරි ඉරිදාවෙ එන වග දන්වල හිටියා.
මේ ඡායාරූපය නම් හොරාගත්තු එකක්...

ඉරිදාවෙ දහම් පාසල් ගිහින් වැඩ ඔක්කොම අහවර කරලා ඇවරි දොළහට විතර කිරිබත්ගොඩින් නැග්ගේ නුවරට යන්න. හැමදාමත් වගේ පැය තුනක් නිදා ගත්තා කුඩු වෙන්න ඉතිං. පුෂ්පදානෙන් එගොඩ වෙලා, බහිරවකන්ද පාරෙන් සී. එසාලගේ ගෙදර යන පාර ඇවරිට ලොකු මතකයත් තිබුනෙ නෑ. ඇවරිතුමා පුෂ්පදානෙට තාමත් බයයි. ඉතිං. කතාව දන්නෝ දනිති ඈ. හැබැයි අතන බෝ ගහ ගාවට වෙනකම් මතක තිබුණ නිසා ඒ ටික ටුක් එකක ගියා. එතනින් පස්සෙ මොන පාරද කියලා මීටර් නැතුවා. කමක් නෑ බැරි ම වුනොත් කෝල් කරමු කියලා හිතාගෙන ඇවරි මඟ දිගේ කරුණාව පටන් ගත්තා. ඒ සාවියේ ඇවරිලා රෑ දවල් දෙකේ ඇවිද්දේ නුවර අටවක කරන කාලෙ. රෑට බස් නැතුව නුවර කිංස්වුඩ් එක ගාව ඉඳන් ඔය ගෙදරට ම අපි පයින් ම ගියපු දවස් අනන්තවත් ඇති. යන්තම් ඇවරිගේ අඩිඩාස් අඩිප්‍රින්ට් වාන් පතුල් කුට්ටම නිසා ඇවිද්ද පය දහස් වටී ම තමා.

ඒ පළාත එච්චර වෙනස් වෙලා නෑ. හෙලේ ගරාජය, යුනිලීවර් ඒජන්සිය ආදී බොහෝ මං සලකුණු එහෙමම නිසා ඇවරිතුමා බොහොම සුළු වෙලාවකින් නිවස වෙත ආව. ගේට්ටුවත් තමුන් ම ඇරගෙන, දොරගාවට ම එද්දි සුරනි ඇවිත් පිළිගත්තා. තොට පිස්සු ද යකෝව්? කොළඹ ඉඳන් ම ද එන්න? තාත්තේ මේ නලින්. ඕ ඇවරි පුතානෙ? අංකල් එක සැරේම ඈවරවිතානව අඳුනා ගත්තා. චානුක ඔයාට කතා කරන්න හොඳ නෑ? සුරනි අනතුරු ඇඟවීමේ නලාව පිම්බා. ඇවරිතුමා සී.එස් ගේ අක්කා සහ අයියා එක්ක කතා කළා. සී. එස්ගේ වෙඩිම තිබුනෙ අක්කාගේ උපන්දිනේ දවසේ ඇවරිතුමා ඒ පැරණි මතක ගොඩක් අලුත් කළා. තව එහේ අම්මා පේපර් මාර්කින් යන දවස්වලත් තාත්තා අපිට උදේ කෑම හදලා දුන්න හැටි. ඉස්සරහා තණකොල වවන්න ප්ලෑන් ගහපුවා. එහේ ජනප්‍රිය බේකරියෙන් හවසට උණුවෙන් කිඹුලා බනිස් කාපුවා මතක් කරමින් ගෙවුන පැය කිහිපය ඉතා සතුටින් ගෙවුනා. කථිකාචාර්ය අයියා ඇවරිට පහුවදා ඔවුන් එක්ක කොළඹ එන්න ආරාධනා කළත් එදා රෑ ක්ලබ් එකට යන්න තිබුණ නිසා ඇවරි ආපිට ආව.


පලි. - සී. එස්තුමාට ලෙඩ බෝ වුනා ම පොඩි එකාටත් අන්තවන බවයි ධවලමන්දිර ප්‍රකාශිකාව සුරනියෝ ප්‍රකාශ කළේ. කෝමත් ඒ ඇත්ති නොහිටින්න අපේ සී තුමා සානෝ සීනෝ වෙලා දුස්සාධ්‍ය වෙන්න බොහෝ ඉඩපාසු තිවුනා. කෙයාරින් අතින් එතුමිය ඉස්තරං කියලා බොහෝ දෙනා කතා වුන බවත් ලියලා තියන්න ඕන...!!



Tuesday, December 19, 2017

තවත් හැට පැනපු චාරිකාව හෙවත් සබරවරිගේ කැකුළියන් හා වන්නිලැත්තන් දැකුම් පොජ්ජ මන්දු කිරීම

ඇවරි කෝමත් ට්‍රැවල් ස්පෙෂලිස්ට් නිසා ඒ සම්බන්ධ රාජකාරී වලදී කට්ලට් එක සෙට් වෙනවා. වාර්ෂිකව ඇවරියා වෙන්චර්ස් වෙතින් සංවිධානය කරන චාරිකා අතර අපේ ගුරුභවතුන්ගේ චාරිකාව ප්‍රධානයි. කෝමත් ගෘෘප් ට්‍රැවල් කියන්නේ අර යමු කිව්ව ම හත්මුතු පරම්පරාවෙ මැරිච්චච එව්වොත් වලින් නැඟිටල එන, යන දවසට සූගාලා දෙතුන් දෙනෙක් වෙන ජාතියේ අමුතු සබ්ජෙක්ට් එකක්නේ. ඇවරිතුමා ඕවා කරද්දි එච්චර ම පැක්ස් කවුන්ට් එක ගැන හිතන්නේ නෑ. ආයෙ යන්නෙ කොහේ ද කියලා හිතන්නැති එකේ යන්නේ කවුද කියලා හිතන්න අහවල් අමාරුවක් තියෙනවයි කියලැයි..? මූලික සූදානම හැටියට අදාල දවසට බසයක් නම් බුක් කරනවා. කෑම ගැන එච්චර වද වෙන්නෑ මොකද අපේ අයිලන්ඩ්වයිඩ් නෙට්වර්ක් එකේ හැටියට කෑම නතින් කිනන් ඩොප්පි නකින් වගේ.



උදෑසන සප්පායම... 
අපේ රිපීටර්ස්ලා ටික කෝමත් එනවා. තරුණ ගුරුවරු තමා එහෙ මෙහෙ වෙන්න ඉඩක් තියෙන්නෙ. දැන් අවුරුදු ගාණක් අපි බැක් ටු බැක් බුක් කරන නිසා සමහර ගුරුභවතුන්ගේ පවුලේ උදවිය සියල්ල ම වගේ චාරිකාවට සහභාගී වෙන අවස්ථා වැඩියි. සීට් මදි වුනොත් මිසක් අඩු වෙන්නෑ. හරි බජට් කවර් නොවුනොත් අපි අතින් දාන්නම්. මොකෝ අපි එහෙම බැරි කස්ටිය නෙමේනේ බ්‍රෝ. යන තැන ගැන බොහෝ දෙනා පුරස්න අහපු නිසා ඇවරි ඒ සම්බන්ධ ස්වයං තීරණ අයිතිය වැඩිහිටි ප්‍රජාවට ම දුන්නා. මේක වැඩිහිටි ඔබතුමන්ලාගේ - ඔබතුමියන්ලාගේ වැඩේ. අපි ඔබ කියන ඕන තැනකට එක්ක යනවා. ඒක නිසා ඔබ ම තීරණයක් ගන්නැයි කීවා ම මහියංගනය යෝජනා වුනා.

වන්දාමි සාධු මහියංගන ථූපරාජං
නාකි විසේ ගෙයට උසේ කීවාලු. දැන් බින්තැන්නේ කැකුලියන්ට තිසා හාමි ඇත්තෝ දැකුම් පොජ්ජ මන්දු කරන්නයි ඇල්ම හා? කාරි නෑ. කාරි නෑ. ඔය අතරේ තරුණ පාර්ශවය නාන්න ඕනෑයි කී නිසා දඹුල්ල කණ්ඩලම අතුරු යෝජනාවකුත් ආවා. මහියංගනය දුර නිසාත් පාන්දර පිටත්විය යුතු නිසාත් දඹුලු ගලේ නඟමුයි ස්ථිර කරලා කන්ෆර්මේෂන් ගන්න ගියාම ඇවරිට එලෝ පොල් මෙලෝ පේන්න ගත්තා. පැයක් තුළ කැන්සලේෂන් දොළහක්. හරියට මිලංක මිල දර්ශකය එසැණින් පහළ යනවා වගේ ඇම්බුෂ් කැන්ලේෂන් හාර්ඩ් හිට් එකෙන් ඇවරි පද්ධතියේ දෝසයක් ඇති බව වහා වටහා ගත්තා. කවුරුත් නිශ්චිත හේතුවක් ඉදිරිපත් කරන්නෙත් නෑ. එන්න වෙන්නේ නෑ විතරයි. ඔය අතරේ ඇවරිට අපේ ජ්‍යේෂ්ඨත ම ගුරු මාතාව කුසුමා විජේතුංග මැතිනිය කතා කළා. පුතා දැන් මහියංගන නෙමෙයි ද යන්නේ? මට නම් එහේ යන්න ආසයි. නැත්නම් නම් මට ගිහින් වැඩක් නෑ. මොක ද දඹුල්ලේ නඟින්නත් බෑනේ. අයියෝ ඒක ද මේ වැඩේ. එකෙන් ම මහියංගනේ යමු. ටීචර් ලහැස්ති වෙන්න.

ඇවරි අනික් අතට මහියංගනේ යන බව ස්ථිර කළා ම කැන්සල් වුන ඔක්කොම කන්ෆර්ම් වුනා. ඉතිං ඕක කලින් කියන්න තිබුණනේ දරුවනේ මාව ම කන්න හිටියේ...?? අපේ වැඩිහිටි ගුරුවරුන්ට සාපේක්ෂව තරුණ ප්‍රජාව විස්සක් විතර හිටියත් කිසිවෙකුගෙන් ලොකු උනන්දුවක් තිබුණෙ නෑ. අපිත් එහෙම වැඩියෙ තරුණ අයට මේ ට්‍රිප ප්‍රමෝට් නොකරන්නේ ඒක වැඩිහිටි අයට බාධාවක් වෙයි ද කියලා හිතලා. මේ ෆ්ලේවර් එකට සෙට්වෙන ඈයෝ කෝමත් එනවා. යන දවසේ පාන්දර ඇවරි කස්ටියට වේකප් කෝල්ස් ගද්දි ඔක්කොම ඇහැරිලා තිබුණා. ඇවරි විශේෂයෙන් ම මතක් කරන්න ගත්තේ ඒ ඒ අයගේ බෙහෙත් වගේ ම සීතල වුනොත් ජර්සියක් ගේන්න කියලා. ඇවරිතුමා ළඟ වැඩිහිටි ගුරුවරු ගත්තා ම ඒ ඒ අයගේ මීල් ප්‍රෙෆරන්ස් වගේ ම බෙහෙත් වට්ටෝරු ගැනත් රෙකෝර්ඩ් එකක් තියෙනවා. ඒ පුරුද්ද ඇවරිට රාජකාරීමය ඇබ්බැහියක්. මොකද ෆ්ලයිට් බුකින්ස් වලදී මීල් රික්වෙස්ට් දාලා, ෆ්‍රීක්ටවන්ට් ෆ්ලයර් දාලා, සීටින් කරවලා වීල් වෙයාර් ඇසිස්ටන්ස් ඕන නම් ඒකත් දාලා සම්පූර්ණ කරලා ටිකට් එක යනන්නයි ඇවරිතුමා කැමති. ඕල්ඩ් ස්කූල් ටයිප් වුනාට සීනීයර් පැසෙන්ජර්ස්ලා එයාලා ගැන අපි කන්සර්න් කියලා සෑහෙන්න සතුටු වෙනවා. ඒවා මහා දේවල් නෙමෙයි ඉතිං.

ඇවරිගේ මාතලී සිරා මෑන්ස්. ඔහු ස්ටාෆ් සර්විස් එකක් කරන නිසා සෑහෙන්න අත්දැකීම්ලත් රියැදුරෙක් වුනා. පන්සල ළඟින් ගද්දිත් ආසන කිහිපයක් පමණයි තිබුනේ. ගයාන් අයියලා අපේ වින්දනා එක්ක ඇවිත් අමිල අයියලාගේ ගෙදර කාර් එක දාන්න ගතවුන වෙලාව නිසා හතරට ම පිටත් වෙන්න බැරි වුනා. සැලකිය යුතු තරුණ නියෝජනයක් නැතත්, වින්දි, සාගර සහ මධුරංග ඇවරිතුමා වෙනුවෙන් ලොකු සප් එකක් දෙමින් සියල්ල බැලන්ස් කරන්න බකප් එකක් දුන්නා. මධුරංග පහේ පන්තියක් කළ නිසා වැඩිහිටි ගුරුවරු බොහෝමයක් ඔහු දැන කියාගෙන හිටියා. ඇවරිට පස්සේ නිල කෙයාර්ටේකර් වුනේ මධුරංග. ඔහු හැමෝගෙම ඕනෑ එපාකම් හොයා බලමින් උදව් උපකාර කළා. ලොජිස්ටික්ස් වලට ඇවරිට සාගර හිටියා. නිල එමර්ජන්සි කෙයාර් යුනිට් එක සාගරගෙන්. වින්දනා කොරපු කෙණ්ගෙඩියක් නැති තරම්. හැබැයි ඈ නොකරපු දේකුත් නෑ. වින්දිත් සාගරත් අපිට එකතු වුන මුල් ම වතාව. ඇය සැවොම විනෝද කරවන චරිතය. මිස් සෙල්ෆි රාජිනී විරුදය ලත්, මැඩෝනාට වැඩිය වටින ඇගේ කිංකිණි නළාව ගැන දන්නෝ දනිති. කටර් එකක් කියන්නේ කණේ ඩෝං ගාගෙන ගල් බෝර දාන තරම්. ඇවරිතුමාගේ නිල කාර්ය මණ්ඩලය හැටියට මේ තුන්කට්ටුව නොහිටින්න වැඩේ ජෝන් බාස්ට යනව හැබැයි.

අමිල අයියාට නුවර බණ ගෙදරක යන්න කාරණා කටයුතු සිද්ධ වෙලා තිබුණත් එතුමා මහියංගනය දක්වා අපිත් එක්ක එන්න එකඟ වුනා. සීනියස්ලා කවුරුත් මේ ට්‍රිප මිස් කරන්නේ නෑ. කොහොම හරි අමුණගෙන ලයින් කරගන්නවා මිසක්. ඇවරියානෝ දර්බුකාවත් අරං වැඩේට බැස්සා. මෙදා උදේ කෑම ගත්තේ කඩුගන්නාවේ ගල විද්ද තැනින්. කඳුරට කුඩ පැක්ටරිය අද්දර ගමේ කඩේ එදා පටන් ගත්තා විතරයි. අපේ සෝපාකලා ටික එතන. ඒ වෙද්දි උයන කාන්තාවෝ ඇවිත් වතුර එහෙම උණු කරනවා. ඇවරිතුමා බැහැලා අපි කෑම ඇණවුම් කරන බව දන්වලා, ඇතුලේ තිබුණ පුටු එළියට ගෙනත් මේස රෙඩි කරන්න ගත්තා. හරියට අපේ තැනක් වගේ. ඒ අක්කලා පුදුම වෙලා. අයියෝ ගනන් ගන්න එපා, මෙතන අපි හැමදාම වගේ කන්න නවත්තන තැන. අද මේ වාහනේ මාරු වෙලා. එච්චරයි කීවාම එයාලා තවත් හොඳින් සලකන්න ගත්තා. එවෙලෙ බදින වඩේ,  ආප්ප, ඉඳි ආප්ප, වණ්ඩු, පැණි වලලු, අපේ කට්ටිය ගෙනාපු සැන්ඩ්විච්, කිරිමාලු හොදි, පොල් සම්බෝල,  එකී මෙකී නොකී බොහෝ කෑම තිබුණා. අද නම් මල්ලි මේ කෑම අඹරලා ම බඩේ රේසර් ගෙවෙනවා. සුළු පටු කෑමක් කියල ද ආයෙ? ගයාන් අයියා තමුන්ගෙ රාජකීය කළගෙඩි බණ්ඩියට හීනි තට්ටුවක් දාමින් කිව්වා. මේ බෙලිමලුත් බොන්න, මේ අක්කා දැන් තැම්බුවේ. බෙලිමල් පොල්කට්ටයි, හකුරු කෑල්ලයි හැමෝට ම ලැබුණා.

ඇවරි එතනින් පිටත් වෙද්දි ඒ අයගේ නම් පවා දැනගෙන උන්නා. අපිට ෆොටෝ වලට කෑම හදන්නත් අවස්ථාවක් දුන්නා. වැසිකිලි පෝලිම අහවර වෙනකම් අපි ඒ ටීම් එකත් එක්ක සෑහෙන්න කෑම ගැන කතා කළා. ඒ මැදි වයසේ අක්කලා විතරක් නෙමෙයි තරුණ ගෑණු ළමයිනුත් එහි ඉවුම් පිවුම් කළා. ආහ් මේ නංගිට නම් අද රතු ඉර වදිනවා. ගයාන් අයියා විහිලුවට කීව ම ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වුනා.  අනේ නෑ බස්එක පරක්කු වුනා. බැලුවා ම එයා තෝසෙ හදන ලමිස්සී. අයියෝ අපිට තෝසෙ මිස් වුනා කිව්වා ම විනාඩියෙන් දාලා දෙන්නම් කී ඇය ගෙදරින් හදාගෙන ආපු මිංචි සම්බෝලත් එක්ක රස තෝසයක් සැණෙන් වඩලා දුන්නා. තව හිටියා නම් ලොකු බිලකුත් සෙට් වෙන නිසා ඇවරිතුමා දායක කාරකාදීන් ඉස්මණට බස් පොජ්ජට මංගැච්චුවා.