2018 වර්ෂයේ
සුපුරුදු සලාදයක් වන නිල වෙසක් දාන සලාදය ලියන්න තමා ඇවරිතුමා මේ සුදානම් පොජ්ජ
මන්දු කරන්නේ. සම්ප්‍රදායේ හැටියට වෙසක් දින හීල් දානය පැවැත්වෙන්නේ ධර්ම විද්‍යාලයීය
සිසු දරු දැරියන්ගේ දායකත්වයෙන් බව දන්නවා ඇති නෙව. ඇවරිතුමා දානය වෙනුවෙන් ලේඛන කටයුතු
සිදුකිරිම ආරම්භ කළේ සති කිහිපයකට කළින්. ඒවා දැන් බොහොම සාමාන්‍ය දේවල් වෙලා.
හරියට පෙරහැරට කප් සිටුවනවා වගේ. දානය කෙරෙන්න නම් දාන ලේඛන සියල්ල විධිමත්ව
පවත්වා ගැනීම අවශ්‍යයි. එතනින් තමා හා හා පුරා කියලා වැඩේ පටාන් ගන්නේ. පස්සේ ඒ
ලේඛන පන්ති මට්ටමින් එකතුවෙලා තමා සිල් ඇත්තො දාහකට විතර හීල් දානයක් හැදෙන්නේ. අනුරාජපුරේ
මහාපාලී දාන ශාලාවේ එක වේලකට පන්දාහක් රහතුන්ට වළදන්න දුන් එකේ, ඉඳිආප්ප විසිහතර
දාහක් කියන්නේ ලොකු දානයක් නෙමේ ඉතිං.
අවසානයේ කාර්යාලයීය
පිටපත මගින් සමස්ත දාන ලේඛන සාරංශ සටහන් කිරීම, සිහි කැඳවීම් පණිවිඩ නිකුත් කිරීම,
වෙසක් දින උදෑසන දාන භාර ගැනීමේ ලේඛන සැකසීම, වෙසක් දින දානය ගෙන ඒමට නොහැකි වූ
පිරිස හඳුනා ගැනීම, ඔවුන්ට ශිෂ්‍ය සීල
සමාදාන දින දානෝපකරණ බෙදා දීම, දන් පිළිගන්වන භාජන සැකසීම, බුද්ධ පූජා භාණ්ඩ,
පිරිකර බෙදාදීම්, අවශ්‍ය සැරසිලි, ඩෙක්ස් බංකු, වතුර, කුණු ඉවත් කිරීම්,
වැසිකිලි ආදී එකී මෙකී නොකී සෑහෙන්න කටයුතු අටෝරාසියක් මේ වෙසක් හීල් දාන ව්‍යාපෘතිය
හා සම්බන්ධයි. ඇවරිතුමා මේ සියල්ල ම සිදු නොකළත් දානය මදි පාඩුවක් නොවී ගෙන්වා
දීමේ වගකීම එකෙන් ම භාරගන්නවා. එතනදී දානය මදි වුනත් අපි බැලන්ස් කරන්න ඕන. වැඩි
වුනත් බැලන්ස් කරන්න ඕන. සැඳැහැ ඇත්තන් දුන් දේ අපවත් නොකළ මනාය මහරජ. ඒ නිසා දානය
ඉතුරු නොවෙන්න බෙදන්න අපි වගබලා ගන්න ඕනෑ. නැත්නම් ඉතිං බැණුම් තමා.
එදා ටිකක්
පාන්දරින් ඇවරි නැගිට්ටත් ඇවරි මාතා ඇවරිපිතා දෙදෙනා වහන්සේලා ම අෂ්ටාංග උපෝසත
ශීලය සමාදන් වෙන්න ගිය නිසා පාන්දරින් නැඟිටලා ආයෙත් නිදා ගත්තා. ඇවරි පන්සලට
යද්දිත් දාන භාර ගැනීමේ වැඩ සිදුවෙමින් තිබුණා. උදේ පාන්දරින් මුලින් ම කරගන්න ඕන
වතුර උණු කරන එක. අලුත් අවුරුද්ද පහුවෙලා දවස් හතළිස් පහෙන් වැස්ස පටන් ගන්නේ
බක්මහ අකුණුත් එක්ක. වෙසක් කියන්නේ හේදෙන මාසය. අපි සිල්ඇත්තන්ට උණුවතුර ම බොන්න
දෙන්න ඕන. තේ හදන වතුර නටවන්න කළින් උණු පැන් වෙන්කරලා කේතල්වලට දාන්න ඕන. ඒවා
බැලන්ස් කළා ම අනික්වා ලේසියි. කෝ ඇවරිතුමා යද්දිත් ගිනි පෙට්ටියක් නෑ නෙව.
දන් භාජන සේරමත්
පිළිවෙල කරලා තිබුණ නිසා ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ. පිහි ප්‍රශ්නය ඇරෙන්න. පාන්
පිහි හොයන්න ඇවරිතුමා හොයාගෙන ආවෙ අසල්වැසි සෝමදාස අංකල්ගේ ලොකු පුතා. ඒ අයියත්
අක්කාත් පොඩ්ඩත් තුන් දෙනාම පන්සල් ඇවිත් තිබුණේ, සෝමදාස යුවල සිල් ගත් නිසා. සාමාන්‍යයන්
ඕන දෙයක් ඉල්ලන්නේ ෆ්ලෝර් මැනේජර් වන ඇවරිගෙන් තමා. දානය සකසන අයට කියලා
තියෙන්නේත් එහෙමයි. ඕන ම දෙයක් එතුමාට කියන්න කියල තියෙන්නේ හැමෝට ම ඒක තමුන්ගේ
දෙයක් කියලා හිතෙන්න. ආනේ මේ පන්සල අපේ නෙමෙයි නේ. අපි බඩු කොහෙද තියෙන්නේ කියලා
දන්නේ නෑනේ ආදී බොහෝ කාරණා නිසා දානය සකසන පිරිස ඊට සහභාගී නොවෙන්න පුළුවන්.
බුදු හාමුදුරුවොත්
කිසා ගෝතමියට කියන්නේ අප කියාලූ බහෙත් සපයා ලිය නොහ් නම් අප කරන්නේ කිම්ද කියලා?
ඒක නිසා බඩු නැතිව වැඩ කරන්න බැහැ. ඇවරිතුමා තවත් සහයක ඩැනීලා පහ හයක් තියාගෙන
කරන්නේ දානය සකසන අය ඉල්ලන ඉල්ලන හැමදේම ඉල්ලන සැණින් අතට, පයට, ගෙනත් වඩම්මවන එක.
ගිනි පෙට්ටියේ ඉඳන් ඉඳිආප්ප බෙදන අයට පොලිතින් අත්වැසුම්, මුකවාඩම් පවා අපි
සම්පාදනය කරනවා. මොක ද අපි අපේ කණ්ඩායම සතුටු කරන්න ඕන. එතකොට තමා ඒ අය පහසුවෙන්
දානය බෙදන්නේ. පිහි ලැබුණා ම සෝමදාස පුත්‍රයෝ ගොඩක් සන්තෝෂ වුනා. මිනිස්සු එහෙම
සතුටු කිරීම තමා පින කියන්නේ. නැතුව ඒ අය අනේ පිහි නෑනේ කියලා බකන් නිලාන හිටිය
නම් කාට ද ආඩම්බර චාමර?
හා දැන් අම්මලා
තාත්තලා දානය බෙදන තැන්වලට යන්න කිව්වම සියලු දෙනා ස්ථානගත වුනා. ඡන්ද පෝලිමේ වගේ
සිල් ඇත්තො පේලි තුනකින් දානය බෙදා ගන්න ඇතුළට එනවා. අපේ දරුවන්ගේ අම්මලා තාත්තලා
දානය බෙදනවා. තවත් කට්ටිය අඩු බෙදන පෙරහැරට එකතු වෙලා. ඒ අය අතින් ඉඳි ආප්ප
පෙට්ටි, පරිප්පු බාල්දි, සම්බෝල භාජන අරන් ගිහින් අඩු බෙදන එක තමා කරන්නේ. ඒ
අම්මලා තාත්තලත් දැන් අවුරුදු ගාණක් අපිත් එක්ක දානයට එකතුපහදු වෙනවා. ඉතිං අපි
කියන්න ඕන නෑ. වෙන්න ඕන මොකක්ද කියලා එයාලා දන්නවා. අවුල්පත් අයින් කරන්න. ඉඳුල්
භාජන හෝදලා දෙන්න, තේ පිළිගන්වන්න ආදී බොහෝ දේ ඒ අය කරලා දුන්නා. ඒ හැම දෙයක් ම
දාන සේවාවේ වෙන වෙන අංශ. අපි ඒ හැම වැඩේට ම අවධානය දෙන්න ඕන. නැති වුනොත් දාහක්
දෙනා හීල අහවර කරන්න පැය දෙකක්වත් යාවි. එතකොට බණට පරක්කුයි. උපරිම විනාඩි
හතළිහෙන් දාන වැඩ අහවර කරන්න ඕන. උදාහරණයක් හැටියට වතුර කරාම කිහිපයක් ඒ පරිශ්‍රයේ
තිබුණත්, සිල් ඇත්තන්ට අත් හෝදන්න බේස්ම්වල වතුර පුරෝලා තියෙනවා. ඉඳුල් පිඟන්
හෝදන්න හැම කරාමයක ම රෙසිඩන්ට් ඩිෂ් වොෂර් කෙනෙක් විම් කැට තියාගෙන ඉන්නවා. ඒක තමා
සර්විස් එක බේබි. ඒකටනේ එයාලට පඩි ගෙවන්නේ. අනේ එහෙම නෑ පඩියට නෙමේ. මෙතන ඉඳුල්
පිඟන්ටික හෝදලා දෙනවාද කියල ඇහුවොත් එයාලා බෑ කියන්නේ නෑ. අපිට හෝදන්න දෙන්නෙත්
නෑ.
සාමාන්‍යෙයන්
ඇවරිතුමා දාන ශාලාවේ ඇතුල්වෙන පෝලිමේ ඉඳන් සිල් ඇත්තන් එක්ක හිනාවෙලා කතාබහ කරන එක
සිරිතක්. මොක ද අපි දෙන දානය ගන්න එන සිල් ඇත්තන්ව අපි පෙරගමන් කරලා පිළිගන්න ඕන. එහෙම
නැතිව පිඟන් අරන් වරෙල්ලා කියලා ඉඳලා හරියන්නේ නෑ. ඊළඟට ආස ම අඩු බෙදන්න. වැඩියෙන්
ම ආස අත් හෝදවන්න. ඒක හරි ෆන් වැඩේ. හිස් බේසමකට අත අල්ලන්න කියලා කෝප්පෙකින් වතුර
වත්කරනවා. අත් හෝදවන අය ළඟ භාජන දෙකක් තියෙනවා. කරාමයක් එක්ක හරඹ කරනවාට වඩා සිල්
ඇත්තො හරි කැමතියි ඒ වැඩේට. අපේ ළමයිනුත් හරි කැමතියි අත් හෝදවන වැඩේට. ඒකේ මාර
ලල් එකක් තියෙන්නේ.
මෙදා පුංචි උන්
සිල් ගත්තු වෙලාවේ අත් හේදිල්ල නැඟලා ම ගියා. ධර්ම ශාලාව මඩවෙලා ආපහු මොප් කරවන්න
බැරි නිසා අපි පොඩිඋන්ට එළියේ කරාම ළඟට යන්න දුන්නේ නෑ. ඒ වෙනුවට වෙසක් දා වගේ අපි
අත් හෝදන්න ආව. එක දෙක වසරවල පුංචි අත්වලට වතුර පොඩ්ඩක් දැම්මත් ඇති. එක්ස්ප්‍රස්
සර්විස්. ළමෝ හිනා වෙනවා සතුටින්. ඒක අපිත් අලුතින් ඉගෙනගත්තු සුපිරි ෆන් එකක්.