Friday, September 8, 2017

හැරී පොටර්ගේ විවාහ මංගල්‍ය හෙවත් සැපට දුකට සනී..!


ගතවූ මාසයේ තිබූ මංගල්‍යන් අතුරින් තිලිණි මැතිනියගේ මංගල සලාදය ලියා හමාර කරලා තිබුණත් එහි නිල වීඩියෝ පටය තවමත් මාධ්‍යට නිකුත් නොවීම නිසා ඒ සලාදය ටිකක් හෝල්ඩ් එකේ දාලා ඇවරිතුමා තවත් වැදගත් මංගල සලාදයක් ලියා පළ කරන්න අදහස් කළා. ඇවරිගේ අතිජාත මිත්‍රයකුටත් වඩා කාර්යාල සගයකු වන සනත් සුරංග ලේකම්ගේ මහතාගේ විවාහෝත්සවයට ඇවරිතුමා බෝම ඇල්මෙන් සහභාගී වුනා.

 ඇවරිව සෑහෙන්න විනෝද කරවන ඇවරිගේ ප්‍රියත ම ජනී ජනයා ගැන ලියැවෙන චරිතාපදාන ඇතුළත් සලාද පෙළක් ලිවීමේ බලාපොරොත්තුවක් ඇවරිට තියෙනවා.  ඇවරියා අවෝර්ඩ්ස් වලට නොමිනේට් වෙච්ච, ඇවරිගේ රිවෝර්ඩ්ස් හිමිවෙච්ච ක්ලාසි පීපලීස් ගැන තමා ඒවගෙ ලියන්න හිතාන ඉන්නේ. ඇවරියා අවෝර්ඩ්ස් නම් ඇවරි යුනි යන කාලෙ ඉඳන් ම ඇවරි හාමිනේ එක්ක රණ්ඩු වෙවී කළා මතකයි. ඔව් ඒ කපල් එකට වැඩිම කාලයක් කුරුළු තොරන් සෑදීමේ සම්මානය හිමි වෙනවා කිව්ව ම එයා තව නාම යෝජනා රොත්තක් කියනවා. පස්සේ ඉතිං ඈස් යූසුවල් මණ්ඩලේ කචල්. කොහොම හරි මෝස්ට් ට්‍රැවලින්ග් කපල්, දි සුපර් ගර්ල්, අයන් වුමන්, මිස්ටර් එක්ස් ඇන්ඩ් මිසිස් යැන්කි සූලූ ආදී බොහෝ මිනි ටයිටල්ස් ඇවරිතුමා විසින් නිර්මාණය කරලා තියෙනවා. වැඩේ කියන්නේ ඇවරි මේ චරිතවලට කතා කරන්නේ ඒ නමින් ම තමා.

 සනී ලේකමාජ් ගැන ලියැවෙන පුද්ගලික සලාදයක් ඇවරිට ඉතා ඉක්මණින් පළ කරන්න ඕන වුනේ ඔහු එතරම් ම මහත්මා ගුණයක් ප්‍රදර්ශනය කළ පුද්ගලයෙකු නිසා. ලේකම්ගේ, පතිරගේ වගේ වාසගම් වල ගරාජ්, මැරේජ් වගේ හොටපැටලී සිත මා අසරණ වෙලා යන ගතියක් තියෙනවා. මගේ ඩයනමික් අනන්‍යතාවට යන පෝස්ටුවේ ඇවරි මේ ගැන ලියලා තිබුණා. සනී රාජකීය පුත්‍රයෙක්. ව්‍යාපාර කළමනාකාර උපාධියක් හිමි ඔහු ලොව හොඳ ම විශ්ව විද්‍යාලයක උසස් අධායපනය ලබා අපේ ජ්‍යෙෂ්ඨ සංචාරක සැලසුම්වරයෙක් වුනේ ඉතා අහම්බෙන්. සනී මාර ම නිහතමානී චරිතයක්. පට්ට ම මීටරයක්.

ඔහු අපිට ගැළපුනේ ඒ සමානකම් නිසා. කවදාවත් බෑ කියලා නෑ. සනී අපි නැවක් බර්ත් කරමුද? නැත්නම් ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරමුද කියලා ඇහුවොත් මං කලින් කරලා නෑ හැබැයි බැලන්ස් එකක් දාගමු කියයි. කියලා පොර වැඩේ කෙරෙන්න ම ඕන නම් ඒ ගැන අදාළ වීඩියෝ බලලා, කියවලා සෑහෙන්න දැනුවත් වෙලා වැඩේට සූදානම් කියලා දන්වලා වෙලාවට කරලා දෙයි. අන්න එහෙම චරිතයක් සනා කියන්නේ. ඒ වැඩිපුර යන සැතපුම හැම දේකදිම ඔහු බෑ නොකියා ගියා. සමහර කාලවල් තිබුණා ඔහු පැය හැත්තෑ දෙක එක දිගට වැඩ කරපු. සමහර හදිසි එයාර් ටිකට්ස් දොගොඩ හරියේ නැගිටලා නිදිමතේ ලැප් එක අරන් ඉෂූ කරලා තියෙනවා. (ඇවරි ආයෙ මේ ලියපු ටික කියවද්දි  අමු ගතියක් දැක්කෙ ඇවරි අවංකව ලියපු නිසා වෙන්න ඇති)  

 එළියෙන් ලොකුවට සද්දන්ත සරීරයකට හිමිකම් කිව්වට ඇතුළෙන් මාර ම සංවේදී, ගුණගරුක බොහොම කෙයාරින්, ආදරණීය මනුස්සයෙක් ඉන්නේ. මන් දන්නෑ ඒක ඔහුගේ වයසත් එක්ක ද එන්නේ කියලා හැබැයි නිරායාසයෙන් ඔහු ලොකු අයියාගේ භූමිකාව ඉෂ්ට කරමින් පොදු දේවල්වලදී පෙරමුණ ගත්තා. කවදාවත් ලොකුකම් නොපෙන්නපු සනා වැඩ ඉවරකරගන්න බැරිව ආෆ්ටර් ඔෆිස් ඉද්දි ඇවරිත් ගජේට ඉඳලා තියෙනවා. හැබැයි ඇවරිට ඉන්න ලැබෙන්නේ එහෙමත් දවසක විතරයි. උඹ යමන් මං මේක ඉවර කරලා යන්නම් කියලයි ඔහු හැමදාම කීවේ. ඇවරිතුමා නම් කඩේ වෙලාවට වහනවා. හය නම් හය. හැබැයි ඇවරි විනාඩි ගාණක් හරි වැඩියෙන් හිටියොත් සනා ඇවිත් බකප් එකක් දීලා ගොඩ දානවා.

 අපි සනා කිව්වට රාජකීයන් ඔහුව හඳුන්වන්නේ කළු මල්ලි නැත්නම් පොට්ටයා යන නමින්. සනා පොඩි කාලෙ ඉඳන් ම හැරී පෝටර් ග්ලාසස් දාලා තියෙනවා. ගොඩක් කතා එළියට ආවෙ ඔහුගේ යාළුවන් එක්ව කළ වෙඩින් වීඩියෝවෙන්. වීඩියෝව පිරී තිබුණේ මනාල යුවළයේ යාළුවන් ලෝකයේ හැම තැනින් ම ඉඳන් එකතුකරපු සුබපැතුම් වලින්. සනාට මාර කැපෑසිටියක් තියෙනවා. සාමාන්‍යයෙන් ලීටර් දෙකතුනක්වත් බොන්න පුළුවන්. හාහා එහෙම නෙමෙයි. ස්ට්‍රෙස් හැන්ඩ්ලින්ග් අතින් සනී පර්ෆෙක්ට්. කවදාවත් වැඩ වැඩිවුනා ම කෑගහලා, වටේ ටීම් එකට බැනලා ගෝරි දාගෙන නෑ. තව තවත් ෆෝකස් කරලා වැඩේ කරනවා මිසක්. අපි අහලා උදව්වක් කළොත් මිසක් කිසි වැඩක් කියන්නෙ නෑ.

හැබැයි පොඩි දේටත් කලබලයි. නංගිගේ වෙඩිම දවසේ කාර් එකේ යතුර ලොක් කරලා බැහැලා යතුර හොයපු ජාතියේ පොරක්. ග්රූම්ගේ ටෝස්ට් එක දුන්නකෙනා කිව්වෙ සනා එදාට වඩා අද සෑහෙන්න මැචුවර්ඩ් කියලා. ඇත්ත සෑහෙන්න ගැඹුරක් තියෙන පරිණත බවක් සනීගෙන් ඇවරිත් දැකලා තියෙනවා. අසාධාරණේ එයාට පෙන්නන්න බෑ කියන්නේ කොතනත් නොපණත්කමක් වුනොත් ඔහු කතා කරනවා. එකපාරක් බැංකොක් එයාපෝර්ට් එකේදී එහෙම පෝලිම පැනලා වැඩේ කරගන්න ආපු අයියලාට සනී කෑ ගහලා සෙකියුරිටි ගෙන්නලා එක පෙළපාලියක් නටවල තියෙනවා.

අපි හොඳට ම සෙට් වුනේ නුවර එළියේ ෆැම් එකේ දි. ඔහු මගේ රූමා. ජොනියගේ ඩබල් බ්ලැක් එකක පතුලට ම බැහැලා අපි ශාස්ත්‍රීය සංගීතය ගැන කතා කළා. සනාට සෑහෙන්න හොඳට සින්දු කියන්න පුළුවන්. ඔහු හොඳ ම ගිටාර් වාදකයෙක්. සෑහෙන්න සෙන්ස් එකක් තියෙන මනුස්සයෙක්. ඇවරි එදා ඉඳන් ම ඒ පරිණතකමට ගොඩක් ගරු කළා. ඔහු තමා අපේ වියර්ඩ් ම විලාසිතාකරන්නා. සනී වැඩ ගැන මිසක් පර්සනල් ග්රූමින් ගැන වැඩියෙ හිතන කෙනෙක් නෙමෙයි. ඔහුගේ ස්ටයිල් එක වෙනස් වෙන්නේ නැති තරම් මාර ම සිම්පල්. සනී කරපු තෑන්කින් ස්පීච් එකෙත් ගොඩක් දේවල් තිබුණා.
වෙඩිම තිබුණෙ වෝටර්ස් එජ් වෙත යද්දි ඇවරි නිදාගන්න හිතුවත් අපේ භද්‍රාවන් දෙදෙනා කාර්ඩ් එකක් ගෙනැවිත් නොතිබුණ නිසා ඇවරිට වෙඩින් කාර්ඩ් එකකුත් හොයන්න වුනා කියාන්කෝ. ඇවා කැබ් ඩ්‍රයිවර්ට සෑහෙන්න කඩයක් වුනා. අනේ පුතා අපි කාර්ඩ් එකක් ගන්න ඕනලුනේහ්..? කීල්ස් එකකවත් නෑ. අන්තිමේ දී ආර්පිකෝ ලයිෆ් ස්ටෝර් එකක තිබුණා. හැබැයි කාර්ඩ් අට්ටියක්. ඇවරිට තෝරන්න කම්මැලි නිසා ඇවරි ඒ ළඟ ඉන්හවුස් පේස්ට්‍රි ෂොප් එකේ කපල් එකෙන් පොඩ්ඩක් උදව්වක් ඉල්ලුව. එතකොට දෙන්න කාල ඉවරයි. ගයිස් දෙන්නත් එක්ක මට වෙඩින් කාර්ඩ් එකක් සිලෙක්ට් කරලා දෙන්න ප්ලීස් කිව්වම, ඒ නංගියි මල්ලියි පටාර් ගාලා වැඩේට එන්ටර් වුනා. ඇවරියන් පානියන් ඉතිං දන්නවනේ. ඒ අවසරයෙන් ඇවරි බොස්තුමා දුන්න බඩු ටික ගන්න ගියා. කොහොම හරි කාර්ඩ් අරන් ඇවරි යද්දි නවයාමාර විතර වුනා.

ආපිට දෙක වෙද්දි ඔෆිස් ඉන්න ඕන නිසා මාර්ක් විත් ගර්ල්ස් කලින් ආව. ඇවරිතුමා පොඩි බොස්තුමා එක්ක ෆන්ෂන් එකේ ම රැඳුනා. අපි කාලා ඉවර වෙද්දිත් කපල් එක හෙඩ් ටේබල් එකේ. ඒ වෙලාවෙ තමා අපිට බ්‍රයිඩ් විෂාදිට කතා කරන්න ලැබුණෙ. විෂාදි ඇමරිකානු මෙඩිටෙක් ෆර්ම් එකක ප්‍රොසෙස් ඉන්ජිනේරුවෙක්. පික්සුම චරිතයක්. ඇය සනීගෙ ඔෆිස් වැඩ ගැන ගොඩක් උනන්දුවෙන් අපේත් එක්ක කතා කළා. අපේ බොස්තුමා එදා රෑ නව යුවළට නයිට් ක්ලබ් එකට ආරාධනා කළෙත් ඒ වෙලාවෙ. ඔය වෙලාවෙ කොහෙන් ද ආපු ගෑනු කෙනෙක් කෙවින් බොස්ට අපතට් බැල්මන්ට් එකක් දාලා මොනාද කියලා ගියා. එකස්කියුස් මී විෂාදි? ඩූ අයි නෝ හර්? අයි ගෙස් ෂී ඩස්. බෙටර් ටු පුෂ් ඕෆ් ගයිස්. සී යූ ටුනයිට් කියාපු කෙවින් ඇත්තට ම අර කාන්තාවට බයේ පහළට ආව. නැවතුනේ වාහනේ. ඇන්ඩි කවුද ඒ ගෑනි? මොනාද එයා කිව්වෙ? බොස් මගෙන් අහපි? ලොල්       

ඇවරිතුමා තම බඩියා ගැන සලාදයක් කරන්න හිතුවෙ ඔහුගේ වෙන්වීම ඇවරිට ගොඩක් දැනෙන නිසා. ආයෙත් ස්ටේට්ස්වලදි අපිත් එක්ක එකතුවෙන සනීට සුබ මංගල්‍යක් වේවා කියා පතමින් අලුතින් පටාන් ගත්ත ජීවිතය සර්පවප්‍රකාරයෙන් ම සාර්ථක වේවායැයි පතනවා.

වචන ටික මෙහෙම වත් ගැටගහ ගත්තේ ඇවරිගේ පී.ඒට පින් සිද්ධ වෙන්න. නෑ දැන් ඇවරි වන්නෝට් එකේ පී.ඒට සලාද ටොපික් අප්ඩේට් කළාම රිමයින්ඩර් එකක් එන නිසා කොච්චරවත් පෝස්ට් මිස් වෙන්නේ නෑ. මෙවන් පී.ඒ ලද මා නිවුනේ වේ තමා..!!