කාලය ගෙවිල ගිහින් තවත් උපනෙතක් ඇවිල්ලා. මෙවර කැලණි සරසවියේ උපනෙත ඡායාරූප ප්රුදර්ශනය හා කෙටි චිත්රපට උළෙල පහුගිය පස් වැනිදා ආරම්භ වුනා. තවත් විද්යාඋර්ථීන් දස දෙනෙක් තමන්ගේ (අදක්ෂතා මේ හරහා ප්ර්දර්ශනය කළා.
උපනෙතත් එක්ක ඇවරිගෙ බොහොම හොඳ නෑ හෑදෑකමක් තිබුණත් මේ සැරේ උපනෙත ගැන මිනිස්සු කලින් කතා කරපු දේවල් එක්ක ඒ ගැන ලොකු පැහැදීමක් නොතිබුණ බව කියන්න ඕන. හැමෝ ම කීවෙ මේ සැරේ නම් බලන්න දෙයක් නැති වෙයි කියලයි. කවුරුත් කිව්ව මේ කාරණේ ඇත්තක් ද කියලා බලන්නත් එක්ක ඇවරිත් ජිම් එකට ගෑටුවා.
වරදක් ම නෑ. අපිට කන්න බොන්න දුන්නනේ???? තාක්ෂණික අංශයෙන් ගත්තොත් ඡායාරෑප ඉදිරිපත් කිරීමේ දී ඔවුන් වඩාත් ලාබදායී ක්රොමයක් මෙවර අත්හදා බලලා තිබුණා. ඒ ලී පෙට්ටි කළු තිර මගින් ආවරණය කිරීමෙන්. ඡායාරූප රාමු කිරීමට යන වියදම ඉතුරු කරගනිමින් රෙජිුෆෝම් සීට් මත සේයාරූ අළවා තිබුණා. නමුත් මේ සමස්තය තුළ වෘත්තීය ප්රරදර්ශන ශිල්ප ආරක්ෂා කරගන්න ඔවුන් කටයුතු කර තිබුණා. ගියවර කවුන්සිලේ උඩු මහලේ දර්ශනය කළ කෙටි චිත්ර පට බිම් මහලේ ම වඩාත් ආකර්ශනීය ප්රුදර්ශන ශාලාවක් තුළ ඉදිරිපත් කිරීමත් සාධනීය තත්ත්වයක්. එම ශාලාවත් කළු තිර යොදා සකසා තිබුණා. නමුත් ඉන් කෙටි චිත්‍රපට කෙරෙහි ප්රේරක්ෂක අවධානය අහිමි වීම යන කාරණයට උත්තරයක් දීලා තිබුණා.
මුලින් ම ඔබ දකින්නෙ Moments by an accident ශිවන්තිකා පතිරණගේ සේයා රූ පෙළ. පස්සෙ පත්රම මත ජීවිතය, විමල් ප්රිඅයශාන්ත (රාජාගේ) ඡායාරූප වගේ ම අහසේ කලාව, දර්ශනී චතුරිකා කඩ්ඩි අක්කාගෙ සේයා රූ බලා ගන්න පුළුවන්. ඒ අහසේ සේයා රූ ගැන බොහෝ දෙනා කතා කළ බව පේන්න තිබුණා. ජීවන රිද්මය, අනුරාධ ජයවර්ධනගේ සේයා රූ පෙළත් හිතට අල්ලනවා. නමුත් ඒවා ස්ථාන ගත කළ ආකාරය ගැන මගේ පැහැදීමක් නෑ. කොහොමත් ගියවර නදිෂ්ක අයියා කළා වගේ සේයා රූ ඉදිරිපත් කිරීම ගැන මේ අය වැඩි සැලකිල්ලක් දක්වලා තිබුණේ නෑ......
හොඳ ම තැන හොඳ ම දේ තිබුණා නම් ඒ ධනුෂ්ක කහඳවආරච්චිගේ ත්රිගමාණ සේයා රූ පෙළ. ධනුෂ්ක අයියගේ අයියා තමා නියම වැඩකරු. පැමිණි පිරිසෙන් බහුතරය එහි රැඳුණේ යම් තරමක අලුත් අත්දැකීමක් වුණ නිසයි. වටදාගේ පැනෝරාමාව, අලියා, නෙළුම් පොකුණ, වගේ හිතට වදින ත්රිකමාණ සේයා රූ ගොඩක් තිබුණා. වැඩේ සාර්ථක නිසා ම අපේ වීසීවර ලංකාවේ ත්රිෙමාණ සේයාරූ ප්රවදර්ශනයක් කිරීම වෙනුවෙන් අදාළ පේටන්ට් බලපත්ර යක් ගන්නා ලෙසත් ධනුෂ්ක මහතාගෙන් ඉල්ලා සිටියේ ලු! විශේෂ රතු නිල් කණ්ණාඩියක් දාලා පොඩි ජිමික් එකක් දාන නිසා වැඩේ නැඟලා ගියා.
දැන් ඇවරිගේ චිත්රිපට විචාරය, ධනුෂ්ක සෙනවිරත්නගේ ‘කර්ම’ නම් මට එච්චර ඇල්ලුවෙ නැති ප්ලොට් එකක්. වාර්තාමය ගතිය වැඩියි අප්පා. අර අන්ධයා ගැන තිබුණ මහේෂ් චතුරංග චිත්ර්පටය ගැනත් අවුලක් ම නෑ. (අවුල තියෙන්නෙ පුද්ගලයා ගැනනේ?) ප්රෂදීප් සඳරුවන්ගේ ‘ඩ්රීමර්’ නම් මං කැමති වැඩක් කරපු ෆිල්ම් එකක්. එතකොට රොෂාන් රූපසිංහගේ ‘චරිත’ කෙටි චිත්ර පටයත් හොඳයි. ඒක නිකම් ලයිෆ් ඉන් අ මෙට්රෝ වගේ. ඇවරිගේ කැමති ම ෆිල්ම් එක තමා අචල ප්රිපයංකරගෙ ‘ද ලෙටර්’ කෙටි චිත්ර පටය. එහි සිනමාත්මක බව ඉතා ඉහළයි. අනික හැමදාම වැරදි කරලා දුවන්නෙ වැරැද්ද කරපු එකා නොව වැරද්ද සිද්ද වුණ එකා බව හරි අපූරුවට පෙන්නලා තිබුණා. ඒක නම් කෙටි චිත්රදපටයක් තමා.
හලේ ඉතිං මං බලපු උපනෙත ඔයාකාරයි. මෙතන වැඩක් කියලා දෙයක් කරලා තිබුණෙ ටික දෙනයි. දැන් ඉතිං වනේ වාසේ නිසා උපනෙතත් බහිනකලාව කියලයි රට්ටු නම් කියන්නෙ. කොටින් ම කියනව නම් උරුමක්කාර බාප්පලත් උත්සවේ මඟඇරලා ඉන්න තරම් කුරිරු වුනා ය කියනවනේ. හැබැයි විශේෂවේ දී තෙවන වසරේ අයිමැටේ මගේ මිත්තරයන්ගේ සහභාගීත්වය නම් අන්තිමයි. අපේ අරාට බැනල තමයි අර නයින් හාර්ට්ස් ඇඩ් එක ප්ලේ කරවා ගත්තෙ. එතකොට අපේ පවුඩ බාප්ප ආගිය අතක් නෑ. මුං ඔක්කො ම කිව්වෙ ‘හරි මචං මේක අපේ උපනෙත නෙමෙයි නේ කියලා’ ලබන ඔක්තෝම්බරයේ තොපේ උපනෙත ගැන ලුණු ඇඹුල් ඇතුව කියන්න හිතාගෙන ඇවරි නවතිනවා.
ඉහතින් දක්වා ඇත්තේ ඇවරිගේ පුද්ගලික ප්රතවාද බව කරුණාවෙන් සලකන්න.
Saturday, October 8, 2011
මචං මං වැඩකට ආවා නෝනා නම් යුනියේ ඇති????
මේ ළඟක දී මල් බකටක් දීලා සරණ බන්ධනයට එළඹිච්ච අපේ ම බුවෙක් සහ බුවියක් විසින් මට දෙන ලද සුන්දර මල් මාලාවක් ගැනයි මේ පුංචි යාන්ස් එක.
අලුතා ගෙනා මනමාලිය නිසා ළඟපාත ආකර්ශන සියල්ල වන්දනාමාන කරගැනීමේ කටයුතු සිදු කරන අතරේ නිකාඩෝ සිනමාව වඳින්නත් දෙන්නට යන්න ඕන වෙනවා. එදා විභාගෙට ඇඩ්මිෂනුත් අරං මිත්ර පරාණය ගැන හොයලා බලලා ඇමතුමක් ගත්තා. ‘අනේ මචං මං මේ පුංචි වැඩකට කඩවතට ආවා. නෝන නම් හිල්ටන් එකේ ඇති’ කියලා මෑන්ස් ජංගමයා තිබ්බා. (හිල්ටන් කියන්නෙ ලෝක ප්රමසිද්ධ හිල්ටන් හෝටල් සමූහයේ කැලණි සරසවි ශාඛා ආපන ශාලාව කියල දන්නවා ඇතිනේ?) අනේ ඉතිං ඇවරිත් හිල්ටන් මංගච්චලා දැකුම් ජොජ්ජ මන්දො කළාට අංගනාව ඇස නොගැසුණු නිසා කෝල් පොජ්ජ මන්දු කළා.
මුල් ම පාර ප්රඛතිචාරයක් නෑ කියලා තිරගත වුන නිසා. ඇවරි පණිවිඩයක් යැව්වා. ඒකට ‘ඇයි’ කියලා රිප්ලයි ආව ම ‘ලෙක්චර් එකක ද?’ කියලා මං ඇහැව්වා. ‘නෑ අපි ෆිල්ම් එකක් බලන්න ආව මචං....’ අංගනාව රිප්ලයි කරලා තිබුණා. ‘හා හා බලා වරෙන්’ කියලා මාත් මෙසේජ් කළා.
මේජර් හදපු චිත්ර.පටිය කිව්වත් මගේ මිත්රනයට තමා ළඟ ම ආසනේ හිටිය පෙම්වතියත් අමතක වෙන්න තරම් ම කලාත්මක බවත් ගාමනි හි තිබුණයි කියලා මාත් විශ්වාස කළේ ඔය සිද්ධියෙන් පස්සෙ.

Subscribe to:
Posts (Atom)