Monday, October 21, 2013

අවජාතක බිළිඳු උපතක සැඟවුන අන්දරය හෙවත් සුජාත පුතණුගේ කතාව

පහුගිය සිකුරාදා දවස උදේ නවයට විතර ඇවරිගේ ජංගමයට බොහෝ ම පරණ කාලෙ මිතුරු විසාකාවක් ඇමතුමක් දුන්නා. ඉන් ඈ ආරාධනා කළේ පහුවදා රාජගිරිය මැක්ඩොනල්ඩයට එන්න කියලයි. ආගිය කතා කතා කරන අතරේ ඇවරි කාරණාව ඇහුවට නිසි පිළිතුරක් හම්බුනේ නෑ. මේ දැරිවි විවාහප්ප්‍රාප්ත වෙන්න යන බව ඇවරිට ආරංචි වෙලා තිබුණට ආරාධනා පත්තර දෙන්න රාජගිරියට එන්න කියන සිරිතක් නැති නිසා මේ කුමන්ත්‍රණය ගැන ඇවරි ටිකක් කල්පනා කළා. වැට උඩ උත්තරයක් දීලා ජාමේ බේරගත්තට මොක ද සෙනසුරාදා උදේ අටට විතර ඇවරිස්ගෙ ජංගමය නාද වුනා. මචං උඹ සෙට් වෙනව නේ? එකොළහට වරෙන්.. අම්මට සිරි බලපුවහ ම ඒ දන්න කියන නීතිඥ මහතෙක්. තවත් නම් වත් මතක නැති යාළුවො හතර දෙනෙක් උන් ම අඳුන්වල දීලා කතා කළා. මේ මොන අටමගුලක් ද අප්පා. හැබැයි පරණ ම බොක්කවල් ටිකක් සෙට් වෙන හින්දා ගිහින් බලන්නත් හිතෙනවා. ඇවරි ටිකක් පිළිවෙලට ඇඳලා කරලා කියපු තැනට ගියා. එතන ඇවරිගේ පන්ති සගයන් එකොළහක් හිටියා. ඇවාත් එක්ක දොළහයි. මමත් පාර්ටියට සෙට් වුනා.

අපි හැමෝ ම සම්බන්ධ කරපු විසාකාව කතාව ආරම්භ කළේ ඇගේ අනාගත සැමියා හඳුන්වා දෙමින්. ආයෙ අමුතුවෙන් අඳුනගන්න දෙයක් තිබ්බෙ නෑ. ඌ ඒ දවස්වල ඉඳන් අපි දන්න රාජකීය ඇම්බැට්ටෙක්. දැන් වරලත් ගිණුම්කරුවෙක්. ඉතිං මේකයි කතාව. ඔයාලට මතක ඇතිනේ අර මාත් එක්ක හිටපු ගෑනු ළමයා. නටාෂා. එයාට තෝමියන් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. කොහොමින් කොහොම හරි අනුෂ් නිසා නටාෂා ප්‍රෙග්නන්ට් වුනා. අනුෂ් ප්‍රශ්නෙ සෙට්ල් කරන්න හැදුවට නටාෂා දරුව නැති කරගන්න කැමති වුනේ නෑ. එයා තනියම දරුවා හදාගන්න තීරණේ කළා. ඒ අතරේ අනුෂ් ඔසී ගියා. දැන් නටාෂාව ඩිලිවරි එකට ඇඩ්මිට් කරලා තියෙන්නෙ. අපිට පුංචි ප්‍රශ්නෙකට තියෙන්නේ සල්ලි ටිකක් මදි කම විතරයි. ඇය කතාව කොටින් හමාර කරා ම හිටපු ගැහැණු පිරිමි අදහස් දක්වන්න ගත්තා.

මං කොච්චර කිව්ව ද ඔය කෙල්ලට ඌට විස්වාස කරන්න එපා කියලා. ඇගේ ට්‍රයි එකක් හේම කිව්වා. යකෝ අනුෂ් මේම කරයි කියලා හිතුවෙ කවුද? අපි ඌව ගෙන්නලා බන්දලා දෙමු. ඌ ළමයාගේ තාත්තා කියලා ෂුවර් මද? දැන් ගෙවල් වලින් දන්නව ද? ඕකේ කීයක් ඕනැද? ආදී වශයෙන් කතාන්දර ගොඩක්. නමුත් පසුව කළ පැහැදිලි කිරීම් වලදී අනුෂ් සැත්කමට යම් මුදලක් එවා තිබුණා. දරුවා හදා ගන්න ඇය ගත් මුරණ්ඩු තීරණේ නිසා අනුෂ් කාරණාවෙන් ඉවත් වූ බව තමයි අවසාන විග්‍රහය වුනේ. ඒ අතරේ අපේ සමහර කාන්තාවෝ අර විසාකාවියට දොස් කිව්වේ සැර වැඩි කරලා.

ඔයා මාරයිනේ අනේ, අපි ඔක්කොට ම එන්න කියලා මෙහෙම මරාලයක් සෙට් කරන්න. මේ තැන තැන ගිහින් හදාගත්තු ළමයින්ට අපි වියදම් කරන්න ඕන ද? අනික එයා ළමයා හදා ගන්න තීරණේ කළා නම් ඒක එයාගෙ වැඩක් නේ. දිස් ඊස් නන් ඔෆ් අවර් බිස්නස්. ලෙට්ස් ලීව් හනී. කතක් සාදය හමාර කරන්න නැඟිට්ටා. ඇය අපේ මිතුරු විසාකාව දෙස හෙළුවේ දැවී අළුවී යන බැල්මක්. ඒ වචන වලට ඇයට හැඬුම් ආවා. එක්කෝ උඹ පිරිමි අපිට විතරක් එන්න කියන්න ඕන. පාර්ටියක් කියපු නිසා එක්කන් ආවෙ. සොරි මචං.

යාළුවා තම නෝනගේ වැරදි ක්‍රියා කලාපය ගැන පසුතැවුනා. එතන වෙන්න ගිය මහා ගෝරියක් සමථයට පත්වුනේ අපේ ඩොක් සන් හා ඩොකී සනී ආපු නිසා. උඹලා ඇයි බං පරක්කු වුනේ??? කොහේ ද මෙයාට අදත් ක්ලිනික් එකක් නේ බං. තොපි එනවා කියපු නිසා ආව. නටාෂව බැලුව ද? නිකම්වත් එන්න එපා යාළුවෙක් අමාරුවේ වැටුනම. අපරාදෙ කියන්න බෑ ඌ ඩොකා වුනාට කට නම් එහෙමමයි.     

ඩොකා මහ බරපතල වෛද්‍ය කතාවක් කළේ අපූරු විදියට. හරි අපි මේ තත්ත්වය නිවැරදිව තේරුම් ගත යුතුයි. මං මෙතන ඉන්න සමහර නෝනලා දන්නේ නෑ. නමුත් මෙහි ඉන්න මගේ යාළුවො අඳුනනවා. දන්නව ද ලංකාවෙ දවසකට නීති විරෝධී ගබ්සා දාහක් විතර වෙනවා. ඒ අතින් නටාෂා නියම කෙල්ලක්. එයා දරුවව තනියම හදන්න තීරණේ කරනවා. මෙතන ඉන්න ඔයාල කිසිම කෙනෙක් එහෙම තීරණයක් ගන්න එකක් නෑ. විශේෂයෙන් ම තාත්තෙක් නැති දරුවෙක් හදන්න. කස්ටිය ටිකක් සංසුන් වුනා ම ඔහු කතා කිරීමේ අවස්ථාව ප්‍රිය බිරියට ලබා දුන්නා.

මෙතන ලොකුවට කතා කරන්න දෙයක් නෑ. ඒ දරුවා අනිද්දා ඉපදෙනවා. දැන් අපි කොහොමත් දරුවා නැති කරන්න වෙලා වැඩියි. අනික අම්මවත් බේර ගන්න ඕන. මේක ලොකු පිනක්. අපි දැනට ම චාජර්ස් වලට ඩිස්කවුන්ට් එකක් අරං තියෙන්නෙ. මෙතන ඉන්න යාළුවො ටික පන්දාහ ගානෙ දුන්නත් ඒ මුදල ප්‍රමාණවත්.

මේ අතරේ අපිට කෑම බීම ලැබුණා. ඊට ගෙවීම් කරලා තිබුණෙත් විසාකාවමයි. ඊළඟට කතාවාරය අපේ නීතිඥතුමාට. මේ දරුවාව නටාෂාට හදා ගන්න පුළුවන්කමක් නැති නිසා අපි ඉක්මණට භාරකාරත්වය ගන්න කැමති ජෝඩුවක් හොයාගන්න ඕන. ඊළඟට ළමා හා කාන්තා කාර්යාංශය යටතේ නෛතිකව දරුවා ඒ යුවළට භාර දෙන්න ඕන. ලොකුම දේ ජෝඩුවක් හොයා ගන්න එක. දන්නවනේ දැන් කාලෙ. බොරුවට ළමයා අරං පස්සේ විකුණන්න බැරිත් නෑ. ඉතිං කවදා හරි තාත්තා අයිතිවාසිකම් කිව්වොත්? නෑ තාත්තා ඉදිරිපත් වෙන්නෑ. ඒ ගැන ඩොකියුමන්ට් එවලා ඉවරයි.


හරි හරි මචංලා අපි කාල ඉමුද? කතාව මිසක් කෑමක් නැති නිසා අපේ ඩයලොගා ඇහුවා. මේ පුංචි එකා මාර ලක් කාරයෙක් තමා නේ. බලපංකෝ ඌට බාප්පලා හයතුක් පුංචිලා අටකුත් දැන්ට ම ඉන්නවා ලොල්. ඇති යන්තම් මේ පලහිලව්ව නිසා උඹලව සෙට් වුනා. නැත්නම් කොහේ අල්ලන්න ද? ඒකට මේන් තව අම්මලා වෙන්න කතාව. ඒත් දරුවෙක්ගෙ වටිනාකම දන්නෑ. ඒ හින්ට් එක අර කලින් ගෝරි දාපු කන්‍යාවට. ඒවා ඉවරයි මචං උඹ තව ගෑනුන්ට එහානේ. එහෙම කිව්වේ විසාකාවගේ සැමියා. ආගිය කතාවන් පිරුණු ඒ පැය තුන හරි අපූරුවට ගියා. දියවන්නාව අවට විහිළු තහළු කරමින් කල් මරපු අපි රාජගිරියට ඇවිල්ලා ඒ වෙලේ ම ඒ.ටී.එම් වලින් සල්ලි ඇදලා ෂෙයාර් එක දීලා වැඩේ අහවර කළා. ඉන් පස්සේ දේවි බාලිකාව ළඟින් අම්මටයි බබාටයි සුකුරුත්තන් අරං තිබුණ කාර් තුනේ පැක් වෙලා  කෙළින්ම ගියේ ලංකා හොස්පිටලයට. 

Tuesday, October 15, 2013

දහම් පාසල් තරග බිමේ දී.... ආනන්ද බලු පොරය දුටුවා ද?

මේ පාර දහම් පාසල් තරග පැවැත්වුනේ පහුගිය මාසෙ විසි අට වැනිදා කියලා දන්නවා ඇතිනේ. සාමාන්‍යෙයන් ඇවරිගේ දහම් පාසලේ ගද්‍ය රචනා තරග අංශය සඳහා සියලු ම දරු දැරියන් තෝරා ගැනීම්, පුරුදු පුහුණු කිරීම් සිදු කරන්නේ ඇවරිගේ මැදිහත් වීමෙන්. ඒ අතින් ගත්ත ම ඇවරි නිල ගද්‍ය රචනා පුහුණුකරු. ඒ තරමට ම ඇවරිට ඇති ඒකාධිකරයත් ඉහළයි. අනික මූලික වටයේ සියලු රචනා කියැවීම කියන්නේ මහ වාත වැඩක්. ඒ හින්ද ම මේ පාර ස්වාධීන විනිශ්චයකරුවන් තිදෙනෙක් ගේ උදව් ඇතිව අවසන් කණ්ඩායම පත් කිරීම සිදු වුනා.

මේ රස්සාව ඇවරිට කොච්චර පත්තියම් වෙලා ද කිව්වොත් දැනට අවුරුදු තුනක විතර ඉඳලා ඇවරි මේ කටයුත්ත කරනවා. හිතන්න ලියන්න කැමති කොල්ලො කෙල්ලො එක්ක දවසක් ගෙවනවා කියන්නේ නියම අත්දැකීමක්. උන්ට ලියන්න කියන්න උගන්වනවා කියන්නේ යුද්ධයක්. ඇයි කිව්වොත් ආඛ්‍යාන රීතීන් ශෛලීන් වගේ දේවල් එකිනෙකාට වෙනස් නිසා. අනික් බරපතල ම ඛේදවාචකය ලස්සනට ලියන්න පුළුවන් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අත් අකුරු හකුරු වගේ. ඉතිං කෝමද තරගෙට යවන්නේ??? මෙයාකාර ගැටලු රැසක් මේ පසුපස්සෙ තියෙනවා. ඉතිං අවසානයේ තේරෙන්නෙ සමස්ත වශයෙන් දක්ෂයා මිසක් හොඳ ම නිර්මාණාත්මක රචකයා නොවෙන්න පුළුවන්. නමුත් වැඩේ කරන්න පුළුවන් යක්කු බැඳගෙන තොවිලය නටා ගැනීම තමයි තරග කිරීම කියන්නේ.

ඇවරි මේ පෝස්ටුව ටිකක් සැරට ලියන්නයි ඉන්නෙ. මොක ද අද දහම් පාසල් තරග කියන්නේ තනිකර ම බලු පොරයක් නිසා. තමන්ගේ ජයග්‍රහණය ම ඉලක්ක කරගෙන ඒ වෙනුවෙන් ඕනෑ ම දහදුරා වැඩක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා වගේ ම තරග විනිසුරුවනුත් ඉන්න මහ අබ්ලික් තරග රටාවක් තමා දැන් ක්‍රියාත්මක වෙන්නේ. ගොඩ වැඩි කරගන්න මිසක් දිස්ත්‍රික් තරගෙට හොඳ තරගකරුවෙක් ඉදිරිපත් කිරීම බල මණ්ඩලේ කිසිවකුගේ අරමුණ නොවන බව පැහැදිලියි.

සමහර දහම් පාසල් තරග වලට ළමයි තෝරන්නේ වසරේ මුල් කාර්තුව තුළ ඇති තරගාවලියෙන්. ඒක හොඳ ක්‍රමයක්. එයින් අදාළ තරග ඉසව් සඳහා සංචිත නිර්මාණය කරගෙන ඒ සංචිතගත තරගකරුවන් නිරන්තරයෙන් ගැටීමට සැලැස්වීමෙන් අවසාන මොහොතේ තරගයට යවන සිසුවා හෝ සිසුවිය තෝරා ගැනීමයි මේ ක්‍රමය. එය සාධනීය වුවත් මේ කාල සීමාව තුළ සිදු කෙරෙන ක්‍රියාවලියේ ඇති වලංගුභාවය සහ එහි ඇති අසාර්ථකත්වය ගැන ඇවරි මේ විදියට කියන්න කැමතියි. මෙහිදී සංචිත ගත තරගකරුවන්ට පෙර තරග කරන ලද සිසුන් ලියන ලද රචනා කියවන්නට ලබා දීමත් එය කටපාඩමින් කොළයට හළන ලෙස බල කිරීමත් අවසන කටපාඩමින් ලියූ දරුවාට ජය හිමි වීමත් දක්වා මේ ක්‍රමවේදය උඩු දුවා ඇති බව  පැහැදිලියි. කථික තරග අංශය ද පිරිහී ඇත්තේ මෙයට සමාන ආකාරයකින්. කතාවට මේ දහම් පාසල් කියන්නේ අපිට ඕනෑ ම කබ්බෙක් මණ්ඩලේ දිනවන්න පුළුවන් කියලයි. ඒ කතාව කියනවා වගේ ම ඔප්පු කරවන්නත් ඒ අයට පුළුවන්. මොක ද හැමදාම ළමයි ලියන්නේ එක ම රචනාව. කරන්නේ එක ම කතාව. නමුත් විනිශ්චය මණ්ඩල වෙනස් නිසා හොරේ අහුවෙන් නෑ. මේ ජිල්මාට් වලින් ටිකක් විතරයි. තමන්ගේ අවම බලය පාවිච්චි කරලා තමන්ගේ දහම් පාසල දිනවගන්න ඒ අයට ඉතා පහසුවෙන් හැකි වී තියෙන්නේ මේ වට්ටෝරුගත නිර්මාණශීලීත්වයෙන් තොර පුහුණු කිරීම් රටාවක් නිසා.

මේකේ ප්‍රතිවිරුද්ධ තර්කනය වෙන්නේ ලැබෙන කාලය එක්ක නිර්මාණශීලී රචනාවක් ලියන්න පුළුවන් ද කියන එකයි. සාමාන්‍යයෙන් තරගයට සියලු ම ශ්‍රේණි සඳහා ලැබෙන කාලය පැයයි. ඉතිං විනාඩි දහයක් කෙටි සටහන් ගහලා පටන්ගෙන එවෙලේ හිතලා අදහස් ගළපලා ලියුවත් තරගයක් දෙන්න වචන ප්‍රමාණයක් ලියා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්. හිතලා බලන්න මාතෘකානුකූල දහම් කරුණු ගළපමින් ඊට අදාළ උදාහරණ සපයමින්. ගාථා,කවි ලියමින් මේ වන්දනාව පැයකින් අහවර කළ හැකි ද? කවදාවත් බෑ. ඉතිං විසඳුම වෙන්නේ ගෙදරින් ආරම්භය හා අවසානය රැගෙන ගොස් ඇමිණීම. සාර්ථක ම ඇමිණීම තමා නිර්මාණාත්මක ජයග්‍රහණය වෙන්නේ. මං හිතන්නෑ මේ පෝස්ටුවේ ඇති කිසිවක් ඔබට තේරෙනවා කියලා. සාධාරණයි. මොක ද ඔබ වෘත්තීය පුහුණුකරුවෙකු හෝ දහම් පාසල් තරග බිමට යන පුද්ගලයකු නොවන නිසා. නමුත් කුජීත යථාර්ථය මෙයයි.

ඒවා අල්ලලා දාලා ඇවරි කැමතියි ඇවරිගේ අතීත දහම් පාසල් තරග බිම ගැන පුංචි සැමරුම් සටහනක් තියන්න. ඒ දවස් වල තරග කියන්නේ අමර ෆන් එකක්. අපිත් එක්ක අයියලා අක්කලා එක රොත්තට ගිහින් ගුණරතන ටෙන්ට් එකට සෙට් වෙනවා. දන්නැද්ද ඉතිං පෙම් පලහිලව්, වදේ ගැහිලි, වගේ ම මැක්ස් ෆන් එක සෙට් වෙන්නේ අපේ කොළඹ ඉස්කෝලවල යාළු කොල්ලො කෙල්ලො තරග බිමේ දැක්කම. සමහර විට අපි කොළඹදි කතා කරන්න ට්‍රයි කරන කෙල්ලන්ව දෙවියෝ අපි වෙනුවෙන් ම තරග බිමට එවනවා. ඉතිං ඉතිරිය කියන්න ඕන නෑනේ. එහෙම දහම් පාසල් තරග බිමේ දී හාදවෙලා මැරි කරපු ඇවරිගේ ඥාති අක්කා කෙනෙක් මරු කතාවක් කිව්වා. ඒ දවස්වල ලලිත් අයියා කථිකයෙක් ප්‍රියංකා අක්කා දහම් දැනුම තරගය නියෝජනය කරලා තියෙන්නේ. අක්කගේ තරගය පැයෙන් ඉවර වුනාට මේ කඩවසම් කථිකයා තරග කරනවා බලන්න පන්තියෙන් එළියට වෙලා ඇය හිටගෙන ම ඉන්නවලු. අයියාට අන්තිමට චාන්ස් එක හම්බුනත් ඈ ඉඳලා තියෙනවා. මුල් කාලෙ ඒක ආදරේ ම නොවුනත් පොඩි සෙන්ටිමෙන්ටල් ලල් එකක්. අතෙකින් ඔහුගේ වෘත්තිය දක්ෂතාවයට කරන ගරු කිරීමක්.

එතන ඇතිවන සම්බන්ධකම් හරි ම රසවත්. ඇයි කිව්වොත් තමන්ගේ ම ඉවෙන්ට් එකේ කෙනෙක් එක්ක කතා කරන එක අපූරු අත්දැකීමක් නිසා. අනික දහම් දැනුම කොල්ලො කෙල්ලො එකිනෙකා තරගෙට කලින් පරීක්ෂා කරන්න මඩවන හැටි දැක්කම හිනාත් යනවා. සමහර විට පිරිමි ළමයා ප්‍රශ්නය අහන්නේ අමාරුම අභිධර්ම පාඩමකින්. පාඩම් කරලා ආපු ගැහැණු ළමයාත් පැරදෙන්න ලෑස්ති නෑ. මෙහෙම තමන් වෙනුවෙන් වගේ ම නෑ ඔයාලගේ දහම් පාසලේ එක්කෙනාට වඩා අපේ කෙනා දක්ෂයි කියමින් යාළුවන්ටත් ලංසු තියන අවස්ථාත් එමටයි. අන්තිමේ දී දවස ම පිස්සු නටලා මාළු පාන් ගෙඩියකින් බඩ පුරෝගෙන සියල්ලෝ ම යන්නේ ප්‍රතිඵල අහන්න. දිනපු අය දෙවනත් වෙන්න කෑ ගහන අතරේ පැරදුණු අයත් අත්පුඩි ගැහුවේ සතුටින්. එක එහේ නම් දෙක මෙහේනේ?? අවසානයේ දී උදේ තමන් එක්ක පොර අල්ලපු දරුවට ජය හිමි වුනොත් ගොඩක් දැරිවියො තමන්ගේ කණ්ඩායමෙන් ඈත් මෑත් වෙලා අත දීලා සුබපතලා එනවා. අපිත් ප්‍රතිඵල අහලා දෙක තුන වුන දැරිවියන්ට සුබ පතලා එනවා. කිසිම තරහක් නෑ. මොක ද ලබන අවුරුද්දේත් අපි හමුවන බව අපි අපි ම දන්නවනේ. එදාටත් මේ වගේ ම තමා. සමහර විට මෙච්චර දවස් කැලණි පාලමෙන් එහා දී අපිව ගණන් නොගෙන හිටි ආඩම්බරකාර දැරිවියො පහුවදා ඉඳලා කිරිබත්ගොඩ දී දැක්කත් හිනා වෙලා කතා කරලා යනවා. තරග ජීවිතේ එහෙමයි.

නමුත් අද ළමයින්ට ප්‍රතිඵල අහනකම් ඉන්න වෙලා නෑ. විභාගෙ ලියුව නම් ගෙදර ගියා. හවස පන්තිනේ. වැරදිලාවත් වෙන දහම් පාසලක කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක කතා කරන්නෑ. ගිලියි කියලා බයේ මේ.... තරගෙට කලින්වත් පොඩි පෙරහුරුවක් දාන්නෑ. හරියට අපේ රහස් ඒ අය දැනගනියි කියලා වගේ. උන් හරි කෘත්‍රීම රොබෝල වගේ අයියෝ. නියම කතන්දරේ ඉස්සර අපිත් එක්ක මරා ගත්තු, වලි දාගත්තු, අර වගේ අපි තරග කරනකම් බලාන හිටපු කෙල්ලො දැන් ගුරුවරියො වෙලා. අපි ළමයින්ව තරග වලට යවලා අයිනක් අල්ලන් කදයක් දාගෙන ඉන්නවා. එකට කනවා. එකම ටෙන්ට් වල ඉන්නවා. ඒක දකින ළමයි, අපෝ සර් ඒ ටීටර් අහවල් දහම් පාසලේ නේ. සර් ඇයි එයත් එක්ක කතාවට ගියේ? කියල අහපි. මොනව කරන්න ද යාළු අපේ සබඳකම් නෑ රියසක දන්නේ තමා ඉතිං.

එතකොට ඉතිං ඒ අයට මගේ දරුවන්ව අඳුන්වලා දෙනවා. අපි වර්ක් ෂොප් එකක් කළොත් මේ අය නොමිලේ ම ඇවිත් දැනුම දීලා යනවා. උන් කළොත් අපි යනවා. කිසි කුහකකමක් නෑ. මගේ ටීම් එකට නම් මං හැමදාම මේ ටික කියනවා. තරග අහවර වුනාම මෙයා තමයි සර් දෙවැනියා කියලා අර කොල්ලව ඇදගෙන මං ගාවට එන දැරිවියොත් ඉන්නවා. ඉතිං මං ඒ දරුවගේ අඩුපාඩු ටිකත් බලලා ලබන පාරත් එන්න කියලා සුබපනවා. මං හිතන්නේ අපිවත් එහෙම සංස්කෘතියක් හදන්න ඕන කියලයි. මොක ද ආත්මාර්ථකාමී කුහකයො ටිකක් එක්ක සාමූහික ජයග්‍රහණයක් අත් කරගන්න බැරි නිසා. අනික ඒ කොල්ලගෙන් තමන්ට අභියෝගයක් ඇති බව දැනගත්ත ගමන් කෙලී මෙහේ පණ දාගෙන වැඩ කරනවා. අපි කොල්ලට තෙල බෙදද්දි ලබන පාර ඇයව පරද්දමු කියලා ඇහක් ගහලා කියනවා. ඉතිං දෙන්න ම වැඩ.


මෙදා ගොඩක් සතුටු දැරිවියෝ පස් දෙනාත් එක ම දරුවත් ප්‍රථමස්ථාන තුනක් හා දෙවන තෙවන ස්ථානයක් බැගින් දිනාගත් නිසා. ඒත් ගියපාර පළමු තැන ගත් දැරිවිට මේ පාර ස්ථානයක් හිමි නොවීම ගැන ඇවරි පසුතැවෙනවා. කාරි නෑ.  දැන් ඇයව මානසික වශයෙන් ශක්තිමත් කරනඅතරේ ඇයට අභියෝගයක් දිය හැකි අයෙක් ගැන සෙවිය යුතුයි. පේනවනේ මේක ඉයර් අරවුන්ඩ් ප්‍රොජෙක්ට් එකක්???     

පස් වසරකට පසු පෙම්වත් වේදිකාවේ තනිවුනෙමි....

හුඟක් වෙලාවට ඇවරි කෝච්චියේ ගමන් කරන්න කැමැත්තක් දක්වනවා. ඒ එහි ගමන ටිකක් ඝෝෂාකාරී වුවත් සුව පහසු නිසා. අනික සංඥා එළි ඇවරිට පෙන්නන්න බැරි නිසාත් කෝච්චි ගමන අත්දැකීම් එකතු කරවන නිසාත් ලොකු ම දේ කෝච්චියේදී නින්ද යන්නැති නිසාත් ඇවරි ඒ ගමනට මනාපයි.

පහුගිය දා ගල්කිස්ස දක්වා ඇවරි යන චාරිකාවේදී මරදානෙන් අලුත්ගම දුම්රියට මාරු වීමට සිදු වුනා. දුම්රිය නවතා තිබුණේ නවවැනි වේදිකාවේ. නවය නපුරුලු අප්පා. ඒත් නවය හරි ම රොමැන්ටික් නැද්ද මං අහන්නේ? ඒක ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් වෙන් වූ නිහඬ හුදකලා රාජ්‍යක්. සාමාන්‍යයෙන් මේ වේදිකාව කැලණිවැලි දුම්රිය මාර්ගය වෙනුවෙන් භාවිතා කෙරුණත් අද විශේෂයෙන් මේ කෝච්චිය නව වැනි වේදිකාවෙන් ධාවනය වෙනවා. ඇවරි අර දිග ලී පාලම දිගේ එද්දි අතීත සැමරුම් මතක් කරන්න ගත්තා. ඒ දවස්වල එකහමාරට ඉස්කෝලෙ අහවර වුනා ම අපි කඩිමුඩියේ නවවැනි වේදිකාවට එන්නේ අර හොග්වොට්ස් වලට යන කෝච්චිය අල්ල ගන්න එන තරම් උනන්දුවකින්. හැමදාම ඉතිං අලුත් කතාවක් තියෙනවනේ. අනික රොටරි යන වට පිටේ සියලු පාසල් වල බාලිකාවන් නිසාත්, දිගු කාලීන පාසල් මෙන් ම  ටෙක්නිකල් කොලීජි යන පෙම්වත්තු, දිගු කාලීන ප්‍රේමාපේක්ෂකයන්, අත්උදව්කරුවන්, පිළිතුරට කල්මරන්නියන් මෙන් ම සැමට සිනා පාන්නියන් මේ කෝච්චියේ කොතෙකුත් යන නිසා ඒක එක ම පෙම්වත් වේදිකාවක් වෙනවා.

මතක හැටියට සතියේ දවස් තුනක් ඇවරි මේ කෝච්චියෙන් නුගේගොඩ රොටරියට ගියා. අත්තිඩිය සර්ගෙ ඉතිහාසය පන්තියට අඟහරුවාදත්, සන්නස්ගල සර්ගෙ පන්තියට බදාදත්, අනුරාධ සර්ගෙ ලොජික් පන්තියට සිකුරාදත් ආදී වශයෙන්. මෙන්ඩිස් හෙවත් රඹා, චණ්ඩි මල්ලි, විස්පර්, ඇතුළු සෙට් එක කෝමත් යන්නෙ පාදුක්ක කෝච්චියේ. අපිත් උන්ගේ ගොඩට ම සෙට් වෙනවා. ඉතිං වලි දාගෙන, කෙල්ලන්ට මරාගෙන, ආදර බැලුම් හෙළාගෙන, මේ ඉස්ටේසන් හත අටට යන ගමන අපූරුයි. ලොකු ම අමාරුකාරයා බෙලියා. පොර කොහෙන් හරි යට සායක් පටලවගෙන ඒකට ඇමිණෙන්න ගිහිල්ලා බෙල්ල කඩාගන්නවා. ඊළඟට රඹා. හරි අහිංසක කෙල්ලන්ට නංගි නංගි ගාගෙන ගිහින් අල්ල ගන්න රඹා දස්සයා. ඇවරි නම් ඔය මොකකටවත් සම්බන්ධ නෑ ඕං, අරුන්ට ලව්ලෙටර් ටිකක් උදව්වක් හැටියට ලියලා දුන්න ඇරෙන්න.

මේ පාදුක්ක කෝච්චිය ලී වලින් හදපු එකක්. එය වංගු මතින් යද්දි දෙපැත්තට පැද්දෙන විදිය දැක්ක ම දැන් නැතුවට දැන් ගැලවිලා විසි වෙයි කියලා හිතෙනවා. ගිණි ගහන නගර මැදින් යද්දි අහස සිඹින උස ගොඩනැගිලි, සීවලී පුර මුඩුක්කු පේළි වගේ ම කිලෝමීටර් දෙකක් විතර කොළඹ රාජකීය ගෝල්ෆ් පිටිය මැදිනුත් යන නිසා ඒ ගමන හරි ම විචිත්‍රයි. දවස පුරා හාර්ඩප් වෙලා ඉද්දි ගෝල්ෆ් පිට්ටනියේ නිල්ල නිලන ගහ කොළ වගේම කුඩා වැව් පිස හමාගෙන එන හුළඟ අපේ කට්ටියගේ කටවල් අවුස්සනවා. රඹා එවෙලෙට හරි ඉමෝෂනල් වෙලා ළඟ ඉන්න කෙල්ලන්ට හයිකු කියවනවා.
මේ බලන්න නංගි,
හරිත පැහැ මිටියාවත දිගේ ගලා එන සුසීත සුළං රොද
ඔබ හට මා හදේ පැලපදියම්ව ඇති ආදරය
කියන්ටැයි පුන පුනා කොඳුරා පවසයි

හැමදාමත් වගේ මෑන්ස් මුල ටික කියන්නේ ඇස් වහගෙන පස්සේ මුළු පෙට්ටි ම පොර දිහා බලන නිසා මෑන්ස් නවතිනවා. ඒ දවස්වල අපිට ඇත්තට ම ලැජ්ජාවක් නෑ. අනික ඒ විහිලුවක් කියලා හැමෝ ම දන්නවා. රඹා අපේ ආර්ට් එකේ අයිකොන් එකක් වගේ ම බාලිකා පාසල් වලත් ප්‍රකට චරිතයක්. ඉතිං ඒ මෑන්ස්ගෙ හැටි නිසාත් හැමදාම දකින කිකිළියෝ කෙකර ගානවට අපිත් කැමති නිසාත් අවුලක් නෑ. අනික කෝච්චියේ යන ගුරුවරියො අපේ නිත්‍ය රසිකාවියො නිසා කෝමත් අවුලක් නෑ. ආර්ට් ඩේ එකට හේම පැනගෙන එන්නේ මේ කෙල්ලො නෙමෙයි තරුණ ගුරුවරියො. අපි ඒ දවස්වල එතෙන්ට පැරඩයිමය හදලා තිබුණා. මේ මුල විතරයි. ඒ දවස්වල ගත්තු අහිංසක විනෝදයන් ඉදිරියේ ලියන්න අදහසක් තියෙනවා.

අවුරුදු පහකින් ආවත් වේදිකාව ඒ විදිය මයි. අලුතින් තීත්ත ටිකක් සායම් වෙලා. අනේ අපේ උන්දැලා ආයෙත් පාසල් ඇඳුමෙන් විහිළු තහළු කරගෙන මෙහි එනවා නම්.... ඇවරිට ලස්සන සිද්ධියක් මතක් වුනා. අර දේවි බාලිකා, ගෝතමී පලහිලව්ව. එහෙම කිව්වට පලහිලව් දෙක. දෙන්න ම ගැන පස්සට ලියන්න බැරියැ??

දාන හිට්ස් 2 මධ්ය කාලීන ප්රේනමාපසල්ලාපය

දාන හිට්ස් පළමු කොටසින් ඇවරිට සෑහෙන්න ගල් මුල් ප්‍රහාර පැමිණි බව කියන්න ඉතා ම සතුටුයි. මේ ගල් මුල් සියල්ලත් වැඩියෙ දුර ඈතකින් නොව පවුල තුළින් ම පැමිණීම ගැන පුද්ගලිකව ම සතුටු වෙනවා. ඒ වගේ ම පුංචලාගෙ කඩේ දී එහි යන එන පිරිස් විසින් ‘ආ... දානෙට ගිහින් ඉව්වලු නේද?‘ ආදී වශයෙන් දුන් ලයිව් කම්ප්ලිමෙන්ට්ස් ටිකක් එම්බැරසින්ග් වුනත් හොඳයි. ලොකු ම තර්ජන මෙන් ම හොඳ ම ප්‍රතිචාර හිමිවුනේ ඇවරිගේ ඥාතී පිරිසගෙන්. ඉතින් නොපැහැදුණුවන් පැහැදීම පිණිසත් පැහැදුණුවන්ගේ පැහැදීම වැඩි කරනු පිණිසත් මෙවර දාන හිට්ස් දෙවන කළාපය ලියා පළ කරන්න ඇවරි තීරණය කළා.

පහුගිය සතියේ අපි නතර කළේ ඇවරිගේ නැන්දණිය පොඩිහිටියන්ගේ කතාවට සම්බන්ධ වීම සමඟින් කියලා යන්තමට නිච්චියක් ඇවරිට තියෙනවා. හරිහැටි පැහැදිලි කිරීමක් නැතත් ඇයට නැන්දා නොව බින්දු අම්මා විදියට ඇමතීම ඇවරි කුඩා කල සිට කළ දෙයක්. බින්දු අම්මා කතාවට සම්බන්ධ වුනත් කතාව ඇදිලා ගියා. අනේ ඉතිං අපේ කස්ටියට සවුක්යක් නැති හින්ද ම බින්දු අම්මා සම්බන්ධ යාන්ස් කිහිපයකුත් මේ අතතරේ ඇදිලා ආවා. අද මිත්තණියක් වන සිරිමා අල්විස් වෛද්‍යතුමිය පිළිබඳ මේ යාන්ස් එක සභාගත කළේ චමිත අයියා විසින්. කොළඹට ඇතුල්වන වාහන පරීක්ෂා කරන දිනයක වාහන පරීක්ෂාවේ හිටි තරුණ හමුදා නිලධාරියා ඇවරිගේ මාමාව හඳුනාගෙන ආ ඩොක්ටර්ව මට මතකයි කියලා බින්දු අම්මා අසුන්ගෙන සිටි පැත්තෙ කවුළුවෙන් ඔළුව දාලා ඔහුට කිව්වලු. බින්දු අම්මට ඒක ඇහිලා තියෙන්නේ ‘ඩොක්ටර්ට මාව මතකද?‘ කියලා. ඉතිං ඈ ගත් කටට ම අනේ නෑනේ පුතා? කොයි කාලෙ ද මගෙන් බෙහෙත් ගත්තේ? බොරැල්ලේ ඉද්දි ද? ආදී වශයෙන් ප්‍රශ්න මාලාවක් තරුණ හමුදා නිලධාරියාට යොමු කරගෙන ගියාලු. ඔහුට කාරණේ වැටහුණ නිසා ‘ආ මැඩමුත් ඩොක්ටර් කෙනෙක් ද? මං හිතුවේ සර් විතරයි‘ කියලා කියාගෙන වාහනයට යන්න අවසර දුන්නලු.

තව දවසක් මාමා සිය පවුල සමඟින් අවුටින් පාරක් ගියා ම කස්ටියව බුෆේ එකකට ගෙනිහින් තියෙනවා. “ආනේ මෙයා හොරා වගේ කලින් ම ඇවිල්ලා අපිට කෑම බෙදවලත් තියලා කියලා බින්දු අම්මා ආදරෙන් මාමා දිහා බලලා කීවලු. බුෆේ කියන්නේ එහෙමයි කියලා ඈට වැටහීමක් තිබුණෙ නැතිලු??? මෙහෙම ජෝගි කතාන්දර නිසා ඇයත් අපේ ගානට ම වැටෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

ඊළඟ කතාව මධ්‍යකාලීන ප්‍රේමාපසල්ලාපයක් ගැන අපේ ලොකු අක්කා කියූ කතාවක්. ඇය අපි දාහත් දෙනාගෙන් ලොකු ම අක්කා. වැඩිමහල් අක්කලා තුන් කට්ටුව ඒ කියන්නේ ලොකු අක්කා, වැලි අක්කා සහ ඇල් අක්කා හරියට තණ්හා, රතී, රඟා වගේ. වැලීට වැලි අක්කා කියන්නේ ඔවුන් කාලයක් වැලිමඩ පදිංචි වී සිටි නිසා. ඇල්ට ඒ නම ලැබුණේ ඇය ඇල්පිටියේ නිසා. මේ තුන්දෙනාට ආදරේ වැඩි වුනාම බේබි කියලත් කතා කෙරෙනවා. ලොකු බේබි, වැලි බේබි, ඇල්බේබි තුන්දෙනා ම කරන තරමක් කරලා තියෙන්නේ දහදුරා වැඩ. ජංගි කොටේ පිටින් පස්ස පැත්තට රතු වෙනකම් ඉරටු පාරවල් නොකාපු දවස් නැති තරම් කියලයි වාර්තා වෙන්නේ. ඕං එකමත්එක කාලෙක මේ තුන්දෙනා තත්කාලීන පෙම්වතුන් එක්ක කිතුල්ගල ගියාලු. ඒ වැහි දවසේ චාරිකාව අහවර කරලා ඇල්පිටි අක්කා බස්සන්න එද්දි ඇගේ සහෝදර පරාණය විසකිත බුවා පුබුදු මාවත ළඟ කුඩේකුත් තියාන ඉන්නවලු. ඒ දැක්ක විතරයි ඇල් අක්කි හරවන්න හරවන්න මල්ලී... කියාගෙන බෙරිහන් දෙන්න තියා ගත්තලු. අනේ ඉතිං යූ ටර්න් එකක් හේම ගහලා, බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගිහින් වාහනේ නතර කළා ම මේ ඉබ්බි “හා දැන් මට යතෑකි. හරියට බස් එකෙන් බැහැලා එනවා වගේ නේ...? කියාගෙන යන්න ගියාලු. “ඉතිං බං කිව්වනම් ටිකක් ඈතින් නවත්තන්න තිබුණනේ. අපේ ගෑනිටත් පිස්සු නේ හැබෑට ම?“ උපුල් අයියා නොමනාපයෙන් කියද්දි ‘ඇයි මෝඩයෝ ඇල්පිටියෙ බස් ස්ටෑන්ඩ් එක තියෙන්නෙ පිටිගල පාරෙ ද? මේ මොන ගොන් වස්සෙක් ද? කියලා ලොකු අක්කා කියාපි. දැන් තේරෙනවනේ ජෝඩුව එදා ඉඳන් ම ජාඩියට-මූඩිය කියලා කීව ම කස්ටියට ආයෙත් හිනා.

තව පාරක් ලොකු අක්කාගෙ විසි එක්වැනි උපන් දින සාදයට ආරාධනා ලද උපුල් අයියාට නොසිතූ විරූ අලකලංචියකට මුහුණ දෙන්න වුනා. ඒ දවස් වල ඇවරි පොඩි වයසේ දී එහේට දැන් මාධ්‍ය ලෝකෙ බල්ටි ගහන ගොඩක්  අය අව ගියා. ආනන්ද විසාකා කස්ටියනේ. කිංග්ස්ලි අයියා, ගාමින්ද අයියා, විදුර අයියා, රඛිත අයියා, ප්‍රණීතා අක්කා ආදි බොහෝ දෙනා අක්කලාගේ හොඳ යාළුවෝ. මේ අය සන්නස්ගලගේ සිංහල පන්ති සගයෝ. ඒ දවස්වල සන්නස්ගල මගේ ගුරුතුමා බංකු පණහක් විතර තියෙන ශාලාවක අක්කලාට උගන්වනවා ඇවරිට මතකයි. ඒත් හරියට ම සන්නස්ගල මගේ ගුරුතුමා වෙන්නේ ඊට අවුරුදු හතකට විතර පස්සේ ළමයි දාහකට හමාරකට උගන්වද්දියි. ගෙදර සන්නස්ගල සර්ගෙ ඇති මුල් කාලෙ සේයා රූ එක්ක මං ඒ ලෙවල් රොටරි පන්තියේ දී හැබැහින් දැක්ක මනුස්සයා මහ ම මහ නාකියෙක් කියන්න පුළුවන්.

අතීත කාරණා වලින් නැවතත් පුරුදු යාන්ස් එකට. සාදය අතරේ උඩ තට්ටුවට වැඩිහිටි පිරිසක් සෙට් වෙන්න එද්දි මාමත් ඒ එක්ක ඇවිත් තියෙනවා. බය වුන පාරට එක හාදයෙක් අඹ ගහෙන් බිමට බහින්න හදලා. අපේ උපුල් අයියා පිස්සු ද අපි දොරෙන් ආවනම් දොරෙන් ම යමු කියලා පොර ටෝකක් දීලා වැඩිහිටියන් හා කතාවට සෙට් වුනාලු. ආ අංකල් සෙට් වෙන්න වගේ නේ.. කියලා මාමලත් එකක් හොඳින් කතා කරලා කෑම හේමත් කාල ආයෙත් එන්න පුතා කියලා නිල ආරාධනාවත් බාරගෙන බොහොම ගවුරව සම්ප්‍රයුක්ත විදියට එදා ගෙදර ගියාලු. බලාන ගියාම එහෙම නිර්භීත රෝමියෝලත් අපේ පවුලේ ඉඳලා තියෙනවා.

ඒ කතාව අහන් හිටපු වස්තු පුංචි අප්පා ඕව මොනවද මං අයි. සී. යූ ඉද්දි දෙන්නටයි බලන්න දුන්නේ. ජේ. කුලරත්න (ඇවරිගෙ බාප්පා) තාත්ත එන්න කලින් හැමදාම බලලා ගිහිල්ලා. තාත්තා මගෙන් අහන්නේ ‘ඈ දරුවො කුලරත්න බාප්පා හැමදාම එනවැයි?‘ ආ වැඩපොල මේ ළඟ නිසා එනවා ඇති. මං එනකම් ඉන්නෑ නොවැ??? කෑම පැයේ දිනේ එන්නේ තාත්තේ කියනවා ඇරෙන්න මොකෝ ජේ.කුලරත්නගෙ පුතා එනවැයි කියන්නයැ??  ඇගේ යාන්ස් එකත් මරු. බලාන ගියා ම මේ ඔක්කොම පෝරක හතෙන් පැනලා පොල්පිති හතක් කඩාපු මාර ජල්තර් කස්ටිය තමා.

මේ මතක සඣ්ඣායනාව අතරේ ඇවරිට පැවරුණු වැඩය වුනේ පිරිකර එතීම. මෙවර පිරිකරට මදුරු දැල් ලබා දීම නිසා ඒවා එතීම සෑහෙන්න අමාරු වුනා. අපි ඒ වෙහෙසකර කටයුත්තේ නිග්මන් වෙද්දි චමිත බුවාගේ ගෝත්රික චාරිත්රයක් නිසා යාන්ස් සභාව යුගාන්ත වාතයෙන් ඇළලී ගියා. අපේ චුමීට ටයිමින් තියලා පැඩීමේ නිසඟ හැකියාවක් ඇති බව කියන්න ඕන. ඔන්න, ඔන්න කියලා අවසාන තත්පරේට වාතය මුදා හැරියා ම ඉතිං වසලා හමාරයි. අන්තිමේ දී අපි නිදා ගද්දි පාන්දර තුනට විතර ඇති.


උදේ පාන්දරින් ඇවරිගේ පියතුමා ඇවරිස් අවදි කළේ දාන කළමනා සූදානම් කරන්න කියාගෙන. එතුමා කලින් කී පරිදි පලතුරු අංශාධිපති නිසා වැඩේට එන්ටර් වෙලා තිබුණා. මෙදා පලතුරු නොකපා අලුත් ටෙක්නොලොජි එකක් හඳුන්වා දෙන්න ඇවරිගේ පියතුමා ගත්ත උත්සාහය ගැන බොහෝ දෙනා අගය කළා. අපි සාංගික කළාට හාමුදුරුවන්ට පලතුරු වළඳන්න වෙලා නෑනේ අන්තිමට ඔක්කොම එක පාර්සලේට දැම්මම චුරු වෙලා කන්නත් බෑ. ඊට හොඳයි පළතුරු වට්ටියක් ගෙඩි පිටින් ම පූජා කිරීම අර දෙයියන්ට කරනා වගේ. අපි පලතුරු පෙට්ටි පිටින් ගේන නිසා ඒක අමාරු නෑ කියලා කොළඹින් ම ගෙනියපු වට්ටිවලට පළතුරු අහුරලා කහ පාට සෙලෝපේන් කොළයකින් ආවරණය කරලා හැන්ඩි පැක් එකක් හැදුවා. පූජ කරන්න වැඩිම තරගයක් තිබුණේ පිරිකර නෙවෙයි. මේ පලතුරු වට්ටි ටික. කස්ටිය නම් කිව්වෙ අප්පච්චි කම්මැලිකමට ෂෝර්ට්කට් එකක් හොයා ගෙන කියලයි. හැබැයි මේ වැඩේ අමාරුව දන්නේ ඇවරි කොලූ ම තමා. මොකෝ සියල්ල පැක් කළේ මා නෙව. ඒත් පුතා මේ ක්‍රමේ වැරදියි. සාංඝික කරවලා දාන දුන්න ම හාමුදුරුවො ඇති තරම මෙතන දි වළදන්න ඕන. ආයෙ පන්සලට ගෙනිහින් වළදන්න ගෙනියන එක විනය විරෝධීයි. නමුත් විලාසිතාව මේකනේ. අනික සාංඝික කරපුව වළඳන්න හොඳනෑ කියලා පුහු මතයකුත් තියනවනේ. කියලා අප්පච්චිම කතාව අහවර කළා. 

බැනියමක් අණ්ඩ දාගන්න වෙලාවක් නැති මිනිහ තව ගොතන්න

දැන් කවුරුත් දන්නා හැටියට ශනිදාව කියන්නේ ඇවරි තම පුද්ගලික රාජකාරි සඳහා කැප කොරගෙන ඉන්න  බොහොම පරම පවිත්‍ර අජරාමර සාඛ්‍යාත, අමාමහ දිනයක් නොවැ. ඇවරිට ටික කාලයක ඉඳලා මේම හිතුනට හෙට අනිද්දා ඉඳලා ඇවරිගේ ළඟ ම ගජයෙක් වෙන සුගිත් කුමාර ෂීනන්ටත් මෙයාකාර හිතෙනවලු. මේ ළඟ දි පැවති ජාතික පාසල් ගුරු, තරග විභාගය සමත් ව ඊයෙ (06) වැනිදා ලෝක ගුරු දිනයට සමගාමීව උසස් පෙළ ආර්ථික විද්‍යා ගුරුවරයෙකු ලෙස මීරිගම ඩී.එස් සේනානායක විද්‍යාලයට පළමු පත්වීම ලද ක්ලෝස්ට සුබ පැතීමට ඇවරි මෙය අවස්ථාවක් කරගන්න කැමතියි. ඒ වගේ ම තමයි තම වෘත්තිය ඡායාරෑප රැගත් මුහුණු පොත් පිටුව විවෘත කිරීම වෙනුවෙන් චානුක තියඹරාවත්ත හෙවත් සී.එස් ෂීනන්ටත් ඉදිරි කටයුතු සාර්ථක වන හැටියට සුබාසිරි පතමින් අද දවසේ ජේත්තුකාර රස්තියාදුව ගැන ලියැවෙන සලාදය මෙහෙම පටන් ගන්නවා.

කණ විදින දිනේ කඳුළු ගඟේ පතුළේ කිමිදුනු අපේ චුමීගේ දූ සිඟිත්ත සෙහන්යා කුල කුමරිය දැක බලා ගැනීමේ ආසාවක් ඇවරිට ඇතිවුනේ අදක ඊයෙක නෙමෙයි. පුංචි දෝණි අපේ මුත්තණ්ඩිගෙ දානයට ආවත් දානය නිම වුණ වහා ම ඇවරිට කොළඹට පැමිණීමට සිදු වූ නිසා ඔවුන් හා කාලය ගත කිරීමට අවස්ථාවක් ලැබුණෙ නෑ. කොහොමින් කොහොම හරි ඇවරිගේ පුංචි රාජකාරිමය ගැටලුවක් නිරාකරණය කරගන්න චමිත අයියාගේ ප්‍රිය බිරිය වන ඔබ කවුරුත් දැන් හඳුනන මගේ හුවමාරු නෑනන්ඩිය මුණ ගැහෙන්න හදිසියේ ම යන්න ඇවරි තීරණය කරන්නේ ඇගෙන් ලද ආරාධනාව සතුටින් බාර අරගෙන. දෝණියැන්දාට මොනව අරං යන්න ද කියලා හිතාන දස අතේ කල්පනා කරන අතරේ අතරේ ඇවරි කාන්තා පරාණ කිහිපයකට ම ඇමතුම් දුන්නේ අදහසක් ලබා ගන්න. ඒත් අවසානයේ දී පිහිට වුනේ සිඟිති අක්කා සහ ඇවරිගේ ආදර බර නැඟණිය.
සිඟාට කතා කළා ම ඇය කෙලීටගත් ඇඳුම් දෙකක් ඇගේ අල්මාරියේ ඇති බවත් ඒ දෙක රැගෙන යන ලෙසත් දැන්වීමක් කළා. ‘ලොකූ අපි මයි බේබි එකෙන් මොනවා හරි අරං යමු. කාරණේ කිව්වම නඟා විසඳුම් සොයන්න ඉදිරිපත් වුනේ ඒ විදියට, මයි-බේබි කියන්නේ අපේ මාකොළ ග්‍රාම වාසයේ ඇති එක ම සහ ලොකු ම ළමුන් සඳහා අවශ්‍ය සියලු දේ සපයන ආයතනය. කාලෙකින් ඇවරිට මේ වගේ ලොට්රි එකක් ඇදිලා තිබුණේ නෑ. පහුගිය කාලෙ මඟ හැරුණු විවාහ මඟුල් කීපයක් ම ඇති නිසා තව ටික කාලෙකින් මේ වගේ ගමනක් යන්න ඇවරි කම්පනා කරගෙන හිටියට මොක ද දින වකවානු ටිකක් එහෙ මෙහෙ වෙලා තියෙන වග පැහදිලියි.

හ්ම්... අප්පා පුංචංගෙ ඇඳුම් පොඩි, සපත්තු, මේස්, කොට්ට, තොටිලි, කාරි බාර්, සෙල්ලම් බඩු, පිඟන්, ෆීඩින් කප්, නැපි සෙට්, අරවා මේවා පුරෝලා. අපේ නංගා මේ හැම එකක් ම පිළිබඳ මගේ නිසි අවධානය යොමු කරමින් සෑහෙන වරුණාවක් ඉදිරිපත් කෙරුවා. අනේ ඉතිං දැන් බලන්නෙවත් නැතුව හිටියට අපිත් පොඩි කාලෙ පාවිච්චි කරපු දේවල් නේද මේ කියලා පුංචි නොස්ටොල්ජික් ෆීලින්ග් එකකට සෙට් වෙලා ඉද්දි නංගා, ලොකූ ඔයාට පරක්කු වෙනව ඉක්මන් කරමු කියලා දැහැන බින්දා. දැන් මොනා ද අපි ගන්නේ?? කවදත් පැකේජින් වලට දස්ස නිසා අක්කා ගවුම් දෙන හන්දා ඉතිරිය අපි දිය යුතු බවත් අවශ්‍ය අනෙකුත් සියල්ල තෝරන ලෙසත් ඇවරි නඟාට උපදෙස් දුන්නා. ලස්සන වූල් තොප්පියක් ගැනීමේ වුවමනාව ඇවරිට තදින් තිබුණා. ඇවරි දැන් නොගෙතුවට ඇවරිට හොඳට වූල් වලින් ගොතන්න පුළුවන්. ඔය තොප්පි ගෙතීම හරි සිම්පල් වැඩක් එක ම ගැටය. වෙනස් වෙනස් වූල් වලින් රටා මැවීමක් තියෙන්නෙ. ඇවරි බොහෝ වෙලාවක් ගත කළේ ඒ තොප්පිවල රටා සහ වර්ණ යෙදීම් අධ්‍යයනය කරමින්. ආයෙත් ගොතන කට්ට හොයා ගන්න ඕන අයියෝ... ඇවරි හූල්ලද්දි, අනේ ඔයාට තියෙන වෙලාව. මේ බැනියමක් අණ්ඩ දාගන්න වෙලාවක් නැති මිනිහ තව ගොතන්න!!! නගා පල් පාර්ට් එකක් දැම්මට කතාව අමූලික ඇත්ත.


පුංචි සුරංගනාවී‍‍‍‍‍‍‍‍‍‍‍......
ඇය සාප්පුව පුරා කරක් ගහලා වූල් සපත්තු කුට්ටමක්, තොප්පියක්, බිප් එකක්, තෝරාගෙන තිබුණා. මේ අතරේ ඇවරි හිත ගියපු ෆීඩින් කප් එකක් දිහා බලාන ඉද්දි, එපා ලොකූ දත් ඉස්සරහට එන නිසා දැන් ෆීඩින් කප් රෙකමන්ඩ් කරන්නෑ නේ..??? කියලා පඬි වදනක් එකතු කළා. දෝණිට හරියට ම මාස හයක් පිරුණේ එදාට නිසා ඇයට සික්ස් ප්ලස් නොන් ටොසික් සෙල්ලම් බඩු ටිකක් දෙන්න කල්පනා කළා. මේ සිබිලිත්ති කෙලි කමට සූප්පු කළත් අවුලක් නැති කොලිටි සෙල්ලම් බඩු ටිකක් ගැන තමයි ඇවරි හෙව්වෙ. එහෙම ඒව අතට දෙන්න බය නෑ. අවුරුදු හතරේ හයේ ලොකු පුංචංට නම් ඇවරි ලෙගෝ සෙට් දෙන්න පුරුදු වෙලා තියෙන්නේ පුංචි උන් එක්ක අපිටත් ඒකෙන් සෙල්ලම් කරන්න පුළුවන් වෙන නිසා. කොහොමින් කොහොම හරි පැයකට කිට්ටු වෙලාවක් තෑගි තෝරලා අපි එළියට ආවා. හම්මෝ ඒක හරියට සුරංගනා ලෝකෙට ගියා වගේ වැඩක්. බේබි කෙයාර් කඩේකට නිකම් ගොඩ වුනත් පුංචි සෙන්මෙන්ටල් ගතියක් දැනෙනවා කියලා ඇවරි කොහේ හරි කියවලා තිබුණා. හැබැයි ඒක මෙච්චර අපූරු වැඩක් කියලා දැනුනේ අද. ඊටත් වඩා ඇවරි පුදුම වුනේ නංගාට ඒ  ඒ දේවල් ගැන තිබුණ අවබෝධය දැකලා. මේ කෙල්ල කොහෙන් මේ දේවල් ඉගෙන ගත්තා ද මන්දා. ළමයි එක්ක ම ඉඳලා පුරුද්ද වෙන්න ඕන. කොහොමින් කොහොම හරි ඈවර විතාන දූත මෙහෙවර සඳහා ප්‍රාන්තයෙන් පිටත් වෙද්දි දවල් දොළහත් වෙලා. 

Tuesday, October 1, 2013

ලෝක ළමා දිනය දා මහ බබා කැලණි සරසවියට....

සාමාන්ය ජීවිතේ දී හුදකලා සටන් කාමියෙක් ලෙස පෙනී සිටින අතරේ පොදු සටන් මඟහැරීම ඇවරි තුළ නිසඟයෙන් ම පිහිටි ලක්ෂණයකැයි කරුණු කාරණා සියුම්ව පිරික්සා බැලීමේ දී මට සිතිණි. අ
න්තරාය දැක නොදැක්කා සේ සිටීම ද දුවන කෝච්චිවලට බෙල්ල තැබීමට ද ඇවරි තරම් දක්ෂයෙක් තවත් ඇත්දැයි සිතීම උගහට වන්නේ සෙස්සන්ට පෙර ඔහු විසින්ම මුට්ටිය හිසේ පටන් නවා ගන්නා බැවිනි. ඉඳින් අවසනදී බේරා ගත හැකි වන්නේ එක්කෝ බෙල්ල හෝ නැතිනම් මුට්ටිය ම පමණකි.

අද ඔක්තෝම්බර් පළමුවෙනිදා ඒ කියන්නේ ජාතියන්තර ළමා දිනේ දවසේ සිරි ලංකාවෙ මහ බබාට කැලණිය විස්ස විජ්ජාලෙට එන්න පුංචි ආසාවක් ඇති වුනාය කියලා ඒ උත්තමයා උදේ පාන්දරින් ම ඇවරි තුමාට කතා කොරලා කියපි. හලේ ඉතිං පොඩි උන්දැගෙ ආසාවනේ කියලා ඇවරිත් එක පයින්  වැඩේට කැමති වුනා. ප්‍රස්නයක් නෑ සෑර් හැබැයි සෙකියුරිටි එක තමයි අවුල. අර අස් බණ්ඩට කොළා වගේ, මුං සර්ට හූ කිව්වොත් එහෙම??? දන්නැද්ද මේ ජාතියක් ජම්මයක් නැති උන්නේ ඕකෙ ඉන්න. ඇවරි බොහොම යටහත් පහත්ව අතුරු පුරස්නටක් යොමු කළා. ඒකට කාරි නෑ. අපි ගිහින් බලමුකෝ. මහ බබා වැඩේ ස්ථිර කළා.
මහ බබා කියාපු විදියට රටේ දක්සම දරු දැරියො ඉන්නේ විස්ස විද්‍යාලෙලු. මේ දස්සයන්ව ලෝක ළමා දිනය දවසේ දැක බලාගෙන අප්රමාණ චිත්ත ප්‍රීතියක් බුක්ති විඳීමේ නොනිත් ආසාව නිසා අනෙක් සියලු වැඩ පැත්තක තියලා උදේ පාන්දරින්ම චොපර් එකෙන් යුනියට එනව කියලයි එතුමා කීවෙ. මහ බබාගෙ මූණට බෑ කියන්න බැරි නිසා ඇවරිත් කබ පෙ‍ර පෙර ඇදෙන් නැඟිට්ට ගමන් ම යුනි ප්‍රාන්තයට ඇදුනා. බසයෙන් බැස්සා විතරයි දැකපු දෙයින් ඇවරිත් තක්බීර් වුනේ අඤ්ඤා මුඤ්ඤා කියාගෙන.

මහ බබා එන නිසා යුනිය ඉස්සරහ එක පෙළට යකඩ වැටවල් පෙළක් දාල හරි අපූරුවට සරසලා තිබුණා. ලොක්ක මට කිව්වෙ චොපර් එකේ එනව කියලනේ. ඇයි යකෝ රටේ මහ එකා තමුන්ගෙ දෙපා මුලට එද්දි මුං තොරං බැඳලා පිළිගන්න එපෑයැ. අර කුණු ප්‍රෙෂාලටත් මුන්ට තොරන් බඳින්න ඇහැකි. පෙනේ ද මුන්ගෙ උජාරුව. මහපොලින් ම කාලා ගුණේ තියන්නැති හැටි. කෝ මේ කවුන්සිලේ ලොකු ලොක්කෝ. ඇවරිට අසූ හාරදාහට මල පැන්නා. වැඩි දුරක් යන්න හම්බුනේ නෑ කිරිබත්ගොඩ ඕ.අයි.සී ප්‍රියන්ත මහත්තයා ඇවරි ළඟට ආවා. මොකක්ද ඔෆිසර් මේ කොරලා තියෙන්නේ...??? ඇවරිගේ කතාවේ හැටියට බාල්දියක් පෙරලිච්ච බව දැනගෙන එතුමා නිදහසට කරුණු කිව්වා.

ඇයි සර්? අපි හැම පැත්තෙන් ම ආරක්ෂාව තර කරලා තියෙන්නේ. උඩට යන හැමෝගෙ ම කැම්පස් අයි.ඩී චෙක් කරනවා. වාහන වල යුනිවර්සිටි කාර් පාස් එක නැත්නම් චෙක් කරනවා. ඉස්සරහා ෆෙන්සස් හැට හැත්තෑවක් දාලා තියෙනවා. පෑලියගොඩ, කඩවත, කිරිඳිවැල, සපුගස්කන්ද, මාලිගාවත්ත, වටේ ම යුනිට්ස් බස්සලා තියෙනවා. අමරතව ටෙරා යුනිට් එකේ පන්සීයක් විතර සිවිල් පිටත් දාල ඉන්නෙ. හරි හරි මං නෑ කිව්වෙ නෑනේ. ඒත් කෝ හමුදාව මං කිව්වේ ආර්ම්ඩ් ෆෝසස්. මොකද මේ කාකි කුක්කෝ හිටියට මුන්ට හදිස්සියට වෙඩිල්ලක් තියලා එකෙක් මරාගන්නවත් බෑනේ....????? දන්නවනේ මෙතන ඉන්න එකාලගේ හැටි. හෙඩ් ක්වාර්ටර්ස් කතා කරලා මට ප්ලැටූන් එකක්  ගෙන්නවා. මේ මතක ඇතුව ස්නයිෆර් කස්ටියක් හොඳේ. ඔය වෙඩි සද්දෙ ඇහෙන එක තමා ලොකු ම අවුල. එහෙනම් මං ඇතුළට යනවා.  
මහ බබා එන්න තව වෙලාව තියෙන නිසා ඇවරි අවට කටයුතු සියල්ල හොඳින් සිදු වෙනව ද කියලා හොයා බැලුවා. මුලින් ම කැලණි බෝධියට මල් වට්ටියක් පූජා කරලා පස්සෙ ධර්මාලෝකෙට ගිහින් මේන් ෆන්ෂන් එකට සෙට් වෙන හැටියට ගහලා තිබුණ ප්ලෑනට ඇවරි ඕකේ එක දුන්නා. අනේ ඉතිං මේ ඓතිහාසික අවස්ථාවේ සාඩම්බර සාක්කිකාරයෙක් වීම ගැන ඇවරිට තිබුණෙ ‍ජාතික අබිමානයක්. වැඩේ නන්න පෝල් වුනේ හදිසියේ ආපු රේඩියෝ මෙසේජ් එකක් නිසා. ඉන් කියැවුනේ මහ බබාට නොවැළැක්විය හැකි හේතුවක් නිසා එන්න වෙන්නෑ කියන එක. ඊටත් භයානක කතාව ආරංචි වුනා ම ඇවරිටත් එලෝ පොල් මොලෝ පේන්න ගත්තා.

කොහොමින් කොහොම හරි මහ බබා තුමා නොඑන බව ආරංචි වුන කැලණියේ විස්ස විජ්ජාලකාරයො රටේ ප්‍රධානියා විසින් තමුන්ගේ උත්තරීතර දිනයේ තමුන්ට කොරපු මේ නව නිංගිරාවට පළිගන්න කියලා හිතාගෙන ඒ ඩිංගට උද්ඝෝෂණයක් කරන්න ප්ලෑනක් ගහලා. අනේ ද කියන්නේ මුංගේ තරමට ද වැඩ හෑ....????

රටේ ජනතාවට වැඩියෙන් දනවන්න ඒකට උන් ඔය නේවාසිකාගාරවල, දේශන ශාලාවල තියෙන පුංචි පුංචි අඩුපාඩු එහෙමත් ඈඳගෙන ඇති බවයි ඇවරිගේ බුද්ධි අංශ අනාවරණය කළේ. උන්ට ගිය රට කිව්වලු. හරි කොරලා බලමුකෝ එහෙනම්. වහාම ක්රියාත්මක වුන ඇවරි මුලින් ම කළේ ස්නයිපර් සෙට් එක ආවද කියලා බලපු එක. ප්‍රතිචාරය සතුටුදායකයි. හරි මේකෙ කොන්ද පණ තියෙන එකෙක් ඉන්නව නම් ස්ට්‍රැයික් කොරපල්ලා. ගේම් නම් ගේම්. යකෝ කොටි මරපු අපට කැම්පස් උන් මොන කජ්ජක් ද? දේශානුරාගයෙන් ඔද වැඩුනු ඇවරි අභීත සිංහ නාදයක් හේම දාලා පොඩි මුට්ටියක් දාලා බැලුවා.

විනාඩි දෙකක් යන්න ඉස්සෙල්ලා ස්ට්‍රැයික් එක කැන්සල්.... හහ් හහ් ඒ මදිවට සංජීව කොලුවා සිදුවුන අපහසුතාවය ගැන කියලා ඒකාබද්ධ නිවේදනයක් දාලා සමාවත් අරගෙන. කමක් නෑ. කමක් නෑ පුතා. අපිත් කැම්පස් යන කාලෙ ඔහොම පොඩි පොඩි ආතල් ගත්තා. තාම නොදරුවොනේ. හැබැයි පුතෝ ඔහොම හික් මීයාවගේ දැන් ෂේප් වෙලා ගිහිල්ලා තව ටික දවසකින් අඛණ්ඩ පන්ති වර්ජනයක් වගේ අලුකුත්තේරු වැඩක් හේම කරන්නේ නෑ හරිය. අනික පුතේ මහ බබාට කියල කෝටියක් වැඩ නොවැ. උඹ වෙනුවෙන් එතුමට උපරිමයට කරන්න පුළුවන් ඔය කෙළමෝලෙන් උඹලා ස්ට්‍රැයික් කොරන වෙලාවක දී හදිසි නීතිය පිටින් දාල උණ්ඩයක් පත්තු කරන්න කියන එක විතරයි. කාරි නෑ. කාරි නෑ. දැන් පළයල්ලා.


අවසානයේ දී තව රාජකාරී වැඩකට යන්න කලින් ආපු පොලිස් කාකීස්ලත් එක්ක සතුටු සාමීචියක් පවත්වන්න ඇවරි අමතක කළේ නෑ.‍ කොල්ලො ටිකත් පට්ට කට්ටක් තමා කෑවෙ. උඹලටත් හරි ආතල් නේ කැම්පස් කෙල්ලො බල බල ඉන්න එක??? නැතුව සර්. ස්ථානයේ හිටියනම් අර ඩබ්ලිව් පී සීලා විතරනේ. එහෙම ද මෙහේ...???? හරි හරි හවස් වෙනකම් නොයිඳ යනවලා. සියල්ලන්ට ම සුබ පැතූ ඇවරි තුමා ලෝක ළමා දිනය දා මහරජ ගොන් පාර්ට් එකක් රඟපාලා අහවර කළේ ඕන් ඔය ආකාරයට...... 

දාන හිට්ස්.. පළමු උල්ලාසය

පසුගිය දවස්වල ඇවරිගේ මුත්තණුවන්ගේ දානය යෙදී තිබුණු බව හැමෝම දන්නවා ඇති නොවැ.සුපුරුදු පරිදි රාජකාරිය අහවර කරල ලැවිනියාවෙන් කොට්ටාව බසයට ගොඩවුනාට මොක ද පිළියන්දලට ආවම ලංගම ෂටල් සර්විස් එකකට මාරු වෙන්න සිදු වුනා. කොට්ටාව හන්දියට ඇවිත් බෝගහ පේන මානයට වෙ
චෙෆ් ඈවර විතාන ඉන් ඇක්ෂන්
ලා හීතල සුළඟට මුහු වෙන්න සින්දුවක් මුමුණන අතරේ ඇවරිගේ කළුබෙරිය නාද වුනා. අනේ නලින මට ටිපි ටිප් පැකට් එකක් ඕන. තව මගට කන්න මොනවා ගත්තොත් හොඳ වෙයි නේ...?? දඩයක් දඩයක් ලොල්. අනේ ඉතිං නෑනච්චිගේ ආසවනේ කියලා ලාෆ් සුපර් මාර්කට්ටුවට ගොඩ වෙලා හපන්න ජාති ටිකක් ගත්තා.

දැන් අපි දක්ෂිණ අධිවේගී මාර්ගයේ. ඇතුලට දැම්මත් හරි නා කපනා වැස්ස. ඔය වැස්ස විනාඩි විස්සක් තියෙන්නෑ. කීයක් ඔට්ටු ද? මොක ද මුල් විනාඩි දහයෙන් අපි පළවෙනි සමෝච්ච රේඛා කලාපය පහු කරනවා. ඒකටත් වැස්සොත් වැඩේ අවුල්. ළඟදි ඩිග්රිය ගත්තු ජෙයොග්‍රොපා ප්‍රොපා ටෝකක් දුන්නා. මෑන්ස්ට අනුව හයිවේ එකේ එහෙම සමෝච්ච රේඛා කලාප හයක් විතර තියේලු. හූනෝස් කියාගෙන අපිත් දුර ඇදුනා.

හයිවේ එකේ හුවමාරු වලදී ඇත්තටම වාහන හරි මිනිස්සු හරි හුවමාරු වෙනවා කියලා හිතාන මේ හැටට හැටේ පාගල යන වාහනේ ඉදිරි අසුනේ ම හිඳිමින් ‘අනේ ටිකක් ස්ලෝ කරන්න ඒයි.... ඔය ඉස්සරහ හුවමාරුවක් කියලා තිබුණේ.. කියාපු සබරගමුවේ මිණි කැටයක් වගේ ම හයිවේ දෙපස භූ දර්ශන බලමින් සැපට වායුසමීකරණය කළ පැජරෝවේ යද්දි “ෂා මේ පළාත ලස්සනයි වගේ ම දේශගුණේත් හරි සනීපයි නේ.“ කියපු ඔස්තාර් කෙනෙක් ගැනත් කතාවක් වාර්තා වෙලා තිබුණා.     
කොහොමින් කොහොම හරි අපි කුරුදුගහට ළං වුනාය කියමුකෝ. දැන් දානයට අදාළ සාමාන්‍ය වැඩ පිළිවෙළ ගැන කස්ටිය කතිකාවක.
හෙඩ් ඔෆ් ද ෆ්රුට් සැලඩ්

දැන් අපි යද්දි බණ අහවර වෙලා කස්ටිය කකා ඇති. රෑට සින්දු කියලා වල් පල් කතා කර කර හිටියොත් තොපි ඔක්කොම නැගිටිද්දි හෙට දවල් වේවි. ඔන්න ඒ වෙනකොට උදේ කෑමට තිබුණ කැකුළු බතුයි, කිරි හොදියි, කට්ට සම්බෝලෙයි ඉවරයි. ශාන්ති පුංචි අපිට බැන බැන පොල් සම්බෝලයක් හදන් ඇවිත් හැමෝටම අනලා කවාවි. දවල් වුනා ම චූටි මාම ඉස්කෝලෙන් ඩෙස් බංකු ටික ගේන්න කොල්ලන්ව පිටත් කරාවි. ඔය අතරේ පතිරගේ මාම ( ඇවරිගේ පියාණන්) පලතුරු ටික කපන්න හොයාවි. ඉතිරි පළතුරු ටිකෙන් සැලඩ් හදන්න අණ කරාවි. වස්තු පුංචි එන අමුත්තන්ට මේසය හදන්න චූටාට (ඇවරිගේ සහෝදරතුමා) පවරාවි. ආදී වශයෙන් එක් එක් පාත්‍රයන්ගේ ජවනිකා මෙනෙහි කිරීම එහි දී සිදු වුනා. අපේ දිගු දාන ඉතිහාසය තුළ දැන් ඒ ඒ වැඩට විශේෂ ප්‍රාගුන්‍ය ලද පිරිසක් නිර්මාණය වෙලා තියෙන නිසා දැන් හැමෝට ම එය පුරුද්දක් වෙලා. ඇවරිගේ පියාණන් පලතුරු අංශයේ චීෆ් වගේ ම හෙඩ් ඔෆ් ද ෆ්රුට් සැලඩ්. අප්පච්චිගේ පුෂ් එකට අපි හදන පළතුරු සලාදය කවදාමත් අපිට කන්න ඉතුරු වෙන්නේ ම නෑ. එච්චරට ඩිමාන්ඩ්. හැබැයි හදන ආකාරය සියැසින් දැක්කොත් කවුරුත් කටේ තියන්නෙත් නෑ හරිය.
එදා දානයේ මැක්ස් හිට් එක වුනේ රාත්තිරියේ පැවති බයිට් සාදය. අපි සාලයේ පැදුර දාගෙන දහ අටේ කල්ලියේ එකිනෙකාගේ රීරි මාංස උන්ගේ ම ඇඟේ තියා කපා ගැනීමයි මේ තීරයේ සිදු වුනේ. මේ දිනවල අලුත පෙම් පළහිලව් පටන් ගත්තු කෝඩුකාර ආදර අන්දර වගේ ම දැන් ළමයි ඉන්න අයියලා අක්කලාගෙත් කිල්ලෝටගත ප්‍රේම ජවනිකා වේදිකාගත වන අවස්ථාවයි එහි එළඹ තිබුණේ.

සූටාගේ සාටරය
වැඩි අවධානය කෝඩුකාරයන්ට කිව්වනේ. එතැන හිට්ම කතාව මේ දිනවල බොහෝ ජනප්‍රිය ඇවරිගේ සහෝදර පරාණය. හැමෝ ම ආදරේට ඔහුට කියන්නෙ සූටා කියලයි. මේ සූටාගේ සාටරය. 
සූටා මහතා අතිනත ගත දැරිවිය කැලණි වි.විද්‍යාල ශිෂ්‍යාවක්. ඇගේ බරසාර බෑගයත් ඔසවාගෙන කැලණි කන්ද නගිනාකාරය අපේ බාප්පත් පුංචත් සියැසින් දුටු නිසා ඒ ජවනිකාව ජයා ද මෑන්ස් (ජයතිලක බාප්පු) විසින් රඟ දැක්වීමයි මුල් ම කටගැස්ම. “මුං ජිම් ගිහින් ඇඟ හදාගෙන කෙල්ලන්ට බෑග් උස්සනවා. මේ.....න් මෙහෙම යන්නේ. අර බර අඩි තිය තිය ආමස්ට්‍රෝන්ග් හඳේ ගියා වගේ.....“ ජොනතන් ජයා චරිතාංග නළුවෙක් වගේ රඟපාලා පෙන්නද්දි කට්ටිය බඩ අල්ලන් හිනාව.        
අපේ මල්ලා හොඳට ඇඟපත තියෙන හාදයනේ. ඉතිං දවසක් යුනි ගියාම අර නඟාගෙ යාළුවො මරු කතාවක් හදලා අපේ නෑදෑ වෙන ආචාර්ය සමන් මහතාට මෙහෙම රෙකමදාරුවක් දීලා තියෙනවා. “සර්... අර කෙල්ලගේ ගමේ කොල්ලා අද කැම්පස් ආවනේ.... කොණ්ඩේ රැලි කරපු. මේන් මෙහෙම ඇඟ තියෙන (පපුව පුම්බමින්) හයේ හතරේ පොරක්.“ කොහොම හරි ගමේ වැල, ගමේ කපුටන්ට කියලා කතාවක් තියෙන නිසා අපේ මෑන්ස්ටත් කැම්පස් කොල්ලන්ගෙන් තගක් ආවලු. මිනිහා බීච් පාර්ටි එකක් දාලා වැඩේ ෂේප් කරගත්තා කියලයි කියවෙන්නේ.

අර නඟාත් මහ ගෙවල් කිට්ටුව නිසා අපේ මලයා නිතර අම්බලන්ගොඩ එවෙනවා. දැන් ගමේ බස්වල කොන්දො අපේ මල්ලිගේ බුදු බොකවල්ලු. පළවෙනි දවසේ දන්නැති කමට රුපියල් පණහක් දීලා දැන් හැමදාම පණහේ ඉතුරු ඉල්ලන්නැති නිසා මෑන්ස් වී.අයී.පී වෙලාලු. ඕන්න බලපං පුතේ ගමේ අපට නැති සැලකිලිනේ මූට ලැබෙන්නේ කියලා ධර්මසිරි මාමත් මලයාව චොප්ප චෝ.... කරලා දාපි.
එයා ෆේස්බුක් නෑනේ....?

කවදත් නිහඬ චරිතයක් වුන විසංකා තමා මීළඟ කටගැස්ම වුනේ. ඇයම විසින් විදින ලද කරුණු කිහිපයකින් ගොඩ නඟන ලද කතාව මේ මෙහෙමයි. තවමත් අම්මා ලවා හුරතලේට බත් කවා ගනිද්දි අපේ ලොකු අක්කා කීවලු “දැන් ඔහොම කවාගෙන බෑ නංගි, උයලා කවන්නත් කෙනෙක් හොයා ගන්න වෙයි කියලා.“ ඉතිං එයා මට කවනවනේ.... කියලා දැරිවි ගත් කටටම කීවලු. ෂෙරිනි නංගිට මෙහෙම දුස්රාවක් දැම්මම වෙන්න බෑ එයා ෆේස්බුක් නෑනේ.... කියලා කිව්වලු.

 කාටත් බයිට් දාන භාත්කණ්ඩේ හෙවත් පමිද චාටර් වුනේ අවමගුලේ නිල වීඩියෝ සංස්කරණය අතර තුර එස්. එම්. එස් කොටන්න ගිහින්. පොර අදාළ දැරිවිගේ හැටියට පෙන්වන හැම ඡායාරූපයක ම අඩුම තරමේ දෙතුන්දෙනෙක් ඉන්න නිසා, හැමෝ ම හරි කෙනා කවුද කියලා අහනවා. “මේ කෙල්ල තනියම පොටෝවලට  ඉන්න කැමති නෑනේ බං.“ කියලා ජාමේ බේරගත්තාට අවසානයේ ඒ පොටෝ එක ක්රොප් කරලා පෙන්නන්න පොරට සිද්ද වුනා.


ඔය අතරේ හීනියට කහට වඩියක් කැරකුනා. හාල්මැස්සන් ඔළු කැඩීමේ ජාතික ව්‍යාපාරයට සහය පළ කරන හැටියට ඉල්ලා සිටිමින් බින්දු අම්මා (ඇවරිගේ ලොකු නැන්දා) සීන් එකට එන්ටර් වෙන්නේ මේ වෙලාවෙ. කස්ටිය මේ දහ අටට අඩු ඇත්තිගෙන් විනෝද සමයට බාධාවක් වෙයි කියලා මුලින් බර බරයක් දැම්මත් පස්සෙ හරි ආදරයෙන් ඈ එක් කරගත්තා. “අප්පා හාල් මැස්සො අල්ලන්න මට නං බෑ. දැන් නාල ආව විතරයි. බවලතෙක් නාහෙන් අ‍ඬන්න තියා ගත්තා ම ඔයා වගේ ම මුනුත් ඇති වෙන්න ලුණු වතුරෙන් නාල ඉන්නේ රත්තරං මූදෙනේ හිටියේ.... කියලා චමිත අයියා ඒ වැඩේට තමන්ගේ හුවමාරු නෝනවත් හවුල් කරගත්තා.   

Saturday, September 28, 2013

ඈ හා ගී ගැයු පාරාදීසේ හී.....


මේ පෝස්ටුව ලියැවෙන්නේ ඇවරි අවසාන වශයෙන් ඈ හා ගී ගැයු පාරාදීසය වෙත යාම පිළිබඳ ආවර්ජනයක් හැටියට. දැන් කවුරුත් දන්න කතාන්ද්රස් එකේ හැටියට විස්ස විජ්ජාලෙට යන්නේ ඩිගරි කඩදහිය ගන්න නම් අපි ඒකත් කොළා ඕං හේනං.. හරිය. ඉතිං අරුමැක්කේ කැලණි කන්ද ගාටන්න ආයෙ අපිට ඕන වෙන එකක් නෑ. අද සලාදය කාලෙකට පස්සෙ ඇවරි සෙඩියුලයක් නැතිව ලක ලැහැත්ති වෙලා කැම්පස් යාම ගැන ලියන්න වෙන් කළාට මොකද වල් පල් හේමත් බර සාරෙට.



Photo: ◄ SHARE If you LOVE to spend time here. ►
← Like our page https://www.facebook.com/patuok →
උදේ හත වෙද්දි නැගිටපු ඇවරි මුලින් ම කළේ අචාන්දර් පද්මාස්ගේ කාරයෙන් සොරාගන්නා ලද එම්.පී.ත්‍රී තැටිය ඇසීම. ඒක හරි අපූරු අත්දැකීමක් වුනේ, ඇවරි මෑණියන් තුමෝ ඇවරිව නළවන්න ගායනා කරනා කරන ලද හොඳම ගීත මේ තැටියේ අන්තර්ගත වූ නිසා. උදේ පාන්දරින් සියල් සතුන් නින්දෙන් නැගිටවීම පිළිබඳව නම් සුළු පක්ෂ එච්චර මනාප වුනේ නෑ. හැබැයි ඒ උන්දැලත් ඒ සින්දු වලට නැළවිලා තියෙන නිසා හැමෝ ම සාමූහික ගායනයේ යෙදිලා අන්තිමට වැඩේ ජෝගියක් වුන බව කියන්න ඕන.

මීළඟ අංකය වුනේ මනුරජ කුල පරම්පරා ප්‍රකාරව එදා වෙසමුණි රජ තෙමේ පබවත සිත් ගනු පිණිස දැරුවා වූ උපාය මාර්ගික පරිශ්‍රමයට ඇබැන්දකුදු නොවෙනස්ව ක්‍රියාවේ යොදවමින්, නිසඟයෙන් ම ලත් කෘතහස්ත හැන්ඩි ලීලාවෙන් අර අහිංසක දැරිවිය හබකට අසු කරගත් ඇවරිගේ එක කුස පිළිසිඳි සහෝදර පිට් එකට කපල් සිමයක් ගැනීමේ අවස්ථාව. ඒ සඳහා ඇවරි සිම්මල්ලාව කොටු කරගත්තේ මේන් මේ නම්බරයෙන්.  ඇවරි මෑන්ස්ගේ ප්‍රෙයෝරිටි කස්ටෙක් වෙලා දැන් ටිකක් කල්. මේ ඇවරි මිලදී ගන්න තුන්වන කපල් සිම් පැකේජය. 3000 ටයිම්ස් 3

අයි අයි අයියා... හේම කිව්වහම මගේ හෘද නාලිකා සිදුරු විසිදුරු කරගෙන ඇවිත් තියෙන රොමාන්තික ප්රේමාලිංගනයේ නොහොත් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය, එහෙමමත් නෙමෙයි කොටින් ම, නිකැළැල් ප්රේමයේ සීමා මායිම් මොනවට පැහැදිලි වෙනව නෙව ආයුබෝං. ඉතිං කාරි නෑ.

ඊළඟ රූප රාමුවේ දැක්වුනේ ඇවරි උපාධි ඡායාරූප ලබා ගැනීමේ පෝලිම නිරීක්ෂණය කරන අවස්ථාව. අප්පා බොහොම දිගයි නොවැ පෝලිම. සන්තෝසයි සියලු දෙනා පැමිණීම ගැන. දුකයි පැය ගාණක් තැපීමට සිදුවන වග පෙනී යාම මට...!!!!       
     
බාහිර පාර්ශවකරුවෙක් ඒ අවස්ථාව දිහා බලාන හිටිය නම් ඇවරිලා පෝලිම පැන්නාය කියාවි. ඔව් ඒ සාපේක්ෂ ඇත්ත. නමුත් නිරපේක්ෂ යථාර්ථය වුනේ ක්ලෝසත් මමත් අනුරාධපුර පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයාගේ ශීඝ්‍රගාමී කතා කෝච්චියෙන් බැසගත නොහී එතනැම ලග් ගැහීම. කෝච්චි කතා හමාර වෙනකොට අපේ පීල්ල නිකාන්ම පෝලිමට වැටිලා. දැන් ඉතිං වෙන කුමක් කරන්න ද? කියලා අපිත් ස්ලාන්ට් එකේ ඉදිරි පාදයෙන් ක්‍රීඩා කළා. හැබැයි මේ පෝලිමේ ගියාට මොක ද පින්තූර ගන්න ඕන කරන ලදු පත වත් ඇවරි ගෙනහැල්ලා නැහැ. මං ඉතිං එච්චරට හික්මුණු මිනිහනේ ඕං. යන්තම් එතන හිටි කෙලීට ලයින් පාරක් දාල පින්තූර ටික හොයාල ගත්තා. අන්න ඒ වෙලේට තමා රූපං නජීරතී කියන කතාවෙ ඇත්ත සන්න වෙන්නේ.
පින්තූර ලබාගැනීම වෙන ම ම ක්‍රියාන්විතයක් වගේ පෙනුනට ඇතුලේ උන්නු ළලනාවන් දෙදෙනා බොහෝ සීරුවට වැඩේ කළා ආයුබෝං. අපි උපාධි සහතිකය ගන්න පෝලිටත් පැන්නා ය කිව්වොත් සාධාරණයි. හැබැයි අපි එනකම් පෝලිමේ සාටරේ කාපු යානිට කළ උදව්වක් වශයෙන් අපි දෙදෙනා පෝලිමට එක් වීමු කියලා ලියැවුනොත් කවුරුත් තරහ වෙන්නැති වෙයි මයෙ හිතේ.

හත්වලාමයි ජරමර අස්සේ බර කරත්ත කියන්නා වගේ විදුලිය සිඳී කරන්ට් නැතිවී තිබුණෙ මේ වෙලාවෙ. උක්ත පළමු අංකය සඳහා අවශ්‍ය ඡායා පිටපත් ලබා ගැනීමේ දුස්කරතාවයෙන් ඇවරි සිටියදී කැම්පස් එක තුළ විදුලි ජනක මගින් විදුලිය ලබා දී ඇති බැවින් එහි යාම මැනවයි කියා ගණ දෙවි නුවණ පිහිටියා. අවුරුදු හතරක් කාගෙන බීගෙන හිටි තැනින් එහෙම දෙයක්වත් කරගන්න බැරි නම් මොන නව නිංගිරාවක් ද කියලා ඇවරි ඩිපාමන්ට් පැත්තට පය බුරුලෙන් තබා ගියා.
පළමුවෙන් ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය නිසා පළමු ඇමතුම චතූට. අර බල්ලන්ට සැලකූ කෙල්ල. නෑ නෑ මං කියන්නේ අර බල්ලන්ට කෑම දුන් කුමාරිකාව. ආර්ථික විද්‍යා පළමු පන්ති සාමාර්ථ්‍යක් ගත් ඇය දැන් ආධුනික කථිකාචාර්යවරියක්. නමුත් කරුමෙක මහත ඇය ගෙදර ගොසින්.

මීළඟ නැවතුම ඇවරිගේ දෙපාර්තමේන්තුව. වසා ඇත. කමෙන්ට්ස් නැත හරිය. තව අපේ අමන්දා මැතිනියගේ රාජ්ජයව පැවති, (පැවති හොඳේ ඔන්න) අයිමැටය. වසා ඇත. හ්ම්... හේනම් සුන්දර ලලනාවන් සපිරි නූතන භාෂා. එම සෙතේමය වසා ඇත. හේනම් පැණියාගේ ආලකමන්දාව හෙවත් ක්‍රීඩා හා විශාන්ති? විවෘතව පවතී එහෙත්, පැණියා කිරිබත්ගොඩ ය. අවසාන තුරුම්පුව සන්නිවේදන අධ්‍යයන අංශය. කිසිදා නොවසන බැවින් වසා නැත. නමුත් දන්නා කියනා ඩයලයක් ද නැත. ඒකටත් කම් නැත. ඇතුළට යා යුතුව ඇත.

මේ දිනවල අන්තර් ජාතික සම්මේලනයක් උදෙසා කැවියේ තින්න ගාන නිසා කස්ටියට වැඩ. ඇවරි මංඤං දන්න කියන ආචාර්යභවතුන්ගේ නම් ලිස්ට් එකක් ම කිව්වා ම ආ ධම්මික සර් නම් ඉන්නවා යැයි කියූ ඇය දොර හැරියාය. කාරණාව කියු සැණින් කරුණා පෙරදැරිව මිත්රත්වයේ හස්තය දිගු කළ ආචාර්ය ධම්මික මහතා ඇවරිට එම කටයුත්ත ඉතා කඩිනමින් කර දුනි.

දිවා ආහාරයට නවීකරණය කළ හිල්ටමේ මාළු කෑමය. පණහට අගේ ය. තිදෙනා ළඟ ම එක ම බත් පත බැවින් තනි තනිව ලිහාගෙන කාගෙන ගියෙමු. මට මතක හැටියට අප වෙන්ව කෑ එක ම කෑම වේල එය විය යුතු ය. පෙර හැම විට ම අනෙකාගේ අත මාගේ පතේ ය. පසුව ආ ලයිටාට ද එය සෑහීම අපගේ සැනසීමට හේතුවිය. වල් පල් නම් එතරම් හොඳ නැත. පෙතියාගොඩ ගිනි ගන්නට නොහැක. කැලණි නදිය අත ළඟ ය. හේ නා..??? කාරණාව බරපතල මුත් සැබෑය. මේ ඉර හඳ පායන ලෝකේ ය. වල ඉහ ගැනීමට හොඳ කල ය. මට හොඳ නම් තොටත් හොඳ විය යුතුම ය.

ඉරිදා (28) උදේ තරගය. මගේ දැරිවියන් මා වෙනුවෙන් පෙරමග ය. පස්ස කඩා ගත් කඩියා කෙලින් ම පන්සලට- කාලකින් ඇගෙන් ලද ගැරහුම් ය. කොන්ත්‍රාත්තුවක් භාර විය. නිම වන විට රාත්තිරි අට ය. දවසත් නිම වූ සේම නැවත ගී ගයන්නට පාරාදීසයක් ද නොවනු ඇත. ඊට හේතුව ද තතු දන්නෝ ම දනු ඇත.