All what she said.... |
ගිය සිකුරාදා මට ආපු ඇමතුමකින් කියැවුනේ
සෙනසුරාදා හොබිට් බලන්නට එන්නැයි කියලා. මං කපුටු ව්‍රතය අනුගමනය කරමින්, යේච දූරේ
වසන්ති අවිදූරේ ඉන්න සියලු ජනී ජනයා වෙත ඉවෙන්ටය සැල කළා. හා කියපු කස්ටියට වඩා බෑ
කී අය වැඩියි. කාක් කාක් ගාන්න වැයවුණේ කෙටි පණිවිඩ කිහිපයක් නිසා අවුලක් ම නෑ. මේ
ළඟ දි මැරි කරපු අංගනාවකටත් මං ඇමතුමක් ගත්තා.
පැමිණීම නිල වශයෙන් තහවුරු නොකළ එතුමිය
පහුවදාට දන්වන බව කීවත් උදේ දහය පමණ වන තෙක් ම පිළිතුරක් නැති නිසා මං ඇමතුමක්
ගත්තා. අම්මෝ හොබිට් බලන්න තනියෙන් යන්න බෑ බං. මං විතරයි නේ කෙල්ලෙක්ට ඉන්නේ....
ඇය තර්කයක් ගෙනාවා. තනියම නෙමෙයි හලෝ මමයි, සුගියයි, ගයියයි යනවා. ඇරත් තමුන් දැන්
කෙල්ලෙක් නෙමෙයි නේ...??? මං විපක්ෂව තර්කය කළා. ආන් ඒක තමා මිනිහෝ කියන්නේ දැන්
මං බැඳලා. දැන් එහෙම කොල්ලොත් එක්ක එකට යන්න බෑ........ අංගනාව බොහොම බර සාරෙට
කීවා.
ආංංං විසාකාව එහෙම කියමු. (ඒක අහලා මට තනිටම
හිනා) උඹලට බඳින්න කලින් තමා කොල්ලොත් එක්ක එකට යන්න පුළුවන් නේ... ඒ තර්කෙත්
නිවැරදියි. එහෙම ගිය නිසානේ බඳින්න වුනේ නේද???? ඒත් බලපං දැන් උඹ කලින් කිව්
කාරණා දෙක ම වැරදියි නේ???? හා හා හේනම් ගෙදර හිටින්. අපි යන්නම්. මේ අංගනාව කවුද
කියලා නම් අහන්න එපා හරිය.
අපි තුන්දෙනා තුන් පැත්තකින් කොළඹ කොටුවට
ආවා. සුගී මට කලින් ඇවිත් ඉස්ටේසමේ ‘ක‘ යන්න යට හිටන් හිටියා. ගයියා පරක්කුවෙන
අතරේ මට පැවරුණු සාමූහික වගකීමක් ඉටු කරන්නටත් සිද්ද වුනා. ඒ අපේ තුරුණු ශත්තී
ළපටි පෙළ සංවිධානය කරන ශ්‍රී පාද වන්දනා ගමන සඳහා කොළඹ සිට හැටන් දක්වා නිදන
මැදිරි ආසන වෙන් කරවා ගැනීම. එස්.එම් වරයකුගේ අංකය ඇමතූ අපි ආසන වෙන්වී ඇති ආකාරය
ගැන කළ සොයා බැලීමේ දී එකම මැදිරියේ ආසන 36ක් ඉතිරි වී තිබුණෙන් ඒ සියල්ල ලොක් කරන
ලෙස මිතුරු නිලධාරියාට දන්වා තුන් යහළු වික්‍රමය සඳහා තෝරා ගැනීම හොබිට් වෙතින්
රොබෝකොප් වෙත මාරුවූයෙන් සැවෝයි සිනමාහල වෙත පිටත් වුනා.
මොරටු බසයක නැඟී ඩි මැල් මාවත පුරාවට
රියදුරු තැනට අනේක වාරයක් හිතින් බණිමින් ඉබි ගමනින් ඉදිරියට ඇදෙන රථ දෙස බලා
හූල්ලපු අපි කිලෝ ජූල් ගණනාවක ශක්තිය සෙනඟ අතරේ තෙරපෙමින් විනාඩි විස්සක් වැනි
කෙටි කාලයක් තුළ නිර්ලෝභීව වියදම් කළ බවත්
කියන්න ඕන. අවසානයේ සැවෝයි වෙත කඩා පාත් වුනු අපි ඉක්මණින් ටිකට් කවුන්ටර වෙත ගියත්
රොබෝකොප් 2D එහි පෙන්වන
බවයි කියැවුනේ. නැවතත් හොබිට් බැලීමේ අදහස මතු වුවත් ද්විමාන හෝ රොබෝකොප් නේ යැයි
කියමින් ගැලරියේ අසුන් ගත්තා.
චිත්‍රපයට නිම වූ පසු දුම්රියපොල පාර ඔස්සේ
වෙරළට සේන්දු වූ අපි වෙරළ දිගේ දුම්රියපොල දක්වා ඇවිද ආවා. සතියට වරක් දෙවරක්
විවාහක යුවළක් සමඟ පොටෝ කෑල්ලක් අල්ලාගන්න මේ වෙරළට එන ගයියා වෙල්ලවත්ත මුහුදුකරයේ
හොඳ ම ලොකේෂන් ටික අපිට දැක ගන්නට සැලැස්සුවා. ඒ අතරේ මගේ උගත් සිනමා විචාරක දෙපළ
චිත්තරපටයේ වගපල බොහෝ හොඳින් විග්‍රහ කළා. දෙදෙනාගේ සාමූහික මතය වුනේ ඊට වඩා දෙයක්
කළ හැකිව තිබූ බවයි. අනික් අතට ලංකාවේ පොලිසීයේ පමණක් නොව පරමාදර්ශී ලෝක රාජ්‍ජයේ
ද පොලීසිය අල්ලස් ගැනීම ගැන ඔවුන් බරට සාකච්චා කළා.
කාලෙකින් රෝස් පාන් කන්නට අවස්ථාවක් ලැබුණා.
ඒ අතරේ පහුවදා මගේ දහම් පාසලේ පාඩමට අදාළ වැලන්ටයින් සහ යසෝදරාවත ගැන මේ උගතුන්
දෙපළගේ අදහස් විමසීමටත් මං අමතක කළේ නෑ. එහි දී නිර්දය ලෙස වැලන්ටයින්
විවේචනය කළ පණ්ඩිතයන් මා විසින් සිදුහත්-වැලන්ටයින්කරණය පිළිබඳ දැඩි දෝෂාරෝපණයක්
එල්ල කිරීමෙන් කුස ජාතක ප්‍රේම කාව්‍යය මුල් කරගෙන මගේ ඉදිරිපත් කිරීම සිදු කිරීමට
මං තීරණය කළා. ඊට අමතරව පාඩමට ආලකාවේ සිර කළ රකුස් තෙමේ ලියූ මේඝ දූත මහා කාව්‍යයේ
උපුටනයන් සහිතව ඉදිරිපත් කිරීමෙන් දරුවන් අතර පහසුවෙන් වීරයා වෙන්න මට පුළුවන්
වුනා. එහි දී වැලන්ටයින් පිළිබඳ කිසිදු සඳහනක් නොකිරීම මගේ වාසියට හේතු වූ අතර ඔවුන්ට
යථාර්ථය අවබෝධ කරවීමටත්, උසස් රසිකත්වයක් ලබා දීමටත් මිතුරන් දෙපළගේ විවේචන හේතුවූ
බව ලිවිය යුතුමයි. එසේ නොමැතිව කට පරිස්සම් නැති කමින් යසෝදරාවත හා පටලවාගෙන මා හොට
පටලවා ගන්නට බොහෝ ඉඩකඩ තිබුණා. (මේ ගැන වෙන පෝස්ටුවක් ලියවෙනු ඇත)
සුගී හා ගයි මා සමඟ නැවත කොටුව දුම්රිය
ස්ථානයට පැමිණ ආසන වෙන් කිරීම නිම කිරීමට සහය වූහ. ඒ කලකින් මා ගත කළ සොඳුරු
සැන්දෑවක් විය. තවමත් විශ්ව විද්‍යාල සිසුන් යැයි සිතා තර්ක කරමින් මත ප්‍රකාශනයෙහි
ලා ආක්‍රමණශීලී වූ අපි අවසන නිවැරදි යැයි සැමට පිළිගත හැකි මානයක නතර වීමු.
කාලය වියැකී ගිය ද මිතුරන් හා ඔවුන්ගේ මතවාද වෙනස් නොවන බව මම ඉඳුරා පසක් කර
ගතිමි. ගිය සෙනසුරාදා මා දවස ගෙවා දැමූ අයි මැට් ස්ටුඩියෝ හී හමු වූ අලුතා කෙරෙහි
ද මේ ප්‍රකාශනය වලංගු ය. අර කලින් මං බැඳලා යැයි කී අංගනාව විෂයෙහි ද එය එසේ මය.