මේ දවස්වල බුකිය පුරා
වයිරල් වෙන අර සප්‍රයිස් ප්‍රොපෝසල් කෑල්ල අපේ කස්ටිය බලලා ඇති නොවැ. ඒ සම්බන්ධයෙන්
සදාචාරවාදීන්, සංස්කෘතිය පිළිබඳ විද්වතුන් දක්වන අදහස් උදහස් අතරින් පතර ගිය
ඇවරිට ඒ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක නොසිටියත් රමොද් මාලකගේ කූල්-ස්ටෙප් බ්‍රෑන්ඩ්
එකක් හැටියට රෙජිස්ටර් වුනා. රමෝද් ගන්න ගාණට වටින වැඩක් කරනවා. ඇවරි දැකපු එක ම
සාධනීය කාරණාව එච්චරයි. ඒ හැරෙන්න වටිනා දෙයක් එහි නෑ. ඇවරි හිතන විදියට. සමහරුන්ට
එහෙම නොවෙන්න පුළුවන්. කොහොම නමුත් කලින් ප්ලෑන් කරලා හරි අපමණ ආදරණීය විදියට ප්‍රොපොස්
කරන පෙම්වතුන් සිටිනා මෙවන් මඟුල් සක්වලක බඳින්න කලින් ඉඳන් ම වදක බාරියගේ චරිතයට
රඟපාන ලද උත්තමාවියන් සිටින බවත් සලාදය හරහාවත් හුදී ජනයාට හෙළිදරව් කරීමේ භාරදූර
කාර්යට ඇවරිතුමා දායක වෙන්න හිතුවා.
මැයි ජුනි කියන්නේ ඉතිං මංගල මාස කියලා
අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඇවරිටත් ලැබුණු ආරාධනා අතුරින් බොහෝ ප්‍රමාණයක් ඇවරිගේ
සයිමා කට් රීතිය යටතේ සහභාගී වුනා. ඇවරිගේ බෝම හිතවත් දායිකා රත්නයක් හිටියා
පොඩ්ඩක් ඔළුව අවුල්. හැබැයි පිටින් බැලුව ම ඒම කියන්න බෑ හරියට ස්නෝවයිට් වගේ
සීදේවී කුමාරිකාවි. ඔව් ආයුබෝන් පාරේ යද්දි ඈ තාර කාවී.... ආහ් ඔබට මතක ඇති ඇය පාර
පනින්න ගිහින් ටිපර්කාරයෙකුට අඩ තියපු සීන් එක්ක සලාදෙ තියෙනවා. මේ කෙල්ලත් ඉඳලා ඉඳලා
මේ පොසොන් මාසෙ ම කළු ගලේ ඔළුව හප්පාගත්ත නෙව. කළු ගලේ ම නෙමෙයි පින්වතුනි ඒක මෙත්
මලේ...!! හරියට ම කිව්වොත් මෙත් මල් විලේ සමසුන් දරා මකරන්ද විහිදුවා විකසිත වුනා.
ආහ් එහෙම ද ආස??
ඔව් අද ඕපදූපාව එතුමිය ගැන තමා. සඳ වතැති,
ස්ට්‍රේට් කළ කෙසැති, බැරල් සිරුරැති, කුළුණුබර හදැති, පූසන්ට හිතැති ඔය හැම එකට ම
වඩා කුජීත පඩික්කම් කටැති ඩිග්‍රිය නිසා නොවේ නම් උගත් යැයි සැලකිය නොහැකි, අපේ
අනුරාධි විජේරත්න කුල දැරිවිය දාහකින් වත් හොයා ගන්න බැරි මුවකින් කියා නිම නොහෙන
කඩසවම් දේහධාරී, (තෝඩී මෝටි හේ වෝ) මෙත්මල් ද සිල්වා කුල කුමරුවාණන් හා අතිනත
ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවති මංගල සාදයටත් ඇවරි පළමුවෙනිදා ම සහභාගී වුනා.
ඇගේ ආරාධනාව නම් ඇවරිට ම හදපු එකක් වගේ පෙනුනේ සේව් ද ඩේට් යනුවෙන් සඳහන් කර තිබූ
නිසා.
හැබැයි ඇවරි නම් දැන් පුරුද්දක් වශයෙන්
ඩේට්ස් සේව් කරන්නෑ. කන්ටැක්ට් එකත් ඩිලීට් කරලා චැට් හිස්ට්රියත් රිමූව් කරනවා
මිසක්. ලොල්... මිනිසුන් ලෝකය වටහා ගන්නේ තම පුරුදු හා ඇබ්බැහිවීම් මතය කියලා
කොහේදෝ තැනක ලියැවිලා තියෙනවා ඇවරි කියෙව්වා. දේසේ හැටියට බාසේලු නේ ඉතිං හා ද?
මැයි තිස් එක බදාදාවේ ජාම වෙලාවට ඇවරිට
මැසෙන්ජරයේ පණිවිඩයක් එවන අනුවෝ ඇවරි හෙට ටෝස්ට් එක කරනවනේ කියලා ඇහුවා. නියම
විදියට ඒ වෙද්දි ඈ සැලොන් එකේ ඉන්න ඕන. උඹ අඳින්නෙ නැද්ද බං?? දැන් එකත් වෙලා..
හරි බං මේකප් ඉවරයි. වැඩේ කෙරෙනවා නේහ්? අනිවා සුදූ කිව්වාට ඇවරි මුකුත් ම කරලා
තිබුනේ නෑ. හැබැයි ඉතිං ගමේ වැඩේ නිසා වදන් ටිකක් කාරිය ගළපලා තියාලා ඇවරි සයන
තේවාවට සැපත් වුනා. උදේ පාන්දරින් ඇවරි ලෑස්තිවෙලා ඉන්ටර්සිටියක කට කපා නිදා
ගත්තා. ඒ නින්දට ගහන්න නින්නදක් නෑ ඉතිං.
කොහොම හරි
ඇවරි උක්සව ශාලාවට සැපත් වෙද්දි යුවල පෝරුවේ හිටෝලා අහවරයි. චාලිත්තර ටික
අහවර වෙලා දෙන්නා කිරිබත් කාලා අපිත් කාලා ඉවර වෙද්දි අපේ සුපර් ස්ටාර්ස්ලා එක එකා
එන්න ගත්තා. මුලින් ම ආවේ ඉෂාන් විත් ගර්ල්ස්. සමා, සුබා, කව්වා ඉෂාන් එක්ක ආවා.
තිළිණිත් කුරුණෑගල ඉඳන් ආවම අපේ මේසෙ ටිකක් රොක්. කාලෙකින් ඇවරිට මුණගැහුණු අපේ
එරන්දි මැතිනිය සැමියා සමඟ පුංචි පුතා අරගෙන ආවා. දැන් මේසේ හවුස් ෆුල් කියන්නේ
එතන නිකම් ලිඳ ළඟ සංගමය වගේ. දන්නවනේ ඉතිං අපේ ගෑනු-ගෑනු දියරෙදි සහ ඉෂාන්-ඇවරි ප්‍රධාන
චීත්ත දෙකත් සෙට් වුනා ම ආයෙ වසලා හමාරයි. යකෝ අපේ සද්දේ වැඩියි. ගානක් නෑ බං
ඩී.ජේ බැලන්ස් කරාවි. හුටා මෙන්න මුං ටේබල් රවුන්ඩ්ස් එනවා.
වෙල්කම්ටු ද ජංගල් සර්. ඇත්ටම ඇවරිතුමාට
මත්මල් සේනා ගැන උපන් ළතෙත් සහෝදර ප්‍රේමය ප්‍රකාශ කළේ ඒ විදියට. සායම් ගාලා,
මායම් දාලා ඒ කොල්ලව අල්ලාගෙන අපේ අනූ පනූ කළ හරිය ගැන ඉතිං දන්නෙ අපි නොවැ
පින්වතුනි. මනමාල ජෝඩුව එතනින් ගියාම දෙවනි මනමාලියත් ඇවිත් අපේ මේසෙ ස්ටෙලා වුනා.
දැන් කලින් දවසේ රෑ ඉඳන් අනූගේ මංගල විප්‍රකාරයන් සියල්ල දෙවන මනාලිය විසින් වමාරන
අවස්ථාව. ඒවා නම් සලාදයේ ලියන්න බෑලු හොඳේ...
නව යුවලගේ ප්‍රී ෂූට් වීඩියෝව වෙනුවට
එහිදී කුඩා කාලයේ ඉඳන් ඡායාරූප ඇතුළත් ඇල්බමයක් පුළුල් තිර ඔස්සේ ප්‍රදර්ශනය
කළා. එහි සෑහෙන්න මාලා නාටකීය ජවනිකාවන් ඇතුළත් වුනා. අපේ මේසේ පුල් මාවලස්
සහෝදරත්වය අත්පොළසන් දෙමින් හූ කියමින් ඒවා බැලුවා. එහි අවසානයේ ඇවරිට ගිහාන්
හෙවත් මස්සි ඇවිත් ටෝස්ට් එකට ආරාධනා කළා. ගිහාන් කියන්නේ මෙත්මල් සහෝගේ ළමා කාලෙ
ඉඳන් යාළුවා. පිස්සු ම පොර ආයෙ. ඇවරි ඉතිං වැඩේ කළා. ගිහාන් තමුන්ට රගර් ටීම් එකක්
දාගෙන එහි කෝච් වෙන්න ප්ලේයර්ස්ලා දහ අටක් ම අනුවගෙන් ඉල්ලා සිටියා.
ඇවරි නම් අනූව දන්නේ ඇය දැනට වඩා කෙට්ටුවට
ඉන්න කාලෙ ඉඳන්. ඇය බොහෝ විශ්වාසය තැබිය හැකි චරිතයක් හා වැඩක් කිව්වොත් කරන
කෙල්ලක්. ඔය සප්‍රයිස් ප්‍රොපෝසල් කොල්ලොම කරන බව අපි අහලා තිබුණට පහුගිය
වැලටයින්ස් දවසේ අනුරාධ
![]() |
ඉවසුව ඇති මෙත්මලෝ... දණගහල, මල අරන් මාව බඳිනවයි කියාපිය... |
ReplyDeleteපව් යකොව් අර මනුස්සය ,
ඇත්තටම surpirise proposal දෙන්නේ දෙන්නම කතාවෙලාද කියලත් හිතෙනවා නිකන් හුදී ජනයාව පුදුම කරවීමේ අරමුණින්
පුළුවන් වෙලාවක අපේ පැත්තටත් ගොඩ වෙන්න “ මනස්ගාත සටහන් “ බලන්න , කියවන්න , විදින්න
බොහොම ස්තුතියි නිමල්ක... මනස්ගාත කියෙව්වා.. දිගටම ලියනන්..
Deleteපාරුවේ පුවක් නිසා මං මෙත්මල්සේනා ගැන මුකුත් නොකියා ඉන්නම් :)
හැබැට කෙල්ලෝ ඉන්න ඕනේ අන්න එහෙමනේ... අළුත් යුවලට සුබ පැතුම්...!
ReplyDeleteස්තූතියි බුද්ධිකා. අපෝ ඔව් ඒ වගේ චන්ඩි රැජිනියො සෑහෙන්න හොයාගන්න පුළුවන්...
DeletePatta ae adupaduth thiyanawa awarithuma lamai.nalopuwa nene
ReplyDeletePatta ae adupaduth thiyanawa awarithuma lamai.nalopuwa nene
ReplyDeletePatta ae adupaduth thiyanawa awarithuma lamai.nalopuwa nene
ReplyDeletePatta ae adupaduth thiyanawa awarithuma lamai.nalopuwa nene
ReplyDeleteඑව්වා ඉතිං එහෙම ප්‍රසිද්ධියෙ ලියන්න පුළුවන් ඒවා නෙමෙයි නේ..!!
Delete