Monday, October 22, 2012

මට මෙහෙ කරන ඇමති මාතලී



පහුගියදා අපේ ටුවරිස්ට් ඒජන්සියට අලුත් රියදුරෙක් ගත්තා. නම ධර්මපාල මං කතා කළේ ධර්මා කියලයි. අරාබි භාෂාව චතුරව කතා කිරීමේ පුහුණුව නිසා බඳවා ගත් මේ රියදුරා හරි අපූරු ඇවතුම් පැවතුම් ඇති කෙනෙක් නිසා මං හිතුවා ඔහු ගැන මෙහෙම සටහනක් තියන්න.
ධර්මාගෙ ජිවිත කතාව හරි අපූරු එකක්. පාසල් අජ්ජාපනෙන් පස්සෙ සංචාරක මගපෙන්වන්නෙක්ගේ වාහනයක නඩත්තුවට යන ධර්මා එහිදී රියදුරු බලපත්‍ර ලබා ගන්නවා. පසුව එම මග පෙන්වන්නාගේ දෝනියැන්දා සහේට ගන්න ධර්මා තම මාමණ්ඩිගේ අන්තිම කාලෙ දි ගලධාරි හෝටලයට අයත් මාමච්චා පදවපු වා‍හනේ නිල රියදුරු වෙනවා. ඔය අතරේ සවුදි රටේ බර වාහන රියදුරෙක් ලෙස රැකියාවට ගිහින් වසර හතරක් ඇමරිකානු හමුදාවේ ආරක්ෂාව මැද ඉරාකයට අවි ප්‍රවාහනය කරන ධර්මා ලංකාවට ඇවිත් යුද්දෙ කාලෙ ශ්‍රී ලංකා යුධ හමුදාවෙ අවි ප්‍රවාහන රියදුරෙක් වශයෙන් ටයිටෑන් ට්‍රක් එක්ක් පදවනවා. ඔය අතරේ තම කොළඹ අට සුපිරි ඇමතිවරයෙකුගේ පුද්ගලික රියදුරු ලෙස පත්විම ලබන්නේ. ඇමතිතුමා‍ගේ බී.එම්.ඩබ්ලිව් රථයත් පවුලේ ප්රාඩෝවත් පදවන ධර්මා එම රැකියාවටත් සමුදී අපේ ඒජන්සියට බැදෙනවා.
කොපමණ සංචාරකයන් හා කටයුතු කර තිබුණත් ධර්මා මුලින් හෝටල් හෝ ඒවායේ පිහිටීම දැනගෙන හිටියේ නෑ. ඒත් බුද්ධිය පාවිච්චි කරලා ජංගමයාට රී ලෝඩ් දාන නියාවෙන් පාර තොටේ කාගෙන් හරි පාර දැනගැනීමේ කලාව ධර්මා හොඳට දන්නවා. තව දෙයක් තමයි ගෙස්ටව ඇන්දීමට ඔහු තරම් හපනෙක් මුළු ආයතනයේ ම නැති වීම.     
කොච්චර කෙරුමෙක් වුනත් ධර්මාවත් අන්දන අන්දමේ ගෙස්ට්ලා ඉන්නවා. ඒ ජාතියෙ පොරක් තමා මගේ සේවාදායක අල් සල්මා. පහුගිය රාමසාන් සමයේ දින හතක නිවාඩුවක් සඳහා ලංකාවට සිය පවුල ම සමගින් පැමිණි අල් සල්මාට සී සයිඩ් එකෙන් කොටුවක් පනින්න ඕන වෙලා ඒ ගැන ධර්මට කියලා තියෙනවා. ඒ කාලෙ ධර්ම වැඩ පටන් ගත්තු මුල් කාලෙ. අපි ඉන්නෙ ක්ලයන්ට් සතුටු කරන්න වුනත් මෑන්ස් ඉල්ලන හැම දේම දෙන්න බැරි වෙනවනේ. ඒ වගේ අවස්ථාවලදී නිදහස් වගකීම් ප්‍රකාශයක් ලබා ගෙන තුන්වන පාර්ශවයක් වෙත සේවා දායකයා යොමු කිරීමයි ක්‍රමය. ඒ ආකාරයට කරන්න මමත් ධර්මාට උපදෙස් දුන්නා. අහවල් කා පාර්ක් එකෙන් අහවල් වෙලාවට ‍ඩ්රොප් කරලා නැවතත් අහවල් වෙලාවට පික් කරන් හොටෙල් එකට දැම්මා ම වැඩේ අහවරයි නොවැ.  ධර්මාත් අරාබියට වැඩේ පැහැදිලි කරලා දුන්නට මොක ද වී.අයි.පී ටුවර් එකකට ධර්මාව කැඳවන්න මට සිද්ද වෙනවා. අන්තිමේ දී අල් සල්මාගේ සිටි ටුවර් එක කොරන්න වෙන්නෙ වෙනත් රියදුරෙකුට. දින එකොළෙහක් තමන් හා සිටි රියදුරු තම අවශ්‍යතාවය ඉටු නොකර හදිසියේ ඉවත්ව යාමෙන් දණඩෙන් පහර කෑ නයෙක් සේ කිපුණු සල්මා අන්තිමට නවතින්නෙ සංචාරක පොලිසියේ මට විරුද්ධව පැමිණිල්ලක් කරලා.
හත්වලාමයි කියන්නෙ දැන් ගෙස්ට පැමිණිලි කිරීමේ පැහැදිලි දර්ශනය අපි දැනගෙන හිටියත් ඔහුගේ රහස්‍ය ප්‍රකාශය මා සතු වුවත් නියම කාරණේ හෙළි කිරීමේ හැකියාවක් නැති තැන අපි හිරවුනා. අන්තිමේ දී මෑන්ස් අපෙන් වන්දියක් ඉල්ලුවා. පස්සෙ මං මැදිහත් වෙලා අරාබියට නයිට් ලයිෆ් පැකේජ් එකක් ඩොලර් පන්සීයකට ප්රොමෝට් කළා ම වැඩේ අහවර වුනා. එදායින් පස්සෙ එහෙම අමාරුකාරයො ආවොත් හරි සැලකිල්ලෙන් බේත් හේත් කරන්න මං පරිස්සම් වෙනවා. එළිපිට ඇත අවකෙළි කිසිවෙකු මැසිවිලි නොකියත් නම් වොරි වෙන්න හේතුවක් නෑනේ. හැබැයි නිකම් හරි ගෙස්ට් පැමිණිලි කළොත් සොරි වෙන නිසා ලෙඩා මළත් බඩ සුද්ද වෙන්න බේත් දුන්නම අපි නිදහස්.

වැදි පැකේජ්




වැදි ජනතාව කියන්නෙ ලංකාවේ ස්වදේශීය ආදිවාසීන් කියලා දන්නවා ඇතිනේ. පහුගිය දවසක ඇවරිට ලැබුණු රුසියානු සංචාරක කට්ටලයකට ලංකාවෙ වැදි ගම්මානයක් ඇතුළත් කරන්න ඕන වුනා. වැදි ගමට ඒ කිව්වෙ දඹානට සංචාරක ප්‍රවේශපත්‍රයක් අය නොකරන නිසා ඇවරිත් එන්ට්රන්ස් ෆී නැතුව කොස්ටින් එක කරලා එස්ටිමේට් එකක් දුන්නා. නමුත් වැඩි හොඳට කියලා ආදී වාසී ජන උරුම කේන්ද්‍රයේ ප්‍රවේශ ගාස්තු එකතු කරලා තිබුණා.
නුවර පෙරහැර බලලා පහුවදා දඹාන ගියපු ඇවරිගෙ රුසියානු සංචාරක පිරිසට පට්ට ලල් එකකට සෙට මෝල් වෙන්න වෙලා. මගේ සේවාදායක දෙපළ පුරාවිද්‍යාඥ්යින්‍. ඔවුන් දෙදෙනාට ම වැද්දො දකින්න ආසාවක් තිබුණා. අනේ අ‍පේ කස්ටිය දඹානට යද්දි ම හමු වූ මුල් ම වැද්දා සෙලියුලර් එකක් තියාගෙන රුසියානු බසින් සුබපතලා තිබුණා. ගෙස්ටට පට්ට සැටියා කිව්වලු.
ගම ඇතුළට යද්දි කොල්ලො කුරුට්ටො කස්ටියව වට කර ගත්තලු. අපේ ගයිඩ් කොලු යමක් කමක් දන්න නිසා උරුම කේන්ද්‍රයත් පෙන්නලා කිරි කොරහා නටන දවසක්හේම කවද වගේ ද කියලා කතාවට ඇහුවලු. ගයිඩ් කොලු කියලා මං කිව්වට ම‍ගේ ගයිඩ් මාමා ගැනත් පුංචි පහේ ටිප්පනියක් ගිලන්න වටිනවා. දැනට වුවරිස්ට් ලෑල්ලේ (සංචාරක ඩම්මලේ) ලෙචෙක් හැටියටත් කටයුතු කරන මේ ගයිඩ් කොලූ පීල්ඩ් එකේ නමක් දිනාගත්තු රජ කකුළක්. අයියෝ..... සල්ලි කියලා මෑන්ස් මග පෙන්නන කොල්ලන්ට රුපියල් සීයක් දීලා තියෙනවා. ඇස් වලින් ඩොලර් පනින්න ගන්නෙ අන්න ඒ සෙනාරියෝ එකේ දී තමා...
තැඹිලි පාට නෝට්ටුව දැක්ක හැටියේ කැකුළාට මල් පොජ්ජ මන්දො වෙලා ගයිඩ් කොලූගෙ අම්මිලා අප්පිලා හූරලාගේ ජාතක පොජ්ජට සෝලි පොජ්ජ කුදු ගහන්න ගත්තලු. අපේ මෑන්ස් කරපු වරද නොදැන අන්දොස් වෙලා උඩ බිම බලද්දි කාරණේ ඉන්තේරුවෙන් ම දැනගත්තු මොඩ් වැද්දෙක් පැත්තකට අඩගහලා තත්තෙ පැහැදිලි කොරන්නෙ මෙන්න මෙහෙමයි.
'හැබෑට ම සර් මීට කලින් දඹානට ඇවිත් ම නැද්ද.... ? දැන් ඔය වැදි පැටවු රුපියල් සීයෙ ටිප් ගන්නෙ නෑ. සර් උන්ට ගාණක් දෙන්න හිතනවා නම් කිරිකොරහක් නටව ගන්න වෙනවා.' දැනමුතු වැද්දාගෙ උපදේසෙන් පිනා ගිය අපේ උන්දෑ මෙහෙම උත්තර දුන්නලු. "ඉතිං ආයුබොවන් මං දැන් කී පාරක් කිරි කොරහා නටන හැටි ගැන ඇහුවද? මුං උත්තර දෙන්නෑ නොවැ??" ඒකනේ කිව්වෙ සෑර් ළඟදි දඹානට ඇවිත් නෑ කියලා. දැන් කිරි කොරහ නටන්නෙ පැකේජ් එකක් හැටියට. හෑ ඒකත් හේමද? දැන් මෙහෙම ‍නේ සර්. ඒ ව‍ගේ උතුම් පාරම්පරික ජන අංගයක් මේ සුද්දන්ට නිකන් පෙන්නන්න ඇහැක්ය. ඒවා හොඳට මාර්කට් කරන්න පුළුවන් දේ නොවැ. දැන් බලන්න මේ.......
එන පොට හරි නෑ වගේ කියලා තේරැණ නිසා ගයිඩ් කොලු අතුරු පුරස්නයක් දාලා තියෙනවා. දැන් ලොකු උන්නැහේ මට කියනව ද කිරි කොරහ මේ සුද්දො දෙන්න ඉස්සරහ නටන්න පුළුවන් ද බැරි ද කියලා. කතාව කොටින් අහවර කරන්න හිතාගෙන කිව්වම 'සර් අයිටම් එකට ගෙවනවා නම් පැය කාලෙන් වැඩේ රෙඩි කරන්න පුළුවන්. වැද්දො අටයි. විනාඩි හතළිස් පහට ඩොලර් අසූවයි. මොක ද කියන්නෙ???? කිරි කොරහක් නටමුද? 
වැද්දට ගිය රට කිවලු ගාණ ඇහුව ම වෘත්තිය පුරා විද්‍යාඥ ජෝඩුවට හිනා ගියාලු. ඩොලර් අසූවක් දීලා කිරි කොරහ බැලිල්ල පැත්තක දාලා ඔවුන් බලාපොරොත්තු වූ වැද්දන් දඹානෙ නෑ කියාගෙන වැදි කාක්කන්ට ටටා පාරක් දාගෙන කස්ටිය ඇවිල්ලා තිබුණා. ඇවිත් ආපහු ගම රට බලා යද්දි රුස්කි ජෝඩුව සෙලිග්මාන් කිව්වා වගේම "දඹාන වැද්දා ෂෝ වැද්දා" කියලා ටුවර් රිපෝර්ට් එකේ සටහන් කරන්න අමතක කළේ නෑ. එදායින් එදා වැද්දා ඩාන්ස් කියලා කිරි කොරහා පැකේජ් එක්ක් හැටියට ප්වර්ධනය කිරීමේ වගකීම ඇවරි බාර අරං තියෙනවා. පුංචි රේන්දයක් අල්ලලා සශ්‍රීකත්වයට කෙරෙන රිචුවල් එකක් හැටියට ස්ලෝවේනියන් හරි ඊස්ටන් යුරෝප් හරි පැකේජ් එකකට දැම්මොත් අනිවා වැඩේ පත්තු වෙනවා. එදා මගේ ගයිඩ් කොලූට කතා කරපු වැදි උන්නැහේ අද අපේ දඹාන ඒජන්තවරයා. දහදාහක් එකවුන්ට් එකට දාලා රිසිට්පත ෆැක්ස් කරලා කෝල් එකක් දුන්නම සියල්ල සූදානම්. ආදී වාසී උරුමය‍ මාර්කට් එකට හරියන හැටියට යොදා ගන්නෙ කෝමද කියලා අපි දැන් දන්නවා. හැබැයි අවංකෙට මේක එච්චර හොඳ දෙයක් කියලා නම් මං හිතන්නෑ.