Wednesday, October 26, 2016

අයියෝ බජිරාඕ හෙවත් හින්දි වදන් තෙපලන්නිය හා පිච්චැර් සමයම

ඇවරි සාමාන්‍යයෙන් පිච්චර් පිස්සෙක් තමා. කොච්චර වැඩ තිබුණත් සැටඩේ නයිට් බ්ලොක් බස්ටර් එක නම් බලනවා. ඉන් රිටර්න් ඉරිදාට කුණුකෙළ පෙරාගෙන දහම්පාසල් ගිහින් නිදිමරගාතෙ ළමයින්ට බණසනු දේශනා කිරීම වෙන කතාවක්. සාමාන්‍යයෙන් හිට් හින්දි ෆිල්ම් බලන්න නම් එතුමා එතුමාගේ හින්දි රසිකාවිය ප්‍රී බුක් කරගන්නවා. එතකොට වාසිය වෙන්නේ ඉංග්ලිෂ් සබ්ස් නැතිව හින්දි වලින් ම ෆිල්ම් එක බලන්න පුළුවන් වීමයි. ඒක සිරා වැඩක් මොක ද එයා හින්දියෙන් දෙබස් කියනවා. ඇවරිතුමා ඉංග්‍රීසි සබ් බලලා සිංහලෙන් කියනවා. දෙබස් කියනවා කිව්වට අපි දෙන්න ම මූඩ් එකෙන් රඟපානවා. සමහරවෙලාවට දෙපැත්තේ ඉන්න මිනිස්සු නොරිස්සුමෙන් රවා බලන්නත් බැරිනෑ. පිර් සෙ කරෝ/කහෝ තමා එපාම වෙන වාක්‍ය ඛණ්ඩය. එතකොට ආයෙත් කියන්න වෙනවා.

ඇත්තට ම අධික කාර්යබාහුල්‍ය නිසා අපිට වෙලාවක් දාගෙන හින්දි ඩබ් කරමින් ෆිල්ම් එකක් බලන්න වෙන්නේ ගොඩක් කළාතුරකින්. හැබැයි එහෙම සෙට් වුනා ම ඒක විනෝද සාගරයක්. කොහොමින් කොහොම හරි ඇවරි අවසාන වශයෙන් එහෙම බලපු ෆිල්ම් එක තමා සන්ජේ ලීලා බන්සාලිගේ බජිරාඕ - මස්තානි. දීපිකා, රන්වීර් ඇවරිතුමාගේ කෝමත් ෆේවරිට්. ඇවරිතුමා සෑහෙන්න වෙලාවට වැඩ කරන නිසා ඇය මට කලින්ම ඇඩ්වසිස් පාරක් දුන්නා. ඇඩ්වාන්ස් බුකින්ස් වුනාට කමක් නෑ කලින් එන්න. නැත්නම් තුජෙ පිච්ර්කි ලියේ ලේට්ට කරුන්ගී .. තමා ඕන්.

අන්න පුතා බලනවා නම් මූවීස්ග සබ්ස් දැම්මත් අපිට මෙලෝ මඟුලක් නොතේරෙන නිසා තමා වෘත්තිය දෙබස් කියන්නියක් අවශ්‍ය කරන්නේ. කොහොමින් කොහොම හරි මං ඒ ලව් ස්ටෝරිය නම් බොක්කෙන් ම බැලුවා. පස්සෙ මට බජිරාඕ බල්ලාල් ඇත්තට ම හිටියා ද කියලා සැකයක් ඇතිවුනා. අපි ඒ ගැන සෑහෙන්න වාද කරමින් කොෆි ෂොප් එකක කල් ගෙව්ව මතකයි. මගේ ඉතිහාසකාරී සෑහෙන්න දෙයක් ඒ ගැන කියවලා තිබුණ නිසාත් ඇය හින්දි සංස්කෘතිය ගැන ප්‍රාමාණික බුද්ධිමත් කාන්තාවක් වීම නිසාත් ඇවරිතුමා තමුන්ගේ ටිකිරි මොළෙන් අහපු තකතිරු ප්‍රශ්න බොහොමයකට අනුකම්පාවෙන් ඈ පිළිතුරු දුන්නා. උදාහාරණයක් විදියට බලන්න මේ සෙට් එක මුල ඉඳන් ම ගහලා කිව්වා ම නෑ මනුස්සයෝ ඒ ජයිපූර් ඇම්බර් ෆෝර්ට් එක කියලා ඈ කියලා දුන්නා. ඈට පින්සිද්ද වෙන්න  ශ්‍රීමන්ත් පෙෂ්වා බජිරාඹ් බල්ලාල් ගැන සෑහෙන්න තොරතුරු ප්‍රමාණයක් දැනකියාගන්න ලැබුණා. 

අගමැති බජිරාඕ හතරවැනි මරාති චත්‍රපති රජු වශයෙන් පාලනය කළා. ඉතිහාස කතා කියන හැටියට බජිරාඕ කියන්නෙ කිසිම යුද්ධයක් පරාජ නොවූ ඉන්දියාව විසින් බිහිකළ ශ්‍රේෂ්ඨත ම සේනාධිනායකයා. නැගෙනහිර ඩෙකෑනයේ ආර්යාවර්ථයක් බිහිකළ රජුන් අතර ඔහු ප්‍රධාන වෙනවා. කොහොමින් කොහොම හරි මූඝල්වරුන් මධ්‍යප්‍රදේශයේ රාජ්පුත් චත්‍රසාල් රජ්ජුරුවන් ආක්‍රමණය කළ වෙලාවෙ චත්‍රසාල් තමුන්ගේ දූ කුමරිය මස්තානි උදව් ඉල්ලා බජිරාඹ් වෙත එවනවා. බජිරාඕගේ ආයුධ ගැනත් අපිට ලොකු ගැටලුවක් තිබුණ හැබැයි. යුද්දෙ දින්නට පස්සෙ බජිරාවෝ වෙත එල්ල කෙරෙන හීතලයකින් ඈ ගළවාගන්නා මස්තානිට කැපුම් තුවාලයක් වී ඈ ඇද වැටනෙවා. පස්සේ ඈගේ කාමරේට බජිරාඕ ගියා ම කියවෙන දෙබස් ටිකත් ලස්සනයි. අර මම කිව්වේ මගේ අවසරයක් නැතුව කාටවත් කාමරේට යන්න එන්න බෑ කියන දෙබස් ටික. එතනදී බජිරාඕ මස්තානි තමුන්ගේ පණ බේරා දුන් බව කියනවා. බජිරාඕ තමුන්ගේ රට බේරා දුන් බව තමා ඈ පිළිතුරු හැටියට කිව්වේ. (තුම් මෙරි ජාන් බචාලියා- තුම් හම්කේ මුල්ක් බචාලියා)

බජිරාඕ නේ මස්තානි සේ මොහාබත් කරි හෙයි අයෛයාෂි නහී. තමුන්ගේ ආදරය ඇත්ත එකක් මිසක් සල්ලාලකමක් නෙමෙයි කියලා මස්තානි කියන දෙබස මැඩම් හරි ලස්සනට, සෙක්සි විදියට කිව්වා. ඒ වෙලේ ඇවරිතුමා නම් කැමති වුනේ ඇගේ ඇස් දෙක දිහා බලා ඉඳින්න. ඒවා කොච්චර තියුණු වුනා ද කිව්වොත් ඈට බජිරාඕ එක්ක තිබුණ කේන්තියට අහිංසක ඇවරිව මරන් කන්න වුනත් හොඳට ම ඉඩ තිබුණා.. වෙලාවට ෂී ඉස් වෙජිටේරියන් මත්ලව් කියන්නේ ඇවරිමස් හා සමානි ගෙරි මස් කන්නේ නෑලු...ලොල්..!!

ඊට පස්සේ, දුනියා හම් දෝනෝකි ඒක් හි නාම් සේ යාද් රකේන්ගී.. බජිරාඕ - මස්තානි කියන දෙබස තමා ඇවරිට ටේක්ස් ගොඩක් ගියා කියලා මතක එක. කෝමත් ඇවරිතුමා තමුන්ගේ ටැබ්ලට් එකේ එම්.කේ.වී ෆයිල් එක අරන් ගියා. ඒ නිසා ෆිල්ම් එකෙන් පස්සෙත් දෙබස් ආයෙ ආයෙ කියන්න ලේසි වුනා කිව්වොත් හරි. බයි දැට් ටයිම් ෂී වෝස් සෝ ෆර්ම් ඇන්ඩ් කොන්ෆිඩන්ට් ඔන් වට් ෂී සෙඩ් කියන්නේ මං කට් කියනවා ඇහුනෙ නැති නිසා ඉවරයි මලහත්තිලව්වේ කියලා කෑ ගහන්නත් වුනා....!!

ඇවරිට කියන්න තිබුණ දෙබස් නම් හරි ම ආන්දමිකයි. ම් ජනම් සෙ බ්‍රාහ්මින් හේ කරම් සෙ ක්ෂත්‍රිය. මෙහෙම කිව්වාට බජිරාඕ පෙෂ්වාටත් එරෙහි වෙන්නේ එයාගේ කුලය. බජී විවාහ කරගන්නේ කාෂිබායිව ඈට දාව ඔහුට පුතුන් තිදෙනෙක් සිටිනවා. ඉන් බාලයා කුඩා කාලයේ දී මිය යනවා. බලාජි බජිරාඕ සහ රඝුනාථ් රාඕ තමා පුතුන් දෙදෙනා. ඔහුට පවරා දුන් බිසව මස්තානි මුස්ලිම් කාන්තාවක් නිසා බජීරාඕගේ අම්මා කැමති වෙන්නෑ.

අර පේරැස් මුද්ද බෝට්ටුකරුවට දීලා යන සීන් එකත් ඇවරි ආසම තැනක්. එහෙම සෑහෙන්න අවදානමක් අරන් ගිහින් අහස පොළොව සපථ කරන සීන් එක නම් ඇවරිතුමාට හරියට කරන්න බැරි වුනා. කොටින් ම මං සම්මානිත නළුවෙක් නෙමෙයි. මෑණීයන් දෑ දැඩි විරෝධය පළකරන දෑය වුනාට බජිරාඕ පූනේ තමන්ගේ මාලිගය ෂනිවාර් වඩාහ් තිබියදී මස්තානි මහල් නමින් තවත් මාළිගයක් හදනවා. මස්තානිගෙන් බජිරාවෝට ලැබෙන පුතා නම් කරන්නේ ක්‍රිෂ්ණ රාඕ නමින් නමුත් සිඟිති පුතුගේ උපනයන කර්මයට සහභාගීවීමට බ්‍රාහ්මණයන් ප්‍රතික්ෂේප කරන්නේ ඔහුගේ මව මූඝල් කාන්තාවක් බව හඟවමින්. පසුව පූර්ණ මුසල්මානුවෙකු ලෙස වැඩෙන රාජ බීජය (හොරාකෑවේ සීරජ නාටකයෙන් බව සලකන්න) ෂම්ෂර් බහදූර් නමින් හැඳින්වෙනවා.

කාෂිබායිට ඇවරි කැමති ඇය සෑහෙන්න ඉවසන සුළු කාන්තාවක් වූ නිසා. උන්හෝහෙ තුමාරා හාත් පක්ඩා හේ පර් චෝඩා තෝ නහී.. කාෂි විශ්වාස කළේ ඒ අදහස. බජිරාඕ තමා ඔබේ අත අල්ලා ගත්තේ - දැන් අතහරින්නත් ඕන බජිරාඕ මිස ඔබ නොවේ...! මස්තානිගේ දරුවා ක්‍රිෂ්ණ කුඩා කාලයේදී තමන්වෙත ගනිමින් දෙදෙනාට ම මවක වෙමින් ඇය දක්වන සෙනෙහස ගැන අපි බොහෝ සතුටු වුනා. මස්තානි ක්‍රිෂ්ණ රාඹ් වඩාගෙන සටන් කරන වෙලාවෙ නම් ඈ බොහෝ බය වුනා. ඒ හරියෙ දෙබස් නොතිබුණ නිසා වඩා හොඳයි...!!

සේදා හම්ලා කරෝ ජෙයිසේ කිස්මත් කරි කත්රි හේ.. - වාසනාව උරගා බැලීම ඉරණම විසඳා ගැනීමට ඉක්මන් වීමකි. කොහොම නමුත් බජිරාඕ අවසාන කාලය වෙනකම් ම මස්තානිට ආදරය කරනවා. බජිරාඕ දිල්ලියට යන අතරමඟ කාගෝර්හි දී පපුවේ අමාරුවක් හැදිලා පිලමන්ට් එක ගැසී යාම නිසා සෙත්ත පෝච්චි වෙනවා.  යුද්ධයට ගියා ම මස්තානිව සිර කරන හැටියට නාටකේ තිබුණත් මස්තානිබායි ගේ මරණය අදටත් අභිරහසක් හැටියට සඳහන් වන බවයි මගේ මහාචාර්යවරිය අපේ සතරකන් ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ දී කියා සිටියේ. මස්තානි සියදිවි නසාගත්තා ද? තම සදාදර සැමියා වූ බජිරාඕගේ වියෝවෙන් ළය පැළී මිය ගියා ද? ආදී වශයෙන් ඒ කාලෙ පොත්වල තිබුණු පොසිබල් ගොසිප් ඇතුළත් පදරංග චීත්ත හෑලි මාත් එක්ක දිගහරිද්දි නම් ඈට රෑ වෙන එක ගැන වගේ වගක් නොවූ බවත් සඳහන් කරන්න වටිනවා.

කොහොම ආදරේ කළත් අනේ මස්තානිගේ දයිය කොච්චර කූරු වුනා ද කිව්වොත් එයාට බජීගේ මිනිය බලන්නවත් අවසර ලැබෙන්නේ නෑ. ෆිල්ම් එකේ දී ඔයා දැක්කනේ බජීගේ මල්ලි චිම්නාජි අප්පා වගේ ම කාෂිබායිගේ පුතා නානාසහේබ් එච්චරත් බලකරලා ආපහු භුන්දෙල්කන්ද් යන්න කියද්දි ඈ ප්‍රතික්ෂේප කළ අපූරුව. ඒකට කියන්නේ පියෝ ලව් කියලා සරියා.. ඇවරිතුමාට සරදමක් කළ ඈ ඊළඟට හින්දියෙන් දොඩන්න ගත්තා.

දේකියේ මහාරාජ්, මස්තානි ආප්නී තඛ්ධීර් කුද් ලික්ති හෙයි.. ඔව් ඔව් මස්තානි එයාගේ ඉරණම තමන් ම ලියා ගත්තා. මුජේ බොහෝත් පසන් හෙයි... නහි බබා තුම් කෙලියේ නහී වෝ මස්තානි කෙලියේ..! ඒ එයා හරි.. ඒක් සචාල් පූචෝ..? කොංජ චින්න පිරච්චිනෙයි!! අබි බෝලෝ, ඔබතුමීට කෝමද ලියලා දෙන්න ඕන???  කරුමෙ කියන්නේ මිත්‍රවරුනි, ඒකට එදා නම් උත්තරයක් ලැබුනෙ නෑ. ලෙකීන් ජල්දී ජල්දී  ජවාබ් මිල්චුකී හෙයි තමා...@@@




ඇවරිතුමා ආස ම කරන බජිරාඕ මස්තානිලා ගොඩක් සාමාන්‍ය ජීවිතේ දී ඉන්නවා. කොටින් ම කිව්වොත් හැබෑ ජීවිතේ ඒ චරිත නම් මාව සෑහෙන්න විනෝද කරනවා. ඒ හැමෝට ම ඇවරිගේ සුබ පැතුම් එක්ක කරන ගමන් හින්දි වදන් තෙපලන්නී හා පිච්චර් සමයම මෙතෙකින් හමාර කරනවා. 

Monday, October 24, 2016

සිදුහත් කෝට් නොකෙරූ ප්‍රේම පුරාණය හෙවත් අනාදරයෙන් ගරු කිරීම

එදා පන්තියට ගියාම මට උගන්නන්න තිබුනෙ අභිධර්ම පාඩමක්. අකුසල චෛතසික උන් චෛතසික අහලා තිබුණාට අභිධර්මය කියන්නේ මොකක් ද කියලා දන්නෙ නෑ. චිත්ත, චෛතසික, රූප, නිබ්බාණ කොටස් උගන්නන්න ම මට වරුවක් ගියා. ඊළඟ පාර අභිධර්මය කියන්නේ මොකක් ද කියලා ඇහුවා ම මගේ ගොන් බාන දන්නෑ කියන්න එපා. විනය, සූත්‍ර, අභිධර්මය කියලා ත්‍රිපිටකයක් තියෙනවාය. විනය කොටස් පහකට පාලි වශයෙන් බෙදා තියෙනවාය, සූත්‍ර දිග, කොට, ආදී වශයෙන් පිටක පහකට බෙදා තියෙනවාය, පරමාර්ථ ධර්ම හතරක් කියලා අභිධර්මය කොටස් හතරකට බෙදා තියෙනවාය කියලා නොදන්න කෙනෙකුට කියලා දෙනන් පුළුවන් වෙන්න ඕන.

ඒ ළමයි හරි පව්. උන්ට බේසික් දන්නෑ. හැබැයි ටික ටික දැනගත්තා ම ආස වෙනවා. අපිත් එක්කත් තර්ක කරනවා. එදා ජරමර අස්සේ බරකරත්ත කියාගෙන අපේ රචනා සෙට් එකත් ප්‍රැක්ටිස් ආව. ඇවරිතුමාට පන්තිය කරන ගමන් ඒ දැරිවියො තුන් දෙනා එක්කත් කතා කරන්න සිද්ධ වුනා. හැමදාමත් වගේ වැඩියෙන් ම වද දෙන ගීත්මා හා හා පුරා කියලා දෙබරෙට ගල් ගහලා පටාන් ගත්තා. මාතෘකාව බෞද්ධ විවාහ ජීවිතය. අනේ පුතේ මේ මාතෘකාව ගැන කියලා දෙන්න නම් මට අත්දැකීම් නෑ. හැබැයි මම ටෙක්ස්ට් එක උගන්නන්නලා තියරි දෙන්නම් ප්‍රැක්ටිස් එක ගැන අම්ම අප්පච්චිගෙන් අහගන්න. සාමාන්‍යෙයන් ඇවරි ගොන් ටයිප් වුනාට ඇවරිගේ ගෝලයෝ ටිකක් මීටරේ තියෙන බුවාලා. උන් මගෙන් ඉගෙනගෙන මට ම කෙළවෙන ප්‍රශ්න ගේන්න හරි දක්ෂයි. 

කෙල්ලගේ රචනාව හොඳයි. දැනට පවතින ආර්ථික, සමාජ දේශපාලන රටාව තුළ කුටුම්භ සංරක්ෂණය, සාමුහිකත්වය, පවුල් ඒකක ඔස්සේ සමාජය ගොඩනැඟීම, අග්ගඤ්ඤ සූත්‍රය, නකුල මාතා-නකුල පිතා, කාන්තා නිදහස, ස්ත්‍රීවාදය, සිඟාලෝවාද සූත්‍රය, විවාහය සහ දික්කසාදය ආදී වශයෙන් බොහෝ පැතිරුණු මාතෘකා ඔස්සේ ලියැවුණු රචනාවෙ අඩුපාඩු නැති තරම්. හැබැයි ඇය වර්තමාන සමාජයේ දික්කසාදය ටිකක් රිදන්න ලියලා තිබුණ එක ගැන ඇවරි එච්චර එකඟ වුනේ නෑ, දරුවො ඒ ටික ටිකක් සැර බාල කරලා ලියමු. කරුණු කාරණා ඇත්ත වුනාට එච්චර රිදෙන්න ගහන්න එපා. ප්‍රශ්නයක් නෑ මම එඩිට් කරලා දෙන්නම් සර්. නමුත් මට පුංචි අවුලක් තියෙනවා. ඔයාට අවුලක් නැති මාතෘකාවක් තියෙනවානම් මයි සෙල්ෆ් විතරක් වෙන්න ඕන. කියන්න. “නෑනේ සර්, මම කවුද කියලා මමත් තාම හොයනවා නේ...” ඇගේ උත්තරෙන් ඇවරිතුමා පුදුම වුනේ නෑ. ඇය කොහොමත් වෙනස් කෙල්ලක්.

“කෙටියෙන් මෙහෙමයි. දැන් විවාහය ගැන කතා කරද්දි ආදරය කියලා වචනයක් තියෙනවානේ සර්. හැමතැනම තියෙන එකක් නේ සර් ආදරය, නමුත් ඒ ගැන බුදු හාමුදුරුවන්ගෙන් මට කෝට් කරන්න දෙයක් නෑනේ සර්..?? මම සිද්ධාර්ථ-යසෝදරා ස්ටෝරියෙනුත් සෑහෙන්න දෙයක් ගත්තා. අර යශෝදරාවතේ එහෙම පට්ට රහට ලියලා තියෙනවා නේ සර්. එත් සාමාන්‍ය ජීවිතේ දී බුදුන් බිරිඳට ආදරේ කරන්න කියලා කොහේවත් කියලා නෑනේ?? මට නිකම් හිතුන දෙයක් විතරයි. උත්තරයක් නැත්නම් අපි හෙමින් හොයාගමු.”

වක්කඩ කැඩුවා වගේ කුමාරිහාමි තමන්ගේ හිතේ හිර කරගෙන හිටි කුතුහලය පිරි ප්‍රශ්නය අහලා දැම්මා. කෙල්ල කොහෙන්ද ප්‍රශ්නය හොයා ගත්තේ? ඇවරි ටිකක් බරපතලව ඇහුවා.  ඇගේ ප්‍රශ්නයේ අන්තිම පාර්ට් එකට ඇවරි  ආස කලා. නෑ මං නිකම් ඇහුවෙ උත්තරයක් නැත්නම් හෙමින් හොයාගනිමු. පුහ්.. මැගේ ලයින් කිරිල්ල.

දරුවෝ උත්තරේ ඔයා ළඟ ම තියෙනවා. හොයලා බලන්න විනාඩි පහළොවක් දෙන්නම්. ඇවරිතුමා පන්තියට සටහන කියවන්න ගියා. “කමෝන් මිස්ටර් පතිරගේ ඉෆ් අයි හැඩ් ඇන් ආන්ස්වර්, වයි වුඩ් අයි ආස්ක් යූ??” ගීතිට ලේසියෙන් තරහ යන්නේ නෑ. හැබැයි තරහ ගියොත් විනාසයි. එහෙම වුනා ම මියුසියස් ගතිය ඉස්මතු වෙනවා. කඩ්ඩෙන් බැනීම තමා ප්‍රතිඵලේ. “ඕකේ කාම් ඩවුන්, ඩිඩ් යූ රිෆර් දිස්?” ඇවරි පෙන්නුවෙ සිඟාලෝවාද සූත්‍රයේ මුල් ම පාඨ දෙක.

එක බිරිඳට ගරු කිරීම දරුවා. දෙක අවමන් නොකිරීම. ගරු කිරීමයි අවමන් නොකිරීමයි කියන්නේ දෙක ම අඩු වැඩි වශයෙන් එක සමානයි. හැබැයි ගරු කිරීම ගැන කියන ගමන් අවමන් නොකිරීම ගැන කියන්නේ ඒක අවධාරණය කිරීමක් නිසා. රෙස්පෙක්ට් කියන එක සාර්ථක යුග දිවියකට අවශ්‍යයි. “සෝ වට් අබවුට් ලව්...??” අයියෝ සුසානෝ ඒක හරි සරලයි නේ. ඔයා ආදරය නොරකන, ඒ කියන්නේ ඔයා තරමක් හෝ වෛර කරන හැබැයි ඔයා ගරු කරන එක චරිතයක් මට කියන්න, මේ මං ඇරෙන්න හරි??”

“හහ් හා යූ මස්ට් බී කිඩින්ග්!! සර් ඔහොම ඇහුවා ම මට මතක් වෙන්නේ අර අඹ ප්‍රශ්නය සහ ඥාතී ප්‍රශ්නය. මේ ගස හැර වෙනත් ගස් තිබේ ද මහරජ..?? එසේය ස්වාමීනී වගේ තමා...!!” ජස්ට් ස්ටික් ටු ද පොයින්ට් ළමයා.

“හරි හරි නෑ.. මගේ වෛරයිකාරයින්ට මං ගරු කරන්නේ මොකට ද? මං ඒ අය එක්ක තරහයි නේ. අයි මීන් හූ කෙයාර්ස්?? මං ගරු කරන්නේ මගේ දෙමාපියන්ට, වැඩිහිටින්ට, ගුරුවරුන්ට ප්ලස් ඊ.සී.ටී විතරයි.”
“ඔහ් රියෙලී?? සෝ දැට්ස් ද ආන්සර්..” සොරි අයි ඩිඩ්න්ට් ගෙට් ඉට්?? ගීති ෆුල් ෆොක්ස් වෙලා ඇහුවා.

 ඇයි දරුවෝ තේරුම්ගන්නැත්තේ? ගරු කරන අයයි ආදරේ කරන අයයි දෙගොල්ලොම ඉන්නේ එක ම කුලකයේ. ඔයා දන්න වෙන් ඩයග්‍රම්ස් වල එකම සෙට් එකේ. ඔයාට කවදාවත් තරහාකාරයෙක්ට ගරු කරන්න බෑ. නිකම් හිතන්න දැන් ඔයා ගරු කරනවාය කියපු දෙමාපියන්ට ආදරේ නැතිවෙන වෙලාවක් ඇවිත් නැද්ද. ඇට්ටරකම් කරපු වෙලාවල් ඇවිත් නැද්ද. අම්මාව හපා කාපු වෙලාවල් නැද්ද? මොකක් ද එතන වුනේ. අම්මා තාත්තා වුනත් ඒ අය ගරුකටයුතු විදියට එතන දී හැසිරුණේ නෑ. එතකොට ඔයාගේ ඒ අයට තිබුණ ආදරේත් නැති වුනා. ඒ නිසා ගරු කිරීමයි ආදරයයි කියන්නේ එකම කතාවක්.


“දැන් ඕක ම තමා අර ජේසු අසල්වැසියාට ප්‍රේම කරන්න කිව්වෙත්. කෙනෙක්ට ගරු කරන්න නම් සෑහෙන්න ආදරක් තියෙන්න ඕන දැරිවි. ඒක තේරුම්ගන්න. මෙතන පද පෙරළියක් කළා නම් උත්තරේ සරලයි.” ඇත්තට ම ඔයා හොද ප්‍රශ්නයක් ඇහුවෙ. දැන් තේරෙනවා ද උත්තරේ. ඒක නම් හරි ඕක රචනාවට ගළපන එකනේ වැඩේ..! ඉට්ස් අප් ටු යූ ඉබ්බි. හැබැයි නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා හේම නෙමෙයි..!! 


යෝගා නැති ඉරිදාව හෙවත් කසාදයෙන් වෙනස් වීම

මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න - කියලා හිතාගෙන ඇවරිතුමා ශනිදා අලුයම් පැයට ටිකක් කලින් සයන තේවාවට සෙන්ටර් වුනා. ඉරිදා ප්‍රමාද වෙලා ඇහැරෙනවා කියන්නේ ඉතිං හොදි ඕන නැති සීන් කෝන් එකක්. දැන් දැන් ඇවරිතුමා යෝග මූමන්ට්ස් ටිකක් උදේට උදේට ප්‍රැක්ටිස් කරන නිසා භෞම මුහුර්තයෙන් බව්වා පාරක් දාගෙන උදේට සූර්ය නමස්කාරය සඳහා වෙලාවක් වෙන් කරගෙන තියෙනවා. කොළ කැඳ කෝප්පයක් බීලා, සරමත් බාගෙට මැදගෙන නැෂනල් එක පටලවන් දහම්පාසල් දුවන අවිවේකී හැපනින් ඉරිදාවේ මොන යෝගා ක්ලාස් ද බොලන්. හැබැයි ජැක්ලීන් දැරිවි අප්ලෝඩ් කරපු වීඩියෝ ටිකක් බලාපු ඇවරිට මහා ප්‍රාචීරය හරියෙන් බෝල් ජොයින්ට් එකක් ගියත් කමක් නෑ කියලා යෝගා - ෂෝගා පාරක් දාගන්න හිතුනා. මයෙ අම්මාපල්ල ඒ කෙලී හලි කියුටුවට කාන්ති කඩා හැලෙන දේහේ රබර් ඉලාස්ටික් වගේ නව නවා කරන අංගර ඉංගර දැක්කාම හැට පැනපු ආච්චිලට වුනත් එහෙම නොහිතෙනවා නම් ඒක බොරුවක්.

කොහොම හරි ඈවරිවිතානෝ දහම් පාසල් මෝර්නින් එසැම්බිලියටත් යන්න සෙට මෝල් වුනා. 2016 අවුරුද්දට ම ඒ ඇවරි උදෑසන වත් පිළිවෙත් සඳහා සහභාගී වූ දෙවන නැත්නම් තුන්වෙනි දවස. මොකදෑ ඉතිං උදේ පාන්දරින් නැඟිටලා නෝනා මාත්තියලට තේ හදලා, ළමයින්ගේ හේමත් වැඩ රාජකාරි ඉෂ්ට සිද්ද කරගෙන නොවැ ඇවරි දහම් පාසල් යන්නේ. ඔයා නම් මාර ගුරා ලොකූ. ළමයි කොහොම ඉගෙනගන්නව ද මන්දා වෙලාවට වැඩ කරන්න. ඇවරිගේ නැඟණි පරානය රන් මැණිකා හැමදාම ඇවරිගේ සන්ඩේ මෝර්නින් සෝ එක ගැන දක්වන්නේ එහෙම ප්‍රතිචාරයක්.

පාරට බැස්ස ම නම් ඇවරිතුමා පියමනින්නේ බොහොම ශාන්ත දාන්ත ගමනින්. සුදු පිරුවට ඇඳගෙන, ඉරිමා උදේ දත් තිස් දෙක ම පෙන්වමින් හිනා වෙවී, මිහිකත සනහ සනහා පා ගමන් යන ඇවරිතුමා දකින බොහෝ දෙනා පෙරළා සිනා වුනත් හැමදාමත් එතුමාගේ ඉදිරියට කවදාවත් ම හිනාවකින් සංග්‍රහ කරලා සතුටු කරන්න බැරි කෙනෙකුත් එනවා. ඇය දහම් පාසල් දරුවෙකුගේ මවක්. හැමදාමත් ප්‍රධාන පාරින් පන්සල දෙසට හැරෙන වංගුවේ දී හෝ ඒ ආසන්නයේ දී ඇවරිතුමාට මේ කාන්තාව හමුවෙනවා. ඇගේ සරදම හරි අපූරුයි. “අදත් පරක්කුයි නේද සර්...” ඇය මගෙන් පිළිතුරක් අපේක්ෂා කරන්නේත් නෑ. ඇවරිතුමා පිළිතුරක් දෙන්න තරම් උත්සහ කරන්නේත් නෑ. හැබැයි මේ කියන දවසේනම් ඇයව මට හමුවුනේ පන්සල උඩදි. එදා කවදාවත් නැතුව පන්සලේ වතාවත් සඳහා ගිය ඇවරිතුමා දැකපු ඒ මාතාව හැමෝට ම ඇහෙන්න මෙහෙම කිව්වා. “අද නම් සෑහෙන්න විශේෂයක් තියෙන දවසක්. නැත්නම් කවදාවත් නලින සර් මේ තරම් උදේ එන්නේ නෑ.” ඇගේ කතාවෙන් වටේ හිටි බොහෝ දෙනා මා දිහා බැලුවා. හැමෝට ම ඇහෙන්න ඇවරිතුමා උත්තර දුන්නේ හැරෙන තැපෑලෙන්. “ඔව්.. සෑහෙන්න විශේෂ දවසක් තමා. ගිය සතියෙ අපි ප්‍රථමස්ථාන දහයක් එක්ක ශාසනාරක්ෂක තරගවලින් මණ්ඩලේ ප්‍රථමස්ථානය දිනා ගත්තා. අද ප්‍රතිඵල දෙන්නයි යන්නේ...” ඒකනේ ම කිව්වේ කියාගෙන ඒ අම්මා ඇවරිතුමා සමීපයට ආවා.

ඇත්තට ම සර් ඇයි උදේට පරක්කු වෙන්නේ? සමාවෙන්න මට එහෙම අහන්න අයිතියක් නෑ. ඒත් සර්ගෙ පන්තියේ ළමයි සර් උදේ ම එනවා නම් හරි කැමතියි. මගේ දරුවත් සර්ගෙ පන්තියේ ඒකයි ඇහුවේ. හ්ම්.. ඒකට නම් කාරණා ගොඩක් තියෙනවා. එක තමා මං සෙනසුරාදා වැඩ ගොඩක් ඉවර කරලා පරක්කු වෙලා නින්දට යන එක. දෙක පාන්දරින් කවුරුත් නැගිට්ටවන්නේ නැති එක. නැගිට්ටාමත් මගේ රෙදි අයන් කරලා වැඩ ඉවර වෙන්න වෙලා යන එක.” අපෝ එච්චර ප්‍රශ්න නම් බැන්දාම හරියයි... “බැන්දාම මේ ටිකවත් කරන එකක් නෑ. දැන් පේන්නේ නැද්ද චන්දිමා ටිචර්.” ඇවරිගේ උත්තරෙන් එහි හිටි හැමෝට ම හිනා ගියා. “චන්දිමා අක්ක අවුරුදු විස්සක් ම ළමයින්ට ඉගැන්නුවා. එයාගේ තරුණ කාලෙම  හිටියෙ ළමයි එක්ක. දැන් මැරි කළාම ඒ අය නාවට කමක් නෑ. පුළුවන් කාලෙ ඇති තරම් ඒ අය අනුන්ගේ ළමයින්ට උගන්නන්න මහන්සි ගත්තා.” ඒන නම්  ඇත්ත. හැබැයි මේ යස්ස පැටව් ටික ආන්බාන් කරන්න ටීචර් හිටියා නම් හොඳයි. පන්සිල් දෙන්න සූදානම් වුන නිසා ඇවරි ධර්මශාලාව පැත්තට ගියා.

ඇවරි වුනත් තාමත් සර්විස් එකේ ඉන්නේ ඒ නිසා. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම්. කිච්චෝ මනුස්ස පටිලාභෝ නිසා ලැබුණු මනුස්ස ආත්මෙන්, සමාවෙන්න ඕන අත්භවයෙන් (බෞද්ධ අපි අනාත්මවාදීන් නේහ්) උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන. තව කොච්චර කාලයක් මට මෙහෙම කරන්න පුළුවන් වේද දන්නේ නෑ. ඒ කාලෙ උපරිම දෙයක් කරන්න තමා උත්සාහ කරන්න ඕන. එකෙක් හරි හැදුනොත් ඇති. අපි වැඩ කරන්න ඕන ඒ එකා වෙනුවෙන්.    


එදා රැස්වීමෙදි ජයගත් ළමුන් ඉදිරියට  කැඳවා ඔවුන්ට ආශිර්වාද කිරීමක් සිද්ධ වුනා. එදා සැප්තැම්බර් දාහත් වෙනිදාට යෙදුන අනගාරික ධර්මපාල දිනය වෙනුවෙන් විශේෂ දේශනයක් සංවිධානය කරලා තිබුණා. ගොඩක් කරුණු දැන කියාගන්නත් පුළුවන් වුනා. පුළුවන් තරම් උදේ රැස්වීමට එන්න උත්සහ කරන්න ඕන කියලා ඇවරි හිතා ගත්තා. 

කලර් ලයිට් ට්‍රැෆික් වේටින් හෙවත් හිඟනාලංකාරය

ගොඩ කාලෙකට පස්සේ සලාදයක් ලියන්න ආව ම අදාළ ම නැති මාතෘකාවක් ගැන ලියලා කියලා සසුන් ලැදි පින්වතුන් මල ජම්ප් කරගන්න එපා. මේක කාලයක් තිස්සේ ඇවරිතුමා ලියා පළ කරන්න හිතාපු කතාන්දරයක්. (ඒ තේමා වාදනය නම් පුරුදුයි, පුරුදුයි වගේ ඇවරියෝ....) ගොඩක් දේවල් මං කාලයක් තිස්සේ කරන්න බලාපොරොත්තු වන දේවල් තමා. කොටින් ම ඇවරි කියන්නේ ස්වභාවයෙන් ම අසම්පූර්ණ කතා වස්තුවක්. එහි සමහර එපිසෝඩ් ලියලා අහවර කරන්න බැරි ජීවිත ගණනාවක් ඊට ගැටගැසී තියෙන නිසා. කොටින් ම ඒවා ලියා පළ කළොත් පාත්‍ර වර්ගයා වෙනුවෙන් කර්තෘභාග ගෙවන්න ම මට තව රස්සාවක් හොයා ගන්න සිද්ද වෙනවා. ඒ නිසා වන්නාට යහපත කියලා කොපි රයිට් ඇක්ට් එකෙන් කවර් වෙන ඇවරියාණෝ වත හෙළි කිරීමටයි යන්නේ..

ඕන් පෙන්නන්නයි ආවෙ - පෙන්නන්නයි යන්නේ....! මෙන්න පළවෙනි මෝස්තරේ....!!!

ගාලු පාරේ පානදුර, මොරටුව බස්වල යන අයට මේ වචන ටික ඇහිලා ඇති. මෙහෙම කියන්නේ බස් එකට නැගලා පත්තර කොළ වලින් විවිධ විසිතුරු මෝස්තර කපලා පෙන්වන තරුණයෙක්. පොල්අත්ත, ඉණිමග, මල් පොකුරු  ඔහුගේ නිර්මාණ අතර තියෙනවා. පෙන්නන්නයි ආවෙ - පෙන්නන්නයි යන්නෙ වචන ටික ඔහු ඇදලා පැදලා කියන හැටි හරි අපූරුයි. කතාව මේ විදියට බස් එකේ නැගලා දක්ෂතාවයක් පෙන්වලා ඩමියක් දාලා කීයක් හරි ඉල්ලන අය ගැන නෙමෙයි හිගන්නො ගැන. හිගන සලාදයක් ලියන්න තරම් ඇවරි බංකොළොත් වෙලා ද කියලා කවුරු හරි ඇහුවොත් ඔව් කියන්න පුළුවන්....

දැනට සතියකට විතර ඉහත ඉදන් රෑට ඇවරිතුමා ගෙදර එද්දි මුණගැහෙන කාන්තාවක් කරපින්නාගෙන, දෙමටගොඩ හන්දියේ හිගමන් යදින ජෝඩුව තමා මේ සලාදය ලියන්න ආසන්න නිමිත්ත වුනේ. හිගන්නො කිව්ව ම අපි මේ කතා කරන්නේ වෘත්තිය හිගන්නො ගැන. නැතුව බඩගින්නේ කන්න නැතුව හිගාකන මිනිස්සු නෙමෙයි. මේ දෙන්නාගේ උපක්‍රමය ඉතා සිත්ගන්නා සුළුයි. බොරැල්ල හන්දිය, කනත්ත ඉදිරිපිට, කැලණිතිස්ස බලාගාරය, ඔරුගොඩවත්ත හන්දිය (ලාෆ් සුපිරි වෙළදසැල ඉදිරිපිට) වගේ තැන්වල අනිවා හිගන්නො දකින්න පුළුවන්. නමුත් මේ කරේ තියන් හිගාකෑමේ ස්ටයිල් එක අලුත් ම සීන් එකක්. රතු එළිය පත්තු වෙනකම් හිගන කත ඉන්නේ පාර අයිනේ ඇති රෝද පුටුවේ. රතු දැල්වුන ගමන් පිරිමියා ඇය කරේ තියාගෙන පාරට එනවා. අර ගස් නගින මිනිස්සු වළල්ලක් පාවිච්චි කරනවා වගේ හිගන කාන්තාවගේ බර දරා ගන්න ඔහු පාවිච්චි කරන්නේ දගර ගසන ලද ලේන්සුවක්. මුල් ම වතාවට නම් කෙනෙක් දැක්කොත් කීයක් හරි දෙනවා. හැබැයි හිගන මනුස්සයා රෑ දොළහට කලර් ලයිට් එකේ හම්බුනත් කියන්නේ මෙයාට බත් එකක් ගන්න කීයක් හරි දෙන්න කියලයි.

ඇවරිතුමා ගේ ප්‍රතිපත්ති ප්‍රකාරව ගායකයින්ට නම් සල්ලි දෙනවා. හිගන්නන්ට නම් දෙන්නේ නෑ. මොක ද බොහෝ දෙනාව ඇවරිතුමා දන්නවා වගේ ම මේ බජාර් එකට මල්ලී - අහසත් නෑ... පොළොවත් නැති නිසා ඔවුන් ඇවරිවත් දන්නවා. සාමාන්‍යෙයන් පොත් විකුණන මිනිස්සු, හිගන්නො, පිළිකා රෝගීන්, ආධාර පත්‍ර, චයිනා-මයිනා ඔක්කොම සෙට් වෙන්නේ ඇවරි තුමා වැඩට යන දවල් එකොළහමාරත් දොළහත් අතර ඉරට හැතැප්මට පායන වෙලාවට. ඔවුන්ගේ ඉලක්කය දිනයේ හමුවන අවිනිශ්චිත පාරිභෝගිකයන්ට කඩිනම් අවශ්‍යතාවක් ඇති බවට මවා පාලා තමන්ගේ වෙළදාම කරගන්න. බලන්න මාත්තයා, මට ලයිට් බිල්, වතුර බිල්, කඩකුලී ගෙවන්න නැති නිසා පොත් පහ ම සීයට දෙනවා. කොච්චර සිම්පල් ප්ලෑනක් ද? ඔය විකුණන මිනිස්සු නම් කමක් නෑ කියමුකො. කෑලි ගානට පොත් විකුණන ගොඩක් දෙනා මාලිගාවත්තේ බුවාලා. ඊයෙ ආවෙ නැ නේද? නෑ සර් ඊයේ 138 රූට් එකේ නේ හිටියේ කියලා පොරවල් ම කතාවට සෙට් වෙනවා. හැබැයි මේ අය පොත් විකුණලා සික් එක නැති කරගන්නවා මිසක් දුර බස්වලින් බෑග් අරන් බහින්න, චේන් කඩන් දුවන්න, පොකට් ගහන්න වගේ රොම්පි වැඩ කරන්නේ නෑ වගේ ම බෞද්ධ කොඩි විකුණනවා වගේ චාටර් ගේම් ගහන්නෙත් නෑ.

හැමදාම වැඩට යද්දි ඒ අයත් හැමදාම එනවා. ඉතිං අපි හිනාවුනාම ඒ අය හිනාවෙනවා. කතා කළොත් කතා කරනවා. ඇත්තට ම ඒ මිනිස්සුන්ට මට වඩා සල්ලි තියෙනවා. නැත්තෙ පිළිගැනීමක් විතරයි. සමාජය තුළ හිගන්නන් ලෙස අධිනිෂ්චය වීම නිසා යම් පසුගාමී මානසිකත්වයක් මිසක් සල්ලි බාග අතින් ඒ අය ස්ථාවරයි. දන් අර කොළඹ කොටුවේ සිට මුහුදුබඩ මාර්ගයේ පානදුර දක්වා හිගාකන පිළිස්සුනු ගැහැනිය ජීවත්වෙන්නේ දෙමටගොඩ මහල් නිවාස සංකීරණයේ. ඒ ඔවුන්ගේ ජීවිතය.

ගණිකාවන්ගේ තත්ත්වයත් මීට සමානයි. අපි ගල්කිස්ස හබ් එකේ ඉන්න නිසා නිතර දකිනවා. කවුරුත් ඒ කාන්තාවන් පහත් කොට සලකන්නෑ. මොක ද වීල් අයියලා, වටේ ලොජ් ටික දුවන්නේ ඇගේ කොමිස් මුදල්වලින්. ඉතිං හිගන්නො කියන්නේත් ඒ වගේ. වෙනසක් නෑ. ඒකත් රස්සාවක්. ඇවරිතුමාට නම් මල පනින්නේ කඩු ගිලින එකා හරි ටියුබ් ලයිට් කන එකා හරි නැග්ගොත් තමා. මට ඒ දර්ශන නම් බලන්න ම බෑ. බුවා නැග්ගොත් ඇවරිතුමා ඉදිරි පෙළ අසුනකට මාරු වෙනවා. හැබැයි ඇවරිතුමා බසයේ හිටියොත් ඉදිරි අසුනකට මාරු වෙනකම් බුවා වැඩේ පටන් ගන්නෙ නෑ. ඒකටයි ඩීල් දාගන්නවා කියන්නේ. හැමදාම යන නිසා පොරත් අපිව දන්නවා.

ඉතිං හිගන්නො කියන්නේ බොහොම ගරු කටයුතු පිරිසක්. මොක ද හිගා කෑවට ඒ අයගෙත් ආචාර ධර්ම තියෙනවා. ඒව නම් මේ සලාදෙ නොලියන තරමට හොදා. හි‍ගන්නන් සම්බන්ධ පුද්ගලබද්ධ ප්‍රතිපත්තිත් හරි අපූරුයි. ඇවරිගේ මාතාව ළමයි වඩාගෙන හිගාකන අයට සල්ලි දෙනවා. ඇවරිගේ නැගණි පරාණය ඕනෑම හිගන්නෙකුට හමුවන පළමු අවස්ථාවේ පමණක් සල්ලි දෙනවා. තව දුන්නත් වැඩක් නෑනේ ලොකූ.. ඒ මනුස්සයා එක ම නැතනේ?? ඒ හරිය තේරුම් ගන්න තමුන්ට දන් දෙන්න ම සිද්ද වුන එකනේ වැඩේ. නෑ නෑ ඒක මං අනුග්‍රහ භක්තියෙන් නොව පූජා භක්තියෙන් දුන් දානයක්. සාදු කියන්න පින්වතුනි...! සාදු සාදු සාදු

ඇවරිතුමාගෙ ඩැයිවර් මාතලී තමා අපූරුම කතාව කිව්වේ. දැන් සර් අපි භාණ්ඩ හා සේවා අරගෙන ඒකට මුදල් සරිලන මුදල් දෙනවා. හිගන්නා මොක ද කරන්නේ උගේ දුක අපිට විකුණලා අපේ අනුකම්පාව මුදල් කරගන්නවා. අනුකම්පාවට සේල් එකක් තියෙන්නෙ වැරහැලි ඇදන් ඉද්දි, තුවාලයක් තියෙද්දි කියලා උන් දන්නවා. මං හිගාකෑව නම් දුක කියලා ඉල්ලන්නේ රුපියලක් විතරයි. රුපියලක් දෙන්න කවුද අකමැති වෙන්නේ. තියෙන අය වැඩිපුරත් දෙයි. දැන් බලන්න සමහර වෙලාවට අතේ රුපියල් පහ තියාගෙනත් අපි නොදී ඉන්නවා, අනිත් ඔක්කොම දහය, විස්ස දෙද්දි රුපියලක් දීලා හිගන්නන්ගේ ගණකම බලන්න අකමැති නිසා. හිගමන් ඉල්ලන එකත් ලොකු සීන් දාන කාලයක්නේ මේක. අහවලා මෙච්චර දුන්නා, මෙච්චචර දුන්නා කියනවාට වඩා ඌ බලන්න ඕන යටහත් පහත්ව අපෙන් කීයක් හරි දත ගලවා ගන්නනේ. ඒකට දැන් කාලෙ හිගන්නෝ ඉතිං මුන්ට හරියයි ද සර්...?  


දැන් කියමු බලන්න එහෙම හිගාකාලා හරිගියපු මිනිස්සු ගැන? ඇයි සර් හිඟන මුදලාලියා. බැංකුවේ ප්‍රයෝරිටි කස්ටමර්. ඩේලි රෝලක් දානවනේ සුද්ද ලාභයෙන්. මොකෝ බදු ගහනවා කියලයැ? ඔහු හිනාවෙවී කියනවා. අර දුප්පතුන් නැති ලෝකය කතාවේ වගේ ඇවරි විශ්වාස කරන්නේ නම් මිනිස්සුන්ට ජීවත්වෙන්න ක්‍රමයක් හදලා දෙන එන හිඟාකන තැනට වැඩ සිද්ධ කරනවාට වඩා පිනක් වෙනවා. කෝ මේ උසින් බලලා සිකුරුටි ද කම්කරු ද කියලා නියම කරන මඤඤ්ං ඔස්තාර්ලා ඉන්න රටේ සමෘද්ධියත් හොරා කද්දි දුප්පත්කම පිටු දැකීම හීනයක් ම විතරයි. දුගී බවේ විසම චක්කරේ හැමදාම එකම තැන. 

Friday, October 21, 2016

චින්තප්පි නහෝති හෙවත් ළාමක ටින් ටින් කොළු කෙරිට්ටන්ගේ යුධ ජයග්‍රහණය...!!

කාලෙකින් සලාද ලියන්න ඇවරි ෂීනන්ට නොහැකි වුනේ වැඩ වැඩිකමට වඩා ආස කරන වැඩ වැඩි වුන නිසා කියන්න පුළුවන්. ආස කරන වැඩවලින් අති මහත් බහුතරය සමාජ සේවා, කඩේ යාම්, මරාල සහ නොයෙක් පර වැඩ වුනත් ආස කරන පුද්ගලික වැඩත් තියනවා කියලා ඈවර විතාන තේරුම් ගත්තේ මේ ඊයේ පෙරේදා. ඒ එක්ක ම පහුගියේ ටිකේ ඇනුවල් ඉයර් ප්ලෑන් එකේ තිබුණ සමහර කටයුතු වලටත් සහභාගී වෙන්න තිබුණා. දහම් පාසල් තරග ඒ අතර ප්‍රධානයි. 

මේ ගැන ඇවරිතුමා ම පෝස්ට් බර ගාණක් ලියලා තියෙන නිසා අමුතුවෙන් ලියන්න ඕන කරන්නෙත් නෑ. නමුත් තරග වැදීම සහ ලිවීම කියන්නේ ඇවරිතුමා තව තවත් තිරිහන් කරන ක්‍රියාදාමයක් නිසා ඒ වෙනුවෙන් අපි බුද්ධිමය ශ්‍රමය යොදවන්නේ ඉතා ම කැමැත්තෙන්. මෙදා පාර අපි දක්ෂ පුංචි කෙල්ලක් හොයාගත්තා වගේ ම ඇය ඉතිහාසය තරමක් වෙනස් කරන්න සමත් වුනේ ඇවරිතුමාට පුංචි දුකක් ඉතිරි කරමින්. පහුගිය අවුරුදු පහ ඇතුළෙ මුල් ම වතාවට හත්වන ශ්‍රේණියේ ප්‍රථමස්ථානය අපෙන් ගිලිහෙන්නේ බොහොම කණගාටුදායක විදියට හැබැයි මගේ කණ්ඩායමේ දැරිවියො හය දෙනාගෙන් තිදෙනෙක් ම ප්‍රථමස්ථාන දිනා ගැනීමෙන් ඇවරිතුමා තරමක් තෘප්තිමත් වුනා.

ඇවරිතුමාගෙ හොඳම ගෝලිය, හොඳම ආයෝජනය වුන ගීත්මාගේ මේ අවසාන අවුරුද්ද. ඇවරිතුමා සමඟ පුරා අවුරුදු හතරක් විතර ඈ වැඩ කළා. සෑහෙන්න පරිණත ලේඛිකාවක් වන ඈට අමතරව විශ්මිත් ඇවරිතුමාට අවශ්‍ය සහයෝගය දුන්නා.

ඇවරිතුමාව බොහෝ ම පුදුම කළේ සෙනුමිගේ ප්‍රථමස්ථානය. බටු ඇට දෙකක් උස නැති කෙලි පොඩිස්සිය මහ කම්මැලි ආච්චියෙක් කියලා ඇවරි මුල ඉඳන් ම දැනගෙන උන්නා. ඒත් ඒ කම්මැලිකාරිට වැඩක් කරන්න පුළුවන්කම ඇති බව මං දැනගෙන උන්නා.  විසාකාවයි,   මිස් ප්‍රදීපං ගවේසථයි හැරුණා ම වර්ෂා වෙහෙර දෙව් තොමෝ මේ පාර ෆේල්වුනා. ඒ කෙලී කෙහොමත් තරගය සඳහා හොඳ මානසික මට්ටමක හිටියෙ නෑ. ඇවරිතුමා පළපුරුද්දෙන් කිසිම තරගකරුවෙක් අනවශ්‍ය පීඩනයකට ලක් කරන්නේ නෑ. වර්ෂා මැඩම් ඔබතුමී මේ පාර තරග කරන්න අමාරු ම නම් තරග නොකළට කමක් නෑ. අපි නිතරම දිනන්න ඕන නෑ පුතා. ඒත් ඔයා ඉදිරිපත් වෙන එකයි වැදගත් කීවා ම ඇය කැමැත්තෙන් තරගෙට ගියා.

තරග දවසේ ඇවරිස්ට විභාගෙ තිබුණා නේ. නමුත් ඇවරිතුමා පේපරය ලියන්න කලින් උදේ හතට ගිහිල්ලා තමුන්ගේ කණ්ඩායමට කතා කරලා ආවා. පේපරේ නම් කියලා වැඩක් නෑ. චාර්ටඩ් ඉතිං චාර් ම තමා. හවස් අතේ තරග බිමට යද්දි අපේ බොහෝ දෙනා දිනන මානසිකත්වයේ හිටියා.

අපේ අමිලා අක්කාගේ පුංචි පුතා මේ පාර පළමු වතාවට ප්‍රායෝගික දැනුම තරගයට ඉදිරිපත් වුනා. අමිලා පෙරේරා මැතිනිය චැනට ඩී. එස් සේනානායක විද්‍යාලයේ විද්‍යාව උගන්වමින් හත්වන ශ්‍රේණියේ අංශ ප්‍රධාන හැටියට කටයුතු කරනවා. ඇය තමා ඇවරිට මුලින් ම අභිධර්මය ඉගැන්වූයේ එතුමියයි. කාමාවචර සිත් පණස් හතරයි, අකුසල අහිරික කිරිය සිත් වශයෙන් සිත් 89ක් ම ඉගැන්වූවා. එතකොට ඇවරි හය වන ශ්‍රේණියේ. ඒ කාලය වන විට ශ්‍රද්ධාවන්ත බෞද්ධ තරුණියක වූ ඇය මදුරුවෙක්වත් මරන්න එපා කියලා ඇවරිට තදින් අවවාද කළා මතකයි. සාමාන්‍යයෙන් ඇවරිතුමා ශාන්ත දාන්ත, විනීත තීන්ත කූඩුවක් වුනාට  ඒ කාලෙ මදුරුවො නම් මැරුවා. හවස අමාලි අක්කා ගෙදර පන්ති දාපු කාලෙ මදුරුවො වටවෙලා ලේ බිව්වත් මරන්නෙ නැතිව හිටියා. ඒකට ඇවරිගේ මලයා. සිරිපාල මහතා. මදුරුවගේ ලේ ගෙඩිය කියන කොටස මිරිකලා මරන්න තමා ඔහු කැමති. ජාති මස් වැද්දෙක් කියලයි ඇවරි මාතාව පුංචි කාලෙ බැන්නේ.

ඇවරිට පැය විසිහතරෙන් චෛතසික පණස් දෙක කටපාඩම් කෙරෙව්වෙත් අමාලි අක්කා. ඒ කාලෙ ඒ අය ගුරුවරු හැටියට අපිත් එක්ක සෑහෙන්න දිව්වා. ගුරු වෘත්තියේ ඇගේ පළමු පත්වීම අම්පාර පැත්තේ ඉස්කෝලෙකට. නමුත් ඇය කොළඹින් අඩු මිලට ප්‍රශ්න පත්‍ර මිටි ගණන් එහේ පාසල් වලට මුද්‍රණය කරවලා බස් වලින් ම ගෙනෙහින් සෑහෙන්න කැපවීමෙන් දරුවන්ට උගන්වන්න වැඩ කළා. ඇගේ විවාහ මංගල උත්සවයත් ඇවරිට මතකයි. උදේ ඇවරි වරුවක් නිවාඩු දාලා අමිල අයියත්, අපේ චමරි අක්කාත් එක්ක හෝටලයට ගිහින් පෝරුවේ චාරිත්‍ර සඳහා අවශ්‍ය සූදානම් කිරීම් සහ පිච්ච මල් සැරසිලි කළා. කරලා බත්තරමුල්ලෙ මගේ කාර්යාලයට ගියා. ඇවරි මැක්කා වගේ අමාලි මැතිනිය ගැන ලියන්න හිතුවෙ මේ බ්ලොග් එකේ වෙන තැනක ඒ චරිතය ගැන ලියැවෙන එකක් නැති නිසා.

ඇගේ ස්වාමියා ලක් එෆ් එම් හි වැඩ කරන අයියාත් හරි හොඳ මහත්මයා. මුලින් ම ඔහු අපි එක්ක වැඩ කළේ ඉස්කෝලෙ හාමුදුරුවන්ගේ ආදාහනේ වෙලාවෙ. ඒ කාලෙ DSLR කැමරා හැමෝම ළඟ තිබුනෙ නෑ. ඒ අයියා මාර ගතී එකක් අරං ආව. ඔහු හරි සිම්පල් මනුස්සයෙක්. තව අපි දෙන්න එක්ක වැඩක් කළේ පෙරහැර අවසානයේ මනුස්සයෙක්ට හතිය හැදුන වෙලාවෙ. අයියා වහා ඉදිරිපත් වෙලා කාරෙකෙන් ඒ මනුස්සයාව ඉස්පිරිතාලෙ ගිහින් ජීවන්කෝ බචානේ කියා. කවුද කියලාවත් නොදැන ඒ මනුස්සයාව දෝතින් ම අරන් ට්‍රොලියට දැම්මේ දෙපාරක් නොහිතා. අන්න හීරෝ පුතා. පස්සෙ සෙරෙප්පු දෙක ගළවපු තැනක්වත් මතක නැති එක ඩිෆරන්ට් ඉස්ටෝරි ඉතිං...

 මෙදා ප්‍රතිඵල අපි හිතුවාට වඩා සාර්ථක වුනා. දැන් අපේ සීනියර් ප්ලේයර්ස්ලා පැන්ෂන් යන කාලේ. ඉතිං අලුත් ලේ හොයාගෙන අලුතින් ආයුධ රැස් කරන්න වෙන කාලෙ. අලුත් ආයුධ මුවාත් කරන්න අලුත් තාක්ෂණය සහ සෑහෙන්න ඉවසීමක් ඕන. ඒක මැණික් ගරනවා වගේ වැඩක්. අපිට ප්‍රථමස්ථාන දහයක් ම  ලැබුණා. ආයෙ අහන්න දෙකක් නෑ. මණ්ඩලේ කොච්චර කචල් වුනත් තණ්ඩලේලා තමා එක. අර පුංචි එකාත් දෙවැති තැන අරං තිබුණා.

මෙදා තරග බිමේදි ඇවරිතුමාගෙ හිත බොහෝ සෙයින් සසල වුන සිදුවීමක් වුනා. සියඹලාපෙ පැත්තෙ දහම්පාසලක ඇවරිතුමා වගේ කටයුතු සංවිධානය කරන ආදි දහම් දැනුම තරගකරුවෙක් වුන අපේ සහෝදරයෙක් රිය අනතුරකට මුහුණ දීලා කකුලකුත් කපා ඉවත් කර තිබියදී තරග බිමට ඇවිත් තිබුණා. කිහිළි වාරුවෙන් ආපු ඒ සහෝදරයාව දැක්කා ම අවංකව මං මොහොතකට ගොළුවුනා වගේ ම ඇහැට කඳුලු ආව. කොටින් ම මට කතා කරගන්න වචන හොයාගන්න අමාරු වුනා. අයියා කියවුනේ අමාරුවෙන්. නමුත් ඔහු ඒක ගානට නොගෙන හිනා වුනා. මොනවා කරන්න ද මල්ලි හැමදේම මිනිස්සුන්ටනේ වෙන්නෙ. සියල්ල අනිත්‍යයි. ඔහු බොහොම සැහැල්ලුවෙන් කීවා. එදා ඇවරිතුමා ගෙදර ආවෙ බොහෝ කැළඹීමෙන් හැබැයි පස්සෙ සතියකට සැරයක්වත් එතුමා අමතලා සැප දුක විමසන්න ඇවරි පුරුදු වුනා. මිනිස්සුන්ට කරදර ආවාම තමා මල්ලි තේරෙන්නේ අපි කොච්චර ශක්තිමත් ද කියලා. එතුමා මට බොහොම ළෙංගතුකමින් කාරණා වටහා දුන්නා.

තරග ජයග්‍රහණයට පස්සේ ඉරිදාත් හැපනින් කෝටියක් වුනා. ඒ ගැන පස්සේ ලියලා දාන්න හිතාගෙන දැනට නවතින්නම්..!!