Wednesday, December 14, 2016

යෑර් පේසීන්ගලා හෙවත් ඇවරිගේ සිංග්ටැංග්ලිෂ් ඇක්සන් ප්ලෑන | බ්‍රිලියන්ට් ස්ටාෆ් 2

මේ සලාදය මයි බ්‍රිලියන්ට් ස්ටාෆ් නමින් ඇවරි පළ කරන ලද සලාදයක් හා බැඳේ.

ඊළඟ  දවසේ  ම ඇවරිතුමා කළේ විදුහල්පතිතුමන්ලාට යැවෙන ලිපිය කෙටුම්පත් කිරීම. ලියලා හමාර වෙලා පොෂ් කඩ්ඩෙන් හෝදලා ලොක්කා තුමාට දුරකථනයෙන් ම ලිපිය කියෙව්වා. ලියුම නම් හරි අපි ගැන තියෙන ඉන්ට්‍රො එක තව අඩු කරන්න. හැබැයි කරුණාකරලා ඕක සිංහලෙන් ඩ්‍රාෆ්ට් කරන් එන්න. ඒ එක්ක ම දෙමළ පිටපතත් මට ඕන. මොන පුයන්නක් ද බාසා තුනෙන් ම මේ ලියුම?? අන්තිමේ දී මං ප්‍රධාන භාෂා තුනෙන් ම ලියැවුණු ලිපි කියෙව්වා. දෙමළ දැනගෙන හිටපු එක මාර උදව්වක් වුනා. කෙවින් සහ ඔහුගේ බිරිඳ ලක්ෂි තමා මගේ කටු අදහස් ව්‍යක්ත දෙමළ වාක්‍ය බවට පත් කළේ.

කිළිනොච්චි මහා විද්‍යාලයේ උපකරණ බෙදා දීම..
අන්තිමේ දී ලොකු බොස් කියපු කතාව තමා මරු දැන් ඔය ඉංග්‍රීසි පිටපත රෝල් කරලා ඕන තැනක ගහගෙන සිංහල සහ දෙමළ පිටපත් ඉස්කෝලවලට යවන්න. ඕන නම් මිනිස්ට්‍රි එකේ කට්ටිය හම්බවෙලා කතා කරගන්න. බොස් දුන්න උපදෙස් එච්චරයි. ඊළඟ සතියේ ඇවරිතුමා ඉසුරුපායේ දී අවශ්‍ය පිරිස් මුණගැහිලා කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ක්‍රීඩා අධ්‍යයක්ෂකවරු මුණගැහුණා. ලිපි තැපල් කරන්න රුපියල් දෙදාහකට වඩා ගියා. නමුත් බලාපොරොත්තු වූ තරමින් පිළිතුරු ලිපි ලැබුණෙ නෑ. ඇවරිතුමාට සෑහෙන්න හිතට අමාරු වුනා. අපි හොඳක් කරන්න ගියාමත් මිනිස්සුන්ට ඒකේ අගයක් නෑ.

පස්සේ අපි යවපු ලිපියට චේස් කරවන්න හැම පාසලකට ම කෝල් කරන්න ඇවරිතුමා කටයුතු කළා. බොහෝ ලිපි අදාල අංශවලට ලැබී තිබුණෙ නෑ. සමහර ලිපිවලට පිළිතුරු එවා තිබුණත් ඒවා ප්‍රමාදයි. ඒ දිනවල පාසල්වල ක්‍රීඩා තරග නිසා තවමත් ලිපිය ක්‍රීඩා භාර ආචාර්යවරයා ළඟ. අපි ශිෂ්‍යත්වය සඳහා පාසලකින් දරුවන් දෙදෙනෙක් යෝජනා කර එවන හැටියට දන්වා තිබුණ නිසා එහි තොරතුරු පිරවීමට කාලයක් ගත වුව බව ඇත්තක්. කොහොමින් කොහොම හරි මුල් ම උපකරණ බෙදා දීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් හයක් සහ ගම්බද ක්‍රීඩා සමාජ දෙකක් සම්බන්ධ කරගත්තා. එය පැවැත්වුනේ නුවර ග්රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී. දෙවැන්න බෙන්තොට සෙන්ටාරා හෝටලයේදී. ඔහොම ඔහොම අපි ආපු ටුවර්ස් පහකදී අපි දිස්ත්‍රික්ක පහකට ක්‍රිකට් බෑග් හැත්තෑවක් විතර බෙදුවා.
කවදා කරපු ක්‍රිකට් ප්‍රැක්ටිස් ද ආයුබෝන්...?? ඇවරි ද කෝච්!! 
 කල් යද්දි ලයන්ස් ස්පෝර්ට් එකේ ඇන්ඩෘ ලංකා ක්‍රිකට් බෝර්ඩ් එකෙන් හොයන්න ගත්තා. දවසක් පහළොවෙන් පහළ තරගාවලි ලේකම් ඇවරිතුමාට නිල ආරාධනාවක් කළා. අපි ක්‍රිකට් බෝර්ඩ් එකට යද්දි හැමෝම අපිව අඳුනගෙන හිටියා. අපි කරපු වැඩ අහලා තිබුණා. එතනින් පස්සේ අපිට විදුහල්පතිවරුන්ට කතා කරමින් අමාරුවෙන් වැඩ කරන්න වුනේ නෑ. අපි දිස්ත්‍රික්කයක් නම් කළා ම ඒ කළාපයේ අමාරුවෙන් ම ක්‍රිකට් ගහන පාසල් ටික පාසල් ක්‍රිකට් සම්මේලනය මගින් නම් කොට අවසාන නාම ලේඛනයක් අපවෙත එවන තැනට වැඩේ සිද්ද වුනා. එතනින් අපිත් යම් සොයාබැලීමක් සිදු කරලා අවශ්‍ය පාසල් තෝරාගෙන ඔවුන්ට ආරාධනා කරලා වැඩේ කරගෙන ගියා. අපේ ඉලක්කය ළමුන් දහඅට දහසකට උපකරණ ලබා දීම. ඒ අපේ ප්‍රනාව් වෙනුවෙන්. එයාට හැදිලා තියෙන මොළයේ නියුරෝන අසමතුලිතාව ළමයි දහඅට දාහකින් ළමයෙකුට හැදෙන එකක්. වෛද්‍ය නිගමනය අනුව නව යොවුන් වියේදී ඔහු මිය යනවා. සාමාන්‍යයන් අපි දෙන සම්පූර්ණ උපකරණ කට්ටලයක් ලක්ෂ දෙකත් තුනත් අතර පමණ වෙනවා. පාසලකට අවම වශයෙන් කට්ටල දෙකක් ලැබෙනවා. ඉන් ළමුන් තිහකට පමණ ක්‍රීඩා කළ හැකියි. අප කණ්ඩායම් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිලෝග්රෑම් හතළිහක් බැගින් ලබාදුන් නිසා මුලින් ම සියලු ම උපකරණ අපි ගෙන්වුවේ ගුවන් මගින්. නමුත් එකවර කණ්ඩායම් දෙකක් ක්‍රිකට් සංචාරයකට ආපු නිසා හීතෘ ගුවන්තොටුපලේ එක් පර්යන්තයක් ම අපේ පිරිසගෙන් පිරීයාමෙන් ගුවන්තොටුපල රාජකාරී සඳහා බාධා පැමිණුනා.

මේ පුංචි උන් කවදාවත් ම ග්ලවුස් දාලා බැට් කරලා තිබුනෙ නෑ..
ඔවුන්ට බැටින් පෑඩ් ඇන්දීමෙන් අපි බොහෝ විනෝද වුනා
එහිදී ඇතිකරගත් එකඟතාවයක් මත සියලුම ආධාර ලෙස ගෙන්වන ක්‍රිකට් උපකරණ බහාලුම් මගින් ගෙන්වීමටයි සූදාකම් කරුණේ. මාසතුනකට වරක් එක කන්ටේනරයක් බැගින් ගෙන්වන්න අපි කටයුතු කළා. ඇත්තට ම කාලයක් තිබුණා බඩු බෙදනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න බැරි වුන. දැන් දැන් අපි දෙමළ පාසල් ගැනත් අවධානය යොමු කරලා තියෙන්නේ. ක්‍රිකට් කියන්නේ ඇවරි පුද්ගලිකව අකමැති ක්‍රීඩාවක් වුනාට දැන් කැමැත්තක් ඇතිවෙලා මොකද ඒ දරුවො මිල අධික සන්නාම යටතේ නිමැවුන උපකරණ ආසාවෙන් අතට ගද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. තව පුළුවන් තරම් කාලෙකට අපි මේ වැඩේ කරනවා. ඇත්තට ම කිව්වොත් එංගලන්තේ අපිට එකතුවෙන බඩු ලංකාවට ගෙන්වන්න විශාල මුදලක් යන වැඩක්.

නමුත් අපි සෑහෙන්න ගේමක් ගහනවා. මුලින් මුලින් තමා කාගෝ රිලීස් කරගන්න අමාරු වුනේ. දැන් නම් කිසි ගැටලුවක් නැතුව කන්සයින්මන්ට් ඔෆිස් එකට ම එනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පාසල් ක්‍රිකට් සංචිතය, ‍පෑලියගොඩ රේගු කාර්යාලය වගේ ම දානපතියන්ට මෙච්චර දුරක් අපිව එක්කන් ආවට සුබපතන්න ඕන.

සාමාන්‍යෙයන් අපි බෙදාදෙන්නේ පාවිච්චි කළ ක්‍රිකට් උපකරණ වුනාට මේ ඊයේ පෙරේදා අලුත් ම බඩු වගයක් අපිට ලැබිලා තිබුණා. එහේ ළමයි ගෙවල් වල වැඩකරලලා එකතු කරපු සල්ලිවලින් ලංකාවෙ ළමයින්ට අලුත් ම ක්‍රිකට් උපකරණ මිලදීගෙන. තමුන් නොදන්නා රටක ළමයින් වෙනුවෙන් තමුන්ගේ මහන්සියෙන් උපකාර කරන්න මිනිස්සු පොළඹවනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඇවරිගේ බොස්තුමා ඒක අපූරුවට කරනවා. තමුන්ගේ මුදල් ප්‍රයෝජනවත්ව තවත් ජාතියක ළමයි යොදා ගැන්නවා දැකීමෙන් ඒ මිනිස්සු ගොඩක් සතුටු වෙනවා.

අපේ අන්තිම කැම්පේන් එක කෙරුණෙ කිළිනොච්චිය සහ යාපනේ දිස්ත්‍රික්කවල. යාපනේ තුලසි මහල් වෙත ප්‍රදාන උත්සවයට පැමිණි ළමුන්ගෙනුත් අපට ලැබුණු ප්‍රතිචාර ඉහළයි. එක ශිෂ්‍යත්වලාභියෙක් අපි හොයාගත්තේ පුතුකුඩඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයෙන්. ආයෙත් නොවැම්බරයේ පටන් 2017 මැයි දක්වා  ම අපිට වැඩියෙන් වැඩ තියෙනවා. මේ හැමදේම කරන්නේ අපි කිහිප දෙනා තමයි. බඩු තෝරන්නේ ලංකාවෙන් වෙලාවෙන් රෑ දහයාමාරෙන් පස්සේ. අපේ එහේ කාර්යාල වේලාවන්ගෙන් පස්සෙ. ඉතිං ඉවර වෙද්දි පාන්දරට එළි වෙනවා. නමුත් කොච්චර මහන්සි වුනත් අපි දන්නවා ඒකෙන් ලංකාවෙ ඈත පිටිසර පළාතක ළමයි පිරිසක් සතුටු වෙන බව. අපි අලුතින් ගත් ඉන්දීය සම්බවයක් ඇති දමිළ සේවිකාව නිසා වැඩ තවත් ලේසිවෙලා තියෙන්නේ. ඇය බොහෝ චතුරව භාෂා තුනට ම හසුරවනවා. මුලින් මුලින් ඈර් පේසින්ල්? කියලා අහලා කොංජ ඉරුන්ග අම්මා.. තමිළිලෙයි පේස ඒලාද කියපු ඇවරි ඕ.. සරි සරි...එන්න විෂියුම්..?? කියලා ක්‍රිස්ට නොදී ම ඇදගෙන යනවා. ඇත්තට ම අපේ කාර්යාලීය භාෂාව සිංග්ටැංග්ලිෂ් වීම අමතර වාසියක්.


Monday, December 12, 2016

අෂ්ටක බුවාගේ රන් කෙණ්ඩියෙන් පැන් විසිරීම හෙවත් මයිනාට කිරි පෙවීම - මහේෂ-පවී 2

ඇවරිතුමා ශාලාවේ නිරීක්ෂණ චාරිකාවට සහභාගී වෙද්දි කලින් කතාකරපු වේටර් කොලුවෙක් කලබලයෙන් මා දිහාවට ආව. සමාවෙන්න සර් පොඩි ප්‍රශ්නයක්. මොකක්ද පුතා අවුල..? ඒ අය හිතාන හිටියෙ ඇවරි පවුලේ ළඟ ම නෑයෙක් කියලා. කොහොමත් මහේෂි අක්කලා එනකම් එතන කවුරුත් හිටියෙ නැති නිසා ඇවරිතුමා කලින් ආවෙ ම මේ ට්‍රබල් ෂූටින් වැඩවලට නිසා ඇවරි ඔතොරයිඩ් පර්සන් විදියට පෙනී සිටියා.

රන් කෙණ්ඩියෙන් කිරි උණු කිරීමේ මංගල චාරිත්රය
ප.ලි - අපේ කට්ටිය කාපු කට්ටෙ හැටියට මෙහෙම වක්කෙරුවා ඇති ආයුබෝංං..!!
අපිට මේ කිරි වක්කරන වැඩේ ගැන කියලත් නෑ. නමුත් අපි ඩ්‍රයි අයිස් ලෑස්ති කළා. හැබැයි අපි ගාව ෆ්‍රෙෂ් මිල්ක් නම් නෑ. අනික් ලොකු ම දේ සර් වැඩේට රන් කෙණ්ඩියක් නම් හොයාගන්න නෑ. තරුණ පහේ වේටර් කොලුවා අවංක කණගාටුවෙන් කිව්වා. අයියෝ පුතා අර අෂ්ටක ගයිගෙන් ඉල්ලගන්න. ඉල්ලුවා සර්. එයා බෑ කිවවනේ. ඒකා හැරෙන තැපෑලෙන් උත්තර දුන්නා. 

ඕකේ දැන් ඔයාට කෙණ්ඩියයි, කිරියි දෙකම ඕන හරිද? අෂ්ටක අන්කල් පෙනුමෙන් එච්චර නරක නෑ. සුබ උදෑසනක් මහත්මයා මම මනාල මහතාගේ පාර්ශවයෙන්... අපිට පොඩි අතපසුවීමක් වෙලා ආදී වශයෙන් ඇවරි සුද්ද සිංහලෙන් ඕල්ඩ් ෆෙලෝට වැනුවා ම කිසිම අවුලක් නැතුව ඒ මහත්මයා කෙණ්ඩිය දෙන්න කැමැත්ත ප්‍රකාශ කළා. 

"නෑ ඒ කොල්ලා කතා කළේ හරියට උගේ කෙණ්ඩියක් මං ගාව තියෙනවා වගේ ඒකයි මන් බෑ කීවෙ, නමුත් පුතාගෙ කතාවත් හරි මේවා ෆොටෝඔලට නේ වැදගත්...!!"   ඊළඟ කැඳවීම වේටර් පුතණ්ඩියට. "හේයි බඩී අවුරුදු කීයක් මේ ජොබ් එක කරනව ද?" මෙහේ නම් මාස දෙකයි සර්. ඊළඟ පාර මනුස්සයෙකුගෙන් දෙයක් ඉල්ලද්දි ඒ ටෝන් එකෙන් ඉල්ලන්න. මේ උදේ පාන්දර මිනිස්සුන්ට මලපන්නන්නෙ නැතුව. පෝරුව ඉවර වුනා ම ඔයා එතෙන්ට යන්න. කෙණ්ඩිය ලැබෙයි. මං කිරි එක ගෙනත් දෙන්නම්. ඒ කියනවත් ඒකක ම ඇවරි අෂ්ඨක අන්කල් දිහා බලලා තම්බ්ස් අප් එකක් දාලා තැන්ක් යූ කිව්වා. කෙස් පැහුණ එතුමා හිනා වුනා.

මිෂන් ගොට් මිල්ක් වෙනුවෙන් ඇවරි කැඳවුවේ නානා සහ ගිහනා දෙපළ. ප්‍රසම්පාදන අමාත්‍ය ගිහාන් මහතා සහ නානා ඇවරිතුමාවත් ඇදගෙන කාර් පාර්ක් එකට ගෑටුවා. දැන් උඹට ඕන ප්රෙස් මිල්ක් මිසක් කල් කිරි නෙමෙයි නේහ්? ගිහාන් සුපුරුදු පණ්ඩිත වාක්‍යයක් එකතු කළා. ඔය ෆුඩ් සිටියකින් අඹේවෙල කිරි එකක් ගමු. අඹේවෙල මොකට ද බන් ඔහොම නවත්තපන් අර අක්කාගේ කඩෙන් සැණින් දොවා එසැණින් දෙන හොඳවයින් උක්කු කුක්කු ටිකක් ගන්න පුලුවන්. නානාගේ කට ගැන ඉතිං කියන්න ඕන නෑනේ...! හරි උඹ ම බැහැලා දොවාගෙන වරෙන් කෝ කියලා අපි කාර් එකේ ම හිටියා. සැලකිය යුතු වෙලාවකින් බුවා වාහනේට ආවා. දෙව්වයින් දෙව්වෙ නෑ බං එහෙම දෙවිල්ලක්. හිටපන් අපි මුතූට කියන්නම්. බොරුනම් මේ බලපන් අක්ක කිරි කැටි නොගැහෙන්න මට ඊස්ටුත් අතට දුන්නා. තෝ නම් නානා චිහ් සමනලයා...!!

අපි එද්දි ඒ මොහොතේ සැපත් වුන ඉංජිනේරු දලයි ලාමාතුමා කබාය හදා ගනිමින් අපිට එකතු වුනා. ලිෆ්ට් එකෙන් ලොබියට ගිහින් හෝල් එක ඇතුළට ගියත් ලාමා මිසින්. පොඩ්ඩක් හිටපන් බන්. මේ ලවුන්ජ් එකේ ස්වර්ණ ලතා - මානවිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ කියලා ලාමා මෙසක් කොටලා තිබුණා. ඌ තාමත් එහෙම ද බන්...? ඒ කිව්වේ?? නෑ තාමත් දකින දසුනේ - දෙනෙත රැඳුනේ ද? වෙන්න බෑ ඇතුගල් පුරේට හිත ගියා ම ටිකක් තැම්පත් වුනා මයෙ හිතේ. අපෝ ඕකා ඒ දවස්වල හොටු පෙරාගෙන ලව් කරන කාලෙ කොහොම වදයක් ද දුන්නේ නේද බං?? ගිහානයා ලාමාගේ පැටිකිරිටය ඩොට් කොම් දිගඅරින්න තියාගත්තා. යකෝ ඌ හොඳා. ඊට වඩා ඇන්ටිබයිටික් එක්ක චාටර් වෙලා අපිවත් චාටර් කරවලා මට එක අවුරුද්දක ක්‍රෙඩිට් එකකුත් අරන් දුන්න එකාගෙ අද මඟුල. ඇවරි සබාතොමෝගේ අවධානය මංගල මල්දම පතා හිඳින්නා වෙත යොමු කළා.  මූ නිසා මං අර කෙල්ලට සරසවියෙදි බිත්තරත් ගැහුවා. අයියෝ සංසාරේ මෙවන් උන්ටත් සිල්ප සෑදේ නේ ඉතිං.. තෘ ස්ටෝරි බ්‍රෝ. ඒවා නම් ඇදලා නොගන්න තරමට හොඳා. මොකද අපිට වඩා උගේ ඩිබෙටින් ටීම් එක ම ඉන්න නිසා නිල් පාට ටයි ගැන සෑහෙන්න කතාන්දර එළියට එන්න පුළුවන්. මචං අමතක කරලමු පැරණි කතා - එක් වෙමු මේ සුභ මඟුල පතා... එහෙනම් හා ද? ගිහානා කෝමත් බුකියේ ලගිනවා වැඩියි... ලොල්       

කාර්ඩ් එකේ ඉන්න දෙන්නයි මේ දෙන්නයි මාර සමානයි නේ..??
ඔන්න ටික වෙලාවකින් බොහොම ප්‍රසන්න මනුස්සයෙක් සෙටි බැක් එක ගාව මල් ටික බලන්න ඇවිත් ඉටිපන්දම් පත්තුකරන්න ගත්තා. දැට්ස් ද සුමන මාලාකරු වෙඩින් ෆ්ලෝරිස්ට්. දෙයියෝ කොයි හිටියේ...??? කැවිලි ටික රෙඩි කරන්න ටිකක් වෙලා ගියා. කැන්ඩ්ල්ස් ටික පත්තු කළා ම මගේ වැඩ ඉවරයි. ඕකේ සර් ඩ්‍රයි, අයිස් ටික රෙඩී. අයියෝ මොකට කරදරවුනා ද? මමත් ඩ්‍රයි අයිස් ගෙනාවා. කිරිත් ගෙනාවා. කිරි නම් අපිත් ගෙනාවා. කමක් නෑ එතකොට කෙණ්ඩිය? ආහ් එතන පොඩි අවුලක් තියෙනවා. ඇත්තට ම මගේ කෙණ්ඩියේ කට ඊයේ වෙඩින් එකක දි කැඩුණා. අපි පෝරුවේ එක ගනිමු. ඒකත් අපි කතාකරලා රෙඩි කරලා තියෙන්නේ. එහෙනම් වැඩේ ලස්සනට දෙන්න. අන්න අර ස්ටුවර්ඩ් ඔයාට කෙණ්ඩිය වෙලාවට ගෙනත් දෙයි. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු.

ඔය අන්නපනල්ලේ බ්‍රයිඩ් ඇතුළට එන්න ගත්තා. ඇත්තට ම මික්සින් එකෙන් වෙඩින් මාර්ච් එකක් ගත්ත නිසා වැඩේ ලස්සනට ගියා. ආහ් මෙන්න එනවා...!! ගිහාන් වෙඩින් මාර්ච් එකටත් හයියෙන් කෑගැහුවා ම හැමෝ ම පවී -  බ්‍රයිඩ් දි ගෝර්ජස් දිහා බැලුවා. පවී එයාගේ ෆෙයරි ටේල්ස්වල ඉන්නවා වගේ ම ලස්සනට හිටියා. ඇත්ත අර වෙඩින් කාර්ඩ් එකේ ඉන්න විදියට ම. ගෑනු ගෑනුන්ට සාමාන්‍යෙයන් ලස්සනයි කියනවා අඩුයිනේ. හැබැයි දැට් මෝමන්ට් අයි වුඩ් සේ, More certainly she earned it... :)

ඒ අහු අස්සේ හොරෙන් බලා කියාපාන දේට වඩා - දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වුනේ මෙන්න මෙමයි පින්වතුනි. මට ඒ කාර්ඩ් එකේ ඉන්න රෑප දෙකෙයි මේ දෙන්නගෙයි මාර සමානකමක් දැනෙනවා නේ...?? ලක්ෂිට නම් අද උසාවි දවසක් වගේම ද මන්දා. පුරස්න පිට පුරස්න. ඔයා එහෙම කියන්නේ අර හොරෙන් බලන විදිය ද නිසා නේහ්? දොස්තර සුමේධත් ඉඳලා ඉඳලා අපි හැමෝම හිනැස්සුවා. හොරෙන් බලන්නේ අන්න අර හොර පූසා අනේ. පෙනේ ද කණ්නාඩිනටත් යටින් බලන අපූරුව. ලක්ෂිතා එහෙම කියාගෙන මහේෂට අත වැනුවා.


පෝරුවේ චාරිත්‍ර හොඳට ගියා. නමුත් පොඩි හෙයියන්මාරුවක් වෙලා මහේෂගේ ආච්චි ඇවරිතුමා එක්ක හොඳට ම ෆිට් වුනා. පෝරුව උඩදි කිරි වීදුරුවක් පොවන සීන් එක අපිට කියලා තිබුණෙ නෑ. අපිගාව කිරි තිබුණාට වීදුරුවක් තිබුණෙ නෑ. එතන ආච්චි හිටි නිසාත් පොල්ලෙන් ගහන්නා වගේ අෂ්ටක අන්කල් කිරි එකක් ඉල්ලපු නිසාත් ඇවරි හිතුවෙ වැඩේ ජින්ජි බරානා වුනා කියලයි. අනේ පුතේ ඔන්න ඔය වීදුරුවක් ගෙන්න ගන්න. අපි ඒ චාරිත්‍රෙත් බහින්න කලින් කරවමු. කියලා ආච්චි බොහොම කූල් එකේ ආ මෙන්න චාරිත්‍රෙ කරන්න කියලා කිරි විදුරුව අෂ්ටක අන්කල් අතට ම දීලා හැපී එන්ඩින්ග් එකක් තිබ්බා. ආයෙ පෝරුවෙන් බහින එකේ කොස්සක් තියන්න ඕනයෑ නේද පුතා.? මොනවා කියනවා ද මැඩම්... තූ සී ග්‍රේට් හූ ග්‍රැනී... ඇවරි ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා හයියෙන් කෑගැහුවා ම ඈ ඊට නොදෙවෙනි සද්දෙන් මොකක්?? කිව්වා. 

කොහොම වුනත් පෝරුව චාලිත්තර ටික සෑහෙන්න හොඳට කෙරුණා. වෙඩින්වලදී මනාල මහතා වෙනුවෙන් නිකුත් කෙරෙන කුජීත ම චරිත සහතිකය ඇතුළත් මහේෂ පවී අවසාන සලාදය මීළඟට බලාපොරොත්තු වන්න..!!  
පවී - බොහොම ස්තුතියි ගිහාන් මහන්සිවෙලා වෙලාවට කිරි දොවන් ආවට
ගිහාන් -   කිරි නම් මොනා ද 
පවී?
මහේෂ - මුගේ පට්ටියේ හැටියට ඕවා මූට සුළු දේවල් ඉතිං..

Thursday, December 8, 2016

අතීත කතාවක අඵවුණු මතකය හෙවත් කොම්ෆර්ට් සෝනයේ යෙහින් වැජඹීම...!!






පහතින් ලියලා තියෙන්නේ ඇවරිතුමාගේ සලාදයේ 2016 දෙසැම්බර් දක්වා ම සේව් කරලා තිබුණ ඩ්‍රාෆ්ට් ෆයිල් එකක්. මේකෙ තියෙන හැටිටත් ඇවරිතුමාගේ හිචිචි මනසේ නිච්චියේ හැටියටත් මේ කියවෙන්නේ දෙකදාස් දහයේ එකොළහේ කතාවක්. ආහ් ඩ්‍රාෆ්ට් එකේ සේව් ඩේට් එක බලන්න කියලා යද්දියි දැක්කේ ඒක මොඩිෆයි වෙන දිනයයි තියෙන්නේ කියලා.

කොහොම වුනත් මේ ස්ටයිල් එක ටිකක් බැලුවා ම මට ම පුදුමයි. ඔයාලත් කියවලා බලන්නකෝ...!!

"ඔන්න ඉතිං ඇවරි ශිවන්දර තුන් වෙනිදා කැම්පොස් ගියා. දැන් අලුත් අවුරුද්දෙ ම වැඩ පටන්ගන්න ඔය අටමඟල ඇරලා තිබුණ එක හොදා.... ලියාපදිංචි වීම්, කාලසටහන් වගේ බයිලා ගොඩක් කරගන්න තිබුණ නිසා විවේකයක් තිබුණෙ නෑ. හැබැයි කවදාවත් නැතුව අපේ පරණ ම මිත්‍ර සමාගමයක් ජයට දාගන්න පුළුවන් වුනා. අර මං කලිනුත් ලියලා තියෙන අලව්වේ වලව් මන්ත්‍රීතුමාගේ පුංචි ඡන්දයේ කැම්පේන් එකට වැඩ කරන්න කියලා Threaten Endemics කස්ටියට නිල ආරාධනා ලැබුණේ එදා. ඒ වගේ ම කාලෙකින් අනුන්ට කඩේ යන්න බැරි වුන හින්දා අයි මැට්ස් කස්ටියගේ පුංචි අටමගලකටත් සෙට්වෙන්න අපි හිතුවා.

අලුතාට අටවක කියන්නෙ හ‍ඳේ මොන කෑල්ල ද කියලා ගැටලුවක් ඇති වුනෙත් එදා. අටවක කියන්නෙ අටෙන් එකයි. ඒ කිව්වෙ මේන් මේ වගේ පොඩ්ඩයි. කියලා මෑන්ස් හඳ අටට දේශාංශාකාරව බෙදලා විග්රහ කළා. අනේ ගොඥො හ‍‍ඳේ කලා දහසයයි. කලා සොළොස පිරි පුරහඳ කියන්නෙ?? ආ ඇත්ත ද? අටවක කියන්නෙ හරි ම අඩ හඳ පළුව. කොහෙන් ද ඉඳන් ආපු සී. එස් කිව්වා. අඩා එතකොට මගේ ආර්ට් වර්ක් එක වරදිනවා??? අපේ අලුතා කියන්නෙ කොහොමත් අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන පො‍රක්නේ?? ඔළුවටත් උඩින් වතුර ගියා ම තමා මෑන්ස් කලබල වෙන්නෙ. 

පළමු භාෂා දේශනයටත් යන්න තිබුණේ සිකුරාදා. මං ටිකක් පරක්කු වෙලා ගියේ ඩොක්ට සොයිසා වැඩ අල්ලලා. මං නිකන් ලෝර්ඩ් වගේ ගිහින් වාඩි වෙන්න හදද්දි.. සොයිසා මහත්තයා මා දිහා බලලා “ඔයා රැග් කරනවා නේද?” කියලා අහපි. ඇති වෙච්චි සතුටට මට අර සෙනඟ මැද්දෙ සොයිසව ඉඹින්න හිතුනා. යකෝ මාවත් එච්චර පොරක් විදියට පේනව ද??? හික්ස් මට හිනා ගියා. උත්තර දෙන්න වෙලාවක් නොතිය ම ප්රශ්නය සභාවට දැම්ම “ඕගොල්ලො දැකලා තියෙනව ද මෙයා රැග් කරනවා.” මං හරි ම අහිංසක විදියට දෙවන වසර නංගිලා දිහාවට මන්දස්මිත් පාරක් දැම්මා. පන්තිය ම එක හඩින් නෑ කිව්වා. හා නංගිලා ඔච්චර කියන එකේ ගිහින් වාඩි වෙන්න. ආචාර්ය සොයිසා අවසර දුන්නා. හිම කුමාරිත් ඇස් පුංචි කරලා විරිත්තනවා මං බලාගෙන....."

දැන් වර්තමාන කියැවීමට යමු..!!!

කාලය මැව්වෙනසක අරුමේ කියන්නේ ඇවරිට දැන් මෙහෙම ලියන්න ඉතා අමාරුයි. නාකි වුනා ම එහෙම තමා පුතා. ජොයින්ට්ස් දර දර ගානවා හා නෑ ද? මොනා ද ඇවරි උයා...? ඇවරී.. උයා දැන් රිටයර් වෙන්න වගේ කතා තොපිත් මට කියාවි. ඇවරිතුමාගෙ නිල සංස්කාරකවරුන් කිහිප දෙනා ම එහෙම කිව්වා. ඒකට නම් කාරි නෑ කියමුකෝ. ඒත් 2016 ගෙවිච්ච විදිය ගැන කම්පනා කළාම ඇවරිට මාර ඇවරි තික්ග්කිග් එකක් ආව.


පළමුවෙනි කාරණේ ඇවරි ගැන දුකක්.
මගේ ම බ්ලොග් එක මම ම කියෙව්වා ම 2016 දී හිතෙනවා මොන කාලකණ්නිකමක් ද මේ කියලා. මොක ද මං 2012/13 දී කරපු මෙහෙයුම් වලින් 10%ක් වත් දැන් කොකරන නිසා. සිරාවට ඒ දවස්වල පැය පහක් හයක් නිදාගෙන කැම්පස් වැඩයි, ඔෆිස් වැඩයි, ප්‍රින්ටින්, ෂෝස්, දහම් පාසල්, හන්ටින්, කොටු පැනිලි, සියල්ල බැලන්ස් කරපු ඇවරිතුමා දැන් පඩි ගනිමින් වැඩ කරමින් සිටින බොහෝ අලස ජීවියෙක් වෙලා. 

සාමාන්‍යයෙන් ඉස්සර එන්නේ ඩේලි ෂෙඩියුල්ස් දැන් වීක්ලි අප්ඩේට්ස්. හැබැයි කිසි මහන්සියක් නෑ. මොක ද වැඩ අඩුයි. සීට් එකේ හිටියොත් ඇති. නමුත් ඒක නෙමෙයි ඇවරි කැමතිවුන ජීවිතේ. දේවල් මහන්සියෙන් දැනෙන්න කරන්න තමා ඇවරිතුමා කැමති. දැන් ඇවරි කරන වැඩ නිකන් සිල්ලර ලොසින්ජර ගේම්. අපිට මීට වඩා හැපනින් ජීවිතයක් තිබුණා මහත්තයෝ...!! නිරසයි අතරමඟ අවහිර නොදුටු බිම කියන්නේ මේකට වෙන්න ඕන. කෝමත් හැප්පි හැප්පි ගලන කොටයි ගඟක් ලස්සන කියනවනේ මෙයා. 


දෙක අයි ඇම් ද බොස් ඇන්ඩ් ඉට්ස් මයි ඔතෝරිටි චින්තනය
අපි ජූනියර් එක්සකටිව් ඉන්න කාලෙ අයිස් ගහන්න හිතුනා ම බොසා පිටින් දාලා ෂේප් වුනාට දැන් අපි බොස් වුනාම කරන හැම ප්‍රොසෙසයක ම හැම සැකසීමකම අවසානයක් තියෙන්න ඕන. වැඩක් කොහේ හරි නැවතිලා නම් ඇයි නැවතුනේ? කවුරු නිසා ද? මොනා ද විකල්ප? මොනා ද කරලා තියෙන්නේ? කෝ චේස් අප්ස්? පුෂ් කළේ නැද්ද? කතන්දර රාශියක්. ෂූ ඇහුවමත් දාඩිය දානවා නේහ්!!


තුන මයි කාර් මයි ප්‍රෙට්‍රල්
තමුන්ට හරි කියලා හිතෙන තීරණයක් අරන් පස්සේ ඉහළට රිපෝට් කරන නිසා වැඩ හුඟක් ලේසි වුනාට ඒ හරහා මගේ වැඩේ මං කරගන්නන් කියලා හිතන ලොකු සීන් හැඟීමට ඇවරි එච්චර ආස නෑ. වැඩක් නැවතුනොත් මට ම කැමැත්තෙන් පටන් අරන් යන්න වෙනවා. ඇදගෙන යන්න කවුරුත් ම නෑ. අන්තිමේදී වැඩේ නොකෙරුණොත් තමා ඉන්වෙස්ටිගේෂන් යන්නේ. එහෙම දිගට ම උනන්දුව පවත්වා ගැනීම මාර අමාරු වැඩක්. 



හතර ඉන්කේස් ඔෆ් එමර්ජෙන්සි
දැන් නම් වෙන්න තියෙන නරක ම දේවල්වලට ඇවරිතුමා හිත හදාගෙන ඉන්නේ. සහ අපිට පළපුරුද්දත් එක්ක වෙන්න තියෙන නරක ම දේවල් වෙලා තියෙන්නේ. මීට වඩා නරකක් වෙන්න බෑ. වැඩක් වැරදෙන්න කලින් ට්‍රේනීස්ලාට මෙතනයි වරදින්නේ මෙතනදි පරිස්සම් වෙන්න කියලා කියන්න පුළුවන්. ඒක පළපුරුද්ද. අයියෝ කෙළවුනානේ කිව්ව ම ප්‍රශ්නයක් නෑ, ඊළඟට මේමයි කියලා රෙක්ටිෆයි කරන්න පුළුවන්. කොහේවත් උත්තරයක් නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැතුව කොන්දේසි විරහිතව සාධාරණ හේතුදැක්වීමක් හා පාපොච්චාරණයක් කරන්න පුළුවන්. ඒ නිසා ඔළුවට කිසිම ප්‍රශ්නයක් නෑ. පොඩිමවත් පීඩනයක් නෑ. මාර සැහැල්ලුයි. අන්න ඒ සැහැල්ලුව හරි බරක්. සිරාවට ම 2017 දී ඒ සැහැල්ලුව මැනේජ් කරගන්න විදියක් හොයා ගැනීමයි ඇවරිතුමාට ඇති ලොකුම අභියෝගය. 


පහ ආත්තමාත්තකාමීකමේ අන්නතය
ඇත්තට ම 2000 දී සිටි ඇවරිතුමාට සාපේක්ෂව 2016 දී සිටින ඇවරිවිතාන ඉතා ආත්ත මාර්තකාමී ජීවියෙක්. අපි කරන්න පුළුවන් වැඩ බොහොමයක් අපේ නොවන නිසා මඟ හැරලා තියෙනවා. වෙන කෙනෙක් වෙනුවෙන් කාලයක් යෙදවීම කියන්නේ දැන් නම් කරන්න අමාරු වැඩක් නෙමෙයි. කරන්න බැරි වැඩක්. මොකද ඇවරි තමුන් වෙනුවෙන් සියලු ම කාලය වැඩ කර ඇති නිසා. එතකොට කරදර අඩුයි. බයක් කියලා ඇත්තේ ම නැති තරම්. දුකක් කියලා මතක ම නැති තරම්. 

කොටින් ම ඇවරිතුමා 2016 දී ඇඩුවේ පහුගිය ඉරිදා ඒ 'සනම් තේරේ කසම්' ෆිල්ම් එක බලලා. පැය දෙකක් එක දිගට කඳුලු නොවේලා මී හරකා වගේ ඇවරිතුමා සතුටට ඇඬුවා. ඉතා ම සනීපයි. නමුත් ඇවරි කියන්නේ මෙහෙම මනුස්සයෙකුට නෙමෙයි. කාලය සහ අත්දැකීම් විසින් පරිණත කරන ලද හදවත් නැත්තෙක් කරන ලද ඇවරි පිළිබඳ සාධාරණ කියැවීමක් ඇවරිට ම තියෙනවා. 

ඇත්තටම මං හිතන්නෑ මාව ආපහු දිය කරවන්න පුළුවන් කියලා. මං ගොරතර රකුසෙක් වෙලා. ක්ලාසි අලසයෙක් වෙලා. මේ තත්ත්වයෙන් මිදෙන්න 2017 දී පුළුවන් වෙන්න ඕන ඇවරි. ඔයාව බේර ගන්න ඒරොප්පෙන් කුමාරිකාවක් එන්නෑ. ජස්ට් ඩූ ඉට් මෑන්. ඔයාට හරියට ම ඕන මොනාද කියලා දැනගෙනත් වෙලාව නාස්ති කරන්න එපා. එයා යද්දි කියව්වා අමතක ද...?
 
මම ඉන්නේ මැද
2017 දී දකුණට වැඩියෙන්..!!


Wednesday, December 7, 2016

ඇවරීස් වේ හෙවත් හැම මඟුලේ ම සයිමාකට් වීමේ කලාව මහේෂ-පවී 1

පසුගිය මාසයේ ඇවරිතුමාට පැවති  වැඩ අතරින් සෑහෙන්න වැදගත් කටයුත්තක් වුනේ අපේ මහේෂ නිර්මාල් පෙරේරා කුලකුමරුවන්ගේ (මයිනා) සහ පවිත්‍රා සමරසිංහ  කුල කුමරියන්ගේ මංගල්‍ය සඳහා සහභාගී වීම. සාමාන්‍යෙයන් ඇවරිතුමා මඟුල් ගෙවල් සඳහා අනුගමනය කරන ස්ව අනන්‍ය විලාසිතාව මදක් බැහැර කොරලා අවසානය දක්වා ම තමුන්ගේ මඟුල් ගෙදර රැ‍ඳෙන්නැයි කියලා හිතවත් මයිනා මහතා ආරාධනා කළේ සුලාගේ මඟුල් ගේ වෙලාවේ දී. අඩුම වසයෙන් අවුරුද්දකටවත් කලින් ඉන් ඇඩ්වාන්ස්ඩ් කියලත් ඇවරිතුමාට නම් මේ මගුලෙත් අවසානය දක්වා රැ‍ඳෙන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ජන්මෙට වඩා මෙව්වා එක මෙව්වයිලු නේ..!

සීතාවක තෙත් බිම් උද්‍යානයේ දී ගත් ප්‍රී ෂූට් පොටෝ කෑල්ල...!!
ඒ ගැන එදා කතා චෝදනා මුඛයෙන් කතා කළේ ඒ දවස්වල සෑහෙන්න ප්‍රසිද්ධ චිත්තරපටියක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ලද වෛද්‍ය සුමේධ මහතා සහ නීතිවේදිනී ලක්ෂිකා දෙපළ. දෙන්නා දෙමාල්ලො කලින් දවසේ නිවාඩු හේමත් දාලා කන්ද උඩරටටත් එහා හද්දා පිටිසර උෂ්ණෙට බිබිලි දාන වන්නිලැ ඇත්තන්ගේ අඩවියේ හිටන් ආපු නිසා කුකුළත් අතින් අරන් ම හෝල් එකට සෙටමෝල් වෙලා තිබුණා. මචන් උඹේ රැවුල නිකන් අයි එස් ගරිල්ලා කාරයෙක්ගේ වගේ. අනේ ද කියන්නේ නලින රුපියල් හතළිස් පහක් දෙන්න ද? ලක්ෂිතා අඩුවැඩියත් එකතු කරලා ඇවරිට ම කැපුවා. ඒ අතින් නම් මේ කපලය තකට තක. මල්සර හීසැරේ අනංගරාල මේ ජෝඩුවට විදලා තියෙනවා ආයේ උක් දඩු දුන්නේ ඇදේ කෙළින් වෙන්න. සිරාවට උඹ ඇයි බන් හැම මඟුලක් ම මග දාලා දුවනනේ? අපේ වෙඩිමෙදිත් උඹ ගියා?? දොස්තර මහත්තයා පරණ කෝන්තරයක් පිරිමහන්න ගත්තෙ ෆෝ මයි ඉන්ෆොමේසන් ඇක්සන්ට් එකෙන් වුනාට වටේ හිටි ඈයෝ ඇවරිතුමා දිහා බැලුවේ හරියට සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වැරදි කාරයෙක් වෙලා විත්ති කූඩුවේ ඉන්න කුජීත ආත්මයකට දෙන බැල්මන්ට් එකක්.

බොහෝ දෙනා උත්තරයක් බලාපොරොත්තු වුන නිසා ඇවරි හිනාවකින් මුව සරසාන සීරියස් උත්තරයක් දුන්නා. මේකනේ වැඩේ. “මම කෝමත් දුවන මඟුල් කරේ එල්ල ගන්නෙ නෑ...! අපොයි ඒක හැබෑව ඔයාගේ කරේ එල්ලෙන මඟුල් බිමින් තියන්න හරි ම අමාරුයි තමා. එහි සිටි ඇවරිතුමාට හිතැති බෝම කුළුපග දායිකාවක් උදේ පාන්දර කියලාවත් නොබලා මෝල් ගහෙන් ම කෙළියයි කියහන්කෝ. කතාව ටිකක් වෙන පැත්තකට ලයින් වෙන නිසා ඇවරිතුමා මං, ඉතිං බබ්බ බබා ටයිප් එකේ උත්තරයක් හදා ගත්තා. “ඇත්තට ම ඔබ තමුන්නාන්සේලාට කිව්වොත් මං කැමති නෑ මගේ සේවාදායකයන්ගේ නිවාඩුව අජපල් කරන්න. අපි වැඩට නොගියොත් කවුරු ඒ ගැන බලන්න ද?


මෙහෙම කීවාට ඇවරි නම් නිවාඩු යන වෙලාවට මේ  හැමදේම නවත්වලා නිවාඩු යනවා. සතියේ දවස් වල පැය විසිහතරේ ම ඔන් කෝල් ඉන්න නිසා ඇවරිතුමා සති අන්තයේ තමුන්ගේ කළුබෙරි ජංගමය කොහේද කියලාවත් හොයන්නේ නෑ. සිකුරාදා රෑ ඕෆ් කළා ම  ආයෙත් ඇවරිතුමා ෆෝන් ඕන් කරන්නේ ඉරිදා රාත්‍රී දොළහෙන් පස්සේ. (සයන තේවාවෙදි) සති අන්තයේ කවුද බල්ලා එළියට දැම්මේ වගේ තමා. එදානම් රොම්බ මුක්යමාන වේලෙයි සෙයියදු නිසා කලින් ම වැනිෂ් වෙන්න සිද්ද වුනා. ඒ ගැන වෙඩිමෙන් පස්සේ ඉරිදා පන්සලේදී නව යුවළ හම්බුනාම ඇවරිතුමා මහේෂ මැතිතුමාගෙන් කමා කරවා ගත්තා. යූ නෝ බ්‍රදර්. වෝටර් ඊස් ස්වීට් බට් බල්ඩ් ඊස් තිකර් නේහ් කිව්වා ම මහේෂ බොස් කාරණාව තේරුම් ගත්තා.


සාමාන්‍යෙයන් ඇවරිතුමා බය ම  වෙඩින්ස් අමතක වෙනවාට, මොක ද නවයට නැඟිට්ටා ම වෙඩින් එකටත් ගිහින් වැඩටත් යන්න වෙලා නෑනේ. එහෙම මඟ හැරුණු වෙඩිනුත් තියෙනවා. එකක් තමා ඇවරිගේ සහෝදර ගුරුතුමී චන්දිමා මැතිනියගේ වෙඩිම. ඒ නිසා අර පෙරහැරට කප් සිටුවනවා වගේ මුලින් ම කරන්න ඕන අපේ එක්සෙකටිව් හවුස් කීපර් හෙවත් පතිරේජ් මන්දිර්හි අග්‍ර මහේෂිකා ඇවරිමාතාගේ දිනපොතේ ඒ බව සඳහන් කිරීම හා ඈ වෙතින් නොමිලේ ලබා ගත හැකි සේවාවක් වන වේකප් කෝල් එකක් ගෙන්වා ගැනීමට ලියාපදිංචි වීම. ඇයි වාහේ නැඟිට්න්න එපැයි ඔක්කො ම කොරන්න??

හැබැයි මේ කියන දවසේ පාන්දර වෙනකම් ඇවරිලා වැඩ කළ නිසා නිදා ගන්න තිබුණෙ පැය හතරක් වගේ කාලයක්. හයවෙද්දි නාලා ඇඳගත්ත ඇවරිතුමාට උදේ කෑම කවන්න මාතාජී සූදානම් වෙලා හිටියා. හත වෙද්දි කොළඹින් බෝර්ඩ් වුන ඇවරිතුමා ශෂිකා නිසංසලාගේ ප්ලේලිස්ට් එකක් අහගෙන කුරණ දක්වා සුවබර නින්දකට වැටුනා. අටහමාර වෙද්දි ඇවරි හෝල් එකේ. පෝරුව දහයට. කලින් ආපු නිසා මහේෂි අක්කාටත් වෙඩිමේ ප්‍රවාහන සහ ප්‍රසම්පාදන කටයුතු භාරව සිටි ගිහාන් මැතිතුමාටත් වට්ස්ඇප් කරලා ශාලාවේ නිරීක්ෂණ චාරිකාවට සහභාගී වුනා. සාමාන්‍යෙයන් ඒ වෙලාවෙ තමා ගේම් ඩේ එකේ දී මීට් ද ටීම් අවස්ථාව. සවුඩ්ස් සෙටප් එක ලඟ බෑන්ඩ් එක ටියුනින්. එතන ගොඩක් දක්ෂ ඉංග්‍රීසි ගායකයො මයික් ටෙස්ටින් කරනවා. ජස්ටින් වන් වන්... ජස්ටින් වන්.. ටූ... ත්‍රී!!


පෝරුව ගයි විලඳ පොරි ඉහලා, පෝරුව සීසන් කරලා ගද්දිත් මාලාකාරයා සිල් ගන්න ගිහින් ද මන්දා ඇවිත් නම් හිටියෙ නෑ. තව අපේ ශාලා කළමනාකරු, ග්‍රෑන්ඩ් ලීසා එකේ ඉන්නවනේ හොස්ටස්ලා එයාලා ඊට පස්සේ වේටර්ස්ලා එක්ක එහෙමත් අපි මූලික සූදානම ගැන සාකච්ඡා කළා. සාමාන්‍යෙයන් කවුද, කීයට මොකක්ද කරන්නේ, කියලා අහන එක දැන් ඇවරිට පුරුදු වෙලා. මොක ද එතකොට ඒ අයටත් ඕකේ මම මෙතන, මේ වෙලාවට මේක කරන්න ඕන කියන අදහස එනවා. ඒ අය වෘත්තිය සැපයුම්කරුවන් තමා නමුත් අපි එයාලව ටිකක් කොනිත්තුවා ම ඒ අය ගටෙන් ම ගේම ගොඩදානවා. අන්ලස් අදර්වයිස් කවුරුත් ඒ අයගේ නමක්වත් අහන්නේ නෑ. ඒකට ඇවරි නම් එදා බැන්ක්වට් එකේ ඉන් ජූනියර් ස්ටුවර්ඩ්ගේ ඉදන් මැනේජර් බැන්වෙක්ට් සහ එෆ් ඇන්ඩ් බී වෙනකම් සියලු දෙනාව නම් වලින් ඇඳින ගන්නවා. මොක ද අපි දන්නෑ කොයි වෙලේ මොකාට කතා කරන්න වෙයි ද කියලා. අනික අපි ප්ලේට් වලට ගෙව්වට ඒ හැම කෙනෙක්ට ම ගෙවලා තියෙන්නේ. ඒ හැමෝ ම අපිට උදව් කරන්න බැඳිලා ඉන්නවා. මීට් ද ටීම් අවස්ථාව ඉවෙන්ට් එකකදි ඇවරි මඟ හරින්නෙ නැත්තේ මේ වගේ හේතු ගොඩක් නිසා.   


බොහෝ කාලයක් තිස්සේ ආදරෙන් බැඳෙමින් රන් රස සේ හිත විශ්වාසීව පැමිණි මේ දම් පතීන් යුවල... දැන් එය රත්තරන් - රසදිය එකට කැළතුනා වගේ කිව්ව ම අපේ හුදී ජනයාට තේරෙන්නෑනේ ඒ නිසා මේම ලියමු ඇවරි, අවුරුදු හත අටක් තරම් සෑහෙන්න කාලයක් ටැක්ටරෙයි ටේලරෙයි වගේ දක්කපු මේ බාන හා හා පුරා කියලා රන් නඟුලෙන් හාන්න යන දවසේ සීතාවක තෙත් බිම් උද්‍යානයේ ප්‍රී ෂූට් එකකටත් වෙලාවක් වෙන් කරගෙන තිබුණා. මීළඟ වෙලුමෙන්වෙ වෙඩින් එක දවසේ කයි කතාන්දර සහ අෂ්ටක ගයිගේ සිහිල්පැ න් විසිරුම ඇතුළු මංගල කයිත්තන් රාශියක් බලාපොරොත්තු වෙන්න...!!


Wednesday, November 16, 2016

එකමත් එක කාලයක බී.එම්.එස් මාතලේ හෙවත් සලාදය ළමයෙකුට දීම

හැමදාම ඇවරිතුමා ම සලාද ලියන එකේ අද ටිකක් වෙනස් කෙනෙකුට ලියන්න දෙන්න හිතුවා. සාමාන්‍යයෙන් අපේ දායක සභාවෙ කස්ටිය ඇවරිතුමා එක්ක රෝමයක් දාගත්ත ම කාරිය ඇවරි ඔය සලාදෙ දීපන් ළමයෙකුට කියලා කියන වෙලාවල් නැතුව ම නෙමෙයි. ළමයෙකුට නොදී ඇවරි සලාදෙ වැඩිහිටියෙකුට දුන්නා ඕන්..!!!

පහතින් පළවන සලාදය ලියා ඇත්තේ වෛද්‍යාචාරිනී සිරිමා කණකලතා ද අල්විස් මැතිනිය. නැතිනම් ඇවරිගේ ආදර නැන්දණිය. නමුත් කවදාවත් ඇවරි වැරදීමෙන්වත් එතුමියට නැන්දා කියලා නෑ. ගෙදරට ඇයට කියලා තියෙන්නේ බින්දු කියලා. ඇවරිමාතාව ඇගේ අක්කණ්ඩියට බින්දු අම්මා කියලා කතා කළ නිසා ඇවරි බින්දු අම්මා කියන්න ගත්තා. ඇවරිගේ මළයා සිරිපාල හා නැඟණි රන්මැණිකා කිව්වෙත් ඒ නම් ම තමා.. ඇවරි එහෙම නම් පටබඳින්න හරි දක්සයි. ළමයි දෙන්නෙක් ඉන්න ලොකු අක්කාට දැනටත් කියන්නෙ අක්කි දූ. චමිත අයියාට හිච්චි මහත්තයා. (බින්දු අම්මාගේ පුතා) xx  එතුමා ගැන සලාදයක් ඉක්මණින් ලියැවෙයි.

හෙළ වෙදකම, ආයුර්වේද ශාස්ත්‍රය, කටු චිකිත්සාව, ජෝතිෂ්‍ය ආදී බොහෝ ප්‍රායෝගික ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විශේෂඥවරියක වන ඇය මාතලේ කළුදෑවල කුල කුමාරිකාවක්. මේ ලියලා තියෙන්නේ මාතලේ බී. එම්. එස් විද්‍යාලය ගැන. (අද හැඳින්වෙන්නේ සංඝමිත්තා විද්‍යාලය නමින්.) දරුවො හත් දෙනෙක් හිටපු ලොකු ඉස්කෝලෙ මහත්මයකුගේ වැඩිමල් දෝණියැන්දෑ වූ ඕ තොමෝ වචනයේ පරිමාප්තියෙන් කරුණාව උතුරායන වෙ‍ඩෙරු ගුණැති හදවත් ඇත්තියක්. (ඒ බව පහත සටහන ලියලා තියෙන අහිංසක රිද්මය ගැන සැලකිල්ලක් දැක්වූවොත් ඔබට ම දැනගන්න පුළුවන්.)    

එක ම පාසලකට දෙවරක් ඇතුළත් වී සිප් සතර හැදෑරීමට භාග්‍යක් මාගේ දෛවය මට ලබා දී තිබුණි. මා මාතලේ, බී. එම්. එස් බාලිකා විදුහලට මුල් වරට ඇතුළත් වූයේ 1957 වසරේ ජනවාරි මාසයේ දී ය. ඒ එම විදුහලේ ස්වර්ණ ජයන්තිය පැවැත්වූ වාසනාවන්ත වසර විය. එදා මෙදාතුර වූ පාසලේ ස්වර්ණමය යුගය වූයේ ද එම කාල සීමාවයි. ඒ අන් කවරක්වත් නිසා නොව, බී. එම්. එස් විදුහල් මාතාවට ද මාතාවක් වූ වේරා මේරි ආර්මන්ඩ් විදුහල්පතිනියගේ අති මහත් කැපවීම හා අප්‍රතිහත ධෛර්යය හේතුවෙනි. 

1957 වර්ෂයේ දී හයවන ශ්‍රේණියට ඇතුළත් වූ මම නේවාසික සිසුවියක වීමි. මගේ පාසල් දිවිය තුළ අප විදුහල්පතිනිය හා සබැඳි විවිධ සිද්ධීන් අද ද විටින් විට මා මනසේ සිතුවම් පටක් ලෙස මැවී යයි. ඇයගේ ජීවන චරිතය තුළ මා සිත්හි පළමුව මුල් බැස ගත්තේ ඇය තුළ තිබූ අවිහිංසාව හා මානව දයාවයි. පාසැලේ හා නේවාසිකාගාරයේ නීති රීති පද්ධතියට ඇතුළත්ව තිබූ අපූරු වැකියක් ඊට සාක්ෂි සපයයි.

කිසිම ළමයෙකු තවත් ළමයෙකුට ගැසීම, කෙනිත්තීම, සිත රිදවීම ආදී හිංසා කිරීම සපුරා තහනම් ය. යනු ඒ වැකියයි. මෙය සෑම පාසල් වාරයකදී ම ආරම්භක රැස්වීමේ දී සිංහල, ඉංග්‍රීසි දමිළ යන භාෂා තුනෙන් ම කියවනු ලැබේ. ‘ඇය ඉන් සෑහීමකට පත් නොවන්නා සේ ය. සෑම වාරයකදී ම එක්තරා දිනයක ඇය පාසලේත් නේවාසිකාගාරය තුළත් එකිනෙකා හා තරහා වී සිටින ළමුන් සොයාගෙන යන්නී ය. තරහ වූ කරුණ අසා බලා, අතට අත දී නැවත යහළු කරවීම ඇගේ සිරිතයි. මේ හා බැඳුණු රසබර පුවතක් මට සිහියට නැඟේ.

එවකට මම අටවන වසරේ සිසුවියක් වීමි. සෙනසුරාදා, ඉරිදා දිනවල අපට නේවාසිකාගාර භූමියෙන් පාසල් භූමියට පැමිණ ක්‍රීඩා කිරීමේ හෝ පොත්පත් බැලීමේ නිදහස ලැබිණි. එවන් දිනක මම කතා පොතක් කියවමින් සිටියෙමි. මවෙතට පැමිණි ඇය, මෙසේ ඇසුවා ය. “සිරීම කාත් එක්ක ද තරහා? “මම කවුරුවත් එක්ක තරහා නැහැයි පිළිතුරු දුනිමි. “ගොඩක් ළමයි එකිනෙකා එක්ක තරහයි. පොඩී ‍දේවල් නිසා. ඇය දුක්බර ලෙස කීවාය. අනතුරුව ඇය මා කියවමින් සිටි පොත කුමක්දැයි විපරම් කළා ය. මා කියවමින් සිටියේ අඹ යහළුවෝ ළමා නවකතාවයි. “සිරීම ලොකු වුනා ම අඹ සතුරෝ කියලා පොතක් ලියන්නැයි ඇය කීවාය. මේ අයුරින් තම පාසලේ එකිනෙකා හා තරහා ළමුන් සොයා යහළුවන් බවට පත් කරවන වෙනත් කිසිදු විදුහල්පතිනියක ගැන මම අසා නැත්තෙමි.   

පොත් කියවන විට මට මතකයට නැඟෙන තව කරුණක් ඇත. අප විදුහල් බිමේ ක්‍රීඩා පිටිය අසල සතර අතට විශාල අතු විහිදුනු අරලිය ගසකි. මෙහි අතු විහිදී ආසනයක් මෙන් සෑදි ඇති තැනක වාඩි වී පාඩම් කිරීමට, මම පුරුදු වී සිටියෙමි. පාසල් බිමේ ඇවිදිමින් සිටි ඇය වහා එතැනට පැමිණියා ය. “සිරීම, බහින්න, බහින්න නින්ද ගියොත් වැටෙයි ඇය කලබලයෙන් කියා මා ගසින් බැස්සුවා ය.

ඇය සතුව තිබූ සමානාත්මතා ගුණය, පුදුම උපදවන සුළුය. පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරග පැවැත්වෙන දිනයේ ඇය අඳිනුයේ නිවාස හතරේ ම පාට තිබෙන මිශ්‍ර පැහැ ගත් ඇදුමකි. නිවාසවලට ළමුන් තේරීමේ දී එක පවුලේ අය එකම නිවාසයකට පත් කිරීමට ඇය වග බලා ගත්තේ සහෝදරියන් අතර ගැටුම් ඇතිවීම වළක්වා ගැනීමේ අරමුණින් විය යුතුය. ඇය සතුවූ මව්වත් ගුණය ඒ තරම් උතුම් ය.

සෑම ශනි හා ඉරු දිනක ම දිවා ආහාරයෙන් පසු පස්වරු 1.00 - 3.00 අතර කාලයේ දී අප විවේකීව නින්දට යා යුතු යි. වයස අවුරුදු දහයත් දහසයත් අතර සීමාවන්හි සිටි අපට කෙසේවත් මේ කාලය තුළ නිදා ගැනීමට නොහැකිය. අපි ඇඳන් කිහිපයක් එකට යා කොට වේදිකාවක් තනා නොයෙක් දේ රඟදක්වන්නෙමු. බොහෝ විට, අපගේ නිවාස පාලිකාවන් අනුකරණය කරමින් අපි විනෝද වීමු. එවකට ‘පැන්සි නේවාසික ශාලාවේ පාලිකාව තරමක සැර තැනැත්තියක් වූවා ය. ඇය අප කරන මේ නාඩගම් කිසි ලෙසකින්වත් ඉවසුවේ නැත. එවන් අවස්ථාවලදී ඇය කරනුයේ, මිස් ආර්මන්ඩ් ළඟට යවනවා යැයි තර්ජනය කර එතැනට යැවීමට. එසේ යෑමට සිදුවූ මුල් ම දිනයේ මම අතිශයෙන් බියවීමි. දඟකාරකමක් කර විදුහල්පතිනිය වෙතට රැගෙන යන ඕනෑ ම ළමයෙකුගේ සිතෙහි ඇතිවන තැතිගැන්ම මා සිත තුළ ද විය. වාසනාවට විදුහල්පතිනිය සාලයේ සිටියා ය. මොකද මේ කියා අප වෙත ආ ඇයට පිළිතුරු දුන්නේ මා ය. මට නින්ද යන්නේ නැහැයි මම කීමි. එන්න යයි මා අතින් අල්ලා ගත් ඇය, ඉංග්‍රීසි බසින් ලියැවුණු ලස්සන පින්තූර සහිත ළමා කතා පොතක් දී ඉස්තෝප්පුවේ පුටුවක හිඳුවා නිදිමත නැත්නම් පොත බලන්නැයි කියා ඇගේ වැඩවල නිරත වූවා ය. 

දඩුවමක් බලාපොරොත්තුවෙන් පැමිණි මම අතිශයින් විස්මයට පත් වීමි. අපූරු දඩුවම යැයි මම සිතින් කියා ගතිමි. පුරා පැය එකහමාරක් පමණ මම පොත බැලුවෙමි. මා සිත්ගත් පින්තූර සමඟ ඉතා සරල බසින් ලියැවුණු එම පොත මට පහසුවෙන් තේරුම්ගත හැකි විය. විවේක පැය දෙක අවසානයේ ඇසුණු සීනු නාදයත් සමඟ ඇයවෙත ගිය මම ආයි දඟ කරන්නෑ සමාවෙන්න යැයි කීමි. ඒකට කමක් නෑ යැයි කියූ ඇය, මා සමඟ මේසයක් වෙත ගොස් කැමති එකක් තෝරාගන්න යැයි කීවාය. මට මගේ දෑස් අදහාගත නොහැකි විය. එහි වූයේ එංගලන්තයේ ඇයගේ නෑදෑ හිතමිතුරියන් එවා තිබූ උපන්දින, නත්තල් හා නව අවුරුදු සුබපැතුම්පත් ගොන්නකි. මම අමන්දානන්දයට පත් වීමි. කොයි එක ගන්නදැයි මට සිතා ගන්නට බැරි විය. කෙසේ නමුත් ලස්සන රෝසමල් සහිත කාඩ්පතක් ගත් මම ඇයට ස්තුති කළෙමි. ඇය මට ටොෆියක් ද දුන්නා ය. ඉන්පසු මා සහ මගේ යෙහෙළියන් ද සති අන්ත විවේක වෙලාවට දඟකාරකම් කොට අසුවූ විට අපේ පාලිකාවට කියා සිටියේ අනේ මිස් ඕනෑ ම දඩුවමක් දෙන්න මිස් ආමන්ඩ් ළඟට නම් යවන්න එපා කියා ය. එවිය ඇය අප යවන්නේ එතැනට මය. ඉබ්බන් දියේ දාන බව ඇය නොදැන සිටියා ය. ළමා කතා පොත් කියැවීමෙන් පසු අපට ටොෆි, චොකලට් ද ලස්සන කාඩ්පත් ද ලැබුණි. කලක් ගතවන විට මා ලැබූ දඩුවම් කාඩ්පත් වලින් කුඩා සූට් කේසයක් පිරවීමට හැකි විය.

පාසලෙන් යන අධ්‍යාපන චාරිකා වලදී අප බස්රථ වලට නංවා වාඩි කරවා ඇය ඔවදන් දෙයි. පාසලේ ගෞරවය රකින්න ඕන. ජනෙල් වලින් එළියට එක එක ඒවා විසි කරන්න එපා. ඔළුව අත් එළියට දාන්න එපා. සීට් වලින් නැඟිටින්න එපා. කොන්දොස්තරතුමාට ඩ්‍රයිවර්තුමාට නිදහසේ බසය එළවන්න දෙන්නැයි ඇය පවසන්නී ය. බස්රථ පසුපස ඇයගේ මොරිස් මයිනර් වාහනය ද එනවා මය. බසයේ යාමේ දී වමනය දමන කැරකිල්ල හැදෙන අසනීප තත්ත්වයේ පසුවන සිසුවියෝ එහි ගමන් ගනිති. දඟ කළොත් කාර් එකට ගන්නවා යැයි ඇය අප හැසිරවීමට ද සමත් වේ. බසයේ විනෝදයෙන් ගී ගයමින් යනු මිස කාරය තුළට යාමට කිසිවකු කැමති නොවන බව ඇය දනියි.

බැප්ටිස්ට් ආගමේ බැතිමතියක වූ ඇය, අප පාසලට බුදු මැදුරක් සාදවා දීමට පෙරමුණ ගත්තා ය. එය විවෘත කිරීමේ දී සැටනමකට විශාල දානයක් දීමට කටයුතු කළා ය. ඒ ගැන උදෑසන රැස්වීමේ දී සඳහන් කළ ඇය දානය සඳහා අවශ්‍ය දේ රැස් කිරීමට උපදෙස් දුන්නා ය. සති දෙකක් පමණ කල් ඇතිව අවශ්‍ය සමහර දේ ගෙනැත් බාර දෙන ලෙස ඇය පැවසුවා ය. “පණ තියෙන මිරිස් කලින් ගේන්න එපා, මරිච්ච මිරිස් ගෙනාවට කමක් නැහැ යැයි ඇය පවසනු අසා අපට සිනා නොවී සිටිය හැකිය. ගුරු මණ්ඩලයේ සාමාජිකාවකගෙන් අසා ඇය එවිගස ම වැරැද්ද නිවැරදි කරගත්තා ය. ඇයට කීමට අවශ්‍ය වූයේ වියළි මිරිස් කලින් ගෙනාවත් අමු මිරිස් වේලාසන ගේන්න එපා කියා ය.

1961 වර්ෂයේ දී මම මාතලේ විද්‍යා විද්‍යාලයට ඇතුළත් වීමි. මා එහි සිටියදී වූ ඒ සිදුවීම මට කිසිකලකදීවත් අමතක නොවේ. බී.එම්.එස් විදුහල හා විද්‍යා විද්‍යාලය අතර නෙට්බෝල් තරගයක් විය. විදුහල් දෙකෙහිම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තරගය නැරඹීමෙහි යෙදුණහ. බී.එම්.එස් සිසු සිසුවියන් අතරට මා ගියේ පැරණි මිතුරියන් හමුවීමට ය. එය තදින් ඉර පායා තිබූ දිනයක් විය. මිතුරියන් හමුවී එන විට අප විදුහල්පතිනිය දැක මම ඇය හමුවට ගියෙමි. අව්වේ ඇවිදින්නේ ඇයිදැයි විමසූ ඇය, මා ඇයගේ කුඩේ යටට කැඳවා ගත්තා ය. තරගය ඇරඹිණි. ඇය තම බාලිකාවන් දිරිමත් කරමින් සිට සිරීම Why don't you cheer? යනුවෙන් මගෙන් ඇසුවාය. මා පත් වූයේ පුදුම අපහසුතාවයකට ය. මා දැනට සිටින විදුහලත්, මගේ පැරණි පාසලත් අතර තරගයකි. මා සිටින්නේ මගේ පැරණි පාසලේ විදුහල්පතිනියගේ කුඩය යට ය. Come on B.M.S යැයි මම කෑගැසීමි. Cheer for your school, now you are in Science College. යැයි ඇය පැවසුවා ය. මා මැදිහත් වූයේ මහ ගැටලුවකට ය. ඇගේ කුඩය යට සිට මා එය කරන්නේ කෙසේ ද? මම තුෂ්ණිම්භූතව සිටියෙමි. You have to cheer Sireema. ඇය නැවතත් කීවාය. ගැළවීමක් නැත. මම එක්සිත් සිතාගෙන පාසල් දෙකට ම දිරිමත් කිරීම් කළෙමි. ගෝලයක් ගත් විට, ඔල්වරසන් දුනිමි. You are right. අවසානයේ ඇය පැවසුවා ය.

මම නැවතත් සරසවි පිවිසුම් පෙළ සඳහා කලා විෂයන් හැදෑරීමට මගේ පැරණි පාසලට ම ඇතුළු වූයෙමි. ඒ 1965 වසරේ දී ය. මෙහිදී තවත් අමතක නොවන විශේෂ සිදුවීමක් විය. පාසල් ශිෂ්‍ය නායිකාවක ලෙස මා තෝරා ගැනුණි. එදින සවස්වරුවේ මට විදුහල්පතිනියගෙන් කැඳවීමක් ලැබුණි. ඇය හමුවට ගිය මා අමතා “සිරීම, ඕපල් කානුවේ ගහගෙන ගියා මතක ද ඇය ඇසුවාය. මම ඔව් යැයි පිළිතුරු දුනිමි. එදා ඔයත් කානුවේ දිය ගොඩ පැන්නා නේද? එදා පොඩි ළමයෙක් නේ. අද ඒකේ බරපතලකම තේරෙනවා නේද? ඇය ඇසුවාය. මම හිසවනා ඇය හා එකඟ වීමි. එහෙනම් “අද ඉඳලා වැස්ස වෙලාවට එළියේ ඉන්න ළමයි අල්ලාගෙන එන්න. ඇය මට පැවරුවේ රාජකාරියකි. එය අතීත සිදුවීමක් හා සම්බන්ධ එකකි. පාසල හා නේවාසිකාගාරය වෙන්වන කානුවේ වැසි දිනට වතුර ගලා යයි. අපි එහි දිය ගොඩ පැනීමට පුරුදුව සිටියෙමු. එදා තරමක් තදින් වැසි වැටී කානුවේ වතුර ද වැඩිපුර තිබුණි. අපි අපේ පුරුදු ක්‍රීඩාවේ නිතර වීමු. හදිසියේ ම විදුහල්පතිනිය නේවාසිකාගාර පාලිකාවන් සමඟ පැමිණ අප සියලු දෙනා ම කැටුව කාර්යාලයට ගියාය. අප සමඟ දිය ගොඩ පනිමින් සිටි ඕපල් අතපත්තු නමැති කුඩා සිසුවිය කානුවේ ගහගෙන ගොස්, වත්තේ කටයුතු කරන මුත්තයියා විසින් ගොඩගෙන තිබූ බව අප දැනගත්තේ එවිට ය. එදා අපට හොඳහැටි බැනුම් ඇසීමටත් අවවාද රැසක් ලැබීමටත් හැකි විය. එදා පටන් වැසි දිනවල එළිමහනේ සිටින ළමුන් අල්ලා ගෙන ඒ ම ද ශිෂ්‍ය නායිකාවන්ගේ රාජකාරියට ඇතුළත් විය.

ඇය එම වගකීම පැවරුවේ එදා මා දියගොඩ පැන්න බව ඇයගේ විශේෂ මතක සැමරුම් අතර ගබඩා වී තිබීම නිසා ය. එක් එක් සිසුවිය හා සම්බන්ධ මතක සටහන් ඇය මෙසේ වෙන වෙන ම නිවැරදිව තබා ගත්තේ කෙසේ දැයි සිතා ගත නොහැක.

ඒ අප සරසවි පිවිසුම සඳහා කැපවෙමින් සිටි කාලයයි. සමහර සිසුවියෝ රාත්‍රියේ නිදිවරා පාඩම් කොට නැවතත් පාන්දර හතරට පමණ අවදි වී පාඩම් කළහ. මේ බව දැනගත් ඇය “Do not light the candle in both ends. You will burn your fingers. යැයි පැවසුවාය. විභාගය ළං වන විට අසනීප වේ යැයි කියා ඇය එය පැහැදිලි කළා ය. විභාගයට මුහුණ දීමට මනා සුවයෙන් සිටිය යුතු බව ඇය අවධාරණය කළා ය.


මා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට පෙර දින ඇයගෙන් සමුගැනීමට ගිය මොහොතේ ඇය ඒ ගැන සතුටින් මෙසේ පැවසුවා ය. හොඳට ඉගෙන ගෙන ලෙඩුන් සනීප කරන්න. රටට හොඳ සේවයක් කරන්නැයි ඇය ඉල්ලා සිටියා ය. ඒ කාරුණික ඉල්ලීම කැපවීමෙන් ඉටුකළ බවක් මට හැඟේ. රෝගියෙකු සුවපත් කිරීමෙන් මා ලබන කුසලයෙහි හා තෘප්තිමත් බවෙහි ඒ උතුම් කාන්තාව ද හිමිකාරියක වන්නීය.