Friday, October 1, 2010

මරණ දෙකකට ඇස දුටු සාක්කිය වීම.

කවුරුන් හෝ හිඟන්නා උදෑසනින් අවදි කර ඇත. කාටත් පුදුමය. මට දුකය. කාරි නැත. දැන් හැල්මේ දිවිය යුතු නොවේ. විනාඩි පහළොවකින් පතරාසය නිම කරගත හැකිය. කවදාවත් නැතිව දකුණුපස දොරක් ළඟ පැළපදියම් වීමි. මා බැසිය යුත්තේ අනෙක් පස දොරිනි. මේ පැත්තේ වේදිකාවක් නොමැත. රාගමදී මාරුවීමට සිතාගත්තෙමි. ඕ....... හුනුපිටිය දුම්රිය නැවතුමේදී කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඉදිකරන චීන ඉංජිනේරුවන් දැක ගන්නට අද ඉඩක් නොලැබේ. ඔවුන් වැඩ කොතෙක් නිම කර ඇත් ද? මා මනෝමයෙන් ගණනය කළෙමි. අවම වශයෙන් කණු වල කොන්ක්රීට් මිශ්රුණ නිම කර තිබිය යුතුය. ඔව් එය එසේය.... මිනිසුන් අතරින් බැලුවෙමි. චීනුන් වැඩට හපනුන් වන්නා සේම මේ ව්යායපෘතියේ වැඩ කරන්නන් දිවා රෑ වැඩ කරනවා විය යුතුය. මම සාමාන්යෙන් හතයි දහයට පමණ හුනුපිටිය පසුකරමි. ඔවුන් වැඩ පටන් ගෙන බොහෝ වේලා බව පැහැදිලිය. එහි අණ දෙන්නන් නැති තරමිනි. එකෙක් සිතූ විට විශාල කොබෙල්කෝවක් පණ ගන්වා වළක් කපා නැවතත් යන්ත්රය වෙන ඉසව්වක නතර කර හරි බරි ගැසී ආසනය සකසා නිදිය ගනී. ලාංකිකයකු පදවාගෙන වැඩ බිමට ආ ටිපරයක් නවත්වන චීනෙක් එතැන් සිට රියදුරා වී ලාංකිකයා සහයක කරගනී. මේ සියල්ල වන අතර හුනුපිටිය ස්ටේසමේ ප්රකට සපත්තු පාලම අන්තයේ සිට තවත් චීනෙක් හඩ දෙමින් ඇදෙන දුම්රිය දෙස නිසොල්මනේ බලා හිඳී. මා ඔහුගේ දෙනෙත් ගත් වහා දැහැනින් මිදී සිනාසෙමින් අතවැනීය. අද මට නොපෙනෙන්නේ එම මිතුරන් ය.
හුනුපිටිය පසුකර යන විට ඇතින් පළමු රේල් පීල්ලේ දුම්රියක් එනු දුටිමි. අප යන්නේ තෙවන පීල්ලේය. දෙවන පීල්ල තවමත් අප පසුනොකළ නගරාන්තර සීඝ්රපගාමී ගණන්කාරයා වෙනුවෙනි. සියල්ල හොඳින් සිදුවුවහොත් හොරපේ දුම්රිය ස්ථානයේ දී චණ්ඩියා අප අබිබවනු ඇත. ඔව් ඔහුගේ හූ හඩ ඇසේ... හදිසියේ ම තරුණයෙක් හා තරුණියක් දෙවන රේල් පීල්ලෙන් මතු විය. ඉන්ටර්සිටිය ඔවුන් දැක්කා විය යුතුය. තරුණයා සිටියේ බරපතල දුර ඇමතුමකය. පෙම්වතිය ළඟ සිටිය දී මෙපමණ කතාවක්?? ඇරත් රේල්පීලි මත??? පිස්සෙක් මා මට ම මුමුණා ගතිමි. ඔවුහු දෙවන පීල්ලෙන් පළමු පීල්ලට පැන්නාහ. දැන් වංගුවක් බැවින් මා පසුපස බැලුවේ ඉන්ටර්සිටිය ළංව දැකීමටය. කිසිවක් ඉහළින් වීසි වී ගොස් මට එහා පෙට්ටිය ආසන්නයේ පතිත විය. ඔව් ඒ රේල්මගේ ගමන් කළ තරුණියයි. ඇගේ සොයුරා මට නොපෙනුනි. එම් හතර කන්කසන්තුරේ එන්ජිම මා හැඳින ගතිමි. එය හෙමින් නතර වනු පෙනුනි. ආහ්...... අර කෙල්ල ඉවරයි.....!!! එහා දොරේ සිටි සිද්දිය දුටු මහත්මා කීය. සැනින් පැමිණි නුවර රේල්ලුව ලේ වැකි ඈ සිරුර මගෙන් වසන් කළේය. නමුත් මද දුරක් යද්දි මස් ගොඩක් වූ ඔහුගේ සිරුර යකඩ යකා විසින් අමතක කර දමා ගොස් තිබුණි. අප රියදුරා ද ගමන බාල කළේ ය. දැන් ඉදිරි සියලු දුම්රිය නවතින බව පැහැදිලිය. සංඥා ලද හෙයින් අපට නතර කළ නොහැක. එක් මඟක් හෝ නිදහස් විය යුතු නිසාවෙනි. හෙමි හෙමින් එඩේරමුල්ලට යන විට එහි දුම්රියක් නතර කර තිබුණි. එහි සිට රාගම දක්වා මාර්ගයේ දුම්රිය හතක් උන් හිටි තැන් වල ම නතර කර තිබුණි. නිවාඩු දවසක් වීද කොපමණ දුම්රිය ප්රමාණයක් එක ම මාර්ගය බෙදා ගන්නේ දැයි මට හොඳ හැටි පැහැදිලි විය.
සිද්ධිය අමතක කර ළමුන්ට උගැන්වීමි. නමුත් ඩෙනිමක් ඇඳ සිටි ඔහුගේ සිරුර මට දැනුදු මෙනෙහි කළ හැකිය. රාත්රී ප්රනවෘත්තියක් ලෙස නැවත මා සිරුර දුටු නමුත් එය සියැසින් දුටු වග වරිග සභාවේදී නොකීවෙමි. කියුවා නම් ප්තිඵල භයානක වනු ඇත. දුම්රිය යනු ලංකාවේ අන්තරායකර ම ප්රවාහන සේවයයි. අනාරක්ෂිත ගේට්ටු මගින් හා රියදුරන්ගේ නොසැලකිල්ලෙන් සිදුවන අනතුරු නිමක් නැත. යාන්ගල්මෝදර සිද්ධිය ඔබට මතක ඇත. එසේ තිබියදී දුම්රිය මාර්ගයේ දුරකථනය කනේ රුවාගෙන සිහියතක් නැතිව ගමන් කිරීම අනතුරට අතවැනීමකි. ඔහු හා ඇය ඊට වන්දි ගෙවා ඇත. මා තවත් නිහඩ සාක්කිකරුවකු පමණකි.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....