Friday, August 29, 2014

සුරතල් කැදැල්ලක නිදහස් රසය විඳී...

ඇවරි සාමාන්‍යයන් සති අන්තයට කාර්ය බහුල වුනාට හුදකලා යාත්‍රාවට අවස්ථාවක් ලැබුණොත් අතහරින්නේත් නෑ. දැන් නම් ටිකක් විතර සංවිධානගත සති අන්ත සැලසුම් ඇති නිසා කලින් ම අදාල සති අන්තයේ කළ යුතු දේවල් පෙළගස්වා ගැනීම සිරිතක් වෙලා. ඉතිං මේ සතියේ ඇවරිගේ සති අන්ත සැලසුම් වල කැදැල්ල 2014ත් ඇතුළත් වෙලා තිබුණා.
හිස සතපන්න කොට්ට තෝරමුද‍‍..?

මගේ සබ්ජෙක්ට් එකත් එක්ක කැදැල්ල අදාල වෙන්නෑ. නමුත් ගෘහ නිර්මාණය කියන්නේ ඇවරිගේ කැමති ම විෂයක්. මොකද ආයුබෝං අපි දන්නැති වුනාට සංචාරක ආකර්ෂණ කියන බොහොමයක් තැන් එක්කෝ භූ දර්ශන නැතිනම් ගෘහ නිර්මාණ තමා. අනික කැදැල්ල දැන් කාලෙ නිවාස තාක්ෂණය ගැන දැන ගන්න යාවත් කාලීන වෙන්න අපූරු අවස්ථාවක්. ගියපාර මං මුහුදු වැල්ලෙන් බිත්ති බඳින කස්ටියකට කතා කළා මතකයි. රුපියල් සියයක ප්‍රවේශ පත්රයක් අරං ඇතුල් වුනාට මොක ද කැදැල්ල බලන්න ගිහින් මුල්න් ම මට පහු කරන්න තිබුණේ සල්පිල් සීමාවක්. මට නම් අරහං වුනා. නැති මඟුලක් නෑ වගේ ම ඇති මඟුල් අස්ප ගණන්. ඊළඟට මගේ අතට කූපන් දෙකයි. සිම් පතකුයි ලැබුණා. මං තුනම කුණු බක්කියට දැම්මා. දුන් කෙනා මට එපා කියන්න අවස්ථාවක් දුන්නෑ. ඒක මට දුන්නේ මේක අල්ලගන්න. මට පිටිපස්සෙන් එන අයටත් දෙන්න තියෙනවා කියන්නා වගේ හදිසියකින්.
ලයන්කෝ නවතම හඳුන්වාදීම...

මේ වගේ ප්‍රදර්ශන වල හැම බඩුවක් ම විකුණන නිසා ආපු වැඩේ කරගන්න ටිකක් අමාරුයි. ඇතුල්වුන ගමන් ම ඇවරිව අල්ලගත්තේ එච්. එන්. බී ඉන්ෂුවරන්ස් එකෙන්. අයිසේ ගෙවල් හදන තැනක රක්ෂණ මොකට ද? එහෙම කියන්න එපා සර්. ගේ හදන අතරෙදි මළොත්? වෙනවට නෙමෙයි ගෙයි වැඩ යන අතරේ සර්ට කරදරයක් වුනා මොනවාද කරන්නේ? මට හිනා ගියා බන්ස්. මං මෑන්ස් සනසලා ඉදිරියට ගියා. අති බහුතරය තිබුණෙ ඉන්ටීරියර් ඩෙකෝ. ඩ්‍රෙපර්ස්, ෆැබ්රික්, සොෆා, බ්ලයින්ස්, කර්ටනින්, බ්ලා බ්ලා බ්ලා...... හැබැයි හොඳම නිමාවට තිබුණා. එච්. එස් ෆැබ්රික්ස් වල මං සෑහෙන්න වෙලාවක් ගත කළේ ඒ අයගේ කුටියේ වූ පිළිවෙල නිසාමයි.
මටත් කුෂන් එකක් ඕන...

තවත් තැනක සාමාන්‍ය සැපයුම්කරුවන් කුෂන්, කෝට්ට, පුටු කවර, ආදිය සැපයීමේ යෙදුනා. අම්මයි තාත්තායි කුෂන් තෝරද්දි සමහර පොඩ්ඩෝ ඇඟිලි ඉරුවේ මේ විදියට. තවත් සමහර අයට එහි තිබූ ඇතැම් අංග විනෝද ඔංචිල්ලා වැනි වුනා. මෙවැනි චිල්ල මලයක් ජෙට්වින් යාල හෝටලයට එක් කළ පසු එය අද එහි අනන්‍යතාවක් තරමට ජනප්‍රිය වෙලා. ගේකටත් එහෙම අයිටම් එකක් දැම්මම යුනික් ස්ටයිල් එකක් එනවා කියලයි රෙප් කිව්වේ. හැබැයි වියදම ටිකක් සැරයි ඉතිං. තවත් තැනක පොඩ්ඩන්ට නියම ඇඳක් ලයන්කෝ සමාගම විසින් හඳුන්වා දීලා තිබුණා. සිංගප්පූරුවෙන් ආනායන කරන ලද එම ඇඳ කාර් එකක හැඩයෙන් නිර්මාණය කරලා තිබුණා. ඔවුන් ඇඳ ගෙන්වලා මෙට්රස් ලංකාවේ හදනවා කියලයි කිව්වේ.
මේවගේ ඩිෂිබිල් එකක් බෙල් එකක් වෙනුවට??

පැන්ට්‍රි කබඩ් තාක්ණය දැන් ලංකාවෙ ටිකක් ඉදිරියට ගිහින් ඇති බව මං දැක්කා. පැන්ට්‍රි කබඩ් ලීයෙන් කළා ම සත්තු ගහන නිසා දැන් දැන් මල නොබැ‍ඳෙන වානේ වලින් හදන පැන්ට්‍රි කබඩ්ස් වලට වැඩි ඉල්ලුමක් ඇති වෙලා. පොදුවේ ගත්තහම බිමට ටයිල් දැමීම වෙනුවට කරන්න වැඩ කෝටියක් ඇති බව මං වටහා‍ගත්තේ එතනට ගිහිල්ලා. 


ඔංචිලි චිලි ච්ල්ල මලේයා‍‍....
පාර්ටිෂන් ගහන කලාවෙත් අලුත් අලුත් දේවල් ඇති බව මං දැන කියා ගත්තා. හැබැයි ඒවා කොච්චර කලක් පවතිනවද කියන එක තමා ගැටලුව. හැමෝ ම වර්ග අඩි ගැන තමා කතාව. කැදැල්ලේ ෆාස්ට් මූවින් කන්සියුමර් ගුඩ් එකවුනේ කොට්ට. දැන් කාලෙ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වල හැටියට හරියට නින්ද යන්නෑ තියන එක පැහැදිලිව පේනවා නේද කියලා සමාජ විද්‍යාත්මක මතයක් සභාගත කළේ  ඇවරිගේ ගමන් සහයිකාව. ඇත්තට ම කොට්ට විකුණපු බුටික් දෙකේ ම සෑහෙන රෂ් එකක් තිබුණා. අත‍ට ගන්න කොට්ට ඔබලා බලලා තියලා ගියේ එහෙමත් අයෙක් තමා. කිව්වට මොකද ආයුබෝන් ඇවරිත් මේ ළඟදි කොට්ටෙ මාරු කළා.   



ඒ ඉස්සර තමා ‍හිසේ අමාරුවට ‍කොට්ටෙ මාරු කළා වගේ කිව්වේ. දැන් කාලෙ ඇත්තට ම කොට්ටෙ මාරු කළොත් හිසේ අමාරු නැති වෙනවා. නිකමට මාරු කරලා බලන්නකො. ඒ නිසා වෙන්නැ මයෙ හිතේ වැඩි ම පිරිසක් ගත්තේ කොට්ට.


පර්සියානු බුමුතුරුණු..
ඩී.එස්. අයි සැම්සන් හි නිවස උළු සහ තවත් කුඩා කර්මාන්තකරුවකුගේ උළු ගැන සෑහෙන්න තරමේ විස්තරයක් කරනන් තරම් ඇවරි ඉගෙන ගත්ත. මේ සියලු කාරණා කටයුතු හමාර කොරද්දි වේලාව සෑහෙන්න හවස් වෙලා තිබුණා. එදා දවසේ මහේන් අයියා මුණ ගැසීමත් ඇවරිට වැදගත් සිදුවීමක් වුනා..

Thursday, August 28, 2014

Princes Mashiyona with Duke of Ambalanthota ප්‍රින්සස් මාෂියෝනා විත් අම්බලන්තොට ආදිපාද..

වෙන වෙඩින් වල මනමාලි තමා පරක්කු වෙන්නේ..
ආගිය කතා, ඕපදූප, පරණ ලව් ගැන යාන්ස් ප්‍රෙන්තන් සමඟ බෙදා ගනිමින් සිටි අපිත් මඟදි කුස පුරා කෙළලා ආවට මොකද මඟුල් කෑමටත් සෙට් වුනා. කට්ලරිවල අඩුපාඩුවක් නිසා හැඳි තිබුණෙ නෑ. අපේ සමහරු නම් සුප් හැඳිවලින් බත් කන්න තරම් ලෝර්ඩ්ලා වෙලා තිබුණා. ඇවරි සහ සී. එස් නම් ප්‍රධාන සුපවේදියාට කියලා මුළුතැන්ගෙයින් හැඳි දෙකක් ගෙන්න ගත්තා. අපි මේසේට එද්දි චිලියා සුප් හැන්දෙන් බත් අහුරු පිටන් ගිලදාන ඡායාරූපය බලධාරියා විසින් කපා හරින ලද බව කියන්න ඕන. අතුරුපස සඳහා එහි සිටියේ අප පමණයි. අපි හිටගෙන ම, හීනියට නටාගෙන රිසි පරිදි බෙදාගෙන අතුරුපස නම් කෑවා. ඉන්පස්සේ නැවතත් පුද්ගලික පොටෝ සුට් තමා. ඔය අතරේ සී.එස් නව යුවල ශාලාව වෙත කැඳවාගෙන ඒමේ වගකීම ඇවරි වෙත පැවරුවා. ඒ අවස්ථාවට නියමිත වෙඩින් මාර්ච් එකක් වාදනය කළ යුතු වුනා.

මං යද්දි දෙන්නා ලක ලැහැත්ති වෙලා ඉවරයි. මාෂිට ඒ ගවුම තිතට මැච් වුනා. ආහ් අපේ චිලී දැන් වෘත්තිය ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. හරිය (ඒක මේ පේඩ් ඇඩ් එකක්) ඇගේ මල් කළඹ, සපත්තු නියම ගැලපීම දිහා බලමින් මං ඈව කැමරාගත කරද්දි තොටයා කාමරෙන් එළියට ආව. අපි පරක්කු නෑනේ. ඉන් පස්සේ දෙන්නා වෙඩින් මාච් එකට ඇවිදින්න ටිකක් ට්‍රේන් වුනා. නිකන් ප්‍රින්සස් මාෂියෝනා විත් අම්බලන්තොට ආදිපාද වගේ. දෙන්නා අත් දෙක පටලවගන්න හැටි විසඳගන්න ගිහින් තව පොඩ්ඩෙන් මරා ගන්නවා. නෑ අනේ ඔයා අත උඩින් කියලා තොටයා කියද්දි. මාෂි කිව්වෙ ම අත යටින් කියලා. මාත් දෙන්නට ඇවිලෙන්න ඇරලා බලාන හිටියා. යන වෙලාවක යමකෝ කියලා. අන්තිමේදි දෙන්නා ගැටලුව නිරාකරණය කරගෙන මගේ පස්සෙන් ආවා. මේන් එන්ට්‍රන්ස් එකේදි අපි වෙඩින් මාර්ච් එක දාලා දෙන්නව ස්ථානගත කළේ ඡායාරෑප ගන්න.

ඔය අතරේ කපල් එක ඩාන්සින් ෆ්ලෝ එකට ඇදගෙන යන්න වෙලාවක් එවලා එස්.එම්.එස් එකත් ආවා. අපි වෙලාවට ඇවිත් තොටස්ව ඇදගෙන ෆ්ලෝ එකට ගියා තොටයා නටද්දි දීපු රැග නම් අමතක වෙන්නෑ. රගාත් එකතු වෙලා අන්තිමේ දී සී.එස් කැමරාවත් තියලා ඇවිත් අඤ්ඤකොරොස් බ්‍රේක් ඩාන්ස් එකක් දැම්මා. ටික වෙලාවකින් අරත් ෆ්ලෝ එකේ. යකෝ කවුද කැමරා කරන්නේ. ඔටෝ පයිලට් බං ඔටෝ පයිලට්...!!! කොහොම නමුත් කාලෙකින් ඇවරි දාඩිය දාන්න නැටුවා. යුනියේ යාළුවො ගොඩක් ෆ්ලෝ එකේ හිටි නිසා අපි කැම්පස් සෝෂල් එකේ නැටුවා වගේමයි. තොටයා සෑහෙන කාලයක් හොස්ටල් හිටි නිසා ඒ මඟුල් ගෙදර වැඩිම කැම්පස් යාළුවො සහභාගී වුන මඟුල හැටියට වාර්තා ගත වුනා. 

ඉවසයි ද මන්දා.... අපි දුන් රැගින්...

මාෂි නම් වයින් කළ බෝනික්කි වගේ නැටුවා. තොටයාගේ තට්ටු තට්ටු ඩාන්ස් ස්ටයිල් එකෙත් පුංචි මෙව්ව එකක් තිබුණා. හැබැයි මචං අර බෙලෙක්කිගේ වොයිස් එක සික්ස් එයිට් වලට නම් නියමෙට ගියා. ගයියාට ඈ නිසා මල්සර හී සරේ මිස් වුනේ කණ ගාවින්.

ඊළඟට මංගල සභාව, යූෂුවලි බෝරින් පාර්ට් එක කිව්වට ආයුබෝන් ෆන් ටයිප් ෆැමලි වෙඩින් වල හැපනින් මංගල සභා තමා තියෙනවා. ඇයි ද කිව්වොත් එහෙම වෙඩින්ස් වලට අපිට තර්ඩ් පාර්ටි ෆ්‍රෙන්ඩ්ෂිප් ඉන්විටේෂන් දුන්නට අපිත් ඉවෙන්ට් එක ඉවර වෙද්දි ෆැමලි ම වෙන නිසා. ඉතිං ඒ කතා පවුලේ හෑල්ලක් වුනාට අපිට රිලේට් වෙනවා. ඇයි මුං දෙන්නා ගැන ඕපයක් නේ බං කියැවෙන්නේ. ඒකත් වෙන තැනක නොකියැවුණ එක්ස්ක්ලූසිව් එකක්. ගොඩක් යාළුවන්ගේ ෆන්ටයිප් නෑයො ඉන්න වෙඩින් වල මංගල සභාව ඇවරි මිස් කරන්නේ නැත්තේ ඒ නිසා. හයික්ලාස්, ස්ටීරියෝ ටයිප්, නෑයො සෙට් එකක් හිටියොත්, අද දින විවාහ ප්‍රාප්ත වූ නව යුවල වගේ තැනකින් පටන්ගෙන... හැලි සභාවක් තමා එළියට එන්නේ. එතකොට කාපුවා දිරවනකම් පැය භාගයක් ඇලට් එකක් දාතැහැකි.
අද විතරයිනේ අනේ... ලැජ්ජ වෙන්න එපා අයියෝ...
 මාෂිගේ තාත්තා පුබුදු මහතා, සියලු කටයුතු කරලා අවසානයේ නිවේදක කටයුතුත් කරමින් වෙඩින් එක පීක් එකට ගෙනාවා. පුබුදු අංකල් පට්ට රහක් ඇති මිනිහෙක්. ඕයි චිත්‍ර උපාධියක් නැතිව කිසිදු මූලික සුදුසුකමක් නැතිව උසස් පෙළ දරුවන්ට චිත්‍ර උගන්වලා විසි ගාණක් ඒ සාමාර්ථ සහිතව සමත් කළ ගුරුවරයෙකුගේ දුලභ කතාව කියූ අංකල්ගේ ගජ යාළුවා නියමයි. කොහේ ද ඉදිරි පෙළ අසුන් අරං හිටි ඇවරිට වහාම මංගල සභාවෙන් නැඟිට පසුපසට ස්ථාගත වෙන්න වුනේ ඉදිරි කටයුතු සැලසුම් කරගන්න තිබුණ නිසා. අර තොටයගේ ආච්චි කියපු හිටිවන කවි පෙළ නම් අපූරුයි. ඇවරි සෑහෙන්න ඇයට චියර් කළා.

ඔය අතරේ තමා ඇවරි ගෙනාපු ස්නෝ ස්ප්‍රේ එක නැති බව සුගියා වාර්තා කරන්නේ. ඇවරිට ස්ප්‍රේ එකක් දාන්න මතක් වුනේ කලින් දා ඔපීසියේ දී. ඒත් රාත්තිරියේ ගන්න කඩයක් නොතිබුණ නිසා අමල්කා හොට් ලයින් ගත්ත ම උදේ හතට බඩු දෙන්නම් කිව්වා. එච්චර කට්ටක් කාල හොයාගත්තු ස්ප්‍රේ එක නෑ කිව්ව ම ඇවරිට යකා නැංගා. අන්තිමේ දී කස්ටිය මේස යට හේම රිංගලා පැත්තක දාලා තිබුණ ස්ප්‍රේ එක හොයන් ඇවිත් කපල් එක යන්න කලින් ගැහුවා. හැබැයි වුන දේ ගැන මං මුකුත් ලියන්නෑ, ඇයි තව සමහරු සබන් බෝල පිම්බුවා, නූල් ඇද්දා කතන්දර ගොඩයි. ඒ හැමෝට ම මොකක්හරි බාල්දියක් පෙරළන්න අවංක ඕනකම තිබීම ගැන ඇවරි සතුටු වෙනවා.

මංගල්‍ය නියමෙට ගියා. නිල කැමරා ශීල්පී සී.එස්ගේ හැසිරීම ඉතා සතුටුදායකයි. සී.එස් මෙදා හෝටලයේ කිසිවකට හානි නොකර අපේ කස්ටය හදපු හෝර්ඩින් එක විතරක් කඩා දැමීම ගැන ඇවරි අවංක ආදර ස්තූතිය පළ කරනවා. මෑන්ස් උදේ ෂූට් එක පරක්කු කළ නිසා රගා කාපු කට්ට ගැනත් ලියන්න වටිනවා. රගාට තුනට කාර්එක ඕන කී නිසා රගා දෙකට නැඟිටලා සී.එස්ට ගත්තලු. නිදිමතේ ආන්සර් කළ සී.එස් මචාං තොටගෙ ෆෝන් දෙකම ඕෆ් බං එන වෙලාවක් තාම නෑ.... අපි දන්නෑ බං අපි නිදි කියලා කට් කරලා තියෙනවා. අන්තිමේ දී ෂූට් එකට එද්දි පාන්දර පහයිලු. ඒ මුළු කාලයේ ම කාර් එකට වෙලා රගා සී.එස්ගෙ හක්කේ තියන සෙම ඇරෙන්න මුවකින් කියා නිම විය නොහෙන ගුණ කදම්බය සුද්ද සිංහලෙන් වැදෑරුවා කියලයි වාර්තා වුනේ.

පිස්සු ද නෝන එන්න අපි නටමු....
අවසානයේ දී රෑසිරි වස්සන වෙඩිමක ලස්සන හා එකතු වෙන්නට අපිට අවස්ථාව ලැබුණා. මාෂි සහ තොටස්ගේ යුග දිවියට ඇවරිගේ සලාදයේ සුභාශිංසන පිරිනමන අතරේ ලාහෙන් මනින්න දරු සම්පත් ලැබී දෙන්නා දෙමහල්ලන්ගේ ජීවිත සතුටන් පිරේවා කියලා ප්‍රර්ථනා කරමින් තොටකුමාර මහේෂී මංගල්‍ය පිළිබඳ ඉන්සයිඩ් ස්ටෝරිය මෙලෙස අහවර කරනවා.

  

අද.... තොටකුමාර රාජපුතා - මහේෂී කුමාරි බඳී.... මංගල්ලේ සාර වෙවා - සෑදි සෙත්....!!

යාදෙත නොරත රත
ඇවරි සාමාන්‍යෙයන් හරි ඩියුට මයින්ඩනඩ් නේහ්... ඔව් බං ඉතිං ඌට කෝටියක් අත්වැඩ සහ පර වැඩනේ... ලොල්. ඇවරිගේ වැඩ ගැන සාමාන්‍යයෙන් මිනිස්සු කතා වෙන්නේ එහෙමයි. අද ඒ කිව්වේ 28 වැනිදා ඇවරි රාජකාරි නිවාඩුවක් ගත්තේ යා දෙක නොරත රත වූ, තොටපුතා හා මාෂි  දෙපළගේ මංගල්‍ය සඳහා සහභාගී වෙන්න. 

චිලී දුන්න ලණුවක් ගිල්ල නිසා පාන්දරින් ම පුස්ප මංජරිය ශ්‍රී හස්තයෙන් අරං තමා ඇවරි චිලී මන්දීර් වෙත පැමිණියේ. කලින් දා සවස දුන් ඇමතුමෙන් චිලියා එකෙන් ම ඉස්කෝප්ප කතාවක් ගෙනහැර පෑවා. මචං අටයි තිහට රාහු කාලය, උඹලා හතයි තිහට වරෙන්. හරි. අහිංසක ඇවරි කොලූ උදේ පාන්දරින් නැඟිටලා ලක ලැහැස්ති වෙලා පාරට බැස්සේ මංගල්‍යට යන්න. අඩේ මං යද්දිත් රුචිර භායි සුපුරුදු වතාවතක් වන ඇලියොනය සුරතල් කරමින්. අමුවෙන් කිව්වොත් දෝවනය කරමින් හිටියේ. ඒ අතරේ චිලී තොමෝ ලක ලැහැස්ති වෙමින් උඩු මාලේ. ආ... මොකෝ උඹ කුකුලා මල්ලේ අරං.. ඈ මගෙන් පුරස්න කළේ නක්කල් මන්දහාසයක් මුවේ රඳවා ගනිමින්. ඇයි යකෝ රාහු කාලයට කලින් යන්න ඕන කව්වේ??? අනේ බං අයියා නැවට නඟින්නේ රාහු කාලය බලලා ද? තෝ මගේ ලණුව කාල උදෙන් ම ආව නේහ්... ඇයි අපි රාහු කාලයට කලින් යන්න ඕන නැද්ද?? මං උදේ පාන්දර වැටුණ වලක් ගැන සිතමින් විරවපට්ටම් ගසාගෙන සැටියට බර වෙලා වට්ටු ඩූ යැයි සිතමින් එකල මෙකල වුනා.

ඔය අතරේ අටේ කණිසමට ක්ලෝස්ගෙන් ඇමතුමක්. මචං මං දැන් ඇහැරුණේ උඹ කොහේ ද? යකෝ යන්නැද්ද? මං ඇවිත් ඉන්නේ චිලයා එක්ක මගේ ඇරියස් එක ක්ලෝසා පිටින් ගියේ ඒ විදියට. හරි බං මං පහළ ඉන්නේ ගයියා තමා අඩු. ඌ මිරිස්වත්තේ කිව්වා. දැන් එයි. ක්ලෝසා ඇවරිට තද වුන බව දැන කතාව හමාර කළා. ගයියාත් ආවම අපි පිටත් වුනා. දැන් නම් පස්ට බඩගිනිය මචාලා. කාලා ගියොත් මොකද? අපි කොතලාවල සමර්ෆීල්ඩ් ආපනශාලාවෙන් කුස පුරා කෑවා. මඟ සලකුණු ලකුණු වුන හැටියට අපිට කඩුවෙලින් අධිවේගී මාර්ගයට දාලා කුරුදුගහින් එක්සිට් වෙලා ඇල්පිටි පාරෙ වතුගෙදර හන්දියට ඇවිත් එතනින් දකුණට දාලා බලපිටියට යා යුතුව තිබුණා. ඒ ටිකට අපේ නැවිගේටර්ලා ගූගල් මැප්ස් සහ ජී.පී.එස් දාගෙන අනවශ්‍ය සංකීරණතාවක් ඇති කළ නිසා මඟතොට හිටි අයගෙන් පාර අහගන්නත් වුනා.

වතුගෙදර ටවුමෙදි හමුවුන අංකල් කෙනෙක් යූ ටර්න් එකක් ගහලා දකුණට හරවන්න කිව්වා. කොහොමින් කොහොම හරි අපි නියම පාරට ආව කියමුකෝ. රුචිර භායී මඟ යමින් සිටම මඟ කොයි දැයි විචාරන්න අවැසි යැයි කියා සිටියේ තවත් අපිට මගට කාලය කන්න පුළුවන්කමක් තිබුණෙ නැති නිසා. “මං නම් කවදාවත් මල්ලි ගෑනුන්ගෙන් පාරක් අහන්නෙ නෑ. ඔය පේනවනේ ඒ අයගේ මූණූ.. පාර කියන්නේ කෙලෙස ද ඈ මට ඇයටත් පාරක් ඇති නැති ගානය තමා.. ඒත් කමක් නෑ ඔය අක්කල දෙන්නගෙන් අහන්න මේ පාර ගාලු පාරට වැටෙනව ද කියලා??? රුචිර අයියා ජීවිතේ පළමු වතාවට තමන්ගේ ප්‍රතිපත්තිය කඩකළා. මේ පාර ගාලු පාරට වැටෙනවද? ටික වෙලාවක් අපි දිහා බලාන හිටි වතුගෙදරවාසී කුමාරිහාමි නෑ කියාලා කිව්ව ම අපේ ඇස් වලින් ඩොලර් පැන්නා.

වේවැලින් කළ සෙනෙහසේ පෝරුව...

හෑ...??? කාන්ට් බී නේ බන්ස්. දිස් ඉස් ද රයිට් වේ චිලියට ඉංගිරිසි වැමෑරුණා. කමක් නෑ ආයෙත් හරවන්න කලින් ඔය අයියගෙන් අහන්න කියලා පිරිමි පරාණයක් ළඟ වාහනේ නතර කරපු අපි සුපුරුදු පුරස්නය යොමු කළා. ඔව් කි.මි තුනක් විතර යන්න. ගාලු පාර තමා. දැක්කනේ මල්ලි, එක්කෝ අර පිස්සු මලහෝත්රාව දන්නැති බව කියන්න ඕන. ගෑනුන්ගෙන් පාරක් ඇහුව ම ඔහොම තමා. මං කිව්වේ. ඉතිං අයියමනේ ඒ උඩිච්චිගෙන් පාර අහමු කීවේ. හරි බං ඒ බෙහෙතකට වත් පිරිමියෙක් නොහිටි නිසා නේ. ඊළඟ පාර නම් මළත් ගෑනුන්ගෙන් පාර නොඅසන්න අදිටන් කරගෙන අපි ගාලු පාරෙන් ලයන් පැරඩයිස් හෝටලය හොයාගෙන ගියා. ‍තාර පාර ටිකකින් බොරලු පාර වෙලා කලපුවෙන් අහවර වෙන බව අපිට ඉවෙන් දැන්නා. අන්තිමේදී පාර කෙළවර ඒ මනරම් නිකේතනය පිහිටා තිබුණා.

ඇවරිලා වී.වී අයි පී නිසා අපි යනකම් විවාහ ජෝඩුව හෝටලේ පෝටිකෝව යටට වී බලා හිටියා. ඒ නිසා උත්සව සභාවට ඇතුල් වෙන්නත් කලින් ම අපිට නව යුවළට සුබපතන්න හා ඔවුන් සමඟ ඡායාරූපවලට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ වෙද්දි පෝරුව අහවර වෙලා තිබුණා. මාෂි සහ ඇගේ ආදර පියාණන් චිත්‍රකලා ආචාර්ය පුබුදු මහතා විසින් මනරම්ව නිමවා තිබූ පෝරුව, පොල්තෙල් පහණ, සෙටිබෑක් අපේ නේත්‍රාකර්ශනයට ලක් වුනේ ඔය අතරේ. ඒ නිර්මාණ සඳහා සහයෝගය දක්වපු මාෂිගේ මස්සිනා පොඩ්ඩ සහ කොටුවෙන් පිට හිතන විස්ටා මිත්‍රත්වයට ඇවරිගේ ආචාරය හිමි වෙනවා. වේවැල් යොදාගෙන නිමවා තිබූ පෝරුමස්තකප්‍රාප්ත නව යුවල නැරඹීමට ඇවරි විශාල ආසාවකින් හිටියා. නමුත් කරුමෙට නිල ආරාධනා පත්‍රයේ පෝරුව චාරිත්‍ර සඳහා නියමිත වෙලාව සටහන්ව තිබුණේ නෑ. රගා තමා ඊට වගකිව යුත්තා. ඇවරි දන්න තරමට නිල ආරාධනාපත්‍රෙය් වර්ඩින්ග්ස් රගාගේ. මේ වේවැල් පෝරුව පිටිපස්සේ මාෂිගේ හා තොටස්ගේ පවුල්වල සියලු දෙනාගේ ආදරේ තියෙනවා. එච්චර වේවැල් කන්දරාවක් අත්වලින් කපලා, පාට කරලා ඒ මහන්සිය නිසා ම මනාල තොට පුතාගේ ඇඟිල්ලක නියපොත්තක් සම්පූර්ණ වශයෙන් ගැලවිලා තිබුණ බවත් සඳහන් කරන්න ඕන.
හංසයා පහන

ඒකත් ජයසිරි මංගලම් කියමුකෝ. අපි ස්ථාන පරීක්ෂාවේ යෙදිලා ජැටිය හා ඒ අවට නරඹලා අපේ පුද්ගලික පොටෝ ෂූට් අහවර කරලා නැවත සාදයට එක්වෙද්දි නව යුවල බෙදාගෙන වළඳනවා. ඇත්තට ම අද දවල් තොටයටවත් මාෂිටවත් හරියට කන්න ලැබුණෙ නෑ. අපි වට වෙලා පිස්සු කෙළපු නිසා. වෙනදට උඹ කපල් කද්දි පෝස් කරන්න කියලා උන්ට වද දෙනවනේ. අද අපි උඹට ඊට වඩා රැගක් දෙන්නම් කියලා කස්ටිය ම වට වුනත්, අනේ මචංලා රෑට වැඩ තියෙන නිසා අපි ටිකක් යහමින් කන්න ද කියලා තොටස් කරපු ඉල්ලීම නොවෙන්න අපි එතනින් අයින් වෙනවා බොරු. ජෝඩුව පට්ට රිලැක්ස් හිටියා. වෙඩිම කියලා මහ අමුත්තක් නෑ. හැබැයි අනුන්ට හැමදාම පෝරුව උඩදි රිලැක්ස් රිලැක්ස් කියන තොටයා චේන්ජින් රූම් එකේ දි කිව්වෙ හතරවරිගේ නෑදෑයො දැකලා බුවාට හීන් දාඩිය දැම්මා කියලයි.


දැන්වත් මුන්ට යන්න කියලා නිදහසේ කමු ද??
කෑමට තිබුණ පෝලිම අඩුවෙනකම් අපි ඒ ළඟ තිබුන පළතුරු වට්ටියට වග කිව්වා. පලතුරු වට්ටියක් දෙන චාලිත්තරයක් මංගල්‍ය පුරාණයේ තියෙනවලු. ඇවරි නිල කැමරාශිල්පින්ගෙන් කළ විමසීමකදී කියැවුනේ ඒකෙන් මනමාලයා නිකම් මිදි ගෙඩියක් දෙකක් වගේ කවනවා කියලයි. නමුත් අද වෙඩිමේ නම් ඒ වැඩේ නොකෙරුණ නිසා සියලු ම පලතුරු විනාඩි කිහිපයකින් අපේ ආමාශගත වුනා. ඔය අතරෙ අර තැටිගත රුක්මණීදේවිගේ සහ වයස්ගත ඇන්ජලීන් ගුණතිලකගේ කටහඩේ මික්ස් එකක් වුන අප්සට් කෙල්ලගේ වොයිස් එකෙන් සින්දු කීපයක් අහන්නත් සිද්ද වුනා. හැබැයි අවංකව මාෂිගේ සහ තොටස්ගේ කලාබර පවුලේ සාමාජිකයන් විසින් නියමිත ෂෙඩියුලයකට සින්දු බෙදාගෙන කිව්වා. ලොකු, පොඩි, බාල මහලු හැමෝ ම කිසිදු ආරාධයනික් තොරව, කෝලයක් නැතිව ඒඒ ගීත භාරගත් පවුලේ ගායක ගායිකාවන් තමන්ගේ ගීත රහට ගායනය කළා. අර සුබ දිනයක් වේවා.. සින්දුව කියපු අක්කයි, ආදර මල් පවනේ..  කියපු අයියයි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. ඒ ජෝඩුව දරු දෙන්නත් එක්ක කලින් ගියා. ඇවරි කා පාර්ක් එකේ දී කපල් එකට විෂ් කළා. පස්ට කලාකාරයින් එක්තැන් කළ එහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නියම ගීත ප්‍රසංගයක් පැවැත්වුණ බව කිවයුතුයි. 

Saturday, August 23, 2014

මට මගේ නොවන මගේ ම උපන් දිනයක් තිබුණා...

නිල ආරාධනා පත්‍රය
විවේකී සති අන්තයේ ඇවරි පසුගිය සති අන්තය ගැන කල්පනා කරමන් සලාදයක් ලියන්න හිතුවා. අර චිලී බුකියේ දාලා තිබුණු කොමෙන්ටුව වගේ මටත් මගේ නොවන මගේ ම උපන්දින සාදයක් තිබුණ බව කියන්න ඕන. ඊට කලින් ඇවරිට ස්වයං චරිතාපදානයක් කරන්න හිතුනා මේ උපන්දින සැමරුම් පිළිබඳව.

උත්පාද, තිථි භංග වශයෙන් වෙනස් වෙමින් පවතින ලෝකයේ වයසට යාම කියන්නේ සමරන්න වටින කරණාවක් නෙමෙයි කියලයි ඇවරිට පුංචි කාලෙ කියලා දීලා තිබුණෙ. නමුත් ඇවරි පුංචි කාලෙ දි උපන්දින සඳහා යම් යම් සැමරුම්, ඒ කිව්වේ නූඩ්ල්ස් පාර්ටි වගේ පැවැත්විලා තියෙනවා. වගේ ම ඇවරි 2007 ඉඳලා සෑම උපන්දිනයකට ම නිල කේක‍් එකක් කපන්න කටයුතු කරලා තියෙනවා. ගියපාර ඇවරිගේ උපන්දින උත්සව දෙකක් පැවැත්වුන නිසා කේක් දෙකක් කපන්නත් සිද්ධ වුනා. තාමත් පුංචි සන්දියේ වගේ ම  ඇවරිගේ කෝඩ්එක හැටියට උපන්දිනය කියන්නේ ඇවරි වෙනුවෙන් ඇවරිගේ යාළුවො සතුටු වෙන අවස්ථාවක්. සාමාන්‍යෙයන් මගේ වටේ ඉන්න මිනිස්සුන්ගෙ සතුට මගේ සතුට. ඇවරි සතුටු වෙන්නේ ඇවරිගේ වටේ ඉන්න අයට මතක හිටින මතකයක් දීමෙන්. මං තාම දන්නෑ අනුන්ගේ හිනාවන් වෙනුවෙන් වැඩ කරන එක මට කොහෙන් ආව එකක් ද කියලා. හැබැයි මට ඉවෙන්ට් එකක් ඔළුවට ආවොත් මොන මඟුල තිබුණත් ඒක කරන්න ම ඕන. අපි කරපු පිළිකුත්තුව අභියෝගය එහෙම එකක්. මගේ දැක්ම තමයි අපිට සම්පත් ඕනවටත් වැඩියෙ තියෙනව නම් අපි ඒව හරියට යොදාගෙන මිනිස්සුන්ව සතුටක් දෙන්න බැරි නම් අපෙන් වැඩක් නෑ කියන එක. ඕවර් කොන්ෆිඩන්ස් නෙමෙයි යාළු, මගේ ගණනය කිරීම් වරදින්නේ හරිම අඩුවෙන්. දැනට ම සෑහෙන්න ඉවෙන්ට්ස් ගොඩදාලා තියෙනවා. තවම කරගන්න බැරි වුන එක ඉවෙන්ට් එකක් තියෙනවා. නමුත් ඒ සප්‍රයිස් එක දෙන්න තරම් වටින කෙනෙක් හම්බුනේ නෑ. අනිවා දැනට මා ළඟ ඒ සන්දර්ශන පිටපත මුළ සිට අගට තියෙනවා. ඒක අන්තර් ජාතික නාටකයක්. ඉතිං ටිකක් කල් ඕනැවෙයි.. ලොල්! මං ඉවෙන්ට්ස් බදා ගන්නේ නෑ. ඒ ඒ අයට පුළුවන් දේ බෙදා දෙනව මිසක්, අන්තිමේ දි වැඩ සියල්ල ලස්සනට වෙලා. හැපී එන්ඩින්ග්ස් දෝරෙ ගලනවා. කවුරු හරි එදා මාර දවසක් කිව්වනම් මට ඒ ඉහටත් උඩින්.
මිස් ජිම් යන ගමන් පොලේ ආව ද?

පුංචි පුංචි වතුර බින්දු එකතු වෙලා මහ ගඟක් හැදෙනවා වගේ ජීවිතේ වටින්නේ පුංචි පුංචි දේවල් කියලා ඇවරිට ඉගැන්නුවේ අප්පච්චි. නමුත් මේ පාර පුංචි වෙනසක් කරන්න ඇවරිට ලොකු වුවමනාවක් තිබුණත් ප්ලෑන වෙනස් කළේ දින සම්බන්ධ ගැටලුවක් වුන නිසා. කඩුවෙල විහාරමහා දේවී ළමා නිවාසයට දානයක් දෙන්න ඇවරිට විශාල ඕනැකමක් තිබුණා. කොලු කාලෙ මුතුහරේ අක්කලා අයියලා එක්ක බස් එකේ නැඟලා ළමා නිවාසෙට ගිහින් ඒ පුංචි උන් එක්ක සෙල්ලම් කරලා. අක්කලා ළමයි වඩාගෙන හුරතල් කරලා, උන්ට බයියං කවලා, ඒ අය එක්ක බත් කාල, අර ඒ අය අපිට පින් දෙමින් කියවන ප්‍රකාශය කියවලා පිස්සුවක් නටපු කාලයක් ඇවරිට තිබුණා. මගේ යාළුවන් හා පවුලේ උදවිය සමඟ එහෙම පික්සු වැඩක් කරන්න මට ඕනකම තිබුණත් දින ප්‍රශ්නයක් නිසා වැඩේ මඟ හැරුනා. ඒක මිනිස්සුන්ට දැනෙන හැපනින් එකක්. ෆීල් වෙන දෙයක්. අති සාර්ථක දැවැන්ත ඉවෙන්ට් එකක්. ලබන අවුරුද්දේ කරන්න මං උත්සාහ කරනවා. ඉවෙන්ට්ස් ගැන කිව්වම මේ අවුරුද්ද අන්තිමේ තවත් පට්ට සතුටක් වපුරන්න මං හිතන් ඉන්නවා. ඒ මගේ දරු පැටවු වෙනුවෙන්. මං කලින් කිව්ව වගේ මේ හැම දෙයක් ම අපිට සත පහක් වැය වෙන්නැතිව සම්පූර්ණ සබඳතා පදනම මත කරන්න පුළුවන් දේවල්. තනි පුද්ගලයෙක් වශයෙන් නාම ගොත්තං නජීරතී නිසා මේ සී. එස්. ආර් ඉවෙන්ට්ස් එක එක කරන්න මං සැලසුම් සකස් කරලා අහවරයි. ඒ සියල්ල මගේ පර් කැපිටා හැපිනස් එක වැඩි කරගන්න කරන පිස්සු වැඩ ආයිබෝං....



මෙදා ඇවරිගේ උපන්දින සැමරුම් නිල උත්සවයත් එහෙම එකක්. හරිම හදිසියේ කෙරුණු දඩි බිඩි කැම්පේන් එකක්. වෙනසක් කරන්න හිතපු ඇවරි උත්සවේ කටු සටහන් ඇන්දේ ගංගාගේ උපන්දින සාදය අහවර වෙලා ගෙදර ආව වෙලාවෙ ඉඳන්. ඇවරි මුලින් ම කළේ ඉවෙන්ට් එක ස්කෙච් කිරීම. මගේ අඩුපාඩු ඇගේ සංස්කරණය යටතේ කැපිලා කෙටිලා, පැහැදිලි චිත්‍රයක් එළියට ආව. මේ චිත්‍රය පෝස්ටර් එකක් නැතිනම් ආරාධනා පත්‍රයක් කරන්න කිව්ව ම ඈ මගෙන් ඇහුවෙ තීම් එක මොකක්ද කියලා??? කස්ටිය දන්නවනේ ඇවරි ඔය ඇඩ්වෙන්චර්ස් වලට පළදින කව්බෝයි හැට් එක. පහුගිය දා නෙප්ලන්ඩ්ස් අස්පස් කරද්දි ඇයට මේ තොප්පියත් හම්බෙලා තිබුණා. අපි කවුබෝයි තීම් එකක් ගත්තොත් කෝම ද? කවුබෝයි? ඈගේ යෝජනාවට මගේ අනුමැතිය ලැබුණ නිසා වැඩේ කවුබෝයි වුනා.


චන්දරේ පැලූ දර කෑල්ලක් අතැතිව 
ඔය අතරෙ මගේ නොවන උපන්දිනයක් වුනේ සතියකට කලින්උපන්දිනය සමරන්න වූ නිසා. ඊටත් ලස්සන කතාවක් තියෙනවා. මෙදා ඇවරිගේ නිල ආරාධිතයින් වුනේ හෙට අනිද්දා මංගල කිංකිණි හැඩවෙන අපේ තොටයා සහ මාෂි යුවල. ඒ දෙන්න ඉවෙන්ට් එකට ගෙන්න ගන්න මං සෑහෙන්න කට්ටක් කාපු බවත් කියන්න ඕන. අන්තිමේ දී කේක් නොකපන බවට තර්ජනය කළ නිසා පැයකට අපි වෙනුවෙන් එන්න මාෂි කැමැත්ත ප්‍රකාශ කිරීම ඇවරිගේ නොමද සතුටට හේතුවුන බව කියන්න ඕන. මං සතියක් කලින් උපන්දිනේ සැමරුවේ මේ යුවල නිසා ම බව සිහිපත් කරන්න ඕන. එදා කපල් එක නැති වුනා නම් ඉවෙන්ට් එකේ කික් එක සියට පණහකින් අඩුවෙන බව මේක කියවන මගේ බැචාලා ඔක්කොම කියාවි.

ඇවරිගේ ජල්තර් ප්ලෑනක පොඩි ෂෙඩියුල් චේන්ජ් එකක් මිස් වුන නිසා එදා ඉරිදා දවසේ මං ළමයින්ට ක්ලාස් එකකුත් දාලා තිබුණා. ඒකත් කැන්සල් කරන්න බැරිකමට ඇවරි පාන්දර නැඟිට්ටා. නැගිටලා උන්ට ටියුට් එකත් ලියලා, පන්සල් ගිහින් ක්ලාස් එකත් කොරා. ඔය අතරේ තමා චන්දරේ අටහමාරට විතර මහ පාන්දර මට කතා කළේ. දැන් මචං අපි දෙන්න එන ගමන්. උඹ බඩු අරං ලෑස්තිවෙලා හිටපන්. මං හා කියලා පැයකුත් ගියා. මුන් දෙන්න ඒත් නෑ. අන්තිමේ දී දෙන්නට කිරිබත්ගොඩ බුදුපිළිම හන්දිය පැටලිලා පැය දෙකක් පරක්කු වෙලා හේම ආව. අපිට තිබුණ ලොකුම වැඩේ දවල්ට උයන්න මඤ්ඤොක්කා ගන්න එක.
ඒකට කියන්නේ චන්දරේගේ පොලේ යාමේ අංකය කියලයි. ඔන්න කිරිබත්ගොඩ බස්ටෑන්ඩ් එක පාස් කරලා අපි වෙළඳ සංකීර්ණය කෙළවරෙන් කාර් එක නවත්තලා බැහැගෙන වටේ කඩ පේලියේ මඤ්ඤොක්කා හෙව්වා. ඒත් හම්බුනේ නෑ. එහෙනම් මගින් තමා ගන්න වෙන්නේ. චන්දරේ ළඟ මනුස්සයෙක්ගෙන් ඇහුව ම පොලේ ඇති මල්ලි බලන්න කිව්වා. ඇයි අයියේ මේකනේ පොල???? නෑනේ මල්ලි පොල තියෙන්නේ බස්ස්ටෑන්ඩ් එක පැත්තේනේ කියලා මෑන්ස් නක්කල් හිනාවක් දැම්මා. ගංගා කවදාවත් අරවින්දව කිරිබත්ගොඩ පොලට යවලා නැති නිසා අපි පැය බාගෙක විතර සාටරයක් කෑවා. එදා ගංගා තොමෝගේ ඇඳුම ගැනත් අපි සටහනක් තියන්න ඕන. කඳු ගඟින බව කිව්ව ම ඩෙක් ෂූස් දාලා හේම තමා මැඩම් ඇවිත් තිබුණෙ. ඒකත් එක්ක පොලට ගියා ම වෙළෙන්දො ඇහුවෙ මැඩම් ජිම් යන ගමන් පොලේ ආවද කියලයි. තව පොඩ්ඩෙන් අපි මඤ්ඤොක්කා අක්කාට ඇන්ටි කියලා තරාදියෙන් කනවා. වෙලාවට ඈට ඒක ඇහුනෙ නෑ. ඔය අතරේ ගයියා එක ඇමතුමෙන් මුට්ටි ප්‍රශ්නය විසඳීම මගේ අස්වැසිල්ලට හේතුවුන බව කියන්න ඕන. නැත්නම් මොකේද දානේ උයන්නේ??? හා මොකේද දානේ උයන්නේ ඔව්??


අපි කළමනා අරං චිලියගේ නිවසට යද්දි චිලියල පිටත් වෙලා. ආයෙත් ජය මාවතේ අතුරු පාරෙන් නුවර පාරට එන්න එද්දි තමයි, ගංගා සෝමාදේවී දිසානායක අංකය වේදිකාගත කෙරෙන්නේ. එතන සෑහෙන්න බෑවුමක් තියෙනවනේ. කොච්චර බෑවුමක් ද කියනවා නම් කාර් එක පල්ලම බහිද්දි පාර පේන්නෑ. චන්දරේ මචං පාර පේන්නෑ වදී ද දන්නෙත් නෑ කියන සුනංගුවෙන් ගංගා ඇහුවෙ එහෙනම් මං බහින්න ද කියලයි??? අපි දෙන්නට ම බකස් ගාලා හිනා ගියා. ගංගා හිතුවේ මේක සෝමාදේවිය වගේ වාහනෙන් බැහැලා සපෝර්ට් එකක් දෙන්න ඕන වෙලාවක් කියලයි. කෝම ද ටිකිරි මොළේ. ගංගා සෝමාදේවිය සමතික්ක්‍රමණය කළේ ඔය විදියට.

කාල වෙලාව ඉක්ම ගිය නිසා අපි චන්දරේ විලාස්වලට චෙකින් වෙලා බඩු ටික දාලා මස්ටික ඇන්ටිට දීලා ගයියලහට ගියා. ඒත් අපිට කලින් ආපු චිලියලා අලුත් කාරෙකෙන් ඇවිත් තිබුනෙ නෑ. කස්ටිය නොදන්නවා වුනාට මේ වැඩේට සෑහෙන්න උනන්දුවෙන් සෙට් වුනේ අපේ අයෙෂ් මැතිනිය. උදේ අටහමාර වෙද්දි ඈ නිවසින් පිටත් වෙලා තිබුණා. අයෙෂ්ට වෙලාව පැන්න ම කාලි ආරෑඪය ෂුවර් එකට ම වෙන බව දන්න නිසා අයෙෂ්ව පික් කිරීමේ වගකීම මං කලින් ම ගයියාට පවරලා තිබුණා. අපරාදේ කියන්න බෑ ගයියා අයේෂව වෙලාවට මිරිස්වත්තෙන් නොගන්න අයෙෂ් මාව බිස්ටේක් දාන්න හොඳට ම ඉඩකඩ තිබුණා. හැබැයි දඬුවම අඩු වුනේ නෑ. මට ගයියලාගේ සෙටියේ කුෂන් පාරවල් හතඅටක් පෙළට වැදුනේ සලංහන්තේ වෙලා යන්න.

ගයියා දර පලන්න උගන්වමින්... ගංගා - “අන්න බලාගන්න අරවින්ද මෙහෙමයි දර පලන්නේ...‘
ඊළඟට ආගිය කතා අහවර කරලා අපි තරුවක් සමඟ වරුවක් වැඩසටහන කළා. තරුයුවල හැටියට චන්දරේ සහ ගංගා යුවල වැඩසටහනට එක්වෙද්දි නිවේදක ඇවරී සහ කැමරාවෙන් අයෙෂ් වැඩේට උපකාර කළා. චන්දරේ සහ ගංගා සැබෑ ජීවිතේ දී කරන වැඩ ගැන තමා ප්‍රෝගෑම් එක ගියේ. වැඩේ දර පැළීම. අපේ උදව්වට ගයියා වැඩේට අවශ්‍ය දේවල් හදලා දුන්නා. අරවින්ද දර පලද්දි මහන්සිවෙන හැටි. කරගැට දැකලා ගංගා දුක්වෙන හැටි ආදී වශයෙන් එක එක විකාර මිනි ඉවෙන්ට් පෝලිමක් එක්ක තරුවක් සමඟ වරුවක් රසවත්ව ගෙවුනා. ඇවරිත් ජොලියට දර පළන්න ගිහින් දිරපු කොටයක් නම් පළා ගත්තා. අන්තිමේදී අපිට මඤ්ඤොක්කා තම්බන්න සෑහෙන්න තරමේ දර එකතුවෙලා තිබුණා.


Monday, August 4, 2014

ලේට් ඩිලිවර්ඩ් බර්ත්ඩේ කේක්....

ලේට් ඩිලිවර්ඩ් බර්ත්ඩේ කේක්....
ගෙවුනු ඉරිදාවේ ඇවරිට සතුටක් වගේ ම දුකක් ගෙනාවා. එදා අපේ දහම් පාසලේ නිවාඩු දෙන දවස. ලබන ඉරිදා ඉඳලා ටිකක් නිදාගන්න පුළුවන් කියලා ඇවරිට අප්රමාණ ප්රීති චිත්තයක් පහළ වුනත් අයියෝ පොඩි උන්ගේ මූණූ මාසෙකට දකින්න බැරිවෙනවා නේද කියලා විස්සෝපයකුත් ඒ සමානව ඇති වුනා.  නිවාඩු දුන් දවසේ කථිකාචාර්ය ජයලාල් රෝහණ මහතාගේ ආරාධිත දෙසුමක් සංවිධානය වෙලා තිබුණා. එතුමා ළමයින්ට දැනෙන විදියට සමකාලීන මාධ්‍ය අවභාවිතාව ගැන තොරතුරු ඉදිරිපත් කළා. ඔහු නිතරම කිව්වේ අසූචි දැකලා චී... කියන අපි නාට්‍ය බලමින් බලුබෙටි අයිසින් කරලා කනවයි කියලා. තවත් හිතන්න වටින කතාන්දර රාශීයක් ඔහු කිව්වා.
උපන්දිනකාරිය මවිත වෙමින්...

දෙසුම අහවර වුනාම මං අපේ පන්ති දෙක බෝ මළුවට ගත්තා. අපි කළේ කවි පාඩමක්. ඒක අහවර වෙලා ඇවරි රචනා ටීම් එකත් එක්ක කතා කරන්න පහළ බණ මඩුවට ආව. කාලෙකින් තමා ඇවරි ඒ බණ මඩුවෙ වාඩි වුනේ. එතනදිත් ඇවරිස්ට මෙහෙම සිතුවිල්ලක් ආව. අනේ ඉතිං දෙයියනේ කියලා අපි ගමේ පන්සලේ මෙයාකාර විසාල බණ මඩුවක වාඩි වෙලා හිටියට ආයුබෝං පහුගිය කාලෙ ඇවරි ගිය පන්සලක් පර්චස් දහයෙ පහළොවේ කෑල්ලක ඉදි කරලා බුදු පිළිම ඇති ටයිල් කාමර වල වැඳුම් පිදුම් කරනවා දැක්කා. කොළඹට නුදුරු ඒ පන්සලේ දී මට නම් අර පන්සලකට ආවා ය කියන හැඟීම ඇතිවුනේ නෑ. මං අපේ ළමයින්ට කිව්වේ තොපිට මේවා වටිනාකමක් නෑ කියලයි.


ම‍ගේ කණ්ඩායම දැන් සම්පූර්ණයි. කොල්ලො දෙකයි. කෙල්ලො හතරයි. ඒ සෙට් එකත් එක්ක ගෙවෙන හැම විනාඩියක් ම අපූරුයි. උන් තර්ක කරගන්න හැටි  , නොදන්න දේවල් ගැන එකිනෙකා දැනුවත් වන හැටි මං බලන් හිටියා. ඉතිං තරඟ සඳහා පුහුණු වීමයි දැන් තියෙන්නේ‍‍‍‍‍‍. උදේ කෑමත් නොගත් ඇවරිට දැන් නම් ෆට්ට බඩගිනියි‍.

ඊළඟට දවසේ අමාරුම කාරිය තියෙන නිසා මං කුස පුරා කෑව.  අද අපේ ගංගාස්ට සප්‍රයිස් පාර්ටියක් ලෑස්ති කිරීමේ ඕනෑකම අපි හැමෝට ම තිබුණා. සිකුරාදා උදේ ම ඇවරිට ඇමතුමක් ගත්තු රුචිර අයියා , සාදය සඳහා තම නිවස ලබා දිය හැකි බව කීවා ම අපිට වැඩේ පහසු වුනා. එදා සවස් අතේ ගයියලාගේ නිවසට යන්නත් කස්ටිය සාකච්ඡා කොරගෙන තිබුණා. 

අභියෝගය වුනේ ගංගා මැතිනිය නිවස වෙත කැඳවාගෙන පැමිණීම. මොකද අපි කතා කරලා චිලීලාගේ ගෙදර එන්න කිව්ව ම හරි ඉතිං මං කිරිල්ලවලින් නඟින්නම් කිව්වොත් වැඩසටහන එතන ම හබක් නිසා අපිට ටිකක් හිතන්න සිද්ධ වුනා. අවසානයේ වැඩේ බාර වුනේ අපේ චන්දරේට‍. චන්දරේ රටේ තියෙන බොරු ගොඩාක් කියලා ගංගාස්ව චිලීගේ නිවසට කැඳවාගෙන ඇවිත් තිබුණා. ඒ එන අතරමඟ අපේ සිඟිති උපන්දින කුමාරිගේ හපන්කම් ගැනත් මේ ආකාරයට වාර්තා වුනා. ඔය ඉතිං හැමෝ ම හිතා ඉන්න ආකාරයට චිලී පලතුරු කාරිය කාල සුදට, ලස්සනට ඉන්න හින්දා ගංගට චිලී වෙනුවෙන් පලතුරු ටිකක් අරගන්න ඕන වුනාලු. ඒත් පුරස්නේ අතේ සල්ලි තිබිලා නෑ. ගං ගොඩේ පලතුරු කඩේට තකහනියේ ගොඩවුනු මේ ඉස්කෝලෙ හාමිනේ අංකල් කාර්ඩ් එකෙන් ගෙවන්න බැරිද කියලා අහපුවා ම කඩේ මනුස්සයාට හයියෙන් හිනා ගියාලු. මුකුත් හිතන්න එපා අංකල් මෙයාට ටිකක් වයර්, කියාගෙන හතර විළි ලැජ්ජාව අත් දෙකෙන් ම ඇදගෙන එතනින් වාෂ්ප වුනා කියලයි චන්දරේ අපිට කිව්වේ.

best ever captured :)
උපන් දින කේක්එක රැගෙන ඒමට භාර වුනේ ඇවරිට. මං අලුත් විකල්පය හැටියට කීල්ස් සුපර් එකෙන් කේක් එකක් තේරුවා. ඉටිපන්දම් කාරිය ගත්තු මට ලස්සන කන්‍යාවක් දාපු සති අන්ත ප්‍රවර්ධන වැඩසටහනක් නිසා නෙක්සස් කාර්ඩ් එකක් නොගෙන ඉන්න බැරිවුනා. අවුරුදු තුනක කීල්ස් දීගයකට මං පැටලුනේ ඇගේ ඉනාවට මයි කියලා ෂුවර්. කාරි නෑ ඒක විතරයි අඩුවකට තිබුණේ. ආර්පිකෝ ප්‍රීවිලේජ්, කාර්ගිලිස් ස්ටාර් පොයින්ට්ස් ඔක්කොට ම එන්රෝල් වෙලා හෙට උදේ ඉඳන් අහවල් ‍එක ලාබයි ගගා මෙසේජ් එද්දි කළ ගොන්කම් ගැන හිත හදාගනිය.



අනේ ඉතිං මතුමා කඩවත පොලීසිය හරියට සෙන්ටර් වෙද්දි චිලී රින්ග් කරලා ගංගයි - අරායි ආපු බව කිව්වා. කියලා විතරක් නිකම් හිටියේ නෑ මට ජාතිය අමතා ‍හරබර දෙසුමකුත් කාරිය කොළා. රුචිර අයියයි මමයි, ඉක්මණට ඉටිපන්දම් ගහලා, කේක් එක හැඩ කළා. පෙට්ටිය පඩිපෙලේ දාලා දැන් හැදුව කේක් එකක් වගේ පොඩි ඇඩ් එකක් දාගෙන ම මං දොරෙන් ඇතුල් වුනා. ඒකෙත් පුංචි ගතියක් තිබුණා. මං ඩිලිවරි වැඩකට ප්‍රමාද වුනාමයි මයෙ හිතේ. අපි ආගිය කතා, සාමීචි පවත්වන අතරතු‍රේ චිලී කොමඩු ජූස් එකක් හැදුවා. කියලා වැඩක් නෑ. ඒ දෙන්නට පොඩියට ජූස් බාර් එකක් පටන් ගත්තා නම් සෑහෙන්න ආදායමක් ගන්න තිබුණා.  (ඔක්කොම ඉතිං මැජික් බුලට් එකට පින් සිද්ධ වෙන්න කියලත් ලියන්න ඕන)


අපි කස්ටිය සෑහෙන වෙලා ටොප් යාන්ස් පෙළගැස්සුවා. සී.එස්ගේ අලකලංචි කතා, ප්‍රෞඩගේ සීරියස් කතා, අස්පට් ජොකියන්ගේ අපතට් කතා, ආදී වට්ටෝරු කතාන්දර කියලා අපි අපිට ම හිනාවුනා. කාලය ඉක්ම ගියෙන් ගයියලාගේ ගෙදර යන්න අපි නඩේ එළියට බැස්සා. 

වයන්න සිතාරෙ වයන්න ඔබේ.. ඕකේ එක කම්බියක්වත් නෑ...
නමුත් කෝමද චන්දරේ ශංකර්ගේ භාව ලීලාව...? 
ඒ වෙලේ ගයියාත් වීදි සංචාරයක ගිහින් ගෙදර එමින් සිටියේ. බැලුම්මහර ෂෙඩ් එකේ දී ගයියාව අපිට හම්බවුනා. එතුමා අපට කලින් පිටත් වුනා. අපි තාත්තාගේ මරණින් පස්සේ ගයියලගේ ගෙදර ගියපු මුල් ම වතාව. අංකල් නැති අඩුව අපටත් සෑහෙන්න දැනුනා. ඒ ඒ අය එක්ක ඉදිරි කටයුතු ගැන කතා කරමින් ඉද්දි වැස්සකුත් කඩා හැලෙන්න වුනා. ගයියාට ව‍ගේ ම තාරක මල්ලාටත් කරන්න සෑහෙන්න වැඩ තිබුණා. තාරක නම් අංකල්ගේ කපාපු පලුව. ඔහු මට නවීන බෝග වගාව ගැන වටිනා දේශනයක් කළා. මං ආයෙත් සාමාන්‍ය පෙළ කෘෂිකර්ම පන්තියට ගියා. ටීචර් ලස්සන නිසා ඇවරි තෝරගත්තු තවත් විෂයක් තමා කෘෂිකර්මය‍.  හැබැයි මුකුත් ‍ පාඩම් නොකළත් ඒ සාමාර්ථයක් තිබුණා. ට්‍රිපල් සුපර් පොස්පේට්, මියු‍රියේට් ඔෆ් පොටෑෂ්, ‍ආදිය නියම අනුපාතයට කළවම් කර බුලත් පැළ සඳහා යොදා ගන්නා හැටි ඔහු පැහැදිලි කළා. මේ ගැන සෑහෙන තොරතුරු නෙට් එකේ තියෙනවා‍ මං කියෙව්වා. හැබැයි ඒ පෝර අනුපාත තාත්තා කොහෙන් හරි හොයාගෙන හරියට ම දාලා තිබුණා‍. අපි නිවස පිටුපස මඩුව නැවත ඉදිකිරීම ගැනත් සාකච්ඡා කළා. නව තාක්ෂණය අත්හදා බලන්න කුතුහලයක් ඇති මේ තරුණ ගොයි මහතා එක්ක ගෙවුන පැය ඉතා රසවත් එකක් වුනා.


කතාබහ හමාර කරලා , අපි එන්න පිටත් වුනා. ඉස්සෙල්ලා ම බහින්න හිටයේ චන්දරේ‍. අපි චන්දරේ‍ගේ නව නිවස, චන්දරේ විලාස්හි කෙටි වේලාවක් ගත කරන්න හිතුවේ චිලී සහ රුචිර අයියා එහි මින් පෙර පැමිණ නොතිබුණ නිසා. ගංගා ආපු ආරංචියට අරවින්දගේ අම්මාත් අපිට එකතු වුනා. සාලේ හතරපස් පළකින් වාඩි වුන අපේ අවධාන‍යට යොමු වුනේ පැත්තක ගොඩගසා තිබුණ සංගීත භාණ්ඩ දිහාවට. රුචිර අයියා නිකමට වගේ ෆුට් බැලෝ සර්පිනාව ගහලා බැලුවා. ආහ්.. ඒක වාදනය කළ හැකියි. ඔය ආකාරයට අපි සිතාරය, ඩොල්කිය, ජපන් මැන්ඩලිනය, වයලීනය, උඩැක්කිය ආදී සංගීත භාණ්ඩ බොහොමයක් පරීක්ෂා කළා‍. චන්දරේ ශංකර් සිතාර් ගහන භාව ලීලාව අපි කවුරුත් කතා වුනා.
මේක චන්දරේගේ බජව් දාන කාමරේ.....


ඇන්ටි ආපු නිසා අපිට ගේ වටේ ටුවර් එකක් ලැබුණා. මුලින් ම ගියේ අරා‍ගේ කාමරයට.  එය සෑහෙන්න පිළිවෙල‍ට තිබුණා. මං ඒ කාමරේ ඒ තරම් පිළිවෙලට දැක්කමයි. ඊළඟට අපිට කුස්සියට යන්න ආරාධනාවක් ලැබුණා. මට සිහිවුනේ අපි කැමරා කාරිය අරගෙන කොටි බංකර් බලන්න ගිය විදිය. ගංගාට තමා මේවා ඉතිං පිළිවෙලක් කරලා ගන්න වෙන්නේ කස්ටිය කතා වුනා. අවසානෙට සංගීතය ගැන තව කතා කරපු අපි අරාල‍ගේ නිවසේ ළඟදීම පැදුරු පාර්ටියක් දාන්න යෝජනාවක් ගෙනාවා. මේ තියෙන සංගීත භාණ්ඩ වල ප්‍රයෝජනයක් තියෙන්නත් එපෑයැ???


මෙන්න සෘති පෙට්ටිය...
ඔය අතරේ සීන් එකට එන්ටර් වුන චන්දරේගේ මලයා ප්‍රබාගෙන් චිලී මැතිනිය නොසෑහෙන්න බයිට් වුන බවත් කිව යුතුයි. ප්‍රබා කොලූ අන්තර්ජාලය පදනම් කරගත් අංක එකේ ස්මග්ලර් කෙනෙක් හැටියට තමා චන්දරේ විසින් අපිට හඳුන්වා දීලා තියෙන්නේ. මේ දිනවල කොලුවා උසස් පෙළ විභාගයට ලක ලෑස්ති වෙනවා. අර කියලා තිබුණේ විභාගෙන් පස්සේ ඇහැරවන්න ය කියලා. ඉතිං අපි හිතුවා දැන් මල්ලි නිදි ඇති කියලා. මෑන්ස් දාපු ස්ටේටස් එකක් ගැන සඳහන් කරලා චිලී කොල්ලට හින්ට් එකක් ගැහුවා. මල්ලි සයන්ස් නේ කරන්නේ. නෑ අක්කේ මැත්ස්. ආ හයර් මැත්ස් ද? නෑ අක්කා මැත්ස් කොටස් දෙකයි නේ. පියෝ ඇප්ලයිඩ් කියලා. කොල්ලා සෑහෙන්න සීරියස් විස්තරයක් කළා. කලා කරපු අපේ චිලී අඩුම තරමේ මැත කරපු එකෙක් ගැන අහලවත් නෑ කියලයි අපිට වැටහුනේ. ප්‍රබා කොලූගේ නක්කල් හිනාවට චිලී පුපුර පුපුර හිටියා. අපි ඉතිං අර නෝ ටර්න් ඔන්ලි රිවර්ස් පාරේ ගිහින් ගංගාවයි මහ මුහුදයි ගෙදරට බාර දුන්නා.

පොල්ලතු බත් ක‍ඩෙන් පරාටා පාරක් දාගෙන චිලීත් අයියාත් මාව ගේ ළඟින් හලාල ගෙදර ගියා. ඒ අපේ වන් වන් සීරෝ හි අවසාන චාරිකාව බවත් ලියා තියන්න ඕනෑ‍.   



චිලී ගංගාට මේ කුස්සියේ ගැළපේ ද? යන්න පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක යෙදෙමින්..

Sunday, August 3, 2014

කස්ටමර් බලන්නේ ඔහොම ද?

මල් නවකතා එකතුව....
පහුගිය සිකුරාදා කියන්නේ ඇවරිට පට්ට සාටර් දවසක් වුනා. උදේ පාන්දර පුංචි රාජකාරියක් කරගන්න කොළඹට ආපු ඇවරිට කොටුවේ පැය තුනක වේටින් එකක් තිබුණා. මේ පැය තුන ගෙවා ගන්න හැටියක් කම්පනා කළ ඇවරි කාලෙකින් පොතක් කාරිය කියවන්න බැලුවේ නැති නිසා කොටුවේ ගුණසේන සමාගම පැත්තට දූරින්භූත වුනා. ගුණසේන බ්‍රදර්ස් පොත් වලට වගේ ම ලිපිද්‍රව්‍ය සඳහාත් හරි ප්‍රසිද්ධයි. සාමාන්‍යයන් ඇවරි අවුරුද්දකට හරියන්න සටහන් පොත්, ඒ4 කොළ, සී.ආර් එකපාර ගන්නවා. හැබැයි පුරුද්දක් වශයෙන් ඇවරි පොත් සල්ලිවලට ගන්නේ හරිම අඩුවෙන්. ඒකට හේතුව අම්මයි අප්පයි තමා.  බැරිවෙලා හරි පොතක් ගත්තොත් ඒ තෑගි දෙන්න ම තමා. පොත් ගැන කියද්දි අහලා ඇතිනේ පොතයි බිරිඳයි අන්සතු කළොත් නොලැබෙනවාය කියලා කතාවක් තියෙන විත්තිය.



ඒ වගේ ම තමා ඇවරි න්‍යායට අනුව පොතක් මිලට අරං කියවන්න ගියොත් කවදාවත් කියවෙන් නෑ. බොහෝ වෙලාවට නවකතා පොතක වගේ වටිනාකම තියෙන්න කියවන්න ගන්නකම් පමණයි. මගේ එහෙම අරං නොකියවපු පොත් තොග පිටින් ගිය වසර වෙනකම් තිබුණා. ඒවා ගෙනාපු කවර වල සුරක්ෂිත වූ නිසා දූවිලි වැදිලා තිබුණේ නෑ. වහා ම රැපින් පේපර් ගෙනාපු ඇවරි ඔක්කොම පාර්සල් කරලා දුවා දරුවන් අතරේ බෙදා දුන්නා. ඒ අතර හොඳ රුසියන් නවකතා පොත් තිබුණත් මට ඒවා නැවත කියවන්න මූඩ් එකක් තිබුණේ නෑ. අනේ ඒවා ගත්තු දරුවෝ නම් මට ඒවායේ කතාන්දර කියලා දුන්නා. තවත් මං ලෝබකමට තියන් හිටියා නම් අපරාදේ. ඉතිං දැන්නම් මං පොතක් ගත් වහාම කියවලා රැපින් පේපර් වලින් ඔතලා අත්සන් කරලා පිළිවෙලට තියෙනවා. ඕන වුන ගමන් ගත්තා තෑගි දුන්නා. හරි පහසුයි.



ගුණසේන සමාගම ලංකාවේ බොදුණු පොත් වලින් ප්‍රධාන කිහිපයක ම ඒකාධිකාරයක් දරනවා. ඒ පිරුවානා පොත් වහන්සේ හෙවත් මහ පිරිත් පොත, සිතුවම් සහිත ජාතක කතාපොත ආදී ප්‍රධාන බෞද්ධ කෘතීන් වලින්. නමුත් ලංකාවේ වැඩිම බෞද්ධ පොත් ප්‍රමාණයක් ප්‍රකාශනය කර ඇත්තේ සමයවර්ධන සමාගම. මීළඟට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. දයාවංශ ජයකොඩි සමාගමත් යම් මට්ටමක තියෙනවා. ඇවරි උසස් පෙළ අවසන් කළ වහාම මාස හතක කාලයක් මරදාන සමයවර්ධන පොත් සාප්පුවේ පරිගණක අංශයේ වැඩ කළ නිසා මේ දේවල් ගැන දැනකියාගන්න ලැබුණා. ඒ මගේ පළමු රස්සාව. ඒ ජීවිතය හරි නිස්කලංකයි. උදේ හත වෙද්දි මං ගේට්ටුව ළඟ අපේ ගබඩා භාරකරුත් උදේම එනවා. ඉතිං පත්තරේ විස්තරේ එහෙම අහලා තමා වැඩ පටන් ගන්නේ. මට තිබුණේ අලුතින් විකුණන්න එන පොත් බාර්කෝඩ් දීලා සිස්ටම් එකට දාන්න. සිස්ටම් එක කරලා තිබුණේ සරස ආයතනය. මට සීනියර් අයියා කෙනෙක් හිටියා. ඩෙක් එක පිරෙන්න පොත් තිබුණත් අපි දෙන්නා පැය කිහිපයක් තුළ ඒ ටික ෂෙල්වින් වලට යැව්වා. සීසන් එකට නම් හොදි ඕනනෑ. කඳු පිටින් ගෙනත් බාන්නේ. පැය කිහිපයෙන් ට්‍රොලි එනවා. නමුත් වැඩ අඩු කාලෙට ඉතිං රජ මඟුල් තමා. අයියා නම් කියවන්නේ නෑ. නමුත් ඇවරිට නම් කියවන්නැතිව බෑ. මං ආස කරපු සියලු ම පොත් ඒ මාස කිහිපය තුළ මං කියෙව්වා. හැබැයි සමයවර්ධන පාලනාධිකාරිය එයාලගේ සේවකයෝ වැඩ අතරේ පොත් කියවනවාට කැමැත්තක් තිබුණේ නෑ. ආයතනයේ වසය අඩුම සේවකයා වුනු, විශ්ව විද්‍යාල සුදුසුකම් ලද මට ඒ තහංචිය තිබුණේ නෑ.



ඇත්තට ම එහි පොත් විකුණන්න හිටි පිරිසට අවම අධ්‍යාපන සුදුසුකම් තමා තිබුණේ. මං පොර කියලා කියනවා නෙමෙයි. ඒ අයට අහන පොත දෙන්න මිසක් පාරිභොගිකයා එක්ක පොත් තෝරන්න සෙන්ස් එකක් තිබුණේ ම නෑ. ඒ කාලෙ වීරමන් මහත්මා බැලුවේ සමයවර්ධන ප්‍රින්ටර්ස් එක. එතුමාගේ දුව මිස් දිනුෂි තමා බුක්ෂොප් එක ගෙනිච්චේ. සේවකයන් අඩු වෙද්දි අපේ කියුබිකල් එකෙන් එළියට ඇවිත් දෙවන මහලේ පාරිභෝගිකයාට සේවා සපයන්න අපි දෙන්නාට නියම වෙනවා. ඒක මහ හැලි වැඩක්. අපි හැම රාක්කයක ම තියෙන පොත් ගැන දැනගන්න ඕනෑ. නොකියවුවත් අඩුම තරමේ පටුන කියවන්න ඕනෑ. කතුවරයා ගැන ඇහුවොත් එයාගේ සම්මාන ලද පොත්, නව ප්‍රවේශ ගැන දැනගන්න ඕනෑ. ජල්බරි ගොඩයි. හැබැයි මං සති කිහිපයක් ලැඩර් තිය තිය රාක්ක වල නැඟලා පොත් කියව කියව ඒ තට්ටුවේ පොත් ගැන ඉගෙන ගත්තා. මං ස්පෙසිමන් ගද්දි පොත් විස්සක් විතර එකපාර ගන්නවා. අරං සටහන් දාගන්නවා.



දවසක් වීරමන් ලොක්කා එද්දි මං පොත් අට්ටියක් පෙරළගෙන සටහන් දානවා. ලොක්කා මගේ ළඟට ම ඇවිත් මොනාද ලියන්නේ ඇහුවා. සාමාන්‍යෙයන් ආධුනිකයන් තොග සටහන් නොගන්නා නිසා ඔහු මා ගැන සැලකිලිමත් වුනා. මං හිනාවෙලා සටහන් කිව්වම මෑන්ස් අඤ්ඤකොරොස් වුනා. පස්සේ මිස් දිනුෂිට එන්න කියලා මං ගැන රිපෝර්ට් කළා. ඇයත් මට පුංචි සත්තමක් දාලා ලොක්කා ගියාට පස්සේ මාව ගෙන්නලා කතා කරා. මට මෙතනට කැමරා වලින් පේනවා ඔයා පොත් කියවනවා. කැම්පස් යන්න ඉන්න ළමයෙක් නිසා මං මුකුක් කිව්වේ නෑ. ඒත් තාත්තා එද්දි නම් කියවන්න එපා. එයාට තරහා යනවා. ඉතිං මිස් අපි විකුණන පොත් ගැන අපි දැනගන්න ඕන නැද්ද?? එතකොට නේ අපිට හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන් වෙන්නෙ. මං තවත් මුකුත් නොකියා එළියට ආවා. දෙවන තට්ටුවේ තිබුණ ඔක්කොම විෂයගත පොත් වැඩිහරියක් ඉංග්‍රීසි. මං බැරි බැරිගාතේ ඒවත් බැලුවා.
අන්තිමට මං හොයාගත්තා අපි ගෙන්වලා තියෙන විෂයගත ඉංග්‍රීසි පොත් වලින් විකිණිලා තියෙන්නේ 20% වගේ ප්‍රමාණයක් බව. මට ඉන්වෙන්ට්‍රිය බලලා කියන්න පුළුවන්කම තිබුණා. අපේ බුවාලා බඩු තියාගෙන නෑ කියලා. අන්න එදා ඒ අය තේරුම් ගත්තා පොත් විකුණන මිනිස්සු පොත් කියවන්න ඕන කියලා. විශේෂයෙන් ම නවකතා අංශයේ අය. අලුත් රචකයෙක් ගැන ඇහුව ම, ඇත්තට එයා මොනවාද ලියපු පොත් කියලා ඇහුවොත් කස්ටාට මල පනින එක අහන්න දෙයක් නෑනේ??



 කස්ටමර් එද්දි සබ්ජෙක්ට් එක ඇහුවම දෙන්න ඕන පොත මං දන්නවා. ඊට වැඩි විස්තර ඕන නම් මේ පොතත්, ඒත් මදිනම් ඒ සම්බන්ධයෙන් අහවලාගේ පශ්චාත් උපාධි නිබන්ධනය ඇසුරෙන් කළ  පොතත් අවසානයේ මේ සියල්ලෙහි මිල පරාසයත් දක්වනවා. සාමාන්‍යයන් ඇවරිගේ අත්දැකීම අනුව නියම විකල්පය තෝරා ගැනීම සිදු වන්නේ අවසාන පාරිභෝගිකයාගේ වයස අනුව. අනේ නෑ පුතා මේ අපේ දුවට සාමාන්‍ය කියවීමට. හා එහෙනම් මේක ඇති. ඒ නිසා මුලින් ම එන්ඩ් කස්ටමර්ගේ වයස අහන එක මං පුරුද්දක් කර ගත්තා. හරියට ඇඳුම් තෝරද්දි ඉණ කීයද අහනවා වගේ. සමහර කාන්තා පාර්ශවය ඒ ගැන කම්පේල්න් කළත් පස්සේ ඔවුන්ට විශාල වෙලාවක් මං ඉතිරි කර දෙන නිසාත් මගේ තෝරාගැනීම් වලින් ඇගේ දුව පුතාගේ පන්තියේ වැඩේ කෙරුණු නිසාත් ඔවුන් නැවත නැවතත් මා සොයා ආව අවස්ථා තිබුණා.
මං අන්තිම කාලේ එන්කෝඩින් නවත්තලා කස්ටමර් බැලුවා. සමහරු මා ළඟට ඇවිත් අහන්නේ පුතා මට හරියන නිව් අරයිවල්ස් මොනා ද කියලයි. ගාන කීය වුනත් උඩින් පල්ලෙන් කියවලා ඒ අය පොත් ගෙනිච්චා. එදා පොත කොහොම ද කියලා මං ඊළඟට ආවම අහනවා. අලුත් පොතක් ආවම ඊට යන කස්ටලා සෙට් එක අනුව රිසව්ඩ් කොපීස් තියන් ඉඳලා ලෝයල්ටි රිවෝර්ඩ් එකක් හැටියට දුන්න වෙලාවලුත් තිබුණා. සමහර වෙලාවට ලෝන්ච් එකෙන් පස්සේ කතුවරයෝ බුක්ෂොප් වලට එනව. බෙස්ට් සෙලින් ඕතර් කෙනෙක් ආවොත් මට කල්ල මරේ. මං ඒ වෙලේට කොපීස් විස්සක විතර ඩේට් දාලා සයින් කරගන්නවා. පස්සේ අපේ නියම කස්ටා ආවාම, ඔයා මේක කියවන්න ම ඕන මිස් මේක සෑහෙන්න ඩිමාන්ඩ්. මේ ඒ ඕතර්ගේ ලේටස්ට් රිලීස් එක. ලෝන්ච් එක තිබුණෙ පෙරේදා. මෙන්න මේ මිස්ගේ රිසර්ව්ඩ් කොපි එක ඕතර්ගේ ඔටෝග්‍රාෆ් එකත් එක්ක ම, කිව්වම ගෑනු පොත් බදාගන්නේ අපිට පින් දීලා. හරියට මාව බදා ගන්න බෑ වගේ. ඉතිං ඒකට දැනගන්න ඕන ඒ අයගේ කැමැත්ත විතරයි. හාර්ඩ් සෙලින් ඕන නෑ. හිතන්න ඔයා කියවන්න කැමතිම පොත අදාළ ලේඛකයාගේ අත්සන සමඟින් ඔයාට මිලට ගන්න අවස්ථාවක් ලැබුණොත්??



මේක තව හොඳයි.....


පොත් කියවීම හැබිට් එකක් වුන කස්ටිය ජරාවල් ඇඟේ ගහනවට කොහෙත් ම කැමති නෑ. අර මාර්ටින් වික්‍රමසිංහ කියනවනේ පොතක් කිවවීම කැමති රටකට චාරිකාවේ යනවා වගේ වැඩක් කියලා. ඉතිං පොත් විකුණන අය පාඨකයො කැමති රටකට උන්ව යනවා මිසක් ඉතියෝපියාවට යවලා හරියන්නෑනේ. අද මට කියන්න ඕන වුන කතාව ලියවුනේ නෑ. අතීත සැමරුමක් ලිව්වා මිසක් ඔබ විජේසූරිය හෝ විදර්ශන හැරුණු කොට ලංකාවේ වෙනත් පොත් සාප්පුවකට ගොඩවෙලා පැය දෙකක් ගත කරලා නැතිවාට කිසිම සැකයක් නෑ. හොඳට කල්පනා කරන්න. හේතුව ඒවායේ පොත් විකුණන අයගේ හැසිරීම නෙමේ ද?