මෙදා වෙසක් සැමරීම් ගැන කතා කෙරුවොත් බොහොම
ඉක්මණින් වෙසඟ ලැබුවාය කියලා කියන්න පුළුවන්. ඒ එක්ක ම ආපු ගංවතුර නිසා ඇවරිතුමාට
නම් වෙසක් සමරන මූඩ් එකක් තිබුණෙ නෑ. ඇවරි විලාස්හි සියලු දෙනා බොදුනුවෝ වුනාට
ගෙදර වෙසක් සමරන්නේ ඇවරි මාතා සහ ඇවරිතුමා විතරයි. අපේ ගෙදර අනෙක් ඈයෝ ආමිසයට වඩා
ප්‍රතිපත්තිය හොඳා කියාගෙන එදාට බණක් දහමක් අදහගෙන ඉන්න ලෝක බවුද්ද ප්‍රජාවක්. මං
කිව්වෙ අපේ බඩී බෝම්බෙ හේම ඒ ටයිප්. ගංවතුර ආපු දවස් ටිකේ ම ඇවරිතුමා කැලණි පාලම
උඩ බැහැලා ඒ මිනිස්සු එක්ක කතා කරලා ආව.
ඇත්තට ම රට බොහොම අසාරයි - ඉන්න වුන්ගෙත්
විකාරයි කියලා හැමෝ ම මැසිවිලි නඟන කාලෙක දේවෝ
වස්සතු කාලේන වැඩිවෙලා ආපු ගංවතුර එක පැත්තකින් බොහෝ දේ ගැන ආයෙත් හිතන්න
අවස්ථාවක් උදාකරලා දුන්නා. එයින් ඇවරිතුමා පුද්ගලිකව දැන උගෙනගත්තු පාඩම් බොහෝමයි.
එක තමා අනිත්‍යතාවය. බණ ලියනවා හේම නෙමෙයි ආයිබෝං අපි විසින් රැස්කළාවූ භෞතික
සම්පත් සියල්ල සොබාවික ආපදාවකින් එක මොහොතකින් නැති වෙන්න පුළුවන්. දෙවැන්න
මනුස්සකම. අර කෝච්චිවල මිනිස්සු බත් පැකට් නන්නාදුනන මිනිස්සුන් වෙනුවෙන් පූජා කළේ
බොහොම සතුටින්. උතුරායන මනුස්සකමකින්. මොකෝ කවදාවත් ඒ මිනිස්සු දැකලා අදුනගෙන
තියනවා කියලයෑ. හැමදාමත් කන බත් එකනේ බං. අද කැන්ටිමෙන් කනවා. ඒක මහ පුදුම
කැක්කුමක්.
ගංවතුර කියන්නෙ අපිට උපරිම වශයෙන් සතුටු
වෙන්න ලැබුන අවස්ථාවක් කිව්වොත් මට පිස්සුය කියාවි. නමුත් කෑම බීම දීපු, ආධාර
සපයපු අය තම තමන් තනිව සංවිධානය වෙලා වතුරෙ බැහැගෙන වැඩ කළේ ඒ ඒ අයගේ පුද්ගලික
තෘප්තිය වෙනුවෙන්. ඒ වැඩවලින් ඔවුන් ලැබූ සංතෝෂය මුදල්වලට ගන්න බෑ වගේ ම අනුමෝදන්
වූ පුන්‍යස්කන්ධය මෙපමණය කියා කියන්නටත් බෑ. ගංවතුරට උදව් කරපු මිනිස්සු ලැබුවෙ
අප්‍රමාණ සතුටක්. ඇයි උපකාර ලබාපු මිනිස්සු. ආගම, ජාතිය පැත්තකට දාලා මිනිස්සු
හැටියට එකාවන්ව නැඟීටින්නට මේ
කාලෙ මිනිස්සුන්ට මතක් කරපු ගංවතුරට බොහොම පින්. කොටින්ම සුපර් මාර්කට්වල රාක්ක
සුද්ද වෙනකම් මිනිස්සු බඩු අරන්. ලාෆ් එකේ වතුර බෝතල් තොග අවසන්. ලක්ෂ හයක අපේ ම
නෑයෝ අසරණ වුනා ම මිලියන විස්සක නෑයෝ පුදුමාකාර සහයෝගයක් අවංකව ම ලබා දුන්නා.
කරුණාව කියන වචනයේ බෞද්ධ නිර්වචනය තියෙන්නේ
අනුන්ගේ දුකේ දී ඇතිවන අනුකම්පාව කියලා. තනි තනි මිනිස්සු කිසිදු ලාබ ප්‍රයෝජනයක්
නැතිව හැකි අයුරින් කළ උපකාර බොහෝමයි. ඒ හැටියට ගත්තොත් 2016 වෙසක් පෝය බොහෝ දෙනාට
වෙසඟේ නියම අර්ථය භ්‍රක්ති විඳිමින් ගත කරන්න පුළුවන් වුනත් ගංවතුර ආපදා
තත්ත්වයන්ට පත් වුන ජනතාවට වෙසක් සමරන්න නොලැබීම ගැන ලොකු දුකක් තියෙනවා. ඇවරි
ලොකු අටපට්ටමක් නිවසේ පෝටිකෝවේ පට්ටල් කළේ හුදෙක් ම ඇවරි මාතාවගේ ඉල්ලීමකට කන්
දීමක් වසයෙන්. අපිට මොන වෙසක් ද කියලා අහලා ලෝක මිත්‍යදෘස්ටිකයෙක් හැටියට අසාදු
ලේඛනගත වීමට ඇවරිගේ තිබූ නොසතුට කූඩුවක් සෑදීමට පෙළඹූ බව කියන්න කැමති. වෙසක් පෝ
දින සෙනසුරාදාවේ ඇවරියෝ ද අසවේදු සුපුරුදු පරිදි ධර්ම විද්‍යාලයට වාර්තා කොළා.
මනුරාජ සම්මත චාලිත්තරේ හැටියට කීයක් සිල්
ගත්තත් ධර්ම විද්‍යාලයේ සිසු දරු දැරියන් සහ දෙමාපියන් තමා සිල් ඇත්තන් වෙනුවෙන්
හීල දන් දෙන්නෙ. ගිය පාර අපි ඉඳිආප්ප දහතුන් දාහක් ඉලක්ක කරලා දානය පිළියෙළ කළා.
ඉඳි ආප්ප, පොල් සම්බෝල, පරිප්පු සහ ලූණු තෙල් දමා බැදුමට අමතරව පාන් තමා හීලට
දෙන්නේ. ගිය පාර ඉතිරි වුන නිසාත් මෙවර අයහපත් කාලගුණය නිසා බොහෝ දෙනා සිල්
වර්ජනයක නිරත වන දවසක අපි සූදානම් වුනේ ඉඳිආප්ප නවදාහකට පමණයි. ඊට අවැසි අඩුවැඩිය
සම්පාදනය වුනා. ඒ ඒ පන්තිවලින් දාන ලේඛන හදලා අවසානයේ කාර්යාලයේ සිට අවසාන පුරෝක්ත
අපේෂිත අගයන් ලබා ගෙන තවත් මදිපාඩු බාර ගන්නා හැටියට ළමුන් දැනුවත් කිරීම ආදී බැක්
ඔෆිස් වැඩ ගොන්නක් වෙසක් දානය හා බැඳී පවතිනවා. ඒක හැමදාම සිදු වුනේ අමිල අයියා
සහ ගයාන් අයියාගේ මූලිකත්වයෙන්. වෙසක් දා ඇවරිතුමා හය වෙද්දි පන්සලේ.
සාමාන්‍යෙයන් ඇවරි කෙරෙන වැඩ නොසොයන නොකෙරෙන
වැඩ කරවන පොරක්නේ. එදා ඇවරිතුමා කිරි කොකා වගේ කිට මරාගෙන රාජකාරී කළුබෙරිය සහ
අයිඅපෝනයත් අත දරාගෙන බොහොම සද්දා බක්තියෙන් අපේ පංචායුධ කුමාරයා වගේ තමා සීන් එකට
එන්ටර් වුනේ. අනික් හැම දේම ගානට ගිය නිසා ඇවරි නිතරගයෙන් ම බාර ගත්තේ පිළිගැනීමේ
නිලධාරියාගේ තනතුර. මැනේජර් ෆ්රන්ට් ඔෆිස්.
මාව සාමාන්‍යෙයන් එහෙම කන තැන්වල
ඉස්සරහට දැම්මා ම මිනිස්සුන්ට වැඩියෙ කන්න හිතෙන්නේ නෑ කියලා බොහෝ දෙනාගේ
විශ්වාසයක් තියෙනවා. ඇවරිගේ කාන්ති කඩා හැලෙන ස්ලිම් දේහ ලාලිත්‍ය දැක්කා ම තරබාරු
කතුන්ට එහෙම ඩයට් කරන්න ආසාවක් ඇති වෙනවලු. මේක කතාවට කියනවා නෙමෙයි. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.
ගිය අවුරුද්දට එපිට අවුරුද්දේ අපේ ගයියලාගේ දන්සැල රෑටත් දෙන්න බඩු ඉතුරු වුනේ
ඇවරිතුමා ජනතාව ඇතුළුවෙන තැන පිළිගැනීමේ රාජකාරී කළ නිසා. මෙවරත් අපි බුෆේ ටයිප්
තමා හීල් දානෙ දුන්නෙ. ඒ කිව්වෙ සිල් ඇත්තෝ පෝලිමේ ඇවිදින් බෙදා හදා ගන්න ඕනෑ ලු.
ආ කොහොම ද? සිල් ගත්තා ද.. හරි වැස්ස නේ.
පිඟානක් තියේ ද? ආදී සම්පප්පලාප ටිකක් හිනාවෙලා කතා කරන්න තියෙන්නේ. හැබැයි හැමෝට
ම ලන්ච් ෂීට් දෙන්න, විශේෂයෙන් ම මිනිස්සු ඉක්මණට යවන්න ඕන. පෝලිමේ රස්තියාදු
කරවන්න හොඳ නෑ. යන්නැත්නම් පෝලිමේ නම කියලා ඉන්න අම්මලාට අත ඉක්මන් කරන්න කියන්න
ඕන. පෝලිමේ ඉන්න අයට අත හෝද ගන්න පහසුකම් තියෙනවාද බලන්න ඕනෑ. ලොකුම දේ කතා කරන්න
බැරි වුනත් හැමෝ ම එක්ක හිනාවෙන්න හරි ඕනෑ. ඒකෙන් තමා මිනිස්සුන්ට හැඟීමක් එන්නෙ.
ආ මේ ධර්ම විද්‍යාල ප්‍රජාව අපි වෙනුවෙන් දානෙ සූදානම් කරලා කියලා. ඇවරි හිටියේ
දාන ශාලාව දොරකොඩ. ඒ වෙද්දි අපේ ශිෂ්‍ය නායක ළමයි, දෙමාපියෝ සිල් ඇත්තන්ට පෝලිමේ
එන අතරේ දානය බෙදාගන්න සියල්ල සූදානම් කර අවසන්. නමුත් අපි ආයෙත් අහන්න ඕන ඔක්කොම
හරි නේද? කියලා. එකනේ කෙයාරින් කියනනේ.
මේ
බුෆේ ක්‍රමයට අපේ සමහරුන්ගේ එපමණ ප්‍රසාදයක් නෑ. නමුත් එක්ප්‍රස් දානයක්
එහෙම නැතිව කරන්නත් බෑනේ. ඉතිං වෙන විසඳුමක් නෑ. කියන්න සතුටුයි අපි විනාඩි හතළිහක්
වගේ ඇතුළත සියලු පෝලිම් අහවර කළා. ඉන්පසු දාන ශාලාව තුළට ගොස් දන් බෙදීම තමා
තිබුණෙ. ඇවරිතුමාට අපේ ප්‍රධානාචාර්ය හාමුදුරුවො මුණ ගැහුණෙ ඒ වෙලාවෙදි. ආ නලින
අර පරිප්පු එකක් හලා ගත්ත වැඩේට මොක ද වුනේ...?? උන්නාන්සේ එසේ ඇහුවා ම මං උඩ බිම
බැලුවා. පස්සේ හොයලා බැලින්නම් අපේ දේවකී අක්කා පරිප්පු බාස්කට් එකක් සාරියේ
හලාගෙන. ගයාන් අයියා අල්ලපු අඩව්වක් නිසා අක්කා පරිප්පු නාපු බවයි වාර්තා වුනේ.
කොහොමින් කොහොම හරි ගයාන් අයියාට දේවකී අක්කා වෙනුවෙන් අලුත් සාරියක් දෙන්නත්
කටයුතු සිද්ද වුනා.
අපරාදෙ කියන්න බෑ සියලුදෙනා එක්සත්ව වැඩ
කළා. ඒක නිසා දානය ලොකු ගැටලුවක් වුනේ නෑ. ඉතිරි වුන දාන සියල්ල පැකට් කළ අපි
කොට්ටුන්න ප්‍රදේශයේ ගංවතුර නිසා අවතැන් වූ ජනතාවට යවන්න කටයුතු කළා. එම රථ
පෙළපාලිය අහවර කළායින් පස්සෙ ඇවරිතුමා ගෙදර සම්පාප්ප වුනේ මෑණියන් වෙනුවෙන් තමුන්
හදන්නට බාර ගත් අටපට්ටම අලවා දමන්නට. එන ගමනේ දී ඇවරිගේ බාප්පාතුමා හෙවත් ජොනතන්
ජයාගේ වෙසක් බුටිකයෙන් සව්කොළ හේම කාරිය ගත්තා. ඇවරි කලින් දා පොඩ්ඩක්වත් ඇහැ
පියෙච්වෙ නෑ. මොකද කූඩුව බඳින්න තිබුණනේ. පස්සේ ටිකක් ඇල වුනාට මොකෝ ඇල ගඟ වුනා.
නැඟිටලා ශිෂ්‍ය නායකයන් ඉදිකළ දර්ශනීය වෙසක් පහන් කූඩුව බලන්න ගියා. එහි වැඩ අවසාන
වී තිබුණෙ නෑ. එතනින් කෙළින් ම ගියේ මාකොළ තොරණ බලන්න. ඒ දවස අවසානයි. වෙසක දා කළ
වැඩ වගේ ම අපිට මඟ හැරුණු වැඩත් එමටයි. ඒ අතරින් ගයියා හා සුගීගේ බත් දන්සැල් දෙක,
ඉන්ද්‍රානි මැතිනියගේ පෙර පාසල් දරුවනගේ පෙරහැර ආදී කටයුතු මඟ හැරුනා. ඇවරිගේ වෛශාඛ
ප්ලෑන්ස් අහවර වුනේ ඒ විදියට.