දිල්රුක්, ක්‍රීස්,
බියට්‍රිස්
කුමට ලී මම් ලව්
ලෙටර්ස්
සඳවත් වේය මාගේ බරී
පෙම්
සිටින්නේ මහනූර් ගම්
පියස් මැද්...
පහුගිය ඉරිදා මගේ කාමරයට ආපු අමුත්තියක් එය
අස්පස් කිරීමේ මහා ශ්‍රමදාන ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබුණා. ඔය මොන බයිලා කතාන්දර
දෙසා බෑවත් ආයුබෝන් දස පුන්‍ය ක්රියා වලින් වත් පිළිවෙත් පිරීම ඇවරිට සෑහෙන්න
අමාරු කාරියක්. කඩ නොකර පුරන පිළිවෙත් ඒ තරම් දුර්ලභාය තමයි.
සුපුරුදු පරිදි දහම් පාසල් අවසන් කරලා ගෙදර
එද්දි ‘ආ කවිකාරයා ඕන්න අපි නෙප්ලන්ඩ්ස් පිළිවෙලක් කළා‘ යනුවෙන් ඈ පුද්ගලික වෙළඳ
දැන්වීමක් විකාශය කළා. කොහොම නමුත් ඒ සත්කාරයට ඇවරි මුව නොසෑහෙන්න ස්තුති කළ ඇවරි ඇඳුමක්
කාරිය මාරු කොරගන්න යද්දි මගේ කාරමය මගේ නොවන තරමට පිළිවෙලට තියෙනවා. කාමර
අස්කරන්න බැරිවට සරුංලුත් ඇරින්න වෙලා තියෙනවා නේ?? ඒ හතර බීර කතාව තේරීමේ තත්පර
වුන ඇවරිට සිරාවට හිනා ගියා.
සාමාන්‍යෙයන් සරුංගල් අරින්නේ ඇවරිගේ
උපන්දින මාසයට. ඇවරි පුංචිම කාලෙ අයියලා එක්ක ලොකු මොනරෙක් හදලා නිවාඩු කාලෙ සති
ගණනාවක් උඩ යවපු බව මතකයි. ඉන් පස්සෙ ජාතික සරුංගල් සැණකෙළියට දෙපාරක් ගියා ඇරුණ ම
කැම්පස් ගිය දවසක චිලීයි, රුචිර අයියලා අපි කස්ටිය ගෝල්ෆේස් පිට්ටනියේ ඇතිවෙන්න
සරුංගලයක් යැව්වා කියලා මතකයක් තියෙනවා. එදා අපේ සරුංගලය කඩාගෙන ගිහින් චිලී ඇස්
රතු කරගත්ත ම කස්ටිය ගිහින් ගෝල්ෆේස් හෝටලේ අරලිය ගහකින් සරුංගලය බාගෙන අරං ආව මතක
ඇති. ගිය සීසන් එකේ ඇවරිලාගේ ගෙදර පොල් ගහකට ආ සරුංගලයක් ඒ සමඟ ඇවිත් පැය ගාණක් මිදුලේ
හිටි කොල්ලන් ටික ගල් මාට්ටු දාලා සරුංගලේ බා ගන්න බැරව අනේ අංකල් අරං දෙන්න කියලා
කණිපින්දම් ගහද්දි, වහළට නැඟලා කෙක්කෙන් අරං දුන්නා මතකයි. ඉතිං ජීවිත කාලෙට ම
සරුංගල් පටලැවිලි එච්චරයි. මං සරුංගල් කාපර් කෙනෙක් නෙමෙයි කියලා ඒ ආකාරයට
පැහැදිලි කළත් කස්ටිය කොකන් පාන්නේ වෙන ජල්බිරියකට කියලා සෙන්ටර් වෙන්න වැඩි වෙලා
ගියේ නෑ.
අපි කිව්වේ 2006 තමුන් මේ කාන්තා අපි ගැන සඳහන්
කරලා අවකාශෙට යවපු සරුංගලයක් ගැන කියලා මගේ පරණ දිනපොතක් සබාව මැද ඇදලා ගත්තේ නැතෑ
ලොල්. අනුන්ගේ දිනපොත් කියවන එක නරක ම පුරුද්දක් මං විරෝධය පෑවෙ එසැණින්. ඒත් මේක
මේ කෙටි සටහන් ලියපු එකක් නිසයි බැලුවා. ඇත්ත ද? හා ලියලා තිබුනෙ කෙටිසටහන් කියලා
හොයාගත්තේ කියවලා නෙමෙයි වෙන්නැති??? මම රීඩ් කළේ නෑ හලෝ ස්කෑන් කළා විතරයි. මේ දැනුයි
රීඩ් කරන්න යන්නේ. රෙලවන්ස් ලෙවල් එක වැඩි නිසා. ඊළඟට ඉතිං දිනපොත මා සතු කරගන්න
ගේ වටා මැරතන් තමා.
අවසානයට මගේ දිනපොත මට හම්බුනා. ඒක ඒ ලෙවල්
පන්තියේ දී මං ඉතිහාසය කෙටි සටහන් ලියන්න පාවිච්චි කරපු දිනපොතක්. අතරින් පතර මගේ
නොවන පොඩි පොඩි ප්‍රේම ජවනිකා වල කෙටි පටුන් ලියැවිලා තිබුණත් අදත් ඒ කෙටිසටහනෙන්
සම්පූර්ණ පාඩම මතක් කරගන්න පුළුවන්. වෙලාවට ඒ දිනපොත හම්බුනේ. වෙන එකක් ලැබුණා නම්
කපෝති. ඒ දිනපොතේ ප්ලාස්ටික් කවරයේ හතරට
නවා ඔබ්බවා තිබුණු පෙම් හසුන ගැන ඇහුවට මුලින් නිවැරදි තොරතුරක් ලැබුණෙ නෑ. ඒ
ලියුම මේ ඩයරියේ තිබුන බව ඇවරිට ටක්කෙට ම මතකයි. ආයෙත් ලැබෙන්නේ ම නෑ කිව්ව ම නම් ඇවර ගොඩක් දුක්
වුනා. ඒ මං ලියලා මට ලොජික් ක්ලාස් එකේ දි දෙන්න බැරි වුන ලව් ලෙටර් එකක්. ඇත්තට ම
මගේ පෙම් හසුන් කලාව ගැන තිබුණු එක ම සාක්ෂිය ඒක. මොකද අනිත් ඔක්කො ම දීපු දීපු අය
ළඟනේ. 2007 මාර්තු මාසෙට දිනගත වූ ලිපිය. මට එහි ගොඩක් ඡේද කටපාඩම් වුනත් ඒ ලිපිය
ලබා ගැනීමේ අවශ්‍යතාවය මතු වුනා.
ඒකත් වුනේ හරි විදියකට මං කවි රසාස්වාදයක්
කරවද්දි නිසදැස් වගයක් තෝරගත්තා. ඒ අතර නිශ්ශබ්දතාවයත් තිබුණා. දැන් ඕක ළමයින්ට
උගන්නද්දි පෙම් හසුන් ගැන කතාව ඇදිලා ආව. කිව්වම විශ්වාස කරන්න අයියෝ පෙම් හසුනක්
ලියලා තිබුණේ කොල්ලො දෙන්නයි. ඒත් අන්තර්ගතයෙ ගත යුත්තක් නෑ. හැබැයි කෙල්ලො කොල්ලො
බහුතරය වැරදීමකින් හරි විරුද්ධ පාර්ශවයට අයි ලව් යූ කියලා ටෙක්ස්ට් එකක් නම් කොටලා
තිබුනා. එහෙම ටෙක්ස්ට් එකක් යවන්නත් අවස්ථාවක් නොලද පිරිස හිටියෙ හය දෙනයි. ඊළඟ
දවසේ මට මං ලියපු පෙම් හසුනක් කියවන්න වුනා. ප්‍රතිචාර උපරිමයි. සර් මාර උපමා
කන්දක් නේ තියෙන්නේ? මේ වැඩේ කලාවට කරන්න සෑහෙන්න කියවන්න ඕන නේ?
ඇත්ත පුතා, ඒත් ආයේ ආයෙ කියවද්දි මතක අලුත්
වෙනවා මිසක් එපා වෙන්නේ නෑ නේද? ඉතිං එහෙම ලියන්න පුරුදු වෙන්න. කවි කෑලි දාලා,
සින්දු අමුණලා, රහට ලියන්න. අන්න දැන් මා ළඟ අංකුර කවියො රචකයො එමට. එදා මං ලියපු
පෙම් හසුන් වලට වඩා අද ලියන අයගෙ උපමා යාවත් කාලීන වෙලා. හැබැයි උන් පරිකල්පිත
ලෝකෙක ඉඳන් ලැබෙන කෙනා හඳේ තියෙන තරමට ලියනවා. මට ඒ ගැන සතුටුයි. දැන් මුන්ට බරට
දැනෙන්න ලියන්න උගන්නන්න ඕන. නැත්නම් සීනී බෝල කතා ම ලියලා හාල් වෙලා යන්න
පුළුවන්.
කොහොම නමුත් සතුටයි සතුටයි මේ බෝවෙන්නේ නිසා
අවුලක් ම නෑ. ඇයි වදේ මුන්ට ප්‍රායෝගික ලේඛන කියලා, අත්පත්‍රිකා, ආරාධනා පත්‍ර,
සාරාංශ, රචනා, පුවත්පත් ලිපි, සඟරා ලිපි හැම බම්බුවක් ම පුළුවන් වෙලා ලව් ලෙටර්
එකක් ලියා ගන්න බැරි නම් වැඩක් නෑනේ කොටින් ම.