2016 අවුරුද්දේ
ඇවරිගේ පළමු නිල ප්‍රත්‍යන්ත චාරිකාව සිදුකෙරුණේ පසුගිය සෙනසුරාදා. 2015 වර්ෂයේ
ධර්ම විද්‍යාලයේ නිල වැඩසටහන අනුව කරගන්න බැරිව මඟහැරිලා තිබුණෙ ආචාර්යවරුන්ගේ
චාරිකාව පමණයි. ඉතිං ඉක්මණින් ඒ පිළිබඳ කටයුතු සම්පාදනය කරන හැටියට ප්‍රධානාචාර්ය
හිමියන් ඇවරිට සහ අමිල ගුරුභවතාට කළ නියෝග ප්‍රකාරව අපි දෙන්නා චාරිකාව සඳහා යෝජිත
ගමනාන්ත, දින වකවානු අඩුවැඩිය ආදිය සැලසුම් කරන්න ගත්තා.
චාරිකා සංවිධානය
කියන්නේ ඇත්තට ම ඇවරිගේ වෘත්තිය. හැබැයි පණහට වැඩි අපේ ගුරුවරුන්ට චාරිකා සංවිධානය
කියන්නේ අපේ ජීවිතය. මොකද මේ කොල්ලො කෙල්ලො ටිකත් එක්ක යන ට්‍රිප් එක ඇවරි
වරද්දන්නැත්තේ ඒ අත්දැකීම ඒ තරම් ෆන්සහගත නිසා. ඉතිහාසය මතක් කරන හැටියට ඇවරි දහම්
පාසලේ කරපු හිට් ම ටුවර් හතරක් තියෙනවා. ඒ අතරිනුත් දෙකක මතක ඇවරිට සුවිශේෂයි. ඇවා
ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා ඉද්දි නායක හාමුදුරුවොත් එක්ක දිවාහාව බලන්න ගියපු ගමන
අමතක වෙන්නෑ. කොහොම හරි ලොකු හාමුදුරුවො පහළට වඩිද්දි ශිෂ්‍ය නායකයො ටික පහළ ගඟේ
නානවා. ඇවරිතුමාගේ මලයා තමා ඒ ගැන්සිය රන් කළේ. ඒ දවස්වලත් එහෙමයි ඉතිං. අපේ ම නයි
අපි ම කයි කිව්වලු. කවුන්ටර් මිෂන් එක ඇවරි භාර කළේ අපේ මිනෝලි මැතිනියගේ නැඟණිය, මලීෂා
ශයරංගි වෙත. ඒකාලෙ මලීෂාට කොල්ලො ඔක්කො ම බයයි. ඇවරිගේ ගැලවුම්කාරි වාසි හරහා ඇයට
දුන්න කොන්ත්‍රාත්තුව ඇය අපූරුවට ඉෂ්ට කළා. වව්ලා පිටින් ගඟේ බැහැලා හිටපු සහකාර
ප්‍රධාන ශිෂ්‍යනායකතුමා නියෝජ්‍ය ප්‍රධානී, මලීෂා ගං ඉවුරට ගියාම ලැජ්ජාව දෝතින්
කවර් කරගෙන, ඉට්ස් ඕකේ බේබි වතුර ටිකක් සීතලයි කියාගෙන ගොඩට ආවලු. සහචරයො ටික
දිව්වෙ කැලේ පෙරළගෙන. මලීෂා කොහොම ද වෙලාවට එතනට ගියේ කියලා කොල්ලන්ට කවදාවත්
ආරංචි වුනේ නෑ. කොහොම නමුත් චාරිකාවෙ ඉතිරිය සිවිල් පිට ගියා කියලා සහකාර ප්‍රධානීතුමා
කෙල්ලන්ගෙන් පච වෙලා කුජීතම වුනා.
තව සැරයක් ඇවරිතුමාට ඕනෑ වුනා දවසින් අටමස්ථානය
වන්දවන්න. පාන්දර හතරට ෆ්‍රීස් ඩිපාර්චර් එකක් දාලා හැමදේම ටක්කෙට ම හරියන්න කියලා
කන්ට්‍රැක්ට් එක ඇවරි භාර කළේ ඩී.එච්.පී ජනිත්ට. ජනිත් සියල්ල තිතට කළා. නමුත් අපි
නොදැන රූට් පර්මිට් නැතුව පූජා නගරෙදි බස් එක පොලිසියෙන් ඇල්ලුවා ම අපි රුපියල්
දාහක් දීලා තාවකාලික බලපත්‍රයක් ලියවගෙන බස්එක ගෙනාව. කොටි කලබල කාලෙ ජාතික
ආරක්ෂාවට වංගු ගැහුවෙ එහෙමයි. කොහොම වුනත් එදා දිගටම එළෙව්ව නිසා දඹුල්ලට කිට්ටු
වෙද්දි අපේ ඩැයිවර් උන්නැහේ රැල්ල දානවා කන සාක්කුවට දාගෙන. අයියේ මේ විදියට
ගියොත් මූ කොහේ හරි බස් එක අනිනවා. දඹුල්ලෙ නවත්තලා පැයක් නිදියගන්න කියමු. අපේ
උන්ට කෑම දෙමු. බජට් එක ඕකේ. ජනියා සැර අයිඩියාවතක් දැම්මා. එදා තමා මුලින් ම ඇවරි ඕන දෙයක් කන්න අපි ගෙවනවා
පොලිසි එක ගෙනාවෙ. එදයින් පස්සේ අපේ හැම ට්‍රිප් එකක ම රෑ කෑම නවත්තන තැන දි හැම
මේසෙක ම බිල සංවිධානයකන් වන අපි ගෙවනවා. මේසෙකින් රුපියල් දාහකට වැඩි බිලක් එන්නෑ.
අපේ කස්ටිය කොත්තු, පරාටා මොනවා කෑවත්. අනික අපේ ට්‍රිප් වලදි රෑ කෑම කන්න තරම්
බඩේ ඉඩක් නෑ. ඉතිං අපි බය නැතිව කියනවා. කන තරමක් කන්න අපි ගෙවනවා කියලා.
ලොල්.....
ඔන්න ඔය විදියට
ප්රොෆිට් තියෙන්න ට්‍රිප් කරලා නමක් හදාගෙන තියෙන නිසා අපි කරන චාරිකාවලට ගුරුවරු
එන්නේ කැමැත්තෙන්. අලුතින් එකතුවුන පිරිසක් එක්ක සමස්ත ගුරු මණ්ඩලය පහළිස් අටක්
ඉන්න ධර්ම විද්‍යාලයේ හැමෝම යනවා නම් ලොකු බස් එකක් යොදවන්න වෙයි කියලා අපි කතා
වුනා. පහුගිය අවුරුදු වල අපි ගාලු ගියානේ මේ පාර නුවර යමු. මාළිගාවයි, ඔය
පින්නවලයි මොනවා හරි ටිකක් කරන්ගෙන එමු. කොහොම හරි යන්නනේ ඕන. අනික දවසක ගමනක්නේ.
අමිල අයියා වැඩේ ගොඩින් හමාර කළා.
යෝජිත දිනයන් වුනේ
පෙබරවාරි හතර නිදහස් දිනය හා පෙබරවාරි හය වැනි සෙනසුරාදාව. වැඩි ඡන්ද ප්‍රමාණයක්
ලැබී තිබුනෙ සෙනසුරාදාට නිසා අපි සෙනසුරාදා තෝර ගත්තා. ඇවරිගේ රාජකාරී වැඩත් එක්ක
හරියට ම කන්ෆර්ම්ඩ් සීට් ගාන ගන්න ලැබුණෙ බ්‍රහස්පතින්දා හවස. ආපු ප්‍රතිඵල දැක්කා
ම ඇවරිට හීන් දාඩිය දැම්මා. හතළිස් ගාණක් ගුරුවරු හිටිය දැන් අනිද්දා ගමන යන්න
ඉන්නේ දහ හතයි. කාල වරෙන්කෝ. එත් පණහට වැඩි වැඩිහිටි ගුරුමණ්ඩලේ සියල්ලෝ ම එනවා
කියලා තියෙනවා. තරුණ ගුරුවරියො කවුරුත් යන පාටක් නෑ. දැන් සංවිධායකයො හැටියට අපි
වැටුනෙ ලෝක අමාරුවක. කමක් නෑ මල්ලි, මට කියන්න ඔයා ෂුවර් එකට එනවා ද? අමිල අයියා
ඇවරිගෙන් ඇහුවෙ සීරියස් පිට. මං අනිවා එනවා අයියේ. හරි එහෙනම් අපි මේක කරමු. උදේට
චමරි අක්කත් එක්ක ගිහින් බස් එක බලලා ඔයා ඕකේ එක දෙන්න. අපි හොඳ නම් බුක් කරමු.
නමුත් දැන් වෑන් එකකට හරියන කට්ටියක් ඉන්නේ නේද?
“දැන් ඔයා සැටඩේත්
කොළඹ නැත්නම්, සන්ඩේ ඊව්නින් මා එක්ක ලෙදර් එක්ෂිබිෂන් යන එනකත් ෂුව නැත්නම්
සිකුරාදා උදේ වරුව මට දෙන්න. අන්තිමේදි මං නරක ගෑනි කියන්න එපා.” සෙහෙනසීබ්ගේ තර්ජනාත්මක
මෙසේජයක් දැක්ක ම ඇවරි තක්බීර් වුනා. එතකොට බස් එක බලන්නේ පොලීසියෙන් ද? බිබිළි
නගින බෙලිකටූ....
කොහොම හරි සිකුරාදා
උදේ පාන්දරින් චමරි අක්කා ඇවරිට කෝල් කලා. තව විනාඩි දහයකින් මං ඔයාව පික් කරනවා.
රෙඩි වෙලා එන්න. එතුමියත් එක්ක වින්දන ටුවර්ස් බසයක් බලලා ඊට අනුමැතිය දීමේන්
පස්සේ ඇවරි තවමත් පැමිණීම් තහවුරු නොකළ ගුරු භවතුන්ගේ ලේඛනයක් ඇගේ ප්‍රිය සැමියා
වන අමිල අයියාට යැව්වේ අවසාන වතාවටත් උත්සාහ කරන අටියෙන්. අවසානෙට ඇවරි නසීබ්
බලන්න යද්දි තරමක් දවල් වෙලා.
‘අපෝ මේ නාකි
පේරමුල් එක්ක ද ඔයා ට්‍රිප් එකක් යන්නේ??? කිසි ෆන් එකක් නෑනේ හලෝ. ඇයි කෝ ඔයාගේ
අන්තඃපුර අංගනාවො බූට්
එක තිබ්බ ද? සෙහෙනසීබ් කියාගෙන ගියේ ඇවරිට සමච්චල් කරමින්. නෝනා මහත්තයා, මිනිස්සු
උනාම අවුරුදු පහට අඩු අය එක්කයි පණහට වැඩි අය එකකයි වැඩි වෙලාවක් ගත කරන්න ඕන
කියලා මගේ අප්පච්චි කියලා දීලා තියෙනවා. අනික බබා, කෙල්ලන්ව එක්කන් ගියා ම කචල්
ගොඩයි. ටොයිලට්ස් ප්‍රශ්න, වචනයක් එහා මෙහා වෙන්න බෑ. එක්කො අව්වයි කියයි, එක්කො
සීතලයි කියයි, උන්ව පරිස්සම් කරන්න වෙනවා. උන්ට වියදම් කරන්න වෙනවා. තව.... නෑවොත්
අමතර ආරක්ෂාවක් දෙන්න ඕන. කොල්ලො බලන් හිටිය කියයි. මෙතනින් ඇල්ලුව කියයි. කතන්දර
පේළියයි. කම්ප්ලේන්ස් අට්ටියයි. අඩුම තරමින් අපිට ඩබල් මීනිග්, කුණුහරුප මුකුත්
කියන්න බෑ. ඊට වඩා වැඩිහිටි ගුරුවරු කියන්නේ ක්ලාසි පීපල්. හැලප නම් හැලප, අච්චාරු
එමට, කිරිටොෆි, සව්දොදොල්, එකී මෙකී නොකී කෑම බීම, ෆන් කතන්දර හැටේ හැත්තෑවෙ රිදම් එකට අල්ලලා පට්ට සුදියක්
එයාලා දාන්නේ. ඔක්කො ම වගේ පෙන්ෂනියර්ස්ලා, සල්ලිවලට ලෝස් නෑ. බස් එකෙන් බැහැලා
නැංගොත් මොනවා හරි ගෙනත් කටේ ඔබයි. අනිවා. අපි කරන්න ඕන ඒ අය ආස කරන දේවල් ටිකක්
දාලා පැකේජ් කරන එක විතරයි. ෆෝ ෂුවල් දේල් රොක් ද ෂෝ. ඒකනේ අපේ සීනීයර් ස්ටාෆ් එක
හැමදාමත් තරුණයි කියන්නේ. මේ ආච්චි, සීයලා සෙට් එක ගියා ම අපි මොනවා කිව්වත්,
මොනවා කළත්, කොහේ එක්ක ගියත්, කිසි අවුලක් නෑ. ඔයාට කියන්න බබී, මේ අයත් එක්ක අපි
බස් මයිල්ස් දාස් ගාණක් ගෙවලා ඇති. කොටින් ම කවුරුවත් මගෙන් යන්නේ කොහේද? ගාණ කීයද
කියලාවත් ඇහුවෙ නෑ? දවස විතරයි ඒ අයට වැදගත්. මොක ද අපි ට්‍රිපක් කළොත් ආයෙත්
අහන්න දෙයක් නැති බව ඒ අය දන්නවා. හා හා
එහෙනම් ගිහින් එකයි ඇත්තේ.. නල්ල මලේ හැට පැනපු රූප සුන්දරියො ටිකත් එක්ක. හික්ස්.
පහුවදා උදේ ඇවරි
ඔන්ලොකේෂන් යද්දි බස් එකත් ඇවිල්ලා පිරිසත් බොහෝ දෙනා ඇවිදින් හිටියා. කෝ නලින
අපිට පහට එන්න කියලා පහයි තිහටත් නෑනේ...?? දවසේ මුල් ම කම්ප්ලේන් එක රණසිංහ
ටීවර්ගෙන්. අපේ චන්දිමා අක්කටත් නිවාඩු ලැබිලා තිබුණා. ශෂිනි තමයි තරුණ
ගුරුවරියන්ගෙන් චාරිකාවට එක්වුණු එක ම තැනැත්තිය. ගුරුවරුන්ගෙන් රාජසූරිය මහතාත්,
මධුරංග මල්ලිත් අමිල සහ ගයාන් අයියලා දෙන්නත් අවසාන වශයෙන් පොඩි හාමුදුරුවොත්
ඇතුළුව අපේ නඩේ දහ අට දෙනයි. බුදු ෂේප්. ඒසී බස්එකේ ජම්පින් නොදා පිනුම් ගහන්න ඉඩ.
ඇවරි ආස ම කාන්තා රත්නයන් සමඟ ගෙවුන ඒ චරිකාව ගැන විස්තර ලියන්න වෙන්නෙ පස්සට තමා.
ඩී.ජේගේ විද්‍යා
පාඩම හෙවත් ඔයාගෙ ටොප් එක වෙන කාටවත් හරියන්නෑනේ මැඩම්" සලාදය මෙ සතියටත
පෙනඩින්. බලමු හැකි ඉක්මණින බ්ලොග්ගත කරන්න පුළුවන් වෙ ද කියලා...??