Friday, October 15, 2010

මතට තිත තියන්න පුළුවන් වෙයි ද? [Episode 3]


හොඳ කසිප්පු සෑදීම කලාවකි. ගිංඔය වැසියන්ට කසිප්පු යනු අමුතු දියක් නොවේ. ඔවුන් පාරම්පරිකව පොල් අරක්කු මගින් කසිප්පු සෑදීමට පුරුදුව සිටියහ. එය අත්වඩි නමින් හැඳින්වේ. පොල් රා තෙදිනක් පැසවීමට හැරීමෙන් මේ අත්වඩි නිපදවා ගනී. මඟුල් ගෙදරකට අත්වඩි අනිවාර්ය විය. බෝතල් විස්සක් නෑමට වුව සෑහේ. විස්කි තරම් රහට අත්වඩි පත්වීමට වළ දැමීමට ඔවුහු පුරුදු වූහ. එලෙස වල දමා තිබූ අත්වඩි බෝතලයක් මා වෙනුවෙන් ගොඩගත්තේ කම්මල නිවසක පිළිකන්නෙනි. මා මිතුරා ඉන් එකක් තෑගි කළේ ය. ඊට විස්කි පරාද බව කිවයුතුය.
ඊස්ට්, සීනි ගෙන පදමට සාදන කසිප්පු සඳහා ශ්රමය දියකරන්නේ දවස් පඩියට වැඩකරන විවාහක පිරිස්ය. කිසිදු තරුණයෙක් මේ ජරා රස්සාවට සම්බන්ධ නොවීම ගැන මම සතුටු වීමි. එය පුරුදුකාරන්ගේ පන්නයකි. අන්තරාය හැමවිට ම එහි ඇත. හැලි අරක්කු බැරල් කල්දේරම් හි ඊයම් විශසහිතය. මෙතනෝල් මගින් අන්ධභාවය හා සිරෝසිස් වලට වැඩි ඉඩක් ඇත. දවසේ කම්රුවන්ට රු 500ක ගෙවීමක් සිදු කරයි. සාමාන්යයයෙන් සවස හය පමණ වන විට කන්ඩෙන්සර සූදානම් කරන්නේ අයෙක් හෝ දෙදෙනෙකි. ගිං ඔය ‍ ආශ්රිත කැළයේ සඟවා ඇති බූලි සහිත බෝට්ටු එළියට එන්නේ ඉන් පසුය. මේ බෝට්ටු ඉතා අපිරිසිදුය. බූලි නම් කිසිදිනක සෝදා නැත. අරක්කු වලින් ම සේදී ඇති සෙයකි. පැසවීමේ සුවඳට ඇදෙන සතුන් එහි දී වැටීමෙන් තැන්පත් වූ කටුසු මළකුණු ඒවායේ බහුලය. බූලියකට මුව පොවා බැලීමි. දුගඳ නාස් පුඩු අඹරවන සුළුය. ක්ලාන්තය ඔක්කාරය සියල්ල එක විට ඇතිකරයි.
සෝඩා වර්ග, රෙදි සෝදන කුඩක්, ෆෝමැල්හයිඩ් නම් විෂබීජ නාශකයක්, රසායනික පොහොර සහ යූරියා යොදන්නේ පදම වැඩි කිරීමට ය. අවර්ණ ස්ප්රීෆත්තු පාට වන්නේ මේ රසකාරක ප්රකරමාණයට හා බැරල් මලකඩ පමණටය. දිවයින පුරා සේවයේ යොදවා ඇති සුරාබදු නිලධාරීන් ගණන 274කි. ඊට අමතරව වලාන පොලිස් මත්ද්රනව්ය. මර්දන ඒකකය සහ සී.අයි. ඩී ය මේ සම්බන්ධව ක්රියා කරයි. කෙසේ වුවත් අද එය සංවිධානාත්මක කටයුත්තකි. වැරදීමකින් හෝ හදිසි වැටලීමකට ඉඩක් නැත. ඔත්තුව ඒ වන විටත් මුදලාලි අතේය. පොලිසිය ජරාව ගන්නා තුරු කිසිත් කළ නොහැක. කිසිවිටක නඩු දමන්නට සැකකරුවන් අසුවන්නේ නැත. අසුවන්නේ බඩු පමණි. මුදලාලිට නඩු නොවැටේ. මන්ද මුදලාලි වෙනුවෙන් හිරේ යන්නට සීයක් දෙනා පෝලිමේ සිටින බැවිනි. ඒ මුදලාලිට ආදරේට නොව, ආණ්ඩුවෙන් කකා බිබී තමන් හිරේ ඉන්නා අතරේ මුදලාලි දරු පවුලට වියදම් කරන බැවිනි.
අපි හිතුවාට ආණ්ඩුවේ බෝඩිම අපූරු තැනකි. හොඳ ම කුඩු මුදලාලිලා, පාතාල අයියලා හිරේ සිටින්නේ එළියේ සිටිනවාට වඩා එය ආරක්ෂාකාරී බැවිනි. හොඳ ම සල්ලිකාරයෝ වැලිකඩ සිටිනබව ඔබ අසා ඇත් ද? හිරගේ අපරාධ විශ්වවිද්යාටලය වූ කල කුළියට වෘත්තිය වශයෙන් හිරේ යන්නේ මෙරට හිඟ නොවේ. අනික් කරුණ නම් පොලිසිය පෙර වැරදි ඉදිරිපත් නොකරයි. මේ නිසා දඩ මුදල සොච්චමකි. එය ගෙවා නිදහස් විය හැකිය. දැන් අලුත් විලාසිතාව නම් පොලිසිය මුදලාලි මගින් නඩු ඉල්ලා ගැනීමයි. “ඔන්න මේ මාසෙ නඩුවක් ඕනෑ” යැයි තමාගෙන් බැරල් කිහිපයක් වටලා නඩු දමා ගාණ කපා ගන්නා පොලිස් කාක්කන් විරල නොවන බව මුදලාලි මා සමඟ කීය.
මාධ්යදට ෂෝ පෙන්වීම කාකි කෝට්ලාගේ හොඳම ගොන්පාට් එකයි. නියමිත දිනක තමන් වැටලීම සූදනම් කර ඇති බව කියා සියලු ම මාධ්යවන්ට එන්නට කියන පොලිසිය ගිංඔයට ගොස් බැරල් තොග පිටින් විනාශ කර මාධ්යි වාර්තා ලබා දේ. ඔවුන්ගේ පහසුව පිණිස තම අබලි බැරල් නියම ස්ථානයන්හි සඟවා තබන්නේ ද මුදලාලි විසිනි. මහජන මුලාවේ තරම ඉන් වටහා ගත හැකිය. මෙහි පරිසර හානිය නම් ගෝඩා ගඟට මුදා හැරීමයි. ප්රදේශයේ ආගමික සංවිධාන මේ කාරණයේ දී මුනිවත රකින්නේ ඉන් පලක් නැති නිසා බව වයික්කාල ශුද්ධ වූ ඔදිලියා මුනීස්වරියන්ගේ පල්ලියේ පියනම මා හා කීය. ඉස්සර බැරල් රත් කළේ දර භාවිතයෙනි. ගිංඔය රක්ෂිතයේ දර ප්රමාණවත් තරම් තිබූ නමුත් දැන් දර නැත. දර වලට ඉහළ මිලක් ගෙවීම වළකා දැන් කජු ලෙලි ඉන්ධන ලෙස යොදා ගනී. ගැටලුව වන්නේ මේ කජු ලෙලි දැවීමෙන් හටගන්නා දුම මගින් ශ්වසන ආබාධ ඇති වන බවට ගම්වැසියන් චෝදනා කිරීමෙනි. මුදලාලි නම් කීවේ කජු ලෙලි ලොරිය ම තුන්දහසක් බව හා භූමිතෙල් ටිකක් බැරල් සීයක් වුව දැවීමට ප්රමාණවත් බවයි.

මේ සියලු කාරණා අනුව මතට තිත කෙසේ වෙතත් ගිං ඔය දී තිතට මත්වීමට පුළුවන. නමුත් ප්රාහදේශීයව මෙම මත්පැන් බෙදා හැරීම නොකරන බව ඔහු කීවේ සිනාසෙමිනි. “නෑ සර්, අපි කොළඹ පටවනවා මිසක් මෙහේ විකුණන්නේ නෑ. පොලිසියෙන් ඒකට තව කප්පමක් ඉල්ලාවි. අපිත් මිනිස්සුනේ??” මුදලාලිගේ පරම හතුරා පොලිසියයි. ඒ මත්පැන් පෙරීමට එරෙහි වන නිසා නොව ඉල්ලා සිටින ඉහළ පගාව හේතුවෙනි. මා මුදලාලිගේ අමුත්තකු ලෙස ගොස් මුදලාලිගේ නිවසින් දිවා ආහාර ගෙන ඔහු සමඟ ම නයිනමඩම පාළම අසල ඇති අරක්කු තිප්පලට ගොස් එහි කාර්යන් දැක බලාගෙන ඔහුගේ දුර ඇමතුමකට අනුව වෙන්නප්පුව පොලිසියේ වැටලීම් අංශයේ නිලධාරීන් සමඟ සම්මුඛ සාකච්චාවක් ගෙන සිදු කළ ගිංඔය නීති විරෝධී මත්ද්රපව්යය පෙරීම පිළිබඳ අධ්යනයනයට අදාල මගේ පසු සටහන මෙයින් නිමා කරමි. ඉහත තොරතුරු සපුරා සත්ය‍ වෙතත් ඒ මා සොයාගත් ස්වල්පය පමණි. ඔවුන්ගේ නම් ඔබ දැනගැනීම පිණිසය.
අවසාන වශයෙන් සියල්ලන්ට සොබාදහමෙන් උරුම වූ ගිංඔය තනි බූදලයක් ලෙස පාවිච්චි කිරීම ගැන මා මුදලාලිට කීමි. ඉන් සංචාරක කටයුතු වුවද දිවාකාලයට පමණක් සීමාවන බව මම මතක් කළෙමි. මට ඇහුන්කන් දුන් ඔහු අදාල පාර්ශව සමඟ සාකච්චා කර තම ව්යාටපාරය නිශ්චිත ඉසව්වකට සීමා කළ හැකි මුත් තව පරම්පරා ගණනකට නතර නොකරන බව මට කීය. නමුත් ඉදිරියේ දී බෝට්ටු සචාරිය වෙනුවෙන් නිශ්චිත ගමන් මාර්ගයක් නම් කිරීමට හා ඒ සීමාවේ අරක්කු පෙරීම පිළිබඳ කිසිදු සලකුණක් ඉතිරි නොකිරීමට ඔහුගේ අවධානය යොමු වනු ඇත. පුද්ගලිකව අධ්ය යනය මගින් මා ලද සාර්ථකත්වය එපමණකි. මහින්දට මතට තිත තබන්නට තව බොහෝ කල් බලා සිටින්නට සිදුවනු ඇත්තේ මුදලාලිගේ දැන් දවසේ ඉලක්කය බකට් 150 දක්වා ඉහළ ගොස් ඇති බැවිනි.

5 comments:

  1. හොද කාලින ලිපියක්......
    මෙවා පත්තරෙට ලියන්න ඔන...

    ReplyDelete
  2. Avery Puthe
    Umbata life insurance ekak thiyanawada? Any way this is a good reserch.I think Prof Nandaseana rathnapala has done some reserch about Kasippu indutry before.Well done and how you got the permission to publish their names?

    ReplyDelete
  3. uba koi hariyeda inne kammala mamath kammala tama mole ati ekek kammala idima gana satutu wenawa.Fb eken mawa add karaganna.http://www.facebook.com/#!/profile.php?id=100001057096495

    ReplyDelete
  4. මේවා පත්තරේට ලියන්න බෑ. නිදහස් පත්තර කලාවක් ලංකාවේ නෑනේ?? අනික ලියුවා කියලා වැඩක් නෑ. නම් පළකිරීමට අවසර දුන්නෙ මුදලාලි. ඔන්න මිනිහ මට කිව්වෙ “මාව පුතා මෙහේ ඉඳන් කොළඹ පාතාලය දක්වා මිනිස්සු දන්නවා. මගේ නම දැම්ම කියලා මට අවුලක් නෑ....” කාරණේ එච්චරයි. තවදුරටත් මේක හොර කසිප්පු ජාවාරමක් නෙමෙයි. නීතියේ පිහිට ලබන නිලධාරීන්ගේ ආශිර්වාද ලත් එකක්. අරක්කු පෙරනවට මං විරුද්ධ නෑ. ඒක ඒ මිනිස්සුන්ගේ ජීවිකාව. ආදායම් මාර්ගය. ප්රශ්නය ඉන් වන පරිසර හානිය කළමනාකරණය කරගැනීමට සහ බූදලයක් ලෙස රාත්රියට ගිංඔය පාචිච්චි කිරීමෙන් සංචාරක ව්යාාපාරයට වන හානිය අවම කිරීමට යම් වැඩපිළිවෙලක් නැතිකම. ඒක මුදලාලිලා එක්ක සාකච්චා කරලා කරන්න පුළුවන්.

    ReplyDelete
  5. adooo, tho oka liyala hari porak wennada hadanne? bawanawa denagan paraya. thawa wachanayak hari ape mudalali gena liwwoth..... merenna lesthiwela hitapan hari????

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....