වේලාව උදෑසන හත වූවා පමණි. උදේ රැයින් නැඟිට මගේ සිසු දරුවන්ගේ සිනා සපිරි මුහුණු බලනු රිසියෙන් ප්රිබෝධමත් සිතින් කැලණිය දුම්රිය ස්ථානයට පැමිණියෙමි. මා වෘත්තිය ගුරුවරයකු නොවේ. එය මෙහිලා සඳහන් කරනු වටී. නමුත් සිතැඟි විසින් මෙහෙයවනු ලැබූ මා මිත්ර සමාගමයක කැඳවීමෙන් කොළඹින් නුදුරු ගමක ළමා නිවාසයක සිටින දරු දැරියන්ට එළඹෙන සාමාන්යය පෙළ විභාගය වෙනුවෙන් ඉතිහාසය විෂය ඉගැන්වීමට පටන් ගතිමි. මුලදී මිතුරන් හට බැහැයි කීමට නොහැකි වූ නිසා ම වගකීම කරට ගත්ත ද කල් යත් ම ඉගැන්වීම මට පත්තියන් විය. ඒ නැතත් මව්පියන්ගේ රැකවරණය ආදර සත්කාර නොලැබ පාලක පාලිකාවන් යටතේ සීමාසහිත නිදහසක් භුක්ති විඳින ළමා නිවෙස්නයේ දරුවන් හා දෙපැයක් වැනි කෙටි කාලයක් ගත කිරීම දැන් මගේ සතියේ ප්රිවයත ම අංගය වී ඇති බව කිවයුතුය.
මව්පියන්ගේ අගය වැටහෙන්නේ ඔවුන් මිය ගිය දාට යැයි අසා ඇත්තෙමි. දෙමාපියන් හා නොහොඳ නෝක්කාඩු ඇතිකරගත් සෑම අතීත තත්පරකට ම මා ද්වේශ කරන්නේ දෙමව්පියන් අහිමි ඔවුන්ගේ කතාවලින් ලත් දැනුමෙනි. දරුවන් ලෙස අපට ඔවුන්ගේ වෙසෙස් අගයක් නොදැනෙතත් එහි වටිනාකම ඔවුහු මට මනාව පසක් කළහ. ඉඳින් මා ඔවුන්ගේ ගුරු වූවා නොව ඔවුන් මට ගුරු වූ සෙයකි. අනෙක් අතට කාලයක් මතක හිටින පින්කමක් ලෙස මා කරන්නේ ද මේ සත්ක්රිුයාව පමණි. කොයි හැටි වෙතත් නිවාඩු දිනයේ ද උදේ පාන්දර නැඟී සිටීම කිසි ලෙසක කළ නොහැක්කකි. මා කුමක් හෝ අවැඩක් සිදු කිරීමට තතනන විට “කොහේ යන්න ද? හා හරි හෙට උදේ නැඟිට්ටුවෙ නැති උනා ම ඉවරයිනේ” යනුවෙන් කීම අම්මාගේ සිරිතයි. දැනුදු උදෑසන මා අවදි කරන්නී ඇයයි. කට දොවා තේ බී නැවතත් ඇඳට වැටෙන විට තම තේ කෝප්පය රැගෙන මගේ ලියන මේසය මත වාඩි ගෙන ඈ කරනුයේ කලින් දින මා කුරුටු ගෑ සියල්ල සීරුවට කියවීමයි. ඇය ආහාර පිසීමට කුස්සියට යන්නේ ඉන් පසුවය. ලියූ දෑ වල ගුණ දොස් මා ඇඳ පැළඳ ගන්නා අතර ඇසීමට පුළුවන.
ඉරිදා නිවාඩුවේ මා නොවැරදී ම යන මේ (කු)අප්රොකට සංචාරය අම්මා සැක මුසු බැල්මෙන් විපරම් කළ ද කිසිවක් නොවිමසා සිටියාය. එහෙත් හිට්ලර් මහතාගේ උකුසු ඇස ඒ කෙරේ යොමු වූයේ සති කිහිපයක් ඉරිදා උදේ කෑමට මා ගෙදර නොසිටි නිසාවෙනි. ඉරිදා උදේ කෑම සහ කැඳ පිළියෙළ කරන්නේ අප්පච්චි හිට්ලර් විසිනි. බොහෝ විට එය අමුතු ආහාරයක් වන්නේ ඔහු රොටි පුච්චන්නේ නම් අනුමානයකින් තොරව එය පළහන බැවිනි. කොළ කැඳ ද ගොටුකොළ, හාතවාරිය හෝ දෙහි කොළ වැනි කටේ තියන්නට බැරි දෙයකින් සෑදීම අප්පච්චිගේ හැටියයි. නංගීට නම් මේ හැම අරහංය. ඔහුගේ නිත්යක පාරිභෝගිකයා වන්නේ ද එක හුස්මට කැඳ සියල්ල ඇද දමා ස්තුතියක් පිරිනමන්නේ ද මා විසිනි. (හැම ඉරිදා ම දෙවරක් දත් මදින්නට සිදු වීම පුංචි හිරිහැරයකි)
මා නැවතත් දවල් කෑමට ගෙදර එන්නේ ද නැති. නිවාඩු ඉරිදාවේ අපේ ගෙදර කුකරි යුද්ධයකි. ඒ අම්මා සහ පුංචම්මා අතරය. අම්මා ගෙදර සිටින නිසා ඇය වෙනදාට වඩා විශේෂයක් කරන බව පැහැදිලිය. නමුත් පුංචී ද ඊට දෙවැනි නොවේ. ඈට දරුවන් නැති හෙයින් අපේ දෙවන මව් ඇයයි. මට කෙසේ වෙතත් මල්ලීට හා නංගීට නම් ඈ අම්මා ය. බසයෙන් පැමිණ එහි ගොඩවුනහොත් නොකා එන්නට නොහැක. මා අන්ත බත් බඩගිනිකාරයෙක් නිසා හවස් ජාමයේ ගොඩ වුව ද “ලොක්කො අද නම් මෙහේ ...” කියමින් දවසේ මෙනුපත මා වෙත ඉදිරිපත් කිරීම ඇගේ සිරිතය. මල්ලී සහ නංගී කිසිදිනක දිවාපත නිවසින් නොගනිති. ඉඳින් ඉරිදාට දෙවරක් කෑමට මට සිදුවේ.
ටික දිනකින් ප්රසශ්නයට පිළිතුරු දෙන්නට සිදු විය. ඒ දිනවල දහම් පාසල් තරඟ ද යෙදී තිබූ බැවින් එහි ද සිසුන් පුහුණු කිරීමට මට නියම විය. පොඩි හාමුදුරුවන් මා අවදි වන වෙලාව දන්නා නිසා නවයට පමණ මා අමතන විට නිවැසියෝ නිරුත්තර වන්නේ ආගිය තැනක් නොදන්නා නිසාය. “යන තැනක කියලා පලයං. නැත්නම් ඔය දඩවහල්ල ඔන් කරලා තියපන්. රටේ ම මිනිස්සුන්ට පොරොන්දු දීලා නිවාඩු දවසේත් රෝන්දෙ යන්න තියාගත්තේ... දැන් ඔය උදේටවත් කාල ද? කැඳවත් බීලා නෙවෙයිනේ ගියේ??” තාත්තා පළමු වෙඩි මුරය පත්තු කළේ ය. ඔහුගේ ගැටලුව මා උදේ කැඳ නොබී ම බව පැහැදිලිය. “ඒ මදිවට රටේ ම ඔඩ්ඩියො කෝල් කරනවා... මොකක්ද ඔය හැමදාම යන හොර ගමන??” අම්මා අගුල්පත් තැබුවාය. ඇයට ගැටලුව වූයේ උපහාරයට ලැබෙන මිස්ඩ් කෝල්ස් වැල විය යුතුය. ඩයලොගය අක්රිය නම් එය සාමාන්ය තත්ත්වයකි. මේ සියලු චෝදනා මේ කණින් අසා අනෙක් කණින් පිට කිරීමට සිදු වන්නේ දහම් පාසලේ සිසුන් මා එනතුරු බලා සිටින බැවිනි. දැන් මා සිටිය යුත්තේ එහිය. මා වඩාත් අවශ්යා වන්නේ ද ඔවුන්ට ය. සියලු අවලාද ඉවසමින් මා එහි ගොස් එම කටයුතු අහවර කළෙමි.
යළි කෑම මේසයේ දී නංගී මා විත්තිකරු කළාය. අවසන සියල්ල හෙළි කළෙමි. අම්මා ළමුන්ට බෙදා දීමට පොත් දෙන බව කී අතර නංගී පෑන් පරිත්යාුගයට ද තාත්තා එක් ආහාර වේලක බර පැන ද දැරීමට එකඟ වූහ. මගේ අවසාන පන්තිය පවත්වන දින කුඩා සාදයක් පවත්වන්නට කටයුතු නිර්මාණය වුයේ එලෙසිනි. දැන් උදෑසන මා යායුතු එකම කෝච්චිය වෙනුවෙන් අම්මා නොවරදවා මා අවදි කරවයි. තාත්තා කැඳ සෑඳීමට වෙනදාටත් කළින් නැඟිටින්නේ අනිවාර්ය පාරිභෝගිකයාට දෙන ප්රකර්ශයක් (special intensive) වශයෙනි. සියල්ල හොඳින් විසඳිනි. මා තවත් එය සැඟවී නම් සැකයක් මිස අවබෝධයක් ඇති නොවනු ඇත.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....