Monday, May 14, 2018

ෂුබ් මංගල් සව්දාන් හෙවත් පාරට්ටු කුමාරියන් ඇවාට පෙරාතුව මඟුලට බැසීම...!






ඇවරිතුමාට වසරේ පළමු විවාහ මංගල්‍ය විදියට සහභාගී වෙන්න ලැබුණෙ අපේ සුබා මැතිනියගේ වෙඩින් මඟුලට. ඒ දෙපළ මේ ෆිල්ම් එකේ ඉන්න දෙන්නාවගේ ටිකක්. ඒකයි අපි මේක පික් කළේ..


සුබාවෝ කියන්නේ ඇවරිගේ යුනි ෆිට් එකක්. ගම්පහ ග්‍රාම මණ්ඩලයේ රත්නාවලී බාලිකාවක් වූ ඒ අංගනාවත් අපේ අනුරාධියෝ සහ කව්වානෝ සමඟ එකට වැලි කෙළියේ පටන් අකුරු කරපු ලලනා රත්නයක්. අපේ කුප්‍රකට වයිබර් සංගමය හරහා මෙසක් එවලා ලිපිනය අරගෙන කාර්ඩ් එකක් එවපු එතුමිය අපේ සජ්ජන සංගමයේ සියලු දෙනාට ම ආරාධනා කරලා තිබුණා. ඇත්තට ම අපේ සෙට් එක එහෙම වෙඩින් මඟුල්වලට බැහැලා දැන් කප් ගහලා සෙට් වෙලා ඉන්නේ. මොකද ඒ තරම් ම කට්ටිය ස්ටෙලා වෙලාලුනේ.

අනුවා, කව්වානෝ, ඉෂාන් ෂිවන්දන, ටිලින්-මිස් ඇතුගල, සමා කුමාරිය සහ පුඩින් කුමාරිය යන බොක්කෙ ම නෑයෝ සෙට් වුනේ ගමේ වැඩේ නිසා. ඇවරිතුමාට නම් සුපුරුදු පරිදි නිවාඩු දාන්න අවස්ථාවක් නොලැබුනේ ලොක්කාතුමා පුස් පාර්ට් එකක් දාපු නිසා. හිත රිදුනා රත්තරනේ. බැහැ කියන්න බැරිකමට වැඩට ගියා ඉතිං. ඒ වෙඩිමට ඇවරි යන්න කලින් පාන්දර හතරට නැඟිටලා පස්ට අඩව්වක් ඇල්ලුවා ආයිබෝන්. ඇවරිගේ ටැබී නැතිවුන බව කලින් සලාදෙන් කියවන්න ඇතිනේ. එයා නැති වුනා ම ඇවරිතුමාට ගොඩාක් දුක හිතුනා. මේ ටෙක් ගැජට් එකකට අපි කොච්චර ඇටෑච් වෙලා ද? තිත්ත වුනත් ඇත්ත ඒක. ඔය කියන වෙඩිම දවසේ පාන්දර තුනහමාරට ඇවරිට අලුත් ටැබී කෙනෙක් ඇවිල්ලත් තිබුණා. ඒත් අන්තිමේ බලද්දි එයා වයිෆයි ඔන්ලි එක්කෙනෙක්.  උදේ පාන්දර නැඟිටලා ඩීල් එකක් කැන්සල් කරගෙන මස්ත බාල්දු වෙලා තව වෙඩිමකටත් යන්න වුනා ම මුඛවන්නෝ විප්පසීදතීලු ඉතිං. සබ්බේ කල්‍යාණෙ උපට්ඨීතේ කියාගෙන ඇවරි තවත් ටිකක් වෙලා නිදා ගත්තා.

අටට විතර නැඟිට්ටා ම තමා මතක් වුනේ පෝරුව මිස් වීමේ රිස්ක් එකක් තියෙන බව. කරුමෙට වේකප් කෝල් එකක් ඉල්ලගත්තෙත් නැති නිසා ටොම්බ ටින්කිරි පාරක් කෑමේ අවස්ථාව නොමිලේ ම ලැබෙන බව දැන දැනත් ඇවරිතුමා අඩියට දෙකට ට්‍රවුසරේට බැස්සා. කොහොමින් කොහොම හරි හෝල් එකට යද්දි මනමාලයත් පෙරහැරින් ඇතුල් වෙන වෙලාව. ජස්ට් ඉන් ටයිම් බේබි. හම්මෝ මචන් ඇවෝ ඕන් අපි උඹ එන්න කලින් එක වෙඩිමකට හරි ආවා. ඇවරි දැකපු ගමන් ම ඒ වෙද්දිත් ඇවිත් හිටි අනුවා කිව්වා. ඒක තමා නැතිනම් ගොඩක් වෙලාවට පෝරුවේ චාරිත්‍රවලට එන්නේ උඹ විතරනේ. කව්වා මැතිනිය අඩු වැඩිය එකතු කළා. අනේ ද කියන්නේ ඊයෙ රෑ හෝල් එකේ හිටි නිසා වෙලාව ආවා. නැත්නම් සැලොන් වන්දනාව ඉවර වෙද්දි දහය එකොළහවත් වෙනවා. ඇවරිගේ කතාවට පාරට්ටු අම්මණ්ඩිලා දෙන්නාගේ කටවල් වැහුනා.  

මගුල් බෙර වාදනය මැදින් ශාලාවට ආපු අපේ බ්‍රයිඩල් අප්සරාව අපි හැමෝටම ඉඟියෙන් කතා කළා. සැප්තැම්බරයේ කප් ගහන්න ඉන්න වෘත්තිය දෙවන මනමාලිය වන අපේ පුඩින් කුමාරි මේ වෙඩිමෙත් තමාගේ වගකීම මැනවින් ඉටු කිරීම ගැන ඇවරිතුමා ඇතුළු සමස්ත අපේ කල්ලිය බොහෝ තුටු පහටු වූ බවත් කියන්න ඕන. අපි කෙලින් ම එකතුවුනේ විවාහ රෙජිස්ටාර් ළඟට. යක්කු දාහක් සෙනිකෙට ගිල්ලත් සදා බඩගින්නේ ඉන්න අපේ අනුවා සුදා ගින්දරේ පළමු වෙඩිමුරය පත්තු කළා. බඩගිනියි යකූ. දැන් බොලා මුකුත් ගිලලා ම නෑ එතකොට. නෑ අනේ කව්වලගේ ගෙදරින් කවුපි කෑවා. ඒත් තවත් ගින්න නිමිලා නෑ වගේ. වෙලාවට අපේ මෙත්මල් සේනා නාවෙ. නැත්නම් දැන් පී එන් එස් එකක් හොයන් යන්න එපෑය.

කිව්වත් වගේ අපේ මෙත්මල් සේනා මේ වෙඩින් මඟුලට සහභාගී නොවීම නිසා වැඩේ මනමාලයා නැති වෙඩිමක් වගේ වුනා. එතුමා ඒ ආසන්න දින කිහිපයේ ම නිවාඩුගත් නිසා වෙඩිම තිබුණ දවසේත් නිවාඩු ලබා ගැනීමේ ගැටලුව මත මෙත්මල් සේනාට වෙඩිම මිස් වෙනවා. ඒකෙන් සම්පූර්ණ වාසිය අත්වුනේ අපේ අනුවාට, මොකෝ එතුමිය පිළිබඳ දෑ අවුරුදු චරිත සහතිකය අපිට ලබා ගන්න බැරි වීම ගැන බොහෝ සතුටට පත් වුනේ අපේ අනුව. ඒ අස්සේ අපේ කුලුණුබර වෙඩරු හිතැති සමා කුමාරිය විශාල බකට් එකක් පෙරලා ගෙන වෙඩිමට පරක්කුවෙලා ආව.    

ප්‍රාථමික ගුරුතුමියක් වුන එතුමියේ අච්චුපොත් බෙදා දීමේ නිල ලේඛනය පාසලේ කාර්යාලය තුළ දී නැති වෙලා. මංගල්‍ය දවසේ තමා ඔඩිට් රාජයා තිබුනෙ. ඉතිං ඒ වැඩ රාජකාරී පිළිවෙලක් කිරීමෙන් පස්සේ නැවතත් මඟුල හා සම්බන්ධ වෙන්න එතුමියට සෑහෙන්න වෙලාවක් යනවා. කොහොමින් කොහොම හරි බොහෝ දෙනා පුල පුලා බලා සිටි ඇතුගල් කුමාරිය ටිලිනුත් ආව ම නඩේ හැමෝ ම පැමිණිමේ ලේඛනය අත්සන් කොරලා තිබුණා. ඒ අලකලංචි අස්සේ එතෙන්ට ආපු පුඩිම් කුමාරි ඊළඟ වෙඩිම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ චාරිත්‍රය ඉස්ඨ සිද්ධ කළා. එතනින් එහාට ඉතිං ගර්ලි ටෝක්ස් තමා බන්ස්. ලිඳ ළඟ සංගමය සදහා තුරුණු, තිලිණි වගේ අංගනාවන් බොහොමයක් එකතු වෙලා හිටියා.

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට නිසා ඉතිරිය පස්සෙ ලියමු..!

Wednesday, May 2, 2018

බිළිදු දැකුම් 3 #Lakshi's Baby Visit 2



අපි ගෙදරට යද්දි ලක්ෂිතාවෝ නාලා අහවර වුනා විතරයි. අප්පා අද විතරක් වෙන්නැති නාන්න වත් නිදහසක් ලැබෙන්නැත්තෙ? අම්මලා වුනාම එහෙම තමා. බරපතල වැඩ ආයුබෝන්. වෛද්‍ය සුමේධ තාපසතුමාත් අපිව උණුසුම්ව පිළිගත්තා. දෝණී නම් හොඳට අම්මි කුක්කු බීලා සැපට නිදාගෙන හිටියේ අපි යද්දි. මෙලෝ සිහියක් නැතුව අපිත් තොටිල්ලේ හොවා සිටි මොළකැටි සුරංගනාව බලන්න ඒ සැණින් ගියා. හා ඉතිං ආවෙත් ඒ වැඩේට ම නේ..? පිරිමි අපි දෙන්නා කොච්චර පරිස්සම් වුනත් ඉදලානි වහන්තරාවගේ විසේට පොඩි එකීගේ සිලිං බිලිං එකක් හොල්ලලා ඒ දැරිවිගේ නින්ද කැඩුවයි කියාන්කෝ චාමර. ඉදලානියෝ උදලානියක් වුනේ එක තප්පරේකින්. අයියෝ දැන් ද කොහෙද කෙල්ල නිදා ගත්තේ...? ආහ් කමක් නෑ අනේ කෝමත් දැන් අපි සර්ව රාත්‍රික නයිට් කරපු කාලෙ පහු කළා. දැන් ගොඩක් දවස්වල රෑට නිදා ගන්නවා. සුමේධ කිව්වෙ කවුරුත් හිනස්සමින්.

ඉන් පස්සේ පුංචි දෝණිත් අපේ කතාවට එකතු වුනා. ගොඩ කාලෙකින් හමුවුන නිසා අපිට ගොඩක් දේවල් කතා කරන්න තිබුණා. රැකී රක්ෂාවල් ගැන, අපේ ම යාළු මිත්‍රාදීන් ගැන, රටේ විත්ති, ගොසිප් හප්පේ අර කෙලීට තේරෙනව නම් බය වෙනව ෂුවර්. ඉතිං ඉතිං අද්වකාත් නෝනා.. නඩු ඔක්කොම කොට උඩ තියලා, චූදිතයින්ට ඇපත් නොදී ඔබතුමිය මෙහේ දරු සුරතල් බලන එක හරිද අපි අහන්නේ? අපෝ නෑ ඒ වැඩ ඔක්කොම බාර දීලා ආවේ. ඒ එක අතකට ඒක මරු ජොබ් එක නේ. එපා කියලා හිතුනොත් බාර දෙන්න පුළුවන් නේ කේස් පිටින් ම. මයිනාතුමා කතාවට එකතු වුනා. ඔව් ඉතිං එතකොට වැඩත් නෑ, පඩිත් නෑ නේ? ලක්ෂිතාවෝ උත්තර දුන්නේ හිනාවෙලා. මොකෝ දොස්තර මහත්තයා කන්න අඳින්න දෙන්න බෑ කිව්ව ද අප්පේ? අපි හැමෝ ම හිනාවුනා.

මද්දහනේ නිදානේ කියාගෙන ඉර මුදුන් වෙද්දි ගෙවල්වලට ගොඩ වුන නිසා අපිට ලන්ච් හදන්නත් ලක්ෂිතාවෝ මහන්සි වෙලා තිබුණා. කතාවෙන් කතාවෙන් වෙලා ගිය නිසා අපිට කෑමටත් ආරාධනා ලැබුණා. යමු යමු සුමේධ හැමදාම අමාරුවෙන් ඒව කාල මෙහෙම ඉන්නවා නම් අපිට වේලක් කෑවට මුකුත් වෙන්න විදියක් නෑනේ. නේද ලක්ෂි..? හා හා කාල ම බලන්නකෝ. ලක්ෂිතාවෝ කියා හිටියේ ඇගේ වියමන ගැන ෆුල් කොන්ෆිඩන්ස් පිට. කෑම වේල බොහෝ සරුවට තිබුණා. ඇවරිට මතක ම මාළු ඩිෂ් එක. අප්පා ඒකට නම් ලකුණු සීයෙන් සීයයි. අනික් උන් දෙන්නා කෙසේ වෙතත් ඇවරිතුමා නම් දෙයියනේ කියලා සමනල කන්ද වගේ බත් පිඟානක් ගිලලා අතුරුපසට බටර් ස්කොච් අයිස් ක්‍රීම් හිටන් අනුභව කළා ඕන්. මයියායි ඉදල් සුලායි දෙන්න ම ඔන් ඩයට්. ඇවරිට කොච්චර කෑවත් ඇඟට අල්ලන් නැති නිසා ඇරලා දැම්මා ආයෙ.

අපි කෑම කද්දි තවත් අමුත්තියක් ආව. විස්ස විජ්ජාලෙ බෝර්ඩ් වෙලා ඉන්න නිසා කාරිය ඒ ගෙදර ඇත්තන්ටත් එයැයි අමුත්තෙක් වගේ තමා. හරියට ම කිව්වොත් පුංචි දෝණියැන්දාගේ පුංචි පරාණය. හයියෝ සංසාරේ එහෙම කටක් දැක්කේ ම නෑ මේ රටේ කියන්නේ මාර කටර් එක. මේ දවස්වල රැග් එක නිසා ජ්‍යෙෂ්ඨ උත්තම උත්තමාවියන්ට පින් සිද්ද වෙන්න ඒ දැරිවිගේ කට ටිකක් වැහිලා තිබුණා. නැත්නම් වෙඩිම දවස්වල බලන්න තිබුණා. ඇගේ සංඛාත මුර්ජනය ආයිබෝන්.

කෑමෙන් පස්සේ අපි වෙඩින් ඇල්බම් බලන්න කාලය වෙන් කරගත්තා. අපේ බොහෝ දෙනාගේ සැමරුම් ඡායාරූප එහි තිබුණා. සුපුරුදු පරිදි ඇවරිතුමා නෑ. ඒක දැන් එච්චරට සාමාන්‍ය කාරණාවක් වෙලා. මොකද හැම වෙඩිමකට ම කඩදහි ලිපේ දාලා යන නිසා කිසිම වෙඩිමක නිල ඇල්බම්වල ඇවරිතුමා පෙනී සිටින්නේ නෑ. ඒ ප්‍රී ෂූට් එකේ පින්තූර හරි ලස්සනයි. ඒ ගැනත් බොහෝ දේවල් අපි කතා කළා. ඔය අතරේ ඉදලානිට තමුන් සෙන්ට් පවුඩර් ගහගෙන පැමීණිම බබා වඩා ගන්න සුමේධ දොස්තර මහත්තයා බිබිලෙ මහ ඉස්පිරිතාලෙ වැඩ රාජකාරි කරන නිසා අපි ඒ පැත්තේ ජීවිතේ ගැන තොරතුරු අහගත්තා. 

ඇත්තට ම ඇවරිතුමාට එහි එන්නැයි ඒ දෙපළ බොහෝ කාලෙක ඉඳන් කියලා තිබුණා. නමුත් සති අන්තයක් නිවාඩු තිබුණෙ ම නෑ. බිබිලට කෝච්චිත් නැති එකේ, සිකුරාදා රෑ ගිහින් සෙනසුරාදා හවස එහෙන් එන්න ඇවරි අයිටනරියකුත් හදලා තිබුණා මතකයි. මොක ද බිබිලින් කොළඹට බස් තියෙන්නෙ හවස ඉඳන් නිසා. නැත්නම් වයා කැන්ඩි එන්න ඕන. සුමේධ පහුගිය කාලෙ ෂෙයාර් කරපු පොටෝ වගයක් දැකලා බිබිලෙ යන අදහස ඉක්මන් වුනත් ඒ වෙද්දි ලක්ෂිතාවන්ට ලොතරැයිය ඇදිලා තිබුණා.

මිස්ටර් ඇන්ඩ් මිසිස් පනාපිටිය යුවලගේ පුංචි සුරංගනාවිය බලන්න යාම ඇවරිතුමාට සුවිශේෂී අත්දැකීමක් වුනේ ඕන් ඔය විදියට. තමුන්ගේ අම්මට වෘත්තිය ජීවිතය කෙටි කාලීනව මඟ හරවපු, අප්පච්චීට හැම සති අන්තයේ ම කිලෝමීටර් දෙසීය පණහක්, පැය හතක් විතර ට්‍රැවල් කරන්න කාරණා කටයුතු සිද්ධ කරපු මේ අපූරු සුරංගනාවට ඒ දෙන්නා හිතාගන්නවත් බැරි තරම් ආදරේ වග නම් ඇවරිතුමා ඉන්තේරුවෙන් ම දන්නවා ඕන්...!!