තවත් ඉහළට යන විට ජා කොටු දක්නට ලැබිණි. ජා කොටු මාළුන් ඇල්ලීමට මේ කළාපයේ ප්රකකට ක්ර්මයක් බව දැකගත හැකි විය. බොහෝ විට එහි පහසුව නිසා ජා කොටු වඩාත් යොදා ගැනේ. මේවා ගඟ මතුපිටින් දක්නට නොහැකිය. ඇත්තේ ජලය තුළය. පැළැලි වලින් තනන ලද ජා කොටු වර්ග දෙකක් අයියා විසින් හඳුන්වා දෙන ලදී. ඒ මිනිසුන්ට බැසිය හැකි ජා කොටු සහ මිනිසුන් නොබසින ජා කොටු වශයෙනි.
මේවායේ කුටීර කිහිපයකි. ජා කොටුවේ දොරටුවට මාළුන් පැමිණි කල පැළැලි මහත් වී මාළුවාට ඒ තුළට යාමට ඉඩ ලබා දෙන මුත් නැවත ඒ හරහා එළියට පැමිණීමට නොහැකිය. ඊට හේතුව වන්නේ ත්රිාකෝණාකාර එම දොරටු එක් අතකට පමණක් විවර වීමයි. මේ ආකාරයට පළමු කුටීරයට ගොඩවන මාළුන් එහි කැරකී කැරකී සිට මහන්සි වූ කල දෙවන කුටීරය ද විවර කරගනිමින් ගොස් එහි ද සිරවී බලා සිටිති. ක්රකමයෙන් මාළුන්ගෙන් කොටුව පිරීයන විට උන්ගේ බරට තෙවන කුටිය ද විවර වේ. මෙම අවසාන කුටියේ දී එක්කෝ මිනිසා බැස මාළු අල්ලා ගන්නා අතර නොගැඹුරු දියේ ඇති ජා කොටුවක් නම් අත දමා මාළුන් ඉවතට ගනී.
එහෙත් ජා කොටු වලට ද කරදරකාරයෝ හිඟ නොවෙති. ඉන් අංක එකේ කරදරකාරයා වන්නේ කබරායි. කබරුන් ශක්තිමත් ඉදිරි ගාත් වලින් කොටුව පහුරු ගාමින් ඉවතට යන්න උත්සහ දරන අතර කුසගින්නේ සිටින කබරෙකු ජා කොටුවට පැමිණි කල රජ මඟුලක් යැයි සිතා ඒ වන විට එහි සිටින සියලු ම මාළුන් කා දමන අවස්ථා නැත්තේ නොවේ. මිනිසුන් බසින ජා කොටු තරමක් ආරක්ෂාකාරී නොවන්නේ කබරුන්ට තම බාව හෙවත් වලිග පෙදෙස උපයෝගී කරගෙන මිනිස් කකුල් කෙටි පෙති ගැසිය හැකි බැවිනි. බසින්නට පෙර කොටුව කළඹා මඩ කර ඇත්නම් විශාල සතකු සිටින බව දැනගන්නා මසුන් අල්ලන්නනෝ ප්ර වේශම් වීමට වගබලා ගනිති. යම් හෙයකින් කබරකු අසුවී ඇත්නම් කොටුවේ පැළැලි පළල් කර ඌට යන්නට ඉඩ දෙන්නේ අන් කළ හැක්කක් නැති බැවිනි. එදිනට ඔහු අතමිට සරු නොවේ.
අනෙක් කරදරකාර වාසනාවන්තයා කකුළුවාය. කකුළුවන් අල්ලනනට අතංගු යොදනු මිස ජා කොටු තනන්නේ නැත. ඒත් මාළුන් ඒ තුළ ගැවසෙනු දැක පැළැලි දිගේ ඉහළ නගින කකුළුවන් මුදුනේ දී අනෙක් අතට වැටීමෙන් ජා කොටුව තුළට වැටේ. එහි රැඳී සිට නිකම්ම මිනිසුන් විසින් අල්ලා ගැනේ.
අතර මඟ දී අඟුළුවන් අල්ලනු බලා සිටින්නට ද අපට හැකි විය. අඟුලුවන්ගේ කට දෙපසින් දළ දෙකක් දක්නට හැකි අතර බිලී පිත්තට ගන්නා අඟුළුවන් ගොඩට ගෙන පොල් ලෙල්ලකට තබා හිර කර ලීයකින් පහර දී දළ සිඳ මරා දමනු බලා සිටියෙමු.
වෙනදා මෙන් කඩොලාන පිරි ඉවුරු අද දක්නට නැති බව තාත්තා අපට කීය. ඔහු නම් කළ කිසිදු මාළුවෙක් හෝ කුරුල්ලෙකු දක්නට නොවීම ද විශේෂත්වයකි. අපද්රව්යි නළ ද ගඟට එක් කර ඇති ස්ථාන අයියා විසින් පෙන්වා දෙන ලදී. ගං දිය පිරිසිදු ඉහත්තාවේ ගඟට එක්වන කුඩා දිය කඳුරකින් ඇති පමණ නා ගත් අපි මළ හිරු රැසින් දිළෙන රැළි මතින් නැඟී තොටුපළට පැමිණියේ තවත් දිනක ගඟ දිගේ ගොස් කන්දේ විහාරය වන්දනා කරන්නට තාත්තා පොරොන්දු කරවා ගැනීමෙනි.
Friday, April 23, 2010
ගම් මැද්දේ අවුරුද්දේ.........!! (දෙවන දිගහැරැම)
කකුළු දඩයම
බෙන්තර ගං කොමළිය මතින් ඉහළට ඇදී ගිය අප විසල් ඉවුරැ දෙපස සංචාරක නිවහන් අධ්යතයනය කරමින් හබල් ගෑවෙමු. එම ප්රවදේශයේ කර්මාන්තය බොහෝ සෙයින් වර්ධන වී ඇති බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් ම අයිඩා ආයතන සමූහය ඒ සඳහා මුල් වී ඇති බව කිය යුතුය. අතර මඟ දී කකුළු අතංගු ඇති ප්රිදේශ සලකුණු කරමින් යොදවා තිබුණු බෝයාවල් දුටු මල්ලී ඒ පිළිබඳ තාත්තාගෙන් විමසන්නට විය.
ඒවා කකුළුවන් අල්ලා ගැනීමට යොදා ඇති උගුල් බවත් මෙම උගුල් ඇති ස්ථානය දැක්වීමට ඒ ආකාරයට බෝයා යොදා ඇති අතර අතංගුව ගං පතුළට ම ගමන් කරන බවත් තාත්තා පැහැදිලි කළේය. මේ අතර නුවන් අයියා විසින් අඟුල අතංගුවක් ආසන්නයට ගෙන නතර කරන ලදී. කකුළුවෙකු ගොඩ ගනිමු දැයි ඇසූ ඔහු උත්තරයක් දෙන්නට පෙර බෝයාව ඉහළට ඔසවීම ආරම්භ කළේය. ක්රොමයෙන් දිගු නයිලෝන් නූලක් ඉහළට පැමිණි අතර අවසානයේ දී රවුම් යමක් ඉහළට එන බව සන් කරමින් ගං දිය කැළඹෙන්නට විය. අවසානයේ දී බයිසිකල් රිම් එකක් දියෙන් මතු විය. මල්ලීත් මමත් නාසය තද කරගනිමින් පිළිකුළ පළ කළෙමු. ඒ මත කකුළුවන් දෙදෙනෙකු ඇමිණී සිටිනු දක්නට හැකි විය. ඉන් එකෙක් කුඩා කකුළුවකු වූ නමුත් අනෙකා දිගු අඩු ඇති ශක්ති වන්ත කකුළු නාම්බෙකු විය.
කකුළුවන් දෙදෙනා ද සමඟ රිම් එක ඔරැවට ගත් අයියා වඩාත් හොඳින් දැක ගනු පිණිස එය ඈත් මෑත් කර පෙන්වීය. වඩාත් හොඳින් බැලූ කල එහි වටකුරැ යමක් රඳවා තිබුණි. එය රබර් කැබැල්ලකට සමාන වූ නිසා මා සිතුවේ කකුළුවන් ඇල්ලීමට ගන්නා උපකරණයක් ලෙසය. නමුත් මගේ අනුමානය නිවැරදි නොවීය. ඒ වූ කලි හරක් බොක්කකි. මෙම හරක් බොක්ක යොදා ගනු ලබන්නේ ඇමක් වශයෙනි. එය දරා ගත නොහෙන දුර්ගන්ධයකින් යුක්තය. අතංගුව වෙත කකුළුවන් ඇදී එන්නේ එම දුගඳ නිසා යැයි කී අයියා අතංගු එළීම විස්තර කර දුන්නේ ය.
‘මේක ගඳ ගහන්නේ හරක් බොක්ක නිසා. අපි හරක් බොකු අරන් ඇවිත් කලින් දවසේ කඳුරු ගස් වල උඩින් ගැටගහල තියනවා. නැත්නම් කකුළුවන්ට කළින් කබරු ඒක ඇදගෙන යනවා. පස්සේ රිම් එකට හරක් බොක්ක ගැට ගහලා වටේ දැලක් එළලා රිම් එක නයිලෝන් ලණුවක ගැටගහලා ඒක ගිල්ලනවා. මේ ලණුව දිගට ඕනෑ. මොකද අතංගුව ගං පතුළට ම යන්න එපෑයැ. දැන් දිය යටට මේක දැම්ම ම මේවගේ ම ගඳ ගහනවා. ඒ ගඳට තමයි කකුළුවන් ඇදෙන්නේ. උන් හරක් බොක්ක කඩා ගන්න උපරිම උත්සහයක් ගන්නවා. නමුත් ඒක ගැටගහන්න ගන්න පට්ටා වතුරට දැම්මහම සෙවලයි. ඇල්ලුවහ ම ලිස්සන හින්දා උගේ ශක්තිමත් අඩු වලට මේක කඩා ගන්න බෑ. අනික් අතට කඩන්න උත්සහ ගන්න වාරයක් වාරයක් පාසා කකුළුවා තවත් හිර වෙනවා. අපි අතංගුව දවල් වෙද්දි උස්සන කොට දෙතුන් දෙනෙක් අහුවෙලා.
මේ අතංගු හැම තැන ම එළලා වැඩක් නෑ. කකුළුවන් ඉන්න තැන් තියෙනවා. උදේ එකොළහට විතර වඩදිය ගලන්න ගත්ත ම කකුළුවො යන නිසා ඉන් පස්සේ අතංගු දිය යට තියලා වැඩක් නෑ. හැබැයි එකම හරක් බොක්ක කීප සැරයක් ගන්න පුළුවන්. අද අවුරුදු නිසා කවුරුත් මේ පැත්තේ ඇවිත් නෑ වගේ. මේ ජේමිස් මාමගේ අතංගු. අපි මුං දෙන්නව අරං යමු. මදි පාඩුවට ගෙදරත් ඇති.’ කී අයියා රිම් එකෙන් කකුළුවන් දෙදෙනා ගළවා ඔරුවේ දමා ගත් අතර උගුළින් ගැලවීම පිළිබඳ සොම්නස් වූ ඔවුහු ඔරුව තුළ ඒ මේ අත ගමන් කළහ.

ගම් මැද්දේ අවුරුද්දේ.........!! (පළමු දිගහැරැම)
ගම් මැද්දේ අවුරුද්දේ.........!!
(පළමු දිගහැරැම)
මෙවර අවුරැදු නිවාඩුව සුවිශේෂී එකක් වූයේ කරැණු කාරණා කිහිපයක් නිසාය. එසේ වුව ද ආපසු හැරී බලන විට නිවාඩුවට මාගේ පුද්ගලික පව් රැස් කිරීම අන්තයට ම ඉහළ ගිය බව පෙනේ. නමුත් අවුරැදු නෑගම් යාමෙන් ලත් අත්දැකීම් ප්ර්මාණය ද ඒ තරම් වන බැවින් ඊට කම් නැත.
සුපුරැදු පරිදි හිසතෙල් ගා ස්නානයෙන් පසුව උදේ එකොළහට පමණ අපි පිටත් වීමු. මෙවර ද අප හිසතෙල් ගාන ලද්දේ අම්මාගේ අයියාගේ බිරිඳ හෙවත් මගේ ලොකු නැන්දා විසිනි. එහෙත් මා කිසි දිනක ඇයට ඒ නමින් අමතා නැත. ඒ වෙනුවට මා ඇයට ඇගේ නම වන බින්දු යන්න ද එක්කර බින්දු අම්මා යැයි කියමි. අම්මා රැකියාවට ගිය පසු දෙවන මවක මෙන් මා බලා ගත් නිසා එසේ කීමට පුරැදු වීමි.
අප පියාගේ ගම බෙම්තොට වන අතර මවගේ ගම වන්නේ අම්බලන්ගොඩට නුදුරැ දෙස්පෙම්ගම හෙවත් අම්පේගමයි. දෙදෙනා ම බෙන්තර ගඟෙන් එහා විසීමේ අවාසිය අපි හොඳින් අත්විඳිමු. වඩාත් නිවැරදි ඒ ගම් අප මුතුන් මිත්තණියන්ගේ ගම් ලෙස හැඳින්වීමය. මන්දයත් ගමක් ලෙස නගරයේ කොළනියක් හඳුන්වාදෙන පරපුර අපෙන් ඇරඹෙන නිසාවෙනි.
පළමුව අපි පියාගේ ගමට සේනදු වූයෙමු. ඒ බෙම්තොට යාත්රාිමුල්ලට ය. බෙන්තර ගං තොටුපළට ළංව පිහිටි ‘නන්දන’ නිවහන අප පියාගේ මහ ගෙදරයි. අද එහි වෙසෙන්නේ ලොකු තාත්තා ය. කාලයක් පුරා මමත් මල්ලීත් කළ යාදිනියට කන්දීමක් ලෙස අවුරැදු පිදේනිය ලෙස බෙන්තර ගඟේ ඔරු සවාරියක් යාමට තාත්තා සූදානම් කළේ ය. දිවා ආහාර ගෙන අපි කළින් නියම කරගත් පරිදි ඔරුවක් ලබා ගැනීමට තොටුපළ වෙත ගියෙමු.
මෙම තොටුපළ ළඟ පිහිටි නිවස පිළිබඳව ද වචනයක් කිව යුතුය. කුඩා අවධියේ දී ඒම නිවස අප අතර මතකයේ රැඳුනේ සත්තු වත්ත වශයෙනි. ඉබ්බන්‚ මුවන්‚ දඩු ලේනුන්‚ සාවුන්‚ මෙන් ම පිඹුරෙකු ද ඒම නිවසේ ඇති කරන ලදී. මෙම සතුන් අතර වැදගත් ම චරිතය වූයේ සිමෙන්ති ටැංකියේ සිටි අඩි හතක් පමණ වූ කිඹුලා ය. උගේ හිස කෝට්ටකින් තද කළ විට ශක්තිමත් දත් විළිස්සමින් කට අරින අතර ඇස් වසා ගනු පෙන්වීම බොහෝ ජනප්රිුය අංගයක් විය. එතකුදු නොව එම නිවසේ හිමිකරු පාරම්පරික වෙස්මුහුණු ශිල්පියකු වූ නිසා නාග රාක්ෂ, ගරා රාක්ෂ වෙස්මුහුණු බිත්ති පුරා මෙන් ම සාලයේ බිම විසිරුවා තිබෙනු මට දැනුදු සිහි කළ හැක.
එනමුත් මගේ මතකය අනුව 1997-98 කාලවල දී එම පුද්ගලික සත්ව උද්යාමනය රජයේ අනුමත එකක් නොවූ බැවින් වටලන ලදී. ඉන් සංචාරක පැමිණීම ද බොහෝ අඩුවූ අතර වෙස්මුහුණු දිරා යන බැවින් අසල හිතවතුන්ට බෙදා දෙන ලදී. ඉන් එකක් තාත්තා විසින් ගෙනෙනු ලදුව දැනට මා ළඟ ඇත. එහෙත් අද එහි නැවතත් වෙස්මුහුණු කැපීම අරඹා ඇති අතර ගෙදර තිබූ වෙස් මුහුණ නිරීක්ෂණයෙන් ඔවුන්ගේ පියාගේ සියුම් කැටයම් විස්තර කිරීම පිළිබඳ සතුටු වූ තරුණ නිර්මාණකරු මට කුඩා මුහුණක් ද තෑගි කළේ ය.
සුළෙගේ සැළෙන කොළපුවක් මෙන් සෙමෙන් ගමන් ගත් ඔරුව මුලින් යාත්රාෙ කළේ ගං මෝය දෙසට ය. කොළඹ ගාල්ල යාකෙරෙන නව පාළම සහ පැරණි දුම්රිය පාළම ගං දියේ සිට දැක ගන්නට මට අවැසිව තිබිණි. තව ද වඩාත් අලංකාර ලෙස සකසන ලද බෙන්තොට ලිහිණියා හෝටලයේ උද්යාැනය ද දැකගැනීම මගේ අරමුණ විය. මෝටර් බෝට්ටු බහුල ඒ කුඩා කළපුව තුළ දුප්පත් අපේ ඔරුව සංචාරකයන් තුළ ද උනන්දුවක් ඇති කළේ ය. එතැනින් හරවා ගත් අප ගං ඉහත්තාවට ගමන් කෙළමු.

Sunday, April 11, 2010
මෙදා අවුරැදු සමරන්න ලංකාව පුරා ම බොහෝ උනන්දුවක් ඇති බව පෙනෙන්නට තිබුණා. විශේෂෙයන් ම මැතිවරණ උණුසුම වුනත් අඩුවෙන්න බලපාපු මූලික ම හේතුව වුනේ අලුත් අවුරැද්ද ආසන්න වූ නිසා බව බොහෝ දෙනා පිළිගන්තා. සල්ලි තියේ නම් හැමදා ම වුනත් අවුරැදු කියලා අපි කතාවට කිව්වට අලුත් අවුරැද්දත් එක්ක බැඳී ඇති සිංහල සංස්කෘතියේ නස්පර්ශිත උරැමය හෙවත් චාරිත්තර වාරිත්තරයන් සංස්කෘතිය පවත්වාගෙන යාමේලා බොහෝ වැදගත් වන බවයි මගේ නම් අදහස.
හැබැයි ඉතිං කොළඹට වෙලා ඉන්න අපිට නම් අලුත් අවුරැද්දේ චාරිත්රස ඉෂ්ට කිරීම සිදු කළත් අවුරැදු සිරිය හිතට ගතට නොදැනෙන බව අමාරැවෙන් හරි පළිගන්න වෙනවා. නිකමට වගේ හෙට ඒ කියන්නේ පරණ අවුරැදු දවසේ ඔබ කොළඹ අවට කරක් ගැසුවොත් අඩුම තරමේ පැනඩෝල් පෙත්තක් මිලට ගන්නවත් කඩයක් ඇරලා නැති බව දැකගන්න ලැබේවි. පරණ අවුරැද්දේ කොහේ ද මිනිහෝ කඩවල් අරින්නේ ඔබ කියාවි. නෑ මම කියන්නේ මේ යථාර්ථය අපිට වෙන යම් වැදගත් සමාජමය කාරණාවක් නිහඩව ඉදිරිපත් කරනවා.
ඔබ හිතන්නේ ඒ පිටකොටුවේ උදේ දිවා රැයේ එක විදියට කටයුතු කරන ඒ අය කොහේ යන්නැති කියල ද? අනුමානයක් නෑ. ගමේ යන්න ඇති. ඔව් ඔවුන් ගමේ ගිහින් තමා. ඒකෙන් පැහැදිලියි නේ අපේ ප්රෑධාන වාණිජ නරගය සම්පූර්ණයෙන් ම වාගේ බලගැන්වෙන්නේ ගම් ගොඩින් ආපු අසරණ අහිංසක මිනිස්සුන්ගෙන් විත්තිය.. උන් නැත්නම් අපි කොළඹ ඇවිත් කාලත් හමාරයි. ඒ නිසා අලුත් අවුරැද්ද කියන්නේ නගරය තුළ ගමේ ආධිපත්යඹ තහවුරු කිරීමේ සංකේතයක්.
මේ අවුරැද්දේ අනිත් සුවිශේෂත්වය තමයි අලුත් නිදහසින් පසු එළෙඹන පළමු අලුත් අවුරැද්ද වීම. ඒත් මෙහෙම කියන වාරයක් වාරයක් පාසා සිංහලයන්ට හෙණ ගහනවා. ත්රරස්ථවාදී යුද්දය අවසන් දැන් අපි නිදහස් කිව්ව ම අපිත් හිතුව එහෙම කිව්වේ අපේ උරැමක්කාර තාත්තා කියලා. ඒත් මාස කිහිපයක් යද්දි සැකේට පස්ස හැරිලා බැලින්නම් ඒ බහුජාතික බාප්පා...... කාට කියන්න ද මේ දුක? බාප්පට ම තේරැණා අපි මෑන්ස්ගේ පීතෘත්වය සැක කරන වග. ඒ නිසා රාජාසන කතාවෙදි උන්දැට ම කියන්න වුනා ' අනාගත ජාතිය නිදහස් කර දුන් ආඩම්බරකාර තාත්තා මමයි' කියලා. ඡන්ද වලදී අඩු වැඩි වශයෙන් මහ එකාගේ සිට පොඩි ඒකා දක්වා යුද්ධය විකුණගෙන කෑවා. ඒත් යුද ජයග්රවහණයේ සැබෑ අයිතිකරැවන් අද සිර කූඩු වල. නිදහසින් පසු පළමු අවුරැද්ද ඔවුන්ට තම පවුලෙන් නෑ සියන්ගෙන් වෙන්ව සමන්න උරැම කිරීම ගැන අපි ලැජ්ජ වෙන්න ඔනෑ.
ඔහු අපරාධකරැවෙක් වෙන්න පුළුවන්. වංචාකාරයෙක් වෙන්න පුළුවන් අඩුම තරමේ මේ අවස්ථාවට විතරක් වත් සංවේදී නායකයාට පියවරක් ගන්න තිබ්බා. සිංහල ජාතිය එහෙම තමා 'කාරිය කෙරෙන තුරැ කාගෙත්රැවටිල්ල' කියනවනේ. අනික උතුරේ අවතැන් කඳවුරැ වල ඉන්න හින්දු පිරිස් අවුරැද්ද තාමත් සමරන්නේ කූඩාරම වල. එහෙම හරි අවුරැද්ද සමරන්න ඒ මිනිස්සුන්ට ලැබුණු එක ගැන ඔවුන් සතුටු වෙනවා ඇති. මේ සියල්ල එකව ගත්තම අලුත් අවුරැද්ද කියන්නේ තවත් දවසක් නේද කියලා ඔබට හිතුනොත් පුදුමයක් නෑ.
ඔව් අපිට හොඳ වුනත් නරක් වුනත් හැම දවසක් ම කැලැන්ඩරයේ තියෙනවනේ..... හැබැයි ඉතිං අවුරැද්ද සුබ අලුත් අවුරැද්දක් කරගන්න සිතුවිලි වලින් වැඩ වලින් අලුත් වෙන්න අලුත් මිනිසකුගේ ආගමනය සමාජයට දන්වන්න මේ අවුරැද්ද ඔබ යොදා ගනීවි කියලා මං හිතනවා.
කොහොම වුනත් අලුත් අවුරැද්දට මං පුද්ගලිකව කැමතියි. ගමටත් නැති නගරෙටත් නැති මහ ගන්ධබ්බ ජීවිත ගත කරන අපිට පොළොවේ පය ගහන්න අවුරැද්ද තරම් අවස්ථාවක් නැති තරම්. අනුභව කරලා වැඩ අල්ලලා ඉවර වුන ගමන් ගමේ දුවලා හිතේ හැටියට වෙලේ පැනලා පීල්ලෙන් නාගෙන අවුරැදු උත්සවයටත් ඉඳලා එන එකේ වෙනම ම ආතල් එකක් තියෙනවා. හැබැයි මෙහෙ ම පහුගිය ඇරියස් කවර් කිරිල්ලෙන් කවමදාකවත් ගැමියෙක් වෙන්න බෑ.
මේ පින්තූරය මං වෙනුවෙන් නිර්මාණය කළේ ප්රයසාද් අලුත්වත්ත. ගියවර මගේ අලුත් අවුරැදු කංචුකය හැදුවේ අරවින්ද චන්ද්රපද්ම. ඒ දෙන්නට ම ස්තූතියි. කාමර අස්පස් කරලා ගෙවල් හෝදලා අලුතින් තිරරෙදි දාලා කිරි උතුරලා අවුරැදු කෑවට අපේ හිත්වල තවත් කුණු මුලු අනන්තවත් ඇති. ඒ සියල්ල අස්පස් කරගෙන අලුත් අවුරැද්දේ අලුත් මිනිහෙක් වෙන්න ලැබේවායි පතමින් නවතිනවා.....
මෙකක්ද අලුත් අවුරැද්දේ අලුත් මිනිහෙක් වෙනවයි කියන්නේ??????? .................. පුංචි කාලෙ මමත් තාත්තාගෙන් ඇහුවා. එතකොට තාත්ත නියම උත්තරයක් දුන්නා. ඒක පස්සේ කියන්නම්. දැනට ඔබත් අලුත් වෙන්න උත්සාහ කරන්නකෝ............!!!!!
Friday, April 9, 2010
මා දුටු මැතිවරණය
ඉතිං ආයුබෝවන් ඔන්න මමත් මේපාර මහා මැතිවරණයට මගේ පරමාධිපති බලය පාවිච්චි කිරීම කෙසේ වෙතත් රාජකාරි සඳහා සහභාගී වුනා. කොයි දේත් ආවස්ථිත පිරිවැයක් තියෙනවයි කියනවනේ මේ නිසා මට ඡන්දෙ දෙන්න බැරි වෙච්ච එක ගැන නම් ටිකක් දුකයි. කස්ටිය ඉස්සරහ ලැජ්ජාවෙන් බේරෙන්න මං හිටපු ඡන්ද මධ්ය්ස්ථානෙයේ ක්ලාක් නෝනට කියලා සුළැඟිල්ලේ හෘද සාක්ෂිය දක්වමින් පාට කරගන්න අමතක කළේ නෑ.
කොහොමින් කොහොම හරි අපි උදේ 7.00ට ඡන්දෙ දෙන්න සියලු කටයුතු සූදානම් කළාට මොකද මොකද ඡන්ද දායකයෙක් තියා බල්ලෙක්වත් ආවේ නෑ. අපේ මධ්යදස්ථානයේ මුල් ම දායකයා ඡන්දය ප්රපකාශ කරන්නට එනකොට වෙලාව 7.10 විතර ඇති. මුලින් මුලින් වැල නොකැඩී ආපු දායක කාරකාදීන් පහු වෙනකොට එකා දෙන්නට සීමා වුනා. බටහිර කොළඹ එම මධ්යළස්ථානයේ වැඩි පිරිසක් ඡන්දය දාන්න ඒ තරම් පිරිසකගේ කැමැත්තක් තිබුණේ නෑ කිව්වොත් තමා හරි. ජනතාවගේ උනන්දුව අඩු වෙන්න වෙන්න කාර්ය මණ්ඩලෙයේ උනන්දුවත් ඊට සමගාමීව අඩු වුනා කිව්වොත් නිවැරදියි. පහු පහු වෙනකොට කොයි දේත් කොහු කොහු වෙනවා කියන්නේ කට කහනවට නෙමේනේ. අපේ කාර්ය මණ්ඩලේ උන්දැලටත් හරි හරි වැඩ තිබුණා.
ඇතෙමක් ෆෝන් කනේ ගහ ගත්තු ගමන්. තවත් ඈයෝ ඒවායේ ගේම් ගහනවා. සමහර අයට බරට ම කිරනවා. ඒ ආකාරයේ විවිධ ආතල් වල සිටි අපේ පිරිසට හවස් වෙද්දි ඡන්ද දාන්න ආපු මිනිස්සුන්ව වහ කඳුරැ වගේ වුනා. ඒ අය බැන බැනත් යනවා මං අහගෙනයි. හතර වෙන කොට පිරිස බහුතරය පෝලිම් වල හිටියේ උදේ සෙනඟ ඉඳී කියලා හිතාගෙන නාපු පිරිසයි. මේ සමස්තය තුළින් මිනිස්සුන්ට ඡන්දෙ දාන්න තිබුණු බලවත් අකමැත්ත ප්ර දර්ශනය වූ බව මා විශ්වාස කරවා. කුස්සියේ න්යාසය නිසා කාන්තා පාර්ශවයේ බහුතරයක් ඡන්දෙ දාන්න පැමිණ තිබුණා. ඒක වඩාත් සුභ දයක තත්ත්වයක්.
ප්රිචණ්ඩ ක්රි යා කිසිවක් නැතිව අපිට නම් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න හැකි වුනා. මං දන්න තරමින් කිසිම ඡන්ද මධ්ය ස්ථානාධිපති කෙනෙක් ද්විත්ව ඡන්ද පත්රිසකා නිකුත් කරලා තිබුණේ නෑ. මොක ද එහෙම කළා නම් ඒවා වෙන ම භාර ද්විත්ව ඡන්ද පත්රිකකා ගිණුම යටතේ භාර දෙන්න වෙනවා. ඒක වැඩ වැඩි කිර ගැනීමක්. ද්විත්ව ඡන්ච පත්රි්කා ගණන් නොකළාට ඡන්ද දායකයාගේ හිත සනසන්න ඒ ක්රවමය වඩාත් යහපත්. නමුත් මෙදා සැරේ ඒ ආකාරයට හිත සනසන්ට ඔවුන්ට උවමනාවක් තිබුණේ නෑ.
ඒ වගේ ම හැඳුනුම්පතේ දෝෂ හේතුවෙන් ඡන්දය ප්රිකාශ කරන්න නොහැකි වූ පිරිසගේ තොරතුරැ ඇතුළත් වාර්තාවක් දෙන්න තිබුණා වුනත් කොච්චරවත් ඡන්ද දායකයන් වලංගු හැඳුනුම්පතක් නොමැතිව හරවා යැවුවත් අපේ කට්ටිය වාර්තා කිසිම මධ්යදස්ථානයක එහෙම ඡන්දෙ දාන්න ඇවිත් හැරිලා ගිය අය නොසිටි බවයි වාර්තා උනේ. පැෆරල් සංවිධානෙයේ ඇත්තො නම් දවස ම මධ්යඡස්ථානය තුළ ලැග ගෙන මස්ත බාල්දු වෙමින් කාලය ගත කළා.
කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණය තරම් මෙවර කාර්ය මණ්ඩල තුළ උද්යෝගයක් නොතිබූ අතර මලානික කරන්නන් වාලේ කරන ස්වභාවයක් දක්නට ලැබීම කණගාටුවට කරැණක් බවයි හැමෝම කියා සිටියේ. ජනතාව අන්තිම මොහොතේ හෝ තමාගේ ඡන්දය ප්රණකාශ කිරීමට යුහුසුළු වූ නිසා බොහෝ මධ්යයස්ථාන වල හතරයි පහළොව විතර වෙනකම් අවස්ථාව ලබා දුන්නා. නමුත් හතර වන විට පිවිසුම් දොරටු වසා දමනු ලැබුවා. ඒක නීනි විරෝධී නේද කියලා විමසපු වෙලාවේ අපේ ස්ථානාධිපති තුමා මරැ උත්තරයක් දුන්නා. මල්ලි මේ ගමේ මිනිස්සු පොලීසියෙන් හිටියත් ෂුවර් නෑනේ බං. නිකං හරි එළියට බහිද්දි කෙළිය. කාට කියන්න ද..... උන්ව පාර්ලිමේන්තු අපිට ගුටි කන්න බෑනේ. අනික මිනිස්සුන්ට කවදා ආයෙත් ඡන්දයක් ලකුණු කරන්න ඒයි ද දන්නෑ නේ.......
එතුමා එහෙම කීවට ලබන ජුනි මාසෙ ප්රාපදේශීය සභා ඡන්දෙත් එන බව කියන්න ඕනෑ. ඒකට නම් ගමේ ගොඩේ සියලු කබ්බෝ ඉල්ලන නිසා ටිකක් පරිස්සම් වෙන්න වේවි.
මේ ලියන මොහොත වන විට බොහෝ දෙනාගේ ඉරණම තීන්දු වෙලා ඉවරයි. හෙට සිට නැවතත් සුපුරැදු පරිදි මහින්ද ලොක්කට 'වයන්න සිතාරේ වයන්න ඔබේ' යැයි කියමින් විපක්ෂයක් නොමැති රටක මහ ඌරා තලු මර මර ගෝල බාලයින් එක්ක අසූචි ලංකාව වළඳමින් අනාගත ආශ්චර්යයක් කරන තෙක් බලා ඉඳිමු. හැබැයි කවුරැ පැරදුනත් දින්නත් දිනුම් පැරදුණත් දිනුම් ජූනියස් රිචර්ඩ් සර්ව බලධාරී උත්තමයා නම් ඉහළින් ම ජයග්ර හණය කළ බව මතක් කරන්න කැමතියි........
Tuesday, April 6, 2010
වරදකරැෙග් පාෙපාචීචාරණය
Welcome You All....!!
Insha Allah
ඉතිo අායුෙබා්වන් හා හා පුරා කියාල මෙග් බීෙලාගයට පැමිණි ඔබ තමුන්නාන්ෙස්ලා පිළිගන්නවා. අැත්තට ම මට හිෙතන කියන්න තිෙයන්න සියල්ල ෙමී හරහා කියන්න ඔීන හින්දා මම ෙමීක සලාදය කියලා නමී කරන්න හිතුවා. එ් නම කාට ෙකාෙහාම වුනත් මට නමී සිරා.
හැබෑට ම මම වෙග් පිස්ෙසක්ෙග් ෙකාළමක් කියවන එකත් ෙමා්ඩකමක් කියලා ඔබ ෙමාෙහාතකට සිතනවා ෙවන්න පුලුවන්. කාරි නෑ ඔබටත් අoශු මාත්තරයකින් හරි පිස්සු නැත්නමී ෙමීක ෙනාකියවන බව මම දන්නවා. එ්ත් ෙලා්ෙක් ෙමානව හරි අලුතින් ෙසායා ගත් එවුන්ට මුල්කාෙල කවුරැත් කියන්ෙන් පිස්ෙසා් කියලෙන්. හැබැයි අායුෙබා්වන් ම නමීo ඉතිo කූබි පුකක තරමී ෙදයක් ෙහායාෙගන නැහැ. එ්කට ෙමී රාලහාමිලා මට කමන්න ඔීනෑ. එ්ත් ෙමී අැවරිෙග් අපතටී කතා සියල්ල ෙමී හරහා කියවගන්න පුළුවන්.
අැවරියා කියන්ෙන් මෙග් කාඩී එක. කවදා හරි මෙග් ජීවිත කතාව ලියන කාෙලකට මට එක එකා කියපු නමී බර ගණනාවක් එකතු ෙවලා තිෙය්වි. ෙමාක ද අෙප් අප්පච්චීෙග් එදා ෙපමීවතිය (පසුව විවාහක බිරිය ෙහවත් මෙග් මව) උමීමා දිදී කට පුරා පුතා කිවීවට රෙටී ෙලා්ෙක ෙකහුෙරා් මට කියන කයි කතන්දර අෑ දන්ෙන් නෑ ෙනව.
පුoචි ම කාෙල ෙලාකු මල්ලි කිවීවා. කාටත් මාව ෙහාන්දින් ම මතක හිටින්ෙන් මෙග් දත් ෙදක හන්දා පස්ෙස් කට්ටිය මට ෙපාල්දතා කිවීවා. දවසක් ෙසල්ලමී කරද්දි ෙපාඩි ෙද්කට තරහා ෙවලා මම අෙප් මල්ලිලාට සදහට ම ෙසල්ලමට එන්නෑ කියපු නිසා උන් මට ෂදහ කියන්න ගත්තා. කැලි කසල කියන ෙබා්ඩී එකක් කෑලි කසල කියල වැරදියට කියවපු නිසා එ් නම කිවීවා. අද කස්ටිය කියන අැවරියා කාඩී එක දැමීෙමී අානන්ෙද් මෙග් පන්තිෙය් හිටපු නානා. එ්කට ෙහ්තුව තාමත් දන්ෙන් නැති උනාට වාසනාවට ෙහා් අවාසනාවට කැමීපස් අාවමත් එ් කාඩී එක ම දුන්නා එ් මෙග් උත්පත්ති කතාව.
ෙමතැන් පටන් මෙග් හා මා සමීබන්ධ සියල්ල කියවීමට ඔබට අාරාධනා කරනවා. හැබැයි මo පුද්ගලිකව මම මෙග් කියන වචන වලට කැමති නෑ. ඔබ ෙනාසිතුවට එ් තමා ෙලා්කෙය් දිනකට වැඩිෙයන් ම භාවිතා ෙකෙරන අාත්මාර්ථෙය් සoෙක්තය. එ්ෙකන් මo අාත්තමාත්තකාමී නැහැ කියලා හිතනවා නමි එ්ක ෙගාන්කම නමුත් මo එ් වචන ෙදක ෙවනුවට අපි සහ අෙප් යන වචන ෙදක භාවිතා කරන්න හුරැ ෙවලා තිෙයනවා. ඔබත් ඊට හුරැ වුෙනාත් මජික් වාසි ලබන්න පුළුවන් බව මතක තියා ගත්ෙතාත් ෙහාන්දා..... Hudhafus....
Subscribe to:
Posts (Atom)