Sunday, January 31, 2016

කෙල්ලෙක් නම් සැලොන් චලෝ - කොල්ලෙක් නම් ජිම් චලෝ ||||||||||||| වෙඩිමක් නම් මේ දෙකට ම - උදේ හවා චලෝ චලෝ...

මේ දවස් වල ඇවරිතුමා අධික වශයෙන් රාජකාරිමය කටයුතු වෙනුවෙන් ඇප කැප වෙලා තියෙන නිසා මායියා තුමියගෙන් කොළේ ඉරාගෙන ඉන්නේ. යක්කු ගස් නඟින වෙලාවට ගෙදර ඇවිත් ආයෙත් මගේ කෝල් එකෙන් ම නැඟිටින ඔයා, ටිකක් ඉන්න බබී ලැහැස්ති වෙලා එන්නම් කියලා ගියාම දවසේ ම මීටින්ස් වල. ආයෙත් මාව මතක් වෙන්නෙ දවල්ට කන්න කලින් තමයි. මොකක්ද මේකෙ තේරුම හෑ? ඇවරි හාමිනේ උත්තමාවිය ඉර මුදුන්වෙන ජාමේ හීයක් හාන්න ගත්තේ ඇවරිතුමාගේ හොඳම සේවාදායකයන් පිරිසක් සමඟ ඉන්දැද්දි.


වයන්න සිතාරෙ 
වයන්න ඔබේ
සංසාරෙ මා දන්නා වූ නාදෙකි එන්නේ
මනරම් බැනුම් රාවේ 
මගෙ කන් -
පිරේ නෝනෙ...//

ඒ ටික කියලා  ඩබල් බැණුම් අහගන්නවා. ඔයාට නම් විහිළු. දැන් කොහෙ ද ඉන්නේ? ඔයාගේ ඔෆිස් එකේ ඔය සේරම වැඩ කරන්න ඉන්නේ ඔයා විතර ද අනේ...? ඉතිං ඇවරි තුමා නගුට දෙපරැන්දෙ ගහගෙන උත්තමාවිය වෙනුවෙන් පිළිතුරු සපයන්න වුනා. ඔයා දන්නවනේ ෂත්තලං, අපේ ලොක්කගේ හොඳ ම ළමයා මං තමයි. ලොක්කගේ කෙරුවාව දන්නේ මං තමයි. ඉතිං බෑ කියන්න බෑ.... (ඔයා වගේ ම) ලොක්කත් මට ආදරෙයි.. ලොල්. එහෙන්නම් උන්නැහෙත් එක්ක ම ඉන්න එකයි ඇත්තේ. මැතිනිය බැන බැන දුර බනනය මත රිසීවරය දඩාස් ගා පතිත කළා.

ටින්කි ටින්කි ටින්කි ටින්... වාසනා ලොවක් ගෙනා ව දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ.. සුරූපි කෙල්ලේ.. සින්දුව අල්ලපු වර්ක් ස්ටේෂන් එකෙන් ප්ලේ වෙද්දි මං මාර්කි දිහා බැලුවේ කන්න වගේ..

කූල් මචං කූල්... අම්මෝ දාහකින් සම්පතයි බං. තව පැයකට විතර කෝල් එකක් එන්නේ නැතිවෙයි නේහ්?. මාර්ක් කිව්වේ ඇවරිගේ විරෝපට්ටම් මූඩ් එක කෝල් එක නිසා කියලා දැනගෙන. හ්ම් බලමුකෝ කියාගෙන කඩිනම් වැඩ ටික අහවර කළ ඇවරිතුමා තමුන්ගේ සුකුමල සඳ කොමලී නැතුවට කිසිවිට පියවදනී වෙත හැරෙන තැපෑලෙන් කෝල් බැක් කළේ ඇය දෙකට දෙවාරෙ මහ දවල් ෆයර් නොවන බව අත්දැකීමෙන් දන්න නිසා. මූඩ් එක ෆික්ස් කරන්න ඇවරි ඇදලා පැදලා, මනමේ මෝඩ් එකෙන් වදන් අමුණන්න ගත්තා.

ඔබගේ සිත පිළිසිඳ ගත් ඒ කුකුස... මාගේ දැනගැනීම උදෙසා, නොවළහා කියනු මැන සොඳුරිය.. මේ මහා දහවලේ, වායු සමනය කළ සැප ඔපිස් කාමරේ වුව දාහයෙන් පෙළෙන මා ඔබේ කෝපාග්නියෙන් දවා හළු කරන්නට තරම්, මොළකැටි ඔබේ පෙම්වත් චිත්තය සැහැසි වූයේ මන්දැයි දැනගනු කැමැත්තෙමි..

අනේ මා මනමේ.... මා ඔබට නපුරු වූවා නොව, නොලසා ආලය කළා පමණකි..... අද දින උදා වරුවේ ඔබ විසින් දමන ලද ඇපොයිමන්තය කැන්සල් වූ වග, කියන්නට ඇමතීමි.... සැලොනයෙන් මා ලද, ඇමතුම ප්‍රකාරව, පෙරළා ඔබට ගත් සඳ.... ඒ කරුණ පිළිබඳ වගේ වගකුදුත්.... බොට මතක නැති හෙයින් දණ්ඩෙන් පහර කෑ සැපින්නක් මෙන් කිපුණෙමි...

හුට්ටප්පරේ... උදේ මං සැලොන් යන්න දාගත්තා නේද කියලා මතක් වුනේ ඒ වෙලාවෙ. අනේ බබා ඔය ෆේෂල් බේෂල් දාන්න නම් මට වෙලාවක් නෑ. අනික මට උදේ ම අර පෙන්ඩින් වීසා ඇපෘවල්ස් ටික බලන්න එම්බසි යන්නත් තියෙනවා. එහෙම කියලා කොහොම ද හරි ඉන්නකෝ, මම ඔය වැඩේ කෙරෙන තැනට වැඩ සිද්ධ කරලා ඔයාට කෝල් කරන්න. මොකක්??? මේ මොන ජෝක්ස් එකක් ද මේ? ඔයා නිකන් ජයලලිතාගේ නංගි වගේ නේ සුදූ?? දේකීයේ මේරා බච්චෝ. ආජ් තුම් සරූර් ෆේෂල් කරූන්ගී....

හාමිනේ ඇමතුම විසන්ධි කොලේ නිකන් දෙන්නම් ජම්බු මෙව්වා රාජා වගේ පුල් හින්දුස්තානි ටෝකක් දීලා. එන පොට හරි නෑ රාළේ. අමුඩෙ තදට බැඳගන්නවා හොඳයි. 

Friday, January 29, 2016

ලූසින් ද කෘසින් ඇටිටියුඩ් හෙවත් ෂිට් හැපන්ස් ඩේලි බේසිස්...

අපේ කස්ටියගේ ගොසිප්, ගොන්පාර්ට් ඇන්දිලි, වෛවාරණ විසූක දස්සන ගැන සලාද ලියන අතරේ මිනිස්සුන්ට තේරෙන්න දෙයක් ලියන්න කියලා මගේ හිතවත් පාඨක පිරිසක් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ නිසා ම සාමාන්‍ය ආකෘතියෙන් මිදිලා ටිකක් බෝරින් විලාසිතාවකට මාරු උනා. දැන් ඇවරි හිතන දේ ටිකක් ගැඹුරින් හැබැයි අමුවෙන් ම කියවන්න පුළුවන්.

දැන් කාලෙ අහස්යන්තර තාක්ෂණේ හැටියට පයිලට් කෙනෙක් අවශ්‍ය කරන්නේ යානයක් ගුවන් ගත කිරීමට සහ බෑමට පමණයි. අනෙක් බොහෝ අවස්ථාවල යානය ස්වංක්‍රීය නියමු තත්ත්වයේ ස්ථායී මට්ටමේ නැතිනම් කෘසින් ඇටිටියුඩයක තමයි තියෙන්නේ. හැබැයි ඇවරිට නම් ජීවිතේ කෘසින් ඇටිටියුඩ් එකේ පවත්වාගෙන යනවා කියන්නේ, සෑහෙන්න අමාරු වැඩක්. ඒකට හේතුව දවසින් දවස මගේ කාලසටහන් වෙනස් වෙන නිසා. ඇවරි මේ දිනවල අනුගමනය කරන ක්‍රමවේදය තම එක දවසට එක වැඩක් ව්‍යාපෘතිය ඒ ඉලක්කයට යන්න හදා ගත්තු එකක්. 

මිනිස්සු කියන්නේ ස්වභාවයෙන් ම තමන්ට නැති දේවල් හිමි කරගන්නත්, ඒ දේවල් හිමි කරගෙන සතුටු වෙන්නත් වගේම හිමි දෙයින් කිසිම දිනක සැහීමකට පත් නොවන සත්තු ජාතියක්. හැබැයි නැති දේවල් හිමි කරගන්න තනි තනිව මිනිසුන් විසින් කරනා පුද්ගලික අරගලයන් සාර්ථක කරගන්නට බොහෝ දෙනාට අවස්ථාවක් ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ අතින් අපි හැමෝ ම හැම මොහොතක ම මතු සාර්ථකත්වයක් සඳහා වර්තමානයේ ගතයුතු ක්‍රියාමාර්ගයන්, තීන්දු තීරණ ගනිමින් නූපන් අනාගතයක් වෙනුවෙන් බලාපොරොත්තුවක් කරපින්නාගෙන අවසානයක් නොපෙනෙන ගමනකට අවතීරණ වුන මගීන් පිරිසක්.

දැන් කාලෙ ගොඩක් තරුණ තරුණියන්ට හීනයක් තියෙන එක ගැන සතුටුයි. ඇවරි කවදාවත් වයසට නොයන නිසාත්, වයසට ගියත් යන්ග් ඇට් හාර්ට් හින්දත් තරුණ ප්‍රජාවත් එක්ක හරි හරියට ඔට්ටු වෙන්න වෙලාවක් ලැබිලා තියෙනවා. පුතේ මොකක් ද ඔයගේ ලොකු ම හීනය කියලා අහපුවා ම බය නැතිව අහවල් දේ කරන්න කියන්න පුළුවන් ආත්ම විශ්වාසයක්, ස්වයං විවේචනවක් සහ තක්සේරුවක් බොහෝ දුවා දරුවන්ට තියෙනවා. ගිය අවුරුද්දේ මගේ පන්තියේ අට වසරේ ගෝලයින්ට හීන පොතක් හදන් එන්න කියලා පුංචි ව්‍යාපෘතියක් කළා ම ඒක හිට් එකක් වුන හැටි මට මතකයි. “අයියෝ සර් මං හිතන්නෑ තවදාවත් මට ඒක නම් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ වෙනකම් කවුරුත් මගේ හීන කන්ද ගැන අහලාවත් නෑ. ඒ ගැන ඇහුවට ස්තූතියි

“ඉට්ස් ඕකේ බේබි. නව් යූ නෝ අම් හියර් ටු ලිසන් ටු යූ. කිව්ව ම විශ්වාස කරන්න මට දවසක් ගියා ඒ අයගේ හීන කන්ද අහගෙන ඉන්න. කවුරුත් ඒවාට හිනා වුනේ නෑ. මගේ හීනය මට දකින්න ඉඩ හරින්න - මගේ හීනෙන් මා මුදන්න ළං නොවන්න. ඒ ළමයින්ගේ ජීවිතවල පාට ගන්න ඇවරිට හිතුනා ම ඇවරි කළ හීන විකිණීමේ ව්‍යාපාරය සාර්ථක වුනා විතරක් නෙමෙයි ඒ හරහා ළමයින්ගේ ඒක්කාරී ජීවිතේට පුංචි රිදම් එකක් ලැබුණා. තව දුරටත් අපෝ හැමදාම ක්ලාස්  සර්. හැමදාම හෝම්වර්ක් කියපු අය මේ සතියේ මං මේ හීනය හැබෑ කරගත්තා. එකත් හරි සර් කියන තැනට ආව. අන්තිමේ දී දන්නෙම නැතිව ඒ අය තමන්ට ඕන තැනට ගිහිල්ලා. මං ගුරුවරයා හැටියට ක‍ළේ පුංචි තල්ලුවක් දුන්න එක විතරයි. හරියට අර චුල්ලන්තේවාසිකයාට මී කුණ ගැන කිව්වා වගේ.. ලොල්.

දැන් තමන් විධිමත්ව සංවිධානය වෙලා සැලසුම් කළොත් දෙයක් කරන්න පුළුවන් බව උන් දන්නවා. අපිට හැමෝට ම උදව් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝට ම කාට හරි උදව්වක් කරන්න පුළුවන්. අර මං කලින් කිව්වා වගේ මිනිස්සු කියන්නේ හැමදේම බදාගෙන මමත්වයෙන් තමන්ගේ කරගෙන සතුටු වෙන ජාතියක් වගේ ම එකේ ප්‍රතිවිරුද්ධ තර්කනයත් හරි අපූරුයි. කිසිම සතෙක් අනුන්ට උදව් කරලා සතුටක් නොලැබුවත් අනුන්ට උදව් කිරීමෙන් සතුටු වීම මනුස්ස ස්වභාවයක්. හෙල්ප් අස් - හෙල්ප් යූ.

ඔය කොච්චර කොහොම වුනත් සමහර වෙලාවට අපි හිතනදේම නොවෙන්න පුළුවන්. අර කෙත පාළුවෙච්ච ගොවියාට බුදු හාමුදුරුවෝ කිව්වා වගේ. “අචින්තප්පි හෝති - චින්තප්පි නහෝති පුතා.. ලේකින් ඒක් කාම් කරෝ. නෙවර් ගිවප්. මං වෙනුවෙන් ප්ලීස්. තව පාරක් උත්සහ කරන්න.

ඇවරිගේ තින්කින් එක අනුව දේවල් හොඳ හෝ නරක වෙන්නෙ අපි ඒ දේවල් දරා ගන්න හැටියට. සමහර වෙලාවට බිම් මට්ටමේ ප්‍රශ්න වලදී කෙළවෙලා, නැතිවෙලා, සුන්නද්දූලි වුනත් ඇවරිට නොදැනෙන වෙලාවල් තියෙනවා. එතකොට හිතේ ඇතුළෙ ඉන්න අඩහඳයා කියන්නේ මෙහෙමයි. “උඹ නම් මහ නිකමෙක්. අච්චර ගහද්දිත් ඉවසන් හිටියේ.?? උත්තරේ සරලයි. පල්ලෙහා මෙනවා වුනත් අපි ඉන්නේ උඩ නිසා අපිට ඒ දෙවල් එච්චර දැනෙන්නේ නෑ. අපේ ගුවන් තොටිල්ල ටිකක් හෙල්ලෙන්න පුළුවන් නමුත් කඩා වැටෙන්නේ නෑ. සෝ ඉවසා දරා ගන්න. කුණාටුව අහවර වුනා ම ආයෙත් කාම් සී තමා.

ජීවත් වෙද්දි සාමාන්‍යෙයන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය හැමදේට ම සවිඤ්ඤාණික වෙන එක. මං කිව්වේ ඕප දූප හේමත් ඇතුළත්ව. මිනිස්සු විතරයි තමුන්ගේ ජීවතේට වඩා අනුන්ගේ ජීවිතේ මොකද වෙන්නේ කියලා දැනගැනීම වැදගත් හැටියට සලකන එක ම සත්ත්ව කොට්ඨාසය. අනෙක් සත්තු සෙසු සතුන් ගැන හොයන්නේ තමන්ට දඩයමක් කරගන්න ඕන වුනා ම විතරයි. ඒකට මිනිස්සු නේද?

ඇවරිත් වැඩ වැඩිකරගෙන විරවපට්ටම් ගැහුව ම මේ වගේ තමා.... 
දෙවන ක්‍රමය තමා ඇවරි ආසම පිළිවෙත. නරුම ක්‍රමය. මොනවා වුනත් මට මොකෝ ක්‍රමය. ඒ මෝඩ් එක ඇක්ටිව් වුනා ම මම මම හැටියට ප්‍රශ්නය දැකීම අමතක කරනවා. මොක ද මම මම වුනොත් තමා ප්‍රශ්නයත් එක්ක ගැටෙන්න, ඊට ප්‍රතිචාර දක්වන්න සිද්ධ වෙන්නේ. මොහොතකින් ඔබේ අනන්‍යතාවය නැති කරගත්තොත් ඔබට අවස්ථාවක් ලැබෙනවා ඊට සම්බන්ධ නොවී සිටීමට. එතකොට ලොව ම හඩයි - ඔබ නිහඩයි වගේ ලල් එකක් තමා තියෙන්නේ. ඒක ශරීර සෞඛ්‍යයට හිතකරයි. අතුරු ආබාධ රහිතයි. අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි.

සමහර වෙලාවට සමහරුත් එක්ක අපි ලොකුවට ගහමරාගෙන අවසානයේ දී දැනෙන හිස් හැඟීම මතින් අපි හිතනවා ඇයි අපි එහෙම කරගත්තේ? ඇයි මට තරහා ගියේ කියලා. ඇවරි හිතන හැටියට ඒ තමුන් නරුම මූඩ් එක ඇක්ටිව් කරගන්න ඕන වෙලාවක් කියලා නොදැන ජෙනරල් ප්‍රොෆයිල් එකේ ම හිටපු අවස්ථාවක්. හැබැයි කලින් ම අපි ඩිෆෙන්ස් එකක් හැටියට ෆ්‍රීස් මූඩ් එක දාගත්තා නම් තදබල ගැටුමක් ඇති නොවෙන්න තිබුණා. අන්න ඒ අවස්ථාවෙ අපි මඟහැරලා තියෙනනේ කද බැලන්ස් කරන්න ලැබුණ චාන්ස් එකක්. ආයෙත් කිව්වොත් තුරුම්පු ආසියාගෙන් ම කපලා දිනන්න තිබුණ පොට්ට චාන්ස් එකක්. තුරුම්පු අතේ තිබුණ පලියට හැමෝට ම හැම කොලේ ම කපන්න බැරි බව ඕමිකාරයො දන්නවා ඇතිනේ..!!


එක පැත්තකට හරි බර වැඩිනම් කදක් ගෙනියන්න බෑ. ඒ වගේ ම තමයි කද බිමින් තියලා ඔයාගේ පැත්ත බර වැඩියි කියලා ගෝරි දාගන්න ගිහින් යන ගමන පරක්කු කරගන්නවාට වඩා තමුන් කද සමබර වෙන තැනින් හිට ගැනීමෙන් ගමන යන ගමන් ම කද සමබර කරගන්න පුළුවන්. හැබැයි පුතේ කොන්දට ටිකක් අමාරුවෙන්න පුළුවන්. ඒ බර ඉහිළුම නොදෙන්න පුළුවන්. ඒත් අනිත් පැත්තේ ඉන්න කෙනා දැනගත්ත ගමන් ම එයා උදව් කරයි. ඒක එහෙමයි. මොක ද ඕනම තැනක ගෙනයා යුතු බර සමාන නම් එහා පැත්තේ කෙනා වැඩිපුර බර ගෙනියන අතරේ මගේ කද සැහැල්ලු බව මට දැනුනොත් ඒ ගැන ප්‍රශ්න කරමින්, මගේ වරදසහගත හෘද සාක්ෂියෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ නිරායාසයෙන් නිසා.  

Monday, January 25, 2016

මරණවා මේ ට්රි ප් එක කොහොම හරි යමන් දෙවන කොටස ඔව් සර් මාෂි කාර් එකේ....!!

සලාද ලියන්න වෙලාවක් වෙන්වෙන්නේ සතිය අග වුනාට සති මැද සලාද ලියලා හරි 2015න් 2016 ගෙනාපු බැක්ලෝඩ් එක අහවර කරන්න හිතුවා. අපි හා හා පුරා කියලා ගියපු විනෝද චාරිකාවක් ගැන කස්ටියට ලිව්වා මතක ඇතිනේ. මේ එදා ට්‍රිප් එකේ ඉතිරි හරිය. උලත් එකයි පිළත් එකයි - මළත් එකයි නැතත් එකයි කියාගෙන දුකත් සැපත් තුටින් විඳගෙන, ඉන්න අපේ කස්ටිය කොච්චරවත් පස්ට බිසී ඉතිං. අද මළගෙදර වැඩ කරනවා මචං පාංසකූලෙ දෙන්න කලින් වරෙන් කිව්වොත් එහෙම, එල කිරි යාළු රෑ වෙලා හරි එන්නම් මචං. මිනිය නැති වුනාට ඔය පුටු ටිකක් හරි අදින්න බැරියැ කියන ජාතියේ පොට්ට නවුෆර්ලා තමයි අපිට ඉන්නේ. ඇයි වාහෙ මිනිය නැතිව මළගෙදර බලන්න යන්නේ මොන ටීක්--ඩයක්ද?? එහෙව් ලෙවල් එකේ අජපාල බුවාල එකතු කරනවාට වඩා හොඳයි ලාහට ගෙම්බො අල්ලනවා. අවාසනාවට රෝස මලක් පරවෙයි නෙමෙයි, එහෙම දවසක් උදා වුන නිසා වාසනාවට ට්‍රිප් එක යන්න ලැබුණා.

කොහොමත් අනික් හැම ගැන්සියක ම වගේ අපේ ගැන්සිවලත් ලොරි ටෝක් දීලා අවසානෙදි ථූපාරාමෙට දන්දෙන්න පත සයිස් ගල්කණු ඉතිරි කරපු ජාතික පුත්‍ර රත්නයන් හෙවත් පච පචෝරිස්ලා නැතිව නෙමෙයි. මුල්ම විශ්ව විද්‍යාල චාරිකාව වුන නුවරඑළි ගමනේ දී පොඩි මැණිකේ කොළඹින් ඇදලා වේයන්ගොඩට එනකම් ම කීනා රේමන්ඩ්ව හම්බුවෙන්න ගිහින් ටොයිලට් එකේ. ඒ ග්‍රෙගරි වැව වටේ කෑම්ප් ගහන්න කතා කරපු මිනිස්සු. කටින් කයිවාරු - ටීක් අච්චාරු කියන්නේ ඕකට තමා. හැබැයි ඇවරිගෙත් ඒ හරිය එහෙම ම තමා කියලා අපේ බුවාලා කියන්න ගත්තේ එදා හවස් වෙද්දි.

අපි ගියපු සෙනසුරාදාවේ මාෂියෝනා උපාසිකා මාතාවට පේරාදෙණිය විස්ස විජ්ජාලෙ එම්. ඒ ලෙක්චර්ස්. කොහොමත් මාෂියෝනා කියන්නේ සසුන් ලැදි, පින් කැමති, පරහිතකාමී, දෑ හිතකාමී චුල්ල සුභද්‍රාවක් හැටියටනේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. කිව්ව ම මොකද ආයුබොවන් ඔය දැරිවි සිරිමත් මගෙ සකි වගේ අලුයම පිබිදිලා, ආදිපාද තුමාට කෑම බීම සරි කරලා, කඩවත හිටන්, හිටන් ම පේරාදෙණි යනවා නොවැ හැම සෙනසුරාදාවේ ම. අම්මපා. ඇල්මෙන් අකුරු උගනිව් එම්. ඒ තකා. බාගදා ඒ විදියට වැඩ සිද්ද වුනා නම් අපේ ගංගාවන්ට එදා මෝඩ ජෝක් එකක් රඟ දක්වන්න නොවෙන නිසා ඇගේ ජාමය බේරෙන්න තිබුණා. නමුත් සාමාන්‍යෙයන් කන්තාවො කියන දේ ම කරනවා නම් මෙලහකට ලෝක විනාස දහ පහළොවක් ඇති වෙලා කියන්නේ කට කහනවාට නෙමෙයි නේ.

සෙනසුරාදා මාෂි සුභද්‍රාවට නැඟිට්ටවන්නේ ම ආදිපාදතුමා. එතුමා ම උයාගෙන දවල්ට කාපු නිසා ලොකු ඉෂූ එකක් වුනේ නෑ. එහෙව් රටේ වෙලත් මේ කෙල්ල අනුන්ගේ නෝට්ස් වගයක් පොට්ට කොපි ගහන්න අරං ඇවිත් තිබුණා.

අපේ බුවාලා බුවීලා එම් ඒ කරපු හැටි අපූරු කතාන්දර ගොන්නක්. අත උස්සලා කැම්පස් ගිය නිසාත්, ඒ කාලෙ කළ බොහෝ ළාමක ටින් ටින් වැඩ නිසාත් කාටවත් පළමු උපාධිය ලොකු බරකට දැනුනේ නෑ. ඒ උපාධිය මත පිහිටා ලබා ගත්ත රස්සාවෙන් ඩොටේ පත්වීමක් හම්බෙලා පරස්තාවට කෙළවෙන්න ගියාම දෙන්නා දෙමහල්ලො යෙත් හම්බවෙන්න හදාගත්තු උගුලක් තමා එම්. ඒ කියන්නේ. නෑ නෑ හැමෝට ම නෙමෙයි ඔය හද්දා වන්නියේ ඉඳලා සිකුරාදා හවස කොළඹ පැදපු ගුරිච්චියන්ට මේ කතාව අදාළයි.

කොහොමින් කොහොම හරි ඉරගල වැටිලා දවස උදාවුනා ම මාෂියෝනාවට ලැක්චස් කට් කරන්න සිත් පහළ වෙනවා. උඹලා අපේ අම්මාට කේලම කියන්නේ නැත්නම් මං ලෙක්චර් කට් කරන්නම්. අපි එකඟ වුනේ එක පයක් කරේ තියාගෙන දෙපයින්. නැත්නම් මේ වහන්තරාව ඇන්න යන්න ආයෙත් හවහට පේරාදෙණි වරකෝ....ඒත් මේ නෝට්ස් ටික නොදී යන්න හොඳ නෑනේ. දැන් ඒ කෙල්ල ඇවිත් ඇති.

බිය නොවන්න අක්කණ්ඩිය... නෝට්ස් ටිකට මම බෙල්ල තියමි කියලා කාටත් ඇහෙන්න කාහල නාදයක් දාලා වැඩේ කලාස් කරන්න බාර ගත්තේ ගංගා මැතිනිය ඉතිං. සුපුරුදු පරිදි මේ දැරිවි හිල් පොල්කට්ටෙන් නාගන්න යන වග ඉවෙන් දැනගත්තු අරවින්ද මහත්තයා ගත්කටට ම කිව්වේ බොරුවක් කියන්න පුළුවන් කෙනෙක්ව එහි යවන්න කියලයි. ගංගාවෝ ගමේ අවුරුදු උත්සවේටත් ලොකු ම බොරුව කියලා කප් ගහපු බොරු ඔස්තාර් කෙනෙක් කියලා අරා දන්නේ නැතුව ඇති මයෙ හිතේ. හැබැයි යාළු මේ දෙන්න ම එකතු පහදු වෙලා අපිට බොරු කියද්දි නම් හරි ම තාත්විකයි. අම්මාපල්ලා... මං කියන්නේ සහතික ඇත්ත.

හෙලෝ නලීන්... අපි දැන් කඩවත තව පැය බාගෙන් ඔතන. පැය බාගෙකින් අරාට ගත්තා ම. කෝ බං මේ ගංගා තාම ලෑස්ති නෑනේ. මං ඇඳගෙන ඇවිත් ඉන්නේ. අපි වැඩි හොඳට, රුපියල් දෙකේ කෝල් එක ගැන නොහිතා අරාලගෙ ගෙදෙට්ට ගත්තා ම ප්‍රභාෂ්වර මලයා කියන්නෙ මෙහෙමයි. ආහ් අයියා මේ දැන් නාගෙන උඩහ ගෙදරට ගියානේ අයියේ. ඇත්ත ද මල්ලි හේනම් දැන් අඳිනවා ඇති නේහ්... මුගේ වජංබඉබඉයජවපං්‍

සීන් එක ඉතා ම නාටකීයයි. අපිට මලපනිනා සුළුයි. හැබැයි දෙන්නා ම වෙලාවට නාවට කාරිය අපි කිව්වොත් මචං තව ටිකක් පරක්කු වෙලා වරෙං කියලා පොල්ලෙන් ගැහුවා වගේ ඔන් ටයිම් එනවා. ඒ ඇවිල්ලත් ගංගා අද පාඩම ගම්පෙරළිය නේද කියාගෙන වාහනේ කොහේ හරි නවත්තාගෙන කොකන් පපා ඉඳීමට කාරුණික වුනත් එහෙම දවසට අරා, අඩුම තරමේ ත්‍රීවිල් කාරයෙක් එක්කවත් මොකක් හරි ගුස්තියක් අල්ලගෙන තමා එන්නේ. ඒක නිසා වැරදීමකින්වත් මේ ඩබල කියන වෙලාවට ම ආවොත් එදාට අපි ඩෙවල් කන්නේ. හාෆ් බොයිල් නෙමෙයි බුල්ෂයි එක්ක. රියෙලී...?? ඔව් මෙයා.     

අවසානෙට වැඩේ කරන්න තරමට ඉතුරු වුනේ ගංගාවෝ ම තමා. ‘වෙන්න කමා වැදි රජිඳේ -  නැත මට අන් සරණා තමයි.‘ අපි ගංගාව උඩ පේරාදෙණිය පාරේ දේශන ශාලාව වෙත ඇරලුවා. විනාඩි විස්සක් විතර ගත වුනත් කිසිදු ප්‍රතිචාරයක් නෑ. එකත් එකට ම තමුන්ගේ වැයික්කිය නිසා කාව හරි හම්බ වෙලා කයියකට ප්ලග් වෙලා ඇතිය කියලා හිතාගෙන අපිත් කරබාගෙන හිටියා. විනාඩි හතළිස් පහකට විතර පස්සේ සිනා මුසු මුහුණෙන් ආපු ගංගාවෝ කාරයට ගොඩ වුනා. නෝට්ස් ටික දුන්න ද? දුන්නා දුන්නා. සර් මොක ද කිව්වේ. ඒ සර් මං අඳුනනවනේ මාෂි. මෙහේ කොහේ ද කියලා අහලා කතා බහ කළා. අපි ට්‍රිප් එකක් යනවා කියලා මං සර්ට කිව්වා. සර්ට බොරු කියන්න බෑනේ අනේ. ඔයත් යන බව කිව්වා. සර් හිනාවෙලා කමක් නෑ කිව්වා. ඒත් ලෙක්චර්ස් එන්න කිව්වා.

චපල විය සිත ගුරුන් බැති පෙමිනා...
මේ යෝදි රථයේ සිටිතැයි මාහට කියැවුනා...
ඇත්තට ම ගංගා ඔයා නම් පංකාදු පහයි හෑ. මාෂි වෙව්ලමින් කිව්වා. හොඳ වැඩේ තොපි බළලුන් ලවා කොස් ඇට බෑව්වට. අරා සුපුරුදු පරිදි ගංගාභිනන්දනාව පටන් ගැනීමේ තේමා වාදනය ඇරඹුවා. ඔව් ඔව් ලබන සතියේ සර් මුළු පන්තිය ම ඉස්සරහා බාවයි මාව. මාෂි ඇඩුම් ස්වරයෙන් කියද්දි ගංගා එහෙම වෙන්නෑ ඔයා කිරිත් එක්ක සමහන් බොනවනේ වගේ ලොරි ටෝක් එකක් තමා දුන්නේ.


අපෝ මාෂි ඔයාව බාවලා ඒ අහිංසක මනුස්සයා හිරේ විලංගුවේ යන එකක් නෑ, මේ පින් කඳක් වගේ ඉන්න නාලක අයියා ගියාට. ගංගාවන් තොටමුණ ආදිපාද තුමාගේ බටර් තලියක් තවරද්දී අපි කුණ්ඩසාලේ හරහ දිගට ම දිගනට ඇදුනා. 

Friday, January 15, 2016

අටුවා ඔටුවා වීම හෙවත් චිල් මෑන් චිල්... | 2015


අපේ අටුවාගේ මඟුල තිබුණනේ. ඒකට අපේ පරණ ම ඩිෂිබිල් කැම්පස් බුවාල සෙට් වෙලා හිටියා. නෙරංජන් අනුරුද්ධ මහතා හෙවත් අටුවා ගැන කොහෙන් පටන් ගන්න ද මන්දා. කැම්පස් ආපු මුල් ම කාලේ අටුපුතා මා එක්ක වැඩි භජනයක් තිබ්බේ නෑ. හැබැයි පස්සේ අපේ චමිත භායිගේ මඟුල් ගේ දවසේ දි මේ අපූරු හාදයා මට මුණ ගැහෙන්නේ මනාලයගෙ පාර්ශවයෙන් ගිය අපි හොටෙල් එක ඉස්සරහ පට්ට චාටරයක් කද්දි.
අප්පට ගජ සිරි - තිදසපුරේ කිව්වලු.... උඹ කොහේ ද මචං මෙහේ. මේක ඔයාලගේ මඟුලක් ද අපි ආවෙ වෙස් නටන්න මචං. උඹ වෙස් නැට්ටුවෙක් කියලා දන්නවා නමුත් මෙතනදි හම්බවෙයි කියලා හිතුවෙ නෑ පුතා. එදා අපේ හේමන්ත ගුරුන්නාසෙගේ පණිවිඩයකට එහේ ආපු අටුවා තව මඟුලකට යනවායි කියාගෙන පිටත් වුනා. මේ හේමන්ත සර් කියන පුද්ගලයා ගැනත් හොඳ යාන්ස් තියෙනවා. ඒවා අපිට කිව්වේ මේ බොහෝ ළඟකදි විවාහ වුන දෙසැම්බර් මාසෙ අපේ සිඟිති අක්කාගේ පෝරුව ගහන්න ආපු පොඩියායි ජලා අයියයි. මේක පුංචි ලෝකයක් කියලා හිතුනේ ඒ වෙලාවෙ. හත්තිලව්වට ගහපු කලාබරේ කියන්නේ ඒ සලාදෙ ලිව්වෙත් නෑ ඉතිං... (මං කිව්වේ පොඩියා පැය පහක් ඇතුළත මඟුල් පෝරුවක් ගහලා, හෝල් එකේ හයි කරලා වාර්තාවක් තිබීමේ ඓතිහාසික සදාලය)

සෝට් ඇන්ඩ් ස්වීට් කිව්වොත් හේමන්ත සර් කියන්නෙ ක්ෂේත්‍රෙයේ ඉන්න අෂ්ටක කියවන්න්ගෙන් අයගෙන් ඉර හඳ පෝරුවේ හොඳට ම  මඟුල් චාරිත්‍ර කරවන කෙනෙක්. එතුමා අර කච්චියක් රෙදි සරි තෙමෙන්නට ඇති දුවට දුන් කිරි... කවියත්, කියා කිරිකඩ සේලෙ දුන්නයි කියලා නාටකීය විදියට කිරිකඩ සේලය මනමාලිගෙ අම්මට ගන්න කියන විදියයි හරි අපූරුයි. ඒ චාරිත්‍රවලට හැට පැයක් ගත වුනත් එපා වෙන්නෙ නෑ. අටුවා ගැන ලියන්න ගිහිල්ලා ස්තෝත්‍රකරු ගැන කියනවා නෙමෙයි. අටුවගේ වෙඩිමෙත් චාරිත්‍ර කරලා තිබුණේ හේමන්ත සර් තමා. වෙඩිම මිස් වුනා අපි ගියේ හෝම් කමිනයට.  

එදා අපේ ගැන්සිය ටිකක් උද්යෝගිමත් වෙලා හිටියේ. නෑ රෙඩ්බුල් බීලා නෙමෙයි. ඊට සති කීපයකට කලින් අපි ගාලු කෙල්ලගේ මඟුලට ගිහින් සෙට මෝල් වෙලා හිටියේ. පුරුදු පරිදි අපේ ගමන් සගයා ඉෂාන් ඇවරිතුමාව උදේ නවයට පික් කළා. අපි මිරිස්වත්තට ගිහිල්ලා වත්සලා එනකම් ඇගේ ප්‍රිය වල්ලභතුමාගේ ගුණ ගායනා කරමින් උදේටත් නොකා හිටියෙ නැතෑ. අයියත් හැදෙන්නේ නෑනේ.. මේ උරච්ක්කර මාලෙ එල්ලගෙන අයියත් බැණුම් අහනවා. ඇත්තට ම වත්සලා වෙලාවට පෝරුවවත් නඟියි ද මන්දා. නැඟිල්ල කෙසේ වෙතත් මල්ලි ඉක්මණට බැහැගන්න සෑහෙන්න ට්‍රයි එකක් දෙයි. අහන්න දෙයක් නෑ. වත්සි ගම්පහ රත්නාවලියේ හිටපු අණ්ඩපාල ප්‍රිෆෙට් කෙනෙක්නේ. එදා වත්සි ආවම ඉෂාන් වෑන් එකෙන් බැහැලා බස් හෝල්ට් එකේ සෙනඟ බලාගෙන ඉද්දි වත්සිට නෝන්ඩි කරලා අපිව හිනැස්සුව හැටි තාම මතකයි.

එදා සෙට් වුන අපේ ටුවරිසම් යුනි ගැන් එකේ ලක්කාරි තමා අපේ අනුරාධී. අපි පැයක් ඩිලේ කියලා ටෙක්ස්ට් කළේ එදා නිවාඩුත් දාගෙන ආපු කාන්තා රත්නයේ ටින් බෙලෙක් දෝංකාරය අහගෙන අටුවගේ වෙඩිමට යන්න බැරි හින්දා. ඉට්ස් ඕකේ මචං. උඹලා එනකම් අයියා මාත් එක්ක ඉන්නම් කිව්වා. අනූ වාහනේට නැග්ග ගමන් කට්ටිය ඇහුවේ අනූගේ අයියාගේ වෙස්සන්තර වෘත පූර්ණය ගැන. අපේ අනූට අයියලා දෙන්නෙක් හිටියත් ඒ දෙන්න ම ඇගේ වැඩ වලට අබමල් රේණුවකින්වත් සහයක් නොදෙන බව තමා අනුරාධි අපිට කියන්නේ. ඕක ඉතිං සෑම නැඟණියක් ම කියන කොමන් කම්ප්ලේන් එකක්. ඇත්තට ම මාත් අයියා කෙනෙක් වශයෙන් කියන්න ඕන ඔය නංගිලා කියන ජාතියට අයියලාව හූරං කෑමට තියෙන්නේ සහජ හැකියාවක් ද මන්දා. කොහොමින් කොහොම හරි ප්‍රශ්නෙට ඈ දුන්නේ හතර හිනා උත්තරයක්.

මගේ සුදු අයියට එහෙම කියන්න එපා ඉතිං. (අනුරාධි නම් සුදු සුදු නම් අනුරාධි තරමට ඒ විශේෂණ පදය ඈට ම පත්තියම් වූ එකක් බව දන්නෝ දනිතිලු හරිය) මෙහෙමනේ දැන් මං එයාගේ හොඳ ම යාළුවාව බඳින්න යන එකේ මාව පාරෙ දාලා ගියා ම වැඩේ අප්සෙට්නේ. ඉතිං මෑන්ස් හිටියා. නැත්නම් එයා ඉඳියි. ඔය පැන්නේ බල්ලා මල්ලෙන් එළියට. මල්ලෙන් නෙමෙයි අයියෝ. කටෙන් කටෙන්. මං නොකියන්න උඹලා ඒ ඕපාදූපෙ දන්නේ නෑනේ. ඒකත් ජය සිරි මංගලම් කිව්වලු.

දවසේ බයිටිය වුනේ අපේ ටුවරිසම් පවුලේ බාගෙට පරිණාමය වුන ඇවරිගේ ළඟම සහෝදරිය කව්වා. කෞෂල්‍යා, ඇවරි, මලිනි වගේ අපි කට්ටිය ශරීර ප්‍රමාණයෙන් හරි පුංචියි. හුළඟට පිම්බත් වීසික්කා වෙනවා. අපේ ටුවරිසම් පවුලේ අම්මා නර්මදා මැතිනිය කිව්වේ ඒවා ඔය බාප්පාගෙ වැඩ කියලා. මේ අපි යන්නේ බාප්පගේ හැබෑ ජීවිතේ කසාදෙට. අටුවා බාප්පා වෙද්දි සිතුවම් තාත්තා වෙච්චි අපේ පවුල මෙලෝ සම්මජ්ජාතියකට නැති මහ හිපා ෆැමිලියක් ඔව්. මහ අපත ඕපාත බැච් එකක්. ලොල්

කොහොමින් කොහොම හරි අපේ කව්වට තිබිච්ච උනන්දුව කියන්නේ කලින් දවසේ කුරුණෑගල ටිලින් ටිලින්ලගේ ගෙදර ගිහිල්ලා, මේ යෝදි පහුවදා මඟුලට කෑගල්ලට ආවනේ. දැන් මේ අංගනාව මේ සියල්ල කළේ ඇගේ නිවසට කිලෝමීටර් දහයක් ඈතින් හිටි අනුරාධිත් එක්ක පහුවදා එන්න පුළුවන්කම තියෙද්දි. එච්චර කට්ටක් කාල ගියපු කෙල්ලට මුකුත් කියන්නත් හොඳ නෑනේ. ඒ ඇත්තට ම ඇයි බං කලින් දා ආවෙ...? කෑ ගහන්න එපා යකූ සාරි අඳින්න දන්නැති නිසා. ඉතිං අපිට කියන්න එපැයි කව්. අපි මෝහිනීටත් සාරි අන්දපු බුවාලනේහ්??? ඈට මල පැන්න පාර ඉන්නේ වෙඩිමේ බව අමතක වුන. ඉරි ඉරි ඉරි ඉරි

ඊළඟට ඉර මුදුන් වෙච්ච වෙලාවෙ උදේ කෑම ගන්න ඕන වෙලා එක නැටුමක් නැටුවා. සියලු ම භද්‍රාවන්ට ගෑස්ටික් බැවින් ළඟ ම ඇති හෝටලයට නතර කිරීමට ඉෂාන් ෂීන්නට සිද්ද වුනා. එදා ඉෂාන් පියදාස තලගුලි හි පුංචි සේල්ස් කෙල්ලක් බයිට් කළේ ඇවරිවත් හොල්මන් කරමින්. වටපිට බලපු ඉෂාන් පියදාස තලගුලි හි නිර්මාතෘගෙ පින්තූරයක් හේම බලලා කෑම ඇණවුමත් දීලා ඒ කෙල්ලගෙන් මෙහෙම ඇහුවා. මේවා ඕගොල්ලොම වෙන්නැති හදන්නේ නේද? ඔව් අපේ කට්ටිය තමයි හදනනේ සර්. මට අරින් පැකට් එකක් දෙන්න. (මුදල් ගෙවමින්) මේ තරහවෙන්න එපා මෙහෙම අහනවට අර පින්තූරෙ ඉන්න ඕගොල්ලොන්ගේ ලොක්කා පියදාස, ජිනදාසගේ නෝනා එක්ක යාලු වෙලා ජිනදාසව මරලා පස්සේ ජිනදාස තලගුලි එක එයාව සිහිවෙන්න පටන් ගත්තා කියලයි ඉතිහාසයේ තියෙන්නේ.. සමහර විට ඔයා දන්නේ නැතුව ඇති. ඕවා ඉතිං ව්‍යාපාරවල හැටිනේ. ඉෂාන් සීරියස් කියපු කතාවෙන් මාත් අර කෙල්ලත් මූණට මූණ බලා ගත්තා.

මේ වාහෙ නොනවත්වාම කතාව. අර කෙල්ල ස්ටෑන්ඩ් ස්ටිල්. දැන් අවුරුදු විසිපහකට වැඩියි නේද බිස්නස් එක? ඒ දැරිවි ඔළුව හෙල්ලුවා. බලන්න ඉතිං මේ ළමයා තමුන්ගේ ජීවිතකාලෙන් බාගෙකට වඩා මේකෙ ගෙවලත් ඉතිහාසය දන්නෙ නැති හැටි. අපි යමුද එහෙමනම්? මහාචාර්ය ඉෂාන් ෂිවන්දන ඇවරිත් මාට්ටු කරගෙන ඉස්සරහට යනවා. උඹ ඇත්ත ද බං කිව්වේ? බලපං නේ මේ මිනිස්සු. බලපං අර කෙල්ල තාම විරවපට්ටම් ගහල ද කියලා. මොකෝ ඒ ගෑනි මැනේජර්ගෙන් අහගන්න යැ. පව් බං අලුතින් ආපු කෙල්ලෙක් ද කොහේ ද? චිල් මෑන් චිල්.


Wednesday, January 6, 2016

2016ට ආවඩා ආයුබෝ වේවා..! හෙවත් වදන් කතත් කතත්තා....

හා හා පුරා කියලා පටන් ගත්තු ජනේරුවේ ඇවරිගේ සලාදය කියවන ගොසිප් ලැදි, චීත්ත ධාරී හිරි ලංකාවාසී, ලෝ වාසී, යේච දූරේ - වසන්ති අවිදූරේ ඒ කිව්වේ දුර - ළඟ වසන, සලාද නිසා ම වැනසෙන ඇවරිගේ සකල සියලු ෆෑන්ස් බුවා බුවීලාට ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කළා හේනන්.



අවුරුද්දක් ඉවර වෙනවා කියනනේ කාට කොහො ම වුනත් ඇවරිට නම් අතිශය ප්‍රීතිමක් අවස්ථාවක්. මොක ද සතියක් ඇතුළත ඉයර් එන්ඩ් එකවුන්ට්ස් දෙන්න සිද්ද වෙන නිසා පුල් මාවලස් කාලයක් තමා දෙසැම්බර් අවසාන සතිය කියන්නේ.  ටිකක් දිග නිවාඩුවක් ලැබුන නිසා බොහෝ දෙනා කොළඹින් පිට ගියත් ඇවරි ෆැමලි ෆස්ට් කියාගෙන ගෙදර ම ඉන්න තීරණය කළා. නැතිනම් ලොකු අක්කලත් එක්ක නුවර එළියට හරි ටිලින් සහ භද්‍රාවන් සමඟ ඇතුගල නඟින්න හරි ඉඩ තිබුණා. පවුලේ කස්ටියත් එක්ක හෝ ගානා පොකුණ බලන්න යාම තමා ඇවරි තුමා කොරපු එක ම සමාජ කටයුත්ත. ඇයි මව්තුමියන්ගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් කළ පිට්නස් ටෙස්ට් එක? අල වගේ ද ටිපිටිප් කිව්වලු.

පදවි ප්‍රාප්තිය කිව්වට ඒක පදවි හරණය නැත්නම්, නැවෙන් බැසීම වගේ ඇපිසෝට් එකකට ලයින් වෙන්න ඕනෑ. කොළඹ හත මහජන පුස්තකාලය හොල්ලා ගෙන, හැබැයි දහයට ගණින්න බෑ වගේ ඉන්න ඇවරි මාතාව ලැබුවා වූ දෙදහස් දහසයේ විශ්‍රාම ගැනීමට අපේක්ෂිත නිසා එතුමිය දැන් ම ඉඳන් ඒ සඳහා පෙර පුහුණුවීම් කරනවා. කොළඹ මහ නගර සභාවේ එකසිය පණස් වැනි සංවත්සරය වෙනුවෙන් පැවැතවුන උත්සවයේදී විසි පස් වසරක සේවාව ඇගයීමට ජනාධිපති සම්මානයක් එහෙමත් ලැබුණ නිසා මැඩම් දැන් යන්නේ තාර පාරෙත් අඟල් හත අටක් ඉහළින්.  
ඇවරි මාතාව හිස් එග්සලනසි ප්‍රසියාතුමාගෙන් සේවා ඇගයුම් සම්මාන ලැබීම

වයස කොහොම වුනත් අපේ මෑණියන්ගේ පොර ටෝක්ස් අනන්තයි. අප්පරමාණයි. අර කතාවට කියනවා වගේ වදන් තියෙනවා බෙදන් කන්න....ඔව් පෙන්ෂන් ගියා ම මං හැම පෝයට ම සිල් ගන්නවා. මේ මිදුලෙ ලෑන්ඩ් ස්කේපින් කරලා මල් පිපෙන ගස් ටිකක් ලස්සනට වවා ගන්න ඕන. ඉස්සරහ කෑල්ලෙත් බතල පාත්තියක් කොටා ගත්තා නම් උදේට කැඳ බීලා බතල කන්න ඇහැකි ආදී වශයෙන් ඇගේ රිටයර්මන්ට් ප්ලෑන් එකේ දිග පලළ ගැන පුංචි වෙළඳ දැන්වීමක් ඒ ගැන හාංකවිසියකවත් නොතකන, මහ හූරා ඇතුළු ඇගේ බත් ගිල දමන අම්බරු ප්‍රජාව වන අපි හතර දෙනා වෙත මුදල් නොගෙවාම විකාශය කිරීමේ පරමාර්ථය දන්නේත් එතුමිය ම තමා. මේ දිනපතා විකාශය අහන් ඉන්න ම බැරි ම තැන ගරු කටයුතු පියාණන් වහන්සේ ඒ ගැන තම අවම බලය පාවිච්චි කරමින් විමසීමක් කර හිටියා. කෝ ඉතිං ඕගොල්ලන්ගෙන් කිසිම සහයෝගයක් නෑනේ? බලන්න අර පස් කන්ද අයින් කරගන්න ඕන, එතන ලස්සන හදා ගන්න ඕන ආදී වශයෙන් ඇගේ සෝකාලාපය දිග හැරුණා ම සිරි ලංකා - ඉල්ලං කා කියලා උතුමාණන්ට යහමින් තේරුණාලු.

කවුන්ටර් ආර්ගියුමන්ට් එකක් වෙනුවෙන් ඇගේ බුර බුරා නැගෙන සෝකාග්නියට පිදුරු සරි කරමින් පිළිතුරු සපයන්න ස්වේච්චාවෙන් ඉදිරිපත් වුනේ සිරිපාල මහතා හෙවත් අපේ මෑණියන්ගේ දෙටු පුත්‍ර රත්නය. අම්මා ඉතිං ගෙදර හිටියොත් බිම කොටන එකමනේ වැඩේ. පහේ ගම්මිරිස් අඩුවැඩිය එකතු කළේ මිස් බිංගිරි මැණිකේ හෙවත් අපේ මෑණියන්ගේ හුරතලී. ආයෙත් අහලා එක්කෝ පොළොව කතත් කතත්තා නැත්නම් අපිව කතත් කතත්තා.. හැබැයි පොළොව කතත් - අපිව කතත් - බතල කතත් කතත්තා... නෑහ් ගොයියො අදත් බතල ද? මළා..
ඔයින් මෙයින් පිස්ටය අධික ජිල්පිට් ආහාරයක් වන බතල ගිල දැමූ ඇවරි පස් කන්ද කැපීමේ මෙහෙයුමට එන්ටර් වුනා. සාමාන්‍යෙයෙන් පස් කපලා විල්බැරෝවට දාලා ඒවා ගෙනිහින් දාලා තව තැනක් පුරවන එක ඇවරි කැමති වැඩක්. වරකට තමුන්ගේ ඉදිකටු ශරීර කූඩුවේ සහයෙන් පස් තාච්චි අටක් දාපු විල්බැරෝවක් අදින්න ඇවරිට පුළුවන්. කොහොමත් මෝර්නින් සෝ එක ඉවර වෙද්දි විලබැරැක්ක දහ පාළොහක් ඇදලා. දෙයියන්ගේ පිහිටෙන් ඒක එච්චර දැනෙන දෙයක් නෙමෙයි. හැබැයි දාඩිය මුගුරු දානවා වැඩියි. ඒ දාඩියයි, පෙරළුණු නැවුම් පසේ සුවඳයි, තැඹිලි දුඹුරු මුසු පස් පාටයි ඇරුණා ම ඒ එක්ක එන අමුතු පස් ගඳට ඇවරි හරි මනාපයි. ඒ දාඩිය මුසු ගඳ තමා වැඩේට අපිව බැඳ ගන්නේ.

ජනවාරි පළමුදා ඇවරිතුමාගේ පවුලේ අය ගංගාරාමෙට යාම පුරුද්දක් කරගෙන තිබුණා. දෙන්නා දෙමහල්ලෝ බයිබුරියේ වැඩ කරන කාලෙ ඉඳලා ම ළමයි ළපටි අරං ජනවාරි පළමුදා ගංගාරාමෙට ගිහින් හිටන් හාමුදුරුවො දෙන තුටු පඬුරු අරං ගනුදෙනු කරන්න පුරුද්දක් ඇතිවෙලා තිබුණා. ඒ ඩොලර් නෝට්ටුව, විස්සෙ කොළය, දහයෙ කාසිය තව පිරිත් නූල නොලැබුණොත් නිකන් අවුරුදු නෑ වගේ පුංචි බ්‍රම්පි හැඟීමක් දැනෙනවා. කිසිම වෙලාවක මාරු නොකරන ඒ නෝට්ටු වොලට්ටුවේ තැම්පත් වෙලා තියෙනවා. මේ සැරේ යනතරයක් හේමත් ලැබුණා. ජනේරුවේ පුස්තකාලයට ගොඩ නැඟුනා ම කිරිබත් කෑල්ලක් හේම කාලා තේකක් බීලා පොකට් ඩික්සනරි ඇන්ටි එක්ක හේම කයියක් දාගෙන හිටියා.

පුංචිකාලෙ අම්මා එක්ක ලයිබ්‍රි ආවම කැටලොග් කාර්ඩ්ස් දැකලා අනේ මටත් පොකට් ඩික්සනරියක් දෙන්න කිවවලු. කැටලොග් කාර්ඩ් ගොඩ අස්සේ ඩික්ෂනරියක් කොහේද කියලා බලාපු අනුලා ඇන්ටිට පස්සේ තේරිලා තියෙන්නේ මේ කොල්ලා පොඩිකමට ඉල්ලන්නේ කැටලොග් කාර්ඩ් එකක් කියලා. එදායින් පස්සේ ඇවරි මහජන පුස්තකාලයේ සේවකයන්ට පොකට් ඩික්සනරි පුතා වුනා වගේ ම ඇවරිට අනුලා ඇන්ටි පොකට් ඩික්සනරි ඇන්ටි වුනා.

තව ඇවරි, ඇවරි වෙන්න හේතුකාරනා වුන බෝතලෙන් කිරි බීම නැවැත්තුවෙත් අනුලා ඇන්ටි ම තමා. පුංචි කාලෙ අම්මා ෆාලින් කිරි බෝතලේ හදලා දුන්නා ම අයිස් ක්‍රීම් සෝඩා හරිම රසයි කියලා ගුඩුස් ගාලා එක හුස්මට කිරි බොන පුරුද්දක් ඇවරිට තිබුණා. මොන ඩොකා කිව්වත්, අම්මා කොච්චර තරවටු කළත්, දත් කොච්චර ඉස්සරහට ආවත්, ඇවරි නෙමෙයි බෝතලෙන් කිරි බීම නැවැත්තුවෙ. අන්තිමේදි දවසක් පුස්තකාලෙ ස්ටාෆ් රෙස්ට් රූම් එකේ ඉද්දි අම්මා ඇවරිට කිරි බෝතලයක් බොන්න ගෙනත් දුන්නා. ඇවරි ගැන දන්න අනුලා ඇන්ටි පුතා අද ඉඳන් කෝප්පෙන් බොන්න. මේ පොකට් ඩික්සනරි තියෙන ළමයි කිරි බොන්නෙ කෝප්පෙන් කිව්වා. කැටලොග් කාර්ඩ් වලට ඇති ආශාව නිසා මාත් ඇය පස්සෙන් වැටිලා ළමා අංශයට ගියා. ඉස්සර ළමා අංශය තිබුනෙ පහළ තට්ටුවේ. අර බිත්තියේ ඇඳලා තියෙන සත්තුන්ගේ රූප බලබල එදා ඇගේ කෝප්පෙන් කිරි බීලා කැටලොග් කාර්ඩ් ගොඩක් එක්ක ගෙදර ගිය ඇවරි ඊට පස්සේ කවදාවත් බෝතලෙන් කිරි බොන්න ඕන කියලා කරදර කළේ නෑලු.

අවුරුදු පෝසටුව අසසේ හද්දා පරණ යාන්ස් අමුණන්න වුණ එක ගැන සමාව ඉල්ලනවා. සිංහ ලේ හෙවත් බලෙ බලේ විත් හම්බ හැතිකරේ, 31 රෑ ෆීලින්ග් හයි ඇන්ඩ් ප්ලෑනින් 16 ඇට් ලොකල් පබ්, ජනේරු පළමුදා ඇවරි සම්බන්ධ වූ ෆස්ට් එවර් සයිබර් අපරාධය, මනාලියන් හයර් කරනු ලැබේ, කැවුම් බැරිනම් කොකිස් හදාපිය, අපේ ගෙවල් - තොට අරහං. වගේ හිට්ස් ඇතුළත් මීළඟ සලාදය ඉක්මණින් ලියන්න හිතාගෙන දැනට නවතින්නම්.

කලින් කිව්වා වගේ ම 2015 කියන්නේ පට්ට අවුරුද්දක් 2016 පට්ට පට පට එකක් වේවි. සහසක් පැතුම් ඉටුවන සුබ නව වසරකට ආසිරි!

මේ වගට;

නලින පතිරගේ / ඇවරි / ඇන්ඩෘ පතිරේජ් / බී.ජේ ඇවා