Friday, October 15, 2010

සුන්දර ගිංඔයේ අසුන්දර කතාව [Episode 1]



ලංකාවේ සංචාරක ආකර්ෂණ වශයෙන් හඳුන්වා දී ඇති සංචාරක කළාප 45 අතුරින් වයික්කාල, ගිංඔය ආශ්රිත සංචාරක කලාපය තෙවන ප්රධාන සංචාරක කලාපයයි. මෙම කළාපයේ ප්රධාන භූගෝලීය පිහිටීම වන්නේ වයික්කාල වෙරළ තීරයයි. නමුත් ගිංඔය එහි මූලික මිරිදිය ජල මූලාශ්රය වශයෙන් වැඩි ජනප්රියත්වයක් හිමි කරගෙන සිටියි.
කොළඹ සිට පැය එකහමාරක පමණ දුරකි ගිංඔයට ඇත්තේ. මීගමුවේ සිට කි.මි 9.5ක් ඈතින් වයික්කාල, අංගම්පිටිය පසුකොට බෝලවත්ත හන්දියෙන් වමට හැරී ඇති අතුරු පාරේ කි.මී හතරක් ගියතැන ගිංඔය ගම්මානයට ළඟා විය හැකිය. කරදිය ආශ්රිත ගම්මානයක්යැයි ඔබ මවාගන්නා චිත්ර ය එහි ගිය විට වෙනස් වන්නේ කුඹුරු ඉඩම් බහුවලව දක්නා ලැබෙන නිසාය. ඒ සියල්ල ගිංඔය ජලයෙන් පෝෂණය වේ. ගිංඔය බෝට්ටු සවාරිය, ලංකාව වටා යන සංචාරක කට්ටල වල අනිවාර්ය අංගයකි.
වර්තමානය වන විට ගිංඔයෙන් යම් ප්රලයෝජනයක් ගන්නා ලද්දේ නම් ඒ මේ බෝට්ටු සවාරිය සඳහා පමණි. මීට පෙර ගිංඔය පිරිසිදු ජල මූලාශ්රයක් වශයෙන් ජනතාවගේ පානීය ජල අවශ්ය්තා පවා ඉටු කරන ලදී. නමුත් අද එයින් රෙද්දක් හෝදන ගැමියෙක් හෝ දක්නට ලැබෙන්නේ කළාතුරකිනි. කිසිවෙකුත් එයින් නොනාන තරම් ය. මහඔය මෝය, සුනාමි මෝය, කම්මල මෝය යන සුන්දර මෝය කටවල් තුනක් සහිත රංගන්මුල්ල සහ කම්මල ග්රාම නිලධාරී වසම් වලට යාව පිහිටන ගිංඔයෙන් අද උපරිම ආර්ථික වාසි ලබන්නේ හොර අරක්කු ජාවාරම්කරුවන්ය. වෙනත් රටවල ගෘහස්ත සීමිත අරක්කු පෙරීම නීත්ය නුකූල වුවත් ලංකාවේ පවත්නා නීතිය යටතේ බලපත්රන රහිතව අරක්කු පෙරීම දඩුවම් ලැබිය හැකි වරදකි. මේ වන විට නීත්යුනුකූල පෙරුම්කරුවන් 28 ක් රජයේ ලියාපදිංචිව සිටී. රට බීම මිළ ඉහළ හෙයින් හොර අරක්කු ව්යාවපාරයට ද හොඳ කලක් උදා වූයේ අද ඊයේ නොවේ.
ගිංඔය අරක්කු ජාවාරමට කුප්රරකට ඉතිහාසයක් ඇත. මේ සියල්ල විවෘත ආර්ථිකයේ ප්රපතිඵල ලෙසින් කෙනෙක් කිවහොත් පුදුමයක් නොවේ. ලංකාවේ රේන්ද ව්යා පාරය සුද්දාගේ පටන් වැදගත් මෙන්ම ලාභදායී කර්මාන්තයක් විය. එදා රේන්ද මුදලාලිලා අද අරක්කු මුදලාලිලා නොවෙතත් ඉන් හරි හම්බකරගත් ‘වැදගත්’ පවුල් ගණන මෙතෙකැයි කිව නොහේ. ඊට සාපේක්ෂව ගිංඔය හොර අරක්කු පෙරීම ඇරඹෙන්නේ 70දශකයේ සිටය. මාගේ ගණනය කිරීම් අනුව එහි ස්වර්ණමය අවදිය වන්නේ 80 දශකයයි. 77 විවෘත ආර්ථිකය සමඟ ඇතිකළ පැලවත්ත, සෙවණගලහිඟුරක්ගොඩ සීනි කම්හල් මගින් ලංකාවේ හොර අරක්කු පෙරීම ලාභදායී ව්යාතපාරයක් වශයෙන් ආරම්භ වීමට අවශ්යු පදනම නිර්මාණය කළේ ය. දේශපාලනය හා ව්යාකපාරික ප්රාජාව ඊට නොමද අනුග්රයහය ලබා දුන්නේ තම වාසිය කතාගෙනය.
එනම් උක් දඩු වලින් සීනි සාදා ඉතිරිවන අපද්රසව්යන මනාව කළමනාකරණය කර මුදා හැරීමට වැඩපිළිවෙලක් නොවූ තැන රජය කළේ හිතවත් ව්යා පාරිකයන්ට හොර අරක්කු පෙරීමට බවුසර පිටින් එම සීනි සාන්ද්රකණ ලබා දීමයි. ඉන් අත පිහිදාගන්නට එවකට රජයට හැකිවිය. කුණු කොල්ලයට බවුසර පිටින් මිලට ගත් ව්යා්පාරිකයෝ ද ආර්ථික වාසිය දඩමීමා කරගෙන ව්යා්පාරයක් ලෙස එය සංවර්ධනය කළහ. මෙලෙස ගිංඔය අරක්කු පෙරීම ඇරඹි මුල් යුගයේ සාර්ථකම මුදලාලි වන්නේ ඔස්මන් මහතාය. පසුකලක ඔහුට අරක්කු පෙරීම අන්තයට ම එපා විය. ඔහු මේ වන විට ඔහු මීගමුව ප්රදේශයේ කාර් සේල් හිමියෙකි.
‘මං ඒ කාලේ හිතුවේ මගේ ලාබෙ ගැන විතරයි. දියුණු වෙන්න කියාපු රස්සාවක් කියලා හිතුවා. දැනටත් අරක්කු පෙරිල්ල හරි ම ලාබයි. ඒත් මං කොහොම ද වෙන පවුලකට ගින්දර දෙන්නේ??’ ඔස්මන් මහතා තම පෙර වැරදි ගැන කීවේ එලෙසිනි. ඔහු නිවැරදිය. අද ගිංඔය අරක්කු පෙරීමෙන් ලබන දෛනික ආදායම 500 000/= කි. ඒ ස්ප්රීත්තු ගැලුම රු 5000/=ට විකිණීමෙනි. ගැලුම් 100ක් හෙවත් ඔවුන්ට අනුව බකට් 100 පෙරීම හැම මුදලාලි කෙනෙකුගේ ම ඉලක්කයයි. මාසික ආදායම තිහෙන් වැඩි කළ අගයයි. නමුත් ඔබ හිතනා තරම් මේ කසිප්පු මුදලාලිලා පොරවල් හෝ ධනවතුන් නොවන බව කියමි. ඉඳින් හූල්ලා පලක් නැත.

2 comments:

  1. මමත් කම්මල තමයි අරක්කු පෙරන ඔස්මන් ගෙ පුතා vip බොඩ් ගහාගෙන වාහන එලවන්නෙ ගමෙ වැදගත් උන් පයින් යනවා vip ත් නැ මොකුත් නැ.මෙ ලින්ක් එක බලන්න.. අරක්කු කරයගෙ පුතා කොහොමද vip වෙන්නෙ.ඔබ ඔස්මන් ව සුද්ද කරන්ඩ එපා. ස්තුතියි. http://www.facebook.com/#!/photo.php?fbid=111584748888197&set=a.133080763405262.21899.100001100185098

    ReplyDelete
  2. ඒක තමයි දරුවො කියන්නෙ. ඒ අයට අපිට චැලෙන්ජ් කරන්න බෑ. පේනවනේ මතට තිත කිව්වට මහින්ද මාමත් ඔස්මන් ඉස්සරහ පරිදි. කා පාස් එක ශ්රී ලංකා ආණුඩුවේ. අපි ලිව්වෙ අරක්කු මුදලාලිට තියෙන ප්ර ශ්න හා මේ ව්‍යාපාරය ගැන පමණයි. ඔස්මන් කියන්නේ අරක්කු රජා.පාතාලෙ ඩොන් වගේ. මේක නවත්වන්න කියනවට වඩා අවබෝධයෙන් කටයුතු කර ඔස්මන්ලා එක්ක යම් පිළිගත හැකි එකඟතාවන්ට එළඹීමයි වැදගත් කියලයි මං හිතන්නේ.

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....