Monday, October 25, 2010
නෑ ඉතිං අපි යාළුවොනේ???
මේ තියෙන කතන්දරේ ටිකක් විතර බරපතල නිසාත් ඉන් මගේ ප්රතිරූපයට (සමාවෙන්න එහෙම එකක් තිබ්බ නම් යාළුවො නිසා ම නැති වුනා) හානි දායකයි වගේ හිතුන නිසාත් මේ කෙටි සටහන ලියන්න හිතුවා. ඇත්තට ම මං ලියුවේ මට අහන්න ලැබුණ දෙයක්.
හැබැයි මේක ද්වේශ සහගත ප්රකාශනයක් මොක ද චිලී මට තර්ජනය කරල ‘උඹ ඉවරයි නලින්’ කියලත් කිව්වා. මගේ විනෝදාංශන ඕපදූප සෙවීම හෝ ලිවීම නම් නෙමේ. මොකෝ මට වෙන වැඩ නෑනේ. අනික මේ නඟා හිතාන ඉන්නෙ අපි පැපරාසි වගේ එයා ගැන හොයන්නෙ එයා ප්රින්සස් ඩයනා නිසා කියලයි. හැබැයි චිලී ඩයනට එහා කියලා දන්නෝ දනිති. ඇත්ත කතන්දරේ ඒ තවත් ගොසිප් එකක් විතරයි. නමුත් ඒක ඒ දිග කතාවක පුංචි පටුනක් වෙන්න බැරි ද? පුළුවන්.
ඉස්සරහට මං ‘චරිත’ කියලා පෝස්ට් පෙළක් ලියන්න ඉන්නවා. දැන් කීපයක් ලියලත් තියෙන්නේ. මං දන්න මිනිස්සු ගැන තමයි එහි ලියැවී ඇත්තේ. ඔය දන්නවා කියන එක මගේ අදහස අනුව මහ පරණ යෙදුමක්. මොකද නොදන්න මිනිස්සු ගැන නොදැනගත්තත් අපිට මිනිස්සු දැනෙන නිසා. Do you feel him/her? කියලයි අහන්න ඕන. ඒක හැඟීමක්. මේක ඉතිං සලාදෙ නේ හැමදේ ම තියෙනවා. හැබැයි මාව ඔය කියන තරම් ආක්රමණිකයෙක් හැටියට හිතනවා නම් සාධාරණ විදියට පාලනය කරන්න ඔබට ම පුලුවන්. මං ලියන්නෙ මා වටා ඉන්න අයගේ ගොසිප් උනාට නම් පාවිච්චි කරන්නේ නම් නෑ. පෝස්ට් ලියලා පබ්ලිෂ් කරලා අපි හැමෝ ම සෙට් වුණ වෙලාවක ‘ආ ඒක ලිව්වෙ ඔයා ගැන කියලා කියනවා මිසක්’ සමහර වෙලාවට කියවපු මිනිස්සුත් ‘ ආනේ ඇත්ත ද? එයා ගැනද ලිව්වෙ... අපි දැන්නෙ’කියලා කියන්නෙ මං කිව්වට පස්සෙ. මං හිතන්නෙ විකල්ප අඩවියක් බිහිවේවි කියලා. ඒත් තාම නෑනේ.... පාළු ගෙයි වළං බිඳලා මටත් ජොලියක් නෑ.
අද අපි ලියන ඒවා ඕපදූප වුනාට ඊළඟ පරම්පරාව ඒවට අර්ථයක් දේවි කියලා මං විශ්වාස කරනවා. දැන් මේ ඩිජිටල් ලෝකේ පුංචි එකෙක් උපන් දා සිටන් සියල්ල සුරක්ෂිත කරන්න පුළුවන්. පෙරේදා අක්කගෙ පුතාගේ උපන්දිනේට අපි පුංචි මිනිඳු උපන් දා ඉඳලා සියලු සේයා රූ අරං ඩෙමෝ එකක් කළා. පුංචි එකාට ඒකෙ අමුත්තක් නැතත් උගේ දහවෙනි උපන්දිනේටත් ඒකම දැම්මොත් මොනා වේවි ද? මේක අපේ පවුලෙ වැරැද්දක් ලබන 30 වැනිදා අපේ ආච්චිගේ 14 වැනි දානය. මිය ගියේ 1996 දී. මට අවුරුදු කීයද. මේ දානෙදි කවුරු හරි අම්බුණ්ඩිගේ මළගෙදර ඩී.වී.ඩී එක දානවා. දාලා බලනවා 1996 දී අපි දිහා. ඒ ඉන්න සමහරුත් මැරිලා. මැරිච්ච අයගේ ළමයි ‘අන්න අපේ තාත්තා...අම්මා’ කියනවා. හොටු පෙරාන අඩන අපි දිහා අපි ම බලලා හිනා වෙනවා. මොන වැඩේ තිබ්බත් ලංකාවෙ ඉන්න ආච්චිගේ මුණුබුරෝ 17 දෙනා ම එදා මහගෙදර එනවා. අපේ ආච්චිගෙන් ගැන කියන කතා ඇරුණම අපිට කියලා ඉතුරු වුණේ අර තැටිය විතරයි. අපේ ළමයෙක් මී ආච්චි ගැන ඇහුවොත්????
හිතන්න ඔබේ මව පියාගේ තරුණ කාලය ගැන ඒ අය නොකිව්වොත් ඔබ කිසිවක් දන්නවා ද? පුංචි පුංචි සිද්ධි රසකතා.... නෑ ඒ හැමදේ ම කාලයේ වැලි තලාවට වැහිලා ගිහිල්ලා. මේ බ්ලොග් ලිවිල්ලේ තේරුම ඒකයි. හැමෝගෙ ම කතාවල පුංචි පුංචි පරිච්ජ්චේද එකතු කරන්නේ නූපන් අනාගතයක් වෙනුවෙන්. සමහර විට මං මැරිච්ච දවසක හරි කෙනෙක් ඒ කතාවෙ ඉතිරිය සම්පූර්ණ කරන්න හිතන්න පුළුවන්. අන්න එහෙම එන කෙනෙක් වෙනුවෙන් පුංචි පුංචි කතන්දර එකතු කරන එක දැන් මගේ විනෝදාංශයක් වෙලා. මට විශ්වාසයි ඔබ අද අල්ලන කස්තිරම් ගැන ඔවුන් හුඟක් සන්තොෂ වේවි.....මන් නෙමේ ඔබ පරිස්සමින් ඒ අය ඔබට එහා නෛයාඩමක් නටන්න බැරි නෑ!!!
Sunday, October 24, 2010
හෙළිදරව්ව හා මගේ කලදසාව
ගිංඔය සම්බන්ධයෙන් මා හෙළි කළ තොරතුරු සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අදහස්, චෝදනා, යෝජනා සියල්ලට පළමුව තුති පුදමි. මේ දිනවල මාගේ ජංගම දුරකථනය ද බොහෝ විට ක්රියා විරහිත කර ඇත්තේ නිර්නාමික මරණ තර්ජන ලැබී ඇති බැවිනි. නමුත් මේ තර්ජන එල්ල කරන්නෝ විශාල සේවයක් කරති. එනම් තමා අසවල් මුදලාලිගේ මිනිහෙක් යැයි කියන විට මට ලැබී ඇති නම් ලැයිස්තුව ප්රකාව මේ කවුරුන්දැයි මම නිශ්චය කරගනිමි. අඩුම තරමේ කසිප්පු වාඩියේ නියම කෙරුම්කාරයන්ගෙන් දෙතුන් දෙනෙකු ගැන හෝ නිර්ණාමික ඇමතුම්කරුවන් හෙළි කරයි. නැත්නම් මා ඔහු පචකර ඇමතුම විසන්ධි කරමි. උන්ගේ ඇමට මා කූනිස්සෙක් තරම් වත් නොවන හෙයින් “තමුසෙ හැමදේ ම දන්නවා උනාට හරකා වගේ ලියන්න එපා මිනිහෝ” යැයි කී කසිප්පු පෙරන්නන් ගණන තුනකි. දැන් ඔවුන් මා හා ෂේප් ය. “ඇත්තට ම මල්ලි අපිටත් ප්රශ්න තියනවා. මුදලාලියා නම් ෂේප් වෙයි. අපි එපෑ හිරේ දපන්න. සල්ලි ගෙව්වට බං මේක මහ කරුම රස්සාවක්” ඒ ඔවුන්ගේ අඳෝනාවයි.
ගිංඔය කසිප්පු ජාවාරමට පසුවදනක් සැපයීමට තව ම කල් වේලා වැඩිය. ඒ තවත් තොරතුරු ලැබෙමින් පවතින හෙයිනි. මේ සියල්ල කම්මල ප්රදේශවාසීන් දනියි. මා හෙළි කිරීමේ අමුත්තක් නැත. අවම වශයෙන් දැන් කසිප්පු ජාවාරමේ ඇත්ත ස්වභාවය ඔබ දනී. මේ තාක් කසිප්පු ජාවාරම ඔබට අමුත්තක් විය. ඒ නිසා ඔබ මා දන්නා දේ ලියා තැබීම අනාගතයට අවශ්යීය. පාතාලය සම්බන්ධයෙන් ද එසේය. මැද කොළඹ සිංහල පාතාලය සේම ෆාජි, ඔහුගේ බිරිඳ කුඩු චූටි ගේ පටන් මෑතකදී මරණයට පත් ආනමාලු ඉමිටියාස් දක්වා මුස්ලිම් පාතාලයේ කතන්දරය නොදන්නෙක් නැත. ඔබ එය නොදන්නේ නම් ඒ හුදෙක් ඔබ පාතාලය ගැන සවිඤ්ඤණික නොවීම නිසා ය. අනුර හොරේෂස් ගිනි අවි සහ ගිනි කෙළි මගින් සිනමාත්මකව හෙළි කළේ මේ යථාර්ථයයි. ගෝණවල සුනිල් මා දන්නා අනෙක් චරිතයයි. ගෝනවල සුනිල්ලා වැඩ පෙන්වනවිට මා ඉපදීවත් නැතැයි ඔබ කියනු ඇත. නමුත් ඔහුගේ පුතා තාත්තා මෙන් නොව වඩා නිහඩ චරිතයක් වූ මා පන්ති සගයා ය. තාත්තා ගැන ඔහු කියූ කතාන්දර බොහොමයක් මා මතකයේ තිබේ. ඒ සියල්ල වෙන ම ලිවිය යුතුය.
මේවා තවදුරටත් රහස් නොවේ. පාතාලය ඇතුලු සියල් ජාවාරම් අපි වටා ම ක්රියාත්මකය. එහි හොඳක් නැතුවා ම නොවේ. උදාහරණ ලෙස කඩුවෙල වසන්ත ජීවත්ව සිටියදී ජාම වෙලාවට වුව ද කලාපයේ කෙල්ලන්ගේ ආරක්ෂාව ඔහු විසින් සහතික කර තිබිණි. දැන් තත්ත්වය වෙනස් වී තිබේ. මා නැවතත් අවධාරණය කරන්නේ මේ සියලු අපරාධකරුවන් ම.ද.නි ලෙස නම් කර හංවඩුගැසීම යුක්ති යුක්ත නොවන බවයි. අප කළ යුත්තේ ඔවුන්ගේ ස්වභාවය තේරුම් ගැනීමය. ඔවුන්ට විරුද්ධ වීමට පෙර ඔවුන්ගේ ක්රියාකාරීත්වය අවබෝධ කරගත යුතුය. ඊට සාමාන්යය වැසියා ලෙස ඔබ මා දන්නා තොරතුරු කුමන ආකාරයකින් හෝ විසුරුවා හැරිය යුතුය. මේ සියල්ලට ආවේණික තාක්ෂණයක් ඇත. බසයේ ගැටකපන්නේ ද පිටකොටුවේ ගෑනු උස්සන්නේ ද කුඩු බිස්නස්, කොළඹ කොටුවේ පුංචි පෙට්ටි කාමර වල නීති විරෝධී කැසිනෝ ආදී සියල්ල කෙරෙන්නේ නිසි තත්ත්වයන් යටතේ සිදු කෙරෙන තාක්ෂණයන් සමගිනි. එය වඩා රසවත් ය. පුද්ගලිකව මට අපරාධ මැඩීමට ඇති ආසාවක් නැත. නමුත් මේ සියලු මගඩිකම් යට ඇති ටැක් ටික්ස්, ශිල්ප ක්රම දැනගන්නට මා අසීමිතව ආශා කරමි. ඒ බොහෝ දේ ඔබ ද දන්නවා ඇත. කළ යුත්තේ නිහඩ නොවී ඒ සියල්ල හෙළි කිරීමයි. අප දැනුවත් වන තරමට ඔවුන් නව ක්රම සොයාගනී. ඊට කම් නැත. අපිට ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටිය හැකි නම් සාර්ථකත්වය එතැනය

හුටා මූ ද බැටා?? [Janelen- Part 2]
මට මූලික අවුල වූයේ මේ නව නිෂ්පාදනයේ චරිත මාරු කිරීම ම නොවේ. සමස්තයක් ලෙස නාට්ය!යේ දෘෂ්ටිය සහ අන්තර්ගතයට මේ යැයි කිව හැකි දර්ශනයක් නොවීම මා වඩාත් සසල කළ කරුණයි. ඇත්තට ම මෙහි එන යුධ සෙබළා සහමුලින් ම නව නිෂ්පාදනයෙන් ඉවත් වීම කාලෝචිතය. මාගේ මතකය නිවැරදි නම් මෙහි පෙර කී නිබන්ධනයට අදාල නිෂ්පාදනය එළිදක්වන විට ද යුද්ධය නිම වී මාස කිහිපයක් ගතව තිබුණි. ඒ නිසා තවදුරටත් යුද්ධයෙන් සෙබළුන් මියයා නොහැක යන තර්කනය මත ඒ ඉවත් කළා විය හැකිය. ඒ වෙනුවට නාට්යට ප්රස්තුතය කඳවුරක සිර කර සිටින යාපන විශ්ව විද්යා ලයේ දෙමළ සිසුන් පිරිසක් ඉන් මුදවා ගනීම සඳහා කරන පන්ති වර්ජන, උද්ඝෝෂණ ආදී ඔවුන්ට අනුව ‘ඇදහිය හැකි’ කාරණාවක් මත ගලායාමට සලස්වයි. මා දුටු අනෙක් ප්රධාන දුර්වලතාවය නම් අජිත්ගේ චරිතය මතු කිරීමයි. මේ අජිත් හරහා වත්මන් රෙජීමයේ සිසුන් මර්දනය උලුප්පා දැක්වීමට උත්සහ කළ ද අවසානයේ ප්රසාදිනීගේ ‘උන්ට ඕන මාව’ යන්නෙන් එය ගම්යක නොවීය.
පෙර නිෂ්පාදනයේ මෙවන් විසංවාද ඇති නොවිණි. පසුම්බිය නැති කරගත් තරුණිය සෙබළා සමඟ පෙමින් බැඳීම, ඔවුන්ගේ විවාහය, අවසානයේ දී යුද්ධයේ දී ඔහු මිය ගියෙන් දරුවකු සමඟ ඇය තනිවීම තුළ සත්යි ප්රේමය එළිදැක්විණි. සෙබළාගේ එක් දෙබසක් මට මතකය. “දාර්ශනික වෙනවයි කියන්නේ මොකක්ද? - ජීවත් වෙන එකටයි මැරෙනවටයි හේතු ඉදිරිපත් කිරීම” රේණු ද පොළොව සමඟ ඔට්ටු වන තම පෙම්වතා ගැන සිතන අතර කසුනි ගැන කතා කර වැඩක් නැත. අන්තිමේ ප්රසාදිනී (මේ නිළියන්ගේ නම් වෙනුවට සැබෑ නම් යෙදීමට සිදුවීම ගැන සමාවන්න. මට නම් අමතක බැවිනි) ජගත් හා අනියම් සම්බන්ධය අසුවීමෙන් හා ඇය ඔහුගෙන් ගැබ්ගත් බව දැනගැනීමෙන් බැටා ඈ හැරයන අතර කසුනි හා විවාහ වීමට අවසර පතයි. එහිදී කසුනිගේ තර්කය ද සාධාරණය.
ඇයි ඔයා ප්රසාදිනී බඳින්නැත්තෙ, “අප්පෙක් නැති දරුවෙක්ට තාත්ත වෙන්න තරම් සාධාරණ හේතුවක් මගේ පැත්තෙන් හොයාගන්න මට බෑ.” ඔහු කියයි. “මට ආදරේ කරන්නේ නැති මිනිහෙක්ව බඳින්න තරම් සාධාරණ හේතුවක් මගේ පැත්තෙන් හොයා ගන්නත් මට බෑ. ඔයා ආදරේ කළේ මගේ ශරීරයට” කසුනි කීවාය. වැඩේ කම්මුතුය. එහි පැහැදිලි චින්තනයක් තිබිණි. ඒ යථාර්ථය විශ්ව විද්යාතල භූමියෙන් එපිටට වලංගු වන්නේ යන්තමින් වුවත් සංකීරණ නැත.
නමුත් මෙහි කසුනි මෙහෙයුමේ ප්රධාන කොටස්කාරියකි. මෙවර ජනේලයෙන් පැන්නේ ද තුමිඳු ය. මට නම් ඔහු බැටා තරම් සිරා නැත. පෙර නිශ්පාදනයේ බැටා ලව් කරද්දී සිරා ය. නමුත් මාරාවේශ වූ විට අතිශය භයානක විය. තුමිඳු එතරම් භයානක නොවීය. නමුත් මෙහි මේ යැයි කිව හැකි සාධනීය ලක්ෂණ තිබුණි. ශිල්පීන් විශාල ප්රමාණයක් යොදවා තිබුණි. අවසානයේ වේදිකාවට පැමිණි පිරිස තිහ ඉක්මවීය. අර කොළ විසි කළ ආකාරය අපූරුය. එය ක්ෂණික ප්රහාරයකි. විරු ගීතය ද සැලකිය යුතු මට්ටමක තිබූ අතර කාල් ද ජනේලෙන් පනින්නට යාම අපූරුය. වදන් වදන් ගීතයේ නම් පුංචි අවුලක් තිබිණි. මුල් ගායනය තරම් පන්ච් එකක් නොවීය. වරදක් ම නැත.
මා විචාරකයෙක් හෝ වෙනයම් විශාරදයෙකු නොවන බව මෙහිලා කියමි. චේතනාන්විතව කිසිදු පාර්ශවයකට චෝදනා නොකරන අතර මා කියන්නේ මා දුටු මට හැඟුණු ජනේලයෙන් පනින්ද? විචාරයයි. එහි අන්තර්ගතය හා අවසානය මීට වඩා වෙනස් විය යුතුව තිබුණි. ඒ නැතත් මා ආදරය කළ කලා කෘතියක් කබලෙන් ලිපට වැටීම ගැන කණගාටු වෙමි. කලාකෘතියක් සමාජ ගත කළ පසු එය රසිකයාගේ වින්දනයට පත්වේ. ඉඳින් එහි පසුකාලීන වෙනස්කම් කළ යුත්තේ වඩාත් ප්රවේශමෙනි. එදා මනමේ බැලූවන් අද මනමේ බලා සරච්චන්ද්රට පලු යන්න බනින්නේ ඒ ගුණාත්මක බව රඳවා ගන්නට ඔවුන්ට නොහැකි වූ නිසාවෙනි. කාරි නැත ඒ චෝදනාව කරන්නට 56 තරුණ තරුණියෝ තවත් ජීවතුන් අතර නොසිටී. ඇති ස්වල්ප පිරිස ඒ ගැන කුමක් කීවාට කිම? අලුත් මනමේ මේ යැයි අපි නව පරපුරට කියමු. ඒත් ජනේලෙන් හි එසේ කළ නොහැක්කේ මුල් රසික පිරස තවමත් නාට්යි නරඹන හෙයිනි. අවම වශයෙන් ඒ ගැන කූඹි පුකක් තරම්වත් කල්පනා කළ යුතුව තිබුණි.
මධ්ය් ඇගයුම් සියල්ල නොසලකා මා පාදඩ ලෙස අන්ත ඇගයුමකට එළඹෙමි. මේ මා ඇතුළු සමස්ත ප්රතිචාරය සැලකිල්ලට ගෙන කරන ප්රකාශනයකි. සාමාන්යනයෙන් රාජ්යම නාට්යම උළලේ සෑම දිනක ම කෙටි හෝ දිගු නාට්යන අවසන් වන විට ඇසෙන නොන්ස්ටොප් අත්පොළසන් හඩ ඔබට මතක ඇතැයි සිතමි. අවසන් ජවනිකාව හමාරවී බ්ලැක්අවුට් වූ පමණින් මුල් ම අත්පුඩිය ඒ ඇසිල්ලෙන් පටන් ගනී. කිසිවෙක් ඊට නැවත වේදිකාව ආලෝක කර නළු නිළියන් කර්ටන් කෝල් පැමිණෙනකම් බලා සිටින්නේ නැත. නාට්යි බැලූ අය ඒ අවසානය බව දනිති. අමුතුවෙන් කිවයුතු නොවේ. මා වාඩි වූයේ අප විශ්ව විද්යා්ලයේ ම නාට්යක ආචාර්ය යුවළක් ළඟින් බව කළින් කීවෙමි. නාට්ය ඇඳුරන් වූ නිසා ම දෙදෙනා ම එහි අවසානය ප්රසාදිනීගේ ‘උන්ට ඕන මාව’ යන දෙබස බව දරන සිටියාට සැක නැත.
නමුත් මා විශ්වාස කරන්න දෙබස අවසානයේ දී ම අත්පුඩිය පටන්ගත්තේ මාත් අදාල ආචාර්යවරයාත් පමණකි. සැක නැතිව ම අපි දෙදෙනාට මුහුණට මුහුණ බලා ගතිමු. නාටකය නිල වශයෙන් අවසාන වූයේ අප දෙදෙනාට පමණි. නමුත් ශාලාවේ සියලු ආසන පිරී තිබූ බව අපි දනිමු. අන් සියල්ලෝ ම මොහොතක් වික්ෂිප්තව සිටියේ නියම අවසානය දකිනු රිසියෙනි. ඒ නිසා එක්කෝ එදා ලයනල් වෙන්ඩ්ට් සිටි ප්රේක්ෂක පිරිසට ජනේලයෙන් පනින්නද? බොක්කට ම වැදුණි. නැතිනම් මයිල් ගහකට හෝ නොදැනුනු බව කණගාටුවෙන් මුත් ලියා තබමි.......!!!!!!

ජනේලයෙන් ඇත්තට ම පැන්නා ද? [Janelen- Part 1]
ජනේලයෙන් පනින්න යනු කැලණිය විශ්ව විද්යාාලයේ නාට්ය් අධ්යටයන ඒකකය මගින් ඉදිරිපත් කරන ලද පැරණි නාටකයකි. මා පැරණි යනුවෙන් දැක්වූයේ මෑතකදී මේ වසරේ දී එහි ප්රදර්ශනය වුනේ නව නිෂ්පාදනයක් හෙයිනි. මා වැරදි නම් ඒ නිවැරදි කිරීම ඔබට බාරය. නමුත් විශ්ව විද්යා ලයීය සංස්කෘතික මධ්යපස්ථානයේ (වලේ) ඇති ඡායා රෑප වල දැන් එම චරිත නිරූපණය කරන්නන් නොව වෙනත් ශිල්පීන් දක්නට ලැබෙන හෙයින් මේ නව නිෂ්පාදනයක් බව තහවුරු කළ හැකිය.
ජනේලයෙන් හා මගේ ඇති රසික බැඳීම ද ඉතා දුර ගිය එකකි. මුල් ම නිශ්පාදනය නම් මට බැලීමට නොහැකි විය. නමුත් අප ලද අභ්යතන්තර තොරතුරක් මට මුලින් ම ධර්මාලෝක ශාලාවේ ජනේලයෙන් පනින්න ද? නැරඹුවේ එය අවසන් වසර නාට්ය සිසුන්ගේ නිබන්ධනයක් ලෙසට මහජන දර්ශනයකින් තොරව හුදෙක් විභාගයට ලකුණු දීම සඳහා වේදිකා ගත කල අවස්ථාවකදීය. මා මිතුරු අරවින්ද චන්ද්රහපද්ම එහි භූමිකාවකට පණ පෙවූ හෙයිනි. තවද අලුත්වත්ත මහතා එහි සංගීතයට සම්බන්ධ වීමට ඉරිදා දිනක පුහුණු වීම් පැමිණි අතර ඔහුගේ බෝඩිමේ සිටි මා හා ක්ලෝසා ද පැමිණියෙමු. අපි එදා එහි පසුතල දර්ශන කෙටි සටහන් ඇඳ දුන් බව මතකය. මහජන දර්ශනයක් නොවූ නමුත් පනවන ලද ආසන සංඛ්‍යාව පිරෙන තරම් පැමිණි පිරිසට තුමිඳු දොඩන්තැන්න ආචාර්යවරයා ද ස්තුති කළා මතකය. පසුව මේ නාටකය පෙන්වූ සෑම විටක ම මා බැලුවෙමි. අවසානයේ දී එහි දෙබස් ද කටපාඩම් විය.
නාටකය ඇරඹෙන්නේ ප්රසාදිනී අතපත්තුගේ ගිටාර් වාදනයකට කෙරෙන සිරා ම උරුවම් බෑමකිනි. ඇය කැපවීම් කරන නිළියකි. ඇය දැක ගැනීම මෙවර රාජය නාට්යන උළෙලට ඉදිරිපත් කළ ජනේලයෙන් පනින් ද? හී මා බලාපොරොත්තු වූයෙමි. අහෝ ඛේදයකි. ඇය නිදා සිටි නමුත් ගායනයක් නොවීය...... නාටකය වෙනස් කර ඇත හොඳය. මාරය ආතල්ය.... නැවුම්ය ආදී වශයෙන් සිතුවිලි ගණනාවක් මට ඇති විය. දැන් කම්මැලි කමක් නැත. පුරුදු නාටකය නොවේ...
එදින රාජ්ය නාට්යු උළලේ අවසන් දිනයයි. ආරාධිත කමල් අද්දරාරච්චි පමා වී පැමිණියේ බිරිඳ අනුරානි හා පුතු සමඟිනි. මා අසුන්ගෙන සිටියේ ද ආදරණීය යුවලකට පසුවය. ඒ අප විශ්ව විද්යාමලයීය නාට්ය. ආචාර්යවරයකු හා ආචාර්යවරියකි. මා ඒ යුවල හැඳිනගත් මුත් ඒ දෙදෙනා මා හැඳිනියේ නැත. දැන් නාටකය ඇරඹී ඇත. නමුත් මගේ පුදුමය මුල පටන් ම වැඩි විය. එනම් මේ නිෂ්පාදනයේ චරිත පටලැවිල්ලයි. නාටකයේ බෝඩිමේ ඇන්ටි ලෙස රඟපෑ නිළිය මගේ පසුපස අසුන් පෙළේ අසුන්ගෙනය. ඇය රඟපාන්නේ නැති අතර ආදේශකය කවුදැයි බැලිය යුතුව ඇත. බැටා නම් මා යද්දී සිගරට්ටුවක් දල්වාන සිටි නිසා ඔහු අද ජනේලෙන් පනිනු ඇත. බැටා කවදත් ඔහොමය. (මීට කලින් සරසවියේ නාටකය පෙන්වද්දී පටන් ගන්නට මොහොතකට පෙරත් බැටා එළියේ දකිනු ලදිමි. මා දකින හැටියට ඔහු එතරම් ආයාසයකින් තොරව රඟපාන නළුවෙකි. ප්රකට ආලෝක ශිල්පියෙකි.
මාගේ සැකය තහවුරු කරමින් ඇන්ටී රංගාව තරණය කළාය. නැත “ මේ මොනා ද? එකතු කරපු දෑවැද්ද ද?” යන්න නියම පන්ච් එකෙන් ආවේ නැත. පෙර රඟපෑ නිළියගේ තරම් තියුණු කටුක කටහඩක් නව නිළියට නොවීම අඩුපාඩුව විය. අර ප්රසාදිනී අක්කා සමඟ අතිශය සංවේදීව බෝඩිමේ ඇන්ටි කරන කතාව මේ නිෂ්පාදනයේ නොවූමුත් ඒ වන විට ඇන්ටී (අදාල නිළිය) මවකගේ චරිතය අපූරුවට දක්වයි. ඒ නිසා නව පිටපත තුළ ඇන්ටීගේ නියම ස්වභාවය මනාව මතුනොවීය. මා ආසා කළා ගීය නම් ඇන්ටී රංගාවතරණයට සමඟ වාදනය විය.
කොහෙන් හොයන්න ද? කොල්ලෙක්
මට ම ගැලපෙනා.....
කොහේ ද ඉන්නේ කොල්ලෙක්
මට ම ගැලපෙනා.......
පාරක් පාරක් ගානේ හෙව්වා හම්බවුනේ නෑ මට කොල්ලෙක්
පෝයක් පෝයක් ගානේ වැන්දා තාමත් දැක්කේ නෑ කොල්ලෙක්
* සැලකිය යුතු කාරණය මේ දක්වා ඇත්තේ ද එහි පෙර නිශ්පාදනයේ සේයා රුවකි.
Friday, October 15, 2010
මතට තිත තියන්න පුළුවන් වෙයි ද? [Episode 3]
හොඳ කසිප්පු සෑදීම කලාවකි. ගිංඔය වැසියන්ට කසිප්පු යනු අමුතු දියක් නොවේ. ඔවුන් පාරම්පරිකව පොල් අරක්කු මගින් කසිප්පු සෑදීමට පුරුදුව සිටියහ. එය අත්වඩි නමින් හැඳින්වේ. පොල් රා තෙදිනක් පැසවීමට හැරීමෙන් මේ අත්වඩි නිපදවා ගනී. මඟුල් ගෙදරකට අත්වඩි අනිවාර්ය විය. බෝතල් විස්සක් නෑමට වුව සෑහේ. විස්කි තරම් රහට අත්වඩි පත්වීමට වළ දැමීමට ඔවුහු පුරුදු වූහ. එලෙස වල දමා තිබූ අත්වඩි බෝතලයක් මා වෙනුවෙන් ගොඩගත්තේ කම්මල නිවසක පිළිකන්නෙනි. මා මිතුරා ඉන් එකක් තෑගි කළේ ය. ඊට විස්කි පරාද බව කිවයුතුය.
ඊස්ට්, සීනි ගෙන පදමට සාදන කසිප්පු සඳහා ශ්රමය දියකරන්නේ දවස් පඩියට වැඩකරන විවාහක පිරිස්ය. කිසිදු තරුණයෙක් මේ ජරා රස්සාවට සම්බන්ධ නොවීම ගැන මම සතුටු වීමි. එය පුරුදුකාරන්ගේ පන්නයකි. අන්තරාය හැමවිට ම එහි ඇත. හැලි අරක්කු බැරල් කල්දේරම් හි ඊයම් විශසහිතය. මෙතනෝල් මගින් අන්ධභාවය හා සිරෝසිස් වලට වැඩි ඉඩක් ඇත. දවසේ කම්රුවන්ට රු 500ක ගෙවීමක් සිදු කරයි. සාමාන්යයයෙන් සවස හය පමණ වන විට කන්ඩෙන්සර සූදානම් කරන්නේ අයෙක් හෝ දෙදෙනෙකි. ගිං ඔය ආශ්රිත කැළයේ සඟවා ඇති බූලි සහිත බෝට්ටු එළියට එන්නේ ඉන් පසුය. මේ බෝට්ටු ඉතා අපිරිසිදුය. බූලි නම් කිසිදිනක සෝදා නැත. අරක්කු වලින් ම සේදී ඇති සෙයකි. පැසවීමේ සුවඳට ඇදෙන සතුන් එහි දී වැටීමෙන් තැන්පත් වූ කටුසු මළකුණු ඒවායේ බහුලය. බූලියකට මුව පොවා බැලීමි. දුගඳ නාස් පුඩු අඹරවන සුළුය. ක්ලාන්තය ඔක්කාරය සියල්ල එක විට ඇතිකරයි.
සෝඩා වර්ග, රෙදි සෝදන කුඩක්, ෆෝමැල්හයිඩ් නම් විෂබීජ නාශකයක්, රසායනික පොහොර සහ යූරියා යොදන්නේ පදම වැඩි කිරීමට ය. අවර්ණ ස්ප්රීෆත්තු පාට වන්නේ මේ රසකාරක ප්රකරමාණයට හා බැරල් මලකඩ පමණටය. දිවයින පුරා සේවයේ යොදවා ඇති සුරාබදු නිලධාරීන් ගණන 274කි. ඊට අමතරව වලාන පොලිස් මත්ද්රනව්ය. මර්දන ඒකකය සහ සී.අයි. ඩී ය මේ සම්බන්ධව ක්රියා කරයි. කෙසේ වුවත් අද එය සංවිධානාත්මක කටයුත්තකි. වැරදීමකින් හෝ හදිසි වැටලීමකට ඉඩක් නැත. ඔත්තුව ඒ වන විටත් මුදලාලි අතේය. පොලිසිය ජරාව ගන්නා තුරු කිසිත් කළ නොහැක. කිසිවිටක නඩු දමන්නට සැකකරුවන් අසුවන්නේ නැත. අසුවන්නේ බඩු පමණි. මුදලාලිට නඩු නොවැටේ. මන්ද මුදලාලි වෙනුවෙන් හිරේ යන්නට සීයක් දෙනා පෝලිමේ සිටින බැවිනි. ඒ මුදලාලිට ආදරේට නොව, ආණ්ඩුවෙන් කකා බිබී තමන් හිරේ ඉන්නා අතරේ මුදලාලි දරු පවුලට වියදම් කරන බැවිනි.
අපි හිතුවාට ආණ්ඩුවේ බෝඩිම අපූරු තැනකි. හොඳ ම කුඩු මුදලාලිලා, පාතාල අයියලා හිරේ සිටින්නේ එළියේ සිටිනවාට වඩා එය ආරක්ෂාකාරී බැවිනි. හොඳ ම සල්ලිකාරයෝ වැලිකඩ සිටිනබව ඔබ අසා ඇත් ද? හිරගේ අපරාධ විශ්වවිද්යාටලය වූ කල කුළියට වෘත්තිය වශයෙන් හිරේ යන්නේ මෙරට හිඟ නොවේ. අනික් කරුණ නම් පොලිසිය පෙර වැරදි ඉදිරිපත් නොකරයි. මේ නිසා දඩ මුදල සොච්චමකි. එය ගෙවා නිදහස් විය හැකිය. දැන් අලුත් විලාසිතාව නම් පොලිසිය මුදලාලි මගින් නඩු ඉල්ලා ගැනීමයි. “ඔන්න මේ මාසෙ නඩුවක් ඕනෑ” යැයි තමාගෙන් බැරල් කිහිපයක් වටලා නඩු දමා ගාණ කපා ගන්නා පොලිස් කාක්කන් විරල නොවන බව මුදලාලි මා සමඟ කීය.
මාධ්යදට ෂෝ පෙන්වීම කාකි කෝට්ලාගේ හොඳම ගොන්පාට් එකයි. නියමිත දිනක තමන් වැටලීම සූදනම් කර ඇති බව කියා සියලු ම මාධ්යවන්ට එන්නට කියන පොලිසිය ගිංඔයට ගොස් බැරල් තොග පිටින් විනාශ කර මාධ්යි වාර්තා ලබා දේ. ඔවුන්ගේ පහසුව පිණිස තම අබලි බැරල් නියම ස්ථානයන්හි සඟවා තබන්නේ ද මුදලාලි විසිනි. මහජන මුලාවේ තරම ඉන් වටහා ගත හැකිය. මෙහි පරිසර හානිය නම් ගෝඩා ගඟට මුදා හැරීමයි. ප්රදේශයේ ආගමික සංවිධාන මේ කාරණයේ දී මුනිවත රකින්නේ ඉන් පලක් නැති නිසා බව වයික්කාල ශුද්ධ වූ ඔදිලියා මුනීස්වරියන්ගේ පල්ලියේ පියනම මා හා කීය. ඉස්සර බැරල් රත් කළේ දර භාවිතයෙනි. ගිංඔය රක්ෂිතයේ දර ප්රමාණවත් තරම් තිබූ නමුත් දැන් දර නැත. දර වලට ඉහළ මිලක් ගෙවීම වළකා දැන් කජු ලෙලි ඉන්ධන ලෙස යොදා ගනී. ගැටලුව වන්නේ මේ කජු ලෙලි දැවීමෙන් හටගන්නා දුම මගින් ශ්වසන ආබාධ ඇති වන බවට ගම්වැසියන් චෝදනා කිරීමෙනි. මුදලාලි නම් කීවේ කජු ලෙලි ලොරිය ම තුන්දහසක් බව හා භූමිතෙල් ටිකක් බැරල් සීයක් වුව දැවීමට ප්රමාණවත් බවයි.
මේ සියලු කාරණා අනුව මතට තිත කෙසේ වෙතත් ගිං ඔය දී තිතට මත්වීමට පුළුවන. නමුත් ප්රාහදේශීයව මෙම මත්පැන් බෙදා හැරීම නොකරන බව ඔහු කීවේ සිනාසෙමිනි. “නෑ සර්, අපි කොළඹ පටවනවා මිසක් මෙහේ විකුණන්නේ නෑ. පොලිසියෙන් ඒකට තව කප්පමක් ඉල්ලාවි. අපිත් මිනිස්සුනේ??” මුදලාලිගේ පරම හතුරා පොලිසියයි. ඒ මත්පැන් පෙරීමට එරෙහි වන නිසා නොව ඉල්ලා සිටින ඉහළ පගාව හේතුවෙනි. මා මුදලාලිගේ අමුත්තකු ලෙස ගොස් මුදලාලිගේ නිවසින් දිවා ආහාර ගෙන ඔහු සමඟ ම නයිනමඩම පාළම අසල ඇති අරක්කු තිප්පලට ගොස් එහි කාර්යන් දැක බලාගෙන ඔහුගේ දුර ඇමතුමකට අනුව වෙන්නප්පුව පොලිසියේ වැටලීම් අංශයේ නිලධාරීන් සමඟ සම්මුඛ සාකච්චාවක් ගෙන සිදු කළ ගිංඔය නීති විරෝධී මත්ද්රපව්යය පෙරීම පිළිබඳ අධ්යනයනයට අදාල මගේ පසු සටහන මෙයින් නිමා කරමි. ඉහත තොරතුරු සපුරා සත්ය වෙතත් ඒ මා සොයාගත් ස්වල්පය පමණි. ඔවුන්ගේ නම් ඔබ දැනගැනීම පිණිසය.
අවසාන වශයෙන් සියල්ලන්ට සොබාදහමෙන් උරුම වූ ගිංඔය තනි බූදලයක් ලෙස පාවිච්චි කිරීම ගැන මා මුදලාලිට කීමි. ඉන් සංචාරක කටයුතු වුවද දිවාකාලයට පමණක් සීමාවන බව මම මතක් කළෙමි. මට ඇහුන්කන් දුන් ඔහු අදාල පාර්ශව සමඟ සාකච්චා කර තම ව්යාටපාරය නිශ්චිත ඉසව්වකට සීමා කළ හැකි මුත් තව පරම්පරා ගණනකට නතර නොකරන බව මට කීය. නමුත් ඉදිරියේ දී බෝට්ටු සචාරිය වෙනුවෙන් නිශ්චිත ගමන් මාර්ගයක් නම් කිරීමට හා ඒ සීමාවේ අරක්කු පෙරීම පිළිබඳ කිසිදු සලකුණක් ඉතිරි නොකිරීමට ඔහුගේ අවධානය යොමු වනු ඇත. පුද්ගලිකව අධ්ය යනය මගින් මා ලද සාර්ථකත්වය එපමණකි. මහින්දට මතට තිත තබන්නට තව බොහෝ කල් බලා සිටින්නට සිදුවනු ඇත්තේ මුදලාලිගේ දැන් දවසේ ඉලක්කය බකට් 150 දක්වා ඉහළ ගොස් ඇති බැවිනි.
ගිංඔය කසිප්පු මුදලාලිලා හමුවීමි. [Episode 2]
ඒසා මහා ධනයෙන් ඔවුන්ට ලැබෙන්නේ සොච්චමක් පමණි. මා පෙර කී මුදල ශුද්ධ ලාභය නොවේ. වර දාන වශයෙන් මසකට කෝටි ගණනක් වැය වන බව එක් මුදලාලි කෙනෙක් මට කීය. කර්මාන්තය යහතින් කරගැනීම පොලිසියට, සුරාබදු නිලධාරීන්ට, ආදී පෙරහැරකට ම පගාව දිය යුතුවේ. නැතහොත් කෙරුවාව හමාරය.
ගිංඔය ම මේ කර්මාන්තය පිණිස යොදා ගන්නේ එය නියම තිප්පොලක් බැවිනි. සාමාන්යදයෙන් කල්දේරම් (still) රත්කිරීමේ දී අරක්කු පිටවන්නේ වාෂ්ව ස්ප්රීයත්තු වශවෙනි. ජය මූලාශ්රයක් යටින් යවා එම වාශ්ප සිසිල් කර ද්ර)ව තත්ත්වයට හරවා බූලි කෙරේ. ගංගාවක් ඇලක් ආදී ජල මූලාශ්රයක් අවශ්ය් ඊටය. පෙරන ලද කසිප්පු නියම පදම පැමිණ ඇත්නම් හැන්දකට ගෙන දැවීමේදී නිල් පැහැ දැල්ලක් පැමිණිය යුතුය. නැතහොත් බාල කසිප්පු පිටකරන්නේ කහ පැහැති දැල්ලකි. කසිප්පු ජ්වලනාංකය ඉහළ අගයක් ගනී. වහා ගිනි දැල්වෙන සුළුය. වෙඩි බෙහෙත් මගින් ද හොඳ කසිප්පු පරික්ෂා කළ හැකි බව මා අසා ඇතත් නියම නිර්ණායක නොදනිමි.
හොර අරක්කු ජාවාරම හෙවත් Moon Shining සාමාන්ය යෙන් කෙරෙන්නේ රෑටය. ඉංග්රීසි ව්ය වහාරය ඇත්තේ ද එහෙයිනි. සාමාන්යiයෙන් ලංකාව පුරා ඊට යොදා ගන්නේ ආවරණය වූ ආරක්ෂාව ඇති කරදර අඩු තැනකි. ගිංඔය කඩොලාන පරිසර පද්ධතියක් සහිත ය. රූක්ෂ ගිංපොල් ගස්වලින් ආවරණය ලබා දෙන නිසා එය කදිම තිප්පොලකි. අනික් අතට හදිසි වැටලීමකදී දුවා ගන්නට පුළුවන. බඩු දමා ගියත් නඩු නැත. මන්දයත් අයිතිකරුවන් නොමැති දේපල ලෙස එවිට කන්ඩෙන්සර, බූලි, ගෝඩා සියල්ල රජයේ රක්ෂිතයේ ඇති බැවින් පුද්ගලික ඉඩමක් නොවන නිසා නඩු පැවරිය නොහැක. ඊට වදරකරුවෙක් නොමැති බැවිනි.
ගිංඔය කසිප්පු ජාවාරම බහුලව කරන්නේ එක් පවුලක සාමාජික පිරිසක් විසිනි. පළාත් වැසියන් පොලිසිය සියල්ල දන්නා (මාගේ ද දැන් හොඳ ම මිතුරන්) මේ සටහන හරහා එළි කරමි. ඔවුන්ගේ නම් ප්රකාශය තුළින් කර්මාන්තයට කිසිදු අවහිරයක් සිදුනොවේ. මේ සිරි ලංකාවයි. පුළුවන් ජගතෙක් මේ තොරතුරු මත ගිංඔය කසිප්පු ජාවාරම නවත්වනු ඇත. රංලගන්මුල්ල වසමේ කෙරුම්කාර මුදලාලිලා තිදෙනා මෙසේය. වර්ණපොලසූරියගේ ආර්.ශාන්ති ප්රනාන්දු, වර්ණපොලසූරියගේ වෙස්ටස් සුමිත් තරංග පීරිස්, වීරසිංහ පතිරන්නැහැලාගේ සමන් පතිරණ මේ තුන්කට්ටුවයි. මොවුන්ට නොදෙවැනි කම්මල වසමේ රජ වැඩකාරයෝ වන්නේ වර්ණපොලසූරියගේ ඩෙන්සිල් බර්නාඩ් ඩබරහේවා, වර්ණපොලසූරියගේ ඩෙන්සිල් අයිවන් ඩබරහේවා සහ හැන්සි හැරල්ඩ් ප්රූනාන්දුය. මේ අනුව මෙය පවුලේ ව්යානපාරයකි. වර්ණපොලසූරියගේ පවුල එහි ඒකාධිකාරය හොබවයි. පොලිස් කුක්කන්ට කළ හැකි වූයේ 2007දී එක් සහෝදරයකු අත්අඩංගුවට ගැනීමට පමණි. දැන් ඔහුද නිදහස්ව පැමිණ සිටී. නැඟි ආ සාර්ථකම ව්යාදපාරිකයා හැන්සි මුදලාලිය. ඔහු පිටගම්කාරයෙකි. පොලිසියට දැනට වැඩිම කප්පමක් ගෙවන්නේ ඔහු ය. ශාන්ති ප්රනාන්දු මේ ව්යා.පාරයේ අවුරුදු 20ක් පමණ තෙම්පරාදු වූයෙකි. සියල්ලෝ ම අංක එකේ සුපිරි කකුල් ය. නමුත් තවමත් මොවුන් ප්රාතමික පන්තියේ ය. කිසිවෙක් මේ කාර්ය සඳහා මෝටර් බෝට්ටු භාවිතා නොකරන අතර කිසිවෙකුත් තම සේවකයන් වෙත අවි ආයුධ ලබා දී නැත. එක් අතකට සන්නද්ධ වීමඋවමනාවක් ද නැත. මොනර නෝට්ටු පිදේනියේ පිහිටෙන් ගම්බට්ටෙක් හෝ ඔවුනට එරෙහි නොවන කල කාගෙන් නම් ආරක්ෂාවන්න ද?
කරුණු කාරණා එසේ වුව ද මේ කිසිවකු අතර තරගයක් හෝ එදිරිවාදිකමක් නැත. මේ සියලු කසිප්පු කොළඹ, මහනුවර, කුරුණෑගල ආදී ප්රධාන වෙළඳපොළ වෙත යැවේ. කසිප්පු ජාවාරමේ දී වෙන ම වාග් මාලාවක් ඇත. අනික මේවා වෙළඳපොළට යන්නේ උපක්රේමිකවය. බහුල ක්රමය නම් ආයුර්වේද ඔසු ලෙස ව්යාුජ නම් වලින් කසිප්පු වෙළදාමයි. ‘මෘත සංජීවනී’ එවැනි වෙළඳ නාමයකි. අනුරාධපුරයේ පිහිටි එහි ප්රධාන කර්මාන්ත ශාලාවේ අයිතිකරු රංජිත් නමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව උසාවියට ඉදිරිපත් කෙරුණේ ඉකුත් සතියේ දීය.
මෙන්න මේ රූපෙ තියනවා වගේ වේදිකාවක තමයි කසිප්පු පෙරන්නේ මේ වගේ අට්ටාල දිගට ම එහි තියෙනවා.
සුන්දර ගිංඔයේ අසුන්දර කතාව [Episode 1]
ලංකාවේ සංචාරක ආකර්ෂණ වශයෙන් හඳුන්වා දී ඇති සංචාරක කළාප 45 අතුරින් වයික්කාල, ගිංඔය ආශ්රිත සංචාරක කලාපය තෙවන ප්රධාන සංචාරක කලාපයයි. මෙම කළාපයේ ප්රධාන භූගෝලීය පිහිටීම වන්නේ වයික්කාල වෙරළ තීරයයි. නමුත් ගිංඔය එහි මූලික මිරිදිය ජල මූලාශ්රය වශයෙන් වැඩි ජනප්රියත්වයක් හිමි කරගෙන සිටියි.
කොළඹ සිට පැය එකහමාරක පමණ දුරකි ගිංඔයට ඇත්තේ. මීගමුවේ සිට කි.මි 9.5ක් ඈතින් වයික්කාල, අංගම්පිටිය පසුකොට බෝලවත්ත හන්දියෙන් වමට හැරී ඇති අතුරු පාරේ කි.මී හතරක් ගියතැන ගිංඔය ගම්මානයට ළඟා විය හැකිය. කරදිය ආශ්රිත ගම්මානයක්යැයි ඔබ මවාගන්නා චිත්ර ය එහි ගිය විට වෙනස් වන්නේ කුඹුරු ඉඩම් බහුවලව දක්නා ලැබෙන නිසාය. ඒ සියල්ල ගිංඔය ජලයෙන් පෝෂණය වේ. ගිංඔය බෝට්ටු සවාරිය, ලංකාව වටා යන සංචාරක කට්ටල වල අනිවාර්ය අංගයකි.
වර්තමානය වන විට ගිංඔයෙන් යම් ප්රලයෝජනයක් ගන්නා ලද්දේ නම් ඒ මේ බෝට්ටු සවාරිය සඳහා පමණි. මීට පෙර ගිංඔය පිරිසිදු ජල මූලාශ්රයක් වශයෙන් ජනතාවගේ පානීය ජල අවශ්ය්තා පවා ඉටු කරන ලදී. නමුත් අද එයින් රෙද්දක් හෝදන ගැමියෙක් හෝ දක්නට ලැබෙන්නේ කළාතුරකිනි. කිසිවෙකුත් එයින් නොනාන තරම් ය. මහඔය මෝය, සුනාමි මෝය, කම්මල මෝය යන සුන්දර මෝය කටවල් තුනක් සහිත රංගන්මුල්ල සහ කම්මල ග්රාම නිලධාරී වසම් වලට යාව පිහිටන ගිංඔයෙන් අද උපරිම ආර්ථික වාසි ලබන්නේ හොර අරක්කු ජාවාරම්කරුවන්ය. වෙනත් රටවල ගෘහස්ත සීමිත අරක්කු පෙරීම නීත්ය නුකූල වුවත් ලංකාවේ පවත්නා නීතිය යටතේ බලපත්රන රහිතව අරක්කු පෙරීම දඩුවම් ලැබිය හැකි වරදකි. මේ වන විට නීත්යුනුකූල පෙරුම්කරුවන් 28 ක් රජයේ ලියාපදිංචිව සිටී. රට බීම මිළ ඉහළ හෙයින් හොර අරක්කු ව්යාවපාරයට ද හොඳ කලක් උදා වූයේ අද ඊයේ නොවේ.
ගිංඔය අරක්කු ජාවාරමට කුප්රරකට ඉතිහාසයක් ඇත. මේ සියල්ල විවෘත ආර්ථිකයේ ප්රපතිඵල ලෙසින් කෙනෙක් කිවහොත් පුදුමයක් නොවේ. ලංකාවේ රේන්ද ව්යා පාරය සුද්දාගේ පටන් වැදගත් මෙන්ම ලාභදායී කර්මාන්තයක් විය. එදා රේන්ද මුදලාලිලා අද අරක්කු මුදලාලිලා නොවෙතත් ඉන් හරි හම්බකරගත් ‘වැදගත්’ පවුල් ගණන මෙතෙකැයි කිව නොහේ. ඊට සාපේක්ෂව ගිංඔය හොර අරක්කු පෙරීම ඇරඹෙන්නේ 70දශකයේ සිටය. මාගේ ගණනය කිරීම් අනුව එහි ස්වර්ණමය අවදිය වන්නේ 80 දශකයයි. 77 විවෘත ආර්ථිකය සමඟ ඇතිකළ පැලවත්ත, සෙවණගලහිඟුරක්ගොඩ සීනි කම්හල් මගින් ලංකාවේ හොර අරක්කු පෙරීම ලාභදායී ව්යාතපාරයක් වශයෙන් ආරම්භ වීමට අවශ්යු පදනම නිර්මාණය කළේ ය. දේශපාලනය හා ව්යාකපාරික ප්රාජාව ඊට නොමද අනුග්රයහය ලබා දුන්නේ තම වාසිය කතාගෙනය.
එනම් උක් දඩු වලින් සීනි සාදා ඉතිරිවන අපද්රසව්යන මනාව කළමනාකරණය කර මුදා හැරීමට වැඩපිළිවෙලක් නොවූ තැන රජය කළේ හිතවත් ව්යා පාරිකයන්ට හොර අරක්කු පෙරීමට බවුසර පිටින් එම සීනි සාන්ද්රකණ ලබා දීමයි. ඉන් අත පිහිදාගන්නට එවකට රජයට හැකිවිය. කුණු කොල්ලයට බවුසර පිටින් මිලට ගත් ව්යා්පාරිකයෝ ද ආර්ථික වාසිය දඩමීමා කරගෙන ව්යා්පාරයක් ලෙස එය සංවර්ධනය කළහ. මෙලෙස ගිංඔය අරක්කු පෙරීම ඇරඹි මුල් යුගයේ සාර්ථකම මුදලාලි වන්නේ ඔස්මන් මහතාය. පසුකලක ඔහුට අරක්කු පෙරීම අන්තයට ම එපා විය. ඔහු මේ වන විට ඔහු මීගමුව ප්රදේශයේ කාර් සේල් හිමියෙකි.
‘මං ඒ කාලේ හිතුවේ මගේ ලාබෙ ගැන විතරයි. දියුණු වෙන්න කියාපු රස්සාවක් කියලා හිතුවා. දැනටත් අරක්කු පෙරිල්ල හරි ම ලාබයි. ඒත් මං කොහොම ද වෙන පවුලකට ගින්දර දෙන්නේ??’ ඔස්මන් මහතා තම පෙර වැරදි ගැන කීවේ එලෙසිනි. ඔහු නිවැරදිය. අද ගිංඔය අරක්කු පෙරීමෙන් ලබන දෛනික ආදායම 500 000/= කි. ඒ ස්ප්රීත්තු ගැලුම රු 5000/=ට විකිණීමෙනි. ගැලුම් 100ක් හෙවත් ඔවුන්ට අනුව බකට් 100 පෙරීම හැම මුදලාලි කෙනෙකුගේ ම ඉලක්කයයි. මාසික ආදායම තිහෙන් වැඩි කළ අගයයි. නමුත් ඔබ හිතනා තරම් මේ කසිප්පු මුදලාලිලා පොරවල් හෝ ධනවතුන් නොවන බව කියමි. ඉඳින් හූල්ලා පලක් නැත.
ඩලස් සමඟ දෙපැයක්
ඔක්තෝබර් අට වැනිදා නාටක බලන්නත් මං ගියා. එදා මං කැම්පස් ආව ම පවුඩා අදත් එනවනේ කියලා ඇහුවා. දවසේ එහෙම වැඩක් දාගෙන තිබුණෙ නැති නිසා මං බෑ කියද්දි වර වර හොඳ ප්ලේ එකක් තියෙන්නෙ කිව්වා. පස්සේ මං හවහට සිංහ සාලාවට සෙට් වුනා. එදා කෙටි නාට්යහ දිනය. ආරාධිතයා ඩලස් අලහප්පෙරුම. ඩලස් අන්කල් පස්ට කැසුවල් ආවා. ගාඩ් එකක් හිටියෙ නැති තරම්. හලෝ ඩලස්ගෙත් චුට්ටක් තට්ටෙ තියෙනවා. ඇයි අනේ අපේ මහින්ද අන්කල්ගෙත් තට්ටෙ තියෙනවානේ....??? අර සිරස දම්සර මතකද? ඒකෙ මහින්ද අන්කල් වාඩි වෙලා බණ අහද්දි සිරසෙ කැමරාකාරයො කැමරාව පස්සෙ ඉඳන් අල්ලන් ඉස්සරහට ගේනවා. අන්න ඒ මිඩ් ෂොට් එකේ දි මහින්දගේ තට්ටෙ පෙනුන නිසා තමයි රජ ගෙදර පෝයට ධර්ම දේශනාව කැන්සල් වුනේ. අපේ ප්රේමදාස අන්කලුත් ඒ කාලේ කැමරා කරන්න දුන්නේ දකුණු පැත්ත විතරයි කියනවනේ. වම් පැත්තෙන් බැලුවම ප්රේමෙ අන්කල්ගේ නපුරු පාටක් පේනවලු. හැම රෑපගත කිරීමක් ම දකුණෙන් විතරයි. දැක්කනේ දේශපාලනේ කැමරා කෝණ කොච්චර බලපානව ද කියලා.
ඩලාට නම් ඔය එක කෙහුරක්වත් අවුලක් නෑ. මේ ආණ්ඩුවේ ඉන්න ප්රපත්තියක් තියෙන ඇමතියෙක් තමා ඩලා. එහෙම නැතත් මං මිනිහට කැමතියි. එදාත් අන්තිම නාටකටත් බලලා හොඳට එන්ජෝයි කරලයි මෑන්ස් යන්න ගියේ. කාටවත් කරදරයක් වුනේ නෑ. කොටින් ම නම වත් කිව්වෙ නෑ. නමුත් ඉස්සරහින් අසුන්ගත්ත මෑන්ස් ටිකකින් අයිකොන් එකක් වුනා. මං හිතන්නේ ඇමතිට වඩා ඩලස් කියන මනුස්සයා පට්ට කලාකාරයා.
මුල්ම කෙටි නාටකේ සිහින සිත්තම් ප්රාතමික මට්ටමේ එකක්. ඉස්ත්රී වාදය තමා මාතෘකාව. නමුත් කික් එකක් තිබුණෙ නෑ. හොඳ උත්සහයක් කාන්තා අධ්යඑක්ෂකවරිය චලනි ලක්ෂිකා. ඊළඟට පෙන්නුවේ බොක්ස් නාට්යක. පට්ට කොන්සෙප්ට් එක. නියමෙට කළා. නාට්යාට කලින් එහි චිත්තරපටියක් පටන් ගන්නවා. නළුවයි නිළියයි ඇතුළට එන්නේ ඉන් පස්සේ. අධ්යනක්ෂ චාලක රණසූරිය කියන හැටියට බොක්ස් ඇතුළට වෙලා චිත්රපට බලන අය ඕන තරම් ඉන්නවා. ඒ තරමට ම ප්රේක්ෂකාගාරයට වෙලා බොක්ස් එකක් දිහා බලා ඉන්නත් මිනිස්සු හරි කැමතියි.
රජයේ සේවකයෙක් පිටකොටුව බෝ ගහ ළඟින් කෙල්ලක් උස්සනවා. දෙන්න ම එන්නෙ බොක්ස් එකකට. කෙල්ල බලන්නෙ චිත්ර පටිය බොනී මහත්තයා වෙනුවෙන් ඇය ශෝක වීම ඹහුට දරාගන්න බෑ. ඔහු සල්ලි ගෙව්වෙ වෙන වැඩකට. ‘ මං හිතුව ඔයා ටිකක් වෙනස් ජාතියක පිරිමියෙක් කියලා. වෙන මිනිස්සු නම් හදන්නේ විනාඩියකට හරි කාමරේකට රිංගන්න.’ පිරිමියාට ඉස්මුරුත්තාවට තද වෙනවා. ‘නැතුව තොපිත් එක්ක පෝරුවේ නඟින්න යෑ’ නෑ අනේ මං කිව්වෙ අපේ තාත්තට පස්සෙ මාව චිත්රපටියක් බලන්න ගෙනාවෙ ඔයයි කියලයි.
ඇය තදින් ම චිත්රපටිය රසවිඳිනවා. ඒ එක්ක ම විදුලිය විසන්ධි වීමක් ‘කවුද යකෝ ලයිට් නිව්වෙ?’ ඉතිං හොඳයි නේ මෙහෙට එනවා.’ දෙපැත්තෙ බොක්ස් දෙකෙනුත් සද්ද පිටවෙනවා. නැවතත් කරන්ට් එනවා. අන්තිමේ දි තමා ආපු කාරණේ නැවතත් මතක් කරන්න ඔහුට සිද්ද වෙනවා.
‘ඔයා මේ චිත්රපටිය බලලා තියෙනව ද? නෑ.... එහෙනම් බලන්නකො අනේ. මං මේ හිතුවෙ ඔයා මීට කලින් බලපු නිසා අල්ලපු බොක්ස් එක දිහා බලන් ඉන්නවා කියලයි.’ ඔය එක්කම චිරි සද්දයක් වැඩි වෙලා එහා බොක්ස් එක කඩා ගෙන කකුළක් එළියට එනවා. ‘මේ ඕයි මං තමුසෙගෙ කකුළටත් එක්ක ටිකට් ගත්තේ නෑ.’ ඔහු කෑගානවා.
ඒ අතරේ බිරිඳ ඇමතුමක් දෙනවා. චිත්රපටය බලන ගණිකාව කැරට් අලයක් හපමින් ඉන්නෙ. ‘එළවළු ගත්ත ද? ඔව් ආ.... කැරට් ඉවරයි.... නෑ එක අලයක් ඉතුරු කරගත්තා.’ ඔහු ජයග්රාහී හැඟීමෙන් කියනවා. පස්සේ ඔහු කාරණාව කෙළින් ම කියනවා. ‘අයියෝ කළින් කියන්න එපැයි මහත්තයා. මීට වඩා පුංචි ඉඩකදි පිරිමි මගෙන් ගොඩක් දේවල් අරං ගිහින් තියෙනවා. හැබැයි බැරි වැඩ කරන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා. හ්ම් කරන දෙයක් කරගන්නවා.’
නමුත් ඒ එක්ක ම චිත්රපටිය නිමා වෙනවා. ශාලාව ආලෝකවත් වෙනවා. අපිත් ඇත්තට ම බොක්ස් එක දිහා බලන ඉඳලා කියලා හිතෙන්නේ එතකොටයි. කළිසම ඇඳගෙන නළුවත් වේදිකාවට ආවා. උපරිම සිරා.
පන්සල වහලා
පන්සල වහලා හි කතාව එන්නේ හාමුදුරුවො පාර්ලිමේන්තු වැඩම කිරීම පිළිබඳ කතාවක්. රාත්රියට පන්සල ආරක්ෂක හේතුන් මත වහලා. ලොකු හාමුදුරුවො හම්බ වෙන්න පුළුවන් ජාතික ගැටලුවට විසදුමක් ඉදිරිපත් කරන්න පමණයි. තාත්තා අසනීස වෙච්චි වෙලාවෙ සීයා ගමේ පන්සලේ බෝ ගහට බාර වෙච්චි අහපු නිසා දැන් තාත්තට සැත්කමක් කරන්න ඉස්සර පඩුරක් ගැටගහලා යන්න පන්සලට එනවා. නමුත් පන්සල වහලා. හාමුදුරුවො දියවන්නා වැඩලා.
වාණිජ ලෝකය තුළ පන්සල ව්යාවපාරික ස්ථානයක් විදියට වෙනස් වන්නේ කොහොම ද කියන එක ගැන හරි අපූරුවට දක්වලා තිබුණා. ඒක ටිකක් සංකීර්ණ ප්ලොට් එකක්. නමුත් අපූරුවට ඉදිරිපත් කළා. අපේ පන්සල නම් රෑට වහන්නේ නෑ. කොහොමින් කොහොම හරි නාටක ටික බලලා මං ගෙදර එද්දි රාත්තිරි මැදියමත් වෙලා. නමුත් ගෙදර ලයිට් දාගෙන කස්ටිය සාලෙ මොකක් ද බලනවා. මං මේ මොන අරුමැකක්ද කියලා බලන්න මං සාලෙට ආවා. කවදාවත් නැතුව අම්මත් නිදි නෑ. අපේ අම්මා දොළහෙන් පස්සේ ඇහැරගෙන ඉන්නේ බොහො කලාතුරකින්. බැලින්නම් මල්ලා වැඩට ගිහින් තාම ඇවිත් නෑ. ඒකයි මේ සියලු සාමාජිකයන් බලා ඉන්නේ.
වී ආ ෆැමලි
මේ දවස් වල අපේ ගෙදර වාතාවරණය විපරීත වෙලා. හරියට මහ ඔරලෝසුව නැවතිලා වගේ. පවුලේ හතර දෙනෙක්ට හුස්ම වැටෙන බව තේරෙන්නැතිලු. ඒත් මැරිලත් නෑලු. තත්ත්වය බරපලතයි වගේ නේද? මේ සියල්ලට හේතු වුනේ අපේ මලයා හදිසියේ වරායේ පුහුණුවකට තෝරා ගැනීමත් එක්ක. ගෙදරට සුනාමියක් ඇවිදින්. හිනාවුන මූණු අද මැලවිලා ගිහිල්ලා. අපි හිතින් ගොඩක් ලෙඩ වෙලා.
අපේ ගෙදර සංස්කෘතිය හරි විවිධයි. විෂමයි. අම්මයි අප්පච්චියි දෙන්න ම වැඩට යන නිසා අපිට රෑ ගොඩක් පුංචියි කියලයි හිතෙන්නේ. නමුත් ඒක නැති කරන්න නියම වැඩ පිළිවෙලක් එහි තියෙනවා. සාමාන්යඅයෙන් දෙන්න ම ගෙදර එන්නේ හයට. නමුත් මේ කාලය හයාමාර හත වෙන්නත් පුළුවන්. ඉතිං සවස තේ එක අපි පස්දෙනා බොන්නේ රෑ හයයි හතළිස් පහට විතර. එතැන් සිට සවස හතයි තිහ දක්වා දීර්ඝ සපර් එකක් සවස් කෑම වේලක් සමඟ හැපී අවර් එක ඇරඹෙනවා. යාන්ස් කිම් දවසේ සමබර පුවත් පෙළගැස්ම සියල්ල මේ වෙලාවේ තමා. ස්නැක් මොනා හරි කකා ඔහේ කතාකර කර ඉන්න අපේ පවුලේ අය හරි දස්සයි. අම්මා එයාගේ කොරියන් මිත්රයන් ගැන කතාවක්. නංගි ඉස්කෝලෙ පුවතක් ගේනවා. අප්පච්චි තමා මේ ගමේ විස්තර ගේන්නේ. අප්පච්චිගෙ විස්තර වඩාත් වටිනවා. ඒවා ඕප දූප වුනාට ගමේ රටේ සිද්දිනේ. ඒ අතින් අපේ ගෙදර ඕපදූප සෙවීම භාර වෙන්නේ පිරිමි පාර්ශවේට. මේ මං වුනත් හොඳ චීත්තයක් වෙලා තියෙන්නේ අපේ තාත්තගේ අඩි පාරේ ගිහින් තමා.
අපේ මල්ලා කරන්නේ මේ හැම වෙඩිමකට ම හිනා වෙන එක. ඒ ඒ යාන්ස්කරුවන්ට නියමිත වෙලාව හදලා දෙන්නෙත් පොර. අපේ ප්රධාන රසිකයා. දැන් යාන්ස් අහන්න කවුරුත් නැති නිසා අපි කියන්නෙත් නෑ. මං කම්පියුටරේ, නංගි කාමරේ, තාත්තා පත්තරේ අපි හතර දෙනා හතර පැත්තක. බලාගෙන ගියා ම ඔක්කොම එක්කාසු කරලා තියෙන්නේ මල්ලිගේ ගොන් පාර්ට් වලින්. අද ඌ නැති වුනා ම දැනෙන පාළුව විස්තර කරන්න බැරි තරම්. ටී.වී එක නිකම් ම වැඩකරනවා. මං ගිහින් ඔළුව දාලා එනවා. නමුත් සතුට එතන නෑ. පවුලෙ කෙනෙක් නැති පාළුව තේරෙන්න එයා ගෙදරින් ඈත් වෙන්න ඕන. මං නැති වුනාට අපේ ගෙදර මිනිස්සුන්ට පාළු නෑ. ඒත් මහ පාළු මූසලක් ගේ පුරා ම තියෙනවා. මේ ට්රේනින් පීරියඩ් එක ඉවර වුනා ම සියල්ල ආපහු යථා තත්ත්වයට පත් වේවි. අඩුම තරමින් මූව උදේ හවස බලන්න පුළුවන්නේ??? හැමෝට ම දුකයි. නමුත් ඔක්කොම දුක වහගන්නවා. අම්මා කෑම උනත් හදන්නේ කැමැත්තකින් නෙමේ. රෑ අට වෙද්දි සියල්ල නිෂ්ක්රීමයයි. අපි ආයෙත් නැඟිටින්නේ රාත්තිරි එකට මල්ලිව පිළිගන්න. තත්වෙ මෙහෙම නම් ඊට පස්සෙ මල්ලිව රට යවනව ද කියන එක ගැන අම්මාලා කල්පනා කරයි වගේ. නංගි නම් දැනටත් යුද්ධ ප්රිකාශ කරලා. කාලෙකට පස්සේ අපි කටවල් වහගෙන ඊයෙ මැද සාලෙට වෙලා ඔහේ ටීවී එක දිහා බලාන හිටියා. කොහොම කිව්වත් නෝනේ කුරුළු කූඩුව පාළුයි කියාගෙන අප්පච්චි කාමරේට ගියා. මාත් ගිරා මාරු උනා. නංගියි අම්මයි අඩන්න තියාගත්තා.
සක්කරයා කීවත් මල්ලා නම් ගෙදර නවතින්නෑ. අපි ටිකෙන් ටික පාළුවට හුරු වේවි. මං කෝමත් නිශාචරනේ. තව පැයක් ඇහැරන් ඉන්න එක වැඩක් නෙමේ. නමුත් නංගි පහුවදා ඉස්කෝලෙ යන්න නැඟිටලා. මල්ලිගේ කාමරේට ගිහින් යන්නේ. අන්තිමේ බැලුවම වී ආ ෆැමිලි තමා!!
බුදු දහම මානවවාදී දහමක් නොවේ??
පහුගිය දවසක මං ව්යාතපෘතියකට ගිහින් පාර හොයා ගන්න බැරුව මීගමුව පැත්තේ වයික්කාල හරියෙ කරක් ගහද්දි ක්ලාස් මේටෙක්ගෙන් ඇමතුමක් ආවා. මචන් අපේ වැඩක් තියෙනවා මේ ඉරිදි තුනට නාග විහාරෙට වර. ඔන්න කිව්වා. බෙල්ල දාලා පලයන්. කතා කළේ පොඩි සන්නස්ගල කියලා මගේ අනන්දීය බොක්කක්. මොන කෙහුරක් වුනත් අපේ වැඩේනේ කියලා මං යන්න සෙට් කරගත්තා. ඔන්න ඉතිං කියාපු විදියට මාත් නාග විහාරයට තුනට ගියා. බලද්දි සායි බබා කියලා අපේ සිංහල පන්තියේ පොරකගේ බුක් ලෝන්ච් එකක්. පොත ‘අපේ යුගය කෝට්ටේ’ උදාර කණිෂ්ක බණ්ඩාරගේ පළමු පොත. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ පන්සල නොවැ. අපේ කාලේ හිටි බොහෝ දෙනා එහි පැමිණි සිටියා. සමහරු බැඳලා. තව උන් ජෝඩු දාලා ආවා. ඒක අපූරු අවස්ථාවක් වුනා අපේ පරණ නෑකම් අලුත් කරගන්න.
පොත පිටු හැත්ත පහයි. ආරාධිත දේශනය අපේ විශ්ව විද්යා ලයේ සංස්කෘත අංශාධිපති ඉඳුරාගාරේ ධම්මරතන හාමුදුරුවන්ගෙන්. මොකකද් ද මේ ඉතිහාසය කියන්නේ? ඉතිහාසය කියන්නේ රජවරු ගැන කියලයි ඔබ කියන්නේ? ඉතිහාසය කියන්නේ කිරීටයට මරා ගත්තු කුමාරවරුන්ගේ කතාවයි. නෑ ඉතිහාසය කියන්නේ ඒක නෙවේ. නමුත් අපි හිතන්නේ එහෙමයි. ඉතිහාසය දිනපොත් වලින් ලියන්න පුළුවන්. ලියුම් වලින් ලියන්න පුළුවන්. කෝට්ටේ සංදේශ වලින් ඉතිහාස කරුණු කොච්චර තියෙනවා ද? ඉතිහාසය මූලාශ්ර කියලා අපි නොහිතන තැන්වල ඉතිහාස කරුණු දත්ත තියෙන්න පුළුවන්. දැන් බලන්න කටුගෙට ගියොත් දත්කූරෙත් කැටයම් දකින්න පුළුවන්. දත්කූරට කැයම් කරන්න තරම් සියුම් කලාවක් අපිට තිබුණා. අන්න කවුශල්ය. ඒක ශිල්පයක් වෙන්න ඕන. ඒවා පුරුදු කරපු මිනිස්සු තවත් ඇති. වෙන වැඩ නැද්ද මේ දත්කූරු කැයටම් කරන්න? ඒ කියන්න කන්න අඳින්න හොඳට තියෙන්න ඇති. ආර්ථිකය සුරක්ෂිතයි. ඔන්න දත්කූරකින් යන්න පුළුවන් දුර???
බුදුදහම මානව වාදී දහමක් නෙවි. මානව වාදය කියන්නේ මිනිසා ප්රධාන කොට සැලකීම. බුදුදහම සත්ත්ව වාදී දර්ශනයක්. තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න සත්තු යොදා ගන්න පුළුවන් කියලා මානව වාදීන් හිතන්නෙ ඒ නිසා. නමුත් අපි සත්තුන්ගෙන් ජීවත් වීමේ අයිතිය තහවුරු කරනවා. ‘සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ සං ජීවිතං පියං’ දැන් බලන්න අපේ ගම්වල ඉස්සර කුරුළු පාළුව කියලා කුඹුරෙන් කොටහක් වෙන් කරනවා. ඒ සත්තුන්ට.
ධම්මරතන හාමුදුරුවො කියන්නේ අපිට තියෙන්නේ අනාගතයක් හා අතීතයක් පමණයි කියලයි. වර්තමානය කියන්නේ අනාගතයෙන් ගෙන අතීතයේ තැන්පත් කිරීමයි කියලයි උන්නාන්සේ කිව්වේ. අපිට අවුරුදු දෙදහස් පන්සියයක අතීතයක් තිබුණා. දැන් මේ යන විදියට අනාගතයකුත් තියෙයි කියලා උන්නාන්සේ කීවා.
කොච්චි හුටපට
‘සෑම ෆර්දාවක් හැඳි කතක් පිටුපස ම කිරිංචියක් අතින් ගත් මුසල්මානුවෙකු සිටී’ කියන කතාව මං ටක්කෙට ම ප්රත්යක්ෂ කරගත්තෙ පහුගිය දවසක කෝච්චියේ යද්දි. සවස් ජාමෙ මාත් කොළඹ ගිහින් ඉක්මණින් ගෙදර එන්න කියලා හිතාන වේයන්ගොඩ දුම්රියක නැංගා. මේ වෙලාවේ කෝච්චි ගැන කියන්න ඕන වෙන්නෑනේ කට කපා සෙනඟ. කවුද මන්දා සිංහලයෙක් මුස්ලිම් කාන්තාවක් ළඟින් හිටගත්තා කියලා මුසල්මානුවෙක් කෑගෑවා. කොහොමත් පොදු ප්රවාහන සේවා වලදී මුස්ලිම් ස්වාමිවරැන්ගේ හැසිරීම ඔබ නිරීක්ෂණය කළොත් සිංහල මහත්වරුන්ට වඩා තමන්ගෙ නෝනාවරැන් ගැන ඔවුන් සැලකිලිමත් වෙන බව දකින්න පුළුවන්.
කතාව මේක නෙමේ. මාත් ඉතිං ඇන්ටනාව දක්ෂිණාංශිකව තබා ගෙන වටපිට ඇහැලෑවා. දන්න කියන කුමාරිහාමි කෙනෙක් කෝච්චියේ ඉන්නවා. රොඩී කෙල්ල කොහි යනව ද? සැඳෑයම කියලා අහන්න හිතුනත් ඈ ටිකක් දුරින් හිටියේ මට යන්න අමාරු හරියක. මාත් ටිකක් විපරම් කළා. අපි අසල්වාසීන් හැටියට ටිකක් හොයලා බලන්න එපැයි. අනික තනියම යන කතක් ගැන. දැන් කෝච්චිය අදින්නත් ළං වුනා. එතකොටනේ මං දැක්කෙ??
නාඳුනන හස්තයක් ඇගේ උකුල මත. වෙන්න බෑ. දන්න තරමින් ඇගේ මනුස්සයා රටනේ??? අන්න ගෑනු හරි දියුණුයි හා. නෑ ඇත්තට මට ඇගේ පතිවත සැකකරන්න හිතුනේ නෑ. පස්සේ මට කම්පනා වුනා ස්වාමිපුරුසයා ලංකාවට ආ විත්තිය ඈ කිව්බව??? ඒ කියන්නෙ මේ මං නුදුටු ඇගේ සැමියා වෙන්න ඕන. දැන් ඉතිං එක්කො ගිහින් කතාකරන්න ඕන. නමුත් අපිට පාර්ටියක් දීලා අඳුන්නලා දෙන බවයි කීවෙ. මේ වැඩෙන් සැලසුම් සහගත වැඩසටහන අවුල් වෙන්න පුළුවන්. කාරි නෑ කතාකරනවා.
එහෙම හිතාන මං දෙන්නා ළඟට යද්දිම වැඩේ අවුල් වුනා. දෙන්නා එක්ක බිම වැටිච්ච මොකද්ද හොයන්න ගත්තා. දැන් පහතට නැමිලා දෙන්නා ම ලොකු වැඩක. අනිත් මිනිස්සුත් බලනවා. සමහර ගෑනු බිම බලනවා. තවත් සමහරු රවනවා. ‘අනේ හැබෑට මුන්ගේ ලැජ්ජ නැති කමේ සීමාවක් නෑනේ?’ මට තේරුණා වැඩේ අවුල් බව මං ෂේප් එකේ මෙහාට වුනා. ගෑනියි මිනිහයි මොනා කරගත්ත ම මොකද? ඒත් පස්සෙ බැලින්නම් ඒ කොල්ලගේ කලිසමේ නූලක් ඇදිලා. ඒක ගලවන්න තමයි ඇය බිමට නැමිලා තියෙන්නේ. අන්තිමේදි කටින් කඩලා තමයි අයින් කරලා තියෙන්නේ. සුළු සිද්දියක් අප්පා.... හැබැයි කාරණේ ඇත්ත.
අලුත්ම වාර්තා සඳහන් කරන හැටියට අපේ කතානායිකාය මේ දිනවල ටිකක් හැදිච්ච ගෑනු ළමයෙක් විදියට රඟපානවලු. ඇගේ සැමියා හෙවත් අපේ මස්සිනා නියම ගානට හදපු නිසාලු ටිකක් හරි දාංගලේ මට්ටු වෙලා තියෙන්නේ.... අන්න ඒ අතින් අපේ මස්සිනාට පුරිස දම්ම සාරථී ගුණය තියෙනවයි කියන්නේ??? තව කල් යද්දි හොඳට හදලා ගනී කියලයි කස්ටිය නම් කියන්නේ.....
ග්ලැඩියේටර් 2
අර ශාපය ගැන විස්තර කරලා වේටර්වරයා එළියට ගියා ම තරුණ යුවළ අතර ප්රශ්න ඇති වෙනවා. මං කලිනුත් කිව්වනේ ඒ කොල්ල පෝසත් කියලා. ඔහු පරම්පරාව ගැන වගපල කියන්න ගන්නවා. ‘මමීලා පපාල අකමැති වෙද්දි තමයි මං තමුසෙව බැන්දෙ. ෆැමිලි ප්රොපටි එකෙන් සතයක් දෙන්නෑ කියද්දිත් මං බැන්දා. චීත්ත ගවුම් ඇඳන් කැම්පස් එද්දි රෙද්දක් අරං දුන්නෙ මං. ඒත් මං ගොනා උනා......’
දැන් බිරිඳගේ කියවීමට යමු. ‘මං හිතුවෙ ඒ සේර ම ආදරේට කියලා. අනික අපේ අම්මලා අප්පච්චිලා මහ පොළව එක්ක ඔට්ටු වෙලා ගොයිතැන් බත් කරන එක ඇත්ත. ඒත් මිනිස්සුන්ව එච්චර පාච්චල් කරන්න එපා සුපුන්. මං ඔයාට යාළු වෙන්න කලින් කිව්වා. අවුරුදු ගාණක් පස්සෙන් ඇවිත් කරදර කරද්දි මටත් දුක හිතුනා. ඒත් මාත් රැවටුනා. කෙහෙම්මල් ආදරේ.... ආදරේ නිසා ද ඊයෙ සුදු රෙදි එළලා ඇඳට ගොඩවුනේ?? මගේ පිරිසිදුකම දැක්ක ම පුංචි එකෙක් වගේ සතුටු වුනේ... හරියට රටක් රාජ්යයක් දින්නා වගේ! ඔයා ආදරේ දන්නෙ නෑ සුපුන්. මං කවදාවත් ඔයාට හිටපු කෙල්ලො ගාන අහල තියෙනවද? යාළු වුනාට පස්සෙත් ඔයාගෙ පුංචි පුංචි අහු කොන් දැක්ක ම මං කරබාගෙන හිටියා. ඒත් වද කර කර හාර හාර මගෙන් කොල්ලෙක් හිටිය ද කියලා ඇහුවා. මං නෑ කිව්ව ම කා ගැන හරි හිතිලාවත් තියෙනව ද කියලා ඇහුවා. මං අද ඒකට උත්තර දෙන්නම් ඔව් මට එහෙම හිතිල තියෙනවා.
තමුසෙ මං හිතපු කෙනා නෙවි. මං හිතුවෙ හරි අහිංසක කෙල්ලෙක් කියලා. දැන් බැලුවම අනික් උන් වගේමයි. කමක් නෑ මං ඊයෙ කොන්ඩම් පාචිච්චි කළා. මං ගිහින් අප්පච්චිගෙන් සමාව ගන්නවා. මමීලාට මං පිටුපෑවා. ඒත් තාම පරක්කු නෑ. අනේ ඔයාලාගේ වංසෙ. සුද්දන්ට පක්කලිකම් කරලා, රේන්ද වෙළදාමෙන් පෝසත් වෙලා. සල්ලි වලට වාසකමත් වෙනස් කරන් දොන් කෑල්ලක් දාගත්තා. දැන් කළු සුද්දෙක් වෙලා. ඔයා මාව බැන්දෙ තව කෝටියක් කෙල්ලන්ගෙන් ගන්න බැරි දෙයක් මා ළඟ තිබුන නිසා සුපුන්. අපි දුප්පත් වුනත් ඒ දේවල් ආරක්ෂා කළා. අපි ඉගෙන ගත්තා. මොකද ගොඩයන්න පුළුවං එක ම පාර ඒකයි කියලා අපි හිතපු නිසා. ඒත් මාව හපයක් කරලා වීසි කරන්න ඔයාට පුළුවන් ද සුපුන්???
ඔහු බඩු අසුරාගෙන කාමරෙන් ඉවත් වෙයි. විවාහක යුවළගේ කතාව නිම වන්නේ එසේය. මීළඟට කාමරයට පැමිණෙන තරුණ යුවළේ කාන්තාවට ගර්භාෂයක් නැත. ඉතා සාමාන්යම ලෙස එය සලකා ඇය හා සැහැල්ලුවෙන් ගත කරන ඔහු පිළිබඳ ඈ බොහෝ සතුටු වන්නේ තම අඩුපාඩුව නොතකන සැමියකු ලැබීම නිසාය. අවසානයේ දී ඇගේ අඩුපාඩුව ම ඔහුගේ තෝරා ගැනීමට හේතුව බව හෙළි වීමෙන් ඕ උදහස් වන්නීය.
‘මට ළමයි එපා. ඒකයි මං ඔයාව කසාද බැන්දෙ.’ මොකක්?? මේ කොච්චර දේවල් ලැබුණත් සම්පූර්ණ කරගන්න බැරි දෙයක් තියෙන නිසා මං දුකින් හිටියේ. ඔයා ඒක හරිම සාමාන්යන දෙයක් විදියට අරගෙන මාව සතුටින් තිබ්බා. මං කොච්චර සතුටු වුනා ද? ඒත් ඔයා එහෙ ම කළේ..... ඔයාගෙ පැවැත්ම වෙනුවෙන්. ‘නැතුව මං වගේ අවුරුදු ගාණක් වැඩිමල් මිනිහෙක් මේ දුර්වලකමත් තියාගෙන ඔයා වගේ කෙනෙක්ට කැමති වෙයි කියලා හිතුවද?’
ඊළඟට කාමරයට ආවේ බෙරවායො දෙන්නෙක්. එක්කෙනෙක්ගේ පුතා මැරිලා. අනිකාගේ පුතා කැම්පස්. පුතා බෙරකාර තාත්තගෙන් මෙහෙම ඇහුවලු. ‘අනේ බං තාත්තෙ උඹෙ ඔය කෝල්ම් පෙට්ටියට ජේ. ආර් කෝලම එන්නෙ කවද්ද? අඩුම තරමෙ විධායක කෝලමවත්?? මං දන්නෑ කොල්ලො මං ඡන්දෙ දුන්නෙත් නෑනෙ? උඹ කියයි. අප්පච්චි උඹ දුන්නත් නැතත් ඔය ආණ්ඩු තේරෙනවා. අන්තිමට උන් දාන අසාධාරණ කොන්දේසි වලට ඡන්දෙ දුන්නා නුදුන්නනා උඹලත් යටයි. කොල්ලා කියපු කලාව අන්න හේමයි බං. අපිට උරුමෙ කරුමයක් වෙලා.
මෙච්චර ඉහළට උගන්නලා වැඩක් නැති බව දැන දැනත් ඇයි ඉගැන්නුවේ කියලා අපේ එකා අහනවා. ඌ තාම ගෙදර. දැන් මට මූණ දෙන්නෙත් නෑ.....’ කුරුමිණියන් හැම පොල්ගසක් ම ඇතුළින් කාපු බව කියමින් නාටකේ ඉවර වෙනවා. ඉන්දික මේ පාර අවසානය වෙනස් කරලා තිබුණා. නමුත් ඒක හොඳයි කියලයි මට හිතෙන්නේ. සුභ රාත්රියක්’ වේටර්ගේ සුබ පැතුමෙන් නාටකේ අහවර වුනා. ප්රතිචාර උපරිමයි. හිතන්න ගොඩක් දේවල් එහි තිබුණා.
Friday, October 8, 2010
ග්ලැඩියේටර් ප්රේමය 1
අපි සියලුම දෙනා එක පොරේට ගිහින් ඈදි ගත්තා. සීතල ටිකක් වැඩි වෙලා ද කොහේ ද මගේ දකුණු පැත්තෙ හිටිය ළද ස්කාෆ් එකක් පැළඳ ගන්න වුනා. අපි ඉතිං මිටියි නේ ඈ මගේ අත්වාරුවට බර වෙමින් කිව්වා.
නාටකේ ඇරඹුනා. ‘වීසි කරපන් තර්කය, දර්ශනය, මතවාද’ එහි කතානායකයා විස්කි බෝතලයක් අතින් අරං ඇඳක් පාමුල වැතිරිලා කියවගෙන ගියා. අවුරුදු විසි හයක් තමන්ගෙ බිරිඳ නොඑළඹි ඔහු අද තම බිරිඳ සමග හෝටලයක නවාතැන් අරගෙන. දැන් ඔහුට ටිකක් විතර වැඩි වෙලා. තව එක වීදුරුවක් ගේන්න අණ කළත් වේටර්වරයා එය ප්‍රතික්ෂේප කරනවා. ඒ අතර ඔහුගේ බිරඳ ආවා. ‘ඇයි මෙහෙම බොන්නේ. අවුරුදු විසි හයක් මං බලාන උන්නා ඔයා අද මගේ දොරට තට්ටු කරයි කියලා..... ඒත් ඔයා....මට නුහුරක් දැනෙන්නෙ ඔයා දුර ඉඳිද්දි නෙමෙයි. මෙහෙම ඔයා ළග ඉන්න එක....’ ආදී වශයෙන් බිරිඳගේ සෝකාන්තය හරි අපූරුවට එහි චිත්රණය කර තිබුණා.
‘මට සමාවෙන්න. මට ඔයා ගැන හොයන්න බැරි උනා. සමහරවිට ඔයත් යන්න ඇති.’ සමාව අරගෙන ඔහු අපූරු කතාවක් කියනවා. නමුත් ඊට ඇය බොහොම මානුෂිය උත්තරක් දෙනවා. අසල ටීපෝව උඩ ඇති මල් බඳුන පෙන්වමින් “ඔයාට අර මල් වාස් එක පේනව ද? ඔය තියෙන්නෙ ‘ඒක ළගට ගන්න ඔයා හොයන්න ඕනැද? (ඔහු පිපිරෙන තරම් කේන්තියෙන්) මොනව හොයන්න ද? ළගට ගන්නවා මිසක්...... අන්න ඒ වගේ තමා මම. මගේ ලේ නහර ගල් වෙලා ගිහිල්ලා. ඒත් මං එහෙමම හිටියා. මං එහෙම ම හිටියා.!! වේදිකාව අඳුරු කරමින් ඈ කතාව හමාර කළා.
තවත් අවස්ථාවක ඈ මෙහෙම කීවා. අපි ජීවිතේ ගොඩක් නාස්ති කර ගත්තා. සමහර විට මේ අපේ ජීවිතවල අන්තිම තත්පරය වෙන්න පුළුවන්. අනේ ඒ ටිකවත් සැනසිල්ලෙ ඉමු??? සැනසිල්ල.... සැනසිල්ල අපි හිටියෙම සැනසිල්ලෙ තමා..... බලන්න ඔයාගෙයි මගෙයි ආදරේ බරක් තියෙනව ද? ගෑනු පිරිමි එකතු වෙලා හැදෙන ආදරේ බර!! එවිට ඈ මහ හඩින් ‘අවුරුදු විසි හයකට පස්සෙ ආයෙත් ඔයා මාව රිදවනවා? යන්න මගෙන් වෙන්වෙලා යන්න...
කතා නායකයාට ගැටලුව වුනේ දරුවෙක් නැතිකම ඔහුගේ මත් බවත් සමග දරුවෙක් සිටිනා බව ඔහු හිතනවා. කන්දේ සිටින අවතාර යුවතිය තමාගේ දුව යැයි ඔහු සිතනවා. වේටර් සමග කළ මේ කතාබහත් අපූරුයි....
මට කියනවා තමුසෙට ළමයි ඉන්නවා ද? නෑ සර් මං තාම කසාද බැදලා නෑ... කසාද බදින්නැතුව අයිසේ ළමයි ඉන්න බැරි ද? පුළුවං සර්.... හැබැයි ඒක මහ බලු වැඩක් සර්.... (ඔහු මොරදෙමින්) මෙතනින් යනවා අයිසේ... වෙනත් කාන්තාවකගෙන් තමන්ට දරුවෙක් ඉන්නා බව කීවම කාන්තාව ඔහු දමා යනවා. වගකීම් නැති ජීවිතේ අයාලේ ගිය බව එහි දැක්වෙන්නේ මේ ආකාරයට...
අපි නිදහසේ හිටියා. හරිටයට පියාපතින් ගැලවුණු පිහාවක් වගේ. පියාපතින් ගැලවුන පිහාටුව ජීවිතේ ගැන දන්නෙ නෑ.... ලේ මස් නහර එක්ක හැමදාම පිහාටුවට හයිවුණු සම්පූර්ණ අත්තටුව විතරයි ජීවිතේ ගැන දන්නෙ. පිහාටුවක් වගේ පාවෙලා ගියත් හෘදසාක්ෂිය ඉස්සරහින් පාවෙලා යන්න බැරි වේවි....!!! ඒ අංකය අවසානයි.
මේ කාමරේට ම අලුත බැඳපු ජෝඩුවක් මධුසමය ගත කරන්න ආවා. කොල්ලා පෝසත්. කෙල්ල දුප්පත්. අර නෝන්ජල්පහේ වේටර්වරයා නැවතත් තේ ගේනවා. ඒ අතරෙ කවුළුව විවර කරන කෙල්ල කුරුළු පව්ව දකිනවා. ඒ විතරක් නෙමෙයි සුපුන් ඇගේ පෙම්වතාටත් එය පෙන්වනවා. කාමරේට එන වේටර් ඒ කවුළුව වහන්න කියලා කුරුළු පව්වේ සාපය ගැන විස්තර කරනවා.
රාජ වංශයක අන්තිම රජ්ජුරුවන්ගෙ එකම පුතා දඩයමේ ගිහින් ඔය කුරුළු පව්වෙ අතරමං වුනා. ඒ පල්ලෙහා තිබුණා ලස්සන කුඹල් ගම්මානයක්. අන්තිමේ දි කුමාරයා පව්ව අවසානයට ආවා. ඔහු දැක්කෙ අහිංසක ඇස් තියෙන තරුණ කෙල්ලක්. මොහොතකට නාදුනන දෙන්නෙක් වුණ ඔවුන් ඉක්මණින් පෙම්වතුන් වුනා. ඒත් රජ්ජුරුවො ඊට අකමැතිවුනා. රාජ ලේ ඉඳුල් වෙයි කියලා. ඒ කවලම් පරම්පරාවට ඔවුන් ඉඩක් තිබ්බෙ නෑ. දඩුවම වුනේ දෙදෙනාට ම මරණය. රාජ පුරුෂයන් කුරුළු පව්ව වැටලුවා. ඔවුන් ප්රාෙර්ථනයක් කළා. ‘අපේ ආදරය සත්යේක් නම් හෙට ඉර නොපායන්න කියලා. නමුත් ඉර පෑයුවා. ඊළගට තවත් ප්රාඔර්ථනයක් කළා. මේ මීදුම අවසාන නොවෙන්න කියලා. නමුත් මීදුමත් අහවර වුනා.... දැන් කුමාරයා අර කෙල්ලගේ ප්රේමය සැක කරන්න ගත්තා. ඒ අසරණීගෙ සිරුර මෙතනින් වැටිලා කෑලි කෑලි වෙන්න කලිනුත් අඩ අඩ කිව්වෙ මගේ ආදරය සත්යතක්... මගේ ආදරය සත්යරක් කියලා..... අන්තිමට කුමාරයා සාපයක් කළා. මේ කුරුළු කන්ද සදාකල් මීදුමෙන් වැසී තියේවා. කිසිකෙනෙක් හරි අහම්බෙන් දුටුවොත් ඔවුන්ගේ ජීවිත........ ඒක සාපයක්. ඔව් සාපයක්...
එක්කෝ නෝනලා මං හොල්මනක් කියලා හිතන්න. නැත්නම් මට පිස්සු කියලා හිතන්න එතකොට ලේසියි’

අද Techno 2010 ඊයේ බැලීමි
මෙදා පාර රාජ්‍ය යොවුන් නාට්‍ය උළෙල වෙනුවෙන් මටත් ආරාධනයක් ලබා දුන්නේ අපේ අරවින්ද මහතා. මං කොහොමත් කලා රිටක් කියලා පොර දන්නවා. අසූ හාරදාහට වැඩ තිබුණා වුනත් සේරම දමලා ගහලා මං නාටකේ බලන්න ගියේ අපේ මිත්තරයා දුන්න ආරාධනාවත් වැඩක් නැති වෙන නිසා. ඊයෙ (8) වැනිදා බලන්න තිබුණේ ග්ලැඩිඒටර් ප්‍රේමය කියන නාටකේ. ඒ සීන් කෝන් එක ගැන මං අහලා තිබුණා. ඉන්දික ෆර්ඩිනැන්ඩු ගැනත් කියවල කරලා තිබුණ නිසා මං නාටකේ බලන්න හිටියේ හරි ම කැමැත්තෙන් නමුත් කාරණේ වුනේ එදා මට කණ මෝල් වෙන වැඩක් සෙට් වෙච්චි එකයි. කොටින් ම කිව්වොත් මං කරපු ක්ෂේත්තර අධ්‍යයනයක් වෙනුවෙන් ගිංඔය යන්න මට වෙලා තිබුණා.
එහේ ගිහින් කරන්න තිබුණෙ හැලි අරක්කු පෙරීම ගැන ප්රායෝගික පුහුණුවක්. ඒ ගැන පස්සෙ කියන්න වටිනවා.
කොහොමින් කොහොම හරි කැම්පස් එකේ දී දිවා ආහාරය ගත්තු මං තුන වෙද්දි යුනියෙන් පිටත් වුනා. අද මගේ මුල් ම දවසනේ... අනික අර කතාවකුත් තියනවනේ අපායට යතත් පළමුව යායුතුය කියලා. ඒ සියලු කාරණා නිසා මාත් කළින් පිටත් වුනා. අන්තිමට හතරයි තිහ වෙද්දි මං බී.එම්.අයි.සී.එච් එක ඉස්සරහා. යකඩෝ මාර ටයිම් මැනේජ්මන්ට් එක තව පැය එකහමාරක් කොහේ තපින්න ද??
ඒ ඉස්සරහ තිබුණ බිල් බෝර්ඩ් එක දැකපු මට අයිඩියාවක් ආවා. අපේ බිල්ඩින් කන්ස්රක්සන් කරන මාමා කෙනෙක් එහි කුටියක් ගන්න බව කීවා මතකයි. පොතේ හැටියට පොර දතකාගෙන අද වැඩ වෙන්න ඔනා. මං මිනිහගේ ජංගමයට ගත්තා. අනේ බං කොල්ලො රැවුල ගිනි අරං තියෙන වෙලාවෙ තෝ සුරුට්ටු පත්තු කරනවා. පස්සෙ ගනින්. මං ටෙක්නො එකේ වැඩ. හරි වාහේ මං ඒක දන්නවා ඒකනේ කතා කළේ කොහි ඉන්නෙ කීපන්. හේනම් සිරිමා බණ්ඩාරනායකේට වර.
මාත් මාමා බලන්න ගියා. පොර තව පිරිසක් එක්ක කුටියක් ප්ලෑන් කරනවා. ඇත්තට ම අපි නොදන්නවා උනාට ප්රදර්ශන අපිට පෙන්නන්න කී දාහක් මැරෙනව ද කියලා තේරුණේ එහි ගියාට පස්සේ. හැමෝ ම වැඩ. සමහරු බෝඩ් ලෑලි ඇතුළට ගේනවා. තව අය පාස්සනවා. සමහරු රිවට් ගහනවා. තීන්ත ගානවාත වැඩ කෝටියයි. මං සියල්ල පොටෝ ඇල්ලුවා. නමුත් වැඩි වෙලාවක් ගියේ නෑ........
මල්ලි පොඩි සපෝර්ට් එකක් දෙනවද කවුද බුවෙක් මගෙන් අහපි.... බෑ කියන්න බැරි කමට සහයෝගයක් දීපු මං ටිකකින් වාෂ්ප වුනා. එළියට බහිද්දි එළියේ එක යුද්ධයයි. සමහර ඉන්ජිනේරු ආයතනවලින් තමන්ගේ බඩු ප්රදර්ශන භූමියට ගෙනාවෙ කන්ටෙනර් පිටින්. තව ප්රධාන පෙළේ ඇඩ්වර්ටයිසින් ආයතන වල බිල්බෝර්ඩ් පුරවපු ලොරි නිසා වාහන තදබදය දරුණු වුනා.
ඒ අතරෙ හයේ හතරෙ දෙන්නෙක් ලොකු මිටියක් කාරිය අරං එළියට බැස්සා. ඒ අයට තමා කොඩි හිටවන්න බාර වෙලා තියෙන්නෙ. ඒ වෙද්දි වහින්න ටිකක් කළු කරපු නිසා මං වෙන්ට්ඩ් යන්න පාරට බැස්සා. මෙට්ලන්ඩ් ප්ලේස් හරහා ටොරින්ටන් ඔස්සේ මං යද්දි ටික දුරක් කුරුදුවත්තෙ ඇන්ටි කෙනෙක් එක්ක ටික දුරක් දිව්වා. ඒක පට්ට ආතල් ක්රියාව. නමුත් ඉක්මණට හති වැටෙනවා. ඒත් දුවන කතුන් දිහා බලාන ඉන්න නැවතෙන්න මට වෙලා නෑ. නාටක පෙළපාලියට හැදූ තොරණ තමා මෙහි තියෙන්නෙ. මං ඇතුළට ගියත් තාම සෙනග ඇතුළට දාන්න පටාන් ගෙන නෑ. හැබැයි දන්න කියන මුහුණක් තිබුණා. අපේ පවුඩා හා එම මැතිණියකත් එහි ඇවිත් හිටියා.
More pics :
Monday, October 4, 2010
බලු ඔපරේසන් බයි එම්.බී.බී එස් කොම්ර්ස්
ඉස්සෙල්ලත් මං දඩෝරියා ගැන පෝස්ට් එකක් ලියපු නිසා දැන් කවුරුත් දඩෝරිය කියන්නෙ අපේ කැම්පස් බල්ලන්ගේ (මං කිව්වෙ කකුල් හතරෙ උන් ගැන ආයුබෝවන්) විමුක්තිදායකයා කියලා තමුන්නාන්සේලා දන්නවා ඇති නේ?? දඩෝරියා අද 04 වැනිදා උදේ පාන්දර මං කැම්පස් එද්දි නෙස්ටමෝල්ට් එකක් හේම අරගෙන කුකුළත් අතින් අරන් කන්ද නගිනවා දැක්ක මාත් මිනිහව චැටකට අල්ලා ගත්තා. අර ඉතිං බල්ලන්ට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියලා කතාවක් තියෙනවනේ... දැන් දඩෝරි ලෑල්ලට පාගනවා. මාත් අරින්නෙ නෑ. විදලා තමා යනවා.
මට අද අබාගෙ තිබුණෙ යක්කු ගස් නගින වෙලාවට. මද්දහනෙ ඉර මුදුන් වෙන වෙලාවට මොන විබාගද බොලං. තියෙන දෙයක් කාලා බීලා කුදලනවා මිසක්කා. ඒත් හේම කියලා හරියන්නෑ නොවැ. අන්තිමේදී කැඩි කැඩී කෙරුණු අපි දෙන්නගෙ හතර කන් මන්ත්රණෙන් දඩෝරිස් මේ යන්නෙ අසාධ්ය තත්ත්වයේ ඉන්න තමන්ගේ මිත්තරයෙක් බලන්න කියලා මට කීවා. වෙලාව තිබුණ නිසා උදේ පාන්දර මාත් ගේමට එන්ටර් වුනා. මහ පාර දිගේ ඇවිත් දඩෝරිස් බුදු පිළිමෙ ළගින් වමට දැම්මා. දැන් අපි යන්නෙ පුස්තකාලෙ පැත්තට. අනේ ඉතිං බල්ලොයි මමයි කියවන පොත්?? මං ඉතිං කාරණාව ඇහුවෙ නෑ...... ඔය කට මැත දොඩන ගොඩක් නායක බල්ලො අපේ පුස්තකාලෙ පැත්ත හැරිලා නිදා ගන්නෙවත් නැති බව ඇත්ත වුනාට දඩෝරිස් එහෙම නෙවෙයි ද කවුද දන්නේ???
අපි අන්තිමට නැවතුනේ වාණිජ පීඨයේ පර්යේෂණ අංශය ළග. අපි යද්දිත් දොස්තර මහත්තුරු ඇවිත් ලෙඩා ළග හිටියා. ගිය ගමන් එම්.බී. ඒ දොස්තරු එක්ක කතා කරපු දඩෝරිස් ඇඳ ඉහපත් අංකයත් පරීක්ෂා කෙරුවා. පස්සෙ තමා ලෙඩා ළගට ගියේ. කතාවුන හැටියට ඒ දඩෝරිස්ගේ එක හැළියේ වළඳපු මිත්තරයෙක්. බුදු බොක්කක්. නමුත් මොකක් හරි හේතුවක් නිසා එයාගෙ ඇහැක් තුවාල වෙලා තිබුණා. හදිසි අනතුරක් කියලා දඩෝරිස් මිත්තරයාව අපේ එම්.සී එකට අරං ගියත් බාරගෙන නෑ. පස්සෙ වැඩේට අත ගහලා තියෙන්නෙ වාණිජ පීඨෙ කස්ටියක්. අපි යද්දි පුළුං අරං සර්ජිකල්, ජෙම්සන් වයලට් අරං කට්ටිය ඔපරේෂන් එකට ලෑස්ති වෙලා හිටියා. අපේ රෝගියා ‘වයිට් රෝවර්‘ බොහොම දුක්මුසු ලීලාවෙන් අපි දිහා බලා හිටියා. හරියට එයාට අනුකම්පා කරන්න කියනවා වගේ. ඔන්න කවුද ඇවිත් පාන් වගයක් කෑලි කඩලා දැම්මා. රෝවර් ඒක කද්දි එයාට නින්ද ගියා වගේ. ඒ එක්ක ම ප්රදධාන වෛද්ය තුමා කස්ටියට කතා කළා. ‘හරි අපි දැන් එයාට සිහි නැති කළා.... දැන් රෝවර්ට රිදෙන එකක් නෑ... අපි වැඩේ පටන් ගනිමු. මුලින් ම තුවාලෙ සුද්ධ කරලා විෂබීජ අයින් කරලා බෙහෙත් දැම්මා. සැරවා ඔක්කො ම හිරිකිතක් නැතුව අපේ තරුණ දොස්තර නෝනලා පිහිදානවා දැකලා අපේ දඩෝරිස්ට කඳුළු ආවත් එක්ක. අන්තිමේ දී මට වැඩක් වැටුණ නිසා එතනින් ඉවත් වෙද්දිත් කස්ටිය වැඩේ කරගෙන යනවා. මේ සියලු කටයුතු කළේ අපේ වාණිජ විද්යා පීඨයේ සහෝදර සහෝරියන් පිරිසක්. ඔවුන්ට අද විභාගෙත් එක්ක. ඒත් හරි අපූරු සත්ව කරුණාවක් අපි පාන්දරින් දැක්කා. නම් වශයෙන් කියන්න නොදන්නවා වුනත් ඒ සියලු දෙනාට ඇවරිගේ ගවුරුව පූර්වක ඉසතුතිය හිමිවෙන බව කියන්න ඕන.....

Friday, October 1, 2010
බලු දානයට එරෙහි ඩෝරියාගේ කැරැල්ල
එළඹෙන්නේ අපේ වස්සානය වුවද ඇතමුන්ගේ අන්තිම නරක කාලයයි. මා එසේ කියන්නේ විශ්ව විද්යානලයේ තැන තැන සැරිසරන පූස් බලු වර්ගයාගේ දුර්භික්ෂ සමය හෙට අනිද්දායින් ඇරඹෙන බැවිනි. පසුගිය අධ්යකයන වර්ෂයේ අවසාන දින ජිම් කැන්ටිමේ දී අපට මේ ගැටලුව ඇති විය. ගැටලුව මතු කළේ අලුතා විසිනි. “ඒ දැන් මුන් නිවාඩු කාලෙට කන්නේ මොනවා ද?” පූස් පැටවෙක් හා ඥානකතාවක් බෙදාගනිමින් ඔහු විමසීය. නමුත් අප යමක් කරන්නට පෙර සත්ගුණවත් දානපතිනී වීරසේකර මැතිනිය තම බලුදාන සංකල්පය ආරම්භ කරමින් ඊට වැඩ පිළිවෙලක් සකස් කළාය. කල්යත්ම ලාබ නොලබන තවත් රාජ්යප නොවන සංවිධානයක් වූ CAPSI එකමුතුව එයට බැතිබර දායකත්වය සැපයීය. දැන් එය CAPSICH ලෙස නව මුහුණුවරකින් ක්රියාත්මක වන අතර එහි මෙහෙයුම් විධායිකා ප්රවදීපා කුලසේකර මෙනවිය ප්රකාශ කර සිටියේ පසුගිය සෙමෙස්තරයේ ඔවුන් ලද ප්තිචාර සැලකිල්ලට ගනිමින් දිනපතා බල්ලන් සඳහා දන්වැට පිළිගැන්වීමට අදහස් කරන බවයි. තවද වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙම සංකල්පය පූසන් අතර ද ප්රචලිත කරමින් ඔවුන්ට ද සමබල ආහාර වේලක් සැපයීමට තරම් තමන් ආර්ථික හා පිරිස් බලය අතින් ශක්තිමත් බවයි. දැන් බල්ලන්ට හා පූසන්ට විශේෂ වරප්රයසාදයක් හිමිව තිබේ. නොමිලේ කෑමට වෙසක් දන්සැල් එනතුරු බලා සිටිය යුතු නැත. දවල් කෑම අවුල් වගේ නම් කළ යුත්තේ ජිම් කැන්ටිමට පැමිණ සහෝදර බල්ලෙකුගෙන් මග අසා බලු දානසංමය මුණ ගැසීමෙන් ප්ර ණීත ආහාර වේලක් ලබා ගත හැක.
මුලින් හොඳ මට්ටමින් තිබුණ ද දැන් දැන් බලු දානය සඳහා දෙනු ලබන කෑම පළිබඳ බල්ලන්ගෙන් බලවත් චෝදනාවක් නැඟෙමින් තිබේ. පූසන් නම් නිර්මාතෘවරියගේ තුරුලේ සැපට සුරතල් වන බැවින් උන්ට එහි වගේ වගක් නැත. නමුත් බල්ලන් තම කැවූ මව්ගේ ඇඟේ එල්ලෙමින් විරෝධය පළ කරනු දැකගන්නට පුළුවන. ජිම් කැන්ටිමට කෑම පැයේ දී පැමිණිය හොත් ‘බල්ලා කැටුව යන කාන්තාව’ චිත්රයපටයේ දෙවන කොටස “බල්ලන් කැටුව යන කාන්තාවෝ” දින පතා 1.30 දර්ශනය නැරඹිය හැකිය. ප්රපධාන චෝදනාව නම් CAPSICH ආයතනය මගින් බල්ලන්ට ජිම් කැන්ටිමේ බත් ලබා දීමයි. මේ වන විට කොළඹ නගරයේ හෝටල් සීල් තබා ඇති ආකාරයට කැලණි සරසවියේ ජිම් කැන්ටිම ද සීල් තබන දිනය වැඩි ඈතක නොවේ. මිනිසුන්වත් නොකන බත් මුල් ගෙන බල් කොළ පිටින් ම දිග හැර කනවනම් කාපල්ලා යැයි කියමින් තමන්ට අපහාස කරන බවත් ඉන් තම ශරීර සවුක්යට හා ආත්ම ගවුරවයට බලවත් හානියක් වන බව කියමින් ඒකාබද්ධ බලු දානහිමියන්ගේ සංගමයේ සභාපති දඩෝරියා මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් උපකුලපතිතුමා වෙත ඉදිරිපත් කර තිබේ.
තත්ත්වය එන්න එන්න ම දරුණු වන හෙයින් කාරණාව ගොඩින් බේරා ගැනීමට ප්රදීපා සහ වීරසේකර හවුල සමත් වූයේ මෙලෙසිනි. නිවාඩු කාලයේ ජිම් කැන්ටිම් පවා වසන අතර තුර දිනපතා යුනි පැමිණ බල්ලන් සඳහා බත් මුල් බෙදා දීමට ගිවිසුමක් අත්සන් කෙරිණි. මෙම ද්වීපාර්ශවීය එකඟතාවය මත දඩෝරිස් පෙත්සම ද ඉල්ලා අස්කරගත්තේය. දැන් නිවාඩුවේ දී ගෙදර හැදූ බත් කන්නට බල්ලෝ පුලමින් සිටිති. පොරොන්දුව පුස්සක් වන්නේ දැයි ඇවරි විමසිල්ලෙන් පසුවන බව මෙහිලා වගකීමෙන් කියාසිටිමි. බලු දාන සංකල්පයේ නිර්මාතෘතුමියනි, මේ ඔබේ අවධානය පිණිසයි!!!

දිවිල්ල අවසානය... අපි හති වැටී සිටිමු.
දැන් දැන් සරසවියේ නොනිල නිවාඩුව ඇරඹී ඇත. විශේෂවේදී බොහෝ දෙනාගේ විභාග නිම වෙමින් පවතී. ඉන් පසුව ඇරඹෙන්නේ නිවාඩුවවයි. අපේ පිරිසට ද කටයුතු රාශියකි. මීළඟ චාරිකාව සූදනම් කළ යුතුය. ඊට අදාල සියල්ල මේ වර ක්ලෝසා බාර ගෙන තිබේ. ඔහු හැමදා මෙන් මෙවරද භාණ්ඩාගාරික වනු ඇත. අවසාන චාරිකාව වූ “අනුරාධපුර සයිකල් වටවන්දනාවේ” දී අප නැවතී සිටි මිහින්තලේ රටරට විශ්ව විද්යා ලයේ ආචාර්යවරුන්ගේ නේවාසිකාගාරයේ යතුර ඩෙනිමේ ඔබාගෙන පැමිණ යළි එය කුරියර් කිරීමට ගොස් අතින් කයිට් වූ භාණ්ඩාගාරික ඔහුය. නමුත් තනතුරේ වගකීම ක්ලෝසා අකුරට ඉටුකළේ ය.
අප බයිසිකල් සවාරිය පිළිබඳ මට ලියන්නට නොලැබුණි. අප පළමු සංචාරය වූ නුවරඑළිය චාරිකාව අමු ම පිස්සුවක් විය. නමුත් අපි හොඳින් විනෝද වීමු. මේ සියල්ල මැදින් අපි යානිගේ සොයුරියගේ විවාහයට ඇරියුම් ලදිමු. තවත් ඕපා දූප රැසකි. ඒවා වෙන ම කොළම් යටතේ ලිවිය යුතුය. දැන් මගේ ඔන්ලයින් ඩයරිය පිළිවෙලක් වී තිබේ. මොඩරේට් කිරීම නිසා කමෙන්ටු ගැන ද බයක් නැත. පුංචි ආත්ම වරුණාවක් ලීවේ සුන්දර කතාවක් කීමට නොවේ.
ඉතිහාසයේ මා දුටු දරුණුත ම මහජන ග්රුහස්ත ප්රචණ්ඩත්වය විශ්ව විද්යා ල භූමියේ දී ම සියල්ලන් ඉදිරියේ දුටු මම ඒ තුච්ඡ ක්රීයාව ගැන බලවත් ලෙස කණගාටු වෙමි. අයුක්තිය ඉදිරියේ නිරුත්තරව සිටීමට සිදුවීම පිළිබඳ ඊටත් වඩා මා මා කෙරෙහි ම කෝප වන අතර ඒ දැක ඒ දෙස බලමින් නිවටුන් ලෙස සිටියවුන්ට වැහි නැති හෙණ ඉල්ලමි. (ඉන් එකක් මා කරා ද පහත් වන සේක්වා... ආමෙන්) තරමක වැසි සහිත කාලගුණයක් පැවති හෙයින් මා කුඩයක් ගෙන පුස්තකාලය වෙත ගොස් මිත්ර සමාගමය හා එක් වීමට යළිත් ජිම් එකට පැමිණීමි. හරියට ම ඇතුල්වන දොර ළඟින් තරුණියකගේ ඉකි බිඳුමක් ඇසුණු අතර බොහෝ දෙනා ප්රධාන පිවිසුම ඉදිරියේ රැස්ව සිටියහ. පහර කීපයක් වදින හඩ මා ඉදිරියට පිය මනිද්දී ඇසුණි. වහා ආපසු හැරුණු මා නැවතත් පඩිපෙළ නැඟ විද්යාර පීඨ පිවිසුම වෙත ගොස් යළි සෙමින් පඩිපෙළ බසිමින් නිරීක්ෂ්ණ යේ යෙදෙමි.
තරුණිය වැරෙන් අල්ලා ගන්නා ලද තරුණයා කකුළෙන් පහර කීපයක් ඇන්නේය. ඔහු උන්නේ හෙමින් මුමුණමිනි. ඇය තවමත් හඩන්නීය. මා කුඩය අකුලන්නට තත්පර වන විට ජවනිකාව නිමා විය. චරිත දෙක ම රංග සමාප්තිය සනිටුහන් කරමින් කර්ටන් කෝල් සඳහා පැමිණියහ. වැස්ස නිසා එළියට යා නොහැකිව එහි රැඳී සිටියවුන් ද ඔවුන් දෙදෙනාගේ හඩ ඇසීම නිසාදෝ බිටතට පැමිණි දෙදෙනා දෙස බැලුයේ බොහෝ වේලා බලාපොරොත්තු වූවා මෙනි. සමහරු පුදුම වූහ. සමහරු ඔලොක්කුවට සිනාසුනහ. මට නම් මහා අප්පිරියාවක් දැනුණි. සැණෙකින් තරුණිය ඇගේ මිතුරියන් විසින් ද තරුණයා ඔහු පිරිවර විසින් ද කැටුව යන ලදී. මා වැනිව නාටකය බලනු පිණිස ම එහි රැස්වූවෝද එහෙ මෙහෙ ගිරා මාරු වූහ.
එය පවුල් අවුලක් බව සැබැවි. දෙදෙනා විසින් නිරාකරණය කරගත යුතුව තිබුණි. නමුත් නින්දිත ලෙස තරුණියකට මහා දාවලේ පහර දීම නියම ක්රමය නොවේ. නිසැකව ඔවුහු පෙම්වතුන්ය. තරුණිය ද යුතු නොවන අකටයුත්තක් කර ඇතුවා විය යුතුය. නැත්නම් එපමණ වැඩිහිටි සිසුන් පිරිසක් එදෙස බලා සිටින්නේ නැත. මා දන්නා කියන ගණන්කාරකු ද එහි විය. ඔහු හෝ මැදිහත් නොවූ බැවින් ඔහුට ද ලකුණු නොලැබේ. මේ සියල්ල සිදු වූයේ ශිෂ්ය මධ්ය ස්ථානය පෙනෙන දුරිනි. සිසුවියන්ගේ ආරක්ෂාව පතා වැදිබණ දෙසන්නෝ කරබාගත්හ. ඒ ඔවුන් අනුදත් සම්ප්ර දායයි. සිසුන් වෙනුවෙන් පෙනී සිටීමයි. පෙරළා එන ගමනේ දී බියකරු නොනිල වධකාගාරයක් වූ ජිම් කැන්ටිම දෙපස අඳුරු මුල්ල වෙත විමසුම් නෙත් හෙළීමි. එය එවැනි කටයුතු නිතර සිදුවන කුප්රකට තැනක් බව පසුව දැනගතිමි. පිටත කිසිවෙකුට එහි වන්නේ මොනවාදැයි හරි හැටි නොපෙනේ. දුර සිට බැලුව ද පැහැදිලි නැත. නැවතත් ගූඩ මුල්ල දෙස බැලූ මම එහි දියවූ නාදුනන තරුණියගේ ආත්මයට නිගා කළ පාපතරයාට සාප කළෙමි. හෙට ඒ මුල්ල තවත් බිල්ලක් ගනු ඇත. ඒ අතින් ජිම් කැන්ටිම යනු අන්තරාය අඩවියකි :o

මරණ දෙකකට ඇස දුටු සාක්කිය වීම.
කවුරුන් හෝ හිඟන්නා උදෑසනින් අවදි කර ඇත. කාටත් පුදුමය. මට දුකය. කාරි නැත. දැන් හැල්මේ දිවිය යුතු නොවේ. විනාඩි පහළොවකින් පතරාසය නිම කරගත හැකිය. කවදාවත් නැතිව දකුණුපස දොරක් ළඟ පැළපදියම් වීමි. මා බැසිය යුත්තේ අනෙක් පස දොරිනි. මේ පැත්තේ වේදිකාවක් නොමැත. රාගමදී මාරුවීමට සිතාගත්තෙමි. ඕ....... හුනුපිටිය දුම්රිය නැවතුමේදී කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඉදිකරන චීන ඉංජිනේරුවන් දැක ගන්නට අද ඉඩක් නොලැබේ. ඔවුන් වැඩ කොතෙක් නිම කර ඇත් ද? මා මනෝමයෙන් ගණනය කළෙමි. අවම වශයෙන් කණු වල කොන්ක්රීට් මිශ්රුණ නිම කර තිබිය යුතුය. ඔව් එය එසේය.... මිනිසුන් අතරින් බැලුවෙමි. චීනුන් වැඩට හපනුන් වන්නා සේම මේ ව්යායපෘතියේ වැඩ කරන්නන් දිවා රෑ වැඩ කරනවා විය යුතුය. මම සාමාන්යෙන් හතයි දහයට පමණ හුනුපිටිය පසුකරමි. ඔවුන් වැඩ පටන් ගෙන බොහෝ වේලා බව පැහැදිලිය. එහි අණ දෙන්නන් නැති තරමිනි. එකෙක් සිතූ විට විශාල කොබෙල්කෝවක් පණ ගන්වා වළක් කපා නැවතත් යන්ත්රය වෙන ඉසව්වක නතර කර හරි බරි ගැසී ආසනය සකසා නිදිය ගනී. ලාංකිකයකු පදවාගෙන වැඩ බිමට ආ ටිපරයක් නවත්වන චීනෙක් එතැන් සිට රියදුරා වී ලාංකිකයා සහයක කරගනී. මේ සියල්ල වන අතර හුනුපිටිය ස්ටේසමේ ප්රකට සපත්තු පාලම අන්තයේ සිට තවත් චීනෙක් හඩ දෙමින් ඇදෙන දුම්රිය දෙස නිසොල්මනේ බලා හිඳී. මා ඔහුගේ දෙනෙත් ගත් වහා දැහැනින් මිදී සිනාසෙමින් අතවැනීය. අද මට නොපෙනෙන්නේ එම මිතුරන් ය.
හුනුපිටිය පසුකර යන විට ඇතින් පළමු රේල් පීල්ලේ දුම්රියක් එනු දුටිමි. අප යන්නේ තෙවන පීල්ලේය. දෙවන පීල්ල තවමත් අප පසුනොකළ නගරාන්තර සීඝ්රපගාමී ගණන්කාරයා වෙනුවෙනි. සියල්ල හොඳින් සිදුවුවහොත් හොරපේ දුම්රිය ස්ථානයේ දී චණ්ඩියා අප අබිබවනු ඇත. ඔව් ඔහුගේ හූ හඩ ඇසේ... හදිසියේ ම තරුණයෙක් හා තරුණියක් දෙවන රේල් පීල්ලෙන් මතු විය. ඉන්ටර්සිටිය ඔවුන් දැක්කා විය යුතුය. තරුණයා සිටියේ බරපතල දුර ඇමතුමකය. පෙම්වතිය ළඟ සිටිය දී මෙපමණ කතාවක්?? ඇරත් රේල්පීලි මත??? පිස්සෙක් මා මට ම මුමුණා ගතිමි. ඔවුහු දෙවන පීල්ලෙන් පළමු පීල්ලට පැන්නාහ. දැන් වංගුවක් බැවින් මා පසුපස බැලුවේ ඉන්ටර්සිටිය ළංව දැකීමටය. කිසිවක් ඉහළින් වීසි වී ගොස් මට එහා පෙට්ටිය ආසන්නයේ පතිත විය. ඔව් ඒ රේල්මගේ ගමන් කළ තරුණියයි. ඇගේ සොයුරා මට නොපෙනුනි. එම් හතර කන්කසන්තුරේ එන්ජිම මා හැඳින ගතිමි. එය හෙමින් නතර වනු පෙනුනි. ආහ්...... අර කෙල්ල ඉවරයි.....!!! එහා දොරේ සිටි සිද්දිය දුටු මහත්මා කීය. සැනින් පැමිණි නුවර රේල්ලුව ලේ වැකි ඈ සිරුර මගෙන් වසන් කළේය. නමුත් මද දුරක් යද්දි මස් ගොඩක් වූ ඔහුගේ සිරුර යකඩ යකා විසින් අමතක කර දමා ගොස් තිබුණි. අප රියදුරා ද ගමන බාල කළේ ය. දැන් ඉදිරි සියලු දුම්රිය නවතින බව පැහැදිලිය. සංඥා ලද හෙයින් අපට නතර කළ නොහැක. එක් මඟක් හෝ නිදහස් විය යුතු නිසාවෙනි. හෙමි හෙමින් එඩේරමුල්ලට යන විට එහි දුම්රියක් නතර කර තිබුණි. එහි සිට රාගම දක්වා මාර්ගයේ දුම්රිය හතක් උන් හිටි තැන් වල ම නතර කර තිබුණි. නිවාඩු දවසක් වීද කොපමණ දුම්රිය ප්රමාණයක් එක ම මාර්ගය බෙදා ගන්නේ දැයි මට හොඳ හැටි පැහැදිලි විය.
සිද්ධිය අමතක කර ළමුන්ට උගැන්වීමි. නමුත් ඩෙනිමක් ඇඳ සිටි ඔහුගේ සිරුර මට දැනුදු මෙනෙහි කළ හැකිය. රාත්රී ප්රනවෘත්තියක් ලෙස නැවත මා සිරුර දුටු නමුත් එය සියැසින් දුටු වග වරිග සභාවේදී නොකීවෙමි. කියුවා නම් ප්තිඵල භයානක වනු ඇත. දුම්රිය යනු ලංකාවේ අන්තරායකර ම ප්රවාහන සේවයයි. අනාරක්ෂිත ගේට්ටු මගින් හා රියදුරන්ගේ නොසැලකිල්ලෙන් සිදුවන අනතුරු නිමක් නැත. යාන්ගල්මෝදර සිද්ධිය ඔබට මතක ඇත. එසේ තිබියදී දුම්රිය මාර්ගයේ දුරකථනය කනේ රුවාගෙන සිහියතක් නැතිව ගමන් කිරීම අනතුරට අතවැනීමකි. ඔහු හා ඇය ඊට වන්දි ගෙවා ඇත. මා තවත් නිහඩ සාක්කිකරුවකු පමණකි.

රේල් පීලි උඩ
තවත් කලබලකාර ඉරිමාවක මම නැඟී සිටියෙමි. මගේ අටම්පහුරු දින චරියාව අනුව සතියේ කලබල ම දිනය රිවි දින බැව් ඔබ දැනටමත් දන්නවා ඇත. සාපේක්ෂව ශනිදාවේ ඇති රාජකාරි වඩාත් බුද්ධිමය වන බවත් කය නොව සිත වෙහෙසා වැඩ කළ යුතු දිනය එය බවත් සැබැවි. නුමුත් ඉරිදාවේ මා ඇවිදිය යුතු දුර හා නිරාහාරව සිටිය යුතු කාලය බොහෝ වැඩිය. ශරීර පුෂ්ටිය අතින් මා වියළි පරඩලක් තරම් හෝ නොවන්නේ කන්නට නැති කමින් නොව කන පමණ නිසිවේලාවට නොකන බැවිනි. ඉදින් පෙර සඳහන් කරන ලද පරිදි පුංචම්මා ඇගේ නිවසට ගොඩවන කවර මොහොතකදී වුවද මා පැමිණි විට පිඟානක් අතින්ගන්නීය. හරියට ම කිවහොත් මගේ කායවර්ධන චිකිත්සාව මෙහෙයවන්නේ ඇය විසිනි.
ඇත්තට මා එතරම් හීන්දෑරි සිරුරකට උරුමකම් කියන්නේ ඇයි....?? මේ වන තුරා එය මට ගැටලුවක් වී නැත. වරක් සංචාරණය පිළිබඳ එක් දෙසුමකදී ආචාර්ය ප්රශාන්ත පෙරේරා ගුවන් සේවිකාවන් ගැන සඳහන් කරමින් අපූරු කතාවක් කීය. “ළමයි මෙතනින් කී දෙනෙක්ට ගුවන් සේවිකාවක් වෙන්න පුළුවන් ද???” කිසිදු ස්තිරියාවක් වචනයකුදු නොකීහ. “ම්..... මෙන්න මෙයාට නම් පුළුවන් වෙයි.” යැයි කියමින් තරමක පෙනුමැති නර්මදා පෙන්වා සිටි ඔහු මෙසේ ද කීය. “ඇයි එයාට විතරක් පුළුවන් අපි ලස්සන නැද්ද....?? නේද ළමයි? නෑ හැම කෙනෙක්ට ම ආවේණික ලස්සනක් තියෙනවා... කවුද එහෙම කිව්වේ??? ” අයියෝ ළමයි මොකා හේම කිව්ව ම අපිට මොකෑ?? අපි වගේ කෑපී පේන ලස්සනක් නැති උදවිය එහෙම පණ්ඩිත වාක්යසයක්වත් දාලා ෂේප් වෙන්න එපෑයැ???...” කතාව එතනින් අවසන් විය. නමුත් ඇත්ත වශයෙන් ගුවන් සේවිකාවන් එතරම් ලස්සන වන්නේත් ගුවන් යානා අභ්ය?න්තරය එතම් අපූරුවට නිමවා ඇත්තේ සහ ඔබට එහිදී අගනා කෑම පිළිගන්වන්නේත් පිළිගත හැකි මානසික අවශ්ය තාවයක් මතය. ඒ සියල්ල ඒ වන විට ඔබ අඩි දහස් ගණනක් ඉහළ අහසේ සැරිසරන බව අමතක කරවීමට යොදන ප්රයෝගයන්ය. යම් හෙයකින් ගුවනේදී නිකමට හෝ ඔබට යම් අවිනිශ්චිතතාවක් ඇතිවී නිවස, බිරිඳ දරුවන්, හරි හම්බ කරගත් දේ මතක් වුව හොත්....... බිය නොවන්න!! ගුවන්ගතවන ඔබට යානයේ සංග්රහ සත්කාර භුක්ති විඳින තුරාවට සැප නින්දක් මිස මේ මනස්ගාත කිසිත් කරදන නොකරුනු ඇත. කිසිම හේතුවක් නිසා ගුවන් මගීන් කේන්ති නොගැන්වීමට වග බලා ගැනීම ගුවන් සේවිකාවගේ පළමු වගකීම වන්නේ එලෙසිනි.
නැවතත් සටහන තබමි. මා කැලණිය දුම්රියපොලට යන විට වේලාව හත පමණ ඇත. සාමාන්ය්යෙන් නිවාඩු ඉරිදාවේ කිරිබත්ගොඩ සිට පට්ටිය හන්දියට යාමට පැය කාලක් ප්රමාණවත්ය. දුර බසයකින් නම් කාලය විනාඩි දහයකි. කොහොමින් කොහොම හෝ මගේ කෝච්චිය 7.03 ට යෙදී තිබුණද කවුරුත් නම් කර ඇති පරිදි හිඟන්නා පැමිණෙන්නේ 7.20ට පමණය. ඊට කලින් යන නුවර නගරාන්තර දුම්රියට මාර්ගය සැලසීම ඊට හේතුවයි. හිටිගමන් හිඟන්නා නියම වෙලාවට පැමිණේ. නමුත් මම ඊට අකමැති වෙමි. ඒ තවත් විනාඩියක් හෝ නිදි සුව විඳිය හැකි නිසා නොව මා ප්රිපය කරන ගායකයාට කෝච්චිය මඟහැරෙන බැවිනි. සෑම දිනකම ඔහුගේ පෙට්ටියට නැඟ ජෝතිපාලගේ සාජ්ජයක් අසමින් රාගම දක්වා ගමන් කිරීමේ පුරුද්දක් මා සතුය. මුලින් මා ඔහුට මුදලක් දුන්න ද දැන් හැමදා ම ඉරිදාට මා යන නිසා එය නොදෙමි. ඔහු කිසිවිටක කිසිවෙකුගෙන් මුදල් නොඉල්ලයි. පුංචි සහයෝගයක් දෙන ලෙස මතක් කිරීමක් පමණි. බිම තබා ඇති වට්ටියට කාසි නෝට්ටු යහමින් වැටේ. අප දෙදෙනා උනුන් හා නිහඩව ඇති කරගත් සම්මුතියක් පරිද්දෙන් හැමදා සිනාසෙමු. මට පෙනෙන හැටියට ඒ ගායනාවෙන් කිසිදු පළක් නැත. මා මෙන් ම මේ දුම්රියේ යන්නෝ දිනපතා එහි ගමන් කරන්නෝ වෙති. ඔවුහු මේ ගායකයා හොඳින් හඳුනති. ඇතමෙක් මුදල් ද දෙති. නමුත් එක ම පුද්ගලයාට දිනපතා මුදල් දීම මට නම් නීරස කටයුත්තකි. ඒත් ඔහුට හෝ මගීනට එපා වන බවක් පේන්නට නැත. අඥාත ගායකයාගේ ගතයුත්තක් වේ නම් ඒ ගීත ඇල්බමය සතියෙන් සතියට මාරු කිරීම ය. ඇසෙන්නේ ජෝති උපහාරයකි. නමුත් ගී නැවුම්ය. ගිය සතියේ සිටි ගායකයා මේ සතියේ එහි නැත. රහස එය විය යුතුය.

සැලොනඟනගේ ත්රෙඩින් කෙරුවාව
අංගනාව බැංකුව ළඟ දී හමුවීමට යොදා ගත්ත ද ඇය හමුවූයේ නැත. ඇගේ යෙහෙළියට මා පසුව හමුවන බව කියා සැලොනය වෙත ගියෙමු. තෙත බරිත ඇඳුම් වලින් නැඟෙන මුඩු ගඳ නැහැ පුඩු අඹරවන සුළුය. සැලොනයකට යාමට තරම් මා ශිෂ්ටාචාර සම්පන්න නොවන කොතෙක් කීව ද චිලී එය කණකට නොගත්තාය. ඒ ඇගේ හැටිය. කිව්වොත් කිව්වා මය. එළදෙන ඒ වැසි දිනයේ ද පැළඳ සිටියේ විසිතුරු රිදීයෙන් වැඩ කළ මිරිවැඩි සඟළකි. ළා දුඹුරු පැහැ ගත් එය වැස්සට කළු පැහැ වී තිබුණි. ළඟ බාටා හෝ ඩී. එස්. අයි කඩයක් විණි නම් රබර් සෙරෙප්පු යුවලක් ගෙන ඒ මා හැඟි වහන් සඟළ බෑගයේ දාගන්නවා සිකුරුය. නමුත් මාගේ (අ)වාසනාවට ළඟ පාතක එවැන්නක් නොතිබීමේ කරුමයට වන්දි ගෙවීමට සිදුවූයේ මඟ දිගට ඇගේ හීල්ලුම මුසු ඇඩියාවට සවන් දීමෙනි. “අනේ මගේ සපත්තු දෙක..ඃ” ඕ කන් කෙඳිරි ගෑවාය.
කතාවෙන් කතාවෙන් අපි සැලොනයට පැමිණීමු. “අක්කා නම් ළඟට ගියා - කෝල් කරලා නෙමේ ද ආවේ???” පිළිගැනීමේ නිලධාරියා විමසා සිටියේය. කාන්තාවට පමණයි සැලොනයක පිළිගැනීමේ නිලධාරියෙක්??? මට දාහක් පුරස්න ඇති වූ නමුත් චිලීට එහි වගේ වගක් නැත. “ආ අපි වාඩි වෙලා ඉන්නම්....” කී ඇය පාවහන් ගලවන මෙන් මට සන් කළාය. අප පැමිණියේ පන්සලකට හෝ පල්ලියකට නොවන වග දනිතත් අයහපත් කාලගුණය ගැන සලකා පාවහන් ගැලවීමි. මා ඇද ගෙන ගොස් විසල් සෝපාවකට බර වූ ඈ ගෙදර මෙන් පුවත්පතක් දිග හැර ගත්තා ය. මිනිත්තු ගණනකින් සැලොනඟන පැමිණුනි. ඇගේ අතවැසි කත පසෙකින් විය. මගේ තේරීමේ හැටියට නම් දෙවැන්නිය සැලොනඟනට වඩා හැඩකාරියකි. හරි මං එනකම් මේක කියවන්න. ඈ මා අතට දුන්නේ ‘ඇට්ටේරියා මල් සුවඳ’ නම් කෙටිකතා පොතකි. සැණින් චිලී සැත්කම් කාමරයේ විය. මම දිගට ම කියවීමේ නිග්මන් වීමි. එය කසිකබල් මල් කතා පිරි කෙටිකතා පොතකි. සැලකිය යුතු ළමා කතා නම් කීපයක් තිබුණා මතකය. ත්රෙඩින් යනු එපමණ කාලයක් වැය නොවන්නක් බව ඇස්දැකීමෙන් දනිමි. එහෙයින් සම්පූර්ණ පොත කියවීමට යාම ඵල රහිතය.
ත්රෙඩ් එක අතින් ගත් සැලොනඟන වරක් එළියට පැමිණ මට වතුර ඕනෑ දැයි ඇසුවාය. මා නැතැයි කී කල ඈ හිස සලා ඇතුළට ගියාය. කාලය ගෙවී යනු නොදැනුනි. චිලී හඩමින් පැමිණ මා ඉදිරියේ විය. කීප වරක් පොඩි කළ දෑස් රතු වී තිබුණි. සාමානයෙන් චිලී ටැප් එක අරින්නට පසුබට වන්නේ නැත. කොටින් කීවොත් ඇහින් නැතත් නාහින් අඩාගත්ගමන් ය. කඳුළු අතරින් සිනාසෙනු දුටු මට ඉබේ ම සිනා පහළ විය. ගළවා ඉවත් කරන ලද බැමි කෙස් නළලත විසිර තිබුණි. ඈ සිටියේ මහත් වේදනාවෙනි. ඉඳින් සිනාව ආයාසයෙන් නතර කර ගතිමි. මා මුලින් සැලොනයෙන් පිටට පැමිණිය ද සහයක සැලොනඟන මා දෙස බලා සිටියා මතකය. හෙට අනිද්දා නැවත ඈ බැලීමට යා යුතු බව සටහන් කරගනිමින් චිලී බසයක නංවා මා යළි යුනියට ආවේ අගනාවගේ වේටිමක් ඇති හෙයිනි.
අයං අබාගං කාලෝ......
ම් මේ දිනවල විභාග සමය(o) බැවින් වැඩි වශයෙන් යුනිය තුළ සිසුන් ගැවසෙනු දක්නා නොලැබේ. ඒ ඒ නිශ්චිත ස්ථානයන්හි පමණක් දුම්මල ගසා හෝ එළවිය නොහෙන පෙම්වතුන් පමණක් දැක්ක හැක්ක. හුදෙක් ඔවුන් ප(නැති) දේ ලෙස සැලකීම වරදකි. කලින් ගිවිසගත් පරිදි හෝ කිසිවෙකු විසින් කිසියම් නිශ්චිත හේතුවක් වෙනුවෙන් රඳවා ඇති සෙයක් පෙනෙන මේ තරුණ ශිෂ්යග යුවලක් පුංචි හෝ තැන් මාරුවක් කළ හොත් ඒ ඒ තැන්හි ගැවසෙන සෙස්සන්ගේ වුව ද හිතට හරි නැත. ඒ තරම් අදෘශ්යපමාන සම්මුතියකින් ඔවුහු නිශ්චිත ස්ථාන කරා බැදී ඇත්තෝය. මේ අසවලා.. අර එයාගේ එයා..... අර ඔව් ඒ දෙන්නා.... ඇදී වශයෙන් එකිනෙකා අතර මනා අවබෝධයක් සිසුන් සියල්ල අතර වේ. යුවලක කොල්ලා දකින ඔබ කෙල්ල ද ඒ ඉසව්වේ ඇති බව විශ්වාස කරන්නේ ඒ නිසාය. වැරදීමකින් හෝ නව යුවලක් දුටු විට එය තම අභ්ය්න්තර මතකයේ තැන්පත් කර ගැනීමට කාලයක් ගන්නා මිතුරන් මා දැක ඇත. හොඳයි ඔබත් එසේ නොකරන්නේ යැයි කිවහැකි ද?
දැන් නම් බොහෝ දෙනාට විභාග කාලය අවසාන වී තිබේ. එහෙත් සමහරු තවම විභාග මානසිකත්වය හිස දරා සිටිති. සියල්ලන් ම විමසා සිටින්නේ නව සෙමෙස්තරය ඇරඹෙන්නේ කවදාද යන්නයි. ඒ අතර යුතුකම් ඉටු කරන්නෝ, වගකීම් දරන්නෝ ගොඩබාන අලුත් නැව ගැන කතිකා කරති. ඔවුන්ට වැඩ මහ හුඟකි. ඒ අතරට විභාගය යනු ප්ර ශ්න මාලාවකි. කොල්ලන්ට නම් සෙමෙස්තරය නොවැම්බරයේ ඇරඹීම හොඳය. ඒත් වයස යාම ගැන ළතැවෙන්නෝ ඊට විරුද්ධ වෙති.
යුනිසික් විභාගය නිම වීමත් සමඟ බහුලව පැතිර යන රෝගයකි. ළඟපාත සිටින උදවිය විභාගය නිමවූ දා පටන් ම ජොලියට කැම්පස් එති. වැඩකට නොවේ. නිකම් එති. පැමිණ ගෙනෙන දෙයක් කා ඕපාදූප කෙළ යති. ඉතිරිය හෙට පැමිණ කොන්ටිනිව් කරති. ජිම් කැන්ටිමේ හෝ වේවා, හිල්ටන් එකේ හෝ වේවා මෙලෙස විභාගය නිම වූවෝ මහ හඩින් සාද කතා පවත්වනු දැකිය හැකිය. ඊට පසෙකින් විසි තිස් දෙනා හෙට පැවැත්වෙන විභාගයට අවසන් කුප්පිය දැමීම ඔවුන්ට විශය නොවේ. අපි දු ඒ වරද කළෙමු. නමුත් මාගේ අබාගය තවමත් නිමවී නොමැති නිසා සමාවක් ලැබෙනු ඇත.
තරමක වැසිබර කාලගුණයක් වූ බැවින් අපි සියලු දෙනා ජිම් කැන්ටිමේ සාද කතාවෙන් කල් යැවීමු. අංගනාවක් බලාපොරොත්තුවෙන් මා එහි තත්පර වූ අතර ක්ලොසා, තුනයි තිහට ඇති ප්රශ්න පත්තරයට සූදානම් වන යානි විසින් ස්ථාවර නියෝග මත එහි රඳවා ගන්නා ලදී. දෙතුන් වරක් මා ඈ ඇමතුව ද අංගනාව නොආවාය. වැස්ස පායා ඇති හෙයින් චීලී ද සැලොනයට යාමට ඇවටිලි කළාය. ඇගේ ඇහි බැම ප්ලග් කරගන්නට ඈ කැටුව යන බවට මා පොරොන්දු වූවා මතකය. නමුත් අංගනාව සිටින්නේ බරපතල අඩියකයයි සිතීමි. උදේ මා ඇමතූ විට ඇයට මා හමු වීමට ම අවශ්යට බව කීවේ ඒ නිසා විය යුතුය. අවසනදී චිලී සමඟ මගට බටුයෙමි.
කඟවේණා ඉගිලී යන්නේ ඒ නිමේශයෙනි. අප කවුරුත් දන්නා ආලෝක (ලයිටා) නිවසේ තිබූ පල්සරය කොළඹ ගෙන ඒම නිසා දැන් මෑන්ස් යන්නේ උඩිනි. අප නිකවැරටියේ ඔහුගේ නිවසේ ගිය විට අලුතා අගලකට පෙරළා ගත්තේ ඒ බයිසිකලයයි. මට බර්සරිය සයින් කරන ලෙස කී ඔහු අසුරු සැණින් නොපෙනී ගියේ ය. සියල්ලට කළින් මා කළේ ඉතිපිසෝ ගාථාව කියා කුරුසය සටහන් කිරීමයි. මීළඟ ප්රාශ්න පත්තර දෙක ද ලයිටා විසින් ලියනු දැකීම මගේ අරමුණ වූයෙන් මා අවංකව ම සමිඳානන්ගෙන් ඌට අනතුරක් නොවේවායි පැතුවෙමි. බිය ගන්නට කාරණා නැත. දැනටමත් හැට හැත්තෑවක් රක්ෂණය කර ඇති ලයිටා තමන්ට ජීවිතාවරණක් නොදා සිටීවියයි සිතීම උගහටය. නමුත් වඩුවාගේ ගෙදර නැත්තේ ද පුටුව ම බව මා අසා ඇත්තෙමි.
මම ගුරුවරයෙක්මි.
වේලාව උදෑසන හත වූවා පමණි. උදේ රැයින් නැඟිට මගේ සිසු දරුවන්ගේ සිනා සපිරි මුහුණු බලනු රිසියෙන් ප්රිබෝධමත් සිතින් කැලණිය දුම්රිය ස්ථානයට පැමිණියෙමි. මා වෘත්තිය ගුරුවරයකු නොවේ. එය මෙහිලා සඳහන් කරනු වටී. නමුත් සිතැඟි විසින් මෙහෙයවනු ලැබූ මා මිත්ර සමාගමයක කැඳවීමෙන් කොළඹින් නුදුරු ගමක ළමා නිවාසයක සිටින දරු දැරියන්ට එළඹෙන සාමාන්යය පෙළ විභාගය වෙනුවෙන් ඉතිහාසය විෂය ඉගැන්වීමට පටන් ගතිමි. මුලදී මිතුරන් හට බැහැයි කීමට නොහැකි වූ නිසා ම වගකීම කරට ගත්ත ද කල් යත් ම ඉගැන්වීම මට පත්තියන් විය. ඒ නැතත් මව්පියන්ගේ රැකවරණය ආදර සත්කාර නොලැබ පාලක පාලිකාවන් යටතේ සීමාසහිත නිදහසක් භුක්ති විඳින ළමා නිවෙස්නයේ දරුවන් හා දෙපැයක් වැනි කෙටි කාලයක් ගත කිරීම දැන් මගේ සතියේ ප්රිවයත ම අංගය වී ඇති බව කිවයුතුය.
මව්පියන්ගේ අගය වැටහෙන්නේ ඔවුන් මිය ගිය දාට යැයි අසා ඇත්තෙමි. දෙමාපියන් හා නොහොඳ නෝක්කාඩු ඇතිකරගත් සෑම අතීත තත්පරකට ම මා ද්වේශ කරන්නේ දෙමව්පියන් අහිමි ඔවුන්ගේ කතාවලින් ලත් දැනුමෙනි. දරුවන් ලෙස අපට ඔවුන්ගේ වෙසෙස් අගයක් නොදැනෙතත් එහි වටිනාකම ඔවුහු මට මනාව පසක් කළහ. ඉඳින් මා ඔවුන්ගේ ගුරු වූවා නොව ඔවුන් මට ගුරු වූ සෙයකි. අනෙක් අතට කාලයක් මතක හිටින පින්කමක් ලෙස මා කරන්නේ ද මේ සත්ක්රිුයාව පමණි. කොයි හැටි වෙතත් නිවාඩු දිනයේ ද උදේ පාන්දර නැඟී සිටීම කිසි ලෙසක කළ නොහැක්කකි. මා කුමක් හෝ අවැඩක් සිදු කිරීමට තතනන විට “කොහේ යන්න ද? හා හරි හෙට උදේ නැඟිට්ටුවෙ නැති උනා ම ඉවරයිනේ” යනුවෙන් කීම අම්මාගේ සිරිතයි. දැනුදු උදෑසන මා අවදි කරන්නී ඇයයි. කට දොවා තේ බී නැවතත් ඇඳට වැටෙන විට තම තේ කෝප්පය රැගෙන මගේ ලියන මේසය මත වාඩි ගෙන ඈ කරනුයේ කලින් දින මා කුරුටු ගෑ සියල්ල සීරුවට කියවීමයි. ඇය ආහාර පිසීමට කුස්සියට යන්නේ ඉන් පසුවය. ලියූ දෑ වල ගුණ දොස් මා ඇඳ පැළඳ ගන්නා අතර ඇසීමට පුළුවන.
ඉරිදා නිවාඩුවේ මා නොවැරදී ම යන මේ (කු)අප්රොකට සංචාරය අම්මා සැක මුසු බැල්මෙන් විපරම් කළ ද කිසිවක් නොවිමසා සිටියාය. එහෙත් හිට්ලර් මහතාගේ උකුසු ඇස ඒ කෙරේ යොමු වූයේ සති කිහිපයක් ඉරිදා උදේ කෑමට මා ගෙදර නොසිටි නිසාවෙනි. ඉරිදා උදේ කෑම සහ කැඳ පිළියෙළ කරන්නේ අප්පච්චි හිට්ලර් විසිනි. බොහෝ විට එය අමුතු ආහාරයක් වන්නේ ඔහු රොටි පුච්චන්නේ නම් අනුමානයකින් තොරව එය පළහන බැවිනි. කොළ කැඳ ද ගොටුකොළ, හාතවාරිය හෝ දෙහි කොළ වැනි කටේ තියන්නට බැරි දෙයකින් සෑදීම අප්පච්චිගේ හැටියයි. නංගීට නම් මේ හැම අරහංය. ඔහුගේ නිත්යක පාරිභෝගිකයා වන්නේ ද එක හුස්මට කැඳ සියල්ල ඇද දමා ස්තුතියක් පිරිනමන්නේ ද මා විසිනි. (හැම ඉරිදා ම දෙවරක් දත් මදින්නට සිදු වීම පුංචි හිරිහැරයකි)
මා නැවතත් දවල් කෑමට ගෙදර එන්නේ ද නැති. නිවාඩු ඉරිදාවේ අපේ ගෙදර කුකරි යුද්ධයකි. ඒ අම්මා සහ පුංචම්මා අතරය. අම්මා ගෙදර සිටින නිසා ඇය වෙනදාට වඩා විශේෂයක් කරන බව පැහැදිලිය. නමුත් පුංචී ද ඊට දෙවැනි නොවේ. ඈට දරුවන් නැති හෙයින් අපේ දෙවන මව් ඇයයි. මට කෙසේ වෙතත් මල්ලීට හා නංගීට නම් ඈ අම්මා ය. බසයෙන් පැමිණ එහි ගොඩවුනහොත් නොකා එන්නට නොහැක. මා අන්ත බත් බඩගිනිකාරයෙක් නිසා හවස් ජාමයේ ගොඩ වුව ද “ලොක්කො අද නම් මෙහේ ...” කියමින් දවසේ මෙනුපත මා වෙත ඉදිරිපත් කිරීම ඇගේ සිරිතය. මල්ලී සහ නංගී කිසිදිනක දිවාපත නිවසින් නොගනිති. ඉඳින් ඉරිදාට දෙවරක් කෑමට මට සිදුවේ.
ටික දිනකින් ප්රසශ්නයට පිළිතුරු දෙන්නට සිදු විය. ඒ දිනවල දහම් පාසල් තරඟ ද යෙදී තිබූ බැවින් එහි ද සිසුන් පුහුණු කිරීමට මට නියම විය. පොඩි හාමුදුරුවන් මා අවදි වන වෙලාව දන්නා නිසා නවයට පමණ මා අමතන විට නිවැසියෝ නිරුත්තර වන්නේ ආගිය තැනක් නොදන්නා නිසාය. “යන තැනක කියලා පලයං. නැත්නම් ඔය දඩවහල්ල ඔන් කරලා තියපන්. රටේ ම මිනිස්සුන්ට පොරොන්දු දීලා නිවාඩු දවසේත් රෝන්දෙ යන්න තියාගත්තේ... දැන් ඔය උදේටවත් කාල ද? කැඳවත් බීලා නෙවෙයිනේ ගියේ??” තාත්තා පළමු වෙඩි මුරය පත්තු කළේ ය. ඔහුගේ ගැටලුව මා උදේ කැඳ නොබී ම බව පැහැදිලිය. “ඒ මදිවට රටේ ම ඔඩ්ඩියො කෝල් කරනවා... මොකක්ද ඔය හැමදාම යන හොර ගමන??” අම්මා අගුල්පත් තැබුවාය. ඇයට ගැටලුව වූයේ උපහාරයට ලැබෙන මිස්ඩ් කෝල්ස් වැල විය යුතුය. ඩයලොගය අක්රිය නම් එය සාමාන්ය තත්ත්වයකි. මේ සියලු චෝදනා මේ කණින් අසා අනෙක් කණින් පිට කිරීමට සිදු වන්නේ දහම් පාසලේ සිසුන් මා එනතුරු බලා සිටින බැවිනි. දැන් මා සිටිය යුත්තේ එහිය. මා වඩාත් අවශ්යා වන්නේ ද ඔවුන්ට ය. සියලු අවලාද ඉවසමින් මා එහි ගොස් එම කටයුතු අහවර කළෙමි.
යළි කෑම මේසයේ දී නංගී මා විත්තිකරු කළාය. අවසන සියල්ල හෙළි කළෙමි. අම්මා ළමුන්ට බෙදා දීමට පොත් දෙන බව කී අතර නංගී පෑන් පරිත්යාුගයට ද තාත්තා එක් ආහාර වේලක බර පැන ද දැරීමට එකඟ වූහ. මගේ අවසාන පන්තිය පවත්වන දින කුඩා සාදයක් පවත්වන්නට කටයුතු නිර්මාණය වුයේ එලෙසිනි. දැන් උදෑසන මා යායුතු එකම කෝච්චිය වෙනුවෙන් අම්මා නොවරදවා මා අවදි කරවයි. තාත්තා කැඳ සෑඳීමට වෙනදාටත් කළින් නැඟිටින්නේ අනිවාර්ය පාරිභෝගිකයාට දෙන ප්රකර්ශයක් (special intensive) වශයෙනි. සියල්ල හොඳින් විසඳිනි. මා තවත් එය සැඟවී නම් සැකයක් මිස අවබෝධයක් ඇති නොවනු ඇත.

Subscribe to:
Posts (Atom)