මේ සදාලය මාස දෙකක් තුනක් මගේ ඩ්‍රාෆ්ට්ස්වල
පිළුණු වෙච්චි නිසා අලු ගසා දාල පබ්ලිෂ් කරන්න හිතුවා. මුල් කතාව කියවපු අයට මතක
නම් ඇවරි හරිනි මඟුලට කොළඹින් පිටත් වුනේ ම රෑ දොළහත් පැනලා. ජයා විසින් ශ්‍රද්දා
භක්තියෙන් අම්බලන්ගොඩ රේල්වේ මාස්ටර්ගෙන් නිදහස් කරගත් මල් කූඩය යොදාගෙන ශාලාවේ
සැරසිලි නිම කිරීම චමිත අයියා වෙනුවෙන් භාර ගෙන තිබුනෙ පල්ලි අයියා විසින්.
අන්තිමේ දි පල්ලිත් කකුල කඩාගෙන වෙඩිමට නොඑන බව දැනුම් දුන් නිසා සඳරු අයියාට සහ
ඇවරිගේ මයිණුවන් සූටා සහ වින්දික භාත්කණ්ඩේ
ඇතුළු ලා තණකොළ පෙත්තාස් කණ්ඩායමකට වැඩේ පැවරිලා තිබුණා.
රාජකාරි වැඩ වලින් හෙම්බත් වෙලා ගාල්ලට
නිදාගෙන ම යන්න හිතාගෙන ඒ. සී එකේ නැග්ගත් ගල්කිස්ස පහුවෙද්දි එහා පැත්තේ යන
කුමාරිහාමිට උරහිස දන් දෙන්නත් වුනා. ඒකත් සමාජ සේවයක් නොවැ හිතාගෙන ඇගේ හිසේ බරත්
දරාගෙන හද්දා නිදිමතේ යන බස් ගමනේදී අපේ එවුන්ගෙන් විනාඩි පහෙන් පහට කෝල්ස්. දැන්
කොහෙද? කාල ද ඉන්නේ? නිදාගන්න එහෙම එපා...!! හරි තැනින් බහින්න.. අයියෝ ලා
චෝරු...!! ඒ අස්සේ ටීම් මල් රාජ්ලා ඇවරිට අසූ හාරදාහට මල පන්නලා කුණුහරුප මාලාවක්
අහගත්තා... කතා කළේ ඇවරිගේ සහෝදර පරාණය
සූටා මල් කුමාරන්.. අයියේ මාර වාඩේනේ....?? ඇයි ඒ පාර කාගේ මොනවාද දාල
ඇවිත් තියෙන්නේ... සාමාන්‍යෙයන් මේ වගේ වෙලාවට අපේ බුවාල දාලා ආපු රෙද්දවල් ගැන
කියන්න තමා මට ගන්නේ...!!
සූටා මාලා නාටකයක් පටන් ගත්තේ මාව බබා ගානට
දාලා. දැන් අයියෙ පල්ලි අයියානේ චමිත අයියා වෙනුවට මේ වැඩේ බාර ගත්තේ...!! ඉතිං
දැන් පොර එන්නෙත් නෑනේ??? ඒක කමක් නෑ කියමුකෝ අයියා... ඒත් පල්ලි අයියාට ගේන්න
කියපු වෙට් ෆෝම් ටිකත් එනනෙ නැති එකයි ප්‍රශ්නය... ඇයි වාහෙ උදේට අහවල් එකට ද මල්
ගහන්නේ වෙට් ෆෝම් නැතිව?? උඹෙ..... xxxxxxපොඩ්ඩක් ඉන්නකො මං කියනකම්... ඔයාගෙත් කඩියා පුකේනේ..???
පොඩ්ඩක් ඇත්නම් සරම කරේ නේ?? හා ඉතිං කියහන් යකෝ විජහට.. අපි දැන් හෝටලේ ඉන්නේ.
මෙතනින් අපි ඊයෙ මඟුල් ගෙදරකට ගහපු වෙට් ෆෝම් ටිකක් හොරකම් කරගත්තා. ඇති වෙයි වගේ.
ඉක්මණට වරෙන් ගොක් ගෙඩි වලට කෙහෙල් ගස් කපන්නයි, මගින් හොරාට පොල් මලක් කපා ගන්නයි
තියෙනවා. මැදෑ දැන් රෑට හොරකමේත් පලකෝ ඉතිං...
වෙලාව දෙකයි
තිස් පහ වෙද්දි මං හෝටලේ ඉස්සරහට ආව. උරහිසට හොඳ ගනන්. ඒ අංසෙට විතරක් ම නම් මැදෑ.
බස් එක නවත්වන්නත් කලින් ඈත තියා ම අපේ මල්රාජ්ලා සෙට් එක බස් එක නැවැත්තුවා.
සුපුන් අයියා තමා එතෙක් අපේ බුවාලා රඟ දක්වපු නාටකේ විස්තර කළේ. “වෙලාවට උඹ මේ බස්
එකේ ආවෙ. නැත්නම් මුං එන හැම බස් එක ම නවත්වනවා. උඹ ඉන්නවද බලන්න. කතාව ඇහුවම සූට
ගාලු පාරෙ යන ඒසී බස් නවත්තලා මං නොබැස්සොත් යන්න කියනවාලු. අන්තිමට ගියපු බස්
කොන්දා බැණලා ගියා කියලයි සුපුන් අයියා කිව්වෙ.
ලොකු අක්කාත්
ආවාම සුපුන් අයියා ජීප් එක ස්ටාට් කරලා නගින්න කිව්වා. සූටයි සඳරු අයියයි මලු
දෙකක් අරං ඇවිත් ලිලී පොකුරක් ඇවරි අතට දීලා නගින්න කිව්වා. දැන් තොපි රෑට හෝටලේ
ඉන්නැද්ද??? රම්පෙට පොරි හැලෙයි!! බණ කතා නොකර වරෙන් බන් යන්න. මේකෙ වැඩ කරන උනුත්
මීට පැය බාගෙකට කලින් නිදා ගත්තා. කොහෙද තෝ ඩක්කුවකනේ ගාලු ඇවිත් තියෙන්නේ...!!
වෙන්නේ මොකක්ද කියලා නොදැන ඇවරි අන්දුන් කුන්දුන් වෙද්දි අපි මහගෙදරට පිටත් වුනා.
කුමාර කන්දෙන් නොදා හික්කඩුවෙන් හරවලා අලුත්වල හරහා අම්පෙගම යන ගමනේ දි කනත්තක් ළඟ
නරත කරලා සූටා සහ සඳරු මල් රාජ් ඩබල අරලිය කොළ කඩන්න ගියා.
අපි ගෙදරට
යද්දි පාන්දර දෙකහමාර විතර ඇති. ගිය ගමන් ඇවරි රාත්‍රී ආහාරයට බත් කෑවා. එළියට
එද්දි සාලෙ දෙතුන් දෙනෙක් පෝරුව හදනවා. ගොක් කොළ වලින් කළ පෝරුව ළඟ සමන්ත බාප්පාත්
වැඩ. අපි කතන්දර කිය කිය ගොක්ගෙඩි හදාගද්දි ඉස්සරහ ගෙදර මාමත් ඇවිත් අපේ විහිළුවලට
සම්මාදම් වුනා. එක පැයක් හරියට නිදා ගන්න ලැබුණෙ නෑ. පහ මාරට ළා
තණකොළපෙත්තාස් ඩෙකෝ ටීම් එක හෝටලය බලා පිටත් වුනා. මනාල යුවළ විසින් ඉඳුල් කරන
මේසය සෑදීම භාරව සිටි ඇවරිගේ නැඟණි තොමෝ අසෙනිය කුසුමත් නිදි ගැට කඩමින් කුණු කෙළ
පෙරාගෙන අපි එකක් ආව.
ගින්දර වගේ මල්
ටික පෙරදා හොරකම් කළ වෙට් ෆෝම්වල ගහලා වැඩේ ලයින් කරලා දුන්නා. සූටා කුමාරන්, සිය
මැතිනිය සමඟ මඟුලට එන අටියෙන් මොටෝ බයිකලේ ම ගෙදර ගියා. සඳරු ෂීනන් ඇඳුම් ගෙනත්
තිබුණා. අවශේෂ සියලු දෙනාත් ගෙදර ගිහින් ඇන්දා. වැඩ ඉවර නැති නිසා ඇවරි දිගටම වැඩ
කළා. අවසානෙට දැන් ඉතිං අපිත් ඇඳගමු නේද කියනකොට තමා ඇඳුම් ගෙදර බව මතක් වුනේ.
ඇවරි පිතාට ඇමතුමක් දුන්නාම ඇඳුම් ටික මැදලා කාරිය පෝරුව සමඟ එවා තිබුණා. එතකොටත්
ඇවරි කලින් දා ඇඳගත් ඩෙනිම පිටින් වැඩ.
ඇඳුම් ටික ආව. නීට් එකට මැදලා එවලා තිබුණ
ඇඳුම් කට්ටලය දැක්ක ම තමා ඇවරිගේ ඇස් වලින් ඩොලර් පැන්නේ. හත්වලාමයි... වැරදි
කලිසම නේහ් ගෙනැත් තියෙන්නේ... එදා මඟුලට අඳින්න ඇවරි යවාපු කලිසම සුපුන් අයියා
විසින් එකදාස් නවසිය බර ගණන්වල ඇවරිට තෑගි කළ කලිසමක්. ඒක දැන් කිට්ටුකරන්නවත් බෑ.
නෑයොත් ටික ටික එන්න පටන් අරං. මං යටිකය නිරුවත්ව ඩ්‍රෙසින්
රෑම් එකේ. ඔය අස්සේ මනමාලි හරිනිත් ඇතුළට ආව. ලොකු අක්කාගෙ ඩාන්සින් ගෘප් එකේ
කෙල්ලො ටිකත් ඇතුළෙ. මං තාමත් හාෆ් නේකඩ්. අංගපුලාව කෝට් එකෙන් වහගෙන ඉතරයි. ඉතිං
ඔයා ඩෙනිමට කෝට් එක දාන්නකෝ. ඒ ඔවදන ෂෙරිනි ගෙන්. ගියොත් වචනයක් ආවොත් අලියෙක්
කියලා හිතාගෙන මං සූටාට ම කතා කළා. මල්ලී ඕයි කෙළවෙලා බං. උඹ වැරදි කලිසම නේ
ගෙනත් තියෙන්නේ..?? මිසබුල් කෙලින්න එපා බං පරක්කු වෙලා තියෙද්දි. හිටපන් මං මාධව
අයියගේ කෝට් කිට් එකක් ගේනවා. දැන් වෙන කළු කලිසම් ඇත්තේ ම නැද්ද...?? තාත්තා ඊයෙ
ඇඳපු එක ගෙනේවි. ඒකත් බලපං. නැත්නම් ටවුන් එකෙන් කෝට් කිට් එකක් ගනින්.
මූ දෙන්නේ මිලියන් ටෝක්ස් නේ යකෝ....!!
මැයි පළමුවෙනිදා සිකුරාදා අනෙක් හැමෝට ම
නිවාඩු වුනත් මට නිවාඩු තිබුණෙ නෑ. මං කාපු ගමන් මාරු වෙන්න ඕන. මං ඔෆිස් අඳින්න
හිටියෙත් වෙඩිමට අඳින කලිසම ම තමා. දැන් පැය විසිහතරකට වඩා ඇඳපු කලිසම තමා වැඩටත්
අඳින්න වෙන්නේ. ඒක නම් කමක් නෑ කියමුකෝ. උරුලෑවන්ට මොන සුවඳ සබන් ද? ඒත් වෙඩිමට
මොකා අඳිනවා..?? දැන් නැකැත් වෙලාවත් පහුවෙනවා. ඒ අතරෙ මේ ආරංචිය අහපු හැම එකා ම
වෙසක් බලන්න වගේ ඩ්‍රෙසින් රූම් ඇවිත් මා එක්ක කතා කරලා යනවා. ජී 70යි.
නැතිබැරි මොහොතක පිහිටට එන්නේ මව්නි
පියාණෙනි ඔබ පමණයි කියනවනේ. ඒ වගේ ම ඇවරි පිතාත් කාමරේට ආව. දැන් වෙන කලු කලිසම්
ඇත්තේ ම නැත්නම් මං මේක දෙන්නම්. තව ෂෝටක් ඇඳලා බෙල්ට් එක දාන්න. එතකොට අප්පච්චි
මොකක්ද අදින්නේ? මං ඊයෙ ඇන්දෙත් කළු කළිසමක් ඒක අඳින්න පුළුවන්. අප්පච්චි මට කලිසම
එව්වා. එදා මුළු වෙඩිම පුරාම මං ඇඳන් හිටියෙත් ආයෙත් කොළඹ වැඩට ආවෙත් අප්පච්චිගෙ
කළිසම ඇඳන්. නයි කයිද ටිපි ටිප් කිව්වලු.
කොහොම හරි යුවල පෝරුවෙන් බහිද්දි මං සීන්
එකට එන්ටර් වෙනවා. හැමෝම කිව්වෙ කලිසම අප්පච්චිගේ කියලා පේන්නෑ කියලයි. යටින්
ෂෝර්ට් දෙකක් ඇඳපු බව දන්නේ මං විතරනේ....!! කාපු ගමන් මං කොළඹ ආව. එදා අපි කළ
සමූහ ගායනය කැපී පෙනුනා. ඒ වෙඩිම නම් මට අතමක වෙන්නෙ නෑ. කොහොම නමුත් සායම නම්
හේදුනා.. ආයෙ ඉතිං ඕක අමුත්තක් තියෙන එකක් යෑ????