Saturday, May 30, 2015

කොටියා විසින් කෙළවූ මගේ සෙනසුරාදාව හෙවත් කන්ද කෙන්ද කිරීමේ මාධ්‍ය මෙහෙවර...

සේයා - හෂාන් පීරිස් විසිනි..
වැඩ රාජකාරි ටික පිළිවෙලක් කරලා දවස ගෙවා සිටින පැයේ - ඇයව සොයා බලන පැයේ අපූරු ආරංචියක් ඇවරිගේ රේඩාරයට වැදුනා. කතාව කොටි ගැන. කොටි කිව්වේ කකුල් හතරේ උන් ගැන. බබා ඔයා දන්නෑනේ... ගිනිගත්හේන පැත්තෙ කොටියෙක් ගම් වැදිලා මිනිස්සුන්ට හරි කරදරලු. ඒකා සෑහෙන්න විසාල එකෙක්ලු. කිලෝ. පහළොවේ බල්ලෙකුත් අරං ගිහින්ලු. ජී හා......  සච් මුජ්. අනේ නිකන් මඤ්ඤං කියන්නැතිව ඉන්නව හලෝ කොටියෙක් කොහේ ගම්වදින්න ද? අනික කොටි කියන්නෙ අලි තරම් කැලේ දකින්න පුළුවන් සත්තු ජාතියක් නෙමෙයි. ඔහොම කියන්නේ මොකාද දැන්? හරි ඔයා කොටියෙක් සත්තු වත්තෙ ඇරුණා ම ළඟට දැකලා තියෙනව ද? යන්තන් කතා කෝච්චිය නවත්ත ගත්තට මූණ කළු කරන් ඈ නිහඬ වුනා. මං කිව්වේ පත්තරේ තිබුණ එක. හරි හරි මං කොටි දැකලත් නෑ. කොටි කතා ඕනත් නෑ...

චැප්ටර් කලාස්.

දවස ගෙවෙද්දි ඇගෙන් තවත් ඇමතුම් නොලැබුණ නිසා මූඩ් චේන්ජ් කරපු කොටිය ගැන ඇවරිට පට්ට තරහයි. හැබැයි ඒ කොටි කතාව ගැන තොරතුරක් හොයා ගන්න ඕනෑ කියලත් ඇවරිගේ හිත කිව්වා. ඇවරි පුංචිලාගේ පත්තර කඩේට ගොඩවුනේ මේ ගිනිගත්හේන කොටියා ගැන මොනාද ලියවිලා තිබුණෙ කියලා අහගෙන. සාමාන්‍යෙයන් ඇවරිගේ බාප්ප, ජොනතන් ජයා සෑම පත්තරයක් ම කියවන නිසා ලිපියේ නම කිව්ව ම පත්තරේ අතට ලැබෙනවා. ආ ඔය කියන්නේ මච්බිම ආර්ටිකල් එකනේ. අර උදේ හිරු ටී.වී එකේ පත්තරේ විස්තරේටත් රංගන කිව්වේ. විනාඩි ගණනකින් ඒ ලිපිය කියවපු ඇවරිටත් ටිකක් බය හිතුනා. මේ කතාව ඇත්තක් ම ද කියලා දැනගන්න ඇවරිට අවශ්‍ය කළේ ගිනිගත්හේන කොටියාගේ ලිපිය සමාජයේ අනිසි භීතිකාවකට මඟපාදන බවක් ඉවෙන් වගේ දැනුන නිසා.

ඇවරි යාල දි අවස්ථා දෙකක් කොටියා ළඟට ම දැක්කා. හරි ම කම්මැලි සතා. කොටි කතාවේ ඇත්ත නැත්ත දැනගන්න ඇවරි සම්බන්ධ කරගත්තේ නිමල්කා සංජීවනී අක්කාව. ඇය ගැන අපේ සිරිපා කරුණාවේ තොරතුරු ලියවිලා තියෙනවා. මොකක් ද අක්කා මේ කොටි සීන් එක? මොන කොටිය  ද මල්ලි? ගිනිගත්හේනෙ එකාද රත්නපුරේ එකා ද? මට දැනගන්න ඕන ගිනිගත්හේනේ එකා ගැන. ආ මං මේ දැන් තමා ගිනිගත්හේනේ ඉදන් ගෙදර ආවෙ මල්ලි උදේ අපි එහේ අවෙයාර්නස් ප්‍රෝගෑම් එකක් කළා. ඔයා මච්බිම ආර්ටිකල් එක කියෙව්වද? ඒක නිසා තමා මං ගත්තේ. දැන් මොක ද වෙලා තියෙන්නේ?
වෙලා තියෙන්නේ ඉතිං කොටියා ඇවිල්ලා තමා... අපේ වැඩසටහනට ගමේ හැමෝ ම වගේ ඇවිත් හිටියා. ඒ මිනිස්සු හරි බයෙන් හිටියෙ කොටියා එයි කියලා. කවුරුත් කොටියා දැකලා නෑ. නමුත් අඩි පාරවල් හැමතැන  ම තියෙන නිසා ආවෙ කොටියාමයි කියන්න පුළුවන්. අපි වැඩසටහන කරද්දි ඒ ළඟ කන්දක උඩහ ගැටගහපු හරකෙක් පහළට රූටලා ආවාම මිනිස්සු හැදුවෙ අපිවත් පෙරළගෙන දුවන්න. ඒ අය හිතලා තියෙන්නේ කොටියා ආව කියලා. ඒ තරම් බයකින් එහෙ මිනිස්සු ඉන්නේ. රෑ හය වෙද්දි ගෙවල් දොරවල් වහගෙන හරි  ම බයකින් ඒ අය රෑ පහන් කරන්නේ.

ඉතිං ඇයි මේ කොටියා ආවේ...? කතාවක් තියෙනවා වනජීවි එකෙන් කලින් මෙහේට ගෙනත් දාපු එකෙක් කියලා. ඇවරි අතුරු පුරස්නයක් දැම්මා. මිනිස්සු ගිහින් කැලෑ එළි කරලා ගෙවල් හදා ගත්තා ම ඔහොම වෙනවා. මේක අලුත් තත්ත්වයක් නෙමෙයි. නෑ මං ඒ අදහස පිළිගන්නෑ. එහෙම ගිනිගත්හේනට කොටියෙක් දැම්මා නම් රෙකෝර්ඩ්ස් තියෙන්න ඕන. අනික එහේ වනජීවී භාරකරු අපිත් එක්ක ගියා. ඒ අය පැහැදිලිව කිව්වෙ එහෙම කොටියෙක් ගෙනත් දැම්මෙ නෑ කියලයි.  2004 අපි මුල් කාලෙ පර්යේෂණ කරන කාලෙ ඉඳන් කොටි මිනිස්සුන්ගේ බල්ලන්ව අරං ගිහින් කාලා තියෙනවා. බල්ලන්ව පරිස්සම් කරගන්න උන්ව කූඩුවට දාන්න කිව්වට හොරු පනින නිසා ආරක්ෂාවට කියලා පළාතෙ කවුරුත් බල්ලන්ව කූඩු කරන්නෑ. ඉතිං උන් එක එල්ලේ ම කොටියාගේ ඉලක්ක වෙනවා.

මිනිස්සු යෝජනා කරන්නේ කොටියා ට්‍රාන්ස්ලොකේට් කරන්න කියලයි. හරි අපි කොටියා අල්ලන්න ලෑස්තියි. ඌ ඉන්න තැනක් කියන්න කිව්ව ම සමහරු කිව්වෙ කන්ද උඩ ගල් ගුහාවල ඉන්නවා දැකලා තියෙනවා කියලයි. ඉතිං හිතන්න අපේ අයියලා කොටියාගේ ගෙදරට ම ගිහින් උගේ හැබිටැට් එක විනාස කරලා. දැන් ඌ නෑදෑකම් පවත්වන්න අපේ ගෙදරට ආවාම බයේ ගැහෙනවා. ඔක්කොට ම හේතුව මිනිස්සු කැලේ කපලා, ගෙවල් හදපු එක. මේ යන විදියට කොටි ඔක්කොම දෙහිවලට දාලා ඒ පැත්ත මිනිස්සුන්ට ම පවරලා දෙන්න වේවි. 

දැන් මොකක්ද මේ පුරස්නෙට විසඳුම. අපි පුළුවන් තරම් මිනිස්සුන්ව දැනුවත් කරනවා. හැබැයි මීඩියාවල මේක ලොකුවට වාර්තා කරලා අනවශ්‍ය බයක් සමාජය පුරා පතුරනවා. බලන්න ඔය මව්බිම ආර්ටිකල් එක කිසිම කරුණක් නිශ්චිතව තහවුරු කරලා. නිකම් මිනිස්සුන්ගෙන් අහල ලියලා තියෙන්නේ. නමුත් පත්තර කියවන මිනිස්සු වැඩේ සීරියස් ගන්නවා. පස්සෙ වනජීවි එකටයි, පොලිසියටයි අනිවාර්තෙ බනිනවා. යම් තරමක අවධානමක් තිබුණත් ඔය ලියවිලා තියෙන තරම් කොටි කේස් එක බරපතල නෑ. දැන් උදේ ඉඳන් මට කෝල් කරන අය අහන්නේ කොටියා ඇල්ලුව ද කියලයි. හරියට නිකම් කොටියා කැලෑවෙ ඉන්න එක වැරැද්දක් කියලයි මිනිස්සු හිතන්නේ. කොටි ඉන්න ඕන සත්තු වත්තේ ම විතර ද? කියන එකයි මට ඇති ගැටලුව. පත්තරේ විකුණගන්න අනවශ්‍ය ප්‍රවෘත්ති මවලා මිනිස්සු බයකරන එකටත් මං එකහෙළා විරුද්ධයි.


නිමල්කා අක්කා තමන්ගේ අදහස් ගොන්න මා එක්ක බෙදාගත්තේ ඒ හැටියට. ඇගේ සත්ව කරුණාව මොනවට ඉන් පැහැදිලි වෙතත් ලංකාවෙ මීඩියා බුවාලගේ වවන් කෑම ගැනත් නොකියා බැහැ. කරුණු කාරණා කෙසේ වෙතත් මව්බිම සමාජයට යමක් දනවන්න පුළුවන් බලපෑම්කාරී පුවත්පතක් හැටියට ඇවරි යම් ඇගයීමකට ලක් කරනවා.  කොටියා ආවෝ කියලා බෙරිහන් දීගෙන සීත කාමරවලට වැදිලා පිටු පුරවන උන්දැලා මේ වගේ පැති ගැනත් හිතනවා නම් වටිනවා.

Tuesday, May 26, 2015

නත්ථි ජාතස්ස අමරණං දෙකහමාර හෙවත් පිටිසර යතිවර

මේ වර්තමාන සිද්ධීන් මට දෛනික වැඩ රාජකාරි අතරේ අමතක වී යාවි යැයි ඇති බය නිසා ම මේ සලාද ඉක්මණට ලියන්න අදහස් කළා. මේ ලියන පිළිවෙල මට ටිකක් වෙනස් කරන්
න තදින් ඕනකමක් තිබුණත් ඒක කරන්න බැරි බව ආයෙත් ආයෙත් ඔප්පුවන නිසා ඒ අදහස සිතින් අතහැර දාන්න මං තීරණය කළා. ඔව් දැන් ඒ අදහසිනුත් නිදහස්.

පහුගිය සති කිහිපය තුළ සිතේ දුකකට ඉතිරි වුනේ කළින් සදාලවල සඳහන් කළ අපේ මුත්තණ්ඩිගේ හත්දොහේ පින්කමට මට සහභාගී වීමට පුළුවන්කමක් නොවීම. ගමේ හැටියට හත්දොහේ දානෙදි හීල් දානයක් පමණක් දීම නිසා රාත්‍රී කොළඹින් පිටවීමෙන් ද කිසිදු සෙතක් අත් නොවීමෙන් ඒ කටයුත්ත මගේ අතින් මඟහැරුණා. ඒ ගැන සෑහෙන්න දුකක් තමා තියෙන්නේ. නමුත් එහි සිටි දවස් කිහිපය තුළ මට සතුටු විය හැකි මට්ටමක දායකත්වයක් ලබා දුන්නනේ. කොහොම නමුත් මට එහේ දි අපූරු ස්වාමීන්වහන්සේ නමක් මුණ ගැසුනා. අපි පාංශකූලයට ස්වාමීන් වහන්සේලා වඩමවා ගන්නට යන ගමනේදී ගිය එක් පන්සලක නායක හිමි නමක් ආගිය විස්තර කතා කරන ගමන් තමුන්ගේ ශාසනික සේවාව ගැන අපූරු විස්තර ටිකක් කළා.

කතාව පටන් ගත්තෙ ආවාස ගෙයි තිබුණ සුදු රෙදි තොගයක් ගැන ඇවරි කළ ප්‍රශ්න කිරීමකින්. අපේ මතු අපාගතවන මහින්ද රාජපක්ස ලොක්කා (ටයිටල් එක හරි පුතා, මොකද දැන් එයා අතිගරු විධායක ජනපති යැයි? අනිවා මතු බුදු නෙමෙයි අපාගත තමා) ඡන්ද ජයග්‍රහණය වෙනුවෙන් සුදු ඇඳුම් දන් දුන්න එක ප්‍රසිද්ධ රහසක් නේ. අපේ ගමේ පන්සලේ ඒ ඇඳුම් බෙදීම භාර වුනේ ප්‍රධාන දායක මගේ චූටි මාමාට. පොර එදා ඉඳන් අලි පාර්ටියේ බල කණුවක්. නමුත් ප්‍රධාන දායක තැන නිසා සිල්රෙදි බෙදීමේ කොන්ත්‍රාත්තුව භාර වුනේ මාමා තුමාට. අන්තිමේදී ගමේ මිනිස්සුත් තරහ කරගන්න බැරි නිසාත්, මහින්ද පරදින වාතාවරණයක් තිබුණ නිසාත් සිල් රෙදි නොබෙදන්න දායක සභාව ඒකමතික තීරණයක් ගත්තලු. තාමත් ඒ රෙදි ටික ගමේ පන්සලේ පෙට්ගමක තියෙනවා. ඔන්න වගේ ඇම්බැට්ටකම් නිසා තමා මහින්ද ලොක්කා පරාද වුනේ ආයුබෝං. දැන් ඒ ගැන කතා කොරලා ඵල නැතුවා ඉතිං.

ආ.. මේ මහින්ද මහත්තයා දුන්නු රෙදි වෙන්නැ අපේ හාමුදුරුවනේ...?? ඇවරි කට කොණකින් හිනාවක් දාලා කිව්වා. අනේ නෑ මහත්තයො ඔය මට පාන්සකූලෙට හම්බෙන රෙදි නේ? ළමයින්ට පාසල් නිල ඇඳුම්. මෙහේ යුනිෆෝම් රෙදි පාංසකූලෙට දෙනවද හාමුදුරුවනේ...? අපේ පැත්තෙ නම් කපු රෙදි තමා දෙන්නේ. ආහ් ඒක මෙහේ දායකයන්ට මං උපදෙස් දීලා කරවන වැඩක් නොවැ මහත්තයෝ... මේ රෙදි කට්ටි කරලා අපි දහම් පාසලේ හැම දරුවෙකුට ම දෙනවා. චීවරේ ඉන්න අපිට ඔය හැටි සුදුරෙදි මොකටැයි ඉතිං... ඒක වටිනා පින්කමක් නේ හාමුදුරුවනේ. දහම් පාසලේ ළමයි හුඟක් ඉන්නවද හාමුදුරුවනේ...? හාරසිය හැටහතරක් ඉන්නවා. තව ගුරුවර ගුරුවරියන්ට, නිල ඇඳුමට අමතරව උණුවතුර බෝතලයක් ලබා දීලා තියනවා. ඒ හැරුණා ම හැම ළමයෙක්ට ම පාඩම් කරන්න බල්බ් එකක් පන්සලෙන් ලබා දෙනවා. ෂාහ් කූල්නේ... ඒ ගැන තවත් විස්තර අහගත්තු ඇවරි මේ යතිවර චරිතය ගැන සෑහෙන්න පැහැදුනා.

තරුණපහේ හාමුදුරු නමක් වෙච්චි උන්වහන්සේගේ දැක්ම හරි අපූරුයි. එතුමා පන්සල දකින්නේ, ආගමික මධ්‍යස්ථානයකට වඩා සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයක් හැටියට. ඉතිං ඔය වැඩේ දිගටම කරන්න පුළුවන් ද හාමුදුරුවනේ? මොකද බැරි මහත්තයෝ දැන් මහත්තයලා වුනත් මං බණට වැඩිය ම බල්බ් පූජ කරන්න. වෙන මුකුත් පිරිකරට වුවමනා නෑ. අපි වත්කම් රැස් කරන්නේ සියලු දෙනාගේ පාවිච්චියට. දැන් බලන්න මේ කිහිළිකරු, රෝද පුටු කාටහරි කරදරයක් වුණ වෙලාවට යවන්න සූදානම් පිට තියාගෙන ඉන්නේ. බණ කියලා විතරක් ම මිනිස්සුන්ගේ ජීවිත ගොඩගන්න පුළුවන් හැටියක් නෑ. සමහරවිට මහත්තයා මා එක්ක එකඟ නොවෙන්න පුළුවන්. නමුත් අපි ලෝකෝත්තර ජීවිතය වගේ ම ලෞකික ජීවිතවල දියුණුවටත් අනුශාසනා කරන්න එපෑය. ඒකනේ බුද්ධ පුත්‍රයන්ගේ කාර්යභාරය වෙන්නේ.

ඒ කතා වලින් ඇවරි තුමා උන්වහන්සේගේ කුළුපග දායකයෙක් වුනා පේරාදෙණියෙන් උපාධිය  ලබාගත් අපේ කතානායකතුමා ජෙනුයින් බුද්ධ පුත්‍රයෙක්. පුළුවන් වුනොත් ඉරිදා අපේ දහම් පාසල පැත්තේ මහත්තයා ඇවිත් යන්න. මහත්තයලා වගේ බුද්ධිමත් කොල්ලො කෙල්ලො තමා දැන් රටට ඕන කරන්නේ.. අපි කතාව හමාර කරන කොට ම ජොනතන් ජයා මගේ බාප්පා ඇවිත් තිබුණා. අපේ බාප්පාගේ පොත්කඩේ ගැන විස්තර අහපු හාමුදුරුවෝ ආධාරයක් ඉල්ලා සිටියා ම ජයාතුමා කැමැත්තෙන් ම භාර ගත්තා.  


එදා මං ආපහු එන ගමන් කල්පනා කළේ අර තරුණ හාමුදුනම ප්ලෑන් කරලා තිබුණ දුර ගැන. අනිවා ආයෙත් ඇවරි ඒ පන්සල බලන්න යාවි. හැබැයි ඒ හිස් අතින් නොවන බවත් සහතිකයි...     

ප්‍රේමය යැයි රැවටී හළාහල විෂ බිව්වේ ඇයි මා...

මේ කතාව මට ලියන්න ඕන කළේ නෑ. නමුත් මොකක් හෝ අහේතුවකට ලියැවුනා. ඒත් පෝස්ට් නොකරන්න කල්පනා කළා ම පුංචි ඇරියස් එකක් කවර් කරන්න උවමනා වුන නිසා පබ්ලිෂ් කරලා ම දැම්මා.

===========================
අතීරණයක හිටපු මනමේ කුමාරියක් පහුගිය දවසක ඇවරිට කතා කළා. බඩී ඔයා බිසී වුනත් මට පැය දෙකක් දෙන්න පුළුවන් ද? මට මේක කාට හරි කියන්න ඕනෑ. ඒකත් මාව අහන් ඉන්න පුළුවන් කෙනෙකුට. ඇවරි කොහොමත් බ්ලොටින් පේපර් එකක් වගේ නිසා ඒ වගේ වැඩ වලට ගැළපෙනවා. මේ අපි පරණ මතක ගොඩදාපු දෙහෝරාව ගැන සටහන.
===========
මං හිතුවෙ ම නෑ එයා ආයෙත් මගේ ජීවිතේට එයි කියලා. දැන් කොච්චර කාලයක් ගෙවුනා ද? අවුරුදු ම හතරක්. ජාතක කතාව මුලදි ම කුමාරිකාව ට්‍රැක් පැනලා විත්තිය මට තේරුණා වගේ ම සෑහෙන්න අපුලක් දැනුනා.
=================
හෝව් හෝව් හෝව් කුමාරිහාමි..... හෝල්ට් ප්ලීස් මේ මෙන්න වැන්දා ඔය අහක යන කුණ්ඩවාලිවලට නම් මම බෙල්ල තියන්නෑ. ඒ ගොනා මං වික්කා. අන්න අන්න බඩී. ඉස්සර ඔයා හරි රැඩිකල්, සෙන්සිබල් මිනිහෙක්. මේ වගේ දේවල් කොච්චර නම් මං ඔයාට කියලා තියෙනවා ද? අනික මතකනේ ඔයා රටක් රාජ්‍යක් එරෙහි වෙච්ච ප්‍රේම කතා කීයකට සපෝට් කළා ද? මගේ දුක තමා අහන් ඉන්න බැරි?
==============
ඔව් ඔයා කියන්නේ ඇත්ත. ඒත් දරුවෝ ඒ ඉස්සර. කොල්ලා කාලේ. දැන් මම වුනත් ඒවා අනුමත කරන්නෑ. ඒ දවස්වල මං ප්‍රශ්න විසඳුවේ හැඟීමෙන්. දැන් එහෙම නෑ. ඒ කියන්නෙ ඔයා වෙනස් වෙලා. ඉතිං ඔයත් එහෙමනේ කෙල්ල...??
==============
හරි මං.... ඇය කියන්න ගියපු දේ ගිළ ගෙන මොහොතකට ගොළුවුනා.
===============
ඒත් මං හිතුවා ඔයා මගේ කතාව අහන් ඉඳියි කියලා. එහෙනම් මං තියන්නම් බබා. අයියෝ සත්තරං අහන් ඉන්න පුළුවන්. හැබැයි මැදිහත් වෙන්න හෝ කමෙන්ට් කරන්න බෑ. අසා සිටීම පමණයි. එකඟ ද? එකඟයි.
====================
විරාජ් ආයෙත් මට ළං වුනේ කොහොම ද කියලා මටවත් හිතාගන්න බෑ බඩී. සමහර විට අකිල මං ළඟ නැති නිසා වෙන්නත් පුළුවන්. කෙහොමත් ෆස්ට් ලව් එකට ගෑනු අපි හරි ලෝබයි කියනවනේ....
=================
නිකන් බබෙක් වෙන්න හදන්න එපා ඉෂී. ඔයා හදන්නේ ඔයාව ම සාධාරණීකරණය කරගන්න. මට දුක අකිලයා ගැන. පොර හොඳ එකා. ඔයා හදන්නේ ඔක්කොම අවුල් කරන්න ද?
හොරා.... කතාව පැත්තක තියලා අංගනාව හිනාවෙන්න ගත්තා. දැන් කලින් කිව්ව නේද කමෙන්ට් කරන්නෑ කියලා. මේ මිස්ටර්.. මං ඔයාට දුක කියන්න ආව මිසක් උපදෙස් ගන්න ආවෙ නෑ. බාල්දි ඔළුවෙන් නවා ගන්න කලින් විස්තරේ අහන් ඉන්න. ඈ අවදානම් ස්වරයෙන් කිව්ව ම මටත් ටිකක් කේන්ති ආව.
========
ඔහ් හෝ... ඇත්තට දුක කියන්න මේක දේවාලයක් කියල හිතුව ද? අනික මං දෙයියෝ කවුන්සලින් නවත්තලා ගොඩක් කල්.....කවුන්සලින් කිව්ව ම මතක් වුනේ. මං මේ ප්‍රශ්නෙ නිසා බඩී මං දෙපාරක් ම කවුන්සලින් ගියා. මානසික වෛද්‍යවරයෙකුත් මීට් වුනා. ඇත්තට ම මං ගොඩක් විඳෙව්වා.
========
සීරියස්ලි.??? ඒ කතාවට නම් මේ අතිජාත මිතුරිය ගැන සෑහෙන්න දුකක් ඇතිවුනා. මොක ද මේකි මෙහෙම ඉන්න ඕන කෙල්ලක් නෙමෙයි. ඔය අතරේ රාජකාරී ඇමතුමක් ලැබුණ නිසා විනාඩියකට ඇගේ ඇමතුම රඳවා ගත්තා.
========
හරි ඉතිං දැන් කියන්න. දේවියෝ කන්නලව්ව අහන්න සූදානම්. ආහ් හරි හරි... මේ වෙනුවෙන් පඩුරු පාක්කුඩම් තැපෑලෙන් එවලා ඇති. ඔයාගෙ ගිය අවුරුද්දෙ උපන් දිනේට තෑග්ගක් මට එවන්න පුළුවන් වුනේ ගිය සතියෙ. සොරි හොඳේ...
=====
සාමාන්‍යෙයන් ඇයට මගේ උපන් දිනය මතක තිබුණත් මට ඇගේ උපන් දිනය අමතක වෙනවා. මොට්ටයෝ අද මගේ උපන් දිනේ විෂ් කරනවා. ඉතිහාසය පුරා ඇය එහෙම කෝල් කරලා විෂ් කරවගෙන ඇති. ඔක්තෝම්බර් දෙක හෝ තුන. පේනවනේ ඒත් හරියට ම මතක නෑ. කමක් නෑ අපි වැඩියෙන් ම අමතක කරන්නේ අපිට වටිනම මිනිස්සු කියලා ඔයා ම මට කලින් කියලා තියෙනවා.
============
විරාජ් දිගට ම මට කෝල් කරන්න ගත්තා. මගෙන් පස්සෙ එයා වෙන කාත් එක්කවත් යාළු වුනේ නැතිලු. එයා මට මීට් වෙන්න එන්න කිව්වා. ඒත් මං ගියේ නෑ. මාව අවුරුදු හකරකට කලින් දාලා ගිය මිනිහෙක් ගැන එකපාර විශ්වාස කරන්න පුළුවන් ද? ඒත් එයා වැඩේ අතඇරියේ නෑ.....
====
ඉතිං ඔබතුමිය ගියා. පිස්සු ද බඩී. මමත් ඒ ගොනා වික්කා. සේම් ටු සේම් දෙන්.. ඒත් පස්සෙ මං සෑහෙන්න ඇඬුවා. මට හිතුනා දෙවැනි පාරටත් මං ළඟට ආපු චාන්ස් එකක් මං අතඇරලා දැම්මා කියලා. මගේ මෝඩකම ගැන මට  සාමාව දී ගන්න අමාරු වුනා. උදේ රෑ ඒ ගැන ම හිතලා සෑහෙන්න කෙට්ටුත් වුනා. මං සිම් එක මාරු කළා. එෆ්.බී ඩිඇක්ටිවේට් කළා. සෑහෙන්න දේවල් කළා. ඒත් අන්තිමේ දී මට හිතුනා ඇයි මං මගෙන් ම පළිගන්නෙ කියලා. ඇයි මං ඇත්තට මුහුණ නොදී මාව ම මුළා කරගන්නේ කියලා.
==========
අතුරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයා අකිල එක්ක යාළු වෙලත් විරාජ්ට ආදරේ කළා...? ඔව් දෙයියනේ... ඇය ඇඩුම්බරව කිව්වා. එයයි මාව දාල ගියේ මං නෙමෙයි. සුසුමකින් ඇරඹි ඇගේ ශෝකාලාපය ඉකි බඳුමක් වන්නට වැඩිවෙලා ගියේ නෑ. ඇය සංසුන් වුනා ම නැවත කතා කළා.  
 =====
අවුරුදු හතරකට පස්සෙත් මං කලින් හිටිය තැනට ම ආව. ඒ මනුස්සයා ආයෙත් ඇවිත් මට එච්චර රිද්දයි කියලා මං හිතුවෙ නෑ. නමුත් මයි ඩියර් අකිල ඔයාට ඇත්තට ම ආදරේ කළා. ඔයත් මාව වැරදි කාරයෙක් කරනවා නේද බඩී? එහෙම ඉරි ගහලා, කිරලා මැනලා මං ආදරේ කළේ නෑ. විරාජ්ව පපුවෙ තියාගෙන ආදරේ කරපු හැටි ඔයා දැනගෙනත් ඔහොම කතා කරන්න එපා. ඔයා මහ නරුමයෙක් වෙලා අප්පා. කෝ අර හොඳ පපුවක් තිබුණ කරුණාවන්ත මනුස්සයා. ඔයත් කරන්නේ අනෙක් හැමෝම වගේ මට රිද්දන එක විතරනේ...!!
=====
ජීවිතේ වෙච්චි හැල හැප්පීම් එක්ක මගේ ඇතුළෙ හිටි හොඳ පපුවාව මරලා දාන්න මට සිද්ධ වුනා බබා. නමුත් උගේ ආත්මය මං පරිස්සම් කරලා තියා ගත්තා. ඒක නිසා ඕන වෙලාවට මට ආයෙත් පරණ කෙනාව ගෙන්න ගන්න පුළුවන්. විරාජ් බයිසිකලෙන් වැටිලා අත කඩන් ඉද්දි අපලයි කියලා කිව්ව ම ඔයා මස් මාළු නොකා, පේවෙලා බෝධි පුජා කරපුවා මට මතකයි පුංචි නෝනා. ඔයා වැරදි නෑ. ඒත් ගින්දරත් එක්ක සෙල්ලම් එපා. දැන් අපි දහ අටේ විස්සෙ රොටරි ගියපු කාලෙ මිනිස්සු නෙමෙයි. ඒ කාලෙ වගේ සතියෙන් දෙකෙන් කොල්ලන්ව හලන්න දැන් වයස නෙමෙයි.
=====
මට කියලා එහෙම දිග ලිස්ට් එකක් හිටියෙ නෑ බඩී. ගොඩක් කාලයක් හිටිය එකා ම තමයි මේ තරම් දුකක් දුන්නෙත්. අර කුණ්ඩලකේශී හිටියා වගේ ඌ ම පතා - බතුත් නොකා යහනට වැදී වැදහොත් නිසා තමයි මේ ඔක්කොම කරුම. ඔයා අකිල එක්ක මේ ගැන කතා කළා ද? අපි අකිල ගැන වෙන ම කතා කරමු. ඒ අතින් එයා රත්තරං කොල්ලෙක්. මං මේ තරම් හිත හදාගත්තෙ එයා නිසා. එයාව අතරමං කරන්න බැරි නිසා..
====
ඒ කියන්නෙ ඔයා තාමත් විරාජ් ගැන හිතනව ද? නෑ ගිය ඉරිදායින් පස්සේ නෑ. වෙන්න බෑ. ඔයා ගැන මං හොඳට දන්නවනේ පුංචි නෝනෙ. අම්මෝ අපි පැයකුත් විනාඩි හතළිස් තුනකුත් කතා කරලා. මං ඔයාගෙන් ඉල්ලා ගත්තේ පැය දෙකයි. කාරි නෑ මට අද නිවාඩු. පුදුමයි. ඒත් ඇත්තයි ඕං. අද යූ.කේ. සමර් බෑන්ක් හොලිඩේ නේහ්.
=====
අකිලට මං විරාජ් ගැන කිව්ව ම එයා කිව්වෙ එක දෙයයි. ඔයා සතුටින් ඉන්න තැනකට යන්න ඔයාට අවසර දෙනවා. ඔයාගේ සතුට මගේ සතුට ම තමයි. කියලා එයා ෂෝට් ඇන්ඩ් ස්වීට් වැඩේ ඉවර කළා. මයි ගෝඩ්..??? රියලී.... ඒ කියන්නේ මිනිහාත් ඔයාට බොරු කළා කියන එක ද? ඔයා මඟුලක් කතා කරනවා ද නලින්....?? ඒකනේ මං කිව්වෙ අර පරණ මනුස්සයා මැරිලා කියලා. ඔයා මාව තේරුම් ගනියි කියලා හිතුවාට මට දැන් තේරෙනවා මට වැරදුනා කියලා.
====
මං විහිළුවක් දරුවො කළේ, ඔයාට හිතට දෙයක් වැදුනොත් ඒක වෙනස් කරවන්න හරි අමාරුයි. ඒක ඔයාගෙ අප්පච්චිත් දවසක් කිව්වා ඔයාට මතක ද? විරාජ් ගැන වුනත් එහෙමයි. ජීවිත කලෙ ම ඔයා එයා ගැන හිතයි කියලා අප්පච්චි මං ඉස්සරහදිම කිව්වා. ඔය ඇත්ත අප්පච්චියි, ඔයයි ඇරුණහ ම අකිලත් දැනගෙන හිටියා. ඒකයි එයා මං අහපු ගමන් ම යන්න කිව්වේ. ඔය තුන් දෙනා ම මට වටින ම පිරිමි පරාණ තුනක්.
=====
අන්තිමේ දී මං හිත හදාගෙන පරණ දේවල් ඔක්කොම අමතක කරලා විරාජ් ළඟට ගියා. ඒත් වුනේ මං හීනෙකින්වත් නොහිතපු දෙයක්... මාත් එක්ක පැය ගාණක් කතා කරපු විරාජ් මට ආපහු අකිල ගාවට යන්න කිව්වා. වට් ද ෆක්....? අයි කාන්ට් බිලීව් දිස්...!!!!   
===
රීසන්..? ඒ යකාට සයිකෝ බඩී. මං අකිල කරපු දේ ගැන එයාට හැමදාමත් මතක් වෙලා දුක් වෙන්න සිද්ධ වෙයිලු. අකිල එක්ක එයාට තරහක් නෑ කිව්වා. විරාජ් මහ අවස්ථාවාදී මිනිහෙක්. විරාජ් බැලුවෙ එයා දුක්වෙන එක ගැන විතරයි. මං අවුරුදු හතරක් ඒ මිනිහා වෙනුවෙන් දුක් වින්ද ඒවා මතක නෑ. ඒක මහ බොළඳ තර්කයක්. ඒ වගේ පින්ගුත්තරයෙකුට ආදරේ කරපු එක මහ පවක් අප්පා. කොන්ද පණ නැති පාහරයා. මට මං ගැන ම මාර පිළිකුල්. ඒ වෙලේ මට හිතුනා මරාගෙන මැරෙන්න. මං කොච්චර කැප කිරීමක් කරලා ද ඒ මිනිහා ගාවට ආයෙත් ගියේ. ෂිහ්..... මං දෙවැනි පාරටත් ඇන්දුනා නේ....
=========
සමහරවිට ඔයා එයාටත් අකිලට කරපු දේ ම කරයි කියලා මිනිහා බය වෙන්නැති? අනේ උගේ කෙහෙම්මල් බය. මං එයාගෙ ෆස්ට් ලව්එක. මට මොකට බය වෙනව ද? විරාජ් එහෙම ආත්මාර්ථකාමී වෙද්දි අකිල මගේ සතුට වෙනුවෙන් ආදරේ පරිත්යාග කරන්න ලෑස්ති වෙලා හිටියා. මට ඒකෙන් එයා ගැන ලොකු හැඟීමක් ඇති වුනා. ඒත් මං අවුරුදු ගාණක් හිතේ තියාගෙන හිටපු ආදරේ බොරුවක් වුන එක ගැන මට හිතාගන්නවත් බැරි වුනා. ඇයි දෙයියනේ මං එච්චර රැවටුනේ. මගේ සිහින ලෝකෙ කැඩිලා ගියා ම මට ගොඩක් කේන්ති ගියා. මං මට ම පනිෂ් කරගත්තා.
=========
ඒ අතීතෙ අමතක කරමු කුමාරිහාමි. දැන් අකිලට කොහොම ද? ලබන මාසෙ ලංකාවට එනවා. එතකොට එන්නම් ඔයාව බලන්න. හ්ම් පැය දෙකයි විනාඩි විසි අටයි. තෑන්ක්ස් බඩී මාව අහන් හිටියට. ඔයා මෙච්චර හරියක් වෙලාත් මට දැන්ද බබා කියන්නේ.....? ඇයි ඔයා කළේ මීට වෙනස් දෙයක් ද? හැමදේම මමත් දැනගත්තේ අන්තිමටනේ...? ඒ දවස්වල ඔයා අකිලත් එක්ක බිසී වුන නිසා මං ඔයාට කරදර කළේ නෑ. මගේ ප්‍රශ්න මං ම විසඳගත්තා. මමත් එහෙමයි. වෙනස ඔයා දැන් කවුරුත් එක්ක බිසී වෙලා ද කියලා නොදන්න එක විතරයි.
========
නම් ගම් මනං සියල්ල කල්පිතයි. මං හිතනවා ඇත්ත චරිත මේ පෝස්ටුව කියවන් නැතිවෙයි කියලා. අහුවෙන තැනක් තිබුනොත් මට සමාවෙන්න ඕනෑ.  


      

Sunday, May 17, 2015

නත්ථි ජාතස්ස අමරණං දෙක හෙවත් අවමංගල අධ්යංක්ෂකගේ කතාව

ගංගා මළගෙදර අන්තිම වෙනකම් හිටියා. ආනන්ද බාප්පා බාලයානේ. ඒ නිසා ගංගාගේ කතාව තිබුණෙ අන්තිමට. කලින් අපි අවස්ථාව දෙන්න හැදුවත් ආනන්ද බාලය නිසා මං අන්තිමට කතා කරන්නම් කිව්වා. ආචාර්ය තුමා විනාඩිඅටක පස්ට පට පට කතාවක් කළා. මුකුත් වැඩියෙ කිව්වෙ නෑ. කිව්වෙ අපේ ඉතිහාසය අවුරුදු 94ක් ජීවත් වන මිනිහෙක් ලංකාවෙ ඉතිහාසයේ කොච්චර දේවල් දකින්නැතිද? ඉංග්‍රීසි ආණ්ඩුව, හතළිස් පහේ ලෝක යුද්ධය, හතළිස් අටේ නිදහස, පණස් හයේ පෙරළිය, හඳට යාම, කලු ජූලිය, කැරැල්ල, භීෂණය, යුද්ධය හා සාමය, ආදී වශයෙන් අපට අහිමි වුන යුග පුරුෂයාගේ ඓතිහාසික වටිනාකම ගැන ගංගා මාර කතාවක් කළා. ගංගා අවසාන වශයෙන් කිව්වෙ මැරෙන්න කලින් මේ තාත්තා එක්ක වචනයක් කතා කරන්න, ආශ්‍රය කරන්න තමන්ට අවස්ථාවක් නොලැබීම ගැන දුක් වෙනවා කියලා. ඇත්තට ම අන්තිම කතාවෙන් ගංගා එතන හිටි හැමෝගෙම කඳුළු පිහිදැම්මා වගේ ම මිනිස්සු තක්කු මුක්කු වෙලා හිතන්න පටන් ගන්න තැකට ගෙනාව. ඒක අර ඇවැත්නි ශෝක නොකරන්න...... වගේ කතාවක්. ගංගා ඡන්දෙන් පස්සේ ප්‍රංස තානාපති වෙලා යාම ලොකු පාඩුවක්.


මළගෙදර ආපු හැමෝට ම ඉව්වේ ඉංජිනේරු කුකාලා. දැන් ඉංජිනේරුවෝ කාර්මික නිලධාරීන් උයනවා දැකලා නැති නිසා මං අපේ කුස්සියටත් විසිට් එකක් දැම්මා. ඉතිං උන්නැහේ කොහොම ද මේවට පුරුදු වුනේ. ඔයාලා කුක්ලා නෙමෙයි නේ.. ආ ඕක මොකක් ද මහත්තයා? අපි කැලේ නේ ඉන්නේ. ඉතිං අපිමයි උයාගන්නේ. කැලේ කිව්වේ??? මං අග මුල අමුණගන්න ඇහැව්වා. ඇයි මහත්තයෝ ටවර් තියෙන්නේ කැලේ නේ. අපි වැඩට ගියත් මෙහෙම තමා. ෂෝර්ට දාගෙන ඉන්නේ. මේව ඒ හැටි අමුත්තක් නෑ. ආහ් එහෙම ද? කැලේ ජීවිතේ අමාරු නැද්ද ඉතිං... ඔය රස්සාව එහෙම කරදර ද? මොන පිස්සුද මහත්තයා. අපි තමා හොඳම ජොබ් එක කරන්නේ. සතියක් කැලේ. සතියක් ගෙදර. අපි ගෙදරට වෙලා වගාවක් කරගෙන ඉන්නවා. මොකෝ ඇඳුම් පැළඳුම් වලට වියදම් යනවයි කියලය? කන්න බොන්න ටිකත් ටවර් එකෙන් ම තමා. පඩිය බැංකුවට යනවා. වැඩේ ඉවරයි. මහත්තය ආවෙ බයිට්වලට මුකුත් හොයගෙනද? මඤ්ඤොක්කා දෙන්න පුළුවන්. ඒ ආතල් කුකාලා දෙන්නත් අපූරුයි.


ආදාහන චිතකය පියදාස සීයා නිම කරලා තිබුණා. ඉංජිනේරු අංශය එක රැයකින් වැඩේ කරන්න එතුමාට උදව් පදව් දීලා හේම තිබුණා. මං පියදාස සීයත් එක්ක කතා කළා. අවුරුදු හැත්තෑ හතරක වයස මේ හාදයා මගේ බුදු පිට් එකක්. 1996 අපේ අම්මුණ්ඩිගේ ආදාහන චිතකය වගේ ම 2013 මුත්තණ්ඩිගේ චිතකයත් 2015 මේ චිතකයත් ඇතුළු මේ ගම්තුලානේ චිතක දාහකට එහා පැත්තෙන් සීයා කරලා තියෙනවා. අපි මේ සෑයක් හදන හැටි, ගින්දර වදින්න පුච්චන හැටි, මිනී අලු එකතු කරන හැටි වගේ දේවල් ගැන බොහෝ දේ කතා කළා. පුවක් කඳන් හයේ සැකිල්ල හදලා දර තට්ටු තුනකින් අහුරනවා. තට්ටුවෙන් තට්ටුව පිච්චිලා බිමට වැටෙන විදියට. යටම තට්ටුවයි, උඩම තට්ටුවයි තමා ඇවිලෙන්නෙ. මැද අන්තිමට. උඩ මාල තට්ටු රාත්තිරියට කඩලා පුච්චලා දානවා. අන්තිමේදී පිරිත් වතුර ඉස්සම මගේ වැඩ කම්මුතුයි. පහුවදා වතුර පනිට්ටු දෙකක් ඉස්ස ම මිනී අලු එකතු කරගන්න පුළුවන්. මිනී අලු සුදුයි. බර නිසා හුළඟට ගහගෙන යන්නෑ. අපි තවත් බොහෝ දේ කතා කළා.


රාත්තිරියේ බොහෝ දෙනා ගියත් අපේ බලකායෙ මලයණ්ඩිලා කීප දෙනෙක් එහි හිටියා. ඇවරි පියා මිස්ට පතී ආධුනික කැරම් පන්තියක් හේම දාලා තිබුණා. අප්පච්චි තමා ප්‍රින්සිපල්, ලොකු අක්කාගේ පුතා මිනිඳු, සහංගි අක්කාගේ පුතා සාහෙන්, වගේ ම ලොකුම පුතා නෙතිඳු මලයා කැරම් ගැහුවා. අපෝ එතන ගාලගෝට්ටිය... ඔක්කොට ම වඩා ලොකු ම පොඩිඑකා අප්පච්චිගේ සද්දේ....


මං නම් දෙයියනේ කියලා දොළහ වෙද්දි සාලෙන් එළා ගත්තා. ඒ කාලෙකින් ගමේ ගිහින් මැද සාලෙ අපි ඔක්කොම බිම එලාගෙන නිදාගත්ත දවසක්. මං පුංචි කාලෙ වගේ ම මෑතක් වෙනකම් ගමේ ආව ම සාලෙ පුටු අස් කරලා රෙදි එළලා අපි හැමෝම කතන්දර කියමින් ඉඳලා එකට වැටිලා නිදා ගන්නවා. දැන් නම් ගමේ වැඩවලදි මං එන්නේ දෙකට තුනට නිසා බොහෝ චාලිත්තර මිස් වෙනවා. පහුවදා මං ඇහැරෙද්දි එළිවෙනකම් නිදිවරපු අපේ මලයා ෂීනන් එම මැතිනියගේ නිවසට ගිහිල්ලා. මං විතරයි කොළඹ ප්‍රජාවගෙන් ඉතිරි වෙලා හිටියේ. උදේ ම බැනර් ටික ගළවලා, නවලා, නේම් ටැග් දාලා අහවර කළා. බැනර් අසූ ගාණක් තිබුණා. අපේ අම්මුණ්ඩිගේ මරණෙට බැනර් තුන්සීකට එහා. ඔක්කොම රෙදි බැනර් අපි හෝදලා වේලුවේ. ඊළඟට මං සේරම කොටි ටික හේදුවා. පුටු කවර හේදුවා. කර්ටන්ස්, ඩ්‍රේපින්‍, පාවාඩ සාරි, ආදී සියල්ල හෝදලා අහවර වෙද්දි දෙකයි. නාලා, කාල කොට්ටාවෙ මාමලත් එක්ක කොළඹ ආව.  



ගම කියන්නේ අපූරු තැනක්. නිල්ල නිලන ගහකොළ. කුරුන්දෙ ඇවිදින්න, පීල්ලෙන් නාන්න, ඉත්තෑවො හොයන්න, ගුලන කන්ද නගින්න, කැට ගහන්න, මාළු අල්ලන්න ආයෙත් ගමේ යන්න ඇත්නම් කියලා හිතෙනවා. ගම ලස්සන වෙන්නෙ හිත පුරා ආදරේ කරන්න පුළුවන් මේ මුත්තන්ඩි වගේ සුදු මහත්තයෝ කියලා කතා කරන මිනිස්සු හින්දා. ආයෙත් අපේ නෑයො එකතු වුනා. අම්මෝ.... නෑයො කියන්නේ පුදුමාකාර සත්තු ජාතියක්.. ඊටත් අපේ උන් එකතු වුනා ම කියලා වැඩක් නෑ. ඕන ගේමක් නතින්ග්. වැඩ ටික තිතට ගියා. අගත අනගත හැමෝට ම ස්තූතියි. අපේ මුත්තණ්ඩි ඉන්න කාලෙ කාටවත් නපුරක් කරලා නෑ. ඒ උත්තමයට නිවන් සැප ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා...!! නත්ථි ජාතස්ස අමරණං            

නත්ථි ජාතස්ස අමරණං හෙවත් සීයට හයක් මදි වීම

මේ දිනවල ලියැවෙන සියලු ම සදාල පැත්තකට විසි කරලා ඇවරි තුමා මේ තනන්නේ පහුගිය සති අන්තයේ තමුන් සහභාගී වුනු අම්පෙගම මුත්තණ්ඩීගේ අවමංගල්‍ය පිළිබද කෙටි සටහනක් ලියන්න. මේකෙ පට්ට අවුල් තැන් ඇති. මොකද මං ලියන්නේ මට කියාගන්න ඕන කරන කතාන්දර ටිකක් මිසක් සම්පූර්ණ විස්තරයක් නොවන නිසා. තම තම නැණ පමණින් ගළපා ගැනීම ඔබට බාරයි. මාස හයක වගේ කාලයක් එක් තැන්ව සිටි අපේ කුලරත්න මුත්තණ්ඩී පහුගිය සතියේ අන්ත්‍රා වුන පුවත ඇවරිට දැනුම් දුන්නේ ඇවරි මාතාව විසින්. එක් තැන්ව සිටි මුත්තණ්ඩීව බැලීමට ඇවරි පිතාණන් කිහිපවරක් ම ගමේ පැමිණියත් ඇවරිට ඒ අවස්ථාව ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳ ඇත්තේ තරමක ශෝකයක්. මේ අවමඟුලටත් කෙසේ හෝ සහභාගී වීමටත් ගායක් අරං වැඩක් කරන්ටත් ඇවරි හිතා ගත්තේ තමුන්ට දැනෙන දෙයක් කරගන්න බැරි වීම පිළිබඳ පශ්චත්තාප වෙමින්.


මඟුලට නොගියත් මරණයට යායුතු ඇවරි න්‍යාය මත පිහිටා පහුගිය දා පැවති පල්ලි මල්ලිගේ විවාහ මංගල්‍යයට ඇවරිට යන්න නොලැබුණත් ඒ දෙපළගේ යුග දිවියට සලාදයේ සුබ පැතුම් මෙයින් එක්කරනවා. අවසාන පැයේ දී මුල් ගෙදර යාමේ වුවමනාව මට තිබුණත් අපේ කන්තෝරුවේ තත්ත්වය ටිකක් දරුණු අතට හැරීම නිසා මට ඒ අදහස අත්හරින්න සිද්ධ වුනා. නමුත් අපේ පවුලේ උදවිය ඒ උත්සවය වෙනුවෙන් සහභාගී කරවීමේ කටයුත්ත ඇවරි තුමා සිදුකළා. ඇවරි පියාණන් නම් මඟුලට නොගිහින් කලින් ම සැරහී මළගෙදර ගියේ එහි යාම එතරම් ම වැදගත් කටයුත්තක් කරගනිමින්. අවසන් කටයුතු සිදු කළ සෙනසුරාදා දක්වා ම එතුමා අවශ්‍ය කටයුතු සඳහා උදව් උපකාර කරමින් එහි රැඳී සිටියා.


කොහොමින් කොහොම හරි ආයතනික ගැටලු, ආරක්ෂක තත්ත්වයන්, අත්‍යාවශ්‍ය සේවා සියල්ල ගැළපීම මත ඇවරි තුමාට කොළඹින් පිටත් වෙන්න සිද්ධ වුනේ සෙනසුරාදා උදේ වරුවේ. ඇවරිගේ සහෝ තුමා අපේ සිරිපාල ෂීනන් සහ එම මැතිනියත් ඇතුළුව අපි තිදෙනා මරදානෙන් හයයි තිහට ධාවනය වන සීඝ්‍රගාමියෙන් ගම රට බලා පිටත් වුනා. මේ වන විට අපේ ගයියා මහතා අසනීප වී සිටින බව ආරංචි වීම හේතුවෙන් පාන්දර පහයි තිහට ඇවරි කළේ ගයියාට කෝල් කිරීම. ලොකු අමාරුවක් නෑ මචං. වෛරස් උණක් ගත්තා. දවස් ටිකක් අල්ලලා හිටීවි. සඳුදා උදේ ම ගයියා බැලීමට යායුතුයි කියලා ජනපති දිනපොතේ අප්ඩේට් වුනේ ඒ ආකාරයට.  


අපි මළගෙදරට එද්දි වෙලාව නවයහමාර විතර වුනා. ඒ වන විටත් අපෙන් සිද්ධ වෙන්න ඕනා කරන වැඩ කටයුතු සියල්ල සිදුවෙලා තිබුණෙ මළගෙදර වෙනුවෙන් විශේෂයෙන් සහභාගී වුන විශේෂ කාර්ය බලකායක් අතින්. ඒ අය ගැන පසුවට ලියන්නම්. මළගෙදරට ගිහින් විනාඩි තිහක් ඇතුළත ඇවරිත් ගේමට එන්ටර් වුනේ තවත් බලා හිටියොතේ මුකුත් ම කරගන්න බැරි වෙන නිසා. අපි යද්දි පියදාස සීයා සහ ස්වාධීන රූපවාහිනී ඉංජිනේරු අංශය අපූරුවට චිතකය නිර්මාණය කරලා තිබුණා. ඉතිරි වෙලා තිබුණ තොරණ කෙළින් කරන වැඩේට අපිත් දායක වුනා.


මේ අභාවප්‍රාප්ත අපේ කුලරත්න මුත්තණ්ඩී ගැන කෙටි සටහනක් ලිනවා නම් එකදාස් නවසිය විසි එකේ උපන් එතුමා අවුරුදු අනූ හතරක් බොහොම නිරෝගීව ජීවත් වෙලා අප අතරින් වියෝ වුනා. ලංගම සේවකයෙකු වුන එතුමා හොඳම කොන්දොස්තර විදියට සම්මාන ලබා ගත්තු කෙනෙක්. එතුමාගේ ලොකු පුතා තමයි, මාකොළ වෙළඳ ව්‍යාපාරික ජයතිලක කුලරත්න මහතා, හෙවත් අපේ ආදර ජොනතන් ජයා. දෙවන පුතා, අපි දන්න (කොට්ටවෙ මාමා) හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් ඩිප් ප්‍රඩක්ට්ස් ආයතනයේ විදායක නිලධාරී අපේ ගාමිණී මාමා. තුන් වැනි දුව ඇල්පිටිය පැලැන්දගොඩ තැපැල් ස්ථානාධිපතිතුමාට දීග ගිය නැන්දා. පවුලේ බාලයා තමා අපේ ස්වාධීන රූපවාහිනියේ කළමනාකාර ඉංජිනේරු ආනන්ද බාප්පා. ඇවරිට නම් නැතිවුන මුත්තණ්ඩි මාර බ්‍රෑන්ඩඩ් චරිතයක්.


අපිට පුංචිකාලෙ ඉඳන් සුදු මහත්තයෝ කියලා අපිට කතා කරපු, බෝධිසත්ව ගුණෝපේත, අන්තිම අහිංසක මේ චරිතය වගේ බ්‍රෑන්ඩඩ් සීයෙක් වෙන්න මටත් ලොකු ආසාවක් ඇති වුනා. ඒ මළගෙදරට ආපු ජනසන්නිපාතය දැක්කා ම මේ මුත්තණ්ඩි කොපමණ ජනතාවක් හම්බුකරලා තියෙනවා ද කියලා තේරුණා. එතුමාගේ පුත්තු දෙන්නා ජයා සහ ආනන්ද අයියා තාත්තා ගැන කිව්වෙ මෙහෙම කතාවක්. “කවදාවත් තාත්තා අපිට ලෝබකම් කරලා නෑ. ඇති පදමට කන්න දුන්නා. සල්ලි එකතු කළේ නෑ. ෆ්‍රිජ් නොතිබුණ ඒ කාලේ රෑ දහයේ බස් එකේ එයා මාළු කූරි තුන්දෙනෙක් ගේනවා මතකයි. අපොයි ඔව්, එක්කන් එන්න යන කෙනාට තමා පරිප්පුව. ජයාත් කතාවට එකතු වුනා. දවසක් තාත්තා පොල්කට්ටට ඉටිපන්දම තියාගෙන ඉස්සරහින් යනවා. මං මාළු කූරයි කරේ තියන් එනවා. දැන් මට තේරෙනවා පිටිපස්සෙන් කවුරුහරි මාළු ටික අදිනවා. පස්සෙ මං තාත්තට කිව්වහම මාළුවලට කෙළගහන්නය කියලා මාව ඉස්සර කරගෙන එක්කන් ආව. අපිට ගෙදරදි කන්න නොලැබෙන වටලප්පන් අරං දෙන්න හැම මාසෙ ම ගාල්ල නැෂනල් හෝටලේට එක්ක ගියා. එහෙදි බුරියානි ද අරවාද මේව ද ඉල්ලන දෙයක් දුන්නා. අම්මණ්ඩි තරහයි මස් ගේනවටග මං ඉතිං තාත්තෙ මසයන්නක් ගේන්නයි කිව්ව ම පොර දන්නවා වැඩේ. ඒ වගේ අපිට කන්න දුන්නේ. හැබැයි මං තාත්තට දවසක් කිව්වා. තාත්තා පණස් පහෙන් පැන්ෂන් ගියා ම මං අවුරුදු 35ක් මං තාත්තාට කන්න දුන්නා. මං තාත්තාට කිව්වා ඒ රෙකෝර්ඩ් එක මං කැඩුවාය කියලා. තාත්තා මට කන්න දුන්නට වඩා කාලයක් මං තාත්තාට කන්න දීලා තියෙනවා. ආනන්ද බාප්පා ආඩම්බරෙන් කිව්වා.


මේ සිංහල බෞද්ධ අපේ වැඩිහිටියන්ට සැලකීම කියන එක උපරිමයෙන් ම පෙන්නපු අවස්ථාවක්. එක් තැන් වෙලා හිටපු මුත්තණ්ඩිගෙ කැත කුණු සියල්ල ආන්නද බාප්පාත් වස්තු පුංචිත් දිනපතා අස්කරලා සුවදට තියාගෙන හිටියා. අප්පිරියාවක් නැතුව වස්තු පුංචි ගෑනියෙක් වෙලත් ඒ සේරම තමුන්ගේ තාත්තාට වගේ කළා. ඒ තරම් කැපවීමකින් කවුරුත් කරනවා අපි දැකලා නෑ යාළු. මේ ලියන මොහොතේත් මගේ ඇස් වලින් කඳුලු වැටෙන්නේ ඒ තාත්තා වෙනුවෙන් දුවා දරුවන් දැරෑ අප්‍රමාණ වෙහෙස ගැන මතක් වෙලා. ඔය ඔක්කොම කරලා හෝදලා ඕඩික්ලෝන් දැම්මා ම බං අහිංසක විදියට අපි දිහා බලලා අත් දෙක එකතු කරනවා අපිට වඳින්න. අර ඔක්කොමත් හරි එතකොට තමා පපුව දාලා යන්නේ.         
මළ ගෙදර කටයුතුත් උපරිමයට ම කරන්න අපේ කලින් කී විශේෂ කාර්ය බලකාය සෑහෙන්න ගටක් දුන්නා. මේ වි.කා.බ කියන්නේ 2014 අවුරුද්දේ ගාල්ලෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරිච්ච කොල්ලො කෙල්ලො හැට පස්දෙනාගේ කණ්ඩායමේ හැට තුන්දෙනාට. ඇවරිගේ අප්පච්චි සාමාන්‍යෙයන් කෙනෙක්ට ක්‍රෙඩිට් එකක් දෙන කෙනෙක් නෙමේ. අනේ මන්දා ලොකු පුතා පඩියට කට්ටියක් දැම්මත් උන්වගේ වැඩ කරන්නේ නෑ. මේ කවුරුවත් කියලා නෙමෙයි. උන් ම බලලා කරනවා. මාකොළින් ගිය බස් ගාණක සෙනඟට උන් කන්න දුන්න හැටි පුදුමයි. අර මිනිය ගාව වුනත් කෙල්ලො ටිකක් ඇවිත් වරින් වර මොප් කළා. තොරණ ගහන්න බඩු දුන්නේ උදේ හයට උන් පැය හතර පහෙන් වැඩේ ඉවරයි. මොන වැඩේ කරන්නත් උන් ළඟ ඒකට දක්සයෙක් හිටියා. අනික බලන්න කාටවත් උන් නිසා හිරිහැරයක් නෑ. කාටවත් හිත් අමනාපකමක් නෑ. හරියට බෙදාගෙන කරනවා වගේ. හොඳ දෙමාපියන්ගේ දරුවො. ඒ මිස්ටර් පතී ගේ අදහස.


ඇත්තට ම ඒ ටීම් එක පස්ට පොරවල් ටිකක්. මුන් ඔක්කො ම ආනන්ද බාප්පගේ පොඩි පුතා ප්‍රමිදයාගේ යාළුවෝ ගැන්සිය. ප්‍රමිදයාගේ ගාල්ල මහින්ද විද්‍යාලෙ ගැන්සිය අපිත් එක්ක අපේ මුත්තණ්ඩිගේ මරණෙ වෙලාවෙදි බැහැලා ම වැඩ කළා. උන් හැම දානයටකට ම ආව. මෙතන ඊට වඩා කඹ සේකරලා, නලාරත්නලා හිටියා. අනාගත ඉංජිනේරුවොනේ. උන් එක්ක හැප්පිලා වැඩ කරන්න ලැබීම ඇත්තට ම සන්තෝසයක්. ඒ කෙල්ලො සෙට් එකත් ආයේ ඕන නෑ කියලා ඉතිං. මං සෑහෙන්න තරුණ වුනා ඒ ටීම් එකත් එක්ක හරි හරියට ගැටිලා. ආයෙ කතා දෙකක් නෑ මුන් ටික මොරටුව හොල්ලලා තමා නවතින්නේ. පහුගිය වෙසක් එකට කැරකෙන කූඩුවක් එහෙම ගාල්ලෙ හයි කළෙත් මේ කස්ටිය තමා. උන් අපිට කොච්චර ළඟ වුනාද කියනවා නම් අපේ නෑයින්ට අපි කියන නෑකම ම උනුත් කියන්න ගත්තා.


අපි ගිහින් කාල අහවර වෙද්දි ම මට සුපුරුදු පරිදි කවි කොළ මෙහෙයුම පැවරුණා. ලොකු පුතා කවි කොළයක් ප්‍රින්ට් කරමුද වස්තු පුංචි මටත් ලොකු අක්කාටත් වැඩේ භාර කළා. ප්‍රතිපාදනත් දුන්නා. දවසේ ඉතුරු හරිය මට පැවරුණේ ටයිප් සෙටින් කිරීම. ඊළඟට අම්පෙගම ප්‍රින්ට් ෂොප් වහලා. බටපොලට ගියා. කොහොම හරි ප්‍රින්ට් කළත් කපා ගන්න තැනක් නෑ. ප්‍රෙස් එකට ගිහින් කාරණේ කිව්ව ම එහි අධිපතිතුමා අපිට බොහොම ආදරෙන් සලකලා වැඩේ කරලා දුන්නා. රුපියල් පණහයි ගත්තේ. අවුරුදු විසි දෙකක් පරණ බටපොල ප්‍රෙස් එකේ දී අපි කවි කොළ ටික කපා ගත්තා. ආපහු එද්දි නම් මං ජීවිතාසාව අතහැරලා ආවෙ. ඒ තරම් ම අපි වේගෙන් ආවෙ අවමංගල සභාව පටන් ගනී කියන සැකයෙන්.



නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා, ස්වාධින රූපවාහිනී, ලක්හඬ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාත් මේ මළගෙදරට ආපු ප්‍රභූන් වුනා. අපේ නෑයන්ගෙන් බහුතරය ගංගාගේ රසිකයො නැත්නම් ශිෂ්‍යෙයා. කලා භූෂණ රෝහිනී කැටිපෙආරච්චි මැතිනිය ගංගාගෙන් පැණි වළලු ගැනත් ඇහුවා. ගංගාගෙ ලෙක්චර් අහපු ලොකු අක්කා, සහංගි අක්කා ගිහිල්ලා තමුන්ගේ ප්‍රොපා එක්ක කාලෙකින් කතා කළා. ගංගා ආවෙ කළු ටයි පටියකින් එහෙම සැරහිලා. ගංගා මළ ගෙදරට එනවා දැකපු අපේ සාන්ති පුංචි හිතලා තියෙන්නේ ඒ අවමංගල්‍ය අධ්‍යක්ෂක කියලා. අනේ මේ අපේ තාත්තාගේ අවසාන වෙලාව නේද...? නැතිනම් දැන් මේ මනුස්සයා පෙට්ටිය වහයි නේද කියලා කම්පනා වෙලා සාන්ති පුංචි ලතෝනි දීලා ඇඬුවා. පස්සේ තමා ගංගා කවුද කියලා ඈ දැනගත්තේ. 

Monday, May 4, 2015

අලුත් අවුරුද්දේ මගේ අලුත් රැකියාව


ඔබ කියවන මගේ ජීවිතය - ඇවරිගේ සලාදය සමඟ එකතු වී සිටින ඔබ සෑම සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඇවරි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. ගෙවුන මාසයේ ඇවරිතුමාට පස්ට බිසී කාල පරිච්‍ඡේදයක් වුනේ හේතූ කාරණා රාසියක් නිසා. කෙටියෙන් කිව්වොත් රාජකාරීමය අතින් එංගලන්ත කවුන්ටි ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ලංකාවට පැමිණීම නිසාත්, පීටර් සහ ලූසී දෙපළගේ විවාහ මංගලෝත්සවය නිසාත් කන්තෝරුවේ රාජකාරී අතිශය බහුල වුනා. මෙවර පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකේ සියලු සාමාජිකයින් හැත්තෑවක් විතර ආව ම අපේ ටීම් එකේ හය දෙනාට ඒ සියලු දෙනාට ම සේවා සම්පාදනය කිරීම ඇත්තට ම අභියෝගයක් වුනා. නමුත් අපි සෑහෙන්න තරම් හොදින් ඒ කටයුත්ත සාර්ථක කරගත් බව කියන්න ඕන. ඒක හමාර වෙනවත් එක්ක ම පීටර් සහ ලූසීගේ මංගල්‍ය ආව. ඒ අප්‍රේල් වන වැනිදා. ජෙට්වින් ලයිට්හවුස් හෝටලේ පැවති ඒ විවාහ මංගල්‍ය උත්සවයේ දී චැන්මි ක්‍රියෙෂන්ස් ආයකනය සමඟින් කරන ලද මල් සැරසිලි ඇවරිට විශේෂ වුනා. ඇත්තට ම ඩෙස්ටිනේෂන් වෙඩින්ස් වලදී අපි වටිනා කියන සැපයුම්කරුවන් පිරිසක් උපයා ගන්නට ඒ ව්‍යාපෘතිය හේතු වුනා.

සංචාරක ගමනාන්ත සැලසුම්කරුවෙක්, ප්‍රවාහන සැපයුම්කරුවෙක් වගේ සීමිත පරාසයක විහිදුනු ඇවරිගේ වෘත්තිය ජීවිතය තවත් අලුත් වුන අවුරුද්දක් හැටියට ලැබුවා වූ 2015 නව වසර හඳුන්වන්න පුළුවන්. වෙඩින් ප්ලස් හනිමුන් ප්ලෑනින් කියන අලුත් විෂයන් වෘත්තියක් හැටියට ඇවරි විතාන පටන් ගත්තේ මේ අවුරුද්දේ ඉඳන්. මං පටන් ගත්තේ හඳ ගැන හීන විකුණලා නෙමෙයි. බොහොම අමාරුවෙන් වෙඩිමක් ගත්තු අපේ එවුන්ට ටිකක් වෙනස් හීනයක් විකිණීමෙන්. ඇත්තට ම යාළු ටුවරිසම් වලදි අපි කරන්නේ හීන විකිණීමක් කියලා මට ආචාර්ය පතිරණ කැම්පස් එකේ දී කියපු කතාව මෑතක දී මතක් වුනේ, ලෝකල් කපල් එකකට මං කරපු හනිමුන් ප්‍රොපෝසල් එකක් බලද්දි. මං ඒ හීනය කොච්චර සිරාවට ප්ලෑන් කරා ද කිව්වොත් උන් දෙන්නා පැය හතළිස් අටක් ඇතුළත ටුවර් එක කන්ෆර්ම් කළා.

අපිට ගොඩක් දෙනා ගොඩක් හීන පෙන්නුවා ඇන්ඩෘ ඒත් අපේ හීනය හැබෑ කරගන්න කාගෙන්වත් උදව්වක් ලැබුණෙ නෑ. අපි දෙන්නට ඕන වුනේ ඇක්ටිවිටි බේස්ඩ් හනිමුන් එකක්. නැතුව ෆුල් බෝඩ් බුක් කරලා කාමරේට වැදිලා සම්ප්‍රට් එක කරන්න ම නෙමෙයි. ටිකක් අමාරු කන්දක් දෙන්න ම එකට නඟින්න. කෝමත් මැරේජ් එක කියන්නෙත් එහෙම දෙයක්නේ. අයි මීන්.... තව අපි ආස කළා හඳ පායන රෑකට ගං ඉවුරක් ළඟ, සඳ කැලුම් යටින් තුරුලු වෙලා තරු ගණින්න. කාගෙන්වත් බාධාවක් නැතිව අපිට ම වෙන්වුන ලෝකයක ඉන්න. අපි ආස කළා මුහුදු රැල්ල පාගගෙන රෑ කෑම වේලක් ගන්න. (ලොකේෂන් ඩයිනින්) මේ වගේ වැලක් මගේ සේවාදායිකාව කියාගෙන ගියා.

නම් ගම් නැති නිසා මටත් ටිකක් රිලැක්ස් ලියන්න පුළුවන්. මං මුලින් ම කළේ දෙන්නගේ බජට් එක විමසීම. හා ඒවා බලමු ඉස්සෙල්ලා ප්‍රපෝසල් එක දෙන්න. ඔවුන් දෙන්නා මට අභියෝගයක් කළා. ඊළඟට අපි ඔෆිස් එකේ සාමාන්‍යෙයෙන් කරනවා වගේ දෙන්නාගේ සමාජ ජාල වෙබ් පිටු පීරලා දෙන්නා ගිය නොගිය තැන් ගැන පූර්ණ වාර්තාවක් ගත්තා. බලද්දි මේ ඩබල ලංකාවෙ බොහෝමයක් තරු පන්තියේ හොටල්වල කෑම බීම අරන් තියෙන දෙපළක්. මුන් දෙන්නට තරු පහේ හෝටල් එපා කියන තීරණයට ඇවරි එන්නේ එතනින්. කෝමත් අපි කැමති නෑ හනිමුන් කියලා ස්පෙෂල් කර්ටසීස් ගන්න. අනික සෙට් මෙනු ඩිනර් එකකට, දෙතුන් සීයක් කෑම ගන්න රෙස්ටොරන්ට් එකක මොන ප්‍රිවසි ද අනේ....? ඇත්ත කතාව!!!

සිංහරාජ, යාල, දඹුල්ල, හබරණ, ට්‍රින්කෝ ඇතුළත් දින දහයක මධුසමයක් අපි යෝජනා කළේ දෙන්නට කඳු නගින්න, සෆාරි යන්න, ටුක් ටුක් රයිඩ්, කැටමරන්, තරු ගණින්න ආදී හැම දේට ම අවස්ථාවක් දෙමින්. කොටින් ම අපි යෝජනා කළ හෝටල් වලින් දෙන්න වෙනුවෙන් විශේෂයෙන් උයන්න කුක්ලා වගේ ම නෝනටත් මහත්තයටත් දින පහ බැගින් චෙෆ්ලත් එක්ක එකතු වෙලා විශේෂ ඩිෂ් එක බැගින් උයන්න අවස්ථාවක් සලසා දුන්නා.

යාළු මේක ලංකාව, අපි සිංහල, හෝටල්වල ඉන්නේ අපේ මිනිස්සු වැඩේ ටිකක් කස්ටමයිස් කරන්න විතරයි ඕන. විදින් ද මාර්ජින් වී කැන් ප්ලේ අරවුන්ඩ්. අපේ බී.බී.එච් එෆ් එන් බී මැනේජර් පොන්ටූන් කැෆේ එකේ ස්පෙෂල් ප්‍රයිවෙට් ඩිනර් එකක් පවා මට ඇරෙන්ජ් කරලා දුන්නා. මං ඒකෙන් සෑහෙන්න එෆ් එන් බී මැනේජර්ස්ලාව අඳුන ගත්තා. ඒ අය මට ෆුල් බකප් එක දුන්නා. ඔන්න දැන් ඔයාට උයන්න බෑ කියන්න බෑ හනී... අහවල් ඩිෂ් එක ඔයා එදා චෙෆ් එක්ක මාරම රසට හැදුවා. ඔයා නම් සුපිරි කෝකියෙක් හොඳේ. අපේ මනමාලි මනමාලයට කිව්වා. ඇත්තට ම, ඇන්ඩි කලිනරි කියන්නෙ මාර ඉන්ටරෙස්ටින් සබ්ජෙක්ට් එකක් නේ කියලා මනමාල මහත්මයත් මට කිව්වා. ඒක මාර හැපනින් හනිමුන් එකක්. උන්ට මාසයක් කතා කරන්න දේවල් ඒ දවස් දහය ඇතුළෙ තිබුණා. මික්සින් විත් ලෝකල් ෆ්ලේවර් කියලයි ඒ දෙන්නා කිව්වෙ. 

මේ ජෝඩුව ම අර පොඩි කාලෙ ඉඳන් බබා ටයිප් විදියට හැදුණ කස්ටිය. ඒ අයට සාමාන්‍ය මිනිස්සු ගැන තේරුණාට සාමාන්‍ය මිනිස්සුන්ට ළං වෙන්න විදියක් තිබුණෙ නෑ. ඇයි යන්නෙ සැප වාහනවල. කන්නෙ ලොකු ලොකු රෙටොරන්ට් වල. ඉන්නේ ඉහළ පැළැන්තියේ අය එක්ක. හැබැයි උන් කැමති වුනේ සාමාන්‍ය මිනිස්සු එක්ක ඉන්න. මට අනන්තවත් මේ ටුවර් එකේ දී අපේ අවුට්ලෑන්ඩර් එක බස් පිටිපස්සෙන් කෝච්චි ෆලෝ කරමින් යවන්න සිද්ධ වුනා. අර හිඟන ළමයින්ට කෑම දෙන තැන් පවා අපි ඩීටේල් කරලා ඩ්‍රයිවර් මාර්ගයෙන් අහඹු සිදුවීම් බවට පත් කළා. ඒ වගේ ඒවා මාර හිට් වුනා කියන්නේ ඒ කොල්ලාගේ ඒ වගේ කැරැක්ටර්රිස්ටික්ස් අර කෙල්ලට කලින් අහුවෙලා ම නැතිලු. ෆෝ සම් එක්ටන්ට් අපි කොල්ලගේ බ්රෑන්ඩ් එක හනිමුන් එක ඇතුළෙ රී ඩිෆයින් කළා.

ඒ දෙන්නට ඒ දෙන්නව අඳුනගන්න පුළුවන් වෙන විදියට, දෙන්නට දෙන්නගේ ප්ලසස් පේන විදියට වැඩේ ප්ලෑන් කෙරුණා. ඔයා මාර කෙයාරින් හස්බන්ඩ් කෙනෙක් අනේ.. ඔයත් ඕසම් බේබි. පර්ෆෙක්ට් මැච්. වගේ කමෙන්ට්ස් තමා ආවෙ. අවසාන වශයෙන් ඒ ව්‍යාපෘතිය සෑහෙන්න සාර්ථක කරන්න දායක වුන සියලු ම කෙයාර් ටේකර්ස්ලට මට ස්තුතිවන්ත වෙනවා. අපි අර හොටෙල්වල බට්ලර් සර්විස් එක වෙනුවට හැම ඇක්ටිවිටි එකට ම ෂර්පාවරකු බැගින් ලබා දුන්නා. උදාහරණයක් විදියට සිංහරාජෙ ඇතුළෙ දිය ඇල්ලක ළඟ ප්‍රයිවෙට් බාත් එකක් පවා ලැබුණා. අයි මීන්, එදා එතන අපේ කපල් එක විතරයි. ඉතිං එතකොට ප්‍රයිවෙට් නේහ්...???

මං අනුන්ගේ සිතුවිලි එක්ක සෙල්ලම් දාපු පට්ට ම ව්‍යාපෘතියක් ඒක. මං ගොඩක් සතුටු වුනා. රැන්ඩි නැත්නම් වැඩේ ජල්තර වෙන්න ඉඩ තිබුණා අම්මපා. මේ පට්ටන්දරේ කිව්වෙ මගේ හපන් කම් ලියන්න ම නෙමෙයි යාළු. අර කතාවක් තියෙනවනේ ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල්කන් කියලා. මේ ලංකාව ඇතුළෙ පොසිබල් හනිමුන් අයිටිනරි එකක් තමා අපිත් කළේ. නමුත් හැපී එන්ඩින්ග් එකක් වෙනුවෙන් සීමාව ඇතුළේ අවස්ථා හා සිද්ධි නියමාකාරයෙන් ගැළපීමයි වැදගත්. දැන් මේ වෙලාවෙ කෙල්ල ලිස්සුවොත් කොල්ලා අල්ල ගනී කියන සෙන්ස් එකෙන් තමා පිටපත ලියන්නේ. වෝටර් ස්පෝර්ට්ස් වල බනානා රයිඩ් එකේ දි මුන් දෙන්නව වට්ටපන් කියලා කියලාමයි අරින්නේ.

අලුත් ජොබ් එක හරි රහයි. මූණු මාරු වෙනවා, ෆ්ලේවර්ස්, ඩිසයර්ස් ඇන්ඩ් එක්පෙක්ටේෂන්ස් වෙනස් වෙනවා, කොටින් ම අලුත් ප්‍රේම කතාවක් එක්ක අපිත් අලුත් වෙනවා. හිටපු ගමන් ම සමහරු බැරි ද ඕකට මාලදිවයින හරි සීෂෙල්ස් හරි අමුණලා දෙන්න කියල ඇහුවොත් අපි ඒකටත් හා කියනවා. ඇත්තට ම මාලෙ ශ්‍රී ලංකන් ෆ්ලයිට් එක වෙනුවට චයිනා ඊස්ටර්න් හරි කොරියන් එයාර් හරි ෆ්ලයිට්ස් දාලා කොස්ට් එක අඩුවෙන් තරු තුනේ හෝටලයක් දෙන්න බැරිකමක් නෑ. හොඳ ම දේ මොන මට්ටමේ සේවා දායකයෙක් ආවත් අපි උන්ගේ බජට් මැච් කරලා දෙන එක. ඔයා වියදම් කරන්නේ දවසට රුපියල් අටදාහයි නම් අපි ඒ ගාණට දෙන්නම්. මොක ද බජට්ස් මැච් කරන්න, ඒ තරම් ප්‍රොපර්ටීස් තොගයක් ලංකාවෙ තියෙනවා. අපි තාමත් සමහර ඒවා හොයාගෙන යනවා. ඔයා අපෙන් බුක් කරන්න ඕන නෑ. අනිත් අය අයගෙනුත් අහලා බලන්න. නමුත් ඔයාගෙ හනිමුන් එක වෙනුවෙන් අපි තරම් මහන්සි වෙන්න වෙලාවක් එයාලට නැති වේවි....!! අපෙයි එයාලගෙයි වෙනස අන්න ඒකයි.