Friday, October 1, 2010

සැලොනඟනගේ ත්රෙඩින් කෙරුවාව


අංගනාව බැංකුව ළඟ දී හමුවීමට යොදා ගත්ත ද ඇය හමුවූයේ නැත. ඇගේ යෙහෙළියට මා පසුව හමුවන බව කියා සැලොනය වෙත ගියෙමු. තෙත බරිත ඇඳුම් වලින් නැඟෙන මුඩු ගඳ නැහැ පුඩු අඹරවන සුළුය. සැලොනයකට යාමට තරම් මා ශිෂ්ටාචාර සම්පන්න නොවන කොතෙක් කීව ද චිලී එය කණකට නොගත්තාය. ඒ ඇගේ හැටිය. කිව්වොත් කිව්වා මය. එළදෙන ඒ වැසි දිනයේ ද පැළඳ සිටියේ විසිතුරු රිදීයෙන් වැඩ කළ මිරිවැඩි සඟළකි. ළා දුඹුරු පැහැ ගත් එය වැස්සට කළු පැහැ වී තිබුණි. ළඟ බාටා හෝ ඩී. එස්. අයි කඩයක් විණි නම් රබර් සෙරෙප්පු යුවලක් ගෙන ඒ මා හැඟි වහන් සඟළ බෑගයේ දාගන්නවා සිකුරුය. නමුත් මාගේ (අ)වාසනාවට ළඟ පාතක එවැන්නක් නොතිබීමේ කරුමයට වන්දි ගෙවීමට සිදුවූයේ මඟ දිගට ඇගේ හීල්ලුම මුසු ඇඩියාවට සවන් දීමෙනි. “අනේ මගේ සපත්තු දෙක..ඃ” ඕ කන් කෙඳිරි ගෑවාය.


කතාවෙන් කතාවෙන් අපි සැලොනයට පැමිණීමු. “අක්කා නම් ළඟට ගියා - කෝල් කරලා නෙමේ ද ආවේ???” පිළිගැනීමේ නිලධාරියා විමසා සිටියේය. කාන්තාවට පමණයි සැලොනයක පිළිගැනීමේ නිලධාරියෙක්??? මට දාහක් පුරස්න ඇති වූ නමුත් චිලීට එහි වගේ වගක් නැත. “ආ අපි වාඩි වෙලා ඉන්නම්....” කී ඇය පාවහන් ගලවන මෙන් මට සන් කළාය. අප පැමිණියේ පන්සලකට හෝ පල්ලියකට නොවන වග දනිතත් අයහපත් කාලගුණය ගැන සලකා පාවහන් ගැලවීමි. මා ඇද ගෙන ගොස් විසල් සෝපාවකට බර වූ ඈ ගෙදර මෙන් පුවත්පතක් දිග හැර ගත්තා ය. මිනිත්තු ගණනකින් සැලොනඟන පැමිණුනි. ඇගේ අතවැසි කත පසෙකින් විය. මගේ තේරීමේ හැටියට නම් දෙවැන්නිය සැලොනඟනට වඩා හැඩකාරියකි. හරි මං එනකම් මේක කියවන්න. ඈ මා අතට දුන්නේ ‘ඇට්ටේරියා මල් සුවඳ’ නම් කෙටිකතා පොතකි. සැණින් චිලී සැත්කම් කාමරයේ විය. මම දිගට ම කියවීමේ නිග්මන් වීමි. එය කසිකබල් මල් කතා පිරි කෙටිකතා පොතකි. සැලකිය යුතු ළමා කතා නම් කීපයක් තිබුණා මතකය. ත්රෙඩින් යනු එපමණ කාලයක් වැය නොවන්නක් බව ඇස්දැකීමෙන් දනිමි. එහෙයින් සම්පූර්ණ පොත කියවීමට යාම ඵල රහිතය.
ත්රෙඩ් එක අතින් ගත් සැලොනඟන වරක් එළියට පැමිණ මට වතුර ඕනෑ දැයි ඇසුවාය. මා නැතැයි කී කල ඈ හිස සලා ඇතුළට ගියාය. කාලය ගෙවී යනු නොදැනුනි. චිලී හඩමින් පැමිණ මා ඉදිරියේ විය. කීප වරක් පොඩි කළ දෑස් රතු වී තිබුණි. සාමානයෙන් චිලී ටැප් එක අරින්නට පසුබට වන්නේ නැත. කොටින් කීවොත් ඇහින් නැතත් නාහින් අඩාගත්ගමන් ය. කඳුළු අතරින් සිනාසෙනු දුටු මට ඉබේ ම සිනා පහළ විය. ගළවා ඉවත් කරන ලද බැමි කෙස් නළලත විසිර තිබුණි. ඈ සිටියේ මහත් වේදනාවෙනි. ඉඳින් සිනාව ආයාසයෙන් නතර කර ගතිමි. මා මුලින් සැලොනයෙන් පිටට පැමිණිය ද සහයක සැලොනඟන මා දෙස බලා සිටියා මතකය. හෙට අනිද්දා නැවත ඈ බැලීමට යා යුතු බව සටහන් කරගනිමි‍න් චිලී බසයක නංවා මා යළි යුනියට ආවේ අගනාවගේ වේටිමක් ඇති හෙයිනි.

2 comments:

  1. අපගේ බලවත් විරෝධය.....

    ReplyDelete
  2. මලිත්ට ගහද්දි චංචලා අඩන්නෙ?? පිස්සු ද?

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....