Friday, October 15, 2010

වී ආ ෆැමලි


මේ දවස් වල අපේ ගෙදර වාතාවරණය විපරීත වෙලා. හරියට මහ ඔරලෝසුව නැවතිලා වගේ. පවුලේ හතර දෙනෙක්ට හුස්ම වැටෙන බව තේරෙන්නැතිලු. ඒත් මැරිලත් නෑලු. තත්ත්වය බරපලතයි වගේ නේද? මේ සියල්ලට හේතු වුනේ අපේ මලයා හදිසියේ වරායේ පුහුණුවකට තෝරා ගැනීමත් එක්ක. ගෙදරට සුනාමියක් ඇවිදින්. හිනාවුන මූණු අද මැලවිලා ගිහිල්ලා. අපි හිතින් ගොඩක් ලෙඩ වෙලා.
අපේ ගෙදර සංස්කෘතිය හරි විවිධයි. විෂමයි. අම්මයි අප්පච්චියි දෙන්න ම වැඩට යන නිසා අපිට රෑ ගොඩක් පුංචියි කියලයි හිතෙන්නේ. නමුත් ඒක නැති කරන්න නියම වැඩ පිළිවෙලක් එහි තියෙනවා. සාමාන්යඅයෙන් දෙන්න ම ගෙදර එන්නේ හයට. නමුත් මේ කාලය හයාමාර හත වෙන්නත් පුළුවන්. ඉතිං සවස තේ එක අපි පස්දෙනා බොන්නේ රෑ හයයි හතළිස් පහට විතර. එතැන් සිට සවස හතයි තිහ දක්වා දීර්ඝ සපර් එකක් සවස් කෑම වේලක් සමඟ හැපී අවර් එක ඇරඹෙනවා. යාන්ස් කිම් දවසේ සමබර පුවත් පෙළගැස්ම සියල්ල මේ වෙලාවේ තමා. ස්නැක් මොනා හරි කකා ඔහේ කතාකර කර ඉන්න අපේ පවුලේ අය හරි දස්සයි. අම්මා එයාගේ කොරියන් මිත්රයන් ගැන කතාවක්. නංගි ඉස්කෝලෙ පුවතක් ගේනවා. අප්පච්චි තමා මේ ගමේ විස්තර ගේන්නේ. අප්පච්චිගෙ විස්තර වඩාත් වටිනවා. ඒවා ඕප දූප වුනාට ගමේ රටේ සිද්දිනේ. ඒ අතින් අපේ ගෙදර ඕපදූප සෙවීම භාර වෙන්නේ පිරිමි පාර්ශවේට. මේ මං වුනත් හොඳ චීත්තයක් වෙලා තියෙන්නේ අපේ තාත්තගේ අඩි පාරේ ගිහින් තමා.
අපේ මල්ලා කරන්නේ මේ හැම වෙඩිමකට ම හිනා වෙන එක. ඒ ඒ යාන්ස්කරුවන්ට නියමිත වෙලාව හදලා දෙන්නෙත් පොර. අපේ ප්රධාන රසිකයා. දැන් යාන්ස් අහන්න කවුරුත් නැති නිසා අපි කියන්නෙත් නෑ. මං කම්පියුටරේ, නංගි කාමරේ, තාත්තා පත්තරේ අපි හතර දෙනා හතර පැත්තක. බලාගෙන ගියා ම ඔක්කොම එක්කාසු කරලා තියෙන්නේ මල්ලිගේ ගොන් පාර්ට් වලින්. අද ඌ නැති වුනා ම දැනෙන පාළුව විස්තර කරන්න බැරි තරම්. ටී.වී එක නිකම් ම වැඩකරනවා. මං ගිහින් ඔළුව දාලා එනවා. නමුත් සතුට එතන නෑ. පවුලෙ කෙනෙක් නැති පාළුව තේරෙන්න එයා ගෙදරින් ඈත් වෙන්න ඕන. මං නැති වුනාට අපේ ගෙදර මිනිස්සුන්ට පාළු නෑ. ඒත් මහ පාළු මූසලක් ගේ පුරා ම තියෙනවා. මේ ට්රේනින් පීරියඩ් එක ඉවර වුනා ම සියල්ල ආපහු යථා තත්ත්වයට පත් වේවි. අඩුම තරමින් මූව උදේ හවස බලන්න පුළුවන්නේ??? හැමෝට ම දුකයි. නමුත් ඔක්කොම දුක වහගන්නවා. අම්මා කෑම උනත් හදන්නේ කැමැත්තකින් නෙමේ. රෑ අට වෙද්දි සියල්ල නිෂ්ක්රීමයයි. අපි ආයෙත් නැඟිටින්නේ රාත්තිරි එකට මල්ලිව පිළිගන්න. තත්වෙ මෙහෙම නම් ඊට පස්සෙ මල්ලිව රට යවනව ද කියන එක ගැන අම්මාලා කල්පනා කරයි වගේ. නංගි නම් දැනටත් යුද්ධ ප්රිකාශ කරලා. කාලෙකට පස්සේ අපි කටවල් වහගෙන ඊයෙ මැද සාලෙට වෙලා ඔහේ ටීවී එක දිහා බලාන හිටියා. කොහොම කිව්වත් නෝනේ කුරුළු කූඩුව පාළුයි කියාගෙන අප්පච්චි කාමරේට ගියා. මාත් ගිරා මාරු උනා. නංගියි අම්මයි අඩන්න තියාගත්තා.
සක්කරයා කීවත් මල්ලා නම් ගෙදර නවතින්නෑ. අපි ටිකෙන් ටික පාළුවට හුරු වේවි. මං කෝමත් නිශාචරනේ. තව පැයක් ඇහැරන් ඉන්න එක වැඩක් නෙමේ. නමුත් නංගි පහුවදා ඉස්කෝලෙ යන්න නැඟිටලා. මල්ලිගේ කාමරේට ගිහින් යන්නේ. අන්තිමේ බැලුවම වී ආ ෆැමිලි තමා!!

1 comment:

  1. තමන්ගේ කෙනෙක් ඈත් වෙනකොට හුඟාක් දැනෙනවා..

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....