Saturday, May 29, 2010

WESAK BOUTIQUE 1

වෛශාඛ මංගල්ය ත් ඔන්න ඉතිං ඉවරයක් වුනානේ. හැබැයි අපේ අය බුදුහාමුදුරුවෝ විකුණන් කන එක නම් මේ ආත්ම හතකටවත් නවත්වන්න බෑ. ඒ අතින් හොඳ වෙලාවට තමයි බුදුන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම කියන තෙමඟුල ම එක ම දවසක සිදුවුනේ. නැත්නම් වෙන වෙන ම රජයේ නිවාඩු තුනකුයි. දන්සැල් හැට හුටාමාරකුයි.... අප්පේ වෙන ම සෙල්ලමක් වෙනවා?? මේ කාරණා තුනේ දී ම බෞද්ධ අපි ප්රිහය සංවේග උපදවා ගන්න ඕනැයි කියලයි තියෙන්නේ. ඒකටයි සිල් සමාදන් වෙන්නේ. ‘මචං සිල් ගන්නවානම් අඩු ම තරමේ කැලණියේ හරි ගංගාරාමේ හරි දානේ හොඳට දෙන තැනක ගන්න ඕනෑ.’ මා මිත්ර‍ කෑම දාසයෙක් එහෙම කිව්වට ඒකෙත් වැරැද්දක් නෑ. බුදුහාමුදුරුවොත් කන්න දීලා නේ බණ දෙසුවේ??
තුන්සිය හැට පස් දවසටම බඩ රස්සාව කරගන්න හැල්මේ දුවන මිනිස්සු වෙසක් දවසටවත් ගමේ පන්සලට ගියත් මේ පාර මට නම් එහේ යන්න බැරි වුනා. ගමේ පන්සලත් එක්ක තරහ නිසා නෙමේ. වැඩ රාජකාරි අධික නිසා. අපේ පුංචිලාගේ කඩයට අලුතින් වෙසක් ෂොප් එකක් එකතු වුනා. එහි වෙසක් සැමරීමට අවශ්යඩ සියල්ල එකම වහළක් යටින්මිලට ගන්න පුළුවන්. සැකිලි අටපට්ටම් වගේ ම ඕනෑ ම කෙනෙකුට අලවා ගන්න කියලා කෑලි විසිහතර බැගින් සුද්ධ කර රබර් බෑන්ඩ් දාපු බට පතුරු, තව ලස්සනට වැඩ දාලා අලවලා වැස්සට නොතෙමෙන්න පොලිතින් වලින් ආවරණය කරපු කූඩු ආදී සෑම කූඩු විසඳුමක් ම එහි වුනා. තරු, නෙළුම් මල් හැරුණා ම කාඩ්බෝඩ් සහ ප්ලාස්ටික් කූඩු වලටත් ඉල්ලුම තිබුණා. අපේ බාප්පා පැරණි දේට හරි කැමතියි. ඉතිං ඔට්ටපාලු වලින් එකතු කරපු අටපට්ටම් කූඩු විස්සක් අපි විශේෂයෙන් ම හදලා විකුණන්න තිබ්බා. ඉස්සෙල්ලාම විකිණිලා අවසන් වුනෙත් ඒ කූඩු ටික.
ඇත්තට ම කූඩුවක් හදනවට වඩා කඩෙන් ගන්න එක පහසුයි. හැබැයි ඔබ කඩෙන් කූඩුවක් මිලට ගන්න තරම් පහසුවෙන් එය හදන්න බැරි බව දැනගන්න ඕනෑ. හදන හදන කූඩුව පැය බාගයක්වත් එල්ලී නොසිට විකිණී ගියත් එය විකිණෙන්න යන අඩ පැය තුළ බට කලින් සූදානම් කර නැත්නම් කූඩුවක් තනා නිම කරන්න බෑ. ඇත්තට ම කිව්වොත් අපි වෙසක් දවසේ රෑ විකුණන්න නිම කරපු කූඩු විස්සක් සූදානම් කළා. ඒවා එදා විකිණුනේ වැඩි ම මිලකට. කඩෙන් ගන්න එක කවද ගත්ත මොක ද කියලා මිනිස්සු හිතනවා. හැබැයි අන්තිමට ඒ අය වෙළඳසැලට එද්දි සාමාන්ය් මිලට තිබුණු කූඩුවක් ගිනි ගණං වෙලා.
ගියවර අපිට වෙසක් බඩු වෙළඳාමෙන් සැලකිය යුතු පාඩුවක් වුනා. ගබඩා වල තිබුණු පරණ වෙසක් කාඩ් මුලින් මුලින් විකිණීම නිසා ඒවා ඉවර වුනා. පස්සේ අපි අලුතින් කාඩ් ගෙන්නුවා. අවාසනාවට වෙසක් දවසේ රෑ කඩේ අස් කරද්දි නැවත ගෙනියන්න කාඩ් පණහක් නෑ. වෙසක් දවසෙත් කාඩ් ගත්ත මිනිස්සු ගැන නම් මට හිතා ගන්න බෑ. ඇයි වදේ කවදා මේවා තැපැල් කරන්න ද?? සෙලෝපේන් බකට් දාහක් සහ සව් කොළ බකට් දාහක් ගෙන්නුවත් වෙසක් දවසේ හවස හතර වෙද්දි බකට් ටික ඉවරයි. අපේ බාප්පා නෑ බෑ කියන්න කැමති මිනිහෙක් නෙමේ. ඒ නිසා ම ගිය අවුරුද්දේ විකුණගන්න බැරුව ඉවත් කළ හොඳ බකට් අපි රැපියල් දෙක ගානේ වික්කා. ඒ සමාන්යර මිලට 50%ක් අඩුවෙන්. ඉස්සෙල්ලා බකට් දුසිමේ පාට කැමති පරිදි තෝර ගන්න බෑ. නමුත් කවලමේ තිබුණ බකට් වලින් කැමති පාට තෝර ගන්න මේ පාර අවස්ථාව හිමි වුනා.
හැබැයි කොහොම වුනත් අපිට ඉල්ලන තරමට දෙන්න නම් හැකි වුනේ නෑ. නමුත් ලබන පාර අපි අඩුම මිලට පළමු ශ්රේිණිය සව් කොළ දෙන්න ඕනෑ කියලා බාප්පා කිව්වා. පළමු ශ්රේ ණිය සව්කොළ රිම් එකක් රු850/=යි. දෙවන ශ්රේිණිය 650/-යි. මේ දෙවන ශ්රේ ණිය තත්ත්වයෙන් බාලයි. දුර්වර්ණයි. පාප්ප ගාලා අලවන්න ගිහින් රැළි නොහිටින්න ඇද්ද ම සව්කොළේ අතට එනවා. හැබැයි ඒක ගෙනාව ම කොළයක් රු. දෙකකට වගේ මුදලකට දෙන්න පුළුවන්. නමුත් වැඩක් නෑ. අපේ බාප්පා කිසි ම දෙයක් නියම මිලට විකුණන්න කියලා නීති දාන්නේ නෑ. සම්පූර්ණ ගාන හැදුවත් රෝද ගණන් වලට සල්ලි ගන්න කියලයි එයා කියන්නේ. පොඩි උන් බඩු ගන්න ආපු හැම විට ම සව් කොළයක් හරි දෙකේ කාඩ් එකක් හරි නොමිලේ දුන්නා. වතාවක් මං දන්නැතුව රු. සීයට මිල කරපු ලොකු බෞද්ධ කොඩිය එකක් හැත්තෑව ගානේ දුසිමක් විකිණුවා. අපේ මල්ලි ඒක කිව්ව ම බාප්පා “හැමදා ම වෙසක් නෑනේ” කියලා හිනාවුනා. හැමදා ම වෙසක් නැති නිසා තමයි වෙසක් තියෙන ටික කාලෙට හොඳ වෙළදාමක් කරගන්න ඕන කියලා මල්ලි වාද කළා. චූටි පුතා, හැමදාම මාත් එක්ක ගනුදෙනු කරන මිනිස්සුන්ටයි මං වෙළඳාම් කරන්නේ. ඉතිං ඒ මිනිස්සුන්ට වාසියක් වුනා ම මොකෝ?? බාප්පා දින්නා.

2 comments:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....